෴♥ ඒ මගේ මලයි 2 ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-11.jpg




    11.png


    දැන් කොහෙන්ද ශලනිව හොයන්නේ..? ආපහු ගෙදර එද්දි මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි.. අඩු ගානෙ ශලනිගෙ ගෙදර ළගට ගියාට, ඒ ළග ගෙදරකින්වත් එයාලා ගැන අහන්න තරමෙ අදහසක් මට ආවෙ නෑ.. හරියට මං ඒ වැඩේ කෙරුවෙ කරන්නං වාලෙ කියලා මටම තේරුණා.. නිරෝෂි ඉස්සරහ වීරයා වගේ වැඩේ බාර ගත්තට, නෙත්මිගෙ ඇස් දෙක ඉස්සරහ මට ඒ දේ හරියට කරගන්න බැරිවුණා කියන පසුතැවීම මට දැනුණා.. හරියට නෙත්මි ළගදි මං ශලනි ගැන වැඩිය හොයන්න ගියොත් මං එයා ගැන අහිතක් හිතාවි කියලා මං බයවුණා වගේ.. ඒ කියන්නෙ මීට පස්සෙ, නෙත්මි හින්දා මං කරගෙන ආපු වැඩෙ කටයුතුත් නවත්තන්න වේවිද..? බෑ.. බෑ.. බෑ.. එහෙම වෙන්න බෑ.. කෙල්ලෙක් හිනාදා මේ බන්ටිට වෙනස් වෙන්න බෑ.. අනික එහෙම උනොත් හෙම කොල්ලො සෙට් එක මං ගැන මොනවා හිතාවිද..? උං හිතයි මං කෙල්ල කියන විදියට ඉවසල ඉන්න අද, ගොලු, බිහිරි හාල්පාරුවෙක් කියලා..


    "බ..න්..ටී.."


    කණ ගාවින්ම ඇහුණ සද්දෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. මොන මල යකාද යකෝ මේ පට්ට දවාලෙ මාව මරන් කන්න හදන්නේ.. තව පොඩ්ඩෙන් කැවුත්ත පුපුරලයි බන්ටි මැරෙන්නේ..


    "කොයි ලෝකෙද බන්ටි ඔයා ඉන්නේ..?"


    නින්දෙන් ඇහැරුනා වගේ මං වටපිට බැලුවා.. මේන් යකඩෝ අක්කා මං ගාව.. කෝ බොලේ එතකොට මගේ චැලිය.. ඒක මං නෙත්මිටවත් දුන්නද..?


    "බන්ටි.. මොකද ඔයාට මේ වෙලා තියෙන්නේ..?"


    "මට මුකුත් වෙලා නෑ අක්කේ.. මං මේ යස අගේට ඉන්නේ.."


    "ඔව්.. ඔව්.. ඒක නම් පේනවා.. ඒකනේ කවදාවත් නැතුව දඩුමොණරෙත් අර ගේට්ටුව ගාව අතෑරලා හීනෙන් බයවෙලා වගේ හතර අතේ ඇවිදින්නේ.. හැබෑට ඔයාගෙ ඔලුව කොහේ හරි වැදුනද බන්ටි..?"


    ෂිහ්.. අම්මපා.. මේන් මේවට තමයි කියන්නෙ සීනි දිය උනාට ගෝනි දියවෙන්නෑ කියලා.. මගේ අරක්කු මටම ගහනවා.. වෙනදට මං එයාගෙන් අහන දේවල් අද එයා මගෙන් අහනවා.. ඔන්න ඒකයි අෂ්ට ලෝක ධර්මය කියන්නේ..


    "ඒක නෙමේ.. මට ඔයත්තෙක්ක මහා බරපතල කතාවක් තියෙනවා.. ඩිංගක් මෙතනින් වාඩිවෙන්න.."


    ඒ පාර මොකක්ද බොලේ මේ වෙන්න යන්නේ..? ෂුවර් එනට මොකක් හරි කක්කා බාල්දියක් තමයි.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. කෝක වෙතත් මං බංකුවෙ කොනකින් වාඩිවුණා.. අනික ඉතිං අපේ අක්කා ගැන මට කවුරුවත් කියලා දෙන්න ඕන නෑනේ.. එක්කො සිම්පල් කේස් එකක් එහෙමත් නැත්නම් හිතාගන්නවත් බැරි මාරාන්තික එකක්..


    "ඔයා කොහෙද අද උදේ ගියේ..?"


    කොටි මදිවට අලි කිව්වලු.. මොකක්ද බන්ටි පුතේ මේ වෙන්න යන්නේ..? මෙයා මොනාවා හරි දැකලවත්ද..?


    "ම්.. අද උදේ නේද..?"


    මං බොරුවට කල්පනා කරන්න ගත්තා.. අක්කගෙ මූණෙ හැටියට නම් රෝගී තත්වය අසාධ්‍ය එකක් කියලා මං තේරුම් ගත්තා..


    "බොරුවට කල්පනා නොකර මට ඇත්ත කියන්න බන්ටි.."


    "ඇත්ත කියන්න යන්නේ.."


    "ඔයා කාත්තෙක්කද අද උදේ නුවර ටවුමෙ රවුම් ගැහුවේ..? චැලිය පිටිපස්සෙ දාගෙන..?"


    දැන් මේ වැඩේ අඤ්ඤකොරොස් වෙලා කියලා මට දැනුණා.. එක්කො අක්කා කතන්දරේ දැකලා.. එහෙමත් නැත්නම් මොකෙක් හරි වලහෙක් කේලම අක්කගෙ කනේ තියලා.. ඒත් ඒ කියපු එකා ඇයි නෙත්මිගෙ නම කියලා නැත්තේ..?


    "අක්කා ඔය අහන්නෙ මම චැලියෙ දාගෙන ගියපු ගෑනු ළමයා ගැන නේද..?"


    "ඔව්.. මං අහන්නෙ එයා ගැන තමයි.."


    "අයියෝ.. ඔයාට, එයාව අදුනගන්න බැරිවුණාද..? ඔයාගෙ ඇස් දෙකේ හොටුද..? ෂිහ්.. අම්මපා ඔයාට අපේ මොරීන් අක්කව අදුනගන්න බැරිඋනාද..?"


    "මොරීන් අක්කා.. ඇයි බන්ටි ඔයා ඔය තරම් බොරු කියන්නේ..? මගේ ඇස්වල පෙනීමේ දුර්වලතාවයක් නෑ.. මං දැක්කා ඔයාලා ඔරලෝසු කණුව ගාවින් ගියපු හැටි.. ඒ හිටියෙ මොරීන් නෙමෙයි.."


    "කාටද දෙයියනේ මේවා කියන්නේ..? මං මේ උදේ පාන්දර චැලියෙ දාගෙන ගියේ මොරීන් අක්කා නෙමෙයි නම් වෙන කවුද..? මොරීන් අක්කා වගේ අවතාරයක්ද..? ඉතිං අප්පා.. ඔයා, මාව දැක්කා නම් කතා කරලා සැකේ දුරු කරගන්න තිබුණනේ.."


    දැන් නම් කතන්දරේ වෙනම පැත්තකටයි යන්නෙ.. ඒක හින්දා බන්ටි පුතේ කල්පනාවෙන් කතා කෙරුවෙ නැත්නම් වැඩේ හිතන්න කලින්ම අල වෙනවා..


    "කතා කරන්න තමයි හැදුවේ.. ඒත් ඔයත්තෙක්ක බයික් එකේ පිටිපස්සෙ ගිය කෙනා දැක්කම මගේ කටට වචන ආවෙ නෑ.."


    එහෙනම් ඒකයි කතන්දරේ.. අක්කා, නෙත්මිව අදුන ගත්තට පස්සෙ ඇත්තටම අවුල් වෙන්නැති.. ඇයි අප්පොච්චියේ, නෙත්මිට මාව අදුන්වල දෙන්න කියලනේ අක්කා හිතන් හිටියේ.. අනික, නෙත්මි මාව දැකලම නෑ කියලනේ අක්කා හිතන්නේ.. ඉතින් එහෙම එකේ මාවයි, නෙත්මිවයි චැලියෙ උඩ අලුත බැදපු ජෝඩුව වගේ යනකොට අවුල් නොවෙන්නෙ කවුද අප්පා..?


    "ඒ කියන්නෙ මේ අපේ මොරීන් අක්කා දැක්කම..?"


    "බ..න්..ටී මේක විහිලුවක් නෙමෙයි.. ඇත්තටම මං හොදටම අප්සට් වෙලයි ඉන්නේ.. මට ඔයා ඇත්තම කියන්න.. ඔයා කොහෙද පිණිමුතුව දාගෙන ගියේ..?"


    මම උඩ ගිහින් බිම වැටුණා.. අක්කා මොනවද මේ කියවන්නේ..? මං එයා දිහා හොදට බැලුවා.. ඔලුවවත් නරක් වේගෙන එනවද දන්නෑනේ..


    "මොන පිණිමුතුවෙක්ද..?"


    "ඒක ඔයා මගෙන්ද අහන්නේ..? ඔයා දන්නැද්ද ඔයාගෙ චැලියෙ පිටිපස්සෙ ගියේ කවුද කියලා..?"


    "පිටිපස්සෙ ගියේ මොරීන් අක්කනේ.."


    "බන්ටි මේ.. ඔය විකාර කතාව කරුණාකරලා නවත්තන්න.. මේක මට ලොකු ප්‍රශ්නයක්.. මං පිණිමුතුට ඔයාව අදුන්වලා දෙන්න හිතාන ඉන්නවා.. පිණිමුතුත් කියනවා ඔයාව කවදාවත් දැකලා නෑ කියලා.. ඒක එහෙම වෙද්දි ඔයාලා දෙන්නා හිනාවෙවී චැලියෙ නැගලා යනවා.. එතකොට කවුද මෙතන බොරු කරන්නේ..? මගේ හොදම යාලුවා වේච්ච පිණිමුතුද..?"


    "ඔයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නෑ අක්කේ.. විකාර කතා කරන්නෙ මම නෙමෙයි ඔයයි.. ඇයි අප්පා මං ජීවිතේටවත් ඔය කියන පිණිමුතුවෙක් දැකලා නෑ.. මං කතා කරලත් නෑ.. මං චැලියෙ තියාගෙන ගිහිල්ලත් නෑ.."


    "ඒ කියන්නෙ ඔයා අද නුවර වටේ රවුම් ගැහුවෙ පිණිමුතු එක්ක නෙමෙයි..?"


    "නෑ හලෝ නෑ.. එහෙම ගියා නම් ඉතිං මං ඔයාට නොකිය ඉන්නවද..? අනික පිණිමුතු ඔයාට නොකියා ඉදියිද..? පොඩ්ඩක් මනුස්සකටම සාධාරණව හිතලා බලනවකෝ.. අර කතාවක් තියෙනවනේ, ඇස් දෙකෙන් දැක්කත්, කන් දෙකෙන් ඇහුවත් දෙයක් හිතලා බලලා තීරණේ කරන්න කියලා.."


    "මට ඔය බණ වලින් වැඩක් නෑ බන්ටි.. මට මගේ ඇස් දෙක විශ්වාසයි.. හොදයි.. ඔයාට ඔයාගෙ අක්කටනේ දේවල් කියන්න බැරි.. කමක් නෑ.. මං පිණීමුතුගෙන්ම අහන්නම්.. සමහර විට අපේ යාලුකමත් නැතිවෙන්න පුළුවන්.. ඒත් ප්‍රශ්නයක් නෑ.."


    අම්මපා.. අපේ අක්කත් අර කවුද වගේ තමයි.. දෙයක ගෑවුණොත් එරමිනියා අත්තක් වගේ තමයි.. ආයෙ ගලවගන්නවා බොරු.. ගලවනවා නම් ඉතිං හමත් එක්කම තමයි.. අනික මෙයා පිණිමුතුගෙන් ඔය දේවල් අහන්න ගියොත් ඒ ළමයා උඩ ගිහින් බිම වැටෙයි.. මොන අවනඩුවක්ද මේ කියලා.. ඇයි ඉතිං එයා මාව ජීවිතේටවත් දැකලා නෑනේ..


    "මං ආයෙත් කියන්නේ, මගෙත් එක්ක ගියේ පිණිමුතු නෙමෙයි.."


    "එහෙනම් කවුද..? ඔයා ආයෙත් මට කියන්න හදන්නෙ ඒ මොරීන් කියලද..? එහෙනම් අපි මේ කතාව නවත්තමු.."


    "නෑ.. නෑ.. නෑ.. ඒ මොරීන් නෙමෙයි.."


    "එහෙනම්..?"


    "ඔයා, එයාව දන්නවා අක්කේ.. පහුගිය දවස්වල එයා අපේ ගෙදරත් ආවා.. එයා තමයි නෙත්මි.."


    මං හිතුවෙ අක්කගෙ ඇස් දෙක ජම්බා සයිස් එකට ලොකු වෙලා කලන්තෙ දාලා වැටෙයි කියලා.. ඒත් එහෙම දෙයක් උනේ නෑ.. හොදට එබිලා බලද්දි අක්කාගෙ මූණෙ පුංචි හිනාවක් ලාවට වගේ තියෙනවා මං දැක්කා.. ඒ හිනාවෙන්ම මං අක්කට ලංවුණා..


    "ඔයා දන්නවද නෙත්මි කියන්නෙ කවුද කියලා..?"


    මේක නම් මාර කතන්දරයක් තමයි.. ඒ පාර අක්කා මගෙන් අහනවා, නෙත්මි කියන්නෙ කවුද කියලා..

    "මට වැඩිය ඔයා හොදට දන්නවා ඇතිනේ.. එයා, ඔයාගෙ යාලුවනේ.."


    "නෙත්මි කියලා කියන්නෙ පිණිමුතුට තමයි බන්ටි.. එයාගෙ නම නෙත්මි පිණිමුතු.."


    වැදිච්ච පාරෙ සැරට මට උතුර දකුණ මාරු උනා.. පහුගිය කාලෙ පුරාම සිද්ධ වෙච්ච හැම පුංචි සිදුවීමක්ම පවා මගේ හිතේ ඇදිලා ගියේ චිත්‍රපටියක රූප පෙලක් වගේ.. දෙයියනේ.. මං මොන මුලාවකද මේ වැටිලා තියෙන්නේ..?


    "එ.. එතකොට ඔ.. ඔයයි, මමයි අර මහ වැස්සෙ වීල් එකෙන් ගියේ.. ඒ නෙත්මිලගෙ ගෙදර නේද..?"


    ඇත්තටම මගේ ඔලුව කරකැවෙන්න අරන් තිබුණා.. වැඩිය ඕනනෑ.. අක්කත්තෙක්ක කතා කරන්න වචන හොයා ගන්න එක පවා මට පට්ට අමාරු වුණා.. මෙහෙ අලි ජංජාලයක් වේවි කියලා කවුද අප්පා හිතුවේ..


    "ඔව්.. අපි ගියේ එහේ තමයි.. ඒත් බන්ටි මට තියෙන ප්‍රශ්නෙ ඇයි පිණිමුතු මට ඔයා ගැන කිව්වෙ නැත්තෙ කියලා.. එයා හුගක් හොද ළමයෙක්.. සාමාන්‍යයෙක් මට නොකියන දෙයක් නෑ එයා ළග.. එක්කො, ඔයා කවුද කියලා එයා දන්නෑ.. ඔව්.. ඒක තමයි කෙල්ලට වෙලා තියෙන්නේ.."


    ප්‍රශ්නෙ නියම තැනට අක්කා දැන් තමයි අඩිය තිබ්බේ.. ඒත් මං හිටියෙ කරකවලා ඇතෑරලා ආයෙත් කරකවලා දැම්මා වගේ.. කවුද දෙයි හාමුදුරුවනේ හිතුවෙ නෙත්මියි, පිණීමුතුයි කියන්නෙ එක්කෙනෙක් කියලා..


    "බන්ටි.."


    "ම්.."


    "ඔයා පිණීමුතුට කිව්වෙ නැද්ද මං ඔයාගෙ අක්කා කියලා.."


    "නෑ.."


    "ඒ ඇයි..?"


    "මං එයාව දැනගෙන හිටියෙ නෙත්මි කියලනේ.."


    "නමේ ප්‍රශ්නයක් නෑනේ බන්ටි.. ඔයා දන්නවනේ එයා අපේ ගෙදර ආවා කියලා.. එහෙම එකේ ඔයා, එයාට මං ගැන කිව්වෙ නැත්තේ, මොකක් හරි හොරයක් ඔයා ළග තියෙන හන්දා නේද..? ඇත්තමයි බන්ටි.. මට දැන් බයත් හිතෙනවා.. ඔයා පිණිමුතුම මොනවා කියලද දන්නෑ.. ඔයා මහ මගෝඩිස් වැඩනේ කරන්නේ.."


    අක්කා කියන දේම දැන් සිද්ධ වෙලා ඉවරයි කියලා මං කොහොමද අප්පා කියන්නේ.. ඒත් දැන් දැන් දේවල් සිද්ධ වේගෙන යන විදියට වෙච්ච දේවල් අක්කට නොකියත් බෑ..


    "ආ.. බන්ටි.. කතා කරන්නකෝ.. මගේ දැන් ඔලුවත් එක්ක අවුල් වෙලයි තියෙන්නේ.."


    "ඔයාගෙ විතරක් නෙමෙයි.. මගෙත් ඔලුවත්තෙක්ක අවුල් වෙලයි තියෙන්නේ.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ නෙත්මි කියන්නෙ පිණිමුතුටයි කියලා.. එයාගෙන් නම ඇහුවම කිව්වෙ නෙත්මි කියලනේ.."


    "ඒ ඔක්කොම මට තේරෙනවා බන්ටි.. නමේ ප්‍රශ්නෙ නෙමේ දැන් විසදිලානේ.. ඒත් ඇයි ඔයා, එයාට මං ගැන නොකිව්වේ.. ආ.. බන්ටි.. ඔයාට බට හිතුණද මං අම්මත් එක්ක මේවා කියයි කියලා.. ඔයා මං ගැන ඒ විදියටද හිතන් ඉන්නේ..?"


    අක්කා ඒක අහපු තාලෙට මට ලොකු දුක්ක දැනුණා.. මොකද එයා කතා කරන්නෙ කොයි තරම් අවංකවද කියලා මං දැනන් හිටියා..


    "නෑ අක්කේ.. එහෙම දෙයක් නෙමෙයි.. මං එච්චර හිතන්නෙ නැතුව නෙත්මිට ලොකු බොරුවක් කිව්වා.."


    "බොරුවක්..?"


    "ඔ.. ඔව්.. බේබි නැන්දා මගෙ අම්මා කියලා.."


    "දෙයියනේ.."


    අක්කගෙ මූණ බලන් ඉද්දිම සුදුමැලි වෙලා ගියා.. ලේ බින්දුවක්වත් නැති තරම් ඒ මූණ සුදුමැලි වෙද්දි මං අක්කගෙ අතකින් අල්ල ගත්තා..


    "එතකොට එහෙනම් පිණීමුතු හැමදාම වගේ බේබි නැන්දගෙ පුතා ගැන කියලා මගෙත් එක්ක කියෙව්වෙ ඔයා ගැන.. අයි..යෝ.. මේ අහිංසක කෙල්ල මොන තරම් ලොකු බොරුවක් විශ්වාස කරගෙනද මේ ඉන්නේ.. අනේ ඇයි බන්ටි, ඔයා මේ වගේ භයානක දෙයක් කලේ.. අනික මගේ හොදම යාලුවට.."


    "සොරි අක්කේ.. ඇත්තටම මං හිතලා කරපු දෙයක් නෙමෙයි.. ඔහේ කටට ආවට කියලා දැම්මා.. අනික, බින්දුගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ ප්‍රශ්නෙකට මායි, නෙත්මියි මුල ඉදල තරහින් හිටියේ.. ඒ තරහ අස්සෙ සිද්ධ වේච්ච දේවල් තමයි ඔය.. එහෙම නැතුව මම එයාව රවට්ටන්න ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයි.."


    "අ..නේ.. මට තේරෙන්නෑ බන්ටි.. දැන් ඔයා කොහොමද මේ අවුල ලිහන්නේ..? කෙල්ලට පිස්සු හැදෙයි බේබි නැන්දගෙ පුතයි, ඔයයි කියන්නෙ එක්කෙනෙක් කියලා දැනගත්තාම.."


    "මංදා අක්කේ.. මටත් ඒ ගැන කිසි දෙයක් හිතාගන්න බෑ.. අනික මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒ නම් දෙකම අයිති එක කෙල්ලෙකුට කියලා.."


    "දෙයියනේ.. අපි දැන් මොනවද කරන්නෙ බන්ටි..? ඔයා, ඔයාගෙ ජීවිතේ කරපු ලොකුම නරක වැඩේ තමයි මේක.. අනික ඔයා දන්නවද පිණීමුතුගෙ හිතේ ඔයා ගැන තියෙනවා කියලා.."


    "ම.. මං ගැන..?"


    "ඔව් මැට්ටෝ.. ඔව්.. ඒ කෙල්ල ඔයාට ආදරේ කරනවා.."


    "මට.. මේ බන්ටිට.."


    "ඔව්.. ඔයාට කෙසේ වෙතත් ඔයා වගේ ඉන්න බේබි නැන්දගෙ පුතාට.."


    "එයා එහෙම කතාවක් කිව්වද අක්කත්තෙක්ක..?"


    "මගෙත්තෙක්ක කෙලින්ම නම් කිව්වෙ නෑ.. ඒත් එයාගෙ හැසිරීමෙන්, කතාබහෙන් මට දැනිච්ච දේ ඒකයි.."


    කෙනෙකුගෙ හිතට උපරිම සතුටක් ගේන වචන අක්කගෙන් පිට උනත්, මට ඒවා සංතෝසයක් ගෙනාවෙ නෑ.. නෙත්මි මට ආදරේ කරනවා කියලා මගේ යටි හිත කලින් ඉදන්ම දැනන් හිටියා.. ඒත් ඒ බන්ටිට නෙමෙයි.. බේබි නැන්දගෙ පුතා කියන හාදයට.. එතකොට බන්ටිට මොකද වෙන්නේ..?


    "මං මේක පිණීමුතුත් එක්ක කතා කරන්නද..?"


    "එපා අක්කෙ එපා.. එහෙම උනොත් මේක තවත් අල වෙනවා.. ඔයා මුකුත් දන්නෑ වගේ පාඩුවෙ ඉන්න.. මේක පටන් ගත්තෙ මමමනේ.. ඒක හන්දා මමම මේක ඉවරයක් කරලා දාන්නම්.."


    "කවදද බන්ටි..?"


    අක්කා අහපු ප්‍රශ්නෙ මට හරියට තේරුණේ නෑ..


    "මොකක්ද අක්කේ..?"


    "ඔයා, ඔය ප්‍රශ්නෙ ඉවර කරලා දාන්නෙ කවදද..?"


    "ඉවර කරන දවසක් ගැන නම් මට ගැරන්ටියක් දෙන්න බෑ.. ඒත් මං පුළුවන් තරම් ඉක්මනට නෙත්මි එක්ක මේ ප්‍රශ්නෙ බේර ගන්නම්.."


    "නේතමි නෙමෙයි ළමයො.. පිණීමුතු.."


    "මට පුරුදු නෙත්මි කියන එකනේ අක්කේ.."


    "හැබැයි ඉතිං නම මොනව උනත් මම නම් කෙල්ලට කැමතියි බන්ටි.. එයා මගෙ හොදම යාලුවනේ.."


    කැපිල්ලට වගේ කියන ගමන් අක්කා යාන්තමට හිනාවුණා.. ඒ කියපු දේවල් ඒ තරම් ගණන් ගන්නෑ වගේ මූඩ් එක් හදාගෙන මං බංකුවෙන් නැගිට්ටා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-12.jpg


    12.png


    මුළු හවස් වරුවම ගෙවිලා ගියේ මහා හෝන්දු මාන්දු ගතියකින්.. මං කාමරෙන් එළියටවත් ආවෙ නෑ.. අක්කා කිව්වත් වගේ නෙත්මිත් එක්ක තියෙන ප්‍රශ්නෙ බේරගන්න විදියක් ගැන මං දහ අතේ කල්පනා කලා.. කෙලින්ම ගිහින් හෙණ ගහන්න වගේ කෙල්ල ඉස්සරහට ගිහින් මේක කියන්නත් බෑ.. අනිවා කෙල්ල අවුල් වෙනවා.. සමහර විට විශ්වාස කරනෙකකුත් නෑ.. දවස් එකින් එක තව ඉස්සරහට ගෙවිලා යනවා කියන්නෙ මේ දේ කියනෙක තවත් අමාරු වෙනවා කියලා මං දැනන් හිටියා.. ඒත් ඒක එහෙම උනත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ..

    ටිකක් රෑ වේදදි උදේ ගෙදරින් පිටවෙච්ච ගෙදර හැමෝම වගේ සැරින් සැරේට ගෙදර ඇවිත් තිබුණා.. හැබැයි වෙනදා මේ වෙලාවට හැමෝම එකතුවෙලා කෑම කනවා උනත් අද ඒ දේට පරක්කුයි කියන හැගීම මගේ හිතට ආවා.. අනික කිසිම සද්දයක් බද්දයක් නෑ.. මොකක් හරි අවුලක්වත්ද..? ඒත් එහෙම අවුලක් නම් බේබි නැන්දා මට කොහොම හරි දැනුම් දෙනවනේ..

    "දැන් නම් ඉවසුවා හොදටම ඇති.. මං මේක බන්ටිත් එක්ක බේර ගන්නම්.."


    එකපාරටම සාලෙ මැද්දෙන් අම්මගෙ කටහඩ මට ඇහුණා..


    මොකක්ද අප්පේ ඒ කතාවෙ තේරුම..? අම්මා මොනවද මගෙත් එක්ක බේරගන්න හදන්නේ..?


    "මේක කෑගහන්න තරමෙ දෙයක් නෙමේ විනීතා.. අනික ඔයා හිතන විදියෙ වැරැද්දක් බන්ටි කරලා නෑ.."


    නිකං යාප්පුවට වගේ කතා කරන තාත්තගෙ කටහඩ, අම්මගෙ පිටිපස්සෙන් මට ඇහුණා.. මොකක්ද බං මේ අවනඩුව..?

    "අනේ.. මේ.. ඔයා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවද..? එනවා මෙතන ලැජ්ජ නැතුව සුදු හුණු ගාන්න.. ඔව් ඉතිං.. මිනිහෙක් මරලා උණත් ඔයා කියයි වැරැද්දක් කරලා නෑ කියලා.. මොකද ඔයාගෙ ශබ්ද කෝෂයෙ වැරැද්දක් කියන වචනෙ නෑනේ.."


    "ඒ උනාට බන්ටිගෙ හිත රිද්දන්නෙපා.."


    "ඒක මං බලාගන්නම්.. හොදට මතක තියාගන්න.. මගේ දේවල්වලට ඔයා අත දාන්නෙපා.. ඔයාගෙ වැරදි හින්දා තමයි මේ හැම දෙයක්ම.."


    ඒ වචන ටිකත් එක්කම තාත්තා සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද උනා.. ඇත්තටම මට තාත්තා ගැන තිබ්බ ආදරේට උඩින් මතුවෙලා ආවෙ ලොකු තරහක්.. තමන් කසාද බැදපු ගෑනිට කොයි තරම් ආදරේ උනත් ඔහොම දෙකට තුනට වැටෙන්න ඕන නෑනේ.. අනික ඔය තරම් බාල්දු වෙන්නෙ ඇයි..? හැමදේම මගෙන් ප්‍රශ්න කරන්න අම්මට බාරදීලා, තාත්තා හෝන්දු මාන්දු වෙලා පස්සට යන්නෙ ඇයි..? අනික 'ඔයාගෙ වැරදි හින්දා තමයි මේ හැමදෙයක්ම' කියන්නෙ තාත්තා කරපු වැරදි හන්දා මාත් වැරදි කරනවා කියනෙකද..? නැත්නම් තාත්තා මට වැඩිය ආදරයක් කරන හින්දා ඒකෙන් මං නරක් උනා කියනෙකද..?


    "බ..න්..ටී.. මෙහාට එනවා.."


    කිසිම තෙතමනයක් නැති ඒ වචන තුන මගේ හිතට ගෙනාවෙ මහා මූසල හැගීමක්..


    "ඇයි අම්මා..?"


    "හැයි අම්මා තමයි.. මට ඉස්සෙල්ලා කියනවා ඇයි මම එපා කියන වැඩ කරන්නෙ කියලා.. අනික ඔය ගොන් මොලේට තේරෙන්නෙ නැද්ද මට ඕවා ආරන්චි වෙනවා කියලා.."


    "අම්මා කියන්නෙ මොනවද කියලා මට තේරෙන්නෑ.."


    "තේරෙන්නෑ.. උඹ බබානේ.."


    විෂ ඊතල දුසිමක් විතර එකපාරටම හදවතට වැදුණා වගේ වේදනාකාරී හැගීමක් මගේ හිත පුරවලා දැනුණා.. උඹ කියන වචනෙ අම්මා කොයි තරම් නපුරු විදියට පාවිච්චි කරාද කියනවා නම් ඒක මගේ ආත්මයටම වැදුනා..


    "මං මොනවද අම්මෙ කලේ..?"


    ඒ වෙනකොට මං හිටියෙ පඩිපෙළේ මැද හරියට වෙන්න.. පල්ලෙහා සාලේ අම්මයි, ඊට ටිකක් එහායින් ඉදපු තාත්තයි පොර කුකුල්ලු දෙනෙක් වගේ රංඩු කරන්න ලෑස්තිවෙලා හිටියා.. තවත් ටිකක් හොදට බලද්දි බේබි නැන්දා එයාගෙ කාමරෙන් එළියට ඇවිත් සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියලා පුදුම වෙලා බලන් ඉන්නවා මං දැක්කා..


    "උඹේ මොන මල යකෙක්වත් මේ ගෙදෙට්ට වද්ද ගන්න එපා කියලා මං අනේක වාරයක් කියලා ඇති.. ඒත් උඹ කරන්නෙ මං එපාම කිව්ව දේවල්.."


    කවදාවත් නැති විදියට අම්මට කේන්ති ගිහින් තිබුණා.. ඒත් උඹ.. උඹ කියලා අම්මා මට කතා කරන පහත් ග්‍රාමීය විදියට මගේ හිතටත් යාන්තමට වගේ කේන්තියක් ඇවිත් තිබුණා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේක.. අම්මට මේ තරම් කේන්ති යන්න මං මොනාවද කලේ..


    "මං කවුද මේ ගෙදෙට්ට එක්කං ආවේ..?"


    "ඒක මගෙන්ද අහන්නේ..? උඹත් තාත්තා වගේම තොත්ත බබානේ.. උඹටත් ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිලවත් නෑනේ.. ඒකනේ ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ.."


    "වි..නී..තා.."


    ගිනි කන්දක් පුපුරලා ලාවා හතර අතේ ගලාගෙන යනවා වගේ අම්මා කියවද්දි තාත්තා කෑගහනවා මට ඇහුණා.. ඒ අතරෙ අම්මට ඩිංගක් එහායින් තුෂ්නිම්භූත වෙලා වගේ බලන් ඉන්න අයියයි, අක්කවයි මං දැක්කා.. එයාලා දෙන්නට වගේම මටත් හිතාගන්න බැරිවෙලා තිබුණා අම්මගෙ මේ විපර්යාසෙට හේතුව මොකක්ද කියලා.. අනික අම්මා කතා කලේ තාත්තවත් ගාවගෙන.. මං හිතුවා අඩුම ගානෙ තාත්තා ඒකට කේන්ති අරගෙන නියම පිරිමියෙක් වගේ හැසිරෙයි කියලා.. ඒත් ඒ දේ එහෙම උනේ නෑ.. ඒක හන්දා බන්ටි වෙනුවෙන් පෙනී හිටින්න බන්ටිටම සිද්ධ වෙනවා.. තවත් ඉවසලා ඉන්න ගියොත් මට ඇපත් නැතිවෙනවා කියලා මට තේරුණා..


    "අම්මෙ මේ.. කියන දෙයක් තේරෙන භාෂාවෙන් කියන්න.. අනික ඔය තරම් සද්ද දාලා කතා කරන්න ඕන නෑ.. මගෙ කන් දෙක හොදට ඇහෙනවා.. තව ටිකකින් මේ වටේ පිටේ ඉන්න මිනිස්සු බලයි මොකක්ද මේ ඝෝෂාව කියලා.."


    "උඹ ඒපාර මටත් උපදෙස් දෙන්න එනවද..? ආ.. බන්ටි.. උඹට පුලුවන්ද මට උපදෙස් දෙන්න..?"


    අම්මා මගේ දිහාට අඩියත් දෙකක් තියද්දි තාත්තා අඩියක් දෙකක් පිටිපස්සට උනා.. ඒ අතරෙ අක්කා දුවගෙන ඇවිත් අම්මගෙයි, මගෙයි මැදට පැන්නා..


    "අනේ ඇයි අම්මෙ මේ.? බන්ටිට ඇයි ඔහොම කතා කරන්නේ..? බන්ටි මොනවද අම්මට කරේ..?"


    "ඔයා අයින් වෙන්න සමුදි.. ඔයාට මේවා තේරෙන්නෑ.. රසික ඔයත් පැත්තට වෙන්න.. මට මේක බේරගන්න තියෙන්නෙ මෙයත් එක්ක.."


    අක්කා දිහා බලන ගමන් අම්මා කියවලා අයියා ඉන්න දිහාත් බැලුවා.. එතකොටයි මං දැක්කෙ අයියත් අපි ළගටම ඇවිල්ලා කියලා.. ඒත් මේ ගෙදරින් මට හුගක්ම ආදරෙ කරනවා කියලා මං හිතන් ඉදපු තාත්තවත්, බේබි නැන්දවත් අම්මයි, මායි අතරට ආවෙ නෑ.. අඩුම ගානෙ අම්මා මේ තරම් නපුරු විදියට කියවන එක නතර කරන්න පුංචි උත්සාහයක්වත් තාත්තා ගත්තෙ නෑ..


    "උඹට වටිනවද බන්ටි.. උඹේ යාලු හැත්ත බුරුතු පිටින් මේ ගේ අස්සට වද්ද ගන්න..?"


    ඩිංගක් වෙලා නිශ්ශබ්දව තිබ්බ කතාබහ ආයෙත් ඇවිලුණා.. එහෙනම් ඒකයි කතන්දරේ.. අම්මට මේ තරම් ඩෝං ගිහිල්ලා තියෙන්නෙ එදා අර බින්දුලා, අමිලලා මෙහේ ආපු එකට.. ඒත් මගේ යාලුවෙක්, මේ ගෙදරට එන එක වරදක්ද..? ඒක මිනිහෙක් මරණවා වගේ දරුණු ගනයේ අපරාධයක්ද..? මට හිතාගන්න බැරිවුණා..


    "මං ගෙ ඇතුළට ගත්තෙ නෑ අම්මේ.. අර එළියෙ බංකුව උඩ ඉදගෙනයි අපි කතා කෙරුවේ.. අනික අම්මා ඇයි මට උඹ, උඹ කියලා කැත වචන වලින් කතා කරන්නේ..? මං අම්මට කරපු වැරැද්ද මොකක්ද..?"


    "වැරැද්ද..? උඹට ඒක දැනගන්න ඕනද බන්ටි.. උඹේ ජීවිතෙම වැරැද්දක් තමයි.."


    "වි..නී..තා.."


    අම්මගෙ කටහඩ කපාගෙන තාත්තගෙ කටහඩ මහ ගොරෝසුවට දැනුණා.. ඒත් මගේ ජීවිතේම වැරැද්දක් කියලා කියපු කතාවෙ තේරුම හොයාගන්න බැරුව මං අසරණ උනා..


    "විනිතා.. මං මෙච්චර වෙලා ඉවසුවා.. තව එක බින්දුවක්වත් මං ඉවසන්නෙ නෑ.. කරුණාකරලා මගේ යකා අවුස්සනෙ නැතුව ඔය කතාව නවත්තනවා.."


    "එතකොට මම මේ අවුරුදු විස්සක් ඉවසපු එක ගැන ඔයා මොකද කියන්නේ..? මේ ගෙදර සිද්ධ වෙන්න ඕන මං කැමති දේවල්.. එහෙම නැතුව පිට එකාලට ඕන දේවල් නෙමෙයි.."


    'පිට එකාලට' මොකක්ද ඒ වචනවල තෙරුම..? ඒ කියන්නෙ මං පිට එකෙක්ද..? මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා..

    "පිට එකා කවුද අම්මේ..? ඔයාගෙ බන්ටිද..?"


    අම්මා එල්ල කරන ප්‍රහාර වලින් නිශ්ශබ්දව ඉදලා මූණ දෙන්න බෑ කියලා මං තේරුම් ගත්තා.. ඒකයි තාත්තත්, අම්මා ඉස්සරහ අසරණ වෙලා තියෙද්දි මං මැද්දට පැන්නේ..ඒත් මං ජීවිතේටවත් හිතුවෙ නැති විදියට අම්මා කතා කරා..


    "ඔව්.. උඹ තමයි.. දැන ගනිං බන්ටි.. දැනගනිං.. අදවත් දැනගනිං.. උඹ මගේ ළමයෙක් නෙමෙයි.."


    හදවතට වැදිච්ච පාරෙ නපුරුකම කොයි තරම්ද කියනවා නම්, මගෙ පපුව හිරවෙනවා වගේ මට දැනුණා.. දෙවියනේ.. මොනවද මේ අම්මා කියවන්නේ..? මං අම්මගෙ දරුවෙක් නෙමෙයිද..? එතකොට මං කවුද..? මං මේ ලෝකෙට කොහෙන් ආපු කාළකණ්නියෙක්ද..? මගේ හිත රිද්දන්න හිතලා, එහෙම දරාගන්න බැරි කතාවක් කිව්වද කියලා බලන්න මං අම්මා දිහා බැලුවා.. ඒත් ඒ සියුමැලි මූණෙ තිබ්බෙ මහා වියරු හිනාවක්.. ඇස් දෙක උඩට හෝ ගාලා කදුළු බින්දු ගාලාගෙන එද්දි, අම්මා කිව්වෙ ඇත්ත දේ කියලා මට තේරුණා..


    "අ.. ම්.. මේ.."


    ගහලා තියා මරලවත් අඩවන්න බැරි මගෙ ඇස් දෙකෙන් පීල්ලක් වගේ කදුළු ගලාගෙන යද්දි මං අම්මා ළගට ලංවුණා.. ඒත් ඒ මූණෙ මං ගැන ඉපදුන එක අංශු මාත්‍රයක අනුකම්පාවක් මං දැක්කෙ නෑ..


    "දෙ.. දෙයියනේ.. ඔ.. ඔයා මොනවද මේ අහිංසකයට කිව්වේ.. ඇ.. ඇයි ඔයාම.. මගේ පොරොන්දුව බින්දේ.. ඔයා පොරොන්දු උනා නේද.. බන්ටිට කවදාවත් ඔහොම කතා කරන්නෙ නෑ කියලා.. ම.. මං ඒ වචනෙ දේව වචනෙටත් වැඩිය විශ්වාස කරා.. ඔයා ඒ පොරොන්දුව උනේ නැත්නම් මං කවදාවත් බන්ටිව මේ ගෙදරට ගේන්නෙ නෑ.."


    "අ.. අනේ බුදු නෝනා.. ඇ.. ඇයි මේ සහගහන අපරාධෙ කරේ.. ඇයි මගෙ රත්තරං බන්ටි මහත්තයගෙ හිත කඩලා දැම්මේ.. බලන්න අර පිං පාට මූණ දියවෙලා යන හැටි.. අනේ දෙයියනෙ.. අනේ දෙයියනේ මිනිස්සුන්ට මේ තරම් නපුරු වෙන්න පුළුවන්ද..? ඇයි නෝනා ඇයි..? ඇයි මගේ අහිංසකයගෙ හිත කඩලා දැම්මේ..?"


    කොහෙදෝ ඉදලා දුවගෙන ආපු බේබි නැන්දා, අම්මගෙ කකුල් දෙක බදාගෙන කෑගැහුවා.. කිසිම දෙයක් හිතාගන්න බැරිව හිත ගල්වෙලා තියෙද්දි මං වටපිට බැලුවා.. අයියයි, අක්කයි තුෂිනිම්භූත වෙලා වගේ මගේ දිහා බලන් හිටියෙ අහපු දේවල් දරාගන්න බැරිව වගේ..


    "ඔ.. ඔයා මොනවද මේ කරේ විනීතා.. ඒ අහිංසකයා ඔයාට කරපු වැරැද්ද මොකක්ද..?"


    "ඉපදුන දවසෙ ඉදලා මගේ අහිංසක මහත්තයා අම්මා කියලා කිව්වෙ නෝනටනේ දෙයියනේ.. අනේ.. මේ කොහේවත් තියෙන තරහක් ඇයි මේ අහිංසකයෙකුගෙන් ගත්තේ.."


    ජීවිත කාලයක් හරි අවුරුදු ගානක් හරි හැංගිලා තිබ්බ රහසක්, දිය යට ඔබලා තිබ්බ රබර් බෝලයක් උඩට මතුවුණා වගේ හිතපු නැති වෙලාවක එළියට ඇවිල්ලා තිබුණා.. මනී පෙට්ටි සිය දහස් ගානක බර මේ පුංචි පපුව උඩට දැනෙද්දි මං දත් ඇදි දෙක තද කරලා හපන්න ගත්තා.. දෙයියනේ.. පියවි සිහියෙන් අහගෙන, දරාගෙන ඉන්න පුළුවන් දෙයක්ද මේ මං ඇහුවේ..


    "අනේ අම්මේ.. ඇයි බන්ටිට ඒ වගේ කතාවක් කිව්වේ..? ඔයා කිව්වෙ බොරුවක් කියලා කියන්න අම්මේ.. අනේ අම්මේ.. ඔයා ඒ කෙරුවෙ මහ භයානක විහිලුවක් කියලා කියන්නකෝ.. එයා ඔයාගෙ නෙමෙයි කියලා, අම්මා කොහොමද කියන්නේ..? අනේ ඒ මගෙ අහිංසක බන්ටි මල්ලිනේ.. මට මතක තියෙන දවසෙ ඉදලා මගේ පස්සෙ වැටීගෙන ආපු රත්තරං මල්ලිනේ.."


    මෙච්චර වෙලා නිහඩ වෙලා හැමදේම අහගෙන ඉදපු අක්කා කෑගහගෙන දුවගෙන ඇවිත් අම්මගෙ අතේ එල්ලුණා.. ඒත් අම්මා වචනයක්වත් කතා කලේ නෑ.. තාමත් නොනැවතී ගලාගෙන යන කදුළු අතරින් මං ඒ හැමදේම දැක්කෙ බොදවෙලා වගේ.. දෙයියනේ.. මගේ අහිංසක පපුවට මොන තරම් දරුණු වේදනාවක්ද මේ දෙන්නේ..


    "මොකක්ද අම්මෙ ඒ කතාවෙ තේරුම..? ඔයා මොකක්ද මේ කතා කරන කැත විදිහ..? කරුණාකරලා මට කියන්න ඔයා මේ බන්ටිට කරපු චෝදනාව මොකක්ද කියලා.. බන්ටි ඔයාගෙ නෙවෙයි නම්, බන්ටි කාගෙද..? අනික බන්ටි කාගෙ උනත් ඔයාට අයිතියක් නෑ අම්මෙ මේ වගේ අහිංසකයෙක්ගෙ හිත කඩලා දාන්න.. ඔයා හිතනවද මේ කරපු නින්දිත කතාවෙන්, මේ ගෙදරට හෙට ඉර පායයි කියලා.. නෑ.. අම්මෙ කවදාවත් නෑ.. මේ බන්ටිගෙ හිනාවෙනුයි මේ ගෙදර හැමදාම ස්තෝසෙ උතුරලා ගියේ.. ඔයා ඒක විනාශ කරා අම්මේ.. ඔයා ඒක විනාශ කරා.."


    වැදිච්ච පාරෙ නපුරු කමට මං අනාථ වෙලා ඉද්දි අයියත් කතාව මැදට පැන්නා.. ඒ වෙනකොට නම් අම්මගෙ මූණෙ තිබ්බ වියරු ගතිය මැකිලා ගිහින් තිබුණා..


    "ම.. මම නෙමෙයි රසික මේ ගෙදර සන්තෝසෙ විනාශ කරේ.."


    හීන් කෙදිරිල්ලක් වගේ අම්මගෙ කටහඩ හුග වෙලාවකට පස්සෙ මට ඇහුණා.. ඒත් ඇත්තටම මට කෙදිරි ගාන්නවත් පණක් තිබ්බෙ නෑ..


    "එහෙනම් කවුද..? එහෙනම් කවුද..? තරහා වෙන්නෙපා අම්මේ.. බන්ටි කියන්නෙ මගෙ මල්ලි.. අර සමුදිනී කිව්වා වගේ මේ පුංචි කොල්ලා හැමදාම මගේ පස්සෙන් හිටියා.. හැලෙන ජංගි කොටේ අදින කාලෙ ඉදන්.. මං යන යන තැන මගේ පස්සෙන් ආවා.. මගේ සැපේදි කොහොම උනත් මගේ හැම දුකේදිම මේ අහිංසකයා හිටියා.. අනික මං මේ ටික කියන්නෙ තාත්තට.. ඔයා පිරිමියෙක් නේද තාත්තේ..? මේ කැත විදියට අම්මා, මල්ලිට කතා කරද්දි ඔයා බලන් ඉන්නෙ ඇයි..? ඔයාගෙ වයිෆ්ව කන්ට්‍රෝල් කරන්න තරම් ශක්තියක් ඔයාට නැද්ද..? තව ටික දවසකින් අම්මා කියයි මායි, සමුදිනියි ඔයාගෙ නෙමෙයි කියලා.."


    "රසික.. ඔය කතාව දැන් නවත්තන්න.. දැන් ඕක ඇති.."


    "නෑ.. අම්මේ නෑ.. මේ හැමදේටම උත්තර ඕන.. බලන්න අර පේ බන්ටි දිහා.. ඔලුව උසස්ලා බලන්න අම්මේ.. ඒ අපි හැමෝගෙම සන්තෝසෙ.. ඔයා ඔය තරම් නින්දිත කතාවක් කියලා නැති කෙරුවෙ ඒ සංතෝසෙ.. ඇ.. ඇයි අම්මෙ එහෙම කරේ.. අපේ ගෙදර සන්තෝසෙට එහෙම කරේ ඇයි..? ඔයා මොකක් හරි රහසක් රැක්කා නම් ඒක මැරෙනකල්ම තියන් ඉන්න තිබුණා.. රකින්න තිබුණා.. පොරොන්දුවක් නම් එහෙමයි.. ඒත් ඇයි අම්මේ.. බන්ටිගෙ හිත කැඩුවේ.. ඒමගේ මල්ලිනේ අම්මේ.. ඔයා නෑ කියලා කිව්වත් ඒ මගේ මල්ලි.. මගේ පස්සෙන් වැටි වැටි දුවන් ආපු පුංචි එකා ඒ.."


    තවත් දුරට මේ හැම දෙයක්ම දරාගනෙ ඉදීමේ ශක්තියක් මට තිබ්බෙ නෑ.. හිටපු ඉරියව්වෙන්ම මං ආපිට හැරුණා.. ඒ බේබි නැන්දා ළගට යන්න.. ඒ වෙනකොට එයා අම්මා ළගින් නැගිටලා තිබුණා..


    "බේ..බි.. නැන්දේ..?"


    "අනේ මගෙ බුදු මහත්තයෝ.. අනේ දෙයියන්ගෙ නාමෙට නාඩා ඉන්න මගේ දෙයියෝ.."


    මාව තුරුලු කරගෙන අඩන බේබි නැන්දගෙ කදුළු ගංගාවෙන්, මාගේ මුළු ආත්මෙම දිය වෙලා යන්න පටන් අරන් තිබුණා.. ඒත් මං ඒ වැහැරුණු අතකින් හයියෙන් අල්ල ගත්තා..


    "ම.. මං මගේ හැම දුකක්ම සතුටක්ම කිව්වෙ ඔයාටයි බේබි නැන්දේ.. අ.. අදත් මේ බන්ටි එදා වගේම ඒ දේ කරනවා.. ඔයා දන්නවද.. ඔයා දන්නවද මගේ අම්මා කියනවා මං එයාගෙ දරුවෙක් නෙමෙයිලු.. අනේ බේබි නැන්දේ.. මං දස මාසේ උරේකත්වා කියලා අත් දෙක එකතු කරලා වැදපු රත්තරං මනුස්සයා මට කියනවා මං එයාගෙ නෙමෙයිලු.. නේ.. මං කාගෙද බේබි නැන්දේ.. මං කාගෙද..?"


    හිතේ තිබ්බ හැම ශක්තියක්ම එළියට අරගෙන මං කෑගහලා ඇහුවා.. අසරණ කදුළකට මුළු ආත්මයම දිව්රුම් දීලා තියෙද්දි, මේ මට හිමි තැන නෙමෙයි කියලා සිය දහස් වරේ දැනෙද්දි මං වෙව්ලලා ගියා.. අනේ දෙවියනේ.. මහ ලොකු උජාරුවකින් පපුව ඉස්සරහට දාගෙන මම ඉදලා තියෙන්නෙ මට හීනෙකින්වත් අයිති නැති තැනක..


    "ඔයා අපි හැමෝගෙම රත්තරං මහත්තයෝ.. අනේ ඔහොම කතා කරන්නෙපා දෙයියනේ.. මගේ පපුව පැලෙන්න එනවා.."


    "ඔයාගෙ පපුව පැලෙන්න එනවා බේබි නැන්දේ.. ඒත් ඔයාට පේන්නෙ නැද්ද බන්ටි මහත්තයගෙ පපුව පැලිලා ලේ ගලන හැටි.. මෙච්චර පුංචි පපුවකට වැදිලා තියෙන විෂ ඊතල ඔයා දැක්කෙ නැද්ද බේබි නැන්දේ..?"


    "බ..න්..ටී.."


    මෙච්චර වෙලා නිශ්ශබ්ද වෙලා පාඩුවෙ, හැමදේම රසවිදපු තාත්තගෙ කටහඩ මට ඇහුණා.. ඒත් මං හැරිලාවත් බැලුවෙ නෑ.. ඒ මූණෙ තියෙන වංකකම ගැන ඒ වෙනකොට මං හුගාක් දේ හිතලා තිබුණා.. ඔයාට අම්මා ඉස්සරහ මං වෙනුවෙන් එක වචනයක්වත් කතා කරගන්න බැරිවුණා තාත්තේ..


    "අනේ ලොකු මහත්තයා.. අපි බන්ටි මහත්තයව කාමරේට එක්කගෙන යමු.."


    අඩු ගානෙ බේබි නැන්දට තිබ්බ ශක්තියවත් තාත්තට තිබ්බෙ නෑ.. දෙදරලා ගියපු හදවත ඇතුලෙනුත් මගේ හිතට ආවෙ ඒ ගැන ලොකු පිළිකුලක්..


    "ඕන නෑ බේබි නැන්දේ.. අම්මා කෙනෙක් නැති මං වගේ එකෙකුට කාමර ඕන නෑ.. ඒවා මේ ගෙදර අයිතිකාරයො භුක්ති වින්දාවේ.. ඒත් මට එකම ප්‍රශ්නයක් තියෙනවා.. මේ හැමදේම දාලා යන්න කලින් මට ඒ දේ දැනගන්න ඕන.."


    "බන්ටි.. ඔයා මොනවද මේ කියවන්නේ..? අපිව දාලා ඔයා කොහේ යන්නද..? අනේ හොද බන්ටි වගේ වේචච දේවල් අමතක කරලා දාලා, අපි ආයෙත් ඉස්සර වගේ ඉමු.."


    ටිකක් එහායින් ඉදපු අක්කා ඇවිත් මගේ අතකින් අල්ල ගත්තා.. ඒ අත ආපිටට තද කරලා අල්ලල මං ආයෙමත් අතෑරලා දැම්මා.. ඇත්තටම මට ඕන උනේ ප්‍රශ්නෙට උත්තරේ විතරයි.. මෙච්චර දවසක් ඔරලෝසුවෙ කට්ට වගේ හැම වෙලාවෙම ගමන් කරපු මගේ ජීවිතේ නැවතුණා කියන්න මං දැනන් හිටියා.. මං ආයෙමත් අම්මා දිහාට හැරුණෙ ඒකයි.. ඇත්තටම තවත් කතා කරන්න හුගාක් දේවල් තිබ්බෙ නෑ.. තිබුණා නම් ඒ බොහොම ඩිංගයි..


    "ම.. මං ඔයාගෙ නෙමෙයි නම් මං කාගෙද අම්මේ..?"


    කිරි ඉල්ලලා අඩන පුංචි එකෙක් වගෙ මං අම්මා ළගට ගිහින් ඇහුවා.. ඒ වචනවල තිබ්බ අසරණකමට මටම ඇඩුම් ආවා.. නැවත වාරයක් ආයෙත් ආයෙත් ගින්දර වගේ කදුළු කැට ඇස් පලාගෙන මතුවෙද්දි ඔලලුව කෙලින් තියාගෙන කතා කරන්න මං අසීරු උත්සාහයක් ගත්තා..


    "අඩුගානෙ ඒකට උත්තරේකුත් නැත්නම්, ඔයා මගේ අම්මත් නෙමෙයි නම්, ම.. මගේ තාත්තා කවුද කියලවත් මට කියනවද..?"


    ඒ වෙනකොට දරාගැනීමේ උපරිම සීමාවට මං ඇවිල්ලා හිටියා.. වැදිච්ච පාරෙ තිබ්බ නපුරු කමට, මගේ මුළු ජීවිතේම විනාස වෙලා යන්න තිබ්බෙ තව තත්පරයයි.. තමන්ගෙ කටින් පිටවෙච්ච වචන ගැන අම්මා දැන් හොදටම පසුතැවෙනවා කියලා ඒ මූණ බලද්දි මට තේරුණා.. ඒත් කියපු වචනයක් ආයෙ ගොඩට අදින්න බෑ.. නොතේරෙන සන්ධියෙ ඉදලා ආදරෙන් මං අම්මා කියපු ආදරණිය කාන්තාව, මාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.. තවත් මේ ලෝකෙ මං මොනවා ගැන විශ්වාසයක් තියන්නද..?


    "අපි ඔය කතාව නවත්තමු බන්ටි.. අපි මේ හැම දෙයක්ම අමතක කරමු.. කවුරු මොනවා කිව්වත් ඔයා මගේ මල්ලි.. කවුරු ඔයා එපා කිව්වත් ඔයා මගේ පුංචි එකා.. කවුරු ඔයා අතෑරියත් මං ඔයාව අතාරින්නෙ නෑ.. එන්න යං.. අපි මේ හැම දෙයක්ම අමතක කරලා දාලා කෑම කමු.."


    අයියගෙ කතාව කොයි තරම් හැගීම්බර උනත් මගේ හිතට කිසිම හැගීමක් ආවෙ නෑ.. ජීවය හිස්වෙච්ච කදුලු ඇස් දෙකෙන් මං බිම බලාගත්තෙ ඒකයි..


    "ආ.. අම්මේ.. ඔය හැමදේම කිව්ව වගේ මට ඒකවත් කියන්න බැරිද..? එක තත්පරයෙන් ඔයාගෙ ලෝකෙන් මං එළියට ඇදලා දැම්මා වගේ මේ ගෙයිනුත් මාව එළියට දාලා ඉවරයි.. දැන් ඔයා, ඔය සද්ද නැතුව ඉන්නේ.. මං අම්මෙකුත් නැති, තාත්තෙකුත් නැති අවජාතක කාළකණ්නියෙක් හින්දද..?"


    "බ..න්..ටී.."


    මගේ පපුවට වැදුණු විෂ ඊතලවලටත් වඩා අමරණීය විෂ ඊතල ටිකක් මං ආපහු යැව්වා.. ඒවා නියම තැනට වැදිලත් තිබුණා.. තාත්තා මහ හයියෙන් කෑගැහුවෙ ඒකයි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතනින් ඒ මගේ මලයි 2 ඉවරයි.. ඒ මගේ මලයි 3 අලුත් ත්‍රෙඩ් එකක දාන්නම්.. දාලා ඒ ත්‍රෙඩ් ලින්කුව මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්නම්.. :)

    scaled.php

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Machan. Marama kathawakne. Iye ra indan man me kotas dekama kiyewwa. Me kathawa umbamada machan liyanne? Umbata marama talent ekakne thiyenne. Ikmanata ithuru tikath dapan. Mewata nodena REP kannada bun. :)

    Eth umbata rep denna balu machan. :(
     

    blue_in_rio

    Well-known member
  • මෙතනින් ඒ මගේ මලයි 2 ඉවරයි.. ඒ මගේ මලයි 3 අලුත් ත්‍රෙඩ් එකක දාන්නම්.. දාලා ඒ ත්‍රෙඩ් ලින්කුව මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්නම්.. :)

    scaled.php



    උඹටත් එසේම වේවා මචන් !! :cool::cool::cool::cool::cool:

    අලුත් එකේ ලින්ක් එක PM කරපන් හොඳේ..... :):)
     

    Rajitha(HMRP)

    Member
    Nov 30, 2011
    590
    94
    0
    අපේ ගෙදර
    මෙතනින් ඒ මගේ මලයි 2 ඉවරයි.. ඒ මගේ මලයි 3 අලුත් ත්‍රෙඩ් එකක දාන්නම්.. දාලා ඒ ත්‍රෙඩ් ලින්කුව මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්නම්.. :)

    scaled.php


    උඹටත් එසේම වේවා මචන්:):):)
    ඉක්මනට ලින්කුව පෝස්ට් කරන්න:D:D:D
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    very nice story brother. pattata kathawa yanawa.bebi nanda thamai bantige amma needa? ;)

    oka eka uba kamathi widihakata geniyapan.mama ubata podi suggestion ekak denawa.meka machan aluth thread open karanna epa.okkoma ekama thread ekaka post karapan.kathawa iwara una dawasata api okkoma kathawa thiyana post tika thanithread ekakata aragena mee thread eka comment thread eka widihata geniyamu.ethakota ubage kathawata tiyana illumath wadi wenawa.eka moderator kenekuta kiyala karaganna puluwan deyak.a nisa digatama ma thread eka update karapan.

    keep it up
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් දවස් ගානකින් බැලුවේ නෑ,,ඊයේ රෑ 2.30 බලල නිදාගන්න යනකොට පට්ට සිර ඇඩෙනවා මචන් තනි ඇහැට..ඉතුරු ටිකත් දාපන්කෝ බන්...
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හප්පේ ඇති යන්තං. මේ බලාගෙන හිටියෙ කොයි වෙලේද කියලා ඉතුරුටික කියවන්න ලැබෙන්නෙ.