෴♥ ඒ මගේ මලයි 3 ♥෴
මේ ඒ මගේ මලයි 1 සහ 2 කොටස්..
"බන්ටි.. දැන්වත් ඔය කතාව නවත්තන්න.. ඔයාට ඔහොම කැත විදියට කතා කරන්න කිසිම අයිතියක් නෑ.. ඒ වගේම ඔයා මතක තියාගන්න, කවුරු නැති උනත් මම ඔයාට ඉන්නවා කියලා.."
"කවුරු මට හිටියත් වැඩක් නෑ තාත්තේ.. අනික කතාව මට නවත්තන්න කියන්නේ.. මේක පටන් ගත්තෙ මම නෙමෙයිනේ.. මට ඕනෙ මං අහපු ප්රශ්නෙට උත්තරේ විතරයි.."
'බන්ටි' කියලා කෑගහගෙන, වීරයෙක් වගේ මං ඉස්සරහට තාත්තා ආවත්, මගේ කතාවෙන් එයා නිරුත්තර උනා.. මං ආයෙත් අම්මා දිහා බැලුවෙ ඒකයි..
"උත්තර ඔයාට ඕන නෑ බන්ටි.. දැන් ඒ කතාව ඉවරයි.. මං ආයෙ ඔය ගැන කතා කරන්නෑ.."
මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන අම්මා කිව්වා.. මෙච්චර වෙලා, සීතල වෙලා, ගල් ගැහිලා තිබ්බ මගේ ඇගේ ඉතුරු ලේ ටික රත්වෙනවා වගේ කියලා මට තේරුණා.. අනිත් දේ තමයි ජීවිතෙ ඉස්සරහින් තිබ්බ ලස්සන සුභ හීනෙ, ඇස් ඉස්සරහ කඩාගෙන වැටුණට පස්සෙ, ජීවිතේ ගැන තවත් හිතන්න දෙයක් මට තිබුණෙ නෑ.. මං කියන දේවල් වලින් රිදෙන්නෙ කාගෙ හිතද කියලවත් මට හිතන්න ඕන උනේ නෑ.. මොකද ඒ වෙනකොට හිතන්න තරම්වත් හිතක් මට ඉතුරු වෙලා තිබ්බෙ නැති හින්දා..
"කතා නොකර ඉන්නෙපා අම්මේ.. මගේ හොද අම්මා වගේ කතා කරන්න.. ඔයා ඇයි මෙච්චර දවසක් මගේ කටින් අම්මා කියන වචනෙ අහ, අහ මහ අමාරුවෙන් ජීවත් උනේ.. මගේ කටින් අම්මා කියලා කියවෙන වාරයක් වාරයක් පාසා ඔයාගෙ හිතේ කොයි තරම් පිළිකුලක් ඉපදෙන්න ඇත්ද..? මගේ බෙල්ල මිරිකන්න බැරි කමට ඔයා මෙච්චර දවසක් ඉවසන් ඉන්න ඇති.. ඒ.. ඒත්.. ඒත්.. ඇයි අම්මෙ මේක මට කලින් කියලා ඉවරයක් කලේ නැත්තේ..? මෙච්චර දුරට මේ අවජාතක කාලකණ්නියා ඇදගෙන ආවෙ ඇයි..? එහෙම ඇදගෙන ඇවිල්ලා මාව අතෑරලා දැම්මෙ ඇයි..?"
ඉවරයක් වෙන්නැති කදුළු වැලකින් ආයෙත් ඇස් වැහෙද්දි, මගේ හිත තවත් වියරු වැටුණා.. සුන්දර සමනළ පිහාට්ටක් උඩ, හිනාවෙවී ජීවිතේ අරගෙන ගියපු මගේ පුංචි ලස්සන ලෝකෙ දැන් සී සී කඩ ගිහින් ඉවරයි.. තවත් සිද්ධ වෙන්න කිසිම දෙයක් නෑ.. ඒත් මට.. අම්මෙක්, අප්පෙක් නැති මට, මං අම්මා තාත්තා කියලා කියපු අයගෙන්ම දැනගන්න හුගාක් දේවල් තිබුණා..
"අ.. අනේ බුදු මහත්තයෝ.. මහත්තයා හදන්නෙ මගේ පපුව පලන්නද..? දෙයියන්ගෙ නාමෙට ඔය කතාව දැන් නවත්තන්න.. මට තවත් ඕවා අහන් ඉන්න බෑ.."
මං හිතුවෙ නැති වෙලාවක බේබි නැන්දා දුවගෙන ඇවිත් මගේ කකුල් දෙක බදාගත්තා.. මගේ නොවුණත් මං මෙච්චර දවසක්, මං අම්මා කියපු, මනුස්ස දුවකටත් වැඩිය මට හැමදාම ආදරේ දුන්නු, අහිංසක බේබි නැන්දා කෑගහලා අඩද්දි මගේ කදුළු ගැනම මට ආවෙ තරහක්.. ඒ තරහෙන් මට මේ මුළු ගේම දාලා පුච්චලා දාන්න පුළුවන්කමක් තිබුණා..
"කමක් නෑ බේබි නැන්දේ.. මං හිතුවෙ මං කියන දේවල් කාට අහන් ඉන්න බැරි උනත්, කවුරු ඇහුවෙ නැති උනත් මගේ ළග බේබි නැන්දා හරි ඉදීවි කියලා.. ඒත් ඒකත් එහෙම නෑ.. මේ දුප්පත් පපුවට දැනෙන වේදනාව වචන වලින් හරි පිටකරලා දාන එක, මගේ පපුවට සැනසීමක් කියලවත් ඔයාට හිතෙන්නැද්ද..? ඔයාට තේරෙන්නෙ නැද්ද..? ඔයාට පේන්නෙ නැද්ද.? ඔයාගෙ පුංචි ලෝකෙ මහා ලොකු වීරයා ඩිංගෙන් ඩිංග විනාස වෙන හැටි.."
"අ... අනේ.. නෑ.. අනේ නෑ.. මගේ රත්තරං බන්ටි මහත්තයෝ.. ඔය කතාව හොදටම ඇති.. හොදටම ඇති.. අ.. අපි කාමරේට යමු.. අනේ අපි කාමරේට යමු.."
තාමත් කකුල් දෙක ළග වැටිලා කෑගහන අඩන බේබි නැන්දව, මං එයාගෙ උරහිස් වලින් උස්සලා නැගිට්ටුවා.. ඊට පස්සෙ ගෙදර හැමෝගෙම මූණු වලට තත්පරෙන් තත්පරේ මගේ ඇස් යොමු වුණා.. එයාලා හැම කෙනෙක්ගෙම ඇස් තිබ්බෙ මගේ මුණෙ.. මං කරන කියන දේවල් දිහා එයාලා හොදට බලාගෙන හිටියා..
"මට කාමරයක් කොහෙද තියෙන්නෙ බේබි නැන්දේ.. මාව දැන් මේ ගෙදරින් එළියට දාලා ඉවරයි.. ඒත් කමක් නෑ.. මං මෙච්චර කාලයක් අම්මා කියලා ආදරෙන් කතා කරපු, මේ රසිකගෙයි, සමුදිනීගෙයි විතරක් වෙච්ච අම්මා, එයාගෙ ලෝකෙන් මාව සදහටම එළියට දාලා ඉවරයි.. දැන් ඉතිං බේබි නැන්දේ.. ඔයාගෙ බන්ටිට.. මේ ගෙදර දාලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.."
කදුළු කැට එකින් එක වේලිලා යද්දි, හිත ඩිංගෙන් ඩිංග ගල් වෙද්දි, හිත ඇතුළට පොදි ගැහිලා තිබ්බ වචන එක පොදියට එළියට කඩාගෙන ආවා.. වෙනදා වගේ තෝරලා බේරලා කතා කරන්න තරමෙ හයියක් මගේ පුංචි ලෝකෙ ඇතුළෙ තිබ්බෙ නෑ..
"බ..න්..ටී.."
"අ.. අනේ ඔයා මොනවද මේ කියන්නේ..?"
"ගෙදරින් යන්න තරමෙ දෙයක් ඔයාට උනේ නෑ බන්ටි.."
"අ.. අනේ මහත්තයෝ.."
හැමෝම නා නා ප්රකාර කතා කියද්දි, මං ඔලුව උස්සලා අයියා දිහා බැලුවා.. ඒ මූණ හොදටම අදුරු වෙලා තිබුණා..
"අ..යි..යේ..! එදා වගේම අදත් මං ඔයාට එහෙම කතා කරනවා.. ඒත්.. මේ තැන, මට හිමි තැනක් නෙමෙයි.. මේ වගේ පරම පවිත්ර ගෙදරක් මං වගේ හිගන, අවජාතකයෙකුට ඉන්න ඩිංගක්වත් සුදුසු නෑ.. ඒකයි මං මෙහෙන් යන්නේ.. අනික අහිමි වීමක් ගැන දැනෙන්නෙ මහා ඉහළින් මට විතරයි.. ඔයාලට හිතෙන්නෙ පුංචි දෙයක් විතරයි.."
"නෑ.. නෑ.. බන්ටි නෑ.. ඔයා හිතන විදිය වැරදියි.."
"වැරදි නෑ අයියේ.. ඔයාලට නැතිවෙන්නෙ මං විතරයි.. මං කියලා කියන්නෙ, මෙලෝ වැඩකට නැති, හිගන ආත්මයක්.. ඒකෙන් කාටවත් වගතුවක් නෑ.. ඒත් මට අහිමිවෙන්නෙ මහා වටින කියන ඔයාලව.. මගේ පුංචි ලෝකෙට දේවතා එළි වගේ පාර පෙන්නපු ඔයාලව.. දැන් ඔයාට තේරෙනවා නේද අයියේ තියෙන වෙනස.. අනිත් දේ තමයි.. මට කියල මෙතන ඉදන් කිසිම කෙනෙක් නැති එක.. මගේ, විනාස නොවී ඩිංගක් හරි මොනව හරි තියෙනවා නම්.. ඒ ටික විනාස වෙන්න මේ හොදටම ඇති.."
"බ..න්..ටී.. දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නවත්තන්න.. මාව මරන්නද ඔයා හදන්නේ, ඔය වගේ කතා කියලා.. අපි කවුරුවත් ඔයාව අතෑරියෙ නෑ බන්ටි.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.. දෙයියන්ගෙ නාමෙට මං කියන දේ ඩිංගක් අහන්න.. අපි මේ ප්රශ්නෙ හෙමීට විසදගනිමු.. කෑ කෝ ගහලා මේක විසදගන්න බෑනේ.. ලොකූ.. ඔයා ගිහින් ඉස්සරහ දොර වහලා යතුර අතට ගන්න.. ඔයාට අපිව දාලා යන්න බෑ බන්ටි.. ඔයාට එහෙම කරන්න බෑ.."
"බැරි නෑ අක්කේ.. බැරි නෑ.. ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්.. පුංචිම කාලෙ ඉදලා මං අම්මා කියපු මේ රත්තරං මනුස්සයා.. මගේ අම්මා නෙමෙයි කියලා කියද්දි, මං එයාගෙ බන්ටි නෙමෙයි කියලා කියද්දි, හිගන පැටියෙක් වගේ මට මේ ගෙයින් එළියට බැහැලා පලයං කියද්දි.. මට ඔයාලා විතරක් නෙමේ.. මට මගේ ජීවිතෙත් දාලා යන්නයි හිතෙන්නේ.."
"අ.. අනේ.. බ.. න්ටී.."
"කෝ.. අයින් වෙන්න අක්කේ.. කෝ ඉතිං.."
මගේ ඉස්සරහම ඉදපු බේබි නැන්දවයි, අක්කවයි තල්ලු කරගෙන වගේ මං ඉස්සරහ දොර ගාවට ආවා.. මෙච්චර වෙලා කිදුරා මැරිලා වැටුණ ශෝක ජනක නාට්ටියෙ කිදුරිය වගේ පැත්තකට වෙලා හිටපු කෙනෙක්.. අන්තිම තත්පරේදි කරලියට ආවා.. ඒ තමයි මං මෙච්චර දවසක් තාත්තා කියලා කතා කරපු ආදරණිය මනුස්සයා.. මගේ හැම දුකක්ම, හැම ප්රශ්නයක්ම තමන්ගෙ පපුව උඩින් තියන්න කියලා මාව පොරොන්දු කරව ගත්තු කෙනා.. ඒත් එයාම ඉස්සරහ, මං අවලංගු කාසියක් වෙලා පැත්තකට වැටෙද්දි, මට පාර පෙන්නන්න එයාට කළාමැදිරියෙක්වත් වෙන්න බැරිවුණා..
"බන්ටි.. කොහෙද යන්නේ..?"
මගේ ඉස්සරහට ඇවිත් සාලෙ දොර ආවරණය වෙන විදියට තාත්තා හිටගත්තා..
"යන්න නම් තැනක් නෑ.. ඒත් මාව මේ ගෙයින් එළියට ඇදලා දාලා ඉවරයිනේ.. තවත් ඇයි මං මේ ගෙදර ඉන්නේ..? අනික මං, ඔයාලගෙ කවුරුවත් නෙමෙයිනේ.. මේ ඇහිච්ච කතා අනුව, බන්ටි කියලා කියන්නෙ පිනට හදාගත්තු එකෙක්නේ.."
"බ..න්..ටී.."
"තව හයියෙන් බන්ටි කියලා කියන්න.. මොකද අදින් පස්සෙ බන්ටි කියලා කතා කරනකොට, දුවගෙන එන්න මොකෙක්වත් නෑ.. ඒ වගේම ඔයාලට කරදර කරන්න කවුරුවකුත් නෑ.. ඔයාලට දෙයියනේ කියලා නිවි සැනසිල්ලෙ මේ බංගලාවෙ ජීවත්වෙන්න පුළුවන්.."
"බන්ටි.. ඔය කැත කතාව නවත්තනවා නම් හොදයි.. ඔයා මොනවද මේ කියවන්නේ..? මෙච්චර වෙලා, හිතේ දුකක් ආව නම්, තියෙනවා නම් ඒක ඉවර වෙනකල් මං ඔයාට කියවන්න දුන්නා.. හොදට මතක තියාගන්න.. හොදට.. ඉතාම හොදට.. ඔයා පිනට අරන් හදාගත්තු ළමයෙක් නෙමෙයි.. ඔයා ඔය හිතන විදියෙ අවජාතක ළමයෙකුත් නෙමෙයි.."
මෙච්චර වෙලා මං මගේ බිදිලා වැටුණු ජීවිතේ පැත්තෙනුයි, කදුළු මැද්දෙනුයි අහපු දේවල් වලට අම්මවත්, තාත්තවත් උත්තර දුන්නෙ නෑ.. ඒත් මේ ගේ අතෑරලා දාලා මං අභිනිෂ්ක්රමණය කරනවා කියලා කිව්වාම ඒ නැතිවෙච්ච උත්තර තාත්තා ළගට ඇවිත් තිබුණා..
"මං අවජාතක ළමයෙක් නෙමෙයි නම් මං කාගෙද..?"
"ඔයා මගේ බන්ටි.. ඔයා මගේ.. ඔයාගෙ ඇගේ දුවන්නෙ රසිකගෙයි, සමුදිනීගෙයි වගේම මගේ ලේ.. ඔයා වෙන කාගෙවත් නෙමෙයි.. ඔයා මගේ.."
මෙච්චර වෙලා තිබ්බ බොරු සන්සුන්කම පැත්තකට දාලා තාත්තා ගේ දෙවනත් වෙන්න කෑගහද්දි, අම්මා හිමින් සීරුවෙ එයාගෙ කාමරේ දිහාට ඇවිදන් යනවා මං දැක්කා..
"බ..න්..ටී.. ඔයාගෙ නම්.. අම්මා කලින් කියපු කතාවෙ තේරුම මොකක්ද තාත්තේ..? ඇයි මේ වගේ අප්රසන්න දේවල් මේ ගෙදර වෙන්න දෙන්නේ..? ඇත්තටම මොනවද මේ හතරබීරි කතා..?"
මං අහන්න කියලා හදපු ප්රශ්නෙ අයියා කිසිම ලෝබකමක් නැතුව තාත්තගෙන් ඇහුවා..
"රසික..? මං කියන්නෙ හරිදේ.. ඔයාගෙයි, සමුදිනීගෙයි වගේම බන්ටිගෙත් තාත්තා මම තමයි.. ඒ ගැන කිසිම අවිශ්වාසයක් කවුරුත් තියාගන්න ඕන නෑ.. ඒ වගේම බන්ටි කොහේවත් යන්න ඕනත් නෑ.."
"බන්ටි කොහේ යන්නද තාත්තේ..? එයා ඉන්න ඕන මේ ගෙදරම තමයි.. ඒත් අම්මා කියපු කතාවෙ තේරුම මොකක්ද..? ඇයි අම්මා ඒ වගේ පහත් කතාවක් කියලා බන්ටිව රිද්දුවේ..? බන්ටි, අම්මට මුකුත් කෙරුවෙ නෑනේ..?"
"මොකක්ද අම්මා කිව්වේ..?"
"තාත්තට ඒ ඩිංගට ඒකත් අමතක වුණාද..? අම්මා කිව්වෙ බන්ටි එයාගෙ නෙමෙයි කියලා.. තාත්තා කියනවා බන්ටි ඔයාගෙ කියලා.. බලන් ගියාම මේක මහ හරස් පද ප්රහේළිකාවක්නේ.. නැද්ද බන්ටි..?"
අයියගෙ කතාව නම් සුපුරුදු රටාවට එන්න අරන් තිබුණා.. හිතේ දුක කොයි තරම් උතුරලා පිටාර ගැලුවත් මාත් මගේ සුපුරුදු සන්සුන්කමෙන් ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.. උඩින් බලන අයට මගේ ඒ සන්සුන්කම මහා ප්රාතිභාර්යයක් වගේ පෙනෙයි.. ඒත්.. මගේ විනාස වෙලා ගියපු පුංචි හිත ඇතුළෙ බුර බුරා ඇවිලෙන ගිනිදැල් කාටවත් පේන්නෙ නැතිවෙයි..
"ඔව් අයියේ.. ඔයා කියනවා වගේ මේවා හරස්පද ප්රහේලිකා තමයි.. ඒත්.. ඒ ප්රහේලිකා විසදන්න මට ඕන නෑ.. ඒත් මං මගේ පුංචි ලෝකෙ.. මහා වීරයෙක් කියලා හිතන් හිටියෙ ඔයයි, තාත්තේ... ඔයාට මතකද, ඔයා මට කිව්වා, මගේ ඕනම ප්රශ්නයක් ඔයාට කියන්න කියලා.. මගේ ඕනම දේකට කවුරු නැති උනත් ඔයා ඉන්නවා කියලා.."
"ඔව්.. මං එහෙම කිව්වා.. ඒක හරි.. ඔයාගෙ ඕනම දේකට මං ඉන්නවා බන්ටි.. ඔයා දන්නෑ.. ඔයා දන්නෑ අද වෙනකන්, මං ඔයා වෙනුවෙන් කොයි තරම් කැප කිරීම් කරලා තියෙනවද කියලා.. ඔයා වෙනුවෙන් මං කොයි තරම් දුක් වින්දද කියලා.. ඔයා ඒ කිසි දෙයක් දන්නෑ.."
"ඔයා මං වෙනුවෙන් දුක් විදින්න ඇති.. කැප කිරීම් කරන්නත් ඇති.. ඒත්.. මේ පවුල ඇතුළෙම, මං මේ වගේ තත්වෙකට පත්වෙන කොට.. කාත් කවුරුවත් නැති හිගන පාංකඩයක් වගේ වෙනකොට, ඔයාගෙ කැපකිරීම්වල වටිනාකමට මොකද වෙන්නෙ තාත්තේ..? අඩු ගානෙ ඔයාට ඒ ගැනවත් හිතන්න තිබුණනේ.."
"හුගාක් දේ මං හිතුවා බන්ටි.. තාමත් හිතනවා.. මං ඒ හිතුවා වගේ දෙගුණයක් අම්මත් හිතුවා.. තාමත් හිතනවා.. ඒකයි අදටත් මේ පවුල මෙහෙම රැකිලා තියෙන්නේ.. ඔයා ඒ ගැන මුකුත්ම දන්නෑ.. මොන දේ උනත්, අම්මා මොන දේ කිව්වත්, ඔයා අම්මත්තෙක්ක තරහා වෙන්නෙපා.. එයාට ඕන දෙයක් කියන්න අයිතියක් තියෙනවා, ඔයා අම්මගෙ නොවුණත්.. එයා, ඔයාට කිසිම අඩුවක්, වෙනසක් කරේ නෑ.. මං ඒක හොදටම දන්නවා.. රසිකටයි, සමුදිනීටයි වැඩිය ඔයාට, අම්මා සලකනවා.. ඔයා ගැන හොයලා බලනවා, මං මගේ ඇස් දෙකටත් දැකලා තියෙනවා.. ඒක හින්දා ඔයාට ඔහොම කතා කරන්න බෑ බන්ටි.."
තාත්තා හුගක් දේ කියවගෙන ගියා.. ඒ කියපු හැමදේටම මගේ ළග උත්තර ඕනවටත් වැඩි ප්රමාණයක් තිබුණා.. ඒත් ඒ උත්තර පැත්තකින් තියලා මං තාත්තගෙන් ඇහුවෙ ප්රශ්න දෙකක් විතරයි.. මොකද මේ හැමදේකම දැන් අවසානයක් තියෙන්න ඕන කියලා මගේ හිතට තෙරුණ නිසා..
"එතකොට කවුද තාත්තෙ මගේ අම්මා..? ඇයි එයා මේ වෙලාවෙ මගේ ළග නැත්තේ..?"
මෙච්චර වෙලා එළියට දාගන්න බැරිව තටමපු හුගාක් දේ ඒ ප්රශ්න දෙකේ ඉතිරිවෙලා තිබුණා.. අයියා උනත්, අක්කා උනත්, බේබි නැන්දා උනත් කෙලින්ම බලන් හිටියෙ තාත්තා දිහා.. කොයි මොහොතෙ, මොන වගේ දෙයක් එයාගෙ කටින් පිටවේවිද කියලා අපි හැමෝම බලන් හිටියෙ ලොකු නොඉවසිල්ලකින්.. ඒක තේරුම් අරගෙන වගේ තාත්තා කතා කලා..
"මේ හැමදේටම වැරදිකාරයා මමයි බන්ටි.. ඒ දේට මට කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නෑ.. ඇත්තටම ඔයාගෙ අම්මට දීපු දුක් ගින්දර වල පව්, මට ලබන ආත්මෙටත් කර ගහගෙන යන්න වෙයි.. ඒක මං හොදට දන්න දෙයක්.. මට හොදට දැනෙන දෙයක්..ඒත් මං මේ දේ ඔයාලට කියන්න ඕන.. මොන දේ උනත් මට බන්ටි නැතුව ඉන්න බෑ.. හැබැයි බන්ටි.. මං මේ හැම දෙයක්ම කියන්න කලින් ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕන.."
"ඒ මොකක්ද..?"
හැම පොරොන්දුවක්ම, කඩවුණු පොරොන්දුවක් වෙද්දි, මට ඕනවෙලා තිබ්බෙ මගේ අම්මා කවුද කියලා දැනගන්න.. ඒක ඕනම ජීවියෙකුට පොදුවෙ එන ප්රශ්නයක්නේ..
"ඔයා අපිත්තෙක්කම ඉන්නවා කියලා.. කවදාවත් අපිව දාලා යන්නෑ කියලා.."
"ඒක මට පොරොන්දු වෙන්න බෑ තාත්තේ.. ඒක පස්සෙ ගන්න තීරණයක්.. නමුත් මං අහපු දේට උත්තරයක් දැනගන්න මට ශුද්ධ අයිතියක් තියෙනවා.. මගේ අම්මා කවුද තාත්තේ..? එයා ඇයි අපි ළග නැත්තේ..? මෙච්චර කාලයක් මාව නොබල එයා හිටියෙ කොහොමද..? එයා ඇයි මාව අතෑරලා දැම්මේ..?"
තව එක තත්පරයක්වත් බන්ටි ඉවසන්නෙ නෑ කියලා මගේ කතාවෙන්ම තාත්තා තේරුම් ගත්තා.. ඒක හන්දද කොහෙද එයා හොදට උගුර පාදා ගත්තා..
"රසිකයි, සමුදිනියි හම්බවුණාට පස්සෙ, අම්මට ආයෙ දරුවො හදන්නෙපා කියලා ඩොක්ටර්ස්ලා අපිට අවවාද කලා.. මොකද ඒකෙන් අම්මගෙ ජීවිතේට හානියක් වෙන්න තියෙන හැකියාව ඉතා වැඩියි කියලා.. ඇත්තටම අම්මා තවත් දරුවෙක් හදන්න පුළුවන් තත්වෙක හිටියෙ නෑ.. එත්.. තවත් කොලු පැටියෙක්ට මම හුගක් ආසාවෙන් හිටියා.. මගේ ඒ ආසාව දවසින් දවස වැඩි වුනා මිසක අඩුවුණේ නම් නෑ.. ඒත් ඒ දේට මට අන්තිමේට ඉඩක් ලැබෙන්නෙ නෑ කියලා මං දැනන් හිටියා.. ඒවා මොනවා උනත්, තවත් දරුවෙකුට මගේ තිබ්බ කැමැත්ත ගැන හොදටම දැනගෙන හිටපු අම්මා, එයාගෙ ජීවිතේ ගැන එක බින්දු මාත්රයක්වත් නොහිතා, මාත්තෙක්ක එකතුවෙලා තව දරුවෙක් හදාගත්තා.."
හිතාගන්න බැරි පැත්තකට කතාව ඇදිලා යද්දි මට මුකුත්ම හිතාගන්න බැරිවුණා.. අයියා උනත්, අක්කා උනත් හිටියෙ ගල් ගිල්ලා වගේ.. කොටින්ම අපි හැමෝටම මේක අදහගන්න බැරි කතාවක් උනා.. ඒ කියන්නෙ, තවත් දරුවෙක්.. ඒත් දැන් ඒ දරුවා කෝ..?
මේ ඒ මගේ මලයි 1 සහ 2 කොටස්..
Code:
ඒ මගේ මලයි 1
http://www.elakiri.lk/forum/showthread.php?t=1394410
Code:
[SIZE=4]ඒ මගේ මලයි 2
http://www.elakiri.lk/forum/showthread.php?t=1400860[/SIZE]

Last edited: