ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම දස ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක් ඇමරිකානු ජනාධිපතිවරයාට යැවීමෙන් ඵලක් නොවන බවත් එය යළි පැමිණෙන්නේ තමා ළගට බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති බවද ඒ මහතා පවසන ෆොන්සේකා මහතාගේ පවුලේ ඥාතීන් තමන් හමු වී ඉල්ලීමක් කළහොත් පමණක් ඔහුට සමාව ලබාදීමට හැකි බවද තියා සිටී.
අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍යවේදීන්ගේ සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ප්රජාතන්ත්රවාදි ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් ටිරාන් අලස් ද ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

us walin drones avith oluva wate karakeddi teriya wei