තනියම ෆෝන් කඩයක් කොල්ලකෑ තරුණිය සී.සී.ටී.වී.යෙන් කොටුවෙයි 
ගාල්ල ගාමිණී මාවතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි ජංගම දුරකථන අලෙවිසලක් බිඳ එම අලෙවිසළේ තිබු රුපියල් 34,209ක් වටිනා ජංගම දුරකථන 32ක් හා මුදල් රුපියල් 4000ක් හා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
වෙළදසළේ තිබු සී.සී.ටී.වී. කැමරාවේ සොරකමේ සියලූ දර්ශන සටහන්ව තිබේ. එම කාන්තාව 28 හැවිරිදි ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය පසුගිය 5 වැනිදා රාති‍්‍ර 11.30ට පමණ වෙළදසලේ දොර කඩා වෙළෙඳසලට ඇතුළත් ජංගම දුරකථන සොරකම් කොට ඉන් පිටව ගොස් ඇත්තේ 06 වැනි දින අළුයම 4.00ට පමණය.
මෙම කාන්තාව 05 වැනි දින පස්වරු 4.19ට පමණ පළමුව වෙළදසලට ෆෝන් චාරජරයක් මිලදී ගැනීම සඳහා පැමිණ තිබූ බවට ද හෙළිවී තිබේ.
පසුව මේ පිළිබද වෙළදසල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ කාන්තාව සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් පවතී.

Source: Rivira

.

ඒ ගෑණි මෝඩයෙක් කියන්නේ කඩේ නිදාගෙනත් එක්ක.