ෆෝන් එකක් විතරක් නෙමෙයි මේ දේවලුත් ළමයෙක&#3530

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ෆෝන් එකක් විතරක් නෙමෙයි මේ දේවලුත් ළමයෙක&#3530

    “ඕක දීපන් ළමයෙකුට”

    කවුරුහරි වැඩක් අනාගත්තහම අපේ අය කියන ප්‍රසිද්ධම කතාවක් තමයි මේක. ෆෝන් එකක් වගේ සුලු කාරණාවක ඉඳල රටේ ආණ්ඩු කිරිල්ල දක්වා ළමයෙක්ට දෙන්න යෝජනා වෙන තැන් තියනවා (ෂුවර් නැත්නම් මුහුණුපොතේ දේශපාලන ටෝක් කාරයෙක්ගෙ ප්‍රොෆයිල් එකක් බලන්න). හැබැයි මෙහෙම යෝජනා කරන කවුරුවත් නිකමටවත් හිතල බැලුවද ළමයෙක්ට මේ දේවල් දුන්නොත් කොහොම කරයිද කියල? නෑ නේද? අන්න ඒ නිසා අනිවා අපි හිතුවා මේක ටිකක් පැහැදිළි කරන්න. ඒ කිවුවෙ අපේ එදිනෙදා ජීවිතේ වැදගත්ය කියලා හිතෙන දේවල් ටිකක් ළමයෙක්ට දීල බලන්න. බලමුද ඒ අය මොනවා හිතයිද? මොනවා කරගනීද? කියල.



    1. ජොබ් එක

    Astra_Give_It_To_AChild_01.jpg

    අදනම් ලන්ච් බ්‍රේක් එකේදි කට්ටිය සෙට් කරගෙන මැච් එකක් ගහන්නම ඕනෙ. අර ෂෙනූ බොස්ට කේලම් කියයිද? එයා හැමදාම මල් ගෙනහල්ලා හොඳ ළමයා වෙලා ඉන්න එකේ බොසුත් එයා කියන ඒව අහන්න ඉඩ තියනවා. මිහාන් එක්ක සෙට් වෙලා බය කරන්න ඕනෙ කේලම් කිවුවොත් හෑන්ඩ්බෑග් එකට දිමි ගොට්ටක් දානවා කියල.

    ෂෙහ්!..මේ ගාන හදන එකනම් හරිම අමාරුයි, කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. බොස්ගෙන් ගාන හදන හැටි අහන්න ගියොත් මම මෝඩයෙක් කියල හිතයිද? ඩිලාගෙන්වත් අහගන්න ඕනෙ මේක කරන්නෙ කොහොමද කියලා. හප්පා…බඩගින්නකුත් එනවා අද කෑම පෙට්ටියෙ මොනවද දන්නෙ නෑ දාල තියෙන්නෙ. හිමීට ඇරල බලන්නෝනෙ. රෝල්ස් උනොත් නම් මරු. මාමයිටුයි පානුයි නම් නොවේවා දෙවියනේ…



    2. ලවු එක

    Astra_Give_It_To_AChild_02.jpg

    පවනි ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද? ඒක කොතනද දන්නෙ නෑ තියෙන්නෙ නේද?

    එක්ස්රේ එකක් ගත්තොත් ඒකට ඒක වදියිද?

    මොකද මේ ලවු එකට හාට් එකක් ඇවිත් තියෙන්නෙ?

    ආදරේ මොන පාට වෙන්න පුලුවන්ද? හාට් එක වගේ රෝස පාටද? රතු පාටද?

    ලවු කරනව කියන්නෙ මගෙ ටීවී සීරීස් කලෙක්ෂන් එක ඔයාටත් අයිතියි කියන එකද?

    ඇයි එක්කෙනෙක්ට විතරක්ම ලවු කරන්න කියල කියන්නෙ?

    මාර කේස් එකනෙ පවනි… අම්මත් මට ආදරෙයිලුනෙ. එහා ගෙදර නැන්දත් මට ආදරෙයි කිවුව

    ඔයා කැමති මම සල්මන් මහප්ප වගේ අයි ලවු යෝ කියන් ගිටාර් ගහනවටද? නැත්නම් කාමරේක හැංගිලා ඔයා ගැන සෙල්ෆි රැප් එකක් කරනවටද?

    අර “අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ” කියන සින්දුවෙ කියන්නෙ හාට් එකේ අඩිය හිල් වෙලා ලවු එක ලීක් වෙනව කියන එකද?

    මං දැක්ක අපේ අක්කගෙ ලවු ලෙටර් එකක තියනව “ඩාලිං අපේ හිත් දෙකම දැන් එකක්” කියල. ලවු කරගෙන කරගෙන යද්දි අපෙත් එහෙම වෙයිද? එහෙම උනොත් ඔයා හිතන ඒවද මට හිතෙන්නෙ? එහෙමත් නැත්නම් මං හිතන ඒව ඔයාට හිතෙනවද? මංනං පොඩ්ඩක්වත් ආස නෑ ඔය දෙකටම.



    3. පර්ස් එක

    Astra_Give_It_To_AChild_03.gif

    රායිට්. දැන් අපි දහයෙ කොලේ ඉඳන් පිළිවෙලකට නූල් ගලවන් යමු. පන්සීයෙ කොලේ මැද තියන නූල වෙනස්ම පාටක් කියලත් රොමිත් කිවුවා. ටීචර් නම් කිවුවා අපි ඒක ගැලෙවුවම නෝට්ටුව අවලංගු වෙනවා කියල. අවුලක් නෑ… මුදලාලි මාමට අහුවෙන එකක් නෑ. එයා කුරුල්ලා ඉන්නවද කියල විතරයි බලන්නෙ.

    උදේ කෑමට මොනාද කන්න ගන්නෙ? චොකලට් බිස්කට් එක්ක මාලුපාන් එකක් කෑවොත් රස කොහොමට හිටීද? මේ පන්දාහෙ කොල ටික මාරු කරගන්න ඕනෙ සීයෙ කොල වලට. එතකොට පර්ස් එක තවත් පිම්බිලා හිටීවි. සීයෙ කොළයක් පහේ කාසි වලට මාරු කරගන්න ඕනෙ පන්සලට ගියාම ඩං ඩං ගාල පිංකැටේට හලන්න. හැබැයි “බේබි මහත්තයා” කියල කොච්චර ඉල්ලුවත් හන්දියේ හිඟාකන සීයට නම් අද සල්ලි දෙන්න නරකයි. එදා රුපියල් සීයක් දීල ටික වෙලාවකින් පාරෙ නෝටි වචන කිය කිය වැටිල හිටිය.



    4. ගෙදර

    Astra_Give_It_To_AChild_04.jpg

    අයියයියෝ මොනවද මේ බලිකුරුටු පින්තූර හැමතැනම එල්ලලා? මේවයෙ තියන කිසි දෙයක් පැහැදිලි නෑනෙ. ඉකේයිය අර ඇන්ටි කෙනෙක්ව ඇඳල තියන පින්තූරෙ කැත. තාත්තිගෙ යාලුවොනම් මේව ගැන ලොකු ලොකු වචන වලින් කතා කරන්නෙ. මේ ටික ගලෝලා මගෙ චිත්‍ර ටිකක් එල්ලුවනම් හරි. සාලෙන් ගහනව අම්මයි තාත්තයි ගේ ඉස්සරහ ඉන්න චිත්‍රෙ. වයිටයි මායි ඉන්න චිත්‍රෙත් සයිඩ් එකකින් අලවන්න ඕනෙ.

    කූඩුව ඇරල අද ඉඳන් වයිටව ගේ ඇතුලට ගන්න ඕනෙ. එයාට පුලුවන් මාත් එක්ක කාමරේ නිදියන්න. මේ පුටු ඕනෑවට වැඩියි සාලෙ ඉඳන් කාමරේට යන්න ඕනෙ ඇද වෙවී. ඊයේ දවසට පුංචි ඇඟිල්ල තුන් පාරක් ඇක්සිඩන්ට් උනා. මේ ඔක්කොම අයින් කරල දාමු. අම්මයි තාත්තයි ටීවී බලන්න ඉඳගන්න පුටු දෙකනම් හොරේන්ම මගේ පුටුවට තව ටිකක් ළං කරන්න ඕනෙ.



    5. කාර් එක

    Astra_Give_It_To_AChild_05.jpg

    බයිසිකලෙත් පැදලම එපා වෙලා ඉන්න එකේ අද හෙටම ලයිසම ගන්න තිබ්බනම් මරු. කාර් එක හම්බුනාට දැනට ඉතින් වත්ත ඇතුලෙම බූම් බූම් පීප් පීප් ගගා තමයි ඉන්න වෙන්නෙ. ඒකත් හොඳයි එක අතකට. අර සමහර ලොකු අයියල වගේ උදේ පාන්දර ඉස්කෝල වල තාප්ප කඩාගෙන යනවට වඩා.

    අපේ කාර් එකත් තාප්පෙ හැප්පුනොත් මොනා වෙයිද? කාර් එකටද තාප්පෙටද වැඩිපුරම ඩැමේජ් වෙන්නෙ? ඒ ඔක්කොටම කලින් අප්පච්චිට හාට් ඇටෑක් එකක් එයිද? මේ තුනම හොඳ නෑ. අප්පච්චි කියනවා එයාල පොඩි කාලෙ ටයර් එකක් කෝට්ටකින් පැදගෙන ගියා කියල. කාර් එකේ රෝදයක් ගලවලා ට්‍රයි කරන්න මරු වැඩේ ඒක. ට්‍රයි එකක් දෙන්නෝනෙ.

    අල්ලපු ගෙදර ත්‍රීවීල් අංකල් ත්‍රීවීල් එකේ පිටිපස්සෙ රත්තරන් දෙමවුපියෝ, දුව කවීෂා. පුතා කණිෂ්ක කියල ගහලා තියනවා මාර ලස්සනයි. ඇයි කාර් වල එහෙම ගහන්නෙ නැත්තේ?

    ————————————————————————–

    පසුවදන-

    මේ ලිපිය මතුපිටින් බලද්දි ඔයාලට හිතෙයි මේක ළමයි හිතන පතන, ක්‍රියා කරන විදිහ ගැන ලියපු ලියවිල්ලක් කියල. නමුත් වැඩිහිටි ඔයාල දන්නවද මේ කියල තියන දේවල් අපි ලිවුවෙ ළමයි ගැන නෙමෙයි ඔයාල ගැන හිතල කියල? ඒකට විශේෂ හේතුවක් තියනවා. ඒ තමයි අපි හැමෝගෙම අභ්‍යන්තරයේ ජීවත් වෙන “කුඩා දරුවා” ගැන ඔය හැමෝටම මතක් කරන්න අපිට තිබ්බ උවමනාව. කාලයත් එක්ක වැඩිහිටියො බවට පත්වෙලා, විවිධ අත්දැකීම් ලබල මේ වෙද්දි ඇත්තමට අපි කවුරුද කියල අපිටත් අමතක වෙලා තියෙන්නෙ. අතීතයේ අපේ තිබ්බ අවංක කම්, අහිංසක කම්, ආදරය, නිර්මාණශීලීත්වය වගේ දේවල් අපිටත් නොදැනීම අපෙන් ගිලිහිලා ගිහින් තියෙන්නේ. ඒ නිසාම හිතිනුත් ගතිනුත් අපි තෘප්තිමත්ව නෙමෙයි ජීවත් වෙන්නෙ. ජීවිතයේ සැබෑ සතුට විඳින්නනම් තමන්ගේ “අභ්‍යන්තර දරුවා” සොයාගන්න එක ඉතාම වටින කාරණයක්. මොකද අපේ සැබෑ සිතුම් පැතුම් ආශාවන් බොහොමයක් සැඟවිලා තියෙන්නෙ අපේ ළමා කාලය තුළයි.

    අපි ඔබට ආරාධනා කරනවා මේ ලිපියෙ ලියල තියන කාරණා 5 නැවත කියවන්න කියල. ඔබ උනන්දුවෙන් බැලුවොත් මුල් වතාවෙ ඔබට නොපෙනුණු සමහර කාරණා තේරුම් ගන්න දෙවැනි වර කියවීමේදී පුලුවන් වෙයි. ඒ ඔස්සේ ඔබට පුලුවන් අතීතයට ට්‍රිප් එකක් යන්න, තමන්ගෙන් අත් හැරුණු දේවල් ගැන තේරුම් ගන්න උත්සාහයක් ගන්න.

    ළමා කාලෙ පුරාවටම අපේ ආසාව තිබ්බෙ ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්නෙ කොහොමද කියලයි…දැන් වැඩිහිටියෙක් හැටියට ආයෙත් ළමයෙක් වෙන්න හිතුවට අපිට ආපස්සට ගමන් කරන්න බැහැ. අපිට පුලුවන් හොඳම දේ තමයි තවමත් ජීවමාන අපේ ළමා හදවත අවදි කරවාගන්න එක.ඒ තුළින් ඔබේ අද දවසට ඔබ හිතනවට වඩා සාර්ථකත්වයක් එක් කරගන්න පුලුවන්.

    එහෙම බැරි උනොත් මේ ලිපිය අපි දෙන්නම් ළමයෙකුට :)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අර අයියයි අක්කයි පෝරුවෙ නැගල ඇගිලි දෙක නූලෙන් එකට ගැට ඉන්නව වගේ මමත් දවසක පෝරුවෙ නැගල ඇගිලි දෙක නූලෙන් එකට ගැට ල, wifeට ගොඩාක් ආදරේ වෙනව. එතකොට මටත් ලමයි ගොඩාක් හම්බවෙයි.

    ඔයාල දන්නවද.. ඇගිලි දෙක නූලෙන් එකට ගැට ගැහුවම තමයි බබාල හම්බවෙන්නෙ, ගොඩාක් ආදරේ අයට බබාල ගොඩාක් හම්බ වෙනවා. ටිකක් ආදරේ අයට එක බබයි හම්බ වෙන්නේ. ඇගිලි ගැට ගැහුවට ආදරේ නැති අයට බබාල හම්බ වෙන්නෙ නෑ.

    (මම අවංකවම පොඩිකාලෙ මෙහෙමයි හිතන් හිටියේ)
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අර අයියයි අක්කයි පෝරුවෙ නැගල ඇගිලි දෙක නූලෙන් එකට ගැට ඉන්නව වගේ මමත් දවසක පෝරුවෙ නැගල ඇගිලි දෙක නූලෙන් එකට ගැට ල, wifeට ගොඩාක් ආදරේ වෙනව. එතකොට මටත් ලමයි ගොඩාක් හම්බවෙයි.

    ඔයාල දන්නවද.. ඇගිලි දෙක නූලෙන් එකට ගැට ගැහුවම තමයි බබාල හම්බවෙන්නෙ, ගොඩාක් ආදරේ අයට බබාල ගොඩාක් හම්බ වෙනවා. ටිකක් ආදරේ අයට එක බබයි හම්බ වෙන්නේ. ඇගිලි ගැට ගැහුවට ආදරේ නැති අයට බබාල හම්බ වෙන්නෙ නෑ.

    (මම අවංකවම පොඩිකාලෙ මෙහෙමයි හිතන් හිටියේ)

    :lol::lol::lol::lol::lol::shocked::shocked::shocked: