෴මොනවද මේ DVDRip, CAM , BDRip, TS, SRC කියන්නේ ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴මොනවද මේ DVDRip, CAM , BDRip, TS, SRC කියන්නේ ෴



    මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද ? නොදන්නවානම් ඊළඟචිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගතකිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්.
    නමුත් චිත්‍රපට බැලීම සඳහාවූ ලාභදායීම ක්‍රමය එය වනවා.

    CAM

    අප පොදු වහරේදී කැමරා කොපි ලෙසහඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්චිත්‍රපට ශාලාවේචිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතාකොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගතකරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් බාගත හැකියි.

    TELESYNC (TS)

    මෙයත් බොහෝ දුරට cam වලම ගති ලක්ෂණඋසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇතිමයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවටසම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

    TELECINE (TC)

    TC ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

    SCREENER (SCR)

    චිත්‍රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය වියහැකියි.

    DVD-SCREENER (DVDscr)

    SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදියවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටදර්ශනය විය හැකියි.

    DVDRip

    ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්මරූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.


    VHSRip

    DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

    BDRip

    මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p)

    TVRip

    රූපවාහිනියේ විකාශය වන අතරතුටග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙසහඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

    HDRip

    HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

    DivX Re-Enc

    චිත්‍රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.

    DivX / XviD

    DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි codecs වර්ග දෙකක් භාවිතා වනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion codecs පමණයි.

    XVCD/XSVCD

    පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    patta
    You must spread some Reputation around before giving it to sbanurada again.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මං දැනං හිටියෙත් නෑ මචෝ....
    තෑන්කිව්!!!:yes::yes::yes::yes: