෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴ අහල නැත්තම් දැන

මොකද හිතන්නේ?

  • සල්ලි තියෙනවනම් කරොත් සතුට ලැබෙනවා

    Votes: 4 18.2%
  • සල්ලි කියන්නේ සතුටම නෙමෙයි

    Votes: 11 50.0%
  • සල්ලි නැතත් සතුටෙන් ඉන්න පුළුවන්

    Votes: 9 40.9%
  • මගුල තමා

    Votes: 6 27.3%

  • Total voters
    22
  • Poll closed .

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴ අහල නැත්තම් දැන

    ෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴

    දවසක්දා ධණවත් ව්‍යාපාරිකයෙක් ඉතා දිලිදු ධීවර ගම්මානයකට සංචාරයකට ගියා. මෙයා වෙරළේ ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා කුඩා ඔරුවක මුහුදු ගිය ධීවරයෙක් වෙරළට එනවා. ධණවත් ව්‍යාපාරිකයා ඔරුව ළගට ගිහින් බලනකොට දැක්කා විශාල මසුන් 5ක් 6ක් ඔරුව ඇතුලේ ඉන්නවා.
    ධීවරයා ලගට ගිය ධණවත් ව්‍යාපාරිකයා ධීවරයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

    534962_213338975457430_1604190775_n.jpg


    "හොද මාලු අස්වැන්නක්...ඔබට මේ මාලු ටික අල්ලන්න කොච්චර වෙලා ගියාද" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

    "පොඩි වෙලාවයි" අහිංසක හිනාවක් සමගින් ධීවරයා පිලිතුරු දුන්නා "පැය දෙකක් විතර"

    "ඉතින් ඇයි ඔබ තව වෙලා මසුන් මරන්නේ නැත්තේ ? පැය හයක් විතර මසුන් මැරුවොත් මේ වගේ තුන් ගුණයක් මාලු ඔබට ගේන්න පුලුවනිනේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

    "මගේ පවුලට අවශ්‍ය දේවල් මිලදී ගන්න මේ මාලු ටික හොදටම ඇති මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

    "නමුත් ඔබ ඉතුරු වෙලාවේදී මොකද කරන්නේ" ධණවත් ව්‍යාපාරිකයා ඇහුවා.

    "මම දවල් වෙනකන් නිදා ගන්නවා,මගේ දුවයි පුතයි එක්ක සෙල්ලම් කරනවා,මගේ හාමිනේට ගෙදර වැඩ කරගන්න උදව් කරනවා,හවස් වරුවේ ගම්මානේ පැත්තේ ගිහිල්ලා යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහලා සින්දුවක් කියලා රෑ කෑමට ගෙදර එනවා මහත්මයා" ධීවරයා උත්තර දුන්නා.

    ධණවත් ව්‍යාපාරිකයා සමච්චලේට හිනා වෙලා මෙහෙම කිව්වා
    "මට හාවඩ් විශ්ව විද්‍යාලේ ව්‍යාපාර කළමණාකරනය පිලිබද උපාධියක් තියනවා,මට පුලුවන් ඔබට දියුණු වෙන්න උදව් කරන්න.ඔබ හෙට ඉදලා මීට වඩා වැඩි වෙලාවක් මසුන් මරන්න පුරුදු වෙන්න,එතකොට මීට වඩා ලොකු මුදලක් හොයා ගන්න පුලුවන්,ඒ මුදල් ඉතුරු කරලා මීට වඩා ලොකු ඔරුවක් ගන්න,ඒ ලොකු ඔරුවෙන් ගොඩක් වෙලා මසුන් මරලා ඒ මුදලින් ඔබට ඔරු කීපයක් මිලදී ගන්න පුලුවන්,අවසානයේදී ඔබට ඔරු රාශියක හිමි කාරයා වෙන්න පුලුවන් වෙනවා. ඔබේ මාලු අස්වැන්න මාලු මුදලාලිට විකුණන්නේ නැතිව කෙලින්ම මිනිස්සුන්ට විකුණන්න පුරුදු වෙන්න,එතකොට ඔබට මීට වඩා වැඩි ලාභයක් ගන්න පුලුවන්,අවසානයේදී ඔබට පුලුවන් ඔබේම ටින් මාලු කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න,ඔබට පුලුවන් නිවසේ ඉදලා ඔබේ කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු පාලනය කරන්න.ඔබට මේ කුඩා ධීවර ගම්මානය අත් හැරලා නගරයෙන් විශාල නිවසක් මිලදී ගන්න පුලුවනි,අවසානයේදී ඔබේ ව්‍යාපාරය ලෝකය පුරාම ව්‍යාප්ත කරලා මම වගේ ලොකු ධණවතෙක් වෙන්න පුලුවනි"

    ගොඩක් අවධානයෙන් අහගෙන හිටපු ධීවරයා ධණවත් ව්‍යාපාරිකයාගෙන් මෙහෙම ඇහුවා "ඉතින් මහත්මයා ඔය ඔක්කොම කරන්න කොච්චර කාළයක් ගත වෙයිද?"

    "අවුරුදු 15ක් 20ක් විතර" ධණවත් ව්‍යාපාරිකයා උත්තර දුන්නා.

    "ඒත් ඊටත් පස්සේ මොකද කරන්නේ මහත්මයා?" ධීවරයා ආයෙත් ඇහුවා.

    "ඊට පස්සේ තමා හොදම ටික තියෙන්නේ,නිවැරදි කාලය ආපු ගමන් ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න,ඒ කොටස් කොටස් වෙළදපොලේ විකිණීමෙන් ඔබට කෝටිපතියෙක් වෙන්න පුලුවන්" ධණවත් ව්‍යාපාරිකයා හිනා වෙලා කිව්වා.

    "මහත්මයා ඊටත් පස්සේ මොකද කරන්නේ?" ධීවරයා ආයෙත් ඇහුවා.

    "ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරික කටයුතු වලින් ඈත් වෙන්න ඈත් වෙලා මේ ලස්සන කුඩා ධීවර ගම්මානය ලගින් ලස්සන කුඩා නිවසක් මිලදී ගන්න පුලුවනි,ඊට පස්සේ ඔබට පුලුවනි දවල් වෙනකන් නිදා ගන්න,ඔබේ දරු මුණුපුරන් සමග සෙල්ලම් කරන්න,ඔබේ බිරිදට ගෙදර වැඩ වලට සහාය වෙන්න, හවස් වෙලා ගම්මානේ පැත්තේ ගිහින් පරණ යාලුවන් එක්ක පොඩි අඩියක් ගහලා,සින් දුවක් කියලා විනෝද වෙලා රෑ කෑමට ගෙදර එන්න"ව්‍යාපාරිකයා හැගීම්බරව කිව්වා.

    "ඉතින් මහත්තයෝ මම දැන් කරන්නෙත් ඔය ටිකමනේ" ධීවරයා පුදුමෙන් ඇහුවා.

    ජීව්තයේ වැදගත්ම දෙය සතුටයි.. එය පොහොසතාට වඩා දුප්පතා විදියි..

    ගත්තේ :
    http://goo.gl/RARzh
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කියවල බලල හොඳනම් comment එකක් දාල poll එකට චන්දෙ දාල යන්න... :P:P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම කට්ටා;14456985 said:
    නියමයි මචං.
    තව පුලුවන්නම් මේ වගේ කතා දාන්න.
    MaxXa....
    :D:D

    mama me FB innakota dakke ban... nikamata kiyewwe...

    thank you :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං.. සතුටින් ඉන්න මුදල් අවශ්‍යයි.. ලොකුවටම නෙමෙයි.. ඔය දුප්පත් දීවරයගෙ තරමට..:D
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata nan deewaraya thamai haraka mokada uu ada gana withathak hithana ekek bt businessman anagathe ganath hithana buwek... diwaraya kiyanne maha kammali musalayek kiyalai mage adahasa :P


    uba kiyana kathawa hari... deewaraya diyunu wenna onakamak thiyena minihek nemei.. heta dawsa gana hithanne na.. :baffled:

    kathawen ganna one haraya oka nemei habai...:P:P