෴♥ බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 ♥෴

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පට්ට සිර මචන් නයි කයිද රෝස්පන් කිඋවලු ඉක්මනට දාපන්කෝ දැන්නේ වැඩේ නැගල යන්නේ සිරාම තමයි..බලමු රෙපක් දෙන්න පිලුවන්ද කියලා...:confused::confused::D:D;););););):lol::lol::lol::lol:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අනේ කොල්ලෝ රේප් දෙන්න බැලු..මගේ රේප් පොවෙර් එක 1 යි මචෝ...අද තව එකක් මම 6.30PM වෙනකන් ඉන්නවා..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එහෙනම් අපි කැපුන සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා..හෙට උදේට අලුත් එකක් බඩියෝ..
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    aaa me yauwana sameendra ge

    e mage malai book ekane

    owa kiyawala hugak kal ban

    wena aluth poth nadda???
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචං බඩී බොහොම ස්තුතියි සහෝ.

    මේ එළකිරියෙ ඔක්කොම හොඳයි ඕන වෙලාවට රෙපක් දාන්න බැරි එක තමා දුක. රෙප් ඕපන් වෙච්ච ගමන් උඹට ආයෙත් රෙප් දානවා, මේ කරගෙන යන වැඩේ එළ.

    ජය!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-06.jpg


    06.png

    අක්කයි, මමයි ආපහු ගෙදර එද්දි එයා මට රෙදි ගැලවෙන්න බැන්නා.. මං කරපු දේ හරිම කැතයි කියලා.. ඒත් ඉතිං චාමිකත් ඉන්න යෙවලාවෙ, නෙත්මි මට කොයි තරම් පහත් විදියටද කතා කරේ.. එයා දන්න ශිල්ප ඔක්කොම දාලා බන්ටිට නොක් අවුට් වෙන්නම වැනුවනේ..

    "නෙත්මි හොදටම ඇඩුවා බන්ටි.."


    "ඉතිං..?"


    "ඉතිං කියන්නෙ ළමයො.. ඔයා කරේ හරිම පව් වැඩක්.."


    "අපි දැන් ඔය කතාව නවත්තමු අක්කෙ.. ඕක වැඩිදුර අරගෙන යන එක අපි දෙන්නගෙම ශරීර සෞඛ්‍යයට හොද මදි.."


    ගෙදරට ළංවෙනකොටම ඈත තියාම මං දැක්කෙ, වත්ත පහල බංකුවෙ වාඩිවෙලා ඉන්න ලොකු පුතයි, රවීනුයි.. මුං දෙන්නා මේ වෙලාවෙ ආපු එක නම් කියලවත් කරගන්න බැරි දෙයක්.. අක්කට එහෙම්මම ගෙට යන්න දීලා මං බංකුව ළගට ගියා..

    "කොහෙද ලොකු පුතේ ගියේ..? අපි සෑහෙන වෙලාවක් මෙතන බලන් හිටියා.."


    "මාර වැඩක් උනානෙ චාමික.. උඹට පුළුවන්ද මේක අදුනගන්න..?"


    ලොකු පුතාට වැඩිය කතා කරන්න දුන්නොත්, ඌ අගයි මුලයි දෙකම පටල ගන්නවා.. ඒක හින්දා මමම ඉස්සර උනා..


    "පොඩි එකෙක්ගෙ සෙල්ලම් බඩු කෑල්ලක්ද කොහෙද..?"


    "පිස්සුවක් ඇතෑ.. කතන්දරේ මේකයි.."


    වැඩිය අගය කරන්නැතුව, ටෙලිෆෝන් එකේ සීන් එක රවීනුයි, ලොකු පුතයි ඉස්සරහ මං තිබ්බා.. මං කියාගෙන ගියපු දේවල් උං දෙන්නට කොයි තරම් ඉන්ටරෙස්ටින් උනාද කියනවා නම් උං දෙන්නා ගල් ගිලල වගේ මං දිහා බලන් හිටියා..


    "පිස්සු හැදෙනවා බන්ටි අයියෙ.. කවුද එතකොට ඔය වැඩේ කරපු හාල්පාරුවා.."


    "කවුද ඉතිං.. ඔය ගෙදරට එන එකෙක් වෙන්නැති.."


    "වැඩේ කියන්නෙ ලොකු පුතේ, ඒකා උඹවත් දන්න කියන එකෙක් වීමනෙ.."


    "ඒකෙ අවුලක් නෑ චාමික.. දැන් ගැජට් එක තියෙන්නෙ මගේ ළග.. මේ දගලන එකා කවුද කියලා, හුගාක් ඉක්මනට දැනගන්න පුළුවන් වෙයි.."


    "ඒ කොහොමද..?"


    "මං මේ ගැජට් එක අපේ ගෙදර ෆෝන් එකට සෙට් කරනවා.. ඊට පස්සෙ මං අපේ ගෙදර නම්බර් එකට කෝල් එකක් ගන්නවා.. ඇමතුම කෙලින්ම යන්නෙ, මේ ඩයිවර්ට් කරපු එකා ළගටනෙ.. හරි.. අපි ඒක ටිකක් පස්සට තියමු.. දැන් හවස් වරුවෙ මිෂන් එක කොහොමද..?"


    මං ඊගාව කතාවට බැස්සා.. නැතුව බෑ බං.. මේ තියෙන ලට්ට පට්ට ටික පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා දාන්නෝන..


    "ගෑනිගෙ නම නයනතාරා.. අවුරුදු තිස් දෙකයි.. ළමයි දෙන්නයි.. අනික්වා තිස් හතරයි.. තිස් දෙකයි.. තිස් හතරයි.."


    රවීන් කියාගෙන යනවා.. මායි, ලොකු පුතයි දෙන්නම කටවල් ඇරගත්තා.. ඇත්තමයි මූ නම් යවන්න ඕන රහස් පරීක්ෂය දෙපාර්තමේන්තුවට.. මූ ඒ තරම් අති විශිෂ්ඨයි..


    "අර තිස් ගණන් වගයක් කිව්වෙ මොකක්ද ලොකු පුතේ..?"


    බලන් ගියාම චාමිකට නොතේරිච්ච එකම තැන ඕකයි..


    "ආ.. ඒවා තමා මැෂිමන්ට් කියන්නෙ..? ඔයිට වැඩිය කියන්න ගියොත්, කුණුහරුප තමා කියන්න වෙන්නෙ.. ඒක හින්දා වැඩිය කතාබහ නැතුවම මේ වැඩේට සපෝර්ට් එක දීපං.."


    එතන ඉදාලා හවස් වරුවෙ කරන්න තියෙන අති ප්‍රබල රංගනය ගැන අපි තුන්දෙනා චැට් එකක් දැම්මා.. ඒකෙ ඇත්තටම අපිට කරන්න දෙයක් නැති ගානයි.. මොරීන් අක්කට තමයි රූප රාමුවකටම පෙනී සිටින්න වෙන්නෙ..


    "ලොකු පුතේ.."


    "ම්.."


    "මං මෙහෙම උඹත්තෙක්ක උද්යෝගයෙන් කතා බහ කර කර හිටියට, බොහොම වේදනාත්මක මතයකයි මං ඉන්නෙ.."


    මොරීන් අක්කගෙ ගෙදරට හිමින් සීරුවෙ ඇවිදන් එද්දි චාමික අමුතු කතාවක් කිව්වා..


    "උඹට වේදනාත්මක මතකයවල් එන්නෙ කොහොමද බං.. කෙල්ලෙක්වත් නැතිකොට.."


    "ඔය බලපල්ලා ඉතිං.. උඹලට දෙයක් කියන්නෙ කොහොමද ඉතිං.. මං මේ කියන්න හැදුවෙ අපේ මාග්රට් පුංචි අම්මා ගැන.."


    "අපොයි අර දොළහෙ දොළහෙ බැරල් බාගෙද..?"


    ගත් කටටම මට කියවුණා.. ඒකෙ ඉතිං ඇති වැරැද්දකුත් නෑ.. මොකද මගේ ජීවිතේටම දැකපු මහතින් වැඩි කාන්තාව තමයි, චාමිකගෙ මාග්රට් පුංචි අම්මා.. ආයෙ දෙකක් නෑ.. අලි භාගයක් විතර සයිස්..


    "ඔව්.. හැබැයි දැන්නම් උඹල කලින් දැක්කටත් වැඩිය මහතයි.."


    "හරි.. හරි.. මොකක්ද කියපං අවුල.. මොරීන් අක්කගෙ ගේත් පේනවා.."


    "ඊයෙ පුංචි අම්මගෙ ඇගේ මෝටර් සයිකලයක් හැප්පිලා.."


    "ඌට ඩැමේජ්ද..? අන්තිමද..?"


    "බයිසිකලේ කන්ඩෙම්ද..?"


    "ඉදපල්ලකො කියනකල්.. හැප්පෙන වෙලාවෙ මාත් එතන හිටියා.. පුංචි අම්මව හැප්පුව විතරයි මං පැනල ගිහින් බයිසිකල්කාරයගෙ බෙල්ලෙන්ම අල්ල ගත්තා.."


    "ඉතිං..?"


    "ඇයි යකෝ පාර මේ තරම් ඉඩ තියෙද්දි උඹ අපේ පුංචි අම්මගෙ ඇග උඩින් ආවෙ.. බලපං දැන් මෙතන ප්‍රශ්න කීයක්ද..? උඹට තිබ්බෙ නැද්ද ඩිංගක් වටෙන් දාලා යන්න.. කියලා මං උගෙන් ඇහුවා..
    "

    "ඌ හැරෙන තැපෑලෙන් උඹට නෙලුවා..?"


    "නෑ බන්ටි.. ඌ මට කියනවා.. අනේ බුදු සර්.. වටෙන් ගියා නම් බයිසිකලේ පැට්‍රෝල් ටික ඉවරවෙනවා.. ඒකයි කෙලින්ම ගියේ කියලා.."


    මටයි, රවීන්ටයි හිනාව නවත්තගන්න බැරිවුණා.. මේකා මේවා ඇත්තට කියනවද බොරුවට කියනවද මංදා. කොහොම උනත් ඒ වෙනකොට අපි මොරීන් අක්කගෙ ගෙදර ළගට ඇවිල්ලා ඉවරයි..


    "බන්ටි මල්ලි.."


    ගේට්ටුවෙන් ඇතුල්වෙන්න හම්බ උනේ නෑ.. මෙන්න මොරීන් අක්කා හොදට ඇද පැළදගෙන අපි ඉස්සරහට ආවා..


    "ෂහ්.. මොරීන් අක්කෙ ඔයා අද හරිම හැඩයි.."


    "කොයි තරම් හැඩ උනත් ඔයාගෙ රසික අයියට හැඩ පේන්නෙ නැත්නම් වැඩක් නෑ.. හ්ම්.. එන්න අපි යමු.. මං ත්‍රීවීල් එකකටත් එන්න කිව්වා.."


    බලන් ගියාම මොරීන් අක්කත් මාරයි.. මගේ හිතෙත් තිබ්බෙ ත්‍රීවීලර් එකක් අරන් ගටුගස්තොටට යන්න.. එතකොට වැඩේ අවුලක් නෑ.. ඒකම මොරීණ් අක්කත් කල්පනා කරලා.. ඕවට තමයි කියන්නෙ අධි සංවේදී උපකරණ අපි ගාවත් තියෙනවා කියලා..


    ****************************


    කටුගස්තොටට එන්න අපිට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.. 'නයනතාරා ගෙස්ට්' එක ළගට ඇවිල්ල අපි කෙරුවෙ ත්‍රීවිලර් එක හරවල යවපු එක..


    "තැඹිලි ගෙඩියෙ අර තරම් වතුර කන්දරාවක් තියෙන්නෙ කොහොමද කියනෙක මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක්.."


    ගෙස්ට් එකට ඇතුල්වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි චාමික අමුතු කතාවක් කිව්වා..


    "මොකද උඹට එක පාරම තැඹිලි ගෙඩියක් මතක් උනේ..?"


    "නෑ ඉතිං ඒ ප්‍රශ්නෙට උත්තරේ නිකම්ම හම්බ උනා.. අපි හතර දෙනාම ත්‍රීවිල් එක ඇතුළෙ පැක්වෙලා ආපු හැටි මතක් උනාම.."


    මූත් පිස්සු කියවනවා.. මෙච්චර බරපතල වැඩක් කට ඉස්සරහ තියෙද්දි..


    "මොරීන් අක්කෙ.. මං කියපුව මතකයි නේද..? ඕවර් යන්න බෑ.. මේ චාමික තමයි ඔයාගෙ මල්ලි.. අපි සපෝටර්ලා.. අනිත් ඒවා වගේ නෙමෙයි.. මෙතන තනියම හැන්ඩ්ල් කරන්න ගියොත් වැඩේ ඇනෙනවා.."


    "හරි.. බන්ටි මල්ලි.. මං වැඩේ තිතට දෙන්නම්.."


    අපි හතර දෙනාම පිළිවෙලට ගෙස්ට් එකට ඇතුල් උනා.. ඒ වෙනකොටත් රිසෙප්ෂන් එක තිබ්බ පුංචි හෝල් එකේ දහ දොලොස් දෙනෙක් විතර කෑම කකා හිටියා.. හිතුවටත් වැඩිය මෙතන පොෂ් පාටයි..


    "ඔය.. ඔය ඉස්සරහ ඉන්න ගෑනි තමයි.."


    රවීණ් මගේ කණට කෙදිරුවා.. ඒ වෙනකොටත් මං ගෑනිව අදුනගෙනයි හිටියෙ.. ඊයෙ රෑ ලාවට ෆේස්කට් එක දැක්කට, මේ බන්ටිට ඔය ගෑනිගෙ හැම ලතාවක්ම මතකයි..


    "අපිට රූම් එකක් ගන්න පුළුවන්ද..?"


    මගේ කතාවත්තෙක්කම ගෑනි මූණ උඩට ඉස්සුවා.. පේෂල් කරල වැඩි වෙලාද මංදා, ඒ මූනෙ තිබ්බෙ අමුතුම සුදුමැලි ගතියක්.. ඒත් ඒ සුදුමැලිකම මැද්දෙන්, තිබ්බෙ පිරිමි වශිවෙලා යන බාදුරා මලක ලක්ෂණ.. මට වැඩියක්ම බය හිතුණෙ ඒකයි..


    "ඔයාලා හතර දෙනාටමද..?"


    "ඔව්.."


    ගෑනි ටිකක් පුදුම වෙලා වගේ අපි දිහා බැලුවා.. සමහර විට එයාගෙ මට්ටමෙන් අපි ගැන හිතන්න ඇති කියලා මට හිතුණා.. තනි කෙල්ලෙකුට කොල්ලො තුන්දෙනෙක් කියලා..


    "අපිට පොඩ්ඩක් රූම්ස් බලන්න පුළුවන්ද..?"


    "ඔව්.. බුකින් ඒවා කීපයක්ම තියෙනවා.. කෝ ඉන්න මං කවුරු හරි ඔයාලට දෙන්නම්.."


    "කවුරුවත් එපා.. ඔයාම ඇවිල්ලා අපිට පෙන්නුව නම් වැඩේ ෆිට්.. මොකද අයිතිකාරයනෙ දන්නෙ හොදම කාමරේ මොකක්ද කියලා.."


    "ඒකත් එහෙමද..? එහෙනම් එන්න.."


    මගේ කතාවත් එක්කම ගෑනි අපිව එක්කන් යන්නෙ හොදම කාමරේට කියලා මං දැනන් හිටියා.. මං රවීන්ට මාපටැගිල්ල උරුක් කරද්දි ඌ මගේ පිටිපස්සෙන් වැටුණා..


    "ඔයාලා හතර දෙනාටම එකක් ඕන හන්දයි මං මේ ඩබල් රූම් එක පෙන්නන්නෙ.. ඇටෑච් බාත්රූම් ඔක්කොම තියෙනවා.. හැබැයි චාර්ජ් එක නම් වැඩියි.."


    කාමරේ ඇතුළට ඇවිල්ලා, නයනතරා හැම දෙයක්ම විස්තර කරද්දි, මං කාමරේට ඇතුල්වෙන දොර ඇතුලෙන් අගුල්දාලා ඒ දොරට හේත්තු වුණා..


    "මේ.. මොකද මේ..?"


    අහම්බෙන් උනත් ගෑනි ඒ දේ දැකලා එකපාරටම කඩාගෙන බිදගෙන මගේ ළගට එන්නයි හැදුවෙ.. මං මෙච්චර වෙලා ඉනේ ගහගෙන ඉදපු සෙල්ලම් පිස්තෝලෙ, භාගයක් එළියට පේන්න ඇදලා ගත්තා.. පිස්තෝල කට දැක්කා විතරයි, ගෑනිගෙ ඇස් ටොම්බා සයිස් එකට ලොකු උනා..


    "සද්ද නැතුව ඔය ඇදෙන් වාඩිවෙන්න.. විලාප තියන්න ගියොත් මේක පත්තුවෙයි.. ඒ එක්කම අපිත් යන්න යයි.. තේරුණාද..?"


    මගේ තිබ්බ සබ්බ සකල අහිංසක මූණත් තහඩුව පැත්තකට දාලා, මහා මැර මූණක් හදාගත්තා.. මං හොදාකාරවම දන්නවා, මේ මූණට අපේ ගෙදර මිනිස්සුත් බයයි කියලා..


    "ත.. ත.. තමුසෙලා මාව මංකොල්ල කන්නද හදන්නෙ..?"


    ගෑනිට කතා කරගන්නත් බෑ.. වචන හිටන් පටලැවෙනවා.. ඒ කියන්නෙ මගේ රගපෑම අති විශිෂ්ඨයි කියනෙකනේ.. දැන් ඉතිං ගේම පටන් ගන්න කියලා මං මොරීන් අක්කට ඉගියක් දුන්නා.. ගෙෑනි බයවෙලා ඉන්න ඉදිල්ලට හූවක්වත් කියාගන්න බෑ කියලා මට තේරුණා..


    "අපි තමුසෙව මංකොල්ල කන්න ආවෙ නෑ.. තමුසෙ තමයි මංකොල්ල කෑවෙ.."


    මොරීන් අක්කගෙ චීන පටස් වගේ කතාව, නයනතාරාට දිරවගන්න බැරිවුණා.. ඒකි බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියලා..


    "ම.. මං මංකොල්ල කෑවා..? ඔයාලට වැරදීමක් වෙලා.."


    "නිකං බබා වෙන්න හදන්නෙපා.. තමුසෙ නයනතාරා නේ..?"


    "ඔ.. ඔව් මං නයනතාරා තමයි.. දෙ.. දෙයියනේ.. ම.. මගේ නමත් දන්නවා.. ක.. කවුද ඔ.. ඔයාලා..?"


    "මං තමයි මාලු ගාමිණිගෙ දුව.."


    "මා.. මාලු ගාමිණි..?"


    "ඔව්.. තමුසෙ මංකොල්ල කෑවෙ මගේ ලොකුම වස්තුව.. මං ඒක ආපහු අරන් යන්නයි ආවෙ.."


    "ම.. මට තේරුණේ නෑ.."


    තවත් එහාට මේ කතන්දරේ අරගෙන ගියොත් වැඩේ අල වෙනවා කියලා මට තෙරුණා.. මං ලොකු පුතාට ඇහැක් වැහුවා.. ගෙට්ස් හවුස් එකේ වැඩ කරන ඈයො ඕනර්ව හෙව්වොත්, මේක පොලීසියෙනුත් එහා නතරවෙන කේස් එකක්.. අපි හතර දෙනාටම යකඩ කූරු ගණන් කරන්නයි වෙන්නෙ..


    "තේරෙන්නෙ නැත්තෙ, තමුසෙ බබානෙ.. තමුසෙ තමයි මගෙ අක්කගෙ කොල්ලා අල්ලගෙන ඉන්නෙ.."


    "කොල්ලව..?"


    "ඔව්.. කොල්ලා තමයි.. මොකද ඌ තාම බැදපු එකෙක් නෙමෙයිනෙ.. ඌ වගේ වනචරයෙක් මගේ අක්කට ඕන නෑ.. ඒත් ඌව අතෑරල දාන්න බැරි තරමට දැන් වැඩේ සිද්ධ වෙලා.."


    "ඒ.. ඒ කිව්වෙ..?"


    "උගේ අතින්, මගේ අක්කට ළමයෙක් ලැබෙන්න ඉන්නවා.. තමුසෙ හින්ද ඌ මගේ අක්කව මගාරිනවා.. දැන් තේරුණාද..?"


    ඒ පාර චාමික මැරයා වෙලා.. ඌ උගේ පාට් එක අන්තිම ප්‍රශස්ථ විදියට කරනවා.. මට මූ ගැන හරි ආඩම්බරයි අප්පා.. රාජ්‍ය නාට්‍ය උළෙලට මූව ඉදිරිපත් කලා නම්, අවුලක් නැතුවම මේකා හොදට නලුවට හිමි සම්මානය ලබා ගන්නවා..


    "කවුරු ගැනද ඔය කියන්නෙ..?"


    "කියන්නෙ නම් තමුසෙ ඊයෙ රෑත් ගෙදර ළගින් බස්සල ගියපු රසික විජේරත්න ගැන.."


    ගෑනිගෙ ඇස් දෙක ආයෙත් ටොම්බා සයිස් එකට ලොකු උනා.. කලින්, වාඩිවෙච්ච තැනින් නැගිට ගන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටපු ගෑනි, තවත් ඇදට බර උනා..


    "ර..සි..ක..?"


    "ඔව්.. රසික තමයි.. මගේ බඩේ ඉන්න දරුවගෙ තාත්තා තමයි ඌ.. මට ආරංචි හැටියට උඹ තමයි ඌව මෙතෙන්ට ගෙන්නගෙන එන්නෙ.. මතක තියාගනිං.. මං අපේ තාත්තව මෙතෙන්ට ගෙන්නුවොත්, මාලු කපන පිහියෙන්ම උඹව පෙති ගහයි.. උඹටත් පුංචි ළමයි දෙන්නෙක් ඉන්නවනේ.. ඒ ගැනත් හිතපං.."


    පිස්සු හැදෙනවා.. මට හද හපන්න තිතෙනවා.. මෙන්න යකඩො ඇක්ටින්.. එකෙකුට එකෙක් දෙවනි නෑ.. කාට සම්මානෙ දෙන්නද මන්දා..


    "තාත්තට දැනටමත් ඉව වැටිලා තියෙන්නෙ.. සමහර වෙලාවට, අද හෙටම මෙතෙන්ට ඇවිල්ලා ලොකු අඩව්වක් අල්ලයි, තමුසෙගෙ පටි හතම රෝල් වෙලා යන්න.. තාත්තා තුන් හතර පාරක්ම බෝගම්බර සිරි නරඹලා තියෙනවා.. තව පාරක් ගියා කියලා තාත්තට ප්‍රශ්නයක් නෑ.. තමුසෙට තමයි, රසිකයි ළමයි දෙන්නයි දාලා යටියන්තොටට යන්න වෙන්නෙ.."


    ඒ පාර රවීන්, මොරීන්ගෙ බාලම මල්ලි වෙලා.. පුදුම සහෝදර ප්‍රේමයක්.. මට නම් හිතාගන්නවත් බෑ..


    "ම.. මට මොනවද ක.. කරන්න කියන්නෙ..?"


    "අදම.. මේ දැන්ම, රසිකත් එක්ක තියෙන සම්බන්ධෙ නවත්තනවා.. නැත්නම් අපි නරක මිනිස්සු කියන්නෙපා.. පේනවනේ බඩුව.. මූණ උඩින් කොට්ටෙ තියලා, මේක ලං කරලා පත්තු කරන්න විතරයි ඕන.. අර කිව්වත් වගේ, වැඩි සද්දයක් බද්දයක් නැතුවම යටියන්තොට දක්වා බලා යයි.."


    ගෑනි විහිලුවටවත් පිස්තෝලෙ දිහා බලන්නෑ කියලා මං දන්නවා.. ඒ මදිවට ඒකි අත් දෙකෙන්ම මූණ වහගෙන හෝ ගාලා අඩන්න ගත්තා..


    "තමුසෙගෙ ආත්ම ගරුත්වෙ ගැන හිතලයි, මෙහෙම කාමරේ ඇතුළට අරන් කතා කරේ.. මේ ගැන අරූට, මූට පොලීසිවලට කියල වැඩේ වණ කරන්නෙපා.. තේරුණාද..? මිනිය හංගන්නෙ, භූමදානෙට වත් හොයාගන්න බැරිවෙන්න.. තමුසෙ රසිකට මීට පස්සෙ මෙතෙන්ට අඩිය තියන්න දුන්නොත්, ඒ තමයි තමුසෙගෙ අවසන් රංගනය.. මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනිං කියලත් මතක තියාගන්නවා.. මීට පස්සෙ කිසිම දැනුම් දීමක් නෑ.."


    "ම.. මං නවත්තන්නම්.. මට කරදර කරන්නෙපා.."


    ගෑනි තාමත් අත් දෙකෙන් මූණ වහගෙන.. බය කියන්නෙ පෙට්ටියෙන් එකයි..


    "හැබැයි තමුසෙ බොරු කරලා අහවුණොත්, මුලින්ම බිත්තරේක හැංගිලා ඇසිඩ් පාරක් එයි.. ඔය ලස්සන මූන ඉඹල යන්න.. අනිත් ඒවා ඊට පස්සෙ.. හ්ම්.. අපි යමු.."


    මං ආයෙත් සෙල්ලම් පිස්තෝලෙ ඉනේ ගහ ගත්තා.. හරියට පුරුදු නැති හින්දා, තුන්වෙන පාර ඔබනකොට තමයි, කලිසම ඇතුළෙන් පල්ලෙහාට ගියේ.. කවුරු හරි දැක්ක නම් ලැජ්ජාවෙ පණ යනවා..


    "ඒ වගේම මේක රසිකට කියලා තිබුණොත්, තමුසෙ ළමයි ගැන තියෙන ආසාව අතෑරල දානවා.. තේරුණාද..?"


    නයනතාරා, හතිය හැදිච්ච ගෑනි වගේ හූල්ලද්දි අපි හතර දෙනා, තත්පරේට කාමරෙන් එළියට ආවා.. ආපු ගමන්ම මං වටපිට බැලුවෙ, අපේ වැඩේ අවුලක්ද වෙලාද කියලා බලන්න.. කිසිදු අවුලක් නෑ.. එළියෙ හොදට ඉර පායලා.. තිබුණ වගේම අපේ වැඩේ අන්තිම පිළිවෙලට සිද්ධ වෙලා තිබුණා.. ඉතිං තවත් මොනවද..?


    අතිශය කාර්ය බහුල දවසක් නිමාවෙන්න තිබ්බෙ තව ටික වෙලාවයි.. දණිස් පොල්කටු දෙකත් කට කට ගානවා.. ඒ තරමට ගෙවිලා.. බෙයාර්න් මුලුමනින්ම ගිහිල්ලා.. ඇග පතේ බුෂ් ටික සේරම තවුත්තු වෙලා..


    ****************************



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං රෑට කෑම කෑවෙත් බොහොම ඩිංගයි.. ගෙදර මිනිස්සු හැමෝම පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ, හරියට අදහගන්න බැරි දෙයක් සිද්ධ වුණා වගේ.. බලන් ගියාම ඒකෙ ඇති වරදකුත් නෑ කලින් පාරක් මට උණ හැදිල, වැලේ වැල් නැතුව කන්නවත් බැරුව ඉද්දිත්, බත් පිගන් දෙකට කැත නැතුව වග කිව්ව ඔර්ජිනල් බඩුවක් තමයි මේ බන්ටි කියන්නෙ..

    කෑම මේසෙන් නැගිටලා එද්දි මං අයියා දිහා බැලුවා..අනේ අප්පුච්චෙ.. මේකා බොහොම සන්සුන්ව, කිසිම ප්‍රශ්නයක් නැති පිංගුත්තරයෙක් වගේ කෑම අඹරනවා.. කමක් නෑ.. ඔය සන්සුන්කම තව වැඩි දවසක් රැදෙන්නෑ.. ඒ කොහොම උනත් ඔය නැහැදිච්චකම නම් මේ බන්ටි සිරාවටම අද හෙටම නවත්තනවා..


    "බන්ටි මහත්තයො.."


    කුණු නිදිමතේ බෙඩ් ෂීට් එකට රෝල් උනා විතරයි මට බේබි නැන්දගෙ කටහඩ ඇහුණා..


    "මට නින්ද ගිහින් බේබි නැන්දෙ.."


    "ඒකට කමක් නෑ.. ගරහම්බෙල්ගෙන් පණිවිඩයක්.. හීනෙන් හරි ඇවිත් ගන්න.."


    "මං ගෙදර නෑ කියන්න.. ගන්න එකෙකුට හෙට ගන්න කියන්න.."


    "මෙච්චර රෑ වෙලා, මහත්තයා ගෙදර නෑ කියන්නෙ කොහොමද..? අනික ගෑනු ළමයෙක්නෙ කතා කරන්නෙ.."


    මලා.. මේ වෙලාවෙ කවුද අප්පා මාව අමතන්නෙ..? ෂුවර් එකට නින්ද යන්නැති ලෙඩක් තියෙන එකෙක් වෙන්නැති.. වැනි වැනිම ගිහින් මං රිසිවරේ අතට ගත්තා.. ඒත් ඒ වෙලාවෙ එහා පැත්තෙ හිටියෙ මං හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්..


    "රන්දික.."


    "නෙත්මි ඇයි මේ රෑ.. මුකුත් කරදරයක්ද..?"


    "නෑ.."


    "එහෙනම්..?"


    "මගෙන් වතුර එකක්වත් නොබී ඔයාට යන්න පුළුවන් උනානෙ නේද.. හ්ග්.."


    "ඔව්.. ඒකෙ ඇති වරදක් නෑනෙ.."


    "වැරදි තියෙනවද නැද්ද කියලා හොදට කල්පනා කරල බැලුවොත් තේරෙයි.."


    "කල්පනා කරන්න මට කිසිම ඕනකමක් නෑ.. මේ වෙලාවෙ මම ඉන්නෙ ගෙදර.. ඒක හින්ද වැඩිය කියවන්න බෑ.."


    "ගෙදරට බයයි කියලා නම් මං දන්නවා.."


    නෙත්මි එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.. මෙච්චර නිදිමතෙත් ඉන්න මගෙ නිදිමත කඩල දාලා එළිවෙනකල්ම ඇහැරගෙන ඉන්නද දන්නෑ වැඩේ සිද්ධ කරන්න හදන්නෙ..


    "මං බය උනත් නැතත් ඔයාට ප්‍රශ්නයක් නෑ.. මට දැන් නිදිමතයි.. කියන දෙයක් ඉක්මනට කියන්න.."


    "තියෙන නපුරුකම.."


    "මගේ ඇති නපුරුකමක් නෑ.."


    "නැත්තෙ නෑ.. මට විතරනේ ඔයා හැම ලොකුකමක්ම දාන්නෙ.. අනිත් අය ඉස්සරහ නම් හරියට පාත් වෙනවා.."


    නෙත්මිගෙ කතාවට ඇත්තටම මට තද උනා.. මොන අටමගලයක් කියනවද මංදා මේ පට්ට රෑ.. එක්කො ටිකක් කලින් කියන්නෝන.. කතා කරන්න පුළුවන් වෙලාවක.. ගෙදර හැමෝම කට ඇරගෙන බලන් ඉන්න වෙලාවෙ, එනව මෙතන වරුනෙ ගහගෙන..


    "දැන් කාගෙ ඉස්සරහද මං පාත් උනේ..?"


    "මං ඇරෙන්න ඔය අනිත් හැමෝම ඉස්සරහ පාත්වෙන්නෙ..?"


    "කවුද ඔය හැමෝම කියන්නෙ..?"


    "කවුද කියලා ඉතිං ඔයාම දන්නව ඇතිනෙ.."


    නෙත්මි හදන්නෙ මගේ අර්ෂස් වැඩි කරන්න කියලා මට තේරුණා.. කිව්වත් නැතත් තව ටිකකින් වෙන්නෙ ඒක තමයි.. කෝල් එක කට් කරලා රිසිවරෙත් පැත්තකින් තියලා මං කාමරේට ආවා.. බයිට් වෙනවා කියල තවත් බයිට් වෙන්න බෑනෙ.. හැබැයි පුතෝ.. ගෙදර කට්ටිය ඔක්කොම ඉද්දි කරපු මේ වැඩේට නම්, බන්ටි හෙටම රිටර්න් එක දෙනවා.. ඒකෙ ආයෙ කිසිම ඇදක් කුදක් නෑ.. ප්‍රශ්න මුකුත් ඇහුවෙ නැතුවට ගෙදර හැමෝම මගේ ගරහම්බෙල් සංවාදෙ අහන් ඉන්න ඇති.. ඒකෙ ආයෙ කොලේ වහල හගන්න දෙයක් නෑ..


    ***************************


    කවදාවත් හදිස්සියක් උනොත් මිසක අට, නමයෙන් මෙහා නැගිටින්නෙ නැති මං, පහුවදා හය වෙද්දි ඇහැරුණා.. ඒ වෙනකොටත් අයියා ගෙදරින් පිට වෙන්න ඔන්න මෙන්න.. මිනිහා පුදුමාකාර හදිස්සියකින්නෙ දුවන්න හදන්නෙ.. මෙච්චර උදේම මූ ඔෆිස් යන්නෙ, ඒකෙ ඔය අතු පතු ගාන දේවල් කරන්න තියෙන්නෙ මූට හින්දද දන්නෑ..


    "මොකද බන්ටි අද උදෙන්ම ඇහැරගෙන..? වෙලාව වැරදුණාද..?"


    ගෙදරින් එළියට බහින්න හදනකොටම මෙන්න බන්ටි ඉස්සරහ දොර ගාව.. තේරුමක් නෑ.. මිනිහා අවුලක් නැතුවම ඇඹරුනා.. උඹට අද කලින් යන්න දේනනෑ කියලා මං හිතාගත්තා..


    "වෙලාව නම් වැරදුනේ මට නෙමෙයි.."


    "එහෙනම්..?"


    "ඔයාට.."


    "මට..?"


    "ඔව්.. හොදටම වැරදිලා.."


    "පිස්සුද බන්ටි.. හයයි දහයයි වෙලාව.. කෝ.. කෝ.. අයින් වෙන්න.. මට පරක්කු වෙලා.."


    "පරක්කු උනාට නම් කමක් නෑ.. ඒත් ජීවිතේ පරක්කු කරගන්නෙපා.."


    මගේ කතාව මිනිහට කොහෙත්ම තේරුණේ නෑ කියලා මට තේරුණා.. තේරෙන්න තරම් සිහියක් පතක් ඇතුව නෙමෙයිනෙ මිනිහා ඉන්නෙ.. නයනතාරව බලන්න පුදුම හදිස්සියකින් මේකා ඉන්නෙ..


    "ඔයා ඔය කියන අංඩර දෙමළ මට තේරෙන්නෑ.. මං යනවා.. අම්මා නැගිටල ආවොත් මට ප්‍රශ්න සීයකට උත්තර දෙන්න වෙනවා.."


    එහෙම වෙනව නම් කොයි තරම් හොදද දෙයියනේ.. මූ වගේ අප්‍රමාණ, කාමේසුමිච්චා කඩ කරන එවුන්ට, ගස් බැදලා දිමි ගොට්ටක් දණහිස් පොල්කටු දෙක හරියෙන් තියන්නෝන.. එතකොටවත් හැදෙයි.. මං ටිකක් ඔලුව උස්සල බලද්දි මිනිහා, මගෙන් ටිකක් ඈතට ගිහින්.. බලහල්ලකො බං මූට තියෙන හදිස්සිය..


    "ඊයෙ ගෑනියෙකුට මල ජංජාලයක් වෙලා.. කටුගස්තොට පැත්තෙ.."


    කතන්දරේ අන්තිම හරිය මං ටිකක් හයියෙන් කිව්වා.. කටුගස්තොට කියලා ඇහුණ විතරයි මිනිහා ඉද්ද ගැහුවා වගේ මග නතර උනා.. මං දැන් දන්නවා, පොර ක්ෂනිකව ආපහු හැරෙනවා කියලා.. මූඨ ඔය නමම ඇති මග මැරෙන්න..


    "මො.. මොකක්ද බ.. බන්ටි..?"


    "ඔයා සමහර විට දන්නවත් ඇති.. අර ගෙස්ට් හවුස් එකක් කරන ලේඩි කෙනෙක් ඉන්නෙ නයනතාරා කියලා.."


    "ඉත්.. තිං..?"


    අයියා, උපප්ත්තියෙ ඉදලා ගොත ගහන තාලෙට, ගොත ගහන්න ගත්තා.. ඔහොම යං.. ඔහොම යං.. ඔහොම ගිහින් වෙන්නෙ මොනවද කියලා ඔයා විහිලුවටවත් දන්නෑ..


    "මැරි කරල ළමයි දෙන්නෙකුත් ඉන්න අම්මන්ඩි කෙනෙක්.. ඒ උනාට හිතන් ඉන්නෙ දහ අටේ සූටි කෙල්ලෙක් කියලා.."


    "හ.. හරි.. හරි.. දැන් මොනාද වෙලා තියෙන්නෙ..?"


    මූට ඔයාකාර තදියමක් තියෙනවා කියලා මං දන්නව නම් තව ටිකක් ලුණු ඇඹුල් දානවා.. ඒත් දැන් ඒකට වෙලාව මදි.. මේ ගොරකා ටික ඇතිවෙයි මූව පදමට තම්බ ගන්න..


    "ඊයෙ මාලු ගාමිණි ගිහින්, ගැන්සියකුත් එක්ක නයනතාරව මරන්න.."


    "ම්.. මොනවා.."


    පපුව ඇතුළට ඇදල ගත්තු හුස්ම ටික, මිනිහගෙ එහෙමම නතර උනා.. මට බයෙත් බෑ මේකට හර්දයාබාධ්‍යක්වත් හැදෙයිද කියලා.. ඒත් මං දන්න තරමින් මුගේ පපුවෙ අවුලක් නෑ..


    "මාලු ගාමිණි ගිහින් ගෙස්ට් එක, මළ ගේ කරලයි ඇවිත් තියෙන්නෙ.. වටේ පිටේ මිනිස්සු වටවෙලා තමයි ගෑනි යාංතන් බේරගෙන තියෙන්නෙ.. නැත්නම් වැඩේ සෙට්ට පෝච්චියි.."


    "ඉ.. ඉතිං.. ඇ.. ඇයි බන්ටි මාලු ගාමිණි යන්නෙ ඒ ලේඩිව මරන්න..? මාලු ගාමිණි ඉන්නෙ කොහේවත්.. ඒ ලේඩි ඉන්නෙ තවත් කොහේවත්.. මේකෙ කිසිම අගක් මුලක් නෑනෙ.. අනික නයනතාරා කියන්නෙ වැදගත් ලේඩි කෙනෙක්.."


    "ඔයා ඒ ගෑනිව අදුනනවද..?"


    "න්.. නෑ.. නෑ.. මං දන්නෑ.."


    අදුනන්නෙ නැති උනාට වැදගත්ලු.. අනේ අම්මපා මේවට තමයි කිය්නෙ පිස්සු නැත්නම් හොදයි කියලා.. දැන් බලන් ගියාම මූට, වැඩට යන්න කලින් තිබ්බ තදියම නෑ වගේ.. මේකා නිකම්ම මන්දගාමී වෙලා..


    "ඔයාට කියන්න, එතන මිණි මරාගත්තෙ නැති ටිකලු.. අනිත් වෙන්න ඕන හැමදේම සිද්ධ උනාලු.."


    "හ.. හරි.. හරි.. ඒත් මාලු ගාමිණි එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ ඇයි..?"


    "මිනිහා ඉතිං එතෙන්ට යන්නම එපැයි.."


    "ඇ.. ඇයි බන්ටි ඒ..?"


    "මිනිහනේ, ඔය ගෑනි එක්ක යාලුවෙලා ඉන්නෙ.."


    "න්.. නෑහ්.."


    මං හොදට අයියකාරයා දිහා බැලුවා.. මේ පාර නම් මං හිතුවෙ මිනිහගෙ හර්දය වස්තුව නැවතුණාම කියලා.. ඒ තරම් අඩුපාඩු සහිතවයි ඒ නෑ එක ආවෙ..


    "නැට්ට ගහේ.. මාලු ගාමිණි ඇවිත් තිබුණෙ ගෑනිවයි, ගෑනි සෙට් වෙලා ඉන්න මිනිහවයි මරන්න.."


    "මොකක්..? සෙට් වෙලා ඉන්න මිනිහව මරන්න..?"


    "ඔව්.. ඔය ගෑනිට හතර වටේම මිනිස්සුනෙ.. මාලු ගාමිණීට අමතරව, ගෑනි ඔය මොකක්දෝ ප්‍රයිවෙට් බැංකුවක වැඩ කරන හාදයෙක් එක්කත් සෙට් වෙලාලු ඉන්නෙ.. මාලු ගාමිණි ආවෙ, ඒ හාදයයි මේ ගෑනිවයි දෙන්නම මරන්න.. හැබැයි ඊයෙ මිනිස්සු පැනල ගෑනිව බේරගත්තට හැමදාම බේරිලා ඉන්න විදියක් නෑනෙ.. කොයි වෙලාවක හරි, මාලු ගාමිණි අර හාදයට ෂොට් එක දෙනවා.. ඒක සීයට පන්සීයක් ෂුවර්.."


    අයියකාරයගෙ ඇස් ගෙඩි දෙක ලොකු වෙන්න පුළුවන් උපරිමේටම ලොකු වෙලා තිබුණා.. මං බයේ හිටියෙ, හර්දය වස්තුව නවතින්න කලින් මිනිහගෙ ඇස් දෙක එළියට පනියි කියලා..


    "මාලු ගාමිණි දන්නවද.. ඒ ලේඩි එක්ක යාලු කොල්ලා කවුද කියලා..?"


    "දන්න හින්ද නේන්නම් මනුස්සයො ගෙස්ට් එකට පැනගෙන ඇවිල්ලා තියෙන්නෙ.. දෙන්නවම යටියන්තොට යවන්න බලාගෙන.. අර කොල්ලගෙ වෙලාව හොදයි.. ඌ ඒ වෙලාවෙ එතන ඉදලා නෑ.."


    "හැබෑ..ද..?"


    ඔලුවත් කහ කහ අයියකාරයා ආපහු ගේ පැත්තට ආවා.. මේකට ඒ පාර, පාර වැරදුනාවත්ද..?


    "ඇයි ඔයා වැඩට යන්නැද්ද..?"


    "නෑ බන්ටි.. ම.. මගේ බඩ ටිකක් රිදෙනවා.. ටොයිලට් එකට යන්න වෙයි වගේ.."


    බඩ නෙමෙයි, පපුව වෙන්නැති රිදෙනව ඇත්තෙ.. එක ගලකින් කුරුල්ලො දෙන්නෙක්ව මරා ගත්තු එක ගැන මගෙ හිතේ තිබ්බෙ උහුලගන්න බැරි තරමෙ සතුටක්.. මට සංතෝස පිට කරන්න වෙන්නෙ, කොයි වෙලාවෙ හරි මොරීන් අක්කා සෙට් උනාම තමා..


    දැන් මිනිහට නයනතාරා ළගට වගේම, මාලු ගාමිණිගෙ දුව ළගට යන්නත් බෑ කියලා ඕන ඔට්ටුවක් මං අල්ලනවා.. ඒ තරම් ගති විදියට මේ බන්ටි, නූල් බොලෙ අවුල් කරා.. අඩු ගානෙ දැන් ඒ නූල් බෝලෙ බන්ටිටවත් හරිගස්සන්න බෑ.. ඒ තරම් පැටලැවිලා.. මං කොහොමත් අත්දැකීමෙන් දන්නවා අයියකාරයා පටලැවිලි වලට කැමති නෑ කියලා.. ඒක හන්දා මොන තරම් ප්‍රණිත උනත් ආදරේ ගෙනාපු ආයුෂ ඔච්චරයි.. සමහර විට අයියකාරයා ජීවිතාන්තය දක්වාම කටුගස්තොට පැත්ත පළාතක යන එකක් නෑ..



    Mathusambandai.gif



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-07.jpg


    07.png


    අයියගෙ පැණි ගැමන නවත්තල, මං ආපහු කාමරේට එද්දි, නෙත්මි අරන් දීපු ෆෝන් එක රින්ග්ස් යනවා මට ඇහුණා.. උදේ පාන්දරම මගේ අර්ෂස් තද කරන්න නෙත්මි අරගන්නවා ඇති.. මට එහෙම හිතුණත් ස්ක්‍රීන් එකෙ තිබුණෙ වෙනින්ම නම්බර් එකක්.. හිතට ආපු පුංචි සැකයක් හින්ද.. ෆෝන් එක ඔන් කෙරුවත් මං හලෝ කිව්වෙ නෑ..


    "මේ රන්දික වෙන්නැති.."


    කටහඩ මං අදුනගත්තා.. එහෙනම් උඹ බය නැතුව මගේ ෆෝන් එකටම කතා කරා..


    "ඔව්.. මේ පිණිමුතුගෙ තාත්තා නේද..?"


    ප්‍රශ්නයක් ඇහුව උනත්, මගේ හිතෙ තිබ්බ අනිත් ප්‍රශ්නෙ නෙත්මිගෙ තාත්තා විදියට රගපාන එකා, කොහොමද මේ බන්ටිගෙ ෆෝන් නම්බරේ දන්නෙ කියලා..


    "තාත්තා තමයි.. මං රන්දිකට ගත්තෙ, පුංචි පණිවිඩයක් කියන්න.."


    "මොකක්ද..?"


    සුපුරුදු ගොරෝසු හඩ, යස අපූරුවට හතර අතේ ඇහෙද්දි මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙට මං උත්තරේ හොයාගත්තා.. ඒ තමයි මේ මොබයිල් එකෙන්, මං නෙත්මිගෙ ගෙදරට කෝල්ස් ගත්තු එක.. ඒ කෝල්ස් ඔක්කොම යන්නැත්තෙ, මේ කතා කරන එකා ළගටනේ.. ඉතිං මගේ නම්බර් එක ගැන දන්නෙ, ඌට වැඩිය වෙන කවුද..?


    "මගේ දුවත් එක්ක තියෙන සම්බන්ධෙ නවත්තන්න කියන්න.."


    ඒ වචන ටිකත් එක්ක මගේ හිතට දැනුණෙ පුදුම සනීපයක්..


    "නවත්තන්න තරමෙ සම්බන්ධයක් අපි අතරෙ නෑනෙ.."


    "නැත්නම් කමක් නෑ.. මගේ දූට ගැළපෙන කොල්ලෙක් හම්බවෙලා තියෙන්නෙ ඒකයි.."


    "මගේ ගැටලුවක් නෑ.. ඒ කොල්ලට දූව දීගන්න.."


    "ඔය ඇත්තමද කියන්නෙ..?"


    "ඔව්.. මේ රන්දිකගෙ වචන දෙකක් නෑ.."


    "තමුසෙට දුක නැද්ද..?"


    ඔන්න දැන් තමයි, කතාවෙ නියම ට්‍රැක් එකට ආවෙ.. ඔය මට්ටමින් කතාව ගෙනියන්න පුළුවන් නම් නියමයි..


    "දුකක් නෑ.. කෙල්ලො චපලයි කියලා මං දන්නවනේ.."


    "තව..?"


    "තමුසෙ වගේ පිරිමිකමක් නැති හිගන්නො, උංට සපෝට් කියලා මං දන්නවනේ.."


    "මො.. මොකක්ද කිව්වෙ..?"


    මගෙන් වැදිච්ච පාරෙ සැරකමට, කතා කරපු එකාට කලින් විදියටම කටහඩ හදාගන්න බැරි උනා.. ඒ බැරි උන ටිකේ, මගේ හිතට දැනුණෙ ඒ කටහඩ මං කොහෙදි හරි අහල තියෙනවා කියලා..


    "තමුසෙ පිණිමුතුගෙ තාත්තා නෙමෙයි කියලා මං දන්නවනෙ.."


    "මොකක්..?"


    "ඔව්.. තව වැඩි දවසක් යන්න කලින් මං තමුසෙව හොයාගන්නවා.. මොකද පිණීමුතුගෙ ඩාන්සින් ටීචර් වගේ කතා කරෙත් මං තමයි.."


    "ඈ.."


    "මොකද තමුසෙට ඒක දැන්ද මතක් උනේ.. මේ ෆෝන් එකෙන්ම තමයි මං තමුසෙට කෝල් කලේ.."


    "හ්..ග්.. ඔ.. ඔව් නේන්නම්.."


    "එහෙනම් තමුසෙ දැන් පරිස්සම් වෙනවා.. මෙන්න මේ වෙලාවෙ ඉදන් මං තමුසෙගෙ පස්සෙන් පන්නනවා.. මගේ ගැන දේවල් දන්නව නම් අහල ඇතිනෙ, බන්ටිගෙ ගුටි බැට පූජාව කොහොමද කියලා.. ගුරුදෙණියෙ වෙද මහත්තයා ළගට යන්න ලෑස්තිවෙලා ඉදපං.."


    "හ්ග්.."


    දුරකථන ඇමතුම එහා පැත්තෙන් කට් වෙලා ගියා.. කතා කරපු ගල් ඉබ්බා මොකා උනත් ඌ නොසෑහෙන්න බය උනා කියලා මට තේරුණා.. ගුරුදෙණිය වෙද මහත්තයා ගාවට යන්න ගහනවා කියනෙක බන්ටිගෙ ෆේමස් දෙබස් කාන්ඩයක්නෙ.. ෂුවර් එකට මේකා ඒ වචන ටික හොදට දන්න කියන එකෙක් වෙන්නෝන.. හැබැයි පුතේ, මොන දන්න කියන එකා උනත්, අහු උනා නම් නෙලනවා, අම්මගෙන් බීපු කිරි මතක්වෙන්න.. ඒකෙ ආයෙ දෙකක් නෑ..


    ****************************


    ගෙදර හිටියොත් දුරකථන ඇමතුම්වලට උතත්ර දීලා පිරිමහන්න බෑ.. අම්මා කීප සැරයක්ම මූණත් නරක් කරගෙන මං දිහාට රබර් ඇහැ දානවා මං දැක්කා.. මේ දවස් දෙක තුනේ නටපු නාඩගං ටික, අම්මට අතේම පත්තු වෙලාද මංදා.. තාත්තා මං ගැන හැම දෙයක්ම වගේ සැහැල්ලුවට හිතුවත්, අම්මා නම් සෑහෙන්න ඈතට කල්පනා කරා..


    "බ..න්..ටී.."


    චැලියත් හෙමින් සීරුවෙ තල්ලු කරගෙන ගෙයින් එළියට බහින්න හැදවා විතරයි.. මෙන්න අම්මා මගේ පිටිපස්සෙන් ඇවිත්.. ඇයි යකඩො.. අද අම්මා ඔෆිස් ගියේ නැද්ද..? හොර ගල් අහුල අහුල මගේ පස්සෙන් එන්නෙ..


    "ඇ.. ඇයි අම්මෙ..?"


    "මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්නෝන.. ඔහොම්ම ගේට්ටුද දිහාට යමුකො.."


    මං අම්මගෙ මූණ දිහා බැලුවා.. ටිකාක් විතර බැරෑරුම් පෙනුමක් මුළු මූණ පුරාම පැතිරිලා තිබුණා.. ඒ කියන්නෙ බන්ටිගෙ මොකක් හරි අවමගුල් සහගත වැඩක්වත් හතර අතින් ලීක් වෙලාද..? එහෙමත් නැත්නම් මේ එළියට යන ගමන පිළිබදව අවුලක්ද..?


    "රසික, බැදපු ගෑනු ළමයෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කියලා ඔයා දන්නවද..?"


    කවුරු හරි හොම්බට හැටක් විතර ඇනල, බෙල්ල මිරිකුව වගේ ගතියක් මගෙ හිතට දැනුණා.. හරිනෙ.. ඔය සිද්ධ කොරගෙන තියෙන්නෙ මහ කෙළියම.. දැන් ඉතිං දීපංකො උත්තර.. අනේ ඇත්තට අපේ අයියකාරයා වගේ කේප්ප වස්සෙක්..


    "ඒ කතාව බොරුවක්.."


    "මොනවා.. මගේ ඇස් දෙකට දැකපුදේයි, කන්දෙකට ඇහිච්ච දේවලුයි බොරු කියලද බන්ටි කියන්නෙ..?"


    "බොරු නේන්නම් අම්මෙ.. ඔය කතන්දරේ සත පහකටවත් විශ්වාස කරන්නෙපා.. ඔහොම ආරංචියක් මටත් ආවා.."


    "ඉ..තිං..?"


    "මාත් කලබල වෙලා හෙව්වා.. අපේ ඔය චාමිකලගෙ කට්ටිය එක්ක.. එහෙම දෙයක් නෑ අම්මෙ.. මේක මේ අයියට මඩ ගහන්න හදපු කතාවක්.."


    "ඔයා රසිකව බේරගන්නයි, මගේ හිත හදන්නයි නේද ඔහොම කියන්නෙ..? අනේ බන්ටි ඔයාට තේරෙන්නැද්ද මගේ හිතේ තියෙන අමාරුව.. වැරදි වැඩක් කරන්නෑ කියල මට මහා ලොකු විශ්වාසයක් ඔයා ගැන තියෙනවා.. ඒකයි මං ඔයාගෙන් මේ ගැන ඇහුවෙ.. මට රසිකව නම් ඩිංගක්වත් විශ්වාස නෑ.."


    "මං ගැන එහෙම හිතපු එක ගැන මට හුගක් සතුටුයි අම්මෙ.. ඒත් අයියා ගැන ආපු අර කතාව හිතින් අයින් කරලා දාන්න.. ඒක තේරුමක් නැති කතාවක්.."


    "ඒ උනාට බන්ටි.. ගින්නක් නැතුව දුමක් නගින්නෑනෙ.. නේද..? ඕවයෙ සුලුවෙන් හරි ඇත්තක් ඇති කියලා මගේ හිත කියනවා.."


    "මොන ඇත්තක් තිබුණත්, ඔය කතන්දර අපි අමතක කරල දාමු.. මොකද රටේ ලෝකෙ මිනිස්සු වගේම අපිත් ඒවා ගැන උනන්දු වෙන්න ගියොත්.. අයියගෙ බය සැක තවත් නැතිවෙනවා අම්මෙ.. එයා ඔය කරන දේවල් එළිපිටම කරන්න ගනියි.."


    "බන්ටි කියන්නෙ, මට මේවා අහල දැකල නිකම්ම බලන් ඉන්න කියලද..?"


    "අම්මා දැන් කරපු කතාවක් දෙපාරක්ම කිව්වා.. ඒ කොහේදිද අම්මෙ..?"


    "කටුගස්තොටදි.."


    තවත් එතනින් එහාට ඒ ගැන කතා කරන්න යන එකත් මෝඩකමක් කියල මට තේරුණා.. අම්මා නොකිව්වට මං දන්න තරම්ම දේවල් අම්මත් දන්නවා කියලා ඒ මූණ බලපුවාම මට තේරුණා..


    "දැන් ඒ හැමදේම ඉවරයි අම්මෙ.."


    "ඉවරයි කියල කියන්නෙ, ඒ හැමදේම කලින් තිබ්බා කියලා නේද බන්ටි..?"


    අම්මගෙ අඩන ඇස්දෙක දිහා බලාගෙන, බොරුවක් කියන්න පුළුවන් තරමෙ මානසික මට්ටමක් මට තිබ්බෙ නෑ..

    "මාව විශ්වාස කරන්න අම්මෙ.. ඒ ප්‍රශ්නෙ ගැන ආයෙ බින්දුවක්වත් හිතන්නෙපා.. බන්ටි ඒ හැමදේම සුද්ධ කරලයි තියෙන්නෙ.. ඔයාට බයවෙන්න දෙයක් නෑ.. රසික අයියා ටික කාලෙකට හරි ආරක්ෂා සහිතයි.. මං ඒ ගැන වගකියනවා.."


    "මං ඔයාට විශ්වාස කරනවා බන්ටි.. මේ ගෙදර හැමෝටම වැඩිය මං ඔයාව විශ්වාස කරනවා.."


    අම්ම ආපහු හැරුනා.. අම්ම යන දිහා ටිකක් වෙලා බලන් ඉදලා මං චැලිය ස්ටාර්ට් කර ගත්තා.. වැඩේ කියන්නෙ අම්මා නිකමටවත් ඇහුවෙ නෑ, බන්ටි කොහෙද යන්නෙ කියලා..


    ****************************


    නෙත්මිගෙ ගෙදර ඉස්සරහට එනකල්ම මගේ හිතේ තිබ්බෙ එක දෙයයි.. ඒ මගෙත්තෙක්ක අන්තිමට කරපු කතාබහ, නවත්තපු තැනින් පටන් ගන්න.. ඒත් ගෙදර ඉස්සරහට ආවම මගේ හිතට තවත් දෙයක් ආවා.. ඒ තමයි නෙත්මිව තව පාරක් දකින්න තියෙන ආසාව..


    චැලිය ගේ ඉස්සරහම දාලා මං ගෙට ඇතුල් උනා.. සුපුරුදු විදියටම පැත්ත පළාතම පාලුවට ගිහින් තිබුණා.. නෙත්මි ගෙදර නැතුවාවත්ද කියලත් සැරින් සැරේට මට හිතුණා..


    "නෙ..ත්මි.."


    දෙපාරක් තුන් පාරක්ම කතා කෙරුවත්, ගේ ඇතුළෙන් නම් මෙලෝ හැල හොල්මනක් ආවෙ නෑ.. මං තවත් හයියෙන් කතා කරන ගමන් සාලෙ ඇතුළටත් ආවා..


    "ඇ.. ඇයි මහත්තයා..?"


    කොහෙදෝ මුල්ලක ඉදල ගෙදර වැඩට ඩන්න ගෑනු කෙනා මගේ ඉස්සරහට ආවා.. මූණෙ හැටියෙන් නම්, මේ මනුස්සයා දැන්ද කොහෙද නැගිටලා තියෙන්නෙ..


    "කෝ.. නෙත්මි නැද්ද..?"


    "පුංචි නෝනා නිදි.."


    "තාම..? දැන් හතත් පහුවෙලානෙ.. කෝ ආන්ටි..?"


    මාත් නැගිටින්නෙ දහය පහුවෙලා උනාට, අද උදේ නැගිට්ට ෆිට් එකට මං ඒ ප්‍රශ්නෙ ඇහුවා.. නැත්නම් ඒ වගේ වැදගැම්මට නැති පුරස්නයක් අහන්න මේ බන්ටිට කිසිම අයිතිවාසිකමක් නෑ..


    "ලොකු නෝනා ඔෆිසියට ගියා.. මහත්තය වාඩිවෙන්න.. මං කතා කරන්නම්.."


    "එපා.. මං නෙත්මිට කතා කරන්නම්.."


    වීරයා වගේ මං කිව්වා.. වැඩට ඉන්න ගෑනු කෙනා පුදුම වෙලා වගේ බලන් ඉද්දි මං නෙත්මිගෙ කාමරේට ආවා..


    "ඇතුළට එන්න රන්දික.."


    කර්ට්න් එක පැත්තට තල්ලු වෙද්දි, මගෙ මූණ ඉස්සරහ හිටියෙ නෙත්මි.. අර වැඩට ඉන්න මනුස්සයා පට්ට බොරුවක්නෙ කියලා තියෙන්නෙ.. මූණ කට හොදගෙන මේ ඉන්නෙ බංගලිරෝස මලක් වගේ හිනාවෙවී..


    "ප්‍රශ්නයක් නෑ.. මං එළියෙ ඉන්නම්.."


    "ඔයා ආව කාමරේ ඇතුළට එන්නනෙ.. ඉතිං එන්න.."


    "ඕන නෑ.. ඔයත් ආවෙ කාමරෙන් එළියට එන්නනෙ.. ඔයත් එළියට එන්න.."


    "මට බෑ.."


    "මටත් බෑ.."


    කියල වැඩක් නෑ.. මේ කතාව නම් එළකිරි.. අත්තල, කිරිත්තල තකට තක කියල කියන්නෙ මේ වගේ ඒවට වෙන්නැති.. උඹ අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෑ පුතේ..


    "ඇ.. ඇයි රන්දික, මේ ගේ ඇතුළටත් ඇවිල්ලා රණ්ඩු වෙන්න හදන්නෙ.. හවස අම්ම ආවම, සර්වන්ට් ඔක්කොම ටික කනේ තියයි.. මට කණක් ඇහිලා ඉන්න නැතිවෙයි.."


    "ඒකට කමක් නෑ.. ඔයත් මට ගෙදර ඉන්න බැරිවෙන තැනටනේ වැඩ සිද්ධ කරන්නෙ.."


    "ම.. මං..?"


    "නැතුව මමද..? ගෙදර හැමෝම ඉන්න වෙලාවෙ කෝල් අරගෙන රටේ නැති ඒවා කියවන්නෙ..? උත්තර දෙන්න පුළුවන් වෙලාවක නම් කමක් නෑ.."


    "මං මොනවද කියපු රටේ නැති ඒවා..?"


    "මට ඔයාගෙන් අහන්න ප්‍රශ්න මහ හුගක් නෑ.. එත් මං දැනගන්න කැමතියි, මං පාත් උනේ කාටද කියලා..? ඔයා වටපිටින් බලල පාත් උණා කියලා කිව්වට, මේ බන්ටිගෙ කොන්ද තාම කෙලින්.."


    මහ සවුත්තු හිනාවක් තොල් පෙති අගට අරගෙන නෙත්මි, කර්ට්න් එකත් පැත්තට කරන ගමන් මං හිටපු පැත්තට ආවා..


    "ඒකද ශලනිගෙ ඉස්සරහ ඔය කෙලින් වෙනවයි කියන කොන්ද නැමුණෙ..?"


    "ශලනි ඉස්සරහ..?"


    "ඔව්.. ජෝඩු දාලා රෙස්ටුරන්ට් ගිහිල්ල තියෙන්නෙ.."


    අම්මා.. මෙයා නම් ගිය ආත්මෙ කොහේ හරි රටක විශිෂ්ඨ ගනයේ ඔත්තුකාරියක්.. නැතන්ම ඉතිං මේ වගේ දේවල් දැනගන්න පුළුවන්ද..?


    "රෙස්ටූරන්ට්..?"


    "ඔව්.. ඔව්.. දෙන්නම ෆයිඩ් රයිස් කන්න පෙරේතයි කියලා මං දන්නවා.."


    "පෙරේතකම පැත්තකින් තියන්න නෙත්මි.. මොකක්ද මේ පාත්වෙච්ච කතාව..? ශලනිත් එක්ක ලන්ච් එකකට ගියා කියල, මං එයාට පාත් උනා කියලා කියන්නෙ කොහොමද..?"


    "කියන්නෙ පාත් උන හන්දනේ.."


    ඔන්න දැන්නම් බන්ටිගෙ රතු කට්ට පනින්න ආසන්න තත්වෙ තියෙන්නෙ.. තමන්ගෙ මතයෙම, බෙල්ල කපලා දැම්මත් එල්ලිලා ඉන්න කෙනෙකුට, මොන දේ කිව්වත් වැඩක් නෑ කියලා ප්‍රායෝගික අත්දැකීම් වලින් මං දැනන් හිටියා.. ඒ මනුස්සයට අපේ දේ ඔප්පු කරන්න යන එකෙන් වෙන්නෙ අපි මෝඩයො වෙන එකයි..


    "හරි.. මං ශලනිට පාත් උනා තමයි.. දැන් ඒක ඔයාට ප්‍රශ්නයක්ද..?"


    අන්තිමේදි කවුරුත් කතා කරන විදියටම, බන්ටිත් වැරැද්ද කර උඩ පටව ගත්තා.. වෙන ඉතිං කරන්න දේකුත් නෑනෙ..


    "ආ..පෝ.. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.. මොකෝ මගේ දෙයක්යෑ.."


    හිත අවුස්සන්න, කියන්න ඕන්නැති වචන දිව ළගටම බර ගානක් නෙත්මිගෙ වචන වලින් ඉපදුණත්, අන්තිම අමාරුවෙන් මං ඒ හැම දෙයක්ම හිර කරගෙන හිටියා.. එක නරක වචනයක් හරි මගෙන් පිටවුණොත් මං පරාදයි කියල කියන්න මහාචාර්යවරු ඕන වෙන්නෑ.. ඒක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..


    "ඔයාගෙ දෙයක් නම් නෙමෙයි කියලා මං දැනගෙන හුගක් කල්.. ඒකනෙ වහින වෙලාවට එළියට දාන්න හැදුවෙ.."


    නෙත්මිගෙ මූණ බලන් ඉද්දිම වෙනස් උනා.. හිතේ පිරිලා තිබ්බ හැගීම් ගානක්, එයාටත් නොදැනිම උඩට මතුවුණා..


    "රන්දික.."


    මෙච්චර වෙලා කතා කරගෙන ගියපු කතාබහෙන් පිටට එයා පනින්න හදනවා කියලා මට තේරුණා.. ඒත් ඒ සාමදාන පැත්තකට නම් නෙමෙයි කියලා බන්ටිට ඕන ඔට්ටුවක් අල්ලන්න පුළුන්කම තිබ්බා..


    "ඇයි..?"


    "මේ උදේ පාන්දරම ඔයා ආවෙ, මගේ මුළු දවසම විනාස කරල යන්නද..?"


    "අපොයි නෑ.."


    "එහෙනම්..?"


    "ඔය පාත් උන කතාව අහන්න.."


    "දැන් ඉතිං ඒක දැනගත්තනෙ.. වෙන..?"


    "පහුගිය දවස්වල ගෙදරට ආව ගියේ කවුද කියලා දැනගන්න..?"


    "මගේ ගෙදරට කවුරු ආව ගියත් ඔයාට ප්‍රශ්නයක් නෑනෙ.. ඒක මං බලාගන්නම්.."


    අහන් හැමදේටම ලැබෙන උත්තර, මේ බන්ටිගෙ කේන්තිය ගිනි ජාලාවක් වගේ ඇවිස්සෙන ඒවා.. ඒත් එක වේලක් හරි කන්න අරන් දීලා තිබ්බ හන්ද වගේම, එක දවසක් හරි කැත නැතුව ආදරේ කරපු කෙල්ල නේද කියන සංකල්පෙ හිතට ආවම, මං කේන්තිය පාලනය කරගත්තා.. තවත් ටිකක් ඉවසමුකො..


    "ඔයා බලාගත්තට මට ප්‍රශ්නයක් නෑ.. ඒත් මේකට මගේ නමත් ගෑවිල තියෙනවා.. ඒකයි.."


    "ඔයාගෙ නම ගෑවිල නැත්තෙ කොහෙද රන්දික.. ඔයා ගැන කවුද හොද කියන්නෙ.. ඔයා මහ බොරු කාරයෙක්නෙ.. ඔයා ගැන දන්නැති මිනිස්සු නම් ඔයාව විශ්වාස කරයි.. ඔය ශලනිල වගේ මෝඩ ගෑනු ළමයි.. එයාලා හිතන්නෙ උඩින් පේන ලස්සන ඇතුළෙන් තියෙනවා කියලා.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕනම හිතකට උහුලගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා මං දැනගෙන හිටියා.. අන්න ඒ ප්‍රමාණෙත් ඉක්මවාගෙන යද්දිත් මං ඉවසගෙන හිටියා.. කොටින්ම මං අද මේ ආවෙ, සම්පූර්ණයෙන්ම අනවශ්‍ය ගමනක් කියලා මට තේරුම් ගිහිල්ලා තිබුණා.. නෙත්මි එයා ළග තිබුණු පුංචි වැලි කැටයෙන් පවා මට දමල ගැහුවා..

    "තව..?"


    "තමන්ගෙ ගෙදර ඉන්න කුස්සි අම්මා, තමන්ගෙ අම්මා කියලා, මිනිහෙකුට කියන්න පුළුවන් නම් ඒ මිනිහා කොයි තරම් පහත් මිනිහෙක්ද..? අනික විහිලුවටවත් නෙමේනෙ.. මාස ගානක්නෙ.. ඇත්තටම ඔයා මහ කැත මනුස්සයෙක්.. මම නම් ඔයාව දකින්නවත් ආස නෑ.."


    "ඔයාගෙන් ඔය හැමදේම අහගත්තු එක මට හුගාක් වටිනවා.. ඒත් තාමත් ඔයා ඉන්නෙ හරි තැන නෙමෙයි.. ඒක ඔයාට කවද හරි තේරෙයි.. ඒත් එදාට ඔයා පරක්කු වැඩියි.. ඔයා හැමදේම පටලවගෙනයි කතා කරන්නෙ.."


    "මං පරක්කු වැඩියි කියල කියන්නෙ, පහුඋනාම ඔයාව මට හම්බවෙන එක්ක නෑ කියලද..? කමක් නෑ.. ඔයා වගේ පහත් පෙලේ මනුස්සයෙක් මට කොහොමටවත් ඕන නෑ.. මේ වගේ මං ඉස්සරහ දෙකට තුනට නැමෙන්නෙ නැතුව, ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටියනම් හොදයි.."


    "නෙත්මි.. මේ..? මං මගේ පාඩුවෙ තමයි ඉන්නෙ.. ඒත් ඔහොම අනවශ්‍ය චෝදනා එල්ල කරනකොට කොයි මනුස්සයටත් වගේ මමත්, මගේ පැත්තට කතා කරන්න ගන්නවා.. ඒ මම හරි හන්දා.. ඒක ඔයාට වැරදි විදියට පේන්න පුළුවන්.."


    මගේ කටහඩ ටිකක් උස් වෙන්න ඇති.. නෙත්මි ගැස්සිලා වගේ ඔලුව උස්සල බැලුවෙ ඒකයි..


    "ඔයා හරි උනත්, වැරදි උනත් මට මොකද..? මගේ අතින් පයින් යන්නෑනෙ.. අපරාදෙ ඔයාගෙ ඔය කුස්සි අම්මා බොරුව, තවත් ටික දවසක් තියාගන්න තිබ්බෙ, හ්ග්.. මට මතකයි.. ඔයාට කෝල් එකක් ගන්න කොයි තරම් මහන්සි උනාද කියලා.. පනස් ගණනකට වඩා රින්ග්ස් යවල යවලත්, මට කෝල් එකක් ගන්න බෑ.. ෆෝන් එක මම දීලත්.. ඒ දවස්වල පුදුම ඩිමාන්ඩ් එකක් තිබුණෙ.. ඒත් අද මට හුගක් සංතෝසයි.. ඒ මනුස්සයා මගේ කකුල් දෙක ගාවට ඇවිල්ලා ඉන්නවා.. තමන්ගෙ වැරැද්ද නිවැරදි කරගන්න.."


    "එතකොට ඔයා මේ කරන්නෙ පළිගැනීමක්ද..?"


    මෙච්චර දවසකට හිතේ බින් අගලකටවත් ඇවිල්ල තිබුණෙ නැති කාලකණ්නි හැගීමක් මගේ හිතට ගලාගෙන ආවා.. නෙත්මි නැන හිත පුරා ඇතිරිලා තිබ්බ යෝධ ආදරේ හෙවැනැල්ල, හිත ඇතුලේම මැකිල යන්න පටන් අරගෙන තිබුණා..


    "මං මොකටද ඔයාගෙන් පළිගන්නෙ..? මං ඔයාගෙ පස්සෙන් ආදරේ ඉල්ල ඉල්ල කොයි තරම් දුරක් ආවද..? ඒත් ඔයා මාව සත පහකටවත් ගණන් ගත්තද..? ඔයා ගණන් ගත්තෙ කොහේවත් ඉන්න ගෑනු.."


    "ඒක බොරුවක්.. මං හැමෝටම උදව් කරා.. ඒකයි ඇත්ත.. ඔයා ඒ දේ තේරුම් ගත්තෙ වැරදි විදියට.. මේ දැන් උනත් මං ඇවිල්ල ඉන්නෙ.."


    මං කතාව නැවැත්තුවා.. ඒ තවත් දුරට මං මෙතන ඉන්න ඕනද කියන දේ හරියටම දැනගන්න.. නෙත්මිගෙ ඇස් දෙක පුරාම පිරිල තිබ්බ, බන්ටි කියන පුද්ගලයව තව තවත් පල්ලෙහාට දාන්න ඕන කියන හැගීම විතරයි..


    "මොකටද ඔයාව ඇවිල්ල ඉන්න..? ඔයාගෙ අදෝනාව මං ඉස්සරහ තියල යන්නනෙ.. මං වැරදි නෑ.. මං එහෙම කිව්වෙ ඔයාව රවට්ටන්න.. එහෙමනේ..?"


    "නෑ.. ඔයා වැරදියි.."


    "එහෙනම්..?"


    "ඔයාගෙ ගෙදර ගන්න කෝල්ස් වලට මොකද වේනනෙ කියල බලන්න.. එදා හොයාගත්තු දේ තවත් ඉස්සරහට අරනෙ ගිහින්, ඒ මිනිහ කවුද කියලා බලාගන්න.."


    "ඒක මං බලාගන්නම්.. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.. අනික ඔයාට උදව් කරන්නත් සෑහෙන කට්ටියක් ඉන්නවනේ.. නිරෝෂිල, ශලනිල, මොරීන්ල එහෙම.. ඔයා ගිහින් ඒ අයට උදව් කරන්න.. තව මං දන්නැති හුග දෙනෙකුත් ඇති.. එයාලටත් උදව් කරන්න බැරි නම් එයාලත් එක්ක ඕන දෙයක් කරගන්න මගේ අකමැත්තක් නෑ.."


    වෙලාවකට මගේ ඉවසීමෙ ශක්තිය ගැන පුදුම හිතුණා.. ඇයි මං නෙන්මිගෙ කම්මුල පැලෙන්න ගහන්නෙ නැත්තෙ කියලා.. ඒත් මගෙ හිත කිව්වෙ 'නෑ බන්ටි.. මේ ඒකට වෙලාව නෙමෙයි.. තව ඉස්සරහට ඔයාට ඒකට වෙලාවක් එයි' කියලා..


    "ඔයාට ඔච්චරද කියන්න තියෙන්නෙ..?"


    "නෑ.. තව තියෙනවා.."


    "කියන්න.. මං අහගෙන ඉන්නෙ.."


    "ආය කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.. ඔය බොරුකාර මූණ දකින්න මං ඩිංගක්වත් කැමති නෑ.."


    "එච්චරද..?"


    සමහර විට නෙත්මිටත් පුදුම ඇති, මං කොහොමද මේ තරම් හිත රිදෙන දේවල් දරාගෙන, අහගෙන ඉන්නෙ කියලා.. මෙච්චර දේවල් කියලත් මේ යකාට රිදෙන්නැද්ද කියලා බලන්න වගේ නෙත්මි මං දිහා බැලුවා.. ඒ සුදු මූණ පුරාම පිරිල තිබ්බෙ මහ විසාල දුකක ලකුණු.. මගේ හිත පුපුරල විනාස වෙලා ගිහිල්ල තිබ්බා උනත්, ඒ දුක දැක්කම මගේ හිතට දැනුණෙ කියාගන්න බැරි තරමෙ සහනයක්.. ඔයාට ඕන කරන්නෙ මගේ මූණ සවුත්තු වෙලා, හිත රිදිල කියල දකින්න නම්, ඒක මේ කපේ වෙන්නෑ.. පැලෙනකන් ආදරේ කලා උනත්, කෙල්ලෙක් ඉස්සරහ කවදාවත් මේ බන්ටි පීචං වෙන්නෑ.. මං කොයි තරම් වේදනාවක් විදිනවද කියල, ඔයාට කවදාවත් මගේ මූණෙන් බලාගන්න වෙන්නෑ.. රන්දිකට ඇඩෙයි, මං ඉස්සරහ දනින් වැටෙයි.. හැමදේටම සමාව ගනියි කියල වගේ බොහොම ලාභ දේවල් නෙත්මි හිතන් ඉන්නව නම් ඒ තමයි නෙත්මිගෙ තියෙන ලොකුම දුර්වල කම.. ඒකට බන්ටිට කරන්න දෙයක් නෑ..


    "දැන් මේ හැමදෙයක්ම මට කිව්වෙ, මං ඔයාට කියපු බොරුව හන්දද..?"


    මං අහපු ප්‍රශ්නෙ නෙත්මිට තේරුන්නෑ කියන්න මට තේරුණා.. දෙයක් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි එයා හිටියෙ..

    "බේබි නැන්දා මගේ අම්මා කියල කියපු එකද හැම දේටම මුල..?"


    "ඔව්.."


    "වෙන මුකුත් නෑ.."


    "නැත්තෙ නෑ.."


    "ඒ මොනවද..?"


    "ඔය ශලනියි, නිරෝෂියි තුරුලු කරන් හිටපු ඒවා.. තවත් මේ පිටුපෑමට උරුමයි.."


    "ඒ කියන්නෙ හැමදේම මෙතනින් ඉවරයි..?"


    "ඉවර වෙලා නම් හුගක් කල්.."


    "කමක් නෑ.. ඉවර උනා කියල මං තේරුම් ගත්තෙ පහුවෙලා.. ඒත් මං යන්න කලින් එක දෙයක් කියල යන්නම්.. ඒ දේ සමහර විට ඔයාට ප්‍රයෝජනවත් වෙයි.. තමන් ආදරේ කරන දේ ගැන කවදාවත් සැක කරන්නෙපා.. සැක කරත් ඒක පෙන්නන්න එපා.. මොකද ඒකෙන් වෙන්නෙ, ආදරයෙ විසාසවීමක් විතරයි.."


    "ඔය බණ වලින් මට වැඩක් නෑ.."


    "සමහර විට ඔයාට වයසට ගිහින් හරි ඕන වෙයි.."


    "ඕන උනත් මට ඔයාගෙ බණ නම් ඕන වෙන්නෑ.."


    "අපි ආයෙ කවදාවත් හම්බවෙන්නෑ නෙත්මි.. ඒක මේ රන්දික දෙන පොරොන්දුවක්.. බැහැයි..?"


    මං ජීවිතෙ ඉස්සෙල්ලම වතාවට නෙත්මිට ඇගිල්ල උරුක් කලා.. මෙච්චර වෙලා සාමදානව, ශාන්ත දාන්තව, සංසුන්කමේ ප්‍රතිමූර්ථිය වගේ ඉදපු රන්දිකගෙ මේ වෙනස්වීම නෙත්මිව සම්පූර්ණයෙන්ම අවුල් කරා කියලා මට තේරුණා..


    "ඔයා මට කිව්වා, ඔයාගෙ ඇස් දෙකටවත් පේන්න එන්නෙපා කියලා.. මං ඒක හැමදාටම රකිනවා.. ඒ වගේම ඔයත්, කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෙපා.."


    මගෙන් පිටවෙච්ච වචනවල තිබ්බ ස්තීරත්වය, නෙත්මිගෙ ඇස් දෙකට කදුළු අරන් ආවා.. මෙච්චර වෙලා මවාගෙන හිටපු මහා සුරවීරකම හනි හනිකට එයා ළගින් දියවෙලා යන හැටි මං දැක්කා.. තමන් දෙයක් කෙනෙකුට කියන එකයි, ඒ කිව්ව දේම ආපිටට තමන්ට ඇහෙනකොට දැනෙන වේනදාවයි අතරෙ තියෙන මහ විසාල පරතරය නෙත්මි වගේ කෙනෙක් කවදාවත් තේරුම් ගන්නෑ කියලා මං දැනන් හිටියා..


    "තව ඉස්සරහට හුගාක් දේ සිද්ධ වෙයි.. ඒවා ඔයාටත් දැනගන්න ලැබෙයි.. මොකද ඔයා හුගාක් දේවල් කියෙව්වනේ.. ඒ කියවපු හුගාක් දේවල් වල තියෙන ඇත්ත නැත්තත් ඔයාට තේරෙයි.. කමක් නෑ.. අපේ හැමදේම ඉවරනේ.. මෙතනින් එහාට ඒ ගැන තවත් කතා කරලා වැඩක් නෑ.."


    නෙත්මිගෙ ඇස්වලින් කදුළු කඩාගෙන වැටුණා.. එයා වචනයක්වත් කතා කෙරුවෙ නෑ.. ජීවිතේ කවදාකවත් නොදැනුණ හිස් බවක් මුළු ජීවිතයම වෙලා ගනිද්දි මං ආපහු හැරුණා.. තවත් මෙතන ඉදීමෙ තේරුමක් නෑ..


    "ය..න්..නම්.. නෙත්මි.."


    හැම දෙයක්ම ඉවරෙටම ඉවර කරල දාලා මං ගේට්ටුව ළගට එනකල් ඇවිදගෙන ආවා.. ආයෙ හැරිල බලන්න දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා.. හදවත ඇතුළෙ ජීවමාන වෙච්ච නෙත්මිගෙ ආදරේ, එයාගෙ කටුක වචනවලින් දියවෙලා යන්න අරන් තිබුණා..


    "දළදාවේ තේවා හඩ ඇහෙනකොට..

    මට වාගේ ඔබටත් දුක දැනෙනවද..?

    දළදා වීදියේ දෙපසක යනෙන සද..

    පෙර අප සැරි සැරූ මතකය හඩනවද..?"


    ****************************


    චැලිය ස්ටාර්ට් කරලා ඉස්සරහට ගන්නකොටම කවුදෝ පස්සෙන් දුවගෙන එන සද්දෙ මට ඇහුණා..


    "මහත්තයා.."


    බයික් එක ගේට්ටුවෙන් එළියටත් ගත්තට පස්සෙ මං හැරිල බැලුවෙ.. මෙයාද මේ පණ කඩාගෙන දුවන් ආවෙ..


    "මහත්තයට චුට්ටක් ඉන්න පුළුවන්ද..?"


    නෙත්මිලගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා, වටපිට බල බලා මං ළගට ආවා.. මේ මනුස්සයා ඒ පාර මොකටද එන්න හදන්නෙ..?


    "ඇයි..?"


    "ම.. මහත්තයලගෙ ඔක්කොම කතාව මං අහගෙනයි හිටියෙ.."


    "ඉතිං..?"


    අවුරුදු පනහක්, පනස් පහක් වගේ වෙන ගෑනු කෙනා ගැන මගේ හිතට මුලින්ම ආවෙ ලොකු තරහක්.. අනුන්ගෙ කතා හොරෙන් අහගෙන ඉන්නෙක, මොන තරම් විලි ලැජ්ජ නැති වැඩක්ද..? ඒක මේ ගෑනිට තෙරෙන්නෙ නැද්ද..?


    "ම.. මහත්තය මගෙත් එක්ක තරහෙන් නේද කතා කරන්නෙ..? ම.. මං මහත්තය අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්නයි යන්නෙ.."


    මෙතන ගෙවිල ගියපු කාලය ඇතුළෙදි මං නෙත්මිගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියලා මගේ මතකයෙ තිබ්බෙ නෑ..


    "මොකක්ද..?"


    "පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ ගියේ කවුද කියල මහත්තය ඇහුවනෙ.."


    "ඉතිං..?"


    "මහත්තයට දැනගන්න ඕනද ඒ කවුද කියලා..?"


    මං කීයටවත් හිතපු නැති තැනකින්, මගේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නයි යන්නෙ.. හිත ඇතුළෙ මේතතර වෙලා එහෙට මෙහෙට පාවෙලා ගියපු කලු වලාකුලු නැත්තටම නැති වෙලා ගියා.. දෙයියො එහෙනම් අන්තිම තත්පරයෙ බන්ටි දිහා බලල තියෙනව වගේ..


    "ඔව්.."


    "මහත්තය දන්නවද නලින්ද කියල කෙනෙක්ව..?"


    මං උඩ ගිහින් බිම වැටුණා.. නලින්ද නොහොත් ඇටකිච්චා දන්නවද කියලා මේ බන්ටිගෙන්ද අහන්නෙ..? ඇයි හත්වලාමෙ, ඉස්පිරිතාලෙ ලගින්න ඌට නෙලුවෙ, මේ බන්ටිනෙ..


    "ඔව්.."


    "අන්න එයා තමයි.."


    "තනියමද ආවෙ..?"


    "නෑ.. තව කෙට්ටු ගැහිච්ච පිරිමි ළමයෙක් එක්ක.."


    එහෙනම්, ඇටකිච්චා ආයෙත් ගේමට බැහැල.. ඌට කොහොමටත් ලස්සන ගෑනු ළමයි පේන්න බෑනෙ..


    "නලින්ද කියන්නෙ නෙත්මිගෙ නෑයොනෙ.."


    "ඒවා මං දන්නෑ මහත්තයො.."


    "ඉතිං ඔයා ඇයි මේවා මට කිව්වෙ..?"


    "නෙත්මි නෝනගෙන් අර තරම් දේවල් කන්දරාවක් අහගෙන ඉවසන් ඉදපු හින්දා.. මහත්තය හොද කෙනෙක් වෙන්නැති කියලා මට හිතුණා.."


    "වෙන්න ඇති නෙමෙයි.. එහෙම තමයි.."


    වැඩ කරන ගෑනු කෙනාට පිටිපස්සෙන් තවත් කාගෙදෝ ඡායාවක් මගේ ඇස් දකිද්දි, මං චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. උපන්ගෙයිම මිහිදන් වෙලා ගියපු නොමේරූ ආදරයේ, මතක සටහන් හතරවටින්ම පෙරි පෙරී ඇදෙද්දි, හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ මං පාර දිගේ එන්න ආවා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-08.jpg


    08.png


    දවසක් දෙකක් පාඩුවෙ ගෙවිල යන්න දීලා මං ඔහේ බලන් හිටියා.. කොල්ලො කාටවත් කියන්නැතුව දළදා මාළිගාවට ගිහින් පැය දෙක තුනේ, උඩ මළුවෙ වාඩිවෙලා ඉන්න මං පුරුදු උනා.. හුගාක් වෙලාවට මං එහෙම කරේ හිත හදාගන්න.. වෙනද වගේ ක්‍රියාශීලී වෙන්න නම් හිත හදාගන්නෙක අනිවාර්යයි කියල මං දැනන් හිටියා.. නෙත්මි ඉස්සරහ ගල් කරගෙන හිටියත් බන්ටිගෙ හිතත් සංවේදී හිතක්නෙ..

    "බන්ටි.. අලුත් ආරංචි මොනවද..?"

    කොල්ලො කට්ටිය සෙට් උනේ හුග දවසකට පස්සෙ.. හැබැයි ඒ වෙනකොට, කටුගස්තොට ගෙස්ට් එකේ කුල කාන්තාවට අපි දීපු මිෂන් එක, කොල්ලො හැම එකාම දැනගෙන තිබුණා.. සරිගමයා, අත පිස්ටල් එක වගේ හදාගෙන, අපේ බන්ටි මෙහෙමයි කොකා ගැස්සුවෙ, මෙහෙමයි ගෑනිව බය කරේ කිය කියා නාට්ටි පෙන්නනවා..

    "ගින්දර වගේ ආරංචියක් තියෙනවා.."

    "ඒ.. ඒ මොකක්ද..?"

    "ආරංචිය මොකක්ද කියල මං කියන්නම්.. ඒත් ඊට කලින් අපිට ඇටකිච්චව හම්බවෙන්න ඕන.."

    කොල්ලො එක එකා මූණු බලාගත්තා..

    "ලොකු පුතේ.. මට නම් දිරවන්නෑ.. උඹ ඒක කියපු ලතාව.. ආයෙ ලෙඩක්ද..? නැත්නම් ඇටකිච්චව ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකටවත් දානන්ද හදන්නෙ..?"

    චාමික හරියටම කිව්වා.. බලන් ගියාම මූටත් යමක් කමක් තේරෙනවනෙ..

    "ඔව් චාමික.. ඇටකිච්චා ආයෙමත් ගේමට බැහැලා.. ඌ තමයි පහුගිය දවස්වල නෙත්මිලහ රිංගල තියෙන්නෙ.. අර ඩයිවර්ට් කතන්දරේට මට හොදටම ෂුවර් මූ සම්බන්ධයි කියල.. මූ නෑයොත් වෙන හන්ද ඇන්ටිවත් අන්දගෙන ගානට ගේම දෙන්න ඇති.."

    "ගින්නක් නෑ බන්ටි අයියා.. ඇටකිච්චගෙ ෆෝන් නම්බරේ තියෙනවනෙ.. කෝල් කරලා ඌව ගෙන්න ගනිමු.. බෑ කියලා කිව්වොත් ගෙදරටම ගිහිල්ලා නෙලලා එමු.."

    "ඔව් රවීන්.. මේක තවත් කල් දාන්න බෑ.. අදම ඉවරයක් කරන්නෝන.."

    "එහෙනම් ලොකු පුතේ ෆිට් තමා.."

    පහට පහක් දාලා අපි හැම එකාම වැඩේ ස්ථීර කර ගත්තා.. බෙල්ල ගහල ගියත්, ඕනම වැඩකට සෙට් වෙන මේ වගේ කොල්ලො සෙට් එකක් කොල්ලෙකුට ඉන්න එකත් ලොකු දෙයක්.. ඒ ලොකු දේ මේ බන්ටිටත් අඩුවක් නැතුවම ලැබුණා..

    "බන්ටි.."

    "ම්.."

    "පයිතගරසයා කරල තියෙන වැඩක් දන්නවද..?"

    මං හිටියෙ ලොකු කල්පනාවක.. ඒ කල්පනාවෙ කෙලවරින් මගෙන් ඈත්වෙලා ගියපු නෙත්මි කියන ආත්මාර්ථකාමී කෙල්ලත් හිටියා.. කොයි වෙලාවක හරි කොල්ලන්ට ඒ ගැනත් කියන්න වෙනවා.. ඒකට වචන හොය හොයා ඉන්නකොට තමයි අමිල, පයිතගරස් ගැන කිව්වෙ..

    "ආරංචියක් නම් නෑ.. ඇයි, මාලු මාර්කට් එකේදි මිල සූත්‍රයක්වත් කියල දෙන්න ගිහිල්ලද..?"

    පහුගිය ටිකේම පයිතගරස්ව හම්බ උනේ මාලු මාර්කට් එක ගාවදි හන්දා, මං ඇහුවා.. අමිලයට පුංචි හිනාවක් ගියා..

    "නෑ බන්ටි.. මූ කඩේට ගිහින්.. 'හහ්.. හහ්.. හා..' කියල මහ හයියෙන් හිනාවෙලා සිලින්ඩරයක් ඉල්ලුවලු.."

    "මොකක්..?"

    අමිල කියාපු දේ එකපාරටම මට තේරුණේ නෑ.. ඒ සමහර විට මං වෙන කල්පනාවට හිටපු නිසා වෙන්න ඇති..

    "ඔව්.. කඩේ මුදලාලියා හොල්මන් වෙන සයිස් එකට මූ මුලින් හිනාවෙනවලු.. ඊට පස්සෙ සිලින්ඩරයක් ඉල්ලනවලු.."

    "ඒ කියන්නෙ අමිල..?"

    "මෙහෙමයි සුරේන්.. හහ්.. හහ්.. හා.. සිලින්ඩරයක් දෙන්න... හහ්.. හහ්.. හා.. සිලින්ඩරයක් දෙන්න.. ඔන්න ඔය වගේ.."

    අමිල ඒක කියන තාලෙට මටත් හිනාවක් ආවා.. පයිතගරස් හිටිය නම් උගෙන්ම ඕක ගානට අහගන්න තිබුණා..

    "ඉතිං..?"

    "පස්සෙ මුදලාලිට මල පැන්නලු.. මල කියන්නෙ මලේ මල.. ඇයි ඉතිං මූ හයියෙන් හිනාවෙලා සිලින්ඩරයක් ඉල්ලනවලු.. මේකෙ ඉවරෙකුත් නෑල්ලු.."

    "පස්සෙ..?"

    "මුදලාලි ඒ පාර පයිතගරස්ගෙන් ගේම ඉල්ලා.. තමුසෙට පිස්සුද කොල්ලො.. නුහුගුනෙන් වගේ හිනාවෙන්නෙ.. අනික සිලින්ඩර ඉල්ලන්නෙ.. මෙහේ තියෙන්නෙ ගෑස් සිලින්ඩර් විතරයි කියලා කිව්වලු.."

    "අපේ එකා මොකද කියලා තියෙන්නෙ..?"

    "පයිතගරසා කිව්වලු.. මාත් ඉල්ලුවෙ ගෑස් සිලින්ඩරයක් කියලා.."

    "ඉතිං..?"

    "මුදලාලියා ඒ පාර ඇහුවලු.. ඈ කොල්ලො.. උඹ එහෙනම් මී මැස්මොර කාරයා වගේ හිනාවෙවී ගෑස් සිලින්ඩර් ඉල්ලුවෙ මොකද කියලා.. මේකා ගත් කටටම කිව්වලු, මං ඉල්ලුවෙ ලාෆ් ගෑස් සිලින්ඩරයක් කියලා.."

    මට හිනාව නවත්තගන්න බැරිවුණා.. කොල්ලොත් බක බක ගගා හිනාවෙනවා.. පයිතගරස් නම් කිව්වොත් කියන්නෙ ඔය වගේ පිස්සු ප්‍රමේයක් තමයි.. හැබැයි ඉතිං හොදකට තියෙන්නෙ, හිනාවෙලා හිනාවෙලා අපේ ඇගේ ලේ පිරිසිදු වෙන එක..

    "දැන් බින්දු කොහොමද..?"

    හුග දවසකින් බින්දු ගැන ආරංචියක් ආවෙ නැති නිසා මං ඇහුවා.. කොල්ලො කෙරුවෙ එක එකාගෙ මූණු බලාගත්තු එක.. ඒකෙන්ම මං තෙරුම් ගත්තා, උං කට්ටිය කීයටවත් මං ඒ වගේ ප්‍රශ්නයක් අහයි කියලා බලාපොරොත්තු උනේ නෑ කියලා..

    "කොහොමද අහන්නෙ..?"

    සරිගමයා අහුවෙ අප්‍රභංෂ ප්‍රශ්නයක්..

    "ඌ දැන් මොනවද කරන්නෙ..?"

    "අපි හිතුවෙ ඌ ගැන කතා කරන එක උඹට ඇලජික් කියලා.. කොහොටමත්, උඹේ හිත රිද්දපු හින්ද අපිත් ඌත්තෙක්ක වැඩි බජනයක් නෑ.."

    "ළගදි ඌ නාවලපිටි ගිහින් කියලා ආරංචියි.."

    "එතකොට නිරෝෂි..?"

    "නිරෝෂිත් පැත්තකින් ඉන්නවා.. අපිට මේ ළගදි දවසකත් හම්බඋනා.."

    "මොනවද ඒකි කියන්නෙ..?"

    "මුකුත් නෑ බන්ටි අයියා.. මංතරේ වගේ ඔයා ගැනම තමා කියවන්නෙ.."

    "මං ගැන.. මොනවද රවීන් ඒකි කියවන්නෙ..?"

    "හොදම තමා.. ඔයාව හම්බවෙන්න ඕනලු.. ඒත් බින්දුත් එක්ක තියෙන පටලැවිල්ලට බනීද දන්නෑලු.."

    රවීන් කියපු දේ මට හරියට තේරුණේ නෑ..

    "පටලැවිල්ල කිව්වෙ..?"

    "ඒකි දැන් බින්දුත් එක්ක ඔරොප්පුයිනෙ.. ඉතිං ඔයා හැදුවෙ හැම වෙලාවෙම උං දෙන්නා එකතු කරන්න නේ.. දැන් වර්ථමානෙ, උංගෙ එෆෙයාර් එකේ, වෙල්ඩින් ඩොට් එක ගැලවිලා ගිහින්.. ඒකයි.."

    "මට දැනි නිරෝෂිට බැනලවත්, බින්දුට බැනලවත් උංගෙ එෆෙයාර් එක හදන්න ඕනකමක් නෑ අමිල.. ඒවා උං දෙන්නා බලාගන්න ඕන.."

    "එතකොට අපේ බන්ටි ගැන කවුද බලාගන්නෙ..?"

    ලාවට හිනාවෙවී සුරේන් හැමෝගෙන්ම ඇහුවා.. ඌ ඒක අහපු තාලෙට මටත් හිනාවක් ආවා..

    "මොරීන් අක්කා.."

    "මං නම් කියන්නෙ ශලනි.."

    "නෑ බං.. නෙත්මි.."

    "පිස්සුද බං.. එතකොට නිරෝෂිට මොකද වෙන්නෙ..?"

    මුංට කියවන්න තවත් නම් තියෙනවද මංදා.. කියන්න ඕන හැම නමක්ම මුං කියවල දැම්මනෙ..

    "ආ.. බන්ටි.. දැන් නෙත්මිගෙ කතන්දරේ මොකද..?"

    කරගෙන ගියපු හැම කතාවක්ම තල්ලු කරල දාලා, අමිල මගේ ඉස්සරහට ආවා.. උගේ මූන පුරාම තිබුණෙ හරිම අව්‍යාජ හැගීමක්..

    "කලින්ටත් වැඩිය එයා, මාව මිස් අන්ඩස්ටෑන්ඩ් කරනවා.. කොයි තරම් පහදල දුන්නත් වැඩක් නෑ.."

    "අතෑරල දාන්න බන්ටි අයියා.. මොන බම්බුවක්ද..?"

    "ඔව් ලොකු පුතේ.. උඹ ආයෙ මහ ලොකු වැරැද්දක් කරලද..? ඒකිගෙත් නිකං ෂෝ එකනේ.."

    "සමහර වෙලාවට නෙත්මිගෙයි, මගෙයි අතරෙ තියෙන මේ නමක් නැති සම්බන්ෂෙ ඉවරෙටම ඉවර වෙලා තියෙයි.. මොකද.. අදහස් ගැළපෙන්නෙ නැතුව, අනිත් කෙනාව තමන්ගෙ හිරකාරයෙක් වගේ කරගෙන ආදරේ කරාට ඒක සාර්ථක ආදරයක් නෙමෙයි.. කොයි වෙලාවෙ හරි ගැලවිලා යනවා.."

    මේ වෙනකොටත් ඔය මං කියපු හැමදේම සිද්ධ වෙලා ඉවරයි කියලං මං දැනන් හිටියා.. ඒත් මං ඒක කාටවත් කියන්න ගියේ නෑ.. නිකං මොකටද කොල්ලො සෙට් එක කුලප්පු කරන්නෙ..

    "මේ නුවර, ඔයාට ගැළපෙන කෙල්ලො නැතුවද බන්ටි අයියා.. ඔන්න ඔය මගුල අතෑරලා දාන්න.."

    "කඩදාසියක් නැමිච්ච තැනින්, ඊළග මොහොතෙත් ආයෙත් නැමෙනවා.. ඒ වගේ තමයි.. උඹත්තෙක්ක අනවශ්‍ය විදියට රණ්ඩු උනා නම්, උඹට කැත විදියට කතා කරා නම්, විහිලුවට හරි සාප කරා නම්, ඉස්සරහටත් තවත් ඒ දේ සිද්ධ වෙනවා.. ඒ වගේ කෙල්ලො උඹට ඕන තරමක් හොයාගතෑකි.. පදුරකට පයින් ගැහුවත්.. මොකෝ.. මේ සංසාර ගමන අද හෙටම නිමා වෙන්නෙ නෑනෙ.."

    මොනව නැතත් සරිගමයා ඉදලා ඉදලා කිව්වෙ එළකිරි කතාවක්.. ඒක මගේ පපුව ඇතුළටම වැදුනා.. ඌ බලන් හිටියා වගේ කියපු එකනේ වැඩේ කියන්නෙ..

    "අනික බන්ටි.. පිහිය රත්තරං උනත්, අත කැපෙනව නම් වැඩක් නෑනෙ.. බැංකුවෙ තියල සල්ලි කීයක් හරි ගන්නව මිසක.."

    "බන්ටි අයියට මැච් වෙන්නෙ කවුරු කියලද උඹල හිතන්නෙ..?"

    රවීන් අහපු ප්‍රශ්නෙට කවුරුවත්ම උත්තර දුන්නෑ.. ඒත් හැමෝටම උත්තරයක් තියෙනවා කියලා නම් මට තේරුණා.. අපිට ගැළපෙන්නෙ කවුද කියල අපි දන්නව උනත්, පිටින් බලන් ඉන්න අයටත් අපිට ගැළපෙන්නෙ කවුද කියලා හරියටම කියන්න පුළුවන් කියන මතේක බන්ටි නම් කවදත් හිටියා..

    "එකයි.. දෙකයි.. තුනයි.. හැමෝම එහෙනම් එක පාරටම කියමු.. රායිට්.."

    අමිලගෙ කටහඩ අනිත් හැම කටහඩක්ම පැත්තකට දාලා මට ඇහුණා.. වැඩි වෙලාවක් බලන් ඉන්න මට ඕන උනේ නෑ.. කොල්ලො හැම එකාගෙන්ම පිටවුණේ එකම එක නමයි..

    "ශ..ල..නි.."

    "ඔය තියෙන්නෙ.. දැක්කනේ බන්ටි.. අපි හැමෝම හිතන්නෙ, උඹට සීයට හැත්තපහකටත් වැඩිය මැච් වෙන්නෙ ශලනි කියලා.. ඒකිත් උඹට නැහීගෙන ආදරෙයිනෙ.."

    "මොකද කියන්නෙ බන්ටි.. අපේ ප්‍රාර්ථනාවට උඹ එකගද..?"

    "බලමු සුරේන්.. ආදරේ ගැන තිරණ ගද්දි හුගක් හිතන්නෝන.. නැත්නම් අනිවා දුකක් තමයි.. නෙත්මි ගැන උනත්, මං වැඩිය හිතන්නැතුවයි, එයාව ලං කරගත්තෙ.. ඒත් අන්තිමට උනේ, හිත කැඩිච්ච එක.."

    "හරි ලොකු පුතේ.. අපි ඒක අනාගතේට බාර දෙමු.. මොන දේ උනත් මං දන්නවා, උඹට බඩ බැදන් ආදරේ කරන්න ලස්සන කෙල්ලෙක් ඉක්මනටම හම්බ වෙනවා කියලා.."

    "ඒ කෙල්ල ශලනි වෙයි කියල අපි හිතනවා.."

    එතනින් එහාට කතාව ඇදිල ගියේ ඇටකිච්චා නුවර හොස්පිට්ල් එකේ නවත්තන්නෙ කොහොමද කියලා.. පුංචි සාකච්චා වටයක් දාලා අපි තීරණේ කරා ඌව වැව රවුමෙ ටෙනිස් කෝට් එක ළගට ගෙන්නන්න.. එතනදි තුන හතරක් ඇන්නම, ඌට ඕන නම්, නුවර හොස්පිට්ල් එකට හරි ගුරුදෙණිය වෙදා ළගට හරි යතෑකි..

    "මොකද කියන්නෙ..?"

    මං ෆෝන් එක රවීන්ට දීලා බලන් හිටියෙ, ඇටකිච්චා සම්බන්ධ වෙනකන්.. මේක අදම ඉවරයක් කරල දැම්ම නම් හොදටම හොදයි..

    "ඌ සුප් එකක් බොනවලු කොළඹ වීදියෙ සුප් කඩේකට වෙලා.."

    "ඉතිං..?"

    "මං කිව්වා, ශලනි ගැන පුංචි විස්තරයක් දැනගන්න තියෙවා.. ටෙනිස් කෝට් එක ළගට එන්න පුළුවන්ද කියලා.. ගත් කටටම ඌ කිව්වා, සුප් එක බීලා ඉවරවෙලා එන්නම් කියලා.."

    ඌ සුප් බොද්දි අපිට ඌව සූප්පු කරතෑකි.. කිසි අවුලක් නෑ.. මගේ හිතට ආවෙ පුදුම සැනසීමක්.. කලින් මූ ගුටි කෑවෙ ශලනියි, නිරෝෂියි නිසා.. දැන් ගුටි කන්න යන්නෙ නෙත්මි නිසා..

    "ඇටකිච්චට නම් කෙල්ලොන්ගෙන් මාර අපලයක් තමයි තියෙන්නෙ.."

    "අනේ අනිච්චේ.. ඌ අදත් සුප් එහෙම බීලා, ගුටි කන්න නේද එන්නෙ.."

    "ලොකු පුතේ.. උඹ ඌට යටි බඩට එහෙම ගහන්නෙපා.. කලින් පාරක්, ඌට මුත්‍රා පිටවුණා.. ගාත්‍රා දිගේ ඕව ගෑවුනොත්, අපිට යාත්‍රා කරන්න වෙන්නෙ නුවර වැවේ තමයි.."

    "රවීන්.. උඹ කිව්වද මං ඉන්නවා කියලා.."

    "පිස්සුද බන්ටි අයියා.. ඌ මේ වැඩේට සම්බන්ධයි නම්, ඔයා ඉන්නවා කිව්වොත් කීයටවත් එන්නෑ.."

    "කෝකටත් බන්ටි, උඹ අයින් ගහලා ඉදපං.. අපි ඌ මෙතනට ආපු ගමන් ඇදගෙන එන්නම්.."

    මොන දේ උනත් ඇටකිච්චට නෙලනවා කියන මතයෙ තමයි මං හිටියෙ.. ටෙනිස් කෝට් එකේ මැස්සෙක්වත් නෑ.. වෙනද මේ වෙලාවට පුංචි එවුන් හරි ප්‍රැක්ටිස් කරනවා..

    "බන්ටි.. ඇටකිච්චා ආවා.."

    බලන් ගියාම මූ මාර ස්පීඩ් පොරක්නෙ.. මොනව කරන්නද අප්පා.. ගුටි කන්න තියෙන විශිෂ්ඨ ගණයේ කැමැත්තනෙ.. කාට කියන්නද ඕවා.. මං ටෙනිස් කෝට් එක පැත්තට එබුණා.. රවින්, ඇටකිච්චගෙ අතකින් අල්ලගෙන මොනවදෝ අහනවා.. සමහර විට මාව දැකලා ඇටකිච්චා පැනලා දුවයි කියලා වෙන්නැති, රවීන් ඔය අල්ලන් ඉන්නෙ.. තවත් බලන් ඉදල තේරුමක් නෑ.. ටෙලිෆෝන් කතන්දර හැම එකක්ම ඔලුවෙ තියාගෙන මං ඇටකිච්චා ඉස්සරහට ආවා.. නෙත්මිගෙ තාත්තා වගේනෙ මූ රගපෑවෙ.. අද මං උඹට තාත්තගෙ තාත්තා විදියට රගපාන්න දෙන්නම්..

    "බ.. බන්ටි අයියා.. ඔයත් මෙතනද..? රවීන් මට නිකංවත් කිව්වෙ නෑනෙ.."

    මං හිතුවෙ, මාව දැකපු ගමන් ඇටකිච්චට කලන්තෙ හැදෙයි කියලා.. ඒත් පුදුමෙ කියන්නෙ ඒකා මාර ෆිට් එකේ කතා කෙරුවෙ, කොල්ලොන්ටත් පුදුමයි.. ඒත් මගේ පුදුමෙ මං වැඩිදුරක් අරගෙන ගියේ නෑ.. මොකද ඇටකිච්චා කියන්නෙ නොම්මර එකේ නලුවෙක් කියලා මං දැනන් හිටියා.. ඇයි හත්වලාමෙ.. නැත්නම් කොහොමද ගෑනු ළමයි තුන් හතර දෙනෙක් එක්ක එකපාර යාලු වෙන්නෙ.. උන්ට පැලෙනකල් ආදරේ කරන්නෙ..?

    "උඹත් එක්ක බේරගන්න ගණුදෙනුවක් තියෙනවා.."

    මං ඇටකිච්චට තවත් ළංවුණා.. ඌට පැනල දුවන්න බැරිවෙන්න.. චාමිකයි, අමිලයි, සුරේනුයි ටිකක් පස්සට වෙලා හිටියෙ..

    "ග.. ගණුදෙනුවක්..?"

    ඇටකිච්චගෙ මූණ වෙනස් උනා.. දැන් ඒ මූණෙ පෙරහැරවල් රාශියක් යනවා.. ඉස්සෙල්ලම කස කාරයොයි, මල් බයිසිකල් කාරයොයි..

    "මගෙන් එදා අච්චර ගුටි කාලත් උඹ හැදුනෙ නෑ නේද..?"

    ඇටකිච්චගෙ කොලර් එකෙන් අල්ලල, මං ඌව මගේ ළගට ගත්තා.. මරන්න ගෙනියන හරකෙකුටත් අන්ත මූණක් හදාගෙන ඌ මගේ දිහා බැලුවා.. ඒ ඩිංගට උගේ ඇස් වලට කදුළු ඇවිත් තිබුණා.. කොහෙද ඉතිං.. මූට ගහන්න කලින්ම ඇඩිලනේ..

    "අ.. අනේ බන්ටි අයියා ගහන්නෙපා.. දෙ.. දෙයියන්ගෙ නාමෙට වෙලා තියෙන දේ කියන්න.. ම.. මං දන්න දෙයක් නම් කියන්නම්.."

    ඇටකිච්චා බැගෑපත් වෙනවා.. මං සාක්කුවට අත දාලා අර ඩයිවර්ට් ගැජට් එක අතට ගත්තා.. ඒක දකිද්දි උගේ ඇස් බෝල දෙක එළියට පනින්න තරම් ලොකු උනා..

    "උඹට මතකද මේක..?"

    "ඔ.. ඔව්.. ඕක.. ම.. මගේ.. ඔ.. ඔයාට කොහෙන්ද ඕක..?"

    මම ඒ වෙනකල්ම ඇටකිච්චට පාරක්වත් ගහල තිබ්බෙ නෑ.. සම්පූර්ණ විස්තරේම අහගෙන මුගේ මූණ කට සමතලා කරනවා කියලා මං හිතාගත්තා..

    "මට කොහෙන්ද කියල අහන්නෙ..? ඇයි මේකට වෙච්ච දේ උඹ දන්නැද්ද..?"

    "ඔ.. ඔය ගැජට් එක කවුරු හරි උස්සලා බන්ටි අයියා.. මාත් ඕක හැමතැනම හෙව්වා.."

    "මේ.. උඹ අපිට බොයිය දාන්නෙපා.. උඹේ ඇට ටික කුඩු කරල නුවර වැවට දානවා.. මට ඇත්ත කියපං.. උඹ ඇයි නෙත්මිගෙ තාත්ත වගේ කතා කෙරුවෙ.. උඹට ඒකෙන් මොනවද ලැබෙන්නෙ..?"

    "නෙ.. නෙත්මිගෙ තාත්තා වගෙ කතා කෙරුවා..? ම.. මට මේ මුකුත් තේරෙන්නෑ.. දළදා හාමුදුරුවන් පල්ල.. බන්ටි අයියෙ.. මේ කතන්දරේ කොහේ හරි පටලැවිලා.."

    "උඹ කියනව නම් පටලැවිලා කියලා.. මං ඒක ලිහාගන්නම්.. ඉස්සෙල්ලා කියපං.. උඹට මේ ගැජට් එක කොහෙන්ද..? උඹ මේක පාවිච්චි කරේ ඇයි කියලා..?"

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වෙනකොට මං ඇටකිච්චගෙ ෂර්ට් කොලර් එක අතෑරලා දාලා තිබුණෙ.. මුල්ම වතාවට මගේ හිතට පුංචි සැකයක් ආවා.. මං මේ අල්ලන් ඉන්නෙ හරි මාලුවද කියලා.. ඒත් ඉතිං මේ ගැජට් එක මුගේ කියල මූම කියනවනේ.. තවත් මොන කතාද කතා කරන්න තියෙන්නෙ..? තවත් ටිකක් බලල ඇනගෙන ඇනගෙන යනවා මිසක..

    "අ.. අනේ.. ගහන්න නම් එපා බ.. බන්ටි අයියා.. ඔ.. ඔය ගැජට් එක මට තෑගි ලැබිච්ච එකක්.. චීනෙ ඉන්න අපේ මාමා කෙනෙක්ගෙන්.. ඒත් දැන් සති තුනක වගේ වෙලේ ඉදන්, ඕක මිස් ප්ලේස් වෙලා තිබුණා.."

    "මිස් ප්ලේස් වලො තිබුණනේ.. ආ.. එතකොට උඹ මේකත් අරගෙන නෙත්මිලහ ගියේ නැද්ද..?"

    "නෙත්මිලහ නම් ගියා.. ඒත් මං ඕක අරන් ගියේ නෑ.. ඔයා ඕනනම් අහන්නකො.. මං කියනෙක බොරුද කියලා.. ඔයාලගෙ යාලුවගෙන්.."

    "යාලුවගෙන්..?"

    මං උඩ ගිහින් බිම වැටුණා.. මේකා මොනවද මේ කියවන්නෙ..? ඈතින් ඉදපු සුරේනුයි, අමිලයි, චාමිකයි මේ කතන්දරේ ඇහිල අපි ළගට ආවා.. රවීන් නම් කොහොමත් හිටියෙ ඇටකිච්චයි, මායි ළගනේ..

    "මොන යාලුවද..?"

    "ඔයාලත් එක්ක හිටපු අර කලු කෙට්ටු එකා.. ශිහාන්.."

    ජීවිත තැනිතලාවෙ මගේ කන් දෙකෙන් අහපු, අදහගන්න බැරිවුණු දෙවනි කතාව තමයි මේ.. පළවෙනි එක, ගෙදර ඉන්න අම්මා, මගෙ අම්මා නෙමෙයි කියකෙ.. දෙවනි එක, අපේ ක්ලීක් එකේ හිටපු ශිහාන් ගැන කතාව..

    "ශිහාන්..?"

    "ඔව්.. මිනිහගෙ නම ඒක තමා.."

    "තමුසෙ කොහොමද ඌව අදුනන්නෙ..?"

    "එදා පේරාදෙණිය ගාඩ්න් එකේදි, ඔයාල මට ගැහුවයින් පස්සෙ මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලානෙ.. එතකොට දවස් දෙක තුනක් මිනිහ මාව බලන්න ආවා.. එහෙම තමා ශිහාන් ෆිට් උනේ.."

    ඇටකිච්චට ගහනවට ශිහාන් මුලින්ම විරුද්ධ වෙච්ච හැටි, මගේ වචනවලට අකීකරු උන හැටි චිත්‍රපටියක රෑප පෙලක් වගේ හිත ඇතුළෙන් ගලාගෙන ආවා.. එහෙනම් මේ රාජකීය නාට්ටියෙ ප්‍රධාන නළුවා උඹයි.. ඇටකිච්චත් අල්ලගෙන, ඌව අන්දලා තියල මේකා ගානට වැඩේ දීලා.. නෙත්මිලගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනත් කිව්වෙ ඇටකිච්චත් එක්ක තව කලු කෙට්ටු එකෙක් ආවා කියලා.. එහෙනම් කතාව ඇත්ත..

    "බන්ටි.. මූ කියන විදියට කතන්දරේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. ශිහාන් කාරයා මුගේ ගැජට් එකට වැඩේ දීලා නෙත්මිලගෙ ෆෝන් එකට හයි කරලා.. ඇයි ඉතිං මේකා, ශිහාන්කාරයව නෙත්මිලහට එක්කරගෙන ගිහින් තියෙනවනෙ.."

    "ඔය ඔක්කොමත් හරි.. ශිහාන්කාරයා පහුගිය දවස්වල කොළඹ මොකක්ද කෝස් එකක් කරානෙ බං.. ඌ කොයි වෙලාවෙද මේවට සම්බන්ධ උනේ.. අනික ඌට දෙක තුනක් අනින්න අපි ඌව හෙව්වත්නෙ.."

    "මතකද බන්ටි.. උඹලගෙ අම්මටයි, සරිගමයලහටයි ගින්න දීලා තිබුණෙ ඕකනෙ.. දැන් ඉතිං පරණ ඒවත් වැල්පොලියට අරන්, මේ කතන්දරෙත් ඒකට එකතු කරලා, මූට කරන්න හිතුව ඒවා ශිහාන්ට කරමු.."

    අමිලගෙ කතාවෙන් පස්සෙ ඇටකිච්චා බයවෙලා වගේ මං දිහා බැලුවා..

    "අ.. අනේ බන්ටි අයියෙ මට මුකුත් කරන්නෙ නෑ නේද..? උගේ වදේටයි මං නෙත්මිලහ ගියේ.. ඇත්තමයි.. ඔයා.. ඔයා දන්නවනේ, මං ඔයා ගෑවිච්ච තැනකින්වත් යන්නෑ කියලා.. එ.. එදා කාපු ඒවා තාම රිදෙනවා.."

    "හරි.. උඹට දැන් යන්න පුළුවන්.. හැබැයි ඊට කලින් උඹ හෙට උදේ නමය වෙද්දි, මට ශිහාන්ව මුණ ගස්සවන්න ඕන.. හැබැයි මේ මුකුත් ඌට කියන්න බෑ.. එහෙම උනොත් මං අල්ලගන්නෙ උඹව.. තේරුණාද..?"

    "ඔ.. ඔව්.. ඔව්.. තේ.. තේරුණා.."

    "උඹට අපි ගහපු තැන මතකයි නේද..? පේරාදෙණිය ගාඩ්න් එකේ ඒ ප්ලේස් එකටම ඌව එක්ක වරෙන්.."

    "හා..! බන්ටි අයියේ..?"

    "ඇයි..?"

    "මට ගහන්නෑ නේද..?"

    "නෑ.. උඹට ගහන්න හැදුවෙ මෙතනදි.. ඒත් උඹේ සම්බන්ධයක් නැති නිසා බේරුණා.. හ්ම්.. දැන් ඉතිං පලයං.. වැඩේ වන කෙරුවොත් වෙනදේත් මං උඹට කිව්වනේ.."

    ඔලුවත් වන වනා පස්සෙන් පස්සට ගියපු ඇටකිච්චා මහමායා එක පැත්තට පාර පැනල, පාර දිගේ දුවනවා මං දැක්කා.. ඇත්තටම ඌ හිටියෙ සිහි නැතිවෙන තරමට බයවෙලා..

    "නියමයි ලොකු පුතේ.. උඹ නියමෙට වැඩේ දුන්නා.."

    "ෆැන්ටෑස්ටික්.. කියලා වැඩක් නෑ බන්ටි අයියා.."

    "එහෙනම් මේ මළ දානෙ පිටිපස්සෙ ඉන්නෙ ශිහාන් කාරයා.. ඕක තමයි එහෙනම් බන්ටිගැන වැරදි නෙත්මිට කියන්න ඇත්තෙ.."

    ඒක නම් ඇත්ත කියල මටත් හිතුණා.. නෙත්මියි, මායි ඈත් කරන්න මූ පුලු පුලුවන් හැමදේම කරන්න ඇති.. මගේ නැති වැරදිත් නෙත්මිට දැනගන්න ඉඩ සලස්වන්න ඇති..

    "අපේ ක්ලීක් එකෙන් ඕකව ඈත් කරපු එකට තමා ඕකා ඔහොම කරන්න ඇත්තෙ.. දැන් ඉතිං පරණ එව්වත් එක්ක නාගසලං කරලා දාමු.."

    "එහෙනම් හෙට උදේ අටහමාරට ගාඩ්න් එක ළගදි සෙට් වෙමු.."

    වැඩේ දශමෙට සෙට් කරගෙන, මං ගෙදර එන්න ආවා.. එහෙනම්, ශලනිත් එක්ක මං ලන්ච් එකක් ගත්තා කියලත්, නෙත්මිට කියන්න ඇත්තෙ මූ තමයි.. කමක් නෑ.. උඹේ කටින්ම, හෙට උදේට හැමදේම මං වමාර ගන්නම්කො..

    ****************************

    වැලිපාර දිගේ ඇවි්ලලා, චැලිය ගේ පැත්තට දාන්න හැදුව විතරයි, මොරීන් අක්කා අත වනනවා මං දැක්කා.. ඒ පාර මොකද දන්නෑ..

    "ඇයි මොරීන් අක්කෙ..?"

    "ඔයාට පණිවිඩයක් කියන්නයි කතා කෙරුවෙ.."

    වෙනදට මූණ පිරිල තියෙන හිනාවටත් වැඩිය ලොකු හිනාවක් මොරීන් අක්කා ගාව තියෙනවා මං දැක්කා..

    "මොකක් උනත් සුභ දෙයක් කියලා හිතනවා.. ඔයා අද හුගක් සතුටින් ඉන්නෙ.."

    "ඔව් මල්ලි.. මං මගේ ජීවිතේ ගැන වැදගත් තීන්දුවක් ගත්තා.. ඒක මං ඉස් ඉස්සෙල්ලම කියන්නෙ ඔයාට.. මොකද ඔයා ගිය ආත්මෙත් මගේ මල්ලි, මේ ආත්මෙත් මගේ මල්ලි.. මට ඔයා ඇරෙන්න ඉන්නෙ අම්මා විතරයි.."

    මොරීන් අක්කගෙ වචන ටික මගේ පපුව ඇතුලටම කිදා බැස්සා.. හැමදේම විහිලුවට අරන් හිනාවෙලා හිටියත්, මොරීන් අක්කගෙ හදවත කොයි තරම් ලස්සනද කියලා මං දැනගෙන හිටියා..

    "මං රසික ගැන හුගාක් බලාපොරොත්තු තියන් හිටියා.. ඒත් ඒවයෙ කිසිම තේරුමක් නෑ.. එයා ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කෙනෙක්.. එයා ගෑනියෙක්ගෙ හිතට නෙමෙයි ආදරේ කරන්නෙ, ඇගට.. ඒත් මං එයාගෙ හොදට, බන්ටි මල්ලි වෙනුවෙන් අන්තිම උදව්වත් කරා.. ඒ කටගස්තොටදි.."

    "දැන් ඇයි අක්කෙ මේ හදිසියෙ ඕවා කියන්නෙ..?"

    "මං කියන්න යන දේට මේ හැම දෙයක්ම සම්බන්ධ හන්ද.. මං මැරි කරන්න තීරණේ කලා බන්ටි මල්ලි.. හැබැයි ඒ ඔයාගෙ රසික අයියා නෙමෙයි.. වෙන කෙනෙක්ව.."

    කන් දෙක ළගම අකුණක් ගැහුව වගේ, මගේ මුලු හිතම අගුලු වැටුණා.. හිතට සංතෝෂයක් එන්න ඕන උනත් හිතට ආවෙ මහා අපැහැදිලි හැගීම් ගොඩක්.. ඒ හැගීම් ගොඩේ දුක කියන දේ උපරිම විදියට රැදිල තිබුණා.. මට කතා කරගන්නවත් වචන ආවෙ නෑ..

    "වෙ.. වෙන කෙනෙක්ව..?"

    "ඔව් මල්ලි.. තාත්තගෙ පැත්තෙන් මට මස්සිනා කෙනෙක් වෙන අයියා කෙනෙක් ඉන්නවා.. හුග කාලෙක ඉදලා එයා මං ගැන බලාපොරොත්තු තියාගෙනයි ඉන්නෙ.. හරිම හොද කෙනෙක්.. එයා මට කිසිම දුකක්, කරදරයක් නොදී බලාගනියි කියන විශ්වාසෙ මගේ හිතේ තියෙනවා.. ඒත් රසික ගැන මහ විසාල බලාපොරොත්තු කන්දක් තිබ්බ හන්ද, මං ඒ අයියට වචනයක් දුන්නෑ.. ඒත් මං එයාට අද උදේ කතා කරා.."

    "ම.. මගේ සුභ පැතුම් මොරීන් අක්කෙ.. මගේ සුභ පැතුම්.. මං පුංචි එකා වගේ හිටිය නම් ඔයාගෙ පේජ් බෝයිටවත් එන්න තිබුණා.. කොහෙද ඉතිං.. දැන් බන්ටි මහ දණ්ඩෙක් වෙලානෙ.."

    "පේජ් බොයිට නෙමෙයි, ඔයයි මගේ වෙඩින් එකේ බෙස්ට්මන්.."

    මට හිතාගන්න බැරි උනා.. මොරීන් අක්කා ඒක කිව්වෙ ඇත්තටමද, බොරුවටද කියලා.. ඒත් එයාගෙ මුලු මූණම ඇත්තකින් තමා පිරිලා තිබ්බෙ..

    "ආරාධනේ අත් දෙකෙන්ම පිළිගන්නවා මොරීන් අක්කෙ.. ඔයාගෙ ජීවිතේ ජයෙන් ජය වෙන්න ඕන.."

    "ඇයි මට විතරක්..? ඔයාටත් එහෙම වෙන්න ඕන.. අපි එකට හිනා උනා, එකට ඇඩුවා.. ඔයාගෙ වචන වලින් කියනව නම් බාල්දිත් පෙරලුවා.. තවත් අනේක දේවල් කරා.. ඒවා හැමදාටම මේ මොරීන්ට මතක් කර කර රස විදින්න පුළුවන්.. ඒ හැම මතකයකම මහා මේරු පර්වතේ වගේ ඔයා රැදිලා ඉන්නවා බන්ටි මල්ලි.. ගෙවිල ගියපු හුගාක් දවස්වල ඔයාගෙන් තොර මතකයක් මට තිබ්බෙ නෑ.. මං ආදරේ කෙරුවෙ රසිකට උනත්, මගේ මුලු හිත පුරාම සහෝදරයෙක්, යාලුවෙක් වගේ හිටියෙ ඔයා.. කවද හරි රසිකව අමතක කරන්න පුළුවන් උනත්, මට ඔයාව නම් අමතක කරන්න බැරිවෙයි.."

    මොරීන් අක්කා කියවගෙන කියවගෙන යනවා.. හිතට මොකක්දෝ නුහුරු වේදනාවක් දැනෙද්දි මං එයා දිහා බැලුවා..

    "ඔයා මැරි කරාට නුවරින් යන්නෑනෙ මොරීන් අක්කෙ..?"

    "යන්නෑ තමයි.. ඒත මගේ නිදහස සීමා වෙයි.. කලින් වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට ඔයාලගෙ තාප්පෙන් පැනල, ඔයාව හම්බවෙන්න එනව වගේ එන්න බැරිවෙයි.. වගකීම් වැඩිවෙන්න වැඩිවෙන්න මගේ රස්තියාදු ගැහිල්ලත් නවතියි.. ඒත්.. මං ඒ හැමදේම සංතෝසෙන් බාරගන්නවා.."

    "අන්තිමට එහෙනම්, බන්ටිගෙ සුදු රසික අයියට බින්දුව හම්බ උනා.. නේද..?"

    "ඒක එයාගෙ වෙලාව බන්ටි මල්ලි.. අපිට ඒවට වෙන කරන්න දෙයක් නෑ.. එයාටත් කොයි මොහොතෙ හරි ආදරයෙ වේදනාව හම්බවෙයි.. ඒත් එතකොට කදුලක් හරි පිහදාන්න මේ මොරීන් එයා ළග නෑ.."

    මොරීන් අක්කගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. තවත් දුරට මේ සාකච්ඡාව ව්‍යාප්ත උනොත් මොරීන් අක්කා අඩනෙක වලක්වන්න සක්කරයටවත් බෑ.. වැඩිය මුකුත් නොකියා මං මොරීන් අක්ක ගාවින් ආවෙ ඒකයි..

    ****************************

    ගෙදරට ඇවිල්ලා මං කෙරුවෙ මුළු හවස් වරුවෙම නිදාගත්ත එක.. බේබි නැන්දට මං ලොකු ඕඩරයක් දුන්නා කවුරු ආවත් මට බාධා කරන්නෙපා කියලා.. ඒක එහෙම අගේට සිද්ධ උනත් හවස පහමාර වගේ වෙද්දි අක්කා මගේ කාමරේට කඩන් පාත් උනා.. මේ මොකද බං මේ..? මෙයා නිකං කුලප්පු වෙච්ච අශ්ව නාම්බෙක් වගේ..

    "බ..න්..ටී.."

    අක්කා ඔෆිස් ඇරිල ආපු ගමන් ඇදුම්වත් මාරු කරන්නැතුව, පණ එපා කියලා මගේ කාමරේට දුවගෙන ආවෙ නිකං වෙන්න බෑ.. මොකක් හරි අවුලක් සිද්ධ වෙලා තියෙන්නෝන..

    "මොකද මේ.. පිටිපස්සෙන් කොල්ලෙක්වත් එළවගෙන එනවද..?"

    අහපු ප්‍රශ්නෙට උත්තර නොදීම අක්කා මගේ ඇස් දෙකට එබුණා.. ඒ මූණෙ තියෙන්නෙ තරවටුවක් කියලා මං තේරුම් ගත්තා..

    "ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද..?"

    හප්පට ඩෙන.. දැන් යකඩෝ බලන් ගියාම රහස් පරික්ෂකයො හැමතැනම.. මෙයත් දන්න දේවල්..

    "කවුද ඔයාට කිව්වෙ..?"

    "කියපු කෙනා වැඩක් නෑනෙ බන්ටි.. මං ඇහුවෙ ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද නැද්ද කියලා.. මට ඒකට උත්තරයක් ඕන.."

    "ඔව්.. මං එයාව හම්බවෙන්න ගියා.. ඇයි..? දැන් මොකක්ද ප්‍රශ්නෙ..?"

    මං වීරයා වගේ ඇහුවා.. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕන්නෑ කියල කියනවනෙ.. හැබැයි ඒ දෙකම කරන්න නම් වෙන්නෙ පොලීසියට ගියාම කියල පයිතගරස් තමයි වේල්ස් පාක් එක ඉස්සරහදි කිව්වෙ..

    "ප්‍රශ්න නම් ගොඩයි බන්ටි.. ඇයි ඔයා ඕනනැති දේවල් කරන්න ගියේ.. බලන්න දැන් ප්‍රශ්න නම් කීයක්ද කියලා.."

    "මම කරන්න නම් ගියේ කරන්න ඕන දෙයක්.. ඒක අනිත් අයට ඕන්නෑ වගේ පේනව ඇති.. මට ඒකට කරන්න දෙයක් නැ අක්කෙ.."

    "ඔහොම නපුරු විදියට කතා කරන්නෙපා බන්ටි.. ගෙදර වැඩට ඉදපු ගෑනු කෙනා, පිණිමුතුගෙ අම්ම ආවහම, සෑහෙන විස්තර තොගයක් කියලා.. අම්මා කෙල්ලට හොදටම බැනලා.. ඊයෙ දවසෙම කෙල්ල කරල තියෙන්නෙ අඩපු එකලු.."

    "කවුද ඔයාට කිව්වෙ..?"

    "පිණිමුතු තමයි.. එයා අද උදේ ඔෆිස් එකට ආවා.."

    ඒකත් එහෙමද..? එහෙනම් කතාව ජයටම ඉදිරියට ඇදීගෙන යන පාටයි.. කමක් නෑ.. ඔහොම යංකො..

    "ඉ.. තිං..?"

    "ඔයයි, පිණීමුතුයි හොදටම කියවගත්තා කියලා එයා මට කිව්වා.."

    "ඒක බොරු අක්කෙ.. පිණිමුතු තමා හුගාක්ම මට කියෙව්වෙ.. මං කියපු කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. බේබි නැන්දා ගැන, මං කියපු බොරුව ඉස්සරහට දාගෙන එයා දැන් අමුතුම ගේමක් දෙන්නයි යන්නෙ.. එයා හරියට කිව්වා.. මමත්, මට කියන්න තිබ්බ දේවල් මූණටම කියල ආවා.."

    "ඒ උනාට වැරැද්ද කෙරුවෙ ඔයාගෙ බන්ටි.. ඔයා ඒ කෙල්ලගෙ හිත රිද්දන එක හරි වැරදියි.."

    "මොකක්ද මං කරපු වැරැද්ද..?"

    "බේබි නැන්දා ගැන කියපු දේවල්.."

    "බේබි නැන්දා මගෙ අම්මා කියල කියපු එකද..? ඒක නම් ඒ තරම් අවුලක් වෙන එක්ක නෑ අක්කෙ.."

    "ඇයි..?"

    "බේබි නැන්දා කොහොමත් මගෙ ආච්චි අම්මනෙ.. ඒක හරියට දැනගත්තු දවසට, පිණීමුතුට කලන්තෙ දායි.. එතකොට එයාගෙ ඔ්‍ය උඩ පැනිල්ලත් නවතියි.."

    මගේ කතාවෙන් අක්කගෙ මූණ හොදටම වෙනස් උනා.. මං ඒ වගේ කතාවක් කියයි කියලා එයා බින්දුවක්වත් හිතුවෙ නෑ කියලා මට තේරුණා..

    "බ.. බන්ටී.."

    "ඔව් අක්කෙ.. ඔය එහෙටයි, මෙහෙටයි ඇද ඇද ඉන්නවට මං කොහොමටත් කැමති නෑ.. අර ඉස්සර හිටපු විදියට ඉන්න තිබුණ නම් මේ මොන දුකක්වත් නෑ.. ඇත්තමයි.. අපේ රසික අයියා, ආදරේ කරනව වගෙ ආදරේ කරන්න මට බෑ.. මං ඒ දේට කැමති නෑ.. ඒත් නෙත්මි, මගේ හිතේ හැම අස්සක් මුල්ලක් පීරගෙනම මට ලංවුණා.. මට ගැලවෙන්නම බැරි විදියට මට ලංවුණා.. ඒත්.. එයා මට ආදරේ කලේ හරිම ආත්මාර්ථකාමී විදියට.."

    "බ.. බන්ටී.."

    "ඉන්න අක්කෙ.. මට තවත් ටිකක් කියන්න තියෙනවා.. දැන් හැමදේම ඉවරයි වගේම, මේ ටික කියල ඉවර උනාම ආදරේ ගැන තියෙන වචනත් ඉවරයි.. අපි කෙනෙකුට ආදරේ කරාට, අපි එයාගෙ නිදහස සින්නක්කරේට ගන්න හොද නෑ.. එයාගෙ යාලුවො, එයාගෙ යන එන තැන්.. ඕවා හැමදේටම තහංචි දාගෙන ආදරේ කරන්න බෑ.. එතකොට ඒ ආදරේ මල විකාරයක් වෙනවා.."

    "ඒ උනාට බන්ටි.. අපි කැමති කෙනාව අපි ළග තියාගන්න නෙ ඔය හැමදේම කරන්නෙ.. එක ආත්මාර්ථකාමිකමක් නෙමේනෙ.."

    "මොන පිස්සුද අක්කෙ.. දැන් බලන්න.. මං මගේ යාලුවොත් එක්ක වැඩිය කතා බහ කරනවට නෙත්මි කැමති නෑ.. මට යාලුවෙකුට උදව්වක් කරන්න බෑ හින්ට් ගහනවා.. කෙල්ලෙක් එක්ක කතා කරන්න බෑ.. ඒ කෙල්ලට මාව පාවල දෙනවා.. මං විසිහතර පැයේම එයාව හිතේ තියාගෙන, එයත් එක්ක විතරක් කතා කර කර ඉන්න ඕන.. මොන විකාරයක්ද අක්කෙ.. ආදරේ කරනව කියල, කූඩු කරපු සතෙක් ගානට වැටෙන්න මං කැමති නෑ.. අනිත්තෙක අල්පෙනෙත්තෙ ඉදල වෙච්ච දේවල් එයාට කියන්නෝන.. ඒවා වෙන කොහෙන් හරි ආරංචි උනොත් ගෝරි ගොඩයි.. ඕකද අක්කෙ ආදරේ කියන්නෙ..?"

    අක්කත් එක්ක කවදාවත් කතා නොකරපු මාතෘකාවක් දිගේ මගේ කතාව ඇදිල ගියා..

    "ම.. මට තේරෙන්නෑ බන්ටි.."

    "මටත් තේරෙන්නෑ අක්කෙ.. කොටින්ම මම නම් අදහන්නෙ, අපි දේකට ආදරේ කරනව නම්, අපි ඒ දේට වාතයක් වෙන්න හොද නෑ කියනෙක.. අන්තිමට වෙන්නෙ ඒ දේට අපිව එපා වෙන එක.. හරියට නෙත්මිව මට එපා උනා වගේ.."

    "බ..න්..ටී.."

    "ඔව් අක්කෙ.. හිත කුඩුපට්ටන් වෙලා ගියත් මං ලොකු තීරණයක් අරගෙනයි තියෙන්නෙ.. මං මොන දේ කිව්වත් එයාට වටින්නෑ මට කැත විදියට කතා කරන්න.. ඒකද එයාගෙ ඩීසන්ට් ආදරේ..? අනික මේ බේබි නැන්දගෙ කතන්දරේ අල්ලගෙන මාව ඉවරයක් නැතුව පට්ට ගහනවා.. හැබැයි එයා තවත් මං ඉස්සරහට ඇවිත් කියවන්න ගියොත්, ඔයාගෙ හොදම යාලුව කියල මං බලන්නෑ.. ඔයා දන්නවනෙ අක්කෙ, මේ බන්ටිට කේන්ති ගියොත්, මොන තරම් අසමජ්ජාතිද කියලා..?"

    "අ.. අනේ බන්ටි.. අපි මේ කතාව නවත්තමු.. ඔයාට හොදටම කේන්ති ගිහින්.."

    "ඔව් අක්කෙ.. මට කේන්ති ගිහින් තමයි තියෙන්නෙ.. ආ.. මෙන්න මේකත්, එයා හම්බ උන වෙලාවක දෙන්න.."

    ඩෙනිමෙ සයිඩ් පොකට් එකෙන් ගත්තු හෑන්ඩ් ෆෝන් එක මං අක්කට දුන්නා..

    "ඇ.. ඇයි බ.. බන්ටි මේ..?"

    "මං හැම දෙයින්ම ඈත්වෙනවා අක්කෙ.. මට කියලත් ආත්මයක් තියෙනවා.. කාගෙවත් බලපෑමකට යටත් වෙලා මේ ජීවිතේ අරගෙන යන්න මං කැමති නෑ.. අනික මේ කොහේවත් ඉන්න කෙල්ලෙකුට.."

    'කොහේවත් ඉන්න කෙල්ලෙකුට' කියල මං විශේෂන පද ටිකට අක්කගෙ මූණ තවත් අමුතු වෙලා ගියා.. 'කරන්න දෙයක් නෑ නෙත්මි.. ඔයයි මේ හැමදේම විනාස කරල දැම්මෙ..' මට අක්කට උනත් මේ හැමදේම කියන්න උනෙ ඒකයි..

    "ඔයාල දෙන්නට මොනව වෙලාද කියලා මට නම් තේරෙන්නෑ බන්ටි.."

    "ඔයාල දෙන්නට කියල මාවත් එතෙන්ට හවුල් කරගන්නෙපා අක්කෙ.. මේ බන්ටිට නම් මුකුත් වෙලා නෑ.. ඔයාට මේ කතාබහෙන් ඒක තේරෙන්න ඇතිනේ.. වෙලා තියෙන හැමදේම වෙලා තියෙන්නෙ නෙත්මිටයි.. එහෙම නැතුව මේ බන්ටිට නෙමෙයි.."

    අක්කා ෆෝන් එකත් අතේ ගුලි කරගෙන, කාමරෙන් එළියට ගියා.. ජීවිතයේ කවදාවත් දැනුණෙ නැති තරමෙ තනිකමක් මිශ්‍ර තරහක් හිතට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තා..

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-09.jpg



    09.png


    "බන්ටි.. ඔයා නිදිද..?"


    දහය පහුවෙන්න තිබ්බෙ විනාඩි පහක් නැත්නම් දහයක් විතරයි.. අයියගෙ කටහඩ කාමරේට එළියෙන් යාන්තමට ඇහුණා.. මේ අසත්පුරුෂයා මොකද මේ අවේලාවෙ.. ආපහු කුමන හෝ බාල්දියක් සිත පුරා හලාගෙනවත්ද..?


    "නෑ.. නෑ.. මේ බන්ටි අවදියෙන්.."


    "ම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."


    කබඩ් එක උඩ තිබ්බ වතුර ඩිගැන්ටරයෙන්, වතුර එකක් වීදුරුවට ගන්න ගමන් අයියා මං දිහා බැලුවා.. කාමරේ තිබ්බ සී.එෆ්.එල් බල්බ් එකේ එළියෙන් අයියගෙ සුදුමැලි මූණ තවත් පාන්ඩු පාට වෙලා පෙනුණා.. ඒත් ඇස් දෙකේ තිබ්බෙ අදහගන්න බැරි තරමෙ දීප්තිමත් ගතියක්. බන්ටිගෙ මොළේ තියෙන අලු පාට සෛල වලට අනුව නම්, මේ කියන්න යන්නෙ ආදරේ සම්බන්ධ දෙයක්..


    "කියන්න.. මං අහගෙන ඉන්නෙ.."


    "මං මේ දේ කිව්වම, මේ ලෝකෙ වැඩියෙන්ම සතුටුවෙන කෙනා ඔයා කියලා මං අනිවාර්යෙන්ම දන්නවා.."


    ඒ පාර මොකක්ද බං මේකා කියන්න යන්නෙ.. හෙට උදේට කිරිබත් හදමු කියලා බේබි නැන්දට කියන්නවත්ද..? බන්ටි වැඩියෙන්ම කන්න කැමති කිරිබත්නෙ.. ඔව්.. ඔව්.. මේකා කියන විදියට ඒක මට සතුටක්..


    "මං මගේ ජීවිතේ ගැන ලොකු තීරණයක් ගත්තා.."


    හා.. බලන් ගියාම මේක කිරිබත් සම්බන්ධ ගැටලුවක් නෙමෙයි.. ආර්ථික විද්‍යාව සම්බන්ධ එකක්.. මං හිතන්නෙ මොකක් හරි දෙයක් සම්බන්ධව මිල තීරණය කිරීමක්..


    "ඇ.. ඇයි බන්ටි ඔයා පුදුම වෙලා වගේ මං දිහා බලන්නෙ.. හරියට මං වැරදි දෙයක් කිව්ව වගේ.. මං මේ සීරියස් කතා කරන්නෙ.. මේ ගත්තු තීරණේ මං හෙට ක්‍රියාවට නංවනවා.. ඒක ස්තීරයි.. කිසිම විදියකින් වෙනස් වෙන්නෑ.."


    "කිසිම පුදුමයක් නෑ.. මං මේ බලන් ඉන්නෙ, ඔයාගෙ ඔය තීරණේ කියනකල්.. දැන් විනාඩි විස්සක් විතර ගියා ඔයාගෙ තීරණේ එළියට එන්න.. ඕක ක්‍රියාත්ම කරන්න මාසයක් විතරය යයිද..?"


    මං ඒක නම් ඇහුවෙ සිරාවටම.. ඇයි හත්වලාමෙ.. තෙපර බබා ඉන්නැතුව, හෙණ ගැහල ගියත් කියාපියකො.. බන්ටි අද නිදාගන්නෙ නැද්ද
    ..?"

    "නෑ බන්ටි එහෙම වෙන්නෑ.. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මං සෑහෙන එෆෙයාර්ස් පවත්වාගෙන ගියා.. ඒ සියලු දේම මේ රාත්‍රිෙයන් පස්සෙ මං නවත්තනවා.. ඔයාට සංතෝසයි නේද බන්ටි..?"


    ඕකද අප්පා, මේ කොට්ටෝරුවගෙ තීරණේ.. හැම ගහකටම කොටල කොටල දැන් හොට පටලැවිල තියෙද්දි ගත්තු අවමගුල් සහගත සභා වර්ථාව..


    "ඔච්චරද..?"


    සංතෝසද කියල අහපුවාම, ඒ සංතෝසෙ පැත්තකින් තියලා මං ප්‍රශ්නයක් ඇහුවා..


    "නෑ බන්ටි.. තව තියෙනවා.. මං.. මං.."


    ඒ පාර අයියා කාරයා උපන්ගෙයි ගොතයෙක් උනා.. හොදට බත් අනාගෙන කාපු මූට මොකද අප්පා මේ වෙච්ච වින්නැහිය..


    "ම.. මං මොරීන්ට ආදරෙයි බන්ටි.. මං ඒ දේ හෙට උදේම එයාට කියනවා.."


    සියලු සංස්කාර ධර්මයෝ, ආදරේදී අනාතයි කියල බන්ටි හිතන්නෙ මෙන්න මේ වෙලාවට තමයි.. දැන් ඉතිං කාලා වරෙන්කො.. මෙච්චර අවුරුදු ගානක් ඇගේ දැවටි දැවටි ජීවත්වෙලා, මොරීන් අක්ක පන යනකල් බලන් ඉදල ඉදල තීරණයක් ගත්තට පස්සෙ, මේකා කියනවා ආදරේ ප්‍රකාශ කරන්න යනවලු.. මීට වැඩිය හොද නැද්ද හත්වලාමෙ මූ ගඩා ගොඩිම කකා හිටිය නම්..


    "මං දන්නවා.. මං දන්නවා.. මොරීන් මං ගැන බලාපොරොත්තු වෙන් අවුරුදු ගානක් හිටපු විත්තිය.. පහුගිය කාලෙ පුරාම එයා මං ගැන හිතල හුගාක් දුක් උනා කියලත් මං දන්නවා.. දැන් ඒ හැමදේම ඉවරයි.. හෙට උදේ ඉදලා අපි අලුත් ජීවිතයක් ලස්සනට අරගෙන යනවා.. ඔයා හිතනව වගේම මොරීන් ඔයාගෙ නෑනා වෙනව බන්ටි.."


    අල වගේද ගෝවා කිව්වලු.. රාබු වගේද ගස් ලබු කියල ඇහුවලු.. ඔය කියන විදියට සැරින් සැරේට ආදරේ තීරණ වෙනස් වෙන්නත්, මොරීන් කියල කියන්නෙ සෙල්ලම් බඩුවක් කියලත් අයියකාරයා හිතනවා කියල මේ කතාවෙන් ඇස් පනාපිට ඔප්පු වෙනවා.. මේකා හරියට කතා කරන්නෙ, මූ අඩගහපු සැනින් දුවගෙන එන්න බලාගෙන මොරීන් අක්කා ඉන්නව වගේ.. අනේ ඇත්තටම අපේ අම්මයි, තාත්තයි මූ වගේ හරක් පැටියෙක් හැදුවනේ..


    "ඇ.. ඇයි බන්ටි ඔයා කතා නැත්තෙ..? ඔයාට මේ ආරංචියෙන් සතුටු නැද්ද..?"


    "පහුවෙලා හරි ඔයාට ඇත්ත තේරුණ එකට නම් මට සතුටුයි.. ඒත් ඔය තීරණේ මට සතුටක් නෙමෙයි.."


    "ඇ.. ඇයි බන්ටි ඔයා එහෙම කියන්නෙ..? මං මේක විහිලුවට ගත්තු තීරණයක් නෙමෙයි.. හැම පැත්තක් ගැනම කල්පනා කරලා ගනිපු තීරණයක්.."


    "වෙන්න ඇති.. ඒත් මොරීන් අක්කා ඔය තීරණේට කැමති වෙන එකක් නෑ අයියෙ.."


    "ඔයාට පිස්සුද..? මොරීන් ඉන්නෙ මං වචනෙ දෙනකන්.. එයා මං වෙනුවෙන් ආත්ම ගානක් උනත් බලන් ඉදියි.. එයාට මගෙන් තොර ජීවිතයක් නෑ.. ඒක මං හොදටම දන්නවා.."


    "මං හිතන්නෑ.."


    "මොනවා.. ඔයා හිතන්නෑ..? ඔයා හිතන්නෙ මොරීන් අවුරුදු කීයක් නම් මගේ පස්සෙන් ආවා කියලද..? මං වයසට යනකන් උනත් එයා මගේ පස්සෙන් එයි.."


    "ඔයාට හුගක් වැරදිලා.. ආදරේ ගැන, ආදරේ කරන අය ගැන ඔය තරම් අඩු ලන්සුවට කතා කරන්නෙපා.. එයාව ඊට වැඩිය හුගක් වටිනවා.. අපිට හැමදේම නැතිවෙලා, අසරණ වෙලා, හෝදාපාලු උනාම එයාල ළගට ගියාට වැඩක් නෑ.. ඊට කලිනුයි යන්න ඕන.. ඔයාට ඒ ගැන තාම තේරුමක් නෑ.. සමහර විට ඔයා තේරුම් ගන්න උත්සාහ ගන්නෑ.."


    "ඔය කතන්දර මොනව උනත්, මං හෙට උදේට මොරීන් හම්බවෙන්න යනවා.. ඔය මං කිව්ව විදියට දේවල් සිද්ධ උනේ නැත්නම්, අනිත් පැත්තෙන් ඉර පායයි.."


    "එහෙනම් හොද දෙයක් වෙන්න කියලා මං සුභ ප්‍රාර්ථනා කරනවා.. මට දැන් නිදිමතයි.. ගුඩ් නයිට්.."


    අයියා කාමරේ ඉද්දිම ලයිට් එක ඕෆ් කරලා මං ඇදට පැන්නා.. මූ වගේ පොලොස් කොට්ටොරුවෙක් එක්ක තවත් මොනව කතා කරන්නද..? ආදරේ කියන දේ කඩෙන් අරගෙන, පුලු පුලුවන් හැටියට කාලා නරක් උනොත් විසි කරලා දානන්න පුළුවන් දෙයක් වගේ මිනිහගෙ කතාව.. කමක් නෑ.. කියන දේ තේරුම් ගන්නැතුව, වීරයා වගේ ගිහින් හෙට උදේට හොම්ම බිමට ඇන ගනිංකො.. මොරීන් අක්කා දෙන එක දෙයි නාග සලං වෙන්නම.. උඹට වෙන්නෙ නාගචම්පා රගපාන්න..


    ***************************


    පහුවෙනිදා උදේ මං පේරාදෙණිය ගාඩ්න් එකට යනකොටත් කොල්ලො ටික එතෙන්ට සෙට් වෙලා.. කිසිම අවුලක් නෑ.. හැම එකාම ඉන්නවා.. හිතට ආපු ෆිට් එකට මගේ අත් දෙකම ඉස්සුනා..


    "මෙතන වැඩිය ඉන්න හොද නෑ.. අපි යමු ඇතුළට.."


    ඉස්සිච්ච එක අතකට පහට පහක් දාන ගමන් සුරේන් කිව්වා.. අමිලයි, රවීනුයි අපිටත් කලින් ගාඩ්න් එක ඇතුළට ගියා.. මායි, චාමිකයි සුරේන්ට ටිකක් පහුවෙලා ගියේ..


    "මොකක්ද බං.. අර රවීන් අතේ තියෙන්නෙ..?"


    අමුතු හැඩයෙ ග්ල්ව්ස් එකක් වගේ දෙයක් දැකපු හින්ද මං ඇහුවා.. රවීන් ඒක අතට ෆිට් කර ගන්නවත් මං දැක්කා..


    "ආ.. ඌ නකල් එකක් ගෙනැත්.. ඕක අතට දාගෙන ඌ, අරූගෙ මූණෙන් පැණි හට්ටියක් ගනියි.."


    "ඉස්සෙල්ලම අපි ශිහාන්කාරයගෙන් හැම ඩීටේල් එක්කම ගනිමු.. ඊට පස්සෙ තමයි ගේම තියෙන්නෙ.. නැද්ද ලොකු පුතේ.."


    මීට හුග කාලෙකට කලින් ඇටකිච්චට පැණි බේරෙන්න දුන්නු ප්ලේස් එකට අපි පස්දෙනාම ආවා.. ගාඩ්න් එකේ කට්ටිය හවුස් ෆුල් උනත්, මේ හරියෙ සෙනග ගැවසෙනවා අඩුයි කියලා අපි අත්දැකීමෙන්ම දැනන් හිටියා.. කොහොමටත් මේ උදේ පාන්දර හින්ද, වෙනද තරම්වත් කට්ටිය නෑ..


    "ඇටකිච්චා, ශිහාන්කාරයව එක්කන් එයිද අමිල..?"


    "අනිවා එක්කං එනවා.. ගුටි කෑමෙන්, අසත්පුරුෂයෝ හැදෙති කියන එක ඇටකිච්චා ඔප්පු කරනවා බන්ටි.. ඒක ෂුවර්.."


    අපිට ඒ තරම් වෙලා බලන් ඉන්න ඕන උනේ නෑ.. ටිකක් ඈතින් ඉදපු චාමික, කටින් සද්දයක් දාලා ගේට් එක දිහාට ඇගිල්ල දික් කරා.. ඒ කියන්නෙ ගුටි කාලා මැරෙන්න ශිහාන්කාරයා එනවා කියනෙකනේ.. ළගම තිබ්බ මොකක්දෝ අමුතුම වර්ගයක ගහකට මං කවර් වෙද්දි, අනිත් උං හැංගිලත් ඉවරයි.. වැඩිම උනොත් විනාඩි දෙක තුනක් යන්නැති.. වටපිට බල බලා ඇටකිච්චා, ශිහාන් එක්ක අපි හිටපු තැනට ආවා.. බලන් අප්පා.. තමන් ගුටි කාපු තැන මිනිස්සුන්ට මතකයෙ තියෙන ලස්සන.. ඇටකිච්චා හිටියෙ කලබලෙන් වගේ උනත්, ශිහාන් උගේ හපුටු මූණත් තහඩුව බිමට බරකරන් හිටියා.. කරපු පජාති වැඩ වලට ඌව දැක්ක ගමන්ම බිම පෙරලගෙන නෙලන්න ආපු අදහස මං බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා..


    මං හිටපු තැනින් එළියට එන්නත් කලින්ම, අමිලයි, සුරේනුයි, චාමිකයි ශිහාන්ව වටකර ගත්තා.. මං අත්දැකීමෙන්ම දන්නවා, මාව දැකපු ගමන් ශිහාන්ට උණ ගැනෙනවා කියලා.. තමන්ට වුණේ මොකක්ද කියලා ශිහාන් වටපිට බලද්දි ඇටකිච්චා පණ එපා කියලා දුවනවා මං දැක්කා.. රවීනුත් මට චුට්ටක් එහායින් එළියට එද්දි, මාත් හිටපු තැනින් ශිහාන් ඉස්සරහට ආවා..


    "කොහොමද..?"


    මං ශිහාන්ට ලංවෙද්දි, ඌ බැලුවෙ කොහොම හරි බේරිලා දුවන්න.. ඒත් කොල්ලො සෙට් එක වට කරන් හිටපු විදියට ඌට ඒකට ඉඩක් ලැබණෙ නෑ..


    "බ.. බන්ටි.."


    "හුග කාලෙකින් නේද..?"


    ශිහාන්ට හිතාගන්නවත් බැරි තරම් වේගෙකින්, මං ඌට දකුණු අත පුරවලම කම්මුල් පාරක් දුන්නා.. ඒ අතේම පිටි අල්ලෙන් අනිත් කම්මුලටත් කැත නැතුව ඇදල දැම්මා.. පස්සෙ මං උගේ කොලර් එකෙන් අල්ල ගත්තා..


    "ග.. ගහන්නෙපා බන්ටි.. ඇ.. ඇයි මේ..? බ.. බන්ටිට වැරදීමක් වෙලා.."


    "වැරදීමක්.. ඔව්.. මට වැරදීමක් වෙලා තමයි උඹ වගේ කාලකණ්නියෙක් ආස්සරේ කරේ.. උඹ කරපු ඔක්කොම ජරා වැඩ අපි දන්නවා.. ඒක හින්දා සුදනා වෙන්නෙපා.. අපිට ඕන ඒවා උඹේ කටින්ම වමාර ගන්න.."


    "ම.. මං මුකුත් දන්නෑ.. බ.. බන්ටි.. මගේ කොලර් එකෙන් අතාරින්න.."


    ශිහාන් ඒක කිව්වෙ ටික්ක නහරගත පොරක් වගේ.. මගේ කේන්තිය ආයෙත් අලුත් උනා.. ඒ අලුත්වීම පිටම මං ෂර්ට් එක අතෑරල පයින් දෙක තුනක් ඌට ඇන්නා.. කපල දැම්ම ගහක් වගේ ඌ බිමට ඇදන් වැටෙද්දි රවීන් ඇවිත් උගේ කට මිරික ගත්තා..


    "උඹට මතකනේ අපි ඇටකිච්චට දීපු ගේම.. ඌ දවස් කීයක් නුවර ඉස්පිරිතාලෙ හිටියද කියලත් දන්නවනේ.. ඒක හින්ද කෑගහන්න ලෑස්තිවෙන්නෙපා.. උඹ පොරක් වෙන්නත් හදන්නෙපා.. දන්න හැමදේම අපිට කියපං.. එතකොට සමහර විට ගුටි කන එක අඩුවෙයි.."


    ලොකු පුතා ඇවිත් ශිහාන්ගෙ මූණට එබුණා.. උගේ කට දෙපැත්තෙන් හීනියට ලාවට ලේ බින්දු දෙකක් ඇවිල්ල තියෙනව දකිද්දි මට ආවෙ මාරම ගතියක්.. උඹ මීට පස්සෙවත් අනුන්ට අංචි අදින්නෙ නැතුව ඉදියිනෙ..


    "හ්ම්.. කතා කරපං.. නැත්නම් අපි උඹට කතා කරවන්නද..?"


    ඒ වෙනකොට රවීන්, අමිලත් එක්ක ශිහාන්ව බංකුවක් තියෙන තැනට ඇදගෙන ගිහින් තිබුණා.. වැඩිවෙලා යන්නැතුව මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕන.. වැරදිලාවත් පොලීසියෙ බාප්පල ටික ආවොත් හැමදේම අල වෙනවා..;


    "ග.. ගහන්නෙපා.. මට හෙ.. හෙට ක්ලාස් තියෙනවා.."


    පයින් පාරක් ගහන්න කකුල උස්සද්දි ශිහාන් මගේ කකුල බදාගත්තා..

    "උඹට මහ ඉස්පිරිතාලෙ ක්ලාස් එකක් දා ගතහැකි පරයා.. ඇයි කියපං උඹ අපේ බන්ටි පස්සෙන් පැන්නුවෙ..? නෙත්මිගෙ තාත්තා වගේ කතා කෙරුවෙ.. ඇටකිච්චගෙ ටෙලිෆෝන් ජිල්මාට් එක ඉස්සුවෙ..?"


    ඔලුවට මහා පත බරියං ටොක්කක් අනින ගමන්, අමිල ශිහාන්ගෙ කොන්ඩෙන් අල්ලල උස්සල ගත්තා.. අමිල අහපු ප්‍රශ්නවලට ශිහාන්ගෙ මුලු මූණම පුදුම වෙලා යන හැටි මං දැක්කා.. මගේ අතේ ඇගිලි පාරවල් හිටලා රතුවෙලා තිබ්බ කම්මුල්, සුදුමැලි වෙන්න පටන් ගත්තෙ මල මිනියක් වගේ..


    "කතා කරපං.. අපිට වැඩිවෙලා නෑ.. උඹ කොහොමද මගේ විස්තර දැනගත්තෙ..? මං නෙත්මිත් එක්ක බ්‍රැකට් කියල උඹ කොහොමද දන්නෙ..?"


    ශිහාන්ට ගහන්න වගේ අතමිට මොලවල මං ඇහුවා.. ඌ බයටම ඇස් දෙක පියාගත්තා..


    "ම.. මට විස්තරේ කි.. කිව්වෙ බින්දු.."


    "මොනවා..?"


    කන් දෙකට ඇහිච්ච දේ මට හිතාගන්න බැරි උනා.. ෂිහ්.. මොන තරම් කැත පාප මිත්‍රෙයකුටද මං බොක්ක දීලා තියෙන්නෙ..


    "බොරු කියන්නෙපා යකෝ.. උඹ හදන්නෙ මේක තවත් අවුල් කරන්නද..?"


    "න්.. නෑ චාමික මං ඇත්ත කියන්නෙ.."


    "අපි බින්දුව මෙතෙන්ට ගෙන්නනවා.. ඊට පස්සෙ උඹේ අවමංගල කටයුතු ටික සිද්ධ කරනවා.."


    "බින්දුව ගෙන්නන්න සුරේන්.. කමක් නෑ.. මං මේ සම්පූර්ණ ඇත්ත කියන්නෙ.."


    "හරි.. උඹ කියන්නෙ ඇත්ත නම් කියපං බලන්න.. හැබැයි එක බොරු වචනයක් හරි කිව්වොත් ඒක උඹට කර ගන්න වල කපාගැනීමක්.."


    තත්පර පහ හයක් යද්දි, ශිහාන් ලාවට උගුර හෙම පාදගෙන කතාව පටන් ගත්තා.. කම්මුල් දෙපැත්තට වැදිච්ච පාරවල් වලින් උගේ මුළු මූණම ඉදිමිලා තිබ්බා..


    "ම.. මට කියන්න ලොකු විස්තරයක් නෑ.. ම.. මං.. මං.. නෙත්මිට ආදරේ කරලා.. එච්චරයි.."


    "මොකක්..?"


    ගුටි කාලා ඉන්න එකාගෙන් පිටවෙච්ච කතාවෙන් අපි හැමෝගෙම කටවල් ඇරුණා..


    "ඔ.. ඔව්.. මං මුලින් දැනගෙන හිටියෙ නෑ බන්ටි මේකට සම්බන්ධයි කියලා.. නෙත්මි ගැන හැම විස්තරයක්ම දැන ගන්න, හොයා ගන්න ඕන හන්දයි, අර ගැජට් එක එයාගෙ ෆෝන් එකට කනෙක්ට් කරේ.."


    "එතකොට උඹ නෙත්මිගෙ තාත්ත වගේ කතා කරේ..?"


    "මං හිතුවා එතකොට බන්ටි මේ කතාවෙන් අයින් වෙලා යාවි කියලා.. අනික බින්දු කිව්වෙත් බන්ටියි, නිරෝෂියි යාලුයි කියලනේ.."


    "උ.. උඹ ඒක පිළිගත්තා..?"


    "පිළිගත්තා විතරක් නෙමෙයි.. දැනගත්තු විස්තර මං නෙත්මි එකක්ත් කිව්වා.."


    "ප..ර..යා.."


    මං අත දීගෑරලා තවත් අතුල් පාරක් ශිහාන්ගෙ මූණට මැදට දුන්නා.. මූ හින්දා මං නෙත්මිගෙන් මොන තරම් හින්ට් පාරවල් කෑවද..?


    "බින්දු තව මොනවද කිව්වෙ..?"


    "වැ.. වැඩි දෙයක් නෑ.. ම.. මට ගහන්නෙපා බන්ටි.. ම.. මං වැදල කියන්නම්.. ම.. මට ගහන්නෙපා.."


    "උඹ මට වදින්න ඕන නෑ.. බින්දු උඹට කිව්වද මං ගැන හොයන්න කියලා..?"


    "න්.. නෑ.."


    "එහෙනම්..?"


    "බින්දු අදටත් හිතන් ඉන්නෙ නිරෝෂිත් එක්ක ඔයා යාලුයි කියලා.. ඒත් ඒක ඔප්පු කරන්න තරම් දේවල් බින්දු ළග නෑ.."


    "උඹ තාමත් නෙත්මි පස්සෙ යනවද..?"


    මං අහපු දේට හරිහමන් උත්තරයක් ශිහාන් ළගින් ආවෙ නෑ.. උදේ ගාඩ්න් එකට එද්දි හිතෙ තිබ්බ ෆිට් එක, මටත් නොදැනිම ඈතට ගිහින් තිබුණා.. මේ හැමදේකම අවසානෙ කොයි තරම් ලංවෙලාද කියලා මට හිතුණා..


    "මං අහපු දේ උඹට ඇහුණද..?"


    "ඔව්.."


    "එහෙනම් උත්තරේ දීපං.."


    "ඒකටත් උත්තරේ ඔව් බන්ටි.."


    කොයිතරම් ගුටි කාල හිටියත් ශිහාන්ගෙ කටහඩේ තිබ්බ ෆිට් එක මගේ හිත ගත්තා.. සමහර විට නෙත්මිට මාව එපා උනාට, ශිහාන්කාරයව එපා වෙන එක්ක නෑ..


    "බන්ටි මූට මොකද කරන්නෙ..?"


    රවීන්ගෙ නකල් එක වම් අතට දාගෙන, මගේ ඉස්සරහට ආපු අමිල ඇහුවා.. පොතේ හැටියට ශිහාන්ට තව ගුටි බැට හුවමාරුවක් සිදු කරන්න ඕන උනත්, මගේ හිතේ ෆිට් එක දියවෙලයි තිබුණෙ..


    "අ.. අනේ බ.. බන්ටි.. මට.. මට ගහන්නෙපා.."


    අමිලයව පැත්තකට කරලා මං තවත් කම්මුල් පාරක් ශිහාන්ටදුන්නා.. ඌට බුදු අම්මෝ කියවුනා..


    "හොදට මතක තියාගනිං.. උඹ නෙත්මි, නෙමෙයි නෙත්මිගෙ අම්මා පස්සෙන් ගියත් මට කමක් නෑ.. හැබැයි මේ බන්ටි ගාවන්නෙ නැතුව.. තේරුණානේ.. කොටින්ම උඹ මේ නුවර ටවුමෙ මගේ ඇස් මායිමේ පේන්නවත් ඉන්න බෑ.. ඔය හිටියා වගේම හැංගිලා ඉදපං.. හැ..බැ..යි.."


    මං ආයෙත් දබරැගිල්ල ශිහාන් ඉස්සරහට දික් කරා.. ඌ මර බයේ ඇස් දෙක පියාගත්තා..


    "උඹ බින්දුටත් කියපං.. මං මේ හැම දෙයක්ම දන්නවා කියලා.. තේරුණාද..? හ්ම්.. දැන් ඉතිං මෙතනින් දුවපං.. මට උඹව පේන්න බෑ.."


    "මෙච්ච දේ කාට හරි කිව්වොත්.. ඒකෙත් රිටර්න් එක අත ළගටම එයි.."


    සුරේන්ගෙන් පස්ස පැත්තට පයින් පාරකුත් කාගනෙම, ශිහාන් මේන් ගේට් එක දිහාට දුවගෙන ගියා..


    "ඌ පොලීසියෙ බාප්පල ටික එක්කං එයිද බන්ටි අයියා..?"


    "නෑ රවීන්.. ඕකා ඔය දුවල ගියේ ටොයිලට් එකට.. ගුටි කාපු ඒවට ඌට මුත්‍රා බර හැදිල ඇති.."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතනින් එහාට අපි කවුරුවත් වැඩිය කතා කරේ නෑ.. ඇත්තටම කතා කරන්න දෙයක් තිබුණෙත් නෑ.. මං නිරෝෂිත් එක්ක යාලුයි කියලා, බින්දු හිතන සිතුවිල්ලත් දැන් මට මහා වදයක් වෙලයි තිබුණෙ.. තවත් වැඩිවෙලා ගාඩ්න් එක ඇතුළෙ නොඉද අපි එළියට ආවා.. කාපු බීපු තැන්වල සතා සරුපයා පවා ඉන්නෑනෙ..

    "දැන් ඉතිං හැමදේම අහවරයිනෙ.. අපි වෙන්වෙන්න යන මේ අවස්ථාවෙ, පුංචි ප්‍රශ්නයයි අහන්න තියෙන්නෙ.. කොටින්ම මං ඒක යොමු කරන්නෙ අපේ බන්ටිට.."


    සරිගමයා ඒ පාර මොකක්ද කරන්න යන්නෙ.. මූත් හරියට අර ග්‍රවුන්ඩ් වල එනවුන්ස් කරන පොරවල් වගේ..


    "එදා රෑ.. ගුවන් තොටුපලේදී.. වෙන්වී ගියේ.. සිතකින් නොවේ.. ඒදා.. රැ.."


    සරිගමයා තාලෙට, ලතාවට ගායනවා කරනවා.. මිනිස්සුත් බල බල යනවා.. මෝ දැන් මූ අහනවයි කියපු ප්‍රශ්නෙ..?


    "ඔය මං කියපු සිංදුව හරිම වේදනා බර එකක්.."


    "ඒක අපි දන්නවා.. වද නොදී ප්‍රශ්නෙ අහපං.."


    "ඔය වගේ වෙන්වෙලා යද්දි සුභ පැතුම් පැතුවෙ කවුද..?"


    "මොකක්..? ඒකද උඹේ ප්‍රශ්නෙ..?"


    "ඔව්.. පුළුවන් නම් කියපල්ලා බලන්න.. උඹල මහලොකු වැඩකාරයොලුනේ.."


    "වැඩකාරකමක් මං දන්නෑ.. ඒත් ඒ සිංදුවෙ හැටියට, ඌ එයාපෝට් එකෙන් යද්දි කෙල්ල ඇවිත් නෑනෙ.. ඒගැනනෙ මුළු සිංදුවෙම තියෙන්නෙ.."


    "නෑ ලොකු පුතේ.. කෙල්ල ආවෙ නැතුවට ඌට සුභ පැතුවා කවුරු හරි.. මං මේ ඒ ගැනයි උඹලගෙන් පුන පුනා අහන්නෙ.."


    ඒ පාර සරිගයමයටත්, චාමිකගෙ ලොකු පුතා කෑල්ල බෝ වෙලා..


    "හරි.. මං දන්නවා.."


    රවීන් අත ඉස්සුවා..


    "කියපං බලන්න.."


    "නෑයොයි, මිතුරොයි.."


    "වැරදියි.."


    "එහෙනම් කවුද බං..? කියපංකො අගේ නොකර.."


    "බන්ටි මොකද කියන්නෙ..?"


    "මං දන්නෑ.. උඹම කියපං.."


    "සුභ පැතුවෙ නම් ආසිරි කියල හාදයෙක්.."


    "මොකක්..?"


    "ඇයි මචං.. ඒකෙ කියන්නෙ 'නෑ සිය මිතුරන් පැමිණිලා.. ආසිරි - සුබ පැතුම් පැතුවා' කියලා.."


    හැමදේම අමතක වෙලා ගිහින් මටත් පුංචි හිනාවක් ආවා.. මුගේ ඔලුවට මේ වගේ විකාර කොහෙන් එනවද මංදා.. කොහොම උනත්, කොල්ලො ටික නම් ඕනම වෙලාවක ළග ඉන්නෙක නම් කියලවත් කරගන්න බැරි ලොකු ශක්තියක්.. ඕනම අමාරු අවස්ථාවක් ලේසි කරල දාන්න, යාලු ෆිට් එකට තියෙන්නෙ පුදුම හැකියාවක්. ඒගැන ආයෙ තර්ක විතර්ක අවශ්‍ය නෑ.. ඒක එහෙමම තමයි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10.png


    දවස් දෙක තුනක් කුඹුරු කෙටුව වගේ මං ගෙදර ආවෙ.. ගාඩ්න් එකේදි ශිහාන්කාරයට නෙලුවට මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ.. ඒක නිකං හරියට මං බලාපොරොත්තු උන දේ ඌ ළග තිබ්බෙ නෑ වගේ.. අනික ඌ හැමදේම කරල තියෙන්නෙ නෙත්මිව යාලු කරන්නනෙ.. නෙත්මි මාතෘකාවට ඇවිත් තිබුණ හන්දම තමයි කොල්ලො ටික ඒ ගැන වචනයක්වත් කතා කෙරුවෙ නැත්තෙ.. සුරේන් උනත් අර ගුවන් තොපුටලේ කතාව ඇදල ගත්තෙ ඒකෙන් අත් මිදෙන්න කියලා මට තේරුම් ගියා..


    "බ..න්..ටී.."


    මං හිතුවෙ ගෙදර ඉන්නෙ බේබි නැන්දා විතරයි කියලා.. ඒත් අයියගෙ කාමරේ පහු කරද්දි, මිනිහා මට කතා කරා.. මේකා අදත් වැඩට ගිහින් නෑ වගේ..


    "ඔ.. ඔයා කියපු හැමදේම හ.. හරි බ..න්ටි.. ම.. මං පරාදයි.."


    හොදින් ළවෙලා බලද්දි තමයි මං දැක්කෙ මිනිහලෙ ඇස්වල බොදවෙලා තිබ්බ කදුළු.. මට ඕන ඔට්ටුවක් අල්ලතෑකි, තව තත්පරයකින් නැත්නම් දෙකකින් ඕවා බිමට කඩන් වැටෙනවා කියලා..


    "මොරීන් මාව පිළිගත්තෙ නෑ බන්ටි.. එයා මට පිටුපෑවා.. මා.. මාව සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.."


    "දැන් ඉතිං කරන්න දෙයක් නෑ අයියෙ.. ඔය ටික වෙන විත්තිය මං කලිම ඔයාට කිව්වා.. මගේ වචන ඔයා ඇහුවෙ නෑ.. ඕනම දේකට සීමාවක් තියෙනවා.. ඒ වගේම ඕනම කෙනෙකුගෙ බලා ඉදීමේ සීමාවකුත් තියෙනවා.. ඔයාට ඒ ගැන හිතන්න තිබුණා.."


    "ම.. මට ඕවා තේරෙන්නෑ බන්ටි.. මං කවදාවත් හිතුවෙ නෑ මොරීන් මට මෙහෙම කරයි කියලා.. එයා බදින්න කොල්ලෙකුත් ඉන්නලු.. මං අතරමං උනා.."


    "පිස්සු කතා නොකර ඉන්න.. ඔයා හින්ද අතරමං උනේ මොරීන් අක්කා.. එයා කොච්චර කාලයක් නම් බලන් හිටියද..? ඔයා ගැන දහ ජරා කතා හතර අතෙන්ම ඇහෙද්දි, මිනිස්සු ඔයා ගැන කැත විදියට කතා කරද්දි, එයා කොයි තරම් අමාරුවෙන්ද උහුලගෙන ඉන්න ඇත්තෙ.."


    "දෙ.. දෙයියනේ.. මොරීන් ඒවා දන්නවද..?"


    "මොරීන් විතරක් නෙමෙයි, අම්මා පවා ඒ දේවල් දන්නවා.. මෙච්චර කාලයක් ඔයා ජීවත් වූණේ පැස්බරා වැල්ලෙ ඔලුව හංගගෙන ජීවත් උනා වගේ.. වැඩක් නෑ.. අර යෝධ පස්ස පැත්තම එළියෙ.. ඔයාට ඒක පේන්නෙ නෑනෙ.. පිටින් ඉන්න අයට තමයි පේන්නෙ.."


    "ම.. මං දැන් මොනවද කරන්නෙ බන්ටි..?"


    "හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න.."


    "ඒ.. ඒ උනාට මොරීන්ව මතක් වෙද්දි පපුව පැලෙන්න වගේ එනවනේ.. මං කොහොමද බන්ටි මේකෙන් අත් මිදෙන්නෙ..?"


    "හැමදේටම හිත තමයි.. ඕක පාලනේ කරගන්න.."


    අයියට විහිලුවටවත් කරන්න බැරි දෙයක් ගැන මං කිව්වා.. මූණත් හතර අතටම සවුත්තු කරගෙන මිනිහා කාමරේ ඇතුළටම රිංග ගත්තා.. මං කෙලින්ම පඩිපෙළ නැගගෙන මගේ කාමරේට ආවා..


    ****************************


    අයියකාරයට දැන්වත් තේරු‍ණොත් හොදයි, ආදරේ කියනෙක ලුණු රසක් වත් නැති කදුළු බින්දුවක් කියලා.. ඕක ගෑවිච්ච ගෑවිච්ච තැන වතුර වගේ කෙලවරක් නැතුව වැක්කෙරන එක විතරයි..


    "රන්දික.."


    මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. ඒ නෙත්මිගෙ කටහඩ කාමරේ ඇතුළෙන්ම ඇවහම.. අවසිහියෙන් වගේ මං වටපිට බැලුවෙ ඒකයි..


    "ඔයා මොනවද මෙතන කරන්නෙ..?"


    මට අහන්න තිබ්බ ප්‍රශ්නෙ මං ඇහුවා..


    "වෙච්ච හැමදේටම මට සමාවෙන්න දෙයියනේ.."


    හිතුවෙවත් නැති තත්පරයක, නෙත්මි දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. ඒ දිග ඇස්වලින් සට සට ගාලා කදුළු බින්දු පේලි සෑහෙන ගණනක් පල්ලෙහාට කඩන් වැටුණා.. මං ඇත්තටම කිසිම දෙයක් හිතාගන්න බැරුවයි හිටියෙ.. අයියත් ගේ ඇතුළෙ.. බේබි නැන්දත් කුස්සියෙ.. නෙත්මි කොහොමද මගේ කාමරේට ආවෙ.. වැරදිලාවත් අයියා, කාමරේට එහෙම ආවොත් මගේ ෂෝ ඔක්කොම දියවෙනවා..


    "ම.. මං ඔය හිත හොදටම රිද්දුවා.. ම.. මං දන්නවා.. ඔයා මට කවදාවත් සමාවක් දෙන්නෑ කියලා.. අ..නේ.. මං ඔයාට අත් දෙක එකතු කරලා වදින්නම්.. මේ වෙච්ච වැරැද්ද හදාගන්න මට ඉඩ දෙන්න.."


    නෙත්මි කාමරේට කොහොම ආව උනත්, මේ කතන්දරේ සෑහෙන පරිච්ඡේද ගණනක් එයා දැනගෙන කියල මට තේරුණා.. ඒ එයා මගෙන් සමාව ඉල්ලන හන්දා.. හුගාක් වෙලාවට අක්කා අද උදේ හරි නෙත්මිට ෆෝන් කරන්න ඇති.. ඒක තමයි කෙල්ල හැරෙන තැපෑලෙන් දුවගෙන ඇවිල්ල තියෙන්නෙ..


    "ඔයා මොනව කියනවද කියල මට තේරෙන්නෑ.. ඒත්.. ඔයා දැන් මොනව කිව්වත් මගේ හිත පුපුරල ගිහිල්ලා ඉවරයි.. ඔයා මගේ හිත නැතිකරලම දැම්මා.."


    "අ..අනේ ඔහොම කතා කරන්නෙපා රන්දික.."


    "කතා කරන්නෙපා නෙමෙයි.. මට කතා කරන්න දෙයක් නෑ.. කැලෑ සතෙකුටත් අන්ත විදියට ඔයා මට කතා කෙරුවෙ.."


    "ඒ.. ඒ.. හැමදේම සිද්ධ උනේ ආදරේ වැඩිකමට.."


    "ඇ..ත්..ත..ද..? මට හෙණ ගහපං කිව්වෙ, ඇස් දෙකට පේන්නවත් එන්නෙපා කිව්වෙ, රටේම ඉන්න ගෑනු මට පාවලා දුන්නෙ ආදරේ වැඩිකමටද..? මං අදනෙ යකෝ දන්නෙ, ආදරේ වැඩිකමට එහෙම දේවලුත් කරනවා කියලා.."


    "අ.. අනේ රන්දික මම මැරෙයි.. ඔයා ඔය කියන කතාවටල.. මට උහුලගන්න බෑ..
    "

    "එතකොට ඔයා කියපුව මේ අද වෙනකල් මං උහුලගෙන හිටියෙ කොහොමද..? ආ.. ඒ ගැන ඔයා එක අංශු මාත්‍රයක් හිතුවද..?
    "

    කලින් පටන් ගත්තු කදුළු ගංගාව නෙත්මි ළගින් තාමත් නොනැවතී ගලාගෙන ගියා.. ඒත් මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ. ජීවිතේටවත්, කාගනේවත් අහපු නැති කටුක වචන කීයක් නම් මං නෙත්මිගෙ කටින් ඇහුවද..? පැලෙන්න ආදරෙයි කියල තමන්ට චූන් වෙන, චූන් වෙන පාරට අනික් එකාව බයිට් කරන්න කාටවත් අයිතියක් නෑනෙ.. අනික ඒකෙ තියෙන මනුස්සකම මොකක්ද..?


    "ම.. මට සමාවෙන්න දෙ.. දෙයියනේ.. මේ පව්කාරිට සමාවෙ දෙන්න.."


    "මගෙන් සමාවක් ඉල්ලන්නෙපා.. මං ඒකට කැමති නෑ.. ඔයා ඒ හිටපු විදියටම ඉන්න.. එතකොට මට හිත හදාගන්න හුගක් ලේසියි.. ඔයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා.."


    "ම.. මං කලින් මුකුත් දැනගෙන හිටියෙ නෑ රන්දික.."


    "මොනව ගැනද..?"


    "බේබි නැන්දා ගැන.."


    "ඔව්.. ඒ ගැන ඔයාට දැනගන්න අවශ්‍යත් නෑ.."


    "නෑ.. රන්දික.. මං දැන් දන්නවා ඒ ඔයාගෙ ආච්චි අම්මා කියලා.."


    නෙත්මිගෙ කතාව මට ඒ තරම් ලොකු පුදුමයක් උනේ නෑ.. මොකද මගේ පැත්තට කතා කරද්දි කොයි මොහොතක හරි අක්කගෙ කටින් ඔය පැහැදිලි සාක්ෂිය පිටවෙනව කියලා මං දැනගෙන හිටියා..


    "එහෙනම් ඉතිං මං කියපු කතාව බොරුවක් නෙමෙයිනෙ.."


    "අ.. අනේ දෙයියනේ.. ඇ.. ඇයි ඕක කලින් නොකිව්වෙ..? සමුදි මට ඔය කතාව කිව්වම, මට කලන්තෙ හැදුනෙ නැති එක විතරයි.."


    "කලින් කිව්වා කියලා, ඔයා මට මගේ අම්මව ගෙනැල්ලා දෙන්නද..? නින් බොරු කතා නොකිය ඉන්න.."


    "ඔය තරම් නපුරු වෙන්නෙපා රන්දික.. මට ඔයාගෙන් කිසිම දෙයක් එපා.. ඔයා මාව එළියටම දාලා කියලා මට තේරෙනවා.. මට සමාව විතරක් දෙන්න.."


    "ඔයා මගේ හිත විනාස කරලා ඉවරයි.. ඒක හින්ද මගෙන් සමාව ඉල්ලල බාල්දු වෙන්නෙපා.. ඔයා අර ශිහාන් එක්කම සංතෝසෙන් ඉන්න.."


    "ශි..හා..න්.. ඒ කවුද..?"


    "මං ඔයාලහ ඇවිත් ඇහුවෙ, පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ කවුද කියලා.. ඔයා මට ලොකු රැස්පට් එකකුත් දැම්මෙ, එහෙම අහපුවාම.. ඇයි මතක නැද්ද නලින්ද එක්ක ආපු කෙට්ටු කලු එකා.. අන්න ඌ ගැනයි මං මේ කියන්නෙ.."


    "දෙ..යි..යනේ.."


    "දෙයියන්ට කියල වැඩක් නෑ.. අන්න ඌ තමයි, ඔයාගෙ ටෙලිෆෝන් එකට අර ගැජට් එක හයි කරේ ඔයා ගැන විස්තර හොයන්න.. ඒ මදිවට ඉතිං ඌ මං ගැනත් ලොකු ලොකු විස්තර ඔයාටත් කියල තියෙනවනේ.."


    "අ.. අනේ රන්දක ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ.. ම.. මට මේ මුකුත් හිතාගන්න බෑ.. ඔලුවත්තෙක්ක අවුල් වෙලා.."


    "ඔලුව අවුල්වෙච්ච හින්දනේ, මට කට ඇරල කැත නැතුව බැන්නෙ.. මට ඒව නම් නිතරම මතක් වෙනවා.."


    "අ.. අනේ ඔය කතාව නවත්තන්න දෙයියනේ.. මට තවත් මේවා දරාගන්න බෑ.. ඇත්තමයි තව මොනව හරි කිව්වොත් මං මේ බැල්කනි එකෙන් පහළට පනිනවා.. මට දැන් ජීවත් උනා ඇති.."


    අත් දෙකෙන්ම ඇස්වල කදුළු පිහිදාන ගමන් නෙත්මි දරදඩු උනා.. එහෙම කියලා එයා හදන්නෙ මාව බය කරන්නද..?

    "ඔයා ජීවත්වුණා ඇතිනම්, මට කරදර නොකර මෙතනින් යන්න.. මොකද ඔයා මෙතනින් පැන්නම ඒ කරදරෙත් මගේ කරපිටටනේ.. මෙච්චර දවසක් ඔලුව කුණු කරන් හිටියා වගේම, එතකොට ඒක මැරෙන තුරාවටම ප්‍රශ්නයක්.. පුළුවන් නම් ඒ ටිකත් කරල යන්න.."


    "දෙ.. දෙයියනේ.. ඔයා නපුරු වෙලා තියෙන තරමක්.."


    "මාව නපුරෙක් කෙරුවෙ ඔයයි.."


    "අ.. අනේ මං සමාව ඉල්ලුවනේ.."


    "ආ.. එතකොට හැමදේම හරිද..? මං දවස් ගානක් පුරා මැරි මැරි විදවපු දේවල් වලට එතකොට මොකද වෙන්නෙ.. ඔයා හිතනව නම් සමාව ඉල්ලුවම ඒ හැමදේම හරි යනවා කියලා.. හොදයි ඔන්න මං සමාව දුන්නා.. ඔයා දැන්වත් සැනසෙන්නකො.."


    නෙත්මිගෙ ඇස්වල ආයෙත් කදුළු අලුත් උනා.. ඒත් ඒ දිහා අනුකම්පාව පෙරදැරි කරල බලන්න බෑ කියලා මං දැනගෙන හිටියා.. එහෙම බැලුවොත් වෙන්නෙ ආයෙමත් මගෙ හිත රිද්දගන්න..


    "ම.. මං මොනවද රන්දික කරන්න ඕන..?"


    "කිසිම දෙයක් නෑ.. මෙච්චර දවසක් හිටය වගේ පාඩුවෙ ඉන්න.. ඔයාට ඒ දේ පුළුවන්.. අපි අතරෙ කිසිම දෙයක් සිද්ධ උනේ නෑ කියලා අමතක කරල දාන්න.."


    "මට එහෙම කරන්න බෑ.. ම.. මට ඔයාව අමතක කරන්න බෑ රන්දික.."


    මෙතනින් එහාට මොනව කරන්නද කියල මගේ හිතට තෙරුමක් ආවෙ නෑ.. වැලහින්නක් වගේ අඩ අඩා මං ළගටම වෙලා ඉන්න නෙත්මිව දාලා මට කාමරෙන් එළියට යන්නත් බෑ.. කවුරු හරි කාමරේට ආවොත් ප්‍රශ්න කෝටියයි..


    "ඇ.. ඇයි ඔයාට මාව අමතක කරන්න බැරි..? මතක් කර ගන්න ඔයා මට කොයි තරමක් බැන්නද කියලා..? මට තේරෙන්නෑ.. ආදරේ කියන දේ ඔයාට කොහොම තේරුම් බේරුම් කරල දෙන්නද කියල.."


    මගේ කටහඩේ තිබ්බ දරදඩු ගතිය ඩිංගෙන් ඩිංග අවුල්වෙලා යනවා කියලා මට තේරුණා.. ඔහොම බෑ බන්ටි.. ඔහොම බෑ.. ඔහොම ගියොත් සොරිම තමා..


    "ම.. මට සමාවෙන්න රන්දික.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.."


    "ඕක මංතරේ වගේ කියවන්නෙපා.. එතකොට ඔය වචනෙ තියෙන අගෙත් නැතිවෙලා යනවා.. අඩු ගානෙ ඒකවත් තේරුම් ගන්න.."


    "කමක් නෑ.. ඔයා මට මොනව කිව්වත් කමක් නෑ.. මං අද මෙහෙන් යන්නෑ.. ඇත්තමයි.. මං ඔයාව දාලා යන්නෑ.. ඔයා මාව මැරුවත් කමක් නෑ.. අද මං මෙහෙන් යන්නෑ.."


    ස්තිර සාරෙට කියවුණු ඒ වචන ටිකත් එක්ක මං නෙත්මි දිහා කෙලින්ම බැලුවා.. එයාගෙ ඇස්වල තිබ්බෙ ලොකු අධිෂ්ඨානයක්.. ඒකත් එක්ක හැප්පෙන්න නම් බන්ටිට ලොකු ගේමක් දෙන්න වෙනවා..


    "එතකොට මං අද කොහෙද ඉන්නෙ..?"


    එකපාරටම දොර ගාවින් ආපු කටහඩයි මායි, නෙත්මියි හැරිල බැලුවෙ සිහියක් පතක් නැතුව.. කාමරේ දොර ළග ඉදගෙන අපි දෙන්න දිහා බලන් ඉන්න කෙනා දැක්කම මං ගල් ගැහුණා.. මෙයා කොහොමද මෙතෙන්ට ආවෙ..?


    "ශ..ල..නි.."


    "එහෙනම් ඒකයි කතන්දරේ.. මං කොච්චර ඇහුවත් මට නොකියපු, ඔයාගෙ හීන කුමාරයා තමයි එහෙනම් මේ ඉන්නෙ.. ආ නෙත්මි..?"


    නෙත්මි තවත් හයියෙන් අඩාගෙන ගිහින් ශලනිව බදාගත්තා.. දැන් ඉතිං බන්ටි මොකද කරන්නෙ..? බන්ටිට බදාගන්න තියෙන්නෙ බැල්කනි එකේ තියෙන කණුව තමයි.. කෝකටත් උපන් ගොලුව වගේ ඉන්නැතුව මං කතාව පටන් ගත්තා..


    "ඔයා කොහොමද ශලනි, ගේ හොයාගත්තෙ..?"


    "හිතුවොත් කරන්න බැරි දෙයක් නැ බන්ටි.. මං හොයගෙන ආවා.."


    "අපේ ගෙදර කවුරුවත් නැද්ද..?"


    "නෑ.. ඔයාගෙ බේබි නැන්දා පොලේ යනවා මට හම්බ උනා.. ඔයාගෙ අයියත්, බයික් එකක් අරගෙන මං එනකොටම වගේ ගියා.. මං ඉතිං ඇවිල්ලා ඔය දෙන්නගෙ රණ්ඩුව යස අපූරුවට අහගෙන හිටියා.."


    මදැයි.. ඔය කොරල තියෙන්නෙ පස්දුන් කෝරලේටම හරියන්න.. තවත් ඉතිං මොන කතාද..?


    "අපි පල්ලෙහාට යමුද..?"


    "ඇයි.. මායි නෙත්මියි ඔයාට මොනව හරි කරයි කියලා බයද..?"


    ඕං.. බන්ටි අහගන්න දේවල් වල හැටි.. බැහැයි ඉතිං බන්ටි කියන්නෙ, ගෑනු ළමයි ඉස්සරහ, ඩීසන්ට් මනුස්සයෙක්.. නැත්නම් ඉතිං මේ කෙල්ලො දෙන්නෙක් බන්ටිට කොහොමත් වැඩි නෑ.. ඒක ඉතිං කටක් ඇරලා කියන්න පුළුවන්ද අප්පා.. දෙන්නම පණ එපා කියල දුවයි..


    "ඉතිං බන්ටි.. දැන් මොකක්ද ඔයාගෙ තීරණේ..?"


    නෙත්මි දොර ගාව ඉද්දි, මගේ ළගට ආපු ශලනි ඇහුවා.. ඒ ඇස් දෙක දිලිසෙන්නෙ මැණික් ගල් දෙකක් හයි කරල වගේ.. කලින් දවසක මං හිතුවෙ ශලනි සිවිකාච දාල කියලනේ..


    "තීරණේ කියන්නෙ..?"


    "ඔයා නෙත්මිට සමාව දෙනවද නැද්ද..?"


    ශලනි ඒක ඇහුවෙ ඉනටත් අත්දෙක තියාගෙන.. මහා දගකාරකමකින් ඒ සුදු මූණ පිරිල ඉතිරිල ගිහින් තිබුනා..


    "නෑ.."


    මගේ තනි වචනෙන්, ශලනිගෙ හිනාව එහෙම් පිටින්ම නැවතිලා ගියා.. නෙත්මිත් හෙමින් සීරුවෙ ශලනියි, මමයි ළගට එන හැටි ඇස් කොනින් මං දැක්කා..


    "ඇයි ඒ..?"


    "නෙත්මි මගෙ හිත හුගාක් රිද්දුවා.. සීමාවක් නැතුව රිද්දුවා.. ආයෙ මට එයා ගැන හොද විදියකට බලන්න බැරි තරම් රිද්දුවා.."


    "ඒ හැමදේම කෙරුවෙ ආදරේ වෙනුවෙන් නම්..?"


    "මගේ එහෙම විශ්වාසයක් නෑ.. ආදරෙයි කියල මිනිහෙක්ව මානසික වශයෙන් විනාස කරල දාන එක හොදයි කියලද ඔයා කියන්නෙ..?"


    "ඔයත් එක්ක තර්ක කරන්න මට බෑ බන්ටි.. මට ඔයාට බල කරන්නත් බෑ.. ඒත් මං කැමතියි ඔයා නෙත්මිත් එක්ක මේ ප්‍රශ්නෙ විසද ගන්නව නම්.."


    "ඇයි ඒ..?"


    "මමත් නෙත්මි වගේම ඔයාට ආදරේ කරන හන්දා.."


    එතන ඉදල මුළු කාමරේ පුරාම පැතිරිලා ගියෙ මහා දැවැන්ත නිහැඩියාවක්.. ඒ නිහැඩියාව ඇතුලෙ ජීවයෙන් පිරිල ගියේ මායි, ශලනියි විතරයි.. නෙත්මි මළ මිනියක් වගේ සුදුමැලි වුණා..


    "ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ..? ආ.. ශලනි.. බන්ටි කියන්නෙ මට අයිති දෙයක්.. බන්ටි මගේ.. මේ ලෝකෙන් මට ඉන්නෙ එයා විතරයි. ඔයා ඇයි මගෙන් එයාව උදුරගන්න හදන්නෙ..?"


    මායි, ශලනියි මැද්දට නෙත්මි අඩාගෙන පැන්නා.. දැන් ඉතිං දෙන්නා දෙපැත්තෙ ඉදන් මාව දෙපැත්තට අදීවිද මංදා.. අර හුණුවටයෙ කතාව වගේ..


    "හෝව්.. හෝව්.. මං කිව්වද බන්ටි මට ඕන කියලා.. මං බන්ටිට ආදරෙයි කියලා විතරයිනෙ කිව්වෙ.. ඔයාට බන්ටි ඕන නම් ඔයා ගන්න.. හැබැයි ඉතිං ඒ බන්ටි ඔයාට කැමති නම් විතරයි.. නැද්ද බන්ටි.."


    ශලනි මං දිහාට හැරිලා හිනා උනා.. මේ කෙල්ල නම් නියමෙට වචන වලට පණ දෙනවා.. මේවා ඇත්තට කියනවද බොරුවට කියනවද කියලා මට නම් තේරෙන්නෑ..


    "අපි මේ කතාව නවත්තමුද..?"


    තවත් ඉස්සරහට මේක අරන් ගියොත් වාතයක් වෙන එක අහන්න දෙයක් නෑ.. තව ටිකකින් ගදෙර මිනිස්සු එක්කෙනා දෙන්නා එන්න පටන් ගන්නවා.. එහෙම උනොත්, කෙල්ලො දෙන්නෙක්ව කාමරේ තියාගෙන හිටපු බන්ටිට සොරි තමයි..


    "ඔයා මට සමාව දෙන්නැත්නම් මං යන්නම් රන්දික.. මට ඔයා නැතුව බෑ.. මං දන්නවා, මං මොන දේ කිව්වත් ඔයාට පණ වගේ ආදරෙයි කියලා.. ඔයාව මට නැති උනොත් මං පිස්සියෙක් වෙයි.."


    මගෙනුයි, ශලනිගෙනුයි ඈත්වෙලා නෙත්මි අඩ අඩාම කියවන් ගියා.. කෙල්ලට මේ රිද්දපු තරම හොදටම ඇති කියලා මට හිතුණා..

    "බන්ටි.. මොකක් හරි වචනයක් දෙන්න අප්පා.. නැත්නම් මේ කෙල්ල අඩල අඩලම හෙම්බිරිස්සාව හදාගනියි.. ඔයාට තමයි බෙහෙත් අරන් දේනන වෙන්නෙ.. මම නම් දොස්තර වැඩේ දන්නෑ.."


    යාන්තමට හිනාවෙවී කියන ගමන් ශලනි, මාව නෙත්මි ළගට තල්ලු කරා.. කදුළු උතුරල ගියපු ඇස් වලින් නෙත්මි මං දිහා බැලුවෙ පුදුම තරම් අසරණ විදියට.. ඒ අසරණ කමට එහෙම්මතියෙන්න දීලා මං නෙත්මිගෙ නිකටින් අල්ලල මගේ දිහාට හරව ගත්තා..


    "මට ඔයාට සමාවක් නම් දෙන්න බෑ.. ඒත් ඔයාට මං ආදරෙයි.. හැමදාටම ආදරෙයි.. මේ ශලනිත් ඉස්සරහ මං දිව්රල කියන්නෙ, මං ඔයාව කවදාවත් අමතක කරන්නෑ කියලා.."


    මගේ වචන ටික ඉවර කරන්න හම්බ වුණේ නෑ.. නෙත්මි පැනපු ගමන් මාව තද කරල බදා ගත්තා.. අපිට ඩිංගක් එහායින් මං දැකපු හැමදාකම වගේ හිත සසල කරපු ලස්සන ඇස් දෙක්ක තිබ්බ සමනළියක් හිනාවෙවී අපි දිහාම බලන් හිටියා.. ඒ හිනාවෙ ලියවිල තිබ්බෙ 'කවුරු නැති උනත් මං ඔයාට ඉන්නව බන්ටි' කියන වචන ටික..