෴♥ යොවුන් මාරුතේ ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    13.png


    [FONT=&quot]“මචං හිරූ.. ප්ලූටො ඉක්මනට වරෙන් මෙහෙට..”[/FONT]


    [FONT=&quot]චමිලයා උදේ පාන්දර කාමරේ ඇතුළෙ ඉදලා බෙරිහන් දෙනවා.. කවුරු හරි උගේ බෙල්ල මිරිකනවද මංදා.. මමයි ප්ලූටොයි අඩියට දෙකට ඌ හිටපු කාමරේට දුවගෙන ගියා..[/FONT]

    [FONT=&quot]මිනිහා කලිසමක් විතරක් ඇදගෙන ඒක බඩ හරියෙන් ඉස්සරහට ඇදගෙන ඒකට එබිලා බලන් ඉන්නවා.. ඒ හිටපු විදියටනං උගේ කලිසම ඇතුළට මොකක් හරි රිංගලා.. එහෙමත් නැත්තං බොඩි පාට්ස් මොනවා හරි අඩු වෙලා..[/FONT]

    [FONT=&quot]“ඇයි.. ඇයි.. මොකද..?”[/FONT]

    [FONT=&quot]ප්ලූටො මටත් කලින් ඌ ලගට ගිහින් කලිසම ඇතුළට එබුනා.. මූටත් ලැජ්ජ නෑනෙ අම්මපා..[/FONT]

    [FONT=&quot]“මුකුත් නෑ බං..”[/FONT]

    [FONT=&quot]ප්ලූටො එබෙද්දි බඩා පස්සට පැන්නා..[/FONT]

    [FONT=&quot]“මුකුත් නෑ.. ඇයි මොනව වෙලාද..? උඹ නාද්දි එහෙම තදට ඇතිල්ලුවද..?”[/FONT]

    [FONT=&quot]ප්ලූටොත් අහන්නෙ මාරු කතා.. ඒ කතාව අහලා මට වගේම චමිලටත් හිනා..[/FONT]

    [FONT=&quot]“එහෙම දෙයක් නෙමෙයි යකෝ.. මං පෙන්නන්න හැදුවෙ මේක.. බලපංකො කලිසම ලොකු වෙලා තියෙන තරමක්..”[/FONT]

    [FONT=&quot]ඌ ආයෙත් කලිසම ඉස්සරහට ඇද්දා.. කිව්වත් වගේම ඒක අගල් තුන හතරක් විතර ලොකුයි.. එහෙනං මිනිහා ජිම් එකට ගිය එකේ ප්‍රතිඵල තියෙනවා..[/FONT]

    [FONT=&quot]“මං හිතුව උඹ බෙරිහන් දීපු විදියට කවුරු හරි කෑලි ගලවගෙන ගිහින් කියලා..”[/FONT]

    [FONT=&quot]ප්ලූටොට විතරක් නෙමෙයි මටත් හිතුනෙ එහෙමයි..[/FONT]

    [FONT=&quot]“දැන් උඹලට බඩා කියන්න වෙන්නෙ නෑ.. මං ළගදිම මේ ටිකත් අඩු කරගෙන උඹලා දෙන්නගෙ ගාණටම ඇග හදා ගන්නවා..”[/FONT]

    [FONT=&quot]දැන්නං මිනිහගෙ ඉන අපිට වඩා අගල් දෙක තුනක් විතර වැඩි ඇති.. මූ ඒත් ගේම අතාරින පාටක් නෑ.. කොහොමටත් නළුවෙක් උනාම කැප කිරීම් කරන්න පුළුවන් වෙන්න ඕන කියලා සර් කිව්වනෙ.. එහෙම බැලුවාම අපි තුන්දෙනාගෙන්ම හොදම කැපකිරීම කරලා තියෙන්නෙ චමිල..[/FONT]

    [FONT=&quot]“කාලෙකින් ගෙදර යන්නත් බැරි උනා බං.. දැන් අපේ අම්මා මාව දැක්කත් අදුරන එකක් නෑ..”[/FONT]

    [FONT=&quot]චමිලට මොලේ හොද නැද්ද කොහෙද.. ඇයි දෙයියනේ අගල් තුනක් බඩ බැස්සම මනුස්සයෙක්ව අදුරන්න බැරි වෙනවද..? අනුක මුගේ ගොරකා මූණ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනෙ..[/FONT]

    [FONT=&quot]“බේබි.. මෙන්න ෆෝන් එක වදිනවා..”[/FONT]

    [FONT=&quot]චමිලයගෙ කලිසමේ හුටපටේ බලන් හිටපු මට ෆෝන් එක රින්ග් වෙනවවත් ඇහුනෙ නෑ. මං අඩියට දෙකට පහළට දුවද්දි බණ්ඩයියා ෆෝන් එක ගෙනත් අතට දුන්නා.. ඒකෙ තිබුණෙ තාරුකගෙ නොම්මරේ..[/FONT]

    [FONT=&quot]“හෙලෝ.. හිරූ.. වැඩේ හරි.. නයෝමි සමාඡිගෙ ඇඩ්රස් එක ඉල්ලගෙන මට ගෙනත් දුන්නා.. අද නිවාඩුනෙ.. පොඩි සර්ච් එකක් දාලා බලමුද..?”[/FONT]

    [FONT=&quot]මට හලෝ කියන්නවත් ඉඩ නොතියා තාරු එක හුස්මට කියාගෙන ගියා..[/FONT]

    [FONT=&quot]“උඹලා දෙන්නා අද ෆ්‍රී ද..?”[/FONT]

    [FONT=&quot]“ඔව් අපි ගෙදර.. පුළුවන් නම් අදම යමු..”[/FONT]

    [FONT=&quot]“ඕ..කේ.. එහෙනම් අපි දහය වෙද්දි හන්දියට එන්නම්.. එතනදි සෙට් වෙමු..”[/FONT]

    [FONT=&quot]ඒ කෝල් එකෙන් පස්සෙ මං ප්ලූටොවයි චමිලවයි සෙට් කරගෙන පාරට ආවා..[/FONT]

    [FONT=&quot]“දැන් ඔය කියන ගේ තියෙන්නෙ ආලෝක වර්ශ කීයක් එහායින්ද..?”[/FONT]

    [FONT=&quot]ප්ලූටො හිතුවද දන්නෑ සමාධි පදිංචි වෙලා ඉන්නෙ වෙන ග්‍රහලෝකෙක කියලා.. නැත්තං ආලෝක වර්ශ කතාවක් මොකටද..?[/FONT]

    [FONT=&quot]“මං තාම ඇඩ්රස් එක දන්නෙ නෑ.. උඹ ඔය ප්‍රශ්නෙ තාරුගෙන් අහපං..”[/FONT]

    [FONT=&quot]කිව්වත් වගේම මේ යකා ඒක තාරුගෙන් අහයිද මංදා.. මූණ කට ලස්සනට තිබුණට මිනිහට තියෙන මේ ඒලියන් දිස්ටිය අඩුවෙන පාටක් නම් නෑ..[/FONT]

    [FONT=&quot]“මෙන්න තියෙනවා තැන.. ගිහිල්ලම බලමු..”[/FONT]

    [FONT=&quot]අපිව දැක්ක ගමන් තාරුක මගේ අතට කොලයක් දුන්නා.. ඒකෙ තිබුණෙ අතුරුගිරියෙ ඇඩ්රස් එකක්..[/FONT]

    [FONT=&quot]“ඔය කියන මාවත තියෙන්නෙ කොයි හරියෙද දන්නෑ..”[/FONT]

    [FONT=&quot]මං තාරුගෙන් අහද්දි මිනිහා ටිකක් ඒ පැත්ත දන්නවා කිව්වා..[/FONT]

    [FONT=&quot]“මං අපේ මාමා කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ඒ පාරට හැරෙන පාරෙ කාර් සේල් එකක් තියෙනවා කියලා.. අපි හොයාගෙන යමුකො බලන්න..”[/FONT]

    [FONT=&quot]බස් එකෙන් ගිහින් සෑහෙන දුරක් පයිනුත් කැරකිලා අපි අන්තිමට ඔය කියන සමගි මාවත හොයාගත්තා.. දැන් තියෙන්නෙ ගෙදර අංකෙ හොයන එක..[/FONT]

    [FONT=&quot]“අපි දැන් ගේ හොයාගත්තා කියමුකො.. ඊට පස්සෙ මෙකාද කරන්නෙ..? අපි ගෙරදට යනවද..?”[/FONT]

    [FONT=&quot]ප්ලූටෝ ඒක අහනකල් කරන්න ඕන දේ මගේ ඔළුවෙ තිබුණෙ නෑ..[/FONT]

    [FONT=&quot]“අපි එහෙම ගිය ගමන් නයෝමිව මාට්ටු වෙනවනෙ බං.. ඒකි ඇඩ්රස් එක ඉල්ලගෙන තියෙන්නෙ ඊයෙ හවස..”[/FONT]

    [FONT=&quot]“මොනවා කියලද දන්නෑ ඉල්ලුවෙ..”[/FONT]

    [FONT=&quot]“වෙසක් කාඩ් එකක් එවන්න කියලලු ඉල්ල ගත්තෙ..”[/FONT]

    [FONT=&quot]නයෝමිත් මාර බඩුවක් තමයි.. වෙසක් එකට මාස එක හමාරකට විතර කලින් වෙසක් කාඩ් යවන්න ඇඩ්රස් එක ඉල්ලන්නෙ..[/FONT]

    [FONT=&quot]“අනික කෙල්ල මට දෙතුන් සැරයක්ම කිව්වා අපි සමාධිලගෙ ගෙදර යන දවසට එයාවත් එක්ක යන්න කියලා..”[/FONT]

    [FONT=&quot]ඇත්තටම අපි එහෙ ගියොත් ප්‍රශ්න දෙක තුනක්ම ඇති වෙනවා.. අපිට ඇඩ්රස් එක දුන්නා කියලා සමාධි, නයෝමි එක්ක තරහා වෙයි.. එයාව දාලා තනියම ගියා කියලා නයෝමි අපි එක්ක තරහා වෙයි..[/FONT]

    [FONT=&quot]“අපි මෙහෙම කරමු.. දැනට ෂේප් එකේ ගේ බලාගෙන එමු.. ඒ අතරෙ සර්ගෙ ගේ තියෙන තැනත් හොයාගමු..”[/FONT]

    [FONT=&quot]මං සර්ගෙ ගේ හොයාගමු කිව්වට ඒක මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ.. එයාගෙ ගේ අපේ තාත්තා හොදට දන්නවා ඇති.. ඒත් තාත්තගෙන් ඕක අහන්න බැරි කමනෙ ප්‍රශ්නෙ..[/FONT]

    [FONT=&quot]“එයාගෙ ගේ තියෙන තැන නළු නිළියො ඕන කෙනෙක් දන්නවා ඇති..”[/FONT]

    [FONT=&quot]මතීෂ කියන විදියට නළු නිළියන්ගෙන් ඕක අහලා වැඩක් නෑ.. ඒකත් අපිම හොයාගත්තම ඉවරයි..[/FONT]

    [FONT=&quot]“අපි මෙහෙම කරමු.. හෙට පංති ඇරිලා අපි සර්ව ෆලෝ කරමු.. හැබැයි ඉතිං ඒකට බස් එකේ ඇවිත් බෑ.. සර් යන්නෙත් වෑන් එකේනෙ..”[/FONT]

    [FONT=&quot]මගේ අදහසට කට්ටිය එකග උනාට හැමෝටම තිබුණ ප්‍රශ්නෙ යන්නෙ මොකේද කියන එක.. බණ්ඩයියට කියලා වෑන් එක ගෙන්නගන්න බැරිවෙන එකක් නෑ.. ඒත් ඒත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. නිකං හරි සර් අපිව දැක්කොත්..[/FONT]

    [FONT=&quot]“අපේ අයියා කෙනෙක්ගෙ බයික් එකක් තියෙනවා.. අපි හෙට ඒක ඉල්ල ගන්න බලන්නං..”[/FONT]

    [FONT=&quot]ඒ කියන්නෙ තාරුයි, මතීෂයි එයාලගෙ බයික් එකේ එයි.. මගේ බයික් එක තිබුණට අපේ කට්ටිය තුන්දෙනෙක් ඉන්නවනෙ..[/FONT]

    [FONT=&quot]“උඹ දැන් ඔය කල්පනා කරන්නෙ අපි තුන්දෙනාට එන්න විදියක් ගැනනෙ.. ඒක ගෙදර ගිහින් කතා කරමු.. දැන් ගිහින් මේ ගේ හෙයාගමු..”[/FONT]

    [FONT=&quot]චමිලයා කතා ලකේ පරිචිත්ත විඥානය තියෙනවා වගේ.. ගෙදර ගිහින් කතා කරගන්න තරං දෙයක් නෑ.. මිනිහව හලලා යන එක තමා හොදම දේ..[/FONT]

    [FONT=&quot]අපි කතාව පැත්තකින් තියලා සමගි මාවත දිගේ ඇවිදගෙන ගියා.. මේ පාර හැරුණ තැන ඉදලම තියෙන්නෙ සුපිරි පැලැන්තියෙ ගෙවල්.. තනි තට්ටුවෙ ගෙයක් බෙහෙතකටවත් හොයාගන්න නෑ.. සමාධිත් නයෝමි වගේ පෝසත් ගෙදරක කෙල්ලෙක් වෙන්න ඇති.. ඒකනේ වාත්තු කලා වගේ සැපට හැදිලා තියෙන්නෙ..[/FONT]

    [FONT=&quot]“මමත් කවද හරි ලොකු උනාම හදන්නෙ මේ වගේ ගෙයක් තමයි..”[/FONT]

    [FONT=&quot]චමිල කියපු කතාවට අපි හතර දෙනාටම හිනා.. උගේ තවත් මොනවා ලොකු වෙන්නද..?[/FONT]

    [FONT=&quot]“ගෙදර අංකෙ මොකක්ද බං..? මේ හරිය හැට ගණන්..”[/FONT]

    [FONT=&quot]“අංකෙ හැට අට.. මේ හරියෙම තමා ඇත්තෙ.. හොදට බලපං..”[/FONT]

    [FONT=&quot]අපි ගෙවල්වල අංක දිහා බලද්දි ඔය කියන අංක හැට අට මගේ දර්ශනපථයට අහු උනා.. ඒක ගහලා තිබුණෙ පත සයිස් තාප්පෙක..[/FONT]

    [FONT=&quot]“ඔන්න තියෙනවා තැන.. ඒත් මේ තාප්පෙයි ගේට්ටුවයි උසට මෙලෝ සසරක් පේන්නෙ නෑ..”[/FONT]

    [FONT=&quot]අපේ කට්ටිය ගේට්ටුවෙන් අල්ලලා හොල්ලලා බැලුවා.. ඒත් වැඩක් උනේ නැ.. ඒක රිමෝට් කන්ට්‍රෝල් එකකින් අරින ගේට්ටුවක්..[/FONT]

    [FONT=&quot]“මහා සීනු රාජයෙක් ඉන්නවා.. මොකද කරන්නෙ.. ඔබලා බලං ඉමුද..? ඔබලා දුවමුද..?”[/FONT]

    [FONT=&quot]චමිලට බෙල් පේන්න බෑ.. දැක්ක තැන ඔබනවා.. ඌ මේකත් ඔබලා වැඩේ වන කරන්න කලින් මිනිහව පස්සට ඇද්දා..[/FONT]

    [FONT=&quot]“හිරූ උඩ තට්ටුවෙනං ජනෙල් දොරවල් වහලා.. ගෙදර කවුරුව්ත නෑ වගේ..”[/FONT]

    [FONT=&quot]මමත් පාරෙන් එහා පැත්තට පැනලා ගේ දිහා බැලුවා.. මේක නං නයෝමිලගෙ ගෙදරටත් වඩා ගති.. මහා ධනවතෙක්ට මිසක් සාමාන්‍ය මිහිහෙක්ටනං මෙහෙම ගෙයක් හදන්න බෑ.. සමාධිගෙ තාත්තා ෂුවර් එකට තද පොරක් වෙන්න ඕන..[/FONT]

    [FONT=&quot]“සමාධි මේ වගේ තැනක ඉන්න ඇහැට කණට පේන කෙල්ලෙක් නිසා සර්ට උනත් එයාගෙ වයස අමතක වෙන්න ඇති හිරූ..”[/FONT]

    [FONT=&quot]ඔන්න ඒ පාර චමිලයා සර්ව සුද්ධ කරන්න හදනවා.. මිහිනහටත් මේ ගේ දැක්කට පස්සෙ සමාධි ගැන මොනවත් හිතුනද මංදා..[/FONT]

    [FONT=&quot]“හිරූ.. අපි අද හෙටම මේ සී අඩි ඩී වැඩේ ඉවර කරමු.. සර්ගෙ ගේ හොයාගෙන අපි කෙලින්ම එහේ යං.. ගිහින් පස්දෙනාම ඔය උඹ දැක්කයි කියන සිද්ධිය හොයමු.. ඔව් නං එහෙමයි.. නැත්තං ඒත් එහෙමයි.. එතකොට හිත සුද්ධයි බං..”[/FONT]

    [FONT=&quot]ප්ලූටො ඕක අමුතුවෙන් කියන්න ඕන නෑ.. මමත් මේ හදිස්සියෙ දුවන්නෙ ඕකෙ දෙකෙන් එකක් ඉවර කරගන්න තමයි..[/FONT]

    [FONT=&quot]“ඔය ප්‍රශ්නෙදි සර් වැරදිනං අපිත් උඹේ පැත්තට ඉන්නවා.. ඒ කිව්වෙ අපිත් මේ පංතියෙන් අයින් වෙනවා.. ඒත්.. එහෙම දෙයක් නැත්තං උඹ ආපහු පංති එන්න ඕන හරි..”[/FONT]

    [FONT=&quot]තාරුක ඒක කියලා උගේ දකුණු අත මගේ දිහාට දික් කලා.. කතාව මගේ බොක්කටම වැදුනු නිසා මමත් පහක් දැම්මා.. මගේ අත උඩයි මතීෂයි, ප්ලූටොයි, තුන්දෙනාමත් අත් තියලා තද කලේ මේ ප්‍රශ්නෙදි උන් ටිකත් මං එක්කම ඉන්නවා කියලා කියන්න..[/FONT]

    [FONT=&quot] [/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]*******************************[/FONT]

    [FONT=&quot]“මට නං තේරෙන්නෑ බේබි මොනවා කරන්න හදනවද කියලා.. පංති යන්නෙත් නැතුව මෙහෙම රස්තියාදු ගැහුවම හරි යනවද මං අහන්නෙ..”[/FONT]

    [FONT=&quot]චමිලයි, ප්ලූටොයි පංති ඇරෙන වෙලාවට කලින්ම කෝල් කරපු නිසා මම බයික් එක ස්ටාර්ට් කර ගත්තා.. කොහෙද ඉතිං.. බණ්ඩයියා සුපුරුදු ලෙස අඩන්න ගත්තනෙ..[/FONT]

    [FONT=&quot]“අද විතරයි බණ්ඩයියෙ.. අද විතරයි. එක්කො මං හෙට ඉදන් පංති යනවා.. එහෙම නැත්තං ගෙදර යනවා..”[/FONT]

    [FONT=&quot]“එහෙමනං බේබි යන තැනක මමත් එනවා.. ඔහොම ඉන්නකො..”[/FONT]

    [FONT=&quot]බණ්ඩයියා දෙකට නමලා ගැට ගහගෙන ඉදපු සරමත් ගසලා දික් කරගත්තා.. මේ මනුස්සයට මොලේ හොද නැද්ද කොහෙද.. අපි තුන්දෙනාටත් බයික් එක ඉඩ මදි වෙලා ඉන්නවා.. ඒ අස්සෙ මෙයත් එන්න හදනවා..[/FONT]

    [FONT=&quot]“බණ්ඩයියෙ.. මම යන්නෙ ක්ලාස් එකට.. අර දෙන්නව එක්කගෙන එන්න.. නැතුව වෙන කොහේවත් නෙමෙයි..”[/FONT]

    [FONT=&quot]“බොරු කියන්නෙ අහවල් එකටද බේබි.. මේ බයික් දණ්ඩෙ ගිහින් කොහොමද දෙන්නෙක් ඇන්න එන්නෙ..?”[/FONT]

    [FONT=&quot]මෙයාට කාරණේ කියන්න ගියොත් සර් පංති ඇරිලා ගෙදර ගිහින් කාලා බීලා දොයියගෙනත් ඉදී.. ඊට වඩා ලේසියි මේ මගුල ගෙදර දාලා යන එක..[/FONT]

    [FONT=&quot]“එහෙනං බණ්ඩයියා මේක අරගෙන ඔයාට කැමති තැනක යන්න.. ආ.. මෙන්න යතුර.. මං ගියා..”[/FONT]

    [FONT=&quot]එයා තව එක වචනයක් කියන්න කට අරින්න කලින්ම මං වත්තෙන් පිට උනා.. දැන් ඉතිං ප්ලෑන් සේරම අප්සට් ගහලා.. තාරුලා එක්ක බයික් එකේ යන්න ලෑස්ති උනාට මෙයා වැඩේ වන කරානෙ.. මං පාරට ඇවිත් ත්‍රී විලර් එකක නැග්ගා..[/FONT]

    [FONT=&quot]පංතිය ළගටම ගියාට ඒ වෙද්දිත් එක ඇරලා තිබුණෙ නැති නිසා මං වීල් එක මග නවත්තගෙන තාරුටයි, ප්ලූටොටයි එස් එම් එස් කලා.. දැන් පංතිය ඇරුනම කට්ටිය මෙතනට සෙට් වෙයි..[/FONT]

    [FONT=&quot]සුපුරුදු වෙලාව ළං වෙද්දි මුලින්ම පාර පැත්තට ආවෙ කොල්ලො ටික.. කොහොමටත් කෙල්ලො ඇදුම් මාරු කරගෙන කේෂ කලාප පීරගෙන එළියට බහිද්දි පරක්කු වෙනවනෙ.. මමත් ඉවසා වදාරගෙන බලන් හිටියා.. ක්ලාස් එකේ ඇන්ටිලා නංගිලා කට්ටියම ගිහින් ඉවර උනාම තමයි නයෝමියි, සමාධියි එළියට ආවෙ.. තද නිල් පාට ඩෙනිම් සායකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදලා ආපු සමාධි දිහා ත්‍රීවිල් කාරයත් කට අරන් බලන් ඉන්නවා මං දැක්කා..[/FONT]

    [FONT=&quot]ලොකු කෝප්පයක් හෝද හෝද ආපු කෙල්ලො දෙන්නා ත්‍රී විලර් එක පහුකරගෙන ඉස්සරහට ගියත් මාව දැක්කෙ නෑ..[/FONT]

    [FONT=&quot]“කෝ.. අයින් වෙයන් බං..”[/FONT]

    [FONT=&quot]සමාධි ගිය දිහා බලාගනෙ හිටපු මාව තල්ලු කරගෙන චමිලයි, ප්ලූටොයි ත්‍රීවිලර් එකට නැග්ගා..[/FONT]

    [FONT=&quot]“කෝ මතීෂලා.. තාම පංතියෙද..?”[/FONT]

    [FONT=&quot]“ඔය එන්නෙ උන් දෙන්නා බයික් එකේ..”[/FONT]

    [FONT=&quot]චමිල කියද්දිම කළු පාට සිඩී හන්ඩ්‍රන් එකක් අපි ළගට ඇවිත් නතර කලා.. ඒකෙ හිටපු බඩල ජැකට් ඇදලා ෆුල් ෆේස් හෙල්මට් දාලා අදුර ගන්නත් බෑ..[/FONT]

    [FONT=&quot]“මෙහෙම ආවෙ නැත්තං සර් අපිව සයිඩ් කන්නාඩියෙන් දැක්ක ගමන් අදුරගන්නවනෙ බං..”[/FONT]

    [FONT=&quot]තාරුක ඒක කිව්වෙ වීල් එකේ හිටපු කොල්ලට ඇහෙන්නෙ නැති වෙන්න..[/FONT]

    [FONT=&quot]“අයියෙ.. කට්ටිය හරිද.. කොහෙටද යන්න ඕනෙ..?”[/FONT]

    [FONT=&quot]බලාගෙන ඉදලා බැරිම තැන වීල් එකේ පොර සිය කටහඩ අවදි කලා.. සර් ආවෙ නැතුව අපි කොහෙ යන්නද..? [/FONT]

    [FONT=&quot]“තව විනාඩි පහක් ඉන්න මල්ලි..”[/FONT]

    [FONT=&quot]අපිට ඒක කියලා කට ගන්න හම්බ උනේ නෑ.. සර්ගෙ වෑන් එක අපි හිටපු තැන පහු කරන් ගියා..[/FONT]

    [FONT=&quot]“අන්න අර වෑන් එක පස්සෙ යමු.. හැබැයි ඒකට කිට්ටු කරන්න එපා.. යන තැන විතරයි බලාගන්න ඕනෙ..”[/FONT]

    [FONT=&quot]මං මිනිහට විස්තරේ පැහැදිලි කරද්දි තාරු බයික් එක අරන් වෑන් එක පස්සෙ ගිහිල්ලත් ඉවරයි..[/FONT]

    [FONT=&quot]“අයියෙ.. මේක.. ගුටිකන වැඩක් නෙමෙයි නේද..?”[/FONT]

    [FONT=&quot]මූ තාම වීල් එක ස්ටාට් කරගත්තෙ නෑ.. මෙහෙම ගියොත් සර්ගෙ වලිගෙවත් අල්ලන්න බැරි වෙනවා..[/FONT]

    [FONT=&quot]“උඹට ගුටි කන්න වෙන්නෙ අපි කිව්ව දේ නොකලොත් තමයි.. මොකද කියන්නෙ යනවද..? නැද්ද..?”[/FONT]

    [FONT=&quot]චමිල වීල් එකෙන් බහින්න හදද්දිම කොල්ලා වීල් එක ස්ටාට් කරගෙන වෑන් එක ගිය පැත්තට ෆුල් ස්පීඩ් ගියා.. ඒත් ඒක ඒ වෙද්දි හන්දිය පහු කරලා ගිහින්..[/FONT]

    [FONT=&quot]“කෝ අයියෙ.. නෑනෙ..”[/FONT]

    [FONT=&quot]“අර පැත්තට යං..”[/FONT]

    [FONT=&quot]අරූ ගුටි කන්න වෙන බයම වට පිට බලලා වෑන් එක හොයද්දි මං අතුරුගිරිය පැත්තට යන පාර පෙන්නුවා.. මොනවා උනත් මිනිහගෙ ඩ්‍රයිවින් මරු..[/FONT]

    [FONT=&quot]“අන්න තියෙනවා මචං.. අර ඉන්නෙ තාරුලත්..”[/FONT]

    [FONT=&quot]කලර් ලයිට්ස් වලට සර්ගෙ වාහනේ නතර කරලා තිබ්බ තැනම වගේ තාරුලත් නවත්තගෙන ඉන්නවා.. මේ බඩල ලව් කරන්න වගේ වෑන් එකේ ඇතිල්ලි ඇතිල්ලි ගිහින් සර්ට නෝට් වෙයිද මංදා.. අපි කොයි හරියෙද බලන්න වගේ මතීෂ දෙපාරක්ම පිටිපස්ස හැරිලා බලනවා මං දැක්කා.. මං වීල් එකෙන් එළියට අත දාලා මහපට ඇගිල්ල උස්සද්දිම වාහන ටික ආපහු ඉස්සරහට ඇදුනා.. [/FONT]

    [FONT=&quot]හෝල්ට් හතරක් පහක් ගිහින් තුන්මන් හන්දියක් ළං වෙද්දි සර් වෑන් එක නතර කලා..[/FONT]

    [FONT=&quot]“මේ මොනවද බං මේ වෙන්නෙ.. මාව ටිකක් කොනිත්තපං..”[/FONT]

    [FONT=&quot]චමිලට විතරක් නෙමෙයි ඒ දැක්ක දේ අපිටත් හීනයක් වගේ.. කඩයක් අයිනෙ ඉදලා දුවගෙන ඇවිත් ඒ වෑන් එකට නැග්ගෙ වෙන කවුරුවත් නෙමෙයි.. සමාධි.. දැන් නං වැඩේ සීරියස් වේගෙන යන්නෙ.. සමාධි උදේට එන්නෙ විතරක් නෙමෙයි හවසට යන්නෙත් සර් එක්ක.. එයාගෙ හිතේ හොරයක් නැත්තං ක්ලාස් එක ළගදිම වෑන් එකට නගින්න එපැයි.. මොකටද හොරෙන් නගින්නෙ..[/FONT]

    [FONT=&quot]“උඹ කිව්ව දේ හරි හිරූ.. මේ කරුවල වැටීගෙන එන වෙලාවෙ ඒකි මොකටද සර්ගෙ වෑන් එකට රිංගුවෙ..”[/FONT]

    [FONT=&quot]ප්ලූටො මෙච්චර කල් සමාධිගෙ පැත්තට කතා කලාට දැන් මිනිහටත් ඇත්ත තෙරිලා වගේ.. ඒ අස්සෙ මතීෂත් කෝල් කලා..[/FONT]

    [FONT=&quot]“මචං.. වැඩේ අතාරින්නෙ නෑනෙ.. දිගටම යනවා නේද..?”[/FONT]

    [FONT=&quot]“ඔව්.. ඔව්.. උන් යන තැනකට අපිත් යං..”[/FONT]

    [FONT=&quot]“රයිට්..”[/FONT]

    [FONT=&quot]ඌ ෆෝන් එක කට් කලා.. [/FONT]

    [FONT=&quot]“මල්ලි වැඩිය ළං නොකර යමු.. කෙල්ල අපිව දැක්කොත් අදුරගනී..”[/FONT]

    [FONT=&quot]මං එහෙම කිව්වෙ සමාධිව දැක්ක ගමන් මිනිහා ස්පීඩ් කරපු නිසා..[/FONT]

    [FONT=&quot]“මං හිතුවෙ නෑනෙ අයියලා මේ එළවන්නෙ කෙල්ලෙක් පස්සෙන් කියලා.. මං හිතුවෙ අර සර්ව ෆලෝ කරනවා කියලා.. හැබැයි අයියෙ ඒක නං පේදුරු තුඩුවට යනකල් හරි ෆලෝ කරලා දා ගන්න වටින අයිටම් එකක්..”[/FONT]

    [FONT=&quot]ත්‍රීවිල් මල්ලි දැන් නං අපි නැතුව හරි සමාධිව ෆලෝ කරන තත්වයක් තියෙන්නෙ.. ඒත් චමිල ආපහු සත්තමක් දැම්මා විතරයි මිනිහා කට වැහුවා..[/FONT]

    [FONT=&quot]“හිරූ.. මට මේ පාර නිකං දැකලා පුරුදුයි වගේනෙ..”[/FONT]

    [FONT=&quot]චමිලයා දෙපැත්තෙ ඉදගෙන හිටපු අපි දෙන්නවත් පෙරලගෙන හතර වටේට ඇන්ටනාව දානවා.. මේ පාර කොහොමත් අමතක වෙන්න තරං කාලයක් නෑ.. මේක අපි දැන් දවස් දෙක තුනකට කලින් ඇවිත් ගිය සමාධිලගෙ ගෙවල් පාරනෙ..[/FONT]

    [FONT=&quot]“මොනවා.. මේන් බොලේ සමගි මාවත..”[/FONT]

    [FONT=&quot]සමාධිලගෙ ගෙව්ල පාරෙ බෝඩ් එක දැක්කට පස්සෙ චමිලගෙ වගේම ප්ලූටොගෙත් කටවල් ඇරිලා.. ඒත් මේ වෑන් එක පිඹගෙන ආපු වේගෙට එන්නෙ මෙතනට තමයි කියලා මම නං දැනගෙන හිටියා..[/FONT]

    [FONT=&quot]“මේ තරම් ග්‍රහලෝක, උල්කාපාත පහුකරගෙන මේක ඇවිත් තියෙන්නෙ ප්ලූටො ළගටමනෙ බං..”[/FONT]

    [FONT=&quot]ප්ලූටො ඒ කිව්වෙ ඉස්මුරුත්තාවෙන් වගේ.. හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කියලා කතාවකුත් තියෙනවනෙ.. අපිත් බලමු මොකද වෙන්නෙ කියලා.. සමගි මාවත ඇතුළට ගිය වෑන් එක ආපහු හරවගෙන එයි කියලා අපි දෙගොල්ලොම පාර අයිනට වෙලා බලං හිටියා.. ම්හු.. ඒක එන පාටක් නං නෑ..[/FONT]

    [FONT=&quot]“මොකද කියන්නෙ.. ගිහිල්ලම බලමුද..?”[/FONT]

    [FONT=&quot]දැන් නං මට විතරක් නෙමෙයි.. හැමෝටම තිබුණෙ පුදුම නොසන්සුන් කමක්..[/FONT]

    [FONT=&quot]“ෆිට් තමයි.. යං..”[/FONT]

    [FONT=&quot]අපි පස්දෙනාම සමාධිලගෙ ගේ තිබුණ පැත්තට ගියා..[/FONT]


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුයන්නක්ද බන් මේ යකා මේ කියන්නේ ?? :frown::frown::frown::frown::frown:
    අර Green Furry ද මොකක්ද කියන එකා, ඒ පාර අලුත් profile එකකින් ඇවිත්ද කොහෙද.... :angry::angry::angry::angry::angry:
    ඌ කියන්නෙ මම බ්ලොග් එකෙන් අරන් දානවා කියලා.. ඒ මගේ බ්ලොග් එකනෙ බං..ඌ හිතනවා ඇත්තෙ ඒ බ්ලොග් එක කරන්නෙ වෙන කවුරු හරි කියලා.. :lol::lol:

    ela ela uba dapan ban digatama.. eka eka pimpiyo methana kagahanawa..
    තෑන්ක්ස් මචං.. නෑ බං අර කතන්දර පොත බ්ලොග් එකත් මගේ.. මම එළකිරි එකේ දාන්නෙ උඹලට කියවන්න.. කැමති නම් ඒකෙනුත් කියවන්න.. එළකිරි එකට මම කතාව දාන්නෙ රෑට.. මේකට කලින් පොස්ට් එක බ්ලොග් එකේ දානවා..

    uba daapu katha walata comment karana palaweni dawasa ....
    ela katha tika...
    digatama daanna..
    4+:):):)
    [/QUOTE]
    ස්තුතියි මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.lk/forum/showthread.php?t=1392997
    http://www.elakiri.lk/forum/showthread.php?t=1393066&page=3
    http://www.elakiri.lk/forum/showthread.php?t=1393011&page=3

    ඔය ත්‍රඩ් කියවලා බලන්න.. :yes: පහලම තියෙන ත්‍රඩ් එක.. කතාවට පහලින් මම දාලා ඇති බ්ලොග් එක ෆලෝව් කරන්න කියලත්.. ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න කියලත්..
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    http://www.elakiri.lk/forum/showthread.php?t=1392997
    http://www.elakiri.lk/forum/showthread.php?t=1393066&page=3
    http://www.elakiri.lk/forum/showthread.php?t=1393011&page=3

    ඔය ත්‍රඩ් කියවලා බලන්න.. :yes: පහලම තියෙන ත්‍රඩ් එක.. කතාවට පහලින් මම දාලා ඇති බ්ලොග් එක ෆලෝව් කරන්න කියලත්.. ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න කියලත්..


    site ekennan balennema na... elakiri eken baluwoth thamayi ithin....
     

    blue_in_rio

    Well-known member
  • මොන හුයන්නක්ද බන් මේ යකා මේ කියන්නේ ?? :frown::frown::frown::frown::frown:
    අර Green Furry ද මොකක්ද කියන එකා, ඒ පාර අලුත් profile එකකින් ඇවිත්ද කොහෙද.... :angry::angry::angry::angry::angry:

    ඌ කියන්නෙ මම බ්ලොග් එකෙන් අරන් දානවා කියලා.. ඒ මගේ බ්ලොග් එකනෙ බං..ඌ හිතනවා ඇත්තෙ ඒ බ්ලොග් එක කරන්නෙ වෙන කවුරු හරි කියලා.. :lol::lol:


    නොද්දකින් බන් මේ වගේ මී හරකෙක්.... :oo::oo: එතකොට මූ මේ වලිගේ පාගගෙනයි කෑ ගහන්නේ.... :lol::lol::P:P
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    නොද්දකින් බන් මේ වගේ මී හරකෙක්.... :oo::oo: එතකොට මූ මේ වලිගේ පාගගෙනයි කෑ ගහන්නේ.... :lol::lol::P:P


    ane manda ban me waghe ewun dakinakota pashchima predeshyenuth hina yanawa.. paw ban uta anukampa karapan..:lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    14.png


    සර් වෑන් එක වත්ත ඇතුලෙම දාලා.. මෙයා ඇවිත් තියෙන්නෙ කෙල්ලව ඇරලවන්න නෙමෙයි බින්න බහින්නමද කොහෙද..?


    [FONT=&quot]“සමාධිලගෙ ගෙදර මහ එවුන් නැද්ද බං.. මේ වගේ අසික්කිත දේවල් ඇස් පනාපිටම වෙනවනෙ අම්මපා..”[/FONT]


    [FONT=&quot]හැමෝම සමාධිලගෙ ගේ දිහා බලාගෙන නානාප්‍රකාර අදහස් දක්වනවා..[/FONT]


    [FONT=&quot]“අයියෙ.. මමත් ඇතුළට එන්නද..?”[/FONT]


    [FONT=&quot]වීල් එකේ මල්ලිටත් උණද කොහෙද..? නැතුව හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහයියෑ..[/FONT]


    [FONT=&quot]“තෝ මොකටද ඇතුළට එන්නෙ.. කජු වේලන්නද..? ඔන්න ඔතනට වෙලා ඉදපං කට පියාගෙන..”[/FONT]


    [FONT=&quot]“පරක්කු වෙයිද අයියෙ..?”[/FONT]


    [FONT=&quot]දැක්ක වෙලේ ඉදලම චමිල මැර පාට් එක දාපු නිසාද මංදා කොල්ලා බය වෙලා..[/FONT]


    [FONT=&quot]“පරක්කුනං ගෙදර පලයං.. අපි පයින් යන්නං..”[/FONT]


    [FONT=&quot]“එතකොට හයර් එක..?”[/FONT]


    [FONT=&quot]ඌත් අතාරින පාටක් නෑ.. මිනිහා පුස් පාට් එකෙන් අපේ පොකට් එකට විදින්න හදන්නෙ.. අපි මිනිහට තර්ජනේ කරලා සමාධිලගෙ වත්ත ඇතුළට ගියා..[/FONT]


    [FONT=&quot]“අනාථ සාගරේ.. මේක ගෙයක්ද බං..?”[/FONT]


    [FONT=&quot]චමිලයට ගේ දැක්ක ගමන් කියවුනා.. ඇතත්ටම ගේ නං ගති තමයි.. අපි එදා දැක්කෙ බාගෙටනේ..[/FONT]


    [FONT=&quot]“ඩබල සෙටියට වෙලා මුකුළු කර කර ඇති නේද..?”[/FONT]


    [FONT=&quot]තාරුකටනං හොරු අතටම අල්ල ගන්නකල් ඉවසුමක් නෑ.. ලිහලා බලන්න පුළුවන් දේ මොකටද ඔබලා බලන්නෙ.. අපි කට්ටිය අනවසරයෙන්ම ඇතුළට ගිහින් සාලෙට එබුණා.. ඒත් බලු බල්ලෙක් පේන්න නෑ..[/FONT]


    [FONT=&quot]“ගෙදර කවුද..?”[/FONT]


    [FONT=&quot]මං දොරට තට්ටු පාරක් දාන්න හදද්දිම චමිලයා බෙරිහන් දුන්නා.. උගේ සද්දෙට මුලින්ම දුවගෙන ආවෙ හොදට ඇද පැළදගත්තු ගෑනු කෙනෙක්..[/FONT]


    [FONT=&quot]“ආන්ටි සමාධි ඉන්නවද..?”[/FONT]


    [FONT=&quot]මම එහෙම අහද්දි එයා මගේ උඩ ඉදලා පල්ලෙහාට යනකන් බැලුවා..[/FONT]


    [FONT=&quot]“ඔයාලා කවුද..?”[/FONT]


    [FONT=&quot]“අපි සමාධිගෙ පංතියෙ යාලුවො.. ආන්ටි එයාට ටිකක් කතා කරනවද..?”[/FONT]


    [FONT=&quot]ආන්ටි එක්ක කතා කලා උනාට මගේ ඇස් හතර වටේ කැරකි කැරකි හෙව්වෙ මාරසිංහ සර්ව.. එයා කොහේට අතුරුදන් වෙලාද..? අපිට ඉදගන්න කියන්නෙවත් නැතුව ආන්ටි ආපහු ගේ ඇතුළට ගියා.. ටික වෙලාවක් යනකල් එයාගෙයි සමාධිගෙයි කටහඩවල් ගේ ඇතුළෙන් ඇහුණත් කවුරුවත් එළියට ආවෙනං නෑ..[/FONT]


    [FONT=&quot]“අර මිනිහා මොනවද බං මෙච්චර වෙලා කරන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“එයා සමහර විට සිංදුවක් කියන්න යන්න ඇති බං..”[/FONT]


    [FONT=&quot]ප්ලූටො අහද්දි මතීෂ උත්තර දුන්නෙ සුළැගිල්ල පෙන්නලා.. මේ වගේ වෙලාවකත් මුන් ජෝක් කරනවා.. අපි විනාඩි දහයක් විතර හිටගෙන ඉදලා ආපහු එහෙට මෙහෙට සද්ද බද්ද දාද්දි සමාධි එළියට ආවා..[/FONT]


    [FONT=&quot]“හිරූ.. දෙයියනේ ඔයා..?”[/FONT]


    [FONT=&quot]කෙල්ල මාව දැක්ක ගමන් කෑ ගැහුවෙ අමුතු සතෙක් දැක්කා වගේ.. එයා කොහොමටත් හිතන්න නැතුව ඇති මං මේ වෙලාවෙ මෙතනට එයි කියලා..[/FONT]


    [FONT=&quot]“බයඋනා නේද..? කොහොමත් ඔය වගේ කැත වැඩ කරාම බය වෙන්න වෙනවා..”[/FONT]


    [FONT=&quot]සමාධි කිරිමැටි ගිලපු කිඹුලා වගේ හිටියා මිසක් එක වචනයක් කිව්වෙ නෑ..[/FONT]


    [FONT=&quot]“අපි කෙලින්ම ආපු කාරණේට බහින්නම්කො.. කෝ සර්..?”[/FONT]


    [FONT=&quot]කෙල්ල ආපහු ගැස්සිලා බැලුවා.. මුලින්ම මගේ ළග නතර වෙලා තිබුණ ඒ ඇස් හිමීට අපේ කට්ටිය දිහාට හැරෙනවා මං බලාගෙන..[/FONT]


    [FONT=&quot]“සර් එයි.. ඔයාලා එන්න ගෙට..”[/FONT]


    [FONT=&quot]දැන් නං ඒ කටහඩ ඤාව්වෙක්ගෙ වගේ.. ලාමක ටිං ටි..[/FONT]


    [FONT=&quot]“අපිට වැරදිලා හිරූ.. සර් යාළුවෙලා ඉන්නෙ මේකි එක්ක නෙමෙයි.. මේකිගෙ අම්මත් එකක්ද කොහෙද.. බලපං බොරුද කියලා.. දෙන්නම පේන්න නෑනෙ..”[/FONT]


    [FONT=&quot]මහා සිංහ සෙයියාවෙන් ගේමට බැහැපු තාරුකගෙත් හුළං බැහැලා.. හැමෝම බලාගෙන හිටියෙ මේ නාඩගමේ අගමුල හරියට දැනගන්න..[/FONT]


    [FONT=&quot]“අපි හිතුවෙ තමුසෙගෙ මූණ කට ලස්සනයි වගේම වැඩත් ලස්සනයි කියලා.. බලාගෙන ගියාම තමුසෙ මහා..”[/FONT]


    [FONT=&quot]“ප්ලීස් චමිල.. ඔහොම මට කතා කරන්න එපා..”[/FONT]


    [FONT=&quot]චමිලගෙ කතාව ඉවර වෙන්න කලින්ම සමාධි එයාව නැවැත්තුවා.. ඒක එහෙම උන එක හොදයි.. නැත්තං මූ මොන මොන දේවල් කියයිද මංදා..[/FONT]


    [FONT=&quot]“තමුසෙගෙ මේ බලු වැඩ නිසා අපේ හිරූගෙ පංතියත් අතරමග නැවතුනා..”[/FONT]


    [FONT=&quot]“මේ මං නිසා..?”[/FONT]


    [FONT=&quot]සමාධි ඒක ඇහුවෙ ඇස් දෙක ටොඹු සයිස් කරගෙන..[/FONT]


    [FONT=&quot]“මොකක්ද මෙතන මේ වෙන්නෙ ආ..?”[/FONT]


    [FONT=&quot]එහෙම අහගෙන දොර ළගට ආවෙ මාරසිංහ සර්.. මෙන්න බොලේ මෙයා සරමකට මාරු වෙලා.. ඒක දැකලා අපි ටිකට උතුර දකුණ මාරු උනා.. කිව්වත් වගේම මොනවද මෙතන මේ වෙන්නෙ..[/FONT]


    [FONT=&quot]“ඔයාලගෙ මූණ දැක්කම මට පේනවා ඔයාලට ප්‍රශ්න ගොඩක් තියෙන විත්තිය.. හැමෝම ගෙට එන්නකො..”[/FONT]


    [FONT=&quot]මාරසිංහ සර්ගෙ පස්සෙ සමාධිත් ඒ පිටිපස්සෙන් අපි පස් දෙනත් ගෙට ගියා.. සර් අපිව එක්කගෙන ගියේ දිගම දිග සෝෆා සෙට් දෙක තුනක් දාලා තිබුණ චාමි ආලින්දෙකට.. ඒකෙ බිත්තිය කොණකට වෙන්න තිබුණ අඩි දෙක් විතර උස රාමු කරපු පින්තූරයක් දැකලා මගේ ඇස් උඩ ගියා.. ඒකෙ හිටියෙ සමාධියි, මාරසිංහ සර්රුයි, අපිත් එක්ක මුලින් කතා කරපු ඇන්ටියි..[/FONT]


    [FONT=&quot]“දැන් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර හම්බ උනාද..?”[/FONT]


    [FONT=&quot]මං ඉදගන්නෙවත් නැතුව ඒ පිංතූරෙ දිහා බලන් ඉන්නවා දැකලා සර් ඇහුවා.. එතකොට මාරසිංහ සර්, සමාධිගෙ තාත්තද..? සමාධිත් මෙච්චරකල් රගපාලා ගියෙන්නෙ මං රගපෑවා වගේ සෙල්ලමක්ද..?[/FONT]


    [FONT=&quot]“මේ ඉන්නෙ මගේ එකම දෝණි..”[/FONT]


    [FONT=&quot]සර් සෙටිය උඩ වාඩි උනේ එහෙම කියලා සමාධිව තුරුල් කරගෙන.. අපි නං ඉදගත්තා නෙමෙයි ඉන්දුනා..[/FONT]


    [FONT=&quot]“ඔයාලා මෙයා එක්ක තරහා වෙන්න ඇත්තෙ මෙයා මුල ඉදන් බොරු කියපු නිසා නේද..? ඒත්.. ඔයගොල්ලො කොහොමද සමාධි ඉන්නෙ මෙහෙ කියලා දැනගත්තෙ..?”[/FONT]


    [FONT=&quot]ඔය අහපු එක් ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න තරං නිදහස් මනසක් මට තිබුණෙ නෑ.. මුල ඉදලම වලිගෙ පාගගෙන දගලපු මං, සමාධිවයි, සර්වයි කොයි තරම් සැක කලාද..? ඒ දෙන්නා ගැන මොන තරම් නරක දේවල් හිතුවද..? කොටින්ම අපේ හතර දෙනාවත් මේ ප්‍රශ්නෙට ඇදලා ගත්තෙ මමනෙ.. මට මං ගැනම ලැජ්ජාවක් ඇති උනා..[/FONT]


    [FONT=&quot]“සොරි සර්.. මේ හැමදේම උනේ මං නිසා.. මට සමාවෙන්න..”[/FONT]


    [FONT=&quot]“හිරූෂ පුතා.. ඇයි ඔයා සමාව ගන්නෙ.. වැරැද්ද කලේ අපේ කෙල්ලනෙ..”[/FONT]


    [FONT=&quot]සර් හිතාගෙන ඉන්නෙ අපි මෙහෙ ආවෙ සමාධි කියපු බොරුව හොයාගන්න කියලා.. ඒත් අපි ඇත්තටම ආවෙ මේ දෙන්නගෙ හොර අල්ලන්න..[/FONT]


    [FONT=&quot]“මොකක්ද හිරූ මං හින්දා ඔයාගෙ පංති නතර උන කතාව..?”[/FONT]


    [FONT=&quot]ගොඩක් වෙලාවට පස්සෙ සමාධි කට ඇරියා.. ඒත් ඒ ලස්සන ඇස් දිහා කෙලින් බලන්න තරං ෆිට් එකක් මගේ හිතේ තිබුණෙ නෑ..[/FONT]


    [FONT=&quot]“ඇත්තම සිද්ධිය කියපං බං.. එතකොට කාගෙ කාගෙත් හිත සුද්ධයිනෙ..”[/FONT]


    [FONT=&quot]ඔන්න චමිල ඒ පාර මහදැනමුත්තා වෙලා..[/FONT]


    [FONT=&quot]“ඉස්සරවෙලා ඔයා කියන්නකො ඇයි අපිට මේක හැංගුවෙ කියලා..”[/FONT]


    [FONT=&quot]මගේ ප්‍රශ්නෙට සමාධි සක්වල ගල සසල වෙන ටයිප් එකේ හුස්මක් පිට කලා..[/FONT]


    [FONT=&quot]“අනේ තාත්ති.. ඔයාම කියන්නකො..”[/FONT]


    [FONT=&quot]කෙල්ල මහා හුරතල් තාලෙට මාරසිංහ සර්ගෙ මූණ බැලුවා.. මෙයා පන්තියෙදි සර්ව අදුරන්නෙවත් නැති විදියට හැසිරුන හැටි මතක් වෙද්දි මට තාමත් පුදුමයි වගේ..[/FONT]


    [FONT=&quot]“ඔවා යාළුවො අතර ප්‍රශ්න.. ඒ නිසා ඔයාලා කට්ටියම විසදගන්න.. මං ටික් ඇතුළට ගිහින් එන්නම්..”[/FONT]


    [FONT=&quot]සර් සමාධිගෙ ඔළුවත් අතගාලා එතනින් ගියා.. සමාධි අපි දිහා බැලුවෙ ජීවතේ පළවෙනි වතාවට කොල්ලො සෙට් එකක් දැක්කා වගේ ලැජ්ජාවකින්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“අපේ තාත්තා ෆිල්ම් කරාට මට කවදාවත් ඒ ෆීල්ඩ් එක ගැන ආසාවක් තිබුණෙ නෑ.. මට මුල ඉදලම ඕන උනේ ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න.. අඩුම ගානෙ මං ෆිල්ම් එකක ෂූටිං බලන්නවත් ගිහින් තිබුණෙ නෑ.. ඒත් විබාගෙ ඉවර වෙලා ගෙදර හිටපු කාලෙ මං තාත්තගෙ වැඩ වලට උදව් උනා.. ස්ක්‍රිප්ට් කියෙව්වා.. තාත්තා හම්බවෙන්න එන සමහර නළු නිළියො එක්ක කතා කරලා.. ඉතිං..”[/FONT]


    [FONT=&quot]සමාධිගෙ ඉතිං එක කල්පනාවකට පෙරලෙද්දි මං ආපහු සැරයක් එයාගෙ ගේ දිහා බැලුවා.. ඒකත් බොහෝ දුරට අපේ ගේ වගේමයි.. හරිම කලාත්මක ගෙයක්.. එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ.. මාරසිංහ සර් අපේ තාත්තා වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්නෙ..[/FONT]


    [FONT=&quot]“අන්තිමට මම දන්නෙම නැතුව මගේ හිත මේ ෆිල්ඩ් එකට යොමු උනා.. ඒ උනාට මට චිත්‍රපට අධ්‍යක්ෂනය ගැන සාමාන්‍ය දැනුමක්වත් තිබුණෙ නෑ.. ඒකයි මං තාත්තගෙ ක්ලාස් එකට ජොයින් වෙලා මේ ගැන ඉගෙන ගන්න හිතුවෙ..”[/FONT]


    [FONT=&quot]සමාධි බොහොම කෙටියෙන් එයාගෙ කතාව කියලා ඉවර කලා.. ඒත් මට දැනගන්න ඕන වෙලා තිබුණෙ ඒ ගැන නෙමෙයි.. එයා මොකද මාරසිංහ සර්ගෙ දුව කියන එක අපට හැංගුවෙ..[/FONT]


    [FONT=&quot]“එහෙනං මිස් මාරසිංහ අපි මෙච්චර වෙලා ඔයාට බැන්නට සමාව භාජනේකට දානවා.. අපිට ඉතුරු ටිකත් කියන්නකො..”[/FONT]


    [FONT=&quot]බොහොම සාවධානව කතාව අහගෙන හිටපු චමිල එහෙම කියද්දි සමාධි ඇස් පුංචි කරලා බැලුවෙ ඉතුරු ටික මොකක්ද කියලා අපෙන් අහන්න වගේ.. [/FONT]


    [FONT=&quot]“ඔයා ඇයි මිස්ටර් මාරසිංහගෙ උප ග්‍රහයෙක් කියලා අපිට හැංගුවෙ..?”[/FONT]


    [FONT=&quot]ඒ පාර ප්ලූටො ප්‍රශ්නෙ විග්‍රහ කලා..[/FONT]


    [FONT=&quot]“මං සර්ගෙ දුව කියලා ප්‍රසිද්ධ කරලා අනිත් අයගෙ විශේෂ අවධානයක් ගන්න මං කැමති උනේ නෑ.. ඒකයි මමත් සාමාන්‍ය ළමයෙක් වගේ පංතියට සහභාගි උනේ..”[/FONT]



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මම දුනුවිලගෙ පුතා කියනෙක හංගන්න කොයි තරම් ගේමක් දෙනවද..? ඒත් එකම ක්ලාස් එකේ ඉදලත් සමාධි, මාරසිංහ සර්ගෙ දුව කියන එක බොහොම සිම්පල් විදියට හංගගෙන හිටියනෙ.. මෙයානං ෆිල්ඩ් එකට ආවොත් බොහොම ඉක්මනට වසරේ නැගී එන නිළිය සම්මානෙ ගන්නවා..[/FONT]

    [FONT=&quot]“මචං හිරූ.. අපි හොයන්න ආවෙ වෙන දෙයක්.. ඒත් හොයා ගත්තෙ වෙන දෙයක්.. නිකමට වගේ අර කාරණෙත් දැනගමු නේද..?”[/FONT]


    [FONT=&quot]තාරුක ඒ මතක් කලේ සමාධි සර්ට තුරුල් වෙලා හිටපු සිද්ධිය.. ඇත්තටම මෙච්චර කල් සර්ව අදුරන්නෙවත් නෑ වගේ හිටපු කෙල්ල එදා ඒ වගේ දෙයක් කලේ ඇයි කියන එක මට මාර කුතුහලයක් උනා..[/FONT]


    [FONT=&quot]“තව මොනවද ඔයාලට දැනගන්න ඕන..?”[/FONT]


    [FONT=&quot]මාරසිංහ සර් එහෙම අහගෙනම අපි ළගට එද්දි එයාගෙ නෝනත් ඒ පිටිපස්සෙන් ආවා.. නිකම්ම නෙමෙයි.. කන්න බොන්න දේවලුත් උස්සගෙන..[/FONT]


    [FONT=&quot]“එදා ඒ ලෙවල් ප්‍රතිඵල ආපු දවසෙ අපේ හිරූෂ දැකලා තියෙනවා සමාධි සර්ට තුරුල් වෙලා ඉන්නවා.. ඒ වෙද්දි අපි මේ තාත්තලා දූලා ප්‍රශ්නෙ දැනගෙන හිටියෙ නෑනෙ.. ඒක නිසා හිරූ හිතලා තියෙන්නෙ වෙන දෙයක්.. ඒ ගැන කලකිරිලා තමයි එයා පංති එන එකත් නතර කරලා තියෙන්නෙ..”[/FONT]


    [FONT=&quot]මට කියාගන්න බැරිව හිටපු කාරණේ මතීෂ සර්ගෙ මූණටම කියලා දැම්මා.. ඒ කතාව අහලා සමාධිගෙ සුදු මූණ තත්පරේට දෙකට රතු උනා.. හැබැයි මට නං දැනුණෙ පොළවය පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්..[/FONT]


    [FONT=&quot]“මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නෙ කියලා.. මේ ෆිල්ඩ් එකේ හැටියට පුතා එහෙම හිතපු එක සාධාරණයි..”[/FONT]


    [FONT=&quot]මාරසිංහ සර් කිව්වෙ මගේ ළගින්ම ඉදගන්න ගමන්.. මං හිමීට සමාධි දිහා බැලුවා.. ඒ ඇස් වල කදුළු දිලිසෙනවා.. [/FONT]


    [FONT=&quot]“තාත්තා.. මට කියන්න බැරි උනා.. මං මෙයාලට කියලා තිබුණෙ මට වයස විසි එකයි කියලා.. එදා රිසාල්ට් බැලුවෙ අපේ නංගි කෙනෙක්ගෙ කියලා..”[/FONT]


    [FONT=&quot]“මොකක්ද කිව්වෙ.. ඒ කියන්නෙ සමාධි ඔයා..”[/FONT]


    [FONT=&quot]මට කතා කරන්න වචන අමතක උනා වගේ.. අපට මෙච්චර කල් කට පුරෝලා මල්ලි, මල්ලි කියලා කතා කලේ අපට වඩා බාල කෙල්ලෙක්ද..?[/FONT]


    [FONT=&quot]“ඔව්.. මං ඔයාලට කිව්වෙ බොරුවක්.. මම එහෙම කලේ ඇත්ත වයස කිව්වොත් ඔයාලා මං සර්ගෙ දුව කියලා දැනගනියි කියලා බයට..”[/FONT]


    [FONT=&quot]“අයියෝ.. රම්ප ගහේ දෙල් කිව්වලු..”[/FONT]


    [FONT=&quot]මහා දිග හුස්මක් පිට කරන ගමන් චමිල ඒක කියපු විදියට සර්ට බකස් ගාලා හිනාවක් ගියා.. ඒ වෙලාවෙ හිනා වෙන්න නෙමෙයි මං හිටියෙ තක්බීර් වෙලා..[/FONT]


    [FONT=&quot]“එදා අපේ කේලල ඒ තුනක් අරන් විභාගෙ පාස් කියලා දැනගත්තට පස්සෙ මට හැමදේම අමතක උනා පුතා.. මං මෙයාව තුරුළු කරගත්තෙ සතුට වැඩි කමට..”[/FONT]


    [FONT=&quot]ඒ කියන්නෙ සමාධි මේ පාර විභාගෙ කරපු කෙනෙක්.. එයා මෙච්චර හොදට ප්‍රතිඵල අරන් විභාගෙ පාස් උනාම එයාටත් කොන්දේසි අමතක වෙන්න ඇති.. අනික මාරසිංහ සර් කියන්නෙත් තාත්තා කෙනෙක් නෙ..[/FONT]


    [FONT=&quot]කතාවෙන් කතාව අපේ කට්ටිය කේක් බිස්කට් වලට වැඩේ දීලා.. මං තේ එකක් විතර්ක අතට අරගෙන පුටුව පිටිපස්සට හේත්තු උනා..[/FONT]


    [FONT=&quot]“මට ඒත් හිතාගන්න බැරි උනා මේ තරං උන්නදුවෙන් ඉගෙන ගත්තු ළමයා මොකද එක පාරම පංති එන එක නතර කලේ කියලා..”[/FONT]


    [FONT=&quot]සර් එහෙම කියද්දි මං හෙට ඉදලා ආපහු පංති එනවා කියලා සර්ට පොරොන්දු උනා.. දැන් ඉතිං ප්‍රශ්න සේරම ඉවරයිනෙ..[/FONT]


    [FONT=&quot]“මට සමාවෙන්න හිරූෂ.. මං නිසා ඔයාලට ලොකු පාඩුවක් උනා නේද..?”[/FONT]


    [FONT=&quot]මෙයාටත් පිස්සුද මංදා.. මට මොකක්ද උන පාඩුව..? ටික කාලයක් පංති මිස් වෙච්ච එකද..? [/FONT]
    [FONT=&quot] මේ හේමාල් දුනුවිලගෙ පුතාට ඕවා ප්‍රශ්න නෙමෙයි සමාධි නංගි.. ඔයා මට අවුරුද්දක් හරි බාලයි කියලා දැනගත්තු එකම මදිදි..[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“වෙන දැනගන්න දේවල් නෑනෙ බං.. අපි එහෙනං යමු..”[/FONT]


    [FONT=&quot]පැය ගාණක දීර්ඝ සාකච්ඡාවක් නිමා කරලා මුලින්ම නැගිට්ටෙ චමිල..[/FONT]


    [FONT=&quot]“අනේ අද මේ වෙච්ච දේවල් පංතියෙ වෙන කාටවත් දැනගන්න තියන්න එපා.. මේක අපි හයදෙනා අතරෙ විතරක් තියාගනිමු..”[/FONT]


    [FONT=&quot]සමාධි අන්තිම මොහොතෙ කලේ මාර ඉල්ලීමක්.. එයා තව දුරටත් සර්ගෙ දුව නොවී නිකම්ම නිකං සමාධි විදියට ඇක්ට් කරන්නයි හදන්නෙ..[/FONT]


    [FONT=&quot]“කවදා වෙනකල් මේවා හංගන්නද හලෝ.. කොච්චර හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිටනෙ..”[/FONT]


    [FONT=&quot]චමිල ඒක කිව්වෙ සමාධිට උනත් හින්ට් එක පාස් කලේ මට.. ඌ ඒ නොකියා කිව්වෙ අද සමාධිට මෙච්ච දේ ළගදිම මටත් වෙනවා කියනෙක වෙන්න ඇති..[/FONT]


    [FONT=&quot]“අඩුගානෙ මේ පංතිය ඉවර වෙනකල්වත් අපි මේක නොකියා ඉදිමු.. ඊට පස්සෙනං දැනගත්තත් කමක් නෑ..”[/FONT]


    [FONT=&quot]“ඔව්.. ඔව්.. නොකියා ඉමු.. කොහොමත් පංතිය ඉවර උනාම පංතියෙ ළමයින්ට මාර දේවල් දැනගන්න ලැබෙයි.. නේද හිරූ..”[/FONT]


    [FONT=&quot]ඒ පාර ප්ලූටොත් මූට පොර දානවා.. වැඩේ වන වෙන්න කලින් මං තේ එක බීලා ඉවර කලා..[/FONT]


    [FONT=&quot]“එහෙනං සර් අපි ගිහින් එන්නං..”[/FONT]


    [FONT=&quot]අපි ටික සර්ට වැදලා එළියට එද්දි සමාධිත් අපේ පිටිපස්සෙන් දොර ළගට ආවා..[/FONT]


    [FONT=&quot]“අපි යන්නං නංගි.. බායි..”[/FONT]


    [FONT=&quot]කට්ටියම කතා වෙලා වගේ නංගි කියද්දි කෙල්ල හැරිලා ගෙට දිව්වා..[/FONT]


    [FONT=&quot]“බුදු අම්මෝ.. මචං රෑ වෙලා..”[/FONT]


    [FONT=&quot]මතීෂගෙ සද්දෙට එළියට බහිද්දි තමයි අපි මේ ගේ අස්සෙ කොච්චර වෙලා ඉදලද කියලා කට්ටියට තේරුණේ..[/FONT]


    [FONT=&quot]“මචං අපි ආවෙ ත්‍රීවිල් එකක නේද..? කෝ ඌ.. ගිහින්ද..?”[/FONT]


    [FONT=&quot]කට්ටියට එකින් එක කාරණා මතක් වෙන්නෙ දැන් තමයි.. හරියට මෝහනය කරලා ඉදලා පියවි සිහිය ලැබුණා වගේ.. මතීෂයි තාරුයි කරුවලේම ගිහින් බයික් එකට නැග්ගා..[/FONT]


    [FONT=&quot]“මේ තියෙන්නෙ බං ත්‍රී වීල් එකත්..”[/FONT]


    [FONT=&quot]මං ත්‍රී විල් එක ළගට ගිහින් එබිලා බැලුවා.. ඒකෙ හිටපු පොර කට කපලා නිදි..[/FONT]


    [FONT=&quot]“මචං මූව නැගිට්ටොත් මේ පැය ගාණටම හරියන හයර් එක දෙන්න වෙයි.. ඉදපංකො මං වැඩක් කරන්න..”[/FONT]


    [FONT=&quot]මම චමිලලවත් ත්‍රීවිල් එක ළගින් අයින් කර ගත්තෙ සද්ද බද්ද ඇහිලා කොල්ලා නැගිටියි කියන බයට..[/FONT]


    [FONT=&quot]“උඹ ඔය මොකක්ද කරන්න හදන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“කරන දේ බලා ඉදංකො.. කෝ මට කොළයක් දීපං..”[/FONT]


    [FONT=&quot]චමිලගෙ පොතකින් ඉරපු කොල කෑල්ලක මං මෙහෙම ලිව්වා..[/FONT]


    [FONT=&quot]“මල්ලි - අපේ හයර් එකට මේ රුපියලා දාහ තියාගන්න.. අපි යනවා..”[/FONT]


    [FONT=&quot]“යකෝ උඹ ඒ පාර මේ කුම්භකරණයට රුපියල් දාහක් පුදන්න යන්නෙ..? මොලේ නරක් වෙලාද..?”[/FONT]


    [FONT=&quot]වැඩේ ඉවර වෙන්නත් කලින්ම චමිලයා බෙරිහන් දෙනවනෙ.. පැත්තකට වෙලා බලන් ඉදපං මල්ලි.. මං ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරලා ඒ කොලේ ත්‍රී විල් එකේ සීට් එක උඩ තියලා ගල් කැටයක් තිව්වා..[/FONT]


    [FONT=&quot]“දැන් ඉතිං මූ ඇහැරෙන්න කලින් යං.. තාරු උඹත් පුළුවන් නං බයික් එක මහ පාර පැත්තට තල්ලු කරන් යං..”[/FONT]


    [FONT=&quot]මං එහෙම කිව්වෙ බයික් එක ස්ටාාට් කරන සද්දෙට ත්‍රීවිල් මල්ලි අහැරෙයි කියලා..[/FONT]


    [FONT=&quot]“එතකොට සල්ලි..?”[/FONT]


    [FONT=&quot]“සල්ලි තියන්න පිස්සුද බං.. අනික කා ගාවද දාහෙ ඒවා තියෙන්නෙ..”[/FONT]


    [FONT=&quot]පාරෙ නිදන් ඉන්න බල්ලෙක්ටවත් කෝට්ටකින් අනින්න එපා කියලා කවුදෝ මන්දා පණ්ඩිතයෙක් කියලා තියෙනවලුනෙ.. ඒ නිසා අපිත් ත්‍රීවිල්කාරයගෙ නින්දට බාධා නොකර හිමීට පාර පැත්තට ආවා..[/FONT]


    [FONT=&quot]“දැන් උඹලා තුන්දෙනා යන්නෙ මොහොකෙද..[/FONT]
    [FONT=&quot]?”[/FONT]

    [FONT=&quot]තාරු බයික් එක ස්ටාට් කරන ගමන් මතීෂවත් නග්ගගන්න ගමන් ඇහුවා..[/FONT]


    [FONT=&quot]“මූ අර කොලේ කූටු ගාන වෙලාවෙ, මං බණ්ඩයියට කෝල් එකක් දුන්නා.. එයා දැන් එයි..”[/FONT]


    [FONT=&quot]ප්ලූටොටත් ගොනාට වගේ හොද මොළයක් තියෙනවනෙ අප්පා.. අපි ප්ලෑනක් හිතන්නත් කලින් ඌ වැඩේ කරලත් ඉවරයි..[/FONT]


    [FONT=&quot]“ඕ..කේ.. එහෙනං උඹ හෙට පංති එනවනෙ... අපි ගියා.. ගුඩ් නයිට්..”[/FONT]


    [FONT=&quot]තාරුලා ඉගිල්ලිලා යන්න ගියාට පස්සෙ අපි තුන්දෙනා පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ආවා..[/FONT]


    [FONT=&quot]“අදනං මහ චාටර් සීන් එක බං උනේ.. උඹ මෙච්චර කල් සර්ව සැක කලා.. පංති නොගිහින් ඉදලා.. ගෙවල් හොයන්න ගිහින් අන්තිමට මොකද උනේ..”[/FONT]


    [FONT=&quot]චමිල මොකද උනේ කියලා අහද්දි මමයි ප්ලූටොයි දෙන්නම ඌ දිහා බැලුවෙ ඇත්තටම මොකද උනේ කියලා දැනගන්න..[/FONT]


    [FONT=&quot]“මදැයි අන්තිමට ලබ්බෙ තොවිලෙ බලන්න කියලා සී අයි ඩී ගේමක් දුන්නා.. අන්තිමට පලලා බලද්දි ලබ්බ පුස්..”[/FONT]


    [FONT=&quot]චමිලගෙ අන්තිම වචන දෙක ඇහුණ මිනිස්සු දෙතුන් දෙනෙක් හිනාවෙවී යන්න ගියා.. [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    15.png


    මගේ තිබුණ නරක ග්‍රහයෙක් මාරු උනා කියලා හිතලා මං ආපහු චමිලයි, ප්ලූටොයි එක්ක පංති ගියා.. ඒ උනත් මෙච්චර කල් පංති අආවෙ නැත්තෙ ඇයි කියලා ළමයි අහපු ප්‍රශ්න වලට මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.. ඇත්ත කිව්වනං සමාධිගෙ විතරක් නෙමෙයි මගෙත් පටි රෝල් වෙනවනෙ..


    [FONT=&quot]“ඔයාට මග ඇරුණ පාඩම් ටික මම ෆොටෝ කොපි කරන් ආවා.. ආ..”[/FONT]


    [FONT=&quot]සමාධි උදේම කොල මිටියක් මගේ අතට දුන්නෙ බිම බලාගෙන.. කෙල්ල තාම අප්සට් එකේද කොහෙද..?[/FONT]


    [FONT=&quot]“ඔයා කිව්ව වගේම වෙච්ච දේවල් දන්නෙ අපි පස් හයදෙනා විතරයි.. අඩුම ගානෙ නයෝමිටවත් අපි කිසි දෙයක් කිව්වෙ නෑ.. ඒ නිසා වෙනද වගේම ඉන්න..”[/FONT]


    [FONT=&quot]ප්ලූටො කිව්වෙ කටහඩ සෑහෙන්න බාල කරලා.. ඌ එහෙම කිව්වට මොකෝ වෙනද වගේ ඉන්න මටනං බැරිවෙයි.. ඇයි අප්පා හැම තිස්සෙම මතක් වෙන්නෙ සමාධි අපිට වඩා බාලයි කියන එකමනෙ.. ඒ මදිවට ඒකිගෙ ලස්සනත් දැන් වැඩියෙන් පේනවා..[/FONT]


    [FONT=&quot]“ඔයාලාගෙ පාඨමාලාව ඉවර කරන්න තව තියෙන්නෙ කෙටි කාලයයි.. අපි මේ ලබාගත්තු න්‍යායික දැනුම ප්‍රායෝගිකව යොදාගෙන නිර්මාණයක් කරන්න මං තීරණය කලා..”[/FONT]


    [FONT=&quot]මං සමාධිගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දි සර් දේශනයක් පටන් ගත්තා.. එයා ඔය කියන නිර්මාණෙ පටන් ගම්ම මම එනකල්ම හිටපු එකනෙ වැඩේ..[/FONT]


    [FONT=&quot]“ඔයාලගෙ කැමත්ත හා දක්ෂතාවය අනුව මම ඔයාලව එක එක අංශ වලට බෙදනවා.. ඒ කිව්වෙ රංගනය, කැමරාකරණය, වේශ නිරූපණය, ආලෝකකරණය වගේ..”[/FONT]


    [FONT=&quot]“සර් මම නං කැමති රගපාන්න..”[/FONT]


    [FONT=&quot]සර්ගෙ කතාව ඉවර වෙන්නත් කලින් නයෝමි මැදට පැන්නා.. මෙයාට ඉතිං එදා ඉදලම තිබුණෙ නිළි උණනෙ..[/FONT]


    [FONT=&quot]“හරි පුතේ.. රගපාන්න කැමති අයව මං සික්‍රීන් ටෙස්ට් එකක් තියලා තෝරගන්නවා.. ”[/FONT]


    [FONT=&quot]නයෝමි රගපාන්න සුදුසු නෑ කියන එකද දන්නෑ සර් නොකියා කිව්වෙ.. ඒත් නයෝමිගෙ අසනීප තත්වෙ ගැනයි එයාගෙ මානසිකතත්වෙ ගැනයි හිතද්දි නං දුක හිතෙනවා..[/FONT]


    [FONT=&quot]“මං කැමතියි ටෙලි නාට්‍යකට සුදුසු පිටපතක් පංතියෙන්ම ඉදිරිපත් වෙනවනං.. අද යන මෙගා රැල්ලෙන් මිදිලා කොටස් දොලහක විතර හරවත් වගේම රසවත් නිර්මාණෙකට අපි යොමු වෙමු..”[/FONT]


    [FONT=&quot]“සර් පිටසක්වල යානයක් ලංකාවට ගොඩබහිනව වගේ තේමාවක් යොදා ගත්තොත් නරකද..? හරියට කොයි මිල් ගයා වගේ..”[/FONT]


    [FONT=&quot]ඒ මෝඩ කතාව සර්ගෙන් ඇහුවෙ වෙන කවුරුවත් නෙමෙයි.. අපේ ප්ලූටො.. පුදුමයි ඌ ප්ලූටො ග්‍රහලෝකෙ ඉදලා එන යානයක් ගැන කිව්වෙ නැති එක..[/FONT]


    [FONT=&quot]“ඔය වගේ මනංකල්පිත දේවල් කරනවට වඩා හොදයි දරුවො කාලෝචිත දෙයක් කරනවනං..”[/FONT]


    [FONT=&quot]ඇත්ත.. හොද වැඩේ මූට.. ගියා ඒලියන් කෙනෙක්ව ලංකාවට ගෙන්නන්න.. ඔය පිටපත් වැඩේ එක්කෙනෙකුට බාර දෙනවට වඩා හොදම දේ තමයි තට්ටියම එකතු වෙලා එකක් ලියන එක..[/FONT]


    [FONT=&quot]“හොදට මතක තියාගන්න පුතේ.. පිටපතක් ලියද්දි ඒකෙ නාට්‍යමය ලක්ෂන අඩංගු වෙන්න ඕන.. කුමක් හෝ ඝට්ටනයක් වගේම ඒකෙ උච්ච අවස්ථා තියෙන්න ඕන.. ග්‍රාම්‍ය දෙබස් අඩංගු වෙන්න හොද නෑ.. දෙබස් හැම වෙලාවෙම අර්ථාන්විත වෙන්න ඕන..”[/FONT]

    [FONT=&quot]“මොනවද බං ග්‍රාම්‍ය දෙබස් කියන්නෙ..? ගමේ දෙබස් ද..? හරියට බණ්ඩයියා කියනවා වගේ..”[/FONT]


    [FONT=&quot]චමිලයා මගේ කණට කරලා අහපු කතාව එහා පැත්තෙ හිටපු සමාධිටත් ඇහිලා.. කෙල්ල තනියම හිනාවෙනවා..[/FONT]


    [FONT=&quot]“ග්‍රාම්‍ය දෙබස් කියන්නෙ බං වැඩකට නැති දෙබස්.. හරියට උඹ කියනව වගේ ඒවා..”[/FONT]


    [FONT=&quot]මං එක සැරේම මිනිහව කපලා දැම්මා.. ඌ ආපහුදෙබස් ගැන මුකුත් කිව්වෙ නෑ.. [/FONT]


    [FONT=&quot]“සර්.. ඔය කියන විදියෙ දෙබස් තියෙන අර්ථාන්විත නාට්ටි අද නෑනෙ.. අද යන තරමක් යන්නෙ කුණුහරුප කතා තියෙන කිසිම තේරුමක් නැති ඒවා..”[/FONT]


    [FONT=&quot]පංතියෙ අන්කල් කෙනෙක් කිව්වෙ මසුරන් වටින කතාවක්.. අද වැඩි හරියක් නාට්ටි වල තියෙන්නෙ සර් කිව්ව විදිහෙ ග්‍රාම්‍ය දෙබස්ම තමයි..[/FONT]


    [FONT=&quot]“ඒ කතාව ඇත්ත දරුවො.. ඒ නිසා තමයි කියන්නෙ කලාව පරිහානියට යනවා කියලා.. ඒත් ඔයාලවත් හරියට යමක් කරන්න ඉගෙන ගන්න..”[/FONT]


    [FONT=&quot]“සර්.. අපි හැමෝම සාකච්ඡා කරලා හොද පිටපතක් හදන්නම්.. සර් එක් බලලා අපිට අඩුපාඩු පෙන්නලා දෙන්න..”[/FONT]


    [FONT=&quot]මගේ හිතේ තිබුණ යෝජනාව සර්ට ඉදිරිපත් කලාම ඒකට උඩින්ම එයා කැමති උනා.. හැමෝගෙම දායකත්වය ලැබෙන නිසා ළමයි උනත් විරුද්ධ වෙන එකක් නෑ..[/FONT]


    [FONT=&quot]“ඔයාලගෙ පිටපත බලලා ඒකට අනුව කොලේෂන් සර්වේ එකක් කරන්නත් ඕනෙ.. සමහර විට අපිට ලොජ් වෙන්නත් සිද්ධ වෙයි..”[/FONT]


    [FONT=&quot]ලොජ් වෙන එකනං මොකක්ද.. අපි තුන්දෙනා දැනටමත් ලොජ් වෙලානෙ ඉන්නෙ..[/FONT]


    [FONT=&quot]“මං තීරණය කලා මේක අධ්‍යක්ෂණයට මිස්ටර් දුනුවිල සම්බන්ධ කරගෙන නිෂ්පාදනය පැත්ත මං බාර ගන්න.. එතකොට ඔයාලට තවත් හොද ප්‍රායෝගික දැනුමක් ලබාගන්න පුළුවන්..”[/FONT]


    [FONT=&quot]ඔන්න ඕක තමයි ඉතිං කාලා ඉන්න බැරි.. සර්ටත් හැම මගුලටම අපේ තාත්තා ගාව ගන්න ඕනෙ.. ඒකෙන් මේකෙන් වෙන්නෙ මගේ බැටළු හම ගැලවෙන එක..[/FONT]


    [FONT=&quot]සර් දවස තිස්සෙම කලේ අළුත් ටෙලි නාට්‍යය කෙරෙන්න ඕන විදිය පහදලා දීපු එක.. ඒක කරන්න ඔච්චර තටමන්න ඕනයෑ.. මටයි සමාධිටයි බාරදුන්න නං වැඩේ ගොඩ.. මොකද ඉතිං එයා මාරසිංහ අධ්‍යක්ෂකතුමාගෙ දුව.. මං දුනුවිල අධ්‍යක්ෂකතුමාගෙ පුතා..[/FONT]


    [FONT=&quot]“අපි ලියමු බං එළකිරි වගේ ස්ක්‍රිප්ට් එකක්.. ආයෙ දෙමු දොඹෙන් යන්න..”[/FONT]


    [FONT=&quot]මතීෂයි, තාරුකයි දෙන්නත් පිටපත ලියන වැඩේට පුදුම උනන්දුවක් තියෙන්නෙ.. මේ විදියට බැහැලා වැඩ කරනවනං අපේ නිර්මාණය හිතනවටත් වඩා සාර්ථක වෙයි..[/FONT]


    [FONT=&quot]“මචෝ.. දැන් අපේ වැඩ කටයුතු නිදහස් හා සාමකාමී ලෙස ගලාගෙන යන එකේ මට පොඩි අදහසක් පහල උනා.. අපි හවස යමු අර දවසක් පෙන්නුවා කිව්ව ලොජ් එක බලන්න.. උඹටත් එදා ඒක මිස් උනානෙ..”[/FONT]


    [FONT=&quot]පංති ඇරිලා පාරට එන්නත් කලින් තාරුක ගෙනාවෙ මාර යෝජනාවක්.. හිමිජ්ජා වගේ හිටියට මූ ඒක මෙච්චර දවස් මතක තියාගෙන ඉදලනෙ.. දැන් ඉතිං මොකේද දන් වළදන්නෙ..?[/FONT]


    [FONT=&quot]“මොකක්ද බං ඕකට ඔච්චර තියෙන හදිස්සිය.. අපි වෙන දවසක උදේ වරුවෙ යමු..”[/FONT]


    [FONT=&quot]මේ දවස් වල ආසි හේරා ඉවර වෙලා නිසා මං හතේ කොලයක් අතෑරලා බැලුවා..[/FONT]


    [FONT=&quot]“එහෙම කතා කරන එක වැරදියි හිරූ.. උඹේ වැඩේ කිව්වා විතරයි අපි හැමදේම පස්සට දාලා උඹට ෆුල් බකප් එක දුන්නනෙ.. දැන් ඉතිං උඹ පස්ස ගහනවා.. අවුලක් නෑ.. උඹලට බැරි නං පාර හොයාගෙන අපි දෙන්නා හරි යනවා..”[/FONT]


    [FONT=&quot]යකඩෝ.. බලපල්ලකො මුගේ තියෙන ගට.. ඔන්න ඔහොමනේ කොල්ලො උනාම ඉන්න ඒනෙ.. මෙච්චර මාස ගාණක් හංගගෙන හිටියා මැදැයි.. අනික මතීෂයි, තාරුකයි කියන්නෙ ගින්දර වගේ ඩබලක්නෙ.. ඔන්න ඔහේ උන් දෙන්නට ඇත්තම කියලා දානවා.. එතකොට හිත සුද්දයි..[/FONT]


    [FONT=&quot]“රයිට්.. එහෙනං යමු.. ෆිට් තමයි..”[/FONT]


    [FONT=&quot]මං මහපටගිල්ල උස්සලා කියද්දි ප්ලූටොයි, චමිලයි දෙන්නා ඇස් ගෙඩි ටික ලොකු කරගෙන මගේ දිහා බැලුවා.. උන් බලනවා ඇති මට මේ මොකක්ද හැදිලා තියෙන පිස්සු කියලා..[/FONT]


    [FONT=&quot]“චමි.. උඹලා දෙන්නට පාර මතකයිනෙ.. නැත්තං අපි සර්ගෙන් අහගෙන යමු..”[/FONT]


    [FONT=&quot]තාරුත් අහන්නෙ මාර කතා.. උදේ හවා යන එන තැන මොකෝ උන්ට අමතක..[/FONT]


    [FONT=&quot]“මට පාර මතකයි නේද හිරූ..?”[/FONT]


    [FONT=&quot]ඌට පාර මතකද කියලා මගෙන් අහලා හරියනවද..? ඌ ඔය නොකියා කියන්නෙ ඇත්තටම මුන්ව හරි තැනට ගෙනියනවද කියලා වෙන්න ඇති.. [/FONT]


    [FONT=&quot]“ඔව්.. ඔව්.. වට් ටු ඩූ නපුරු කලට කියලා ඔන්න ඔහේ යමු..”[/FONT]


    [FONT=&quot]අපි කට්ටිය මතීෂලවත් කැන්දගෙන අපේ පාරෙ බස් එකකට නැග්ගා.. ඒකෙ කට කපලා සෙනග.. වැඩි කතා බහක් නැතුවම අපි ටික හන්දියෙන් බැහැ ගත්තා.. මහ සද්දන්ත සයිස් ඇන්ටි කෙනෙක් ලතාවට බහින නිසා චමිලට බැහැගන්න බැරුව හිර වෙලා.. අපි හතරදෙනා ටි්ක වෙලා බලාගෙන හිටියා.. ඇන්ටිත් බොහොම අමාරුවෙන් දුෂ්කර ක්‍රියා කරලා බැහැ ගත්තා කියමුකො.. ඒත් චමිලයා තාම දෙවෙනි පඩියට බැහැලා ඇන්ටි දිහා බලන් ඉන්නවා..[/FONT]


    [FONT=&quot]“ඔය මල්ලි ඉක්මනට බහින්න.. පරක්කු වෙනවා..”[/FONT]


    [FONT=&quot]“බහින්නෙ කොහොමද අයියෙ.. ඇන්ටි බැස්සට ඇන්ටිගෙ ඩිකිය තාම බහිනවා..”[/FONT]


    [FONT=&quot]ඌ මහා සද්දෙට කියපු කතාව ඇහුණ හැමෝටම කිචි කවන්නෙ නැතුව හිනා ගියා.. මොනව උනත් බඩාගෙ කතාව ඇත්ත.. ඇන්ටිට තිබුණෙ පුදුම ඩිකියක්.. ඒකෙ පස් හය දෙනෙකුට බය නැතුව යන්න පුළුවන්..[/FONT]


    [FONT=&quot]“හිරූ උඹලා ගෙදර ගිහින්ද ලොජ් එකට යන්න හදන්නෙ..? මොනවද බං එතකොට තවත් පරක්කු වෙනවනෙ..”[/FONT]


    [FONT=&quot]තාරුක වටපිට බලලා පැත්ත අදුරගත්තා විතරයි බක්කරේ දැම්මා.. අපි උඹලව එහෙම පරක්කු කරන්නෙ නෑ යාලු.. අපි කෙලින්ම යන්නෙ එහෙ තමයි.. මටත් කලින් අත දාලා ප්ලූටො වීල් එකක් නතර කලා..[/FONT]


    [FONT=&quot]“කොහාට යන්නද මහත්තයා..?”[/FONT]


    [FONT=&quot]මල කෙළියයි.. මේ එදා අපි සමාධිලගෙ ගේ ඉස්සර දොයි කරලා ආපු ත්‍රීවිල් මල්ලි.. මූත් නැති තැනක් නෑනෙ අප්පා.. ඕන වෙලාවක අත දැම්මොත් නතර කරන්නෙ මේ හෝ හපුටමනෙ.. මේ පාරෙ වෙන ත්‍රීවිල් නැද්ද මංදා... අපි කට්ටිය මිනිහව අදුරගත්තා වගේම ඌත් දැක්ක ගමන්ම අපිව අදුරගත්තා..[/FONT]


    [FONT=&quot]“මහත්තයලා එදා කරපු වැඩේ නම් හරි කැතයි මහත්තයො.. මට නින්ද ගියපු ගමන් පැන්නා නේද..?”[/FONT]


    [FONT=&quot]පැන්නා.. මූ හිතුවද දන්නෑ අපි ගෙම්බො කියලා..[/FONT]


    [FONT=&quot]“මේ මල්ලි.. අපි නිකං ගියේ නෑ හරිද..? කතා කරලා තමුසෙ ඇහැරුනේ නැති නිසා හයර් එකට රුපියල් දාහකුත් තියලයි අපි ආවෙ..”[/FONT]


    [FONT=&quot]“ඒත් මං නැගිටිද්දි රුපියල් දාහක් තියා සත දහයක්වත් තිබුණෙ නෑ.. මොකක්දෝ මන්දා තුන්ඩු කෑල්ලක් නම් තිබ්බා..”[/FONT]


    [FONT=&quot]පොර ඊට පස්සෙ ටිකක් වෙලා කල්පනා කරන්න පටන් ගත්තා..[/FONT]


    [FONT=&quot]“එහෙනං ඒක වෙන කවුරු හරි ගන්න ඇති.. ඒත් ඉතිං මහත්තයලා ඇත්තටම සල්ලි තිබ්බද කියලා මං දන්නෙ නෑනෙ.. ඒ නිසා මං..”[/FONT]


    [FONT=&quot]මිනිහ මොකක්දෝ මන්දා කියන්න හදලා ගිල ගත්තා.. ඒත් අපි වැඩිපුර කැමති ඔය ගිලින දේවල් දැනගන්නයි..[/FONT]


    [FONT=&quot]“මොකක්ද තමුසෙ කිව්වෙ.. ඒ නිසා..?”[/FONT]


    [FONT=&quot]“ඒ නිසා මං මහත්තයලා ගියපු ගෙදරට ගිහින් සම්පූර්ණ සිද්ධිය කියලා.. ඒ සර්ගෙන් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා..”[/FONT]


    [FONT=&quot]පුහ්.. බලන් යද්දි මේ යකා ඉතිහාසගත පොරක්නෙ.. අඩුම ගානෙ සර්වත් සමාධිවත් ඔහොම කතාවක් අපිට කිව්වෙ නෑනෙ..[/FONT]


    [FONT=&quot]“යකෝ උඹ මාර බඩුවක්නෙ.. අපෙනුත් දාහක් අරන් ඒ මනුස්සයගෙනුත් දාහක් ගත්තද..? මෙහෙ දියන් ඒ පන්සීය..?”[/FONT]


    [FONT=&quot]ඒ පාර චමිලයා කොල්ලගෙ බෙල්ලෙන් ඇදලා ත්‍රීවිල් එකෙන් එළියට ගත්තා.. මූ සර්ගෙ ගෙදරටම ගිහින් අපි කට්ටියගෙ චරිතෙ ඝාතනේ කරලනෙ.. මූට දෙකතුනක් අනින්නම ඕනෙ තමයි..[/FONT]


    [FONT=&quot]“මං ඔය කියන දාහක් ගත්තෙ නෑ අයියෙ.. මං මේ ඇත්තමයි කියන්නෙ..”[/FONT]


    [FONT=&quot]“අඩෝ මේ.. කාලා යනවද එහෙමත් නැත්තං ඔතං යනවද..?”[/FONT]


    [FONT=&quot]ඔන්න තාරුත් ගේමට බැහැලා.. ඌ ගුටි පූජාව ඔතලා දෙන්නයි ලෑස්තිය.. සීන් එක මොකක් උනත් පස්දෙනෙක් එකතු වෙලා එකෙකුට ගහන එක ඒ තරං හොද දෙයක් නෙමෙයි.. අනික ඌ හාල්මැස්සෙක්.. චමිලගෙන් එක ෂොට් එකක් කන්න තරංවත් හරස්කඩ වර්ගඵලයක් ඌට නෑ..[/FONT]


    [FONT=&quot]“අනේ අයියෙ.. මං ළග සල්ලි නෑ.. අද දවසටම දිව්වෙ හයර් තුනයි..”[/FONT]


    [FONT=&quot]චමිලයා බලෙන්ම වගේ පොරගෙ පර්ස් එක ඇද්දා.. පිස්සු හැදෙනවා.. ඒකෙ පන්සීයෙ කොළ පිරිලා..[/FONT]


    [FONT=&quot]“දැන් නෑ කිව්වා නේද..? මේ තියෙන්නෙ මොනවද..? උඹ මිනිස්සුන්ගෙන් වංචා කරලා සල්ලි ගනනවා නේද..? එපා අපිට කලා වගේ..”[/FONT]


    [FONT=&quot]එහෙම කියලා චමිල පර්ස් එකෙන් පන්සීයෙ කොළයක් අතට ගත්තා.. කොහොමටත් මූ හයර් තුනයි ගියේ කිව්ව කතාවනං බොරු වෙන්න ඇති.. ඕන වෙලාවක බැලුවොත් මූ පාරෙ.. අනික හයර් තුනකට මෙච්චර සල්ලි හම්බවෙන්න විදියක් නෑ..[/FONT]


    [FONT=&quot]“රායිට්.. දැන් හයර් එක ඕනෙ නෑ.. අපි පයින් යන්නම්.. තමුසෙ යනවා..”[/FONT]


    [FONT=&quot]පර්ස් එක අතට දීලා චමිල් ඒ කොල්ලව ත්‍රීවිල් එක ඇතුළට එබුවා.. පොර පන්සීය ඉල්ලන්නවත් අපි දිහා බැරිලා බැලුවෙ නැතුව එක පිම්මට යන්න ගියා..[/FONT]


    [FONT=&quot]“දැන් නතර කරපං වෙන ත්‍රීවිල් එකක්.. අපිට හයර් එකත් දීලා කේක් එකකුත් අරන් යන්න පුළුවන්..”[/FONT]


    [FONT=&quot]චමිල අයි ආර් සී භූමිකාව රග දක්වලා ඉවර වෙලා බොහොම තැන්පත් හඩින් කිව්වා.. [/FONT]



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    16.png


    [FONT=&quot]“ඔන්න උඹලා බලන්න ඕන කිව්ව තැනට අපි ආවා.. දැන් බැහැලා හිතේ හැටියට බලපං..[/FONT]
    [FONT=&quot]”[/FONT]

    [FONT=&quot]අපේ වත්ත ඇතුළට ගියපු ගමන්ම මං මතීෂටයි, තාරුටයි කිව්වා.. උන් දෙන්නා මගේ මූණ දිහා බැලුවෙ මහා චාටර් විදියට..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේකෙ මොනවද බං අමුතුවෙන් බලන්න තියෙන්නෙ.. අපිට බලන්න ඕනෙ කිව්වෙ ලොජ් එක..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]උඹලා දෙන්නට බලන්න ඕන කිව්ව ලොජ් එක මේක තමයි.. එදා සර් අපිව එක්කගෙන ආවෙත් මෙහෙට..”[/FONT]

    [FONT=&quot]ඩබල තාම අපේ කතා සත පහකට විශ්වාස කරන පාටක් නෑ.. මතීෂ අපේ දිහා කන්න වගේ බලන් ඉන්න අතරෙ තාරු ටිකක් එහාට ගිහින් කෝල් එකක් ගත්තා.. ඌ සමහර විට සර්ට කතා කරනවද දන්නෑ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මොකක්ද බං මේ හරුපෙ තෙරුම..? මේක හේමන්ත දුනුවිලගෙ ලොජ් එක නං උඹලා කොහොමද මේක රෙන්ට් එකට ගත්තෙ..?”[/FONT]

    [FONT=&quot]තාරු කෝල් එක කට් කරන ගමන් අපේ දිහාට ආවෙ ප්‍රශ්න දෙක තුනක්ම අහගෙන.. ඒ ප්‍රශ්නවලින් නම් තේරෙන්නෙ මිනිහා හරි තැන දැනගෙනයි කියලා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]කාටද කෝල් කලේ කියපංකො..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]සමාධිට.. කෙල්ල හරියටම පාර කිව්වා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එහෙනං අහගනිං.. අපි මේක රෙන්ට් එකට ගත්තෙ නෑ.. හේමන්ත දුනුවිල කියන්නෙ අපේ දුරින් ඥාතියෙක්.. අපි එයා එක්ක කතා කරලා පංති යන්න එන්න ළග නිසා මෙහෙ ඉල්ල ගත්තා..”[/FONT]

    [FONT=&quot]චමලයි, ප්ලූටොයි ඇත්ත කියන්න බයේ ඉන්නවා දැකලා මංම කතාව පටන් ගත්තා.. ඇත්ත කිව්වට ඉතිං සීයට සීයක්ම ඇත්ත නෙමෙයි.. පොඩි කොල විසි කරාට තාම ආසියා මගේ අතේ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එතකොට උඹලා රෙන්ට් එක දහදාහක් ගෙවනවා කිව්වෙ..? ඒක බොරුවක්ද..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]උඹලා දෙන්නා සල්ලි දීලා මෙහෙ නවතින්න එන්නං කියපු නිසයි අපි එහෙම බොරුවක් කිව්වෙ.. මිස්ටර් දුනුවිල කැමති නැහැ තව අය මෙහෙ නවතිනවට..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]බණ්ඩයියෙ.. මුං කියන්නෙ බොරු නේද..? මට නම් තාම විශ්වාස නෑ..”[/FONT]

    [FONT=&quot]ඔන්න ඉතිං බලපල්ලකො.. මේ ගදයො දෙන්නට මේ තරම් සුද්ධ සිංහලෙන් පහදලා දීලත් තව සාක්කි කාරයො හොයනවා.. බණ්ඩයියා මගේ මූණ බලලා මුකුත්ම නොකියා ගෙට රිංගගත්තා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]උඹට ෂුවර් නෑ වගේනං හේමන්ත දුනුවිලගෙන් අහලා බලපං මං කිව්වෙ බොරුද කියලා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]හිරූ කියන්නෙ ඇත්ත බං.. උගේ ඇදුරුම්කමට තමයි අපිත් මෙහෙට ආවෙ.. නැතුව අපි ඔය මනුස්සයව අදුරන්නෙ නෑ.. හිරූෂ කියන්නෙ හේමන්ත දුනුවිලගෙ වයිෆ්ගෙ මාමණ්ඩියගෙ පුතාගෙ පුතා.. මං හරි නේද මචං..”[/FONT]

    [FONT=&quot]චමිල මගේ මූණ බලද්දි මං ටික්ක ඒ නෑ කම ගැන හිතලා බැලුවා.. ඌ කියලා තියෙන එක හරියටම හරි.. ඒ නෑකම ගැන හරියට කල්පනා කරන්න යද්දි මේ හිරූෂ නිකම්ම හේමන්ත දුනුවිලගෙ පුතා වෙලා.. ඒත් ඉතිං හැම වෙලේම පිස්සු කියවන චමිලගෙ ඒ කතාව ගැන මතීෂත්, තාරුවත් වැඩිය හිතුවෙ නෑ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]බේබිලා කාලා යන්න.. දැන් නෝක්කාඩු කියවලා බඩගිනිත් ඇති නොවෑ..”[/FONT]

    [FONT=&quot]ගේ අස්සට රිංගන් හිටිය බණ්ඩයියා කණ සාලෙ තියලා ගිහින් තියෙන්නෙ.. අපේ කතා සේරම එයාට ඇහිලා..[/FONT]

    [FONT=&quot]ලොජ් එකේ කතාව ඇත්ත කියලා දැනගත්තට පස්සෙ මතීෂලට ගේ බලන්න ඕන උනා.. එදා පංතියෙ ආපු සෙට් එක වගේම මේ ඩබලත් බාත් රූම් එක අස්සෙ හිටන් රිංගලා බැලුවා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]උඹලා මේ සීන් එක කලින් දැනගත්ත නිසාද එදා අපි මෙහෙ එන එක නතර කලේ..?”[/FONT]

    [FONT=&quot]තාරු ඇහුවෙ හොද ප්‍රශ්නයක්.. ඒත් ඇත්ත කියලා කොල්ලො දෙන්නෙක්ගෙ හිත රිද්දන්නෙ මොකටද..?[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]සර්ලා එදා එන්නෙ මෙහෙට කියලා අපි දැනං හිටියා.. ඒත් මං උඹලව එදා නයෝමිලගෙ ගෙදර එක්කං ගියේ ඒ නිසා නෙමෙයි.. සර්ගෙ අර ප්‍රශ්නෙ මට විසදගන්න ඕන වෙලා තිබුණ නිසා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එහෙනං ලොජ් එක ගැන කතා කරපු වෙලාවල් වලවත් ඇයි ඇත්ත නොකිව්වෙ..? කිව්වනං අපි සර්ට කියයි කියලද..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]පිස්සුද බං.. අපිට දැන් උඹලා දෙන්නා පිට උන් නෙමෙයි.. අපි කවුරුත් එහෙම හිතන්නෙ නෑ.. ඒත් මිස්ටර් දුනුවිල කිව්වා මෙතන ෆිල්ඩ් එකේ අය විතරක් පාවිච්චි කරන තැනක් නිසා අපි මෙතන ඉන්නවා කියලා කාටවත් කියන්න එපා කියලා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එතකොට දුනුවිල උඹගෙ ඥාතියෙක් නං ඇයි එදා ෂූටිං බලන්න ගිය වෙලාවෙවත් එයා එක්ක කතා නොකලෙ..? මුහුදු පුත්තු දවසෙවත් උඹ වැඩිය කතා කලේ නෑනෙ..”[/FONT]

    [FONT=&quot]මේ තාරකයා එක්ක බේරෙන්න ලේසි වෙන්නෙ නෑ.. මිනිහා හොද රගපාන්න නෙමෙයි රහස් පොලීසියට.. [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එච්චර ක්ලෝස් එකේ කතා කරන්න තරං ෆිට් එකක් නෑ බං.. අපේ අම්මගෙ කීමට තමයි අපිට මෙතන ඉන්න දුන්නෙ..”[/FONT]

    [FONT=&quot]මං ඇත්ත ඇත්ත නෙමෙයි වගේ කියලා දැම්මා.. නැත්තං මුං සමාධිගෙ බඩල් ඇක්ටින් පාරට බැන්නා වගේ අපිටත් බනියිනෙ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඔය කතා ඇති බං.. බණ්ඩයියා අපි කන්න එනකල් බලන් ඉන්නවා.. යමු.. යමු..”[/FONT]

    [FONT=&quot]මෙහෙම ගියොත් මේ සම්මකපේ මේ කතාව ඉවර කරන්න වෙන්නෑ කියලා දැනගෙන චමිලයා බලෙන්ම බත් පිගන් ටික අපේ අත්ටම ගෙනත් දුන්නා.. කෑම කාලා ඉවර වෙනකල්ම මතීෂයි තාරුයි දෙන්නා කලේ කල්පනා කරපු එක..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඒයි.. ෆ්‍රිජ් එකේ ගස්ලබු ඇති කමුද..?”[/FONT]

    [FONT=&quot]අම්බානෙක බත් එක්ක ගිලලා ඉවර වෙද්දිම චමිලයා ඩෙසර්ට් මතක් කලා.. ඌටනං මලාට කෑමක් බීමක් අමතක වෙන්නෙ නෑ.. ටික වෙලාවකට පස්සෙ මිනිහම ගිහින් ඔය කියන ගස්ලබු එක තීරු තීරු කපන් ආවා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]චමී මේක අර පරාක්‍රමබාහු රජ්ජුරුවො කාපු ගෙඩියෙ ඉතුරු කෑල්ලක්ද..?”[/FONT]

    [FONT=&quot]රැලි වැටුණු පරණ ගස්ලබු කෑල්ල ප්ලූටො ඒ මේ අතට හරෝනවා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]පරාක්‍රමබාහු රජ්ජුරුවො..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඔව් බං.. එයා අර ගස්ලබු කෑල්ලක් කකා මිදුලෙ ඇවිදිද්දි කවුද ෆොටෝ එකකුත් අරගත්තලුනෙ.. අර පොළොන්නරුව පැත්තෙ ඒකෙ ප්‍රින්ට් අවුට් එකකුත් අඹලා තියෙන්නෙ..”[/FONT]

    [FONT=&quot]ප්ලූටො මේ අපහාස කරන්නෙ ශ්‍රේෂ්ඨ පුරා වස්තුවකට.. ඒත් ඉතිං පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ තාලෙ තරම් නැති උනත් ශ්‍රී වික්‍රම රාජසිංහ කාලෙ තරම්වත් මේ ගස්ලබු කෑල්ල පරණ ඇති තමයි.. මූ මේක කොහෙ ලෝකෙන් ගෙනත් ෆ්‍රිජ් එකට එබුවද මංදා..[/FONT]

    [FONT=&quot] *******************************[/FONT]

    [FONT=&quot]අපි ඊළග දවස් දෙක තුනම පංති ගිහින් කලේ කපලා කොටලා පිටපත හදපු එක.. සර්ගෙනුත් ඒකට ලැබුණෙ පුදුම සහයෝගයක්.. කොහොම හරි අවසානයෙ අපි ලියාගත්තා මරේ මරු කතාවක්.. තරුණ වයසෙ දග කොල්ලො කෙල්ලො රෑනක වැඩ කෑලි ටිකකුත් දාලා සර් කිව්ව විදියට ආදර්ශයක්ග න්න පුළුවන් ටයිප් එකේ නියම පිටපතක්..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපි ස්ක්‍රීන් ටෙස්ට් එකකුත් තියලා මේකෙ චරිත වලට ගැලපෙන නළු නිළියො තෝරන එකත් ඉක්මනට ඉවර කරමු. මං ඒ වැඩේට මිස්ටර් දුනුවිලටත් එන්න කිව්වා..”[/FONT]

    [FONT=&quot]අපේ තාත්තා ආවොත් නං මට සුළු චරිතෙයක්වත් හම්බවෙන එකක් නෑ.. ඒ කොහොම උනත් සර් පංතියෙ හැමෝවම වගේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ඉදිරිපත් කලා.. පංතියෙ හිටපු පුංචි එවුන් ටිකනං කැමරා ඉස්සරහට ගිහින් හිනාවෙන එක තමයි කලේ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපි මෙහෙම කරමු මාරසිංහ.. මං මේකෙ ප්‍රධාන චරිතෙට හරියන ගෑණු ළමයා තෝරන්නං.. ඔයා ප්‍රධාන නළුවට හරියන කොල්ලෙක් තෝරන්න..”[/FONT]

    [FONT=&quot]මේක නම් වෘත්තිය මට්ටමෙන් කරන නිර්මාණයක් නෙමෙයි හන්දා අපේ තාත්තා මාරසිංහ සර්ට අමුතු යෝජනාවක් කලා.. එහෙම කලේ මමත් මෙතන ඉන්න නිසා කියන එක ෂුවර්..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මට නං යාළුවො අමුතුවෙන් තෝරන්න දෙයක් නෑ.. පංතියෙ ඉන්න දක්ෂම ළමයා මං තෝරගෙන හුගක් කල්..”[/FONT]

    [FONT=&quot]පංතියෙ ළමයි ටික රවුමට බිම වාඩිවෙලා අපේ නිෂ්පාදකතුමයි, අධ්‍යක්ෂකතුමයි දිහා බලාගෙන ඉන්නවා.. වැඩිම උනන්දුවෙන් බලන් හිටියෙ නයෝමි.. ඒත් වැඩ කටයුතු රාශියක් අවසානයේ අපේ තාත්තා ප්‍රධාන නිළිය විදියට තෝර ගත්තෙ සමාධිව.. සර් තෝර ගත්තෙ මාව.. මේකත් හරිම පුදුමයක් තමයි.. නොදැන උනත් දෙන්නා තෝරගෙන තියෙන්නෙ එයාලගෙම ළමයිව..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]දැන් මොකක්ද මේ කතාවට දාපු නම..?”[/FONT]

    [FONT=&quot]හිනාවෙවී පිටපත කියවපු අපේ තාත්තා සර්ගෙන් ඇහුවා.. ඒ වෙද්දි අපි නම් දෙක තුනක් යෝජනා කරලා තිබුණට එකක්වත් ස්ථීර කරගෙන තිබුණෙ නෑ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]කෝ ගමු බලන්න ඔයාලා දාපු නම් ටික..”[/FONT]

    [FONT=&quot]එහෙම කියලාතාත්තා නම් තුනහතරක් තිබුණ කොලේ අතට ගත්තා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේ පිටපතේ හැටියට නං මට හිතෙන විදියට හරියනම නම යොවුන් මාරුතේ..”[/FONT]

    [FONT=&quot]එයා අන්තිමට තොරගත්තෙ නයෝමි යෝජනා කරපු නම.. ඒත් නයෝමිට ඒ නම කියලා තියෙන්නෙ එයාගෙ අම්මා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපි මේ වගේ කටයුත්තක් කරද්දි එකා වගේ කැප වෙලා වැඩ කරන්න ඕනෙ.. කවුරුවත් කාටවත් හොරෙන් කිසි දෙයක් කරන්න බෑ.. ඒ නිසා මං ඔයාලා නොදන්න රහමක් දැන් එළි කරන්නයි හදන්නෙ..[/FONT]

    [FONT=&quot]මංගුරුවරයෙක් විදියට මෙච්චර දවස් නොකියා හිටපු එක වැරදියි.. ඒත් ඔයාලා හැමෝම මගේ දරුවො නිසා මං ඒ ගැන විශේෂයෙන් හිතුවෙ නෑ..[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]සර් කියන්න යන අටමගලෙ මොකක්ද කියලා දන්නෙ නැති සමහරු තක්බීර් වෙලා.. ඕවා කිව්වට අවුලක් නෑ.. දැන් අපි ෆ්ල්ඩ් එකට පය තියන්න සූදානමින් ඉන්න ටැලන්ටඩ් පොරවල්නෙ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඔයාලා දන්නවද මේ සමාධි ලක්ෂිකා කියන්නෙ කවුද කියලා..?”[/FONT]

    [FONT=&quot]අපි පස්දෙනා ගල් බිල්ලො වගේ බලන් ඉද්දි ළමයි ටික නෑ කියන්න වගේ ඔළුව වැනුවා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේ ඉන්න සමාධි මගේ එකම දූ..”[/FONT]

    [FONT=&quot]අපේ තාත්තා ඒ කතාවය අහලා පුදුම වෙයි කියලා බලන් හිටියට එයාට ගාණක්වත් තිබුණෙ නෑ.. ඒ කියන්නෙ තාත්තා මේ ගැන කලින් දැන්න හිටියා කියන එකද.. හැබැයි පංතියෙ ළමයින්ගෙන්නං සූ සද්ධයක් එක පාරටම පිට උනා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එකම දවසෙ හැමදේම දැනගත්තම වැඩක් නෑනෙ.. අපි ඉතුරුව ඊළග දවසෙ දැනගමු..[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]පංතිය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ තා්තතා කියලා දැම්මෙ නැතෑ.. ඒ කියන්නෙ ඊළග දවසෙ මගේ.. පංති ඇරුනා උනත් ළමයි ගොඩක් හිටියෙ සමාධිව වට කරගෙන.. එයාලා කෙල්ලගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඔයා මොකද එදා මේ පංතියට යන පාර දන්නෑ වගේ අපෙන් පාර ඇහුවෙ..?”[/FONT]

    [FONT=&quot]ප්ලූටො බොහොම පුරාණ කතා වස්තුවක් දිගෑරියා.. ඇත්තටම සමාධි පංතියට ආවෙ මේක පටන් අරන් දෙවෙනි දවසෙ.. එයා එදා මාරසිංහ සර්ගෙ පංතිය තියන්නෙ මේ පාරෙද වගේ කතාවක් අපෙන් ඇහුවා නේන්නං..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපේ තාත්තා කලින් පංති කලේ බොරැල්ලෙ.. ඉතිං මේ පංතිය මං හරියට දැනන් හිටියෙ නෑ.. අනික ඔයාලට මං ගැන සැකයක් නොහිතෙන්න තමයි මම පළවෙනි දවසෙ එමෙ දෙයක් කලේ..”[/FONT]

    [FONT=&quot]බලන් යනකොට කෙල්ල මටත් වඩා ග්‍රේට් නේ.. මං බොරුව වහන්න මෙච්චර හැංගුණාට මෙයා බොරුවට පාර අහලා බොරු වයසක් කියලා මුල ඉදලම අපිව විකට ඇදුම් තරගෙකට වගේ අන්දලා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඉතිං ඇයි ඔයා පළවෙනි දවසෙ නෑවිත් දෙවනි දවසෙ ආවෙ..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]පළවෙනි දවසෙ කරන්නෙ නම් ගම් වයස ගැන කතා වෙන එකයි ෆෝම් පුරවන එකයිනෙ.. එදා පංති ආවා නං මාව එදාම ඔයාලට අහුවෙනවා..”[/FONT]

    [FONT=&quot]අපේ පංතියෙත් ඉදලා තියෙන්නෙ මාර හොරු තමයි.. ලොකුම හොරා මං.. අනිකා සමාධි.. නයෝමි උනත් සල්ලිකාරියෙක් කියන එක හංගගෙන හිටියනෙ.. තව කී දෙනෙක් ඔය විදියට වෙස් මූණු දාගෙන ඉන්නවද මංදා..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඕවා ගැන කතා කරලා වැඩක් නෑ.. අපි දැන් යොවුන් මාරුතේ ගැන කතා කරමු..”[/FONT]

    [FONT=&quot]යොවුන් මාරුතේ ගැන මොනවා කතා වෙන්නද.. ඒ ගැන අපි දැනටමත් කතා කරලා ඉවරයිනෙ.. දැන් තියෙන්නෙ මුහුරත් උළෙලට ලෑස්ති වෙන එක.. ඒකෙන් පස්සෙ මං දෙවනි පාරටත් ෆීල්ඩ් එකට පය තියනවා.. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    17.png


    හැන්දෑ වරුවෙ අපි තුන්දෙනා ෂෝටවල් ටිකකුත් දාගෙන මිදුලෙ දොළපාර ළගට වෙලා කයියක් දාගෙන හිටියා.. එතකොටම වච්චට සුදු පාට වෑන් එකක් ඇතුල් උනා.. මළ කෙලියයි.. ඒ මාරසිංහ සර්ගෙ වෑන් එක.. දැන් ඇතුළට දුවලා වැඩකුත් නෑ.. ඉස්සරහට සීට් එකේ ඉදගෙන ආපු සර් අපි තුන්දෙනාව දැකලා ඉවරයි.. අපි ගල් බිල්ලො වගේ බලාගෙන ඉද්දි සර් වෑන් එකෙන් බැස්සා.. ඒ විතරක් නං මැදෑ.. පිටිපස්සෙ දොර ඇරන් බැස්සෙ සමාධි.. කෙල්ල ඉස්සරහ මේ ජංගි කොටේ ගහගෙන ඉන්න මොකක්ද වගේ..

    [FONT=&quot]“සර්.. එනන් ගෙට.. අපි ඇදුමක් දාගෙන එන්නම්..”[/FONT]


    [FONT=&quot]සර්වයි, සමාධිවයි ගෙට එක්කගෙන ගිහින් අපිත් ටී ෂර්ට් තුනක් දාගත්තා.. දැන් සර් කතා කරන කල් කිරිමැටි ගිලපු කිඹුල්ලු වගේ බලාගෙන ඉන්නයි තියෙන්නෙ..[/FONT]


    [FONT=&quot]“ඔයාල දෙන්නත් ඉන්නෙ මෙහෙද..? මං ඒක දැනන් හිටියෙ නෑනෙ..”[/FONT]


    [FONT=&quot]සර් ඒක කිව්වෙ චමිලයි, ප්ලූටොයි දිහා බලාගෙන.. ඒ කියන්නෙ මං ඉන්නෙ මෙහෙ කියලා සර් දැන්ං හිටියද..?[/FONT]


    [FONT=&quot]“හිරූෂ පුතා.. කෝ තාත්තා ආවෙ නැද්ද..?”[/FONT]


    [FONT=&quot]යකෝ.. මේ මොනවද මෙයා අහන්නෙ.. මේවට කොහොම උත්තර දෙන්නද මංදා..[/FONT]


    [FONT=&quot]“මං ඔයාලගෙ තාත්තා මීට් වෙන්න ඕන කිව්වම එයා හවස ලොජ් එක පැත්තෙ එනවා කිව්වා.. ඒකයි මං මෙහෙට ආවෙ..”[/FONT]


    [FONT=&quot]සර් තනියෙම කතා කරනවා.. අපි තුන්දෙනා වගේම සමාධිත් පුදුම වෙලා සර් දිහා බලන් ඉන්නවා.. අපේ කවුරුත් කට අරින්න කලින්ම අපේ තාත්තත් හිතපු නැති විදියට ගෙට ඇතුල් උනා..[/FONT]


    [FONT=&quot]“ආ.. ඔයාලා මටත් කලින්ම ආවද..? දැන් කට්ටිය අදුරගත්තද..?”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට ගින්න දීලා තියෙන්නෙ අපේ තාත්තද..? ෂිකේ.. එයත් කරලා තියෙන්නෙ හරි ෂෝක් බලු වැඩක් නෙ..[/FONT]


    [FONT=&quot]“අපි මේ ආවා විතරයි.. කොහේ අදුරගන්නද..? මේ ළමයි කතා කරන්නත් බැරි තරමට බය වෙලානෙ..”[/FONT]


    [FONT=&quot]“තාත්ති.. හිරූෂ කියන්නෙ දුනුවිල අන්කල්ගෙ පුතාද..?”[/FONT]


    [FONT=&quot]සමාධි අපේ තාත්තා දිහායි මගේ දිහායි මාරුවෙන් මාරුවට බලලා ඇහුවා.. කෙල්ල හිතන්න නැතුව ඇති මමත් එයා වගේම සෙල්ලමක් කරයි කියලා.. [/FONT]


    [FONT=&quot]“ඔව් දූ.. මේ හොර කොල්ලා මගේ පුතා තමයි.. එයත් මෙච්චර කල් හිටියෙ ඔයා වගේ හැංගි මුත්තං කර කර..”[/FONT]


    [FONT=&quot]අපේ තාත්තත් ඒ කතාව දන්නවද.. මේ තාත්තලත් වෙලාවකට පුදුම කතානෙ කියන්නෙ.. අපිට වචනයක්වත් කියන්න ඉඩ නොදී තාත්තලා දෙන්නා අල ගිය, වැල ගිය, මුල ගිය සේරම දේවල් ගැන කියවන්න ගත්තා.. දැන් ඉතිං සමාධි මේක හෙට පත්තරේ හෙඩ් ලයින් වලට දාලා බෙදා හරියි.. [/FONT]


    [FONT=&quot]“අපේ පුතාට මං හරියට ඉගෙනගෙන ෆිල්ඩ් එකට එන්න කිව්වට මිනිහා පිට කෙනෙක්ගෙ ඩ්‍රාමා එකකින් එන එක ගැනත් මට පොඩි දුකක් තිබ්බා.. ඒත් දැන් එහෙම නෑ.. මේ ටෙලිය කරන්නෙ අපි දෙන්නමනෙ..”[/FONT]


    [FONT=&quot]තාත්තටත් එහෙනං ඊරිසියාව කියන එක තියෙනවා.. ඒක වෙන්න ඇති සර් මේකෙ ඩිරෙක්ටර් විදියට එන්න කියපු ගමන්ම වැඩේට කැමති උනේ..[/FONT]


    [FONT=&quot]“හිරූ.. බණ්ඩයියෙ.. අද උඹලගෙ ගෙදර පාටියක්ද..? කවුද මේ වාහනවල ඇවිත් ඉන්නෙ..?”[/FONT]


    [FONT=&quot]එළියෙන් ඇහුනෙ තාරුගෙ කටහඩ.. මේ වෙලාවෙම මූන් දෙන්නත් කඩන් පාත් උනානෙ අම්මපා.. ගෙට අඩිය තියපු ගමන්ම ඇතුලෙ හිටපු කට්ටිය දැකලා උන් දෙන්නා ඩිම් උනා.. ඒත් ඒ තරං බය වෙන්න දෙයක් නෑ.. ඩබල දැනටමත් කතාවෙන් සෑහෙන කොටසක් දන්නවනෙ..[/FONT]


    [FONT=&quot]“උඹලා අපිටත් හොරෙන් ෂූටිං පටන් ගත්තද..?”[/FONT]


    [FONT=&quot]මගේ කණට කරලා මතීෂයා මාර කතාවක් කිව්වා.. නිෂ්පාදක, අධ්‍යක්ෂක වගේම ප්‍රධාන නළු නිළි දෙපලත් මෙතන ඉන්න නිසා එහෙම හිතුවත් වරදක් නෑ තමයි..[/FONT]


    [FONT=&quot]“මොන ෂූටිංද බං.. මෙයාලා අපිව ඊටිං..”[/FONT]


    [FONT=&quot]මං මතීලවත් අපේ ළගින් ඉන්දවගන්න ගමන් කිව්වා..[/FONT]


    [FONT=&quot]“ඇයි ෆිල්ම් එකට ගේ ඉල්ලන්නවත් ඇවිත්ද..?”[/FONT]


    [FONT=&quot]ගේ ඉල්ලුවනං දීලා යන්න බැරියෑ.. මෙහෙම සභාව මැද්දෙ තියලා නිර්වස්ත්‍ර කරන එකනෙ කාලා ඉන්න බැරි..[/FONT]


    [FONT=&quot]“එහෙනං යාළුවො ටිකට කතා කරන්නත් දේවල් ඇතිනෙ.. අපි යන්නං..”[/FONT]


    [FONT=&quot]තාත්තයි මාරසිංහ සර්රුයි පුටුවලින් නැගිටිද්දි තමයි සමාධි මහා අමුතු විදියට බැල්මක් දාලා මං දිහා බැලුවා.. තාත්තලා දොර ගාවට ගියත් කෙල්ල පුටුවෙන් නැගිට්ටෙ නෑ..[/FONT]


    [FONT=&quot]“දූ..”[/FONT]


    [FONT=&quot]“අනේ තාත්තා.. මං තව ටිකක් වෙලා ඉදලා එන්නම්කො..”[/FONT]


    [FONT=&quot]මේ කෙල්ලට පිස්සු හැදිලද..? කොල්ලො සෙට් එකක් විතරක් ඉන්න තැනි එයාව දාලා යන්නෙ කොහොමද කියන්න වගේ සර් අපි දිහා බැලුවා..[/FONT]


    [FONT=&quot]“මහත්තයා බයවෙන්න කාරි නෑ.. මං චූටි බේබිව තව පැයකින් විතර ගෙදරටම ගෙනැල්ලා ඇරලන්නම්කො..”[/FONT]


    [FONT=&quot]තාත්තා කෙනෙක් වගේ හිටපු බණ්ඩයියා සමාධිගෙ වගකීම බාරගත්තා විතරයි කෙල්ලට ලස්සන හිනාවක් ගියා.. ඔන්න ඔහොම බෝනික්කෙක් වගේ හිනාවෙලා ඉද්දි ඔයා කොච්චර ලස්සනද බබා..[/FONT]


    [FONT=&quot]තාත්තයි සර්රුයි දෙන්නම පිටවෙලා ගියාට පස්සෙ මතීෂයි, තාරුයි දෙන්නා වයින් කරපු කුරුමිණියො දෙන්නා වගේ ගෙට ආවා.. මෙතන පෙන්නපු ගෝනි එළුවා මොකාද කියලා උන්ට හිතාගන්න බැරුව ඇති..[/FONT]


    [FONT=&quot]“දුනුවිල අන්කල් ඔයාගෙ තාත්තා කියලා ඇයි මට කලින් නොකිව්වෙ..?”[/FONT]


    [FONT=&quot]සමාධි අහපු ප්‍රශ්නෙට තරුගෙ ඇස් නළලටත් වඩා උඩ ගිහිල්ලයි නතර උනේ..[/FONT]


    [FONT=&quot]“ඔයා මාරසිංහ සර්ගෙ දුව කියලා ඇයි මට නොකිව්වෙ..?”[/FONT]


    [FONT=&quot]මමත් අන්කල් පාට් එකෙන්ම තවත් ප්‍රශ්නයක් ඇහුවා.. ඒ අස්සෙ මතීෂයි, තාරුයි දෙන්නා චමිලවයි, ප්ලූටොවයි තියාගෙන ප්‍රශ්න තොගයක් අහනවා..[/FONT]


    [FONT=&quot]“අපි ටික්ක එළියට යමුද..?”[/FONT]


    [FONT=&quot]කෙල්ල ඒක ඇහුවෙ මගේ අතකින් අල්ලගෙන.. මගේ පැත්තක්ම නිකං හිරිවැටුනා වගේ.. අපි කට්ටියව මගෑරලා මිදුලෙ තිබුණ ලොකු ගහක් යටින් ඉදගත්තා..[/FONT]


    [FONT=&quot]“ඇයි තාත්තලා එක්ක ඔයා නොගියෙ..?”[/FONT]


    [FONT=&quot]“මට ඔයා එක්ක කතා කරන්න ඕන නිසා..”[/FONT]


    [FONT=&quot]“මොනවා ගැනද..?”[/FONT]


    [FONT=&quot]“අපි ගැන..?”[/FONT]


    [FONT=&quot]සමාධි පුංචි පූස් පැටියෙක් වගේ ඒක කියපු තාලෙට මට කෙල්ල ගැන ලොකු ආදරයක් හිතුණා..[/FONT]


    [FONT=&quot]“අපි දේනනම මෙච්චර කල් හැංගි මුත්තං කලානෙ.. ඉතිං මං කෙලින්ම කාරණේට බහින්නම්කො..”[/FONT]


    [FONT=&quot]මං බහින්න හැදුවෙ මොනවගේ කාරණේකටද කියලා කෙල්ලට හිතාගන්න බැරිවෙලා..[/FONT]


    [FONT=&quot]“සමාධි.. නංගි මේ බලන්නකො මගේ දිහා..”[/FONT]


    [FONT=&quot]බලන්න කිව්වට කෙල්ල විහිළුවටවත් මගේ දිහා බැලුවෙ නෑ.. එයා කලේ මගේ අත තද කරලා අල්ලගෙන බිම බලන් හිටපු එක විතරයි..[/FONT]


    [FONT=&quot]“බබා.. මේ..?”[/FONT]


    [FONT=&quot]ඒ පාර නං ඒ ලස්සන ඇස් මගෙ මූණට එබුණා..[/FONT]


    [FONT=&quot]“ඔයා මට ආදරෙයිද..?”[/FONT]


    [FONT=&quot]ඔය ආදරේ වගේ දේවල් ගැන කෙල්ලෙක්ගෙන් අහන්න ඕන විදිය මං දැනන් හිටියෙ නෑ.. මොකද මට ඒ ගැන එක්ස්පීරියන්ස් එකක් නෑනෙ.. මං සමාධිගෙන් ඒක අහපු විදිය චමිලයට එහෙම ඇහුනනං ඌ උඩ පැන පැන හිනාවෙයි..[/FONT]


    [FONT=&quot]“මුලින්ම කියන්න.. ඔයා මට ආදරෙයිද..?”[/FONT]


    [FONT=&quot]මගේ ගොන් ප්‍රශ්නෙ බූමරංගයක් කරලා කෙල්ල මගේ පැත්තටම හරවලා එව්වා..[/FONT]


    [FONT=&quot]“මං ඔයාට ආදරේ කලේ දවසක් අර කොල පාට බෝ ගැට ගහපු ගවුමක් ඇදලා දාඩිය පෙරාගෙන බස් එකෙ එනවා දැකපු දවසෙ ඉදලා..”[/FONT]


    [FONT=&quot]ඒ කතාවට කෙල්ල එදා වගේම රතු උනා.. ඇත්තනෙ අප්පා.. එදා මෙයා මාව පිස්සු වැට්ටුවනෙ..[/FONT]


    [FONT=&quot]“මමත් ඔයාට ආදරේ කලේ ඒ දවස්වල ඉදලම තමයි.. ඒත් මගේ බොරුව නිසා මට ඔයාට ළං වෙන්න විදියක් තිබුණෙ නෑ..”[/FONT]


    [FONT=&quot]මමත් ඉතිං හූල්ල හූල්ල හිටියෙ ඔය හින්දමනෙ.. අක්කා කෙනෙක්ගෙන් කටක් ඇරලා ඔය විදියෙ දෙයක් අහන්න පුළුවන්ද..?[/FONT]


    [FONT=&quot]“එක්ස්කියුස් මී..”[/FONT]


    [FONT=&quot]කවුද යකෝ මේ කඩන් පාත් උන මැනර්ස් කාරයා.. මං ඔළුව උස්සද්දි මගේ ළග හිටිගෙන හිටියෙ හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්.. ඒ තමයි නෙතුෂි.. මෙයා මොකටද මෙහෙ ආවෙ..[/FONT]


    [FONT=&quot]“මිස්ටර් දුනුවිල මෙහෙ ආවද..?”[/FONT]


    [FONT=&quot]කෙල්ල සමාධි දිහා බලන ගමන් මගෙන් ඇහුවා..[/FONT]


    [FONT=&quot]“තාත්තා ගෙදර ගියා.. ඇයි..?”[/FONT]


    [FONT=&quot]“අයියෝ.. මං මේ එයාව මීට් වෙන්න ගෙදරට ගිහින් එන ගමන්.. එහේ සර්වන්ට් කිව්වා එයා මෙහෙ ආවා කියලා..”[/FONT]


    [FONT=&quot]මහා අමුතු විදියට කටත් උල් කරලා ඒකි කතා කරපු තාලෙට මට තද උනා.. ඔය සර්වන්ට් කියලා කිව්වෙ අපේ යසෝ අක්කට වෙන්න ඇති.. මං ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ සමාධිගෙ අතිනුත් අල්ලගෙන..[/FONT]


    [FONT=&quot]“වෙරි සොරි හිරූෂ.. ඔයා මිස්ටර් දුනුවිලගෙ පුතා කියලා මං කලින් දැන්න හිටියෙ නෑ.. ඒකයි මං එදා ලුම්බිණියෙදි කතා නොකලෙ..”[/FONT]


    [FONT=&quot]මේ මළ යක්ෂනී වෙලාවටම මෙතනට ආවනෙ.. ඉදලා ඉදලා සමාධිගෙ ආදරේ අත් දෙකටම ලැබුණ වෙලාවෙ මෙයා ඒකවන කරන්න හදනවා.. අපේ ගේ ඇතුලෙ හිටපු එවුනුත් මැරිලද මන්දා..?[/FONT]


    [FONT=&quot]“මේ හලෝ.. මං කාගෙ කවුරු උනත් තමුසෙට වැඩක් නෑනෙ.. තමුසෙ කොහොමත් පීචං විදියට මාකට් වෙන.....”[/FONT]


    [FONT=&quot]මට ඉතුරු ටික කියන්න නොදී සමාධි මගේ කට අතින් වැහුවා..[/FONT]


    [FONT=&quot]“ඔයා ආවෙ මිස්ටර් දුනුවිල මීට් වෙන්නනෙ.. අන්කල් මෙහෙ නෑ.. කරුණාකරලා ගෙදර ගිහින් එයාව මීට් වෙන්න.. ඔයාට හිරූෂ එක්ක කතාවක් නෑනෙ..”[/FONT]


    [FONT=&quot]සමාධිගෙ උච්චර ස්වරේට තමයි ගේ ඇතුලෙ හිටපු අපේ ගෝතයො හතර දෙනා බණ්ඩයියත් එක්ක එළියට ආවෙ.. උන් බලනවා ඇති ප්‍රධාන නිලියො දෙන්නෙක් දෙපැත්තෙ තියාගෙන යොවුන් මාරුතේට කලින් මං රගපාන ෆිල්ම් එක මොකක්ද කියලා.. කේන්තියෙන් පුපුරපු නෙතුෂිගෙ ඇස් දෙක එක පාරටම ගෙයින් එළියට ආපු කට්ටිය දිහාට හැරුණා..[/FONT]


    [FONT=&quot]“බණ්ඩාර.. කවුද මේ ජරා කෙල්ල..? මේකි මොකද අපේ හිරූෂ එක්ක කරන්නෙ..?”[/FONT]


    [FONT=&quot]ඉස්සර මාව දැක්කමත් ගණන් උස්සපු බඩුව දැන් කට්ටිය මැද්දෙ මට අයිතිවාසිකම් කියන්න එනවද කොහෙද..? ඒ කියන්නෙ මේකිට ඕනෙ අධ්‍යක්ෂකවරයෙක්ගෙ පුතෙක් මිසක සාමාන්‍ය කොල්ලෙක් නෙමෙයි.. හැබැයි ඉතිං සමාධිට ජරා කෙල්ල කිව්වා විතරයි මගේ නං යක්ෂයා ආරූඪ උනා.. සමාධි මං එක්ක මොනව කලත් මේකිට මොකෝ..[/FONT]


    [FONT=&quot]“ඔය බේබි අපේ මාරසිංහ මහත්තයගෙ දූ.. එයා තමයි අපේ හිරූෂ බේබිව බදින්න ඉන්නෙ..”[/FONT]


    [FONT=&quot]සමාධිගෙයි මගෙයි දිහා බලලා යමක් තේරුම් ගත්තු බණ්ඩයියා දුන්නෙ මරු උත්තරයක්.. ඒක අහලා නෙතුෂිට වගේම අපේ හාදයො හතර දෙනාටත් හුස්ම හිර උනා..[/FONT]


    [FONT=&quot]“හොදින් කියන්නෙ තමුසෙ මෙතනින් යනවද..? නැත්තං මං එළියට ඇදලා දාන්නද..?”[/FONT]


    [FONT=&quot]නෙතුෂි මගේ සද්දෙට අඩි දෙකක් පස්සට විසි උනා මිසක් ගියේ නෑ.. පහුගිය ටිකේ ඉන්ටර්නෙට් එකේ කාගෙන් සුනදරී රගදක්වලා දැන් එනවා මෙතන අනුන්ට පද හදන්න..[/FONT]


    [FONT=&quot]“බණ්ඩයියෙ.. වෑන් එකේ යතුර ගේන්න..”[/FONT]


    [FONT=&quot]සමාධිව වෙලාවට ගෙදර දාන්න ඕන නිසා මං කියද්දිම බණ්ඩයියා නැගලා වාහනෙත් ස්ටාට් කරලා ඉවරයි.. මෙයත් හරියට එවරෙඩි පූසා වගේ..[/FONT]


    [FONT=&quot]“මචං මෙයා හතර දෙනාටම කැමති වෙන ජාතියෙ එකක්.. උඹලා කැමති විදියට ෂෙයා කරගනිල්ලා..”[/FONT]


    [FONT=&quot]චමිලට නෙතුෂිව පෙන්නලා මං සමාධිවත් තුරුල් කරන් වෑන් එක ළගට ගියා..[/FONT]


    [FONT=&quot]“හිරූ.. ඔහොම හිටපං..”[/FONT]


    [FONT=&quot]චමිල දුවගෙන ආවෙ නෙතුෂිට බයේද දන්නෑ.. ඒත් ඌ මගේ ළගට ඇවිත් සමාධි දිහාත් බලලා ඇහුවෙ මාර ප්‍රශ්නයක්..[/FONT]


    [FONT=&quot]“අර බණ්ඩයියා කිව්වෙ ඇත්තද බං..? උඹලා දෙන්නා බදිනවද..?”[/FONT]


    [FONT=&quot]“ඔව්.. ඇයි නරකද..? අපේ තාත්තලා දෙන්නා තමයි සාක්කියට අත්සන් කරන්නෙ..”[/FONT]


    [FONT=&quot]“එහෙනං උඹ ගිහින් ඔය වීනස්ව අරලලා වරෙන්කො.. අපි මේ උල්කාපාතෙ ගැන බලාගන්නම්..”[/FONT]


    [FONT=&quot]බණ්ඩයියා වාහනේ පාරට ගනිද්දිම ප්ලූටොත් මහ හයියෙන් කෑ ගැහුවා.. උන් ටික ඕන මරාලයක් කරගත්තාවෙ.. මං බණ්ඩයියට හොරෙන් සමාධිගෙ කරට අතක් දාගත්තා..[/FONT]


    [FONT=&quot]“සමාධි.. ඇයි මේ හදිස්සියෙම මට ආදරෙයි කියන්න හිතුවෙ..?”[/FONT]


    [FONT=&quot]“තව පරක්කු උනා නං ඔය දැන් ආවා වගේ උල්කාපාතෙකට ඔයා යටවෙන නිසා..”[/FONT]


    [FONT=&quot]එයත් ප්ලූටොගෙ බාසාවෙන්ම උත්තර දිලා මගේ උරහිසට හේත්තු උනා..[/FONT]


    [FONT=&quot]අහන්න දේවල්, කියන්න දේවල් කොයි තරම් තිබුණත් මට වචනයක් මතක් උනේ නෑ.. සමාධිගෙ ඔළුවෙන් එන ඕඩිකොලොන් සුවද මගේ හිත පිස්සු වට්ටලා.. එයාගෙ ලා රෝස පාට කම්මුලට කිස් එකක් දෙන්න හිතුනත් මං ඒ ගැහීම යටපත් කරගත්තෙ වාහනේ මැද කණ්නාඩියෙන් බණ්ඩයියට අපිව පේන නිසා..[/FONT]


    [FONT=&quot]“හිරූ..”[/FONT]


    [FONT=&quot]“ම්..”[/FONT]


    [FONT=&quot]කෙල්ල මොකක්දෝ ලොකු දෙයක් අහන්න හදනවා කියලා මට ඉවෙන් වගේ තේරුණා.. මං එයාගෙ මූණ මගේ පැත්තට හරවගත්තෙ ඒ දේ දැනගන්න..[/FONT]


    [FONT=&quot]“ඔයා කොහොමද නෙතුෂිව අදුරන්නෙ..?”[/FONT]


    [FONT=&quot]“මං එයාව අදුරන්නෙ නෑ බබා..”[/FONT]


    [FONT=&quot]“එහෙනං එයා කිව්වෙ අර ලුම්බිණියෙ කතා කරපු එකක් ගැන..”[/FONT]


    [FONT=&quot]සමාධිත් එහෙනං පොයින් එක අල්ලගෙන.. ඒත් නෙතුෂි කිව්වෙ කතා කරපු එකක් ගැන නෙමෙයි කතා නොකරපු එකක් ගැනනෙ..[/FONT]


    [FONT=&quot]“නෑ.. අපි දවසක් ලුම්බිණියෙ ඩ්‍රාමා එක්ක බලන්න ගිය වෙලේ ඔය කෙල්ල එතන හිටියා.. එයා හිතං ඉදලා තියෙන්නෙ අපි එයා එක්ක කතා කරන්න හැදුවා කියලා.. එයාගෙ හැටි ඔයත් දන්නව ඇතිනෙ..”[/FONT]


    [FONT=&quot]“ඕං බේබි ලොකු මහත්තයා මෙහෙ ඇවිල්ලා..”[/FONT]


    [FONT=&quot]අපි දෙන්නගෙ කතාව එක පාරට නතර උනේ බණ්ඩයියගෙ සද්දෙට.. මේ මනුස්සයා පුදුම ඉක්මනට සමාධිලගෙ ගේ ළගටත් ඇවිත්නෙ.. ඒ මදිවට අපේ තාත්තගෙ වාහනෙත් ගේට්ටුව අයිනෙ නතර කරලා..[/FONT]


    [FONT=&quot]“බේබි ගිහින් චූටි බේබිව බාරදීලා එන්න.. මං වාහනේට වෙලා ඉන්නම්..”[/FONT]


    [FONT=&quot]බණ්ඩයියා, සමාධිට අලුත් නමක් දාලා.. කොහොමටත් සමාධි කියන්නෙ හුරතල් චූටි බබෙක් තමයි..[/FONT]


    [FONT=&quot]“මට බයයි හිරූ..”[/FONT]


    [FONT=&quot]මෙන්න බොලේ සමාධිට එයාලගෙ ගෙදර යන්න බයයිලු.. ඒත් අපි බය වෙන්න තරම් වැරැද්දක් කරලා නෑනෙ.. මං කෙල්ලගෙ අතින් අල්ලගෙනම ගෙට ඇතුල් වෙද්දි සාලෙ පුටු දෙකක ඉදගෙන කතා කර කර හිටපු තාත්තලා දෙන්නා එයාලගෙ කතාව නතර කලා..[/FONT]


    [FONT=&quot]“මං ඉස්සර කිව්වෙ නැද්ද මාරසිංහ අපේ දෙන්නා ලොකු උනාම ස්ක්‍රීන් එකට මැච් වෙන අයිඩියල් කපල් එක්ක වෙයි කියලා..[/FONT]
    [FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මමයි සමාධියි අත් දෙක අල්ලගෙන ඉන්නවා දැකලා තාත්තා කිව්වෙ හිනා වෙවී..[/FONT]


    [FONT=&quot]“[/FONT]
    [FONT=&quot]ඒත් දුනූ මේ දෙන්නා කපල් එක්ක වෙලා තියෙන්නෙ ස්ක්‍රීන් එකට විතරක් නෙමෙයිද කොහෙද.. මට පේන්නෙ අපි දෙන්නත් නෑදෑයො වෙන්න යන්නෙ..”[/FONT]

    [FONT=&quot]මාරසිංහ සර් හැමදේම තේරුම් අරගෙන කියපු කතාවට සමාධීගෙ මූණ රතු උනා.. මමත් හොර ඇහෙන් අපේ තාත්තා දිහා බැලුවෙ එයාට කේන්ති ගිහින්ද කියලා බලන්න..[/FONT]


    [FONT=&quot]“[/FONT]
    [FONT=&quot]හැබැයි දරුවො අපේ එකා හරි හදිස්සිකාරයා.. කිසිදෙයක් හොයන්න බලන්න නැතුව කලබල වෙනවා.. මතකයිනෙ ඔයයි තාත්තයි ගැනත් හිතලා තිබුණ දේවල්..”[/FONT]

    [FONT=&quot]අපේ තාත්තගෙ කතාව මාරසිංහ සර් මග නතර කලා..[/FONT]


    [FONT=&quot]“[/FONT]
    [FONT=&quot]එහෙම කියන්න එපා දුනූ.. කොල්ලො හරි.. එයා කලබල උනාට හැමදේම නූලට හොයාගත්තනෙ.. ඒක තමයි වෙන්න ඕන.. මං නං කැමතියි මේ හාදයා මගේ බෑණා වෙනවට..”[/FONT]

    [FONT=&quot]“[/FONT]
    [FONT=&quot]ඇයි ඔයා විතරක්.. මමත් කැමතියි මේ පුංචි කෙල්ල මගේ ලේලි වෙනවනං..”[/FONT]

    [FONT=&quot]එතනින් එහා කියපු කිසි දෙයක් සමාධියටයි මටයි ඇහුණෙ නෑ.. අපි දෙන්නම ගිහින් තාත්තලගෙ කකුල් ඉස්සරහ දණ ගහලා වැන්දා.. [/FONT]


    End.gif

     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    එළ එළ. අපේ ජීවිත වලත් මේ වගේ ලස්සනට කතාව ගලාගෙන යනවනම් කොච්චර හොදද බං...
    :-) :D