෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:

    චන්දිමාල්ගේ බැටින් විතරක් නෙවෙයි කැප්ටන්සි වුණත් නියමයි. ටීම් එකෙන් අයින් කරන කොට T20 රෑන්ක් එක 1 ගෙනල්ලා තිබුණේ. මම නම් පෞද්ගලිකව හිතන්නේ ඇන්ජිට වඩා චන්දිමාල්ගේ කැප්ටන්සි හොඳයි කියලා. සමහර විට ඒකම හේතුවක් වෙන්න ඇති ටීම් එකෙන් කැපෙන්නත්.

    ඔව් ආනන්දේ ඉන්න කාලේ අර්ජුන තියලා තිබ්බ school records ඔක්කොම චන්දිමාල් කැප්ටන් උනාම කැඩුවා බං. මමත් ක්‍රිකට් ගැහුවා ඉස්කෝලේ ඉන්න කාලේ පොඩි ඉස්කෝලෙකට මම ගියේ. චන්දිමාල් ඒ කාලේ ඕපන් ගැහුවේ අපිටත් නෙලුවා එලෝ පොල් පේන්න බං.මැතිව්ස් නම් පට්ටම ඉරිසියාකාර ආත්මාර්තකාමී ඩයල් එකක් බං. :growl:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අපි හැමෝම වගේ දෝනිට බනිනවනේ බං ඒත් ඌ බලපන් අලුත් උන්ට තැන දීලා පස්සෙන් ගහන හැටි. අනික අච්චර රෝහිත් ශර්මා ෆේල් වෙද්දි ෆේල් වෙද්දි ඌ ගැන තියපු විශ්වාසේ. කෝලිත් ආව අලුත චන්දිමාල් වගේම තමයි. එකම වෙනස උනේ ඌට හරි තැන ලැබුනා ඒත් චන්දිමාල්ව අපේ උන් කෑවා. සංගා මහේලත් ඒ ගොඩට අයිතියි.
    අනිවා..
    ඩිල්ශාන් captain කරපු කාලේ චන්දිමාල් No.4 ගැහුවා..
    ඌ ගියා විතරයි ආයෙත් මහේල No.4
    මට හොඳට මතක සීන් එකක් මේ..
    දැන් බලපන් තිරියා ඌ දවසක් Opening, දවසක් No.6/7, දවසක් No.4 ..
    කොහොමද මුන් ටික හැදෙන්නේ ඉතින්..
    අර කුසල් කියලා එකෙක් Opening එනවා..
    ඌට over 10ක් Wicket එකේ ඉන්න බෑ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා..
    ඩිල්ශාන් captain කරපු කාලේ චන්දිමාල් No.4 ගැහුවා..
    ඌ ගියා විතරයි ආයෙත් මහේල No.4
    මට හොඳට මතක සීන් එකක් මේ..
    දැන් බලපන් තිරියා ඌ දවසක් Opening, දවසක් No.6/7, දවසක් No.4 ..
    කොහොමද මුන් ටික හැදෙන්නේ ඉතින්..
    අර කුසල් කියලා එකෙක් Opening එනවා..
    ඌට over 10ක් Wicket එකේ ඉන්න බෑ..

    ඌ ඕපනින් ගහන එකෙක් නෙමේ බං ක්ලබ් වල. දිල්ශාන්, සනත් ලා හොඳ ඕපනර් කෙනෙක් උනේ කාලයක් ටීම් එකේ යට ගහලා. කුසල් දැනටම බ්න්දු 10 ක් වගේ අරගෙන. අෆ්‍රිඩීගේ රෙකෝර්ඩ් එක කඩනවා තම මැච් 50 ක් ගැහුවොත්. චන්දිමාල්ට, කපුගෙදරටත් ඔය වැඩේ කලා බං. දනුශ්ක ගුණතිලක එහෙම ඕපනින් වලටහොඳ එකෙක් බං. ඒත් උන්ට චාන්ස් නැහැ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාද සංජීවයා. ඌ තමයි ක්‍රිකට් ගැන නියම විචාර දෙන්නේ ඊට පස්සේ ගිගී.

    ithin ahapan oya cricket preview eka.... KUSALAYA opening epa kiyalai kiyanne gigiyala :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ithin ahapan oya cricket preview eka.... KUSALAYA opening epa kiyalai kiyanne gigiyala :yes:

    අප්පද බොල උඹලා එහෙම එකකුත් කලාද? දැන් සෑහෙන්න දියුණු වෙලානේ බං. ඒත් දැන් අහන්න මූඩ් එකක් නෑ බං. දැන් පරාදයිනේ. අපරාද ඩේටා. කවුද කලේ? සංජීවයි ගිගයි මදුවයි ද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්පද බොල උඹලා එහෙම එකකුත් කලාද? දැන් සෑහෙන්න දියුණු වෙලානේ බං. ඒත් දැන් අහන්න මූඩ් එකක් නෑ බං. දැන් පරාදයිනේ. අපරාද ඩේටා. කවුද කලේ? සංජීවයි ගිගයි මදුවයි ද?

    ගිගි,shag සහ හැන්රි :yes:
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    අනිවා..
    ඩිල්ශාන් captain කරපු කාලේ චන්දිමාල් No.4 ගැහුවා..
    ඌ ගියා විතරයි ආයෙත් මහේල No.4
    මට හොඳට මතක සීන් එකක් මේ..

    ඩිල්ෂාන් කැප්ටන් කරපු කාලේ තමයි අපේ සීනියර් ප්ලේයර්ස්ලාගේ නියම තත්වෙ දැක්කෙ. එදා චන්දිමාල් 4 ගැහුවා නම් අද අපට වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් ලැබෙනවා. එතකොට චන්දිමාල්ගෙ වයස 21 වගේ ඇති. එහෙනම් මෙලහකට කෝලි - විලියම්සන් - වෝනර් වගේ සුපිරි ප්ලේයර් කෙනෙක්.:(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි සංජීවව හැලුවේ. එතකොට මදුශාන්. එල එල ගුඩ් එෆර්ට් කොල්ලනේ. :yes:

    උන්ව හදිස්සියේ හොයාගන්න බැරි උනා බං :(
    මදුශාන් අතුරුදහන් වෙලා ඉඳල ඊයේ ආවේ :eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි සංජීවව හැලුවේ. එතකොට මදුශාන්. එල එල ගුඩ් එෆර්ට් කොල්ලනේ. :yes:

    uuwa haluwe nea ban... hawasa dcde kala. rea 10 ta record kala. sanjeewata pm kalata log wela hitiye ne EK. maduwa 4n wikunanna gihin. pahuwada aawe :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩිල්ෂාන් කැප්ටන් කරපු කාලේ තමයි අපේ සීනියර් ප්ලේයර්ස්ලාගේ නියම තත්වෙ දැක්කෙ. එදා චන්දිමාල් 4 ගැහුවා නම් අද අපට වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් ලැබෙනවා. එතකොට චන්දිමාල්ගෙ වයස 21 වගේ ඇති. එහෙනම් මෙලහකට කෝලි - විලියම්සන් - වෝනර් වගේ සුපිරි ප්ලේයර් කෙනෙක්.:(:(

    ඔව් බං. ඉස්සර මම චන්දිමාල්ට හොඳ කියද්දි ඔය කතාව කියද්දි මාත් එක්ක මේකේ දෙතුන් දෙනෙක් මරාගන්න හැදුවා. සමහර උන් මාව එක්ස්පෝස් කලා මගේ අධ්‍යයාපනික මට්ටමත් එක්ක මම පාරේ සිම් විකුණනවා ඕලෙවල් හිටන් ෆේල් කියලා. උන්ට ඒත් ඇත්ත තේරෙන්නේ නෑ. ගොඩක් එහෙම බැන්නේ ඌට පෞද්ගලික තරහක් නිසා කියලා මටනම් හිතුනේ. චන්දිමාල් හරියට හැදුවනම් අද කෝලිලා කැලේ බං. ඌ පට්ටම ටැලන්ටඩ් පොරක්.අපරාදේ. දැන් හරි හැදිලා ඒවි අර ඩබල ගිය නිසා. හැබැයි අතපත්තුත් අනිවා යන්න ඕනේ. ඔය මොනවා කිව්වත් සංගා, මහේල ගැන මට ලොකු ගෞරවයක් නැහැ. ඔච්චර සල්ලි තියාගෙනත් Ministry of crabs වගේ එකක් දාගෙන පණ පිටින් ඉන්න කකුලුවෝ පෙන්නුවම මරලා ඒ වෙලේ උයලා දෙන රෙස්‍ටුරන්ට් දාලා පව් පුරෝගන්න වැඩ කරන දෙන්නෙක් මම දැකලා නෑ බං වෙන.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උන්ව හදිස්සියේ හොයාගන්න බැරි උනා බං :(
    මදුශාන් අතුරුදහන් වෙලා ඉඳල ඊයේ ආවේ :eek:

    එහෙමද හොඳ දෙයක්. මම උඹව මීට කලින් ක්‍රිකට් ත්‍රෙඩ් එකේ දැකලා නෑ. :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ...........සමහර උන් මාව එක්ස්පෝස් කලා මගේ අධ්‍යයාපනික මට්ටමත් එක්ක මම පාරේ සිම් විකුණනවා ඕලෙවල් හිටන් ෆේල් කියලා. ........................

    උඹට වචන දෙකක් තහනම්.
    1. ඕ/ ලෙ
    2. සිම්

    ඇති බන් ඕවා දැන් :growl: