ෆේස් බුක් ආදරය

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ෆේස් බුක් ආදරය

    තාත්තාටත් දුවටත් දෙලොව රත්වුණු ‘ෆේස් බුක් ආදරය’

    දකුණු පළාත් රජයේ කාර්යාලයක සේවයේ යෙදෙන මැදිවියේ පසුවන විවාහක පුද්ගලයෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (face book) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් (chat) කරමින් මානසික වින්දනයක් ලැබුවේය.

    මේ අයුරින් හඳුනාගත් ඔවුන් දෙදෙනා‍ගේ රසබර රාගී කතා නිසාම ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ.

    අපි ඔවුන් නුවන් සහ සෙව්වන්දි ලෙස හඳුන්වමු. තවමත් පාසල් සිසුවියක වූ සෙව්වන්දිට පියා විසින් පරිගණකයක් ලබාදුන්නේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ නිසාය.

    යහළු යෙහෙළියන් සමඟ නිතර ෆේස් බුක් හරහා චැට් කරන ඇයට නුවන් හඳුනාගැනීමට හැකිවූයේ තම යෙහෙළියකගේ පෙම්වතාගේ සගයෙකු ලෙසිනි. මොවුන්ගේ ආදරය කෙතරම් දුරදිග ගියේද පැවසුවහොත් ඔවුනොවුන් හමුවීමේ ආශාව ඉතාමත් දැඩි විය.

    කිසිදිනක නොදුටු දෙදෙනාගේ දසුන දැක ගැනීමට සතියේ දිනක උදේ කාලය යොදා ගත්තේ පාසල් යන මුවාවෙන් ඇයට පැමිණිය හැකි බැවිනි. ඒ සතියේම සිකුරාදා ගාල්ල ප්‍රදේශයේ දී හමුවීමට ඔවුහු කතිකා කර ගත්තේ ගාල්ල බස් නැවතුම්පොළේදී හමුවී සුදුසු ස්ථානයකට යාමේ අභිලාෂයත් සමඟිනි.

    උදෑසන තම බිරිය විසින් සකසා දුන් බත් පාර්සලය ද රැගෙන කාර්යාලයට යන බව පවසා ජැන්ඩියට ඇඳ පැළඳ ගත් නුවන් වෙලාවටත් පෙර නියමිත ස්ථානයට ගියේ මහත් ප්‍රබෝධයකිනි. පාසල් ඇඳුමෙන් සැරසුණු සෙව්වන්දි හොර රහසේ පොත් බෑගය තුළට පාට ඇඳුමක් දමා ගත්තේ පාසල් නොගොස් යෙහෙළියකගේ නිවසට ගොස් ඇඳුම් මාරු කරගෙන අදාල ස්ථානයට ගොස් පෙම්වතා හඳුනා ගැනීමේ දැඩි ආශාවෙනි.

    සවස පෞද්ගලික පන්ති ඇති හෙයින් ඊට ගාස්තු ගෙවිය යුතු බව පවසා මවගෙන් වැඩිපුර මුදලක් ද ලබාගත් ඇය සමනලියකසේ සතුටින් ඉගිල ගියේ තම ප්‍රථම ප්‍රේමය අත්විඳීමේ අපේක්ෂාවෙනි. එදිනට අඳින ඇඳුම පිළිබඳව දෙදෙනා කතිකා කර ගත්තේ ඔවුනොවුන් හඳුනාගත හැකි නොවරදින සංකේතය එය බැවිනි.

    ගාල්ල බස් නැවතුම් පොළේ මාතර බස් නැවතුම අසල සිටි නුවන් අවට සිසාරා තම දෑස් යොමු කළේ කොයි මොහොතේ තම පෙම්වතිය දැක ගැනීමට ලැබේදැයි යන කුතුහලයෙනි. ගෙවී ගියේ සුළු මොහොතකි, රෝසපාට ඇඳුමකින් සැරසී රතුපාට බෑගයක් අතෙහි දරා තමා ඉදිරියට එන යුවතිය පිළිබඳ ඔහු විමසිලිමත් විය. සෙව්වන්දිගේ හිතේද මැවී තිබුණේ නවීන පන්නයට සැරසුණු දඟකාර හැඩකාර තරුණයෙකුගේ රූපයකි.

    එහෙත් අත්දිග රෝසපාට කමිසයකින් සැරසී එතැන සිටියේ වයස අවුරුදු පනහක පමණ මැදිවියේ පුද්ගලයෙකි. ඇයට දෙවියන් සිහිවිය. නිවසට හොරෙන් පැමිණි ගමන පියාගේ අතටම හසුවූවායැයි ඇය තැති ගත්තාය.

    “දෙවියනේ තාත්ත මොකද මෙතන කරන්නේ අද කන්තෝරුවට ගියේ නැද්ද?”

    “මම අහන්නෙ දුව මොකද මෙහේ?”

    දෙදෙනාටම සත්‍ය වැටහුණේය. ඔවුන් දෙදෙනාම කර ඇත්තේ සුළුපටු වරදක් නොවේ. මෙපමණ කාලයක් ෆේස් බුක් හරහා පෙම්වතුන් ලෙස චැට්කර ඇත්තේ පියා සහ දියණියයි.
    :baffled::sorry:

    Source : dinamina
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගාල්ලේ නේද.? කෝ අර ගාල්ල තමයි මව් නගරේ ගාන ගාලු පොන්@#යා. ගාල්ලේ ඉන්නේම ඔය වගේ තුප්පහි කාලකණිනි තමයි.
     

    rsherath

    Junior member
  • Jun 27, 2007
    220
    9
    18
    I dont believe this. There is good chance to father having a fake account. But not both for same time.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගාල්ලේ ඉන්නේ මේ වගේ කටින් බතල හිටවන කොන්ද පණ නැති පොන්@#යෝ තමයි අඩෝ.නම දාලා රෙප් කපපන්කෝ ගාල්ලේ මහ ලොකු පොරක් නම් රෙප් කපපු එකා.ඌට ඒකටවත් කොන්ද පණ නෑ.ඒ උනාට ගම ගාල්ලේ පුක ලෑල්ලේ..:rofl::rofl:


    Ashampoo_Snap_2013.12.23_11h35m50s_001_.jpg
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    බොරු කතාවක් බන්z.. :ඪ් :ඪ් උබලත් පත්තර වල දාපු පලියට ඔව්වා විශ්වාස කරනවනෙ.. ලන්කාවෙ FB බෑන් කරන්න ක්‍රම හොයනවා කට්ටිය.. මොකද ආන්ඩුවට තර්ජනයක් වන විදිහට පොලිටිකල් දේවල් වලට ඔර්ගනයිස් වෙන තැනක් FB කියන්නෙ අද වෙද්දි. දැන්ම ඉඳන් ප්‍රචර පටන් අරන් තියෙන්නේ මීළඟ අවුරුදු දෙක තුන ඇතුළත චීනේ වගේම FB youtube sites බෑන් කරන්න!
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බොරු කතාවක් බන්z.. :ඪ් :ඪ් උබලත් පත්තර වල දාපු පලියට ඔව්වා විශ්වාස කරනවනෙ.. ලන්කාවෙ FB බෑන් කරන්න ක්‍රම හොයනවා කට්ටිය.. මොකද ආන්ඩුවට තර්ජනයක් වන විදිහට පොලිටිකල් දේවල් වලට ඔර්ගනයිස් වෙන තැනක් FB කියන්නෙ අද වෙද්දි. දැන්ම ඉඳන් ප්‍රචර පටන් අරන් තියෙන්නේ මීළඟ අවුරුදු දෙක තුන ඇතුළත චීනේ වගේම FB youtube sites බෑන් කරන්න!

    meka aththa wenna ba. kella age eka ahanne nadda kollagen? uuta 50i kiyanna wenawa ekko boru age ekak kiyanna wenawa.
    boru age ekak kiuwa nam uu gona wage kellawa meet wenna enne nane ban. :D

    hena gon katha