....~ ෙල් පාට යවුවනය ~....

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
thanks dapu tikata.api bala innawa ilaga kotasa enathuru.


11.gif
11.gif
11.gif
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මට මගේ අතීතයට මොහොතකට දුවන්න හැකි උනා..අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ උන්න, එක බත් එක බෙදාගෙන කාපු කීපදෙනෙකුටම මේ ඉරණම අත් උනා....

අපේමෙ උන්ගේ වේදනාව මුළු ඇගටම දැනුනා වගේ .....
 

saman2008

Member
Jan 4, 2010
227
1
0
එ කාලෙ ගෑන ලොකු දෙයක් කියන්න මට මතකයක් නෑති උනත් සමහර දේවල් මටත් මතකයි.මිනිස්සු තමන්ගෙ පුද්ගලික ප්‍රස්න වලටත් පලිගන්න කලේ තරහ කෙනා ගෑන බොරු ලියලා නිර්නාමික ලිපි දාන එක.
තමන් වගේම ඈට ලේ මස් වලින් හෑදුන මිනිස්සුන්ට එ වගේ වද දෙන්න උන්ට පුලුවන් වෙන්න ඈත්තේ උන් මානසික ලෙඩ්ඩු නිසා කියලයි මම හිතන්නේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

-09-

" උඹලා ඉතින් ඒ වගේ වැරදි කරන්නේ නෑ නෙ..."

Hands.jpg



වෙහෙසකර දිගු නැති රැයක ආරම්භය ඉක්මනින්ම උදාවිය.

" ප්‍රියංකර නැගිටපං...."
ඒ විධානය නැගුනේ උඩු මහලෙනි. මම අත ඉස්සුවෙමි.

" අත නෙවෙයි උඹ නැගිටපං...." යලිත් විධානයකි. මම නැගී සිටියෙමි. එසේ නැගී සිටීමට හැකිවූයේ සුලු කාලයකි. කවුරැ හෝ පැමිණ මා දම්වැලෙන් මුදා දැම්මේය. අනතුරැව ඔහුගේ අත අල්ලාගෙන ඔහු පසු පසින් ගියෙමි. පියගැට පෙලක්ද පසු කලා මතකය. අනතුරැව කාමරයක් වැනි ස්ථානයකට ඇතුල් වූ බවත් එහි දෙතුන් දෙනෙක්ම සිටි බවත් මට තේරැම් ගියේය. රෑපවාහිනී යන්ත්‍රයෙන් නොකඩවා සිංදු වෑස්සෙමින් තිබිණි. පිරිස දොඩමලු බවත් ඔවුන් මත්පැන් පානය කරමින් සිටින බවත් මම තේරැම් ගත්තෙමි. එය සිත සසල කරවන තිගැස්මට ලක්කරවන සිද්ධියක් විය. මේ මොහොතේදී මට කල හැකිව තිබෙන්නේ මගෙන් ප්‍රශ්න කරන්නාගේ අනුකම්පාව අයැද සිටීම පමණි. මාගේ අධ්යාපන පසුබිමත්, නිවසේ පසුබිමත් කියා කිසියම් අනුකම්පාවක් ලබා ගත යුතු යැයි නොතේරැම්කමට මම සිතා සිටියෙමි. එහෙත් මත්පැනින් සප්පායම්ව සිටින පුද්ගලයන් පිරිසක් සමග එබදු නාට්යමය ජවනිකාවලට ඉඩක් නැත. නිසැක ලෙසම ඔවි මා ගණන් නොගෙන ඔවුන්ගේ අරමුණු ඉටුකර ගනිති. මා කල යුත්තේ කුමක්ද..? එය සිතා ගැනීමටත් පෙරම ප්‍රශ්ණ කිරීම ඇරඹුණි.

" උඹ ගාමිණී දිසානායක දන්නවද..? " පිරිසේ ප්‍රධානියා යැයි සැලකිය හැකි පුද්ගලයා මගෙන් විමසුවේය. මට සතුටක් ඉපදුනි. ඉතා පහසුවෙන් පිලිතුරැ ලබා දිය හැකි ප්‍රශ්ණයක් ම්ආ ඉදිරිපිට වෙයි.

" ඔව් සර්, මම දන්නවා....?"

" බොහොම හොදයි.....අන්න එහෙම කතා කරපං. දැන් බලපං සමහරැ මෙතන්ට ඇවිල්ලත් බොරැවට වීරයෝ වෙන්න හදනවා.....ඒකෙන් වෙන්නේ අපෙන් නිකම්ම මැරැම්කන එකයි...උඹ ඔය විදිහට ඇත්ත කතා කරන එක හොදයි....උඹට ඉක්මනින්ම ගෙදර යන්න පුලුවන්..." ප්‍රධානියා යලිත් කීවේය.

අනතුරැව ප්‍රශ්ණ කිරීම වෙනුවට ඔවුහු මත්පැන් පානය ආරම්භ කලහ. සිගරට් දුමාරයෙන් කාමරය පිරී ගියේය. කිසි දිනක සිගරට් පානය කර නැති මට ඒ දුමාරය දරා ගත නොහැකි විය. මට කැස්සක් ආවේය...

" උඹ සිගරට් බොන්නේ නැද්ද...?" කෙනෙක් මගෙන් විමසුවේය. මිත්‍රශීලී සිනහවක් මුහුණට නගාගත් මම
" නෑ සර්..." යයි කීවෙමි....

" ආ ඉතින් උඹලා ඒ වගේ වැරදි වැඩ කරන්නේ නෑ නෙ..." ඔහුම යලිත් කීවේය.

අඩ පැයක් පමණ වේලාවක් තේරැමක් නැතිව එබදු කතාවන් අතර කාලය ගෙවී ගියේය. මට යම් සහනයක් දැනුනි. ජීවත් වීමේ ආශාව යලි යලිත් දලු දමමින් තිබිණ. දන්නා දෙයක් කියා නිදහස් වී ගෙදර යා යුතු යැයි මම තීරණයකට එලඹියෙමි. ගෙවුන හැම තත්පරයක් පාසාම මා තුල ජීවත් වීමේ අලුත් උනන්දුවක් නිර්මාණය වෙමින් පැවතිනි. වීරයෙකු සේ මිය යා හැකි වුවද එය මේ බිත්ති හතරට පමණ ක් සීමා වන්නකි. එබදු වීරත්වයකින් මේ මොහොතේ කල හැකි කිසිදු බලපෑමක් නැත. මෙසේ සිතෙන මට යලි යලිත් සිතෙන්නේ සියලු දේශපාලන තොරතුරැ කියා ගෙදර යා යුතු බවයි.

එතැන් පටන් අලුත් ජීවිතයක් ආරාම්භ කර එය ගත කරන ආකාරයද සිතුවම් පටක් මෙන් මට මැවී පෙනෙන්නට විය. එයටද හේතුවක් තිබේ. මා ප්‍රශ්ණ කරන ස්ථානයේ සිටින්නේ අපගේ ජීවිතයට සෘජු තීරණයක් ගත හැකි ඉහලම නිලධාරියා හා සෙසු නිලධාරින් බව මම දැන සිටියෙමි. ඔවුන් අතර අවංකකම හරහා ගොඩනගා ගනු ලබන විශ්වාසය මත නිදහස් වී ගෙදර යා හැකි බවට සිතුවිල්ලක් මා තුල වෙයි. මරණයේ අදුරැ බංකරය වෙත ගොස් නිරැපද්‍රිතව යලිත් දුර්ලභ මිනිසෙකු වීමේ භාග්ය මට හිමිවූයේ කෙසේ දැයි මට තේරැම් ගත නොහැකි විය.

" ආ..උඹ ගාමිණී දිසානායකව අදුරනවා කිව්වා නේද...?" හදිස්සියෙම යමක් මතක් වූවෙකු ලෙසින් ප්‍රධානියා මගෙන් විමසුවේය.

" ඔව් සර් මම දන්නවා.." මම යලිත් කීවෙමි.

" ඒක හොදයි. දැක්කොත් අදුරගන්න පුලුවන්ද...?" යලිත් ප්‍රශ්ණයකි.

" ඔව් සර්..."

" උඹ කොහොමද ගාමිණී දිසානායකව දන්නේ...?. හමුවෙලා තියනවද..? කතා කරලා තියනවද...?" ඒ ප්‍රශ්ණයට මම ඇත්ත කීවෙමි.

" එහෙම නෑ සර්... සර්...පත්තර වලින්, ටී.වී වලින් දැකලා තියනවා."

" ඒ කියන්නේ..?" ප්‍රධානියා පුටුවෙන් නැගිටින ගමන් ඇසුවේය.

" ඒ කියන්නේ සර්...ගාමිණී දිසානායක ඇමතිතුමාව මම දන්නේ එහෙමයි. කවදාවත් හමුවෙලා.........." මට ඒ වාක්ය අවසන් කරන්නට නොහැකි විය.
මගේ හිස මත හෙණයක් පුපුරා ගියා බදුය.

" පරයා... තෝ අපිට අන්දන්න හිතුවද...? උඹ හිතුවද අපි තොත්ත බබ්බු කියලා...? මම තොගෙන් ඇහුවේ දකුණේ සන්නද්ධ නායක ගාමිණී දිසානායක ගැනයි.." මට පහර එල්ල කල ප්‍රධානියා කීවේය.

" අනේ බුදු සර්...මම එහෙම කෙනෙක්ව කවදාවත් දැකල නෑ....කථා කරලා නෑ....මම දේශපාලනය කලෙත්..." එයද අවසන් කරගත නොහැකි විය.

මට වැදුන පහරින් මම විසිවී ගොස් බිත්තියේ වැදී බිම වැටුනෙමි........


 
  • Like
Reactions: thilzz

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මට මගේ අතීතයට මොහොතකට දුවන්න හැකි උනා..අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ උන්න, එක බත් එක බෙදාගෙන කාපු කීපදෙනෙකුටම මේ ඉරණම අත් උනා....

අපේමෙ උන්ගේ වේදනාව මුළු ඇගටම දැනුනා වගේ .....

11.gif
11.gif



එ කාලෙ ගෑන ලොකු දෙයක් කියන්න මට මතකයක් නෑති උනත් සමහර දේවල් මටත් මතකයි.මිනිස්සු තමන්ගෙ පුද්ගලික ප්‍රස්න වලටත් පලිගන්න කලේ තරහ කෙනා ගෑන බොරු ලියලා නිර්නාමික ලිපි දාන එක.
තමන් වගේම ඈට ලේ මස් වලින් හෑදුන මිනිස්සුන්ට එ වගේ වද දෙන්න උන්ට පුලුවන් වෙන්න ඈත්තේ උන් මානසික ලෙඩ්ඩු නිසා කියලයි මම හිතන්නේ


බල ලෝභීකම හා තමන් දරන මතය වෙනුවෙන් දැඩිව පෙනී සිටීම එයට හේතු වෙන්න ඇති සහෝදරයා......
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-10-

" උඹ ඇත්ත කියනවද....? එහෙම නැත්නම් මෙහෙමම මැරෙනවද....? "

Prison_by_Alpipi.jpg



බිහිසුණු මරණීය අත්දැකීම් සම්භාරයක් ආරම්භ විය. බිම වැටී සිටි මා අසලට පැමිණි ඉහළ නිලධාරියා සපත්තුව සහිත පාදයෙන් මගේ මුහුණ පෑගුවේය. ඒ නහයද වැසී යන ආකාරයටය. සෙලවීම, දැගලීම හැර අන් යමක් කිරීමට මට හැකියාවක් නැත. හුස්ම හිරවීම දරාගත නොහැකි වූ තැන මරැ විකල්ලෙන් මෙන් දැගලුවෙමි. මගේ දැගලීම නිලධාරියා තුල තව තවත් කෝපය අවුලුවන්නක්ම විය. හේ හැකි වෙර යොදා මගේ මුහුණ පාගා අනතුරැව ඒ පාදයෙන්ම බඩට පහරක් දුන්නේය.

නහය ඇතුලතින් බිදී ලේ ගලා යන්නට විය. මගේ හිස කැරකෙන්නට විය. කරකියා ගත නොහැකිව මම ඔහේ වැතිර සිටියෙමි. එහෙත් ඒ සුලු මොහොතකට පමණි. ඇහැට හරියටම අගල් බාගයක් පමණ පහලින් අමු මස් පිලිස්සීගෙන සිගරට් කොටයක් ඇතුලට ගමන් කරන විට වේදනාව ඉවසා දරා සිටිය නොහැකි තැන මා කෑ ගැසුවෙමි. එහි ප්‍රතිපලය වූයේ සිගරට් කොටයේ දැල්ල තොල මත පතිත වීමයි. දැගලීම, කෑ ගැසීම හැර අන් කිසිවක් කල නොහැකි විය. එහෙත් වද දීමේ කෙලවරක් නොවීය. සිගරට් කොටය සිරැර පුරාම ගමන් කිරීමට පටන් ගත්තේය. සිරැරේ අති සංවේදි තැනක් සිගරට් කොටයෙන් පුලුස්සන විට වේදනාව දරා සිටීමට වඩා මරණය අයහපත් යැයි සිතුණි. එහෙත් ඔවුන්ගේ අපේක්ෂාව මා මරණයට පත් කිරීම නොව. ඔවුන්ගේ අපේක්ෂාව මට වධ දීමය. ඒ සදහා ඒ මොහොතේ ඔවුන්ට කල හැකි සෑම දෙයක්ම ඔවුහු කරමින් සිටියහ.

" උඹ ඇත්ත කියනවද.....? එහෙම නැත්නම් මෙහෙම්ම මැරෙනවද....? " ඉහල නිලධාරියා මගෙන් ඇසුවේය. ඒ ප්‍රශ්ණයට දිය යුතු පිලිතුර කුමක්දැයි මට තේරැම්ගත නොහැකිය. එක් අතකින් මම දකුණට ගියා පමණි. එසේ දකුණට ගොස් ගෙවී තිබුණේ මාස හත අටක් තරමේ කෙටි කාලයක් පමණි. ඒ වන විටත් දකුණේ සියලුම සම්බන්ධතා බිද වැටී තිබුණි. එහිදී මට හමුවූයේ කමිටුවේ කිහිපදෙනෙකු පමණි. දිස්ත්‍රික් නායකයන් හමුවීම සදහා අවස්ථා කිහිපයක් යොදා ගත්තද නොයෙක් හේතු මත එම අවස්ථා මග හැරී ගියේය. එහෙයින් දකුණේ නායකයන් කිසි කෙනෙකු පිලිබදව පෞද්ගලික අවබෝධයක් මා සතුව නැත. කොළඹ තත්වයද එසේමය. අප සිටි කමිටුව විසිරැවා හැරීය. කමිටුවේ සිටි සියලු දෙනාටම වගකීම් පැවරැනේ පිට දිස්ත්‍රික්කවලය. එහෙයින් කොළඹ සම්බන්ධතා පිලිබදවද මට අවබෝධයක් නොවීය. කොටින්ම මා දම්වැලක පුරැකක් වී නම් මේ වන විට ගිලිහී ගිය පුරැකක් වී තිබිණ. ඒ තත්වය මට පමණක් නොව ඒ මොහොතේ පක්ෂයේ බොහෝ සහෝදරවරැන්ට පොදු තත්වයක් විය. එමෙන්ම මේ මොහොත වන විට ආරක්ෂක අංශ නිලධාරින් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ පුද්ගලයන් නොව ගිනි අවිය. සැබවින්ම මට ඒ පිලිබදව අවබෝධයක් නොවීය. අපට පැවරී තිබුණ වගකීම වූයේ පක්ෂය ගොඩනැගීමේ කටයුතු හා ප්‍රචාරක කටයුතුය. උද්ගෝෂණ සංවිධානය කිරීමද එයටම අදාල වූවකි. එබදු එක් උද්ගෝෂණයක් මට මතකය. ඒ වන විට බාලේ මරා දමා තිබිණ. බාලේ යනු නිමල් බාලසූරියය. මොරටුව විශ්ව විද්යාලයේ ඉංජිනේරැ පීඨයේ ශිෂ්යයෙකු වූ බාලේ අන්තර් විශ්ව විද්යාල බල මණ්ඩලයේ කැදවුම්කරැවිය. බාලේ නිතරම මගේ නවාතැනට ආවේ ගියේය. ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් ගෙන දුන් නවා තැන වූයේද මගේ නවාතැනයි. ඇතැම් විට ඔහු දවස අරඹන්නේ මගේ නවාතැනෙනි. බඩගින්නක් දැනුන මොහොතකදී ඔහු ආවේ මගේ නවාතැනටය. ඒ කාලයේ අන්තර් විශ්ව විද්යාල බල මණ්ඩලය ලියූ නිවේදන බොහොමයක් මගේ නවාතැනේදී සකස් වූ ඒවාය. ඒවායින් බොහොමයක් ලියුවේ මාය. අධීක්ෂණය කලේ බාලේය. එක් දිනක් සන්ධ්යාවේ මා සොයාගෙන ආවේ මහානාම සොහොයුරාය. ඔහු කියා සිටියේ බාලේ මරා දමා ඇති බවය. වැල්ලවත්තේ කුරේ මාවතේදී බෝම්බ ගසා බාලේ මරා දමා ඇති බව ඔහු වැඩි දුරටත් කීවේය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව හදවතේ ගැඹුරැම තැනින් මම විද ගත්තෙමි. මා සමීපයේ සිටි මා බොහෝ ආදර්ශ ලබාගත් ලෙංගතුම මිතුරා මියයාමෙන් උපන් කම්පනය බොහෝ කාලයක් යනතුරැ මසිතේ පැලපදියම් වී තිබිණ. බාලේගේ මරණයත් සමග ශිෂ්ය නායකයන් දඩයම් කිරීම වේගවත් විය. හැම සරසවියකින්ම වාර්තා වූයේ නායකයින් අතඅඩංගුවට ගන්න බවයි. පැහැරගෙන යන බවයි. මරා දමන බවයි. ඒ පිලිබදව සංවේදීම කථාව කීවේ නිෂ්මි සහෝදරයායි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්ය නායකයා වූ නිෂ්මි දිනක් මගේ නවාතැනට පැමිණියේ රැය පහන් කිරීමටය. කලින්දා නිදි වරා සිටි බවක් කීවද නිෂ්මි සහෝදරයා එදින රාත්‍රියේද බොහෝ වේලාවක් යනතුරැ බොහෝ දේ කීවේය. ඒ කියන ලද කතා අතර අනිල් සහෝදරයාගේ කතාවද විය.

" දවසක් රෑක එක පාරටම ගුවන් යානා දෙකකින් කැම්පස් එකට ෆ්ලෑෂ් ලයිට් එල්ල කලා. මුලු කැම්පස් එකම දවල් වගේ එලියයි. කැම්පස් එක වහලා, ඒක නිසා ඇදුම් පැලදුම් අරගෙන එලියට එන්න කියලා නිවේදනය කලා. අපි ඔක්කොම කැම්පස් එකෙන් එලියට බැස්සා. එනිල් සහෝදරයාත් අපිත් එක්කම එලියට බැස්සා. ගේට්ටුව ලගදී ආරක්ෂක භටයෙක් අනිල් සහෝදරයාට කතා කරලා කිව්වා ජීප් එකට නගින්න කියලා. අපිට කරන්න දෙයක් තිබ්බෙත් නෑ. අනිල් සහෝදරයා ජීප් එකට නැග්ගා. ඊට පහුවෙනිදා කඩුගන්නාවේ කන්ද පල්ලේ අනිල් සහෝදරයාගේ ඔලුව එකතැනක තිබුනා, කද තව තැනක තිබුනා.." නිෂ්මි හැඩුවේ යැයි මම නොකියමි. එහෙත් ඔහුගේ ගැඹුරැ සුසුම් හඩ මට ඉවසා සිටිය නොහැකි විය. මෙම ශිෂ්ය මර්ධනය වේගවත් වන විට එයට විරෝධය පලකිරීම සදහා උද්ගෝෂණ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අපි තීරණය කලෙමු.

ඒ අනුව ශිෂ්ය අංශයෙන් තරැණ අංශයෙන් තෝරාගත් තරැණයන් 150ක් පමණ පිරිසක් රත්මලාන බෙලෙක් කඩේ හන්දියට සවස 4.45 වන විට පැමිණෙන්නැයි අපි දැක්වූයෙමි. ශිෂ්ය මර්ධනයට විරෝධය පා ලියවුණ බැනර් කල් ඇතුවම ඔවුන්ගේ අතට පත් කලෙමු. ඒවා නවා සාක්කුවේ දමා පිරිස පැමිණි අතර වැඩ ඇරී යන මිනිසුන්ගෙන් ගාලු පාර පිරී යද්දී එක්වරම බැනර් ප්‍රදර්ශණය කරමින් උද්ගෝෂණය පටන් ගත්තෙමු. කලින් දැනුම් දුන් පරිදි විනාඩි 10 ක පමණ උද්ගෝෂණයකින් පසුව අපි ඉක්මනින්ම විසිර ගියෙමු.

සිදු වුනේ කුමක්දැයි වටහා ගැනීමට ජනතාවටද බොහෝ කාලයක් ගතවන්නට ඇත....

 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හ්ම්ම්ම්ම්ම්!
මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න එක කොහොම වෙන්න ඇතිද ?

 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
-11-

" මුගෙන් වැඩක් නෑ....මූ ඉවර කරලා දාපං....."

HTR_headache_man_holding_head_painful_1109_01.jpg



මගේ සිතිවිලි දැහැන බිදී ගියේය. සුබවාදී කිසිවකට මෙම භූමියේ ඉඩක් නැතිබව මම දනිමි. වද වේදනාවන් ඉවසීම වෙනුවට මරණය සැපතක්ය යන සිතිවිල්ල ගැඹුරැ ලෙසම ඇදහීමට මම පෙලඹෙමින් සිටිමි.

එහෙත් එක්වරම මරණය මා කරා නොපැමිණෙයි. කදුලු සුසුම්වලට අමතරව මරණයද, මරණය පිලිබදව අපේක්ෂාවද මේ භූමියේ උදාසීනය.

" ජපුර ජෙප්පන්ගේ ලීඩර් කෝ....? " මට යලිත් ප්‍රශ්ණයකි.
මා නොදන්නා බව කීම දරැණු හිංසනයට හේතුවක් බව ඉදුරාම මා දනිමි. සැබැවින්ම මා ඒ සගයා පිලිබද නොදනිමි. මා දන්නා තරමින් මා පිලිබදවද, මගේ නවාතැන පිලිබදවද දැන සිටියේ කීප දෙනෙකු පමණි. අප බොහෝ විට පණිවුඩ හුවමාරැ කලේ තුණ්ඩු කෑලි වලිනි. අපගේ ඉතා කිට්ටු හිතවතෙකු වූ දසනායකගේ නිවස අපගේ හමුවීමේ ස්ථානය විය. එහි ගොස් බොහෝ වේලාවක් කතාබස් කිරීමේ හැකියාව තිබේ. සාමාන්යයෙන් දිනකට වරක්වත් එම නිවසට පැමිණ යාම මගේ සිරිත විය. ඉතාමත් හදිසියේ දිනකදී කමිටුව රැස් කිරීමටත් එම ස්ථානය අපි යොදාගත්තෙමු. එහෙත් දසනායක මහතා පවා නොදත් දෙයක් විය. එනම් එම නිවසේ මිදුලේ මල් පෝච්චියක් අපගේ පණිවුඩ හුවමාරැව සදහා යොදාගත් බවයි. යම් කිසි සහෝදරයෙක්ට මට පණිවුඩයක් දීමට වුවමනා වුවහොත් එය පුංචි තුණ්ඩුවක ලියා මල් පෝච්චියට දමා යාම සිරිතකි. එම නිවසට ගොඩවූ සැනින් කිසිවෙකුට හෝ නොදැනෙන පරිදි මල් පෝච්චියේ ඇති තුණ්ඩුව ගෙන සාක්කුවට දමා ගැනීම මගේ සිරිත විය. දසනායක අපට හිතවත්, අපට ඉතා ආදරය කල තරැණයෙකි. දෙදරැ පියෙකු වූ ඔහු තම නිවසේම වඩු වැඩ පලක් පවත්වාගෙන යයි. පක්ෂයට සම්බන්ධ නොවුනද හේ ඉතා උද්යෝගයෙන් අපට උපකාර කලේය.

" මේ ළමයි දෙන්නා නැත්නම් මාත් සහෝදරවරැ වගේ බැහැලා වැඩ කරනවා.." දසනායක නිතරම කීවේය. අප එම නිවසට ආවද නොආවද අප වෙනුවෙන් බෙදූ බත් පිගානක් මේසය උඩ විය. බොහෝ අවස්ථාවල ඒ බත් පිගාන අනුභව කිරීමේ අවස්ථාව මට හිමි නොවීය. ඒ වෙනුවට වෙනත් සහෝදරයෙක් පැමිණ බත් කා යෑම සාමාන්ය සිරිත විය. දැන් මා අනාවරණය කල යුත්තේ මනුෂ්යත්වයේ නාමයෙන් අපිට උපකාර කල දසනායක සොහොයුරාය. මට දසනායකගේ දීප්තිමත්, ගැඹුරැ ඇස් දෙක මැවී පෙනෙයි. වචනයකුදු කතා නොකලද ගෙට ගොඩවූ සැනින් වතුර වීදුරැවක් මේසය තබා පිටව යන රෝහිණී සහෝදරියගේ කුලුණුබර බව මට අමතක කල නොහැකිය.

නිසැක ලෙසම මා හට කීමට තිබෙන්නේ එම නිවස ගැන පමණි. අපගේ සම්බන්ධීකරණය වූයේ එම නිවසය. එහෙත් අපට උපකාර කල මිතුරෙකු මට පාවා දිය නොහැක.

" මම දන්න හුගක් දෙනෙක් අතඩංගුවට පත්වෙලා ඉන්නේ. අනිත් අය අතුරැදහන් වෙලා..." මම කීවෙමි.

ඉහල හමුදා නිලධාරිහු උස් හඩින් සිනාසුනහ.

" මුගෙන් වැඩක් නෑ...මූ ඉවර කරලා දාපල්ලා...මේ වගේ උන් තියාගෙන ඉන්න එකේ තේරැමක් නෑ..." මගේ ගෙල සපත්තුවෙන් පාගා දැමූ නිලධාරියා කීවේය.

" නැගිටපං..." යලිත් විධානයකි. මම නැගී සිටියෙමි. එසැනින් යකඩ පටියකින් මට බරපතල පහරක් එල්ල විය. මගේ විලාපය සිමෙන්ති බිත්ති මත වැදී දෝංකාර දුන්නේය. මා කරකැවී ඇද වැටිණි. කිසිවෙකු විසින් මා ඔසවන බව මට වැටහිණි. මේ වන විට මම මා ගැන සිතීම අතහැර දමා තිබිණ. එමෙන්ම පියවි සිහිය මා කෙරෙන් දුරස් වන බවක්ද මට හැගේ. මා ඔසවනු ලැබූ පුද්ගලයා වේගයෙන් පොලොවේ ගැසීය.

පිටකොන්ද සිමෙන්ති පොළොවේ වැදුනේය. මට මතක එපමණය. දින කීයකට පසුව මට සිහිය ආවේදැයි මම තවමත් නොදනිමි. අඩුම තරමේ එය දින තුනකට වැඩිඩිය යුතුය. මුලු මහත් අභයාවකාශයම කලුවරෙන්ද, වතුරෙන්ද පිරී තිබූ මොහොතක මම ඇස් හැරියෙමි. එහෙත් නැගිට ගන්නට මට වාරැ නැත. දිව ගිලෙන තරම් පිපාසයක් මට දැනේ. මම සිමෙන්ති පොලොවේ දිව ගෑවෙමි. කිසියම් දියරයක් මගේ දිවට දැනේ. ඒ මොහොතේ එය අමෘතයක් බදුවිය. ඊටත් පැය ගණනකට පසු මා දැනගත් පරිදි මා දිව ගා තිබෙන්නේ රැධිරයයි. පසුව දැනගත් පරිදි මා දමා තිබෙන්නේ වධකාගාරයේ මිනී කාමරයේය. කුණුවී ඕජස් ගලන මල සිරැරැ පහක් හෝ හයක් එහි තිබින. විකෘති සිරැරැ මතක් වන විට දැනුදු බියක් හටගනී. එහෙත් දින තුනකට නොඅඩු කාලයක් මම ඒ මිනී කාමරය තුල ගත කර ඇත්තෙමි.
 
  • Like
Reactions: thilzz