෴අංගම් ශිල්පය෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴අංගම් ශිල්පය෴

    අපේ පෞරානික දැනුම අගය කරන්නන්ට පමනයි..

    අංගම්පොර ශිල්ප කලාව පිළිබඳ විමර්ශනයක් කිරීමේදී එකවරටම දැනෙනුයේ එක්තරා අන්දමක සටන්කාමී පොරබැදීමක් බවය. නමුත් එය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ විශිෂ්ට සංස්කෘතික අංගයකි. රාවණ යුගයටත් වඩා ඉපැරැණි බවට සාක්‍ෂි ඇති සටන් ශිල්පයකි.  ඉතිහාසය ගෙන හැර පෑ කල්හි රාවණා යුගයටත් පෙර සිට පැවැතෙන මෙම සටන් ශිල්පය විවිධ ශිල්ප කලාවන් තුළින් පෝෂණය වූවකි. 

    අතීතයේ සිටි ඍෂිවරුන්ගෙන් මනාකොට පෝෂණය වූ මෙම සටන් ශිල්ප කලාව ජේ‍යාතිෂ විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව, නර්තන කලාව, වෛද්‍ය ශාස්ත්‍රය, සංගීතය, සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා බෞද්ධ දර්ශනය මත පදනම් වී ඇත. අංගම්පොර සටන් ශිල්පය ප්‍රධාන වශයෙන් කොටස් 3කි. ඒවා නම්, අංගම්, ඉලංගම්, මායා යනුය. කෙසේ වුවද අංගම්පොර සටන් ශිල්ප හදාරන්නා උපතින්ම බෞද්ධයකු විය යුතුය. ඔවුන්ට පවු කිරීමට බිය හා ලැජ්ජා ඇති නිසාය. මීට අමතරව මවුපියන්ගේ අවසරය හා ආශීර්වාදය අනිවාර්යය. අංගම්කෙටීම ආරම්භ කිරීමට මත්තෙන් ආධුනිකයාගේ වේලාපත්කඩ බලයි. එහිදී ඔහුට ශිල්ප කලාව පිහිටන ආකාරය, ඔහුගේ අනාගත දැක්ම හා කල්කිරියාව පිළිබඳ කරුණු කාරණා විශ්ලේෂණය කරයි. 

    ct15h5r.jpg


    මීට අමතරව ආධුනික ශිල්පියා ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායානුකූල පොරොන්දු තැබීමක්, දිවුරුම් දීමක් හා දැඩි නීතිරීතිවලට යටත් කිරීමක්, පූජා බන්ධනයක් සිදු කරනු ලබයි. අංගම්පොර සටන් ශිල්පියාගේ ඉපදීම, ශක්ති වර්ධනය, පැවැත්ම, අත්තිවාරම මෙහිදී ආරම්භ වේ. සම්ප්‍රදායානුකූල පූජා විධික්‍රම නිසා අදෘශ්‍යමාන බලවේගවලින් සිදුවන හානි අවම කොට, එතුළින් යහපත්කම සිදුකර අංගම්පොර සටන් ශිල්ප හදාරන්නට හැකියාව ලැබේ. මෙම පූජා බන්ධනය බුදුරජාණන් වහන්සේ ලඟ තැන්පත් කොට ආධුනික ශිල්පියාගේ ඉෂ්ට දේවතාවන් හා දෙවි දේවතාවන් සිහිකොට ඉතා රහසිගතව සිදු කරයි. මෙසේ ආධුනික ශිල්පියාට ප්‍රථමයෙන් ශරීරාංග හුරු කිරීමේ, ශරීර නම්‍යශීලී බව ඇති කිරීමේ, දරා ගැනීමේ හා ශක්ති වර්ධනය කිරීමේ ව්‍යායාම හුරු කරනු ලබයි. සම්ප්‍රදායානුකූල හා ඉතා පෞරාණික තට්ටු කිරීම් නම් වූ ක්‍රම වේදයන් හා රටාවල් මඟින් ආධුනික ශිල්පියාගේ ආධුනිකත්වයට නිමාවක් ලබා දෙයි. 

    අංගම්පොර සටන් ශිල්ප හදාරන්නා අභ්‍යාසගත පසු අංගම් කෙටීම අරඹයි. අංගම් කෙටීම යනු ආයුධ රහිතව සිදු කරන සටන් ශිල්ප වේ. මේවා අත් හා පා උපයෝගී කරගෙන අංගම් කෙටීම්, පහර දීම්, පොර බැදීම්, ගැට හා වෙළුම්, පැනුම් හා පිනුම් ආදී ලෙස වර්ග කරනු ලබයි. මෙම සටන් ක්‍රමය තුළ කෙනකු හට පහර නොදී ප්‍රතිවාදියාගේ පහර නොවදින ලෙස ඔහු වෙහෙසට පත්කර අඩපණ කළ හැකි ක්‍රමද පරිසර පද්ධතියට අනුගත වන ආකාරයේ හැසිරීම් රටාද වේ. ඉලංගම් සටන් ශිල්ප යනු ආයුධ සහිතව සිදු කරන සටන් ශිල්ප වේ. මේ සඳහා විවිධ කඩු වර්ග, මුගුරු වර්ග, හෙලි, කලා කිරිඤ්ඤ, අං කිරිඤ්ඤ, කෙටේරිය, වේලායුධය ඇතුළු හෙළි නොකළ ආයුධ වර්ගද වේ. මෙම ආයුධ වර්ග දිගු ආයුධ, කෙටි ආයුධ, මුවහත් ආයුධ, මොට ආයුධ, වක්‍ර ආයුධ, ඍජු ආයුධ ලෙසද වර්ග කෙරේ. ඉලංගම් සටන් ශිල්ප පුහුණු වන්නා ආධුනිකයකු නොවිය යුතුය. අත් පා පදම් වී හුරු වී සිටින ශිල්පීන් පමණක් ඉලංගම් සටන් ශිල්ප හදාරයි. මායා සටන් ශිල්ප යනු යන්ත්‍ර මන්ත්‍රවලින් සිදුකරන ගුප්ත සටන් ක්‍රමයන්ය. මන්ත්‍ර සටන් ශිල්ප හදාරන්නා ජේ‍යෂ්ඨයකු විය යුතුය. එම ශිල්පියා අංගම්පොර සටන් ශිල්ප නීතිරීති හොඳින් හඳුනන අයකු විය යුතුය. මායා සටන් ශිල්ප තුළින් යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, පිල්ලි යැවීම්, අදෘශ්‍යමාන බලවේගවලින් ශක්තීන් ලබා ගැනීම් හා වැඩ කටයුතු කර ගැනීම් සිදු කරයි.
    මෙම සියලු සටන් ශිල්ප ක්‍රම භාවිතයේදී ජේ‍යාතිෂ විද්‍යාව සඳහා මුල්තැනක් ලබාදෙයි.

    සියලු සටන් ශිල්ප ක්‍රම ආරම්භකොට, සුබ නැකැත් ඇතුළුව පංචාංගයන් ප්‍රයෝජනයට ගනියි. අංගම්පොර සටන් ශිල්ප කලාවේ ඇති ප්‍රබලම අවියක් වනුයේ නිල ක්‍රමවේදයයි. නිල යනු මිනිස් ශරීරයේ ඇති මර්මස්ථානයි. එම ස්ථානවලට පීඩා කිරීමෙන් ඉවසිය නොහැකි වේදනා ඇති කිරීම්, සිහි නැති කිරීම්, අංගවිකලතා ඇති කිරීම්, කල්ගිය මරණ හා ක්‍ෂණික මරණ ඇති කිරීම් සිදු කරනු ලබයි. අංගම්පොර සටන් ශිල්ප කලාවේ ඇති නිල 107කි. කලාව අනුව එය කොටස් 5කට බෙදෙයි. ජේ‍යාතිෂ විද්‍යාව හා ඒකාබද්ධ කොට ගන්නා වූ නිල සටන් ශිල්ප කලාව අති ප්‍රබලය. රහසිගතය. අංගම්පොර සටන් ශිල්ප කලාවේ තවත් අංගයක් ලෙස වෛද්‍ය ශාස්ත්‍රය හැඳින්විය හැකිය. ශිල්පියාගේ ශරීර සෞඛ්‍ය හා ශරීර ශක්ති වර්ධනයටත් ගෙවී ගිය අංග ප්‍රකෘති කරලීමටත් වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රයෝජනවත් වේ. මෑත ඉතිහාසයේ ඉංග්‍රීසි පාලන කාලයේදී මෙම මහා සටන් ශිල්පයේ විකාශයක් දක්නට ලැබී ඇත. එහිදී සුද්දාට එරෙහිව නැඟී සිටි සිංහලයාට මෙම මහා සටන් ශිල්පය බලවත් ආයුධයක් විය. එය ඉංග්‍රීසි පාලනයට වැදුණු ප්‍රබල පහරක් බඳුය. ශ්‍රී ලාංකේය මහා සටන් විද්‍යාව තහනමට ලක්විය.  සටන් ශිල්ප පුහුණු මධ්‍යස්ථාන විනාශ කරන ලදී. ගුරුවරු පලවා හරින ලදහ. අංගම්පොර සටන් ශිල්පීන්ට දණ හිසෙන් පහළට වෙඩි තැබීමටද අණ දී ඇත. ඒ කෙසේ වෙතත් සටන් ශිල්ප පුහුණු මධ්‍යස්ථාන හොර රහසේ පවත්වා ගෙන යෑමට ඇතැම් ගුරුවරුන් සමත්ව ඇත.

    උපුටා ගැනීම මවුබිම පුවත්පත


    ප.ලි. මේ ඡායාරූපයේ ඉන්නේ මගේ හිතවතෙක් හා මිතුරෙක් වන සඳුන් ප්‍රනන්දුය. වසර 20කට අධික කාලයක් අංගම් ශිල්පය හැදෑරු මොහු ශ්‍රී ලංකාව සතු විශිෂ්ඨතම ගනයේ අංගම් ශිල්පියෙකි. මොහු විසින් ගොයුම් සෙවනැල්ලේ රණශූරයා නමින් ඉතාමත් අනර්ඝ ග්‍රන්තයක් සම්පාදනය කර ඇත..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල සහෝ වටින පෝස්ටුවක්. මමත් ඔය ගැන කාලයක් ගොඩක් හෙව්වා.

    අංගම් ශිල්පය ගැන බොරු ගොඩක් දැන් පැතිරිලා තියන්නේ. රිටිගල සුමේධ වගේ අය බොරුවෙන් ඇත්ත අංගම් වහලා තියන්නේ. පුදුමෙ කියන්නේ ඒ වගේ මිනිස්සුන්ට අපේ රටේ ගොඩක් මිනිස්සු රැවටෙන එකයි.

    REP+7
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල සහෝ වටින පෝස්ටුවක්. මමත් ඔය ගැන කාලයක් ගොඩක් හෙව්වා.

    අංගම් ශිල්පය ගැන බොරු ගොඩක් දැන් පැතිරිලා තියන්නේ. රිටිගල සුමේධ වගේ අය බොරුවෙන් ඇත්ත අංගම් වහලා තියන්නේ. පුදුමෙ කියන්නේ ඒ වගේ මිනිස්සුන්ට අපේ රටේ ගොඩක් මිනිස්සු රැවටෙන එකයි.

    ඔයාගේ කමෙන්ට් එකෙන් එකක් කියන්නම්.. අංගම් ගැන ලොකු දැනුමක් ඔයාටත් තියනවා.. :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එල එල
    දඩුබස්නා මානය මතක් උනා බන් මේක කියවලා ඉස්සර මම බලපු පට්ටම කතාවක්
    කතාව පටන් ගන්නකොට යන music ඒක කොහොමද කේමදාස මාස්ටර්ගේ
    රේප් +
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    [FONT=&quot]ජාතික රූපවාහිනියේ විකාශය කරන ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජයන්ත චන්ද්‍රසිරි ශූරීන් විසින් අධ්‍යක්ෂණය කෙරුණ "දඩුබස්නාමානය" ටෙලිනාට්‍ය සිහිවේ. [/FONT]
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    එල සහෝ වටින පෝස්ටුවක්. මමත් ඔය ගැන කාලයක් ගොඩක් හෙව්වා.

    අංගම් ශිල්පය ගැන බොරු ගොඩක් දැන් පැතිරිලා තියන්නේ. රිටිගල සුමේධ වගේ අය බොරුවෙන් ඇත්ත අංගම් වහලා තියන්නේ. පුදුමෙ කියන්නේ ඒ වගේ මිනිස්සුන්ට අපේ රටේ ගොඩක් මිනිස්සු රැවටෙන එකයි.

    REP+7

    සමහර අය අංගම්පොර කියල උගන්වන්නේ චීනඩි :oo: , නැත්තම් දකුණු ඉන්දියාවෙන් ආපු සටන් ක්‍රම , නිවැරදි අංගම්පොර අද කවුරු උගන්වනවාද කියල කිසි කෙනෙක් දන්නේ නැත :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17192214 said:
    ඔයාගේ කමෙන්ට් එකෙන් එකක් කියන්නම්.. අංගම් ගැන ලොකු දැනුමක් ඔයාටත් තියනවා.. :yes:

    සාමාන්‍යයෙන් ටිකක් හොද දැනුමක් තියනවා සහෝ. :) ඒත් මම ජීට්කුන්ඩෝ හැර වෙනත් සටන් ශිල්පයක් හදාරල නම් නෑ.
    අංගම් වල තියන සටන් ක්‍රම හැර අනිත් දේවල් තමයි දැන් මේ අපේ රටේ ඉන්න හොරු ටික උලුප්පලා දෙන්න යන්නේ.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර අය අංගම්පොර කියල උගන්වන්නේ චීනඩි :oo: , නැත්තම් දකුණු ඉන්දියාවෙන් ආපු සටන් ක්‍රම , නිවැරදි අංගම්පොර අද කවුරු උගන්වනවාද කියල කිසි කෙනෙක් දන්නේ නැත :(

    ඒක නම් ඇත්ත කලරි, වූෂූ, කරාතේ වගේ මික්ස් එකක් තමයි දැන් යන්නේ. ඒකේ අංගම් නෑ. අපේ රටේ අනාගතයේ දවසක කියය් අංගම් කියන්නේ ඉන්දියාවේ කලරි ආශ්‍රයෙන් පැතිරිලා එන සටන් ක්‍රමයක් විතරයි කියලා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල එල
    දඩුබස්නා මානය මතක් උනා බන් මේක කියවලා ඉස්සර මම බලපු පට්ටම කතාවක්
    කතාව පටන් ගන්නකොට යන music ඒක කොහොමද කේමදාස මාස්ටර්ගේ
    රේප් +

    [FONT=&quot]ජාතික රූපවාහිනියේ විකාශය කරන ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජයන්ත චන්ද්‍රසිරි ශූරීන් විසින් අධ්‍යක්ෂණය කෙරුණ "දඩුබස්නාමානය" ටෙලිනාට්‍ය සිහිවේ. [/FONT]

    ඔව් බන් මටත් ඒක බලල අංගම් පොර පිස්සුවක් ආවා ඇවිත් පන්නිපිටියේ උගන්නන ගුරුන්නන්සේ කෙනෙක් ගාවට ගියා.. හඳහන බලල සාස්තරේ දෙන්න බෑ කිව්ව කේන්ති යාම ගොඩක් වැඩියි. සාස්තරේ දුන්නොත් නපුරක් වෙයි කියලා.. :dull::no: