෴♥ බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 ♥෴

    ඒ මගේ මලයි 1, 2, 3, කොටස්

    Code:
    ඒ මගේ මලයි 1
    http://www.elakiri.lk/forum/showthread.php?t=1394410
    Code:
    ඒ මගේ මලයි 2
    http://www.elakiri.lk/forum/showthread.php?t=1400860
    Code:
    ඒ මගේ මලයි 3
    http://www.elakiri.lk/forum/showthread.php?t=1405667

    Cover-01.jpg



    01.png


    සනීපේ බෑ.. උත්තර ධ්‍රැවයේ අයිස් කදු ටික එක්සිමෝල් අම්මල, පුතාලා ගිලලද මංදා.. මෙහේ දෙක වෙන්න පායනවා.. පුදුම ගිරීස්මයක් තමයි නුවරට පායනවා කියලා කියන්නෙ.. ආයෙ හොදි ඕන්නෑ..


    ගිනි ගහන අව් කූටකේ හෙල්මට් එකත් හිල් කරගෙන, ඔලුව මැද්දටම වදිනවා.. අපරාදෙ කියන්න බෑ.. චැලියෙ යන ගමන් කරා උනත් දාඩිය කිලෝ එකයි..


    ගුඩ්ෂෙඩ් එක පහු කරලා ටිකක් දුර ඇවිත්, මං මගෙ ෆුල් ඔප්ෂන් චැලිය දකුණට දැම්මා.. හම්මා.. නහය පසාරු කරගෙන ආපු පිලී ගදකින් මාව ඉස්මුරුත්තා වෙලාගියා.. අම්මපා.. නගර සභාවෙ කුණු ලොරියවත් නුවර ටවුන් එක මැද පෙරළිලාද..? වෙනදට මෙහෙම අපත ගන්දස්කාරයක් මගේ නහයට දැනිලා නෑනේ..


    ආ..! ආ..!! ආ..!!! මේ තියෙන්නෙ දිලිසි දිලිසි.. නහයට සනීපයක් දැනුණෙ කොහෙන්ද කියලා මං හොයාගත්තා.. වෙන මොකක්ද ඉතිං නුවර මාලු මාර්කට් එක මිසක්.. ඒ කියන්නෙ වෙනදට මෙතනින් ය්දදි මට අවුලක් උනේ නැත්තෙ, මගේ නහය කුණුවෙලා තිබ්බද මංදා..


    මාලු මාකර්ට් එක ගාවින්, හුස්ම ගන්නෙත් නැතුවම, චැලිය උඩට දාද්දි, මගේ ඇස් දැකපු දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා.. ඒ විශ්වාස කරන්න බැරිකමට මං චැලිය අතරමග නතර කරගත්තා.. අම්මපා.. මගේ ඇස්වල ආබාධයක්ද..? නැත්නම් මට ඇස් ලෙඩද.. හෙල්මට් එකත් ගලවලා, ඔලුව දෙපැත්තට ගසලා දාලා, මං ආයෙත් මාලු මාකර්ට් එකට ඇතුල් වන අයියා දිහා බැලුවා..


    'අද හොදටම පරක්කුයි.. බොසාගෙන් පරිප්පුවක් ෂුවර්.. ඉක්මනට ඔෆිස් යන්නෝන..' කියලා උදේ පාන්දර ගෙදරින් ආපු මනුස්සයා, මෙන්න බොලේ කිසිම හදිස්සියක් නැතුව මාර්කට් එක ඇතුළට රිංගනවා.. අහන්න දෙයක් නෑ.. බලන්න කිසිම දෙයක් නෑ.. මොකාක් හරි අවමගුලක් තමයි.. කෝකටත් කියලා, ගෙදර යන ගමනත් පැත්තකින් තියලා මං චැලියෙන් බැස්සා..


    සන්තානම් මෑණියනේ.. මේ එන පුසුඹ නම් ජීවිත කාලය පුරාම මතක හිටින එකක්..


    "සුවදක් දැනේවි අවටින්, මාලු ලෑල්ලේ හා.. හා..

    කුමරෙක් ඇවිදින් සිටීලු, මාලු කපන්නට ම්.. හ්ම්.."


    වතුර ගලනවා වගේ මගේ හිතට කවි සිතුවිලි ගලන් එන්න පටන් ගත්තා..


    "බ..න්..ටී.."


    මාලු මාර්ක්ට් එකට ඇතුල්වෙන්න, ඔන්න මෙන්න කියලා තියෙද්ද, කවුදෝ වයසක මනුස්සයෙක්ගෙ කටහඩක් මට ඇහුණා.. දෙයියන්ට මොනවා හරි ඔප්පුවෙන්න.. මෙන්න පයිතගරස් මගේ ළග.. මේකා පහුගිය දවස්වල පේන්නත් හිටියෙ නෑ.. කොහේ වලකජ්ජ ගහලා, අවතාරෙ වගේ මෙහෙට සම්ප්‍රාප්ත උනාද මංදා..


    "උඹ මොකද කරන්නෙ..?"


    මං ටිකක් සැරෙන් ඇහුවා.. නැත්නම් මූ මුදුනා වෙලා, මගෙන් ප්‍රශ්න අහනවා..

    "ම.. මං මාලු ටිකක් ගන්න ආවා.."


    මේ ලෝක ධාතුවෙ ඉන්න අහිංසකම සත්වයා වගේ, පයිතගරස් මූණ හදාගත්තා..


    "උඹ.. මාලු ගන්න ආවා..?"


    "ඔව් ඉතිං.. උඹලයි අයියයි, උමයි දෙන්නම උඹලගෙ ගෙදරට මාලු ගෙනියන්න ආපු එකේ, මමත් අපේ ගෙදරට මාලු ටිකක් ගෙනියන්න ආවා.. කමක් නෑනේ බන්ටි.."


    මේකා දීපු කුණු උත්තරේ බලන්න අප්පා.. මට මුගේ කෑල්ලක් කඩන් කන්න හිතෙනවා..


    "කවුද උඹට කිව්වෙ, අපි මාලු ගෙනියන්න ආවා කියලා..?"


    "ඇයි බන්ටි.. වීජ ගණිතයයි, ජ්‍යාමිතියයි වගේ උඹයි, අයියයි සහයෝගයෙන්, එකමුතු භාවයෙන් මාර්කට් එකට ඇතුලු වෙනකොට බංඩාංක ජ්‍යාමිතය වගේ ඉන්න මට එහෙම නොහිතුණා නම් තමා පුදුමෙ.."


    පයිතගරස් එක්ක කතා කර කර හිටියට මගේ ඇස් තිබුණෙ මාලු මාර්කට් එක පැත්තෙ.. අයියාකාරයා මේක ඇතුළට ගියා ගියාමයි, තාම ආරංචියක්ව්ත නෑනේ.. මේ යකා මොන අලගොඩුවෙක් හොයාගෙන මේක ඇතුළට ආවද මංදා.. ගලාගෙන යන ගන්දස්කාරෙට නහයත් එක්ක හිරි වැටෙනවා..


    "බන්ටි.. දැන් උඹේ විවාහ ජීවිතේ කොහොමද..?"


    "මොකක්..?"


    ඇත්තමයි.. මේ වෙල් කක්කුට්ටා එක්ක, විනාඩි දහයක් හිටියොත් ඇති මනුස්සයෙක්ට පිස්සු හැදිලා මැරෙන්න.. මේකගෙ කට රිදෙන්නැද්ද මංදා..


    "ඇයි.. මට එදා මාළිගාව ළගදි හම්බවුණු සීදේවි ගෑනු ළමයා.. අර චාමි, අහිංසක, පියකරු හිනාවක් මූණ පුරාම තිබ්බෙ.. ඇවිදිනකටෙ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා හිටපු ගමන් ත්වරණයකට පාත්‍ර වෙන්නෙ.. අන්න ඒ සැබෑ කාන්තාව ගැනයි මං ඇහුවෙ.."


    මේකා මේ පියාපත් ආපු ඔටුවා වගේ කියවන්නෙ, මොරීන් අක්කා ගැන.. හැබැයි ඉතිං, මොරීන් අක්කා මොඩ් වෙලා ඉන්න තාලෙ දැක්කා, නම් මූට ප්‍රමේයවල් දෙක තුනකට බඩ යනවා..


    වැඩේ කියන්නෙ, මට මේ ඔටුවත්තෙක්ක මාර්කට් එක ඇතුළට යන්න බැරිකමයි.. අයියාකාරයා, මොන මාලු බොක්කක් ගන්න රිංගුවද කියලා කවුද දන්නෙ..? මේකා නැත්නම් මං මෙලහකට ඇතුළට ගිහින්.. මොනව උනත් තත්වෙ ආරක්ෂා කර ගන්න එපැයි.. නැත්තං ඉතිං සිද්ධ වෙන අලකලංචි ගැන මූ ප්‍රමේයවල් දෙක තුනක්වත් හදයි..


    "උඹ මොකටද ටවුන් ආවෙ..?"


    කතාව වෙන පැත්තකට හරවන්න කියලා හිතන් මං මාතෘකාව වෙනස් කරා..


    "මං කිංස්වුඩ් එකට ගියා.. පරණ සර්ලා ටික බලලා එන්න.."


    "ඉතිං..?"


    "උඹට කියන්න බන්ටි.. පැයක් විතර ඉස්කෝලෙ ඉදලා එළියට බැස්සා විතරයි, මෙන්න ගේට් එක ළග පොඩි එකෙක් හෝ ගාලා අඩනවා.. මට දුකේ බෑ.. පොඩි එකා හූල්ල හූල්ල අඩනවා.. උඹ දන්නවනේ බන්ටි.. මං සංවේදී මිනිහා.. ටිකක් වෙලා ගියොත් මගේ දුකත් හොදි වගේ වැක්කෙරෙනවා.. ඒක හින්දා මං පොඩි එකා ළගට ළං වෙලා ඇහුවා, ඇයි පුතේ මේ හොටු පෙරන් අඩන්නෙ කියලා.."


    "ඉතිං..?"


    "ඌට ටිකක් එහායින් ඉදපු, මරුමුස් පාට තවත් පොඩි එකෙක්ව පෙන්නලා, මේකා කියනවා, අනේ අංකල්.. අන්න අරයා මගේ පැන්සල ගත්තා කියලා.. උඹට තේරෙනවනේ බන්ටි.. මට මේ සිද්ධිය වාවන්නෙ නැතුව ගියා.. මං කෙලින්ම සරල රේඛාවක චලනය වන වස්තුවක් වගේ, අර මරුමුස් මූණක් තිබ්බ පොඩි එකා ළගට ගියා.."


    "පස්සෙ..?"


    "මුං මේ විදියට පුංචි කාලෙ ඉදලම ඇට්ටර උනොත්, මුංට අනාගතයක් නෑ.. මං අර මරුමුස් පොඩි එකාට ලංවෙලා සිරා ටොක්කක් ඇන්නා..
    'ඇයි පුතේ මේ වගේ දේවල් කරන්නෙ..? අර මල්ලි ඔයාගෙම යාලුවෙක්නේ.. අපි කෙනෙක්ගෙන් දෙයක් ගන්න ඕන, කෙනෙකුට දෙයක් දීලා.. බුදු බණේ උනත් තියෙන්නෙ එහෙමයි.. ඔය වගේ හොද සිරිත් පුංචි කාලෙ ඉදලම පුරුදු වෙන්නෝන..' කියලා.. උඹ දන්නවද බන්ටි, ඌ මට දීපු උත්තරේ.. 'ඉතිං අංකල් මං ඌට කණ පැලෙන්න දෙකක් දීලා තමයි පැන්සල ගත්තෙ..' උඹ කියන්නෙ, මං හෙමින් සීරුවෙම ලිස්සලා ආවා.. තව ඩිංගක් වෙලා මං එතන හිටියා නම් ඌ මගෙත් පැන්සල ගන්නවා.."

    වැඩේ කියන්නෙ, මූ කතාව කියන විදියට බොරුවක් උනත් අහගෙන ඉන්න පුළුවන් එකයි..


    "බ.. බන්ටි.."


    හිටපු ගමන් හැමදේම අමතක වුණා වගේ පයිතගරස් මගේ අතින් ඇද්දා..


    "මොකාද බං..?"


    "අ.. අර පණ එපා කියලා දුවන්නෙ උඹලගෙ අයියා නේද..?"


    "කෝ..?"


    "අ.. අර නුහුගුණේ හැදිච්ච එකා වගේ හයියෙන් අඩි තිය තිය ඉගිලෙන්නෙ.."


    ඇත්තමයි.. අයියාකාරයා, ඔල්මාදෙ හැදිලා වගේ දුවනවා.. මිනිහා පිටිපස්සෙන් කවුරුහරි එළවනවද කියලා මං වටපිට බැලුවත්, කවුරුවත්ම දැක්කෙ නෑ..


    "ඈ බන්ටි.. මොකද බං උඹලගෙ අයියා දුවන්නෙ..?"


    "ඌ එහෙම තමයි මිලාන්.. මාලු ගත්තද, දිව්වා.."


    "සල්ලි දෙන්නෙ නැතුව නෙමේනේ..?"


    ලාවට හිනාවෙන ගමන් පයිතගරස් අපත කතාවක් කිව්වා.. ඒත් ඒකට උත්තරයක් දෙන්න තරම් සිහියක් පතක් මට තිබ්බෙ නෑ.. මං බලන් හිටියෙ අයියා පණකඩන් දුවන්නෙ කොහෙද කියලා.. මේකා මේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්නෙ, මොකක් නමුත් මහා පරිමාණ කුණු ගොඩකට කියලා මට ඉවෙන් වගේ තේරුණා.. පයිතගරස් එතැනම ඉද්දි මං ඉස්සරහට ආවත්, ඒ එක්කම වගේ ආපු වීල් එකකට නැගලා, අයියා මගේ ඇස්වලින් ඈත්වෙලා ගියා..


    ****************************


    අයියාකාරයගෙ වලිකුලප්පුවට හේතුව මොකක්ද කියලා හිතාගන්න බැරුව, මාත් බොහොම පශ්චත්භාවයට පත්වෙලයි ගෙදර ආවෙ.. පයිතගරස් නම් තාමත් මාලු මාර්කට් එක ළගට වෙලා ඇති.. ඌට ඉතිං ගෙයක් දොරක් කියලා තියෙන එකක් නෙමේනෙ.. අනික ඉතිං මං ඌට කියලා ආවෙ, 'ඩිංගක් ඉදපං මං ෂුට්ටකින් එන්නම්' කියලනේ..


    ෆුල් ස්පීඩ් එකේ ආපු චැලියෙන් මං 'වැලන්ටිනෝ රෝසි'ව මතක් කරගෙන වැලිපාර ළග බෙන්ඩ් එක ගත්තා.. ඒ ගත්තු නැගිල්ල, වෙන කවුරු හරි හාල් දණ්ඩෙක් ගත්තා නම් ඌ ඉස්සරහ බෝක්කු කටේ තමයි..


    ගෙදරට හරවන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මං කකුල් දෙකේ බ්‍රේක් වලිනුයි, බයිසිකලේ බ්‍රේක් වලිනුයි බයික් එක නවත්ත ගත්තා.. ඒ වැලිපාර කෙලවරේ මොරීන් අක්කා හිටගෙන ඉන්නවා දැක්කයින් පස්සෙ.. මෙයා මොකද අප්පා මේ වෙලාවෙ.. හැබැයි ඉතිං මොරීන් අක්කට, ඕනම දේකට වෙලාවක් කලාවක් නෑ කියලා එයා ගැන දන්න එකෙක් දන්නවා..


    "මං බන්ටි මල්ලිව හම්බවෙන්න හිටියෙ.."


    "ඇයි මොරීන් අක්කෙ..?"


    "මේ සංසාරෙ හරි දුරයි.. අපි හිතන තරම් ඉක්මනට මිනිස්සු වෙනස් වෙන්නෑ.."


    "සංසාරෙ දුර උනාට, අපි මොකටද කොහේවත් ඉන්න ඈයො වෙනස් කරන්න යන්නෙ..? ඔයා ඔයාගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න මොරීන් අක්කෙ.. හරියට වෙන වැඩ නැතුව වගේ.."


    මට ඩිංගක් විතර තද වුණා.. ඇයි හත් දෙයියනේ.. අපි රටේ ලෝකෙ ඈයො හදන්න යන්නෙ..? අපිට අපිවත් හදාගන්න බැරිකොට..


    "කිසිම දෙයක් දන්නෑ වගේ ඔයත් ඔහොම කතා කරනකොට මට හරිම දුකයි.. ඇත්තමයි.. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ.."


    "ඒ පාර ඔයාට මොකද උනේ..?"


    "වෙන්න තියෙන හැමදේම උනා.. මට හිතුණොත් මං වහ ටිකක් කාලා නිදාගන්නවා.."


    පිස්සුද මංදා.. වහ ඩිංගක් කෑවහම නිදාගන්නෙ කොහොමද..? බුදු අම්මෝ.. පගේ පපුව දනවෝ.. මාව බේරගනියෝ.. මට මැරෙන්න බැරියෝ.. කියලා විළාප දිදී ඉන්නවා මිසක.. ඒත් මොරීන් අක්කා, ඒක කොයි තරම් සීරියස් පිට කිව්වද කියනව නම්, මගේ හාට් බීට් එකත් වැඩිවුණා.. මේ යෝදිට අද දවස ඇතුළතදි මොකක් හරි වෙලා තියෙනවා..


    "මේ මොරීන් අක්කෙ.. හොදට ඉන්න මං යකෙක් කරන්නෙපා හරිද.. ඔයත් හරියට අපේ අයිය වගේම තමා.. ඇරපු අතක් නෑ.. කියන කෙහෙල් ගෙඩියක් තේරෙන භාෂාවෙන් කියනවකො හලෝ.. කණ වටේ අත දාලා නහය අල්ලන්නැතුව.."


    "හ්ග්.. හ්ග්.. රසික ආයෙත් මාව මගාරිනවා.. මාව ගණන් ගන්නෑ.."


    මොරීන් අක්කගෙ ඇස්වල කදුළු පිරිලා.. තව ටිකකින් ඒවා බිමටම කඩන් වැටෙයි.. 'බ්රූස්' ගාලා එයා නහය උඩට අදින පාරට මාවත් ඒ පැත්තට ඇදිලා යනවා වගේ.. කොහොම උනත් ආදරේ කියන දේ ගැන හිතට එන සුපුරුදු කේන්තිය මගේ හිතට ආවා.. මොන අවමගුලක්ද මේ..? ආදරේ ගැවිච්ච ගෑවිච්ච තැන තියෙන්නෙ කදුළු විතරද..? සංතෝසයක කියලා අංශු මාත්‍රයක දෙයක් නැද්ද..?


    "ගණන් ගන්නෑ කියන්නෙ..?"


    "හිතේ අමාරුවට කොළඹ ගිහින් ඉවර වෙලා, මං ආපහු නුවර ආවෙ ලොකු බලාපොරොත්තුවකින්.. ඔයත් දන්නවනේ.. රසික හන්ද, රසිකට තියෙන ආදරේ හන්දා, මං අර බියුටි කර්චල් කෝස් එකත් කරලා, ලස්සන වෙන්න පුළුවන් හැම විදියටම ලස්සන උනානේ.. රසික කැමතියි කියලා හිතෙන හැම විදියකටම මං හැඩ ගැහුණනේ.. ඒත් එයා තාමත් ඉස්සර හිටපු රසිකම තමයි.. මාව සත පහකටවත් ගණන් ගන්නෑ.. මට එ..පා.. වෙලා තියෙන්නෙ.."


    ඒක නම් කීයටවත් වෙන්න බෑ.. අපේ එකා නුහුගුනෙන් වගේ, දවස් කීයක් නම් මොරීන් අක්කා ගැන ඇහුවද..? එතකොට ඒකා එහෙම අහලා තියෙන්නෙ මාව අන්දන්නද..?


    "ඔයාට එපා වෙන්න දෙයක් නෑ.. ඔයා ඔය නි..කාං මනස්ගාත කියවන්නෙ.. ඔන්න ඕවා අතෑරලා දාලා මේ බන්ටි ඉන්නවා වගේ හිනාවෙලා ඉන්නවකෝ.. ඕන හෙණයක් දෙකයි පණහයි කියලා.."


    "නෑ බන්ටි මල්ලි.. ඔයා ජීවිතේට ගෑනු ළමයෙකුට ආදරේ කරලා නැති හින්දා, ඔයාට මේවා තේරෙන්නෑ.. ආදරේ කියන්නෙ කොයි තරම් විසාල දුක්කද කියලා කවද හරි, ආදරේ කරපු දාක ඔයාට තේරෙයි.. එතකොට මේ මොරීන් අක්කා අඩ අඩා කියපුවා ඔයාට මතක් වෙයි.."


    ආදරේ කියන්නෙ දුකක් කියලා නම් දැන්මම බන්ටිට තේරිලා ඉවරයි.. ආදරේ පටන් ගත්තු තැනම මහා දැවැන්ත හිස්තැනක් තියලා, නෙත්මි යන්න ගියාඉන් පස්සෙ, මෙච්චර කලක් සමනල වසන්තයක් වෙච්ච ලෝකෙ අදුරු ගල් ගුහාවක් උනා කියලා බන්ටි දැන් දන්නවා.. කිසිදු අඩුපාඩුවකින් තොරව, නෙත්මි ඒක පෙන්නල දීලා ගිහින් දැන් දවස් ගානක්ම වෙනවා.. හිත ඇතුලෙ පිරිලා තියෙන මහා දුක, උහුලගන්න බැරි තනිකම, හැම තිස්සෙම මතක් වෙන සොදුරු අතීතය පපුව ඇතුළෙ තෙරපිලා එන වේදනාවත් එක්ක, ආයෙ නම් ජීවිතේට ආදරේ කරන්නෙ නම් නෑ කියලා බන්ටිට හිතෙනවා.. ඉදල ඉදල ආදරේ කරේ, ලස්සනයි කියලා හිතුණෙ එක කෙල්ලෙකුට විතරයි.. ඒත් ඒකිට ලස්සනට හෙණයක් පාත් කරලා ගියානේ..


    "හිතට වැදිච්ච කිසිම දෙයක් අමතක වෙන්නෑ මොරීන් අක්කෙ.. ඒවා සදාකාලයටම එහෙම්ම තමයි.. හරි.. දැන් ඔයාට තියෙන උභතෝකෝටික ප්‍රශ්නෙ මොකක්ද කියලා මට කියන්න.. මං පුළුවන් දෙයක් කරන්නම්.."


    "අනේ තෑන්ක්ස් බන්ටි මල්ලි.. ඔයා ඔහොම කතා කරනකොට මගේ හදවත ගලවන් වැටෙන්න යනවා.. මට මේ හැම දුක් කතාවක්ම අමතක වෙනවා.."


    "ප්‍රශ්නෙ කියන්න මොරීන් අක්කෙ.. මට වැඩ තියෙනවා.."


    "ප්‍රශ්නෙ කලින් එකම තමයි.. ඔයාගෙ සුදු රසික අයියා ඉස්සර වගේම මට අලි ගණන් පෙන්නනවා.. මාව සත පහකටවත් ගණන් ගන්නෑ.. හිනාවුණාට හිනාවෙන්නෙත් නෑ.. අඩු ගානෙ මූණවත් බලන්නෑ.."


    අනේ දෙයි හාමුදුරුවනේ.. මේවත් ප්‍රශ්නද..? මේ පීඩන අවපාතෙ නේන්නම් උපන්දා ඉදලා තිබ්බෙ.. ඒක නිට්ටාවටම සුවයි කියලා බන්ටි සැනසිල්ලෙ හිතන් හිටියට, එහෙම මල ඉලව්වක් වෙලා නෑනේ.. අඩු ගානෙ බියුටි කල්චර් කෝස් එකෙන් පස්සෙවත් වෙනසක් වේවි කියලනේ මං අනුමාපනේ කරේ.. කොහෙද ඉතිං.. ගලේ බංඩාර දෙයි හාමුදුරුවන්ට කියන්න ආපේ එකාගෙ හර්දය වස්තුව උණුවෙන්නෙම නෑනේ..


    "හරි.. හරි.. ඔය ඔක්කොම හරි.. දැන් මොනවද වෙන්න ඕන..?"


    මං මගේ සුපුරුදු ප්‍රශ්නෙ ඇහුවා..


    "මුකුත් වෙන්න ඕන්නෑ.. මං හිතන් ඉන්නෙ මේ ක්ශේත්‍රයෙන් සමුගන්න.."


    ඒක නම් අපි කාගෙ කාගෙත් ඇගට ගුණයි.. ඒත් මං කිව්වෙ වෙනින්ම දෙයක්..


    "එපා මොරීන් අක්කෙ.. ඔයා සමුගත්තොත් මේ ක්ශේත්‍රය කිසිදු ගතියක් නැතිවෙලා යනවා.. ඔයා බයවෙන්නෙපා.. මං ඔයාට එක සිතින් උදව් කරන්න.."


    "තේරුමක් නෑ.. මට දැන් හැම දෙයක්ම වැටහිලා ඉවරයි.. මට ඔයාගෙ සුදු රසික අයියව කවදාවත් හම්බවෙන්නෑ.. මං ආයෙත් කොළඹ යනවා බන්ටි මල්ලි.."


    "මේ.. ලව් කචල් වෙලා, පිස්සු නටන්න නම් එපා.. මං කියන දේ අහලා ගෙදරට වෙලා ඉන්න.. මොකෝ අපේ අයියා නැතුවට වෙන සුදු කොල්ලො නැද්ද..? අපේ එකාගෙ තියෙන සුවිහේෂි ගුණාංගය මොකක්ද..? ඌට තියෙන්නෙත් අනිත් එවුන්ට තියෙන ඒවම තමයි.."


    මං කියන් ගියපු දේවල් වලට මොරීන් අක්කා කිසිම දෙයක් කිව්වෙ නෑ.. එයා සෑහෙන්න කල්පනා කරනවා කියලා මට තේරුණා.. ඇත්තටම ඒ කල්පනාව අතරෙ, මට හිතාගන්න බැරි උනේ, අපේ එකා මේ පහුඋන දවස්වල සෑහෙන කොකු පණු ගායකින් මොරීන් අක්කා ගැන හොයලා බලලා, සැන් පල්ලම් බැහැලා ඉන්නෙ ඇයි කියලා.. මේකෙ නම් මොකක් හරි අලි පත හොරයක් තියෙනවා.. අර මාලු මාර්කට් එක අස්සෙ රිංගපු එකයි, අතනින් පණ කඩාගෙන දුවපු එකයි අතරෙයි, මොරීන් අක්කව ඈත් කරල දාපු එක අතරෙයි, සමකෝණි ත්‍රිකෝණෙක වගේ අලි පත සම්බන්ධයක් තියෙනවා.. ඒත් ඒ වටිනා කියන සම්බන්ධෙ මොකක්ද කියලයි බන්ටිට හිතාගන්න බැරි..


    *****************************


    මේ ටෙලිෆෝන් බඩකඩිත්තුවෙන් නම් තියෙන්නෙ පුදුමාකාර කරදරයක්,.. ඇයි බං, කොයි වෙලාවෙ බැලුවත් අඩේ ගහගත්තු ගමන්මනේ.. ඩිංග ඇත්තං මර ලතෝනි දෙනවා.. කිසිම චාරයක්, වැදගත් කමක් දන්න එකෙක් නමෙයි.. හැදියාව අනිත් නම් බින්දුවයි.. වැදගත් දෙමාපියන්ගෙ නැහැදිච්ච කලවැද්දෙක්.. අම්මපා ගැහැම්බෙල් හීනෙකින්වත් හිතන්නැතුව ඇති, මූ මේ තරම් මළ අඩයක් කියලා.. එහෙම එක්ක දන්නවා නම්, අම්මපා ග්‍රැහැම්බෙල් නම් මූව, කීයටවත් ජාතකේ කරන්නෑ.. වෙන මොකෙක් හරි බඩකඩිත්තුවක් ජාතක කරනවා..


    "බන්ටි මහත්තයා.. කාටද මේ ගිරිය කඩාගෙන බනින්නෙ.. කා එක්කවත් රණ්ඩුවක්වත් උනාද..?"


    ගරහම්බෙල් අමතන්න දිව්‍ය ලෝකෙට යන්න හැදුවා විතරයි.. මේන් මං ආයෙත් මනුස්ස ලෝකෙ, ඒත් ඉතිං අවුලක් නෑ.. මේ ලෝකෙ තියෙන ලොකුම සැනසීම.. මෙන්න මං ඉස්සරහ..


    "පිස්සුද බේබි නැන්දෙ.. ඔයාගෙ බන්ටි මහත්තයා එහෙම කාටවත් බැණ බැණ යනවද..? මං මළගිය ප්‍රාණකාරයෙකුටවත් බනින්නෑ කියලා ඔයා දන්නවනේ.."


    "ඒක නම් ඇත්ත තමයි.. මං මේ බන්ටි මහත්තයගෙන් හුග දවසක ඉදලා දෙයක් අහන්නයි හිටියෙ.."


    බේබි නැන්දා මට ලංවුණා.. ඒ පාර මොකක්ද දන්නෑ.. මගේ මොකක් හරි නැළවිලි ගීතයක් බේබි නැන්දට මාට්ටු වෙලාද කියන්න බෑ.. මං අතීතය දිහාට ඉක්මන් බැල්මක් දැම්මා.. ම්හු.. එහෙටම පේන ආබාධයක් නෑ..


    "මොකක්ද බේබි නැන්දේ..?"


    නෙත්මිගෙ රූපෙ හිතේ හතර කොනෙන්ම මතුවෙද්දි මං ඇහුවා..


    "මේ.. අපේ.."


    "ඔව්.. අපේ.."


    "රසික මහත්තයා.."


    "ඔවු.. රසික මහත්තයා.."


    "මොකක් හරි පටලවගෙන නේද..?"


    දැන් ඉතිං සදා සනීපයි.. අපේ එකා ඔය පෙරළගෙන තියෙන්නෙ ටින් බෙලෙක්ක ඔක්කොම ටික.. ඔය තරම් උඩ පනිනකොට, මං ඔය හෝහපුට්ටට.. අයියා කියන නාඹර ගොන් වස්සට අනේක වාරයක් කිව්වා.. අනේ බං, මේකා ලැජ්ජානැතිකමට හත්පොලේවත් ගාගෙනද..?


    "ඒ.. ඒ.. කිව්වෙ..?"


    "බන්ටි මහත්තයත් මට කොලේ වහනවදැයි කොහෙද..? දැනගෙන මගෙන් ප්‍රශ්න කරනවා.."


    "ඔන්න.. ඔන්න ඉතිං.. බේබි නැන්දා දන්නවනේ.. මං සාමාන්‍යයෙන් පොඩි වැඩ කරන්නෑ කියලා.. වහනව නම් ඇස්බැස්ටෝස් තහඩු දාලම වහනවා.."


    "හැබෑටම රසික මහත්තයගෙ හුටපටේ, බන්ටි මහත්තයා දන්නැද්ද..?"


    "මොන හුටපටේද..?"


    "අර මාලු ගාමිණිගෙ.."


    "මොන..?"


    මං උඩ ගිහින් බිම වැටුණා.. බේබි නැන්දා මොනවද මේ කියන්නෙ..?

    "නුවර මාර්කට් එකේ මාලු ගාමිණිව දන්නැද්ද..?"


    "මොන මාලු ගාමිණියෙක්ද..?"



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "දන්නැත්නම් ඉතිං කොරන්න දෙයක් නෑ.. අන්න ඒ මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක. රසික මහත්තයා හාද වෙලා.."

    "අ..ම්..ම..පා..?"


    වෙනදට විහිලුවට වගේ අහනව උනත්, ඒ අම්මපා එක මගේ බොක්කෙන්ම ආපු එකක්.. මේකා මේ අද උදෙත් මාලු මාර්කට් එකට රිංගුවෙ එහෙනම් මේ කතන්දරේටද..? ඇයි දෙයි හාමුදුරුවනේ මේ තරම් ගන්දස්කාර වැඩ කරන්නෙ..? මූට නහයක් කියලා අවයවයක් නැද්ද..? අරහෙ මොරීන් අක්කා නොකා නොබී සදා දුකේ බලන් ඉන්නවා.. මූ මෙහේ කුණු මාලු කන්න යනවා.. ඇත්තටම මේකා නම් මොන ආත්ම භවයක් පතාගෙන ඉපදිච්ච එකෙක්ද මංදා.. සහෝදරයා උනත් මට අයියා ගැන ආවෙ කියලා නිම කරන්න බැරි තරමෙ තරහක්.. මූට නම් අම්මපා, හිටෝලා මැටි ගැහුවත් මදි..


    "ඔන්න, බන්ටි මහත්තයා නම් මේ කුණු ගොඩවල්වල ගෑවෙන්නෙපා.. මහත්තයා, මහත්තයගෙ පාඩුවෙ ඉන්න.."


    "මං කොහොමත් මගේ පාඩුවෙ ඉන්නෙ.."


    "නෑ.. මං මේ කිව්වෙ, බන්ටි මහත්තයගෙ හිත ඕනම දේකදි පටස් ගාලා උණූවෙනවනේ.. අන්තිමට කොහෙන් හරි පැත්කින් ගෑවිලා තියෙයි.."


    "ඇත්තටම අපේ අයියට පිස්සු හැදිලද බේබි නැන්දෙ..?"


    "මටත් එහෙම හිතෙනවා.."


    කවදාවත් කටක් ඇරලා අයියට වචනයක්වත් නුහුරට නොකියන බේබි නැන්දගෙනුත් ඔන්න පාලි සංස්කෘතම පිටවුණා.. ඒ කියන්නෙ අපේ එකා සම්ම සකලෙම අනාගෙන කියනෙකනේ..


    ****************************


    හුගාක් දවසකින් කොල්ලො එකෙක්වත් සෙට් උනේ නෑ.. හැම එකාම නිවාඩු පාඩුවෙ, තමන්ගෙ වැඩක් පලක් කරගෙන ඇති කියලා මට හිතුණා.. ඒක හියට, යාලු ෆිට් එකට වාරකන් කාලයක් ආව වගේ.. මෙලෝ වගතුවක් නෑ.. වෙනද විදියට කිසි දෙයක් වෙන්නැතිකොට හැමදේම අවුල් වෙනවා..


    "බන්ටි මහත්තයෝ.."


    එකපාරට ඇහිච්ච සද්දෙට මං උඩ ගිහිල්ලා උඩම හිටියා..


    "මොකෝ බේබි නැන්දෙ ලතෝනි දෙන්නෙ..? මොකෙක් හරි මලාද..?"


    "කවුරුවත් මළේ නෑ.. ආන් අරහෙ ගරහම්බොලේ විලාප දෙනවා.."


    "ඉතිං අරන් බලන්නකො.."


    "අනේ අප්පොච්චියේ.. මට නම් බෑ.. ඔය ගරහම්බෙල්ට මොකක්දෝ ලොකු අසනීපයක්.. මං හිතන්නෙ, ගෙවන වාට්ටුවකට ගිහින් දැම්මොත් හොදයි.."


    බේබි නැන්දත් මගේ හැන්ද අරගෙන මටම බෙදනවා.. අනේ කාලේ වනේ කෑවා කියන්නෙ ඕවට තමයි..


    "හෙලෝ.."


    මේ පට්ට දවාලෙ මාව ආමන්ත්‍රණය කරන්නෙ මොන හොට්ටද කියලා බලන්න මං රිසිවරේ ඉස්සුවා..


    "ලොකු පුතේ.. හිමින් කතා කරපං.. මගේ කන්දෙකම ඇහෙනවා..මේ මම.."


    කොල්ලො සෙට් එක ගැන හිත හිතා හිටියා විතරය, මේන් චාමික කතා කරනවා.. මට මාර ෆිට් එකක් ආවා..


    "මං උඹව හම්බවෙන්නම හිටියෙ චාමික.."


    "අර මොකෝ..?"


    "පුංචි කතන්දරයක් කියන්න තියෙනවා.."


    "උඹේ පුංචි කතන්දර කියන්නෙ, අපිට නම් අරාබි නිසොල්සාසය වගේ.. එහෙනම් හවස මහමායා එක ගාවදි හම්බවෙමු.. මං අනිත් එවුන්ට කියන්නම්..
    "

    "ඒක හරි.. ඇයි උඹ මට කතා කලේ..?"


    "ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතේ.."


    "ඒ මොකක්ද..?"


    "අපි හම්බවෙලා කතා කරමු.."


    "සීරියස් එකක්ද ලොකු පුතේ..?"

    "මට හිතෙන විදියට නම්.. ඔව්.."


    එතනින් එහාට මං මුකුත් ප්‍රශ්නයක් අහන්න ගියේ නෑ.. චාමික සාමාන්‍යයෙන්, ප්‍රශ්නයක් කිව්වොත් ඒක ප්‍රශ්නයක්ම තමයි.. උත්තර හොයන්න වෙන්නෙ හතර දිග්බාගෙම ඇවිදලා.. මේකත් ඒ වගේ කොඩිවිනයක්ද දන්නෑ..


    "බන්ටි.."


    ෆෝන් එක තියලා ආපහු හැරුණා විතරයි මෙන්න අක්කා මගේ ළග.. ඒ පාර මොකද මෙයාට වෙලා තියෙන්නෙ.. මුණත් හතරැස් කරගෙන.. එකා යකා වගේ වෙන්නයි යන්නෙ.. ඔහොම නම් බෑ ලොකු දුවේ පවුල් කන්න..


    "ඇයි අක්කෙ..?"


    "ඇයි තමයි.. මට නම් ඔයාව තේරුම් ගන්නම බෑ බන්ටි, ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"


    වැඩ ගැන ඇහුවම, මට මතක් වුණේ කුඹුරු වැඩ.. මොකද කියනවා නම් මේ උදාවෙලා තියෙන්නෙ යල කන්නෙනේ..


    "මොනවද අක්කෙ..?
    "

    "මොනවද තමයි.. ඔයා මොන නැකතක ඉපදිච්ච මනුස්සයෙක්ද කියලා මට නම් තේරෙන්නෑ.."


    "අක්කෙ මේ.. කියන අටමගලයක් කියනවද නැද්ද..? මට පරිසර වර්ණනා උවමනා නෑ.."


    "ඔයා ඊට පස්සෙ නෙත්මිව හම්බවෙන්න ගියාද..?"


    "ඊට පස්සෙ කියන්නෙ..?"


    "ඔයාව, බෙල්ල මුලින්ම අහුවුණ දවසට පස්සෙ.."


    ෂිහ්.. අම්මපල්ලා.. අක්කා ඒක කිව්ව කැත.. හරියට මං මේ උවමනාවෙන්ම නෙත්මිට අහුවුණා වගේනේ අක්කගෙ කතාව.. ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. මමනේ කාමරේ ඇතුළට ගියේ..


    "නෑ.."


    "නෑ කියන්නෙ.. ඔයා ආයෙ ඒ ළමයව හම්බවෙන්නෙ නැද්ද බන්ටි.. බලන්න.. ඔයා හින්දා නෙත්මි මගෙත් එක්කත් හොදටම තරහා වෙලා.. හ්ග්.. හ්ග්.. එයා.. එයා මගේ හොදම යාලුවා බන්ටි.."


    හපොයි.. ඔන්න ඉතිං අපේ අක්කත් වෙන ගෑනු දරුවො වගේම මොහොතකින් ටැප් එක ඇරියා.. ඔය කදුලු කතන්දර නම් කොහොමටවත් බන්ටිට දිරවන්නෑ..


    "නෙත්මි ඔයාගෙ හොදම යාලුවා වෙන්නැති.. ඒත් එයා හිතන්නෙ හරිම පටු විදියට අක්කෙ.. ඒ හිතන්නෙත් එයාගෙ පැත්තෙන් විතරයි.. අනෙත් එකාට මොන මළ හෙණයක් ගැහුවත් කමක් නෑ කියලා.."


    "දෙ.. දෙයියනේ.. ඔයා මේ මොනවද කියන්නෙ බන්ටි..?"


    "මං කියන්නෙ ඇත්ත.. එයාට ඕන එයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න විතරයි.."


    "මං නම් කවදාවත් හිතන්නෑ එයා එහෙම කෙනෙක් කියලා.."


    "මාත් හිතන්නෑ.. ඒත් නිකම්ම හිතෙනවා.."


    එතන ඉදලා විනාඩි ගානක නිහැඩියාවක් ගෙවිලා ගියා.. අපි දෙන්නගෙන් කවුරුවත්ම කතා කරන්න උත්සාහයක් ගත්තෙ නෑ.. මොකද ඒ කතාවට ඇරඹෙන එක වචනයකින්, හිත රිදෙන එක උපරිම සීමාවට ළංවෙලා තිබුණා..


    "බ..න්..ටී.."


    "ම්.."


    "ඔ.. ඔයාට මේක ඉවරයක් කරන්න බැරිද..?"


    "අක්කා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"


    "ම.. මට මගේ යාළුවව ඕන බන්ටි.. මට නෙත්මිව ඕන.. මට එයාව ළගින් ආශ්‍රය කරන්නෝන.. එයා.. එයා නැතුව මට හරි පාලුයි.."


    අක්කගෙ ඇස්වලට ආයෙත් කදුළු උනාගෙන ආවා.. ඒක හන්දම එතනින් එහාට ඒ ගැන කතා කරන්න මට හිතුණෙ නෑ.. මං කොහොමද නෙත්මි ළගට යන්නෙ..? ෂුවර් එකට එයා මාව බැනලා එළව ගනියි..


    "අක්කා කියන්නෙ මට ගිහින් නෙත්මිව හම්බවෙන්න කියලද..?"


    "මට තේරෙන්නෑ බන්ටි.. ඔයා මොනවම හරි කරන්න බලන්න.. කෙල්ල අඩුම ගානෙ මං දෙන කෝල් එකකටවත් ආන්සර් කරන්නෑ.."


    "ඉතිං ඔයා නෙත්මිලග හිගින් බැලුවෙ නැද්ද..?"


    "ම.. මට මොකක්ද වගේ බන්ටි.. එ.. එයා මගෙත්තෙක්ක තරහින් ඉන්නෙ.. ම.. මට ඒක හොදටම තේරෙනවා.."


    ඒකත් එහෙමද..? හැබැයි ඉතිං ඔය විදියට වැඩේ යනවා නම් බන්ටිට මොනවම හරි කරන්න වෙනවා.. ඒත් මොනවද කරන්න ඕන කියනෙක තමයි ප්‍රශ්නෙකට තියෙන්නෙ.. අක්කට වගේම නෙත්මිට මූණ දෙන්න, මොකක්දෝ පුංචි අපහසුකමක් මට තිබුණා.. එදා අන්තිමට අඩලා වෙන්වෙලා ගියාට පස්සෙ, නෙත්මි මට විහිලුවටවත් හම්බවුණේ නෑ.. එයාව දකින්න, එයත්තෙක්ක කතා කරන්න හොදටම උවමනාව තිබ්බත්, නෙත්මි පිටිපස්සෙන් යන්න මගේ හිත කැමති උනේ නෑ.. මගෙන් එයාට වැරැද්දක්, හිත රිදීමක් වෙච්ච එක ඇත්ත.. ඒත් මේ හැම දෙයක්ම විහිලුවකින් පටන් අරගෙන, හිතපු නැති පැත්තකට ඇදිලා ගිහින් ඉවර උනා කියලා, නෙත්මිගෙ ඔය පුංචි හිතට තේරුම් ගන්න බැරි නම්, තවත් දුරට අපි ආශ්‍රය කරන එකේ තේරුම මොකක්ද..?



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-02.jpg


    02.png


    මහමායා ඉස්කෝලෙ ඉස්සරහ අත් පාලම ළග මං එනකොටත් පුරුදු විදියටම කොල්ලො සෙට් එක එකතු වෙලා තිබුණා.. අඩුවකට තිබුණෙ බින්දු නැති එක විතරයි.. තියෙන ප්‍රශ්න කන්දරාවත් එක්ක ඒගැන හිතන්නවත් මගේ හිත ඉඩ දුන්නෑ.. මොකටද නිකං..

    චැලිය පේමන්ට් එක උඩට දාලා මං පඩිපෙළ නැග්ගා..

    "බන්ටි අයියා.. අපි මේ බලන් හිටියෙ ඔයා එනකන්.."


    පහට පහක් දාන ගමන් රවීන් මගේ අතකින් අල්ල ගත්තා.. ඇයි කියන ප්‍රශ්නෙ මූණෙ ලියාගෙන මං රවීන් දිහා බැලුවා..


    "ලොකු පුතා කිව්වා.. ඔයාට මොකක්දෝ කරදරයක් සිද්ධ වෙලා කියලා.. අපි මේ ඒක අහන්නයි හරිබරි ගැහිලා බලන් ඉන්නෙ.."


    එහෙනම් ලොකු පුතා හැරෙන තැපෑලෙන් හැමෝටම වැඩේ ලීක් කරලා.. කොල්ලො හැම එකාම මෙතන ඉන්නෙ ඒකනේ..


    "මොකද උනේ බන්ටි..? ගෙදර ප්‍රශ්නයක්ද..?"


    "නෑ අමිල.."


    "එහෙනම් මොරීන් අක්කවත් ලෙඩක් දැම්මද..?"


    "නෑ.."


    "එහෙනම්..?"


    "නෙත්මිට මාව කරටිය මුලින්ම අහුවුණානේ.."


    "න්..නෑහ්.."


    "හප්පුච්චේ.."


    "වලාමයි.."


    "කාලා වරෙන්කො.."


    කොල්ලො හැම එකාටම මොකක් හරි වචනයක් ඉස්මොල්ලෙ ගියා.. ඒ තරම් තදට, මට වෙච්ච සන්තෑසිය උංගෙ හිත්වල වැදුණා..


    "කොහේදිද ලොකු පුතේ උඹ මාට්ටු උනේ..? ෂේප් එකක් දාගන්න බැරි උනාද..?"


    "මොන ෂේප්ද චාමික.. මං මගේ කාමරේ ඇතුළෙ ඉදගෙන නෙත්මිට කෝල් එකක් අරන්, එයාව හම්බවෙන්න ඕන කිව්වා.."


    "ඈ.. මොකක්ද බන්ටි ඒ කතාව..? උඹලා දෙන්නා මේ තරම් හම්බවෙද්දි, උඹ ඒකිව අමුතුවෙන් හම්බවෙන්න ඕන කියලා කිව්වෙ ඇයි..?"


    "තවත් මේ විදියට බොරුව ගෙනියන්න බෑනේ අමිල.. තවත් ඉස්සරහට හුගක් ප්‍රශ්න එයි.. ඒක හන්දා මං හිතුවා නෙත්මිව ඉක්මනට හම්බවෙලා.. මේ හැමදේම එයාට කියන්න.."


    "ඉතිං..?"


    "උඹල දන්වනේ.. කෙල්ල මාව හම්බවෙන්න එක පයින් කැමතියි කියලා.. මගේ වචනෙ එනකල් ඒකි බලන් ඉන්නෙ කියලා.. ඒත් වැඩේ එක තත්පර කාලකින් ගහලා ගියා.."


    "ඒ.. ඒ කොහොමද ලොකු පුතේ.. මොකෙක් හරි අපතයෙක් කුමන්ත්‍රණයක්වත් කරලද..?"


    "නෑ.. චාමික.. නෙත්මිට කොල් කරලා ඉවරවෙලා අක්කව හම්බවෙන්න, මං අක්කගෙ කාමරේට ගියා.. මෙන්න බං කාමරේ ඇතුළෙ නෙත්මි.."


    "එතකොට උඹ ෆුල් සීරියස් පිට කතා කරලා තියෙන්නෙ ගේ ඇතුළෙම ඉදපු කෙල්ල එක්ක.."


    "ඔව්.. මට තියෙන ලොකුම හිතේ අමාරුවත් ඒකයි.. මං මේ හැමදේම කියන්න කලින්, මේ විදියට සිද්ධ වෙලා මාව වැරදිකාරයෙක් උනු එකට මං කැමති නෑ අමිල.."


    "ඉතිං, බන්ටි.. උඹ ඒකිට පහදලා දුන්නැද්ද, මේක හින්දා මේක උනා කියලා.. අහනල් එක හන්දා අහවල් එක උනා.. ඒක හන්දා මං මේ විදියට කරා කියලා..?"


    ඒ පාර සරිගමයත්, පයිතගරස්ගෙ ප්‍රමේයවල් දාන්න අරගෙන.. හිතේ අමාරුවක් තියෙද්දි. මට පුංචිම හිනාවක් ආවා උගේ කතාවට..


    "දන්න ශිල්ප ඔක්කොම දැම්මත් වැඩක් උනේ නෑ බං.."


    "කොහොම උනත් බන්ටි අයියා මාර ගේමක් දීලා තියේනනෙ.. වෙන එකෙක් නම් හත්පොලේම ගාගන්නවා.. ඔය තරමින් හරි ගොඩදාගත්තා මැදැයි.."


    "ගොඩ තමයි.. මට පුදුම, ඒකි අපේ බන්ටිගෙ බෙල්ල මිරිකුවෙ නැත්තෙ ඇයි කියලා.."


    "මට නම් අමිලයා.. මැවිලා පේනවා.. එතන වෙන්න ඇතියි කියලා කියන සිද්ධිය.. හරියට නිකං රාජ් කපූරුයි, වෛජන්ති මාලයි වැළපෙන සීන් එකක් ලස්සනට ගතියට යන්න ඇති.."


    ඒ පාර සරිගමයා, මගෙයි, නෙත්මිගෙයි කතන්දරෙන් මියුසික් වීඩියෝ එකක්වත් එළියට දාන්න හදනවද කොහොද..?


    "පිස්සුද සුරේන්.. බන්ටි දැන් කියපුව අනුව, ඒක තනිකරම ඇට් කරලා තියෙන්නෙ, බැන්ඩිට් ක්වින් පාට් ටූ නේ.. අපේ බන්ටි බලන් ඉදලා.."


    "බලන් ඉන්නවා ඇරෙන්න, වෙන මොනවා කරන්නද අමිල.. ඔය ඔක්කොමත් හරි.. මට ඔය හැමදේටම මූණ දෙන්න පුළුවන්.. ඒත් අපේ අක්කා ඔය ගැන සෑහෙන්න හිතේ අමාරුවෙන් ඉන්නෙ.."


    "ඒ ඇයි බන්ටි..?"


    "නෙත්මි එයාට සෑහෙන්න දොස් කියලා.. මේ හැමදේම මුල ඉදන් දැනගෙන, කිසිම දෙයක් කිව්වෙ නෑ කියලා.. අඩුගානෙ කෝල් එහෙකටවත් ආන්සර් කරන්නෑල්ලු.."


    "හුටා.. ඒකත් එහෙමද..?"


    එතන ඉදලා ඩිංගක් වෙලා යනකන් අපි අතර කිසිම කතාබහක් උනේ නෑ.. වෙනදට අපි කොයි තරම් කියවනවද..? ඕන එකයි එපා එකයි හැමදේම..

    "දැන් අපේ පැත්තෙන් වෙන්න ඕන මොනවද බන්ටි අයියා..?"


    හොද ප්‍රශ්නෙකුත් අරගෙන නිහැඩියාව ඉස්සෙල්ලම බින්දෙ රවීන්..

    "කාටවත් කරන්න කිසිම දෙයක් නෑ.. අපිට බලන් ඉන්නයි වෙලා තියෙන්නෙ.."


    "මොනවද ලොකු පුතේ උඹ මේ කියන අවමංගල කතා.. වෙනදට උඹ නේද අපිවත් පිකප් කරලා ගන්නෙ..? මං දැනුවත්වම නම්, උඹේ ගාව බලන් ඉදිලි නෑ.. සට සට ගාලා ක්‍රියාත්මක වෙනවා මිසක.."


    "ඔව්.. ඔව්.. ක්‍රියාත්මක වෙලා මේ පුරස්නෙ විසදන්න ඕන.."


    "මේකෙ විසදන්න දෙයක් නෑ සුරේන්.."


    "නැත්තෙ නෑ.. අපි හැමෝගෙම ප්‍රශ්නවලට උම නැගීගෙන උදව් කරනවා.. ඒත් උඹට උදව් කරන්න අපිට බෑ.. ඔය අනං මනං පැත්තට දාලා අපි එකතුවෙලා වැඩේට බහිමු.. ඒකනේ යාලු ෆිට් එක කියන්නෙ.. උඹ ඔහොම කට්ට තනියෙම කන්න හදනකොට අපිට දුක හිතෙනවා.."


    "හරි.. උඹලා දැන් මොනවද කියන්නෙ..?"


    "අපි ගිහින් නෙත්මිව හම්බවෙමු.."


    සරිගමයා ගෙනාවෙ හොද යෝජනාවක් උනත් ඒකෙ සෑහෙන්න අඩුපාඩු තිබුණා.. මොන දේ උනත්, නෙත්මි ඉස්සරහට කොල්ලො ටික යවන්න, මගේ හිතේ පොඩි චකිතයක් තිබුණා.. ඒ චකිතය එන්නත් හේතු දෙකක් තිබුණා.. එකක් මං නෙත්මිට ලොකු වැරැද්දක් කලා කියනෙක.. අනික, අපි හම්බ වෙච්ච අන්තිම දවසෙ, අන්තිම තත්පරෙයදි එයා අඩ අඩා කියපු දේවල් මගේ පපුව කුඩුපට්ටම් කරලා දාපු හින්දා..


    "එහෙනම් වැඩේ ස්තීරයිනේ.. කතා කරගත්තු විදියටම වැඩේ කරමු.."


    "අපි මොනවද ලොකු පුතේ කතා කරගත්තෙ..?"


    ඉදල ඉදල හොදම ප්‍රශ්නෙ ඇහුවෙ රවීන්.. බලන් ගියාම ඒකත් ඇත්ත තමයි.. වැඩේ කරන්න ගියාට කතා කරගත්තු ඉලව්වක් නෑ..


    "අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙපා.. එබ්බා අසමජ්ජාති දහ පදුරු කොල්ල.. අපි මේක කොහොම හරි කරන්න බලමු.."


    "හැබැයි පුතෝ මං එකක් කියන්න.. මූණ අතපය ලස්සනට තිබුණට ඒකිගෙ කට නම් අක්කරයක් විතර දිගයි.. ඈ.. හප්පට සිරි.. අර බලපංකො.."


    චාමික ටෙනිස් කෝට් එක පැත්තට අත දික් කලා.. අපේ ඇස් මායිමෙ ඇවිදන් ගියේ පයිතගරස්..


    "ඔක්කොමත් හරි.. උගේ ගමන තමයි බලන්න ලස්සන.. කෙලින් යනවට වැඩිය ඌ කරන්නෙ හතර වටේ ඇවිදින එකනේ.."


    "උඹ දන්නවද බන්ටි, ඔය පයිතගරසයා හරහට ඇවිදින්නෙ ඇයි කියලා..?"


    ඒ පාර සුරේන්, පයිතගරස්ට චරිත සහතිකයක් දෙන්නයි යන්නෙ.. හොද වෙලාවට ඌ අපිව දැක්කෙ නැත්තෙ.. දැක්ක නම් මද කිපිච්ච ගොන් නාම්බා වගේ මෙතෙන්ට දුවගෙන එනවා නැට්ට උස්සගෙන..


    "මොකද බං ඌ හරහට ඇවිදින්නෙ..?"


    "ඕකගෙ අම්මට, ඕකව හම්බවෙන්න ඉද්දි, හැදුනලු දොළ දුකක්.."


    "ඒ දොළ දුකෙයි මුගේ හරහට ඇවිදිල්ලෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද සුරේන්..?"


    මටත් තිබ්බ ප්‍රශ්නෙ ඒකයි.. ඒ කතන්දරේ නිකං අහසයි පොළවයි වගේ..

    "දොළදුකට උංගෙ අම්මා කාලා තියෙන්නෙ මොනවද දන්නවද..?"


    "දන්නැති හන්දනේ යකෝ, උඹේ කට දිහා අපි කට ඇරන් බලන් ඉන්නෙ.."


    "උංගෙ අම්මා කකුලුවො කාලා.. ඒකයි.."


    කොල්ලො හැම එකාම හිනාවෙනවා.. මූට නම් දෙක තුනක්වත් අනින්නෝන මේ කියන කතාවලට.. කොහොම හරි කතාව ඉවරවෙනකොට පයිතගරස් නොපෙනීම ගිහිල්ලා..

    "චාමික.."


    තවත් බලන් ඉදලා බෑ.. එහෙම උනොත් අද මෙතනම රෑ වෙයි.. මං ලොකු පුතාට කතා කරා..


    "උඹ මට එන්න කිව්වෙ, ප්‍රශ්නයක් තියෙනවා කියලා.."


    "ඔව් බන්ටි.. ප්‍රශ්නයක් නම් තියෙනවා.."


    අම්මපා මේ ලෝකෙ පිරිලා තියෙන්නෙ ප්‍රශ්න වලින් විතරමද මංදා.. අහන, දකින හැම තැනම තියෙන්නෙ ප්‍රශ්න විතරයිනෙ..


    "ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නොකියා, උම ඇම්ඩන්ගෙ කතා කිය කිය ඉන්නෙ ඇයි..?"


    "සමාවෙයන් බන්ටි.. කොල්ලො ටික සෙට් උනාම, තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා.."


    ඒක නම් සහතික ඇත්ත.. තනියම විළාප ගගහ ඉන්නවට වැඩිය කොල්ලොත් එක්ක සමූහ ගායනයක් හරි ඉදිරිපත් කරන එක ඇගට ගුණයි..


    "දැන් මොකක්ද ප්‍රශ්නෙ..?"


    "කලින් එකම තමයි.."


    "කලින් එකම කිව්වෙ..?"


    "බින්දුවගෙ ප්‍රශ්නෙ ලොකු පුතේ.."


    චාමිකගෙ කතාවෙන මගේ ලේ කෝප උනා..


    "බින්දුට ප්‍රශ්නයක් නෑනෙ චාමික.."


    හතර පැත්තටම නැති මගේ කතාවෙන් චාමික අවුල් උනා.. ඌට එතනින් එහාට කතාව ගෙනියන්නත් බැරි උනා.. ඒක හන්දද මංදා, රවීන් කතාව පටන් ගත්තා.. ඕන එහෙකුට මූණ කට සමතලා වෙන්න මට කතා කරතැහැකි.. ඒත් මේ පුංචි එකාට මං බනින්නෙ කොහොමද..?


    "බින්දු හදන්නෙ ආයෙත් නාවලපිටි යන්න.."


    ඒ කතාවට වෙනද වගේ මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ.. ඇත්තටම ඒ වෙනුවට අර කලින් ඇවිල්ලා තිබ්බ කේන්තිය තව තවත් අලුත් උනා..


    "ඌට නාවලපිටි යන්න බැරිනම්, ඕන තුම්පනේක යන්න කියපං.. මට අවුලක් නෑ.. ඌ ගැන හොයන්න තරම් මට කැසිල්ලකුත් නෑ.. උඹලා දන්නවද..? මේ පුහු උනු දවස් කීපයේම ඌ මට කතා කරලා සමාව භාජනේක දාන්න හැදුවා.. ඒත් මං ඌට සමාවක් දුන්නෑ.. ඌ මහ කැත මිනිහෙක්.. මගේ ඉස්සරහ තවත් ඌ ගැන කතා කරන්නෙපා.."


    "අ.. අපි කියන්නෙ මේකයි බන්ටි.."


    ඒ පාර සරිගමයත් කතාවට පැන්නා..


    "තව කියන්න දෙයක් නෑ සුරේන්.. දැන් ඔක්කොම කතා කියලා ඉවරයි.. පහුගිය දවස්වල බින්දු මට කතා කරපු හැටි උඹලත් අහන් හිටියනේ.. දැන් උඹලත් මැරිලා ඉපදිලා වගේනෙ කතා කරන්නෙ.. ඔය හැමෝටම වගේ දකින දකින පාරට, පාට වෙනස් කරන ජාතියෙ එකෙක් නෙමෙයි මම.. උඹ මොකද කියන්නෙ අමිල.. මේ බන්ටි හරිද..? වැරදිද..? වදාපු අම්මයි, ජාතක කරපු තාත්තයි, සැක කරනවා වගේ ඌ මාව සැක කෙරුවා.. අපේ යාලුකම කියන ජාතකේ පිරිසිදුකම ඇස් ඉස්සරහ පේන්න තියෙද්දිම.. නිරෝෂි එක්ක ඌට ජීවත්වෙන්න බැරි උනාට, ඒකිව ආන්බාන් කරන්න බැරි උනාට මං මොනවද කරන්නෙ..? මම ඒවට පළිද..? ආ.. අමිල මට ඉස්සෙල්ලා ඒක කියපං.."


    "මුකුත් කියන්න දෙයක් නෑ බන්ටි.. උඹ හරි.."


    ආයෙත් දෙකක් නෑ.. එහෙටත් නෑ.. මෙහෙටත් නෑ.. අමිල කෙලින්ම තීන්දුව දුන්නා..


    "චාමික අද මට කතා කෙරුවෙ බින්දුගෙ ප්‍රශ්නෙකට කියලා මං දැනන් හිටියා නම්, මං අද කීයටවත් මේ ගමන එන්නෑ.. මීට පස්සෙ මං ඉස්සරහ බින්දු ගැන කතා කරන්නත් එපා.. මං ඒකට කැමති නෑ.. ඌට මං උදව් කෙරුවෙ කොහොමද කියන්න උඹල හැම එකාම දන්නවා.. ඒත් ඌ හැසිරුනේ, ඒ හැම දෙයක්ම අමතක කෙරුවෙ කොයි තරම් පහත් විදියටද..?"


    "ඔය ඔක්කොම කතා ඇත්ත බන්ටි.. උඹේ ගතිගුණ එක්ක බැලුවාම, බින්දුවා බලු මයිලක් තම්වත් වටින්නෑ.. ඒක අපි හැම එකාම දන්නවා.. ඌ කැත සතෙක්.. ඒකත් හරි.. ඒත්.. ඒත්.. අපි මේකට මොනවම හරි කරන්නෝන.."


    "උඹලට ඕන දෙයක් කරගනිල්ලා.. මේ බන්ටිගෙන් ඒකට කිසිම බාධාවක් නෑ.. මං යනවා.. මට ඔය ගැන කතා කරනකොටත් අප්පිරියයි.."


    කොල්ලො එක එකාගෙ මූණු බලාගනිද්ද මං චැලිය ස්ටර්ට් කරගත්තා..


    "බන්ටි අයියා.."


    චැලිය අද්දද්දිම රවීන් ළගට දුවගෙන ආවා..


    "ඇයි..?"


    "මෙහෙම ගියොත් බින්දුගෙ ලව් එක බ්‍රේක් වෙයි.."


    "උඹ කියන්නෙ උංගෙ ලව් එක මට රේස් කරන්න කියලද..?"


    "නෑ.. ඔය හැම එකක්ම අමතක කරලා දාලා අන්තිම පාරට බින්දුට උදව්වක් කරන්න.."


    අත් දෙකෙන්ම මගේ අත් දෙක අල්ලලා රවීන් කිව්වා.. බින්දුට වැඩිය පහුවෙලා මට ආශ්‍රය කරන්න හම්බ උනත්, මේ පුංචි එකාගෙ හදවත කොයි තරම් පිරිසිදුද..? මං තීරණයක් දීලා තියෙද්දිත්, මේ තරම්ම කියව කියව මගේ පස්සෙන් එන්නෙ යාලු ෆිට් එක වෙනුවෙන්නෙ..

    "උදව්වක්..?"


    "ඔව් බන්ටි අයියා.. ඔයා කිව්වොත් නිරෝෂි අහයි.."


    "නිරෝෂි..?"


    "ඔව්.. නිරෝෂි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාට විතරයි.."


    මෙන්න මේවට තමයි වසරේ විහිලු කියන්නෙ..


    "රවීන්.. ඔය උඹත් මගෙන් අහගන්නයි යන්නෙ.. මම කියන දේවල් අහන්න, නිරෝෂි මගේ කවුද..? බඩ බැදගෙන ආදරේ කරේ බින්දුයි, නිරෝෂියි මිසක් මායි, නිරෝෂියි නෙමෙයිනේ.. මං මේ උඹල හැමෝටමයි කියන්නෙ.. උංගෙ ප්‍රශ්න උං බේරගත්තාවෙ.. අපිට ඒවා අදාල නෑ.."


    "ඕවා මේවා කොහොම උනත් ඔයාගෙ සපෝර්ට් එකක් නැත්නම් ඒ ආදර කතාව දවසක්වත් දුවන්නෑ.. ඒකෙ ආයෙ කිසිම ඇදක් කුදක් නෑ.."


    "ඔව් බන්ටි.. ඔය තරහ මරහ පැත්තට දාලා පුංචි සපෝර්ට් එකක් දීපං.. ඌ කැත සතා උනත්, අවුරුදු ගානක්ම අපිත්තෙක්ක හිටපු එකානේ.."


    "ඔව් බන්ටි අයියා.. බින්දු ඔහොම ගියොත් පිස්සෙක් වෙයි.. උගේ මුළු ඇග පුරාම දුවන්නෙ නිරෝෂිගෙ ආදරේනෙ..
    "

    "උඹලා මොනවා කිව්වත්, මගේ හිත කැඩිලා තියෙන්නෙ.. මං යනවා.."


    බින්දුගෙ ආදරේ අලුත්වැඩියා කරන්න, කොල්ලො හැම එකාම උදව් බලාපොරොත්තු වෙන්නෙ මගෙන්.. ඒත් ඉතිං උදව්වක් කරන්න ඕන කෙළෙහිගුණයක් දන්න එකෙකුට.. බින්දු කියලා කියන්නෙ කිසිම කෙලෙහිගුනයක් දන්නැති බත්කූරෙක් කියලා බන්ටි දැන් දන්නවා.. නිරෝෂිව මට පාව දීලා කතා කිරීමම මැදැයි උගේ හැදියාව තේරුම් ගන්න..


    ****************************


    සුපුරුදු විදියට දවස ගෙවිලා ගියත්, මොකක්දෝ ලොකු අඩුවක් මගේ හිත වටේම රැදිලා තිබ්බා.. මගේ ළගින් ඉදපු හැමෝම එයාලගෙ ප්‍රශ්න පත්තර බන්ටිගෙ ඔලුව උඩින් තිබ්බට, බන්ටිගෙ ප්‍රශ්නයකට උත්තර හොයන්න ඒ කාටවත් වෙලාවක් තිබ්බෙ නෑ.. එහෙම වෙලාවක් තිබ්බත් ඒ ලැබෙන උත්තර බන්ටිට හරියන්නෙත් නෑ..


    "හෙට දවස ගැන සංතෝසෙන් හිතන්න.. ඒ සංතෝසෙ අතරෙ නෙත්මි ඉන්නවා කියලත් හිතන්න.."


    මේ වෙනකොට ඔය වචන ටික ලක්ස වාරයක් විතර මං එහෙටයි, මෙහෙටයි පෙරලල බලලා තිබ්බා.. ඒ ඒ තනි වචන එකින් එක වෙන වෙනම අරගෙන මං තේරුම් ගන්න බැලුවා.. ඒත් මගේ හිත සැනසෙන විදියෙ උත්තරයක් ඒ වචන ඇතුළෙ තිබ්බෙ නෑ.. ඇත්තටම මං මෙච්චර දවසක් බලන් හිටියෙ නෙත්මි කතා කරයි කියලා.. වැඩිය ඕන්නෑ.. එයා මට අරන් දීපු ෆෝන් එකත් මං ඔන් කරලා තිබ්බා.. ඒත් වෙනද වගේ දවසට හැට හැත්තෑව ගානෙ මිස් කෝල් ඇවිල්ලා තිබුණෙත් නෑ..ඒ දේ මගේ හිතට ගෙනාවෙ කියන්න බැරි තරම් ලොකු අඩුවක්.. හැමදේම සීයට සීයක් හරියට තිබ්බත්, මේ අඩුවෙලා තියෙන දශම ගාන අර සීයම කපලා දාලා තිබුණා.. මේ බල්න ඉදිල්ලෙ අන්තිම සීමාවත් ඉක්මවලා ගියාට පස්සෙ, මං නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා.. හුගාක් වෙලා රින්ග්ස් ගියාට පස්සෙ, එහා පැත්තෙන් කවුරු හරි ෆෝන් එක ගත්තා.. ඒත් ඒ ආපු කටහඩ නෙත්මිගෙ නෙමෙයි.. ඒක පිරිමි කටහඩක්..



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"

    "ම්.. කවුද මේ කතා කරන්නෙ..?"


    "මං නෙත්මිගෙ යාලුවෙක්.."


    "නෙත්මිගෙ යාලුවෙක්..?"


    "ඔව්.."


    එහා පැත්තෙන් කතා කරන්නෙ නෙත්මිගෙ තාත්තා කියලා මට තේරුණා.. එහෙනම්, අංකල් රට ඉදලා ලංකාවට ඊයෙ පෙරේදා අඩිය තියල වගේ.. ඒත් ඔය තරම් මගෙන් ප්‍රශ්න අහන්න තරම් මට වැරදුණේ කොතනද කියලා මට හිතාගන්න බැරි උනා..


    "ඔයා නෙත්මිගෙ යාලුවෙක් වෙන්න බෑ.."


    "ඇ.. ඇයි..?"


    "එයාගෙ යාලුවො එයාට කතා කරන්නෙ එහෙම නෙමෙයි.."


    වැරැද්ද කොතනද කියලා මට පටාස් ගාලා තේරුණා.. අම්මලගෙ කනෙන් රිංගුවත්, තාත්තලගෙ කනෙන් රිංගන්න බෑ කියන්නෙ ඕකයි එහෙනම්..


    "එහෙනම් පිණිමුතුට ෆෝන් එක දෙන්නකෝ.."


    නෙත්මිගෙ අන්තිම නම මං පාවිච්චි කරා..


    "හරි.. දැන්වත් කියනවද කවුද මේ කතා කරන්නෙ කියලා.."


    නෙත්මිගෙතාත්තගෙ කටහඩ ටිකක් සැරට ඇහුණා.. මිනිහා ඒ පාර කොච්චි මිරිස් වෙන්නයි යන්නෙ.. මං ඕනවට වැඩිය කලර්ස් පෙන්නන් ගියොත්, නෙත්මිට අවුලක් වෙයි කියලා මට හිතුණා..


    "මං පිණීමුතුගෙ යාලුවෙක්.. නම රන්දික.. ම්.. තව එතනින් එහාට ගියොත් මං නලින්දගෙත් යාලුවෙක්.."


    වැඩේට මං ඇටකිච්චවත් ගාව ගත්තා.. එතකොට කොහොමත් අවුලක් නෑ.. ඇයි ඉතිං ඇටකිච්චයි, නෙත්මියි නෑදෑයො වෙනවනේ..


    "පිණිමුතුට සනීප නෑ.."


    "ස..නී..ප නෑ.."


    දෙයියනේ.. මේ කෙල්ල එතකොට අසනීප වෙලාද ඉදලා තියෙන්නෙ..? මට කතා කෙරුවෙ නැත්තෙ, මාව බලන්න ආවෙ නැත්තෙ ඒකයි එහෙනම්.. මං එයා ගැන කොයි තරම් වැරදි විදියටද හිතන් හිටියෙ..


    "ඔව්.. මේ වෙලාවෙ පිණිමුතු නිදි.. පස්සෙ කතා කරන්න.."


    හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට කෝල් එක කට් කරා.. කවුරු හරි හොදට මූණ දිහා බලලා, සැරට කණේ පාරක් ගැහුවා වගේ..


    ****************************


    හොදටම කළුවර වැටිලා.. බැල්කනිය පැත්තෙ ඉදලා හමා ගෙන ආපු සීතල සුළගත් මගේ හිතත් එක්ක හිරි වට්ටලා දැම්මා.. ඒ සීතල හුළගත් එක්කම තරග කරන්න බැරි හින්දා බැල්කනිය පැත්තට හැරිලා තිබ්බ නමයෙ පහේ ජනේල පලුව මං වහලා දැම්මා..


    "බ..න්..ටී.."


    අදුරට ඇස් දීගෙන ඉදපු මං ආපහු හැරුණා.. අයියගෙ අදුරු ඡායාවක් කාමරේ දොර ගාවින් මතුවුණා..


    "බන්ටි.. මොකද මේ කළුවරේ.. බල්බ් එක ගිහිල්ලද..?"


    "ඔව්.."


    "ඉතිං එකක් දාගත්තා නම් හරිනේ.. කළුවරේ ඉන්නෙ.."


    "ගිහින් එනකන් ඉන්නවා.."


    මගේ හතරබීරි කතාවෙන් අයියගෙ ගමන නතර උනා..


    "එනකං ඉන්නවා කිව්වෙ..?"


    "ඌ චුට්ටක් ටවුමට ගියා.. ඒකයි.."


    "ඌ කිව්වෙ..?".


    "බල්බ් එක.."


    අදුර මැද්දෙන්ම අයියගෙ මූණ ඇදවෙනවා මං දැක්කා.. ඔට්ටුයි.. මිනිහා හිතන්නෙ, මොනවද කියලා මට ටක්කෙටම කියතෑකි.. මේ සුන්දර සැදෑ ජාමෙ, මට කතා කරන්න උනේ පිස්සෙක් එක්ක කියලා..


    "ඉතිං මේ අසිරිමත් හැන්දෑවෙ, ඔබතුමාට මොකද මගේ කුටියට සම්ප්‍රාප්ත වෙන්න හිතුණෙ..? මොකක් හරි අවුලක්ද..?"


    හැමෝම බන්ටි හොයාගෙන එන්නෙ, ඒ අයගෙ ප්‍රශ්න පත්තරයක් රි, දුක් අදෝනාවක් පිට කරන්න හරි කියලා බන්ටි අත්දැකීමෙන්ම දන්නවා.. ඒක ඉතිං ඉර, හදටත් වැඩිය ෂුවර්.. මං කාමරේ ලයිට් එක දැම්මා..


    "මු.. මුකුත් අ.. අවුලක් නෑ.. ඔයාගෙ සද්දයක් නැති හින්දයි බැලුවෙ.."


    "සද්ද දාන්න මං ට්‍රම්පට් එකක්ද අයියෙ..?"


    "නෑ මනුස්සයො.. අම්මයි, තාත්තයි කතා වෙනවා මට ඇහුණා බන්ටි ගෙදර නැතුවවත්ද කියලා.. ඒකයි.."


    ඕන බලපල්ලකො.. මේකා කියන මුසාවාදා වල තරම.. මේකට පස්සෙ මං ඉපදුණත්, මේකා කොහෙද මාව තම්බන්නෙ.. මුගේ ලුණු, ගොරක වල ඩේට් එක්ස්පයර් වෙලා..


    "ඇත්තට.. දැන් ඔයාට මේ කාමරේට එන්න හිතුණෙ මගේ සද්දයක් නැති හින්දා..?"


    "ඔ..ව්.."


    "එහෙම නැතුව මේ මාලු ගාමිණි හින්දා නෙමෙයි.."


    මගේ කතාවෙන් අයියට පිස්සු නොහැදුනා විතරයි.. මිනිහගෙ මුළු මූණම වෙනස් වුණා.. අත්දෙකම ඔලුව උඩට ගියා.. ඊට පස්සෙ, පිස්සන් කොටුවෙ පිස්සා වගේ කොන්ඩ ගස් අදින්න ගත්තා..


    "ඔ.. ඔයා මොනවද කි.. කිව්වෙ..?"


    පව් අප්පා.. සංසාර සාගරේ.. අපි මොකටද මාලු පාන් කෑවෙ අහුවලු.. මිනිහා බහ තෝරනවා වගේ කතා කරන්නෙ.. ගොත ගැසීමෙ සීමාවක් නෑ.. අම්මපා.. මේ උද්වේගකර, කලර්ෆුල් අවස්තාව විඩියෝ ගත කරගන්නවත් තිබුණ නම්..?


    කොයි තරම් හොද උනත්, මගේ අයියා උනත්, කෙල්ලො ගැන දක්වන මේ පෙරේතකම නොහොත් සමස්ථ විලි ලැජ්ජා නැතිකම නම් බන්ටිට කවදාවත් දිරෙව්වෙ නෑ.. කෙල්ලො පස්සෙ ඔය තරම් බඩගාගෙන යන්න උං ළග මොන ඉටි ගෙඩියක් තියෙනවද කියලා බන්ටිට නම් කවදාවත් තේරුණේ නෑ.. බන්ටි කවදාවත් තේරුම් ගත්තෙත් නෑ..


    "මං මුකුත් කිව්වද..?"


    "කිව්වද..? කිව්වා නේන්නම් මනුස්සයො.. ඔයා යස අගේට කිව්වා.. ඔයා මාලු ගාමිණි ගැන කිව්වා.. ඔයා.. ඔයා කොහොමද ඒ වසවර්තියව අදුනන්නෙ..?"


    අත් දෙකෙන්ම මගේ උරහිස් දෙක අල්ලලා මහ හයියෙන් හොලවන ගමන් අයිය කෑගැහුවා..මේකා මේ හොලවන හෙලවිල්ලට මගේ ජොයින්ට් වල බුෂ් උනත් යන්න පුළුවන්.. සප්පෙන්ෂන් බාර් එකත් ගැලවිලද මංදා..


    "මාලු ගාමිණිව නොදන්නෙ කවුද.? මාකට් එකේ, එකම පිරිසිදු වීර චරිතෙ මිනිහනේ.. මේ පහුවුණ දවසක මිනිහා කොල්ලෙක්ව කපලා දාලා තිබුණා.. කෙලවල්ලො මාලු කපනවා වගේ.. අම්මප.. ඔව්.. ආයෙ බඩ බොකු හිටන් එළියෙ.."


    "න්.. නෑහ්.."


    අයියගෙ නෑ කියන එක ටිකක් දුර අප්සට් එකේ ඇදිලා ගිහින් මගදි හිර උනා.. මේකගෙ පණ ගියාද මංදා.. කමක් නෑ.. මේකගෙ තියෙන සමස්ථ විලි ලැජ්ජා නැතිකමට තව ටිකක් බය කරන්නෝන.. ඇයි අප්පා.. මේකා ඉවක් බවක් නැතුව මේ අපත වැඩ වලින් පවුලෙ හැමෝගෙම ආත්මගරුත්වෙ බල්ලට යනවනේ..


    "නැහැනං.. ඉතිං ප්‍රශ්නයක් නෑ.. ඔයා එහෙම හිතලා හිත සනස ගන්න.."


    කලින් දවසක මාලු මාර්කට් එකේ ඉදලා පණ කඩාගෙන දුවලා ගියේ මොකද කියලා දැනගන්නත් මට ලොකු උවමනාවක් තිබ්බා.. ඒත් ඒක කෙලින්ම ඇහුවා නම් මේකා කීයටවත් මට කියන්නෑ.. නිකම්ම මුදුනා වෙනවා..


    "එහෙම හිත සනස ගන්න බෑ බන්ටි.. අපේ බ්‍රාන්ච් එකේ කොල්ලෙකුත් ඔය කතාවම කිව්වා.. මං හිතුවෙ බොරුවක් කියලා.. අනේ බන්ටි.. ඔයා ඔය ඇත්තම නේද කියන්නෙ..?"


    "මං ඔයාට බොරු කියලා තෑගි ගන්නද..?"


    "ඒ.. ඒ.. කියන්නෙ මිනිහා හරිම භයානකයි නේද..?"


    "භයානකද නැද්ද මංදා.. හැබැයි මිනිහා නිතරම බඩවැල් කපනවා.."


    අන්තිම වචනෙ ළගින් මාලුන්ගෙ කියල මං කිව්වෙ නෑ.. අයියාකරයා එයාට කැමති දෙයක් හිතාගනියි..


    "හරි.. ඔය ආගිය කතා නවත්තලා ඔයාට වෙලා තියෙන අවමගුල මට කියන්න.. ඔයා මේ කාමරේට ආවෙ නිකං වෙන්න බෑනෙ.. හැම ප්‍රශ්නෙටම මොකක් හරි උත්තරයක් තියෙන බන්ටි ළගට ආවෙ මොකාක් හරි අවුලකටනේ.. ඒකට මාලු ගාමිණිත් සම්බන්ධයනේ.. මොකද කියන්නෙ.. මං කියපු දේවල්වල මොනවම හරි අඩුපාඩු තියෙනවද..?"


    "කි.. කිසිම දෙයක් නෑ බන්ටි.. ඔ.. ඔයා හරියටම කිව්වා.. ඇත්තටම ම.. මං ආවෙ ඔයාගෙන් පුංචි උදව්වක් ගන්න.."


    මේකගෙ පුංචි ඒවා ගැන මං දන්නැද්ද.. අන්තිමට මහ කෙලියම වෙලානෙ නවතින්නෙ..


    "ඔව්.. කියමුකො බලන්න.."


    "ම.. මට මාලු ගාමිණිගෙ ගෙදර තියෙන තැන දැනගන්න ඕන.."


    මේකා ඒ පාර මොන කස්තිරම අල්ලන්නද දන්නෑ මේ හදන්නෙ..? මාලු ගාමිණිගෙ දුවව, ගෙදරටම ගිහිල්ලා හම්බවෙන්න වත්ද..? අනේ ඇත්තට මේකා වගේ විලි ලැජ්ජාවක් නැති එකෙක්..


    "මිනිහගෙ ගෙදර තියෙන තැන ඔයාට මොකටද..?"

    "ප්‍රශ්න අහන්නෙපා බන්ටි.. ඔයා මට මේ උදව්ව කරනවද නැද්ද කියලා විතරක් මට කියන්න.. ඔයාට බැරි නම් මං වෙන අතක් බලාගන්නම්.."



    ඕන් බලපං ඉතිං.. අයියා උනාට මුගේ තියෙන පැහැදිලි අසත්පුරුෂකමක හැටි.. මුලින් අඩන ගෑනි වගේ විලාප දීලා දැන් පොදු පරික්ෂකයා වෙන්න හදනවා..


    "එහෙනම් ප්‍රශ්නයක් නෑ.. මාත් වෙන අතක් බලාගන්නම්.."


    "අනේ බන්ටි.."


    "අනේ පනේ කියලා හරියන්නෑ.. මාලු ගාමිණිගෙ හැටි මං ඩිංගකට කලින් ඔයාට කිව්වනේ.."


    ලයිට් එළියට රතු පාට වෙලා තිබ්බ අයියගෙ මූණ ටිකෙන් ටික වෙනස් වෙන හැටි මං දැක්කා.. මොනව උනත් මිනිහා ඉන්නෙ අමු පරාණ බයකින් කියලා මට තේරුණා.. පේන විදියට නම් මේකා මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක හනිමූන් ට්‍රිප් එකක්වත් ගිහිල්ලා වගේ.. ඉතිං අප්පා.. මෙතනින් එහාට මුගේ අනාගතේ කොහෙටද..? ඒක ඉතිං දන්නෙ මූයි, මාලු ගාමිණිගෙ දුවයි තමයි..


    "ඔ.. ඔයා ඔහොම කතා කරනකොට මට පරාණ බයයි බන්ටි.. ම.. මට මේ උදව්ව කොහොම හරි කරන්න.. මං මේක කවදාවත් අමතක කරන්නෑ.."


    "මං කරන උදව්වෙන් ඔයා අමාරුවෙ වැටෙනවා නම්, ඒ උදව්වෙන් වැඩක් නෑ.. ඒත් ඔයාට ඕනෙම නම් මං ගෙදර තියෙන තැන හොයාල දෙන්නම්.."


    "ඔ.. ඔයා හරි හොදයි බන්ටි.."


    අයියා ඇවිත් මාව බදාගත්තා.. ඒ සහෝදරත්වය එහෙම්මම තියෙද්දි මං ආයෙත් කට ඇරියා..


    "ඔයා මොනවද කරන්න යන්නෙ කියලා මට තේරෙන්නෑ.. ඒත් ඔය යන විදියට ගියොත් ඔයා අලි පත අමාරුවක වැටෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. බන්ටි කොයි තරම් වැඩකාරයෙක් උනත් එතකොට ඔයාව බේරගන්න බැරිවෙයි.."


    "ඔ.. ඔයා මාව බයකරනවා බන්ටි.."


    "බයක් නෙමෙයි.. මේක ඇත්තක්.. ඔයා කිව්වත්, නොකිව්වත් මං දන්නවා. ඔයා මාලු ගාමිණිගෙ දුවත් එක්ක යාලුයි කියලා.. ඒත් ඒ සම්බන්ධයෙන් ඔයා ලොකු කරදරේක වැටෙනවා කියලා මගේ හිත කියනවා.."


    මං කිව්ව දේ මිනිහට අදහගන්න බැරිවුණා.. ඇස් ගෙඩි දෙක පට්ට සයිස් එකට ලොකු කරගෙන මං දිහා බැලුවෙ ඒකයි..


    "ඔයා කොහොමද ඒක ද.. දන්නෙ..?"


    "මං දන්නව උනාට, ඔයාට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නෑ.. ඒත්, තව ඔයා දන්නැති අය, මේක දැනගත්තම, ඔයාට වෙන හොදකුත් නෑ.. මගේ දැනුමෙ හැටියට මං කියන්නෙ.. මේක කරදර ගොඩක්.. අතක් පයක් කඩාගන්නැතුව මේකෙන් අයින් උනොත් හොදයි.."


    ඔලුවත් කහ කහ කාමරෙන් පිටවෙලා යන අයියා දිහා මං බලන් හිටියා.. ඔහොම හරි හිතට වදින්න දේවල් කියපු එක හොදයි.. නැත්තං ඔය හාදයා සම්ම සකලෙම අනාගනෙ, ලතෝනි දීගෙන බන්ටිව හොයාගනෙ එන දවස වැඩි ඈතක නෑ..


    ****************************


    නෙත්මිගෙ තාත්තත් එක්ක කතා කරලා, මං තවත් කීඵ සැරයක්ම නෙත්මිට ගත්තා, ඒත් ඒ හැම පාරම ෆෝන් එකට ආන්සර් කෙරුවෙ නෙත්මිගෙ තාත්තා.. අම්මපා මේ මනුස්සයා, ටෙලිෆෝන් එක උඩ බුදියගෙන ඉන්නවද මංදා.. දෙපාරක් තියා එක පාරක්වත් රින්ග්ස් යන්නෑ.. හලෝ කියාගෙන උස්සනවා.. මගේ හිතේ පත්තුවෙලා තිබ්බෙ සුලු පටු කේන්තියක් නම් නෙමෙයි.. ඒත් ඒ කේන්තිය අතරින්ම නෙත්මිට සනීප නෑ කියපු කතාව මගේ හදවතට වැදුණා..


    මේ ජීවිත කාලෙ පුරාවටම, පවුලෙ කෙනෙක් ඇරුණාම මං ගැන උවමනාවටත් වැඩිය හොයාල බැලුවෙ නෙත්මි.. එයා මට හුගාක් ආදරේ කරා කියා මං දැන්න හිටියා.. මට කරදරයක් වෙන තරමටම මං ළගට ළංවුණා.. ඒත් ඒ ළංවීම අපි දේනනව මේ විදියට දෙපැත්තකට ඇදලා දාවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒක හින්දා මෙතනින් එහාට මොනවා කරන්න උනත් නෙත්මිව හම්බවෙලා ඉන්න ඕන කියලා මං හිතාගත්තා..


    ****************************


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පහුවදා උදේම චාමිකට කෝල් එකක් දීලා මං ඌව මගට ගෙන්න ගත්තා.. චැලියට ඌවත් දාගෙන එක මීටරයක්වත් යන්න හම්බ උනේ නෑ.. සුපුරුදු විදියටම ඌ උගේ වක්කඩේ ඇරියා..

    "ලොකු පුතේ.."


    "ම්.."


    "අපි මේ කොහෙද යන්නෙ..?"


    "උඹ හිතන්නෙ කොහෙ කියලද..?"


    "කොළඹ වීදියට ගිහිල්ලා සුප් කෝප්ප දෙක්ක බොන්න නේද..?"


    "පිස්සුද චාමික..? මේ යන්නෙ නෙත්මිලහ.."


    "නියමයි බන්ටි.. නියමයි.. පහුවෙලා හරි උඹ ඔය තීරණේ ගත්තු එක.. කෙල්ලගෙ හිතේ උඹ ගැන කොයි තරම් හෝප්ස් කන්දරාවක් තියෙනවද කියලා මං දන්නවා.."


    "ඒත් ප්‍රශ්නයක් තියෙනවා.."


    "ප්‍රශ්නවලට නාන්න කියපං ලොකු පුතේ.. අපි මේ සැදැහැ සිතින් යන්නෙ නෙත්මිව හම්බවෙන්නනේ.."


    "උඹට තේරෙන්නෑ.."


    "මොනවද..?"


    "නෙත්මිගෙ තාත්තා ගෙදර ඉන්නවා.."


    "ඉතිං ඒකා ගෙදර ඉන්නැතුව අල්ලපු ගෙදර ඉන්නද..?"


    මූටත් දෙයක් ලේසියෙන් පහදන්න බෑ.. ලේ කෝප වෙනවා..

    "නෙත්මිලගෙ තාත්තා රට ඉදලා ඊයෙ පෙරේදා ඇවිත් තියෙන්නෙ.."


    "ඉතිං..?"


    "ඉතිං කියන්නෙ.. ගන්න හැම කෝල් එකකටම ආන්සර් කරන්නෙ ඒ මනුස්සයා.. නෙත්මිගෙ කටහඩක්වත් නෑ.. මං ඊයෙ ෆෝන් කලාම කියනවා නෙත්මිට සනීප නෑල්ලු.."


    "හුටා.. ඉතිං..?"


    "අසනීපෙ මොකක්ද කියලා අහන්නත් කලින් මිනිහා ෆෝන් එක තිබ්බා.."


    "ඊට පස්සෙ උඹ දුරකථනයට ඇනලා බැලුවෙ නැද්ද..?"


    "ඇනපු එක නේන්නම් ඊයෙ ඉදලම කරේ.."


    "ඉතිං..?"


    "හැම වෙලාවෙම ෆෝන් එක ගත්තෙ නෙත්මිගෙ තාත්තා.."


    "එහෙනම් ඒකා ෆෝන් එක උඩ බුදියගෙනවත් ඇති.."


    මට හිතිච්ච දේම චාමිකටත් අඩුවක් නැතුව හිතිලා තිබුණා.. චැලියෙ යන ගමන් උනත්, ඉස්සරහට කරන්න තියෙන දේයි, දැන් හතර වටේට ඇනිල තියෙන විදියයි මං, චාමිකව දැනුවත් කලා..


    "ඔයින් මෙයින් අපි කොහොමද ලොකු පුතේ කෙල්ලව හම්බවෙන්නෙ..?"


    "තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි.."


    "එහෙනම්..?"



    "නෙත්මි මගේ ඉස්සරහට එයිද කියනෙක.."


    "පිස්සු කතා නොකිය ඉදපං.. උඹේ ඉස්සරහට නොඑන්නෙ මොන රූප සුන්දරීද..? එයා අනවශ්‍ය කතා වලට ආවොත් මාත් කරලියට බහින්නම්කො.."


    "ඔව්.. චාමික.. මම කෙලින්ම නෙත්මි ගාවට යනවා.. මොකද එයාලා මාව බැදගෙන තම්බගෙන කන්නද..?"


    "අන්න හරි ලොකු පුතේ.. උඹ ඔහොම කතා කරනකොට මට මාර ගතියක් එනවා.. ඒ ගතිය පිරිහෙන්න කලින් අපි යමු.."


    චැලිය නෙත්මිලගෙ පාරට හරවද්දිම, චාමික චැලියෙන් බැහැලා තල්ලු කරනන් ගත්තා.. මේක කදු අදින්න හොරයි කියලා, ඌ අත්දැකීමෙන් දන්නවා.. කලින් දෙපාරක් විතර ඇවිල්ලා තිබ්බ හන්ද මට මේ පාරෙ ගහක් ගලක් ගානෙ මතකයි.. ගේට්ටුව ගාව චැලිය නවත්තලා මං චාමිකත් එක්ක ගේ ළගටම ආවා.. ජීවිතේට දැකලා නැති නෙත්මිගෙ තාත්තා, මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්නත් මට ලොකු ආසාවක් තිබ්බා..


    "ලේන් දොර ඕපන්.. ගල්ලෙන බ්‍රෝකන්.. සිංහ බා.. සිංහ බා.. හා.. හා.. ගෙදර කවුද..?"


    මටත් කලින්ම උගුර පාදල, සෘතිය පිහිටල චාමික වැඩේ පටන් ගත්තා.. හිතේ මොන ගින්දරක් තිබ්බත්, මේකගෙ වැඩ වලින් හිතට පුංචි සනීපයකුත් දැනෙනවා..


    "ගෙදර ක..වු..ද..?"


    බෙල් එකත් ඔබලා.. කීප සැරයක්ම කතා කරලත් කිසිම සද්දයක් බද්දයක් ගේ ඇතුලෙන් ආවෙ නෑ..


    "කවුරුත් නැතුව වත්ද..? ලොකු පුතේ අපි අද එළියට බැස්සෙ රාහු කාලය මග ඇරල නේද..? උඹට කියන්න.. ඔය නීච රාහුවා ඔහොම්මයි.. මග ඇරල ආවත්, ඌ අපිව අතාරින්න කැමති නෑ.."


    ටිකක් වෙලා ගියාට පස්සෙ ගේ ඇතුලෙන් කවුරු හරි එන සද්දයක් මට ඇහුණා..


    "ඔය සියුමැලි අඩි සද්දෙන් මට කියතෑකි නාලාගිරි ඇතා වගේ ඉන්න ගෘහ මූලිකයා තමයි එන්නෙ කියලා.."


    මට ලොකු පුතා කොදුරනවා..

    "උඹ කොහොමද එහෙම කියන්නෙ..?"


    "බලහංකො අඩි සද්දෙ තියන ගාම්භීරත්වය.. මට නිකං ඇගට දැනෙනවා, උණ සන්නිපාතෙට එන්න වගේ.."


    "උඹට ෂුවර්ද ගෘහ මූලිකයා කියලා..?"


    "මං කිව්ව දෙයක් වැරදිලා තියෙනවද ලොකු පුතේ..?"


    ගේ ඇතුළෙන් ආපු අඩි සද්දෙ නැවතුනා.. මං චාමිකගෙ මූණ දිහා බලද්දි ඌ බැලුවෙ අඩි සද්දෙ ආපු පැත්ත.. උගේ මූණ මුළුමනින්ම ඇද වෙලා, විරූපි වෙලා යනවා මං දැක්කා.. අපි දෙන්නා ඉස්සරහ හිටියෙ, අඩි තුනක් විතර දිග, බිම ඉදලා අඩි බාගයක්වත් උස නැති හොද සැපට හැදුන බිං බල්ලෙක්.. උංට ඉංශ්‍රීසියෙන් කියන්නෙ මොකක්දෝ අපත නමක්..


    "ආ.. චාමික.. මූද ගෘහ මූලිකයා.."


    පිපිරෙන්න ආපු හිනාව තද කරගෙන මං ඇහුවා.. චාමික පටාස් ගාලා අනිත් පැත්ත බලාගත්තා..


    "කාව හම්බවෙන්නද..?"


    චාමිකගෙයි, මගෙයි සියලු කතාබහ නතර උනා.. දවස් ගානකින් ඇහුණෙ නැති ඒ ආදරණිය කටහඩ මගේ කන්වල අහුමුලු අස්සෙ හිටන් දෝංකාර දුන්නා.. ඒත් ඒ ප්‍රශ්නෙ තිබ්බ නන්නාදුනනාකම මාව සෑහෙන්න පල්ලෙහාට ඇදලා දැම්මා..


    "නෙ..ත්..මි.."


    "ඇ.. ඇයි මෙ.. මෙහේ ආවෙ..? ඔ.. ඔයාගෙ කවුද මෙහේ ඉන්නෙ..?"


    ඒ වචනවල තිබ්බ නපුරුකම ගැන කියන්න මට වචන තිබ්බෙ නෑ.. මේ ඩිංග දවසට ඔයා ඔය තරම් වෙනස් වුණේ කොහොමද කෙල්ලෙ..?


    "ම.. මං ආවෙ ඔයාව බලන්න නෙත්මි.."


    "ඇ.. ඇයි මං මැරිලා කියල බලල යන්නද..?"


    "නෙ..ත්..මී.."


    "එහෙමත් නැත්නම් මගෙ හත් දවසෙ දානෙ දීලා යන්නද..?"


    ඇහිච්ච වචන වල තියෙන කටුකකම, ප්‍රහාරය දරාගන්න බැරුම මං ළගම තිබ්බ පුටුවක් අල්ල ගත්තා.. අඩු ගානෙ මං චාමික දිහාවත් බැලුවෙ නෑ.. හිතුවෙවත් නැති විදියට මගේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි මං බිම බලාගත්තා..


    මං මොනවද මේ අහන්නෙ..? මේවා අහන්නද මං නෙත්මිව බලන්න ආවෙ..? මගේ හිතට මං ගැනම ආවෙ ලොකු අනුකම්පාවක්.. ඒත් ඒ අනුකම්පාව වෙලා, බන්ටි කියන හාදයගෙ කේන්තිය ඒ හැමදේටම වැඩිය ඉස්සරහට එයි කියලා මට බයක් දැනුණා..


    "ඔයා මොනවද නෙත්මි මේ කතා කරන්නෙ..? මං ආවෙ ඔයාව බලලා යන්න.."


    "බලලා යන්න..? නිකං බොරු කියන්නෙපා රන්දික.. අපි අන්තිමට හම්බවුණායින් පස්සෙ පැය කීයන් නම් ගෙවිලා ගියාද..? දවස් කීයක් නම් ගෙවිලා ගියාද..? ඔයාට දැන්ද මාව බලලා යන්න මතක් උනේ..?"


    "ඔහොම කතා කරන්නෙපා.. මං ඔයාව කන්ටෑක්ට් කරගන්න සෑහෙන්න මහන්සි උනා.."


    "අ..නේ.. හරි පව්.. ඕවා ගිහින් කියන්න ඕවා විශ්වාස කරන කාට හරි.. මං කලින් නම් ඉවක් බවක් නැතුව ඔයාගෙ බොරු විශ්වාස කරා.. ඒත් දැන් එහෙම නෑ.. ඔයා ඒක තේරුම් ගන්න.."


    කතාව ඇදිලා යන පැත්ත ඒ තරම් හොද නෑ කියලා කියන්න වගේ චාමික මට ඇගිල්ලෙන් ඇන්නා.. ඒත් එක සැරේට හෝ ගාලා පහළට ගලන් යන මහවැලි ගංගාව දිගේ උඩට පීනන්න මට පුළුවන්ද..? ඒක ලොකු පුතාට නොතේරෙන එකනේ වැඩේ කියන්නෙ..

    "ම.. මං ඔයාට ෆෝන් කරා.."


    "ම.. මට..? ඔයා හීනයක්වත් දැකලද..? ඒත් ඔයා හීනෙකින්වත් මට ෆෝන් කරන්නෑ කියලා මං දන්නවා.. ඒකනේ ෆෝන් එකක් අරන් දීලවත් මට කතා කරේ නැත්තෙ.."


    "මං කියන දේ විශ්වාස කරන්න නෙත්මි.. ඔයාගෙ හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කරලා තිබුණෙ.. මං ගෙදර නම්බර් එකට ගත්තෙ.."


    "ෂිහ්.. ඔය තරම් පහත් විදියෙ බොරු කියන්නෙපා.. ඔයා මගේ මොබයිල් එකට ගත්ත නම්, ඒකෙ මිස් කෝල් ඇලර්ට් තියෙන්න ඕන.. ඒ මදිවට කියනවා ගෙදරට ගත්තලු.. හ්ග්.."


    "මං කියන්නෙ ඇත්ත.. ඔය නම්බර් දෙකටම මං ගත්තා.."


    "ඔව්.. ගන්න ඇති.. වෙන කාට හරි.. එක්කො ශලනිට, එහෙමත් නැත්නම් නිරෝෂිට.. ඒ දෙන්නටම නෙමේ නම් අඩුම ගානෙ අර ගෙවල් ගාව ඉන්න මොරීන්ට හරි.."


    කිසිම හිතක් පපුවක් නැතුව වගේ නෙත්මිගෙන්, පිටවෙන වචනවලට මට ආවෙ මං ගැනම මහ විසාල දුකක්.. මං මොනවද මේ අහන්නෙ.. මං ආවෙ මේවා අහන්නද..?


    "ඔ.. ඔයාට වැරදිලා නෙත්මි.."


    "ඔව්.. මං ඒක පිළිගන්නවා.. ඔයාව හම්බවුණ දවසෙ ඉදලා තමයි මට වැරදුණේ.. තමන්ගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනාව, තමන්ගෙ අම්මා කියලා කියපු ඔයාට මොන වගේ හිතක් තියෙන්න ඕනද..? මට හිතාගන්නවත් බෑ.. ඔයා මොන තරම් කැත සතෙක්ද රන්දික..? තමන්ගෙ අම්මව ඒ තරම් පහත් තත්වෙට ඇදලා දාන්න.. ආ..?"


    මොන තත්වෙට ඇදලා දාන්නවත් මේ බන්ටිට අම්මා කෙනෙක් නෑ කියලා, ඔයා දන්නෑ නෙත්මි.. මට අම්මා කියලා හරි පේනනන් ඉන්නෙ, මගේ ආච්චි අම්මා වෙච්චි බේබි නැන්දව..


    "ම.. මට නම් ඔයාගෙ මූණ බලන්නත් කැතයි.. ඔයා බොරු කීයක් නම් මට කිව්වද..? ආ. එහෙම තොග ගානෙ බොරු කියන්නෙ, මේවයෙ අන්තිම ප්‍රතිඵලේ මොකක්ද කියලවත් ඔයා හිතුවද..? ඔයාට ඕන උනේ, උදාවේචච හැම අවස්ථාවකම මාව විහිලුවට ලක් කරලා හිනාවෙන්න.. ඒත් ඔයා මතක තියාගන්න.. ඔයාට මේ තරම් ළංවෙලත්, අප්‍රමාණව ඔයා ගැන හොයල බලලත්, ඔයා මට දුන්නු තෑගි කන්දරාව නම් ඉස්තරම්.. මං ඒකට කවදාවත් ඔයාට සමාවක් නම් දෙන්නෑ.."


    තවත් මේ බන්ටිට කියන්න තරමෙ දෙයක් තිබුණෙ නෑ.. අහන්න ඕන තරම් දේ අහගෙන මං ආපහු හැරුණා.. මේ තරම් ජීවිතේ කඩාගෙන වැටිච්ච අවස්ථාවක් මගේ ජීවිතේ කොතනවකවත් තිබ්බෙ නෑ..


    "අඩුගානෙ මේ වැරැද්ද මට හදාගන්නවත් බැරිද..?"


    "කොහොමද..?"


    නෙත්මි අහපු දේට දෙන්න තරමෙ හොද උත්තරයක් මගේ ළග තිබුණෙ නෑ.. මොන දේ උනත් මං මේ ආවෙ හරි ගමනක් නෙමෙයි කියලා මගේ හිත කිව්වා..


    "ඔයාගෙන් මේ වගේ සමාව ඉල්ලල.."


    "ඕන සවුත්තු වැඩක් කරලා සමාව ඉල්ලන එක තරම් කැත දෙයක් තවත් නෑ.. ඔයා හොදට මතක තියාගන්න රන්දික.. මං ඔයාට කවදාවත් සමාව දෙන්නෑ.. ඒක ස්තිරයි.."


    මනුස්සයෙකුට කේන්ති යන එකෙත් එක්තරා හොදක් තියෙනවා කියලා මං දැනන් හිටියා.. හුගාක් වෙලාවට තමන්ට කරගන්න ආත්ම ශක්තියක් නැති දේවල් ඒ කේන්තිය හන්දා කරගන්න පුළුවන් වෙනවා.. ඒ නෙත්මි ගාව තවත් බාල්දුවෙලා බැගෑපත් වෙන්න නම් නෙමෙයි.. හැරෙන තැපෑලෙන් නෙත්මි ගෙන් ඈත් වෙලා යන්න..


    "අපේ බන්ටිට සමාව දෙන්න බැරි ඇයි..?"


    මෙච්චර වෙලා ගොලු කසාය බීපු එකා වගේ හිටපු චාමික, මගෙයි නෙත්මිගෙයි කතාව මැද්දට පැන්නා.. දැන් බලමුකො මූ මොනවද මේ සීදේවි කටහඩින් අහගන්නෙ කියලා..?


    "දෙන්න බැරි නිසා.."


    "දෙන්න බැරි නම් ඒක ඔයා තියාගන්න.. අපිට එපා.. ඒත් බන්ටිට සමාව දෙන්න හැරි හේතුව අපිට දැනගන්න ඕන.. ඒක දැනගත්තම අපි අන්න අර ගේට්ටුවෙන් බොහොම ඉක්මනට පිටවෙලා යන්නම්.."


    ඒ පාර නම් ලොකු පුතා දුන්නෙ ප්‍රොපෙෂනල් කතන්දරයක්.. උගේ කතාවට නෙත්මි ටික්ක ඇඹරුනා කියලා මට තෙරුණා..


    "අම්මා කියන උතුම් වචනෙට බන්ටි නිග්‍රහ කරා.. ඒකයි එයාට සමාව දෙන්න බැරි.."


    "මොකක්ද මං කරපු නිග්‍රහය..?"


    ලොකු පුතාව පැත්තකට ඇදල දාලා මං ආයතේ කතාව මැද්දට පැන්නා..


    "කුස්සි අම්මව, අම්මගෙ තනතුරට දාපු එක.."


    සමහර විට නෙත්මි ඒ වචන ටික ඒ තරම් හිතල කියන්න නැතුව ඇති.. ඒ ඒ වචන වලින් මගේ පපුව තුන හතරට පැලිලා ගියා.. මොන තරම් කැත කතාවක්ද එයා කිව්වෙ.. එයාට අයිතියක් තියෙනවද ඒ වගේ කතාවක් කියන්න..


    "ඇති.. තවත් එක වචනයක්වත් කතා කරන්නෙපා.. ඔය දෙඩෙව්වා හොදටම ඇති.."


    "ඇ.. ඇයි මං තව කතා කලොත් මට මොනවා කරන්නද..? ඔයා ඔය අනිත් අය කටින් බය කරගන්නවා වගේ මාව බය කරන්න ලේසි නෑ තේරුණාද..?"


    "ඔයාව බය කරන්න මට ඕන නෑ.. ඒත් ඔය වගේ කැත විදියට කතා කරන්නෙපා.. මං කවදාවත් බේබි නැන්දව කුස්සි අම්මා කෙනෙක් විදියට දැකලා දාලා නෑ.. එහෙම හිතලවත් නෑ.. ඔය විදියට කතා කරද්දි, මං මේ තරම් හරි ඉවසුවෙ, මං ඔයාව දවසක් හරි ආශ්‍රය කරපු හින්දා.. ඒක ඔයා තේරුම් ගන්න.."


    "මං මොකටද තේරුම් ගන්නෙ..? වංචාව කෙරුවෙ ඔයා.. අම්මා ගැන බොරු තොගයක් කිව්වෙ ඔයා.. මාව සත පහකට ගණන් ගන්නැතුව කොල්ලොත් එක්ක ඕනනැති තැන්වල රවුම් ගැහුවෙ ඔයා.. ආදරේ කරපු හිතකට දෙන්න තියෙන දස වද ටික ඔක්කොම දුන්නෙ ඔයා.. ඉතිං ඔයාට තව කරන්න දෙයක් නෑ.."


    "එහෙනම් ඔයාගෙ තීරණේ ඒකයි.. ඔය විදියට ඔයා හැමදාම හිතනවා..?"


    "ඔව්.. ඔයා වගේ කැත මනුස්සයෙක් මගේ ඇස් දෙකටවත් පේන්නැති වෙන්න ඉන්නවා නම් මං හුගාක් සතුටුයි.. මං කිව්ව ඒ කිසිම දෙයක් ඉටු නොකලට අඩුම ගානෙ, ඔයාට ඒකවත් කරන්න පුළුවන් වෙයි.."


    පලයං කියලා නොකියා කියන ගමන් ගහන්න පුළුවන් හැම හින්ට් එකම ගහන ගමන්, නෙත්මි කැත විදියට හිනා උනා.. ඇත්තටම ඒ වෙනකොට තවදුරටත් නෙත්මි ළග රැදිලා සිටීමේ හිතක් මට තිබුණෙ නෑ.. කිසිම දෙයක් කියන්නැතුව මං හැරුණා..


    "බලන් ගියාම ඔයාට රට වටේම අම්මලනේ රන්දික.. ආ.. ඔයා තමයි හැමෝටම උදව් කරන්න ඉන්නෙ.. යාලුවොන්ගෙ ගෑනු ළමයින්ට, පාරෙ යන බල්ලො, බලල්ලුන්ටයි හැමෝටම උදව්වට ඉන්නෙ ඔයා විතරයි.. බලාගෙන.. තව ටික දවසකින් මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකෙන් ඔයාට රන් පදක්කමක් දේවි.. අනුන්ගෙ දුක සැප හොයලා බලලා පැනලා උදව් කරනවට.."


    චාමිකත් එක්ක ගේට්ටුව ළගට යනකල්ම මට නෙත්මිගෙ කටහඩ ඇහුණා.. එයා මොන දේ කිව්වත් ඉවසනවා කියලා මං ඒ වෙනකොටත් හිතාගනෙ තිබුණෙ..


    "රන්දික.."


    චැලියට නැගලා, ඒක ස්ටාර්ට් කරන්න හදනකොටම නෙත්මිගෙ කටහඩ ළගින්ම ඇහුණා.. මායි, චාමිකයි ගේට්ටුව පැත්ත බැලුවෙ එකපාරටම වගේ..


    "ඔය යනවද..?"


    ඒ වචන වල තිබ්බෙ පැහැදිලිවම සමච්චලයක්.. මෙච්චර දේවල් කියවල තවත් මට කියන්න තරම් දෙයක් නෙත්මිට ඇතිය කියලා මං හිතුවෙ නෑ..

    "ඔව්.. නැත්නම් අපි මෙතන බුදියගන්න ආවෙ නෑනේ.."


    ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උනත් උත්තරේ හම්බ උනේ ලොකු පුතාගෙන්.. ඌට ලෙල්ලටම තදවෙලා කියලා මට තේරුණා..


    "මට ඔයත්තෙක්ක කතාවක් නෑ චාමික.. ඔයා මෙයාගෙ තනි රකින්න ආව නම් පාඩුවෙ ඉන්න.. මාව හම්බවෙන්නත් බොඩි ගාඩ්ලා එක්ක එන්නෙ, මොකද ඔයාගෙ යාලුවා පණ බයේද ඉන්නෙ..?"


    "බ.. බන්ටි බලපං බං මෙයා කියන කැත කතා.. උඹට මේවා අහගෙන ඉන්න පළුවන්ද..? අපි යමු බන්ටි.."


    "ආ.. මං කියන ඒවා අහගෙන ඉන්න අමාරුද..? එතකොට මෙයා කියපුවා මං අහගෙන ඉදලා, ඒවයෙන් අහස් මාලිගා හදල, ගෙටත් ගෙවදුනාට පස්සෙ මට තියෙන හිතේ අමාරුව මොකක්ද කියලවත් ඔයාලට තේරෙනවද..? අඩුගානෙ.. ගැනු ළමයෙක්ගෙ හිතක් මොන වගේද කියලවත් ඔයාලා දන්නවද..?"


    "ඔච්චරද කියන්න තියෙන්නෙ..?"


    "ඔයාට නම් කියන්න කිසිම දෙයක් නෑ රන්දික.. මහා චේතිය රජ්ජුරුවො වගේ බොරුවෙන්ම ජීවත්වෙන ඔයාට වෙනදේ බලන්න.. මං එක දවසක් හරි ඔයාට වැඩිය ජීවත් වෙනවා.."


    "බන්ටි.. මොනවද බං මෙයා මේ කියන්නෙ.. විකාරෙන් වගේ.. තවත් මෙතන ඉන්නැතුව යමං.."


    චාමිකත් ඇවිල්ලා චැලියෙ වාඩිවුණා.. හිතේ කේන්තියටත් එක්ක ඌ වාඩිවෙච්ච පාර තව පොඩ්ඩෙන් ඌයි, මායි දෙන්නම කාණුවට පතබරියන් වෙනවා..


    "මට වැඩිය එක දවසක් නෙමෙයි.. අවුරුදු සීයක් ඔයා ජීවත්වෙන්න.. ඒත් ඔය තම් සාප කරන්න, ඔය තරම් කියවන්න, මේ බන්ටි ඔයාට වරැද්දක් කරලා නෑ.. අපි මුලින් රණ්ඩු උන වෙලාවෙ මං බොරුවක් කිව්වා තමයි.. ඊට පස්සෙ අපි ලංවුණාම, ඒ මං කියපු දේ බොරුවක් කියලා, ඔයාට කියාගන්න බැරුව මං හිටියා.. ඒකත් ඇත්ත.. අන්තිමේදි.. ඔයාට ඇත්ත කියන්න එනකොට ඔයා හැමදේම දැනගෙන තිබුණා.."


    "මට ඔය බොරු තවත් අහන්න ඕනකමක් නෑ.."


    "නෑ.. හැමදේම ඇහුව වගේ මේකත් අහගන්න.. ඔයා ඔය කිව්ව විදියට මං කෙල්ලොවත්, ගෑනුවත් ආස්සරේ කරේ නෑ.. මං බොරුකාරයෙක් කියලා හිතුවට කමක් නෑ.. ඒත් අර විදියෙ පහත් සිතුවිලි මං ගැන අති කරගන්නෙපා.."


    "මං ඇති කරගත්තත් ඔයාට කරන්න දෙයක් නෑ.. මොකද මට ඔයාව බින්දුවක්වත් විශ්වාස නැති නිසා.. ඒ වගේම ඔයා කියන්නෙ කොයි තරම් පහත් මිනිහෙක්ද කියලා මං දන්න හින්දා.."


    "නෙත්මි.."


    "ඔයා ම‍ගේ නම කියනවටවත් මං කැමති නෑ රන්දික.. ඔයා ඔය කරපු සේරම දේවල්වල ප්‍රතිඵල ඔයාටම හම්බවෙයි.. ඒත් මං ඔයාට කියන්නෙ වහින වෙලාවට වැරදිලාවත් එළියට බහින්නෙපා කියලා.."


    අහගන්න ඕන හැමදේම උපරිම විදියට අහගෙන, මං බොහොම ආමාරුවෙන් චැලිය හරව ගත්තා.. නෙත්මි කියපු ඒ අන්තිම වචනවල තේරුම මට හෙණ ගහයි කියලා ඇරෙන්න වෙන මොනවද..?


    "මට හෙණ ගැහුවත් කමක් නෑ.. ඒ හෙණවල එළියෙන් හරි ඔයාගෙ ජීවිතේට එළියක් හම්බවෙනව නම්.."


    නෙත්මිගෙ කට ආයෙත් ඇරෙන්න කලින්, මං ඒ ටික කියලා චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. ජීවන වන්දනාවෙ ආත්මයට ලංවෙච්ච, ආදරණිය මතක නටඹුන් විතරක් ගේට්ටු කණුව ගාව ඉතිරි වෙලා තියෙනවා මං දැක්කා.. හඩ හඩා වැටෙන හදවතට සිරි පොද වැස්සක් වෙන්න, නෙත්මිට බැරි උනාට, ඒ මතකය හරි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මට උදව් කරාවි අන්තිම තත්පරේදි මට හිතුණා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-03.jpg


    03.png


    "දැන් මොකේද ලොකු පුතේ දන් වළදන්නෙ..?"


    සුදුහුම්මල පාරෙ ඉදලා ගුඩ් ෂෙඩ් එක පැත්තට චැලිය දාද්දි, චාමික මගෙන් ඇහුවා..


    "ඇයි..?"


    "පාත්තරේ කුඩු වෙලා යන්න හෙණ ගහපං කියලා, අරකි කැත නැතුව කිව්වා උඹට ඇහුණෙ නැද්ද..?"


    "ඔක්කොම ඇහුණා චාමික.."


    "එතකොට..?"


    "අපි අලුත් පාත්තරයක් හොයාගමු.."


    කටේ තොලේ නොගෑවි මං කිව්වා.. චාමික මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා තද කරා..


    "නියමයි ලොකු පුතේ.. නියමයි.. උඹ ඔහොම ෆිට් එකේ කතා කරනකොට මගේ ඇග කිළිපොලා යනවා.. මට මේ ගතිය පිටින්ම වළාකුලු බැම්මෙන් පහළට පනින්න හිතෙනවා.. ඒ ගැන උඹේ අදහස මොකක්ද බන්ටි..?"


    "පිස්සු නැතුව යමං චාමික.."


    "බන්ටි.. අර බලපං.."


    එකපාරටම චාමික කලබල උනා කියලා මට තේරුණා.. කකුල් දෙකේ බ්‍රේක් වලිනුයි, බයික් එකේ බ්‍රේක් වලිනුයි සුපුරුදු විදියටම මං බයික් එක නවත්ත ගත්තා..


    "දෙන දෙයියො දෙනකොට උඩ පැන පැන දෙනවා කියන්නෙ ඕකට තමයි.. එකක් යනකොට තව එකක් එනවා.. ඕකට පයිතගරස් නම් කිව්වෙ ස්වභාව ධර්මය පිළිබද මූලික ප්‍රමේයය කියලා.."


    අපේ ඇස් මායිමේම ඇවිදගෙන ආවෙ ශලනි.. මොකක්දෝ බර කල්පනාවක් හිතේ පුරවගෙන අඩි තිය තියා ආපු එයා අපිව දැක්කෙ නෑ කියලා මට තෙරුණා..


    "අපි යමු චාමික.."


    "මේ.. පිස්සු නටන්න නම් එපා ලොකු පුතේ.. දළදා හාමුදුරුවො දීපු මේ අසිරිමත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගනිං.. මට එතකොට පුළුවන් අරකිගෙ මූණ කට බෙරි වෙනවා දකින්න.."


    ශලනි විතරක් නෙමෙයි.. වෙන කිසිම කෙල්ලෙක්ව ළගින් ආශ්‍රය කරනවට නෙත්මි ඩිංගක්වත් කැමති නෑ කියන්න මං හොදටම දැනගෙන හිටියා.. ඒත් දැන් උද්ගතවෙලා තියෙත තත්වෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්නේ.. නෙත්මි එයාගෙ ලෝකෙන් මාව එළියට ඇදලා දාලා ඉවරයිනේ.. ඒ ඇදල දැම්මෙත් හෙණ ගහපං කියලා නොකියා කියලනේ.. එහෙම මතක් වෙද්දි නම් මට මහා දුකක් දැනුණා..


    "හා..නේ.. බන්ටි.."


    පුංචි එකෙකුට තමන් ආස කරන විදියෙ සෙල්ලම් බඩුවක් හම්බ උනා වගේ ලොකු සතුටකින් මූණ පුරවගෙන ශලනි අපි ළගට ආවා.. පුදුමයි.. කෙල්ලට ලොකු පුචා කියලා කියවෙන්නෙ නැතුව බන්ටි කියලා කියවුණ එක..


    "ඉතිං කොහොමද..?"


    "කොහොමද කියලා අහන්නෙ, ඔයා තමයි විස්තර කියන්නෝන.. එදා අපේ ගෙදර ඇවිත් ගියාට පස්සෙ මට ඔයාව හම්බ උනේම නෑනෙ.. නිරෝෂිත් ඔයා ගැන හරියට කියෙව්වා.."


    කෙල්ල ඒ ටික කියද්දි නම් චාමිකගෙ මූණ ඇඹුල් උනා.. ඒත් ඉතිං මට කරන්න දෙයක් නෑ.. ඒ කතන්දරේ පුරාවටම ලුණු, ගොරක දාලා හොදට තිබුණා..


    "මගේ කියන්න අමුතු විස්තරයක් නෑ.."


    "අ..නේ.. ඇයි ඔයා ඔහොම තරහෙන් වගේ කතා කරන්නෙ..?"


    "මගේ තරහක් නෑ ශලනි.."


    "නැත්තෙ නෑ.. අපි එදා අන්තිමට හම්බ උන දවසට වැඩිය ඔයා හුගාක් වෙනස්.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද බන්ටි..?"


    මේ කෙල්ලගෙ ඉව ගැන නම් මට පුදුම නොවී ඉන්න බැරි උනා.. ඩොක්ටර්ස්ලටවත් ලෙඩක් හරියට අල්ල ගන්න බැරි නම් මේ කාලෙ කෙල්ලගෙ චැනල් කිරිල්ල නම් මාරයි..


    "මට මුකුත් ප්‍රශ්නයක් නෑ.."


    "එහෙනම්..?"


    මූණත් ලතාවකට පැත්තකට ඇල කරන ගමන්, ශලනි චැලිය උඩින් අතක් තිබ්බා.. මුදු තුනක්ම දාලා තිබ්බ ඒ දිග ඇගිලි වල අමුතුම ලස්සනක් තිබ්බා.. කොහොමටත් ශලනිගෙ ඇගපත නිරෝෂිට වැඩිය ලස්සනයි..


    "අපේ බන්ටිට නම් ප්‍රශ්නයක් නෑ ශලනි.. ඒත් මට නම් ප්‍රශ්නයක් තියෙනවා.."


    චාමික මෙච්චර වෙලා වක්කඩේ වහන් ඉන්න ඇත්තෙ පුදුම අමාරුවකින්.. ඒකනේ අවස්ථාව ආපු ගමන් කට ඇරියෙ..

    "ප්‍රශ්නයක්..?"


    "ඔව්.. ගුණමගුභාවය පිළිබද ගැටලුවක්.."


    "මොනභාවය පිළිබදවද..?"


    "පවුලක්ම එක්කහු වෙලා, හැදි ගෑවිලා යන්න වගේ අපේ බන්ටිගෙන් උදව් අරගෙන, දැන් පැත්තකට කරල දාලා ඉන්නෙක ගැන.."


    "දෙයියනේ.."


    "දෙයියන්ට කියලා වැඩක් නෑ ශලනි.. ඔයා හරිම කැතයි.. ඔයාගෙ අනිත් කිඹුලි ඊටත් වැඩිය කැතයි.. ඔයාගෙ තාත්තා ඉතිං කොහොමත් කැතයිනෙ.. ඔයාගෙ අම්මා ගැන නම් මං කියන්න දන්නෑ.. හුගාක් වෙලාවට එයත් ඔයාලා වගේම කැත ඇති.."


    "චාමික.. ඔය අනවශ්‍ය කතා නවත්තපං.."


    ලොකු පුතාගෙ කතාවෙන් කෙල්ලගෙ මූණ ඇදවෙනවා මං හොදටම දැක්කා.. මෙච්චර වෙලා මලක් වගේ පිපිලා තිබ්බ මූණ පරවෙලා ගියා.. මූත් කියවන්නෙ මහ ඕන්නැති ඒවනේ..


    "අනේ බන්ටි.. මෙයා මේ කියන්නෙ ඔයාගෙ හිතේ තියෙන දේවල්ද..?"


    "මගේ හිතේ නම් ඔය බහුභූත නෑ.. ඒත් ඔයාලට යුතුකමක් තිබුණා, මේ බන්ටි කියන නොවැදගත් පුද්ගලයට ඔයාලගෙ ෆැමිලි එකට මොකද උනේ කියලා දැනුම් දෙන්න.. මොකද මං හැමදේම කෙරුවෙ, ඔයාලගෙ ෆැමිලි එක එකතු කරන්නනෙ.."


    "ඔයා වැදගත් නෑ කියලා කවුද කිව්වෙ බන්ටි..? ඇනේ ඇයි ඔහොම කතා කරන්නෙ..?"


    දිලිසෙන නිල් ඇස්වල කදුළු පිරිල තිබුණා.. බයික් එකේ සීට් එක දිගේ ඉරි ඇද ඇද තිබ්බ අත අරගෙන ශලනි මගේ අතකින් අල්ල ගත්තා..

    "වෙන කොහොමද ශලනි කතා කරන්නෝන..? මං හිතුවා අඩුගානෙ ඔයාවත් කෝල් කරලා මට කියයි කියලා.."


    "අනේ.. මං ඔයාගෙ නම්බර් එක දන්නෑනෙ.. ඉතිං මං කොහොමද ෆෝන් කරන්නෙ..?"


    ඒක නම් ලේසි උත්තරයක් තමා.. ඒත් තවත් මෙහෙම දිගින් දිගටම කුල කියවන්න ගියොත් මේ කපේ මේ කතාව ඉවර වෙන්නෑ..


    "හරි.. මේ බන්ටිට වෙච්ච අසාධාරණේ ගැන කතා කරල වැඩක් නෑ.. දැන් ගෙදර තත්වෙ කොහොමද..? ඔයයි, තාත්තයි ආපහු රට යන එක ගැන කතාව මොකද..?"


    "මං ඔයාට අසාධාරණයක් කලේ නෑ බන්ටි.. ඇයි ඔයා ඔහොම කතා කරලා මගේ හිත රිද්දන්නෙ..?"


    "ඔයාගෙ හිත රිදුන නම් මට සමාවෙන්න.. මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බ උනොත් නම් හොදයි.."


    "හුග කාලයක් ඈත් වෙලා ඉදපු දෙන්නෙක්ව, ආයෙත්එක්කහු වෙන්න ටිකක් කල් යනවා බන්ටි.. පිට ඔපේට හොදයි.. දැන් කිසි ප්‍රශ්නයක් නෑ කියලා වගේ පෙනුණට, හිත ඇතුළෙන් ඒක එහෙම වෙන්නෑ.. අම්මයි, තාත්තයි මේ විදියට ඈත්වෙලා ඉන්න ඇත්තෙත් ප්‍රශ්න හුගාක් තිබ්බ හන්දා වේනනැතිනේ.. ඉතිං ඒ ප්‍රශ්නෙයි, තව අලුතෙන් එක්කහු වෙන ප්‍රශ්නයි එකතු උනාම, ඕවා මේවා විසදෙන්න තව ටික කාලයක් යයි.."


    "මොනව උනත් අනාගතේ ගැන හොද පැත්තට බලාපොරොත්තු තියාගන්න පුළුවන්නේ.."


    "ඔව්.. මාත් එහෙම හිතනවා.. ආපහු යන්න, අර කලින් තිබ්බ හදිස්සිය තාත්තගෙ දැන් නෑ.."


    "එහෙනම් ඉතිං අවුලක්, ආබාධයක් නෑනේ.. ඉතිං මේ දවස්වල අලුතින් මුකුත් පටන් ගත්තෙ නැද්ද..?"


    "අලුතින් මුකුත් කිව්වෙ..?"


    බලන්න අප්පා.. ගෑනු ළමයින්ගෙ තියෙන මොත්තෙ.. කරන්න පුලුවන් හැමදේම කරනවා.. ඒත් ඔය වගේ දෙයක් දන්නෑ.. මට ඉතිං අහන්න වෙන්නෙ 'උඹ බබානේ' කියලා තමයි..


    "මං ඇහුවෙ එෆෙයාර්ස් ගැන.. ආදර සම්බන්ධතා ගැන..?"


    "නෑ බන්ටි.. නලින්දගෙ එෆෙයාර් එකෙන් පස්සෙ මං කාවවත් ළං කර ගත්තෙ නෑ.. මට තවත් දුක් විදින්න බෑ.. අනික, ඔයා තරහා වෙන්නෙපා මං මෙහෙම කිව්වට.. හුගාක් පිරිමි ළමයි හරිම අවස්ථාවාදියි.. එයාලා කරන්න ඕන හැමදේම කරනවා.. ඒත් අපිට නීති දානවා.."


    "දැන් ඔය නීති දාන අය කවුද..?"


    "නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ අය.. හරිම සවුත්තුයි.. පුදුම සැකයකින් තමයි ජීවත් වෙන්නෙ.."


    කෙල්ල නන්ස්ටොප් කියවනවා.. මේ කතාවට මෙතන වගේම, මේ පරිසරෙත් ඒ තරම් මැච්වෙන්නෑ කියලා මේ වෙනකොට මට තේරිලයි තිබුණෙ.. ඒ විත්තිය ලොකු පුතාටත් තේරිලා වගේ, සැරින් සැරේට මිනිහත් මගේ මූණ දිහා බලනවා මං දැක්කා.. ඒ කියන්නෙ බින්දුවා ගැන පලවෙච්ච පරීක්ෂන වාර්තා ඔහොම තමයි.. බලන් ගියාම මූ හත්පොලේම ගාගෙනනේ.. වැරදිලාවත් තව එක පොලක් හරි තිබ්බා නම් ඌ ඒ පොලෙත් ගාගන්නවා..


    "අද බොඩි ගාඩ් නැද්ද..?"


    "කවුද චාමික..?"


    "ඔයාලගෙ තාත්තා.. මතකනේ කලින් දවසක මටයි, බන්ටිටයි නෙලන්න හැදුවා.. ගැටඹෙ පන්සල ගාවදි.."


    "අනේ.. හරිම නරකයි ඔයා නම්.. දැන් තාත්තා එහෙම නෑ.. හරිම හොදයි.."


    ඔව් ඉතිං.. බන්ටිගෙ අතුරු කතාවල ප්‍රතිඵල තමයි.. ශලනිගෙ තාත්තට මං බැනපු හැටි දන්නෙ මායි, ඒ මනුස්සයයි විතරනේ.. අඩු ගානෙ අතේ දුරින් ඉදපු ශලනිවත් දන්නෑනෙ.. දුවට හොදින් කතා කරනවා, තාත්තට රිස්ස යන්න දෙහි කපපු හැටි..


    "මට බන්ටිට ණයක් ගෙවන්න තියෙනවා.."


    "ණයක්..?"


    හිටපු ගමන් ශලනි කතාව මාරු කලා.. ඒ ගමන කෙල්ල මොනවද දන්නෑ කරන්න හදන්නෙ..? සමහර වෙලාවට මං උදව් කරපු ඒවයෙ වටිනාකම මොකක් හරි ද්‍රව්‍යයකින් මනින්න හදනවද දන්නෑ.. එහෙම උනොත් නම්, මූණ කට කොයි තරම් සිරියාවට තිබුණත්, මේ බන්ටි මල යකාම තමයි.. ආයෙ හොදි බේරෙන්න කතා කරනවා..


    "ඔව්.. එදා මමයි, නිරෝෂියි ඔයාට ලන්ච් එකක් අරන් දෙන්න පොරොන්දු උනානේ.. ඒත් මාළිගාවට ළගට අපේ තාත්තා ආපු එකෙන් ඒ වැඩේ සම්පූර්ණයෙන්ම මිස් වෙලා ගියානෙ.. පස්සෙ ගෙදර ගිහින් වෙච්ච දේවල් කල්පනා කරලා බැලුවාම තමයි, මට මතක් වුණේ, දෙයියනේ අද බන්ටි බඩගින්නෙ තියලා නේද අපි ආවෙ කියලා.."


    ඒක නම් ඉතින් අවුලක් නෑ.. නෙත්මි එදා කොහෙදෝ ඉදලා ඇවිත් මගේ බඩගින්න නිව්වනේ..


    "වැඩේ හරි ගියාම හැමෝම ඉතිං ඔහොම තමයි.."


    "අ..නේ.. ඔහොම කතා කියන්නෙපා බන්ටි.. එන්න ඉතිං අපි යමු.."


    "කොහෙද..?"


    "ලන්ච් එකක් ගන්න පුළුවන් තැනකට.."


    "තාම දොළහටවත් නෑනෙ.."


    "කමක් නෑ.. එන්න.. නැත්නම් මගේ හිතට හරි කරදරයි.."


    යනවද, නැද්ද කියලා තීරනේ ගන්න බැරුව මං චාමික දිහා බැලුවා.. ඌ හිනාවෙලා ඇහැක් ගැහුවා..


    "ඔයාගෙ හිතට මං කරදරයක් උනේ කොහොමද..?"


    "මං ඒක කියන්නම් චාමික.. ඔයා බයික් එක පැදන් අපේ පස්සෙන්ම එන්න.. මට බන්ටිත් එක්ක කතා කරන්නෝන.."


    කෙල්ල ලොකු පුතාට ඕඩරයක් දීලා මං දිහා බැලුවා.. නිල් කැට දෙකක් වගේ ඒ ඇස් දිලිසෙන්න සිවිකාචවත් දාලද මංදා.. හරියට බලන්න නම් මූණටම ලංවෙලා බලන්නෝන.. එතකොට කෙල්ල, බන්ටි ගැන මොනවා නොහිතාවිද..?


    "එන්න.."


    කතාවක් බහක් නැතුවම පාර දිගේ ඇවිදන් ගියපු ශලනි නතර වුණේ, මං කවදාවත් ගොඩ වෙලා තිබුණෙ නැති රෙස්ටුරන්ට් එකක් ළග.. දැන් එතකොට මට කියනවයි කියපු කරදර කතාවත් කෙල්ල පැනඩෝල් ගිලිනවා වගේ ගිල ගත්තා..


    "ලොකු පුතේ.. මං චැලිය අර අයිනෙන් දාලා එන්නම්.."


    මායි, ශලනියි ඇතුළට යනකොට චාමික අත වැනුවා.. කොහොමටත් ඌ ළග ඉදපු එක සෑහෙන්න හොදයි.. එහෙම නොවුණා නම් ශලනිත් එක්ක මේ වගේ තැනකට ආපු එක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා..


    "මොනවද බන්ටි කල්පනා කරන්නෙ..?"


    ඩිම් ලයිට් එළියට අදුරු වෙලා තිබ්බ, ටේබල් එකක මායි, ශලනියි වාඩිවෙලා හිටියෙ.. එතන තෝර ගත්තෙ ශලනිමයි. මොනව උනත් එයාගෙ තෝරා ගැනීම නම් ඉස්තරම් කියලා මට හිතුණෙ, මුළු රෙස්ටුරන්ට් එකේම අස්සක් මුල්ලක් නෑරම අපි හිටපු තැනට පෙනුන හන්දා..


    "බන්ටි.. මාර වැඩේ.."


    කලබලෙන් වගේ අපි ළගට ආපු චාමික මගෙයි, ශලනිගෙයි මූණු වලට එබුණා..


    "ඇයි..?"


    "අන්න අරකා පස්ස කඩාපු කඩියා වගේ එනවා.."


    "කවුද..?"


    "පයිතගරස්.."


    රෙස්ටුරන්ට් එකට ඇතුල්වෙන දොර දිහා බලාගෙනම චාමික අපේ ටේබල් එකේම වාඩි උනා..


    "උඹට ෂුවර්ද ඌ එන්නෙ මේකටමයි කියලා.."


    "ඔව් ලොකු පුතේ.. දාඩිය පොල්ලක් දාගෙන, වරුවක් වැඩ කරපු එකා වගේ ඌ එනවා.. ඔය.. ඔය කියනකොටම එන්නෙ.."


    කිව්වත් වගේ, දවසම කුඹුරක් කොටපු ගොවි මහත්තයෙක් වගේ වෙහෙස මහන්සි වෙලා ඉදපු, පයිතගරස් අපි හිටපු රෙස්ටුරන්ට් එකටම කඩන් පාත්වුණා.. අම්මප මූට යන්න වෙන තැනක් තිබුණෙම නැද්ද..? අපිව මරාගෙන කන්න මේකටම ගොඩ උනේ..


    "කවුද බන්ටි ඒ..?"


    මගේ ළගට තවත් ටිකක් ළංවෙලා ශලනි ඇහුවා.. මොකක්දෝ නුහුරු වත්සුනු සුවදක්, හිත ඇතුළටම ගලාගෙන යද්දි මං ඒ සොදුරු රූපෙට එබුණා..


    "ගණිතය සම්බන්ධ මහාචාර්යවරයෙක්.. ඇල්බට් අයින්ස්ටයින්ගෙ මට්ටමට හිතන්න පුළුවන් කීර්තිමත් ලංකා පුරවැසියෙක්.. ප්‍රමේයවල් කීපයක් හොයාගත්තු ගගනගාමියෙක්.."


    ගගනගාමියා කොහෙද බං ප්‍රමේයවල් හොයාගත්තෙ.. මං මගෙන්ම අහගද්දි ශලනිගෙ මූණෙ පුංචි හිනාවක් ඇදිලා ගියා..


    "බන්ටි.. අපි මූව ඩිංගක් සනසලා අරිමු.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිටපු තැනින් නැගිටලා, චාමික සීරු මාරුවට කවුන්ටරේ පැත්තට ගියා.. එතන හිටපු වේටර්ට ඌ මොනවද කියනවා මං දැක්කා.. කොහොමටත් අපි හිටපු තැන, පයිතගරස්ට වැඩි ඕනකමකින් බැලුවොත් මිසක පේන්නෙ නම් නෑ කියලා මට තේරුණා..

    "තව ටිකකින් නියම කොමිටල් එකක් යයි.."


    ගියා වගේම ෂේප් එකේ අපි ළගට ආපු චාමික කිව්වා.. ශලනිගෙ කට බාගෙට ඇරිලා තියෙන හැටි දැක්කම මට හිනා නොවී ඉන්න බැරිවුණා..


    "ඔයා මොනවද චාමික වේටර්ට කිව්වෙ..?"


    "බලන් ඉන්නකො වෙන දේ.."


    ලොකු පුතා කතන්දරේ අගය කරනවා.. මං ආයෙත් පයිතගරස් දිහා බැලුවා.. ඌ හිටියෙ හොන්දු මාන්දු වෙලා වගේ.. ටිකකින් උගේ ළගට සුදු ඇදගත්තු වේටර් කෙනෙක් යනවා මං දැක්කා.. වැඩේ කියන්නෙ උංගෙ කතාබහ අපි ඉන්න තැනටත් ඇහෙන එක.. කොහොමටත් පයිතගරස් කතා කරන්නෙ ලව්ඩ්ස්පීකර හයි කරල වගේනේ..


    "මල්ලි මේ.. මගේ දිව ගිලෙන්න එනවා.. බොන්න මොනව හරි ගේනවද..?"


    මං හිතුව හරි.. මූ හොදටම පිපාසයෙන් ඉන්නෙ.. පයිතගරස් කියන විදියට දැන් උගේ දිව ඇත්තෙ පුරස්චාර්වක දත් හරියෙ..


    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"


    "ම්.. මට තේ එකක් ගේනවා.."


    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"


    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."


    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"


    "ම්.. කිරි දාලා ගේනවා.."


    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"


    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."


    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"


    "වැනිලා හලෝ වැනිලා.."


    වැඩේ නියමෙට නැගලා යනවා.. වේටර් මල්ලි, පයිතගරස්ව එකසිය ගානට බයිට් කරනවා.. බලන් ගියාම වේටර් මල්ලිත් අං ගිලපු එකෙක්නේ.. ඔය වගේ කෙන්ඩ පෙරලෙන ප්‍රශ්න කොහෙන් හොයාගෙන අහනවද මංදා.. ශලනියි, මායි හිටියෙ පිපිරෙන්න හදන හිනාව අමාරුවෙන් තද කරගෙන.. ලොකු පුතා නම් බොහොම උනන්දුවෙන් ඒ දෙබසට ඇහුම්කන් දීගෙන හිටියා.. මූත් මේක ටක්කෙටම සෙට් කරපු හැටිනේ වැඩේ කියන්නෙ..


    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"


    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."


    "සර්.."


    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."


    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"


    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."


    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"


    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."


    "වහ ටිකක්..?"


    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."


    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"


    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."


    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"


    එතනින් එහාට මෙච්ච දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.. පිස්සු හැදිච්ච මිනිහෙක් වගේ පයිතගරස් විලාප දීගෙන රෙස්ටුරන්ට් එකෙන් පැනලා දිව්වා.. මමයි, ශලනියි, චාමිකයි හිනා උනේ තරගෙට වගේ.. ඇත්තටම ඉතිං ඔය වගේ ප්‍රශ්න ටිකක් මගෙන් ඇහුවා නම් මටත් පිස්සු හැදෙනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ..


    "ඒ.. පයිතගරස් කියන කෙනා හරිම පව් බන්ටි.."


    ඕකට පව් කියනවා නම් වෙන පව් කියන්න ඈයොත් නෑ.. ඒත් ඒ ගැන වැඩිය කතා කරන්න මට හිත නොදුන්න හන්දා මං නිහඩ වුණා.. වේටර් මල්ලිත් මහපටැගිල්ල උරුක් කරලා රෙස්ටූරන්ට් එක ඇතුළට ගියා..


    "අර කරදර කතාව ඔයා මට කිව්වෙ නෑනෙ.."


    කෑම කද්දි, කලින් කතාව නතර වෙච්ච තැනට මං ගියා.. ශලනිගෙ මූන රතු පාට වෙනවා මං අහම්බෙන් වගේ දැක්කා.. කෙල්ලට ලැජ්ජ හිතුණවත්ද මංදා..


    "මෙතන චාමිකත් ඉද්දි මං කොහොමද බන්ටි ඒක කියන්නෙ..?"


    මගේ වම් උරහිස පැත්තෙන් කනට ලංවෙලා ශලනි කෙදිරුවා.. එයාගෙ උණුසුම් හුස්ම ඇබින්දක් මගේ කම්මුලේ තැවරිලා කොහෙදෝ හැංගුණා..


    "ඌ හිටියට කමක් නෑ.. ඔයා අහන් ඉන්න බැරි එකක් නෙමේනෙ කියන්නෙ.."


    "ඒ.. ඒ උනාට බන්ටි.."


    "කමක් නෑ කියන්න.. ඌයි මායි අතරෙ රහසක් නෑ.."


    "ලොකු පුතේ.. මං මෙතන ඉදගෙන ආහාර අනුභවේ උඹලගෙ කතාවට බාධාවක්ද..?"


    මගෙයි, ශලනිගෙයි කුටු කුටු ගෑවිල්ල, චාමිකටත් ඇහුණා වගේ.. කොහෙද ඉතිං ශලනි එක්ක මොලෝ දෙය්ක කරන්න බෑනෙ.. හැම තැනම කොස්සක් තමා..


    "නෑ.. නෑ.. උඹේ අවුලක් නෑ.. ඔය ඉන්න තැනම ඉදගෙන කාපං.. ඉතිං ශලනි..?"


    කෙල්ලගෙ මූණ තාමත් රතුවෙලා.. ඒක කෑම එකේ සැරටද නැත්නම්, කතාව මට කියන්න වෙන හන්දද කියලා මට තේරුණේ නෑ..


    "නිරෝෂි.."


    "ඉතිං..?"


    "එයා, ඔයා ගැන කතා කරනකොට මට ඉරිසියයි බන්ටි.."


    "මං ගැන..?"


    "ඔව්.. මගෙත් එක්ක වචන සීයක් කතා කලොත් වචන හැත්තෑ පහක්ම ඔයාගෙ ගැන.."


    ඒක නම් හොද ලෙඩක් නෙමෙයි පුතේ.. ඔය සුළුවෙන් පටන් ගන්න වෛරස් උණ, අන්තිමේදි උනසන්නිපාතෙටත් ගිහිල්ලයි නතර වෙන්නෙ..


    "මං ගැන මොකටද නිරෝෂි, ඔයත්තෙක්ක කතා කරන්නෙ..? හරි නම් නිරෝෂි කතා කරන්නෝන බින්දු ගැනනේ.."


    "ඒක තමයි මාත් හිතුවෙ.."


    "හිතන්න දෙයක් නෑ ශලනි.. ඔයා නිරෝෂිට කියන්න බින්දුත් එක්ක තියෙන ප්‍රශනෙ ඉවර කරගන්න කියලා.. නැත්තං මේ මගුලට අහක ඉන්න මාවත් පැටලෙනවා.."


    "අනේ බන්ටි.. මට ඕවා තේරෙන්නෑ.."


    "හරි.. තේරෙන්නෙ නැත්නම්, ඒක පැත්තකින් තියමු.. එතකොට දැන් නිරෝෂි, මං ගැන කතා කරනකොට ඔයාට ඉරිසියා හිතෙන්නෙ ඇයි..?"


    කතාවෙන් කතාවෙන් මං කෙලින්ම ඇහුවා.. ඕන අවමගුලක් උනාවෙ.. ඔය කතන්දරේ හිතේ තියන් හිටියහම ප්‍රශ්න වැඩියි..


    "මංදා බන්ටි.."


    ඔන්න ඕවට තමා බන්ටිට මල පනින්නෙ.. හංගලා ගහන ඒවට බන්ටි කොහොමත් කැමති නෑ.. කියන මගුලක් එක්කො කෙලින්ම කියන්න ඕන..


    "ඔයා මං ගැන මොනවා හිතනවද කියලං මං දන්නෑ.. ඒත් මං හිතන්නෙ අපි හොද යාලුවො කියයලා.. ඔයත්තෙක්ක ලන්ච් එකක් ගන්න පවා මං මෙතෙන්ට ආවෙ ඒකයි ශලනි.. අපේ ජීවිත ඉස්සරහට ගලාගෙන යද්දි යම් යම් අවස්ථාවලදි අපිට කාත්තෙක්ක හරි මග නතර වෙන්න වෙනවා.. ඒ නතරවෙලා එයත් එක්ක ඉස්සරහට යනකොට, කොයි තරම් හොද අය මුණ ගැහුණත් අපිට ඒ හැමෝම එක්ක නතර වෙන්න බෑ.. අපි කෙනෙක්ව තෝරගෙන ඉවරයි.. ඒකයි අර කතාවටත් කියන්නෙ.. තමාගෙ පළමු තෝරා ගැනීම, විශිෂ්ඨ එකක් විය යුතුයි කියලා.. එතකොට පසුතැවිලි වීම අඩුයි.."


    ශලනිගෙ මූණ තවත් රතු වුණා.. කෙල්ල කෑම කන එකත් නැවැත්තුවා.. මං කියපුවා අහල කෙල්ලට කෑම කන්නත් එපා උනාද..?


    "ඔය ඉතිං කාලා ඉවරද..?"


    "ඔව් බන්ටි.."


    "මං කියපු හන්දද කෑම නොකෑවෙ..?"


    "නෑ.. ඔයා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.. හැමදේම ඇත්ත.. මට මගේ ජීවිතේ වැරදිලා.. මට දැනෙන්නෙ මං අතරමං වෙලා වගේ.. ලංකාවට එන්නෙම නැතුව මං තාත්තත් එක්ක ඕස්ට්‍රේලියාවෙම හිටිය නම් ඉවරයි කියලා මට හිතෙනවා.."


    "ජීවිතේ ගැන ඔහොම අවතක්සේරුවෙන් කතා කරන්නෙපා.."


    "මට ජීවිතේ කියා දෙන්න කවුරුවත් නෑ බන්ටි.. මං ලංකාවට ආපු ගමන්ම, නලින්ද එක්ක යාලු උනෙත් ඒකයි.. එයාගෙ ලස්සනට මගේ හිත ඇදිලා ගියා.. එයා මොන වගේ කෙනෙක්ද.. මට ගැළපෙයිද කියලා මං හොයන්න ගත්තෙ එයයි, මායි යාලු උනාටත් පස්සෙ.."


    "දැන් ඉතිං ඒ හැමදේම ඉවරයිනේ.."


    "ඔව්.. ඒත් ජීවිතේ වැරදුනා.. මං බාල්දු උනා වගේ හැගීමක් මගේ හිතේ තියෙනවා.. ඕන කොල්ලෙක් බලන්නෙ, යාලු කරගෙන දවස් දෙක තුනකින් කෙල්ලව කොහේ හරි අරගෙන යන්න.. ඒ අතින් ඔයා කොයි තරම් හොදද බන්ටි.."


    කතාව තවත් ඇදිලා ගියොත්, මාව හිරවෙන තැනටම එනවා කියලා මට තේරුණා.. ඒක හන්දම මං චාමිකටත් නැගිටින්න කියන ගමන්, මං පුටුවෙන් නැගිට්ටා..


    "ඇ.. ඇයි බන්ටි.. ඔයා ඔය යන්නද..?"


    "ඔව් ශලනි.. ගෙදරින් ආවෙත් උදේම.. මාව හොයනවත් ඇති.. දැන් එකත් පහුවෙලානෙ.."


    "දෙ.. දෙයියනේ ඇත්තම නේන්නම්.. වෙලාව යනවා මට තේරුනේවත් නෑ.. තාත්තා මාව හොයනවත් ඇති.. එහෙනම් බන්ටි මං යනවා.. අපි ඉක්මනටම හම්බවෙමු.."


    රෙස්ටූරන්ට් එකෙන් එළියට යනකොටම ආපු ත්‍රීවීල් එකට ශලනි නැග්ගා.. වීල් එක ටික්ක දුරට යනකන්ම එයා ඇතුළෙ ඉදන් අත වනනවා මං දැක්කා..


    "ලොකු පුතේ.."


    "ඇයි..?"


    "මට නම් කාපු ඒවත් එළියට එනවා වගේ.. ඒකි කියපුවා මතක් උනාම.."


    "මමත් වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ ඒකයි බං.. කෙල්ල ටිකක් මගේ පැත්තට බර වෙනවා කියලා මට තේරුණා.."


    "ඒකි නම් බර උනත් කමක් නෑ.. ඕන කොල්ලෙක්ගෙ හිතේ ඉපදෙන්න පුළුවන් තරමෙ සිහින කුමාරියක් තමයි ශලනි කියන්නෙ.. හැබැයි බන්ටි.. මග කියා දීලා, ආදරෙන් තියාගන්න පුළුවන් නම්, ශලනි කියන්නෙ, ඕන රජ කෙනෙක්ගෙ රැජිනක් වෙන්න සුදුසුකම් තියෙන කෙල්ලෙක්.."


    හුග කාලෙකට පස්සෙ චාමික හිතට වදින හොද කතාවක් කිව්වා.. ඒක කිව්වොත් ඇස් දෙක නටව නටවා..


    "එතකොට නෙත්මිට මොකද වෙන්නෙ චාමික..?"


    "අපි ඒක අනාගතේට බාර දෙමු බන්ටි.."


    "උඹ කියනෙක හරි චාමික.. හැමදේම මෙහෙමයි මෙහෙමයි කියලා නෙත්මිට තේරුම් කරලා දෙන්න මට බෑ.. එයත් එයාගෙ ඔලුව පාවිච්චි කරලා දේවල් තෝරගන්න ඕන.. මගේ අතින් වරදක් උනා තමයි.. ඒත් ඒ වැරැද්ද මං කෙරුවෙ නෙත්මියි, මමයි යාලුවො වගේ ආශ්‍රය කරන්න කලින්.. බේබි නැන්දා මගේ අම්මා කියලා කිව්වෙ, එයාව බයිට් කරන්න.. එහෙම නැතුව මං මේ, දහ අතේ ප්ලෑන් ගහල කරපු දෙයක් නෙමෙයි.."


    "මට තේරෙනවා ලොකු පුතේ.. මට තේරෙනවා.. ඒත් ඉතිං අවුලකට තියෙන්නෙ, ඒකිට දේවල් තේරෙනකොට පෙරහැර ගිහිල්ලා තියේවිද කියලා.."


    එක පාරක් විතරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන දෙයක් චාමික කිව්වෙ.. මං ඒ හැම වචනයක්ම හිතේ තියාගෙන ගෙදර එන්න ආවා..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-04.jpg


    04.png


    දැන් ගෙදර පරිසර තත්වය නොසෑහෙන්න වෙනස් වෙලා.. වෙනදට කට්ටිය හැමෝම කෑම මේසෙදි හම්බවෙනවා උනත් මේ වෙනකොට ඒකත් නෑ.. ඒ කියන්නෙ ගෙදර හැමෝම කර්යය බහුල වෙලාද..?


    හුග දවසකට පස්සෙ ඕන බන්ටිත් අද ගෙදර.. මටත් ඉතින් අර කාටද වගේ, ඇති වැඩකුත් නෑ.. නිකං ඉදිල්ලකුත් නෑ.. අඩු ගානෙ රස්සා කට්ටක්වත් තිබ්බා නම්..? ඒත් අම්මයි, තාත්තයි කලින් දවසක වෙච්ච සිද්ධියෙන් පස්සෙ ඒ ගැන එක වචනයක්වත් තාම කතා කෙරුවෙ නෑ.. මමත් ඔහේ පාවෙවී හිටිය මිසක රස්සාවක් ගැන විහිලුවටවත් හිතුවෙ නෑ..


    කුරුණෑගල පොල්වත්ත මගේ නමට ලියලා, ඒකෙ වැඩ කටයුතු ටික මට බාරදෙන්න තාත්තා කැමැත්තෙන් ඉන්නවා කියලා මං දැනන් හිටියා.. ඒත් ඉතිං ආයෙ පොල් වත්තක අමුතුවෙන් මේන්ටේන් කරන්නෙ මොනවද..? පොල් කඩන අයට හෑන්ඩ් ෆෝන් දෙක තුනක් අරන් දෙන එකනේ තියෙන්නෙ.. එතකොට එයාල ගහ උඩ ඉදලම අහවිනේ, මහත්තයො මේ වල්ලෙන් කඩන්නද නැත්නම් අනිත් වල්ලෙක් කඩන්නද කියලා..


    "බන්ටි මහත්තයො.. මොකද මේ අහස පොළොව ගැට ගහන්න වගේ.."


    "මුකුත් නෑ බේබි නැන්දෙ.. කෝ අද ගෙදර අයගෙ සද්දයක් බද්දයක් නැත්තෙ ඇයි..?"


    "සද්ද බද්ද දාන්නෙ නම් ඉතිං බන්ටි මහත්තයනේ.. සමුදිනී නෝනයි, ලොකු නෝනනයි, මහත්තයයි වැඩට ගිහින්.."


    "අයියා..?"


    "පාන්දර ඉදලම නෑ බන්ටි මහත්තයො.."


    "පාන්දර ඉදලම නෑ.."


    "ඔව්.. ලොකු නෝනා බනියි කියලා මං කිව්වතේ නෑ.. මං උදේ නැගිටිනකොටත් කාමරේ නෑ.. ඉස්සරහ දොර නිකම්ම වහලා ගිහින් තිබුණා.. බලන්නකො මහත්තයො.. හොරෙක් හතුරෙක්වත් ඇතුල් උනා නම්.. අනික ඔහොම හොර රහසෙ ගමන් බිමන් යනවා නම්, තමන් දන්න විශ්වාසවන්ත කාට හරි යාංතමට හරි කියලා යන්න ඕන නේද..? අනේ මංදා.. මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.. යස අගේට තිබ්බ මේ පවුලටත් කවුදෝ කොඩිවිණයක් කරලා.."


    හූල්ල හූල්ල වගේ බෙබි නැන්දා කියද්දි මගේ පපුවත්තෙක්ක ඇදුම් කන්න ගත්තා.. 'කවුදෝ කොඩිවිණයක් කරලා..' කියන වචන ටික දහ දොළොස් අතේ හිත ඇතුළෙන්ම ඇහෙන්න ගත්තා..


    "මං මොනවද බේබි නැන්දෙ කරන්නොන..?"


    "මගේ රත්තරං මහත්තයා මොනවා කරන්නද..? රසික මහත්තයා විලි ලැජ්ජ නැතුව වගේ ගෑනු ආස්සරේ කොරන්න ගියාම, මහත්තයටයි හොද නැත්තෙ.. ඔය හැදිල තියෙන කුලප්පුව නම් ඉතිං, ජරා ගොඩක් ගාගෙනම තමයි නතර වෙන්නෙ.."


    අයියාකාරයා ගැන අහන එව්වට, මට බේබි නැන්දගෙ මූණ බලන්නත් බැරි තරම් ලැජ්ජයි.. ෂිහ්.. අම්මපා.. මේ වහුකුණාව ගස් බැදලා තමයි තියන්න වෙන්නෙ..


    "දැන් ඔය උදේ පාන්දරම කුකුළත් අතේ තියාගෙන කොහෙද දන්නෑ ගිහින් තියෙන්නෙ..?"


    "හනේ මං දන්නෑ මහත්තයො.. ඒකට නම් ඉතිං රසික මහත්තයගෙ පස්සෙම දවසක් යන්න වෙයි.."


    මහා විස්සෝපයකින් මූණත් පාලු කරගනෙ බේබි නැන්දා ආපහු ගියා.. ඒ එක්කමයි මට ඇහුණෙ ඉස්සරහ පැත්තෙන් කවුදෝ කතා කරනවා..


    "බන්ටි අයියා.."


    කටහඩ ඇහෙන විදියට නම් රවීන්ගෙ වගේ.. මං බැල්කනියෙන් පහළට එබුණා.. හරි නේන්නම්.. මේ ඉන්නෙ මේකා දිලිසි දිලිසි..


    "රවීන්.. උඩට එන්න.. මං කාමරේ ඉන්නෙ.."


    "බෑ බන්ටි අයියා.. මේක ෆුල් හදිස්සියක්.."


    රවීන්ගෙ වචනවල තිබ්බ හදිස්සිය හන්දම මං පඩිපෙළ බැහැගෙනම සාලෙට ආවා.. රවීන් එතකොටත් එළියෙ..


    "රවීන් ගෙට එන්න.."


    "ගෙට එන්න වෙලාවක් නෑ.. ඩිංගක් එළියට එන්නකො.."


    කටහඩේ වගේම ඉරියව්වලත් තිබබ් නොඉවසිලිවන්තකම හන්ද, මගේ හිතට අමුත්තකුත් දැනුණා..


    "ඇයි රවීන්..?"


    "රසික කියන්නෙ බන්ටි අයියගෙ කවුද..?"


    "මගේ අයියා.."


    "එයා සුදුහුම්පල පැත්තෙ කවුරු හරි ගෑනු ළමයෙක් එක්ක යාලුද..?"


    රවීන්ගෙ කතාවට මගේ ඇග සීතල වෙලා ගියා.. සුදුහුම්පල ඉන්නෙ නෙත්මිනේ.. ඒත් නෙත්මි, අපේ එකත් එක්ක යාලුවෙයි කියලා හීනෙකින්වත් හිතන්න බෑ.. මේ පහු උන දවස්වල රසික කියන නම විහිලුවටවත් නෙත්මිගෙ කටින් පිට උනේ නෑ.. එක්කො නෙත්මි මට කොලේ වහනවා.. නැත්තං අයියා අපි කවුරුත් රවට්ටනවා..


    "මං දන්න තරමින් නම් නෑ.."


    "එහෙනම් මේක අහන්නකො.. කටුගස්තොට කොල්ලො සෙට් එකක් රසිකට ගහන්නයි ලෑස්තිය.."


    රවීන්ගෙ කතාවෙන් මගේ ඇගේ හරිගඩු පිපුණා.. මේකා ඒ පාර මොන ටිංකිරි කෝප්පයක්ද හලාගෙන තියෙන්නෙ.. කිසිම හොද ආරංචියක් මූ ගැන මට අහන්න ලැබෙන්නෙම නැද්ද..?


    "ඇයි ඒ..?"


    "ගෑනු හුටපටේකට.."


    "ගෑනු හුටපටේකට මූට ගහලා හරියනවද රවීන්.. ඒක ඒ කෙල්ලත් එක්ක බලා ගන්න ඕනනේ.."


    "ඒකි කෙල්ලෙක් නෙමෙයි බන්ටි අයියා.."


    "එහෙනම්..?"


    "ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.."


    දෙයි හාමුදුරුවනේ.. මේකා ඒ පාර මොන නස්පැත්තියක්ද මේ කරගන්න දගලන්නෙ..? සුලු පටු පාපකර්මයක්ද මූ ඒ ගමන කරන්න යන්නෙ.. යස අගේට තියෙන පවුල් පංසල් කඩන්න යන්නෙ.. ඇත්තමයි මගේ හර්දය වස්තුවත් නැවතුණා වගේ..


    "උඹ ඇවිල්ලා ඕක කියපු හන්දා මං විශ්වාස කරනවා.. නැත්නම් මං කීයටවත් විශ්වාස කරන්නෑ රවීන්.. ෂිහ්.. මේකා ගැන මොනවද මං මේ අහන්නෙ..?"


    "කලබල වෙන්නෙපා බන්ටි අයියා.. දැන් කරන්න තියෙන්නෙ, ෂේප් එකේ අයියකාරයව ඒ ගෑනිගෙන් ගලව ගන්න එකයි.. වැරදිලාවත් ගුටි කෑවොත් හතර විලි ලැජ්ජාවනේ.."


    "දැන් ඔය කියන ගෑනු මනුස්සයා ඉන්නෙ කොහෙද..?"


    "කටුගස්තොට.. හැබැයි මේ වැඩේට පුලුවන් තරම් ඉක්මනට බහින්න වෙනවා.. මොකද ඒ කොල්ලො සෙට් එකත් එළකිරි බඩු ටිකක්.. රසිකව නවත්ත ගත්තෙ නැතන්ම්, ෂුවර් එකටම හෙට අනිද්දම නුවර ඉස්පිරිතාලෙ ලගින්න වෙයි.. ඒකෙ ආයෙ දෙක්ක නෑ.."


    "මට තව ඩීටෙල්ස් ටිකක් දීපන් රවීන්.."


    "ඔය කියන ගෑනු මනුස්සයට ගෙට්ස් එකක් තියෙනවා.. ස්ටේෂන් එකට ඩිංගක් උඩින්.. සල්ලි වලින් නම් ගෑනිට අවුලක් නෑ.. ඒත් කතාව හැටියට නම් දෙන්නා සෙට් වෙලා තියෙන්නෙ බෑන්ක් ලෝන් එකක් ගන්න ගිහින්.. ලෝන් එක ඇපෘ උනා වගේම ලව් එකත් ඇපෘ වෙලා.."


    එහෙනම් අයියකාරයා බෑන්ක් එකෙන් ලෝන් එක දෙන ගමන්ම, මේකටත් කොක්ක ගහලා.. අනේ අම්මපා මූ වගේ හොරිකඩයෙක්.. මේකා එතකොට බෝධි සත්වයා වගේ කලින් දවසක මට කිව්වෙ, මාලු ගාමිණිගෙ ගෙදර තියෙන්නෙ කොහෙද කියලා හොයන්න.. එතකොට බලන් ගියාම මේ මාලු ගාමිණිගෙ පවුලද..? බේබි නැන්දා නම් කි්වවෙ මාලු ගාමිණිගෙ දුවත්තෙක්ක තමයි යාලු කියලා.. මේ අහන ඒවට මගේ නම් ඔලුවත්තෙක්ක අවුල් වෙලා..


    "දැන් එතකොට කටුගස්තොට කොල්ලො සෙට් එක අපේ එකාට ගහන්නෙ ඇයි..?"


    "ඒක වෙනමම කතන්දරයක්.."


    "ඒ කියන්නෙ..?"


    "පැහැදිලි ඉරිසියාව.. පැහැදිලි ඉරිසියාව.. වෙන මුකුත්ම නෙමෙයි.. මේ ගෑනි හුගක් ලස්සනයි.. බැලූ බැල්මට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ.. බැදලා ඉන්න මනුස්සයා ඒ තරම් පණක් තියෙන එකෙක් නෙමෙයි.. ඉතිං ඒ වටපිටේ කොල්ලො නිතරම ඇහැ දීගත්ත ගමන් ඉන්නෙ.. ඒත් ඒගෑනි හෙණ රෙස්පෙක්ට්.. එහෙම ලේසියෙන් කාටවත් අල්ලන්න බෑ.. ගමේ වැල ගමට නොතියා මේ පිට එකෙක් කන හන්දයි උංට තියෙන අමාරුව.."


    ඒකත් එහෙමද..? බලන් ගියාම අපේ එකාට මල් සරා ඊතල දෙක තුනක්ම ඇනලා තියෙනවා, ආදරේ ඉස්මුරුත්තා වෙලා යන්න.. ඒකනේ මේ තරම් ගෑනු උදවිය වටේ කරකැවෙන්නෙ..


    "රවීන්.. තකහනියක් ආවෙ මේ කතන්දරේ මට කියලා යන්නද..?"


    "ඔව් බන්ටි අයියා.. ඔයා දැන් මොනවද කරන්න හිතන් ඉන්නෙ..?"


    "ඔක්කොටම කලින් අයියකාරයා ගුටිකන එක නවත්තන්න ඕන.. ඒකට මට උඹේ සප් එක ඕන.."


    "ඊගාවට..?"


    "අර ගෑනිත් එක්ක තියෙනවයි කියපු ලව් එෆෙයාර් එක නවත්තන්න ඕන.."


    "ඒක නම් මං හිතන්නෑ.."


    "ඒ මොකද..?"


    "රසිකගෙයි ඒ ගෑනිගෙයි කතන්දරේ රෝමියො - ජුලියට් වගේ යනවලු.. කොල්ලො කතාවට කියන්නෙ රෝමියෝ - ජුලියට් නැවත ඉපදිලා කියලලු.."


    "ඒ කතාවෙ අවසානය ශෝකාන්තයක්නේ රවීන්.."


    "මේකත් එහෙමම තමයි.. මොකෝ මේක කියලා සතුටින් ඉවර වෙයි කියලා අපිට හිතන්න බෑනේ.."


    "එහෙනම් අදම වැඩේට බහින්න වෙනවා.."


    "අදම නෙමේ බන්ටි අයියා.. දැන්ම.."


    මට මේ පුංචි එකාගෙ අල්ලල යන දේ තමයි හැමදේම ඉක්මන් කරන්න ඕන කියන සිතුවිල්ල.. කියල වැඩක් නෑ.. මාවත් නිකම්ම පිකප් වෙලා එනවා..


    "හරි.. ඩිංගක් ඉදපං.. මං ඇදුමක් දාගෙන එන්නම්.."


    ඩෙනිමයි, ටී ෂර්ට් එකයි පටලව ගන්න, මට විනාඩි දෙකක්වත් ගියේ නෑ.. බේබි නැන්දටවත් වචනයක් කියන්නැතුව මං රවීන් එක්ක එළියට බැස්සා.. සද්ද බද්ද නෑහෙන්න චැලියත් ගේට්ටුව ළගටම අරගෙන ගිහින් මං ස්ටාර්ට් කර ගත්තා..


    "බන්ටි මල්ලි.. හෝව්.. හෝව්.. හෝව්.."


    ස්ටාර්ට් කරලා මීටර් දෙක තුනක් යන්න උනේ නෑ.. සුපුරුදු පරිදි මාර්ග බාධකේ මෙන්න මෙගේ ඉස්සරහ..


    "මොකක්ද මොරීන් අක්කෙ.. මං දවසකුත් කිව්වා, හෝව් හෝව් කියන්නෙපා කියලා.. මේක බර කරත්තයක් නෙමෙයිනේ.. මලකඩ කාල වගේ තිබුණත් මේක මට වටිනවා.."


    "සමාවෙන්න බන්ටි මල්ලි.. සමාවෙන්න.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.. මේ පිටිපස්සෙ වාඩිවෙලා ඉන්න ඔයාගෙ යාලුවා හිටියට කමක් නැද්ද..?"


    "කමක් නෑ මොරීන් අක්කෙ.. කමක් නෑ.. කියන දෙයක් ඉක්මනට කියන්න.. අපි මේ වැදගත් වැඩකට යන ගමන්.. අපිට පරක්කු වෙනවා.."


    "මේකත් අතිශය වැදගත් තමයි බන්ටි මල්ලි.."


    "හරි.. හරි.. ඉතිං කියන්නකො.."


    "මං අර මාලු ගාමිණිගෙ කතන්දරේ ඔයාට කිව්වා නේද..?"


    "ඔව්.. මට මතකයි.."


    "මං ඒක විනාස කරලා දැම්මා.."


    "මොකක්..?"


    "ඔව්.. මං ඒ කෙල්ලව හම්බවෙලා, මට රසික ගැන තියෙන අයිතිවාසිකම් ගැන කතා කලා.. ඔයාට කියන්න බුදු බන්ටි මල්ල.. ඒකි ලතෝනි දීගෙන හැරිලා දිව්වනේ.."


    අම්මපා කියලා කියවෙන්න දිව අගටම ආවත් මං යටිතොල තද කරලා විකා ගත්තා.. බලන් ගියාම මොරීන් අක්කා මට වැඩිය ස්පීඩ් පොරක්නෙ.. මං මාලු ගාමිණිගෙ ගෙදර හොයාගන්න යනකොට මොරීන් අක්කා ඒ කතන්දරේ ඉවර කරලත් ඉවරයි..


    "ඊට පස්සෙ..?"


    "ඒකි දුවන්න කලින් මගේ නම ඇහුවා.. මං කිව්වා 'රුචිරා' කියලා.."


    "මොකක්..?"


    "ඔව් බන්ටි මල්ලි.. ඒ වෙලාවෙ මගේ කටට ආවෙ ඒ සුන්දර රජ කාලෙ නම.. මං වැඩි දුරටත් කිව්වා, රසික මට කතා කරනනෙ, 'ආදරියේ රුචිරාණනියේ
    ' කියලා.."

    "ඒක සිංදුවක්නෙ මොරීන් අක්කෙ.."


    "හැබෑද..? කොහොම හරි මං කියපුවා කෙල්ලට ඉවසගන්න බැරි උනා.."


    "ඔයා මොනවද කිව්වෙ..?"


    "ඒවා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.."


    "මාත් වැඩිහිටියෙක්නේ.."


    "පිස්සුද..? ඔයා සදාකාලයටම මගේ පුංචි සහෝදරයා.. මම ඔයා ඉස්සරහ වැදගත් විදියට හැසිරෙනවා වගේම, වැදගත් විදියට කතා කරනවා.. ඔයා ඒක තේරුම් ගන්න.."


    මොරීන් අක්කා ඒ ටික කිව්වෙ බොක්කෙන්මයි.. ඒක පිටිපස්සෙ වාඩිවෙලා හිටපු රවීන්ටත් තේරුණා..


    "සමහර වෙලාවට ඔයාගෙ ගෙදරින් මට කවදාවත් හරියක් ගන්න බැරිවෙයි.. ඔයාගෙ සුදු රසික අයියාව මට කවදාවත් හම්බවෙන්නෙ නැතිවෙයි.. ඒත් ඔයා හැමදාටම මගේ බන්ටි මල්ලිම තමයි.."


    "මං ඒක දන්නවා මොරීන් අක්කෙ.."


    "මේ හිතන පතන දේවල් කවදාවත් ඉෂ්ඨ වෙන්නෑ කියලා හදවත ඉවරක් නැතුව කියද්දි.. හද ඉල්ලල අඩන පුංචි එකෙක් වගේ මාත් හැමදාම අඩනවා බ්නටි මල්ලි.. ආදරේ කියන දේ මේ තරම් මායාවක්, වේදනාවක් කියලා මං දන්නවා නම්, මං කවදාවත් ආදරේ කරන්නෙත් නෑ.."


    "කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මට කියන්න මොරීන් අක්කෙ.. බෙල්ල ගහලා ගියත් ඔයා වෙනුවෙන් මේ බන්ටි ඒ දේ කරනවා.."


    ඒ වෙනකොට මොරන් අක්කගෙ ඇස් දෙකේම කදුළු පිරිලා තිබුණා.. මගේ හිතට වැඩියක්ම දුක දැනුණෙ ඒකයි..


    "හ්ග්.. මම දන්නවා බන්ටි මල්ලි.. මං දන්නවා.. ඔය පවුලෙන් හොද ඔයයි, බේබි නැන්දයි විතරයිනේ.. අනිත් හැමෝම මහ ඉහළින් හිතන පතන මිනිස්සු.. ඒ කාටවත් මාව වටින්නෙ නෑ.. ඒ කවුරුවත් මාව ගණන් ගන්නෑ.."


    "හරි මොරීන් අක්කෙ.. ඔයා අඩන්නැතුව ඉන්නකෝ.. අඩල ප්‍රශ්න විසදගන්න පුළුවන් නම්.. හැම එකාම අඩයිනේ.."


    "මට හුගාක් දුකයි.. ඉවරයක් නැති ගින්දරක් මගේ පපුවෙ පත්තු වෙන්නෙ.."


    "දැන් ප්‍රශ්නයක් නෑනේ.. මාලු ගාමිණිගෙ කතන්දරේට ඔයා ෆුල්ස්ටොප් තිබ්බනේ.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "වැඩක් නෑ.. වැඩක් නෑ.. ඔය රසික හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.. හැබෑ ආදරේ මොකක්ද කියලා එයා දන්නෑ.. ඔහොම අත්තෙන් අත්තට පැනලා ගිහින් එයා කවද හරි තෙමිල නහිනවා.. පිහදාලව්ත බේරගන්න බෑ.. උණ සන්නිපාතෙම හැදෙනවා.."

    ඒක නම් ඇත්ත තමයි.. ඒ කතාවට මොරීන් අක්කගෙ කටේ රුපියල් සීයක් විතර ඔබන්න ඕන..


    "හැබැයි ඔහොම ගිහිල්ල ගිහිල්ල එයාට කවද හරි ආපිටට මං ළගට එන්න වෙයි.. ඒත් එදාට මේ මොරීන්ගෙ හිතේ ආදරේ මැරිලා තිබ්බොත්, රසික සදාකාලයටම පරාදයි.. මොකද මං තරම් එයාට ආදරේ කරන කෙනෙක් මේ තුන් ලෝකෙ කොහේ හෙව්වත් එයාට හොයාගන්න බෑ.."


    "ඒක මං දන්නවා.."


    "ඔයා දන්නවා උනාට, රසික ඒක දන්නෑනෙ බන්ටි මල්ලි.. රසික කියන්නෙ මහ කැත මනුස්සයෙක්.. මට ආරංචියි ඔන්න දැන් කටුගස්තොට පැත්තෙ ගෙස්ට් හවුස් එකක ගෑනියෙක් එක්ක ගජරාමෙට ආදරේ කරනවලු.."


    මං කරකවල අතෑරියා වගේ උනා.. පිටිපස්සෙ ඉදගෙන ඉදපු රවීන් උඩ බිම බලනවා මං දැක්කා.. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න.. මොරීන් අක්කා මේ නිව්ස් කොහෙන් හොයා ගන්නවද මංදා..


    "ඕවා කැත වැඩ බන්ටි මල්ලි.. ඕවා සහගහන අපාරාධ.. අනුන්ගෙ කුරුළු කූඩු අස්සට හොට දාලා මෙදා සැරේ නම් රසික අතක් පයක් කඩාගන්නවා.."


    "ඔයාට ඔය කතාව කවුද කිව්වෙ..?"


    "කවුරු කියන්නද මල්ලි.. මුළු නුවරම දන්නකොට.. මං හිතන්නෙ මං වෙන්නැති අන්තිමටම දැනගත්තු කෙනා.. ඇත්තටම රසිකට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? එයා අපිට වැඩිය අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නේද..?"


    අනේ උගේ රෙද්දෙ අධ්‍යාපනේ.. මේ දෙක පාස් කිව්වත් ඔයිට වඩා හොදට ජීවිතේ අරගෙන යනවා.. මට නම් දැන් මූව ගාත් දෙකෙන්ම අල්ලලා පොළවෙ ගහන්න තරම් කේන්තියි..


    "මං යනවා බන්ටි මල්ලි.. මේවා ගැන තවත් කතා කරන්න යෑමෙන් වෙන්නෙ මං පපුවෙ අමාරුකාරියක් වෙන එක.."


    පපුවට අත් දෙකම තියාගෙන මොරීන් අක්කා එයාලගෙ ගෙවල් පැත්තට ගියා.. කරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව, මං රවීන්ගෙ මූණ දිහා බැලුවා.. ඒ මූණෙ මං දැක්කෙ කවදාවත් දැකල තිබුණෙ නැති තරමෙ කණගාටුදායක පෙනුමක්..


    "පව් බන්ටි අයියා.. ඇත්තටම පව්.. බලන් ගියාම මේ ආදරේ කියන්නෙ මහා හෙණයක්.. ගෑවිච්ච ගෑවිච්ච තැන පිච්චෙනවා.. වැඩි විස්තර නම් මං දන්නෑ.. ඒත් ඔය කියාපු ටිකෙන් හුගාක් දේ මං හිතාගත්තා.. තමන්ට හිමි නැති වුණත්, ඒ හිමි නැති දේට ඔයාකාර කැපවෙන අය හුගාක් අඩුයි.. ඒ අතින්, රසිකට ඒ අක්කගෙ අහලකටවත් ලංවෙන්න බෑ.."


    "මොරීන් අක්කා මගෙ නෑනා වෙනවා නම් මං කැමතියි.. ඒත් ඔය විදියට මේ සම්ම කපේ ඒක වෙන්නෑ රවීන්.."


    "දැන් අපි මොකද කරන්නෙ බන්ටි අයියෙ..?"


    "මගේ ඔලුවෙ පුංචි ප්ලෑන් එකක් තියෙනවා.. හැබැයි ඒක කරන්න වෙන්නෙ මොරීන් අක්කා එක්ක.."


    "මට තේරුන්නෑ.."


    "කතන්දරේ යනකොට උඹට තේරෙයි.. ඊට කලින් මට ඒ ගෙස්ට් එකේ ගෑනිගෙ නමයි, නිදහසේ හම්බවෙන්න පුළුවන් වෙලාවකුයි සෙට් කරලා දීපං.."


    "සිම්පල් කේස් එකක්නෙ බන්ටි අයියා.. අද හවස් වෙනකොට මං රිප්ලයි දෙන්නම්.. එතකොට රසිකගෙ කතන්දරේට මොකද වෙන්නෙ..?"


    "අපි ක්‍රියාත්මක වෙන්න කලින් ඌ ගුටි කෑවොත් අපිට කරන්න දෙයක් නෑ.. ඒත් හෙට වෙනකන්, කටුගස්තොට කොල්ලො සෙට් එක වැඩේට නොබැස්සොත් හොදයි.."


    යන්න ගියපු ගමන මොරීන් අක්කගෙ කතාබහෙන් වෙනමම පැත්තකට ඇදිලා ගියා.. මටත් තිබ්බෙ චැලිය ඩිංගක් රේස් කරන් ආපහු ගෙදරට යන්න..


    ****************************


    කාමරේට යන්න ගියපු මං, නතර උනේ ටෙලිෆෝන් එක දැකලා.. නරකද නිකං තියෙන එකේ, නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඔබල වෙනදේ බැලුවොතින්.. ඒ කල්පනාවට තවත් එහාට මෙහාට යන්න දෙන්න නැතුව මං රිසිවරේ අතට ගත්තා..


    නෙත්මි තාමත් අර මල පනින කේන්තියෙන්ද දන්නෑ ඉන්නෙ.. එහෙම උනොත් නම් ඉතිං මේ බන්ටි, ඔය ග්‍රැහැම්බෙල්ගෙ අදෝනාව පැත්තකින් තියලා නිකන් ඉන්නවා..


    තුන් හතර පාරකට වැඩිය එහා පැත්තෙන් රින්ග්ස් ගියේ නෑ.. කාගදෙ ගොරෝසුවට වගේ කටහඩක් ඇහුණා.. මොන අවනඩුවක්ද අප්පා මේ..? නෙත්මිලගෙ තාත්තා ටෙලිෆෝන් එක උඩ තාමත් නිදිද..? දැන් නම් දවස් කීයක්ද..? මේ මනුස්සයා කන්න බොන්නවත් යන්නෙ නැද්ද මංදා..


    මගෙත් එක්ක තියෙන කේන්තියට නෙත්මි ෆෝන් එක පැත්ත පළාතක එන්නෑ කියලා මං තේරුම් ගත්තා.. ගෙදරට ගියා කියල උනත්, මෙලෝ සංසාරෙක දෙයක් විසදගන්න බැරි උනානේ.. තිබ්බටත් වැඩිය හිත නරක් කරගෙන ආපහු එන්න ආවා..


    "බන්ටි.."


    මගේ සිතුවිලි ලෝකෙ පෙණ බුබුලු පටස් ගාලා පුපුරලා ගියා.. සයිඩ් බෑක් එක පැත්තකින් එල්ලන් වැටෙද්දි ඉනටත් අත් දෙක ගහගෙන අක්කා මගේ දිහා බලන් හිටියා.. එයා ඔෆිස් ගිහි්න ආව විතරයි වගේ..


    "ඇයි මේ ෆෝන් එකට රවාගෙන ඉන්නෙ..?"


    "මුකුත් නෑ.."


    "මුකුත් නැතිවෙන්න බෑ.. මෙහෙ එන්න බන්ටි.. ඔයා දැන් හරි අමුතුයි.. අඩුම ගානෙ ඔයාගෙ හිනාවක සද්දයක්වත් හුග දවසකින් ඇහුනෙ නෑ.."


    "හැමදාම එකම විදියට ජීවිතේ ගලාගෙන යන්නෙ නෑනෙ අක්කෙ.. ඒත් ඔයා නම් වෙනදට වැඩිය සතුටින් ඉන්න බව නම් පේනවා.. මොකද මල්සරා ගුරුන්නාන්සෙ ඊතලයක්වත් එව්වද..?"


    "ඔයාට පිස්සුද..? රසික අයියට වගේ මට එහෙම කැක්කුමක් නෑ.."


    "එහෙනම් මොකක්ද මේ වෙනස..?"


    බාගෙට අප්සට් නෙමෙයි, වලකජ්ජ ගහලා ගියත් බන්ටිට ඔව්වා පේනවා.. මේ බයිනෝකියුලර් එකක් වගේ තියෙන ඇස් දෙකෙන් බේරෙන්න කාටවත් බෑ..


    "නෙත්මි මගෙත්තෙක්ක තරහා වෙලා නෑ බන්ටි.. එයා දැන් මගෙත් එක්ක කතා කරනවා.."


    ඇස් ඉස්සරහ අකුණක් ගහලා ගියා වගේ මං හෙල්ලිලා ගියා.. මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් අහන්න මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ..


    "ඔ.. ඔයා මට කිව්වෙත් නෑනෙ.."


    "කියල වැඩක් තියෙනවද බන්ටි.. මං ඔයාට ඒ කෙල්ලත් එක්ක කතා කරන්න කියලා කීපාරක් නම් කිව්වද..? ඒත් ඔයාගෙ ආඩම්බරකම ඉස්සරහට දාගෙන, මගේ වචන සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.. ඇත්තටම වැරැද්ද කරේ ඔයානෙ.. නෙත්මි ඔයාට කතා කරන කල් ඔයා බලන් ඉදලා හරියන්නෙ නෑනේ.. ඔයානෙ නෙත්මිට කතා කරන්න ඕන.."


    අක්කා වයින් වුණා කියලා මට තේරුණා.. වෙලාවකට උන්දත් දුම්මල වරම ගත්තු කපු හාමිනේ වගේ.. මෙලෝ සිහියක් පතක් නැතුව පරල වෙනවා..


    "මට සංතෝසෙ වැඩි නෙත්මි මට කතා කරපු හින්දා.. මං කතා කරනකොට දවස් කීයක් නම් එයා මගෑරියද..? ඒත් සැන් ඒ හැම දෙයක්ම ඉවරයි.. අපේ යාලුකම දැන් ඉස්සර වගේම තියෙනවා.."


    "ඔයා එහෙමද හිතන්නෙ..?"


    "ඇයි බන්ටි.. මං එහෙම හිතන එකේ වැරැද්දක් තියෙනවද..?"


    "වැරැද්දක් තියෙනවද නැද්ද කියලා කියන්න නම් මං දන්නෑ.. ඒත් මං චාමිකත් එක්ක නෙත්මිව හම්බවෙන්න ගෙදරටම ගියා.."


    "මො..න..වා.."


    එතන ඉදලා නෙත්මිලාගෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් මං අකුරක් නෑරම අක්කත් එක්ක කිව්වා.. මගෙන් පිටවෙන දේවල් අදහගන්න බැරුව වගේ අක්කගෙ කට ඇරුණා..


    "දෙ..දෙයියනේ.. මට විශ්වාස කරන්නත් බෑ.. මේ කෙල්ලට මොනව වෙලාද..? ඇ.. ඇයි බන්ටි ඔය විත්තියක් මට කලින් නොකිව්වෙ..? එහෙනම් මට මේක නෙත්මිත් එක්ක කෙලින්ම කතා කරන්න තිබ්බා.."


    "වැඩක් නෑ අක්කෙ.. නෙත්මි බලන් ඉදලා තියෙන්නෙ මාව බාල්දු කරන්න තමයි.. හැබැයි ඉතිං ඔය තරම් උඩ පනින්න දෙයක් එයාට උනේ නෑ.. ඔයා මට බල කරපු හන්දයි, මගෙන් එයාට වැරැද්දක් උනා කියාල ඔයා කියපු හන්දයි මං එයාලගෙ ගෙදරටම ගියේ.."


    "අනේ බන්ටි.. නෙත්මිට වටින්නෑ ඔයාට එහෙම කරන්න.. මගේ හොදම යාලුවා උනත් මං ඒ වැඩේට ඩිංගක්වත් කැමති නෑ.. අනික මොන තරම් තරහක් තිබ්බත්, තමන්ගෙ තැනට ආපු කෙනෙක්ට ඔහොමත් කතා කරනවද..?"


    "මං කිව්ව කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. එයා මාව සත පහකට තරම්වත් මායිම් කරේ නෑ.. කොටින්ම මගෙන් පිටවෙච්ච හැම අකුරක්ම එයා අවිශ්වාස කරා.. අඩුගානෙ මං එයාට ෆෝන් කරා කියනෙකවත් එයා පිළිගත්තෙ නෑ.."


    "ඔ.. ඔයා නෙත්මිට ෆෝන් කරා..?"


    "ඔව්.. සෑහෙන වාර ගාණක්.. මේ දැනුත් එයාටයි මං කෝල් එකක් ගත්තෙ.."


    "හෑන්ඩ් ෆෝන් එකටද..?"


    "එයා ඒක ඕෆ් කරලා අක්කෙ.. මං දිගටම ගත්තෙ ලෑන්ඩ් එකට.. අඩුගානෙ ඒකටවත් එයා අන්සර් කරන්න එන්නෑ.. එයාගෙ තාත්තමයි ගන්නෙ.."


    මගේ කතාවෙන් අක්කගෙ ඇස් ලොකු වෙනවා මං දැක්කා.. තාත්තා ෆෝන් එක ගත්තා කිව්වාම ඔය තරම් පුදුම වෙන්න ඕනද..? අක්කටත් වෙලාවකට නුහුගුණේද මංදා..

    "තාත්තා..? මොන තාත්තද..?"


    "මොන තාත්තද අහන්නෙ..? නෙත්මිට තාත්තලා දෙතුන් දෙනෙක් නෑනෙ.. ගෙදර ඉන්න තාත්ත තමයි ගත්තෙ.."


    "ඔයා මොනව කියනවද කියලා මට තේරෙන්නෑ බන්ටි.. නෙත්මිගෙ තාත්තා රටනේ ඉන්නෙ.. ඔයා මේ වෙන කාටද කතා කරලා.. අනික ඉතිං තාත්තා ආව නම් නෙත්මි මට නොකිය ඉන්නවද..?"


    ඔය බලපල්ලකො ඉතිං.. නෙත්මි විතරක් නෙමෙයි අක්කත් දැන්, මේ බන්ටි කිය දෙයක් පිළිගන්නෙ නෑනෙ.. බලන් ගියාම බන්ටිගෙ නරක කාලෙද මංදා..


    "එතකොට මං නෙත්මිලහට කෝල් කරාම ගත්තෙ නෙත්මිලගෙ තාත්ත නමෙයි.."


    "කිව්වම අහන්න බන්ටි.. නෙත්මිලගෙ තාත්තා රට ඉන්නෙ.. එයා තාම ලංකාවට ඇවිත් නෑ.."


    "එතකොට මේ නම්බර් එක නෙත්මිගෙ ගෙදර එක නෙමෙයිද..?"


    නෙත්මිගෙ නම්බර් එක තිබ්බ කාඩ් එක මං අක්කට පෙන්නුවා..


    "ඔව්.. නම්බර් එක නම් හරි.."


    "එහෙනම් ඉතිං ආයෙ මොනවද..? මං ඕකටමයි ගත්තෙ.. ඔයාට අවිශ්වාස නම් ආයෙත් ඩයල් කරලා බලන්නකො.."


    කියන පරක්කුවට අක්කා නම්බර් එක ඩයල් කරා.. බන්ටිගෙ වෙලාව හොද නම්, එහා පැත්තෙන් නෙත්මි රිසිවරේ උස්සයි.. එතකොට හැබැයි මට අක්කට දෙන්න උත්තර නැතිවෙනවා..


    "ම.. මට පිණිමුතුට කතා කරන්න පුළුවන්ද..?"


    අක්කගෙ කටහඩ අවුල් උනා කියලා මට තෙරුණා.. ඒ කියන්නෙ ෆෝන් එක ගත්තෙ නෙත්මි නෙමෙයි, නෙත්මිගෙ තාත්තා..


    "ආ.. ම.. මමද..? මං සමුදිනී.. පිණීමුතුට කියන්නකො මං කතා කරනවා කියලා.."


    අක්කගෙ මූණත්තෙක්ක රතු වෙලා.. කිසිම සැකයක් නෑ.. නෙත්මිගෙ තාත්තා කියන්නෙත්, ශලනිගෙ තාත්තා වගේම තද නීතිකාරයෙක් වෙන්නැති.. තව තත්පරයක් ගියේ නෑ.. අක්කා බයවෙලා වගේ ෆෝන් එක තිබ්බා..


    "ඇ.. ඇයි අක්කෙ..?"


    "ඔයා කිව්ව හරි.. කවුරු හරි පිරිමි කෙනෙක් තමා කතා කරන්නෙ.."


    "මං කිව්වෙ ඒකනෙ අක්කෙ.. නෙත්මිගෙ තාත්තා ඇවිත් කියලා.."


    "තාත්තා වෙන්න බෑ බන්ටි.. ඒ අංකල් ඔය තරම් සැර නෑ.. මේ කතා කරපු කෙනා, මහ එපා කරපු විදියට කතා කරන්නෙ.. අඩුගානෙ හරියකට කතා කරන්නවත් දන්නැති මනුස්සයෙක්.."


    අක්කා කල්පනාවට වැටුණා.. මට නම් කල්පනා කරන්න බින්දුවක්වත් දෙයක් තිබ්බෙ නෑ.. ආයෙ ඕකෙ මොනවා කල්පනා කරන්නද..? හරියට වෙන වැඩ නැතුව වගේ.. නෙත්මිලගෙ ගෙදර ඉන්නෙ, නෙත්මිගෙ තාත්තා නැත්නම් වෙන කවුද..? මොකෝ අපේ පයිතගරස්වත් එහේ ඉන්නව කියලා කියන්නද..? හැමදේම අමතක කරල දාලා වගේ පඩිපෙල නගිද්දි මොකක්දෝ අපැහැදිලි චායාවක් මගේ හිතේ ඇදිලා ගියා.. ඒත් ඒක එහෙම වෙන්නෙ කොහොමද..? හිතට අහම්බෙන් වගේ දැනුණ දේ කීයටවත් ඇත්තක් වෙන්න බෑ කියල මගේ හිත මට දිව්රලා කිව්වා..


    "ඇ.. ඇයි බ.. බන්ටි.."


    පඩිපෙලේ මැද හරියෙ නතර වෙච්ච මගෙන්, අක්කා ඇහුවෙ පුදුමවෙලා වගේ.. මං ආයෙත් පඩිපෙළ බැහැලා අක්ක ළගට ආවා..


    "නෙත්මිලගෙ ලෑන්ඩ් ෆෝන් එකට ආන්සර් කරන්නෙ පිරිමියෙක් කියලා දැන් ඔයාට ෂුවර් නේද..?"


    "ඔව් බන්ටි.."


    "සමහර විට ඒ නෙත්මිම වෙන්න බැරිද..? එයා කටහඩ වෙනස් කරල කතා කරනව වෙන්න බැරිද..?"


    අක්කගෙ මූණ ලොකු කල්පනාවකින් වැහිල ගියා..


    "මට එහෙම හිතන්න අමාරුයි බන්ටි.."


    "මං එදා චාමිකත්තෙක්ක එහේ ගියාම, නෙත්මිගෙ තාත්තා ගෙදර හිටියෙ නෑ.. මට දැන් හිතෙනවා මං මහ මෝඩ වැඩක් කරේ කියලා.."


    "ඒ කියන්නෙ..?"


    "මට තිබුණෙ නෙත්මිලගෙ ගෙදරදිම, එහේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගන්න.. ෂිහ්.. මං මටම ගහගන්න හිතෙනවා.. ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කල්පනා කරන්න බැරි උන එක ගැන.."


    "ඔයාටත් මහ පුදුම දේවල් තමා කල්පනා වෙන්නෙ.. හැබැයි ඔයාට තාමත් චාන්ස් එක තියෙනවා.. ඒක හින්දා ඔයාට, ඔයාගෙන්ම ගුටි කන්න ඕන වෙන්නෙ නෑ.."


    "මට තෙරුන්නෑ.."


    "හැමදේම පැත්තකින් තියලා ඔයා හෙට නෙත්මිව හම්බවෙන්න යන්න.. ඔය කිව්ව දේම ක්‍රියාත්මක කරල බලන්න.. වෙන දෙයක් වෙයිනෙ.."


    අක්කගෙන් ආවෙ ඉතාම හොද යෝජනාවක්.. ඒත් ඒකෙ සෑහෙන්න අඩුපාඩු තිබුණා..


    "නෙත්මි හම්බවෙන්න මං ගිහින් හරියන්නෑ.."


    "එහෙනම්..?"


    "නෙත්මි හම්බවෙන්න ඔයා යන්න.."


    "මං ගිහින්..?"


    "බයවෙන්නෙපා.. ඔයාගෙ පස්සෙන් මාත් එනවා.. මොකද ඔය ටෙලිෆෝන් කතන්දරේ ගැන මට ලොකු අවිශ්වාසයක් තියෙනවා.. ඒක හන්දා නෙත්මිත් එක්ක කතා කර කර ලෑන්ඩ් ෆෝන් එක ළගට වෙලා ඉන්න.. මං කෝල් එකක් ගන්නම්.. එතකොට, නෙත්මිගෙ තාත්ත හරි, පිරිමි කටහඩකින් කතා කරන නෙත්මි හරි කරලියට එන්න වෙනවනේ.."


    මගේ කතාවට අක්කගෙ මූණෙ ලස්සන හිනාවක් පිපුණා..


    "ඔයා හරි බන්ටි.. ඔයා කියන දේවල් හැමදාම හරි.. අපි දෙන්නා හෙට උදේම නෙත්මිලහ යමු.."


    අක්කයි, මායි වැඩේ ෆිට් කරගත්තා.. හෙට එළිඋනාම බලමුකො නෙත්මි දාන කලර්ස් වලට මොකද වෙන්නෙ කියලා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-05.jpg


    05.png


    කට්ට කළුවර කෑලි කපල බෙඩ් ෂිට් මහන්න පුළුවන් සයිස් එකට වැඩිවෙලා.. වැඩිය සද්දයක් නොකරම මං එළියට බැස්සා.. ඒ වෙනකොටත් උදේ පාන්දර කිරි එකවත් නොබී ගෙදරින් ගියපු අයියා කියන මනුස්සයා ගෙදර ඇවිත් තිබුණෙ නෑ.. රවීන් අර කිව්වත් වගේ, මේකා කටුගස්තොට කොල්ලො සෙට් එකෙන් ගුටි කාල කාණුවක් පල්ලෙ වැටිලද දන්නෙ නෑ.. හොද වෙලාවට තමයි අම්මයි, තාත්තයි ඇවිල්ල නැත්තෙ.. හිටිය නම් හෙම එයාලා අහන ප්‍රශ්නවලට මුන්දට දෙන්න උත්තර නැතිවෙයි..

    මහසෝනා ඇවිල්ලා ඇගේ හැප්පුණත් පේන්නැති කළුවරේ මං එළියට බැස්සෙ, හේතුවක් ඇතුව.. ඒ මොරීන් අක්කව හම්බවෙන්න.. මේ ගමනට හවස් වරුව දාගෙන හිටියත්, හවස් වරුවම මොරීන් අක්කා ගෙදර හිටියෙ නෑ.. කොහේ හරි චරපුරුෂ සේවාවක ගිහින්.. ඒකෙ ආයෙ හොයන්න බලන්න දෙයක් නෑ..

    මොරීන් අක්කගෙ ගේ ළගටම ගිහිල්ල කතා කෙරුවත් මෙලෝ හැල හොල්මනක් මට ඇහුණෙ නෑ.. ටිකකින් මොරීන් අක්කගෙ අම්මා එළියට එනවා මං දැක්කා..

    "මොකෝ බන්ටි පුතේ කලබලෙන් වගේ..?"

    "මොරීන් අක්කා කෝ නැන්දෙ..?"

    "අනේ පුතේ.. මාත් බලන් ඉන්නෙ ඒක තමයි.. කටුගස්තොටට ගිහිල්ලා එන්නම් කියලා ගියා තාම නෑ.."

    "කටුගස්තොටට..?"

    "ඔව් පුතේ.. ගියපු වෙලාවත්තෙක්ක බලපුවම දැන් දෙගමනක් විතර ගිහින් එන්න වෙලාව හරි.."

    මං ආපහු හැරුණා.. තවත් බලන් ඉදීමේ තේරුමක් නෑ.. මට හිතාගන්න බැරි මොරීන් අක්කා, මොන මගුලකට කටුගස්තොට ගියාද කියලයි.. වැලිපාර දිගේ අපේ ගෙදර දිහාට එද්දි, මගේ පිටිපස්සෙන්ම වගේ වාහනයක ලයිට් එළියක් මං දැක්කා.. මේ වෙලාවෙ කවුරු වෙන්න පුළුවන්ද..? වැඩිය හිත හිතා ඉන්න වෙලාවක් ලැබුණෙ නෑ.. මං කෙරුවෙ ළගම තිබ්බ ලොකු ලයිට් කණුවට මුවාවෙච්ච එක.. ආපු වාහනේ කාර් එකක්.. ඒක මං ඉදපු ලයිට් කණුවට සමාන්තරව නතර උනා.. හුටා.. මාව දැකලවත්ද..?

    "මේ ටික ඔයාට යන්න පුළුවන් නේද බබා..?"

    තොදොල් වෙලා, දොදොල් උනු ගෑනු කටහඩක් මට ඇහුණා.. ඒක නම් කීයටවත් මොරීන් අක්කගෙ වෙන්න බෑ.. එයා කවදාවත් බෙල්ල මිරිකගෙන ඉන්නකොට කතා කරනව වගේ කතා කරන්නෑ..

    "අපොයි පුළුවන්.. මේ ඉස්සරහනෙ ගෙදර.."

    කාර් එකේ ඇරුණු දොරෙන් එළියට බැස්සෙ, අද උදේ කුකුලගෙ බාප්පා නැගිටින්නත් කලින්, ගෙදරින් එළියට බැහැපු අයියා.. හැදිච්ච දෙමව්පියන්ගෙ නැහැදිච්ච මේ ලොකු එකා පැලෙනකල් ආදරේ කරල ගෙදර එන වෙලාවයි මේ.. අනේ අම්මපා මට තොරන් දෙක තුනක් ගහල තියන්න බැරිවුණානෙ..

    "ඔයා හින්දා අද මම ගොඩක් සංතෝස උනා රසික.. ඒකය ඔයාට හුගක් පිං.. ඔයා හෙටත් එනව නේද..?"

    "සොරි කෙල්ලෙ.. හෙට මන්ත්ලි එන්ඩ් එකනෙ.. කට කපලා වැඩ.. අදත් මේ ලීව් ගන්න පුලුවන්කමකට ආව නෙමෙයි.."

    "මං දන්නවා බබා.. මං දන්නවා.. පුළුවන් නම් උදේට විතරක් ඇවිල්ලා ඔය සුදු සූණ මට පෙන්නලා යන්න.. මට එතකොට කොහොම හරි දවස අරගෙන යතෑකි.."

    ලයිට් කණුවෙන් ඩිංගක් ඈත්වෙලා මං කාර් එක දිහාට එබුණා.. ඒ ඇතුළෙ ඉන්නෙ කවුද කියලා බලන්න.. ඇත්තටම හිටියෙ කවුද කියලා මං දැක්කා.. ඒත් ඒ මං කවදාව්ත දැකල පුරුදු කෙනෙක් නම් නෙමෙයි.. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා හිටපු පොෂ් ගෑනු ළමයෙක්..

    යකෝ.. අපේ එකාව කොටියම කන්නෙපැයි.. මූට ගෑනුම කීදෙනෙක්ද දෙයියනේ.. මූට වෙන වැඩවලට නිවාඩුවක්, වෙලාවක් නෑ කියන්නෙ සහතික ඇත්ත.. මං දැන් ඒ කතාව සිරාවටම පිළිගන්නවා..

    "මං උදේට ඔයාට ෆෝන් කරන්නම් කෙල්ලෙ.. එහෙනම්.. සී.යූ.. ගුඩ් නයිට්.."

    "සී.යූ.."

    රටක් රාජ්ජයක් ලැබුණා වගේ එඩිතරකමින් අයියා ගේ දිහාට ඇවිදගෙන ගියා.. කාර් එකේ ආපු ගෑනු කෙනත් දන්න ඔක්කොම වැඩ ටික දාලා කාර් එක හරව ගත්තා.. වැඩ දැම්ම කිව්වෙ තව නූලෙන් කාර් එක, මොරීන් අක්කගෙ ගෙදරට යන පාරෙ තිබ්බ තඩි ගලක වදිනවා.. අපේ එකාට ඒවයෙ මේවයෙ ගානක් තිබ්බෙම නෑ.. ඒකා කෙලින්ම ගේ ඇතුළට ගියා..

    පව් අප්පා.. පෙම් සුව විදලා නොසෑහෙන්න මහන්සි ඇති.. කාර් එක ගියාට පස්සෙ මං යිට් කණුවෙන් මෑත් වුණා.. ඒ එක්කම දැකපු දෙයින් මාව ගැස්සිලා ගියා.. මං මුවාවෙලා හිටපු ලයිට් කණුවට එහා ලයිට් කණුව ළගින් අදුරු ඡායාවක් පාරට ආවා.. පපුව වේගෙන් ගැහෙද්දි මං හොදට ඒ දිහා බැලුවා.. කවුද මේ..?

    "බන්ටි මල්ලි.."

    මං උඩ ගිහින් බිම වැටුණා.. යකඩෝ.. මේ මොරීන් අක්කනේ.. බන්ටි ෆිට් බුවා හින්දා හොදයි.. නැත්නම් මෙලහකටත් ෆිලමන්ට් එක පිච්චිලා ගිහින්.. ඇයි හත්දෙයියනේ.. පට්ට කළුවරේ ඉදගෙන, වගේ වගක් නැතුව ජාතිය අමතනව වගේ, නමෙන්ම අමතන කොට, පණ නොගිහින් තියෙන්නෙ කාගෙද..?

    "මොරීන් අක්කෙ.."

    "ඔයා මොකද මෙතන කරන්නෙ..?"

    "ඔයා කරපු දේම තමයි.. ආයෙ කිසිම වෙනසක් නෑ.."

    "අයියෝ බලන්න බන්ටි මල්ලි.. රසික කියන්නෙ කොයි තරම් කැත මිනිහෙක්ද කියලා.. කසාද බැදපු ජෝඩුවක් වගේ කිසිම හිතක් පපුවක් නැතුව, කාරේ එකෙන් ඇවිල්ලා බැහැපු හැටි බලන්නකො.. මේ මොරීන්ට පපුවක් කියන නාමයක් ඉතිරි වෙනවද ඔහොම කරාම.. වනේ වන හතුරෙකුටවත් කරන දේවල්ද මේ රසික මට කරන්නෙ.. ඕව සහගහනවා.. බන්ටි මල්ලි.. ඕවා සහගහනවා.."

    මොරීන් අක්කා සුපුරුදු භක්ති ගීතෙ පටන් ගත්තා.. අම්මපා.. මේකත් මරු වැඩක් තමයි.. පට්ට කළුවරේ ඉදගෙන කාටහරි වැලේ වැල් නැතිවෙන්න බැන බැන ඉන්නෙක..

    "දැන් මේ ඇවිත් ගියපු කාන්තාව කවුද මොරීන් අක්කෙ..?"

    "ඔය අර මං කිව්ව ගෑනිනේ.."

    "මොන..?"

    "ඇයි බන්ටි මල්ලි.. ඔයාට අතීතය, ඔය තරම් ඉක්මනට අමතක වුණාද..? මං අර කටුගස්තොට ගෑනු ළමයෙක් ගැන කිව්වෙ.. අන්න ඒ ගෑනි තමයි ඔය.."

    අම්මට සිරි.. එතකොට අර රවීනුත් කිව්ව ගෙස්ට් හවුස් එකේ කුල කාන්තාවද මේ..? එහෙනම් වැඩේ හිතුවටත් වැඩිය නොසෑහෙන්න දුර දිග ගිහින්..

    "කතන්දරේ එහෙනම් නැගලම යනව වගේ.."

    "ඔව් බන්ටි මල්ලි.. ඒකනේ ගේ ළගටම ගෙනල්ල ඇරලල යන්නෙ.. මට මේවා දකිනකොට ඇස් දෙක උගුල්ල ගන්න හිතෙනවා.."

    "ඔයාට පිස්සුද මොරීන් අක්කෙ.. යස අගේට තියෙන ඇස් දෙකට මුකුත් කරගන්න ඕන නෑ.. අපි ඒකට ඔරිජිනල් ජපන් පාට්ස් දාමු.. රෙපෙයාර් කිසි එකක් නොඑන විදියට.."

    "මට තේරුන්නෑ.."

    "අපි ඔය කුල කාන්තාව හම්බවෙන්න යමු.."

    "අපි කියල කිව්වෙ..?"

    "ඔයත් තදවෙන ප්‍රශ්නනෙ අහන්නෙ.. මෙතන හතර පස් දෙනෙක් නෑනෙ.. අපි කියලා කිව්වෙ අපි දෙන්නට මිසක් වෙන කාටවත් නෙමෙයි.."

    "හරි බන්ටි මල්ලි.. හරි.. මොලේ අවුල් වෙලා තියෙන මේ ගැත්තිට අනුකම්පා කරලා කතාව කියන්න.."

    "අපි දෙන්න ගිහින්, රසික ගැන අපිට තියෙන අයිතිවාසිකම් ගැන උන්දට පහදලා දෙමු.."

    "අපි මොනවද ඔය ගෑනිට කියන්නෙ.. ඔය අම්මන්ඩි මිනිස්සු හතර පහක් එක්ක ගියපු අං ගිලපු ගෑනියෙක්.. අයියෝ.. බන්ටි මල්ලි.. පිවිතුරු හදකින් පෙම් කරපු මට උරුම වෙන්නෙ මේ කදුළද..? ආ.. රසික කොයි තරම් කැත මනුස්සයෙක්ද.? මට එයාව පිරිසිදු කෙනෙක් කියල මගේ ළගට ගනන් පුළුවන්ද..? එයා ගෑනු අය කී දෙනෙක් නම් ළගට ගියාද..? අනේ මට දැන් නම් මේ හැමදේම එපාවෙලා.."

    "අපේ අයියව මුලු සංසාරෙ පුරාම ප්‍රාර්ථනා කරන්න කියලා මං ඔයාට කියන්නෑ මොරීන් අක්කෙ.. අයියා ගැන ඔයාගෙ හිතේ පිළිකුලක් තියෙනව නම් ඒක දිගටම තියාගන්න.. ඒ දේ ඔයාගෙ ඉස්සරහ ජීවිතේට හොද දෙයක් වෙයි.."

    "දැන් බන්ටි කියන්නෙ මට මොනව කරන්න කියලද..?"

    "අපි අන්තිම අවසාන වතාවටත්, අයියව ගලව ගන්න බලමු.. එතනින් එහාට වෙන දේවල් ගැන ඔයාගෙයි, මගෙයි වගකීමක් නෑ.. කරන්න ඕන දේ මං කියන්නම්.. හැබැයි හෙට ඉතාම කාර්ය බහුල දවසක්.. ඒ දවස ඇතුළදි කොහෙන් හරි පුංචි වෙලාවක් මේකට යොදා ගන්න වෙනවා.."

    "ඔයා කියන ඕනම දේකට මං ලෑස්තියි බන්ටි.. අපි මේ රසිකට හොදක්නෙ කරන්නෙ.. මට හම්බ උනේ නැති උනත්, එයා මේ ලොකෙ කොතැනක හරි සතුටින් ඉන්නව නම් ඒක තමයි මගෙත් සතුට.. මේ මොරීන් කියන්නෙ ආදරේ හින්ද ජීවිතේ උනත් දෙන්න පුළුවන් කෙල්ලෙක්.. ඒත් රසික ඒ බව දන්නෑ.. ඒක මගේ අවාසනාව.. මට කාර් බාර් නෑ තමයි.. ඒත් මට ඕනම තැනකදි ආඩම්බරයෙන් කියන්න පුළුවන් හොද හදවකතුයි, කලු පැල්ලම් ගෑවිලා නැති ලස්සන චරිතෙකුයි තියෙනවා.. ඒ මැදෑ බන්ටි මල්ලි, මේ ගෙවන පාලු ජීවිතේට.."

    නහයෙන් කතා කරන ගමන්, ඇස්වල තිබ්බ කදුළු ද කොහෙද පිහදාගෙන මොරීන් අක්කා යන්න ගියා.. මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.. සියලු සංස්කාර ධර්මයේ සංස්කරණය කරන්න ඕන කියල හිතාගෙන මාත් ගේ දිහාට හැරුණා.. නැත්නන් උන් හැමදාම අනිත්‍යයිනේ..

    ****************************

    අද දවසට කරන්න තියෙන දේවල් ගැන හිතල බැලුවම මොනවයින් මොනව වෙලා නතර වෙයිද මංදා.. උදේ පාන්දරම ඇහැරෙද්දි මගේ හිතට ආපු පළවෙනි සිතුවිල්ල ඒක..

    "ලොකු පුතා.. ඔයා ඊයෙ හුගාක් රෑ උනානෙ.. ඇයි ඒ..? ඔෆිස් එකේ වැඩ ටික ඉවරයක් කරන්න බැරි උනාද..?"

    මගේ කාමරේට ඩිංගක් එහායින් අම්මගෙ කටහඩ ඇහුණා.. ඊයෙ කාපු දුන්තෙල් බත්වලට මේකා අද ද කොහෙද අහුවෙලා තියෙන්නෙ..

    "ඊයෙ කොම්පරන්ස් මීට්න් අම්මා.. හරිම මහන්සියි.. මං මේ බැලුවෙ අද වැඩට නොයා ඉන්න.. ඒත් අද මන්ත්ලි එන්ඩ් එකනෙ.. කොහොමත් ඔෆිස් යන්න ඕන.. නැත්නම් හෙට අනිද්දට වැඩ එකට එකක් වැඩිවෙලා තියෙයි.."

    දෙයියනේ.. පෙනේද මේ යකා කෙලින පට්ට කෙබර.. මූට හදන්න වෙන්නෙ වෙනමම අපායක්.. අංග පුලාවකට නැතුව අම්මගෙ මූණටම දීපු උත්තරේ බලපංකො.. අපේ අම්මටත් ඉතිං ඕවා ඔක්කොම ඇත්ත..

    ගෙදරින් හැමෝම යනකල් ඉදලා මායි, අක්කයි එළියට බැස්සා.. මුන්දත් එක්ක පාරක බැහැල යන්න නම්, ඉවසීම කියන දේ අනන්තයට ප්‍රගුණ කරල තියෙන්න ඕන.. ඇයි අප්පා.. දකින දකින එකා, කෙල්ලො දැකල නෑ වගේ අක්කා දිහා දෙපාර තුන්පාර බලනවනේ.. මේ බන්ටිට නම් ඕවා දිරවන්නෑ.. මේ කුණු ශරීරවලට ආස කරල අනාගතේට ප්‍රශ්නයක් ඇති කරගන්නෙ ඇයි..?

    "ලොකූ මේ දවස්වල හරියට වෙනස් නේද බන්ටි..?"

    "මේ දවස්වල මොකක්ද අක්කෙ.. මිනිහා එදා ඉදන්ම වෙනස්නෙ.. ස්වභාව ධර්මයේ නීතියට අනුව, වෙනස් වෙන්නෙ නැතිදේ පැවතෙන්නෑ කියනව වගේ අයියා එකසිය ගානට වෙනස් වෙනවා.."

    එතනින් එහාට ඒ කතාව ඇදිල ගියේ නෑ.. කතාවක් ගොඩ නගන්න මාත් උත්සාහයක් ගත්තෙ නෑ.. අනික ඒකෙ කතා කරන්න දේකුත් නෑ..

    "මං නෙත්මිලහට ගියාම ඔයා කොහෙද ඉන්නෙ බන්ටි..?"

    "ඒවා සිම්පල් කේස්.. මං ඔය පාර අයිනෙ ඉන්නම්.. ඔයා ගේ ඇතුළට ගිහින් හරියටම විනාඩි පහකදි මං කෝල් එකක් ගන්නවා.. ඔයා ඒ වෙලාවෙ ඉන්න ඕන අනිවා ෆෝන් එක ළග.. එහෙම නොවුනොත් වැඩේ කරටිය ළගින්ම ගහල යනවා.."

    "දැ.. දැන්නම් මට බයත් හිතෙනවා බන්ටි.. මේ දේ නොකර අපිට වෙන දෙයක් කරන්න බැරිද..?"

    ඔන්න ඕකනෙ.. අම්මපා මෙයාලා එක්ක දෙයක් කරන්න බැරි.. උපදිනකොටම අරගෙන එන සහජ ගෑනු ගතිය කියන්නෙ ඕක වෙන්නැති.. මුලින් දේකට එන පයින් කැමැත්ත දීලා පස්සෙ කකුල් දෙකෙන්ම අකමැති වෙන එක පුරාණයෙ ඉදලම තිබ්බ සිරිතක්ලු..

    "වෙන කරන්න කිසිම දෙයක් නෑ.. මට මේ කතන්දරේ දෙනෙක් එකක් අද බේරගන්න ඕන.. එක්කො නෙත්මිගෙ තාත්තා.. එහෙමත් නැත්නම් මේ බන්ටි.. අවුල් කරන්නෙ නැතුව ඔයා මං කියල දීපු විදියට වැඩේ කරන්න.. හරිනෙ අක්කෙ.. එහෙනම් ෆිට් තමයි.."

    නෙත්මිලගෙ ගෙදරට මීටර් දෙක තුනක් මෙහයින් මං නතර වෙද්දි, අක්කා පොළොවට රිදෙන්නැති වෙන්න අඩිය තිය තියා, ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුළට ගියා.. මෙතනින් එහාට බන්ටිට මුකුත් පේන්නෑ.. මනසින් තමා හැමදේම කරන්න වෙන්නෙ.. හොදට හිතල මතල වැඩ කරන බන්ටිට ඕවා ගේම් නෙමෙයි..

    විනාඩියෙන් විනාඩිය කාලෙ ගෙවිලා යද්දි, කතා කරගත්තු විදියටම මං නෙත්මිලගෙ ගෙදර නම්බර් එක ඩයල් කරා.. හගාක් වෙලා රින්ග්ස් ගියත් කවුරුවත්ම ආන්සර් කරේ නෑ.. තවත් තුන් හතර පාරක්ම කෝල්ස් ගත්තත් නෙත්මිලගෙ ගෙදර කවුරුවත්ම ෆෝන් එකට ආවෙ නෑ.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා.. මොන අවමගුලක්ද මේ..? අඩු ගානෙ අක්කා හරි ෆෝන් එක උස්සන්න ඕනනේ..

    ගෙදර කවුරුවත් නැතිවෙන්න විදියක් නෑනෙ.. වැඩේ කියන්නෙ අක්කා ඇතුළෙ ඉද්දි බන්ටිට ගේ ඇතුළට යන්න බැරි එක.. නැත්නම් මෙලහකටත් දෙතුන් පාරක් බන්ටි ගේ ඇතුළට ගිහින් ඉරවයි..

    ඕන කෙහෙල් ගෙඩියක් වෙන්න කියලා මං තවත් පාරක් නේතමිලගෙ ගෙදර නම්බර් එක රී ඩයල් කරා.. රින්ග්ස් ගිහිල්ලා ගිහිල්ලා ඉවරවෙන්න ඔන්න මෙන්න කියල වගේ තියෙද්දි ඒ පාර නම් කවුරු හරි කෝල් එක ගත්තා කියලා මට තේරුණා.. ඔය තියෙන්නෙ.. උත්සාහවන්තයා හැමදාම උත්සාහ කරයි වගේ කොහොම හරි වැඩේ හරි ගියා.. ඒත් නෙත්මිලගෙ ගෙදර පැත්තෙන් ෆෝන් එක ඉස්සුවත් කිසිම හැල හොල්මනක් මට ඇහුණෙ නෑ..

    කෝකටත් කටහඩ ටිකක් වෙනස් කරල කතාකරන්න මං හිතාගත්තා.. ඒක කොහොමත් සරීර සෞඛ්‍යට ගුණදායකයිනෙ..

    "හෙ..ලෝ.."

    මගේ කටහඩේ තිබ්බෙ, අවුරුදු හැටක විතර මනුස්සයෙක්ගෙ වොයිස් එකක්.. අඩුගානෙ ඒක මටවත් අදුනගන්න බෑ.. ඒත් එහා පැත්තෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.. මං ආයෙත් කටහඩ තව ටිකක් බැරැන්ඩි කරලා හෙලෝ කියලා කිව්වා..

    "කවුද ඔය..?"

    කලින් දවසක ඇහුණු පිරිමි කටහඩම මට ඇහුණා.. ඒ කියන්නෙ කතා කරන කෙනා කවුරු උනත්, නෙත්මිලගෙ ගේ ඇතුළෙ මනුස්සයා ඉන්නවා.. එක්කො මේ නෙත්මිලගෙ තාත්තා.. එහෙමත් නැත්නම් නෙත්මි.. කමක් නෑ.. ඔය දෙකෙන් මොකක් උනත්.. අක්කත් මේ වෙලාවෙ ෆෝන් එක ළගටට වෙලා ඇතිනෙ..

    "මට පිණීමුතුට කතා කරන්න ඕන.."

    අහපු ප්‍රශ්නෙට මං උත්තර දුන්නෑ.. ඒත් කලින් දවසක කාපු පනිෂ්මන්ට් එක හන්ද. නෙත්මිට හැමෝම භාවිතා කරන නමම මං භාවිතා කරා..

    "පිණිමුතු මේ වෙලාවෙ නිදි.. කවුද මේ කතා කරන්නෙ.."

    එහා පැත්තෙන් ගලාගනෙ ආපු උත්තරෙත් එක්ක මගෙ හිතට ලොකු අමුත්තක් දැනුණා.. මේ නෙත්මිගෙ තාත්තවත්, නෙත්මිවත් වෙන්න බෑ කියනෙක.. අනික ඉතිං කෝල් එකක් ගත්ත හැම වෙලාවෙම නෙත්මි නිදි නම්, එයාට එක්කො අලුත් ලෙඩක් හැදිලා තියෙන්නෝන නිදාගෙන වැඩිවෙලා..

    "මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර්.. මං කතා කරනවා කියලා කියන්න.. මට එයාව කන්ටැක්ට් කරගන්න ඕන.."

    සුපුරුදු ගොරෝසු කටහඩින්ම මං කතා කරා..

    "පිණිමුතුට ටිකක් සනීප මදි ටීචර්.. මං එයා නැගිට්ටහම කතා කරන්නම්.. කොහොමටත් එයා තව සතියකටවත් මෙහා ක්ලාසස් එවන්න වෙන්නෑ.."

    "මට දැනගන්න පුළුවන්ද මේ කතා කරන්නෙ කවුද කියලා.."

    "ම.. මං එයාගෙ තාත්තා.."

    හිතුවෙවත් නැති තරම් ඉක්මනට කෝල් එක කට් වෙලා ගියා.. ඒ මොකක්ද බං ඒ උනේ..? ඇයි හත්වලාමෙ.. මේ හොදට පණ ගහලා ඉන්න කෙල්ලට අසනීපයි කියලා කියන්න නෙත්මිගෙ, තාත්තට පිස්සුද..? මෙතන නම් මොකක් හරි ලොකු හොයක් තියනෙවා.. මට තේරුණ එකම දේ ඒකයි..

    අක්කත් ගියා ගියාමයි.. කිසිම ආරංචියක් නෑ.. කෝකටත් කියලා මං ආයෙමත් නෙත්මිලගෙ ගෙදරට කෝල් එකක් ගත්තා.. ඒ පාර නම් වැඩිවෙලාවක් යන්නැතුව ෆෝන් එක ඉස්සුවා.. කලින් පාර වගේම මේ පාරත් එහා පැත්තෙ කිසිම සද්දයක් නෑ.. වැඩය වනන්නෙ නැතුව කෙලින්ම කතා කරන්න මං හිතාගත්තා..

    "පිණීමුතුට තව මැසේජ් එකක් දෙන්න පුළුවන්ද..?"

    "මං කිව්වනේ මිස්ටර්, එයාට සනීප නෑ කියලා.."

    "ඇයි එයාට උණ සන්නිපාතෙද..? කක්කල් කැස්සද..? ගලගන්ඩයද ආ..? අමනුස්සයෙක් වෙන්නැතුව ඔය ෆෝන් එක ඒ ළමයට දෙනවා.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙකක් නෑ.. මං වනාගෙන වනාගෙන ගියා.. ඒ වැනිල්ලෙ තරම කොයි තරම්ද කියලා කියනව නම් එහා පැත්තෙන් කතා කරපු මනුස්සයා ආයෙත් කෝල් එක කට් කරලා දැම්මා..

    "ර..න්..දි..ක.."

    ඒ ඇහිච්ච කටහඩට තව ඩිංගෙන් මගේ අතේ තිබ්බ ෆෝන් එක බිමට වැටෙනවා.. දෙයි හාමුදුරුවනේ.. මෙන්න නෙත්මි මගේ ඉස්සරහ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..?

    "ඔ.. ඔයා මොකද මෙතන කරන්නෙ..?"

    කතාව කොතනින්ද පටන් ගන්න ඕන කියලා මං ඩිංගක් නිවි සැනසිල්ලෙ කල්පනා කරා.. මේ වෙලාවෙ කලබල උනොත් ඒක ඉල්ලගෙන කෑමක් කියලා මං දැනන් හිටියා..

    "ම.. මං මෙතන මොනව හරි කරමහ ඔයාට ප්‍රශ්නයක්ද..?"

    මගේ ප්‍රශ්නෙන්, සුදු මූණ තවත් සුදුමැලි උනා.. පහුගිය දවස්වල අඩලද මංදා.. මූණත් එක්ක ඇදිල ගිහිල්ලා..

    "න්.. නෑ මට මුකුත් ප්‍රශ්නයක් නෑ.. ගෙදර ඉස්සරහ හිටපු හන්ද මං ඇහුවෙ.."

    "ඉස්සරහ නැත්නම් පිටිපස්සෙ මං ඉන්නද..? ඔයාව හම්බවෙන්න අක්කා ආවා.. මං එයාගෙ තනියටයි ආවෙ.."

    මට හිතාගන්න බැරි උන එකම දේ, නෙත්මි කොහොමද අපි ආපු පැත්තෙ ඉදලම ආවෙ කියලා.. ඒ කියන්නෙ එයා ගෙදර ඉදල නෑ.. එතකොට නෙත්මිලගෙ ගේ ඇතුළෙ ඉදන් අක්කා මොනවද කරන්නෙ.. මගෙත් එක්ක මේ ෆෝන් එකෙන් කතා කරපු මනුස්සයා, එතකොට ගේ ඇතුළෙ නේද ඉන්නෙ..? මගෙ පපුව හීතල වෙලා ගියා..

    "සමුදිත් එක්ක ආව නම්, ඔයා මෙතන මොනවද කරන්නෙ..? පිස්සු වැඩ කරන්නැතුව එන්න රන්දික ගේ ඇතුළට.."

    "ගේ ඇතුළට එන්නෙ කොහොමද ගෙයින් එළියට ඇදල දාලා තියෙද්දි..?"

    "රන්දික මෙතන රණ්ඩු වෙන්න බෑ.. මිනිස්සුත් බලනවා.. මං මෙතන තව ටික කාලයක් හරි ජීවත්වෙන්න ඕන.. හ්ම්.. හොද ළමය වගේ එන්න ඇතුළට.. අපි රණ්ඩුවෙන්න වෙන වෙලාවක් හොයාගනිමු.."

    "මේ වෙලාවෙ කවුද ගෙදර ඉන්නෙ..?"

    "ඇයි ඒ..?"

    "ප්‍රශ්න අහන්නැතුව අහපුදේට උත්තර දෙන්න.."

    "කවුරුත් නෑ.. අම්මයි, සර්වන්ට් ගෑනු ළමයයි විතරයි.."

    "ඔයාට ෂුවර්ද..?"

    නෙත්මිටත් කකලින් මං එයාලගෙ වත්තට ඇතුල් උනා.. අඩියට දෙකට ගේ දිහාට දුවල යද්දි නෙත්මි මගේ පස්සෙන් දුවන් එනවා මං දැක්කා..

    "රන්දික.. ඔ.. ඔහොම ඉන්න.. ඇ.. ඇයි මේ කලබලේ..? කොහෙද ඔයා ඔය දුවන්නෙ..?"

    "අ.. අක්කේ.. අ.. අක්කේ.."

    හිතාගන්න බැරි මොකක්දෝ බයකින් මාව හෙම්බත් කරලා තිබ්බා.. ඒකයි මං නෙත්මිට උත්තරයක්වත් නොදී, කෑගහගෙන ගෙට ඇතුල් උනේ.. ඇත්තටම මගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලයි තිබුණෙ.. සිද්ධ වේගෙන යන සිදුවීම් එකක්වත් අනුපිළීවෙලකින් හදා ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.. හැම එකම තිබ්බෙ අග මුල පටලැවිලා..

    "අ..ක්..කේ.."

    මං අක්කව ලොකු අනතුරකට දැම්මා කියන සිතුවිල්ල හිතින් මැකිල ගියේ, තාමත් ෆෝන් එක ළගට වෙලා බලන් ඉන්න අක්කව දැක්කම.. ඔන්න දැන් තමයි මේ බන්ටිගෙ හර්දය වස්තුව හරියාකාරව වැඩ කරන්න ගත්තෙ.. මහා දිහ හුස්මක් පපුව ඇතළටම ඇදල අරගෙන මං අක්කගෙ මූණට එබුනා.. අහන්න ඕන දාහක් ප්‍රශ්න ඒ මූණෙ ලියවිලා තිබුණත්, මගේ පිටිපස්සෙන් දුවගෙන ආපු නෙත්මිව දැකලා, අක්කගෙ ඇස් දෙක ලොකු උනා.. ෂුවර් එකටම එයා හිතන්න ඇති මේ බන්ටි වැඩේ අවුලක් නැතුවම අල කරගත්තා කියලා.. මං හෙමින් සීරුවෙ ඇහැක් වහන ගමන් 'කලබල වෙන්නෙපා' කියන සංඥාව අක්කට දුන්නා.

    "ඇ.. ඇයි සමුදි.. ඔ.. ඔයා රන්දිකව ගේට් එක ගාව තියලා ආවෙ..? ම.. මං පල්ලෙහා කඩේට ගිහින් එද්දි, රන්දික ගේට් එක ළගට වෙලා ඉන්නවා.. අනේ ඔහොම දේවල් ආයෙ කරන්නෙපා සමුදි.."

    මාවත් පහුකරගෙන අක්කා ළගට ගියපු නෙත්මි, අක්කගෙ අතකින් අල්ල ගත්තා..

    "අක්කට මුකුත්ම කියන්නෙපා.. මමයි ගේට් එක ළග නැවතුනේ.. මට අයිති නැති තැන්වලට මට එන්න පිස්සු නෑ.."

    "රන්දික.. තවත් මගේ හිත රිද්දන්න එපා.. සමුදි ඉස්සරහ ඔයා හදන්නෙ මගේ කදුළු බලන්නද..?"

    කතාව තව කෙරීගෙන ගියොත් ඒකෙ සෝබර පැත්ත වැඩියි.. ඒක හන්ද මං කච කචේ නවත්ත ගත්තා.. ඊටත් වැඩිය මේ අහස පොළව ගැටගහලා තියෙන පුරස්නෙ බේරගන්නත් ඕනෙනේ.. ෆෝන් එකට ආන්සර් කෙරුවෙ මොන අලගෙඩියද කියලා දැනගන්න මට මහ විසාල කුතුහලයක් තිබ්බෙ.. පපුව නිකම්ම පත්තුවෙලා තිබ්බෙ, අක්කවයි ඒ කල්ලතෝනියවයි එකට මේ ගෙ ඇතුළෙ ඉන්න ඇති කියල හිතුවම..

    "රන්දික චුට්ටක් වාඩිවෙන්න.. මං බොන්න මුකුත් ගේන්නම්.."

    කියලවත් කරගන්න බැරි වැඩක් උනේ.. තියෙන ලොකුම ප්‍රශ්නෙ නිරාකරණය කරගන්න මීට වැඩිය හොද අවස්ථාවක් එන්නෑ කියන්න මට තේරුම් ගත්තා.. ඒත් මට කලින් අක්කා කතාව පටන් ගත්තා..

    "බන්ටි.. කෝ ඔයාගෙ කෝල් එක.. මං කොච්චර වෙලා බලන් හිටියද..?"

    "කෝල් එක..?"

    මට පිස්සු හැදෙන්න තිබ්බෙ තව ඩිංගයි.. ඇයි යකෝ.. මෙච්චර වෙලා මං කතා කෙරුවෙ නෙත්මිලගෙ ගෙදරට නෙමෙයි නම් වෙන කොහේටද..?

    "ඔව්.. මට මෙතනින් නැගිටින්න විදියක් නෑ.. කොයි වෙලාවෙ කෝල් එක එයිද කියලා.. නෙත්මිගෙ අම්මත් බාත්රූම් එකේ.. නෙත්මිත් එළියට ගිහිල්ලා.."

    "මං කී සැරයක් නම් කෝල් ගත්තද අක්කෙ..?"

    "මොනවා.. ඔයා කෝල් ගත්තා..?"

    "ඔව්.. අර මනුස්සයා කතා කරා.. මං හිතුවෙම මේ ගේ ඇතුළේ ඒකා ඇති කියලා.."

    "අනේ බන්ටි.. මේ ෆෝන් එක නිකමටවත් රින්ග් උනේවත් නෑනෙ.. අනික මේ ගෙදර කිසිම පිරිමි කෙනෙක් නෑ.. ඒක මට හොදටම විශ්වාසයි.. රෑ උනාම, ගෙදර අයගෙ ආරක්ෂාවට නෙත්මිලගෙ නෑදෑ වෙන වයසක මනුස්සයෙක් නිදාගන්න එනවා.. එච්චරයි.."

    "අනේ මංදා අක්කෙ.. මට මුකුත් හිතාගන්න බෑ.."

    ප්‍රශ්නෙ නම් තවත් පඹගාලක පටලැවිලා කියලා මට තේරුණා.. නෙත්මිලගෙ ගෙදර නම්බර් එකට කතා කරාම ෆෝන් එක ආන්සර් කරන්නෙ කවුද..? මේ ගෙදර පිරිමි පුලුටක්වත් නෑල්ලු.. නෙත්මිලගෙ තාත්තා රට ඉදල එන්න තව කල් තියෙනවලු.. අනේ මංදා.. දැන් නම් බන්ටිගෙ ඔලුව පිස්සු කෙලිනවා.. මෙතනින් එහාට ප්‍රශ්නෙ ලිහා ගන්නෙ කොහොමද..?

    "ඉතිං සමුදි..?"

    අඩියක් විතර උස වීදුරු දෙකකට කහම කහ පාටින් ලෙමන් පුරවගෙන නෙත්මි අපි ළගට ආවා.. මේචචර ගොඩක් කොහොම බොන්නද මංදා.. මෙයත් කහ පාටින් කහ පැලේ වගේ ඉදගෙන අපිවත් කහ පාට කරන්නද දන්නෑ හදන්නෙ..?

    "ඔයා අපේ බන්ටිත් එක්ක තාමත් තරහ වෙලාද ඉන්නෙ..?"

    දෙකක් නෑ.. පොල්ලෙන් ගැහුවා වගේ අක්කා ඇහුවා.. නෙත්මිගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතුපාට වුණා.. කෙල්ල උත්තරයක් දීගන්න බැරුව ඇඹරෙද්දි ඔය ගැන තවත් කතා කරල වැඩක් නෑ කියලා මට හිතුණා.. තරහ, තරහපිටම තියෙනව නම් හොදයි.. එතකොට හැමදේම ඒක උඩින් තියාගෙන මේ ජීවන ගමන යන්න පුළුවන්..

    "ඕවා දැන් කතා කරලා වැඩක් නෑ අක්කෙ.. අනික මේ වෙලාව ඒකට සුදුසු වෙලාවකුත් නෙමෙයි.. ඒත් අක්කත් ඉස්සරහම මට නෙත්මිගෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා.."

    මෙච්චර වෙලා බිමට බරවෙලා තිබ්බ නිල් පාට ඇස් දෙක එක පාරටම මගේ දිහාට යොමු වුණා.. බයවෙච්ච මුව පැටියෙක් වගේ එයා බලන් ඉන්නකොට, මගේ හිතට ආවෙ, අගක් මුලක් හොයාගන්න බැරි ලොකු දුකක්.. ඒ අපි දෙන්නට කොයි තරම් සතුටින් ඉන්න තිබ්බද කියලා.. අනික ඉතිං ඔය ඇස් දෙකෙන්මනේ, මෙතනදිම, මං දිහා ගිනි පිටවෙවි ලෙලි යන්න බැන්නෙ..

    "මොනවද රන්දික..?"

    වෙනදට වැඩිය කොහොමත් නෙත්මි කූල් වෙලා තිබුණා.. සමහර විට ඒ අක්කා අපි දෙන්නා ඉස්සරහ හිටපු නිසා වෙන්න ඇති කියාල මට හිතුණා..

    "ඔයාලගෙ තාත්තා ගෙදර ඉන්නවද..?"

    මගේ ප්‍රශ්නෙන් නේතමි අන්දුන් කුන්දුන් උනා කියලා මට තේරුණා.. ඒකෙන්ම මං හිතාගත්තා මගේ ප්‍රශ්නෙ මෙලෝ වැදගැම්මක් නැති එකක් කියලා..

    "තා.. තාත්තා රටනේ රන්දික.. ඇ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ..?"

    "මේ ලෑන්ඩ් ෆෝන් එකට පහුවුන සතියෙ ඉදලා අද වෙනකන් කෝල් කීයක් නම් ආවද..?"

    "ම්.. මේ ෆෝන් එකට නම් වැඩිය කෝල්ස් එන්නෑ.."

    "කෝල්ස් එන්නැති කතාවක් නෙමෙයි මං ඔයාගෙන් ඇහුවෙ, කෝල්ස් කීයක් ආවද කියලා..?"

    "මට මතක හැටියට නම් එකක්වත් නෑ.."

    "එකක්වත් නෑ.."

    "ඔව්.. සමහර දවස්වලට එන්නෙම නෑ.. ඇයි.. ඇයි රන්දික ඔයා මේ වගේ ප්‍රශ්න අහන්නෙ..?"

    "ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.. මේ ලෑන්ඩ්ෆෝන් එකට ඔයයි, අම්මයි ඇරෙන්න තව කවුරු හරි ආන්සර් කරනවද..? සර්වන්ට් ඇරෙන්න.."

    "නෑ.. හුගාක් වෙලාවට මම තමයි ආන්සර් කරන්නෙ.. ඇ.. ඇයි රන්දික..? ඔයා මාවත් බය කරනවා මේ ප්‍රශ්න අහලා.."

    "ඔයා කියන්නකො මෙතන ඉදන් කතන්දරේ.. මොකද මං කියන ඒවා මෙයාට විශ්වාස නැතිවෙන්න පුළුවන්නේ.."

    බලන් ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු උනා.. ඒත් ඒ සුදු මූණ උඩ පැහැදිලි තරවටුවක් ලියවිලා තිබුණා.. ඒ තමයි 'පස්සෙ අල්ල ගන්නම්' කියනෙක..

    "බන්ටි කිව්වා පහුගිය දවස්වල ඔයාට කෝල්ස් ගත්තා කියලා.."

    "බන්ටි මට කෝල්ස් ගත්තෙ නෑ සමුදි.."

    "ඔය මං කිව්වෙ.. කතාව කියන්නත් කලින්ම මෙයා තීරණේ දීලා ඉවරනේ.."

    "අනේ බන්ටි.. ඔයා චුට්ටක් ඉන්නකො.. නෙත්මි අපු නැති හින්දනේ එයා නෑ කියන්නෙ.. ඉතිං නෙත්මි.. බන්ටි කිව්වා, ඔයාට ගත්තු හැම කෝල් එකකටම උත්තර දුන්නෙ පිරිමි කෙනෙක් කියලා.."

    "දෙයියනේ.. පිරිමි කෙනෙක්.. ඇත්තමයි රන්දික මං ඔයාට දෙකක් දෙනවා, මේ කියන ජරා කතා වලට.. ගෑනු ළමයි එක්ක පැල් බැදගෙන කතා කරන්නෙ ඔයානේ.. මමද..? දැන් එනවා ඒක මගේ පැත්තට වක්කරන්න.."

    අල වගේද ගෝවා කිව්වලු.. මට රාබුත් එක්කම ගද ගගහ හරි බත් කන්න හිතෙන්නෙ මේ වගේ කතා ඇහෙනකොට තමයි.. මේ ප්‍රශ්නෙ බේරගන්න, විසදගන්න හදන්නෙ නෙත්මි වගේ කෙනෙක් එක්කනේ.. අම්මපා.. කිසිම වියදමක් නෑ.. කොහොල්ලෑ ගුලිය වගේ නහුතෙටම ඇලෙනවා..

    "මං කියන දේ අහන්නකෝ.. පස්සෙ, මාත් ඔයාගෙ මේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගත්තා.."

    "ඉතිං ඔයාගෙන් මට කෝල් එකක් ආවෙ නෑනෙ.."

    "ඒක තමයි මං මේ කියන්නෙ.. කතා කරේ පිරිමි කෙනෙක්.. මහා නපුරු විදියට මට බැන්නා.."

    "න.. නම්බර් එක හරිද..?"

    ඔන්න දැන් තමා වැඩේ පත්තු උනේ.. නෙත්මිගෙ ඇස් දෙක උඩ ගියා.. තොල්පෙති උඩින් දාඩිය බින්දු දෙක තුනක් මතුවුණා.. මූණ සුපුරුදු විදියටම සුදුමැලි උනා.. එළ.. එළ.. හොදම වැඩේ පණ්ඩිත ආච්චිට.. බය කරලා සිහිය නැති කරන්නෝන.. නිකං වෙලාවට බලන්නෝන කටේ තියෙන සවුදම..

    "නම්බර් එක හරි.. ඒකෙ ආයෙ වරදින්න විදියක් නෑ.. මොකෝ අපි ඉස්කෝලෙ ගියපු නැති මිනිස්සු නෙමේනෙ.. ගියේ නුවර ධර්මරාජෙට.. උසස් පෙළ මාක්ස් තියෙනවා කැම්පස් යන්න තරම්.. ආ..යෙ නම්බර් එක හරිද අහන්නෙ.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "බන්..ටී.. ඔයා මොනවද මේ කියවන්නෙ..? මේ කෙල්ල හොදටම බයවෙලා ඉන්නෙ.. ඔයාලා රණ්ඩු වෙනව නම් පස්සෙ රණ්ඩු වෙන්න.. ඊට කලින් මේ ප්‍රශ්නෙ විසදගන්න බලන්න.. මෙතන මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා.."

    "වැරැද්දක් වෙන්න විදියක් නෑනෙ අක්කෙ.. මෙයා මොකක් හරි අටමගලයක් කරගනෙ ඇති.. නැත්නම් මෙයාගෙ ෆෝන් එකට කොහොමද පිට මිනිස්සු කතා කරන්නෙ.."

    "ර..න්දික.. අම්මත් ඉන්නවා.. ඔයා මාව අඩවන්නද හදන්නෙ..? අම්මා අහන ඒවට මට උත්තර දීලා පණ යයි.."

    "හරි.. එහෙනම් ඔහොම ඉන්නකො.. මේ නම්බර් එක ඔයාලගෙ ගෙදර නම්බර් එක නේද..? ආ.. හරිනේ.. ඔන්න මම මේක ඩයල් කරා.. චුට්ට්ක් ඉන්න.. ලව්ඩ් ස්පීකර් ඔන් කරන කල්.. හරි.. ඔන්න ආයෙත් බලන්න.. මේ ඔයාගෙ ගෙදර නම්බර් එකනේ.. වෙන එකක් එහෙම නෙමෙයි.. හා.. ඔය ඇහෙන්නෙ රින්ග්ස් යන සද්දෙ.. කෝ.. මේක වැඩ කරන්නෑනේ..ඒ උනාට රින්ග්ස් යනවා.."

    "අ.. අනේ මට හිතාගන්න බෑ.."

    "නෙත්මි.. කෑගහන්න එපා.. දැන් එහා පැත්තෙන් ආන්සර් කරයි.."

    අක්කා කිව්වත් වගේ ඊළග තත්පරේ එහා පැත්තෙන් රිසිවරේ උස්සන සද්දෙ ඇහුණා.. කලින් කතා කරපු කටහඩම උගුරෙ සෙට් කරගෙන මං උගුර පාද ගත්තා..

    "හෙලෝ.. මං පිණීමුතුගෙ ඩාන්සින් ටීචර් කතා කරන්නෙ.."

    "මිස්ටර්.. මං කිව්වනේ පිණීමුතුට සනීප නෑ කියලා.. එයාව ක්ලාස් එවන්න විදියක් නෑ.."

    "එහෙනම් මං ක්ලාස් එකේ ළමයි ටිකකුත් අරගෙන පිණිමුතුව බලලා යන්න එන්නම්.. මොකද අපේ කොන්සර්ට් එකත් ළගයිනෙ.."

    "ඕන කුදයක් ගහගන්නවා.. කියන දේ අහන්නැත්නම්.."

    "පිණීමුතුට ගොඩක් අමාරුද මිස්ටර්..?"

    "මේක තමුන්ගෙ ෆෝන් නම්බරේද..?"

    "ඔව්.."

    "එහෙම නැතුව වෙන කෙනෙක්ගෙ එකක් නෙමෙයි නේද..?"

    එහා පැත්තෙන් ඇහුණ ගොරෝසු කටහඩ, ටිකාක් විතර හුරු පුරුදු ගතියක් මට ආවා.. එත් ඒ කටහඩේ හිමිකාරයා කවුද කියලා හිතාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ..

    "නෑ.."

    "නිකං බන්ටි කියලා කෙනෙක්ගෙ වගේ.."

    මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. මෙන්න යකෝ ඒ පාර මගෙ නමත් මේ හුටපටේට ගෑවිලා..

    "නෑ.. නෑ.. මේක මගේ ෆෝන් නම්බර් එක.."

    "හරි.. එහෙනම් දුවව බලන්න එන්න ඕන්නෑ.. නිතරම මේකට අරගෙන මට කරදර කරන්නෙපා.. තේරුණාද..? මගේ ළමයා ගැන මං බලාගන්නම්.."

    එහා පැත්තෙන් ආයෙම ඇමතුම විසන්ධි කරලා දැම්මා.. ඔන්න වැඩේ හැටි.. කියලා කියන්න වගෙ මං නෙත්මි දිහායි, අක්කා දිහායි බැලුවා.. දෙන්නම හිටියෙ තක්කු මුක්කු වෙලා වගේ.. ඒකෙ කිසිම ඇදක් කුදක් නෑ..

    "මෙ.. මේ මොනවද රන්දික මෙතන වෙන්නෙ..? ක.. කවුද ඒ කතා කරේ..?"

    "කවුද කතා කරේ කියලා දන්නවා නම් මාත් මචං කියලා කතා කරනවනේ.."

    "ඒ උනාට ඔයාගෙ පෙට් නේම් එක ඒ මනුස්සයා දන්නවා.. අනික මෙහාට එන කෝල්ස් ඒ මනුස්සයා ළගට යන්නෙ කොහොමද..?"

    "මට බන්ටි කියලා කතා කරන විත්තිය, මේ නුවර ටවුන් එකෙන් බාගයක් විතර දන්නවා.. ඒක හින්ද ඒකෙ ඇති අවුලක් නෑ.. ඔයා අහපු දෙවනි ප්‍රශ්නෙට නම් උත්තරේ බොහොම ලේසියි.."

    "මොකක්ද..?"

    අක්කගෙනුයි, නෙත්මිගෙනුයි ඒ ප්‍රශ්නෙ ඇහුණෙ එක සැරේටම..

    "ඔයාලගෙ ගෙදර ෆෝන් එක 'ඩයිවර්ට්' කරලා.."

    "ඒ.. ඒ කියන්නෙ..?"

    "ඔයාලගෙ ගෙදර නම්බර් එකට එන කෝල්ස් වලට ආන්සර් කරන්නෙ වෙන මිනිහෙක්.. මිනිහා, එයාගෙ ෆෝන් එකට මෙහෙට එන කෝල්ස් හරවගෙන ඇති.."

    "දෙ.. දෙයියනේ.. ඒ.. ඒ කොහොමද එහෙම කරන්නෙ..? මට.. මට මේක අදහගන්නත් බෑ.. ඒ කියන්නෙ මට එන හැම කෝල් එකක්ම ඒ මිනිහටද යන්නෙ..?"

    "ඔ.. ඔව්.."

    "අ.. අනේ මට බ.. බයයි රන්දික.."

    නෙත්මි මගේ අතකින් අල්ලගත්තා. ඒ දේ එයාට උනේ ඉබේටම වගේ.. පස්සෙ තත්පර ගානකින් කෙල්ලට මතක් උනා අපි දෙන්නා තරහකාරයො විත්තිය.. මෙන්න කෙල්ල පටස් ගාලා අත ඈත් කරගත්තා.. ඒක දැකලා අක්කට ලොකු හිනාවක් ගියා..

    "ඔයාලගෙ අනුදැනුමක් නැත්නම්, ඔය ඩයිවර්ට් කරන කතන්දරේ මොකක් හරි ගැජ්ට් එකක් හරහා කරන්න ඇති.. අපි බලමුකො ලෑන්ඩ් ෆෝන් එක.."

    මං පන්ඩිතයා වගේ කිව්වා.. නෙත්මි ඇස් දෙකත් ලොකු කරන් මං දිහාම බලන් ඉන්නවා.. එළ.. එළ.. මේ වගේ අවස්ථා බන්ටිට දෙයියො දෙන්නෙ පොරක් වීම සදහා.. ඉතිං බන්ටි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නෑ කියලා කවුද හිතන්නෙ..

    "හරි මේ තියෙන්නෙ.."

    නෙත්මිගෙ ලෑන්ඩ් ෆෝන් එක යටින්ම වගේ හයි කරලා තිබ්බ අලු පාටට හුරු පුංචි උපකරණයක් මං ගලව ගත්තා.. ඒකෙ වැඩි කෑල්ලක් තිබුණෙ නෑ.. ඔන් ඕෆ් ස්විච් එකක් විතරයි තිබුණෙ.. මං ඒ ගැජට් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරා..

    "ඔක්කොටම කලින් මේක ඇන්ටිට කියලා ඉන්නෝන.."

    "අ.. අනේ ප්ලීස් රන්දික.. අම්මට නම් කියන්නෙපා.."

    "කියන්නෙපා.. ඇයි ඒ..? තියෙන හොර හිතනේ.. නැත්නම් ඇන්ටි දැන ගත්තහම මොනව වෙනවද..?"

    "අනේ සමුදි.. රන්දිකට කියන්න අම්මට කියන්නෙපා කියලා.. මට හදිසියකට ගෙයින් එළියට බහින්න දෙන එකක් නෑ.."

    නෙත්මිගෙ මූණ දැක්කම මට පව් කියලා හිතුණා.. හිතුවෙවත් නැති විදියට ඒ මූණ අන්ත අසරණ වෙලා තිබුණා.. කොයි තරම් කට ගහගෙන ආවත් ලොකු ප්‍රශ්නයක් මූණ ඉස්සරහට එද්දි හුගාක් කෙල්ලො අන්ත අසරණ වෙනවා.. ඒකට හොද උදාහරණයක් තමයි මේ නෙත්මි..

    "හරි.. හරි.. මෙතනින් එහාට අවුලක් වෙන එකක් නෑ.. ගැජ්ට් එක මගේ සාක්කුවෙනෙ.. දැන්වත් ඉතිං දෙයියනේ කියලා මතක් කරගන්න, පහුගිය දවස්වල මේ ගෙදරට ගෙන්න ගත්තු කට්ටිය ගැන.."

    "කට්ටිය..?"

    නෙත්මිගෙ ඇස් දෙක තවත් ලොකු උනා..

    "ඔව්.. කොල්ලො, බල්ලො එහෙම.. ඒ ආපු එකෙක්නෙ ඕක හයි කරලා යන්නැත්තෙ.."

    "අ.. අනේ රන්දික.. ඇ.. ඇයි ඔයා මට ඔය තරම් කැත විදියට කතා කරන්නෙ..? මං කවුරුවත් මේ ගෙදරට ගෙන්නගෙන නෑ.. මට ඔහොම දේවල් කියන්නෙපා.."

    "එහෙනම් ඉතිං අහසින් පාත්වෙච්ච දේව දූතයෙක්, ඔයාගෙ ලස්සන දැකලා මේක හයි කරලා යන්න ඇති.. මං යනවා අක්කෙ.. ඔයා කතා බහ කරලා එන්න.. මං එළියෙන් ඉන්නම්.. තවත් මට මෙතන කතාවක් නෑ.."

    "බ..න්..ටී.."

    "ර..න්..දි..ක"

    අක්කයි, නෙත්මියි දෙන්නම තරගෙට වගේ අමතද්දි මං මිදුලට බැස්සා.. මොකටද නිකං.. එදා මං මෙතෙන්ට ආවම මාව, කුණු කොල්ලෙට දාලනේ කතා කරේ..

    "අ.. අනේ රන්දික මේ බීම එකවත් බීලා යන්න.."

    "මට එපා.."

    "මගෙන් ඔය තරම් පළිගන්නෙපා දෙයියනේ.. මේවට වස විස දාලා නෑ.. හොද ළමයා වගේ මේක ගන්න.."

    "බෑ.. බෑ.. වහින්න වගෙත් එනවා.. හෙණ ගහයිද කියල බයෙත් බෑ.. දැන් කට්ටිය සාප කරන්නෙ වහින වෙලාවට එළියට බහින්න එපා කියලනේ.."

    බලාගෙන ඉද්දිම නෙත්මිගෙ මූණ අදුරු වෙලා ගියා.. නිල් පාට ඇස් දෙක පුරවලා කදුළු පිරුණා.. එළියෙ වැස්ස කොහොම වෙතත් මේ වැහි වලාව නම් මෙතනදිම කඩාගනෙ වැටෙයි කියලා මට හිතුණා.. ඒ මොන දේ උනත් මං බීම එකට අතවත් තිබ්බෙ නෑ.. ගල් කරගත්තු හිත එහෙම්ම තියාගෙන, මං ගේට්ටුවෙන් එළියට ආවා.. අඩුගානෙ මං හැරිලවත් බැලුවෙ නෑ..


    Mathusambandai.gif



     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඕව ගන්නේ නෑ බන් නොදී පලයන්කෝ...මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්..වැඩක් නැත්නම් නොදී නිදගනින්කෝ....මාර අසනීපයක් නේ උබට තියෙන්නේ....තාමත් හොඳ නැ ..නේද? උබ මෙතන මොකක් දැම්මත් අපි කියවන්නේ මේක විතරයි...උබ මේකට පු*^&* දෙන්නේ නැතුව වෙන ත්‍රෙඩ් එකක ඕක දාපන් ගල්*&^% තෙරුනයි>>>>>>>:no::no::no:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ගනන් ගන්නේ නැත්නම් සද්ද නැතුව හිටපන්... ඇයි අඬන්නේ, යකෝ ත්‍රෙඩ් එකේ අයිතිකාරයට නැති අමරුවක්නේ කටු කන බල්ලොන්ට තියෙන්නේ :lol::lol:
    මේකට දෙන්න සිර උදාහරණයක් තියනවා එක කිඋවොත් උබට පවු නැ...මට පවු සිද්ද වෙනවා
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අම්මේ මේකා තව දාලනේ පිස්සු කොල්ලෙක්නේ නේ..අපි ඔෆිස් වල වැඩකරන්නේ නැද්ද අද තාමත් කියවල ඉවර නැ..:lol::lol::lol::lol: