ළමා දැඩිසත්කාර ඒකකය

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ළමා දැඩිසත්කාර ඒකකය

    ඉතින් මචන් මම මේ කියන්න යන්නේ මගේ ජීවිතය තුල මම අත්දැක්ක ලොකුම දෙවනි වේදනාත්මක අත්දැකීම.. පළවෙනි එක ගැන නෙවේ දෙවනි එක උඹලා හැමෝම එක්ක බෙදාගන්නයි මම ආවේ.. ඇතතටම මේක එළකිරි එකේ දාන්න හිතුනේ අපෙන් යමක් වෙන්න ඕන කියල හිතුන නිසයි...
    හා හා පුරා කියලා මගේ නෝනට පුතෙක් ලැබෙන්න එයාව මම හොස්පිටල් එකට නතර කළා.. මගේ පළවෙනි දරුවා.. එයා කොල්ලෙක් කියලා මාස 4 දී ස්කෑන් එකේදි දොස්තර මට කිව්වා.. පුදුම සතුටකින් අපි දෙන්නා හිටියා.. එයාගේ දින කිට්ටු උනාම දුන්න දිනේට දවස් 3ක් කලින් එයාව නතර කළා..
    ඒ එයා බ්ලීඩ් වෙන්න ගත්ත නිසා.. මමත් ගොඩාක් සතුටින් හිටියේ අළුත් අමුත්තව පිළිගන්න.. ඒත් බයකුත් තිබ්බා.. එයාට දරුවා හම්බවෙන්න හිටියේ නෝර්මල්.. ඉතින් මාස 8ක් තිස්සේ චැනල් කරපු දොස්තරගේ වාට්ටුවට එයා ඇඩ්මිට් කළා.. මම සල්ලිකාරයෙක් නෙවේ.. ඒත් එයාව ප්‍රයිවට් ඇඩ්මිට් කරන්න උවමනාව තිබ්බා.. ඒත් එහේ දැම්ම්ත් මොනවාහරි අවුලක් උනොත් ආයෙම රජයේ ඉස්පිරිතාලෙටම උන් ගේන නිසා රජයේ එකේම ඇඩ්මිට් කළා.. ඉතින් ඊළග දවසේ දවල් වෙදිදි මට නෝනා කිව්වා එයාගේ වෝටර්බෑග් කැඩුනා කියලා.. එයාව ලේබර් රූම් රෑ11ට ගන්නවා කියලා... මම බයෙන් උනත් සතුටින් හිටියා.. ඒත් එයාව 11ට අරන් තිබ්බෙත් නෑ.. අර මම පණ යනකන් චැනල් කරපු දොස්තර එදා නිවාඩු.. කොහොම හරි ඊළග දවසේ පාන්දර 5ට මෙයාව අරන් ගියා මම බලන්න යද්දිම.. මම ඒ වෙලාවේ මගේ යාලුවෙක්ට වයිෆ් ගේ විස්තර දුන්නා හොයලා කියන්න කියලා.. මොකද ඉස්පිරිතාලේ ඉන්න එවුන් තරම් නරුම ජාතියක් මගේ ජීවිතේට දැක්කේ නෑ.. ඒ නර්ස් ලා මිඩ් වයිෆ් ලා ගෑනුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ.. අපි අපේ ගෑනු ආදරෙන් බලගත්තත් එතන ඉන්න උන් අත පල්ලෙන් වැටුන ගානට කතා කරන්නේ..
    ඒ නිසාම මම ලේබර් රූම් දාපුවෙලේ යාලුවෙක්ට කිව්වා.. ඉතින් උදේ 9 වෙද්දිත් වයිෆ් ලේබර් රූම් එකේ.. එයාට සින්ටො දීලා එයාට දරුවා හම්බවෙන්න.. ඒත් නෑ.. ඔන්න ඒ වෙලාවේ අර නිවාඩුගිය එකා ඉක්මනින් ඇවිත් වයිෆ්ව සීසර් කරල.. දරුවට විෂබීජ ගිහින් කියල බෙබි රූම් දාල.. මට ඒ නිවුස් එක යාලුව කිව්වා.. මට උන් හිටි තැන් අමතක උනා.. ඇයි බන් ඒ ගෑනිව අමාරු උනාමද සීසර් කරන්නේ? අනික අහින්සක දරුවා..?? මම ලෙඩ්ඩු බලන්න ගිය වෙලේ පිස්සෙක් වගේ ගියේ වයිෆ් ගාවට.. ඔක්කොම අම්මලා දරුවො තුරුල් කරන් කිරි දෙනවා මගේ කෙනා නෑ.. එයා දැඩිසත්කාර එකේ.. වයිෆ් අඬ අඬා මට කිව්වා දරුවා බලලා එන්න එයාව හරියට දැක්කේ නෑ කියලා..මම එයාගේ අතේ එල්ලපු නොම්මරේ අරන් ගියා බේබි රූම් එකට.. ඒ යද්දි මට දැනුන හැගීම ගැන කියන්න වචන නෑ මචන්.. මගේම ලෙයින් උපන්න අහින්සක දරුවා බලන්න මාස නවයක් පෙරුම් පිරුවා.. ඒත් එයාව බලන්න මම යන්නේ භයානක තැනක.. මගේ මිනිස් ජීවිතේ පළවෙනි පාරට මට තාත්තේ කියන් මගේ ගැන හැම බලාපොරොත්තුවක් ගොඩනගාගෙන ඉන්න ආව මගේම දරුවා බලන්න යන තාත්ත කෙනෙක් ගැන කියන්න වචන නෑ බන්.. මම හිමීට ගියා ඒක ඇතුළට එතන දරුවො ගොඩාක් ඉන්නවා...කොට් ඇතුලේ.. මම මිසී කෙනෙකුට වයිෆ්ගේ නමයි නො එකයි කියලා දරුවා පෙන්නන්න කිව්වා.. මම මගේ දරුවා පළවෙනි පාරට මගේ ඇස්වලින් දැක්කා.. මගේ රත්තරන් දරුවා සේලයින් දෙනගමන් ඔක්ශිජන් බට ගහලා... මම කඩාගෙන වැටුනා බන්... මට දරාගෙන ඉන්න බැරි උනා.. මම ගොඩාක් ඇඩුවා.. මගේ පිරිමි හිතේ හයියක් නෑ දරුවා ඉස්සරහා.. මම ලොකු වේදනාවෙන් එළියට ඇවිත් ගොඩාක් ඇඬුවා.. එයාල කියනවා දරුව හුස්මගැනීමේ වේගෙ වැඩී කියලා.. ඇන්ටිබයොටික් දෙනවා කියලා.. එවෙලේ මම කඩන් වැටිලා ඉවරයි බන්.. මම ලොකූ වේදනාවෙන් ගෙදර ආවේ..
    මම දන්න අයිය කෙනෙක් ඉන්නව දොස්තර කෙනෙක් මම එයාට විස්තෙරේ කිව්වාම එයා ඉස්පිරිතාලෙට කෝල කරලා මට කතා කරා.. අවුල දරුවා වෝටබෑග් කැඩිලා පැය 18ක් ඉදලා දරුවා වේලිලා.. එයාව ඒ නිසා නොර්මල් හම්බවෙන්නේ නෑ.. ඉතින් වැරැද්ද කාගෙද??
    මට අරුන් ඔකොම මරන් කන්න හිතුනා බන් ඇත්තමයි.. මම මාව පාලනය කරේ වයිෆ් ගැන හිතලමයි.. මම පස්සෙ දිගටම එක එකා දම්මලා කතා කරවල උන්ව ප්‍රෙශර් කළා.. දෙවියන් ගේ පිහිටෙන් දරුවා දවස් 4කට පස්සේ හම්බ උනා..ඉතින් මේ දවස් 4 මම වින්ද වේදනාව දන්නේ මම විතරයි.. හැමෝම අම්මගේ ගුණමයි ගයන්නේ වයන්නේ.. ඒත් තාත්තා?? තාත්තා තරම් විදවන කෙනෙක් මේ ලෝකේ නෑ කියලා මම එදයි තේරුම් ගත්තේ.. ඉතින් මම මේක ලියන ප්‍රදානම අරමුණ මගේ ප්‍රශ්නේ නෙවේ.. එතන දුක් විදින දරුවෝ ගැන.. එතනට යන හැම වෙලාවකම මගේ පපුව පැලෙන්න ආවා ඒ දරුවො දකිනකොට.. එයාල අඬනවා ගොඩාක් බඩගිනි උනාම.. එතන අය එයාලට කිරි දෙන්නේ පැය 2 1/2 සැරයක්.. ඒ අම්මගෙන් දොවල ගෙනත් සිරින්ජරේකින් පොවනවා.. අම්මට කිරි දීගන්න අමාරුනම් පිටි පොවනවා.
    මගේ දරුවා බඩගිනිවෙලා එතනදී අඬපු හැටි දැක්කම මම මැරුනෙ නැති එක විතරයි.. ඉපදිලා පැයක් ඇතුලත මව් කිරි දරුවට අම්ම දෙනවා.. ඒත් මේ දරුවො ඒ මුකුත් නෑ.. පුදුම දුකක් දැනෙන්නේ බන්.. එතන නර්ස්ලා දරුවොන්ට ඇත්තටම හොදට සලකනවද දන්නේ නෑ.. හේතුව හැම වෙලේම කාටවත් යන්න බෑ.. අම්මට තාත්තට විතරයි.. ඒකත් වෙලාවකට.. අම්මට සනීපනම් පැය 2 1/2 සැරයක් පුලුවන් ඇවිත් කිරි දෙන්න.. මගේ නෝනා දවස් දෙකකට පස්සෙයි දරුවා ගාවට ඇවිත් කිරි දුන්නේ.. ඒ වගේ දුකක් කිසි අම්ම කෙනෙක්ට නොවේවා..
    ඉතින් මම ගොඩාක් අඩුපාඩු එතන දැක්කා.. සමහර කොට් කැඩිලා.. ඒවා ෆයිබර් කරලා.. සමහරා තැන්වල කූඹි වහලා.. ගොඩාක් හිත රිදෙන තැනක් එතන.. ජීවිතේ ගොඩාක් පාඩම් උගන්වනවා එතනදී.. ඉතින් මම එයාලගෙන් ඇහුවා මට ඔයාලට උදව් කරන්න විදියක් කියන්න කියලා.. එයාල කොට් එකක් හදලා දෙනවානම් ලොකු පිනක් කිව්වා.. මම ඒක දෙන්නම් කිව්වා.. ඊට අමතරව තව ෆාමසි වලින් ඕන බෙහෙත් ටිකක් ගෙනිහින් දුන්නා අහින්සක දරුවො වෙනුවෙන්.. ඉතින් මචන්ලා මේ ගැන අපිට මොනවද කරන්න පුලුවන්.. මම අනවශ්‍ය වියදම් නතර කරා.. ඒ හැම දරුවෙක් මට හැම වෙලේම මතක් වෙනවා.. එයාලා ජීවත් වෙන්න ගොඩාක් උත්සාහ කරනවා.. අපි උදව් කරන්න ඕන.. ආගමික පැතිවලිනුත් එයාල වෙනුවෙන් අපි උදව් කරන්න ඕන.. මේ අහින්සක දරුවො පව්...
    ඉතින් මම මගේ ජීවිතේ ලොකුම පෙරලියක් කරපු මේ අත්දැකීම මම උඹලා ඔකොමට කිව්වා,, මොකද අපේ ජීවිතේ ඊළග මොහොතේ මේ දේට මුහුණ දෙන්න වෙන්න පුලුවන් නිසා..
    ඉතින් මේක බලලා අනිත් අයට බලන්නත් බම්ප් කරන් යන්න..

    අහින්සක පැටව් වෙනුවෙන් අපි යමක් කරන්න ඕන බන්....:(:(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2.gif
    2.gif
    2.gif


    හැමෝම අම්මගේ ගුණමයි ගයන්නේ වයන්නේ.. ඒත් තාත්තා?? තාත්තා තරම් විදවන කෙනෙක් මේ ලෝකේ නෑ. :(

    me kathawa 100% aththa.:(

    mokakda ispirithale machan?.

    babata dan sani pada?.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම මේ ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම. වෝටර් බෑග් එකේ වතුර මදි කියල මගේ වයිෆ්ටත් බබා හම්බෙන්න ඩියු ඩෙට් එකට මාසයක් විතර කලින් ඇඩ්මිට් කෙරෙව්වා. අපිත් මාසයක් ගානේ vog කෙනෙක් ගාවට ගියා උ තමයි කිව්වේ ඇඩ්මිට් වෙන්න කියල. හැබැයි ඇඩ්මිට් උනත් හරි බලු බල්ලෙක් බැලුවේ නැ. සතියකට විතර පස්සේ මට ඔය සින්ටෝයි තව මොන මොනාද ලිස්ට් එකක් දුන්න ගෙන්න කියල :baffled: පහුවෙනිදා ලේබර් රුම් එකට දාල තිබුන, වෝටර් බෑග් එකත් උන් කඩල. එත් ළමය හම්බෙන්න අමාරු උනාට හම්බෙලා නැ, මෙලෝ සසරක් නොදන්න මැටි ඉන්ටර්න්ලා ඇවිත් clamp දාල මොන මොනාදෝ කරලා වයිෆ් කිව්වා කොල්ලගේ කොන්ඩ කෑලි ආවලු ඒවායේ පැටලිලා. පැය 12ක් වයිෆ් ලේබර් රුම් එකේ. මට පිස්සු හැදිච්ච නැති ටික විතරයි. ඔය ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න සිකියුරිටියාගේ ඉදන් මහා එක වෙනකන් වෙස බල්ලෝ. අන්තිමට පහුවෙනිදා උදේ ward එකේ දෙවෙනි ඩොකා ඇවිත් පලු යන්න බැනල මේ අම්මව මරන්නද හදන්නේ කියල ටක් ගාල සීසර් කරන්න අරගෙන, නර්ස් වෙසියෝ ටික නිදිලු :lol::lol::baffled: දෙයියන්ගේ පිහිටෙන් අම්මටයි ලමයටයි මුකුත් අවුලක් වුනේ නැ. දැන් කොල්ලට අවුරුදු 2ක්. එදවස් ටිකේ මම ෆුල් පිස්ස :lol::lol: තව දවස් දෙක තුනක් හිටියනම් හොස්පිටල් එකේ ඉන්න කැරියෝ දෙතුන්දෙනේකුටත් කෙලිනවා. එදායින් පස්සේ හිතාගත්ත මැරෙන්න වැටුනත් රජයේ රෝහල් කියන මුඩුක්කු වලටනම් රිංගන්නේ නැ කියල :lol::lol:
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    2.gif
    2.gif
    2.gif


    හැමෝම අම්මගේ ගුණමයි ගයන්නේ වයන්නේ.. ඒත් තාත්තා?? තාත්තා තරම් විදවන කෙනෙක් මේ ලෝකේ නෑ. :(

    me kathawa 100% aththa.:(

    mokakda ispirithale machan?.

    babata dan sani pada?.

    General Hospital -Matara

    Sanipai machan... eth hema rekama ara ahinsaka daruwo mathak wenawa ban
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    සෞඛ්‍ය අමාත්යන්ශයට මීඩියා වලට පෙස්සන් යවන්න. හොස්පිටල් වල ඉන්න ලේබරස් කාරයෝ මහ පාහරයි. උන්ගෙන් වැඩක් ගන්න දොස්තරල කෑගහන්නම ඕනෙ. පට්ට සක්කිලි . හොද මිනිස්සු අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ :dull::dull::(
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පානදුර කේතුමති රජයේ රොහලේ අපේ දරුව හම්බඋනේ..
    එදා හැම රජයේ රොහලකම වැඩවර්ජන
    අපි චැනල් කරල හිටියේ දෙමල දොස්තර කෙනෙක්...
    සිංහල දොස්තරල ටික වැඩවර්ජන කරන්න හදද්දි අර දෙමල මනුස්සය තමා යන්න දෙන්නේ නැතුව එදා සිසර් සැත්කම් ටික කරල තිබුනේ..
    ඔන්න ඔහොමයි හැටි..
    මගේ නොනට අමාරුවෙලා හිටියේ..
    එදා දෙමල දොස්තර හිටියෙ නැතිනම් උඩ ඉන්න දෙවියන්ගෙ පිහිට තමා :sorry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය අත් දැකීම මමත් වින්ද මචං දැනට අවරුදු 5කට උඩදී මමත් .කොල්ල හම්බෙලා ගෙදර ඇවිත් සතියකින් ලෙඩ උනා .icu එකේ දවස් 10ක් ඉන්න උනා පොඩ්ඩට .කිරි දුන්නේ නැහැ බඩගිනි වෙලා කිරි හොයනකොට ඇඟිල්ලක් කටට ලන් කරන්න විතරය් දුන්නේ .එහෙන් කිව්වෙත් හොස්පිටල් එකේදී විෂ බීජයක් ගිහින් කියල .වැඩේ උනේ නම් කොළඹදී නෙමේ වය්ෆ් ලගේ ගමේ හොස්පිටල් එකේදී .