෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
ඒ මගේ මලයි 1, 2, 3, කොටස්
සනීපේ බෑ.. උත්තර ධ්‍රැවයේ අයිස් කදු ටික එක්සිමෝල් අම්මල, පුතාලා ගිලලද මංදා.. මෙහේ දෙක වෙන්න පායනවා.. පුදුම ගිරීස්මයක් තමයි නුවරට පායනවා කියලා කියන්නෙ.. ආයෙ හොදි ඕන්නෑ..
ගිනි ගහන අව් කූටකේ හෙල්මට් එකත් හිල් කරගෙන, ඔලුව මැද්දටම වදිනවා.. අපරාදෙ කියන්න බෑ.. චැලියෙ යන ගමන් කරා උනත් දාඩිය කිලෝ එකයි..
ගුඩ්ෂෙඩ් එක පහු කරලා ටිකක් දුර ඇවිත්, මං මගෙ ෆුල් ඔප්ෂන් චැලිය දකුණට දැම්මා.. හම්මා.. නහය පසාරු කරගෙන ආපු පිලී ගදකින් මාව ඉස්මුරුත්තා වෙලාගියා.. අම්මපා.. නගර සභාවෙ කුණු ලොරියවත් නුවර ටවුන් එක මැද පෙරළිලාද..? වෙනදට මෙහෙම අපත ගන්දස්කාරයක් මගේ නහයට දැනිලා නෑනේ..
ආ..! ආ..!! ආ..!!! මේ තියෙන්නෙ දිලිසි දිලිසි.. නහයට සනීපයක් දැනුණෙ කොහෙන්ද කියලා මං හොයාගත්තා.. වෙන මොකක්ද ඉතිං නුවර මාලු මාර්කට් එක මිසක්.. ඒ කියන්නෙ වෙනදට මෙතනින් ය්දදි මට අවුලක් උනේ නැත්තෙ, මගේ නහය කුණුවෙලා තිබ්බද මංදා..
මාලු මාකර්ට් එක ගාවින්, හුස්ම ගන්නෙත් නැතුවම, චැලිය උඩට දාද්දි, මගේ ඇස් දැකපු දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා.. ඒ විශ්වාස කරන්න බැරිකමට මං චැලිය අතරමග නතර කරගත්තා.. අම්මපා.. මගේ ඇස්වල ආබාධයක්ද..? නැත්නම් මට ඇස් ලෙඩද.. හෙල්මට් එකත් ගලවලා, ඔලුව දෙපැත්තට ගසලා දාලා, මං ආයෙත් මාලු මාකර්ට් එකට ඇතුල් වන අයියා දිහා බැලුවා..
'අද හොදටම පරක්කුයි.. බොසාගෙන් පරිප්පුවක් ෂුවර්.. ඉක්මනට ඔෆිස් යන්නෝන..' කියලා උදේ පාන්දර ගෙදරින් ආපු මනුස්සයා, මෙන්න බොලේ කිසිම හදිස්සියක් නැතුව මාර්කට් එක ඇතුළට රිංගනවා.. අහන්න දෙයක් නෑ.. බලන්න කිසිම දෙයක් නෑ.. මොකාක් හරි අවමගුලක් තමයි.. කෝකටත් කියලා, ගෙදර යන ගමනත් පැත්තකින් තියලා මං චැලියෙන් බැස්සා..
සන්තානම් මෑණියනේ.. මේ එන පුසුඹ නම් ජීවිත කාලය පුරාම මතක හිටින එකක්..
"සුවදක් දැනේවි අවටින්, මාලු ලෑල්ලේ හා.. හා..
කුමරෙක් ඇවිදින් සිටීලු, මාලු කපන්නට ම්.. හ්ම්.."
වතුර ගලනවා වගේ මගේ හිතට කවි සිතුවිලි ගලන් එන්න පටන් ගත්තා..
"බ..න්..ටී.."
මාලු මාර්ක්ට් එකට ඇතුල්වෙන්න, ඔන්න මෙන්න කියලා තියෙද්ද, කවුදෝ වයසක මනුස්සයෙක්ගෙ කටහඩක් මට ඇහුණා.. දෙයියන්ට මොනවා හරි ඔප්පුවෙන්න.. මෙන්න පයිතගරස් මගේ ළග.. මේකා පහුගිය දවස්වල පේන්නත් හිටියෙ නෑ.. කොහේ වලකජ්ජ ගහලා, අවතාරෙ වගේ මෙහෙට සම්ප්‍රාප්ත උනාද මංදා..
"උඹ මොකද කරන්නෙ..?"
මං ටිකක් සැරෙන් ඇහුවා.. නැත්නම් මූ මුදුනා වෙලා, මගෙන් ප්‍රශ්න අහනවා..
"ම.. මං මාලු ටිකක් ගන්න ආවා.."
මේ ලෝක ධාතුවෙ ඉන්න අහිංසකම සත්වයා වගේ, පයිතගරස් මූණ හදාගත්තා..
"උඹ.. මාලු ගන්න ආවා..?"
"ඔව් ඉතිං.. උඹලයි අයියයි, උමයි දෙන්නම උඹලගෙ ගෙදරට මාලු ගෙනියන්න ආපු එකේ, මමත් අපේ ගෙදරට මාලු ටිකක් ගෙනියන්න ආවා.. කමක් නෑනේ බන්ටි.."
මේකා දීපු කුණු උත්තරේ බලන්න අප්පා.. මට මුගේ කෑල්ලක් කඩන් කන්න හිතෙනවා..
"කවුද උඹට කිව්වෙ, අපි මාලු ගෙනියන්න ආවා කියලා..?"
"ඇයි බන්ටි.. වීජ ගණිතයයි, ජ්‍යාමිතියයි වගේ උඹයි, අයියයි සහයෝගයෙන්, එකමුතු භාවයෙන් මාර්කට් එකට ඇතුලු වෙනකොට බංඩාංක ජ්‍යාමිතය වගේ ඉන්න මට එහෙම නොහිතුණා නම් තමා පුදුමෙ.."
පයිතගරස් එක්ක කතා කර කර හිටියට මගේ ඇස් තිබුණෙ මාලු මාර්කට් එක පැත්තෙ.. අයියාකාරයා මේක ඇතුළට ගියා ගියාමයි, තාම ආරංචියක්ව්ත නෑනේ.. මේ යකා මොන අලගොඩුවෙක් හොයාගෙන මේක ඇතුළට ආවද මංදා.. ගලාගෙන යන ගන්දස්කාරෙට නහයත් එක්ක හිරි වැටෙනවා..
"බන්ටි.. දැන් උඹේ විවාහ ජීවිතේ කොහොමද..?"
"මොකක්..?"
ඇත්තමයි.. මේ වෙල් කක්කුට්ටා එක්ක, විනාඩි දහයක් හිටියොත් ඇති මනුස්සයෙක්ට පිස්සු හැදිලා මැරෙන්න.. මේකගෙ කට රිදෙන්නැද්ද මංදා..
"ඇයි.. මට එදා මාළිගාව ළගදි හම්බවුණු සීදේවි ගෑනු ළමයා.. අර චාමි, අහිංසක, පියකරු හිනාවක් මූණ පුරාම තිබ්බෙ.. ඇවිදිනකටෙ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා හිටපු ගමන් ත්වරණයකට පාත්‍ර වෙන්නෙ.. අන්න ඒ සැබෑ කාන්තාව ගැනයි මං ඇහුවෙ.."
මේකා මේ පියාපත් ආපු ඔටුවා වගේ කියවන්නෙ, මොරීන් අක්කා ගැන.. හැබැයි ඉතිං, මොරීන් අක්කා මොඩ් වෙලා ඉන්න තාලෙ දැක්කා, නම් මූට ප්රමේයවල් දෙක තුනකට බඩ යනවා..
වැඩේ කියන්නෙ, මට මේ ඔටුවත්තෙක්ක මාර්කට් එක ඇතුළට යන්න බැරිකමයි.. අයියාකාරයා, මොන මාලු බොක්කක් ගන්න රිංගුවද කියලා කවුද දන්නෙ..? මේකා නැත්නම් මං මෙලහකට ඇතුළට ගිහින්.. මොනව උනත් තත්වෙ ආරක්ෂා කර ගන්න එපැයි.. නැත්තං ඉතිං සිද්ධ වෙන අලකලංචි ගැන මූ ප්රමේයවල් දෙක තුනක්වත් හදයි..
"උඹ මොකටද ටවුන් ආවෙ..?"
කතාව වෙන පැත්තකට හරවන්න කියලා හිතන් මං මාතෘකාව වෙනස් කරා..
"මං කිංස්වුඩ් එකට ගියා.. පරණ සර්ලා ටික බලලා එන්න.."
"ඉතිං..?"
"උඹට කියන්න බන්ටි.. පැයක් විතර ඉස්කෝලෙ ඉදලා එළියට බැස්සා විතරයි, මෙන්න ගේට් එක ළග පොඩි එකෙක් හෝ ගාලා අඩනවා.. මට දුකේ බෑ.. පොඩි එකා හූල්ල හූල්ල අඩනවා.. උඹ දන්නවනේ බන්ටි.. මං සංවේදී මිනිහා.. ටිකක් වෙලා ගියොත් මගේ දුකත් හොදි වගේ වැක්කෙරෙනවා.. ඒක හින්දා මං පොඩි එකා ළගට ළං වෙලා ඇහුවා, ඇයි පුතේ මේ හොටු පෙරන් අඩන්නෙ කියලා.."
"ඉතිං..?"
"ඌට ටිකක් එහායින් ඉදපු, මරුමුස් පාට තවත් පොඩි එකෙක්ව පෙන්නලා, මේකා කියනවා, අනේ අංකල්.. අන්න අරයා මගේ පැන්සල ගත්තා කියලා.. උඹට තේරෙනවනේ බන්ටි.. මට මේ සිද්ධිය වාවන්නෙ නැතුව ගියා.. මං කෙලින්ම සරල රේඛාවක චලනය වන වස්තුවක් වගේ, අර මරුමුස් මූණක් තිබ්බ පොඩි එකා ළගට ගියා.."
"පස්සෙ..?"
"මුං මේ විදියට පුංචි කාලෙ ඉදලම ඇට්ටර උනොත්, මුංට අනාගතයක් නෑ.. මං අර මරුමුස් පොඩි එකාට ලංවෙලා සිරා ටොක්කක් ඇන්නා.. 'ඇයි පුතේ මේ වගේ දේවල් කරන්නෙ..? අර මල්ලි ඔයාගෙම යාලුවෙක්නේ.. අපි කෙනෙක්ගෙන් දෙයක් ගන්න ඕන, කෙනෙකුට දෙයක් දීලා.. බුදු බණේ උනත් තියෙන්නෙ එහෙමයි.. ඔය වගේ හොද සිරිත් පුංචි කාලෙ ඉදලම පුරුදු වෙන්නෝන..' කියලා.. උඹ දන්නවද බන්ටි, ඌ මට දීපු උත්තරේ.. 'ඉතිං අංකල් මං ඌට කණ පැලෙන්න දෙකක් දීලා තමයි පැන්සල ගත්තෙ..' උඹ කියන්නෙ, මං හෙමින් සීරුවෙම ලිස්සලා ආවා.. තව ඩිංගක් වෙලා මං එතන හිටියා නම් ඌ මගෙත් පැන්සල ගන්නවා.."
වැඩේ කියන්නෙ, මූ කතාව කියන විදියට බොරුවක් උනත් අහගෙන ඉන්න පුළුවන් එකයි..
"බ.. බන්ටි.."
හිටපු ගමන් හැමදේම අමතක වුණා වගේ පයිතගරස් මගේ අතින් ඇද්දා..
"මොකාද බං..?"
"අ.. අර පණ එපා කියලා දුවන්නෙ උඹලගෙ අයියා නේද..?"
"කෝ..?"
"අ.. අර නුහුගුණේ හැදිච්ච එකා වගේ හයියෙන් අඩි තිය තිය ඉගිලෙන්නෙ.."
ඇත්තමයි.. අයියාකාරයා, ඔල්මාදෙ හැදිලා වගේ දුවනවා.. මිනිහා පිටිපස්සෙන් කවුරුහරි එළවනවද කියලා මං වටපිට බැලුවත්, කවුරුවත්ම දැක්කෙ නෑ..
"ඈ බන්ටි.. මොකද බං උඹලගෙ අයියා දුවන්නෙ..?"
"ඌ එහෙම තමයි මිලාන්.. මාලු ගත්තද, දිව්වා.."
"සල්ලි දෙන්නෙ නැතුව නෙමේනේ..?"
ලාවට හිනාවෙන ගමන් පයිතගරස් අපත කතාවක් කිව්වා.. ඒත් ඒකට උත්තරයක් දෙන්න තරම් සිහියක් පතක් මට තිබ්බෙ නෑ.. මං බලන් හිටියෙ අයියා පණකඩන් දුවන්නෙ කොහෙද කියලා.. මේකා මේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්නෙ, මොකක් නමුත් මහා පරිමාණ කුණු ගොඩකට කියලා මට ඉවෙන් වගේ තේරුණා.. පයිතගරස් එතැනම ඉද්දි මං ඉස්සරහට ආවත්, ඒ එක්කම වගේ ආපු වීල් එකකට නැගලා, අයියා මගේ ඇස්වලින් ඈත්වෙලා ගියා..
****************************
අයියාකාරයගෙ වලිකුලප්පුවට හේතුව මොකක්ද කියලා හිතාගන්න බැරුව, මාත් බොහොම පශ්චත්භාවයට පත්වෙලයි ගෙදර ආවෙ.. පයිතගරස් නම් තාමත් මාලු මාර්කට් එක ළගට වෙලා ඇති.. ඌට ඉතිං ගෙයක් දොරක් කියලා තියෙන එකක් නෙමේනෙ.. අනික ඉතිං මං ඌට කියලා ආවෙ, 'ඩිංගක් ඉදපං මං ෂුට්ටකින් එන්නම්' කියලනේ..
ෆුල් ස්පීඩ් එකේ ආපු චැලියෙන් මං 'වැලන්ටිනෝ රෝසි'ව මතක් කරගෙන වැලිපාර ළග බෙන්ඩ් එක ගත්තා.. ඒ ගත්තු නැගිල්ල, වෙන කවුරු හරි හාල් දණ්ඩෙක් ගත්තා නම් ඌ ඉස්සරහ බෝක්කු කටේ තමයි..
ගෙදරට හරවන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මං කකුල් දෙකේ බ්රේක් වලිනුයි, බයිසිකලේ බ්රේක් වලිනුයි බයික් එක නවත්ත ගත්තා.. ඒ වැලිපාර කෙලවරේ මොරීන් අක්කා හිටගෙන ඉන්නවා දැක්කයින් පස්සෙ.. මෙයා මොකද අප්පා මේ වෙලාවෙ.. හැබැයි ඉතිං මොරීන් අක්කට, ඕනම දේකට වෙලාවක් කලාවක් නෑ කියලා එයා ගැන දන්න එකෙක් දන්නවා..
"මං බන්ටි මල්ලිව හම්බවෙන්න හිටියෙ.."
"ඇයි මොරීන් අක්කෙ..?"
"මේ සංසාරෙ හරි දුරයි.. අපි හිතන තරම් ඉක්මනට මිනිස්සු වෙනස් වෙන්නෑ.."
"සංසාරෙ දුර උනාට, අපි මොකටද කොහේවත් ඉන්න ඈයො වෙනස් කරන්න යන්නෙ..? ඔයා ඔයාගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න මොරීන් අක්කෙ.. හරියට වෙන වැඩ නැතුව වගේ.."
මට ඩිංගක් විතර තද වුණා.. ඇයි හත් දෙයියනේ.. අපි රටේ ලෝකෙ ඈයො හදන්න යන්නෙ..? අපිට අපිවත් හදාගන්න බැරිකොට..
"කිසිම දෙයක් දන්නෑ වගේ ඔයත් ඔහොම කතා කරනකොට මට හරිම දුකයි.. ඇත්තමයි.. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ.."
"ඒ පාර ඔයාට මොකද උනේ..?"
"වෙන්න තියෙන හැමදේම උනා.. මට හිතුණොත් මං වහ ටිකක් කාලා නිදාගන්නවා.."
පිස්සුද මංදා.. වහ ඩිංගක් කෑවහම නිදාගන්නෙ කොහොමද..? බුදු අම්මෝ.. පගේ පපුව දනවෝ.. මාව බේරගනියෝ.. මට මැරෙන්න බැරියෝ.. කියලා විළාප දිදී ඉන්නවා මිසක.. ඒත් මොරීන් අක්කා, ඒක කොයි තරම් සීරියස් පිට කිව්වද කියනව නම්, මගේ හාට් බීට් එකත් වැඩිවුණා.. මේ යෝදිට අද දවස ඇතුළතදි මොකක් හරි වෙලා තියෙනවා..
"මේ මොරීන් අක්කෙ.. හොදට ඉන්න මං යකෙක් කරන්නෙපා හරිද.. ඔයත් හරියට අපේ අයිය වගේම තමා.. ඇරපු අතක් නෑ.. කියන කෙහෙල් ගෙඩියක් තේරෙන භාෂාවෙන් කියනවකො හලෝ.. කණ වටේ අත දාලා නහය අල්ලන්නැතුව.."
"හ්ග්.. හ්ග්.. රසික ආයෙත් මාව මගාරිනවා.. මාව ගණන් ගන්නෑ.."
මොරීන් අක්කගෙ ඇස්වල කදුළු පිරිලා.. තව ටිකකින් ඒවා බිමටම කඩන් වැටෙයි.. 'බ්රූස්' ගාලා එයා නහය උඩට අදින පාරට මාවත් ඒ පැත්තට ඇදිලා යනවා වගේ.. කොහොම උනත් ආදරේ කියන දේ ගැන හිතට එන සුපුරුදු කේන්තිය මගේ හිතට ආවා.. මොන අවමගුලක්ද මේ..? ආදරේ ගැවිච්ච ගෑවිච්ච තැන තියෙන්නෙ කදුළු විතරද..? සංතෝසයක කියලා අංශු මාත්‍රයක දෙයක් නැද්ද..?
"ගණන් ගන්නෑ කියන්නෙ..?"
"හිතේ අමාරුවට කොළඹ ගිහින් ඉවර වෙලා, මං ආපහු නුවර ආවෙ ලොකු බලාපොරොත්තුවකින්.. ඔයත් දන්නවනේ.. රසික හන්ද, රසිකට තියෙන ආදරේ හන්දා, මං අර බියුටි කර්චල් කෝස් එකත් කරලා, ලස්සන වෙන්න පුළුවන් හැම විදියටම ලස්සන උනානේ.. රසික කැමතියි කියලා හිතෙන හැම විදියකටම මං හැඩ ගැහුණනේ.. ඒත් එයා තාමත් ඉස්සර හිටපු රසිකම තමයි.. මාව සත පහකටවත් ගණන් ගන්නෑ.. මට එ..පා.. වෙලා තියෙන්නෙ.."
ඒක නම් කීයටවත් වෙන්න බෑ.. අපේ එකා නුහුගුනෙන් වගේ, දවස් කීයක් නම් මොරීන් අක්කා ගැන ඇහුවද..? එතකොට ඒකා එහෙම අහලා තියෙන්නෙ මාව අන්දන්නද..?
"ඔයාට එපා වෙන්න දෙයක් නෑ.. ඔයා ඔය නි..කාං මනස්ගාත කියවන්නෙ.. ඔන්න ඕවා අතෑරලා දාලා මේ බන්ටි ඉන්නවා වගේ හිනාවෙලා ඉන්නවකෝ.. ඕන හෙණයක් දෙකයි පණහයි කියලා.."
"නෑ බන්ටි මල්ලි.. ඔයා ජීවිතේට ගෑනු ළමයෙකුට ආදරේ කරලා නැති හින්දා, ඔයාට මේවා තේරෙන්නෑ.. ආදරේ කියන්නෙ කොයි තරම් විසාල දුක්කද කියලා කවද හරි, ආදරේ කරපු දාක ඔයාට තේරෙයි.. එතකොට මේ මොරීන් අක්කා අඩ අඩා කියපුවා ඔයාට මතක් වෙයි.."
ආදරේ කියන්නෙ දුකක් කියලා නම් දැන්මම බන්ටිට තේරිලා ඉවරයි.. ආදරේ පටන් ගත්තු තැනම මහා දැවැන්ත හිස්තැනක් තියලා, නෙත්මි යන්න ගියාඉන් පස්සෙ, මෙච්චර කලක් සමනල වසන්තයක් වෙච්ච ලෝකෙ අදුරු ගල් ගුහාවක් උනා කියලා බන්ටි දැන් දන්නවා.. කිසිදු අඩුපාඩුවකින් තොරව, නෙත්මි ඒක පෙන්නල දීලා ගිහින් දැන් දවස් ගානක්ම වෙනවා.. හිත ඇතුලෙ පිරිලා තියෙන මහා දුක, උහුලගන්න බැරි තනිකම, හැම තිස්සෙම මතක් වෙන සොදුරු අතීතය පපුව ඇතුළෙ තෙරපිලා එන වේදනාවත් එක්ක, ආයෙ නම් ජීවිතේට ආදරේ කරන්නෙ නම් නෑ කියලා බන්ටිට හිතෙනවා.. ඉදල ඉදල ආදරේ කරේ, ලස්සනයි කියලා හිතුණෙ එක කෙල්ලෙකුට විතරයි.. ඒත් ඒකිට ලස්සනට හෙණයක් පාත් කරලා ගියානේ..
"හිතට වැදිච්ච කිසිම දෙයක් අමතක වෙන්නෑ මොරීන් අක්කෙ.. ඒවා සදාකාලයටම එහෙම්ම තමයි.. හරි.. දැන් ඔයාට තියෙන උභතෝකෝටික ප්‍රශ්නෙ මොකක්ද කියලා මට කියන්න.. මං පුළුවන් දෙයක් කරන්නම්.."
"අනේ තෑන්ක්ස් බන්ටි මල්ලි.. ඔයා ඔහොම කතා කරනකොට මගේ හදවත ගලවන් වැටෙන්න යනවා.. මට මේ හැම දුක් කතාවක්ම අමතක වෙනවා.."
"ප්‍රශ්නෙ කියන්න මොරීන් අක්කෙ.. මට වැඩ තියෙනවා.."
"ප්‍රශ්නෙ කලින් එකම තමයි.. ඔයාගෙ සුදු රසික අයියා ඉස්සර වගේම මට අලි ගණන් පෙන්නනවා.. මාව සත පහකටවත් ගණන් ගන්නෑ.. හිනාවුණාට හිනාවෙන්නෙත් නෑ.. අඩු ගානෙ මූණවත් බලන්නෑ.."
අනේ දෙයි හාමුදුරුවනේ.. මේවත් ප්‍රශ්නද..? මේ පීඩන අවපාතෙ නේන්නම් උපන්දා ඉදලා තිබ්බෙ.. ඒක නිට්ටාවටම සුවයි කියලා බන්ටි සැනසිල්ලෙ හිතන් හිටියට, එහෙම මල ඉලව්වක් වෙලා නෑනේ.. අඩු ගානෙ බියුටි කල්චර් කෝස් එකෙන් පස්සෙවත් වෙනසක් වේවි කියලනේ මං අනුමාපනේ කරේ.. කොහෙද ඉතිං.. ගලේ බංඩාර දෙයි හාමුදුරුවන්ට කියන්න ආපේ එකාගෙ හර්දය වස්තුව උණුවෙන්නෙම නෑනේ..
"හරි.. හරි.. ඔය ඔක්කොම හරි.. දැන් මොනවද වෙන්න ඕන..?"
මං මගේ සුපුරුදු ප්‍රශ්නෙ ඇහුවා..
"මුකුත් වෙන්න ඕන්නෑ.. මං හිතන් ඉන්නෙ මේ ක්ශේත්‍රයෙන් සමුගන්න.."
ඒක නම් අපි කාගෙ කාගෙත් ඇගට ගුණයි.. ඒත් මං කිව්වෙ වෙනින්ම දෙයක්..
"එපා මොරීන් අක්කෙ.. ඔයා සමුගත්තොත් මේ ක්ශේත්‍රය කිසිදු ගතියක් නැතිවෙලා යනවා.. ඔයා බයවෙන්නෙපා.. මං ඔයාට එක සිතින් උදව් කරන්න.."
"තේරුමක් නෑ.. මට දැන් හැම දෙයක්ම වැටහිලා ඉවරයි.. මට ඔයාගෙ සුදු රසික අයියව කවදාවත් හම්බවෙන්නෑ.. මං ආයෙත් කොළඹ යනවා බන්ටි මල්ලි.."
"මේ.. ලව් කචල් වෙලා, පිස්සු නටන්න නම් එපා.. මං කියන දේ අහලා ගෙදරට වෙලා ඉන්න.. මොකෝ අපේ අයියා නැතුවට වෙන සුදු කොල්ලො නැද්ද..? අපේ එකාගෙ තියෙන සුවිහේෂි ගුණාංගය මොකක්ද..? ඌට තියෙන්නෙත් අනිත් එවුන්ට තියෙන ඒවම තමයි.."
මං කියන් ගියපු දේවල් වලට මොරීන් අක්කා කිසිම දෙයක් කිව්වෙ නෑ.. එයා සෑහෙන්න කල්පනා කරනවා කියලා මට තේරුණා.. ඇත්තටම ඒ කල්පනාව අතරෙ, මට හිතාගන්න බැරි උනේ, අපේ එකා මේ පහුඋන දවස්වල සෑහෙන කොකු පණු ගායකින් මොරීන් අක්කා ගැන හොයලා බලලා, සැන් පල්ලම් බැහැලා ඉන්නෙ ඇයි කියලා.. මේකෙ නම් මොකක් හරි අලි පත හොරයක් තියෙනවා.. අර මාලු මාර්කට් එක අස්සෙ රිංගපු එකයි, අතනින් පණ කඩාගෙන දුවපු එකයි අතරෙයි, මොරීන් අක්කව ඈත් කරල දාපු එක අතරෙයි, සමකෝණි ත්‍රිකෝණෙක වගේ අලි පත සම්බන්ධයක් තියෙනවා.. ඒත් ඒ වටිනා කියන සම්බන්ධෙ මොකක්ද කියලයි බන්ටිට හිතාගන්න බැරි..
*****************************
මේ ටෙලිෆෝන් බඩකඩිත්තුවෙන් නම් තියෙන්නෙ පුදුමාකාර කරදරයක්,.. ඇයි බං, කොයි වෙලාවෙ බැලුවත් අඩේ ගහගත්තු ගමන්මනේ.. ඩිංග ඇත්තං මර ලතෝනි දෙනවා.. කිසිම චාරයක්, වැදගත් කමක් දන්න එකෙක් නමෙයි.. හැදියාව අනිත් නම් බින්දුවයි.. වැදගත් දෙමාපියන්ගෙ නැහැදිච්ච කලවැද්දෙක්.. අම්මපා ගැහැම්බෙල් හීනෙකින්වත් හිතන්නැතුව ඇති, මූ මේ තරම් මළ අඩයක් කියලා.. එහෙම එක්ක දන්නවා නම්, අම්මපා ග්‍රැහැම්බෙල් නම් මූව, කීයටවත් ජාතකේ කරන්නෑ.. වෙන මොකෙක් හරි බඩකඩිත්තුවක් ජාතක කරනවා..
"බන්ටි මහත්තයා.. කාටද මේ ගිරිය කඩාගෙන බනින්නෙ.. කා එක්කවත් රණ්ඩුවක්වත් උනාද..?"
ගරහම්බෙල් අමතන්න දිව්‍ය ලෝකෙට යන්න හැදුවා විතරයි.. මේන් මං ආයෙත් මනුස්ස ලෝකෙ, ඒත් ඉතිං අවුලක් නෑ.. මේ ලෝකෙ තියෙන ලොකුම සැනසීම.. මෙන්න මං ඉස්සරහ..
"පිස්සුද බේබි නැන්දෙ.. ඔයාගෙ බන්ටි මහත්තයා එහෙම කාටවත් බැණ බැණ යනවද..? මං මළගිය ප්රාණකාරයෙකුටවත් බනින්නෑ කියලා ඔයා දන්නවනේ.."
"ඒක නම් ඇත්ත තමයි.. මං මේ බන්ටි මහත්තයගෙන් හුග දවසක ඉදලා දෙයක් අහන්නයි හිටියෙ.."
බේබි නැන්දා මට ලංවුණා.. ඒ පාර මොකක්ද දන්නෑ.. මගේ මොකක් හරි නැළවිලි ගීතයක් බේබි නැන්දට මාට්ටු වෙලාද කියන්න බෑ.. මං අතීතය දිහාට ඉක්මන් බැල්මක් දැම්මා.. ම්හු.. එහෙටම පේන ආබාධයක් නෑ..
"මොකක්ද බේබි නැන්දේ..?"
නෙත්මිගෙ රූපෙ හිතේ හතර කොනෙන්ම මතුවෙද්දි මං ඇහුවා..
"මේ.. අපේ.."
"ඔව්.. අපේ.."
"රසික මහත්තයා.."
"ඔවු.. රසික මහත්තයා.."
"මොකක් හරි පටලවගෙන නේද..?"
දැන් ඉතිං සදා සනීපයි.. අපේ එකා ඔය පෙරළගෙන තියෙන්නෙ ටින් බෙලෙක්ක ඔක්කොම ටික.. ඔය තරම් උඩ පනිනකොට, මං ඔය හෝහපුට්ටට.. අයියා කියන නාඹර ගොන් වස්සට අනේක වාරයක් කිව්වා.. අනේ බං, මේකා ලැජ්ජානැතිකමට හත්පොලේවත් ගාගෙනද..?
"ඒ.. ඒ.. කිව්වෙ..?"
"බන්ටි මහත්තයත් මට කොලේ වහනවදැයි කොහෙද..? දැනගෙන මගෙන් ප්‍රශ්න කරනවා.."
"ඔන්න.. ඔන්න ඉතිං.. බේබි නැන්දා දන්නවනේ.. මං සාමාන්‍යයෙන් පොඩි වැඩ කරන්නෑ කියලා.. වහනව නම් ඇස්බැස්ටෝස් තහඩු දාලම වහනවා.."
"හැබෑටම රසික මහත්තයගෙ හුටපටේ, බන්ටි මහත්තයා දන්නැද්ද..?"
"මොන හුටපටේද..?"
"අර මාලු ගාමිණිගෙ.."
"මොන..?"
මං උඩ ගිහින් බිම වැටුණා.. බේබි නැන්දා මොනවද මේ කියන්නෙ..?
"නුවර මාර්කට් එකේ මාලු ගාමිණිව දන්නැද්ද..?"
"මොන මාලු ගාමිණියෙක්ද..?"
ඒ මගේ මලයි 1, 2, 3, කොටස්
Code:
ඒ මගේ මලයි 1
http://www.elakiri.lk/forum/showthread.php?t=1394410
Code:
ඒ මගේ මලයි 2
http://www.elakiri.lk/forum/showthread.php?t=1400860
Code:
ඒ මගේ මලයි 3
http://www.elakiri.lk/forum/showthread.php?t=1405667