෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    1511147_10200250321376805_6615017890339111131_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ බෝලින්ග් ඇටෑක් එක මදි නිසා බන් එහෙම කිව්වේ:sorry:
    අනේමන්දා 330කින් වගේ ශේප් කලොත් අපේ උන් අනිවා ගහන්වා:)

    Bowling attack eka nam awul tama but unta first bat dunnoth wicket thiyan anthima tike nelai 400 wenakam ape unta therenne na mokak karannada kiyla abd miller n duminy n rossow un set unoth. Anika un strong bat first karaddi chasing awul pak 221 ta aduwen kaduwa n ind dekama chasing nisa un awul giye ow ow 2006 j burg wala 434 chase kra tma:yes:

    But dan chasing awul knokout ehka un chase karala dinanne na ball 4 ta 1 k gahanna tibila 1999 diwwe dakkane😂😂 sanga wage diwwe:cool:

    280+ gahla apita amlawa kaduwoth chase eke echarai

    Amla.
    Abd
    Dennagema record hoda. First bat kraddi wenna one mata hithenne un hamadama ganne bat first karaddi ne


    Pressure eke kadamu anika second ball karaddi spin wena chance tiynwa eda maxwell geth spin une
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Bowling attack eka nam awul tama but unta first bat dunnoth wicket thiyan anthima tike nelai 400 wenakam ape unta therenne na mokak karannada kiyla abd miller n duminy n rossow un set unoth. Anika un strong bat first karaddi chasing awul pak 221 ta aduwen kaduwa n ind dekama chasing nisa un awul giye ow ow 2006 j burg wala 434 chase kra tma:yes:

    But dan chasing awul knokout ehka un chase karala dinanne na ball 4 ta 1 k gahanna tibila 1999 diwwe dakkane😂😂 sanga wage diwwe:cool:

    280+ gahla apita amlawa kaduwoth chase eke echarai

    Amla.
    Abd
    Dennagema record hoda. First bat kraddi wenna one mata hithenne un hamadama ganne bat first karaddi ne


    Pressure eke kadamu anika second ball karaddi spin wena chance tiynwa eda maxwell geth spin une
    11.gif
    ඒකත් නරකම නෑ බන්
    මැතිව් කාරයා මොන මගුලක් නටයිද දන්නේ නෑ බන් :eek:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Apita dan thiyena form eken thisarawa dala wadak thiyeida manda morkel abbot steyn set wela apu wele indan bounce kara nahayatama:dull: bowling nam ethin wadak nane. kithruwan hitiynam watinawa:yes: apita next set wena team 3 nama. Final awoth:cool: prediction anuwa dan sa next wi/ nz and final aus . Thisarage anagathe gana sana hithuwoth uge agili gana podi bayak mata thiyenawa:shocked::nerd::(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියරට මුහුණ දීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අත්දැකීම් තරගාවලියේ ඉදිරි කොටසේදී ඔවුන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වන බව පුහුණුකරු මාවන් අතපත්තු පවසයි.

    එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ දකුණු අපි‍්‍රකාව ශී‍්‍ර ලංකාවට වඩා ඉදිරියෙන් සිටියද ලෝක කුසලාන තරගවල පිළිමළුන් පිටුදැකීමේ කොටසේදී දකුණු අපි‍්‍රකානුවන් කඩාවැටෙන කණ්ඩායමක් බව ලෝක කි‍්‍රකට් විචාරකයන් බහුතරයකගේ පිළිගැනීමයි. මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමත් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට දැනටමත් මහත් මානසික වදයක් වී තිබේ.

    දකුණු අපි‍්‍රකානුවන්ගේ මේ කඩාවැටීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පුහුණුකරු මාවන් අතපත්තුගෙන් කළ විමසීමේදී මාවන් කීවේ මෙවන් කතාවකි.

    ” ඕක තමයි ඒ ගොල්ලන්ගේත් ඔලූවේ තිබෙන ලොකුම ප‍්‍රශ්නය”

    ”කොහොම වුණත් මේ තරගය අපි හිතන්නේ අලූත්ම තරගයක් කියලයි. පළමුවෙන් පන්දුවට පහර දුන්නත්, පන්දු යැව්වත්, මුල ඉඳන් පටන් අරගෙන ක‍්‍රම ක‍්‍රමයෙන් විශ්වාසනීයත්වය ගොඩ න`ගා ගන්නයි අපට ඕනෑ කරන්නේ... ”යයි මාවන් අතපත්තු පැවසීය.

    ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සතු පළපුරුද්ද නිසා ඔවුන් තැනට සුදුසු අයුරින් කී‍්‍රඩා කිරීමට සමත් වෙතැයි විශ්වාස කරන පුහුණුකරුවා පවසන්නේ පීඩනය දරාගැනීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ඇති හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක ඇති බවයි.

    "මේ සංචිතයේ ඉන්න 15 දෙනා සහභාගි වෙච්ච තරග සේරම එකතු කරලා බලන්න. ඒක මේ තරගාවලියේ ඉන්න අනෙක් සෑම කණ්ඩායමකටම වඩා ඉහළයි” (ශී‍්‍ර ලංකා සංචිතයේ දැනට සිටින කී‍්‍රඩකයන් 15 දෙනා සහභාගි වූ එක්දින තරග සියල්ලේම එකතුව 2260 කි)

    "මේ තරම් කාලයක් මේ කී‍්‍රඩාවේ යෙදිලා, මේ තරම් ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරපු කී‍්‍රඩකයන්ට ඒ පීඩනය දරාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. ඔවුන් ඒකට සූදනම් වෙන්නත් දන්නවා” යයිද මාවන් අතපත්තු මහතා පැවසීය.

    ලෝක කුසලාන තරග ඉතිහාසයේදී ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව මේ දක්වා තුන් වතාවක් මුණගැසී තිබේ. 1992 දී වෙලින්ටන් නුවරදී පැවැති තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 3 කින් ජයගත් අතර 2003 දී ඩර්බන් නුවරදී පැවැති ලෝක කුසලාන තරගය ලකුණු සමවීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානු පිලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. 2007 ප්‍රොවිඩන්ස් හිදී පැවැති තරගයෙන් දකුණු අපි‍්‍රකාව කඩුලූ 1 කින් ජයගත් නමුත් ලසිත් මාලිංග පිට පිටම පන්දු 4 කදී කඩුලූ 4 ක් දවාගැනීම හේතුවෙන් දකුණු අපි‍්‍රකානුවන් එදා බේරුනේද අනූ නවයෙනි.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් අනිද්දා (18 වැනිදා) දකුණු අපි‍්‍රකානු පිලට මුහුණ දීමට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (15 වැනිදා) සිඞ්නි නුවරට කිලෝ මීටර 30 ක් පමණ ඈතින් පිහිටි ‘ඩූන්සයිඞ්’ හි කී‍්‍රඩා සංකීර්ණයේ පුහුණුවීම් කළ අතර අද (16 වැනිදාෙ) සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් කළේය.

    මෙම පුහුණු සැසි දෙකේදීම කණ්ඩායමේ කී‍්‍රඩකයන් සෑම දෙනාම කිසිදු ආබාධයකින් තොරව, ඉතාමත් ජවසම්පන්න ලෙසින් තමන්ගේ පුහුණු කටයුතු වල නිරත වූ අතර පුහුණු කාර්යමණ්ඩලය තම තමන්ගේ සැලසුම් සකස් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටියහ. රංගන හේරත් පමණක් තමන්ගේ ඇගිල්ල පරෙස්සම් කරගෙන සිටියේ කොයි මොහොතේදී හෝ එයින් වැඩගැනීමේ අටියෙනි.

    හේරත්ගේ ඇගිල්ලට දමා තිබූ මැහුම් ඉවත් කර ඇති නමුත් ඔහු තුවාල ලැබීමෙන් පසුව තවමත් පන්දු යැවූයේ නැත. ඊයේ (15 වැනිදා) බ්ලැක්ටවුන්හි පැවැති පුහුණු සැසියේදී පන්දු නොයැවූ නමුත් හේරත් අද (16 වැනිදාෙ) සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පන්දු රැකීමේ නිරත විය.

    ”අපි එයාට දෙන්න පුළුවන් උපරිම අවස්ථාව දෙනවා. ඇරත් පුහුණු දැළ තුළදී පන්දු යැවීම හේරත්ට ඒ තරම් අවශ්‍ය දෙයක්් නෙමේ..එයා කොහොමටත් නියමිත ඉලක්කයකට පන්දු යවන කෙනෙක්”

    "ඒ කෝක වුණත් අර්ධ අවසන් පූර්ව තරගයේදී හේරත් කී‍්‍රඩා කරනවා නම් එයාට ඕවර 10 ම යවන්න පුළුවන් විය යුතුයි. ඒ වගේම පිතිකරුවාගෙන් ආපසු ලැබෙන වේගවත් උඩපන්දුවක් රැකගන්නත් පුළුවන් විය යුතුයි” ය යන්න හේරත් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය දරන මතයයි.

    අර්ධ අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකා පිලට දකුණු අපි‍්‍රකානුවන් මුණ ගැසෙන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයත්, දකුණු අපි‍්‍රකානුවන් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයත් ලබාගත් හෙයිනි. ශී‍්‍ර ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හෝ පළමු ස්ථානය ලබාගත්තා නම් අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්තානය හෝ කොදෙව් පිල මුණගැසීමේ අවස්ථාවක් තිබිණ.

    "මෙතැන අපට කැමති කණ්ඩායමක් තෝරා ගන්න විදිහක් නෑ. අපි ලෑස්ති වුණේ දකුණු අපි‍්‍රකානුවන්ට මුහුණ දෙන්නයි”

    "කොහොම වුණත් තමන්ගේ ප‍්‍රතිවාදීන් කවුරුන්ද කියා දන්න එක හොඳයි. අපි ඒකට සූදානම් වෙනවා” යයිද අතපත්තු පැවසීය.

    ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාමත් දක්‍ෂ, ලෝක මට්ටමේ, පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමකි. ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නම් ඒ නියමිත අවස්ථාවේදී පිතිකරුවන් අසාර්ථක වීම මතය. එහෙත් තරගයක වැදගත්කම වැඩිවන තරමට වඩ වඩාත් හොඳ පිතිකරුවෝ ඉස්මතු වෙති. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්වභාවය එයයි. එවන් අවස්ථාවන්හිදී පසුපෙළ පිතිකරුවන්ද ලකුණු ටික ටික හෝ කණ්ඩායමට එකතු කරන්නේ නම් ජයග‍්‍රහය කරා යාම වඩාත් පහසුය.

    "පිතිකරුවන් හත් දෙනෙකුගෙන් හතර දෙනෙක් උපරිම වශයෙන් දස්කම් දක්වමින් ඉන්නවා නම් පිතිහරඹය ගැන කරදර වෙන්න දෙයක් නෑ. අනෙක කණ්ඩායමක පිතිකරුවන් හත් දෙනෙක් ඉන්නකොට හත් දෙනාම එක වගේ සාර්ථක වෙන්නෙත් නෑ” යයි මාවන් අතපත්තු මහතා පැවසුවේ කොයි ආකාරයෙන් හෝ ගනුදෙනුව බේරා ගැනීමට තමන්ගේ පිතිකරුවන් සමත් වේය යන දැඩි විශ්වාසයෙනි.

    ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින පිතිකරුවන් හත් දෙනාගෙන් පස්දෙනෙක්ම ලෝක කුසලාන ශතක ලාභියෝ වෙති.

    "චන්දිමාල් වගේ කී‍්‍රඩකයෙක් අහිමි වීම නම් පාඩුවක් තමයි. ඒත් කුසල් හා තරංග කණ්ඩායමට එක්වෙනවා කියන්නේ අපට අවශ්‍ය ශක්තිය ලැබීමක්” යයිද මාවන් අතපත්තු පැවසීය.

    කුසල් ජනිත් ආරම්භක පිතිකරුවකු වුවද මෙම තරගාවලියේ ඉදිරියේදී ඔහුට කී‍්‍රඩා කිරීමට සිදුවන්නේ මැදපෙළ පිතිකරුවකු ලෙසිනි. මාවන්ගේ අදහස අනුව පිතිකරුවකු කණ්ඩායමේ ඕනෑම ස්ථානයකින් පිටියට පිවිසීමට සූදානමින් සිටිය යුතුය.

    කෙසේ වෙතත් මේ ලෝක කුසලාන තරගාවලිය පන්දු යවන්නන්ට නම් භයංකාර සිහිනයක් වී තිබේ. පිටියේ අන්ත දෙකකින් පන්දු දෙකක් භාවිතා කෙරෙන හෙයින් ද`ග පන්දු යවන්නන්ට අවස්ථාවක් ඇත්තේම නැති අතර තණතීරු වල පවතින අජීවී ස්වභාවය නිසා පිතිකරුවෝ හිතූ මනාපයට ලකුණු රැස්කරති. තරගාවලියේ මේ දක්වා ලකුණු 300 ඉක්මවා ගිය අවස්ථා 25 ක් වාර්තා වී තිබෙන අතර ඒවායින් තුන් වතාවකදීම ලකුණු 400 ඉක්මවා ලබාගෙන තිබේ. දකුණු අපි‍්‍රකානු පිල දෙවතාවක්ම ලකුණු 400 පසුකර ගියේය.

    "ලසිත් දැන් හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්නේ. සමහර වෙලාවට ලසිත් දැන් ඉස්සර වගේ වේගයෙන් පන්දු යවන්නේ නෑ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඒක හැම වේග පන්දු යවන්නකුටම වෙන දෙයක්....ලෝකයේ විශිෂ්ටතම වේග පන්දු යවන්නෝත් ඒ තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා”

    "අපි අමතක නොකළ යුතු දේ තමයි ලසිත් කියන්නේ මහ තරග සඳහාම වන කී‍්‍රඩකයෙක් කියන එක. එයාට පුළුවන් මේ වගේ ඉතාමත් වැදගත් තරග වලදී මොනවාහරි සුවිශේෂී දෙයක් කරන්න. එයා ඒ වගේ අවස්ථාවක් එනකම් බලා ඉන්නවා. එයා තරග දිනවන්නෙක්” යයිද මාවන් අතපත්තු පැවසීය.

    නිමාවූ 2014 වසර ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉතාමත් සාර්ථක වර්ෂයක් විය. ආසියානු කුසලානය, විස්සයි:20 ලෝක කුසලානය, එංගලන්තයේදී පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලිය, නැවත ශී‍්‍ර ලංකාවේදී එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ආදි තරගාවලි කිහිපයක්ම ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය ප‍්‍රතිවාදීන්ට අවස්ථාව දුන්නේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලියේදීත් ඉන්දියාවට එරෙහිව හදිසියේම සංවිධානය වූ එක්දින තරගාවලියේදීත් පමණි.

    වසර 2012 දී කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වූ මාවන් අතපත්තු, පසුව සහාය පුහුණුකරුවා ලෙසත්, ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසත් මේ සියලූ අවස්ථාවන්හිදී කණ්ඩායම සමග සිටියේය.

    "මා දැන් අවුරුදු 4 ක කාලයක් මේ කී‍්‍රඩකයන් සමග කටයුතු කරනවා. ඒ කාලයේදී අපි බොහෝ වැදගත් තරගාවලි වල වැදගත් අදියර වලට ඇවිත් ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒ සෑම වෙලාවකම මා දැක්ක දෙයක් තමයි අපේ කී‍්‍රඩකයන් වැදගත් තරග වලදී, කණ්ඩායමක් වශයෙන්, තමන්ගේ දස්කම් වල තත්ත්වය ඉහළ දැමීම”

    "මේ වතාවේදීත් ඒකේ වෙනසක් වෙන්න බෑ. ඒ ගැන මට විශ්වාසයක් තියෙනවා...එකට එකතුවෙලා කටයුතු කරද්දී, කණ්ඩායම එකම අරමුණකට යද්දී, අපි ලෝකයේ හොඳම කිහිප දෙනා අතරේ ඉන්නවා” යයිද මාවන් අතපත්තු පැවසීය.

    මාවන්ගේ ප‍්‍රකාශය සනාථ කළ හැක්කේ මෙලෙසිනි.

    අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදී (2007 සහ 2011) පිළිමළුන් පිටුදැකීමේ තරග 5 කට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒවායින් තරග 3 ක් ජයගත්තේය. තරග දෙකක් පමණක් පරාජය විය. ඒ අවසන් මහ තරග දෙකයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිමළුන් පිටුදැකීමේ තරග 3 ක් ජයගත් නමුත් මේ තරගාවලියේ සිටින වෙනත් කිසිම කණ්ඩායමක් 2007 සහ 2011 තරගාවලි දෙකේදී පිළිමළුන් පිටුදැකීමේ තරග 3 කට වඩා කී‍්‍රඩා කර නැත.

    2007 දී ලෝක කුසලාන දිනාගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම 2011 දී අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වූ අතර 2011 දී ලෝක කුසලාන දිනාගත් ඉන්දියාව 2007 තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට වීසි වූයේ ශී‍්‍ර ලංකා පිල හමුවේ ලද පරාජය හේතුවෙනි.



    Lankadeepa - දමින්ද විජේසූරිය ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සිට