෴♥ ඒ මගේ මලයි 3 ♥෴

blue_in_rio

Well-known member
  • Menna ෴♥ ඒ මගේ මලයි 3 ♥෴ book 3 & 4



    rep ekak denna :rolleyes:

    මචන්, උඹ මේ කරපු වැඩෙන් අපිට ඉක්මනට මේ කතාව බලන්න පුලුවන් වෙනවා වෙන්න ඇති.ඒත් මචන්, මෙච්චරකල් බඩියා අමාරුවෙන් කොට කොට දාපු ත්‍රෙඩ් එකේ අගයක් නැතුව යනවා.පව්නේ බන්.සිංහල අකුරක් ටයිප් කරන්න වෙන මහන්සිය ගැන දැනගන්න සිංහල අකුරු ටයිප් කරලම තියෙන්න ඕනා.මේවගේ දිග පොතක් සිංහල වලින් කොටන්න මොනතරම් මහන්සිවෙනවා ඇත්ද ?මේකෙන් වෙන්නේ උගේ ඒ මහන්සිය අවතක්සේරු වෙන එක.කරුණාකරලා මේ කොමෙන්ට් එකේ ලින්ක් එක අයින් කරපන්...... :oo::oo: ඒ මදිවට උඹ රෙපුත් ඉල්ලනවා.මොන තරම් කැත වැඩක්ද යකෝ..... :growl::growl::growl::growl::growl:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන්, උඹ මේ කරපු වැඩෙන් අපිට ඉක්මනට මේ කතාව බලන්න පුලුවන් වෙනවා වෙන්න ඇති.ඒත් මචන්, මෙච්චරකල් බඩියා අමාරුවෙන් කොට කොට දාපු ත්‍රෙඩ් එකේ අගයක් නැතුව යනවා.පව්නේ බන්.සිංහල අකුරක් ටයිප් කරන්න වෙන මහන්සිය ගැන දැනගන්න සිංහල අකුරු ටයිප් කරලම තියෙන්න ඕනා.මේවගේ දිග පොතක් සිංහල වලින් කොටන්න මොනතරම් මහන්සිවෙනවා ඇත්ද ?මේකෙන් වෙන්නේ උගේ ඒ මහන්සිය අවතක්සේරු වෙන එක.කරුණාකරලා මේ කොමෙන්ට් එකේ ලින්ක් එක අයින් කරපන්...... :oo::oo: ඒ මදිවට උඹ රෙපුත් ඉල්ලනවා.මොන තරම් කැත වැඩක්ද යකෝ..... :growl::growl::growl::growl::growl:
    :no::no::no::no::yes::yes::yes::yes::yes::yes::yes::no::no::no::no:
    සිර කතාව මචන් මල පනිනවනේ බන් මේ ටයිප් කිරිල්ලට.....මේවගේ වැඩ හොඳන බන් ඕවට මම කියන්නේ කෑ^%^ වැඩ කියල...
     

    blue_in_rio

    Well-known member
  • crazybuddy
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    උබ තමයි මේක පටන් ගත්තේ..උබම මේක ඉවර කරපන් මේකෙන්ම..අපි උබත් එක්ක ඉන්නවා...එක පාරට කියෙඋවම මේකේ ආතල් එක යනවා.එකක් කියවල ඊලග එක දානකන් කීපාරක් ත්‍රෙඩ් එකට එනවද දවසට.:no::no::no::no::no:

    උඹත් කරන කොමෙන්ට් එකක් මේ ලින්ක් එක අයින් කරලා කරපන්.....
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Menna ෴♥ ඒ මගේ මලයි 3 ♥෴ book 3 & 4





    rep ekak denna :rolleyes:

    මචන්, උඹ මේ කරපු වැඩෙන් අපිට ඉක්මනට මේ කතාව බලන්න පුලුවන් වෙනවා වෙන්න ඇති.ඒත් මචන්, මෙච්චරකල් බඩියා අමාරුවෙන් කොට කොට දාපු ත්‍රෙඩ් එකේ අගයක් නැතුව යනවා.පව්නේ බන්.සිංහල අකුරක් ටයිප් කරන්න වෙන මහන්සිය ගැන දැනගන්න සිංහල අකුරු ටයිප් කරලම තියෙන්න ඕනා.මේවගේ දිග පොතක් සිංහල වලින් කොටන්න මොනතරම් මහන්සිවෙනවා ඇත්ද ?මේකෙන් වෙන්නේ උගේ ඒ මහන්සිය අවතක්සේරු වෙන එක.කරුණාකරලා මේ කොමෙන්ට් එකේ ලින්ක් එක අයින් කරපන්...... :oo::oo: ඒ මදිවට උඹ රෙපුත් ඉල්ලනවා.මොන තරම් කැත වැඩක්ද යකෝ..... :growl::growl::growl::growl::growl:

    මේක අයින් කරපන් තරහ නැතුව..

    මචං අර Green Fairy කාරයා මාත් එක්ක තරහයි.. මූ මාත් එක්ක තරහා මං බ්ලොග් එක කරනවට.. මේකා SL අන්ලිමිටඩ් කියලා සයිට් එකක් කරනවා.. සල්ලි හොයන්න.. ඌ මට කලින් තියාම ලෙඩේ දැම්මා.. මම එක සැරයක් චැට දාද්දි බ්ලූ ඉන් රියෝටත් කිව්වා මතක ඇති මට මේ කතාව දානවට එකෙක් ලෙඩේ අදිනවා කියලා.. මට දවසක් මූ PM කරලා තිබ්බා මම උගේ කතා පොත් උගේ සයිට් එකෙන් උස්සලා ලියනවා කියලා..

    http://www.sl-unlimited.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra

    මේ ලින්ක් ටික ඌ මට එවලා තිබුනා.. මූ මචං මේ සයිට් එක කරන්නෙ සල්ලි හොයන්න.. ඒත් උගේ සයිට් එක බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.. මම මගේ බ්ලොග් එකේ කිසිම ඇඩ් එකක් දාලා නෑ.. මට සල්ලි වැඩක් නෑ.. බලපං බ්ලොග් එකට ගිහින් මම බොයිය දෙනවා නම්.. යන එවුන් දන්නවා.. මුගේ සයිට් එකට වඩා මගේ ලග ඕනම පොතක් තියෙනවා.. මං ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටියේ පස්සෙ මම මූට එතන තිබ්බ වෙබ් කැම් එකකින් ඒ නවල් වල ෆොටෝ ටිකක් අරගෙන සෙන්ට් කරා.. පස්සෙ මූට කරගන්න දෙයක් නැතුව රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ.. මූ ඔය ගේමට තමා ලින්ක් දාන්නේ.. ගනන් ගන්න එපා.. උඹලා මම දාන එව්වා කියවපං හැමදාම වගේ.. මම කතා එකක් ඉවර වෙන්න එකක් දානවා.. සල්ලි බලාගෙන නෙමෙයි උඹලගෙ සතුට වෙනුවෙන්.. ඒකයි කට්ට කාගෙන මම ටයිප් කරන්නේ.. මටත් පුළුවන් ස්කෑන් කරලා පිංතූර දාන්න.. ඒත් මචං එහෙම දැම්මම කියවනකොට ඇස් දෙක රිදෙනවා.. පට්ට අමාරුයි.. මට බොස් හැමදාම ලෙඩේ දානවා.. ඒත් මම මේක නවැත්තුවෙ නෑ.. උඹලා වෙනුවෙන් නිදාගන්නැතුව හරි ලියනවා.

    මේ මට ඌ එවපු මැසේජ් වගයක්

    post_old.gif

    Green Fairy
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 11
    Join Date: Mar 2012




    Re: මචං..? - 04-09-2012, 04:29 PM

    Quote:
    Originally Posted by crazybuddy
    කියන දෙයක් පැහැදිලිව කියන්නකො මචං.. මොකක්ද මම උස්සපු එක..?

    උඹේ බ්ලොග් එකෙයි, මේ සයිට් එකෙයි දාන නවල්ස් ඔක්කොම ගත්තේ sl -unlimited එකෙන් නේ.. ඉතින් අඩුම ගානෙ original uploadersලට තෑන්ක්ස් කරලවත් දාපන්



    Green Fairy
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 11
    Join Date: Mar 2012




    6.gif
    Re: මචං..? - 04-09-2012, 04:45 PM

    Quote:
    Originally Posted by crazybuddy
    කියන දෙයක් පැහැදිලිව කියන්නකො මචං.. මොකක්ද මම උස්සපු එක..?

    පොත් ගත්තට කමක් නැහැ මල්ලි අඩුම ගානෙ ඒ අයගේ මහන්සියට තෑන්ක්ස් කියලවත් දාන්න.. තාමත් මම කියන දේ ත්රෙන්නේ නැත්නම් මේ ලින්ක්ස් ටික බලන්නකෝ..
    මම මේ ගැන පුද්ගලිකව ඔයාට කිව්වේ කොල්ලෙක්ව නිකන් චා කරන්න කැමැති නැති නිසා.. එත් මල්ලි මේ වැඩේ දිගටම ගියොත් මට සිද්ද වෙනවා මේ ගැන හැමෝම දැනුවත් කරන්න.
    තීරණය ඔයාගේ අතේ. :yes:

    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra


    මේ මම ඒවට යවපු රිප්ලයි

    http://www.********.com/modules....wana+sameendra
    img0652au.jpg

    img0654ay.jpg

    img0655a.jpg


    උඹට මම තව මොනවද පෙන්නන්න ඕන.. :P:P යකෝ තොට සයිට් එක පබ්ලිෂ් කරගන්න ඕනෙ නම් කියපං මම පබ්ලිෂ් කරලා දෙන්නම්.. :D:Dඋඹලා මේ පොත් දෙක තුනක් තියාගෙන කෑගහනවා.. තව මොනවා හරි වෙන්න ඕනෙ නම් කියපං ඈ.. බායි..

    මේ අනික

    උඹ පෙන්නපන් මට සමනල වසන්තය නවල් එක උඹලා ළග තියෙනවා නම්.. නිකන් මචෝ සයිට් එක පබ්ලිෂ් කරගන්න හදන්න එපා හරිද.. මම මේ එකක්වත් සල්ලි බලාගෙන කරන ඒවත් නෙමෙයි.. මට සල්ලි වලින් වැඩක් නෑ.. උඹ බ්ලොග් එකට ගිහින් බලපං එක ඇඩ් එකක්වත් දාලා තියෙනවද කියලා..

    ඊට පස්සෙ මූ එක මැසේජ් එකක්වත් මට එව්වෙ නෑ.. මූට තේරුනා මූ ගූ හට්ටියක් නෑවා කියලා.. මූ දැන් එනවා මට ගේමට.. උඹලා මාත් එක්ක ඉදපල්ලා.. ජය..! පුළුවන් තරම් ඉක්මනට වැඩේ ඉවරයක් කරන්නම්..

    Green Fairy පවු කියලත් හිතෙනවා.. ඌ දැනුත් මට මැසේජ් එකක් දාලා :D:D



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-04.jpg


    04.png


    නෙත්මිගෙන් වෙන් වෙලා ආපහු ගෙදර එද්දි මගේ හිතේ ලොකු බරක් තිබුණා.. ඒ බර වෙන මොකක්වත් නෙමෙයි.. එයා මට දීපු හෑන්ඩ් ෆෝන් එක.. මේක බාරගත්තා වගේ නෙමෙයි.. ගෙදර කට්ටියට මං මොකද කියන්නේ..? අනික මේ වගේ ෆෝන් එකක් ගන්න, මං ගාව සල්ලි නෑ කියලා ගෙදර හැමෝම දන්නවා.. එක්කො මට මේක තියාගන්න වෙන්නෙ, වයිබ්‍රේෂන් දාලා සයිලස්න්ස් මෝඩ් එකෙ.. ඒත් ඉතිං එතකොට ෆෝන එක මං ගාව තියෙනකොට විතරයි මට කෝල් එකක් එනවා ඇහෙන්නෙ.. ටොයිලට් එකට ගියත් මේක බෙල්ලෙ ඔතාගෙන යන්න වෙනවා.. ඒක හින්දා ගෙදර අයට හොද ටොම් පචයක් කියන්නම වෙනවා..

    "මං හිතුවා බන්ටි මහත්තයා ගියපු තාලෙට එනකොට රෑ වෙයිවත් කියලා.."

    "ඒ මොකද බේබි නැන්දෙ..?"

    "ඇයි දෙයියනේ.. පුදුමාකාර හදිසියකින්නේ පිටවෙලා ගියේ.. වෙනදට ඔය හුටු හුටු යන්තරේ හොල්ල හොල්ල බලනවා ගමන යන්න කලින් තෙල් තියෙනවද කියලා.. අද ඒ මොකවත් නෑ.. මං මේ බයෙන් හිටියේ, මග ඉදීවිද දන්නෑ කියලා.. පර්ස් එකත් මං දැක්කා කාමරේ මේස උඩ තියෙනවා.."

    හප්පොච්චියේ.. බන්ටිගෙ සිහිකල්පනාව දැන් ඒ තරම් අවුල් වෙලාද..? විලි ලැජ්ජාවෙ බෑ.. බලන්න අප්පා.. නෙත්මි කතා කරායින් පස්සෙ එදිනෙදා දින චර්යාවත් වෙනස් වෙන විදිය.. මේක මේ විදියට වෙන්න නම් දෙන්න බෑ..

    "ඕවා ඔහොම තමයි බේබි නැන්දේ.. අහේතු කාලේන ක්ජ්ජේන පුහුලන් කියලා කියනවනේ.."

    "මගේ අම්මේ.. බන්ටි මහත්තයා දන්න දේවල්.. ඕකෙ තේරුම මොකක්ද හැබෑටම..?"

    "ආ.. ඒකෙ තේරුමද..? තේරුම නම් මේකයි.. අප්සට් කාල වලට, පුහුලමේ තමයි කජු ගෙඩිය හැදෙන්නේ.."

    මං කියපු තාලෙට බේබි නැන්දට අපූරු හිනාවක් ගියා.. ඊට පස්සෙ අතින් කට වහගෙන ඇස් වලින් විතරක් හිනාවෙවී මං දිහා බැලුවා..

    "ඉතිං බන්ටි මහත්තයෝ.. අප්සට් කාල වලට විතරක් නෙම්, හොද කාලවලටත් කජු ගෙඩිය හැදෙන්නෙ එහෙමනේ.."

    "අම්මපා.."

    මුකුත් දන්නැති එකා වගේ මං පඩිපෙළ නැග්ගා.. බේබි නැන්දා තාමත් හිනාවෙනවා.. පඩිපෙළ උඩටම නැගලා මං ආයෙත් පල්ලෙහාට බැහැලා බේබි නැන්දා ළගට ආවා..

    "ඇයි බන්ටි මහත්තයෝ..?"

    "මට බේබි නැන්දත් එක්ක ටිකක් කතා කරන්න ඕන.. පහුවුණු දවස්වල මට හරි හමන් වෙලාවක් ඒකට හම්බවුණේ නෑ.. අපි ඔයාගෙ කාමරේට යමුද..?"

    මෙච්චර වෙලා මූණ මැද්දෙ ලස්සනට පිපිලා තිබ්බ බේබි නැන්දගෙ හිනාව එකපාරටම නැතිවෙලා ගියා.. හරියට නිකං මං බය හිතෙන දෙයක් ඇහුවා වගේ..

    "ඉතිං කතා කරන්න.. මං අහගෙනයි ඉන්නේ.."

    කාමරේට ඇතුල් වෙලත් විනාඩි ගානක් යනකන් මගෙන් වචනයක්වත් පිට නොවුණු තැන බේබි නැන්දා කිව්වා.. ඒ මූණෙ දැන් තිබ්බෙ වෙහෙසට පත්වෙච්ච ගතියක්.. බේබි නැන්දගෙ කතාව ඇහුණෙ නෑ වගේ මං මගෙ ඇස් මුළු කාමරේ පුරාම දිවේවවා.. ඊට පස්සෙයි මං ආපහු බේබි නැන්දා දිහා බැලුවේ..

    "ඇයි මේ දේවල් මෙච්චර කාලයක් මගෙන් හංගන් හිටියේ..? එහෙමත් නැත්නම් මේ දේවල් ඇයි එළියට එන්න දුන්නේ..?"

    "බ.. බන්ටි මහත්තයෝ..?"

    බේබි නැන්දගෙ ඇස් දෙක ලොකු උනා.. එයා හීනෙකින්වත් හිතන්නැතුව ඇති මං මේ වගේ ප්‍රශ්නයක් අහවි කියලා.. අනික මේ කතාව වෙච්ච දවසෙ ඉදලා රෑ කීයක් නම් ගෙවිලා ගියාද..? සමහර විට හැමෝටම හිතෙන්නැති බන්ටි දැන් ඒක අමතක කරලා දාලා කියලා.. බන්ටිට ඕක ගානක්වත් නෑ කියලා..

    "මං බේබි නැන්දට මුකුත් කියන්නෑ.. ඒත් ඔයාම හිතන්න බේබි නැන්දේ.. මේ ගෙදර ඉන්නෙ මගේ අම්මා නෙමෙයි කියලා, ඒ අම්මම කියද්දි මගේ පපුවට මොකද වෙන්නෙ කියලා.. මගේ හිතේ තිබ්බ හුගාක් ප්‍රශ්න වලට එදා රෑ උත්තර හම්බවුණා තමයි.. ඒ උත්තරත් එක්ක බැලුවාම, ඔයා මගේ ආච්චි අම්මා.. ඒත් මට ඔයා හැමදාමත් බේබි නැන්දම තමයි.. ඒකෙන් මගේ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවක් වෙන්නෙවත් වැඩියක් වෙන්නෙවත් නෑ.. ඒකනේ අදටත් මං ඔයාට බේබි නැන්ද කියලා කතා කරන්නේ.."

    "බන්ටි මහත්තයා මට කියන්නෙ මොනවා කරන්න කියලද..?"

    "මුකුත් නෑ බේබි නැන්දේ.. මුකුත් නෑ.. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේවා මේ විදියට සිද්ධ වුණේ කියලා.. මාව වදාපු අම්මගෙ මූණවත් දකින්න බැරි තරමට මං පව් කරලා.. මං මේ ගෙයින් එළියට බැස්සත් මං කොහේ කියලා යන්නද..? අඩුගානෙ ඒ අම්මා ජීවත් වෙලා හිටියා නම්, එයා ළගටවත් යන්න තිබුණා.."

    "ඔ.. ඔහොම පපුව කීරි ගැහෙන කතා කියන්නෙපා දෙයියනේ.. අම්මා ළග නැති පාඩුව මං කවදාවත් මහත්තයට දැනෙන්න දුන්නෑනේ.. මං මහත්තයට පුංචි අඩුපාඩුවක්වත් කරේ නෑ.. ඒක මගේ හිත දන්නවා.. අනිත්තෙක මේ ගෙදර කවුරුවත් මහත්තයා පිට කෙනෙක් කියලා හිතලා නෑ.. මං ඒක හොදටම දන්නවා.."

    ඇස්වලට කදුළු පුරවගෙන බේබි නැන්දා කතා කරද්දි මට, මං ගැනම ලොකු තරහක් දැනුණා.. ඇයි මං මේ දේවල් මේ අහිංසක මනුස්සයා එක්ක කතා කරන්නේ..? ඇයි මං මේ දුප්පත් පපුව රිද්දන්නේ..? අතීතයෙ වෙච්ච හුගාක් දේවල් ඒ විදියටම හිමිදන් වෙලා තියෙනවා නම් හොදයි.. දිය යට ඔබපු රබර් බෝලයක් මතුවෙනවා වගේ, අතීතය උඩට ආවම හැමෝගෙම හිත් රිදෙනවනේ..

    "මං ඉපදෙනකොට මගේ අම්මගෙ වයස කීයද බේබි නැන්දේ..?"

    දැන් දැන් ඒ මූණ මැදට ඇවිල්ලා තිබුණෙ, මහා ශෝකාන්තයක්.. මෙතනින් පස්සෙ, මේ කතාව ඉවර උනාට පස්සෙ ආයෙ කවදාවත් මේ කතාව ගැන කතා කරන්නෑ කියලා මං හිතාගත්තා..

    "අවුරුද දහ නවයයි.."

    මට හීල්ලුණා.. අවුරුදු දහනමය කියන්නෙ, ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ කොයි තරම් නම් ලස්සන කාලයක්ද..? ඒත් මාව බඩට ආපු දවසෙ ඉදලා අම්මගෙ ජීවිතෙ කොයි තරම් දුරකට වෙනස්වෙලා යන්න ඇත්ද..? මොන තරම් දුක් කරදර වලට එයා මූණ දෙන්න ඇතිද..? ජීවිතේ හොදම කාලෙ, තමන්ගෙ දරුවා, තමන්ට නැතිවුණාම, බේබි නැන්දා කොයි තරම් දුක් වෙන්න ඇතිද..? අම්මෙක් නැතුව තනිවේච්ච මාව ළග තියාගෙන කොයි තරම් ප්‍රශ්නවලට මූණ දෙන්න ඇතිද..? වෙන කවදාටවත් දැනුණෙ නැති තරමෙ ආදරයක් මට බේබි නැන්දා ගැන දැනුණා..

    "මොනවද මහත්තයො කල්පනා කරන්නේ..?"

    මං බේබි නැන්දා දිහා බැලුවා.. ඒ මුළු මූණෙම දැන් තිබ්බෙ, මං මොනවා කියයිද, මොනවා කරයිද කියන බය විතරයි.. ඇත්තටම මට මෙච්චර ආදරේ කරන බේබි නැන්දගෙ හිත රිද්දුවොත් ඒක මට සහගහන අපරාධයක් වෙයි.. මේ කතාව මෙතනින්ම නවත්තලා දාන්න මං හිතාගත්තා.. ආයෙ කවදාවත් මං අම්මා ගැන බේබි නැන්දත් එක්ක වගේම, කා එක්කවත් කතා කරන්නෑ.. ඒක ඒ හැමෝටම වගේම, මටත් දුකක් කියලා මං දැනගෙන හිටියා..

    "අතීතයෙ වෙච්ච දේවල් ආයෙත් කතා කරලා තේරුමක් නෑ බේබි නැන්දේ.. ඇරැත් මං මුකුත්ම දන්නැති අතීතයක් ගැන, ඒවා හාර හාර බලන්න ගියොත් හුගාක් අයගෙ හිත් රිදෙන්න පුළුවන්.. ඔන්න අඩුගානෙ මමත් සම්බන්ධ වෙලා, මටත් ඒ ගැන මතකයක් තිබ්බා නම්, දුකක් වුණත්, ආයෙත් මතක් කරලා හිත සනසගනන්න තිබුණා.."

    "මහත්තයට ආයෙ කවදාවත් දුකක් දැනෙන්න මං ඉඩ තියන්නෑ.. ඒක පොරොන්දුවක්.. මේ බේබි නැන්දගෙ ජීවිතේ බිල්ලට දීලා හරි, මං ඒක රකිනවා.."

    "මාත් එහෙම තමයි බේබි නැන්දේ.. ඔයාගෙත් හිත රිදෙන දෙයක් මං ආයෙ කවදාවත් අහන්නෑ.. මං ඇත්තටම අද ආවෙ, ඔයත්තෙක්ක මේ ගැන අන්තිම පාරට කතා කරලා තව එකම එක දෙයක් ඔයාගෙන් ඉල්ල
    ගන්න.."

    "ඒ.. ඒ.. මොකක්ද බන්ටි මහත්තයෝ..?"

    "මගේ අම්මගෙ ෆොටෝ එක.."

    "දෙ.. දෙයියනේ.. මං.. මං කොහොමද..?"

    "නෑ.. නෑ.. කලබල වෙන්නෙපා.. මං ඒක ඉල්ලන්නෙ නෑ.. ඔයා ළගම, ඔයාගෙ වස්තුව තියාගන්න.. ඒක මං ළග තියෙනවට වැඩිය ඔයා ළග තියෙන එක හොදයි බේබි නැන්දේ.. ඒක ඔයාගෙ හිතට සැනසීමක් වේවි.."

    "මගේ වස්තුව ඔයාගේ බන්ටි මහත්තයෝ.."

    එතනින් එහාට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. මටත් ඇත්තටම කියන්න දෙයක් තිබුණෙ නෑ.. අතීතයේ හැමදේකටම ඒ තිබ්බ විදියටම, පාඩුවෙ ඉන්න දීලා ජීවිතේ ඉස්සරහට අරන් යනවා කියලා මං හිතාගත්තා..

    *****************************

    හවස් වෙනකල්ම මං කෙරුවෙ, ඇදට වෙලා කල්පනා ලෝකෙ එහාටයි, මෙහාටයි සැරිසරපු එක.. අම්මපා කිසිම ක්‍රියේටිව් ගතියක් හිතෙන්නෑ.. දැන් බේබි නැන්දා දුම් දාන කෝපි එකක් උස්සන් ආව නම් මරේ මරු.. පස්සෙ ආඩම්බර බලන්න වෙන්නෙ හෙට උදේටනේ.. මං ඇදෙන් නැගිටලා හෙමින් සීරුවෙ තරප්පු පෙල හැබැගෙන බැහැගෙන ආවා..

    "බේබි නැන්දේ.."

    බේබි නැන්දවයි, කෝපි එකයි දෙකම හොයාගෙන මං කුස්සිය පැත්තටයි යන්න හැදුවේ.. ඒත් අම්මගෙ කාමරේ පැත්තෙන් මට කෙදිරිලි හඩක් ඇහුණා.. කර්ට්න් එක පැත්තකට කරලා මං කාමරේට එබුණා.. දෙයියනේ.. මේ මොකද මේ..? අත්දෙකෙන්ම ඔලුව බදාගෙන අම්මා, ඇදේ ගුලිවෙලා හිටියා..

    "අ..ම්..මේ.. මොකද මේ..?"

    අම්මගෙ ඇගට අත තියන ගමන්, මං අම්මව මගේ පැත්තකට හරව ගත්තා.. ඇස් දෙකේම කදුළු පිරිලා.. මූණත්තෙක්කම ලෙඩ පාට වෙලා.. ඒ මදිවට අද හතර වෙද්දි අම්මා ගෙදරත් ඇවිත්.. වෙනද කොච්චර පරක්කු වෙලා එනවද..?

    "ඇ.. ඇයි අම්මේ.. ඔ.. ඔයාට සනීප නැද්ද..?"

    මං අම්මගෙ නළලට අත තියන ගමන් ඇහුවා..

    "ඔ.. ඔව් බන්ටි.. මට ටිකක් සනීප නෑ.. මගේ ඔලුව ටිකක් රිදෙනවා.."

    මට මතක ඇති කාලකෙ අම්මට ඉහෙන් බහින අසනීපයක් තිබුණෙ නෑ.. මගේ හිතට මහ මොකක්දෝ කාන්සියක් කොහේදෝ ඉදලා ගලාගෙන ආවා..

    "අපි බෙහෙත් ටිකක් ගන්න යමු අම්මේ.. ඉන්න මං වීල් එකක් අරන් එන්නම්.."

    ආපහු හැරිලා, අම්මා ගාවින් එන්න හදද්දි අම්මා මගේ අතින් තද කරලා අල්ල ගත්තා..

    "ම.. මට ඒ තරම් අමාරුවක් නෑ බන්ටි.. ඕක ඇරිලා යයි.."

    අම්මා එහෙම කිව්වත්, මගේ හිතට දැනුණෙ ලොකු බියක්.. මෙච්චර හොදට හිටපු අම්මව එක පාරටම අසනීප වෙච්ච එක, මාව කරකවලා අතෑරියා වගේ..

    "බෑ.. බෑ.. මං චැලියෙ ගිහින් වීල් එකක් අරන් එන්නම්.. ඔ.. ඔයා අසනීප වෙනවා මට බලන් ඉන්න බෑ.."

    "ඕන නෑ බන්ටි.. ඔයාට පුළුවන් නම් ඔලුව ටිකක් අතගාන්න.."

    කියන පරක්කුවට, අම්මගෙ කණ්නාඩි මේසෙ උඩ තිබ්බ ඕඩිකොලොන් බෝතලේ අරගෙන, අම්මගෙ ඔලුව මැද්දට දාලා මං හිමින් සීරුවෙ මසාජ් කරන්න ගත්තා.. ලතාවකට උඩ ඉදලා පල්ලෙහාටයි, ආයෙත් පල්ලෙහා ඉදලා උඩටයි, රිදෙන්නෙ නැතිවෙන්න ඇගිලි වලින් මම, අම්මගෙ කොණ්ඩ ගස් අස්සෙ අත ගෑවා, ඔලුවට දැනුණ සනීපෙ නිද්දද මංදා අම්මගෙ ඇස් දෙක පියවෙච්ච හැඩකාර මූණ මැද්දෙ මං දැක්කෙ පුදුමාකාර සන්සුන් බවක් හරියට, මේ ලෝකෙ තියෙන හැම සැනසීමක්ම තමන්ට ලැබුණ වගේ හැගීමක් ඒ මූණෙ පිරිලා තිබුණා..

    "ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"

    අම්මගෙ කාමරේ ගාවින් මට තේ එකකුත් හදාගෙන උඩට යන්න ගියපු බේබි නැන්දා, අපිව දැකලා ගල් ගැහුණා.. කෑගහන්නෙපා කියලා, සංඥාවක් දීලා ඇදෙන් නැගිටල මං බේබි නැන්දා ළගට ආවා..

    "අම්මට සනීප නෑ බේබි නැන්දේ.."

    "දෙයියනේ.. මොනවා වෙලාද..? දැන් ටිකකට කලින්නේ ගෙදෙට්ට ආවේ.. එතකොට නම් අමාරු පාටක් තිබ්බෙ නෑ.."

    "ඒක තමයි.. ඔලුව රිදෙනවලු.. මං බේත් ගේන්න යමුද කියලා ඇහුවා.. අම්මා කැමති නෑ.. පස්සෙ මට කියලා ඔලුව අත ගාව ගත්තා.. දැන් ඔන්න යාන්තං නින්ද ගිහිල්ලා.."

    "දෙයියනේ.. තාම සාරිය පිටින්ම.."

    "ඒකනේ.. අපි අම්මට බොන්න මොනවා හරි හදලා, නැගිට්ටවලා චේන්ජ් එකක් දම්මමු.. දැන් ඔහොම්ම නිදාගත්තාවේ.. බේබි නැන්දා ගිහින් කොත්තමල්ලි ටිකක් තම්බන්නකෝ.."

    "ඒක හොදයි.. මං පොල් තෙල් ටිකක් රත් කරලා ගේන්නම්කෝ.."

    "ඒ මොකටද බේබි නැන්දේ..?"

    "ලොකු නෝනගෙ ඔලුවට දාලා අතගාන්න.. එතකොට හුගාක් දුරට හිසේ කැක්කුම අඩුවෙයි.."

    බේබි නැන්දා ගියාට පස්සෙ මං ආයෙත් අම්මා ළගට ආවා.. සැනසීමෙන් හුස්ම ඉහළට පහලට දාන ඒ මුදු මූණ දිහා මං හුගාක් වෙලා එක දිගට බලාගනෙ හිටියා.. අනුන්ගෙ දරුවෙකුට, තමන්නෙ දරුවෙකුට වගේ ආදරේ කරන්න තරම්, අම්මා හිත හදාගත්තෙ කොහොමද කියලා මට ඒ වෙනකොටත් හිතාගන්න බැරිවුණා.. ඒත් හිත ඇතුලෙ පිරිලා තියෙන විවිධ අනුස්මරණ එක්ක, සැරින් සැරේට හිත කඩාගෙන වැටෙද්දි, එදා අම්ම මට සැරවෙන්න ඇති කියලා මට හිතුණා..

    "ආ.. බන්ටි මහත්තයෝ.."

    තසිමකට දාපු පොල්තෙල් ටික බේබි නැන්දා ඇවිත් මගේ අතට දුන්නා, එයාගෙ අනික් අතේ දුම් දාන කොත්තමල්ලි කෝප්පෙ.. අඩේ.. බලන් ගියාම බේබි නැන්දත් මාර ස්පීඩ්නේ..

    හළලෙ ඉදලා දෙපැත්තටයි, ආයෙත් ඔලුව මුදුනටයි වෙන්න, මං ආයෙත් අම්මගෙ ඔලුව අතගාන්න ගත්තා.. බේබි නැන්දා කාමරේ දොර ළගට වෙලා මං දිහා බලන් හිටියෙ මහ විසාල ආදරේකින් ඇස් පුරවගෙන.. ඒ මූණෙ මං කවදත් දකින්න ආස කරපු හිනාවක් රැදිලා තිබුණා.. තවත් පැය බාගයක් විතර අම්මගෙ ඔලුව අත ගගා ඉදලා මං ඇදෙන් නැගිට්ටා.. ඒ එක්කම අම්මගෙ මුදු අතක පහස මට දැනුණා..

    "බ..න්..ටී.."

    "ආ.. අම්මට ඇහැරුණාද..? ඔයාට දැන් කොහොමද අම්මේ..? අමාරු වැඩිනම් බේත් ගන්න යමු.."

    "න්..නෑ.. බන්ටි ඕන නෑ.. දැන් හොදටම හොදයි.. ඔයාගෙ අත් ගුණෙන්ම තමයි මට සනීප වුණේ.. පැයක් විතර මට හොදටම නින්ද ගියා.."

    "මං බේබි නැන්දට කියලා කොත්තමල්ලි කෝප්පෙකුත් හදාගත්තා.. හැබැයි දැන් නම් නිවිලා.."

    "කමක් නෑ බන්ටි.. මං බේබි නැන්දට කියලා රත් කර ගන්නම්.."

    අම්මගෙ මූණ පුරාම ලස්සන හිනාවක් රැදිලා තිබුණා.. කලින් තිබ්බ වෙහෙසකර ගතිය ඩිංගක්වත් දැන් ඒ මුණෙ නෑ.. ඒ ගැන හිතෙනකොටත් මට ලොකු සතුටක් දැනුණා..

    "අම්මා එහෙනම් චේන්ජ් එකක් දාගන්න.. මං බේබි නැන්දට කිව්වා වතුර එකක් රත් කරන්න කියලා.. ටිකක් රස්නෙට ඇද හෝදගෙන කොත්තමල්ලි එක බොන්න.."

    "බ..න්..ටී.."

    කාමරේ දොර ළගට එද්දි මට ආයෙත් අම්මගෙ කටහඩ ඇහුණා..

    "ඇයි අම්මේ.. ආ.. ආයෙත් ඔලුව රිදෙනවද..?"

    "නෑ.. නෑ.. බන්ටි.."

    "එහෙනම්..?"

    "ඔ.. ඔයා.. හ.. හරිම හොදයි බන්ටි.."

    අම්මගෙ කටහඩේ තිබ්බ ආදරණිය බව, අවංකකම මගේ මුළු හිත පුරාම රැදෙද්දි මං කාමරෙන් පිටවුණා..

    ****************************

    අම්මගෙ කාමරේ ඉදලා මං කෙලින්ම ආවෙ ෆෝන් එක ළගට.. හැම දෙයක්ම එක සීරුවට ගලාගෙන යද්දි, මේක තවත් පරක්කු කරලා බෑ..

    "චාමික.. මං බන්ටි.."

    "හප්පට සිරි.. උඹ කොහෙද ලොකු පුතේ උදේ වරුවෙ ගියේ.. බේබි නැන්දට කතා කරාම උඹ එළියට ගියා කිව්වා.. තව අමිලයත් උඹව හොයලා තිබුණා.."

    ලොකු පුතාගෙ කියවිල්ල හින්දා මට, ඌට කියන්න ගියපු දේත් අමතක උනා..

    "මොකක්ද ප්‍රශ්නේ..?"

    "බින්දුගෙම අවුලක් තමයි.. ඌ නිරෝෂිත් එක්ක ඇරගෙන.. දැන් පැත්තකට වෙලා ඉන්නවා.."

    "හේතුව..?"

    "මොන කොඩිවිනයක්ද මං දන්නෑ ලොකු පුතේ.. මට පේන විදියට නම් ඒ අටමගලෙ හරියන්නෑ.. කාව උනත් ඔහොම අවිශ්වාස කරනවද මං අහන්නේ..?"

    "මොකක් ගැනද චාමික උඹ කියන්නේ..?"

    "ඌට, නිරෝෂිව විශ්වාස නෑල්ලු.. ඊයෙ ස්ටේෂන් එක ළගදි රවීන්ව හම්බවෙලා කියලා තියෙන්නේ.."

    ඒ කතාවට නම් මට එකසිය ගානට තදවුණා.. ඇයි අප්පා.. මෙච්චර ගේමක් දීලා ආරක්ෂා කරලා දුන්නු ප්‍රේෙම්.. මූ නිකාං කැත කුණු ගාගන්න හදනවා..

    "ඌට රවීන්ට කියන්න බැරි නම්, ගුඩ් ෂෙඩ් එක ගාව පෝස්ටරයක් ගහන්න කියපං.. ඌ මහ බත් කන හරකෙක්නේ.. හම්බවෙච්ච වෙලාවක බලපං, බින්දුවගෙ ඇස්වල කරගැටද කියලා.."

    චාමිකට බකස් ගාලා හිනාවක් ගියා.. ෆෝන් එකට අතින් තට්ටු කර කර ඌ හිනාවනෙ සද්දෙ මට හොදට ඇහුණා..

    "මට අහන්නත් බැරිවුණා.. ඇයි උඹ ගත්තෙ කියලා.. උඹ ඉතිං කතා කරන්නෙ මොකක් හරි වැදගත් දේකටනේ.. අපි වගේ පල් හෑලි කියවන්න නෙමේනේ.."

    "හරි.. ඒක තමයි ඇත්ත.. මට ඊයෙ නිරෝෂි ෆෝන් කරා.."

    "ක.. කවුරු.. නිරෝෂි..?"

    "ඔව් යකෝ ඔව්.. උඹට මං කියන ඒවා ඇහෙන්නෙ නැද්ද..?"


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඇහෙනවා ඕයි.. හොදට ඇහෙනවා.. ඒත් ඇයි අප්පච්චියේ ඒකි උඹට ෆෝන කලේ..? බින්දුවා හෙම දැනගත්තොත්, නයිට් එකක් බුදු ෂුවර්.. ලොකු පුතේ.. ඕකා පපුවෙ අමාරුකාරයා.."

    "උඹ ඒ පාර මගුලක් කියවනවා.. උඹට මතකද එදා අපේ ගෙදරදි නිරෝෂි මට කියපු දේවල්.. එයාගෙ අනිත් නිවුන්නා බලන්න ආසයි කියලා.. අන්න ඒ වැඩේට බං.. වෙන මගුලකට නෙමෙයි.."

    "ඉතිං..?"

    "හෙට උදේ මං ඒ වැඩේට යනවා.. උඹ හතාමාර වෙද්දි ස්ටේෂන් එක ළගට වරෙන්.. මං එතෙන්ට එන්නම්.."

    වැඩි විස්තරයක් මුකුත් මං කියන්න ගියේ නෑ.. ඌ ඕන දෙයක් හිතාගත්තාවේ.. ඌ හිතා ගන්න දෙයක් අනිත් ඈයොන්ටත් කියපුවාවේ.. එතකොට ඔක්කොම එක මතේනේ ඉන්නේ.. එහෙම උනාම වැඩේ ගොඩදාගන්න ලේසියි..

    මේ වැඩේට නෙත්මිව සම්බන්ෂ කරගන්නැතුව ඉන්න මං කලින්ම තීරණේ කරලයි හිටියේ.. ඒත්.. එයාට කියන්නැතුව ශලනිව හම්බවෙන්න යන එක ගැන නම් මගේ හිතේ ඒ තරම්ම ෆිට් එකක් තිබුණෙ නෑ.. ඒ ගැන තවත් ටිකක් කල්පනා කරලා, හෙට උදේ තීරණයක් ගන්නවා කියලා මං හිතාගත්තා..

    *****************************

    "බන්ටි මහත්තයෝ.. අන්න හැමෝම කෑම මේසෙට වාඩිවෙලා.. මහත්තයා එනකන් බලන් ඉන්නවා.."

    බේබි නැන්දගෙ කටහඩින් මං උඩ ගිහින් බිම වැටුණා.. අම්මපා.. එච්චර ඉක්මනට රෑ උනාද..? මට නම් ඒ ගැන වගේ වගක් නැති උනානේ.. මං දනි පනි ගාලා කාමරෙන් එළියට ආවා.. තරප්පුවෙ ඇන්ද දිගේ පස්ස තියලා පුරුස් ගාලා පල්ලෙහාට යන්න හිතුණත් මං පඩිපෙල දිගේම පල්ලම් බැස්සා.. පඩිපෙල මැද හරියෙදිම අයියයි, අක්කයි මහා සද්දෙට අත්පොඩි ගහන්න ගත්තා.. මේ මොකද බං මේ..? මාව මේ තරම් ආතල් එකට පිළිගන්නේ..?

    "කමෝන්, අපේ අලුත් දොස්තර මහත්තයා.."

    "හප්පේ.. ඔව්.. කාටද ඉතිං ආඩම්බර.."

    ඔන්න දැන් තමයි මට වැඩේ තේරුණේ.. හවස අම්මගෙ අසනීපෙ කතන්දරේ.. අම්මා හරි, බේබි නැන්දා හරි මෙයාලට කියලා.. ඒකයි මේ කාලගෝට්ටිය..

    "ආඩම්බර ඉතිං අම්මට තමයි.. නේද අම්මේ..?"

    අක්කා ආයෙත් ඇස්වලින් මාව පෙන්නලා අම්මා දිහා බැලුවා.. අම්මගෙ මූණ පුරාම ලොකු හිනාවක් පැලපදියම් වෙලා තිබුණා.. කාලෙකින් දැක්කෙ නැති සැනසීමක් මං තාත්තගෙ මූණෙනුත් දැක්කා..

    "ඔන්න බන්ටි.. මගෙත් ඔලුව රිදෙනකොට කොයි ලෝකෙ හිටියත් කමක් නෑ.. ඇවිත් අතගාන්න හොදේ.."

    අයියා මගේ පිගානට බත් හැන්දක් බෙදන ගමන් කිව්වා.. දෙයියො සාලෙ.. මං කෑම පිගාන ගාව.. මේකා වෙනස් වෙලා තියෙන තරමක්.. බැහැයි ඉතිං හැමදේම වෙන්නෙ හොදටයි කියන කතාවෙ, ඇත්තකුත් තියෙනවා.. සී සීකඩ යන්න ගිහිල්ලත් අපි හැමෝම මේ වගේ එකට ආපහු එකතු වුණේ අම්මගෙ කලින්දා කතාව හින්දනේ.. අයියා කාරයට උනත් මාව පේන්න බැරිවනේ හිටියේ.. මතකනේ, අර මොරීන් අක්කා ඉනිමගෙන් බැල්කනියට, පුංචි සුරංගනාවි වගේ ආපු දවස.. ආවෙ, මට හිටෝලා මැටි ගහන්නනේ.. හප්පේ.. ලෝකෙ වෙනස් වෙලා තියෙන තරමක්.. අනේ කාලේ වනේ වාසේ කෑවලු.. බඩගින්නටද ඇහුවා..ඔව් ඉතිං.. නැත්නම් වෙන අහවල් එකටද..?

    "මොකද බන්ටි සද්දෙ වහලා.."

    "මුකුත් නෑ අක්කේ.. මං මේ බැලුවේ, බේබි නැන්දා චිකන් ප්‍රයි කරලද, කිරය උයලද, තම්බලද කියලා..?"

    "ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"

    "කෑම මේසෙ චිකන් නෑනේ බේබි නැන්දේ.."

    "ඇයි මහත්තයෝ.. ලොකු නෝනගෙ කාමරේ ඉදලා ගිහින්, මටත් හොරෙන්, හට්ටියම උස්සගෙන ගියේ මහත්තයා නෙමේද..? හට්ටියෙ එක කකුල් අංඩක්වත් නෑ.."

    "අම්මපා.. මං එහෙම අරගෙන ගියාද..?"

    හැමෝම මූණින් මූණ බලාගනිද්දි මං, බේබි නැන්දගෙන් ඇහුවා.. හැබැයි ඉතිං හොදට බඩගිනි දැනෙන හවස් ජාමේ, හොදට ප්‍රයි කරපු කුකුල් නාම්බෙකුට උනත් බන්ටිට වග කියන්න පුළුවන්.. ඒක මේ ගෙදර හැමෝම සහ සුද්දෙන්ම දන්නවා..

    "මේක නම් බඩක් නෙමෙයි.. වෙන මොකක්දෝ එකක්.."

    "ඔව්.. ඔව්.. බන්ටිගෙ ආමාශෙ රබර්.. මතකනේ.. දවසක් තාත්තා ගෙනාපු පරාට විස්සම කාලා තිබ්බ හැටි..?"

    හපොයි දෙයියනේ.. පරාටා විස්සක් කියන්නෙ ඒ තරම් ලොකු දෙයක්ද..? මෙයාලා ඒ ගැන කතා කරන්නෙ මාව සවුදන් ජෙමා ගානට දාලනේ..

    "හරි.. හරි.. ඔය හැම කෑම කතාවක්ම නවත්තලා කෑම කමු.. නැත්නම් අපි කතා කරන අතරෙ බන්ටි මේ ටිකටත් වග කියයි.."

    මෙච්චර වෙලා කතා නැතුව ඉදපු තාත්තා අන්තිමට මහම මහ අපත කතාවක් කිව්වා.. මොනවා උනත් මේ ගෙවිලා යන සංතෝස ජනක කාලය අතරේ ඇත්තටම මට නම් බඩගින්නක් තිබුණෙ නෑ.. හැමදාම මේ සංතෝසෙ අපි ගාව තියෙනවා නම්..

    "මොකක්ද ඒ සද්දේ..?"

    විනාඩි පහළොවක් විතර ගෙවිලා යද්දි අමුතුම තාලෙ සද්දයක්, කොහෙදෝ ඉදලා අපට ඇහුණා.. අපට කියලා කිව්වට ඉස්සෙල්ලම ඒක ඇහුණෙ අයියට..

    "මුලින් ඇහුනට වැඩිය දැන් සද්දෙ වැඩියි නේද..?"

    "උඩ තට්ටුව පැත්තෙන් නේද ඇහෙන්නේ..?"

    "නෑ.. නෑ.. බන්ටිගෙ කාමරේ පැත්තෙන්.."

    මොකක්ද බං මේ වෙන්න යන්නේ..? මේ ඇහෙන සද්දෙ හරියට මියුසික් එකක් වගේ.. ඒත් ඉතිං මගේ කාමරේ ඇතුළෙ කොහෙද මියුසික්..

    "චුට්ටක් ඉන්න.. මං බලලා එන්නම්.."

    මං හැරෙන්නත් කලින්, ඉදුල් අත පිටින්ම අයියා පුටුවෙන් නැගිට්ටා.. මගේ කාමරේ ඇතුළට මියුසික් එකක් ආවෙ කොහොමද කියලා.. අප්පා.. දැන් කන්න නෙමේ.. නාන්නයි වෙන්නේ..

    "බන්ටි.. මොකක් හරි එලාම් එකක් ගෙනාවද..?"

    "නෑ අම්මා.. ඉන්න මාත් බලලා එන්නම්.."

    "ඕන නෑ.. බන්ටි ඉන්න.. ලොකු අයියා ගියනේ.."

    අලියා වගේ පැනගෙන ගියාට, ඊට පස්සෙ අයියාකාරයගෙ සලකුණක්වත් නෑ.. කරුමෙටවත්, මොරීන් අක්කා අප්‍රමාණ වෙර වීරිය දරලා, මගේ බැල්කනි එක උඩට මියුසික් ගෘප් එකක්වත් අරගෙන ඇවිල්ලද දන්නෑ.. ගියපු එකා මෙච්චර පරක්කු, මොරීන් අක්කා, එක්කො අපේ එකාව දමගෙන ඉඹිනව ඇති.. අම්මපා.. මට නම් හිතුනෙ එහෙමයි..

    තවත් බලන් ඉදලා බැරිම තැන, මං පඩිපෙල දිහාට යන්නයි හැදුවේ.. මියුසික් එකත් තාම වදිනවා.. මොන අවමගුලක්ද දන්නෑ..

    "බ..න්..ටි.. තමයි දවසකටවත් මිනිහා.."

    එහෙම කියාගෙන උඩ පඩිපෙළින් මතුවෙච්චි අයියා දැක්කම මට හීන් දාඩිය නෙමේ.. මහ දාඩියත් දැම්මා.. අප්පට සිරි.. යකඩෝ.. මිනිහා අතේ තියෙන්නේ, නෙත්මි දුන්නු ෆෝන් එක නේද..? දැන් ඉතිං කාපංකො රබර්..

    "හරිම ස්විට් මියුසික් එකක්.. නෙත්මි කියලා කියන්නෙ කවුද බන්ටි.."

    මහ පාර මැද්දෙ රෙදි ගලවලා දැම්මා වගේ කතාවක් මිනිහා මගෙන් අහද්දි, මගේ කටට කියාගන්න දෙයක් ආවෙ නෑ.. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න මේ අලුගුත්තේරුවා කොහොමද දැනගත්තෙ දෙයියනේ නෙත්මිගෙ නම.. දැන් ඉතිං ඉක්මනට මොකක් හරි නොකළොත් මගේ පටි හතම රෝල් තමයි..

    "ඕක පල්ලෙහාට අරන් එන්නකො ලොකූ.."

    මෙලෝ දෙයක් දන්නැති කිරිසප්පයෙක් වගේ, මං හෙණ අහිංසක මූණක් මවාගෙන කිව්වා.. මේ මූණට ඕන හාල් දන්ඩෙකුට ඇඩෙනවා කියලා මං දන්නවා.. ෂෙහ්.. අම්මපා මේකා, කොඩිවිණේ වගේ මේකත් උස්සගෙන ආවනේ..

    "කාගෙන බන්ටි ෆෝන් එක..?"

    "ඔයාට කවුරු හරි දුන්නද..?"

    "කොහෙන්ද ඔයා ෆෝන් එක ගත්තේ..?"

    "කවුද බන්ටි, නෙත්මි කියන්නේ..?"

    අම්මපා ජීවිතේ සුන්දරද මෙතරම් කියලා කැත නැතුව හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට.. ප්‍රශ්නෙ කියන්නෙ, ප්‍රශ්නම සීයක් විතර.. හරියට නිකං සාරංශෙ ගතොත් අලියට පෑගිලා මොනවද වුණේ කියලා අහනවා වගේ තමයි..

    "ආ.. නෙත්මි නේද..? නෙත්මි කියන්නෙ නම් මගේ යාලුවෙක්.. ඒත් ඔය ෆෝන් එක නම්, මං හොදද කියලා බලන්න අරගෙන ආපු එකක්.."

    "එතකොට ඔය ෆෝන් එක ඔයාගෙ නෙමෙයිද..?"

    "පිස්සුද අම්මේ.. ෆෝන් ගන්න කොයින්ද මට සල්ලි.. අනික ඕක මගේ එකක් නෙමේ.. ඔය කෙහෙල්මල වදිනකොටම මං ගිහිල්ලා ගන්නවනේ.. ඇත්තමයි.. මට ඕක ගැන අමතක වෙලයි තිබුණේ.."

    අක්කා දිහා බලන ගමන් මං කියවන් ගියා.. ඇත්තනේ අප්පා.. මොකෝ මං බොරුවක් කිව්වද..?

    "එහෙනම් ඔය ෆෝන් එක නෙත්මිගෙ වෙන්න ඇති.. නේද බන්ටි..?"

    කට කොණකට ලාවට හිනාවක් ගන්න ගමන් තාත්තා මගෙන් ඇහුවා.. ෂිහ්.. අම්මපල්ලා.. තාත්තා ඒක අහපු කැත.. ඔයිට වැඩිය හොද නැද්ද තාත්තේ, මං උඹේ හොරේ දන්නවා කියලා කිව්වනම්..

    "හරි.. හරි.. ෆෝන් එක කාගෙ උනත් කමක් නෑ.. අපිටත් හදිසියකට කෝල් තුන හතරක්ම ගතෑකි.. ඕක ඔයා ළගම තියාගන්න බන්ටි.. ආ.. මෙන්න මේක ආයෙත් වදිනවා.."

    හදිසියකට කෝල් තුන හතරක් ගතෑකිලු.. බලන්න අප්පා.. මුගේ ගද කතාවෙ හැටි.. මං ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා.. නෙත්මි කෝලින් කියලා ස්ක්‍රීන් එකේ හරි අපූරුවට අලි පත අකුරෙන්, මියුසික් එක වදින පාරක් පාරක් ගානෙ මතුවෙලා පෙනුණා.. දැන් ඉතිං මොකදැයි දන් වළදන්නේ..? මෙයාලා ඉස්සරහ කතා කරලත් බෑ.. නොකරත් බෑ.. කතා නොකර හිටියොත් සැකේ වැඩියි.. ඒක හින්දා ඕන අලගොඩුවෙක් දෙකයි පනහයි කියලා හිතාගනෙ මං කතා කරනවා.. වෙන මොනා කරන්නද අප්පේ..

    "හලෝ.."

    "අනේ.. අනේ.. මං කොයි තරම් වෙලාවක් ගත්තද..? ඔයා කොහෙද හිටියෙ රන්දික..?"

    "මේ වෙලාවෙ නම් රෑට කනවා.. ඒකයි ආන්සර් නොකරේ.."

    "අ..නේ.. ඔයා කඩෙන්ද කෑම අරන් ගියේ..?"

    "නෑ.. නෑ.. ගෙදර හොදට උයනවනේ.. ප්‍රශ්නයක් නෑ.."

    "එහෙනම් කමක් නෑ.. ෆෝන් එක හොදයිද රන්දික..?"

    "පිටින් නම් හොදටම හොදයි.. තාම ඇතුළ චෙක් කරලා බැලුවෙ නෑ.. මං චෙක් කරලා කියන්නම්.."

    "හරි.. එහෙනම් හොද ළමයා වගේ කෑම ටික කන්න.. මං කරදර කරන්නෑ.. මං තව රෑවෙලා ඔයාට ගන්නම්.."

    නෙත්මි ෆෝන් එක තිබ්බා.. හප්පේ.. ඔයින් ගියා මැදැයි.. අතක් පයක් නොකැඩි.. මං හෙමින් සීරුවෙ ගෙදර කට්ටිය දිහා බැලුවා.. අම්මපා හොර පූසො රංචුවක් තව හොදයි.. ලස්සනයි.. සිරියාවයි.. මං බලනකොටම හැමෝම තමන්ගෙ කෑම පිගන්වල ඔලුව ඔබාගෙන මෙලෝ රහසක් දන්නෑ වගේ කෑම කනවා.. ඒ වුණාට මගේ ටෙලිෆෝන් කතාවෙ එක අකුරක්වත් ඔය කන්වලින් අහකට හැලුණෙ නෑ කියනෙකට මං මගේ කන් දෙකම ඔට්ටු අල්ලනවා..

    හැබැයි ඉතිං මොනවා උනත්, මගේ කතාව විශ්වාස කරන්නැති කෙනෙක් ගෙදර ඇතුළෙ ඉන්නවා කියලා මං දැනන් හිටියා.. ඒ තමයි අක්කා.. මොකද එයා තරම් නෙත්මිගෙයි, මගෙයි සජීවී සර්ශනේ දන්න කෙනෙක් මේ ගෙදර නෑනේ..

    හුගාක් රෑ වෙනකල් බලන් හිටියා උනත්, නෙත්මි මට ආපහු කතා කරේ නෑ.. ගෑනු ළමයින්ට මෙහෙමත් බොරු කරන්න දෙන්න පුළුවන්ද අප්පා..? තවත් බලන් ඉදලා වැඩ් නෑ.. මං හා හා පුරා කියලා නෙත්මිට ෆෝන් කලා..

    "කෝ ඉතිං.. ඔයා මට කතා කලේ නෑනේ.."

    "මං බලන් හිටියා ඔයා ෆෝන් කරන කල්.."

    ඔය බලපල්ලකො ඉතිං.. කියන කඩප්පුලි කතාවල තරම.. මාත් එයා කතා කරනකල් බලන් හිටියා නම් අපේ කතාවට සදා සොත්ති බවන්තුතේ..

    "ඔයා මොනවද කරන්නේ.."

    "ම්.. මේ වෙලාවෙ නම් ඔයා එක්ක කතා කරනවා.."

    ඊට ප්සසෙ මට ඇහුණෙ නෙත්මි තනියෙම හිනාවෙන සද්දෙ විතරයි.. තනියම හිනාවෙන්නෙ පිස්සො හන්දා, නෙත්මිට ඕන තරම් හිනාවනේන ඉඩ දීලා මං බලන් හිටියා.. නෙත්මිට කොච්චර කැමති උනත්, මට පිස්සෙක් වෙන්න බෑනේ.. ඇත්තටම හෑන්ඩ් ෆෝන් එකක් ළග තියාගෙන කෙල්ලෙක් එක්ක මුකුළු කරලා මට කිසිම පුරුද්දක් තිබ්බෙ නෑ.. කවුරු හරි එනවද කියලා බල බල, හැම තිස්සෙම, මේක කනේ ගහගෙන කතා කරන එකත්, මේ විනාඩියට මට එපාවෙලයි තිබුණේ.. ඊට වඩා හොදයි අප්පා අර තඩි රිසිවරේ කන අස්සෙ ඔබාගෙන කතා කරන එක.. මොන අවමගුලක්ද මේ.?

    "ඔයා හෙට මොකද කරන්නෙ රන්දික..?"

    "ම්.. තාම අදහසක් නෑ.."

    "ඔයාට හෙට මාව හම්බවෙන්න එන්න පුළුවන්ද..?"

    "ඇයි නෙත්මි..?"

    "ඇයි කියලා අහන්නේ..? ඔයාට මාව හම්බවෙන්න ඕන නැද්ද..?"

    "අපි අද හම්බ උනානේ..?"

    "ඔ.. ඔයා නම් මහම මහ නරකයෙක්.. මාව කේන්ති ගස්සන්න නේද ඔය කියන්නේ.."

    "එහෙම හිතාගන්නකෝ.."

    ඇත්තමයි.. ළග ඉදගෙන කතා කරනවා වගේ ගතියක් මේ ෆෝන් මගුලෙන් කතා කරනකොට නෑ.. අනික මේක කනේ ඔබන් ඉන්නකොට කනත් රත්වෙනවා..

    "ඒක නෙමේ.. මං හෙට ඔයාගෙ අම්මව බලන්න යනවා.."

    "අ.. අම්මව..?"

    තව පොඩ්ඩෙව් මගේ පපුව හිරවෙනවා.. මෙයත් ඉදලා ඉදලා මාර මගුල් තමා කතාකරන්නේ..

    "ඔව්.. ඇ.. ඇයි ඔයා කලබල වුණේ..?"

    "නෑ.. නෑ.. මගේ කිසිම කලබලයක් නෑ.. මං දන්නවා ඔයා, මගේ අම්මා පිටින් දාලා එහේ යන්නෙ ඇයි කියලා.."

    "හා.. කියන්න බලන්න.."

    "අර බන්ටි කියන මරුමුසාව බලන්න නේද..? ඔයා, එයාට කැමතියි නේද..?"

    "ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ රන්දික..?"

    "ම.. මං කියන්නෙ මට දැනෙන දේ.. ඔයාට ඕන බන්ටිත් එක්ක යාලුවෙන්න.. නැත්තන් ඔයා මොකටද එහේ යන්නේ..?"

    "අනේ.. ඔහොම කැත විදියට කතා කරන්නෙපා.. මං එහේ යන්නෙ සමුදිනී හින්දා.. එයා මගේ හොදම යාළුවා හින්දා.. එහෙම නැතුව වෙන දේකට නෙමේ.."

    "හරි.. හරි.. කමක් නෑ.. ඔයාට කැමති දෙයක් කරන්න.."

    මං ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරා.. ඇත්තටම මට වෙලා තියෙන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරිවුණා.. මට ඕන කරන්නෙ නෙත්මිව රිද්දන්නද..? ඒත් ඒ ඇයි..? එයාව රිද්දලා මං බලාපොරොත්තු වෙන්නෙ මොනවද..? ඒත් ඕනවට වැඩිය නෙත්මි මගේ ජීවිතේට එබෙන එකට මං කැමති වුණේ නෑ..

    Mathusambandai.gif


     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචං අර Green Fairy කාරයා මාත් එක්ක තරහයි.. මූ මාත් එක්ක තරහා මං බ්ලොග් එක කරනවට.. මේකා SL අන්ලිමිටඩ් කියලා සයිට් එකක් කරනවා.. සල්ලි හොයන්න.. ඌ මට කලින් තියාම ලෙඩේ දැම්මා.. මම එක සැරයක් චැට දාද්දි බ්ලූ ඉන් රියෝටත් කිව්වා මතක ඇති මට මේ කතාව දානවට එකෙක් ලෙඩේ අදිනවා කියලා.. මට දවසක් මූ PM කරලා තිබ්බා මම උගේ කතා පොත් උගේ සයිට් එකෙන් උස්සලා ලියනවා කියලා..

    http://www.
    ********.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra
    http://www.
    ********.com/modules....wana+sameendra

    මේ ලින්ක් ටික ඌ මට එවලා තිබුනා.. මූ මචං මේ සයිට් එක කරන්නෙ සල්ලි හොයන්න.. ඒත් උගේ සයිට් එක බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.. මම මගේ බ්ලොග් එකේ කිසිම ඇඩ් එකක් දාලා නෑ.. මට සල්ලි වැඩක් නෑ.. බලපං බ්ලොග් එකට ගිහින් මම බොයිය දෙනවා නම්.. යන එවුන් දන්නවා.. මුගේ සයිට් එකට වඩා මගේ ලග ඕනම පොතක් තියෙනවා.. මං ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටියේ පස්සෙ මම මූට එතන තිබ්බ වෙබ් කැම් එකකින් ඒ නවල් වල ෆොටෝ ටිකක් අරගෙන සෙන්ට් කරා.. පස්සෙ මූට කරගන්න දෙයක් නැතුව රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ.. මූ ඔය ගේමට තමා ලින්ක් දාන්නේ.. ගනන් ගන්න එපා.. උඹලා මම දාන එව්වා කියවපං හැමදාම වගේ.. මම කතා එකක් ඉවර වෙන්න එකක් දානවා.. සල්ලි බලාගෙන නෙමෙයි උඹලගෙ සතුට වෙනුවෙන්.. ඒකයි කට්ට කාගෙන මම ටයිප් කරන්නේ.. මටත් පුළුවන් ස්කෑන් කරලා පිංතූර දාන්න.. ඒත් මචං එහෙම දැම්මම කියවනකොට ඇස් දෙක රිදෙනවා.. පට්ට අමාරුයි.. මට බොස් හැමදාම ලෙඩේ දානවා.. ඒත් මම මේක නවැත්තුවෙ නෑ.. උඹලා වෙනුවෙන් නිදාගන්නැතුව හරි ලියනවා.

    මේ මට ඌ එවපු මැසේජ් වගයක්

    post_old.gif

    Green Fairy
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 11
    Join Date: Mar 2012




    Re: මචං..? - 04-09-2012, 04:29 PM

    Quote:
    Originally Posted by crazybuddy
    කියන දෙයක් පැහැදිලිව කියන්නකො මචං.. මොකක්ද මම උස්සපු එක..?

    උඹේ බ්ලොග් එකෙයි, මේ සයිට් එකෙයි දාන නවල්ස් ඔක්කොම ගත්තේ sl -unlimited එකෙන් නේ.. ඉතින් අඩුම ගානෙ original uploadersලට තෑන්ක්ස් කරලවත් දාපන්



    Green Fairy
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 11
    Join Date: Mar 2012




    6.gif
    Re: මචං..? - 04-09-2012, 04:45 PM

    Quote:
    Originally Posted by crazybuddy
    කියන දෙයක් පැහැදිලිව කියන්නකො මචං.. මොකක්ද මම උස්සපු එක..?

    පොත් ගත්තට කමක් නැහැ මල්ලි අඩුම ගානෙ ඒ අයගේ මහන්සියට තෑන්ක්ස් කියලවත් දාන්න.. තාමත් මම කියන දේ ත්රෙන්නේ නැත්නම් මේ ලින්ක්ස් ටික බලන්නකෝ..
    මම මේ ගැන පුද්ගලිකව ඔයාට කිව්වේ කොල්ලෙක්ව නිකන් චා කරන්න කැමැති නැති නිසා.. එත් මල්ලි මේ වැඩේ දිගටම ගියොත් මට සිද්ද වෙනවා මේ ගැන හැමෝම දැනුවත් කරන්න.
    තීරණය ඔයාගේ අතේ. :yes:

    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra
    http://www.********.com/modules....wana+sameendra


    මේ මම ඒවට යවපු රිප්ලයි

    http://www.sl-unlimited.com/modules....wana+sameendra
    img0652au.jpg

    img0654ay.jpg

    img0655a.jpg


    උඹට මම තව මොනවද පෙන්නන්න ඕන.. :P:P යකෝ තොට සයිට් එක පබ්ලිෂ් කරගන්න ඕනෙ නම් කියපං මම පබ්ලිෂ් කරලා දෙන්නම්.. :D:Dඋඹලා මේ පොත් දෙක තුනක් තියාගෙන කෑගහනවා.. තව මොනවා හරි වෙන්න ඕනෙ නම් කියපං ඈ.. බායි..

    මේ අනික

    උඹ පෙන්නපන් මට සමනල වසන්තය නවල් එක උඹලා ළග තියෙනවා නම්.. නිකන් මචෝ සයිට් එක පබ්ලිෂ් කරගන්න හදන්න එපා හරිද.. මම මේ එකක්වත් සල්ලි බලාගෙන කරන ඒවත් නෙමෙයි.. මට සල්ලි වලින් වැඩක් නෑ.. උඹ බ්ලොග් එකට ගිහින් බලපං එක ඇඩ් එකක්වත් දාලා තියෙනවද කියලා..

    ඊට පස්සෙ මූ එක මැසේජ් එකක්වත් මට එව්වෙ නෑ.. මූට තේරුනා මූ ගූ හට්ටියක් නෑවා කියලා.. මූ දැන් එනවා මට ගේමට.. උඹලා මාත් එක්ක ඉදපල්ලා.. ජය..! පුළුවන් තරම් ඉක්මනට වැඩේ ඉවරයක් කරන්නම්..

    Green Fairy පවු කියලත් හිතෙනවා.. ඌ දැනුත් මට මැසේජ් එකක් දාලා :D:D



    ෆිට් එක මචන් අපි උබත් එක්ක හැමදාම උගේ රේප් මම කැපුවා....08-16-2011 මෙදා තමි මම මේකට අවේ එත් මම රේප් පස්සේ යන්නේ නැ. :yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • THERUNE NA MACHO...ME link Eka Kiuwe.

    මේකයි මචන් සීන් එක.උබ අරූගේ කොමෙන්ට් වලට රිප්ලයි කරනකොට උගේ ලින්ක් එක ආපහු වැටෙනවා, ඒකයි මම කිව්වේ. :baffled::baffled::baffled::baffled:

    මචං අර Green Fairy කාරයා මාත් එක්ක තරහයි.. මූ මාත් එක්ක තරහා මං බ්ලොග් එක කරනවට.. මේකා SL අන්ලිමිටඩ් කියලා සයිට් එකක් කරනවා.. සල්ලි හොයන්න.. ඌ මට කලින් තියාම ලෙඩේ දැම්මා.. මම එක සැරයක් චැට දාද්දි බ්ලූ ඉන් රියෝටත් කිව්වා මතක ඇති මට මේ කතාව දානවට එකෙක් ලෙඩේ අදිනවා කියලා.. මට දවසක් මූ PM කරලා තිබ්බා මම උගේ කතා පොත් උගේ සයිට් එකෙන් උස්සලා ලියනවා කියලා..මූ මචං මේ සයිට් එක කරන්නෙ සල්ලි හොයන්න.. ඒත් උගේ සයිට් එක බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ.. මම මගේ බ්ලොග් එකේ කිසිම ඇඩ් එකක් දාලා නෑ.. මට සල්ලි වැඩක් නෑ.. බලපං බ්ලොග් එකට ගිහින් මම බොයිය දෙනවා නම්.. යන එවුන් දන්නවා.. මුගේ සයිට් එකට වඩා මගේ ලග ඕනම පොතක් තියෙනවා.. මං ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටියේ පස්සෙ මම මූට එතන තිබ්බ වෙබ් කැම් එකකින් ඒ නවල් වල ෆොටෝ ටිකක් අරගෙන සෙන්ට් කරා.. පස්සෙ මූට කරගන්න දෙයක් නැතුව රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ.. මූ ඔය ගේමට තමා ලින්ක් දාන්නේ.. ගනන් ගන්න එපා.. උඹලා මම දාන එව්වා කියවපං හැමදාම වගේ.. මම කතා එකක් ඉවර වෙන්න එකක් දානවා.. සල්ලි බලාගෙන නෙමෙයි උඹලගෙ සතුට වෙනුවෙන්.. ඒකයි කට්ට කාගෙන මම ටයිප් කරන්නේ.. මටත් පුළුවන් ස්කෑන් කරලා පිංතූර දාන්න.. ඒත් මචං එහෙම දැම්මම කියවනකොට ඇස් දෙක රිදෙනවා.. පට්ට අමාරුයි.. මට බොස් හැමදාම ලෙඩේ දානවා.. ඒත් මම මේක නවැත්තුවෙ නෑ.. උඹලා වෙනුවෙන් නිදාගන්නැතුව හරි ලියනවා.
    උඹට මම තව මොනවද පෙන්නන්න ඕන.. :P:P යකෝ තොට සයිට් එක පබ්ලිෂ් කරගන්න ඕනෙ නම් කියපං මම පබ්ලිෂ් කරලා දෙන්නම්.. :D:Dඋඹලා මේ පොත් දෙක තුනක් තියාගෙන කෑගහනවා.. තව මොනවා හරි වෙන්න ඕනෙ නම් කියපං ඈ.. බායි..

    මේ අනික

    උඹ පෙන්නපන් මට සමනල වසන්තය නවල් එක උඹලා ළග තියෙනවා නම්.. නිකන් මචෝ සයිට් එක පබ්ලිෂ් කරගන්න හදන්න එපා හරිද.. මම මේ එකක්වත් සල්ලි බලාගෙන කරන ඒවත් නෙමෙයි.. මට සල්ලි වලින් වැඩක් නෑ.. උඹ බ්ලොග් එකට ගිහින් බලපං එක ඇඩ් එකක්වත් දාලා තියෙනවද කියලා..

    ඊට පස්සෙ මූ එක මැසේජ් එකක්වත් මට එව්වෙ නෑ.. මූට තේරුනා මූ ගූ හට්ටියක් නෑවා කියලා.. මූ දැන් එනවා මට ගේමට.. උඹලා මාත් එක්ක ඉදපල්ලා.. ජය..! පුළුවන් තරම් ඉක්මනට වැඩේ ඉවරයක් කරන්නම්..

    Green Fairy පවු කියලත් හිතෙනවා.. ඌ දැනුත් මට මැසේජ් එකක් දාලා :D:D




    මටත් උඹ කිව්වට පස්සේ තමයි සීන් එක මතක් උනේ. :frown::frown: මූ මුල ඉදන්ම උඹ කතා දානවට ලෙඩේ ඇද්දා නේන්නම්. :angry::angry: මේ කාලකන්ණියා ලින්ක් දැම්මට උඹ කතාව දානකම් බලන් ඉන්න අපි වගේ එවුන් ඕනතරම් මේ එළකිරි එකේ ඉන්නවා. :lol::lol: දිගටම දාගෙන යමන් මචන්.අපි ඉන්නවා බලන්න. :):):):):)
     
    • Like
    Reactions: ColdBreath

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හෆ්ෆා මොකද්ද බං මේ කඩාපාත් වෙච්චි වාතෙ. අගේට මේ ත්‍රෙඩ් එක කියවගෙන ආවනෙ Crazy Buddyට පිං සිද්දවෙන්න.

    අපේ ජාතියෙ වැරද්දක්ද මංදා මොකෙක් හරි එළට වැඩක් කරගෙන යනකොට අපේ රටේම එකෙක් කොහෙන් හරි ගූ බාල්දියක් පෙරළනවනෙ. :angry::angry::angry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-05.jpg



    05.png


    පහුවෙනිදා උදේ අට වෙන්නත් කලින්ම මං ගෙදරින් පැන්නා.. නැතුව බෑනේ.. නෙත්මි කීයට කඩන් පාත්වෙයිද කියලා කවුද දන්නේ..? එයා එන වෙලාවෙ, මං ගෙදර හිටියා කියන්නෙ, සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කියලා කියනෙකනේ.. ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා, මෙලෝ සිහියක් නැතුව මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. හැබෑට, පහුගිය දවස් ටිකේම මං මොරීන් අක්කව දැක්කෙ නෑනේ.. වෙනදට නම් හැමදාම ඔය මනුස්සයව උදේට දැකලම මට එපාවෙලා.. දැකපු නැති දවසටත් දැක්ක වගේ තමයි.. බලන්න අප්පා.. ඒ තරම් හර්දය වස්තුවෙ එයා තැන්පත් වෙලා..


    "හප්පේ.. ඇති යාන්තං.. මං කීයෙ ඉදන්ද මග බලාගෙන ඉන්නේ..?"


    මාව දැකපු ගමන් චාමික අතත් උස්සගෙන දුවන් ආවා.. ට්‍රැෆික් සාර්ජන් කෙනෙක් මූව දැක්ක නම්, අම්මපා මේකව ගන්නවා කහ ඉර ගාව හිටෝලා තියන්න..


    "හරි.. හරි.. ඩිංගක් ප්‍රමාද උනා තමයි.. කෑනොගහ නැගපං.."


    "අපි මේ යන්නෙ කොහෙද ලොකු පුතේ..? ඒ සම්බන්ධයෙන් මාව දැනුවත් කරපං.."


    "උඹව අලුතින් දැනුවත් කරන්න දෙයක් නෑ නේ චාමික.. යන්නෙ ශලනිව හම්බවෙන්න.. ඇයි මං මං උඹට ඊයෙ කිව්වේ.. මේ ඩිංගට උඹට ඒක අමතක උනාද..?"


    "ඔබට මතක නෑ.. මටත් මතක නෑ.. අපේ බාලවිය.. ඒ වගේ කතාවක්නේ ලොකු පුතේ උඹත් කියන්නේ.."


    "ඇයි..?"


    "ඇයි අහන්නේ..? අපි ශලනිව හම්බවෙන්න යන එක නෙත්මිට කියන්නැද්ද..? අපි මෙහෙම කරන එක හරිද..?"


    ෂිහ්.. මට මේ ගමනත්ට එකතු කරගන්න තිබ්බෙ අමිලයව.. නැත්නම් රවීන්ව.. මූත් එක්ක නම් මෙලෝ දෙයක් කරන්න බෑ.. හැම කරගැටේටම හොම්බ දානවා..


    "යන එක හරිද අහන්නේ..? ඇයි බත් කන හරකෝ.. උඹ කියන්නේ, නෙත්මිට කියන්න කියලද අපි ශලනිලහ යනවා කියලා.."


    "කිව්වම තියෙන වැරැද්ද මොකක්ද බන්ටි..?"


    "කිසි වැරැද්දක් නෑ.. තියෙන එකම වැරැද්ද තමයි, මං ශලනි එක්ක වචනයක්වත් කතා කරනවට එයා හොදටම අකමැති එක.. උඹ අන්න ඒ දේ තේරුම් ගනිං.."


    "ඒක මහ අමුනුස්ස කතාවක්නේ බං.. එයාට ඒකට අකමැති වෙන්න හේතුවක් නෑනේ.. අඩුම ගානේ උඹ, ශලනි එක්ක වචනයක්වත් කතා කරලා නෑනේ.. ඔන්න වැඩිය ඕන්නෑ.. උඹ ශලනිත් එක්ක කොහේ හරි රවුම් ගහල අතටම අහුවුණා නම් කමක් නෑ.."


    චාමික කියවන ඒවට දෙන්න තරම් හොද උත්තර මගේ හිතට ආවෙ නෑ.. හැබැයි ඉතිං ඌ කියන්නෙත් ඇත්ත.. මං තාම ශලනිව මූණට මූණ හම්බවෙලාවත් නෑ.. එහෙම තියෙද්දිත් නෙත්මි මට මේ තරම් තහංචි දාන්නෙ ඇයි..?


    "මට තේරෙන්නෑ බං.."


    "උඹට විතක් නෙමේ ලොකු පුතේ.. මටත් තේරෙන්නෑ.."


    "මොනවද..?"


    "මොනවද අහන්නේ..? කෙල්ලො කියන ජාතිය, තඹ සත පහකට ගණන් නොගත්ත අපේ බන්ටි.. චීත්තෙ කෑල්ලක් හන්දා අවුල් වෙලා කියනෙක.."


    "පිස්සු කියවන්නෙපා චාමික.."


    එතන ඉදලා ෆැෂන් බග් එක පහුවෙනකල්ම, චාමික කට හෙල්ලුවෙ නෑ.. ඌ කතා කෙරුවෙ නැති උනත්, කල්පනා කරනවා කියනෙක මං දැනන් හිටියා.. ඇත්තටම මායි, නෙත්මියි අතරෙ තියෙන්නෙ මොන වගේ දෙයදක්ද කියලා මං කල්පනා කරා.. අපි දෙන්නට, අපි දෙන්නව නොදැක ඉන්න පුළුවන්ද..? අපි, අපිට ආදරෙයිද..? අපි අතරෙ තියෙන්නෙ ක්ෂනිකව ඇතිවෙලා නැතිවෙලා යන මොකක් හරි බැදීමක්ද..? ඔන්න ඔය වගේ දාහක් දේවල් මගේ ඔලුවට ආවා.. ඒත් ඒ හැම එකක්ම හරි උත්තරේ නෙමෙයි කියන්න මං දැනන් හිටියා..


    "මෙතනද තැන..?"


    කලින් දවසෙ මායි, නෙත්මියි ඇවිල්ලා චැලිය නතර කරපු තැනම චැලිය නතර කරද්දි චාමික බයික් එකෙන් බැස්සා.. ස්ටෑන්ඩ් එක ගහලා මාත් බහිද්දි, ඌ වටපිටේ සර්ච් කරලත් ඉවරයි..


    "බ..න්..ටී.."


    "ම්.."


    "උඹට හොදටම ෂුවර්ද තැන මෙතන කියලා..?"


    "ඔව් බං.. මෙතන තමයි.. නෙත්මියි, මායි එදා ආවෙ මෙතනට තමයි.."


    "උඹ මොනවා කිව්වත්, මට නම් හිතෙන්නෙ ලොකු පුතේ, තැන මේක නෙමෙයි කියලා.. බලපංකො තියෙන පාලු මුස්පේන්තු ගතිය.. අවුරුදු ගානකින් සතෙක්වත් ඉදලා නෑ වගේ.."

    තාප්පෙට උඩින් එබිලා, මූණත් පුළුටු කරගෙන චාමික කිව්වා.. මූ මේ මොනව කියනවද මංදා.. නෙත්මි මට සීයට සීයක්ම ෂුවර් කරලා පෙන්නුවෙ මේ ගේ තමයි..


    "අවුරුදු ගානකින් නම් කවුරුවත් ඉන්නැතුව ඇති තමයි.. ඇයි බං.. ශලනියි, එයාගෙ තාත්තයි අවුරුදු ගානක්ම හිටියෙ රටනේ.. ඔය පුංචි නිවාඩුවකටනේ ඇවිල්ලා තියෙන්නේ.. එයාලා කොහේ හරි ගිහින් ඇති බං.."


    තකහනියක්ම ආවත්, අද මෙලෝ වැඩක් වෙන්නෑ කියලා හිතට තේරෙද්දි, ආයෙ කොතනින් මේ වැඩේ පටන් ගන්නවද කියලා මට හිතාගන්න බැරිවුණා..

    "කොහේ ගියත් ලොකු, තාත්තයි, දුවයි මෙතන දවසක් හරි ඉදලා තියෙන්න ඕනනේ.. ඒත් මට නම් පේන්නෙ උං විහිලුවකටවත් මෙතන ඉදලා නෑ.."


    මූටත් පිස්සු.. ගමන් බිමන් වැඩි, වැඩ රාජකාරි වැඩි මිනිස්සුන්ට අවට පරිසරේ සමාදානයෙන් තියාගන්න වෙලාවක් තියෙනවද..? වැඩිය ඕන්නෑ.. අඩුගානෙ බන්ටිට, තමන්ගෙ කාමරේ පිහිදගන්න කවද නිදහසක් ලැබුණද..?


    "මෙතන නැතුව උං වෙල අල ගෙඩියක ඉන්නද..? ඔන්න ඔය ගේට්ටුවවත් හයියෙන් හොලවලා බලපං.."


    කියන පරක්කුවට ලොකු පුතා පැනලා ගේට්ටුව හෙලෙව්වා.. යාංතමට මලකඩ කාපු ගේට්ටු පලු දෙක කිරීං, කිරීං ගාලා ඇඹරෙද්දි වටපිටාවෙ පාලුවත්තෙක්ක මහා මූසල ගතියක් මට දැනුණා.. ඒ දැනීම අතරින් මගේ හිත මට කිව්වෙ, ශලනි වගේ කෙල්ලෙක් කීයටවත් මේ වගේ තැනක ඉන්න බෑ කියලා..


    "මේක හරියන්නෑ ලොකු පුතේ.. මොකෙක් හරි 119ට කෝල් කරොත් උඹයි, මායි හතරවෙනි තට්ටුවට අරන් යයි.. දෙයියනේ කියලා අපි මෙතනින් යමු.. මේක ඇතුළෙ මෙලෝ හොල්මනක් නෑ.."


    තවත් විනාඩි විස්සක් විතර ට්‍රයි කරලා බැරිම තැන ලොකු පුතා මුණ හට්ටිය වගේ කරගත්තා.. ඉතිං හත්තිලව්වේ.. ඕකට මූණ එල්ලගෙන ඉදලා හරියනවද..? වැඩේ අවුල් වෙනවා නම් ෂේප් එකේ මාරුවෙනවා මිසක..


    "එහෙනම් යමු ඉතිං.."


    නෙත්මි නැතුව මේ වැඩේ කරන්න බෑ කියන සිතුවිල්ල එක්ක මං චැලිය ස්ටාර්ට් කලා.. ඒත්.. එයා ආවත්, මේ වැඩේ කරන්නෙ දාහක් දේ කියව කියව කියලා මං දැනනන් හිටියා.. ලොකු පුතත් වැඩි සද්දයක් නැතුවම චැලියෙ පිටිපස්සෙ වාඩිඋනා..


    "බ..න්..ටී.."


    "ම්.."


    "මේක මේ විදියට හරියන්නෑ.."


    හරියන්නෑ කියලා මටත් තේරෙනවා.. ඒත් ඉතිං අපට කරන්න දේකුත් නෑනේ.. අඩුම ගානෙ ශලනිගෙ ෆෝන් නම්බර් එකවත් අපි ගාව තියෙනවා නම්..? එහෙනම් වැඩේ අවුලක් නැතුවම ගොඩ දාගන්න තිබුණා..

    "බ..බන්ටි අර.."


    දාහක් කල්පනා අතරෙ, ගැටඹ පන්සල හරියට එද්දි, ලොකු පුතා එක පාරටම කෑගැහුවා.. මේක නම් කියලවත් කරගන්න බැරි වැඩක්.. හරියට දෙයියො දුන්නා වගේ.. ඇස් දෙක දැකපු දර්ශනේ හින්දා මගේ හිත සංතෝසෙන් පිරුණා..


    "ඇටකිච්චා නේද..? වරෙන් යමු.."


    චැලිය එතනම දාලා, මං කහ ඉර පැන්නා.. ඇටකිච්චා හිටියෙ තවත් සුදු කෙල්ලෙක් එක්ක.. ඌ නිවාඩු පාඩුවේ, නිස්කලංකෙ පන්සල් ඇවිත් වගේ.. එහෙනම් ශලනිව අතෑරලා දාලා මූ යාලු වෙලා ඉන්නෙ මේ කෙල්ල එක්ක වෙන්නැති..


    "උගේ අලුත් කෑල්ල තමයි ඔය.."


    ලොකු පුතා මගේ කණට කරලා කියද්දි තමයි ඇටකිච්චා මාව දැක්කේ.. ඒ ඇස් දෙක මහා බයකින් වගේ ලොකු වෙනවා මං දැක්කා.. ඒ කියන්නෙ ඌ මාව අදුන ගත්තා කියනෙකනේ.. එදා ගාඩ්න් එකේදි නැව් ගානට කාපු ඒවා ඌට මතක් වෙන්නැති..


    "නලින්ද.."


    "අ.. අයියේ.."


    "මට තමුසෙත් එක්ක ටිකක් කතා කරන්නෝන.."


    ළග හිටපු ගෑනු ළමයගෙ අත තවත් තද කරලා අල්ල ගෙන ඇටකිච්චා මගේ දිහා බැලුවෙ මහා පරාණ බයකින්..


    "මෙ.. මෙතන කතා කරමු අයියේ.."


    "මෙයා හිටියට කමක් නැද්ද..?"


    "ක.. කමක් නෑ.."


    "ඒක හරියන්නෑ.. අපි ඩිංගක් එහාට යමු.. පන්සල් ඇතුළෙ මේවා කතා කරන්න බෑ.."


    ඇටකිච්චා දහ අතේ කල්පනා කරනවා කියලා මට තේරුණා.. ඌ බලනවා ඇති, මේ මරාලෙ මොකක්ද කියලා.. ඇයි අප්පා කලින් පාර ඉස්පිරිතාලෙ ලගින්න ගුටි කෑවෙ මෙහෙම පැත්තකට එක්කං ගිහිල්ලනේ.. මේකත් එහෙම එකක්ද කියලා ඇටකිච්චා හිතනවා ඇති.. ළග හිටපු ගෑනු ළමයට එහෙම්ම ඉන්න කියලා, ඇටකිච්චා අපි දෙන්නත් එක්ක පාර පැන්නා..

    "අනේ අයියේ.. මට ගහන්න නම් එපා.."


    අත් දෙකෙන්ම මගේ අතක් අල්ලගෙන ඇටකි්චචා කෙදිරි ගෑවා.. මූ මොනවද මේ කියවන්නේ..? බන්ටි ආයෙ ජීවිතේටවත් මූට නෙලනවද අප්පා.. අනික මේ වගේ සීනි බෝල මූණකට..


    "ගහන කතාව පැත්තකින් තියමුකෝ.. ඉස්සෙල්ලම මට කියපං කෝ ශලනි කියලා..?"


    "ශ..ල..නි..?"


    ඇටකිච්චගෙ ඇස් දෙක ආයෙත් ලොකු උනා.. ඌ බලනවා ඇති මොකක්ද මේ අවනඩුව කියලා..


    "ඔව්.. ඇයි උඹට දැන් ඒ නමත් අමතකද..?"


    ඒ පාර පැත්තක ඉදපු ලොකු පුතා මැරයා උනා.. මැරයා නෙමෙයි.. ගදයා හරි වෙන්න බැරිද අප්පා දෙයියො මේ වගේ අවස්ථා දෙනවා නම්..


    "අනේ අ.. අයියේ.. න.. නම විතරක් නෙමේ.. ම.. මං එයාගෙ මතකයත් අමතක කලා.. ඔ.. ඔයාලට පේනවනේ.. මං දැන් වෙන කෙල්ලෙක් එක්කයි ඉන්නේ.. දෙයි හාමුදුරුවන් පල්ල.. ම.. මං එයා ගැන කිසි දෙයක් දන්නෑ.."


    "දන්නැති වෙන්න බෑ.. උඹ අනිවා දන්නවා.."


    ඒ පාර ලොකු පුතා, ඇටකිච්චා දන්නැති දෙයක් ඌට කියලා දෙන්න යනවා වගේ.. මෙහෙම ගියොත් වැඩේ අල වෙනවා කියලා මට තේරුණා..



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කිව්වම අහන්නකො බුදු අයියේ.. ම.. මං ඒකි ගැන මෙලෝ දෙයක් දන්නෑ.. මං හැමදේම අමතක කලා.. ඒ.. එදා කාපු ඒවා තාම රිදෙනවා අයියේ.. අයියව දකිනකොටත් මට බඩ රිදෙනවා, රිදෙනවා වගේ.. මං.. මං යන්නද අයියේ..?"

    ඇටකිච්චා ලවක් දෙවක් නැතුව බැගෑපත් වෙනවා.. ඔව් ඉතිං.. එදා මං මුගේ යටි බඩටනේ ගැහුවේ..


    "යන්න..? කොහෙ යන්නද ඩිංගක් ඔහොට හිටපං.."


    "අනේ අයියෙ.. ගහන්න නම් එපා.. කෙල්ලත් බලන් ඉන්නවා.."


    "මැරෙන්නැතුව ඉදපං. උඹට ගහනවා නම්, මං මෙච්චර වචන නාස්ති කරන්නෑ.. මට උඹෙන් දෙයක් දැනගන්න තියෙනවා.."


    "මො.. මොකක්ද අයියේ..?"


    ඇටකිච්චා කලින්ටත් වැඩිය බයවුණා කියලා මට තේරුණා..


    "මට, ශලනිගෙ ෆෝන් නම්බර් එක ඕන.."


    "ආ.. ඒ.. ඒ.. ඒකද..? දෙන්නම්කො අයියේ.."


    ඇටකිච්චගෙ 'ඒ' එක සංතෝසෙ වැඩි කමටද මංදා හුගාක් දික්වුණා.. ඌ හිතන්න ඇත්තේ, අම්බානකට කන්න වේවි කියලා.. මේක නිකං ස්විප් එකක් කියලා ඌට හිතෙන්නැති.. ඇටකිච්චගෙන්, ශලනිගෙ ෆෝන් නම්බර් එක අරගෙන, මායි, චාමිකයි ආපහු හැරුනා.. ඇටකිච්චා පපුව පුරවලා හොද හුස්මක් ගත්තා.. ඒත් ඒ තත්පරේකට විතරයි..


    "උඹ, ශලනි ඉන්න තැන දන්නවද..?"


    මට අහන්න අමතක වෙච්ච එකක් චාමික පටස් ගාලා ඇහුවා.. ඒ ප්‍රශ්නෙ කොයි තරම් වැදගත්ද කියලා මට හිතුණෙ වැරදිලාවත් ෆෝන් නම්බර් එක වැඩ කෙරුවෙ නැත්නම් කියන සිතුවිල්ල හිතට ආවම..


    "ඔ.. ඔව්..."


    "කොහෙද..?"


    "කුණ්ඩසාලේ.."


    "කුණ්ඩසාලෙ කොහෙද..?"


    ඒ පාර ඇටකිච්චා විදුලි වේගෙන් ඇඩ්‍රස් එක කියවං ගියා.. චාමික, ඌ ගාව තියෙන පුංචි නෝට් බුක් එකේ, ටෙලිෆෝන් නම්බර් එක වගේම, ඇඩ්‍රස් එකත් ලියා ගත්තා..

    "එ.. එනෙම් මං යන්නද අයියේ..?"


    යන්නද කියලා ඇටකිච්චා ඇහුවේ, පාරෙන් බාගයක් විතර මැදට පැනලා.. අපි ගාවින් ඉවත්වෙන්න, ඌට ඒ තරමටම ලොකු ඕනකමක් තිබිලා.. කතාව ඇත්තනේ අප්පා.. මොකාද දෙවියනේ ගුටිකන්න කැමති..


    "ඕ..න්න ලොකු පුතේ.. දෙන දෙයියො කැත නැතුවම දෙන එක දීලා තියෙනවා.. අත් දෙක උඩටම.. දැන් ඉතිං උඹට මාර්ගය සදාකාලිකව විවෘත වෙලා තියෙනවා.. අවුලක් නැතුව යන්නයි තියෙන්නේ.."


    "සදාකාලිකව කිව්වේ..?"


    වෙලාවකට චාමිකගෙ කතා තේරුම් ගන්න, පුරා විද්‍යා කොමසාරිස්තුමා ගේන්න ඕන.. ඒ තරම් අවිනිශ්චිතයි..


    "සදාකාලිකව කිව්වේ, සදාකාලයටම බන්ටි.. දැන් කතාවෙ වැඩක් නෑ.. අපි මේ නම්බර් එකට, නමෝ විත්තියෙන් කතා කරමු.."


    හැමදේටම කලින් චාමික කියපු දේ කරන්න මාත් හිතාගෙනයි හිටියේ.. අනික තවත් බල බලා ඉන්න තරමෙ කාලයකුත් තිබ්බෙ නෑ.. ශලනියි, තාත්තයි ආපහු රට යන්න කලින්, මේ හැමදේම ඉවර කරලා දාන්න ලොකු උවමනාවක් මට තිබුණා.. බින්දු උනත් ඔය තරම් උඩ පැන්නෙ මං මේක බාරගත්තු හන්දනේ.. ඒත් මේකෙන් අන්තිමේදි කාට කාටත් හොදක් උනොත්, බින්දු උනත් උගේ කැත හිත පැත්තකින් තියලා හොද විදියට හිතාවි කියලා මට හිතුණා..


    ඇටකිච්චගෙන් ඉල්ල ගත්තු නම්බරේ ඩයල් කරද්දි උනත්, මේක රින්ග්ස් යාවි කියලා විශ්වාසයක් මට තිබ්බෙ නෑ.. මොකද මේ තරම් ලේසියෙන් ශලනි ගැන තොරතුරක් මට ලැබේවි කියලා මමවත් හිතලා තිබුණෙ නෑ.. දැන් ඉතිං ෆෝන් එක වැඩ කරා උනත්, නැති උනත් ශලනි ඉන්න තැන ඇඩ්‍රස් එක බන්ටි දන්නවනේ.. ඒ හොදටම ඇති..


    "හෙ..ලෝ.."


    ඇත්තටම ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුණු ඒ සද්දෙ වචන හුගාක් හෙමීට පාවිච්චි කරන කෙනෙක්ගේ.. හරිම ස්වීට් වොයිස් එකක්..


    "මට, ශලනිට කතා කරන්න පුළුවන්ද..?"


    "මේ කතා කරන්නෙ ශලනි තමයි.. ඔයා කවුද..?"


    "මං කවුද කියලා නම් මේ කතාවට වැදගත් වෙන්නෑ.. මං, ඔයාට කතා කෙරුවෙ පුංචි ආරංචියක් දෙන්න.."


    "ඒ මොකක්ද..?"


    "ඔයා, නිරෝෂිව දන්නවද..?"


    "නිරෝෂි කියලා කිව්වේ..?"


    කෙල්ල එහා පැත්තෙන් ම්.. ම්.. ගගා කල්පනා කරන හඩ මට ඇහුණා.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා..? තමන්ගෙ සහෝදරීගෙ නම අමතක මොන සහෝදරීටද..? කෙල්ල මාව අන්දන්නවත් හදනවද..?


    "නිරෝෂි කියලා කිව්වේ, ඔයාගෙ අනිත් නිවුන්නට.. දැන්වත් මතකද..?"


    "ඕ.. මගේ දෙයියනේ.. නිරෝෂි ගැනද ඔයා කිව්වේ..? ඇත්තටම මට ඒ ගැන කල්පනා උනේම නෑ.. ඉතිං මොකක්ද ඔයාගෙ ආරංචිය..?"


    "ආරංචිය කියන්න කලින් මට කියන්න, ඔයා දැන්මම ලංකාවෙන් පිටවෙනවද කියලා.."


    "ඒ කියන්නේ..?"


    "ඔයාගෙ වීසා ඉවර වෙන්න ළගද..?"


    "ආ.. නෑ.. නෑ.. මට එහෙම ප්‍රශ්නයක් නෑ.. ඕන කාලයක් ලංකාවෙ ඉන්න පුළුවන්.. ඒක නෙමෙයි.. ඔයා, මං ගැන හුගාක් දේවල් දන්න පාටයි.. ඇත්තටම ඔයා කවුද..?"


    "මං කලිනුත් කිව්වනේ, මං කවුද කියලා මෙතෙන්ට අදාල නෑ කියලා.."


    "අදාල නැත්නම් ඔයා කතා කරන්නෙ ඇයි..? ඔයා මේ පෙනී හිටින්නෙ කවුරු වෙනුවෙන්ද..?"


    "මං පෙනී හිටින්නෙ නිරෝෂි වෙනුවෙන්.."


    "ඒ කියන්නෙ ඔයා තමයි නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්..?"


    "ඔයා කැමති දෙයක් හිතාගන්න.. ඔයා ඇහුවනේ ආරංචිය මොකක්ද කියලා.. ආරංචිය තමයි, නිරෝෂි කැමැත්තෙන් ඉන්නවා ඔයාව හම්බවෙන්න.. ඔයා මොකද කියන්නේ..?"


    "දෙ.. දෙයියනේ.."


    "ඇ.. ඇයි..?"


    කෙල්ල හොදටම බය උනා කියලා මට තේරුණා.. ඒත්.. එයා බයවෙන්නෙ කාටද..? මොන දේකටද..? මට හිතාගන්න බැරිවුණා..


    "ඇ.. ඇයි ශලනි.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..?"


    "තා.. තාත්තා ආවා.. ඔ.. ඔයා මට පස්සෙ ගන්න.."


    "ආයෙ පස්සක් නෑ.. වැඩි විස්තර කියන්න හෙට දහයට ගැටඹෙ පන්සල ගාවට එන්න.. මං තියනවා.."


    මං තියන්නත් කලින් එහා පැත්තෙන් ෆෝන් එක තියන සද්දෙ මට ඇහුණා.. බලන් ගියාම, මේ කෙල්ල තාත්තට පට්ට බයයිනේ.. මොනව උනත් අන්තිමට මං කියපු දේවල් ඇහිලා තිබුණ නම් අවුලක් නෑ.. එහෙම උනොත් ශලනි ගැටඹෙ පන්සල ළගට එයිනේ..


    "මොකද දෝසි කැටේ කියන්නේ..?"


    ෆෝන් එක තිබ්බා විතරයි චාමික මගේ මූණට එබුණා..

    "වැඩිය කතා කරන්න උන්නෑ.. ශලනිගෙ තාත්තා කඩන් පාත් උනා.. මොනව උනත් හෙට උදේ දහයට මං එයාට එළියට එන්න කිව්වා.. ඊට පස්සෙ තමා ඉතුරු හරිය බලාගන්න තියෙන්නේ.."


    "පස්සෙන් තියා ඉස්සරහින් තියාගෙන බලා ගත්තත් කමක් නෑ.. හැබැයි ඉතිං මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතේ.. කිසි එකගතාවයක් නෑ වැඩේ නම්.."


    "ඒ මොකක්ද..?"


    "නෙත්මි අපට ලොකු බොරුවක් කරා ලොකු පුතේ.."


    "බොරුවක්.."


    "ඔව්.. අපිට, එයා කිව්වෙ ශලනි ඉන්නෙ වෙන කොහේවත් කියලනේ.. දැන් ටිකකට කලින් ඇටකිච්චා අපට දුන්නෙ කුණ්ඩසාලෙ ඇඩ්‍රස් එකක් නේ.."


    චාමික කිව්වෙ සීයට දෙසීයක්ම ඇත්ත.. ඌ කියනකල්, මේ බන්ටිගෙ ඔලු ගෙඩිය මැදට, ඔය කතන්දරේ අහු වුණේ නෑ කියනෙක විශ්වාස කරන්නත් බෑ අප්පා.. එහෙනම් ඉතිං නෙත්මි මගෙත් එක්ක ශලනිව හොයන්න ආවෙ බොරුවටද..? එතකොට අපි අර කලුපාට යකඩ ගේට්ටුවට තඩි බබා, ශලනිට කතා කරේ ශලනි පැත්ත පළාතකවත් නැති තැනකට ගිහිල්ලද..?


    "ඇයි චාමික, නෙත්මි ඒ වගේ බොරුවක් කලේ..? මායි, නෙත්මියි එදා ශලනිව හොයන්න ගිහින් පැය දෙකකටත් වැඩිය රවුම් ගැහුවා.. ඒ කියන්නෙ ඒ මුළු ගමනම මහා බොරුවක් කියලද..? ඒ පැය ගාන පුරාම නෙත්මි, මාව ඇන්දුව කියනෙකද..?"


    "මටත් හිතාගන්න බැරි එකම දේ ඒක තමයි ලොකු පුතේ.. අම්මපා මේ කෙල්ලො කියන ජාතිය නම් සත පහකටවත් විශ්වාස කරන්න පුළුවන් ඈයො නෙමෙයි.. හරියට නිකං බඩ සුද්ධ වෙන්න බෙහෙත් බීලා වගේ, ලස්සනට බලන් ඉන්නවා, බඩ යනකන්ම කවුරුවත් දන්නෑ.."


    ඔක්කොම හරි.. ලොකු පුතාගෙ ගද ගහන එග්සාම්පල් තමයි මට දිරවන්නැත්තේ..


    "වැඩේ කියන්නෙ චාමික.. ඇටකිච්චා, ශලනිගෙ ඇඩ්‍රස් එක කියලත් මට ඔය ගැන හිතුන්නෑනෙ.. ඒ කියන්නෙ මං කොයි තරමක් නෙත්මිව විශ්වාස කරනව කියලද..? ෂිහ්.."


    ඇත්තටම මට ආවෙ මං ගැන කේන්තියක්.. මොනව උනත් නෙත්මි මට මේ හැමදේම කරේ මං ගැන, එයාගෙ හිතේ තියෙන ආදරේ හින්දා කියන දේ පිළිගන්න මගේ හිත කැමති උනේ නෑ.. කෙනෙක්ව රවට්ට, රවට්ට ආදරේ කරන්නෙ, හිතේ තියෙන සැක කමට මිසක් වෙන දේකට නෙමෙයි..


    "හැබැයි බන්ටි.. මෙහෙම දේකුත් තියෙනවා.."


    "ඒ මොකක්ද..?"


    "ඇටකිච්චා අපිට කිව්වෙ බොරු එඩ්‍රස් එකක් නම්..?"


    "එහෙම වෙන්න බෑ චාමික.. ඌ දිපූ ටෙලිෆෝන් නම්බරේ හරිනේ.. එහෙනම් එඩ්‍රස් එකත් හරියන්නම ඕන.. අනික ඇටකිච්චට බොරුවක් කීමේ අවශ්‍යතාවක් නෑ.. ඌ දැන් ශලනිව අතෑරලා දාලනේ ඉන්නේ.. මං නෙත්මිගෙන්ම මේක දැනගන්නම්කෝ.. එතකොට කතාව ඉවරනේ.."


    චාමිකව, මගින් දාලා එන ගමනුත් මං කල්පනා කලේ නෙත්මි ඇයි මට බොරු කිව්වෙ කියලා.. මගේ මූණ දිහා බලාගෙන එයාට ඒ තරම් ලොකු බොරුවක් කරන්න ශක්තියක් තිබුණෙ කොහොමද කියලා.. අනික විනාඩියක් දෙකක් නෙමෙයි පැය ගානක්..


    "මොකෝ මේ.. මූණ නරක් කරගෙන..?"


    ගෙට ගොඩවෙන්න හම්බ වුණේ නෑ.. අක්කා මගේ ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකල් මහා අමුතු විදියට බැලුවා..


    "නරක් වෙන්න, මේක අඹ ගෙඩියක්ද අක්කේ..?"


    "ඒක නෙමේ.. මං ඔයාව අද හම්බවෙන්නයි හිටියේ.."


    "ඇයි අක්කේ..?"


    "ඔයා, නෙත්මිගෙන් තෑගි ගත්තා නේද..?"


    "නෑ.."


    "නැත්තෙ නෑ.. අර ෆෝන් එක ඔයාට දුන්නෙ නෙත්මි නේද..?"


    ඔන්න බලපංකො වැඩේ හැටි.. අක්කා සහසුද්දෙන්ම දන්නවා වගේ, ෆෝන් එක නෙත්මි මට දුන්නා කියලා.. ඒත් එහෙම වෙන්නෙ කොහොමද අප්පා.. මායි, නෙත්මියි මොන තරම් රහසිගතව පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකින් පස්සෙද මේක මට ලැබුණේ.. අක්කා මේ පැත්තක ඉදන් කටත් බලිය වගේ කරන් බිං ඌරෙක් වගේ හිටියට ඕවා දන්න එකක්යෑ.. එනවා මෙතන ෆෝන් ගැන අහන්න..


    "ඔයා කොහොමද එහෙම කියන්නේ..?"


    "කියන්නෙද..? නෙත්මියි, මමයි ගිහිල්ලා ඕක ගත්ත නිසා.."


    අක්කගෙ කතාවට මට හීන් දාඩිය දැම්මා.. එහෙම දේකුත් සිද්ධ වෙලාද..? කලින් කියන්නෙපැයි දෙයිනේ..


    "හැබැයි කෙල්ලගෙත් හොර කම කියන්නේ, ඔය ෆෝන් එක ගත්තෙ කාටද කියලා මට කිව්වෙ නෑ.."


    "ඕක තමා අක්කෙ කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.. කොහෙද ඉතිං අපි වගේ වැදගත් පුද්ගලයො කියන දේවල් ඔයාල අහන්නෙ නෑනේ.."


    තවත් මොනවදෝ කියන්න අක්කා කට හැදුවත්, මං තත්පරේට දෙකට පඩිපෙල නැංගා.. කියාගන්න බැරිවුණ සබ්බසකලෙම බදාගෙන, අක්කා ඉණට අත්දෙකත් ගහගත්තා.. එයාට නිකං ජෙලස් වගේ ඇති අප්පා.. ඇයි ඉතිං.. නෙත්මිත් එක්ක පැය ගාණක් ඇවිදලා තොරලගනිපු අල ගෙඩිය මගේ අතේ තියෙනකොට.. අම්මපා.. ඔව් ඕයි.. අල වගේද ගෝවා කියලා එයාට හිතෙන්නැති..



    Mathusambandai.gif