ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

kalu_kaputa

Member
Sep 4, 2014
262
18
0
HappyGuySadGuy.jpg

කොල්ලෙක්ගේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුවක් තමයි තමන්ටම කියලා රෝද හතරේ වාහනයක් ගන්න එක. ගොඩක් අය හිතන විදිහට ඒක සමාජ තත්වය පෙන්වන්න ඕනිම සාධකයක්. ඒ වගේම ගමන්බිමන් යන්න, ලෙඩකදී තමන්ට, ගෙදර අයට අවශ්‍ය විදිහට බේත් ටික ගන්න යන්න වාහනයකින් වෙන ප‍්‍රයෝජනය ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
වාහනයක් හැමෝටම ඕනි වුනත් තියන ලොකු අව්ල තමයි ඒ වාහනේ ගන්න සල්ලි හැමෝගෙම ලග නැති එක. ඉතිං මොකද කරන්නේ?

ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නවා.

තකොට ඔක්කාම හරිද? නෑ එතන ඉදන් තමයි ප‍්‍රශ්න පටන්ගන්නේ. ගොඩක් අයට පිට ඉදන් බලනකොට පේන්නේ ෆිනෑන්ස් කිරිල්ල හරි සුන්දර දෙයක් කියලා. ඒත් හදිස්සි වෙලා ගන්න තීරණ නිසා දුක් විදින අය එමටයි. මේ පෝස්ට් එක දාන්න හිතුනේ තිබුනේ ගොඩක් අය ෆිනෑන්ස් කරලා වාහන ගන්න බලාපොරොත්තුවෙන් පහුගිය කාලේ ත්‍රෙඞ් දාපු නිසා.

හරි බලමු ෆිනෑන්ස් ආයතනයෙන් අපිට දෙන්නේ උදව්වක්ද, උගුලක්ද කියලා.
bad-credit-auto-loans-300x200.jpg

ඔන්න අපි හිතමු පඩිය 35,000 ක් ලැබෙන හාදයෙක් ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නවා කියලා. වැඩිය ලොකු වාහනයක් නෙවෙයි ගන්නේ. මරුටියක්, ඇල්ටො එකක් වගේ වගේ පොඩි වාහනයක්, අපි හිතමු ඉතිරි ගාන අතින් ගෙවපු නිසා ලක්ෂ 6 ක් විතර තමයි ෆිනෑන්ස් එක දැම්මේ කියලා. ඉතිං මාසෙකට 10,000 ගානේ අව්රුදු 6 ක් ගෙවන්න කියලා තමයි ඔන්න ෆිනෑන්ස් එක දාන්නේ.
දැන් අපේ යාලූවා හිතනවා 35,000 න් 10,000 ගියහම තව මගේ පඩිය 25,000 ක් ඉතුරු වෙනවනේ ගෙදර වියදමට ඔය ඇති කියලා.
හරි එහෙනම් බලමු ඊලගට වෙන්නේ මොකක්ද කියලා. ඔය ගත්තු වාහනේට අඩුම තරමේ රුපියල් 3000 කවත් මාසෙට තෙල් ගහන්න එපැයි. මොකද වාහනේ ගත්තේ දුවන්නනේ. එතකොට පඩිය 22,000 යි. ඒ විතරද ඉදල හිටල එන රෙපෙයාර් එකකට මාසෙට 500 ක් අයින් කරමු. අව්රුද්දකට සැරයක් හරි සර්විස් කරන්න තව මාසෙට 1000 ක් විතර වෙන්කරමු. දැන් පඩිය කීයද 22,000 - 1500 = 20500 හරි ඔය විතරද. :frown:
නෑ තව තියනවා. :no: ෆිනෑන්ස් කලා කියන්නේ ඉතිං ගෙදර කාර් එක නවත්තලා තිබ්බත් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්න එපැයි. පොඩි කාර් එකකට නිසා අපි ඒක 24000 කියමු. එතකොට මාසෙට ඒකටත් 2000 ක් වෙන් කරන්න වෙනවා. දැන් පඩිය කීයද 18,500 යි. එතකොට තව වියදම් නැද්ද. :frown:
නැති වෙන්නේ කොහොමද තව තියනවා. :baffled: මොකද ටයර් දාන්නේ පොලිස්සියෙන්ද, ලයිෂන්, දුම්සහතික ගන්න ඕනෙ නැද්ද, ඉදල හිටලවත් වාහනේ සර්විස් එකකට දාලා යට වත් හෝදගන්නෙ නැද්ද. හරි හරි දැනට අපි ඒවට යන වියදම් පඩියෙන් අඩු නොකර ඉමුකෝ. :P
ඔන්න දැන් තමයි හිතන්න ඕනි වෙලාව. 18,500 කින් අදකාලේ දෙන්නෙක් ඉන්න පව්ලකට වුනත් ජීවත් වෙන්න පුලුවන්ද. ඔයා කසාද බැදල නම් ඉන්නේ දැනට දෙන්නනම් ඉන්නේ තව අව්රුදු 3 කින් වත් බබකේ එකතු වුනොත් එයාගේ වියදම් එක්ක 18,500 හැරෙන්නවත් මදි නේද. :yes:

කසාද බැදල නෑ කියමුකෝ. තව අව්රුදු 6 ක් යනකම් බදින්න අදහසකුත් නෑ. තාම තනිකඩයා නිසා කන්නෙ බොන්නේ ගෙදරින්. :yes:
එතකොට උඹ ගෙදරට බඩු ටිකක් ගෙනියන්නෙම නැද්ද. :frown: ලැජ්ජනැද්ද හම්බුකරන එකා තාත්තගේ පඩියෙන්ම කකා ඉන්න.
හරි හරි ඒ නිසා 10,000 ක විතර බඩු ගෙනිච්ච කියමුකෝ. පුද්ගලිකව ඕනි වෙන දේවල් වලට තව 5000 ක් අයින් කරා කියමුකෝ ඔන්න දැන් පඩියෙන් 3500 ක් ඉතුරු වෙනවා. එහෙනම් ෆිනෑන්ස් කිරිල්ල එච්චර අව්ලක් නෑ නේද. :D
:frown: නැති වෙන්නේ කොහොමද හිතපං ඔය ෆිනෑන්ස් කිරිල්ල නිසා වාහනයක් වෙනුවෙන් උඹේ තරුණ ජීවිතේ කාලයෙන් කොච්චර කැප කරන්න වෙනවද කියලා. හම්බු කරන සල්ලි අපරාදේ නේද.:baffled: ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වෙනකොට වාහනේ වටිනාකමට වැඩිය ලක්ෂ 1.20 ක් වත් වැඩි පුර ගෙවන්න වෙලා නේද.
ඒ කියලා වාහනේ ආයි විකුණනකොට ඒ ලක්ෂ 1.20 වැඩියෙන් තියලා විකුණන් පුලුවන්ද. කීයටවත් බෑ. :dull: ඒ විතරක් නෙවෙයි ඔය මගුල ගෙවල ඉවර වෙනකන් හිතට එන පීඩනය නිසා මානසික ආතතිය ඇතිවෙලා බෝනොවෙන රෝග රැසකට ගොදුරු වෙන්න පුලුවන්.
දැන් මේක කියවපු ඕනි කෙනෙකුට ෆිනෑන්ස් කිරීමේ ආදීනව තේරෙනවා ඇතිනේ. සමහර විට බැදලනම් වයිෆ් කියයි ෆිනෑන්ස් කරලා හොද එකක් ගමු කියලා. :D

ඒත් මතක තියාගනිං දුප්පත් කම ඉස්සරහ දොරින් එනකොට ආදරය පස්ස දොරින් පැනල යනවා කියලා. :baffled: වාහනේ නිසා උඹ එරුනම ෆිනෑන්ස් කරලා වහනේ ගමු කියපු කෙනාම අහයි ඇයි මෙහෙම යකඩ ගොඩක් උස්සන් ආවේ කියලා.

මම ඔය උදාහරණයට කිව්වේ ෆිනෑන්ස් දාන බොහෝම අඩු ගානක් ගැන. හැබැයි වැඩි දෙනෙක් ෆිනෑන්ස් දාන්නේ ඔය වගේ පොඩි ගනන් නෙවෙයි. මම දන්න අය ඉන්නවා හොන්ඩ විසෙල් එක වෙනුවෙන් මාසෙට 50,000 ගෙවන අය. ෆිනෑන්ස් දාපු කෙනෙක් එක්ක මාස 3 කට පස්සේ කතාකරලා බලපං ඒ මනුස්සයා සතුටින් ඉන්නවද කියලා. 99‍% ක්ම දුක් වෙනවා. තමන් කරගත්තු දේ ගැන.

දැන් උඹලා හිතනවා ඇති එහෙනම් වාහනයක් ගන්න හොද සල්ලි කාරයන්ට විතරද කියලා.:oo: ඒකට උත්තරේ නෑ කියන එකයි.

තියන සරලම විසදුම තමයි තමන්ට කෙලින්ම ගෙවන්න පුලුවන් ගානට පරණ වාහනයක් ගන්න එක. අරං ඒක විකුණ විකුණ, ටික ටික අලුත් වාහනයක් වෙනකන් යනවා. එතකොට පරණ වාහනේ පොඩි ගානක් වැඩියෙන් තියලා විකුණලා පොඩි ලාභයක් ලබන්නත් පුලුවන්. ඒ ගමන් සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.

ඒ විතරක් නෙවෙයි ෆිනෑන්ස් ගෙවනවා වගේ අවදානමකුත් නෑ. දැන් හිතනවා ඇති එතකොට සමාජ තත්වෙ කියලා.:frown:
සමාජ තත්වේ අපිට කන්න දෙන්නෙ නෑනේ බං. ඉස්සල්ලා ජීවිතේ හදාගනිං. එතකොට සමාජ තත්වේ හැදෙනවා. නැත්තං ඉස්සල්ලා සමාජ තත්වේ හදාගෙන පස්සේ ජීවිතේ හදාගන්න හිටියොත් ජීවිතේ හදාගන්න වෙන්නේ නෑ. :yes:
මතක තියා ගනිං වාහනේ කියන්නේ ජීවිතේ නෙවෙයි. වාහනයක් ගන්නවා හැර ජීවිතේ කරන්න දේවල් ගොඩක් තියනවා. ඒ දේවල් පැත්තකින් තියලා කවදාවත් වාහනය ජීවිතය කර ගන්න එපා. කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයි. තරුණ කාලයේ පුලුවන් තරම් ලාභයක් ලැබෙන වියදම් ගැන විතරක් හිතන්න.
සැලකිය යුතුයි මම මේ කිව්වේ පුද්ගලික, හෝ නිවසේ පාවිච්චියට වාහනයක් ගන්න එක ගැනයි.

එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
හැමෝටම ආයුබෝවන්!


කලින් මම වාහන ගැන දාපු නුල්.
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

banner_zpsd6df7d37.png

Machanla mage sallary eka 80i..mata ehma loku wiyadam na... masekata 30k witara tibba num athi.ithiriya ithurui. mama laksha10k witara lease karala Alto ekak gatoth awulak weida?
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machanla mage sallary eka 80i..mata ehma loku wiyadam na... masekata 30k witara tibba num athi.ithiriya ithurui. mama laksha10k witara lease karala Alto ekak gatoth awulak weida?

    අඩේ මම උඹට කමෙන්ට් එකක් දැම්මා. උඹ ඔය පෝස්ට් එක හරියට කියවලා නෑ වගේ බං. ගෙවලා ඉවර වෙනකොට නිකරුණේ නාස්ති වෙන ලක්ෂ 2.5 විතර අත අරින්න කැමති නම් දාපං.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹට කියන්න මම දන්න පොරකුත් කාර් එක ෆිනෑන්ස් කරලා අරං ගෙදර තියලා සතියකට පාරක් පොලට යන්න විතරක් පාවිච්චි කරා අනිත් ගමන් ගියේ බයික් එකෙන්. අන්තිමට අව්රුදු 4 ක් ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වෙලා ගේ හදන්න සල්ලි නැතුව කාර් එක වික්කා. පොරට ලක්ෂ 3 ක් විතර පාඩුයි.

    apo dan awrudu 5 k wenawa muge wahaneta . danatama aniwaryenma 10 laks wwath paadu athi :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Pain yana eka hodai kiyala hituna..salli bankuwe dala.

    :D ඒකමත් නෙවෙයි මචං. උඹට පඩිය 80 ක් ලැබෙනව නම් 50 ගානේ ඉතුරු කලොත් අව්රද්දට ලක්ෂ 6යි. හදිස්සි නම් එතනදී ට්‍රැඩ්සනියක් ගන්නවා. තව අව්රුද්දක් 50 ගානේ ඉතුරු කරලා ලක්ෂ 12 ක් හදාගත්තොත් තව එකකට යන්න පුලුවන්නේ බං.
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    :D ඒකමත් නෙවෙයි මචං. උඹට පඩිය 80 ක් ලැබෙනව නම් 50 ගානේ ඉතුරු කලොත් අව්රද්දට ලක්ෂ 6යි. හදිස්සි නම් එතනදී ට්‍රැඩ්සනියක් ගන්නවා. තව අව්රුද්දක් 50 ගානේ ඉතුරු කරලා ලක්ෂ 12 ක් හදාගත්තොත් තව එකකට යන්න පුලුවන්නේ බං.
    parana wahana aragena 2nd hand aduwata ne bun denna wenne..ekai brand new ekakma baluwe
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    parana wahana aragena 2nd hand aduwata ne bun denna wenne..ekai brand new ekakma baluwe

    බ්‍රෑන්නිව් ගත්තොත් ඒක විකිණුවම වෙන පාඩුව තරම් පාඩුවක්, සෙකන්ඩ්හෑන්ඩ් වාහනයක් වික්කම වෙන්නේ නෑ බං. මම නම් ගන්න වාහන ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මිනිස්සු පුරුදු වෙන්න ඕනි අවශ්‍යතාවයට බඩු ගන්න. ඒක නොදන්න නිසා තමා ගොඩ දෙනෙක් අමාරුවෙ වැටෙන්නෙ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කතාව ගොඩක් දුරට ඇත්ත....රේප් කලා...
    Thanks :D
    :yes: Good post Kathawa aththa
    Thanks :D
    හෙළයෙක්;17836421 said:
    මිනිස්සු පුරුදු වෙන්න ඕනි අවශ්‍යතාවයට බඩු ගන්න. ඒක නොදන්න නිසා තමා ගොඩ දෙනෙක් අමාරුවෙ වැටෙන්නෙ.
    අනිවා මචං Thanks :D