මට තේරෙන විදියට නම් මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට IMF කියන්නෙ මොකක්ද කියන දේ ගැන ලොකු අවබෝධයක් නෑ.. IMF කියන්නෙ බිල්ලක් කියලා හිතන වාමාංශිකයො වගේම IMF ලැබුනාම රට දියුණු වෙනවා කියලා හිතන ලිබරල්වාදියො අන්ත දෙකක හිර වෙලා මොකක්දෝ නොපෙනන මුව හමකට තඩි බාමින් ඉන්නවා කියලයි මට පේන්නෙ..
IMF සංවිධානයේ විස්තීරණ ණය පහසුකම ලබා දෙන්න තීරණය කරා කියලා ජෝර්ජියානා අක්කා කියලා තියෙනවා කියලා අපි දැක්කා. ඉතින් ඇයි අපි රටක් විදියට ණයක් ලැබෙනවා කියන එකට සතුටු වෙන්න ඕන කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන්න පුලුවන් ..
IMF ණයක් ලැබුනාම ඇයි අපි සතුටු වෙන්න ඕන?
ලංකාවේ අර්බුදය මීට කිසිම වතාවකට එහා ගිය දරුණුම තැනකට පත් වුන හැටි අපි හැමෝම දැක්කා. මීට පෙර ලංකාව ආර්ථික අර්බුද වලට ගියත් ඒ හැම අවස්ථාවකදිම අපිට ජාත්‍යන්තර විශ්වාසය තිබ්බා..රටක් විදියට අපි අපේ අභ්‍යන්තර බංකොළොත් භාවය හංගගෙන ණය ගනිමින් ණය ගෙවමින්(ඇත්තටම පොළිය) මහා රාජ්‍ය සේවයක් නඩත්තු කරමින් චූන් වෙමින් කාලය ගත කරා.. අපිට ඉන්ටර්වල් ඉවර වුනෙ 2015 කියලයි මම හිතන්නෙ. ISB අරනුත් ළඟ ඉලක්ක වෙනුවෙන් වැය කරන්න ගත්තේ ඒ කාලයෙදි. සාමාන්‍යයෙන් ISB වගෙ කෙටි කාලීන ණය ලෝකයේ රටවල් යොදාගන්නෙ ඉක්මණින් ROI( Return on Investment) දෙන්න පුලුවන් වැඩ වලට. නමුත් ලංකාවේ වුනෙ ඒ දේ නෙමෙයි .. මේ ඔක්කොම එක්ක අවුරුද්දකට බිලියන 6-7ක ණයක් පිට පිට අවුරුදු 6ක් ගෙවන්න අපිට තිබුණා. ඒ අස්සෙ ඩොලරය අල්ලගෙන ඉන්න කියලා තිබ්බ සංචිත ඔක්කොම අතෑරියා.. එහෙන් ණය වාරික ගෙවාගෙන ඉස්සරහට ගියා. රටේ ඉන්ධන ගේන්නවත් සල්ලි තිබුණෙ නෑ. විදුලිය පැය 12 කැපුනා.. අපි බංකොළොත් රාජ්‍යයක් විදියට නාමකරණය වුනා.. නිළ වශයෙන්ම අපි ඒක ප්‍රකාශයට පත් කරා.. එහෙම වුනාම කවුරුවත් අපිට සහය දෙන්නෙ නෑ.. අපි එක්ක අවංකව හිටපු රාජ්‍යයන් පවා ණය ගෙවීම් පැහැර හැරියාම ටිකක් ශොක් වුනා.. අපිට ජාත්‍යන්තර විශ්වාසය අහිමි වුනා.. අර කලින් වගෙ චීනයෙන් ණයක් අරන් චූන් දාන්නත් බැරි වුනා..
එතකොට අපිට විකල්ප කියලා ගොඩක් පාරවල් තිබ්බෙ නෑ. තිබ්බ එකම පාර තමයි IMF.. තව පාරක් වාමාංශික ව්‍යාපාර යෝජනා කරනවා . ඒ තමයි IMF නොයා චීනෙන් ආයෙ ලොකු ණයක් ගමුය කියලා.. කොහොම කරත් ලංකාවේ මේ ප්‍රශ්නෙට ලංකාව ඇතුලේ ඉන්න සමහරක් ප්‍රශ්නයේ දිග පළල නොතේරෙන පිරිසට අදහසක් නැති දෙයක් තමයි අපිට "ණය" කියන වචනය බැහැර කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ කියලා .. එයාලා හදවතින්ම කඩේ යන හෝ විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය IMF වෙනුවට චීනය replace කරන එක කරන්න හිතන් ඉන්නෙ කියලා එයාලට තේරෙන්නෙ නෑ.. හරි ඒ දේ එහෙමයි කියමුකො..
චීනෙන් ණය ගන්න පුලුවන් .. දෙන විදිය අපි දන්නවනෙ.. පොළිය වැඩියි. ඒකත් කමක් නෑ කියමුකො. ඒත් IMF කියන්නෙ ජාත්‍යන්තර සංවිධානයක්..IMF විසින් දෙන විශ්වාසය ලෝකයේ ඕනම රටක්, ජාත්‍යන්තර බැංකුවක්, මූල්‍ය සංවිධානයක් පිළි ගන්නවා.. ඒ පිළිගැනීම චීනයට තියෙනවද? චීනයේ උදව් ලැබුනාම අපිට ජාත්‍යන්තර ආයෝජකයො ළං වෙනවද? චීනයෙ පැත්තට හැරුනාම ඔය ද්විපාර්ශවීය , බහුපාර්ශවීය ණය සැපයුම් කරුවෝ(ඉන්දියාව, ජපානය, පැරිස් ක්ලබ්) මේ දැන් වගෙ ලංකාව එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙනවද?
අපිට IMF හැර වෙන විකල්පයක් නැත්නම් අපිට කාලය නාස්ති කර කර අල්ලන් ඉන්නත් බැරි නම් අපි මොකක්ද කරන්න ඕන?
ඉතින් අපේ සියලුම ණය හිමියෝ කැමති කරවගෙන IMF එකෙ ඉහළම විධායක කමිටුවේ 25 දෙනත් කැමති වෙලා ලංකාවට මේ දුන්නු ණය ගැන ඇයි අපි සතුටු නොවෙන්නෙ?
16 වතාවක් ගියා. 17 ත් එහෙම වෙයිද?
මේක තමයි ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නය.. IMF කියන්නෙ මොකක්ද ? මම ඒක දකින්නෙ මෝටර් කාර් රේස් වල racer එක්ක යන assistant වගෙ. පොර තමයි වංගු තියෙන තැන්, බාධක තියෙන තැන්, drift කරන්න ගන්න ඕන angles ගැන racer ට අවශ්‍ය දත්ත ලබා දෙන්නෙ.. එයා තමයි මඟ පෙන්වන්නා.. IMF කියන්නෙ එහෙම කෙනෙක් .. එයාට බෑ වාහනේ පදවලා දිනුම් කණුවට යන්න.. හැබැයි එයාට පුලුවන් " උඹ මෙහෙම කරපන්" කියලා උපදෙස් දෙන්න.. ඒ වගේම අපි ඔය කියන " ලංකාව ගොඩ ගියාද?" කියන කාරණාවත් IMF එකෙ වැඩක් නෙමෙයි .. IMF උදව් කරන්නෙ නිශ්චිත ඉළක්කයට යන්න මිසක් රටවල් ගොඩ දාන්න බලාගෙන නෙමෙයි .. උදාහරණයක් විදියට 2009 සිවිල් යුද්ධයෙන් පස්සෙ මාස 20ක කාලෙකට ඩොලර් බිලියන 2.6ක IMF package එකක් ලංකාවට ලැබුනා. යුද්ධයෙන් පස්සෙ උද්ධමනය පාලනය කරගෙන ජාත්‍යන්තර උදව් එක්ක ආර්ථික වර්ධන වේගය 7.5කට ගේන්න IMF යෝජනා උදව් වුනා.. හැබැයි අපි ගොඩ ගියාද? ගොඩ යන්න තිබ්බ අවස්ථාව එදා දෙවැනි ධූර කාලයෙදි චූන් වුන පවුලක් සහ හෙංචයියො සෙට් එකක් විනාශ කරලා දැම්මා.. ලංකාව 2011 වගෙ වෙනකොට ලඟා කරගත්ත ස්ථාවරත්වය හරි පැත්තට අරගෙන ගියා නම් අපි අද ඉන්න තැන හිතාගන්න බෑ... ඔය IMF ගිහින් අපි හැමදාම අසාර්ථක වුනා කියලා කියන අය කවදාවත් නොකියන කතාවක් 2009 IMF programme එකෙ දත්ත සහ පසු විපරම එක්ක අපිට බලාගන්න පුලුවන් ...ඕන කෙනෙක්ට අන්තර්ජාලයෙන් ඒවා ගන්න පුලුවන් ... හැබැයි කවුරුවත් ඒවා අදින්නෙ නෑ.. හේතුව තමයි ඒවා ඇද්දොත් ලංකාව IMF එකෙන් හැබෑවටම උදව් අරගෙන ගොඩ ගියපු අවස්ථාවක් තියෙනවා කියලා " IMF නිසා ගොඩ ගිය රටවල් කෝ?" කියලා අහපු උන්ට පෙන්නන්න වෙනවා.. හැබැයි එහෙම පෙන්නලා රාජපක්ෂලාට ගහන්න වෙනවා IMF නෙමෙයි හෙනේ මුන් තමයි හෙනේ කියලා .. ඒ වගේම රාජපක්ෂලාගෙ හෙංචයියොන්ටත් ඒ පරණ වාර්තා අදින්න බෑ.. හේතුව තමයි IMF programme එකෙන් පස්සෙ IMF road map එකෙ එවකට ආණ්ඩුව ගියේ නෑ... පුලුවන් තරම් රාජ්‍ය සේවය පුළුල් කරලා, රාජ්‍ය ණය වැඩි කරලා රටේ ප්‍රාථමික ගිණුමේ ගැප් එක වැඩි කරලා නටපු නාඩගම් දත්ත එක්ක expose වෙනවා..
ඉතින් ලංකාවේ ආණ්ඩු කරවපු සහ ආණ්ඩු කරවන්න එන අයට IMF ගැන කතා කරන්න සදාචාරාත්මකව බෑ කියලා තේරුම් ගන්න පුලුවන් .. ඉතින් IMF කියන්නෙ අපිට road map එකක් විතරයි. වැඩ කරන්න ඕන අපි. IMF කියන්නෙ මූල්‍ය වශයෙන් පිරුහුන රටක ගෙවුම් ශේෂය ගොඩ දාගන්න උදව් කරන tool එකක් විතරයි. ඒ tool එකෙන් අපිට ලැබෙන supporting facilities තමයි
නැවත ජාත්‍යන්තර ණය වෙළඳපොළට විවෘත වීම
නැවත ජාත්‍යන්තර විශ්වාසය ඇති වීම
විදේශ ආයෝජන වලට අවශ්‍ය විශ්වාසය ඇති වීම
ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අවශ්‍ය විශේෂඥ සහය ලැබීම.
17 වෙනි පාර සාර්ථක වීම නොවීම define කරන්නෙ කොහොමද කියලා අපි බලාගන්නෙ 2026 අවුරුද්දෙදි ...ඊට කලින්ම අපිට බලාගන්නත් පුලුවන් ... ඒ කොහොමද?
ලංකාව IMF ගිහින් වැඩි අවස්ථා ගාණකදි එම සැලසුමේ මැදින් හැරිලා ආපු අවස්ථා වැඩියි. මේ පාරත් එහෙම වෙන්න ඉඩ වැඩියි නේද ?
ඔව්... මඟින් හැරෙන්න වෙන්නෙ එක ආණ්ඩුවක් පටන් ගත්ත වැඩේ ඊළඟ ආණ්ඩුව නවත්තන නිසා.. එතකොට අසාර්ථකයි තමයි .. ඒ වගේම IMF කියන සමහරක් දේවල් කරලා ඡන්ද වලින් දිනන්න බෑ.. අපි ඒ මොන වගේ යෝජනා ද කියලා දැන් දන්නවා. ලංකාව පවත්වාගෙන ආපු සුබසාධන ආර්ථිකය තවදුරටත් නඩත්තු කරන්න බැරි වීම නිසා කරන්නම දෙයක් නැති තැන IMF යෝජනා එක්ක එකඟ වුනා හැර යම් විදියකින් මේ මාර්ගයෙන් අපිට ගොඩ එන්න වෙන චූටි මාර්ගයක් හරි දැක්කොත් රනිල් වේවා ඊළඟ ආණ්ඩුවක් වේවා මේ 17 වැඩසටහත් මඟින් නවත්තන්න ඉඩ වැඩියි කියලත් මතක තියාගන්න.
අපේ IMF වැඩසටහන අවුරුදු 4කදි කොටස් 8කින් තමයි සම්පූර්ණ ණය මුදල දෙන්නෙ.. ඒ කියන්නෙ එක වතාවකදි සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 350ක් වගෙ තමයි හම්බ වෙන්නෙ.. අපි IMF වැඩසටහන game එකක Level 8ක් කියලා ගත්තොත් අපි තාම unlock කරගෙන ඉන්නෙ Level 1 විතරයි. ඊළඟ level unlock කරගන්න අපි විසින් කළ යුතු tasks තියෙනවා. ඒවා accomplished කරොත් විතරයි ඊළඟ levels unlock කරගන්න පුලුවන් වෙන්නෙ. උදාහරණ විදියට ඉස්සරහට අපිට තියෙන ලොකුම අභියෝග තමයි ;
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන්නෙ කොහොමද ? ISB ගෙවන්න කොච්චර grace period එකක් ලැබේවිද?
IMF එකට දුන්නු forecast වලට අනුව ක්‍රමයෙන් රටේ නිශ්පාදන ආර්ථිකයක් හදලා exports වැඩි කරගෙන ජංගම ගෙවුම් ශේෂයේ අගය වැඩි කරගන්නෙ කොහොමද?
GDP එකෙන් දැන් තියෙන රාජ්‍ය ආදායම 8.5ක් විදියට පෙන්නලා තියෙනවා. මේක 15%ක් දක්වා වැඩි කරගන්න අපි IMF එකට forecast එකක් දීලා තියෙනවා..
මෙන්න මේ ඉළක්ක ක්‍රමයෙන් ලඟා කරගත්තෙ නැත්නම් , ඒ කියන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද මේ අපේ පැත්තෙන් දුන්න ඉළක්ක රටක් විදියට සාක්ශාත් කරගත්තේ නැත්නම් අපිට IMF වල ඊළඟ levels unlock කරගන්න වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ IMF සහය එතනින් නතර වෙනවා .. ඉතින් අපි ෆේල් වෙනවා කියන්නෙ රජය ෆේල් වෙනවාටවත් වඩා අපි 2022 හිටියාටත් වඩා ලොකු ඛාදනයකට ලක් වෙනවා කියන එකයි මේ කියන්න අදහස් කරේ..
IMF සල්ලි හොරාකන්න පුලුවන්ද?
කවුරුහරි හිතන් ඉන්නවා නම් IMF වලින් ලැබෙන මුදල් හොරකම් කරන්න පුලුවන් කියලා, ඒ ළමයි මේ ගැන කතා නොකර ඉන්නවා නම් තමයි හොද.. IMF මුදල් කිසිම වෙලාවක රටක පාළම්, පාරවල් හදන්න, පඩි ගෙවන්න, අයවැයේ පොරොන්දු ඉෂ්ඨ කරන්න වගෙ ඒවට පාවිච්චි කරන්න බෑ.. IMF වලින් ලැබෙන මුදල් කෙලින්ම යන්නෙ අදාළ රටේ මහ බැංකුවේ සංචිත වලට. සරළව කියනව නම් ප්‍රාථමික ගිණුමට කියමුකො.. එහෙනම් නන්දලාල් තමයි හොරකම් කරන්න ඕන.. මහ බැංකුව ස්වාධීන කිරීමේ පනතක් ගේන එකෙනුත් ඔය මහ බැංකු වලට දේශපාලන බලපෑම් එල්ල වෙන එක සෑහෙන්න අඩු කරන්න පුලුවන් කියලා මතක තියාගන්න.
ඒක නිසා " IMF සල්ලිත් හොරා කාලා" වගෙ කතා කියවන අයව ignore කරන්න...ඒ අය ඩොලරය 600ට යනවා කියපු අයම කියන කතාවක් වෙන්න ඉඩ වැඩියි.