ෆෝන්_ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමලු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ෆෝන්_ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමලු

    හෙට සිට දුරකතන ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි


    හෙට සිට වැට් බද්ද 15‍% තෙක් ඉහල නැංවීම ක‍්‍රියාත්මක වීමත් සමග දුරකතන ගාස්තුද ඉහළ යාමක් සිදු වනවා.

    භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙනවා.

    දුරකතන සේවා සදහා අලුත්තෙන්ම එකතුවන 15‍% ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48‍% පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

    දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව තවත් බදු වර්ග දෙකක් අයවනවා. ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය වෙනවා.

    දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බවත් සඳහන්.



    nethfm
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    අර්ජුන මහේන්ද්‍රන් හොරාකාපු සල්ලි හොයා ගන්නකන් විතරලු ඕක ගහන්නේ.ඊට පස්සේ තමා ලංකාවට වෙනස උදා වෙන්නේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    avatar413392_2.gif
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අර්ජුන මහේන්ද්‍රන් හොරාකාපු සල්ලි හොයා ගන්නකන් විතරලු ඕක ගහන්නේ.ඊට පස්සේ තමා ලංකාවට වෙනස උදා වෙන්නේ.

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද &න්නය හොරා කාන බිලියන ගනන් ගෙවන්ඩ රටේ මිනිස්සුන්ට බදු ගහනව චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද?