෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -

    Cover-1.jpg


    01.png



    මහ සයුරේ හෝ හඩ පරදා සිතුමිණිගේ හැඩුම් හඩ උස්ව නැගෙන්නට විය.. ඈ උන්නේ රඛිතගේ උරයේ හිස හොවා ගනිමිනි..

    “මට ගෙදර යන්න බෑ රඛිත.. මාව කොහේ හරි අරගෙන යන්න..”

    ඈ අවසන් මොහොතේ ඉල්ලීමක් කළාය.. තමා සිතුමිණීට ආදරය කළද මෙතරම් ඉක්මනට ඇයව තමා ළගට ගැනීමට හැකියාවක් නොමැති බව රඛිත දැන උන්නේය.. ඔහුගේ සිතේ වූයේ වෙනස්ම සැලැස්මකි.. ඔහු එම සැලැස්ම කපා කොටා සාධාරණිකරණය කර සිතුමිණීට පවසා තිබිණි..

    “මං කිව්ව විදියට වැඩ කරන්න සිතූ.. අපේ වෙන්වීම තාවකාලිකයි.. මං ඉක්මනට ඔයාව මගේ ළගට ගන්නවා..”

    “ඒත්.. ඒත් ඔයාට කවදහරි බාර ගන්න වෙන්නෙ කසාද බැදලා ඩිවෝස් වෙච්චි ගෑණියෙක්..”

    අගේ කතාවට රඛිතගේ මුවග සිනාවක් ඇදී මැකී ගියේය..

    “නෑ.. කසාද බැදලා ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්.. මතකනේ මං කියපු දේවල්..”

    රඛිත කී දෑ ඒ ආකාරයෙන්ම පිළිපැදිය හැකි වේ දැයි සිතුමිණී තුළ වූයේ අවිශ්වාසයකි.. නමුත් තම දෙමාපියන්ට පාඩමක් ඉගැන්වීමට නම් එය එසේ කළ යුතු බව ඈ දැන උන්නාය..

    “ඔයාලගෙ ගෙදරින් මට කැමති නැත්තෙ මං තාම නිකමෙක් කියලනෙ.. මං හැදෙන්නං සිතූ.. ඔයා වෙනුවෙන් මං තැනකට එන්නම්..”

    සිතුමිණී අත රැදි ඔරලෝසුව මත දෑස් දිවෙව්වාය..

    “ඔයා දැන් යන්න පැටියො.. මං වෙඩින් එකට එන්නම්..”

    තමා වෙනකෙකුගේ අත ගෙන රඛිත දෙස බලන්නෙ කෙසේදැයි සිතුමිණිට සිතාගත නොහැකි විය.. නමුත් දැන් වෙනත් විකල්පයක් ඉතිරිව ඇත.. එහෙයින් සමුගැනීමට පෙර අවසන් වතාවට ඈ රඛිතගේ නළලත හාදුවක් සටහන් කළාය..

    ත්‍රීවිලයක නෑගි සිතුමිණි නැවතත් රූපලාවන්‍යාගාරය වෙත පැමිණෙද්දී ඈ කැටුව යාමට රියදුරු පැමිණ නොතිබිණි.. තමා වෙලාවට පැමිණීම ගැන ඈ සතුටු වූවද රඛිත සිහිවෙද්දී ඇගේ පපුව පිච්චී ගියේය.. තමා රඛිතට ආදරය කරන තමට ඔහු තමාට ආදරේ නැතැයි වරෙක ඇයට සිතේ.. නොවේනම් මෙතරම් දුක් විය යුතු මොහොතක ඔහුගේ ඇසින් එකදු කදුළක් හෝ නොවැටුණේ ඇයි..?

    “පොඩි බේබි.. වැඩේ ඉවරද..?”

    ඈ පියවි සිහියට පැමිණියේ නිවසේ රියදුරුගේ කටහඩිනි.. ඔහු විමසා සිටි වැඩය වූයේ තමාට අදට නියමිතව තිබූ පේෂල් එක වුවද තමා අවසන් කළේ වෙනත් වැඩක් බව සිතුමිණිට සිහිවිය..

    “ඔව් සිරිපාල මාමා.. සේරම ඉවරයි..”

    ඇය පිළිතුරු බැන්දේ හැම දේටම සරිලන පරිද්දෙනි.. සිතුමිණි කළ හොර වැඩය නොදැන උන් සිරිපාල සිනාසී රිය පණ ගන්වා ගත්තේය..

    “කෝ බං.. අද නං ෆේෂල් කරපු පාටක් පේන්න නෑ.. මට පේන්නෙ උඹ අඩලා වගේ..”

    නිවසට පැමිණ රථයෙන් බැස ගත් පසු සිතුමිණිගේ මුහුණ පිරික්සූ අංජුලා කීවාය.. ඈ සිතුමිණීගේ සමීපතම යෙහෙළියකි..

    “මං අඩපු ඇති එකක් නෑ.. උඹට පිස්සු..”

    සිතුමිණි එසේ කීවද දහතුන් වසරක් පුරාවට ආශ්‍රය කළ තම මිතුරියගේ පුංචි වෙනසක් වුවද හදුනා ගත හැකි ඉවක් අංජුලාට තිබිණි..

    “සිතූ.. මට ඇත්ත කියපං.. උඹ රඛිතව මීට් උනාද..?”

    සිතුමිණි සිනාසුනා පමණයි.. ඒ දුටු අංජුලා මුහුණට තරවටු බැල්මක් නගා ගත්තාය..

    “ඕක තමයි මං මෙච්චර එන්න හදද්දිත් එන්න එපා කිව්වෙ.. සිතූ.. උඹ සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක..”

    මිතුරිය යමක් පවසන්නේ දුර දිග කල්පනා කිරීමෙන් බව දන්නා සිතුමිණි ඇය සමග තර්ක කිරීමට ගියේ නැත.. ඉන් අංජුලා වඩාත් දිරි ගත්තාය..

    “ඇන්ටිලගෙ හිත රිදෙන වැඩ කරන්න එපා බං.. පව් ඒ මිනිස්සු..”

    “ඒ මිනිස්සු විතරද පව්..? ඇයි මං පව් නැද්ද..? ආ අංජු.. මං පව් නැද්ද..?”

    සිතුමිණී එය ඇසූ තාලයට අංජුලාට දුක නොසිතුනා නොවේ.. තම මිතුරිය රඛිතට පණ මෙන් ආදරය කළ වග වඩාත් හොදින් දැන උන්නේ ඇයයි..

    “උඹ ඔච්චර අකමැත්තෙන් ඉදලත් අන්තිමේදි මේ කසාදෙට කැමති උනේ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ..”

    ඒක ඇත්තක් විය හැක.. රඛිත හා තමා අතර වූ සැලැස්ම සිතුමිණී, අංජුලාගෙන් වසන් කළාය..

    “තව දවස් දෙකකින් උඹ සංදීපගෙ.. ඒක අමතකන කරන්න එපා..”

    සංදීප.. ඒ නම ඇසෙත්ම සිතුමිණි තිගැස්සී ගියේය.. මෙතුවක් හරි හැටි මුහුණවත් බලා නොතිබූ ඔහු වැන්නෙක් සමග ජීවත් වීම කෙසේ විය හැකිද..? සිතුමිණි මොහොතකට සංදීපගේ රුව මවා ගැනීමට උත්සාහ කළාය.. නමුත් ඒ උත්සාහය සාර්ථක වූවා නොවේ.. ඇගේ සිතේ ජීවත් වූ එකම මිනිසා රඛිත පමණයි..

    “සිතූ.. මට ඇත්ත කියපං.. අවංකවම..”

    අංජුලා අසන්නට යන වැදගත් කාරණය කුමක්දැයි සිතුමිණීට වැටහුනේ නැත.. ඈ සිය යෙහෙළිය දෙස බලා උන්නේ කුතුහලය මිශ්‍ර දෑසෙනි..

    “වෙඩින් එක අනිද්දා.. උඹ රඛිත එක්ක පැනලා යන්න ප්ලෑන් කළේ නෑ නේද..?”

    සිතුමිණිට තම මිතුරිය ගැන අප්‍රමාණ සෙනෙහසක් දැණුනි.. ඈ තම ආත්ම ගරුත්වය මෙන්ම තමන්ගේ දෙමාපියන් ගැනද සිතන බව සිතුමිණී දනී..

    “උඹ පැදුරටත් නොකියා මාරු උනොත් අර මිනිස්සු දෙන්නගෙ පපුව පැළෙයි.. එහෙම දුක්ක ඒ හිත්වලට දෙන්න එපා සිතූ..”

    “උඹ බොරුවට බය වෙලා.. මං සංදීපව බදිනවා..”

    ඈ ඒ කීවේ බොරුවක් නොවේ.. ඒ බව වටහා ගත් අංජුලා හදවතින්ම සිනාසුනාය.. නමුත් සිතුමිණීගේ මුවගට සිනා නැගුනේ නැත.. ඈ දෑස් පියාගෙන තම දෙමාපියන්ගේ දරදඩු තීරණය ගැන නැවතත් මෙනෙහි කළේය..

    ****************************

    සුන්දර පුංචි මනාලියක වූ සිතුමිණී සුදු ඔසරියකින්ද කඩවසම් පෙනුමැති සංදීප නිළමේ ඇදුමින්ද සැරසී.. විවාහ දිවියට එලඹ උන්හ..

    ඒ ගෙවී යමින් පැවතියේ ඔවුන් දෙපලගේ විවාහ මංගල්ලයේ අවසන් හෝරා කිහිපයයි.. දවස පුරාමට සැමගෙන් තරහා පිරිමහන්නට මෙන් ඔරවාගෙන උන් සිතුමිණී පිටත්ව යන හෝරාව ළං වෙද්දි වුවද හිත දැඩි කරගෙන උන්නාය.. ඇගෙන් වන අඩුපාඩුව පිරිසට නොදැනෙණ සේ සංදීප සැමටම සුහද සිනාවකින් සංග්‍රහ කළේය..

    “සිතූ ඇයි මේ..? හිතේ දෙයක් තියෙනවා නම් මට කියපං.. දුකයි නං කෑ ගහලා අඩපං.. ඒත් ඔහොම ගල් ගැහිලා වගේ ඉන්න එපා..”

    අවසන් මොහොතේත් අංජුලා ඇගෙන් දයාබර ඉල්ලීමක් කළාය.. නමුත් සිතුමිණී ගල් ගැසී බලා උන්නෙ ඈත හිදින රඛිත දෙස බව ඈ දැන උන්නේ නැත..

    “අම්මලට වැදපං සිතූ.. නැකත ළගයි..”

    එදින සැමගේ ඔවදන් වලට යන්ත්‍රාණුසාරයෙන් ප්‍රතිචාර දැක්වූවා විනා සිතුමිණි කතාබහ කළේවත් සිනාසුනේවත් නැත.. නමුදු ඈ වෙන්ව යන මොහොතේ රඛිතගෙන් සමුගැනීම නම් අතපසු නොකළාය..

    *****************************

    සිතුමිණි වාහනයේ පැති වීදුරුවට මුහුණ හොවාගෙන අවට පරිසරයේ වූ සුන්දරත්වය හා සීතල විද ගැනීමට වෙර දැරුවාය.. නමුත් ඇයට සීතල දැනුණා නොවේ.. ඇගේ ශරීරය ඇතුළාන්තයේ මහා ගින්නක් හටගෙන ඇති බව නෙත් කෙවෙනි අගින් ගලා හැළුණු කදුළු බිදු මනාවට කියා පෑවේය..

    මීට වසරකට පෙරාතුව ළද බොළද පාසල් ශිෂ්‍යාවක් වූ තමා අද නන්නාදුනන අයෙකුගේ පතිනිය වී මංගල ගමන් යාම විටෙක සිතුමිණිටම පුදුම සහගතය.. පාසල් සමයේ පටන් ඇගේ සිතගත් දගකාරයා වූයේ රඛිතයි.. ඔවුන් දෙපලගේ සෙනෙහස දළු ලා වැඩෙද්දී සිතුමිණි තම දෙමාපිය ඇසට වැලි ගසා රඛිත සමග එහෙ මෙහෙ යාමට පෙළඹුණි.. ඒ බව දැනගත් දෙමාපියන් ඇයව ඔහුගෙන් මුදවා ගැනීමට නොගත් උත්සාහයක් නැත.. රඛිතගේ සැබෑ තතු දැනගත් සිතුමිණීගේ දෙමාපියන් අවසානයේ ගත් දරුණු තීරණය මෙයයි..

    අතීතයේ සැරිසරමින් උන් සිතුමිණීගේ මුවගට සරදම් සිනාවක් නැගුණි.. තමාව සංදීපට විවාහ කර දීමෙන් අනතුරුව තම දෙමාපියන් දිනුවා යැයි සිතා සිටී නම් එය නිවැරදි නොවන වග සිතුමිණි සිතෙන් සිතුවාය..

    “සිතූ.. දැන් වත් මගෙත් එක්ක කතා කරන්න හිත හදාගන්න බැරිද..?”

    සංදීප.. බොහෝ වේලාවක් සිතුමිණී දෙස බලා හිදීමෙන් අනතුරුව සිය හඩ අවදි කළේය.. එය සිතුමිණීට ඇසුණේ ඈත ඉසව්වකින් වගේය.. නමුත් ඈ ඔහුව ගණන් ගත්තේ නැත.. තමා අකමැති බව දැන දැනම ඔහු තමාව විවාහ කරගත්තා නම් ඔහුද තම දෙමාපියන් තරමටම ඊට දඩුවම් විදිය යුතු බව ඇය සිතුවාය..

    “ඔයා ආදරේ වෙන කෙනෙක්ට කියලා ඔයා කටින්ම කිව්වනෙ.. ඒ දැනගෙනත් මං ඔයාව බැන්ද එක ගැන ඔයාට පුදුම ඇති නේද..?”

    මෙම මංගල්ලය ගැන කතිකා කළ මුල් අවදියේම සිතුමිණී, සංදීපට දුරකථන ඇමතුමක් දී තම අකමැත්ත හෙළි කළාය.. තවද පාසලෙන් සමුගත් සැනින් විවාහයක් කර ගැනීමට හිත හදාගත නොහැකි බවද ඈ කීවාය.. නමුත් ඒ ඇමතුම ගගට කැපූ ඉනි මෙන් වූ බව සිතුමිණී දැන ගත්තේ සංදීප කැමැත්ත ප්‍රකාශ කර එවීමෙනි.. ඈ රඛිත සමග පැන යාමට උත්සාහ කළද එයට රඛිත කැමති වූයේ නැත.. ඔහු නිතරම කීවේ තමා සිතුමිණී විවාහ කරගන්නේ දෙමාපියන්ගේද කැමැත්ත ඇතුව බවය.. නමුත් තම දෙමාපියන් කිසිදා රඛිතට කැමති නොවද බව ඈ දැන උන්නාය..

    “මං ඔයාව බදින්න බෑ කිව්වනං ඔයාව වෙන කෙනෙක්ට බන්දලා දෙනවා.. ඊට වඩා මං හොදයි කියලා හිතෙන්නෙ නැද්ද සිතූ..? හස්බන්ඩ් විදියට නෙමේ.. අඩු ගානෙ යාළුවෙක් විදියටවත් ආශ්‍රය කරන්න..”

    යාළුවෙක් ලෙස ඇසුරු කිරීමට නම් විවාහ වූයේ මන්දැයි අසන්නට සිතුනද සිතුමිණී නොදොඩා උන්නාය.. තමා මේ විවාහයට කැමති වූයේ දෙමාපියන්ට කොන්දේසියක් දැමීමෙන් අනතුරුව බව ඇයට සිහි විය.. එනම් මංගල්ලය හා දෙවෙනි ගමන එක් දිනකට සීමා විය යුතුය යන්නයි.. කෙසේ හෝ සිතුමිණී කැමති වූ නිසා දෙමාපියන්ද ඇගේ ඉල්ලීම ක්‍රියාත්මක කළහ..

    විවාහයෙන් පසු කෙලින්ම සංදීපගේ නිවසට යෑමට ඈ සිතා උන්නද ඔවුන් හොර රහසේම මධුසමය සදහා හෝටලයක් වෙන් කර ඇත.. මේ බව අවසන් මොහොත වන තෙක්ම සියළු දෙනා ඇයගෙන් වසන් කළහ.. ඉතිං.. මේ රිය ඇදී යන්නේ එකී මනරම් කණ්ඩලම හෝටලය වෙතටයි..

    “මේ හෝටලය හරි ලස්සනයි බබා.. ඔයා ආස වෙයි..”

    සංදීපට අකමැති වූවාට.. මධුසමයට අකමැති වූවාට.. හෝටලයට නම් ඇගේ අකමැත්තක් නොවිණි.. ස්වභාවිකත්වයට මුල් තැන දෙමින් ගස් වැල් වටකර තනා තිබූ එම අපූරු හෝටලය දුටු වනම සිතුමිණීගේ සිත ඇදී ගියාය.. ඔවුන් දෙපළ හෝටලයට ඇතුලු වෙද්දී ඔවුන්ව පිළිගැනීමට බලා උන් සංදීපගේ මිතුරන් පිරිසක් පෙර මගට පැමිණියහ..

    “ෂා.. උඹගෙ වයිෆ් ඒන්ජල් කෙනෙක් වගේනේ.. ස්විට් ආ..”

    සිතුමිණි දුටු විගස එක් කටකාර මිතුරෙක් කෑගැසුවේය.. සංදීප සමග තරහක් වූවද මිතුමිණි එම පිරිස ඉදිරියේ වෙනසක් පෙන්වුයේ නැත.. මිතුරාගෙ කතාවට ඇගේ මුහුණේ ලැජ්ජාබර මදහසක් නැගුණි.. ඇය මෙම විහිළු තහලු සිනහා මුහුණින් ඉවසා සිටීම සංදීපට නම් අදහාගත නොහැක්කක් විය..

    “ඔයාලා සංදීපව ඇති තරම් වෙලා මඩවන්න.. මේ කෙල්ලට මහන්සි ඇති.. අපි යමු නංගි චේන්ජ් එකක් දාගන්න..”

    මිතුරන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙක් ඇයව කාමරයට රැගෙන ගියහ.. ඔවුන් ඇගේ කොණ්ඩා විලාසිතාවද ප්‍රවේශමට මුදා හැර ඇදුම් ගැලවීමටද සහය වීම නිසා සිතුමිණිට දැනුණේ මද අස්වැසිල්ලකි.. නොවේ නම් ඇයට පිහිට පැතිය යුතු වන්නේ සංදීපගෙනි..

    “ඔයා ගොඩක් පුංචි බ්‍රයිඩ් කෙනෙක්නෙ.. වයස කීයද නංගි..?”

    ඔවුන් සිතුමිණීගෙන් එසේ ඇසුවේ ඇය තවමත් පාසල් යන වයසක් පෙන්නුම් කල නිසාය..

    “විස්සයි.. ගිය අවුරුද්දෙ ඒ ලෙවල් කළේ..”

    ඒ ඇසි ඔවුන්ගේ දෑස් විසල් වුනි..

    “ඉතිං ඇයි මෙච්චර ඉක්මනට බැන්දෙ..?”

    ඔවුනට දීමට උචිත පිළිතුරක් සිතුමිණී සතු නොවිය.. තමා බැන්දා නොව දෙමාපියන් බැන්දෙව්වා යැයි කියන්නද..? එහෙයින් ඈ සිනාසුනා පමණයි..

    “බයවෙන්න එපා.. සංදීප හොද එකා.. කොටින්ම කියනවනං අපේ හස්බන්ඩ්ලට වඩා හොදයි..”

    තමා යුග දිවියක් ප්‍රාර්ථනා කළේ රඛිත සමග මිස සංදීප සමග නොවන නිසා ඔහුගේ හොදින් තමාට වැඩක් නොවන වග සිතුමිණී සිතුවාය..

    “ඔය මහන්සිය යන්නත් එක්ක වොෂ් එකක් දාගන්න.. එතකොට සනීපයි..”

     
    • Like
    Reactions: buwa68 and ozi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයටද අවශ්‍ය වී තිබුණේ ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලින් මිදී නිදහස් වීමටය.. එහෙයින් එය ඇසුණු වහාම සිතුමිණී නාන කාමරයට වැදුනාය.. මද උණුසුම් ජලයෙන් තමා කොතෙක් වේලා දිය නෑවාදැයි ඇයට හැගීමක් තිබුණේ නැත.. සිත් සේ නාගත් ඈ එළියට එන විට කාමරය තුළ වූයේ පෙර මෙන් මිතුරියන් දෙපළ නොව සංදීපය.. ඒ දුටු සිතුමිණීට දැණුනේ නොරිස්සුමකි.. ඔහු බොහෝ උවමනාවෙන් තමා දෙස බලා ඉන්නවා දුටු ඈ ඉවත බලාගත්තාය..

    “ඔයා එළියට යන්න..”

    ඒ සිතුමිණී දිනයේ මුල් වරට ඔහු සමග කතා කළ කතා බහ වුවද ඉන් සංදීප පුදුමයට පත් උනි..

    “මං මොකටද එළියට යන්නෙ..? මං ඔයාගෙ හස්බන්ඩ්..

    සංදීප ඇයට යමක් මතක් කර දීමට උත්සාහ ගත්තේය.. නමුත් ඔහුගේ පිළිතුරට සිතුමිණී කෝප වූ වග ඔහුට නොදැනුණා නොවේ.. ඉක්මන් ගමනින් ගොස් ට්‍රැවලින් බෑගය ඇවිස්සූ ඈ ඇදුම් කිහිපයක් රැගෙන නැවත නාන කාමරයට වැදෙනවා ඔහු නිහඩව බලා උන්නේය..

    ජංගම දුරකථනය නාද වනවා ඇසුණු සංදීප එය රැගෙන සදැල්ලට පා නැගුවේ කාමරය තුළ හිදීමට අසීරුවක් දැණුන හෙයිනි..

    පුතා.. ඔයාලා හොදින් නේද..?”

    ඇමතුම සංදීපගේ අම්මාගෙනි.. ඔහු සැහැල්ලු බවක් මවා පෑමට උත්සාහ ගත්තේය..

    ඔව් අම්මා.. අපි හොදින් ඉන්නවා.. දැන් නම් මාර යටඩ්.. කොළඹ ඉදලම ඩ්‍රයිව් කළානෙ..”

    මව සතුටින් සිනාසෙනවා සංදීපට ඇසුණි..

    කෝ අපේ දෝණි..?”

    ඔය මෙච්චර වෙලා කියව කියව ඉදලා වොෂ් එකක් දාගන්න කියලා ගියේ..”

    ඔහු කීවේ මුසාවකි.. 'ඔයා එළියට යන්න' කීවා හැරුණු කොට ඈ තමා සමග වචනයක්වත් කතා කළේ නැත.. නමුත් දෙමාපියන් ඉදිරියේ ඈ වරදකාරියක කිරීමට ඔහුට අවැසි නොවුණි..

    මොකෝ කෙලී කියන්නෙ..?”

    විශේෂ දේවල් නෙවේ අම්මා.. අපි ඔහේ නිකන් කියව කියව හිටියා..”

    මෙවන් සුන්දර දිනයක තම මවට මුසාවක් කීම සංදීපට වේදනාවක් ගෙන දුන්නේය..

    පුතා.. අපි හෙට උදේ හෝටලේට එන්න කියලා බැලුවෙ..”

    ඈ කීමට තනන්නේ කුමක්දැයි වටහා ගැනීම ඔහුට අසීරු නොවුණි.. අනෙක් අතට තම මව සම්ප්‍රදායික ගැහැණියක් වනවා දකින්නටද ඔහු කැමති වූයේ නැත..

    අම්මා.. හෙට එන්න ඕනෙ නෑ.. කෙලින්ම අනිද්දා එන්න.. එතකොට අපි එක්කම යන්න පුළුවන්..”

    ඒත් දරුවො.. මේවා චාරිත්‍ර..”

    අම්මා.. මට සිතූව විශ්වාසයි.. අනික එයා තාම පොඩි කෙල්ලෙක්..”

    මමත් මේ අවිස්වාසෙකින් කිව්වා නෙමෙයි ළමයො.. හරි.. දැන් ඒවයින් කාරි නෑ.. කෝ.. දුවට ෆෝන් එක දෙන්නකො..”

    සංදීප මොහොතක් වටපිට බැලුවේය.. සිතුමිණි කාමරයේ ඉන්නා බව ඔහුට දැනුණි.. එහෙයින් ඔහු සිය හඩ අවදි කළේය..

    තාම බාත් රූම් එකේ.. නානවද මංදා..”

    ඔහු එය කීවේ එතරම් හඩ නොඇසෙන අයුරිනි..

    මේ රෑ නාන්න දෙන්න එපා පුතා.. ගිහින් බලන්න.. මං තියන්නම් එහෙනං..”

    මව කතා කර අහවර වීමෙන් සංදීපට මහත් අස්වැසිල්ලක් සේම දැඩි හිස් බවක් දැනෙන්නට විය.. ඔහු සදැල්ලෙන් එපිට අවකාශය වෙත නෙත් යොමා උන්නේ එකී නොසන්සුන්බව මග හරවා ගැනීමටය..

    ඇදුම් මාරු කර ගත් සිතුමිණී යළි කාමරයට පැමිණියේ සැහැල්ලු ටී ෂර්ටයක් හා දිගු කලිසමක් ඇදගෙනය.. කවුරුන් හෝ තම ඇදුම් බෑගයට අළුත්ම නිදන ඇදුමක් දමා ඇතත් සිතුමිණී එය අතටවත් ගත්තේ නැත.. සංදීප කාමරයේ පෙනෙන්නට නොවූ නිසා ඔහු මිතුරන් හමුවීමට පිටව යන්න ඇතැයි සිතූ ඇය සදැල්ලට පිවිසියාය.. සංදීප සැදැල්ලේ කොනකට වී ඈත බලා සිටිනවා ඈ දුටුවාය.. මෙතෙක් ඔහු දෙස උවමනාවෙන් බලා නොතිබූ නිසා ඈ හොර බැල්මෙන් ඔහුව නිරීක්ෂණය කරන්නට විය.. ඔහු රඛිතට වඩා උසින් වැඩි බව දැනී තිබුණද මෙතරම් කඩවසම් බවක්.. මෙතරම් පෞරෂයක්.. ඔහු සතුවේයැයි ඇය දැන උන්නේ නැත...

    අමුතු ආකාරයේ මෘදු විලවුන් සුවදක් නාසයට දැණුන බැවින් සංදීප වහා හැරී බැලුවේය.. සිව් නෙත් මොහොතකට මුණ ගැසුණි.. සිතුමිණී විශේෂයෙන් බැලූ බව නොඇගවීමට මෙන් දෙනෙත් බිමට බර කර ගනිද්දි සංදීපගේ මුහුණ සිනාවකින් ඔපවත් විය..

    ****************************

    සිතුමිණීගේ පියා වූ ගුණතිලක මහතා සේපාලිකා ගස යට වූ පුටුවකට බර වී කල්පනා කරමින් උන්නේය.. තම දුවණිය මේ වන විට සංදීප සමග කුමන ආරවුලක් ඇති කරගෙන ඇත්දැයි ඔහුට අනිතයත බියක් දැණුනි.. ඇයව රඛිත වැනි වැදගැම්මකට නැති අයෙකුගෙන් වෙන් කර සංදීප වැනි නිවුණු ගති ඇති තරුණයෙකුට විවාහ කර දුන්නේ ඇයගේම යහපතට වුවද ඈ ඊට උරණ වූ බව ගුණතිලක මහතා දැන උන්නේය.. සිතුමිණී අමනාව මුහුණින් පසු වුවද මංගල කටයුතු සාර්ථක ලෙස නිවාමීම ගැන ඔහු පියෙකු ලෙස සෑහීමකට පත්විය..

    අපේ මහත්තයා.. මොකෝ මේ මිදුලට වෙලා..?”

    ගුණතිලක මහතාගේ බිරිද මාලනි අඩ අදුරේ උන් සිය දයාබර සැමියා වෙත පා නැගිය..

    කෙලීව පිටත් කලාට මොකෝ මගේ හිතට හරි නෑ හාමිනේ..”

    එම සිතුවිල්ල තමාටද දැනෙනා බව මාලනි නොකියා උන්නේ සැමියා කලබල වෙතැයි සිතූ හෙයිනි.. තම හුරතල් දියණිය ගෙදරින් පිට කලා කල් වේලා වැඩිදැයි ඇයට වරෙක සිතේ.. නමුත් තමුන් ඉක්මන් නොවුනා නම් ඈ රඛිත සමග රහසේ පැන යාමට වුව ඉඩ තිබූ නිසා හිත හදා ගන්නවා හැර වෙන කල හැකි යමක් නොවිය..

    දූ අපිට නොකිව්වට අර රඛිත කියන එකාටත් මගුලට එන්න කියලනෙ.. ඌව දැකලා මගේ ඇගේ ලේ රත් උනා අම්මපා.. වෙන වෙලාවක වගේ නම් දනී මං කරන දේ..”

    දැන් ඕවට තරහා අරගන්න කාරි නෑ අපේ මහත්තයා.. කෙල්ල බෑ කිය කිය හරි අන්තිමට සංදීප ළමයව බැන්දනෙ.. ටික කාලෙකින් දෙන්න දෙමහල්ලන්ගෙ ඔය විරසකේ හරියාවි..”

    එසේ වන්නේ නම් කොතරම් හොදදැයි ගුණතිලක මහතාටද සිතුණි.. තමා මාලනීව විවාහ කරගන්නා අවධියේ ඇයටද හොද්දක් බතක් පිළියෙල කිරීමේ හැකියාවවත් තිබුණේ නැත.. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගැහැණුන් වඩා හොදින් නිවසේ කටයුතු කළමණාකරණයට හුරුවන ඔහු බව හොදින් දැන උන්නේය..

    නරකද හාමිනේ කෙලීට කෝල් එකක් දීලවත් බැලුවොත්.. ගියාද කියලවත් පණිවිඩයක් නෑතෙ තවම..”

    ඇයට සැමියා පිළිබදව මහත් අනුකම්පාවක් දැනුණි.. දියණිය නිවසේ උන් සමයේ ඇයට නීති දමා තද හිතක් පෙන්වා උන්නද තම සැමියාට ඇය නොමැතිව දිනක් හෝ ගත කිරීමට අසීරු බව මාලනී දැන සිටියාය.. නමුත් දියණිය එතරම් සංවේදී අයෙකු නොවේ.. විටෙක පියාගේ ඇකයේ හුරතල් වන ඇය විටක දින දෙක තුන ඔහු සමග විරසක වී හිදී.. ඈ එතරම්ම මුරණුඩය.. අද උදෑසන මංගල ගමනට සහභාගි වීමට යාමේදී දියණිය ඇගේ ජංගම දුරකථනය රැගෙන ගොස් නැති බව මාලනී දුටුවද ඈ එය තම සැමියාගෙන් වසන් කළහ..

    ගියයි කියලා සංදීප පුතා කෝල් කලා.. අනික දැන් රෑ වෙලානෙ අපේ මහත්තයා.. අපි උදේට කෝල් කරමු..”

    තම දුවනිය අවසන් මොහොතේ මංගල රථයට නැගීමේදී තම මුහුණවත් හරි හැටි නොබැලූ බව මතකයේ තිබුණද ඇයගේ කටහඩ නො අසා තමන්ට ඇහැ නොපියවෙන බව දැන උන් ගුණතිලක මහතා සුසුමක් හෙලුවා පමණි..

    ලොකු පුතාලත් හෙට දූ බලන්න හෝටලේට යනවයි කියලා කිව්වෙ..”

    නිවස තුළට යාමට හැරුණු මාලනී එසේ කීවේ සැමියාගේ සිත සනසන අටියෙනි.. නමුත් ඔහු එය නෑසුණ සේ ඈත බලා උන්නේය..

    ****************************

    රාත්‍රී එකොළහට ආසන්න වන තෙක් සිතුමිණී උන්නේ රූපවාහිනියේ විකාශය වූ හින්දි චිත්‍රපටයක් නරඹමිනි.. සංදීපද කාමරයේ කොණක වූ පුටුවකට බර වී දෑස් පියා උන්නේය.. ඔහු නිදිමතේ පසුවනවාද නැතහොත් යමක් කල්පනා කරනවාදැයි සිතුමිණිට සිතා ගත නොහැකි විය.. ඔහුට රිදවීමේ අරමුණින් ඈ රූපවාහිනියේ දුරස්ථ පාලකය ගෙන එහි හඩ තරමක් වැඩි කළාය.. සංදීප දෑස් ඇර බලනා ඇයට පෙණුනද ඈ එය සැලකිල්ලකට ගත්තේ නැත..

    බබා.. ඕකෙ සද්දෙ අඩු කරන්න..”

    ඔහු කී දෑ නෑසුණ විදස ඈ ඇදේ තවත් හරි බරි ගැසී හිද දුරස්ථ පාලකය උකුල මත තබා ගත්තාය.. ලාබාල පුංචි කෙල්ලෙක් විවාහ කරගෙන තමා කළ ගොන් කමක තරම ගැන සංදීපට පසුතැවිල්ලක් දැනුණි.. ඈ තවම පාසල් වයසේ යුවතියක මෙන් හිතුවක්කාරය, මුරණ්ඩුය..

    ඉද උන් පුටුවෙන් නැගිට ගත් සන්දීප ඇගේ උකුල මත වූ දුරස්ථ පාලකය ගෙන රූපවාහිනිය නිවා දැම්මේය..

    මේක ගමටම ඇහෙන්න දාලා අපේ ප්‍රශ්න ලෝකෙට අගවන්න එපා සිතූ..”

    එහි අරුත වහටා ගැනීමට ඇයට අවැසි වූවා නොවේ.. රූපවාහිනිය නිවා දැමීම ගැන තරහෙන් පසුවූ ඈ සංදීප දෙස බැලුවේ ඔහුව දවා අළු කරවන තරමේ රුදුරු බැල්මකිනි..

    දැන් රෑ වෙලා.. නිදියමු..”

    ඇගේ බැල්ම පුංචි එකෙකුගේ හුරතලයක් සේ ඉවල ලූ ඔහු කාමරයේ ප්‍රධාන විදුලි බුබුළ නිවා දැම්මේය.. ඇදේ පසෙක තමා තිබූ පුංචි කබඩය මත වූ විදුලි ලාම්පුවේ මද එළියෙන් කාමරයට සන්සුන් බවක් එක්ව තිබුණි..

    සෙමෙන් පියවර තබා ඇද ළගට පැමිණි සංදීප මොහොතක් දෙකක් සිතුමිණීගේ වත දෙස බලා උන්නාය.. තම පුංචි මනාලිය කෙතරම් සුන්දරදැයි ඔහුට සිතුණි.. නමුත් මේ මංගල රාත්‍රියට ඇය කෙසේ මුහුණ දේ දැයි ඔහු තුළ වූයේ සැකයකි.. සරමේ ගැටය බුරුල් කර යළි හැදගත් සංදීප සිතුමිණී උන් දෙසට විරුද්ධ දෙසින් ඇදට ගොඩවිය.. ඒ දුටු සිතුමිණී තිගැස්සී ගිගාය.. වහා ඇදෙන් නැගිට ගත් ඈ තම කොට්ටය හා පොරෝනය ගෙන බිමට බැස ගත්තාය..

    සංදීප ඇගේ පුදුමාකාර හැසිරීම් දෙස බලා උන්නේ දැඩි කලකිරීමකින් හා වේදනාවකිනි.. ඇද පාමුල පොරෝනය එළාගත් ඈ ඒ මත වැතිරෙනු ඔහුට බලා සිටිනු නොහැකි විය.. එනිසා ඔහු කාමරය තුළ වූ මන්දාලෝකයද නිවා දැම්මේය..

    බබා.. බිම සීතලයි.. ඔයා මෙතනට එන්න.. මං බිම නිදියන්නම්..”

    සිතුමිණිට, සංදීපගේ කටහඩ ඇසුණේ නිදි වර්ජිතව ගෙවුනු අඩ පැයකට පමණ පසුවය.. ඈ ඇත්තටම උන්නේ සීතලේ ගැහෙමිනි.. මේ සීතල දෙසැම්බරය කණ්ඩලම හෝටලයේ ටයිල් පොළව මුදවා ඇති සේය.. නමුත් හිතුවක්කාර ඈ නැගිට්ටා නොවේ.. ඇයට නින්ද යන තෙත් ඇහැරී උන් සංදීප රෑ මැද හරියේ ඇයව ඔසවා ඇදෙන් තබා බිමට බැස නිදාගත්තාය..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-2.jpg


    02.png


    මධුසමය ලෙසින් හැදින්වූ අමිහිරි දින දෙක තුනක් ගෙවා දැමූ සංදීප හා සිතුමිණි යුවල ඔවුන්ගේ නව නිවහනට පැමිණයහ.. එය සංදීපට අයත් වූ හුරුබුහුටි දෙමහල් නිවසකි.. ඔවුන් දෙපල හැරුණු කොට එහි පදිංචිව උන්නේ අයිරම්මා නැමැති මැදිවිය පසුකරමින් උන් ගැහැණිය හා පොඩ්ඩෙ නම් කොලුවා පමණි.. අයිරම්මා බොහෝ කලක් සංදීපලගේ පවුල හා දැන හැදුනුම්කමක් තිබූ අයෙක් වුවද පොඩ්ඩේ එම නිවසට ආගන්තුකයෙක් විය.. ඔහුව ගෙන තිබුනේ වත්ත පිටියේ වැඩ කටයුතු හා කඩයට යාම ඒම වැනි සුළු වැඩ සදහාය..


    සිතුමිණීගේ මුරණ්ඩුකම් හා ඇයගේත් සංදීපගේත් විරසක නොදැන් උන් අයිරම්මා සිතුමිණීව දුටු මතින් ඇයට ඇලුම් කළාය.. සංදීප මහතා වැනි විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු මෙතරම් ලාබාල සුරූපී පතිනියක් කැන්දාගෙන ඒවි යැයි ඈ සිහිනෙකින්වත් සිතා නොතිබුණි.. පොඩ්ඩෙගේ තත්වය වුව ඊට වෙනස් වූයේ නැත..


    [FONT=&quot]“අපේ අලුත් නෝනා අර චිත්තරපටි වල ඉන්න නිළියක් වගේ නේද අයිරම්මෙ..?[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]පොඩ්ඩෙ එසේ අසන්නට පෙර අයිරම්මාටද එය සිතී තිබූ නිසා ඈ නිහඩව සිනාසුනාය.. [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]සංදීප මහත්තයා මේ නෝනව කොහෙන් හොයාගත්තද මංදා.. දෙන්නා ටක්කෙටම ගැලපෙනවා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]හා.. හා.. නවත්ත ගනිං උඹේ ඔය කයිවාරුව.. නෝනට ඇහෙන්න එහෙම ඔය වාචාලකට කියවනවා නෙමෙයි..”[/FONT]

    [FONT=&quot]අවවාදයක් නොකළොත් පොඩ්ඩෙ වක්කඩේ කැඩුවාක් මෙන් කියවන බව දන්නෑ ඈ ඔහුට තරවටු කළාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]නෝනගෙයි මහත්තයගෙයි දෙපැත්තෙම නෑයො උනත් හරි හොදයි වගේ..”[/FONT]

    [FONT=&quot]අයිරම්මාගේ ගමේ සිට මෙහි ආ පොඩ්ඩේ මෙතෙක් ඔවුන්ව දැන හදුනාගෙන නොතිබූ නිසා පෙරදා රාත්‍රී සංග්‍රහය ඔහුට සුවිශේෂී විය.. තම දියණියව හොදින් බලා ගන්න යැයි කී ගුණතිලක මහතා පිටව යන මොහොතේ පොඩ්ඩෙට රුපියල් දාහක් දීම ඉහත ගුණ වරුණාවට හේතු වූ බව අයිරම්මා දැන උන්නේ නැත..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අයිරම්මේ.. මගේ ඔළුව රිදෙනවා..”[/FONT]

    [FONT=&quot]සිතුමිණී දෑතින්ම නළලත පොඩි කරමින් කුස්සියට වැදෙනවා දුටු ඈ කළබල වූවාය.. සිතුමිණීව දුටු පොඩ්ඩේද හිද උන් පඩි ගැට්ටෙන් වහා නැගිට ගත්තේය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මෙතනින් ඉදගන්න පුංචි නෝනෙ.. ඔය අමාරුව තෙහෙට්ටුවට වෙන්නැති..”[/FONT]

    [FONT=&quot]අයිරම්මා සිතුමිණීව පුටුවක හිදුවා සිද්ධාලේප හිස ගැල්වූවාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]පොඩ්ඩෙ.. විගහට ඔය කේතලේ ලිප තියහං..”[/FONT]

    [FONT=&quot]අයිරම්මාගේ අණට පොඩ්ඩේ ක්‍රියාත්මක වූයේ වයින් කල බෝනික්කෙකු මෙනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපි දුම් ටිකක් අල්ලලා කොත්තමල්ලි ඩිංගක් බොමු නෝනෙ.. එතකොට ඕක අරිලා යාවි..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]කොත්තමල්ලි..”[/FONT]

    [FONT=&quot]සිතුමිණි කට ඇඹුල් කළාය.. දෙමාපියන්ගේ වදයට බෙහෙත් පෙත්තක් ගිල දැමුවද කොත්තමල්ලි බීමට නම් ඇය කිසිදා ප්‍රිය කළේ නැත.. මෙම හුරතල් හැසිරීම් දෙස පොඩ්ඩෙ බලා සිටියේ ආශාවෙනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඊයෙ ලොකු නෝනලත් හිටපු නිසා පාන්දර වෙනකල් නින්දකුත් නෑනෙ.. නෝනා ඩිංගක් ඇහැ පියවගන්න.. මං කොත්තමල්ලි රත් කරලා කතා කරන්නං..”[/FONT]

    [FONT=&quot]අයිරම්මා එසේ කීවද සංදීප කාමරයේ නිදා උන් නිසා සිතුමිණී ඒ දෙසටවත් ගියේ නැත.. ඈ කුස්සියේ මේසයටම හිස තබා ගත්තාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]උඹ මෙතන සද්ද බද්ද නොකර ගිහින් වත්තෙ වැඩක් බලලා කරපං..”[/FONT]

    [FONT=&quot]පොඩ්ඩෙ බොහෝ අනුකම්පාවෙන් සිතුමිණී දෙස බලා ඉන්නවා දුටු අයිරම්මා ඔහුට පිටත් කළේ නින්දට බාධාවක් වෙතැයි හැගුණු හෙයිනි..[/FONT]

    [FONT=&quot]අඩ නින්දේ උන් සංදීප අවදි වූයේ තද කොත්තමල්ලි සුවදක් ආග්‍රහණය වීමෙනි.. අයිරම්මා හෝ පොඩ්ඩේ අසනීපව ඇතැයි ඔහු සිතුවේය.. මද වේලාවක් ඇග මැලි කඩමින් උන් ඔහු ඇදෙන් නැගිට සිතුමිණි කොහෙදැයි විපරම් කර බලා අවසානයේ කුස්සියට ඇතුළු විය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]කාටද අයිරම්මා කොත්තමල්ලි..?”[/FONT]

    [FONT=&quot]ඔහු ඇසුවේ කුස්සියේ කොනක වූ මේසයට හිස තමා නිදා සිටින සිතුමිණීව නුදුට නිසාවෙනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපේ පුංචි නෝනෙට හිසේ ඇම්මක් අල්ලලා..”[/FONT]

    [FONT=&quot]අයිරම්මා මේසය දෙසට හිස යොමා කියද්දි සංදීප බොහෝ කලබල විය.. ඈ පිළිබදව නොසොයා එක දිගට නිදා ගැනීමෙන් තමා කළේ වරදක් බව ඔහුට හැගුණි.. ඔහු ඉක්මන් ගමනින් මේසය වෙන යන්න තනද්දි අයිරම්මා එය වැළකුවාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මං හිතන්නෙ නින්ද ගිහින් මහත්තයො.. දැන්ම කතා කරන්න එපා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]නින්ද ගිහින්.. මෙතන..”[/FONT]

    [FONT=&quot]ඔහු පුදුමයට පත්විය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඒක තමයි.. මං ඩිංගක් හාන්සි වෙන්න කිව්වම ඔතනම ඔළුව ගහ ගත්තා..”[/FONT]

    [FONT=&quot]ඇය ඇදට විත් නිදා නොගත්තේ මන්දැයි අයිරම්මා නොදැන උන්නද එයට හේතුව සංදීප දැන උන්නේය.. තමාගේ අහලකටවත් පැමිණිමට අකැති ඇය තමා නිදා සිටියදී යහන වෙත නොපැමිණීම අරුමයක් නොවේ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙයි නේද අයිරම්මෙ.. ෂිට්.. මේ ළමයා මට කිව්වෙවත් නෑනෙ..”[/FONT]

    [FONT=&quot]ඔහු අන්තිමට එම වැකිය එක්කලේ අයිරම්මාට වෙනසක් නොඇගවීමට වුවද ඔහුගේ හඩ බිදී ගියේය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]දැන්ම හදිස්සි වෙන්න එපා මහත්තයො.. කොත්තමල්ලි ටික බිව්වාම ඇරිලා යයි..”[/FONT]

    [FONT=&quot]සිතුමිණීට ළංව ඇගේ හිස අතගෑමට ඇති ආශාව සංදීප මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි.. තමාගේ ස්පර්ශයට ඈ නැගිට ගතහොත් මහා කලබලයක් සිදු විය හැක.. එනිසා ඔහු මොහොතක් දෙක්ක ඈ දෙස බලා මිදුලට බැස්සේය..[/FONT]

    [FONT=&quot]මිදුලේ වූ ගස් කොළන් ඇඹරෙමින් තිබුණේ වැස්සක් අත ළග එන බව කියා පාන්නට මෙනි.. ඔහු මිදුලේ මල් ආරුක්කුව යටට වී වට පිට බලද්දී සිතුමිණිගේ ඇදුම් කිහිපයක් වැලක ලෙළ දෙමින් තිබෙණු දුටුවේය.. වහා එදෙසට දිව ගිය ඔහු එම රෙදි ටික තම දෝතට ගත්තේ බොහෝ ප්‍රවේශමෙනි.. සිතුමිණි ළගින් වහනය වන මෘදු විලවුන් සුවද එම ඇදුම් වලද තැවරී ඇත.. ඇයව සිප ගත නොහැකි හෙයින් ඔහු එම ඇදුම් කිහිපය නාසයට තද කර ගත්තේය.. ඔහුගේ දෑස් පියවුණේ නිරායාසයෙනි..[/FONT]

    [FONT=&quot]මිදුලේ පාත්තියක පස් බුරුල් කරමින් උන් පොඩ්ඩේ බොහෝ වේලාවක් මේ සිදුවීම දෙස බලා උන්නේය.. ඔහුට ලැජ්ජාවක්ද නොදැනුනා නොවේ.. නමුත් නව යුවලගේ මේ අපූරු ආදරය ඔහුට ගෙන ආවේ සතුටකි.. ගමට වී කුලී වැඩ කර දුක් විදිනවාට වඩා මෙවන් සොදුරු පුද්ගලයන් හමුවේ ගැවසීම ඔහුට නොමද ආශ්වාදයක් විය..[/FONT]

    [FONT=&quot]සංදීප දෑස් හැර බැලුවේ වැහි බිදු වැටෙනවා දැනුණු හෙයිනි.. ඔහු වහා ගෙට දිව ගියේය.. පොද වැස්ස මොහොතකින් මහා වරුසාවකට පරිවර්ථනය වූයේ නිදා උන් සිතුමිණිවද අවදි කරමිනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අයිරම්මා.. අනේ..”[/FONT]

    [FONT=&quot]ඈ ගෙදරි ගෑවාය.. නමුත් අයිරම්මා ඈ ළග උන්නේ නැත.. ඇය වැස්ස නිසා ජනේල් වසා දැමීමට නිවස තුළට ගොස් තිබිණි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අයියෝ..”[/FONT]

    [FONT=&quot]තද හිසරදය දරාගත නොහැකි වූ සිතුමිණිගේ වසා තිබූ දෑස්පියන් අතරින් කදුළු වැල් දෙකක් ගලා ගියේය.. සංදීප කුස්සියට ඇතුලු වූයේ ඇගේ කෙදිරිය ඇසීමෙනි.. ඈ හඩනවා දුටු ඔහුට මහත් අනුකම්පාවක් හා සෙනෙහසක් ඇතිවිය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]සිතූ.. ඔයාට අමාරුද බබා..?”[/FONT]

    [FONT=&quot]නමුත් ඈ හිස ඔසවාවත් බැලුවේ නැත.. එය ගණනකට නොගත් සංදීප, අයිරම්මා වත් කර තිබූ කොත්තමල්ලි කෝපප්ය ඈ දෙසට ළං කළේය.. සංදීප සමග වූ තරහව, දැඩි වේදනාව හා කොත්තමල්ලි වලට වූ තම අකමැත්ත නිසාවෙන් ඇය කොත්තමල්ලි වීදුරුව පසෙකට තල්ලු කර දැමුවාය.. එය මේසය මත වූ මල් බදුනේ හැපී දසත විසිරුණි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපොයි නෝනෙ.. මොකෝ මේ උනේ..?”[/FONT]

    [FONT=&quot]අයිරම්මා කුස්සියට දිව ආවේ කෝප්පය හා මල් බදුණ ගැටුණ සද්දය ඇසුණු නිසාවෙනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මගේ අත වැදිලා මේක හැලුනා අයිරම්මා..”[/FONT]

    [FONT=&quot]සිතුමිණී යමක් කීමට පෙර සංදීප පිළිතුරු බැන්දේය.. නමුත් අයිරම්මාට සැක සිතුනේ නැත.. පුංචි නෝනගේ හදිසි අසනීපය සංදීප මහතාව කළඹා ඇති බව වටහා ගැනීමට ඇයට අසීරු නොවිය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]පුංචි නෝනා ඇදට යන්න.. මං තව වීදුරුවක් වත්කරගෙන එන්නම්..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මට ඇති අයිරම්මා.. මට බොන්න බෑ..”[/FONT]

    [FONT=&quot]ඈ ඇති යැයි කීවද කොත්තමල්ලි වීදුරුව අතටවත් නොගත් බව සංදීප දුටුවේය.. ඔහුට මද සිනාවක් නැගුණි.. [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]හරි.. හරි.. නෝනෙ එහෙනං ගිහින් හාන්සි වෙන්නකො..”[/FONT]

    [FONT=&quot]සංදීප හා අයිරම්මා කුස්සියට වී බලා හිදිද්දී සිතුමිණී ඉහල මාලයට ඉක්මනින් ගියාය.. සංදීප නිදා උන් ඇදට වී හිදීමට ඇයට සිත් දුන්නේ නැත.. කොයි මොහොතක හෝ අයිරම්මා පැමිණිය හැකි බැවින් රාත්‍රියේ දී මෙන් බිම නිදා ගැනීමටද නොහැක..[/FONT]

    [FONT=&quot]එහෙයින් ඈ උඩු මහලේ වූ අනෙක් කාමරයට ඇතුලු වුනි.. ඉදිරිපස ගෙමිදුලද පෙනෙන සේ තනා තිබූ එම කාමරයේ වූයේ අපූරු සුන්දරත්වයකි.. දෙවරක් නොසිතූ ඈ එම කාමරය සිය අයිතියට පවරා ගත්තාය.. විදුලි පංකාවද උපරිමයට දමා ඇදට වැටුණු ඇයට නින්ද ළගා වූයේ නිරායාසයෙනි..[/FONT]

    [FONT=&quot]දින කිහිපයක් විටින් විට සිතුමිණී අසනීප වීම නිසා සංදීප උන්නේ සිත් පීඩාවෙනි.. වෛද්‍යවරයෙක් වෙත යාමට නොව වෛද්‍යවරයෙක් නිවසට ගෙන්වා ප්‍රතිකාර කිරීමටද ඈ අකමැති වූවාය.. හිසරදය උග්‍ර වූ බොහෝ වේලාවන් වල ඈ අයිරම්මාගේ උකුලේ හිස තමා ඉන්නවා ඔහු දැක තිබිණි.. අයිරම්මා බෙහෙත් තෙල් දමා ඇගේ හිස පිරිමදින අයුරු දුටු ඔහු සිතුමිණීට හොරෙන් තව බෙහෙත් තෙල් බෝතලයක්ද ගෙන විත් තැබුවේය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මට හිතෙන්නෙ පුංචි මහත්තයො නෝනට සංකාව.. අම්මා, තාත්තා තුරුලෙම හුරතලේට හැදුන ළමයෙක්නෙ..”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]දිනක් සිතුමිණී නිදා සිටියදී අයිරම්මා, සංදීපට පැවසුවාය.. ඈ සාංකාවෙන් පසු වන්නෙ ඇගේ දෙමාපියන් ළග නොමැති වීම නිසාද රඛිතගෙන් වෙන් වීමට සිදුවීම නිසාදැයි ඔහුට වටහා ගත නොහැකි විය..[/FONT]

    [FONT=&quot]“බෙහෙත් ගන්නවත් යන්න එන්නෙ නෑනෙ අයිරම්මෙ.. වෙලාවකට හරිම මුරණ්ඩුයි..[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]මේ දින කිහිපය තුළ දෙදෙනාගේ අමනාපය අයිරම්මාටද දැනෙන්නට ඇතැයි සිතුණු ඔහු කීවේය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඒක ඒ නෝනගෙ වැරැද්ද නොවේ මහත්තයො වයසෙ වැරැද්ද.. මං ඔය බෙහෙත් තෙලක්වත් ඔළුවට දානවට කැමති නෑ.. ගදයි කියලා..”[/FONT]

    [FONT=&quot]සංදීපට සිනා නැගුනි.. ඈ කොත්තමල්ලි වලටද අකමැති බව ඔහු එදා වටහා ගත්තේය.. [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ලබන සතියෙ ඉදලා මමත් වැඩට යන්න ඕන.. මගෙත් නිවාඩු ඉවරයි..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපොයි.. ඕක මොකක්ද..? මහත්තයා යන්න.. මට පුළුවන් පුංචි නෝනව බලාගන්න..”[/FONT]

    [FONT=&quot]සංදීප කියනා තරම්ම සිතුමිණී මුරණ්ඩු තැනැත්තියක නොවන බව අයිරම්මා දැන උන්නාය.. ගෙදර දොර වැඩ තවම නුහුරු ඈ තමා උයන පිහන වේලාවන් වල ළග දැවටී මොන මොනවා හෝ කියවයි.. සවස් යාමයේ නම් බොහෝ විට ඇය කාලය ගෙවා දැමුවේ රූපවාහිනියේ කාටූන් නරඹමිනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපේ සංදීප මහත්තයා ගෙනවිත් තියෙන්නෙ නෝනා කෙනෙක් නෙමෙයි බබෙක්..”[/FONT]

    [FONT=&quot]දිනක් සිතුමිණී සූර පප්පා කාටූනය නරඹමින් ඉන්නා මොහොතක කුස්සියට පැමිණි පොඩ්ඩේ සිනාසෙමින් කීවාය.. ඒ ඇසුණු අයිරම්මාටද සිනා නැගුණි.. සංදීප හා අයිරම්මා තම තමන්ගේ ලෝක වල තනිව කල්පනාබරව හිදිද්දී නිවසේ දුරකථනය නාද දුන්නේය.. සංදීප ඉතා ඉක්මනින් එය අතට ගත්තේ එහි නාදයට සිතුමිණී අවදි වෙතැයි හැගුණු බැවිණි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]හෙලෝ..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]හෙලෝ සංදීප අයියා.. මං අංජුලා..”[/FONT]

    [FONT=&quot]සිතුමිණීගේ සමීපතම යෙහෙළිය ගැන සංදීප දැන උන්නේය.. මංගල්ලය දින වල ඔහු අංජුලා සමග සුහදව කතා බහ කර තිබිණි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]කොහොමද නංගි ඉතිං..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපි නං හොදින්.. කොහොමද ඔයාලට..? කො අපේ අලුත ගෙනා මනමාලි..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]එයා නිදි.. ටිකක් සනීප නෑ..”[/FONT]

    [FONT=&quot]සංදීපගේ අසරණ කටහඩ අංජුලාගේ සිතට අනුකම්පාවක් ගෙන ඒමට සමත් විය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඇයි ඒ..? මොනව වෙලාද..? ආ.. එක්කො ඔයාල අද ගෙදර ඉන්නවද කියන්න..”[/FONT]

    [FONT=&quot]සිතුමිණීගේ ලෙඩ දුක් සංදීප හරහා ඇසීම උචිත නොවේ යැයි හැගුණු අංජුලා ඔවුන්ගේ නිවසට යාමට තීරණය කළාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඔව්.. ඔව්.. අපි ඉන්නවා.. නංගිට පුළුවන් නම් ඇවිත් යන්න..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඕ..කේ..”[/FONT]

    [FONT=&quot]ඈ ඇමතුම විසන්ධි කළාය.. සිතුමිණී හා සංදීප අතර එතරම් ඇයි හොදයියක් නොවන වග වටහා ගැනීම අසීරු නොවන හෙයින් අංජුලා වහා හැද පැළද ගත්තාය.. පෙර දිනක සිතුමිණීගේ දෙමාපියන් සමග ඔවුන්ගේ නිවසට ගොස් තිබූ බැවින් ඇයට පාර සොයා ගැනීම ගැටළුවක් නොවිය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආ.. නංගි.. ඔයා ඉක්මනට ඇවිත්..”[/FONT]

    [FONT=&quot]සංදීප, අංජුලාව පිළිගත්තේ එසේ කියමිනි.. ඈ සිනා මුසුව නිවසට පා තැබුවාය.. මංගල දිනයේදී කලබලයේ දුටුවාට වඩා බොහෝ නිස්කලංක ගතියක් හා සුන්දරත්වයක් මෙම නිවසේ ඇතැයි ඇයට සිතිණි.. රඛිත වැනි දඩබ්බරයෙකුට අයිති නොවී සංදීප වැනි නිහතමානී අයෙක් ලද සිතුමිණී සැබැවින්ම වාසනාවන්තය.. අතට පයට සේවකයින්ද සමග මෙවන් නවීන මැදුරක රැජිණ වීමේ වාසනාව හැමෝටම උරුම නොවේ..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඉදගන්න..”[/FONT]

    [FONT=&quot]සංදීප සෙටිය දෙසට අත දිගු කර කීවේය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]කෝ..?”[/FONT]

    [FONT=&quot]අංජුලා ඇසුවේ සිතුමිණීව බව දැන උන් සංදීප උඩු මහළ පෙන්විය.. ඈ අනවසරයෙන්ම එහි ඇතුළු උනි.. කාමර තුනෙන් එකක තිර රෙද්ද මෑත් කළ ඇයට දුටු දසුනෙන් සිනහා නැගුනේය.. කොට කලිසමක් හා ටී ෂර්ටයකින් සැරසුන සිතුමිණී නිදා උන්නේ විශාල පුළුන් වළහෙක් තුරුළු කරගෙනය.. ඒ මදිවාට මුහුණ වැසී යන පරිදි කොට්ටයක්ද තබාගෙනය..[/FONT]

    [FONT=&quot]අංජුලා ඈ නිදා උන් ඇදේ කොණකට බර විය.. මේ ඔවුන්ගේ නිදන කාමරය නොවන බව අංජුලාට වැටහිණි.. සිතුමිණීගේ පියා ගෙන දුන් නව යුගල යහනාව මෙය නොවේ.. තවද ඇගේ කණ්නාඩි මේසයද පෙනෙන්නට නැත..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]නෝනා.. යමු පහළට.. තේ ඩිංගක් බීලම නෝනව ඇහැරවගන්න බැරියෑ..”[/FONT]

    [FONT=&quot]අංජුලා ළගට පැමිණි අයිරම්මා කීවේ බොහෝ යහටත් පහත් ලෙසය.. මෙවන් පිවපත් ගැහැණියක් තමා ඉදිරියේ මෙසේ හැසිරීම නිසා අංජුලාට දැනුණේ දැඩි අපහසුතාවයකි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේ.. අයිරම්මා නේද..?”[/FONT]

    [FONT=&quot]අංජුලා ඇගේ නම සිහි කිරීමට උත්සාහ ගත්තාය.. එයට අයිරම්මා සිනාසුණා පමණි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]බලන්නකො නෝනෙ, පුංචි දරුවෙක් වගේ නිදාගෙන ඉන්න හැටි..”[/FONT]

    [FONT=&quot]අයිරම්මා කීවා සේම සිතුමිණී නිදන ඉරියව්ව බලා හිදීමට ආස හිතේ.. කෙසේ වුවද ඈ නිදා උන්නේ කම්මැලිකමට නොව අසනීපයකට බව දැනගත් නිසා අංජුලා ඇය අවදි කෙරුවේ නැත..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]නෝනා දවල්ට කාලා යන්න ඉන්නවයි..?”[/FONT]

    [FONT=&quot]කේක් හා තේ පැන් සංග්‍රහයකින් අනතුරුව අයිරම්මා, අංජුලාගෙන් අසා සිටියේය.. [/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ටිකක් ඉදලා යන්න හිතලා තමා අයිරම්මෙ ආවෙනං.. ඒත් කෝ ඉතිං.. මේ කෙල්ල නිදිනෙ..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඔහොම නිදාගෙනවත් ඉන්න එක හිතට සැනසීමක් නෝනෙ.. නැගිටලා ඉද්දි හිස කකියනවා කියලා අඩාගත්තු ගමන්මයි..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඉතිං.. බෙහෙත් ටිකක්වත් අරගත්තෙ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]අංජුලා ඇසුවේ පුදුමයෙනි.. ඈ දෙස දුක්මුසු බැල්මක් හෙලූ අයිරම්මා දිගු සුසුමක් පිට කලාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපේ මහත්තයා කී වංගියක් බේත් ගේන්න හැදුවද..? ඒත් අහනවයි ඉතිං..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අයිරම්මා කොත්තමල්ලි එහෙම දුන්නෙ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]සිතුමිණී කොත්තමල්ලි වලට වූ දැඩි අකමැත්ත දැන උන් අංජුලා ඇසුවේ සිනාසෙමිනි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මොකෝ නොදුන්නෙ.. දවසක් ඒක මේසෙ පුරාම හලාගෙන..”[/FONT]

    [FONT=&quot]එය නම් ඉබේ සිදු වූවක් නොවිය හැකි බව ඈ අනුමාන කළාය.. සිතුමිණීගේ තරම ඈ දනී..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේ කෙල්ල ඉස්කෝලෙ යද්දිත් ඔහොම තමයි.. පංතියෙ හිටපු දග මල්ල..”[/FONT]

    [FONT=&quot]එසේ කියූ අංජුලා අයිරම්මා පසුපසින් කුස්සියටම පැමිණියාය.. සංදීපද පෙනෙන මානයක නොවූ නිසා ඈ අයිරම්මාගේ මුහුණට එබුණි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අයිරම්මා.. මං මේ කේලමක් අහනවා කියලා හිතන්න එපා.. මහත්තයයි නෝනනයි දෙන්නා සංතෝසෙන්ද ඉන්නෙ..?”[/FONT]

    [FONT=&quot]අංජුලාගේ පැනයට තිගැස්සී ගිය අයිරම්මා මොහොතක් දෙක්ක බිම බලා ගත්තාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඕවට මං උත්තර බදින එක හරිද මංදා..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මං නරකට අහනවා නෙමෙයි අයිරම්මෙ.. සිතූ කියන්නෙ මං ළගින්ම ආශ්‍රය කරන හොදම යාළුවා.. එයා ගැන දන්න නිසයි මං අහන්නෙ..”[/FONT]

    [FONT=&quot]අංජුලා, සිතුමිණීට ලෙන්ගතු බව අයිරම්මා මේ වන විටත් වටහාගෙන තිබිණි.. එහෙයින් ඈ සිය කටහඩ අවදි කලාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]විරසකේ මොකක්ද කියන්න නං මං හරියටම දන්නෑ නෝනා.. ඒත් දෙන්නගෙ ඇයි හොදයියක් නෑ මං දන්න තරමින්..”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]ඒ කිව්වෙ.. දෙන්නා කතාබහ කරන්නෙ නැද්ද..?”[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මහත්තයා කතා බහට මනාප උනාට පුංචි නෝනෙ පනාප නෑ.. කොටින්ම කියන්න..”[/FONT]

    [FONT=&quot]ඈ වටපිට බලා තවත් අඩියක් දෙකක් අංජුලාට කිට්ටු විය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]පුංචි නෝනා නිදියන්නෙත් ඔය දැන් හිටපු කාමරේ තනියෙම..”[/FONT]

    [FONT=&quot]අංජුලා ඉහළට ගත් හුස්ම පොද පහළට දමා ගැනීමට තරම්වත් සිහියක් නොවිය.. ඈ උන් තැනම ගල් ගැසී බලා උන්නාය.. සිතුමිණීගේ දෙමාපියන් සේම අංජුලාද සිතුවේ සිතුමිණී ටික දිනකින් වෙනස් වේවි කියාය.. නමුත් ඈ පෙරටත් වඩා දරුණු වී ඇති සෙයකි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]අපි මේකට මොකක්ද අයිරම්මෙ කරන්නෙ.. මට මේ කෙල්ල ගැන හරි බයයි..”[/FONT]

    [FONT=&quot]අංජුලා, අයිරම්මාගේ දෝතම තද කර ගත්තේ සැබෑ අසරණකමකිනි.. නමුත් ඒ වියපත් ගැහැණිය සතුව පිළිතුරක් වූයේ නැත..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මලක් වගේ හිනා වෙවී කියවද්දි මට උනත් කටක් ඇරලා දෙයක් කියන්න හිතෙන්නෙ නෑ නෝනෙ..”[/FONT]

    [FONT=&quot]අයිරම්මා කීවේ සැබෑවක් බව අංජුලා දැන සිටියාය.. ඇගේ දිලිසෙන ඇස් යුගල දෙස බලා බැන වැදීමක් කිසිසේත් කළ නොහැක්කකි..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මට ටිකක් කල්පනා කරන්න ඕන අයිරම්මෙ මේකට මොකක්ද කරන්නෙ කියලා.. මේ කුරුළු කූඩුව කැඩිලා බිදිලා යන්න දෙන්න බෑ..”[/FONT]

    [FONT=&quot]එය කියන විට අංජුලාගේ ඇස් තෙමි තිබිණි.. ඈ වහා ඇස් පසදා ගත්තාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]නෝනවත් කරන්න පුළුවන් දෙයක් බලලා කරන්න.. ඒක ලොකු පිණක්..”[/FONT]

    [FONT=&quot]අයිරම්මා කීවේ සැබෑ සෙනෙහසකිනි.. මේ නව යුවලගේ සිනා හඩින් නිවස පිරී යනවා දකින්නට ඈ කෙතෙකුත් ආසා කළාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]සිතූ නැගිට්ටම මේක දෙන්න.. මං ගිහින් එන්නම්..”[/FONT]

    [FONT=&quot]අංජුලා ඇගේ අත් බෑගයේ දමා උන් සිතුමිණීගේ ජංගම දුරකථනය මා චාජරය මේසය මත තැබුවාය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]බත් ඩිංගක් කාලා යන්න ඉන්න නෝනෙ..”[/FONT]

    [FONT=&quot]සිතුමිණීගේ ළබැදි මිතුරිය තව මොහොතක් රදවා ගැනීමට අයිරම්මාට අවැසි වුනි.. නමුත් අංජුලා බෑගය කර දමා ගත්තේය..[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මං වෙන දවසක එන්නම්කො.. සිතූට කියන්න මං පංති යන ගමන් හදිස්සියෙ ඇවිත් ගියා කියලා.. නිදි නිසා ඇහැරෙව්වෙ නෑ කියලා කියන්න..”[/FONT]

    [FONT=&quot]තමාට හදිස්සි වැඩක් ඇතැයි සංදීපට මුසාවක් කී අංජුලා ඔවුන්ගේ නිවසින් නික්ම ගියාය.. ඇගේ සිත බොහෝ කලබලව තිබිණි.. සිතුමිණී, සංදීපට මේ තරම් වෙනස්කම් කරතැයි ඈ සිතුවේ නැත.. මෙම තත්වය සිතුමිණීගේ දෙමාපියන්ට කීමෙන් ඵලක් නොවේ.. කෙසේ වුවද සිතුමිණීගේ සිත රඛිතගෙන් මුදවා සංදීපට ළං කරනෙමියි අංජුලා දැඩිව අදිටන් කර ගත්තාය.. [/FONT]


    Mathusambandai.gif


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-3.jpg


    03.png


    වෙහෙසකර දෙසතියකට පසුව උදා වූයේ සංදීප විවාහයෙන් පසුව රැකියාවට යන මුල්ම දිනයයි.. එදිනවත් සිතුමිණී කලින් අවදි වේ යැයි සංදීප සිතා උන්නද ඈ නැගිට්ටේ ඔහු පිටව යන්නට ඔන්න මෙන්න තිබියදීය.. ඒ වන විට අයිරම්මා ඔහුගේ කෑම වේල් දෙකම සූදානම් කර තිබිණි..

    [FONT=&quot]“අයිරම්මා මගේ තේ එක කෝ..?”[/FONT]


    [FONT=&quot]වෙනදාට තමා අවදිවන විට අයිරම්මා කාමරයට ගෙනෙන තේ එක අද නැත්තේ මන්දැයි සිතමින් සිතුමිණී පහළට බැස ආවාය..[/FONT]


    [FONT=&quot]“ගුඩ් මෝනිං සිතූ..”[/FONT]


    [FONT=&quot]නිවසින් යාමට පෙර තම පුංචි බිරිදගේ සුන්දර මුහුණ දැකීම වාසනාවක් යැයි ඇදහූ සංදීප ඇයට සුබ උදෑසනක් පැතුවේය.. නමුත් ඈ ඇස් කොණකින් හැරී බැලුවා පමණි..[/FONT]


    [FONT=&quot]“අද ඉදලා ආපහු වැඩ බබා..”[/FONT]


    [FONT=&quot]ඈ තමාව ගණන් නොගත්තද තමා කියනා දෑ ඇයට ඇසෙන හෙයින් සංදීප නැවතත් කීවේය 'හ්ම්' සද්දයක්වත් පිට නොකල ඈ නිහඩවම තේ කෝප්පය තොල ගෑමට පටන් ගත්තාය.. ඔහුට මහත් අනුකම්පාවක් දැනුණි..[/FONT]


    [FONT=&quot]“මං එහෙනං ගිහින් එන්නම් අයිරම්මෙ.. පුංචි නෝනව හොදින් බලාගන්න..”[/FONT]


    [FONT=&quot]ඔහු පිටව යද්දි අයිරම්මාට එසේ කීවේ සිතුමිණීටද ඇසෙන ලෙසය..[/FONT]


    [FONT=&quot]“හොදයි මහත්තයො රත්නත්තරේ සරණයි..”[/FONT]


    [FONT=&quot]සංදීප එම ආශීර්වාසය බලාපොරොත්තු වූයේ අයිරම්මාගෙන් නොවේ.. තම බිරිද සිතුමිණී තමාට කිසිවක් කියතැයි බලා ඔහු උන්නේය.. සිතුමිණී ඔහුගේ එම අදහස වැටහුනාක් මෙන් වහා කුස්සියට ඇතුල් වුනි.. මොහොතකින් සංදීපගේ රිය නික්ම යන හඩ හා පොඩ්ඩෙ ගේට්ටුව අරින හඩ ඇසුණු ඈ සැනසුම් සුසුම් හෙලුවාය..[/FONT]


    [FONT=&quot]“මහත්තයා ගියා නෝනෙ..”[/FONT]


    [FONT=&quot]අයිරම්මා කුස්සියට අතුළු වූයේ සිතුමිණී සමග තරමක නොරිස්සුමකිනි.. එය නොවැටහුණු සිතුමිණී අයිරම්මා දෙස බලා සුහදව සිනාසුනාය.. ඒ දිගැටි නිල් දෑස් දුටු අයිරම්මාට ඇය කෙරෙහි මහත් ලෝභකමක් දැනුණි.. ඇගේ තරහා අමතකව ගියා සේය..[/FONT]


    [FONT=&quot]“අයිරම්මා.. අපි සමපෝෂ හදමු..?”[/FONT]


    [FONT=&quot]සිතුමිණී උන් හිටි ගමන් කී දෙයින් අයිරම්මා පුදුම වුනි.. ඇය කෑමට කැමති යමක් ඔය ඉල්ලුවාමය..[/FONT]


    [FONT=&quot]“අනේ නෝනෙ.. මේ ගෙදර කොයින්ද සමපෝෂ..?”[/FONT]


    [FONT=&quot]“කඩේ තියෙනවද දන්නෑ.. මං බලලා එන්නම්..”[/FONT]


    [FONT=&quot]“කඩේ යන්න.. නෝනෙ..?”[/FONT]


    [FONT=&quot]සිතුමිණී තමා සමග විහිළු කරනවාදැයි ඇයට සිතාගත නොහැකි විය.. පොඩ්ඩෙ සිටියදී ඈ කඩයට ගියොත් සංදීප මහතාගෙන් තමාට බේරුමක් නොවේ.. එහෙයි අයිරම්මා පොඩ්ඩේව කඩයට පිටත්කර හැරියේය..[/FONT]


    [FONT=&quot]“අග්ගලා හදන්න අයිරම්මෙ.. ඔන්නු පුංචි නෝනට විතරක් නෙමෙයි මටත් ඕනෙ හරිද..?”[/FONT]


    [FONT=&quot]පොඩ්ඩේ කඩයට යාමට සැරසුනේ අයිරම්මාට කොන්දේසියක්ද දමමිනි..[/FONT]


    [FONT=&quot]“පොඩ්ඩෙ..”[/FONT]


    [FONT=&quot]ඔහු ගේට්ටුව වසද්දිම සිතුමිණී කෑ ගැසුවාය..[/FONT]


    [FONT=&quot]“ඇයි පුංචි නෝනා..?”[/FONT]


    [FONT=&quot]“ඔයාට මොනව හරි ඕන දේවල් තියෙනවා නම් ගන්න.. ආ..”[/FONT]


    [FONT=&quot]සිතුමිණී පොඩ්ඩෙ දෙසට රුපියල් පන්සීයෙ නෝට්ටුවක් දිගු කළාය.. ඔහු එය අතටවත් නොගෙන බලා උන්නේ පුදුමයෙනි..[/FONT]


    [FONT=&quot]“මට.. මට මුකුත් ඕනෙ නෑ පුංචි නෝනා..”[/FONT]


    [FONT=&quot]“කමක් නෑ.. මේක ගන්නකො..”[/FONT]


    [FONT=&quot]මොහොතක් දෙකක් බලා හිද අවසානයේ ඔහු එය අතට ගත්තේ ඇයට තරහා යාවි යැයි හැගුණ නිසාය..[/FONT]


    [FONT=&quot]පොඩ්ඩෙ ගෙනා සමපෝෂ පැකට් දෙකෙන් එකක් සිතුමිණී තනිවම සාදා ගත්තේය.. ඈ අයිරම්මාට පොල් ගෑමට හෝ ඉඩ දුන්නේ නැත..[/FONT]


    [FONT=&quot]“අයිරම්මෙ.. ආ.. කන්න..”[/FONT]


    [FONT=&quot]ඈ අග්ගලා තුන හතරක් තැබූ පීරිසි දෙකෙන් එකක් අයිරම්මාට දී අනෙක පොඩ්ඩේට දුන්නාය..[/FONT]


    [FONT=&quot]“මේ තරම් දුන්නම නෝනෙට තියෙනවයි..?”[/FONT]


    [FONT=&quot]“අපෝ මට ඇති.. ඔය දෙන්නා කන්න..”[/FONT]


    [FONT=&quot]තමාගේ අතින් තේ එකක්වත් සාදා සංදීප මහතාට නොදෙන පුංචි නෝනා තමාට හා පොඩ්ඩේට අග්ගලා සාදා දීමට අයිරම්මාගේ පුදුමයට හේතු උනි.. සංදීප නිවසේ සිටියදී සිතුමිණී වැඩ නොකලේ හිතා මතාම බව ඈ දැන උන්නේ නැත..[/FONT]


    [FONT=&quot]“පුංචි නෝනා.. ආං ෆෝන් එක වදිනවා..”[/FONT]


    [FONT=&quot]කුස්සියේ පඩි ගැට්ට මත වාඩි වී සමපෝෂ කන සිතුමිණීට අයිරම්මා කීවේය.. ඈ සාලයේ පුටුවත් මත තිබූ ජංගම දුරකථනය දෙසට අඩි දෙකට දිව ගියේ පොඩ්ඩේගේ මුවගට සිනාවක්ද නංවමිනි..[/FONT]


    [FONT=&quot]“සංදීප මහත්තයා දාන රෙස්පෙක්ට් වල හැටියට පුංචි නෝනා මේ තරම් හොදයි කියලා හිතාගන්නවත් බෑ..”[/FONT]


    [FONT=&quot]පොල් සීනි හා ලුණු පදමට දමා තනා තිබූ අග්ගලා බෝලයක් කටේ ඔබා ගත් පොඩ්ඩේ අයිරම්මාට කීවාය..[/FONT]


    [FONT=&quot] ****************************[/FONT]


    [FONT=&quot]තම දුරකථනයේ රඛිතගේ අංකය සටහන්ව තිබෙනු දුටු සිතුමිණීගේ සතුට නිම්හිම් නැති විය.. සමපෝෂ පිගාන ඔඩොක්කුවේ තබා ගත් ඈ සෙටියේ හරිබරි ගැසී ඉද ගත්තේ දිගු සංවාදයකට මුල පුරමිනි..[/FONT]


    [FONT=&quot]“සිතූ..”[/FONT]


    [FONT=&quot]රඛිතගේ හඩ වඩා හොදින් ග්‍රහණය කරගන්නට මෙන් ඈ දුරකථනය තවත් කණට ළං කර ගත්තාය..[/FONT]


    [FONT=&quot]“රඛිත.. අනේ රඛිත..”[/FONT]


    [FONT=&quot]කතා කිරීමට කොතෙකුත් දේ තිබුණද ඒ හැම එකකටම පෙර සිතුමිණීගේ කදුළු ඉස්සර විය.. ඇයට මොහොතක් දෙකක් සිත් සේ වැළපීමට ඉඩ හල රඛිත සිය කටහඩ අවදි කලේය..[/FONT]


    [FONT=&quot]“ඇයි සිතූ මෙච්චර දවස් ගාණක් ෆෝන් එක වැඩ කලේ නැත්තෙ..? මං දවස් ගානක්ම ට්‍රයි කලා..”[/FONT]


    [FONT=&quot]“ෆෝන් එක තිබුණෙ ගෙදර රඛිත.. අංජුලා තමයි ළගදි දවසක ෆෝන් එක ගෙනත් දීලා ගියේ..”[/FONT]


    [FONT=&quot]“ඒකට කමක් නෑ.. කෝ සංදීප..?”[/FONT]


    [FONT=&quot]“වැඩට ගියා..”[/FONT]


    [FONT=&quot]සිතුමිණී පිළීතුරු දුන්නෙ ඕනවාට එපාවට මෙන්ය.. රඛිතට ඒ බව මනාව වැහටිණි..[/FONT]


    [FONT=&quot]“මං කියපු විදියට වැඩ වේගෙන යනවනේ බබා..?”[/FONT]


    [FONT=&quot]“හ්ම්..”[/FONT]


    [FONT=&quot]“ගෙදර සර්වන්ට්ලා ඉන්නවද..?”[/FONT]


    [FONT=&quot]“ඔව්.. දෙන්නෙක්..”[/FONT]


    [FONT=&quot]තමාගෙන් මිදුණු සිතුමිණී ඉතා සුබෝපභෝගි දිවියක් ගෙවීම ගැන රඛිතට සියුම් ඊරිසියාවක්ද දැනෙන්නට විය.. ගැහැණුන් සැප සම්පත්වලට ප්‍රිය කරන බව රඛිත අසා තිබිණි.. එහෙයින් යම් දිනක සිතුමිණී මේ ගෙවන දිවියට ප්‍රිය කිරීමේ ඉඩකඩක්ද ඇත..[/FONT]


    [FONT=&quot]“ගොඩක් දේවල් කියන්න තියෙනවා සිතූ.. ඔයාට බැරිද මාව ඇවිත් මීට් වෙන්න..?”[/FONT]


    [FONT=&quot]තමා සංදීපට ප්‍රිය නොකරන බව සැබෑවකි.. නමුත් තමා දැන් ලෝකය හමුවේ විවාහක ගැහැණියක් බව සිතුමිණීට සිහි විය.. එනිසා ඈ උන්නේ චකිතයෙනි..[/FONT]


    [FONT=&quot]“ඔයාම නේද රඛිත කිව්වෙ කාටවත් සැක හිතෙන විදියට හැසිරෙන්න එපා කියලා..?”[/FONT]


    [FONT=&quot]තම සිතැගි ඒ ලෙසින්ම පිට කලහොත් ඔහුට තරහා නැගේ යැයි නැගුණු සිතුමිණී එය වෙනද් විදියකට පැවසුවාය..[/FONT]


    [FONT=&quot]“සැක හිතෙන්නෙ නෑ බබා.. ඔයා ගෙදර ඉන්න කම්මැලි නිසා මොනව හරි කෝස් එකක් කරන්න යනවා කියලා කියන්න.. එතකොට අපිට දිගටම උනත් මීට් වෙන්න පුළුවන්..”[/FONT]


    [FONT=&quot]පාසල් ගමන අවසන් කළ තම යෙහෙළියන් නම් විවිධාකාර පාඨමාලා හදාරණ බව සිතුමිණී දනී.. එහෙත් විවාහ වූ තමාට මොන පාඨමාලාදැයි ඇයට නොසිතුනා නොවේ..[/FONT]


    [FONT=&quot]“බලමු..”[/FONT]


    [FONT=&quot]ඈ එයට පිළිතුරු සැපයුවේ ඇසූ ප්‍රශ්නයද ඔහුට අමතක වුන තරම් කල් වේලා ගතවූ පසුවය.. සිතුමිණීගේ සිත වෙනස් වී ඇත්දැයි රඛිතට සැක සිතුණි..[/FONT]


    [FONT=&quot]“මට ජොබ් එකක් ලැබුණා සිතු.. ඔෆිස් එකෙන් බයික් එකකුත් දුන්නා..”[/FONT]


    [FONT=&quot]“ෂෝක්නෙ..”[/FONT]


    [FONT=&quot]ඈ එය කියූ තාලයට තමා දැන් මොහොතකට පෙර සිතූ දෙස නිවැරදි නොවන බව රඛිත වටහා ගත්තේය.. පෙර දිනවල මෙන් සිතුමිණිව තුරුළට ගෙන ඒ මෘදු පහස විද ගැනීමට ඔහුට දැඩි උවමනාවක් දැනුණි.. ඔහු ඇයව නිවසින් පිටතට ගැනීමේ දැඩි උත්සහයක යෙදුනේ ඒනිසාය..[/FONT]


    [FONT=&quot]“මට ඔයාව බලන්න ඕන සිතූ.. මට ඔයා ළගට වෙලා ඉස්සර වගේ ඉන්න ඕන..”[/FONT]


    [FONT=&quot]ඔහු ඇයව නතු කර ගැනීමට විවිධාකාර දේ කීවේය.. නමුත් සිතුමිණී උන්නේ දොලොවක අතරමං වී ගෙනය..[/FONT]


    [FONT=&quot]“මං ඒ නිසා තමයි කිව්වෙ වෙඩින් එකට කලින් මාව අරන් යන්න කියලා..”[/FONT]


    [FONT=&quot]“එහෙම ගෙනාව නං මං කොහෙද නිතූ ඔයාව තියාගන්නෙ..? අපේ දුප්පත් ගෙදර ඔයාට පහසුකම් මදි..”[/FONT]


    [FONT=&quot]“ඉතිං මං ආපහු ආවත් අපිට ඉන්න වෙන්නෙ ඒ ගෙදරමනේ..”[/FONT]


    [FONT=&quot]ඔවුන්ගේ සැලැස්ම වූයේ යලි එක්වීම හෙයින් ඇය අසා සිටියාය..[/FONT]


    [FONT=&quot]“ඒත් දැන් ඔයාට ලොකු ඉඩමකුයි සල්ලියි තියෙන නිසා අපිට ගෙයක් හදාගන්න බැරියෑ..”[/FONT]


    [FONT=&quot]ඔහු ඒ කීවේ තව දෑවැද්ද පිළිබදව බව සිතුමිණී වටහා ගත්තාය.. ඇයට රඛිත පිළිබදව පිළිකුලක් දැනුණි..[/FONT]


    [FONT=&quot]“මට කොහෙද රඛිත ඉඩම්..?”[/FONT]


    [FONT=&quot]රඛිතගේ සිතැගි දැන ගැනීමේ මුවාවෙන් ඇය තෙපළාය..[/FONT]


    [FONT=&quot]“ඇයි ඔයා සංදීපව බැන්දොත් අර මාලඹේ පැත්තෙ තියෙන ලොකු ඉඩම ඔයාට දෙනවා කිව්වලු නේද..?”[/FONT]


    [FONT=&quot]රඛිත එසේ පැවසුවේ එය තවමත් ඈ නමට ලියා ඇත්ද යන දෙගිඩියාවෙනි.. එම කටයුතු නිමා වී නැති නම් ඔහුගේ සැලැස්ම තව කල් දැමීමට සිදුවේ..[/FONT]


    [FONT=&quot]“එහෙම එකක් නං දුන්නෙ නෑ.. තාත්තා පොතට නං සල්ලි ටිකක් දැම්මා..”[/FONT]


    [FONT=&quot]“කීයක් විතරද..?”[/FONT]


    [FONT=&quot]තමාගේ හඩ වේගවත් වූවා වැඩිදැයි රඛිතට සිතාගත නොහැකි විය..[/FONT]


    [FONT=&quot]“ලක්ෂ පහළවක් විතර..”[/FONT]


    [FONT=&quot]සිතුමිණී එය කීවේ ඇගට පතට නොදැනෙන ලෙසය.. කුඩා කල සිට සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩුණු ඇයට එය එතරම් ලොකු මුදලක් නොවූවද රඛිතට නම් එය මහ මෙරක් සේ දැනුණි.. ඔහු සැනසුම් සුසුමක් හෙලුවාය..[/FONT]


    [FONT=&quot]“අපේ ප්ලෑන් එකේ ඉඩම් කතාවක් තිබුණෙ නෑනේ රඛිත..”[/FONT]


    [FONT=&quot]සිතුමිණී සිය අප්‍රසාදය යටපත් කර ගැනීමට වෙරදරමින් විමසුවාය.. රඛිතට තම කට ඉස්සර වීම ගැන මහත් පසුතැවීමක් දැනුණි..[/FONT]


    [FONT=&quot]“නෑ බබා.. මං ඒ කතාව විහිලුවට කිව්වෙ..”[/FONT]


    [FONT=&quot]“රඛිත.. සංදීප එනවා..”[/FONT]


    [FONT=&quot]සිතුමිණී කීවේ මුසාවකි.. සංදීප තවම වැඩට ගොස් පැය දෙක තුනක්වත් ගතව නැත.. නමුත් ඇයට රඛිතගෙන් මිදී මදක් කල්පනා කිරීමට අවැසි වූවාය..[/FONT]


    [FONT=&quot]“ඌ ආවට මොකෝ.. මිනිහ කොහොමත් අපි දෙන්නා ගැන දන්නවනෙ..”[/FONT]


    [FONT=&quot]“මං පස්සෙ ගන්නම්..”[/FONT]


    [FONT=&quot]ඔවු තවත් මොනවදෝ කියන්නට මුව විවර කරද්දිම සිතුමිණී ඇමතුම විසන්ධි කළාය.. ඇයට දැනුණේ දැඩි මානසික කම්පණයකි.. රඛිත තමා මලු කර ඇත්දැයි ඇයට වරෙක සිතුණි..[/FONT]


    [FONT=&quot]ඔවුන් මුලදී කතා කර ගත්තේ දෙමාපිය කැමැත්තට ඉඩ දී සංදීපව විවාහ කර ගෙන පසුව ක්‍රමයෙන් සංදීපගෙන් ඈත් වීමටය.. සංදීපට, සිතුමිණීව එපා වූ කල ඔහුට ඇයට දික්කසාදය දේ යැයි රඛිත පැවසුවේය.. ඒ අතර තුර කාලයේ තමා රැකියාවක් සොයා ස්ථාවරයකට එන බවද ඔහු ඇයට පොරොන්දු වී තිබිණි.. රඛිත කෙරෙහි වූ දැඩි ආදරය නිසා සිතුමිණී මෙතෙක් සංදීපට තම හුස්මක්වත් වැදීඩේ ඉඩක් ලබා දුන්නේ නැත.. නමුදු දැන් සැලැස්ම ගලා යන්නෙ වෙනම ඉසව්වකට බව ඇයට දැනෙමින් තිබිණි..[/FONT]


    [FONT=&quot]“පුංචි නෝනෙ.. ආයෙත් හිසේ ඇම්මද..?”[/FONT]


    [FONT=&quot]තමා කොතෙක් වෙලා පුටුවට වී දෑස් පියා උන්නාදැයි සිතුමිණීට නිනව්වක් නොවිය.. ඈ අයිරම්මාගේ හඩට තිගැස්සී ගියේ ඒ නිසාවෙනි..[/FONT]


    [FONT=&quot]“නෑ අයිරම්මෙ.. කම්මැලි හිතුණා..”[/FONT]


    [FONT=&quot]“ඒක මිසක්.. අග්ගලා ටිකත් කාලා නැති කොට මං බය හිතුණා..”[/FONT]


    [FONT=&quot]ආසාවෙන් සාදා ගත් සමපෝෂ පිගාන සිතුමිණීට මුලින්ම අමතකව ගියාය.. ඈ ඉන් එකක් ගෙන මුවගට ළං කළද පෙර වූ කෑම රුචිය පළා ගොස් තිබිණි..[/FONT]


    [FONT=&quot]“අයිරම්මා.. පොඩ්ඩෙ කෝ..?”[/FONT]


    [FONT=&quot]ප්‍රශ්න අමතක කරලීමට අවැසි වූ ඈ අළුත් උද්යෝගයකින් මෙන් විමසුවාය..[/FONT]


    [FONT=&quot]“ඔන්න ඔය කුස්සියට වෙලා හිටියෙ.. ඇයි නෝනෙ මොකක් හරි හදිස්සියක්ද..?”[/FONT]


    [FONT=&quot]සිතුමිණී සිය අවශ්‍යතා අයිරම්මාට පැවසුවා මිසක කිසිම දිනක පොඩ්ඩේට යමක් නොකියන බව අයිරම්මා දනී.. එහෙයින් ඈ පුදුම වී බැලුවාය..[/FONT]


    [FONT=&quot]“ටිකකට එන්න කියන්න..”[/FONT]


    [FONT=&quot]සිය ස්වාමි දියණියගේ අණට කීකරු වෙනවා හැරෙන්න හරස් ප්‍රශ්න ඇසීම උචිත නොවේ යැයි හුගුණු අයිරම්මා උස් හඩින් පොඩ්ඩේ ඇමතුවාය.. ඔහු දිව ආවේ බාගෙට කන ලද අඹ ගෙඩියක්ද සුරතේ ගුලිකර ගනිමිනි..[/FONT]


    [FONT=&quot]“ඇයි අයිරම්මෙ.. අඹ කෑල්ලක් ඕනෙද..? ඒත් ඉතිං අයිරම්මා අඹ කන වයස දැන් පහුවෙලානෙ..”[/FONT]


    [FONT=&quot]සිතුමිණි සැටියේ වාඩි වී ඉන්නවා නුදුටු පොඩ්ඩේ අයිරම්මාට කවටකමක් කර සිනාසුනේය..[/FONT]


    [FONT=&quot]“මට ඕන ඇති අඹයක් නෑ.. ඕං මේ පුංචි නෝනා උඹට කතා කරා..”[/FONT]


    [FONT=&quot]තමා කල විහිළුව ගැන පොඩ්ඩේ තැති ගත්තේ සිතුමිණීව දැකිමෙනි.. නමුත් ඈ එය තැකීමක් කළේ නැත..[/FONT]


    [FONT=&quot]“පොඩ්ඩෙ මේ හරියෙ වීඩියෝ සෙන්ටර් එකක් නැද්ද..?”[/FONT]


    [FONT=&quot]“ම්.. ඒ කිව්වෙ අර ටෙලිෆෝන් කෝල් ගන්න කඩයක් නේද../ තියෙනවා තියෙනවා නෝනෙ.. හන්දියෙ එකක් තියෙනවා..”[/FONT]


    [FONT=&quot]ඔහු වීඩියෝ සෙන්ටර් හා කොමියුනිකේෂන් යන වදන් දෙක පටළවා ගෙන ඇති බව සිතුමිණීට වැටහුණි.. ඈ එහි වෙනස ඔහුට පහදා දුන්නාය..[/FONT]


    [FONT=&quot]“අන්න එහෙම කියන්න එපැයි නෝනෙ.. පිචර් තැටි තියෙන කඩයක්නෙ ඔය කියන්නෙ.. එහෙම එකකුත් තිබුණා මයෙ හිතේ..”[/FONT]


    [FONT=&quot]“මට සීඩි දෙක තුනක් ගන්න ඕනෙ.. පොඩ්ඩෙ මගෙත් එක්ක යමුද..?”[/FONT]


    [FONT=&quot]“හප්පේ.. මොකෝ බැරි.. එක පාරට දෙපාරක් යමුකො නෝනෙ..”[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]සිතුමිණී කිසිම දෙයක් බරක් පතලක් නොගන්නා හැටි අයිරම්මාට පුදුම සහගතය.. ඇයව පොඩ්ඩෙ සමග තනිව හන්දියට යැවීමට අයිරම්මාට සිත් දුන්නේ නැත..[/FONT]

    [FONT=&quot]“පොඩ්ඩෙ හිටපුවාවෙ නෝනෙ.. අපි දෙන්නා ගිහින් අරන් එමු..”[/FONT]


    [FONT=&quot]“අයිරම්මා දන්නවද වීඩියෝ සෙන්ටර් එක තියෙන තැන..?”[/FONT]


    [FONT=&quot]සිතුමිණීගේ පැනයට ඈ ගොළු වී ගියෙත් පොඩ්ඩේගේ මුවේ සරදම් සිනාවක් නැගුණේත් එක විටය..[/FONT]


    [FONT=&quot]“ඉන්න මං සායක් දාගෙන එන්නං..”[/FONT]


    [FONT=&quot]ගෙදරට ඇද උන් කොට කලිසම හැද පාරට බැසීම උචිත නොවන හෙයින් ඈ උඩු මහලට දිව ගියාය..[/FONT]


    [FONT=&quot]“පොඩ්ඩෙ.. උඹ මෙතන පාර ගාවට ගිහින් වීල් එකක් අරන් වරෙන්.. පුංචි නෝනට පයින් ගිහින් පුරුදු නෑ..”[/FONT]


    [FONT=&quot]“එතකොට දැන් පුංචි නෝනා එක්ක හන්දියට යන්නෙ මමද අයිරම්මද..?”[/FONT]



    [FONT=&quot]පුංචි නෝනා වැනි ලාබාල පෙනුමැති සුරූපිනියක සමග ගමනක් යාමට ලැබීම වාසනාවක් සේ ඇදහූ පොඩ්ඩේ එම ගමනට අයිරම්මා හරස් වේ යැයි බියෙන් උන්නේය..[/FONT]


    [FONT=&quot]“මං තැන දන්න එකක්යෑ.. උඹම පලයං..”[/FONT]


    [FONT=&quot]ඇගේ වදන් පොඩ්ඩේගේ නොමද සතුටට හේතු විය.. අඩියට දෙකට පාරට පිවිසි පොඩ්ඩේ අත වූ අඹ ගෙඩියද විසි කර දමා ත්‍රීරෝද රථ නැවතුමට දිව ගියේය..[/FONT]


    [FONT=&quot]“අයිරම්මා අපි පැය භාගයක් යන්න කලින් එනවා..”[/FONT]


    [FONT=&quot]සිතුමිණී, අයිරම්මාගේ හිස අතගා කීවේ ඇය මෙහෙකාරියක ලෙස නොව මවක ලෙස සිතාගෙනය.. ඇගේ එවැනි ලෙංගතු හැසිරීම් අයිරම්මාගේ දෙනෙතට කදුළු ගෙන ඒමට සමත් විය..[/FONT]


    [FONT=&quot]“පොඩ්ඩෙ.. පුංචි නෝනව පරිස්සමින් බලාගනිං..”[/FONT]


    [FONT=&quot]කදුළු සගවාගත් අයිරම්මා පොඩ්ඩේට අවවාද කලේ සිතුමිණිට රහසිනි.. නමුත් අයිරම්මා කී දෙය පොඩ්ඩේට ඇසුනේවත් නැත.. ඔහු ත්‍රීරෝද රියට ගොඩ වූ සිතුමිණී දෙස වශිකෘතව බලා උන්නාය..[/FONT]


    [FONT=&quot]“පොඩ්ඩෙ නගින්න..”[/FONT]


    [FONT=&quot]සිතුමිණිගේ ගීතවත් කට හඩට පොඩ්ඩේ ඉක්මනින් නැග ගත්තද ඇගේ ඇදුමේ කොනකටවත් නොවැදීමට ඔවු වග බලා ගත්තේය.. ඒ දුටු සිතුමිණීට සිනහා නැගුණේ නිරායාසයෙනි.. තමාගේ වයසටම කිට්ටු වයසක් පෙන්නුම් කළ පොඩ්ඩේ තුළ තමා කෙරෙහි ගෞරවයක් ඇති බව ඈ වටහා ගත්තාය..[/FONT]


    [FONT=&quot]“නෝනෙ කාටුන් කතන්දර ගේන්නද යන්නෙ..?”[/FONT]


    [FONT=&quot]පොඩ්ඩේ එසේ ඇසුවේ ඈ කාටුන් බැලීමට මනාප බව දන්නා නිසාවෙනි..[/FONT]


    [FONT=&quot]“නෑ පොඩ්ඩෙ.. චිත්තර පටි ටිකක් අරන් එන්න යන්නෙ..”[/FONT]


    [FONT=&quot]ඇය පොඩ්ඩෙගේ බාසාවෙන්ම පිලිතුරු දුන්නාය.. එය ඇසුණු ත්‍රී රෝද රථ රියදුරු පස පස හැරී සිනාසෙනු සිතුමිණීට පෙනුණි..[/FONT]



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    04.png


    දිනක් අංජුලා සවස් භාගයේ සිතුමිණීගේ දෙමාපියන් මුණ ගැසීමේ අටියෙන් ඔවුන්ගේ නිවසට ගියාය.. පාසල් සමයේ නිරන්තරව ආගිය නිසාත් නිවෙස් දෙක ළග ළග පිහිටා තිබූ නිසාත් අංජුලාට මෙය තමන්ගේ නිවස තරමටම හුරුපුරුදු තැනක් විය..

    “ආ.. මේ අපේ අංජු දුවනේ.. එන්න.. එන්න..”


    සිතුමිණීගේ මව මූ මාලනී ඇයව පිළිගත්තේ සුපුරුදු සෙනෙහසිනි.. අංජුලා තම අතෙහි වූ පාර්සලය මාලනී අතට දී ඈ සමග නිවස තුළට ගියාය..


    “ආන්ටි සිතූලගෙ ගෙවල් පැත්තෙ එහෙම ගියේ නැද්ද..?”


    අංජුලාට අවැසි වූයේ ඇය සිතුමිණිලගෙ පවුලේ ජීවිතය ගැන කොතරම් දුරට දැනේදැයි අවබෝධයක් ලබා ගැනීමටය.. ටික වෙලාවක් කල්පනාබරව ඈත බලා හුන් මාලනී සිය හඩ අවදි කලේ නෙනෙතේ කදුළු පුරවාගෙනය..


    “අර එදා දූලත් එක්ක උත්සවේට ගියාට පස්සෙ තාම යන්න බැරි උනා.. අනික අපේ දුව උනත් අපි එහේ එනවට වැඩි මනාපයක් නෑ.. කෝල් කලත් වචනෙන් දෙකෙන් ෆෝන් එක තියනවා..”


    ඈ සිය දුක් ගැනවිල්ල කියාගෙන යන විට දෙනෙත් නළියමින් උන් කදුළු පොකුරු දෙකම්මුල් තෙමාගෙන ගලා ගියේය.. අංජුලා මහත් අනුකම්පාවකින් ඒ දෙස බලා උන්නාය..


    “කෙල්ල තාම ටිකක් තරහින් ඉන්නෙ ආන්ටි.. ඕක ටික දවසකින් හරි යයි..”


    “දූ එහෙ ළගදි ගියාද..?”


    “ඔව්.. එදා ආන්ටි දුන්න ෆෝන් එක දීලා එන්නත් එක්ක මං ගියා..”


    සිතුමිණී අසනීපෙන් උන් බව හෝ ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්න ඇති බව නොකියන්නට අංජුලා වගබලා ගත්තාය.. එය දැනගත්තොත් මොවුන් දෙදෙනා වුව අසනීප වීමට ඉඩ කඩ ඇත..


    “අපේ කෙල්ල හොදින් ඉන්නවද දුවේ..?”


    “අපොයි ඔව්.. සිතූට එහෙ හොද සැප.. අර අයිරම්මා උනත් එයාට පණ ඇරලා ආදරෙයි..”


    “ඒකි ඉතිං කවදත් සැර දැම්මෙ ගෙදර උන්ට විතරනෙ.. රටේ ලෝකෙ මිනිස්සු ළග පුංචි එකෙක් වගේ..”


    තම නෑදෑයන් හෝ සිතුමිණීට වදනකින්වත් දොසක් නොකියන බව දැන උන් මාලනී කීවාය.. පාසලේ ගුරුවරියන්, හෙයෙළියන් වුවද සිතුමිණීට බොහෝ සේ ආදරය කළ බව අංජුලා සිහිපත් කලේ ඇගේ එම කතාවත් සමගය..


    “කොච්චර මුරණ්ඩු උනත් ඉතිං මගේ බඩින් වදාපු එකීනෙ.. මටත් ගිහින් බලලා එන්න හිතෙනවා පුතේ..”


    ඈ ගොස් සිතුමිණීගේ දුක සැප සොයා බැලීම හොද වුවද එහි ඇති ප්‍රශ්න දැක සිත පාරවා ගන්නවාට අංජුලා අමනාප නොවීය..


    “ආන්ටි යන දවසක් කියන්න.. මමත් එන්නම්..”


    අංජුලා අනවසරයෙන්ම ගමනට එක් වීම මාලනීගේ නොමද සතුටට හේතු විය..


    “ආන්ටි සිතූගෙ හදහන ගෙදර තියෙනවද..?”


    අංජුලාගෙ පැනය මාලනී කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවිය.. මේ හදිස්සියේ ඇගේ හදහන සිහි කිරීම නිසා මාලනී තුල හට ගත්තේ දැඩි නොසන්සුන්කමකි..


    “ඇයි දරුවො.. කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක්ද..?”


    “අනේ නෑ ආන්ටි.. සිතූට මොන ප්‍රශ්නද..? අපිටනේ ප්‍රශ්න තියෙන්නෙ.. අපේ අම්මා කොහෙන්ද මංදා හොද තැනකින් මගේ හදහන බලවන්න යන්නෙ.. ඉතිං මට හිතුනා සිතුමිණීගෙ හදහනත් එතනට දීලා බලන්න..”


    ඈ යමක් වසන් කරත්දැයි දැන ගැනීමට මෙන් මාලනි, අංජුලා දෙස තියුණු බැල්මක් හෙලුවාය.. සිත යට යම් චකිතයක් හට ගත්තද අංජුලා එය යටපත් කර සැහැල්ලු ලෙස සිනාසුනාය..


    “මේ අල්ලපනල්ලෙ ඔය ළමයා ඇවිත් හදහන ඉල්ලද්දි මගේ හිත ගැස්සුනා.. ඉන්නකො.. ඒක ගෙයි ඇති.. මං ගෙනත් දෙන්නං..”


    මාලනී ගෙයි කාමරයට ඇතුළු වෙද්දී අංජුලාට සැනසුම් සුසුමක් පිටවිය..


    “ළගදිත් ගත්ත නිසා උඩින්ම තිබුණා..”


    විනාඩි කීපයක් ඉක්ම යාමට මත්තෙන් ඈ හදහන රැගෙන විත් අංජුලාට දුන්නාය..


    “ඇයි ආන්ටි ළගදි ගත්තෙ..? ළගදිත් සිතූගෙ වෙලාව බැලුවද..?”


    “වෙලාව නෙමෙයි.. මංගල්ලෙට පොරොන්දම් බැලුවනෙ..”


    “ඉතිං ඒකට මොකද කිව්වෙ..?”


    සිතුමිණීත්, සංදීපත් කොතරම් දුරට ගැලපේදැයි හදහන් මගින් හෝ දැන ගැනීමට ඇය යුහුසුළු විය..


    “ඒ දෙක නං අගේට ගැලපුනා.. කෙල්ලට ජීවිත කාලෙම රැජිනක් වගේ ඉන්න පුළුවං කියපු නිසයි අපිත් ඉක්මනට ඕක කරලා දුන්නෙ..”


    අංජුලාගේ සිතට මද සහනයක් දැනුණි.. හදහන කෙසේ වෙතත් දෙදෙනා පෙනුමෙන් නම් මනාවට ගැලපෙන බව ඈ දැන උන්නාය..


    “මං එහෙනං මේක සතියකින් විතර වගේ ගෙනත් දීලා යන්නං.. ආන්ටි අරෙහෙ යන දවසට මට කෝල් එකක් දෙන්න..”


    සිතූගේ හදහන අතට ගත් අංජුලාට හැකි ඉක්මනින් පිටව යාමට අවැසි විය..


    “හරි පුතේ.. අපේ එකී අපිට වැඩිය කතා කරන්නෙත් නැති එකෙ මොනවා හරි පණීවිඩයක් ලැබුනොත් ඔය ළමයවත් අපිට ඩිංගක් කියන්න..”


    පිටව යාමට මත්තෙන් ඈ කල එම ඉල්ලීම අංජුලාගේ සිත පාරවාලීමට සමත් විය..


    ****************************


    “ඒයි බලපංකො.. බැදලා මාසයක් නෑ.. මූ දැන්මම මූඩ් ගහන්න පටන් අරන්..”


    කාර්යාලීය කෑම මේසයක් මත කල්පනාබරව බලා උන් සංදීපට ඔහුගේ ළගම මිතුරෙකු වූ තිලංක සරදමක් කළේය.. තිලංකගේ කෑ ගැසීමට සංදීපගේ කල්පනා දැහැන බිද වැටුණි..


    “ඌට කල්පනා කරන්න දේවල් කොත්තර ඇත්ද බං..? උඹ මෙන්න මෙහෙට වෙලා ඉදපං..”


    අමිල, තිලංකව තල්ලු කර දැමුවේ බලා ඉන්නවුන් සිනා සයුරේ ගිල්වමිනි.. නමුත් සංදීපට නම් සිනා නැගුණේ නැත..


    “වයිෆ් කාලා ඇති බං දැන්.. උඹ කාපං..”


    තිලංක කීවේ සංදීප තවම දිගෑරියෙවත් නැති බත් පත පෙන්වමිනි.. තමා නිවසේ සිටයදී වුවද තම කෑම බීම ගැන නොසොයන සිතුමිණී මේ වන විට ආහාර ගෙන අවසන් බව සංදීප හොදින්ම දැන උන්නේය.. ඔහු බත් පත දීගෑර ගත්තේ මිතුරන්ගේ වදෙන් බේරීමට නොහැකි නිසා මිස බඩගින්නක් තිබුණු නිසා නම් නොවේ..


    “ෂා.. මුගේ බත් එක මාර සුවදයිනෙ.. ඔන්න බලපං මිනිස්සු බැන්දට පස්සෙ වෙනස් වෙන හැටි..”


    සැබෑවටම සංදීපගේ බත් පතෙන් විහිදුනේ ප්‍රණීත සුවදකි.. එම වෙනස සිතුමිණී නිසා නොව අයිරම්මා නිසා සිදුවූවක් බව දැන උන්නේ සංදීපම පමණි.. මීට පෙර ඔහුගේ ආහාර පිළියෙල කලේ ඔහුගේ මවය.. නමුත් දැන් එය අයිරම්මා විසින් බාරගෙන ඇත.. ඈ මනා අත් ගුණයකින් යුතු තැනැත්තියක් වන අතර ඇයට ගම්බද කෑම ජාති පිළියෙල කිරීමටද හොද හැකියාවක් තිබේ..


    “ඕකට ඉතිං සංදීපයට ඊරිසියා නොකර උඹත් කසාදයක් බැදගනිං.. එතකොට උඹටත් වළලු දාපු අතකින් කටට රහට කෑම වේලක් කන්න පුළුවන්..”


    තිලංක එය කීවේ තවමත් අවිවාහකව උන් අමිලටය.. ඔහු තිලංකට දිව ඇදර කර විත් සංදීපගේ බත් පත ළගින් ඉදගත්තේය..


    “ඒයි අමිලයො.. උඹ ඕක කන්න එපා.. උගේ වයිෆ් ඕක ඔතලා තියෙන්නෙ ආදරෙත් දාලා..”


    මිතුරන්ගේ කතාවට සංදීපට යටි සිතින් සිනහා නැගුනේය.. සිතුමිණීගේ ආදරය.. ඔහුට එය සිහිනයක් පමණි..


    “නෑ බං මං ආදරේ කන්නෙ නෑ.. ඒක අයින් කරලා බත් විතරක් කන්නං..”


    “කට වහගෙන කාපං බං.. උඹලා මේ විකාර කියවනවා..”


    සංදීපගේ හඩට අමිල තිගැස්සී බැලුවේය.. මිතුරාගේ මුහුණ මලානික වී ඇත.. ඔහු කුමක් හෝ ගැටලුවකට මැදිව ඇති සෙයකි.. තමා ඔහුව විහිළුවකට ගැනීම ගැන අමිලට දැඩි පසුතැවීමක් දැනෙන්නට විය..


    “උඹ අවුලකද හිටියෙ..? සෙරි මචං..”


    “නෑ.. මං වෙන කල්පනාවක හිටියෙ.. ඉට්ස් ඕකේ..”


    “මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියපං සංදීප..”


    අමිල යනු ඕනෑම දෙයක් විවෘතව කතා කල හැකි ආකාරයේ පරම මිතුරෙකු බව සංදීප දැන උන්නේය.. නමුත් ඔහුට තිබුණේ මිතුරන්ට පවා කිව නොහැකි ආකාරයේ ගැටලුවකි..


    “උඹ ළගදි ඉදලා කල්පනා කරනවා වැඩියි කියලා අපේ සෙට් එකටත් නෝට් වෙලා තියෙන්නෙ.. සිතුමිණීගෙ අවුලක් නෙමෙයි නේද..?”


    “පිස්සුද බං.. සිතූගෙ මොන ප්‍රශ්නද..?”


    ඔහු ඇගට පතට නොදැනෙන සේ බොරුවක් කීවද අමිල එය සියයට සියයක් විශ්වාස කළේ නැත..


    එදා සංදීපගේ මධුසමය සදහා වෙන්කර තිබූ කණ්ඩලම හෝටලයට තිලංක හා දේවක ඔවුන්ගේ බිරියන් සමග යන බව කී විට අමිලද එම ගමනට එක්විය.. වසර දහයකටත් අධික කාලයක් තිස්සේ දැන හැදිනුම්කම් තිබු ඔවුන් සැබෑවටම හොද මිතුදමකින් බැදී උන්නේය.. ඔවුන්ගේ සමාගමට එක් වන නව සාමාජිකාව හදුනා ගැනීමට පිරිස සැදී පැහැදී උන්නද සිතුමිණී වැඩිය ඔවුනට මුහුණ දුන්නේ නැත.. ඈ පිරිසේ අනිත් සාමාජිකයින්ට වඩා වසර හය හතකින් පමණ බාල වීමද ඔවුන්ගේ පුදුමයට හේතු උනි..


    සංදීප ළග නැති අතරේ ඔවුන් බොහෝ අදහස් හුවමාරු කර ගත් අතර සිතුමිණී හා සංදීප අතර කුමක් හෝ ගැටළුවක් ඇති බව ඔවුන්ට වටහාගත හැකි විය..


    “උඹ ඔය අප්සට් මූඩ් එක දාගෙන කොල්ලො ඉස්සරහට එහෙම යන්න එපා.. අනිත්මට උන්ටත් සංදීප සර් බයිට් එකක් වෙයි..”


    ආයතනයේ මානව සම්පත් කළමණකාරු ලෙස සේවය කළ සංදීපට සේවකයන් අතරේ ඉතා හොද පිළිගැනීමක් තිබිණි.. එය පළුදු වනවාට නම් අමිල කිසිසේත්ම කැමති වූයේ නැත..


    “උඹ කියන දේවල් මට තේරෙනවා බං.. අපි ෆ්‍රී දවසක සෙට් වෙලා කතා කරමු..”


    සංදීපට කතා කිරීමට තරම් යමක් වූ බව අමිල ඉන් වටහා ගත්තද ඔවු ඒ පිළිබදව කියනා තෙක් තමා නිහඩව සිටින්නෙමි අමිල අදිටන් කර ගත්තේය..


    “මට කන්න බෑ මචං.. උඹ කාපං..”


    සංදීප බත් පතෙන් කටවල් දෙක තුනකට වඩා කෑවේ නැත.. ඔහු එය අමිලට දී අත සෝදා ගනිද්දි එහා මේසයේ උන් තිලංකද පුදුමයෙන් මෙන් බලා උන්නේය..


    “මොකක්ද බං මූට මේ වෙලා තියෙන්නෙ..? ඕන වෙලාවක බැලුවොත් අහස පොළව ගැටගහන්න වගේ කල්පනාව..”


    සංදීප නැවත සිය කුටිය වෙත යන තෙක් බලා උන් අමිල, තිලංක දෙසට හැරී විමසුවේය.. ඔහු උන්නේද කිසිවක් වටහා ගත නොහැකි පරිද්දෙනි..


    “මූ අපෙන් මොනවා හරි හංගනවා මචං.. මටත් තාම හිතාගන්න බෑ..”


    තිලංක සැබැවින්ම සිටියේ දොලොවක් අතර අතරමං වීගෙනය.. එදින කණ්ඩලම හෝටලයට ගිය ගමනේද සිතුමිණීට ඇදුම් මාරු කර ගැනීමට උදව් වී ඇත්තේ තිලංකගේ බිරිද වන අතර ඈ බොහෝ සෙයින් සිතුමිණීගේ ගුණ වර්ණනා කල බව තිලංකගේ මතකයේ තිබිණි..


    “සිතුමිණී අප්සට් කේස් එක්ක කියලා හිතන්නත් බෑ බං.. අපේ කල්පිට ලේසියෙන් කෙනෙක් දිරවන්නෙ නෑනෙ.. ඒත් එයා සෑහෙන්න සිතුමිණී ගැන හොද කිව්වා..”


    අමිල දිගට හරහට සංදීපගේ බත් එක ගිල දමන අතර තුර තිලංක තම සිතැගි හෙළි කළේය..


    “ඒකි කොහොමත් ජපන් බෝනික්කෙක් වගේ ඩයල් එකක්නෙ බං.. අපේ එකාට ඒ නිසා ගෙදර දාලා එන්න බයද දන්නෙත් නෑ..”


    සිතුමිණීගේ රූ සපුව ප්‍රථම වරට දුටු විට තමාගේ හදවත කම්පනය වූ බව අමිලට සිහිවිය.. ඔහු එදා එම හැගීම යටපත් කර ගත්තේ බ්‍රැන්ඩි බෝතලයක් හිස් කිරීමෙනි..


    “කොහොමටත් ලාබාල ලස්සන ගෑණු ගත්තම පිරිමි අපි සැමදා දුකේ.. ඒ නිසා බදිනන් කලින් ඒ ගැනත් හිතපං..”


    තිලංක බොහෝ ඇසූ පිරූ ඇති අයෙකු සේ උපදෙස් දෙද්දී අමිලගේ මුවගට අමුතු සිනාවක් නැගී ආවේය..


    නැවත සිය කුටියට ගිය සංදීපට සිත එකග කරගෙන වැඩක් කළ හැකි වූයේ නැත.. ඔහුට මිතුරන්ගේ කතා බස් නැවත නැවත සිහිපත් වීමට ගත්තේය..


    “බලපං බැන්දට පස්සෙ මිනිස්සු දියුණු වෙන හැටි..”


    අමිලගේ වදන් තමාගේ සිතේ පත්ලට ඇනී ගියේ හී පහරක් සේ බව සංදීපට සිහිපත් උනද විවාහයට පෙර ජීවිතය හා මේ ගෙවන ජීවිතය අතර ලොකු වෙනසක් දැනුනේ නැත.. තමා විවාහ වීමට පෙර මීට වඩා සැහැල්ලුවෙන් සතුටින් උන් අතර දැන් එම සතුටද අහිමි වී තිබේ..


    “මට නං කට පුරෝලා දුවේ කියන්න පුළුවන් දරුවෙක් ලැබුණා..”


    ගෙට ගෙවදීමේ උත්සවය දා සිතුමිණී, සංදීපගේ මවට දණ ගසා වැදි මොහොතේ ඈ විසින් කියන ලද්දක් සංදීපගේ දෙසවන් වල රැවිපිළිරැව් දෙන්නට විය.. සිය බිරිද ලෝකය හමුවේ මෙතරම් අහිංසක වී තමාට පමණක් වෙනස්කම් කිරීම නිසා ඔහුට දැනුණේ දැඩි අනුකම්පාවකි.. මෙම තත්වය හමුවේ සිතුමිණිගේ සැබෑ ස්වරූපය කිසිවෙකුට පැවසීමේ හැකියාවක්ද නැත.. පැවසුවද ඔවුන් එය විශ්වාස නොකරන බවද ඔහු දනී..


    *****************************


    අංජුලා ඇගේ මව සමග කන්දෙ විහාරයට ගොඩ වැදුනේ සිතුමිණීගේ හදහන බලවා ගැනීමටය.. මෙහි නායක හාමුදුරුවන් පලාඵල කීමෙහි දක්ෂයකු බව ඔවුන් අසා තිබිණි.. ඔවුන් දෙපලට හාමුදුරුවන් මුණ ගැසීමට ලැබුනේ පැය භාගයකට ආසන්න කාලයක් බලා සිටීමෙන් අනතුරුව වුවද තම දයාබාර යෙහෙළිය වෙනුවෙන් පැය භාගයක් අපතේ යාම අංජුලාට නම් ගැටළුවක් නොවිය..


    “මේ හදහන මේ දැරිවිගෙ වෙන්න බෑ..”


    කේන්දරය බලූ සැනින් උන් වහන්සේ කීවේ අංජුලා හා මව පුදුමයට පත් කරමිනි..


    “එහෙමයි අපේ හාමුදුරුවනේ.. දුවගේ යාළුවෙක්ගෙ..”


    අංජුලාගේ මව යටහත් පහත් ලෙස පිළිතුරු දුන්නේය..


    “බොහොම සැප සම්පත් ඇත්තියක්.. වරක් බැලුවොත් දෙවරක් බලන්න සිතෙනවා..”


    “එහෙමයි..”


    “හැබැයි වෙලාවකට හිතුවක්කාරයි.. නමුත් ඒ යම් කාරණා සම්බන්ධයෙන් විතරයි..”


    අංජුලා පමණක් නොව ඇගේ මවද උන් වහන්සේ දෙස බලා උන්නේ පුදුමයෙනි.. හෙතෙම මේ දේවල් පවසන්නේ සිතුමිණී දෙස බලා ඉන්නා ලෙසින්ය..


    “මේ හදහනේ හැටියට නම් විවාහය බොහොම ඉක්මන්.. ඒත්..”


    අංජුලා බිය වී බැලුවාය.. ඇයට වඩාත්ම දැන ගැනීමට අවැසි වූ දෙයට උන්වහන්සේ ඒත් යැයි කීම ඇගේ සිත නොසන්සුන් කිරීමට සමත් විය..


    “හිත ගිහින් තියෙන්නෙ වෙන තැනකට..”


    “හාමුදුරුවනේ.. ඒ විවාහය අසාර්ථක වෙයිද..?”


    තවත් බලා හිදීමට නොහැකි වූ ඇය හරස් ප්‍රශ්නයක් නැගුවාය..


    “හිත ගිය කෙනා වගේ නෙමයි.. විවාහ වුන කෙනා බොහොම ගුණ ගුරුකයි..”


    “එහෙමයි..”


    “ඒ උනත් දරුවො.. මේ පවුල් ජීවිතේ ඇතුළෙ ඝට්ටන එමටයි.. මේ ගෙවෙන්නෙ දරුණු අපල කාලයක්..”


    අංජුලා මවගේ අත දැඩිව ග්‍රශණය කර ගත්තාය.. ඇයට සිතුමිණී ගැන දැඩි බියක් දැනුණි..


    “ලොකු හාමුදුරුවනේ.. ලොකු හාමුදුරුවනේ..”


    ආවාස ගේ පිටුපස සිට හැල්මේ දුව ආ සාමනේර නමක් අංජුලා හා මව දැක ගල් ගැසී නතර විය..


    “මොකද පොඩි නම හති දාගෙන..?”


    “තිස්ස.. තිස්ස..”


    පොඩි හාමුදුරුවෝ යමක් කියන්නට ගොස් යළි එය ගිලගත්හ..


    “ඇයි.. තිස්සට මොකද වෙලා තියෙන්නෙ..?”


    “තිස්ස හාමුදුරුවො.. අර..”


    “ඔව් ඉතිං..”


    “අර පහල අඹරැල්ල ගහෙන් බිමට වැටුණා..”


    පොඩි නම තැති ගැන්මෙන් කියූ ඒ කතාවට අංජුලාට සිනහ පහළ විය.. නමුත් ලොකු හාමුදුරුවෝ බොහෝ කලබල වූ ලෙසින් නැගිට ගත්හ.. උන් වහන්සේ හදහන තිබූ ලෙසටම නමා අංජුලාගේ අතට දුන්නේ දැන් තමා පිටව යා යුතු බව ඇගවීමට මෙනි..


    “මේ ඇත්තිලා විවේක වෙලාවක එන්නකො..”


    හාමුදුරුවන්ගේ එවදන් ඇසුණු අංජුලා හා මව උන් වහන්සේට දණ නමස්කාර කලහ.. නමුත් තමා පැමිණි කාර්ණය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ නිසා අංජුලා උන්නේ තරම කනස්සල්ලෙනි..


    “අපේ හාමුදුරුවනේ පඩුරු..”


    උන් වහන්සෙ නැවත කුටිය දෙසට පිය මැනීමට සැරසෙනු දුටු අංජුලාගේ මව බුලත් කොළයක ඔතන ලද පන්සියයේ නෝට්ටුවක් අතට ගත්තාය..


    “මේක මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි නෝනෙ.. මේක සේවයක්.. චීවරේ ඉදගෙන ව්‍යාපාර කරන එක අකැපයි..”


    “සමාවෙන්න හාමුදුරුවනේ..”


    තවත් එතන නොරැදුනු උන් වහන්සේ පොඩි හාමුදුරුවන් සමග ආවස ගේ පිටුපසට වඩිනු බලා උන් මව සහ දියණිය පිටත් වීමට සැරසුණහ..


    “පොඩි හාමුදුරුවරු මොකට ගස් උඩ නගිනවද මංදා.. ඒකෙන් අපේ වැඩෙත් කරගන්න බැරි උනා..”


    සිතේ තිබූ තරහව අංජුලාගේ මුවින් පිටවූයේ පාරට පැමිණියාටත් පසුවය..


    “පව් දූ.. එහෙම කියන්න එපා.. චීවරේ දාගෙන හිටියට තාම සෙල්ලං වයසෙ දරුවොනෙ..”


    මවගේ කතාව නිසා ඈ නිවසට එනතෙක් යළි කිසිවක් පැවසුවේ නැතුවාට ඇගේ සිත දොඩමළු වි තිබිණි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-2.jpg


    05.png


    රඛිතගේ දැඩි ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා සිතුමිණී දිනක් ඔහුව මුණ ගැසීමට පැමිණියාය.. නමුත් ඈ උන්නේ බියපත් වූ මුවැත්තියක පරිද්දෙනි..

    “ඇයි සිතූ මේ වෙව්ලන්නෙ..? ඔයාට දැන් මාව මීට්වෙන්නත් බයද..?”

    ඇයට හෙල්මටය පැළදූ රඛිත ඒ මුහුණට එබී බැලුවාය..

    “කවුරු හරි දකී රඛිත.. අනේ අපි ඉක්මනට මෙතනින් යමු..”

    කතා කිරීමට පමා නොවූ ඈ රඛිතගේ බයිසිකලයට නැග ඔහුගේ පිටට හිස තබා ගත්තාය.. කලකට පසු ඈ හමුවීම නිසා රඛිතගේ හිත පවා නොසන්සුන් වී තිබුණි.. ඔහු කෙලින්ම බයිසිකලය පැදවූයේ මිතුරෙකුට අයත්ව තිබූ කුඩා තානායමක් වෙතය..

    “මේ යන්නෙ කොහෙද..?”

    බොහෝ වේලාවකට පසුව හිස එසවූ සිතුමීණීට අවට මං සළකුණු හුරු පුරුදු නොවූ බැවින් ඇය තැතිගත් ලෙස විමසුවාය..

    “ඔයා මිනිස්සුන්ට පේන්න ඉන්න බයයිනෙ.. මං ඔයාව ගෙනියන්නෙ කාටවත් පේන්නෙ නැති තැනකට..”

    “අනේ රඛිත..”

    තානායමේ නාම පුවරුව දුටු සිතුමිණීගේ බිය දෙගුණ තෙගුණ විය.. ඔවුන් දෙදෙනා මීට පෙර මුණ ගැසී ඇත්තේ මුහුදු වෙරලේ හෝ චිත්‍රපටි ශාලාවෙදි පමණි..

    “තත්පරයක් ඔහොම ඉන්න..”

    බයිසිකලයෙන් බැසි රඛිත පලපුරුදු කරුවෙකු සේ පිළිගැනීමේ අංශය වෙත යද්දී සිතුමිණී දස අතේ හිස හරවා බැලුවාය.. තමා හදුනන කිසිවෙකු හෝ නොවිය නිසා ඇගේ සිතට යම් සහනයක් දැනුණි..

    “යමු..”

    ඇගේ අත අල්ලාගත් රඛිත පටු කොරිඩෝවක් දිගේ ගොස් සුව පහසු කාමරයකට ඇතුලු විය.. සිතුමිණීට සිය මධුසමය දා ගිය හෝටලය වහා සිහියට නැගුණි.. එදා තමා සංදීපට පිටුපා තනිවම නිදාගත්ත හැටිත් උදෑසන අවදිව බලන විට තමා ඇද මත තබා සංදීප බිම දිනා උන් සැටිත් ඇයට කිසිදා අමතක කළ නොහැකි විය..

    “බැදපු ගෑණු උනාම ඔහොම බෑ..”

    සිතුමිණීට කාමරය තුළට ඇද ගත් රඛිත දොර වසා එහි අගුල ලා ගත්තේය.. ඇයට ඉහළට ගත් හුස්ම පොද පවා හිස්මොලයේ ගිය බවක් දැනුණි..

    ඇගට ඇලෙන සේ නිමවා තිබූ කළු ඩෙනිමත් ලා කහ පැහැති ටී ෂර්ටයත් හැදි සිතුමිණීගේ දෙස රඛිත බොහෝ ආසාවෙන් බලා උන්නේය.. මේ මල සංදීපට පෙර තමා අයිති කරගත යුතු බව ඔහුට ක්ෂනිකව සිතුණි..

    “ඇයි ඔය විදියට බලන්නෙ..? අනේ මට බයයි රඛිත..”

    පුංචි පූස් පැටියෙකු සේ ඈ කෙදිරි ගෑවේ රඛිතගේ දෙනෙත් වෙනදාට වඩා අමුතු වී තිබූ නිසාය..

    “මොකක්ද සිතූ ඔයාට වෙලා තියෙන්නෙ.. දැක්ක වෙලේ ඉදලා බයයි, බයයි ගානවා.. හරියට යකෙක් දැකලා වගේ..”

    ඔහුට තරහා ගිය බව හැගුණ නිසා සිතුමිණී නිහඩ වූවාය..

    “රිලැක්ස් වෙන්න බාබා.. ඔහොම ගල් ගැහිලා ඉන්න එපා..”

    ඇගේ දේඋරහිසින් ඇල්ලු රඛිත ඇයව ඇද මත ඉන්දෙව්වාය..

    “බය වෙන්න එපා පැටියො.. ඔයා මගේ.. ඔයා මගේ විතරමයි.. හරි..”

    සිය දබරගිල්ලෙන් ඇගේ නාසයට තට්ටුවක් දැමූ රඛිත කාමරයට අල්ලා තිබූ නාන කාමරයට වැදී දොර වසා ගනිද්දි සිතුමිණි සැහැල්ලු හුස්මක් පිට කලාය.. ඇයට අවැසි වූයේ රඛිත මුණ ගැසී නිදහසේ කතා කිරීමට මිසක මෙවන් ගමනක් පැමිණිමට නොවේ.. සංදීපගෙන් නිදහස් වී රඛිත සමග යන දිනය එළඹෙන තෙක් තමා නොකැළැල්ව සිටිය යුතු බව ඈ ඇදහුවාය..

    “සිතූ ඔයා වොෂ් එකක් දාගන්නවද..?”

    රඛිත නාන කාමරයේ සිට පිටතට පැමිණියේ සුදු තුවායක් පමණක් හැදගෙන බව දුටු ඇය පුදුම සිතුණි.. ඈ දෑස් ලොකු කර ඔහු දෙස බැලුවාය..

    “මේ මොකෝ මේ..”

    “රස්නෙයි බබා..”

    ඔහුගේ කතා විලාසය ඇයට නම් රිස්සුවේ නැත.. මේ වෙනදා තමාට මුණ ගැසුනු රඛිත නොවේ.. තමා විවාහ වී සිටීම ඔහු අමතර වාසියකට හරවා ගන්නට තනන බවක් ඇයට දැනුණි..

    “මට වොෂ් එකක් දාගන්න ඕනෙ නෑ.. මම එද්දි නාලා ආවේ..”

    ඇය නානකාමරය දෙසටවත් නොයාමට වග බලා ගත්තාය..

    “මට ඔයාව ඕනෙ සිතූ..”

    තවත් ඉවසිය නොහැකි වූ ඔහු ඇද මත වාඩි වී උන් සිතුමිණිගේ වතට බර විය.. ඔහුගේ ලන්ගතු පහස ඇයට මිහිරියාවක් වූයේ මොහොතකට පමණි.. තමාව සිප ගැනීමටවත් රඛිතට ඉඩ නොදුන් සිතුමිණී වහා ඔහුගෙන් මිදුනාය..

    “ප්ලීස් බබා..”

    ඔහු නැවත වරක් ඇය සිය ග්‍රහණයට ගනිද්දි සිතුමිණිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියාය..

    “රඛිත ඔයා හැසිරෙන්නෙ ඔහොම නං මේ අපි හම්බවෙන අනිත්ම දවස අද වෙයි.. ඔයාට කවදාවත් මාව බලෙන් ලබා ගන්න බෑ.. මං දැන් සංදීපගෙ වයිෆ්.. අමතක කරන්න එපා මං එයාගෙන් වෙන් උනොත් මිසක එයා කවදාවත් මගෙන් වෙන් වෙන්නෙ නෑ කියලා..”

    “මොනවද සිතූ මේ කියවන්නෙ..?”

    ඇගේ වේගවත් කටහඩත් සමග ඔහු පියවි සිහියට පැමිණියේය.. අද දිනයේ සිතුමිණිව තමාට යටත් කරගත හැකි බව රඛිත දැන උන්නද ඈ යළි නොපැමිණියොත් තම සැලසුම් සියල්ල වතුරේ යයි.. එහෙයින් ඉක්මන් නොවිය යුතු බව තම සිතට දැනුම් දුන්නේය..

    “ඔයාට මං කරදරයක් කරන්න හැදුවෙ නෑ බබා.. අද මං ඔයාව මෙතනට ගෙනාවෙත් වෙනද වගේ බීච් එකට ගෙනියන්න බැරි නිසා.. අනික අපි අතර මීට වඩා දේවල් වෙලා නැද්ද..? මං කවදහරි ඔයාගෙ විශ්වාසෙ කඩලා තියෙනවද..?”

    ඔවු මවාගත් දුක්බර හඩකින් කියද්දී සිතුමිණිගේ සිතට කණගාටුවක් දැනෙන්නට විය.. තමා රඛිතට කී දෑ සැර වැඩි දැයි ඇයට සිතුණි.. ඔහු තමාට ආදරේ නැති නම් විවාහ වූ පසුවත් තමා ගැන සිතන්නේ මන්දැයි ඇයට කල්පනා විය.. අනෙක ඔහුට අවැසි වී ඇත්තේ දෙමාපිය ආශිර්වාදය ඇතුවම තමාව ඔහු ළගට ගැනීමට බව රඛිත කොතෙකුත් කියා ඇත..

    “හරි.. දැන් රණ්ඩුවෙන්න ඕන නෑ.. අපි යමු..”

    ඔහුගේ ඇස් දෙස සෘජුව බලා සිතුමිණි සිනාසී කියද්දී රඛිතට යම් සැහැල්ලුවක් දැනුණි..

    “රයිට්.. මං ටක් ගාලා ඇදුමක් දාගෙන එන්නම්..”

    නැවත නාන කාමරයට වැදුණු ඔහු ඉක්මනින් ඇදුම් මාරු කර පිටතට පැමිණියේය..

    “දැන් මං ඔයාව කොහෙටද දාන්න ඕනෙ..”

    “අපේ හන්දියට දාන්න..”

    සිතුමිණීගේ ඉල්ලීම අනුව රඛිත ඇයව නිවස ආසන්න හන්දියට ගෙන ගොස් දැමුවේය.. ඔහු සමග වදනක් හෝ කතා කිරීමට පමා නොවූ ඈ හනික ගොස් ත්‍රීවිලයකට නැගුණි..

    “මොකෝ පුංචි නෝනෙ ගිය පයින්ම ආවෙ.. ඇදුම් ගත්තෙ නැතෙයි..?”

    සිතුමිණිව දුටු විගස අයිරම්මා පුදුමයෙන් මෙන් ඇසුවාය.. ඈ පිටව ගියේ ඇදුම් ගැනීමට යන බව අගවමිනි.. නමුත් අයිරම්මා අසන තෙක් ඇයට එම බොරුව සිහිවූයේවත් නැත..

    “මට පරණ යාළුවෙක් හම්බ උනා අයිරම්මෙ.. එයා එක්ක ටිකක් කතා කරලා මං ආවා.. ඇදුම් ගන්න ගියේ නෑ..”

    සිතුමිණී බොරුවක් නොවන බොරුවක් කියා නිවස තුළට රිංගා ගත්තාය..

    “අංජු නෝනා කෝල් කලා..”

    උඩුමහලට නගින ඈ දෙස බලා අයිරම්මා කීවේ උස් හඩිනි.. සිතුමිණී තම අත් බෑගය විවර කර ජංගම දුරකථනය අතට ගෙන බැලුවද එය තවමත් ක්‍රියා විරහිත කළ ගමන්ය..

    ඇද උන් ඇදුම් පිටින්ම ඇදට වැටුණු සිතුමිණි මද වේලාවක් අද සිදු වූ සිද්ධිය සිහිපත් කර බැලුවාය.. ඇයට සිතුණේ රඛිත තමා රවටන බවකි.. නමුත් පිරිමියෙකු ලෙස කුළුදුලේම සිය සිත සොරකම් කළ ඔහු කෙරෙහි ඇගේ සිතේ පවතින ආදරය තවමත් පිවිතුරුය.. එසේ වුවද ඔහු පෙර දින වලදී මෙන් තමාව සිප ගැනීමට වෙර දරද්දි තමාට ඊට විරුද්ධ වූ හේතුව සිතුමිණීට වටහා ගත නොහැකි විනි..

    “අයිරම්මා..”

    තමාගෙ ගතටත් සිතටත් අධික වෙහෙස්ක දැණුන හෙයින් ඈ අයිරම්මා ඇමතුවාය..

    “ඇයි පුංචි නෝනෙ..?”

    “අනේ අයිරම්මා.. මට කූල් මෙනා හරි හදලා දෙන්නකො.. හරි තිබහයි..”

    තම පුංචි ස්වාමි දුවගේ අණට කීකරු වූ ඈ අඩියට දෙකට කුස්සියට ඇතුලු උනි..

    “කොහෙද අයිරම්මෙ මේ කෙල්ල වගේ දුවන්නෙ..?”

    සුපුරුදු ලෙස පඩි ගැට්ටේ ඉද උන් පොඩ්ඩේ, අයිරම්මාගෙන් විමසුවේ හාස්‍ය සහගත ලෙසය..

    “පුංචි නෝනට බීම ඕනලු බං..”

    “හෑ.. පුංචි නෝනෙ ආවද..? මං හිතුවා හවස් වෙයි කියලා..”

    “උඹ මොකටද පුංචි නෝනෙගෙ දේවල් ඔය හැටි හොයන්නෙ..?”

    අයිරම්මා විමසුවේ සැකමුසු හඩකිනි.. පොඩ්ඩෙ ඊට කොක් හඩ ලා සිනාසුනි..

    “මං මොකටද අයිරම්මෙ ඕවා හොයන්නෙ.. ඒකට සංදීප මහත්තයා ඉන්නෙ.. මං කිව්වෙ ඒ ගැන නෙමෙයි..”

    “එහෙනං..”

    “පුංචි නෝනෙ ඉද්දි මේ ගේ පිරිලා වගේ.. හරිම සිරියාවයි..”

    ඊට විරුද්ධ යමක් කීමට අයිරම්මා උත්සුක නොවුනේ එම හැගීම ඇයටද දැනී තිබුණ බැවිණි.. ඈ නිහඩවම දොඩම් වීදුරුවක් සදා එය සිතුමිණී වෙත රැගෙන ගියේය..

    ****************************

    නිවසට පැමිණ බොහෝ වේලාවක් ගතවනතුරු රඛිතට සිත සන්සුන් කර ගැනීමට නොහැකි විය.. ඔහු සිතුමිණීගේ වෙනස ගැන දැඩිව සිතමින් උන්නේය.. විවාහයට පෙර දින පවා තමාව කොහේ හෝ රැගෙන යන ලෙස තමාගෙන් ඉල්ලා සිටි ඇය මේ ගත වූ කෙටි කාලය තුළ වෙනස් වී ඇත්තේ පුදුමාකාර ලෙසින් නොවේදැයි ඔහුට සිතුණි.. තමා ඇයට ළං වූ විට ඈ බියවී තමාගෙන් මිදුනු අයුරු පටිගත කරන ලද රූප රාමුවක් සේ ඔහුට විටින් විට සිහිපත් විය.. සිතුමිණීව හා සංදීපව කෙසේ හෝ වෙන් නොකලහොත් තම සිතැගි කිසිදා ඉටුකරගත නොහැකි බව රඛිත දැන උන්නේය.. තමා මේ වෙහෙසෙන්නේ විවාහක ගැහැණියක් ගැන වුවද ඇගේ වත්කම් හා රූ ස්වභාවය ගැන සලකා බලන විට එම විවාහය නොසලකා හැරිය හැකි මට්ටමේ තිබුණි..

    “රයිට්.. දැන් තියෙන්නෙ සංදීපයගෙ පැත්තෙන් ගේමට බහින එක..”

    බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව රඛිත තීරණයක් ගත්තේ තමාටම එසේ මුමුණා ගනිමිනි..

    ඔහු සිය ජංගම දුරකථනය අතට ගෙන එහි සටහන් කර තිබූ සංදීපගේ දුරකථන අංකය පරික්ෂා කර බැලුවේය.. විවාහයට පෙර තමා සිතුමිණීගෙන් ඉල්ලාගත් එම අංකය තවම භාවිතයේ තිබේදැයි ඔහු තුළ වූයේ සැකයකි.. කෙසේ වුවද වැඩි දුර කල්පනා නොකර එම අංකය අමතා බැලුවේය..

    “හෙලෝ..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහා ඉමෙන් ඇසුණ එම හඩ සංදීපගේ බව රඛිතට වටහා ගැනීමට අපහාසු නොවිය.. ඔහු බොහෝම සීරු මාරුවට කථාව ඇරඹුවේය..

    “හෙලෝ.. ඔය සංදීප නේද..?”

    රඛිතගේ කටහඩ ඇසුණු සංදීප මදක් කල්පනා කලද එම හඩ ඔහුට හුරු පුරුදු එකක් නොවිය..

    “ඔව්.. මං සංදීප තමයි.. ඔයා කවුද..?”

    එම තරුණයා තමාගේ නමින්ම ඇමතූ නිසා සංදීප ආචාරශීලී ලෙස විමසුවේය.. එම තේජවන්ත හඩ හමුවේ රඛිත මදක් තිගැස්සුනද යළි ඉක්මනින් යථා තත්වයට පත්විය..

    “මං රඛිත.. නම කිව්වම ඇතිද.. නැත්තං තව අදුන්වල දෙන්න ඕනෙද..?”

    සංදීපගෙ සිත තරමක් නොසන්සුන් වූයේ ඔහු කවුදැයි හරියටම සිහිවීම නිසාය.. නමුදු ඔහු රඛිතට වෙනසක් නොදැනෙන ලෙස කතා කළේය..

    “මං ඔයා ගැන අහලා තියෙනවා.. ඉතිං ඇයි ඔයා මට කතා කළේ..?”

    “කතා කලේ ඇයි කියලා ඉතිං ඔහේ දන්නවා ඇතිනෙ..”

    “මිස්ටර් රඛිත මට කතා කලෙත් අදමනෙ.. ඉතිං මං කොහොමද කතා කරපු කාරණේ ගැන දන්නෙ..?”

    සන්දීප, මිස්ටර් රඛිත කියා ඇමතීමත් සමග රඛිත ගොළු වී ගියේය.. මක්නිසාද යත් එතරම් වැදගත් ලෙස කෙනෙකු අමතා කතා කිරීම ඔහුටු නුපුරුදු බැවිනි.. ඊටත් වඩා තම ජීවිතයේ තිබූ වටිනාම වස්තුව වූ සිතුමිණීව උදුරාගත් මිනිසාගෙන් එවැනි ආචාරශීලීත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත..

    “මං එහෙනං කෙලින්ම කාරණේට බහින්නම් මිස්ටර්.. කෙටියෙන්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. සිතුමිණී මගේ.. කරුණාකරලා එයාව මට දීලා ඔහේ මේ ට්‍රැක් එකෙන් අයින් වෙන්න..”

    කෙනෙකු දෑත බදා තම හිසට පොලු පාරක් එල්ල කලා වැනි කම්පනයකින් සංදීපගේ හිස රිදුම් දුන්නා වුවද ඔහු පසුබට නොවිය..

    “කවුරු මොනවා කිව්වත් සිතුමිණී කියන්නෙ මගේ වයිෆ්.. මං එයාව කාටවත් දෙන්නෙ නෑ..”

    “තමුසෙ ඔහොම කියන්නෙ අර වෙඩින් එක දවසෙ අත්සන් කරපු කොල කෑල්ල නිසානෙ.. ඒ ඇරුනම වෙන මොනවද තියෙන සාක්කි.. සිතුමිණී තමුසෙට ආදරේ කරනවද..? අඩු ගානෙ සිතූ තමුසෙත් එක්ක..”

    කීමට කටට ආ දේ රඛිත අසීරුවෙන් ගිල ගත්තද එම වදන් සංදීපට වහා වැටහුණි.. එම සිද්ධීන් රඛිත දන්නේ සිතුමිණී ඔහුට මේවා කියන නිසා වන්නට ඇතයි සංදීප අනුමාන කළේය.. ඔහුට තමා ගැනම දැඩි ලැජ්ජාවක් හා ආත්මානුකම්පාවක් දැනෙන්නට විය..

    “සිතූව දැන් නීතියෙන් අයිති මට.. තමුසෙ පුළුවන් දෙයක් කරනවා..”

    තම ඉවසීමේ සීමාව ඉක්මවා යාමට ආසන්න වෙද්දී සංදීප රඛිතගේ භාෂාවෙන්ම පිළීතුරු දුන්නේය..

    “එහෙනං තමුසෙ මේකත් අහගන්නවා.. තමුසෙට එක දවසක්වත් සිතූව ළගට ගන්න බැරි උනාට එයා අද දවසත් ගෙව්වෙ මගෙත් එක්ක.. ග්‍රීන් පාක් රෙස්ට් එකේ.. තව තමුසෙගෙ වයිෆ් ඇදලා ආවෙ කළු ඩෙනිමයි කහ පාට ටී එකයි.. තව..”

    “ඇති.. ඇති..”

    සංදීප කෑගැසුවේය.. ඔහුට දුරකථනය හයියෙන් පොළවේ ගසන්නට තරම් ආවේගයක් දැනුණි..

    “ඇයි මස්සිනා.. අහගෙන ඉන්න අමාරුද..? තමුසෙට මං කියපුවා ෂුවර් නැත්තං හොයලා බලනවා.. මං ආපහු ගන්නං.. ඕකේ.. බයි..”

    සංදීපව දස අත කරකවා රඛිත ගහෙන් ගෙඩි එන්නා සේ ඇමතුම විසන්ධි කර දැමුවේය.. සිතුමිණි අද දින තමා සමග කල කාලය හැරුනු කොට අනික් සියලු කාරණා තම වාසියට පවතින බව රඛිතට සැකයක් වූයේ නැත.. එහෙයින් ඔහුට කුරිරු සතුටක් දැනෙන්නට විය..

    රඛිතගේ ඇමතුමෙන් පසුව සංදීප කාර්යාලීය රාජකාරි කල හැකි තරම් යහපත් මානසික මට්ටමක් නොවීය.. ඔහු තම ප්‍රධානියාට දැනුම් දී පිටතට ආවේ ඒ නිසාවෙනි.. රඛිතව හා සිතුමිණීව මරා දැමිය හැකි ආවේගශීලීත්වයක් ඔහුට දැනුණද.. ඒ ගැහීම පැවතියේ මොහොතකට පමණි.. ඔහුට තමා ගැන දැඩි අනුකම්පාවක් දැනෙන්නට විය.. සිතුමිණී තමාට කොතරම් වෙනස්කම් කළද ඈ තවමත් රඛිත සමග සබදතා පවත්වනු ඇතැයි සංදීප සිතුවේ නැත.. බොහෝ වේලා වාහනයට වී කල්පනා කලද යා හැකි තැනක් සිහිපත් නොවූ හෙයින් සංදීප තම නිවසට පැමිණයාය.. ගේට්ටුව විවර කල පොඩ්ඩේ ඇරුණු කොට සිතුමිණි හෝ අයිරම්මා පෙනෙන්නට නොවීම ඔහුගේ සැනසිල්ලට හේතුවක් විය..

    “පොඩ්ඩෙ මොකද මේ මිදුලට වෙලා කරන්නෙ..?”

    සංදීප පොඩ්ඩෙව කතාවට අල්ලාගෙන යමක් දැන ගැනීමේ උත්සාහයක නිරත උනි..

    “මං මල් පැල වලට වතුර දැම්මා මහත්තයා.. පුංචි නෝනා ආවට පස්සෙ ගස්වල මල් පිපිලා..”

    “ඒ මොකෝ..?”

    පොඩ්ඩෙ කී කතාව ඔහුට වටහා ගත නොහැකි විය..

    “අපේ පුංචි නෝනෙගෙ සිරියාව තමා ඉතිං..”

    ඒ ඇසුණු සංදීපගේ පපුවේ දැවිල්ලක් හට ගත්තේය.. සිතුමිණී තමාට වෙනස්කම් කළද ඈ සැමගේ ශ්‍රියා කාන්තාව වී තිබේ.. අයිරම්මා සමග කතා කළද තම මව හා කතා කලද කිසිවෙක් ඇගේ නරකක් නම් කියන්නේ නැත..

    “කෝ.. පුංචි නෝනා ගෙදර ආවද..?”

    රඛිත කී දෑ ඇත්තක් නම් සිතුමිණී ගෙදරින් පිටව ගිය බව පොඩ්ඩේ දැන ගත යුතුය.. එනිසා සංදීප වැඩි උනන්දුවක් නොදක්වන බව අගවමින් එසේ ඇසීය..

    “ආවා මහ්තතයා.. මං හිතන්නෙ කාමරේ ඇති..”

    “බලන්නකො පොඩ්ඩෙ.. මං පුංචි නෝනා කියලා හිතලා පාරෙ හිටපු වෙන නෝනා කෙනෙක් ළග වාහනේ නතර කලානෙ..”

    “නෑහ්..”

    තම හාම්පුතා කවදාවත් නැති තරම් සුහද ලෙස තමා සමග කතා කිරීම පොඩ්ඩේට පුදුමයක් ගෙන දුන්නද ඔහු එම කතාව සාවධානව අසා උන්නේය..

    “නෑ නෙමෙයි.. ඩෙනිම් ගවුමක් ඇදපු නෝනා කෙනෙක් හිටියා.. අපේ සිතුමිණී වගේමයි..”

    “එහෙනං මහත්තයා රැවටිලා තමයි.. අපේ නෝනා ඇදගෙන ගියේ කළු කලිසමකුයි කහ පාට ටී ෂර්ට් එකකුයි.. හරියට නිකං කාජොල් වගේ..”

    සංදීපට තම හිස ගිනි ගත්තා සේ දැණුනි.. රඛිත කීවේද සිතුමිණි කළු ඩෙනිමක් සමග කහ පැහැති ටී ෂර්ටයක් හැද ඔහු සමග ග්‍රීන් පාක් රෙස්ට් එකට ගිය බවය.. මෙතෙක් තරමක් දුරට යටපත්ව තිබූ නොසන්සුන්තාවය යළි හිස ඔසවද්දී සංදීප නිවස තුළට ගමන් ගත්තහ..

    හොදින් කතා කරමින් උන් සංදීපගේ ක්ෂණික වෙනස පොඩ්ඩේට මහත් ප්‍රහේලිකාවක් වුනි.. තමාගේ මුවින් වැරදි යමක් කියවුනේදැයි ඔහු මොහොතකට කල්පනා කර බැලුවේය.. තමා සිතුමිණී නෝනව නිළියකට සමාන කිරීම නිසා ඇතැම් විට සංදීප මහතාට තරහා යන්න ට ඇතැයි ඔහුට සිතුණි..

    “ආ.. අද මහත්තයා කලින්ම ඇවිත්..”

    අවේලාවේ නිවසට වැදුණු සංදීපගේ රුව අයිරම්මාට අමුත්තක් ගෙන ආවේය.. ඔහු කිසිදා මෙලෙස කලින් එන අයෙකු නෙවේ.. එයින් ඔහුට යමි කිසි අසනීඵයක් ඇතැයි අයිරම්මාට සිතුණි..

    සිතුමිණී කාමරයට වී නිදා උන්නද සංදීපගේ හදිසි පැමිණිම ඇයට දැනුම් දීමට අයිරම්මා උත්සුක නොවිය.. ඔහු පැමිණි බව දැන ගත්තද ඈ කාමරයෙන් පිටතට නොපැමිණෙන බව අයිරම්මා දනී..

    “කෝ අයිරම්මා සිතුමිණි..?”

    ඇගපත සෝදා සරමකට මාරු වූ සංදීප පහළ මාලයට පැමිණීයේ එසේ අසාගෙනය..

    “අව්වෙ ගිහින් ඇවිත් හිසරදේ කියලා ඕං නිදි..”

    “සිතූ අද කොහෙද ගියේ අයිරම්මෙ..?”

    තමා හා සිතුමිණී අතර ඇයි හොදයියක් නැති බව ඇයට රහසක් නොවූ නිසා සංදීප විමසුවේය..

    “ගියේ නං ඇදුම් ගන්න කියලා..”

    “ඉතිං..?”

    “ඒත් ඇදුම් අරගෙන නෑ.. යාළුවෙක් මුණ ගැහිලා කතා කරාලු..”

    සිතුමිණි තමාට කී දෑ අයිරම්මා හැකි පමණින් විස්තර කළාය.. නමුත් සංදීපට ඉන් එහා දැනගත යුතු යමක් නොවුණේ රඛිත කී දෙය සියයට අසූවක් පමණ ඔප්පු වී තිබු නිසාවෙනි.. ඔහුට දැනගත යුතුව තිබූ අනෙක් කරුණ නම් සිතුමිණි සැබෑවටම රඛිත සමග එකී තානායමට ගියාද නැද්ද යන කරුණ පමණි.. ඇතැම් විට එය රඛිතගේ බොරුවක් වීමටද ඉඩ ඇත.. සිතුමිණි ඇදුම් ගැනීමට ගිය විට මගදී රඛිත මුණ ගැසුණ බැවින් ඈ ඇදුම් නොගෙන පැමිණියා විය හැකියැයි සංදීප අනුමාන කළේය.. දහසක් දේ කල්පනා කරමින් සිටින අතරතුර තිලංකගෙන් ඇමතුමක් ලැබුණි..

    “මචං සංදීප.. උඹ කලින් ගියා කියලා ලොක්කා කිව්වා.. මොකද මචං අසනීපයක්ද..?”

    “නෑ බං.. අපේ මේ නංගි කෙනෙක්ට පොඩි අවුලක් වෙලා කෝල් කලා.. ඒකයි මං ආවෙ..”

    ඔහු සිතුමිණිගේ වැරදි වසා ගැනීමට දස අතට බොරු කියමින් උනන්ද තිලංක එය විශ්වාස කළේ නැත..

    “නංගි කෙනෙක්ගෙ වැඩක් වෙන්න බෑ මචෝ.. උඹ එහෙම නිවාඩු දාන පොරක් නෙමෙයි කියලා අපි දන්නවනෙ..”

    “සීරියස් මචං.. මං දවසක සින් එක කියන්නම්කො..”

    “ඕකේ.. ඕකේ.. උඹ ඉතිං සේරම පස්සෙ කියන එකානෙ.. කැමති දවසක කියපංකො එහෙනම්..”

    තරහා නැගුණ තිලංක ඇමතුම විසන්ධි කර දැමිය.. නමුත් නොසන්සුන්ව උන් සංදීපට එය බැරෑරුම් සිද්ධියක් ලෙස හැගුණේ නැත..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-3.jpg


    06.png


    “දුවේ.. සිතුමිණී..”


    කකුල් දෙක පුටුව උඩට ගෙන නවකතා පොතක් කියවමින් උන් සිතුමිණී තිගැස්සුණි.. ඈ වහා පුටුවෙන් නැගිට බලද්දී ළග උන්නේ සංදීපගේ මව හා සොහොයුරාය..


    “අම්මේ..”


    පොත නවා පසෙක තැබූ ඇය මවට දණ ගසා වැන්දේ යන්ත්‍රාණුසාරයෙන් මෙනි.. සංදීපගේ මව සිතුමිණීව නැගිට්ටවා ඇගේ නළලත සිප ගත්තාය..


    “අම්මලා මොකේද ආවේ..?”


    “කාර් එකේ ආවෙ දරුවො.. ඒ උනාට ඩිංගක් මහන්සියි..”


    තමාට වාහනේක හඩක් නෑසුනේ මන්දයි සිතුමිණි තනිවම කල්පනා කළාය.. ඇතැම් විට තමා කියවමින් උන් පොතේ රසවත්භාවය නිසා එසේ වන්නට ඇත..


    “නංගී කෝ අයියා..? වැඩට ගිහින්ද..?”


    සංදීපගේ සොයුරු සංකේත් විමසුවේ සිතුමිණි දෙස ඕනෑකමින් බලමිනි.. තවමත් විසිතුන් හැවිරිදි වියේ පසු වූ ඔහු තම සොයුරාගේ පුංචි බිරිදට අසීමිතව ඇළුම් කළේය.. නමුත් ඒ ඇල්ම සොයුරු දමේ සීමා බිද දැමූවක් නොවන වග සංදීප සේම සිතුමිණීද දැන උන්හ..


    “ඔව් අයියා.. සංදීප එද්දි හවස් වෙයි.. ඉදගන්නකො ඉතිං..”


    සංදීපගේ මව සාරිපොටෙන් දහඩිය පිස දමද්දී සංකේත් රියෙහි තිබූ ඇදුම් බෑග් දෙකක් නිවසට ගෙන ආවේය.. ඔවුන් පැමිණ ඇත්තේ මෙහි නතර වීමට බව වැටහුණු සිතුමිණි තුළ ඇතුවූයේ නොසන්සුන්කමකි.. නමුත් ඈ ඔවුන් දෙදෙනාගෙන් එය වසන් කළාය..


    “අයිරම්මා.. ටිකක් එන්නකො..”


    සිතුමිණිගේ හඩට සාලයට පැමිණි අයිරම්මා සංදීපගේ මව හා සොයුරා දැකීමෙන් බොහෝ සතුටට පත් වූ බව සිතුමිණීට පෙනුණි..


    “හානේ.. අපේ ලොකු නෝනලනේ මේ.. කොච්චර එකක්ද අප්පේ ආපු එක.. කෝ ලොකු මහත්තයා..?”


    “මහත්තයා ආවෙ නෑ අයිරා.. මායි පොඩි පුතයි විතරයි ආවෙ.. ඉතිං.. අයිරට මෙහේ හොදද..?”


    “මොනව අහනවද නෝනෙ.. මේ මහත්තයයි, නෝනයි මට සලකන්නෙ අම්මා කෙනෙකුට වගේ..”


    අයිරම්මා කීවේ මුසාවක් නොවේ.. දෙන්නා දෙමහල්න් අතර විරසකයක් තිබුණට දෙදෙනාම ඇයට කරුණාවෙන් සලකන බව නොරහසකි..


    “අයිරම්මා එහෙනං අම්මලා එක්ක කතා කර කර ඉන්න.. මං බොන්න මොනා හරි හදන්නම්..”


    සිතුමිණීට අවැසි වූයේ තමා වැඩ කරන බව ඔවුන් ඉදිරියේ වා පෑමට නොව මේ සාක්ච්ඡා වලින් මිදීමටය..


    “පුංචි නෝනා ඉන්න.. මං හදන්නම්.. අපේ ලොකු නෝනා බොන්න කැමති ඉගුරු දාපු තේ කහට..”


    ඇයව ඔවුන් ඉදිරියේ තනිකර දැමූ අයිරම්මා නැවත කුස්සියට වැදුණි..


    “අම්මා.. යං වොෂ් එකක් දාගෙන එමු..”


    මවගේ ඇදුම් බෑගය අතට ගත් සිතුමිණි පඩිපෙළ නැගීමට සැරසුණාය..


    “අනේ දූ.. මේ නාකි මට ඔය මහගිරි දඹේ නගින්න බෑ.. මං පහළින් හෝද ගන්නම්..”


    “එහෙනං මං මේ කාමරෙන් බෑග් එක තියන්නම්.. අම්මා මේ මැද බාත්රූම් එකට යන්න..”


    පහත මාලයේ වූ විශාලතම කාමරය සිතුමිණී ඇයට වෙන් කර දුන්නේ අනෙක් හිස් කාමරයේ දොර පිහිටියේ නිවසට පිටතින් බැවිනි.. කුස්සියට යාබද කාමරයේ අයිරම්මා උන් අතර පහත මිදුලට බසින තැන පිහිටි දිග කාමරය පොඩ්ඩේට වෙන්ව තිබුණි..


    “මං එළියෙ කාමරේ ඉන්නම් අම්මා..”


    සංකේත් ඔහුගේ බෑගය රැගෙන ඉදිරිපස කාමරයට යද්දී සිතුමිණි අයිරම්මා සොයා කුස්සියට ගියාය..


    “කේක්, බිස්කට් මුකුත් එහෙම නැද්ද අයිරම්මෙ..?”


    කඩිමුඩියේ සංග්‍රහයක් ලෑස්ති කරමින් උන් ඇගෙන් සිතුමිණී විමසා සිටියේ තමා කුස්සියේ අඩුපාඩු පිළිබද නොදන්නා බැවිනි..


    “මං පොඩ්ඩෙව කඩේට යැව්වා නෝනෙ කේක් ගේන්න.. හැබැයි ඉතිං ලොකු නෝනා ඕවා කන්නෙ නෑ.. එයාට සීනි අමාරුව.. සංකේත් මහ්තතයට තමයි ඉතිං ඕවා ඕනෙ..”


    තමා මේ ගෙදර පුද්ගලයන් ගැන නොදන්නා දේ කොතෙක්දැයි සිතුමිණිට සිතාගත නොහැකි විය.. නමුත් ඒ පිළිබදව දැන ගැනීමට උත්සුක වීමෙන් ඵලක් නොවේ.. තමා මේ පැමිණීයේ තාවකාලික නවාතැන්පොලකට බව ඇය දැන උන්නාය..


    ****************************


    සංදීප නිවසට එන වේලාව ළං වන විට සිතුමිණි හා අයිරම්මා උන්නේ ඔහුගේ මව හා සොයුරා සමග සතුටු සාමිච්චියක යෙදෙමිනි.. තමා මේ මිනිසුන් සමග මෙතරම් සුහදව ගැවසී යම් දිනක රඛිත හා යන්නෙ කෙසේදැයි සිතුමිණීට සිතා ගත නොහැකි විය.. නමුත් ඒ පිළීබද සිතා මනස වෙහෙසීම ඈ මදකට කල් දැමුවාය..


    “හෙට උදේ පොඩි පුතාට ඉන්ටවිව් එකක් තියෙනවා.. ඒකට යන්න ඕන නිසා තමයි අපි මේ තකහනියක්ම ආවෙ..”


    සංදීපගේ මව විමසීමකින් තොරවම තමන් පැමිණි කාරණය හෙළි කළාය..


    “කොච්චර එකක්ද අම්මා ආපු එක.. අපිත් මේ පාළුවෙන් හිටියෙ නේද අයිරම්මෙ..?”


    “ඒක නේන්නං.. දවල් වරුවෙ ඉතිං අපි දෙතුන්දෙනා විතරයිනෙ..”


    අයිරම්මා සැහැල්ලුවෙන් කීවාය..


    “නංගි.. කැරම් අතක් ගහමුද..?”


    සංකේත් හිටි හැටියේම අසද්දී සිතුමිණී පුදුම වී බැලුවාය.. මේ නිවසේ කැරම් බෝඩ් එකක් තිබෙනවාද කියාවත් ඈ දන්නේ නැත..


    “ඉතිං කෝ බෝඩ් එකක්..?”


    “ඇයි ළමයො.. අයියගෙ ස්පෝර්ට්ස් බඩු සේරම උඩ කාමරේ තියෙන්නෙ.. ඔයා ඒකවත් දන්නෙ නැද්ද..?”


    සංකේත්ගෙ කතාවට සිතුමිණීට දැනුණේ පොළව පලාගෙන යන තරම් ලැජ්ජාවකි.. ඇගේ එම අපහසුව අයිරම්මාටද නොවැටහුණා නොවේ..


    “මේ ළමයා ඕවා හොයන්නෙ නැතුව ඇති පුතා.. අනික අපේ ලොකුත් වැඩට ගියාම කාත් එක්ක කියලා සෙල්ලම් කරන්නද..?”


    මවගේ කතාවට ඇයට මද සහනයක් දැනුණද සිතේ වූ චකිතය මුළුමනින්ම පහව ගියේ නැත.. සංතේක උඩුමහලට ගොස් යථාර්ථය දකිනවාට අකමැති වූ අයිරම්මා පොඩ්ඩෙ සමග එක්ව කැරම් බෝඩය සොයා දුන්නේ පවුලේ සාමය රැකිය යුතු නිසාවෙනි..


    “මං නං අයියා තරම්ම කැරම් වලට දක්ෂ නෑ.. එයත් එක්ක සෙල්ලම් කළොත් මං හැමදාම පරාදයි..”


    කැරම් බෝඩ්යට පඩුවර් දමා ඉත්තන් සකසන අතර වාරයේ සංතේක් සිනාසෙමින් කීවේය.. තමාද කුඩා කල සිටම කැරම් ගැසීමට දක්ෂ වග සිතුමිණී නොකියා උන්නේ එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන අදහසිනි.. තමා ලොකු අයියාව හෙවත් ලොකු මාමාගේ පුතාව කැරම් වලින් පැරදවූ වාර ගණන කොතෙක්දැයි සිතුමිණීට මතක නොමැති තරම්ය..


    “මේ ළමයා ඇවිත් දුවට කරදර කරනවද මංදා..?”


    “නෑ අම්මා.. මමත් කැරම් ගහන්න කැමතියි..”


    සංකේත් ප්‍රථම වාරය සිතුමිණිට ලබා දුන්නේ ඈ කැරම් වලට කොතරම් දක්ෂදැයි දැනගැනීමටය.. සිතුමිණි සිය ලා රෝස පැහැ දිගු අතැගිලි විදා ඉත්තන් රවුම තමාට අවැසි සේ හරවා ගත්තේ සංකේත්ගේ මුහුණට බැරෑරුම් පෙණුමක් එක් කරමිනි..


    “කඩන්න පුංචි නෝනෙ කුඩු වෙලා යන්න..”


    කොහෙදෝ සිට හොරෙන් එබිකම් කළ පොඩ්ඩෙ කෑ ගැසුවේය.. සිතුමිණී දබරගිල්ල මැදගිල්ල මත තබා ඉත්තන්ට ගැසූ වේගවත් පහරට සුදු ඉත්තන් දෙදෙනෙක්ම සංකේත් උන් දෙසින් වලට වැටුණි..


    “අන්න.. ජාති පාර..”


    පොඩ්ඩෙ නැවතත් කෑ ගැසුවේ ඔවුන් දෙදෙනා ළගටම විත් බිම වාඩිගන්නා අතරවාරයේය.. සංකේත්ගේ සිතට පුංචි මදිකමක් සේම තම නෑනන්ඩිය ගැන ආඩම්බරයක්ද ඇතිවිය..


    “මං ඉල්ලන් කෑවද මංදා..”


    සිතුමිණී ඊළග වාරයේදි පිට පිටම ඉත්තන් වලට යවද්දී සංකේත් තමාටම මුමුණා ගත්තාය.. ඔහුත් තමාට හැකි උපරිමයෙන් සෙල්ලම් කලද ඔහුගේ ඉත්තන් තුන් දෙනෙක් ඉතිරිව තිබියදී සිතුමිණී ජයග්‍රහණය කලේ ඉතාමත් පහසුවෙනි..


    “මෙච්චර හොදට කැරම් ගහන කෙල්ලෙක් මං දැක්කමයි.. අපේ අයියා උනත් ඔයාට පරදින්න බැරි නෑ..”


    සංකේත් කී කතාව බොරුවක් නොවේ.. සංදීප කොහොමටත් මතු දිනක පරදින බව සිතුමිණී දැන උන්නාය.. නමුත් ඈ එය වචන වලට පෙරලුවේ නැත..


    සංදීප ගෙට ගොඩ වූයේ නිවස තුළින් එන සතුටු සිනා හඩට කන්දෙමිනි.. මිදුලේ නතර කර තිබෙන කාරය දුටු ඔහු සිතුවේ තාත්තා පැමිණ ඇතැයි කියාය.. නමුත් සාලයේ උන් පිරිස දුටු ඔහුට පුදුම සිතුණි.. සිතුමිණීත්, සංකේත් සමග සිනා සිසී කැරම් ගහනවා දුටු විට දුක් මුසු ඊරිසියාවක් සංදීපගේ සිත වෙලා ගත්තේය..


    “ආ.. පුතා එනවා දැක්කෙවත් නෑ..”


    සංදීපව දුටු විගස මව කියද්දි සිතුමිණීගේ අත රැදි ඉත්තා ගිලිහී ගියේය..


    “මොකද හලෝ උනේ..? ඇයි මේ බයවෙලා..?”


    සංදීපව දුටු විටම සිතුමිණීගේ ඉරියව් වෙනස්ව ගිය බව සංකේත් වටහා ගත්තේ ඔහු හොදින් ඇයව නිරීක්ෂණය කල නිසාවෙනි.. පිරිස ඉදිරියේ තමා හැසිරිය යුත්තේ කෙසේදැයි වටහා ත නොවුණ සිතුමිණී ලත වූවාය..


    “ඔන්න අයියා අදනං සිතූව රිලීස් කරන්න බෑ.. අපි ලොකු වැඩක්.. ඔයා අයිරම්මට කියලා තේ හදාගන්න..”


    සිතුමිණීගේ අපහසුව දුටු සංකේත් සිතුවේ ඈ මෙතනින් නැගිට යාමට තනනවා කියාය.. එනිසා ඔහු සිය සොයුරාගෙන් ඇයව මදක් ගලවා ගත්තේය..


    සංදීපට නම් දැනුණේ දැඩි ආත්මාණුකම්පාවකි.. සිතුමිණි වැඩක නිරත උන්නද තැනද තමාගේ තේ එක පිළියෙල වන්නේ අයිරම්මාගේ අතින් බව සංදීප දැන උන්නේය.. ඔහු මහන්සි බව අගවමින් පිරිස මග හැර ගියේ එම නිසාවෙනි..


    “ඔයාලා සෙල්ලම් කරන්නකො.. මං ගිහින් ලොකූට තේ හදන්නම්..”


    එසේ කියූ සංදීපගේ මව අයිරම්මා සමග කුස්සියට ගියේය..


    “අයියට තරහ ගියාද දන්නෑ නංගි.. මං පොඩි ජෝක් එකක් කලේ..”


    “එයාට තරහා යන්නෙ නෑ..”


    හිතා මතා නොවුනද සිතුමිණීගේ මුවින් එවදන් ගිලිහුණි.. සංකේත් සිතුවේ තම සොයුරාට ලැබී ඇත්තේ හොද තේරුම්ගැනීමක් සහිත බිරිදක් කියාය.. නමුත් සිතුමිණී අදහස් කලේ එය නොවේ.. ඈ එසේ කීවේ තමා කරන සෑම දෙයක්ම සංදීප ඉවසා සිටින නිසාවෙනි..


    “මම කියනවට ඔයා අයියා එක්ක එක අතක් සෙල්ලම් කරන්න..”


    සංකේත් කළ ඉල්ලීම ඉටුකිරීමට තමාට නොහැකි බව සිතුමිණී දැන උන්නද ඈ කිසිවක් පැවසුවේ නැත.. සංදීප ඇගපත සෝදා පැමිණි පසු සොයුරන් දෙදෙනාට සෙල්ලම් කිරීමට ඉඩ හැර ඈ කුස්සියට වැදුණාය..


    “අම්මලත් ඇවිත් ඉන්න එකේ අපි ෆයිඩ් රයිස් හදමු අයිරම්මෙ..”


    සිතුමිණීගේ යෝජනාව අයිරම්මා පුදුමයට පත් කිරීමට සමත් විය.. සංදීපට කරන වෙනස්කම් දෙස බලන විට සිතුමිණී ඔහුගේ පවුලේ අයට මෙලෙස සත්කාර කිරීම සැබැවින්ම අරුමයකි.. නමුත් සිතුමිණී අනුගමනය කරමින් උන්නේ රඛිතගෙන් ලැබුණු උපදෙස් බව කිසිවෙකුත් දැන උන්නේ නැත.. ඔහු ඇයට උපදෙස් දී තිබුණේ සංදීපගෙන් පමණක් දුරස් වී අන් අයගේ සිත් දිනා ගැනීමටය.. එවිට මතු දිනක ඈ එම පවුල අත හැර පැමිණියද ලෝකය හමුවේ ඈ වැරදිකාරය නොවේ.. වැරදිකරු වන්සේ සංදීපය..


    ****************************


    රෑ කෑමෙන් පසු සංදීප හා සංකේත් මිදුලට වී කතාබහක නිරතව උන්හ..


    “කොහෙද මල්ලි හෙට ඉන්ටර්විව් එක..?”


    “රෙස්ටුරන්ට් එකක අයියා.. එකවුන්ට්ස් ඇසිස්ටන් පෝස්ට් එකක්..”


    සංකේත් මේ වන විට වරලත් ගණකාධිකාරී ආයතනයේ අන්තර් මධ්‍ය විභාගයට සූදානම් සිසුවෙකි.. එනිසා එම තනතුර ඔහුට සුදුසු බව සංදීපට වැටහුණි..


    “තැන කොතනද මල්ලි..? ඔයා යන්න දන්නවද..?”


    “පාර හොයන් තමා යන්න වෙන්නෙ.. ග්‍රීන් පාක් රෙස්ට් කියලා තැනක්..”


    ඒ කතාව ඇසුණු සංදීපගේ දෙකනින් ගිණි පිට විය.. ග්‍රීන් පාක් රෙස්ට් යනු රඛිත, සිතුමිණීව රැගෙන ගියා යැයි කී තානායමයි..


    “ඔයා එතන දන්නවද අයියෙ..?”


    සිය සොයුරා ක්ෂනිකව නිශ්බ්ද වූයේ මන්දැයි වටහා ගත නොවුණ සංකේත් විමසුවේය..


    “ටිකක් විතර දන්නවා.. මේ.. ඔයා අම්මත් එක්කද යන්න හිතන් ඉන්නෙ..?”


    “නෑ.. අම්මා ආවෙ ඔයාව බලන්න ඕන කමට.. මං තනියම යන්නෙ..”


    “නෑ නෑ.. තනියම යන්න එපා.. මං එන්නම්..”


    සංදීප එසේ කීවේ එය කෙබදු තැනක්දැයි දැනගැනීමට අවැසි වූ නිසාය..


    “අයියට හෙට වැඩනේ..?”


    “කමක් නෑ.. මං නිවාඩුවක් දාන්නම්.. කීයටද යන්න ඕනෙ..?”


    “දහයට..”


    “හරි එහෙනං.. අපි දෙන්නා යමු..”


    සංදීප අවසන් තීන්දුව දුන් පසු සංකේත් සිතුමිණීව මාතෘකාවට ඈදා ගත්තේය..


    “හරි මහන්සියි මල්ලි.. නිදියමු නේද..?”


    තම පවුල් ජීවිතය ගැන හා සිතුමිණී ගැන වැඩිදුර කතාකිරීම සංදීප සිතා මතාම මගෑරියේය.. ඒ බව වැටහුණු හෙයින් සංකේත් ඉන් එහා කිසිවක් විමසුවේ නැත.. නමුදු.. ඉස්සර හැම දෙයක්ම තමා හා කීමට පුරුදුව සිටි සොයුරාගේ මෙම වෙනස සංකේත්ට ගෙන ආවේ කණගාටුවකි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    07.png


    “පරිස්සමින් ගිහින් එන්න පුතේ එහෙනං..”


    සම්මුඛ පරීක්ෂණයට යාමට සැරසුන සංකේත් සිය මවට වදිද්දී ඈ දයාබරව කීවාය.. සංදීප කාරය පණ ගන්වා බලා උන්නේ සොයුරා එන තෙක් වුවද ඔහුගේ දෑස් රැදී තිබුණේ සංකේත්ට අතට අත දී සුභ පතන සිතුමිණී දෙසය..


    “සිතූ නංගිගෙ හිනාව හරි සිරියාවන්තයි අයියෙ.. අද නං ජොබ් එක ෂුවර්..”


    එසේ කියාගෙනම සංකේත් රියට ගොඩ උනි.. දිගු හුස්මක් පිට කල සංදීප කිසිවක් නොකියාම රිය පාරට ගත්තේය..


    “මොකද හලෝ..? ඊරිසියා හිතුනද..? මං කිව්වෙ ඇත්ත..”


    ඒ කතාව ඇත්තක් බව සංදීපද දනී.. නමුත් ගැටළුව ඇත්තේ එතන නොවේ.. සිතුමිණී එවන් සිරියාවන්ත සිනහවකින් කිසිදා සංදීපට සංග්‍රහ කර නැත.. ඔහු එම සිනහව දැක ඇත්තේ ඇය අන් අය හා සිනාසෙන විට පමණි..


    “ඇඩ්රස් එක තියෙනවද..?”


    සිය සොයුරා යළිත් වරක් තමාව මග හැරි බව දැනුණ සංකේත් ලිපිනය ලියූ කොල කැබැල්ල නිහඩවම ඔහුට පෑවේය..


    පාරේ වූ නාම පුවරු වලින් අංක සොයා ගත් සංදීප ග්‍රීන් පාක් රෙස්ට් වෙත වාහනය පැදවූයේ අධික වේගයෙනි.. සංකේත් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින යුතුව ඇත්තේ දහයට වුවද නවය හමාර වන විට ඔහු එහි ලගා විය.. සංකේත් රියෙන් බැස තානායම තුළට පිය මනිද්දී සංදීප වාහනය විශාල තේකක් ගස් සෙවනක් කරා ගෙන ගියේය.. එකවරම ඔහුගේ නෙතට හසුවූයේ දැක පුරුදු මුහුණකි..


    තම සොයුරාගේ වයසට සමාන වයසක් පෙන්නුම් කල ඔහු කවරෙක්දැයි සංදීපට සිහිවූයේ ඔහු බයිසිකලයට නැග නික්ම ගියාටත් පසුවය.. ඒ කවරෙකු නොව.. තම නිත්‍යානුකූල බිරිදගේ ආදරවන්තයා හෙවත් රඛිතයි.. තම මංගල දිනය දවසේද පැමිණි ඔහු සිතුමිණී හා කුලුපගුව කතා කරල අයුරු සංදීපට අද මෙන් මතක තිබේ.. ටික වේලාවක් කල්පනා කරමින් උන් සංදීප රියෙන් බැස පිළිගැනීමේ අංශය වෙත යද්දි එහි සේවකයන් ඔහුට සිනහවකින් සංග්‍රහ කළේය..


    “මල්ලි.. අර දැන් බයික් එකේ ගියේ මෙහෙට ආපු කස්ටමර් කෙනෙක්ද..?”


    “කස්ටමර්..?”


    දබරගිල්ලෙන් නිකටට තට්ටු කරමින් මදක් කල්පනා කල සේවයාගේ මුහුණ සිනාවකින් ඔපවත් විණි..


    “සර් අහන්නෙ රඛිත මහත්තයද..?”


    “ඔව්.. ඔව්.. එයාව දන්නවද..?”


    “මොකෝ සර් නොදන්නෙ..? ඔය අපේ මහත්තයගෙ යාළුවෙක්නෙ..”


    “මහත්තයා කිව්වෙ..?”


    “අපේ බොස්ගෙ පුතා.. එයයි රඛිත මහත්තයයි හොද යාළුවො.. සර් එයාව අදුනනවද..?”


    සේවකයා සංදීපගේ මුහුණට එබී බලද්දී සංදීප ඔහුට වෙනසක් නොහැගෙන සේ සිනාසුනේය..


    “ඔව්.. මේ ටිකක් දන්නවා.. ෂිට්.. ගිය සතියෙත් මට පොරව මිස් උනා.. කොහෙද අදත් මිස් උනානෙ..”


    රඛිත ගිය සතියේ මෙහි පැමිණියේ නම් එයද මොහු දන්නවා ඇතැයි අනුමාන කල සංදීප මුසාවක් කීවේය.. එයට සේවකයාගේ මුහුණේ ඇදුනේ ලැජ්ජාශීලී සිනාවකි..


    “ඇයි මල්ලි..?”


    “ගිය සතියෙ රඛිත මහත්තයා ආවෙ ගෑණු ළමයත් එක්ක.. අර කොණඩෙ දිග සුදු ගර්ල්..”


    “ආ.. මං එයාව දන්නවා..”


    සංදීප ඇගට පතට නොදැනී කීවේ තමා රඛිත ගැන හා ඔහුගේ ගෑණු ළමයා ගැන දන්නා බව ඇගවීමටය..


    “සර් කවුද..?”


    නොසීතූ මොහොතක සේවකයා ඇසූ පැනයෙන් සන්දීප මදක් තැති ගැන්විය..


    “මං චතුරාන්.. එයාගෙ යාළුවෙක්ගෙ අයියා කෙනෙක්..”


    “රඛිත මහත්තයා නිතරම මෙහාට එනවා සර්.. සර් කෝල් එකක් දීලා එන්න..”


    සේවකායට ස්තුති කල සංදීප නැවතත් කාරයට ආවේ තෝන්තු වූ මනසකිනි.. කාර්යාලය තුළට ගිය සොයුරා ඒමට තව කල් වේලා ඇති බැවින් ඔහු ආසනය පසුපසට කර මදක් ඇලවුණේය..


    මෙහි සේවකයින් කියලා ලෙසට මේ තැන රඛිතට හොද හුරු පුරුදු තැනකි.. එහෙයින් ඔහු නැවත වරක් සිතුමිණීව මෙතනට රැගෙන ඒමේ ඉඩකඩ ඇත.. තම සොයුරාට මෙහි රැකියාව ලැබුණොත් එය මහා ආරවුලකට මුල බව සංදීපට වැටහුණි.. එහෙයින් කල යුතු වූයේ සංකේත්ට සුදුසු වෙනත් රැකියාවක් කඩිනමින් සොයා දීමය.. නමුත් සංකේත් මේ රැකියාවට කැමති වූවහොත්..


    සංදීපගේ ඔළුව යකාගේ කම්මල මෙන් අවුල් සහගත වී තිබිණී.. ඔහු සංකේත්ට රැකියාව නොලැබේවා යන්න එක සිතින් ප්‍රාර්ථනා කළේය..


    “අයියෙ.. යමු..”


    පැයකට ආසන්න කාලයක් කල්පනා ලොව සැරිසරමින් උන් සංදීප, සංකේත්ගේ හඩට තිගැස්සුණි..


    “මොකද උනේ මල්ලි..?”


    ඔහු රිය පණ ගන්වා ගැනීමටත් පෙර විමසා සිටියේය.. සංකේත් බොහෝ සැහැල්ලුවෙන් සිනා සී අසුනට බර උනි..


    “යමුකො.. යන ගමන් කියන්නම්..”


    කිලෝ මීටර් බාගයකට ආසන්න දුරක් ගියද සංකේත් කතා නොකල හෙයින් සංදීප නැවතත් එම පැනයම ඇසුවේය..


    “ජොබ් එක හරි අයියෙ.. ලබන සතියෙ ඉදලා එන්න කිව්වා..”


    “ඔයාට ගෙදර ඉදලා මෙහෙ එන්න දුරයිනෙ මල්ලි.. ඔයා කැමතිද..?”


    “දුර නම් අවුලක් නෑ.. මට ඔයාලගෙ ගෙදර ඉදලා හරි එන්න බැරියෑ..”


    සංදීපගේ හිස නැවත වරක් ගිනි ගත්තේය.. සිතුමිණීගේ වෙනසක් නොවුණානම් තව පවුලම විත් මෙහි නතර වූවද ඔහුට ප්‍රශ්නයක් නැත.. නමුත් නිවසේ වාතාවරණය අනුව සංකේත්ව නතර කර ගැනීම සැබැවින්ම ගැටළුවකි..


    “සැලරි එක කීයද..?”


    “පළවෙනි මාස හයේ දොලොස් දාහක් දෙන්නම් කිව්වා..”


    “දොලොස් දාහක් කියන්නෙ පඩියක්ද ළමයො..? ඇයි ඔයා ඒ ගාණට කැමති උනේ..?”


    සංදීප කීවේ හිතට එකග කතාවක් නොවේ.. පලපුරුද්දක් නැති තම සොයුරාට එම පඩිය දැනට ප්‍රමාණවත් බව ඔහු අත්දැකීමෙන් දනී.. නමුත් ඔහුට අවැසි වූයේ මොනවා හෝ කියා සංකේත්ගේ සිත මේ රැකියාවෙන් මිදීමටය..


    “මට තාම අයියට වගේ එක්ස්පීරියන්ස් එකක් නෑනෙ අයියෙ.. ඒ නිසා දැනට මේ ගාන ඇති.. මාස හයෙන් පඩි වැඩි කරනවා කිව්වා.. ඒත්..”


    කුමක්දෝ කියන්න තැනූ සංකේත්, සංදීප දෙස යටැසින් බලා එය ගිල ගත්තේය..


    “ඇයි.. මොකක්ද ප්‍රශ්නෙ..?”


    “මං හිතුවෙ අයියෙ බෝඩ් වෙන එක හොදයි කියලා.. මම එහෙ ඉන්න එක සිතු නංගිට උනත් කරදරයක් වෙයි..”


    තමා හැර අන් කිසිවෙක් සිතූට කරදරයක් නොවන බව සංදීප දනී.. සංකේත් තම නිවසේ නතර වූවහොත් සිතුමිණී තමාට රිදවීමට ඔහුවද ආයුධයක් කර ගැනීමට බැරි නැත..


    “දොලොස් දාහකින් බොඩින් ගාස්තු ගෙවලා කන්න බොන්න ගියාම කීයද ඉතුරු වෙන්නෙ..?”


    සංදීප ඔහුට යමක් නොකියා කීවේය.. එය මනාව වැටහුණු සංකේත් නිවසට එන තෙක් කළේ කල්පනා කිරීම පමණි..


    එදින සවස සංකේත් හාමව සංදීපගේ නිවසින් නික්ම ගියේ එතරම් හිත හොදකින් නොවේ.. එයට හේතුව සංදීපගේ වෙනස සංකේත් සිය මවට හෙලිදරව් කිරීමය.. නමුදු ඔවුන් දෙපල උන්නේ සිතුමිණී කෙරෙහි බොහෝ පැහැදීමකිනි.. ඔවුනට නිතර ඇවිත් යන්නයි ඈ කල ඉල්ලීම නිසා එම පැහැදීම තවත් වැඩිවිය..


    මව හා සොයුරා නික්ම ගිය වෙලේ පටන් සංදීප කල්පනා කලේ සංකේත්ට වෙනත් රැකියාවක් සොයා දීම පිළිබදවය.. අවසානයේ ඔහුට සිය මිතුරු දේවක සිහිපත් විනි.. ඔහුද නම ගිය පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන අයෙකු නිසා එම කටයුත්ත එතරම් අසීරු නොවිය හැක.. එහෙයින් දේවක අමතා මේ පිළිබද කතා කර යුතු බවත් සංදීප සිතා ගත්තේය..



    Mathusambandai.gif

     
    • Like
    Reactions: Mr. Giripala

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-2.jpg


    08.png


    කාලය දින සති ගෙවී ගියේ සිතුමිණීව හා සංදීපව තව තවත් ඈත් කරවමිනි.. සිතුමිණී, සංදීපව නොසලකා හැරියේ වී නමුදු ඈ රඛිත සමග වූ සම්බන්ධතාවය නතර කළේ නැත.. කෙසේ වෙතත් ඈ ඔහුව මුණ ගැසීම මහ හැර සිටි නිසා එම සම්බන්ධතාවයද දුරකථන ඇමතුම් වලට පමණක් සීමා විය..


    දිනක් රාත්‍රියේ සංදීප නිසවේ සිටියදී සිතුමිණී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමින් උන්නාය.. එය හොල්මන් වලින් පිරි පාළු නිවසක කතාවකි.. මහා වැසි වසිනා රාත්‍රියක නිවසේ දොර ජනෙල් ඉබේ ඇරෙන වැසෙන එම බියකරු රූපරාමු දෙස සිතුමිණී බලා සිටියේ දැඩි චකිතයෙනි.. රූපවාහිනය වසා දැමීමට ඇයට අවැසි වූවද කතාවේ වූ කුතුහලය නිසා ඇය දිගටම එය නැරඹුවාය.. එහි එක් රූපරාමුවක විදුලිය බිද වැටීමක් සිදු වූ අතර ඉන් පසු අකුණු එළියට පෙන්වූ අසාමාන්‍යය දර්ශනය ඇගේ සිරුරේ ලොමු ඩැහැ ගැන්වීමට සමත් විය..


    “පුංචි නෝනෙ.. ඔය පිචර් එක බලන්නම ඕනෙද..?”


    කෑම කාමරයේ සිටි අයිරම්මා සිතුමිණිගෙන් විමසා සිටියේ එම දර්ශන පෙළ ඇයවද අහපසුතාවයට පත් කළ බැවිනි.. ඇගේ හඩ ඇසුණු සැනින් සිතුමිණී රූපවාහිනිය නිවා දැම්මේ ඇගේ ඔවදනට කීකරු වීමට වඩා තමාව බියපත්ව සිටි නිසාය..


    “ඔය වගේ දේවල් බලලා නින්දට ගියාම එක එක විකාර පේන්න ගන්නවා නෝනෙ..”


    සිතුමිණී තම කීමට ක්ෂනික ප්‍රතිචාර දැක්වීම ගැන සතුටට පත් අයිරම්මා තව දුරට්ත ඇයට කරුණු පැහැදිලි කළාය.. ඈ එවදන් අසා උන්නද අයිරම්මාගේ මතයට විරුද්ධව වදනක් හෝ කීමට උත්සුක වූයේ නැත...


    “මං නිදියන්න යනවා අයිරම්මා..”


    රාත්‍රී කෑම ගැනීමට හෝ පමා නොවුණ සිතුමිණී නිහඩවම කාමරයට ගොස් දොර වසා ගත්තේය..


    “අපරාදෙ හොදම හරියෙදි අයිරම්මා වැඩේ කෑවනේ..”


    කාටත් හොරෙන් කුළුණකට මුවාවී රුපවාහිනිය නරඹමින් උන් පොඩ්ඩේ නම් මේ සිදුවීම ගැන තරහින් උන්නාය..


    “උඹ තමයි නෝනෙට ඔය ඕනෙ නැති මල ඉලව් ගෙනැල්ලා දෙන්නෙ..”


    “මං ගෙනැල්ලා දෙන්නෙ පුංචි නෝනෙ ඉල්ලන ඒවනෙ.. එහෙමනං ඉතිං අයිරම්මා හරි සංදීප මහත්තයා හරි ගෙනැල්ලා දෙන්න..”


    සාලයේ අදුරු මුල්ලකට වී ඉහත දෙබස් සියල්ල අසා උන් සංදීපට දැඩි කම්පණයක් දැනුණි.. පොඩ්ඩේ කියනා ලෙසට සිතුමිණී තමා සමග පැමිණෙන්නේ නම් තමා ඇයට හොල්මන් චිත්‍රපට වෙනුවට සුන්දර ආදර කතා රැගෙන දෙන්නේය.. නමුත් ගැටළුව වූයේ ඈ තවමත් තමා පිටස්තරයෙකු ලෙස හෙලා දැකීමයි..


    නින්දේ උන් සිතුමිණී රෑ මැද හරියේ අවදි වූයේ අකුණු සහග ඇති වූ තද වැස්සටය.. විටින් විට හට ගත් විදුලි කෙටීම් නිසා කාමරය රිදී පැහැයෙන් ආලෝකමත් වෙද්දී ඇයට නින්දට පෙර බැලූ චිත්‍රපටය සිහියට නැගුණි.. එහි වූයේද මෙවන්ම වැසි සහිත වූ කාලගුණයකි.. මහ හඩින් ගොරව ගොරවා වහින වැස්ස ඇගේ සිතට භීතියක් ගෙන ඒමට සමත් විය.. කාමරයේ ජනේල වලට එපිටින් කිසිවෙකු ඇවිදිනවා වැනි හඩක්ද තමාට ඇසුණේ සිතේ වූ තිගැස්ම නිසා බව ඈ දැන උන්නේ නැත..


    පැය බාගයකට ආසන්න කාලයක් තම හිතත් සමග තර්ක කරමින් උන් සිතුමිණී අවසානයේ තීරණයකට එළඹී ලෙසින් ඇදෙන් බැස ගත්තේය.. ඇයට වූයේ විකල්ප දෙකකි.. එක්ක අයිරම්මාව මේ කාමරයට ගෙන්වා ගැනීමයි.. අනෙත තමා සංදීප නිදනා කාමරයට යෑමය.. ඉන් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සිතුමිණී පසුබට වූයේ.. මේ මහ රෑ පඩිපෙල බැස පහල මාලයට යා යුතු වූ නිසාවෙනි.. එනිසා ඈ සිතේ චකිතයෙන් යුතුව කලක් සංදීපට වෙනස්කම් කර අද මෙලෙස පැමිණීම ඇයට මදිකමක් සේ දැනුනද ඇයට වෙන කල හැකි යමක් නොවිය.. එහෙයින් ඈ සුපුරුදු ලෙසින්ම ඔහුගේ ඇද පාමුල රෙද්දක් එළා එහි වැතිර ගත්තේය..


    ****************************


    පසුදා පාන්දර සංදීප තරමක් වේලාසන අවදි වූයේ ඔහුට ආයතනයේ සම්මුඛ පරීක්ෂණයක් මෙහෙයවීමට තිබූ නිසාවෙනි.. ඇදෙන් බහිද්දීම තම කාමරයේ බිම රෙදිකඩක් මත වැතිර හුන් සිතුමිණී දුටු ඔහුට තම දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය.. මෙම නිවසට පැමිණී මුල් දින දෙකේ පමණක් මෙලෙස නිදා ගත් ඈ පසුව සිය කාමරයද අතහැර යන්න ගියාය. එහෙයි ඇගේ මේ ආගමනය සංදීපව කලඹවන්නට සමත් උනි..


    “සිතූ.. බබා නැගිටින්න..”


    රාත්‍රියේ වට වැස්සෙන් පරිසරය හා පොළොව සීතල වී ඇති නිසා සිතුමිණී නිදා උන්නේ සීතලේ ගැහෙමිණි.. එනිසා සංදීප ඇයව අවදි කිරීමට උත්සාහ කළේය..


    සංදීපගේ අතේ උණුසුම් පහස ලද සිතුමිණී නැගිට ගත්තේ විදුලි සැර වැදුණු කලෙක මෙනි..


    “ඇයි..?”


    තමා දෙස අනුකම්පාවෙන් බලා උන් සංදීපගෙන් ඈ විමසුවේ තම චකිතය මහ ගරවා ගැනීමටය.. ඔහු අවදි වීමට ප්‍රථම නැගිට ගත යුතු යැයි සිතා ගෙන පැමිණීයද තමා ප්‍රමාද වීම නිසා ඇයට දැනුණේ දැඩි ලැජ්ජාවකි..


    “බිම සීතලයි..”


    සිතුමිණීගේ මුහුණින් දෙනෙත් ඉවතට නොගෙන සංදීප පවසා සිටියේය.. සීතල උදෑසන පින්න මලක් සේ පිපී තිබූ තම බිරිදගේ මුහුණ සිප ගැනීමට ඇත්නම් එය කොතරම් සුන්දර විය හැකිදැයි සංදීප සිතද්දීම එය වැටහුණාක්මෙන් සිතුමිණී වහා නැගිට ගත්තාය.. තව මොහොතක් හෝ කාමරයේ පමා නොවූ ඈ සිය ඇතිරිලි සියල්ල රැගෙන පිටතට පැමිණියේ ඔහුට මුහුණ දීම අපහාසු වූ හෙයිනි..


    නමුත් සංදීප උන්නේ සතුටිනි.. තමා මහගැර තනිව නිදා ගැනීමට ගිය ඇගේ මෙම පුනරාගමනය ඔහු දුටුවේ සුභ නිමිත්තෙනි.. දිය නා පැමිණි ඔහු ගීතයක් සිවුරුහම් බාමින් ඇද පැළද ගත්තේ සිය සතුට ප්‍රකාශ කිරීමට අන් මගක් නොවූ නිසාවෙනි..


    “මහත්තයා අද සතුටින් වගේ..”


    තනිවම සිනාසෙමින් තේ පානය කරනා සංදීප දෙස බලා උන් අයිරම්මා විමසුවාය..


    “හැමදාම අමාවක නෑ අයිරම්මෙ..”


    ඔහු සිනා සි කී දෑ වටහා ගැනීමට තරම් දැනුමක් ඇයට වූයේ නැත.. තමා සිතුමිණීගේ තේ එක රැගෙන යන විටත් ඈ සිය තනි කාමරයේ නිදා උන් නිසා සංදීප මහතා සතුටු වීමට තරම් වූ කාරණාව කුම්කදැයි අයිරම්මා නොදත්තාය..


    “මං යනවා අයිරම්මෙ.. සිතූව හොදට බලාගන්න..”


    එසේ කී සංදීප නිවසින් නික්මුණි.. කිසිවක් තේරුම් ගත නොහැකි වූ අයිරම්මා එතැනම ගල් ගැසී බලා උන්නාය..


    “පුංචි නෝනෙ තාම නිදිද අයිරම්මෙ..?”


    සංදීප නික්ම ගිය පසු ගේට්ටුව වසා පැමිණි පොඩ්ඩේ විමසා සිටියේය..


    “උඹට මොකටද ඒකෙ වගක්..?”


    “නෑ.. ඉතිං.. පුංචි නෝනෙ නැගිට්ටාම මටත් අර චිත්තරපටිය බලන්න පුළුවන්නෙ..”


    “මං උඹට කියන්නෑ..”


    තවත් යමක් කීමට සැරසුන අයිරම්මා එය ගිල ගෙන පොඩ්ඩෙ දෙස තරහින් බලා උණ්නාය.. ඔහු කතාව මග හැර එතනින් ලිස්සා ගියද එම චිත්‍රපටිය නිසා පෙරදා රාත්‍රියේ වූ විපර්යාසය දෙදෙනාම දැන සිටියේ නැත..


    “සංදීප ගියාද අයිරම්මා..?”


    නිදි ඇදුම පිටින්ම පහළට බැස ආ සිතුමිණී අයිරම්මාගෙන් ඇසූ දෙයට ඇගේ මුව පුදුමයෙන් විවර උනි.. ඇයට මෙය හැබෑවක්ද හීනයක්ද යන්න පවා වටහාගත නොහැකි තරම්ය.. මෙතුවක් කාලයට පුංචි නෝනගේ මුවින් සංදීප යන නම පිට වී නොතිබීම එයට හේතුවයි..


    “ඇයි අයිරම්මා බයවෙලා වගේ..?”


    ඇගේ පුදුමයට හේතුව සිතුමිණීට වහටාගත නොහැකි විය..


    “නෑ.. මේ.. මහත්තයා ගියා..”


    ඒ ඇසී ඈ දිගු හුස්මක් හෙලුවාය.. සිතුමිණී, සංදීප ගැන විමසීම සුභ නිමිත්තක් යැයි අයිරම්මා සිතා ගත්තද ඇය එසේ ඇසුවේ සංදීපට මුහුණ දීමට වූ අපහසුතාවය නිසාය..


    “මහත්තයා අද හරි සතුටින් ගියේ නෝනෙ..”


    “ඇයි ඒ..?”


    “ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මං හිතුවා පුංචි නෝනෙ දන්නවා ඇති කියලා..”


    අයිරම්මා එසේ කීවේ සිතුමිණී දෙස යටැසින් බලමිනි..


    “මං.. අයිරම්මට පිස්සු..”


    එසේ කියා කතාව යට ගැසුවද සිතුමිණී උන්නේ ඇතුළතින් කැළඹීගෙනය.. තමා සංදීපගේ කාමරයේ නිදා ගැනීමට යාම ඔහු වරදවා වටහා ගෙන ඇති බව ඇයට වැටහුණි..


    ****************************


    සංදීප රැකියාවට ගොස් එදින කාලය ගත කලේ වෙනදාට වඩා සැහැල්ලුවෙනි.. උදෑසන අවදි වන විට සිතුමිණිගේ සුන්දර රුව ඇස ගැටීම ඔහුට වෙනස්ම අත්දැකීමක් විය.. තමා ඇයව අවදි කිරීමට පෙර ඇයට ළං වී බලා උන් ඒ විනාඩි කිහිපය ඔහුට කල්පයක් සේ දැනුණි..


    “මොකෝ..? අද ලස්සන කෙල්ලෙක්වත් ආවද..?”


    සම්මුඛ පරීක්ෂණය අතරතුර කෙටි විවේකයෙදි සංදීපට ළං වූ තිලංක සරදම් හඩින් විමසා සිටියේය..


    “ආපු කෙල්ලො ලස්සනද නැද්ද කියලා උඹත් දකින්න ඇතිනෙ..”


    සංදීප පිළීතුරු බැන්දේ මැකී නොගිය සිනාවක් සමගිනි..


    “නෑ ඉතිං.. උඹ කාලෙකට පස්සෙ තනියෙම හිනා වෙනවා දැක්ක නිසයි මං ඇහුවෙ..”


    “නෑ බං.. මට පොඩි කතාවක් මතක් උනා..”


    මිතුරාගෙන් බේරීම පිණිස ඔහු කටට ආ දෙය පැවසුවේය.. නමුත් තිලංක එය විශ්වාස කල බවක් දිස් වූයේ නැත..


    “ඕක නං කතාවක් නෙමෙයි කතන්දරයක් වෙන්න ඕනෙ.. මොකෝ උඹලා දෙන්නා තුන්දෙනා වෙන්නවත් යනවද..?”


    තිලංකගේ වදන් සංදීපගේ සිත තුල නලියමින් තිබූ සතුට වහා ගිල ගත්තේය.. ඔහුට දැනුණේ තමාට කිසිවෙකු පිහියෙන් ඇන්නා බදු දැවිල්ලකි..


    “ඔන්න ඔන්න ඉතිං.. ආපහු කල්පනා කරන්න පටන් ගත්තා.. රිලැක්ස් මචං.. මං ඒක නිකමට ඇහුවෙ..”


    නමුත් සංදීපට ක්ෂණිකව යථා තත්වයට පත් වීමට හැකි වූයේ නැත.. එය වැටහුණ තිලංක කතාව වෙනස් කළේය..


    “මල්ලිගෙ ජොබ් එකේ වැඩේ මොකක්ද කර ගත්තෙ..? දේවකයා ඒක කරලා දුන්නද..?”


    “හ්ම්.. උන්ගෙ කුරුණෑගල බ්‍රාන්ච් එකට දාලා දුන්නා.. එයා දැන් ඒකෙ වැඩ..”


    ඔහු පිළීතුරු දුන්නේ ඕනවට එපාවටය..


    “ඉතිං උඹට තිබුණනේ ඌව මේකට දාන්න.. එහෙමනං අපිට මිනිහටහොද සැලරි එකකුත් දෙන්න තිබ්බා..”


    තිලංක නොදැන වුව කතාවට ඇදගත්තේ සංදීපගේ හිත රිදෙනා මාතෘකාවක්මය.. සංකේත් මෙම ආයතනයට බදවා ගැනීම පහසු දෙයක් බව සබෑවකි.. නමුත් ඔහු තම නිවසේ නතරව හිදීමට පැමිණයහොත් එය සුළු පටු අපහසුවක් නොවිය හැක..


    “මිනිහට ගෙදර ඉදලා යන්න එන්න එහෙ ළගයිනෙ..”


    සංදීපගේ නොසැලකිලිමත්භාවය දුටු තිලංක ඔහුට පාඩුවේ සිටීමට ඉඩ සලසා එතනින් නික්ම ගියේය..


    සම්මුඛ පරීක්ෂණයේ වැඩ අවසන් වන විට දහවල් එකත් පසුවී තිබිණි.. ඒ වන විට සංදීප ඇතුලු පිරිස උන්නේ හොද හැටි විඩාබරවය.. දහවල් බත් පත අතින් ගත් සංදීප තම මිතුරන් දෙදෙනා සොයා භෝජනාගාරය වෙත පිය නැගිය.. නමුත් ඔහු එහි ඇතුල් වීමටත් ප්‍රථම ඔහුගේ දුරකථනය නාද විය..


    “හලෝ..”


    “සංදීප.. මං රඛීත..”


    ඒ හඩ ඇසුණු සැනින් සංදීප ගල් ගැසී නැවතුනේය.. තමාගේ හුස්ම ගැනීමේ වේගය පවා වැඩි වනු ඔහුට දැනුණි..


    “මං එදා කියපුවා හොයලා බැලුවද..? කතාව ඇත්ත නේද..?”


    නමුත් සංදීප ඔහුට පිළිතුරු දුන්නේ නැත.. නැතහොත් පිළීතුරු දීමට තරම් ඔහුගේ මුව විවර වූයේ නැත..


    “මොකද මචං ලොළු වෙලා..? අදත් මම ගත්තෙ පොඩි ඔත්තුවක් දෙන්න..”


    සංදීපගේ නළල සෙපසින් දහඩිය බිදු ගලා හැලෙන බවක් ඔහුට දැනුණි.. ඔහු පසුපස තිබූ කෙටි බිත්තියට හේත්තූ වී ගත්තේය.. රඛිත කීමට සැරසෙන්නේ කුමක් වුවත් එය සුභ ආරංචියක් නොවන බව සංදීප දනී..


    “උඹේ කිරිල්ලි අදත් ඉන්නෙ මං ළග..”


    රඛිතගේ කටහඩ තව දුරටත් අසා සිටිය නොහැකි වූ සංදීප එම ඇමතුව විසන්ධි කර දැමුවේය.. උදෑසන තම කාමරයේ ගැලි ගැසී නිදා උන් තම සුරූපිනිය මේ වන විට රඛිතගේ තුරුළේ සැනසෙන බව ඔහුට අදහා ගැනීමට තරම් නොහැකි විය.. නමුත් පෙර දිනයකදී මෙවන් සිද්ධියක් සිදු වූ නිසා මෙය අවිශ්වාස කිරීමට තරම් හේතුවක් නැත..


    ඇමතුමෙන් පසුව රඛිතට නම් දැනුනේ කුරිරු සතුටකි.. උදෑසන සිතුමිණි අමතන විට ඈ අංජුලා මුණ ගැසීමට සූදානමින් සිටි නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔහු උත්සාහ කළේය.. ඔහු සංදීපට මෙවන් ඇමතුමක් දුන්නෙ එහෙයිනි.. ඉන් සංදීප හොබෝ කැළඹිල්ලට පත් වූ බව රඛිතට පසක් විය..


    සැබැවින්ම කලයුතු වූයේ කුමක්දැයි වටහා ගත නොවුණු සංදීප අයිරම්මාට ඇමතුමක් ගත්තේය..


    “සිතුමිණී කෝ අයිරම්මා..?”


    අයිරම්මාට පිළිතුරු දුන් සැනින් හෙලෝ කීමටවත් පමා නොවූ සංදීප විමසා සිටියේය..


    “පුංචි නෝනෙ අංජුලා නෝනලගෙ ගෙදර ගියා..”


    “කීයට විතරද..?”


    “දැන් ගිහින් පැයකට වැඩියි මහත්තයො..”


    සංධීප ඇමතුම විසන්දි කර දැමුවේ අංජුලා ඇමතීමටය.. නමුත් සිත තුල වූ කලබලය නිසා ඔහුට අංජුලාගේ දුරකථන අංකය සොයා ගැනීමට අපහසු වූයේය.. පෙර දින අංජුලා ඇගේ අංකය ලියා දුන් කොල කැබැල්ල තමා කාමරයේ තැබුවාදැයි ඔහු තුළ වූයේ සැකයකි..


    “උඹ මොකක්ද බං මෙතෙන්ට වෙලා කරන්නෙ..? අපි අරහෙ උඹ එනකන් බලං ඉන්නවා බඩගින්නෙ..”


    අමිල ළගට එන තුරුම සංදීප දුටුවේ නැත..


    “මොනවද බං මේ බත් එකත් කිහිල්ලෙ ගහගෙන හොයන්නෙ..?”


    මිතුරාගේ නොසන්සුන් බව දුටු අමිල නැවතත් විමසා සිටියේය.. නමුත් සංදීපට එය නෑසුන ගානය..


    “උඹ මේක අරන් ගිහින් කාපං.. මං පොඩි ගමනක් ගිහින් එන්නම්..”


    තම බත්පත අමිලගේ අතට දුන් සංදීප නැවත සිය කුටිය කරා දිව ආවේ කෙටි නිවාඩුවක් ලබා ගන්නා අදහසිනි..


    “මචං උඹ ඔය කොහෙද දුවන්න හදන්නෙ..? මොකක්ද වෙලා තියෙන්නෙ කියපං..?”


    ඔහු නොදුටුවාට අමිලද ඔහු පසු පස දිවවිත් තිබුණි.. සංදීපගේ මේ වෙනස් හැසිරීම අමිලට වටහාගත හැකි වූයේ නැත..


    “මං විගහට එනවා.. ඇවිත් කියන්නම්කො.. උඹ කාපං..”


    සංදීප අවසන් වචන කිහිපය කීවේ යතුර රැගෙන කාරය වෙත දුවනා අතරවාරයේය.. අමිල යමක් කීමට මුව විවර කරන විටත් සංදීප නොපෙනී ගොස් තිබිණි..


    “උඹ ඔය යන ගමන මොකක් උනත් ඒක ඒ තරම් හොද ගමනක් නෙමෙයි.. පරිස්සමින් මචං..”


    අමිල තමාට මුමුණා ගත්තේය..


    “මොන මගුලක්ද බං මෙතන කරන්නෙ..? මං උඹලා දෙන්නා එනකල් ලන්ච් රූම් එකේ කට්ට කනවා..”


    සංදීපව කැටුව ඒමට පැමිණි අමිලද ප්‍රමාද වූ නිසා තිලංක ඔවුන් දෙදෙනාව සොයා පැමිණීයේය.. ඒ වන විට අමිලත් උන්නේ සංදීපගේ කුටියේ දොරට හේත්තු වී කල්පනා කරමිනි..


    “අරූ ගියා මචං.. මට ඒ ගමන එච්චර ඇල්ලුවෙ නෑ..”


    සංදීප ගිය මග ඔස්සෙ දෙනෙත් යැවූ අමිල පවසා සිටියේය..


    “සංදීපයා කොහෙද ගියේ..?”


    “අනේ මංදා.. බත් එකත් මගේ අතට දීලා ඉක්මනට එනවා කියලා කෙලගෙන ගියා..”


    “කාර් එකේ..?”


    “හ්ම්..”


    දෙදෙනාම මොහොතක් තනි තනිව කල්පනාවේ යෙදී උන්හ.. සංදීප උදෑසන සතුටින් සිටීමත් තමාගේ කතාවක් නිසා ඔහු නොසන්සුන් වීමත් මෙම නික්ම යාමට සම්බන්ධදැයි තිලංක තුළ වූයේ ගැටළුවකි.. නමුත් සංදීප එවන් ප්‍රාතමික සිද්ධි වලට නොසැලෙන බුද්ධිමත් අයකු බවද ඔහු දැන සිටියාය..


    “යමං ඉතිං.. ඌ එනකල් අපි උපවාස කරන්නයෑ.. ගිහින් කමු..”


    සංදීප පැමිණෙන තුරු යමක් අනුමාන කළ නොහැකි වූ ඔවුන් දෙදෙනා නැවත කෑම කාමරය දෙසට පා නැගීය..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-3.jpg


    09.png


    සංදීප තම ආයතනයෙන් පිටවූයේ නිවසට විත් අංජුලාගේ දුරකථන අංකය සොයා ගන්නා අදහසින් වුවද මගදී ඔහු එම තීරණය වෙනස් කළේය.. සිතුමිණිලාගේ නිවසට යාබද නිවසක පදිංචිව උන් අංජුලා සොයා යා හැකි නම් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැකි බව ඔහුට වැටහුණි..


    තමා පැමිණියේ අරුත් සුන් ගමනක් යැයි වරෙක සිතුනද සංදීප සිය තීරණය වෙනස් කලේ නැත.. ඔහු අංජුලා කියා තිබූ මං සලකුණු ඔස්සේ රිය ධාවනය කළේය.. සිතුමිණීලාගේ නිවසට පෙර තිබූ සන්ධීයකින් හැරී ගමන් කල ඔහුට සුපුරුදු රුවක් නෙත ගැටුණි.. ඒ අනෙකෙකු නොව ඔහු මුණ ගැසීමට පැමිණි අංජුලාමය.. සංදීප, අංජුලාට සමීක කර රිය නතර කළේය.. ඈ පහත් වී බැලුවේ තරහිනි..


    “ආ.. මේ සංදීප අයියනේ.. මං මේ බැලුවා මාව හප්පන්න හැදුවෙ කවුද කියලා..”


    වාහනයේ පැති වීදරුව පහත් කල පසු සංදීපව හදුනාගත් අංජුලා සතුටින් තෙපලූවාය..


    “සිතූ කෝ නංගි..?”


    “සිතූ.. මේ අපේ සිතුමිණී..?”


    අංජුලා විමසුවේ පුදුමයෙනි.. මේ අවේලාවේ තමාගේ නිවස සොයා පැමිණි සංදීප තම මිතුරියව විමසා සිටීම ගැන ඇයට වැටහුණේ නැත..


    “මොකද අයියා වෙලා තියෙන්නෙ..? සිතූ මෙහෙ ආවෙ නෑ..”


    “ආවෙ නෑ..”


    ඔහුගේ දෑස් කදුළු පටලයතකින් වැසී ගියේය.. සිතුමිණි පෙරදා රැයේ තම කාමරයට පැමිණියේ අද තමාව දමා යන නිසා යැයි සංදීපට දැනුණි.. තම පුංචි බිරිද කෙරෙහි මහත් ලෝභකමක් දැනුණ ඔහු රියේ සුක්කානමට හිස ගසා ගත්තේය..


    “අනේ සංදීප අයියා.. මොකද මේ..? සිතූ කොහෙද ගිහින් තියෙන්නෙ..?”


    සංදීපගේ සංවේගී හැසිරීමෙන් කලබල වූ ඈ අනෙක් පසින් දිව විත් රියට ගොඩ වූවාය.. නමුත් සංදීප හිස එසෙව්වේ නැත..


    “හරි.. හරි.. අපේ ගේ මේ ඉස්සරහ තියෙන්නෙ.. යමුකො.. ගිහින් කතා කරමු..”


    එවර ඔහු කදුළු පිරි දෑසින්ම අංජුලා දෙස හැරී බැලුවේය..


    “නංගි මේ කොහෙ යන්නද පාරට ආවෙ..?”


    “මෙතන කඩේට යන්න කියලා.. කමක් නෑ අපි ගෙදරට යමුකො..”


    අංජුලා බොහො පෙරැත්ත කොට සංදීපව සිය නිවසට කටුව ගියාය.. ඔවුන් දෙදෙනාව දුටු අංජුලාගේ මව ඉදිරියට දිව ආවේ කලබලයෙනි.. සංදීපගේ කතාව අසා ගත යුතු වූ නිසා අංජුලා ඇහැක් වසා සූක්ෂම ලෙස තම මව එතනින් ඉවත් කළාය..


    “අපි මෙහෙන් ඉදගමු..”


    මිදුලේ පිහිඹියා ගස යට තිබූ දිගු සිමෙන්ති බංකුවෙන් ඉදගත් අංජුලා සමීපව කතාවට ඇදගත්තාය..


    මෙතෙක් කලක් කිසිවෙකුට කියාගත නොහැකිව තිබූ තම නීරස පවුල් ජීවිතයේ ඇතුළාන්තය ඔහු ඇයට හෙළි කර සිටියේ කදුලු පිරි දෑසිනි.. තම සුන්දර මධුසමය ගෙවුණු ආකාරයත් සිතුමිණී තමාව හෙලා දකින ආකාරයත් ඈ වෙනත් කාමරයක් භාවිතයට ගන්නා ආකාරයත් නොසගවා හෙළි කරද්දී ඔහුගේ දෙනෙත් මත නළියමින් තිබූ කදුළු කැට කම්මුල් තෙමා ගලා ගියේය.. ඒ දුටු අංජුලා නොහඩා සිටියේ අසීරුවෙනි..


    “ඉතිං අද මොකද උනේ..? ඇයි අයියා හදිසියෙම මෙහෙ ආවෙ..? සිතූ කොහේ හරි ගිහින්ද..?”


    කවදාවත් නොමැති ලෙස රාජකාරි වේලාවේ සංදීප තමා සොයා පැමිණීම නිසා අංජුලා විමසා සිටියේය..


    “ඊට කලින් කියන්න තව කතාවක් තියෙනවා නංගි..”


    එසේ කියූ සංදීප සිතුමිණි, රඛිත සමග ග්‍රීන් පාක් තානායම වෙත ගොස් තිබූ පුවත හෙළි කළේය.. එදින රඛිත තමාට දුරකථන ඇමතුමක් දුන් අයුරු සිතුමිණී ඇදගෙන පැමිණි ඇදුම පවා ඔහු හරියටම විස්තර කළ අයුරු සංදීප පවසා සිටියේ වේවලන සුළු කටහඩිනි..


    “හරි.. සිතුමිණී, රඛිතව මුණ ගැහුණමයි කියලා අපි හිතමුකො.. ඒත්.. සිතූ රෙස්ට් හවුස් එකට ගියා කියන එක රඛිතගෙ බොරුවක් වෙන්න බැරදි..?”


    “නෑ නංගි.. ඒ කතාවත් ඇත්ත.. මං හොයාලා බැලුවා.. රඛිත සිතූව එතනට අරන් ගිහින් තියෙනවා.. එතන රඛිතට හොද පුරුදු තැනක්..”


    සිතුමිණීගේ වේලාව බැලූ කන්දෙ පන්සලේ හාමුදුරුවන් කී වදන් අංජුලාට සැනෙකින් සිහිපත් විනි.. සිතුමිණීගේ හිත නැවතී ඇත්තේ වෙනතක බව උන්වහන්සේ පැහැදිලිව කී අයුරු ඇයට මතක්විය..


    “ඉතිං අද..?”


    අංජුලා විමසුවාය..


    “අද නේද..?”


    පෙරදා රැයේ සිතුමිණී තම කාමරයට පැමිණ නිදාගෙන තිබූ බව ප්‍රථමයෙන් හෙළි කළ සංදීප දහවල් රඛිතගෙන් ලද දුරකථන ඇමතුම ගැනද සදහන් කළේය..


    “මං අයිරම්මට කතා කලා නංගි.. සිතූ ගෙදර නෑල්ලු.. එයා ඔයාව මුණ ගැහෙන්න එනවා කියලා දවල් ගෙදරින් ඇවිත්..”


    අංජුලාගේ මව තේ හදාගෙන පැමිණි නිසා දෙදෙනාම මොහොතකට කොළුව උන්හ.. සංදීප තේ පානය කරන තුරු අංජුලා සිය මිතුරියට සිදු වූ දේ ගැන කල්පනා කිරීමට උත්සාහ ගත්තේය..


    “සිතූ සමහර විට ගෙදර ගියාද දන්නෙ නෑ අයියා.. ඉන්නකො..”


    සංදීපව බංකුව මත මදකට තනිකර දැමූ අංජුලා නිවසට දිව ගොස් තම ජංගම දුරකථනය රැගෙන ආවේය.. ඈ පළමුව ඇමතුවේ සිතුමිණීගේ අංකයයි.. නමුත් එය ක්‍රියාවිරහිතව තිබුණි.. ඈ නැවතත් සිතුමිණීලාගේ මහගෙදර අංකය ඇමතුවාය..


    “අම්මලාගෙන් කෙලින්ම අහන්නෙපා නංගි.. එයාලා කලබල වෙනවනේ..”


    සංදීපගේ කතාවට අංජුලාගේ පපුව උණුවිය.. සිතුමිණී අහිමි කරගැනීමට උත්සාහ කරන්නේ කොතරම් ගුණගුරුක ස්වාමිපුරුෂයෙක්දැයි ඇයට සිතුණි..


    “හෙලෝ ආන්ටි.. මං අංජු.. ඉතිං. ඇත්තද..? කොහොමද අන්කල්ට එහෙම..?”


    “නෑ.. මං නිකං ගත්තෙ..”


    එහා ඉමෙන් කියනා දෑ නෑසුණද සිතුමිණි ඇගේ දෙමාපියන් බැලීමට ගොස් නැති වග සංදීපට වැටහුණි.. නමුත් දිගටම ඔහු අංජුලාගේ වදන් අසා උන්නේය..


    “හරි හරි ආන්ටි.. හරි.. මං යන දවසක කියන්නංකො.. ආන්ටිලත් එන්න.. එහෙනං මං තියන්නං.. බුදු සරණයි..”


    ඇමතුම විසන්ධි කල අංජුලා බලාපොරොත්තු කඩ වූ දෑසින් සංදීප දෙස බැලුවාය.. ඇයට දැකගත හැකි වූයේ ජීවිතයෙන් පැරදුන හැගීම් රහිත මිනිසෙකුගේ දුක්බර මුහුණකි..


    “දැන් එනවනං එන්න හොදටම වෙලා ඇති නංගි.. සිතූ එන එකක් නෑ..”


    ඔහු පැවසුවේ තමාටවත් ඇසෙන නෑසෙන හඩින්ය..


    “ආපහු කොයි එකටත් ගෙදර ගිහින් බලමුද අයියා.. සිතූ ගෙදර ඇවිත්නං..”


    “මං ආයෙත් ගත්තොත් අයිරම්මා බය වෙයි නංගි.. ඔයා නිකමට අරන් බලන්න..”


    සංදීප එම කටයුත්ත අංජුලාට බාර කළේය.. නමුත් එයින්ද ඵලක් වූයේ නැත.. සිතුමිණී තවම ගෙදර නොපැමිණි බැව් අයිරම්මා කියා තිබිණි..


    “මං යනවා නංගි.. මට ඔයාගෙ නම්බර් එක දෙන්න.. නිකං හරි සිතූ ආවොත් හරි එයා පණිවිඩයක් දුන්නොත් හරි මට කෝල් කරලා කියන්න..”


    සංදීපගේ ජංගම දුරකථනය අතට ගත් අංජුලා දෙදෙනාගේ දුරකථන අංක දෙක හුවමාරු කර ගත්තාය..


    “හදිසි තීරණ ගන්නෙපා අයියා.. කලබල නොවී අපි තව ටිකක් හොයලා බලමු..”


    පිස්සෙකු මෙන් විසි වෙවී කාරය වෙත ගමන් කරන සංදීප දෙස බලා උන් අංජුලා පැවසුවේය.. නමුත් සංදීප එයට කිසිවක් කීවේ නැත..


    ****************************


    අංජුලාගේ නිවසට එන බව පවසා නිවසින් කින්මුණ සිතුමිණී අතරමගදී ඇගේ තීරණය වෙනස් කර තිබිනි.. පෙරදා රැයේ සංදීපගේ කාමරයේ නිදා ගැනීඹට යාම නිසා ඈ උන්නේ ලැජ්ජාවෙනි.. ඒනිසා සිතේ වූ නොසන්සුන් බව මගහරවා ගැනීමට ඈ නගරයෙන් එපිට තිබූ පන්සලට යාමට තීරණය කරගත්තාය.. එය පළාතේ ප්‍රසිද්ධව තිබූ නිහඩ ආරාමයක් වන කන්දේ පන්සලයි.. මීට ටික කලකට පෙරාතුව අංජුලා හා ඇගේ මව මෙම පන්සලට පැමිණ තමාගේ හදහන බැලූ බව සිතුමිණී දැන උන්නේ නැත..


    පන්සල ආසන්නයේදී ත්‍රීවිලයෙන් බැසගත් ඈ රත්වූ ගල් පඩි ඔස්සේ ඉහළටම නැගුණාය.. ඈ සිතට දැනුණේ සහනයකි.. ආරාම භූමියට ඇතුලු වූ විට පෙර වූ රස්නය සිසිලකට පරිවර්ථනය වී තිබිණි.. පන්සල් භූමියේ සියලු ස්ථාන වන්දනා කල ඈ අවසානයේ බෝ මළුවට පැමිණ ගාථා කීමට පටන් ගත්තාය.. කාලය කොපමණ ගතවූවාදැයි ඇයට හැගීමක් තිබුණේ නැත.. වැදපුදා අවසාන වූ ඈ නිහඩ ගල් තලයට පිටදී භාවනා කිරීමට පටන් ගත්තේ තම මනස සන්සුන් කර ගැනීමේ අරමුණෙනි..


    සිතුමිණී ඇස් හරින විට හිරු බැස යාමට ආසන්නව තිබුණි.. නමුත් ඈ කලබල වූවා නොවේ.. සන්සුන් ලෙස ඉද උන් තැනින් නැගිට ගත් ඇයට පන්සලේ ලොකු හාමුදුරුවන් දිස්විය.. උන් වහන්සේ වෙත දිවගිය ඈ ඒ දෙපා නමස්කාර කර පසෙකට වූවාය..


    “මේ දැරිවි ඇවිත් දැන් වරුවකට වැඩියි මයෙ හිතේ..”


    ඒ හඩ බොහෝ ශාන්තය.. සිතුමිණිගේ සිත තුල උපන්නේ භක්තියක් මුසු පැහැදීමකි..


    “එහෙමයි අපේ හාමුදුරුවනේ..”


    “දැන් හිත සන්සුන්ද..?”


    ඈ පුදුම වී බැලුවාය.. තමා මෙහි පැමිණියේ සිත සන්සුන් කරගැනීමට වග උන්නාන්සේ දන්නේ කෙසේදැයි ඇයට පුදුම සිතුනි..


    “ජීවිතේ කියන්නෙ අපි පතන දේ විතරක්ම නෙමෙයි දරුවො.. අපිට ලැබෙන දේ.. ඒ හැමදේම තීරණය වෙන්නෙ අපි පෙර ආත්ම වල කරපු කුසලාකුසල කර්ම අනුව..”


    “එහෙමයි..”


    “ඔය දරුවා දැන් ගෙදර ගියාට පස්සෙ මේ සන්සුන් කර ගත්තු හිත ආපහු බිදගන්න එපා.. අටලෝ දහම ඇතුළෙ සැප වගේම දුකත් තියෙනවනේ..”


    ඒ කතාව ඇයට වැටහුණේ නැත.. නමුත් උන්වහන්සේ කතා කළේ යමක් ඉදිරියට දැකීමෙන් බව ඇය විශ්වාස කළාය..


    “දුකක් කිව්වෙ අපේ හාමුදුරුවනේ..?”


    “ඔය ළමයගෙ ජීවිතේට තදින් සම්බන්ධ වෙන කෙනෙක්ට වෙන කරදරයක් වගේ..”


    උන්වහන්සෙ එම වැකිය සම්පූර්ණ කලේ නැත.. නමුත් එහි අරුත වැටහුණ සිතුමිණිගේ ඇස් අගට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි.. ඇයට තම ආදරණීය දෙමාපියන් සිහපත් විය..


    “මං කිව්වනේ දරුවො කලබල වෙන්න එපා කියලා.. ඔය දරුවගෙ අනාගතේ ලියවිලා තියෙන්නෙ බොහොම සුභදායක විදියට..”


    එය ලියවී ඇත්තේ තම මුහුණේ දැයි ඇසීමට ඇයට සිතුණි.. එම අනාවැකිය එතරම්ම පුදුම උපදවන සුළුය..


    “හිතට කරදරයක් දැනුණ ඕනම වෙලාවක මෙතනට එන්න.. බෞද්ධයගෙ හිත සන්සුන් කරන්න මීට වඩා සුදුසු තැනක් නෑ දරුවො..”


    ඒ ශාන්ත කටහඩ ඒ වදන් සිතුමිණීගේ සිත පත්ලේ තැන්පත් උනි.. ඈ නැවත වරක් උන්වහන්සේට දණ ගසා වැන්දේය..


    “සුවපත් වේවා..!”


    ****************************


    සිතුමිණී නිවසට යනවිට සැදෑ අදුර පරිසරය ගිල ගැනීමට මාන බලමින් උන්නේය.. ඈ දුටු අයිරම්මා කලබලයෙන් මෙන් පැමිණ අගේ අතක වෙළුනි..


    “ඇයි අයිරම්මා..? මොකද බය වෙලා වගේ..?1”


    “පුංචි නෝනා කොහෙද ගියේ..? මට කීවේ අංජු නෝනලගෙ ගෙදර යනවා කියලනේ..”


    වෙනත් අයෙක් මෙය ඇසුවේ නම් සිතුමිණීට තරහා යාමට පවා ඉඩ තිබිණී.. නමුත් සිත සන්සුන් කර පැමිණි ඈ මෙම වියපත් ගැහැණිය හා තරහා ගත්තේ නැත..


    “එහේ යන්න තමා අයිරම්මෙ ගියේ.. ඒත් මට මගදි හිතුණා පන්සල් යන්න.. ඉතිං මං කන්දෙ පන්සලට ගිහින් භාවනා කලා..”


    “භාවනා කලා..? මෙචච්ර වෙලා..?”


    අයිරම්මගෙ ඇස් විසල් වී තිබිණි.. ඈ බිත්තියේ වූ විශාල ඔරලෝසුව දෙස දෑස් දිවෙව්වේය..


    “පන්සලට ගියාම වෙලාව ගියා දැනුණෙ නෑ.. ලොකු හාමුදුරුවොත් මගෙත් එක්ක ටිකක් කතා කර කර හිටියා..”


    “ඒක මිසක.. අංජු නෝනත් කතා කරලා පුංචි නෝනෙව අහද්දි මට හීන් දාඩිය දැම්මා..”


    “අංජු නෝනා කතා කලා..? මොකද කිව්වෙ..?”


    “මුකුත් නෑ.. පුංචි නෝනෙ ඉන්නවද කියලා විතරයි ඇහුවෙ..”


    සිතුමිණීගෙ සිතට අමුතුම හැගීමක් දැනුණි.. ඇයට සිහිපත් වූයේ සුළු මොහොතකට පෙර ලොකු හාමුදුරුවන් කී වදන්ය.. අංජුලා කතා කලේ තම දෙමාපියන් ගැන නරක ආරංචියක් වත් පැවසීමටදැයි ඇයට සැක සිතුණි..


    “මගේ ෆෝන් එක ගේන්න අයිරම්මෙ.. කාමරේ ඇති..”


    මේ වියපත් ගැහැණිය උඩුමහලට යවා දුරකථනය ගෙන්වීම පාපයක් සේ දැනුණද සිතුමිණීගේ දෙපා අවසගව තිබුණි.. ඈ සෙටියට බර දී දෑස් පියා ගත්තේය..


    “ආ.. නෝනෙ..”


    අයිරම්මා දුන් දුරකථනය අතට ගත් සිතුමිණී පළමුව ඇමතුවේ තම දෙමාපියන්ටය.. අම්මාගේ සෙනෙහෙබර කටහඩ ඇසුණු ඇයගේ දෑස් කදුළු පටලයකින් වැසී ගියේය..


    “දූ.. ඔයා හොදින්ද රත්තරනෙ..?”


    තමා මෙතෙක් කල් ඔවුන්ව අමතා දුකසැප සොයා නොබැලුවාට ඒ විසල් මව් සෙනෙහස අල්පයක් හෝ අඩු වී නොමැති බව සිතුමිණී වටහා ගත්තේය..


    “මං හොදින් ඉන්නවා අම්මෙ.. ඔයාලට කොහොමද..? කෝ තාත්තා..?”


    සිතුමිණීගේ මව වූ මාලනී සතුට දරාගත නොහැකිව සිය පපුවට අතක් තබා ගත්තාය.. ඇයට තම දරුවාගේ මෙම වෙනස වටහා ගත නොහැකි තරම්ය..


    “අපි හැමෝම හොදින් ඉන්නවා දරුවො.. දුකට තියෙන්නෙ ඔයා ළග නැති එක තමයි..”


    ඈ කළකට පසුව සිය හැගීම් නිරාවරණය කළාය.. සිතුමිණී ඒවා අසා උන්නේ දැඩි පසුතැවීමෙනි.. ඔවුන් බොහෝ වේලා දොඩමලු වීමෙන් අනතුරුව සිතුමිණී, අංජුලා ඇමතූවාය..


    “සිතූ.. උඹ කොහෙද ඉන්නෙ..? කොහෙ ඉදලද උඹ ඔය කතා කරන්නෙ..?”


    සිතුමිණීගේ ඇමතුම ලද සැනින් කලබල වූ අංජුලා ඇගෙන් ප්‍රශ්න රැසක් අසා සිටියාය.. සිතුමිණීගේ මුවගට මද සිනාවක් නැගිණි..


    “මොකෝ බං යකා ගහලා වගේ බයවෙලා.. අහන්න තියෙන දෙයක් හෙමින් අහපංකො..”


    සංදීප හැරදා රඛිත සමග ගිය සිය මිතුරිය මෙතරම් සන්සුන් වී සිටීම අංජුලාගේ තරහා ඇවිස්සීමට සමත් විය..


    “යකා ගැහුවට මං මෙච්චර බය වෙන්නෙ නෑබ ං.. මට මුලින්ම කියපං උඹ කොහෙද ඉන්නෙ කියලා..”


    “ඉන්නෙ ගෙදර.. ඇයි..?”


    “ඇයි..? අහන හැටි විතරක්.. උඹ අද මාව බලන්න එනවා කියලා කොහෙද ගියේ..?”


    අංජුලාගේ තරහවට හේතුව වැටහුණ සිතුමිණීට සිනා නැගුණි.. ඈ දවල් නිවසට ඇමතුමක් ගත් නිසා අයිරම්මා විස්තරය පවසන්නට ඇති බවද පසුව ඈ තමා එනතුරු මග බලා හිදින්නට ඇති බවද සිතුමිණීට වැටහුණි..


    “එන්න ආවෙ උඹව මීට් වෙන්න තමයි.. ඒත් එළියට ආවට පස්සෙ පන්සල් යන්න හිතුණා..”


    මිතුරියගේ ස්වරයේ බොරුවක් ගැබ්ව නැති බව අංජුලාට වැටහුණද දහවල් සංදීප කී දෑ නිසා ඈ සිතුමිණීව සියයට සියයක් විශ්වාස කලේ නැත..


    “පන්සල්..? කොහේ පන්සලටද ගියේ..? මට කිව්වනං මමත් එනවනේ..”


    ඈ සිතුමිණීගේ කටින්ම විස්තර දැන ගැනීමට උත්සුක විය..


    “කන්දෙ පන්සලට ගියේ.. එතන හරි නිස්කලංකයි අංජු.. මං භාවනා කළා වෙලාව ගියා දැනුණෙ නෑ..”


    “කන්දෙ පන්සල කිව්වෙ අර ගල් තලාවෙ තියෙන පන්සලද..?”


    තවා ඇසුමේ කොතරම් මෝඩ ප්‍රශ්නයක්දැයි අංජුලාට වැටහුණේ පමා වීය.. නමුත් සිතුමිණී කී මං සලකුණු අනුව ඈ ගොස් ඇත්තේ තමා මව සමග සිතුමිණීගේ හදහන බැලීමට ගිය පන්සලට බව අංජුලාට වැටහුණි..


    “මට ඒ පන්සලේ ලොකු හාමුදුරවො හම්බ උනා අංජු.. හරි පුදුමයි.. උන්වහන්සෙ මං ගැන.. මගේ හිතෙ තියෙන දේවල් ගැන මහ අමුතු කතා වගයක් කිව්වා.. අන්තිමට මහා බය හිතෙන කතාවකුත් කිව්වා..”


    උන්වහන්සේ තුළ වූ අනාවැකි කීමේ නිපුණතාව දැන උන් අංජුලා මදක් තැතිගත්තේය..


    “මොනවද කිව්වෙ..?”


    හාමුදුරුවො පැවසූ සියළු දේ සිතුමිණී, අංජුලා හා පැවසුවාය.. දැන්නම් තම මිතුරියගේ වදන් ගැන අංජුලාට සැකයක් නොවිණි.. ඈ තරහා ගෙන උන්නේ සිතුමිණී හා සංදීප අතර වූ විරසකයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට තනනා රඛිත ගැනය..


    “උඹ අම්මලට කෝල් කරලා බැලුවද..?”


    “ඔව් අංජු.. එයාලා හොදින් කිව්වට පස්සෙ තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ..”


    සිතුමිණී සිය මුරණ්ඩුකම් අතහැර යහපත් වෙනසකට පරිවර්ථනය වෙමින් හිදීම අංජුලාගේ හිතට සතුටක් ගෙන ඒමට සමත් විය..


    “සංදීප ගෙදර ආවද..?”


    “තාම නෑ.. එයා එද්දි රෑ වෙනවා..”


    “පරිස්සමින් සිතූ.. බුදු සරණයි..!”


    සංදීප නැවත කාර්යාලයට යන්නට ඇතැයි සිතුණු අංජුලා සිතුමිණීගෙන් සමුගත්තාය.. ඇගේ සිතේ දහවල් වූ බර ගතිය එම ඇමුතුමෙන් පසුව තරමක් අඩු වී තිබිණි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    10.png


    සංදීප එන තෙක් රාත්‍රී දහය පමණ වන තුරු ගේට්ටුව අසල බලා උන් පොඩ්ඩේ බැරිම තැන විත් පඩි ගැට්ටේ ඉදගත්තේය.. නමුත් වාහනයක හඩ ඇසෙන වාරයක් පාසා ඔහුට ගේට්ටුව දෙස බැලුණි..


    “අද සංදීප මහත්තයට පාටියක්ද දන්නෑ නේ අයිරම්මෙ.. නැතුව කවදාවත් මෙච්චර පරක්කු වෙන්නෙ නෑනෙ..”


    තවත් පැය භාගයක් පමණ එතන උන් පොඩ්ඩේ සිය හඩ අවදි කළේය.. එය දොර ළග බලා උන් අයිරම්මාට මෙන්ම සෙටියේ පුටුවකට බරව උන් සිතුමිණිටද හොදින් ඇසුණි..


    “පුංචි නෝනෙ.. මහත්තයට කෝල් එකක්වත් දීලා බැලුවොත් නරකද..?”


    අයිරම්මා, සිතුමිණීගෙන් ඇසුවේ වෙන කිරීමට යමක් සිහිපත් නොවන නිසාය.. නමුත් සංදීපට දුරකථන ඇමතුමක් දීමට තරම් ශක්තියක් ඇය සතුව තිබුණේ නැත..


    “තව ටිකක් බලලා කතා කරමු අයිරම්මා.. දැන් මග එනවත් ඇති..”


    සිතුමිණී එසේ කීවේ තම හිත හදා ගැනීමටය.. නමුදු ඈ උන්නේ තරමක බියෙනි.. උදෑසන අවදි කරවා සංදීප තම මුහුණ බැලු දයාබර බව ඇයට විටින් විට සිහිපත් විය..


    “ආං.. පුංචි නෝනෙ ෆෝන් එක වදිනවා.. මහත්තයා වෙන්න ඇති..”


    කල්පනාවේ නිමග්ග වී උන් සිතුමිණී පියවි ලොවට පිවිසියාය.. ඈ අඩියට දෙකට දුරකථනය වෙත ගොස් රිසිවරය කණ තබා ගත්තාය..


    “හෙලෝ..”


    “හෙලේ.. මේ මිස්ටර් සංදීපගෙ ගෙදරද..?”


    එහා ඉමෙන් ඇසුණේ බරැති පිරිමි කටහඩකි..


    “ඔව්..”


    “මේ කතා කරන මිස් කවුද..?”


    ඔහු යළි විමසා සිටිද්දි සිතුමිණීට තරමක නොරිස්සුමක් දැනුණි..


    “මං එයාගෙ වයිෆ්..”


    ඈ බොහෝ අසීරුවෙන් එවදන් පිට කර දැමුවාය.. කටහඩ මොහතෙකට නිහඩ විය..


    “ගෙදර වෙන කවුරුත් පිරිමි කෙනෙක් නැද්ද මිස්..?”


    එම පැනයත් සමග ආගන්තුක බියක් ඇගේ සිත වෙලා ගත්තේය..


    “නැහැ.. කවුද මේ කතා කරන්නෙ..?”


    “මිස් කලබල වෙන්න එපා.. අපි රෝහල් පොලීසියෙන් කතා කරන්නෙ.. හවස මිස්ට සංදීප ඇක්සිඩන් වෙලා එයාව හදිසි අනතුරු ඒකකයට ඇතුල් කරලා තියෙනවා..”


    ඈ මොහොතකට ගොළු වී ගියාය.. මෙතෙක් කලක් අඹුසැමි බැදීමක් තියා සුළු හිනාවක්වත් නොතිබුණද ඇයට සංදීප ගැන මහත් අනුකම්පාවක් දැනුණි..


    “මිස්.. මිස්.. කතා කරන්න..”


    “ආ.. ඔව්.. කියන්න..”


    ඇයට වචන පැටලිණි.. ඈ රිසිවරය වැටෙන්නට නොදී එය දෝතින්ම අල්ලා ගත්තේය..


    “එයාට අමාරුද..?”


    “එච්චරම නෑ.. ඒත් තාම සිහිය නෑ.. මිස්ලා කලබල වෙන්න එපා.. හෙට උදේ ආවම ඇති..”


    තම මූලික කරුණු ස්වල්පයක් පමණක් හෙළි කල පොලිස් නිළධාරියා ඇමතුම විසන්ධි කර දැමුවේය.. නමුත් සිතුමිණී තවදුරටත් දුරකථනය අත දරා උන්නාය..


    “නෝනෙ.. පුංචි නෝනෙ.. ඇයි මේ..? කවුද කතා කලේ..?”


    සිතුමිණි නුදුටුවාට අයිරම්මා හා පොඩ්ඩෙ දෙදෙනාම උන්නේ ඇය ආසන්නයේය.. ඈ රිසිවරය තබා ගොස් පුටුවේ ඇන්දකට බර දී හිද ගත්තාය..


    “පුංචි නෝනෙ.. ඇයි අඩන්නෙ..?”


    ඒ ඇසුවේ පොඩ්ඩේය.. තමා අඩනවාදැයි සිතුමිණි පවා නොදත්තාය.. ඈ සිය කම්මුල් අතගා බැලුවේ එහෙයිනි.. සැබෑය.. ඒවා කදුළින් තෙත්ව ඇත..


    “අයිරම්මා.. සංදීප..”


    “ඔවු පුංචි නෝනා කියන්න..”


    “සංදීප ඇක්සිඩන් වෙලා අයිරම්මා..”


    “අයියෝ..”


    සංදීපට අසීමිතව ඇලුම් කනල එම වියපත් ගැහැණිය එකී යථාර්ථය දරාගත නොහැකිව බිම ඉදගත්තාය.. නොදොඩා උන්නාට පොඩ්ඩේද උන්නේ දැඩි කම්පනයෙනි..


    “දැන් අපි මොකද කරන්නෙ අයිරම්මා.. මට.. මට සංදීපව බලන්න ඕනෙ..”


    සිතුමිණීද අයිරම්මා සමීපයේ හිද ගනිමින් කීවාය..


    “මේ රෑ යන්න බෑනෙ නෝනා.. අපි පාන්දර යමු..”


    පසු පස උන් පොඩ්ඩේ සිතුමිණීගේ සිත හදන අටියෙන් කීවද තම සිත සනසා ගත හැකි වූයේ නැත.. ඇයට පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ වදන් යළි යළිත් සිහියට නැගුණි.. තම සමීපයෙකුට වන කරදරයක් ගැන කියද්දී තමාට සංදීප සිහිපත් නොවීම ඇගේ පසුතැවිල්ලට හේතු විය.. ඇය සිහිපත් වූ සමීපතමයන් වූයේ දෙමාපියන් පමණි..


    “අපි යමු අයිරම්මා.. මට සංදීපව බලන්න ඕනෙ..”


    සිතුමිණී නැවත වරක් බැගෑපත් වූවාය..


    “එහෙනං නෝනෙ සංකේත් මහත්තයට කතා කරලා විස්තරේ කියන්න.. එයා එයි.. ඒත් ලෝකු නෝනලට නං දැනගන්න තියන්න එපා..”


    යමක් තීරණය කළ නොහැකි උන් සිතුමිණී අයිරම්මාගේ ඔවදන් ඔස්සේ ක්‍රියාත්මක උනි.. ඈ හේතුව පැහැදිලිව නොපවසා සංකේත්ට එන්න කීවාය..


    “මෙහෙ එනවා කියලා දැන්මම අම්මලට කියන්න එපා අයියා.. වෙන දෙයක් කියලා ඉක්මනටම එන්න..”


    සිතුමිණී කාරණය පැහැදිලිව නොකීවද එය සුලු කොට තැකිය නොහැකි බව සංකේත්ට වැටහුණි.. ඔහු මිතුරෙකුගේ හදිසි අවශ්‍යතාවයකට යන බව පවසා නිවසින් පැන ගත්තේය.. ඔහු මගදී සංදීපගේ දුරකථනයට කතා කර හරි විස්තරයක් දැන ගැනීමට උත්සහ කළද එය ක්‍රියා විරහිත කර තිබුණි..


    සංකේත්, සංදීපලාගේ නිවසට යන විට තවත් පැය එකහමාරක් පමණ කල් ගතවිය.. නමුත් ඔහු රිය ධාවනය කලේ හැකි උපරිම වේගයෙනි.. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණද සංදීපලාගේ නිවසේ විදුලි පහන් දල්වා ගේට්ටුව විවර කර තිබුණි.. ඔහු රථය මිදුලට දමන විටම අයිරම්මා, සිතුමිණී හා පොඩ්ඩේ යන තිදෙනාම ඉදිරියට දිව ආහ..


    “අයියා..”


    සිතේ සිරව තිබූ කැළඹිල්ල පිටකරගත නොහැකිව උන් සිතුමිණී සංකේත්ව දුටු විගස ඔහුගේ සමීපයට දිව ගියාය..


    “ඇයි නංගි මේ අඩන්නෙ..? මොකක්ද වෙලා තියෙන්නෙ කියන්න..”


    දයාබරව ඇගේ හිස අතගෑ සංකේත් විමසා සිටියාය..


    “අයියා.. සංදීප ඇක්සිඩන් වෙලාලු..”


    “මොනවා අපේ අයියා.. දැන් කොහෙද එයා..? අමාරුද..?”


    සංකේත්ව නිවස තුළට කැදවා ගිය අයිරම්මා ඔහුට සියළු තතු හෙළි කර සිටියාය..


    “දැන් ගියාට බලන්න දෙන එකක් නැතිවෙයි.. කමක් නෑ අපි යමුකො..”


    පොඩ්ඩේ නිවසේ නතර කළ සංකේත්, සිතුමිණී හා අයිරම්මා කැටුව හදිසි අනතුරු අංශය වෙත පිටත් උනි..


    “නංගි ඔයාලා ටිකක් ඉන්න.. මං ගිහින් විස්තර අහලා එනන්ං.. බලන්න දෙනවා නං අපි කට්ටියම ගිහින් බලමු..”


    සිතුමිණී කොතරම් පෙරැත්ත කළද සංකේත් ඇයව ඇතුළට රැගෙන ගියේ නැත.. ඔහු විමසීම් අංශය වෙත පිය නගද්දී සිතුමිණී හැගීම් විරහිතව බලා උන්නාය..


    “රත්නත්තරේ සරණින් මහත්තයට කරදරයක් වෙන්නෙ නෑ නෝනෙ..”


    අයිරම්මා තනිව මුමුණන හඩ ඇයට ඇසුණි.. නමුත් ඈ කිසිවක් කීවේ නැත..


    *****************************


    අංජුලා හමුවී ආපසු එන අතරවාරයේ සංදීප වාහනය පදවාගෙන විත් තිබුණේ අධික වේගයෙනි.. එය ඔහුට වාරු නැතිව පාරේ අනෙක් පසින් පැමිණි ට්‍රක් රථයක ගැටීම නිසා සංදීප බරපතල ලෙස තුවාල ලද්දේය.. ඔහුගේ දෙපා වලට මෙන්ම දකුණු අතටද දැඩි හානි සිදුවී තිබුණු අතර හිස තරමක් තදින් වැදීම නිසා ඔහු සිහිසුන්වී තිබුණි.. සිද්ධිය දුටුවන් සංදීපව වහාම හදිසි අනතුරු අංශය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති.. මේ වනවිට ඔහු දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී උන්නේය..


    ඔහුව බැලීමට පැමිණි සංකේත් විස්තර පවසා සිටියද ඔහුට සිය සොහොයුරා බැලීමට අවශාකයක් නොලැබිණි.. එයට හේතුව වූයේ ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය වීමයි..


    “දැනට දෙන්න පුළුවන් ඔය ඩීටේල්ස් ටික විතරයි.. දැන් ලෙඩාව බලන්න පුළුවන්කමක් නෑ.. ඔයාලා උදේට එන්න..”


    රෝහලෙන් ඔහුව පිටත් කර හැරියේය.. ඔහු රථගාල වෙත ගමන් කලේ සිතුමිණීට කුමක් කියන්නේදැයි කල්පනා කරමිනි..


    “මොකද කිව්වෙ අයියා..? සංදීපව බලන්න දෙනවලුද..?”


    සංකේත් වාහනය ළගට යාමටත් පෙර සිතුමිණී පෙර මගට දිව ආවාය.. ඔහුට සිය නෑනන්ඩිය ගැන දැඩි ලෙන්ගතුකමක් දැනුණි..


    “දැන් බලන්න බෑලු සිතූ.. අපි ගිහින් උදේට එමු..”


    ඈ බලාපොරොත්තු සුන් වූ විලස රථයට ගොඩ විය..


    “අනේ මන්දා අයිරම්මෙ.. මේක අපේ අම්මලට කියලත් බෑ.. නොකියත් බෑ..”


    සංකේත් මගදි අයිරම්මට කීවේ සිතුමිණී දිගටම මුණිවත රැකි නිසාය..


    “කිව්ව ගමන් ලොකු නෝනලත් කොළඹ එන්න තියාගනියි.. ඒත් ඉතිං තමන්ගෙ දරුවෙක්ගෙ දෙයක් නොකියා කොහොමද..?”


    “මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි.. අයියා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ ඔෆිස් එක ඇරෙන ටයිම් එකට කලින්.. අනික වෙන රූට් එකක.. මෙයා කලින් ආවෙ ඇයි දන්නෑ..”


    “සංදීප මහත්තයා කොහෙදිද හැප්පිලා තියෙන්නෙ..?”


    “සිතූ නංගිලගෙ ගෙවල් පාර කිට්ටුවදිලු.. ඒ පැත්තෙ ඉදලා එන ගමන්..”


    ඒ ඇසුණු සිතුමිණී තිගැස්සී ගියාය.. සංදීප තම දෙමාපියන් බැලීඹට ගියාවත්දැයි ඇයට සැක සිතුණි.. නමුත් තමා හවස පන්සල් ගොස් පැමිණ නිවසට ඇමතූ විට මව එවන් කිසිවක් කීවේ නැත..


    “සංදීපට ගොඩක් අමාරු නෑ නේද අයියා..?”


    සංදීපගේ සංවේදි රුව සිය දෙනෙත් අභියස මැවී පෙනෙද්දී සිතුමිණී විමසා සිටියාය..


    “හරියටම කිව්වෙ නෑ.. කකුල් දෙකයි අතකුයි තුවාල වෙලාලු.. ඉන්ටෙන්සිව් කෙයාර් එකේලු ඉන්නෙ..”


    “ඉන්ටෙන්සිව් කෙයාර්..?”


    ඇගේ හඩ බොල් වී තිබුනි.. ඈ සිතුවේ මෙවන් අනතුරක් සංදීපට සිදුවූයේ තමාගේ වරදින් කියාය.. නොවේ නම් කන්දේ පන්සලේ ලොකු හාමුදුරුවන් තම මුහුණ බලා එවන් අනාවැකියක් පවසන්නේ නැත.. අනෙක තමා සංදීපට දුන් මානසික පීඩනය සුළු පටු එකක් නොවන බව ඈ දනී..


    “ගොඩක් හිතන්න එපා නංගි.. අපි උදේට ගිහිල්ලම බලමුකො..”


    සංකේත් නැවත නිවසට පැමිණ පසුව සිතුමිණීට අවවාදයක් දුන්නේය.. ඊට හිස පමණක් සැලූ ඈ සංකේතට පහළ මාලයේ පිටත කාමරය සූදානම් කර දී උඩු මහළට නැගුණාය..


    ඇගේ සිතට දැනුණේ මහත් හිස් බවකි.. මෙතුවක් තමා සංදීපව නොසලකා හැරිය නමුදු ඔහු නිවසේ උන් විට නිවස පිරී තිබුණි.. නමුත් එය අද මහා මූසල පෙනුමක් ගෙන ඇත.. ඇගපත සෝදා සැහැල්ලු ඇදුමක් ඇග ලා ගත් ඈ නිහඩවම සංදීපගේ විසල් කාමරය නොහොත් ඔවුන්ගේ ප්‍රධාන නිදන කාමරය වෙත පිවිසියේය.. එය සංදීපගේ සුවදින් පිරී ඇත.. නමුදු ඈ එය විද ගත්තේ ඔහු තමා සමීඵයෙන් එහෙ මෙහෙ යන විට පමණි.. පැය කාලකට ආසන්න කාලයක් කාමරය මැද තනිව සිටගෙන කල්පනා කල ඈ අවසානයේ නිදාගැනීම සදහා සංදීපගේ ඇදට නැගුණාය..


    ඇයට මොහොතකට රඛිතව සිහිපත් විනි.. එහෙත් එය සුන්දර හැගීමකට වඩා සමීප වූයේ කිසියම් නොරුස්සනා සුළු බවකටය.. තමා හා සංදීප අතර රඛිත නොසිටියානම් මේ යුගල යහන කොයි තරම් සුන්දර විය හැකිද..?


    “පුංචි නෝනෙ.. නෝනෙට තනියෙම නිදියන්න බෑ නෙව.. මං මෙතනින් ඇලවෙන්නම්..”


    ආරාධනයකින් තොරවම පැමිණි අයිරම්මා සිතුමිණි නිදා උන් ඇද පාමුල පැදුරක් එලා ගත්තාය..


    සංදීප මහතාගේ හදිසි අනතුරු ඇයව කම්පනයට පත් කර තිබුණද ඒ වියපත් දෑසේ වූයේ ආදරණිය මදහසකි.. එයට හේතුව සිතුමිණී ක්‍රමයෙන් ජීවිතයට අනුගතව හිදීමයි.. මෙම අමතුරේ ප්‍රතිඵලය ලෙස හෝ මෙම සුන්දර යුවතිපති දෙපලගේ ජීවිත වාසනාවන්ත වේවායි යදිමින් අයිරම්මා දෑස් පියාගත්තාය..


    නමුත් සිතුමිණී පාන්දර යාමය වනතුරුම සිටියේ නිදි වර්ජිතවය.. ඒ අතරතුර ගෙවුණු කාලයේ ඈ යතාර්ථය අවබෝධ කරගනිමින් උන්නාය.. සංදීප වැනි ජීවිතය විදිය හැකි සුන්දර මිනිමෙක් හැර තමා නැවත රඛිත වෙත යාම නිශ්ඵල දෙයක් ලෙස ඇයට ප්‍රථම වරට පසක් වෙමින් තිබුණි.. තමා එවන් වැරදි තීරණයක් ගතහොත් තම දෙමාපියන්ට සංදීපට හා ඔහුගේ පවුලේ අයට ලෝකයට මුහුණ දිය නොහැකි වනු ඇත.. දිගු සුසුමක් පිට කල ඈ සිය සිතුවිලි දැහැන මදකට බිද දැමුවාය..


    ****************************


    පසුදාට ඉර පහන් වූයේ සිතුමිණී නින්දත් නොනින්දත් අතර සැරිසරමින් සිටින විටදීය.. මුළු රෑ පුරාවටම ඇයට සුව නින්දක් ලැබුණේ නැත..


    “පුංචි නෝනෙ නැගිටින්න.. නැගිටින්න.. උදේම ගියොත් අපිට මහත්තයව බලන්න පුළුවන් වෙයි..”


    “කීයද අයිරම්මා වෙලාව..?”


    “පහ පහුවෙලා මයෙ හිතේ.. ආං සංකේත් මහත්තයත් ලෑස්ති වෙනවා..”


    සිතුමිණි බොහෝ කලබලයෙනන් ඇදෙන් බැස නාන කාමරයට වැදුනාය.. ඈ පැය කාලක් පමණ යාමට මත්තෙන් සූදානම් උනි..


    ඔවුන් උදෑසන හයේ කණිසම වදින විටත් රෝහල් පරිශ්‍රයට ළගා වී සිටියහ.. සංදීපව දකින තුරු සිතුමිණී නොසන්සුන් වී උන්නද ඔවුනට රෝහලේ සුළු සේවකයින්ගෙන් එයට සහයක් ලැබුණේ නැත..

    “ඉන්න මං ගිහින් ලොකු ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම්.. අදනං අයියව කොහොම හරි බලන්න ඕනෙ..”


    එසේ කී සංකේත් පැය භාගයකට ආසන්න කාලයක් එකිනෙකා මුණගැසී එම අවස්ථාව උදාකර ගත්තේය.. ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමට ප්‍රථම සිතුමිණීගේ අත තදට අල්වා ගත්තේ ඈ සිහිසුන් වේයැයි බියෙනි..


    නමුත් ඔවුනට සංදීපගේ යහන සමීපයට යාමට ඉඩ ලැබුණේ නැත.. ඔවුනට සිදුවූයේ මදක් එපිට සිට ඔහුව නැරඹිමටය.. දෙකකුල්, දෑත් පමණක් නොව හිසද තදට වෙලා තිබූ සංදීපව දුටු මතින් සිතුමිණීගේ දෑස් කදුළින් තෙත්ව ගියේය..


    “අඩන්න එපා නංගි.. අපි එළියට යමු..”


    සංකේත්ගේ වතට බරව උන් සිතුමිණී දොරටුව ළගට පැමිණ නැවත වරක් හැරී බැලුවාය.. ඇයට දිව ගොස් සංදීපගේ මුහුණට එබී බැලීමට සිත් වුවද ඈ දරා උන්නේ ආයාසයෙනි..


    “අනේ සංදීප.. මට සමාවෙන්න සංදීප..”


    ඈ තනිවම මුමුනණ ගමන් සංකේත්ගේ උරයේ හිස හොවා ගත්තාය.. සිතුමිණීගේ හිස අතගා ඈව සැනසූ සංකේත්ද යටි හිතින් හඩා වැලපුණි.. දුර සිට මෙම දර්ශනය නැරඹූ අයිරම්මා නම් මේ වන විටත් උන්නේ වාට්ටුවෙන් පිටතය..


    “සංදීපට ඇවිදින්න බැරිවෙයිද අයියා..?”


    දැඩි සත්කාර ඒකකයෙන් පිටතට පැමිණී සැණින් සිතුමිණී විමසා සිටියේ හැඩූ කදුළිනි.. එම බිය ඒ ආකාරයෙන්ම සංකේත්ගේ සිතෙහිත් ඇතිව තිබුණද ඔහු එය සගවා සිතුමිණීව සැනසුවාය..


    “මං දන්න කාලෙ ඉදලා අපේ අයියා කාටවත් වැරැද්දක් කරපු කෙනෙක් නෙමෙයි නංගි.. ඒ නිසා එයාට එහෙම වෙන්නෙ නෑ.. ඔයා බයවෙන්න එපා..”


    සංකේත්ගේ වදන් වලින් සිතුමිණීට දැනුණේ ඇයට එල්ල කළ ඇනුම් පද සේය.. නමුත් ඈ දිගටම නිහඩව උන්නාය..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-2.jpg


    11.png


    සංදීප දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කල පසු හා සිතුමිණීගේ මානසික කම්පනය අවම වූ පසු අංජුලා, සංදීපගේ අනතුරේ සැබෑ තතු හෙලි කර සිටියාය.. සංදීප අනතුරට මුහුණ දුන් දා සිටම දිනපතා රෝහලට ගිය සිතුමිණී එය දැනගත් පසු රෝහල් ගමන ක්‍රමයෙන් අඩු කළාය..

    “සිතූ උඹ මෙහෙම මුළු ගැන්විලා හිටියට මේ ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑනෙ.. සංදීප අයියට හොද උනාම උඹලා දේනනා කතා කරලා තීරණයක් ගනිං..”


    සිතුමිණී අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරනු දුටු අංජුලා ඇයට අවවාද කළාය..


    “උඹටත් මාව සැකයිනෙ අංජු.. මං එදා රඛිතව මීට් උනේ නෑ.. මං ගියේ පන්සල්..”


    සිතුමිණීගේ හඩ බොහෝ අසරණව තිබිණි.. ඈ අංජුලා දෙස බැලුවේ දෑසේ කදුළු පුරවාගෙනය..


    “ඒක ඇත්ත වෙන්න ඇති.. ඒත් උඹ ඊට කලින් රඛිතත් එක්ක රෙස්ට් හවුස් එකකට ගිහින් තියෙනවනේ.. ඒක නෑ කියන්න බෑ උඹට..”


    අංජුලාගේ හඩේ කිසිම තෙතමනයක් ගැබ්ව තිබුණේ නැත.. ඇයට අවැසි වූයේ හොදින් හෝ නරකින් සිය හෙහෙළියට යථාර්ථය අවබෝධ කරලීමටය..


    “ඒ උනාට උඹ කියන විදියෙ දෙයක් එදා උනේ නෑ.. මං දන්නෙ නැතුවයි රඛිත මාව එතනට අරන් ගියේ..”


    “රඛිත ගෙදරට ඇවිත් අරන් ගියේ නෑනෙ.. උඹනේ ඌව මීට් වෙන්න ගියේ.. අනේ මන්දා.. උඹ මගේ යාළුවෙක් කියන්නත් මට දැන් ලැජ්ජයි..”


    සිතුමිණීගේ සිතටදැඩි ලෙස වදින්නට සේ අංජුලා හැසිරුනාය.. ඒ ඇසුණු සිතුමිණීගේ සුදු මුහුණ රෝස පැහැයට හැරුණේ නිමේෂයකිනි..


    “සංදීප අයියගෙ තියෙන හොදකමට මිනිහා උඹේ ඔය බලු වැඩ ගැන තාම කියලා නෑ.. මිනිහා කට්ටිය ඉස්සර තාමත් උඹට සුදු හුණු ගානවා..”


    “හරි.. මං දැන් මොනවද කරන්න ඕනෙ කියපං..?”


    අංජුලාගේ කර්කශ වදන් තවදුරටත් අසා සිටිය නොහැකි වූ සිතුමිණී ඇගේ මුහුණට එබී ඇසුවාය..


    “උඹ සංදීප අයියව බැන්දෙ මොකක් හරි යටි කූට්ටු වැඩක් හිතේ තියාගෙන.. තවත් ඒ මිනිහට රිද්දන්නෙ නැතුව කෙලින් තීරණයක් ගනිං.. උඹ අතෑරියා කියලා එයාට මේ ලෝකෙ වෙන ගෑනු නැති වෙන්නෙ නෑ.. කොටින්ම සංදීප අයියා වගේ හොද කෙනෙක්ව බදින්න මම උනත් කැමතියි..”


    “අංජු..”


    සිතුමිණීට තම දෙසවන් අදහා ගන්නට බැරි ගතියක් දැනුණි.. එමෙන්ම අංජුලා කෙරෙහි ඊරිසියාවක්ද ඇගේ සිතට දැනෙන්නට විය..


    මිතුරියගේ මුහුණේ ඉරියව් වෙනස්ව යනවා දුටු අංජුලාට දැනුනේ සතුටකි.. ඇය සංදීපට කැමති යැයි කීවේ සිතුමිණීගේ ප්‍රතිචාර දැන ගැනීමට මිසක බැසෑවට නොවේ.. මිතුරියගේ පවුල එක් කරන හැගීම මිස ඇගේ ස්වාමියා තමාට අයිති කර ගැනීමේ චේතනාවක් අංජුලාගේ සිතේ කොනකවත් වූයේ නැත..


    “මට තව හිතන්න දෙන්න අංජු.. ප්ලීස්.. මට බනින්න එපා..”


    “මං උඹට බැන්නෙ තරහට නෙමෙයි නෙතූ.. ටිකක් තේරුම් ගනිං.. මමත් කියන්නෙ හොදට හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න කියලයි..”


    අංජුලා අදහස් කරන බුද්ධිමත් තීරණය සංදීප මිස රඛිත නොවන බව සිතුමිණී දැන උන්නාය.. රඛිතට වඩා බොහෝ උසස් ගතිගුණ සංදීප සතුව ඇති බව සිතුමිණි පවා දැන උන්නද ඇයට සිය කුළුදුල් පෙම අමතක කල හැකි වූයේ නැත..


    “ටිකක් හිතපං සිතූ.. උඹ එදා කණ්ඩලම ගිහින් කරපු දේ රඛිත වගේ එකෙක්ට කලා නං ඌ උඹට නිදහසේ නිදාගන්න දෙයිද.. අනික උඹ මේ කරන වෙනස්කං වලට වෙන මිනිහෙක්නං උඹව මෙලහකට ඩිවෝස් කරලා ගොඩක් කල්..”


    අංජුලා කතා කරන්නේ තාම පවුල් ජීවිතයේ ඇතුළාන්තය පිළීබද හොද අවබෝධයකින් බව සිතුමිණීට මනාව වැටහුණි.. ඊට එරෙහි වීමට යමක් නොවූ නිසා සිතුමිණී සාවධානව එවදන් අදා උන්නාය..


    ****************************


    අනතුරින් දැඩි තුවාල ලැබූ සංදීප ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් සිටියේය.. නමුදු සති තුනක් පමණ යනතුරු ඔහුට රෝහලෙන් පිටවී යෑමට අවකාශ ලැබුණේ නැත.. ගතේ වූ තුවාල කොතරම් රිදුම් දුන්නද ඔහු උන්නේ සතුටිනි.. ඊට හේතුව තම පුංචි බිරිද පෙරට වඩා අනුකම්පාවෙන් ඔහුට සැලකීමයි..


    “මේ ඇක්සිඩන්ට් එක උනේ මගේ පෙර කල පිනකට වෙන්න ඇති අංජු නංගි..”


    දිනක් සංදීපව බලන්න පැමිණි අංජුලාට ඔය සිය සිතැගි හෙළි කර සිටියේය..


    “පෙර පිණකට මේ වගේ දෙයක් වෙන්නෙ කොහෙමද අයියෙ.. අනික මේ තරම් තුවාල වෙන්න..”


    සංදීප අදහස් කරන්නේ කුමක්දැයි නොවැටහුණු අංජුලා තෙපලූවාය..


    “අපි බැදපු මාස ගාණටම සිතූ මගේ මූණවත් හරියට බලලා නෑ.. ඒත් දැන් එයා මාව බලන්න දවස ගානෙ ඉස්පිරිතාලෙත් එනවා..”


    “අයියට වෙච්ච දේ ගැන සිතූ හරි අප්සට් එකෙන් ඉන්නෙ.. කෙල්ල හිතන්නෙ මේක උනේ එයාගෙ වරදින් කියලා..”


    “මං කෙයාර්ල්ස් ඩ්‍රයිව් කලාට එයා මොනවා කරන්නද.. අනික ඉතිං මමනේ එදා සිතූ ගැන වැරදි දෙයක් ඔළුවට දාගෙන හිටියෙ..”


    එදා සිතුමිණී ගොස් තිබුණේ රඛිත මුණ ගැසීමට නොවන බව අංජුලාගෙන් දැනගත් සංදීප පසුතැවීමෙන් යුතුව කීවේය..


    “රඛිතට ඕනෙ සිතූව එයාට නැතිවෙච්ච තරහට ඔයාලගෙ පවුල් ජීවිතේ කඩාකප්පල් කරන්න.. ඒ නිසා අයියා රඛිත කියන දේවල් සීයට සීයක්ම විශ්වාස කරන්න එපා.. එයා ඉස්කෝලෙ යන කාලෙත් කෙල්ලො දෙතුන් දෙනෙක්ම ආශ්‍රය කලා.. සමහර විට එදා රෙස්ට් හවුස් එකට රඛිත අරන් ගිය කෙල්ල සිතූ නොවෙන්නත් පුළුවන්..”


    ලෙඩ ඇදට වී උන් සංදීපගේ සිත සුවපත් කරන අටියෙන් අංජුලා බොහෝ දේ පැවසුවාය..


    “නංගිට බෝයි කෙනෙක් නැද්ද..?”


    සංදීප හිටි ගමන් ඇසූ දෙයින් අංජුලාගේ මුහුණේ ලැජ්ජාශිලි මදහසක් නැගුණි..


    “සිතූ අපි හැමෝටම කලින් බැන්දා තමයි.. ඒත් අපිට තාම වයස විස්සයිනෙ..”


    “මං බලාපොරොත්තු වෙන උත්තරේ ඒක නෙමෙයි..”


    “මාව තේරුම්ගන්න පුළුවන්.. මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක් මට තාම මුණගැහිලා නෑ.. ඉතිං මං තාම තනිකඩයි..”


    ජීවිතය දෙස පුළුල් අවබෝධයකින් බලන සිතුමිණීගේ හෙහෙළිය ගැන සංදීපට දැනුණේ පැහැදීමකි.. ඔහු මොහොතක් අංජුලාගේ අවංක මුහුණ දෙස බලා උන්නේය..


    ඈත පටු කොරිඩෝව දිගේ අයිරම්මා සමග එමින් සිටි සිතුමිණී, සංදීප සමග සිනා සිසි කතා කරන සිය යෙහෙළිය දුටුවාය.. කිසියම් අපැහැදිලි හැගීම් ගොන්නක් ඇගේ සිතේ ක්ෂණිකව ඉපදිනි.. ඉන් ප්‍රබල වූයේ ඊරිසියාවයි.. සංදීප විවාහ කර ගැනීමට පවා තමා කැමති බව අංජුලා දිනක් කී අයුරු සිතුමිණී මෙනෙහ කළේ වේදනාවෙනි.. තමා සංදීපව අත් හැරීමට සූදානම් වන්නේ නම් ඈ එම හිස්තැන පුරවන බවට පෙර නිමිති කියා පාන්නේදැයි සිතුමිණී සිතුවාය..


    “ආ.. සිතූ අද ඔයාලා පරක්කු වෙලා නේද..? මං මේ සංදීප අයියා එක්ක ටිකක් කතා කර කර හිටියා..”


    අංජුලා වෙනසක් නොමැතිව සැහැල්ලු ලෙ හැසිරුනද සිතුමිණී ඇතුළතින් කැළඹී උන්නාය.. කොටින්ම ඈ අංජුලාට මුහුණ දී කතා කලේවත් නැත..


    “ලොකු නෝනලත් හවස එනවා කියලා කතා කලා මහත්තයො.. මං හිතන්නෙ සංකේත් මහත්තයත් ටික දවසකට නතර වෙන්න බලාගෙනම එයි..”


    සංදීපට ළං වූ අයිරම්මා කීවාය.. සංදීපට සිය දෙමාපියන් ගැන අනුකම්පාවක් නොදැනුණා නොවේ.. පසුගිය සති තුනට ආසන්න කාලයක් ඇතුළත ඔවුන් කොළඹ හා කුරුණෑගල අතර රස්තියාදු වූ වාර ගණන නිමක් නැත.. ටික කලක් සංදීපගේ නිවසේ නතරව හිදීමට ඔහුගේ මව කැමති වූවද පියා මහ ගෙදරටම පුරුදු වී උන්නේය..


    “මල්ලි ආවොත් ලේසියි.. එතකොට ඔයාට උනත් ත්‍රීවිල් වල රස්තියාදු වෙන්න ඕනෙ නෑ මගේ වෙහිකල් එක තියෙනවනේ..”


    සංදීප, සිතුමිණීගේ මුහුණ බලා කීවාට ඈ සිටියේ දෑස් බමට බර කරගෙනය.. එම වෙනස අංජුලා නම් අවබෝධකරගෙන තිබුණි..


    “අයියා ටිකට් කැපුවාම මමත් ටික දවසකට ඔයාලගෙ ගෙදර ඉන්න එන්නං.. සිතූටත් තනියෙම වැඩ ටික කරගන්න අමාරු ඇතිනේ..”


    අංජුලා කීවේ සිතුමිණීගේ ඊරිසියාව වර්ධනය කිරීමේ අරමුණ් මිස සැබෑවටම එහි යාමේ බලාපොරොත්තුවකින් නොවේ..


    “මං එහෙනං ගිහින් එන්නං අයියෙ.. සිතූටත් ඔයා එක්ක කතා කරන්න දේවල් ඇතිනේ..”


    අංජුලා, සිතුමිණීට යමක් සිතීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී රෝහලෙන් නික්ම ගියාය..


    *****************************


    මසකින් පමණ සංදීපට නිවස බලා යාමේ වාසනාව උදා වූයේය.. නමුදු කකුලේ තුවල සනීප වන තුරු ඔහුට කිහිලිකරු භාවිතා කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණි.. ඔහුව නිවසට රැගෙන යන දවසේ සිතුමිණීලා පමණක් නොව සංදීපගේ මිතුරු දෙපල වූ අමිල හා තිලංකද සිටියහ..


    “උඹ එදා දුම් දාගෙන ගියපු විදියට මට තේරුණා මේ වගේ තැනකින් තමයි නවතින්නෙ කියලා..”


    කිහිළිකරු තවම නුහුරු වූ තම මිතුරාට වාරු දෙන ගමන් අමිල පැවසිය.. නමුත් තිලංක, සංදීපගේ සිත රිදෙන වදනක් හෝ දෙඩුවේ නැත..


    “මල්ලියා.. ඔයා මෙහෙ නතර උනාම ජොබ් එකට යන්නෙ නැද්ද..? මෙහෙ ඉදලා කුරුණෑගලට දුරයිනෙ..”


    සංදීපගේ බඩු බාහිරාදිය රැගෙන රෝහල් කොරිඩෝව දිගේ පිය මනින සංකේත්ගෙන් තිලංක විමසා සිටියේය..


    “මට ජොබ් එක ඒ තරම් ලොකු නෑ අයියෙ.. මං මේ ටිකෙ අපේ අයියා ළගට වෙලා ඉන්නවා.. ජොබ් එකක් පස්සෙ හොයා ගන්න බැරියෑ..”


    සංකේත් ලබා දුන්නේ සංදීපගේ දෑසට කදුළු නංවන තරමේ පිළිතුරකි..


    “ජොබ් එක අවුලක් කරගන්න එපා මල්ලි.. අයියා උනත් මේ ටිකේ නාවට ජොබ් එක නැති වේනනෙ නෑනෙ.. අපි ඔයාටත් අපේ කම්පැනියෙ ජොබ් එකක් සෙට් කරලා දෙන්නං.. සනීප උනාම අයියා මලෝ දෙන්නම එන්න..”


    සංදීප, සංකේත්ව සිය ආයතනයට දමා නොගත් කාරණාව පිළිබද කිසිවක් නොදැන සිටි තිලංක කීවේ අමිලගේද අනුමැතිය අපේක්ෂාවෙනි..


    “ඔව්.. ඔව් මල්ලි.. බය වෙන්න එපා.. ඕන දේකට අපි ඉන්නවා හරි..”


    සංකේත් සැහැල්ලු ලෙස සිනාසී බඩු බාහිරාදිය රථයට දමා ගත්තේය..


    “අපි එහෙනං මෙහෙම්ම කැපෙන්නං මචං.. වීක් එන්ඩ් එකේදි සෙට්වෙමු..”


    සංදීපව රථයට නැංවූ දෙමිතුරෝ රථගාලේදී ඔවුන්ගෙන් සමුගත්හ.. සිතුමිණී හා අයිරම්මාවද නංවා ගත් සංකේත් නිවස බලා පිටත් උනි..


    “අයියට උඩට නගින්න අමාරු නිසා මමයි, සිතූ නංගියි පහළ කාමරේ ඇරේන්ජ් කලා..”


    සංකේත් නිවසට ගොඩ වූයේ එසේ කියමිනි.. සංදීප සිය ගමන මොහොතකට නතර කර සිතුමිණී දෙස බලා උන්නේය..


    ඔහුට සිහිපත් වූයේ තමා අවසන් වරට මෙම නිවසින් නික්ම ගිය දිනයයි.. එදින සිතුමිණී සමග එක කාමරයේ නිදා ගැනීමේ සතුට වින්දද අද තමාට පඩිපෙළ නැග යාමට තරම්වත් වාරුවක් නැත.. තමාගේ කුමක්දෝ පෙර අකුසල කර්මයකට තම දෛවය පෙරළ පෙරළා පහර දෙන බව පමණක් ඔහුට පසක් වෙමින් තිබුණි..


    “කාලෙකට පස්සෙ ගෙදර ආව නිසාද මංදා හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා..”


    එසේ කී සංදීප, සංකේත්ගේ හා පොඩ්ඩේගේ වාරුවෙන් සෙටියට බර වී කිහිලිකරු දෙක පසෙකට කර තැබීය..


    “අනේ මහත්තයො.. මං වැඩිය ආවෙ නැතුවට තරහා ගන්න එපා.. කොහෙද මේ අයිරම්මලා මාව එක්කගෙන ගියේ නෑනෙ..”


    පොඩ්ඩේ සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කලේ සංදීපගේ දෙපා මුල ඉදගනිමිනි.. ඊට සිනහවකින් පමණක් පිළිතුරු දුන් සංදීප පොඩ්ඩේගේ හිස දයාබරව අතගෑවේය..


    “මොනවා උනත් ඉතිං මහත්තයා මෙහෙම ඉන්නවා දකිද්දි මගේ හිත වාවන්නෙ නෑ.. මට..”


    “හා.. හා.. ඔය ඇති.. ගිහින් මහත්තයගෙ ඇගපත හෝදන්න වතුර ටිකක් රත් කරපං..”


    අයිරම්මා පොඩ්ඩේට වැඩක් බාර දුන්නේ ඔහුගේ කියවිල්ල නැවතීමේ අරමුණින්ය නමුත් ඔහු කුස්සියට යන අතරතුරදී තව මොන මොනවදෝ තනිව මුමුණනවා ඇසුණි..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-3.jpg


    12.png


    දෙපාර්ශවයේම දෙමාපියන්ගේ සැලකුම් මධ්‍යයේ සංදීප ඉක්මනින් සුව අතට පත් වෙමින් උන්නේය.. එතරම් කතා බහක් නොකලාට සිතුමිණීද අවශ්‍ය අවස්ථාවන් වලදී සංදීපට සහය විය.. සංකේත් නිවසේම නතර වී හිදීම හා අංජුලා නිතර පැමිණීමද ඔවුනට මහත් ශක්තියක් උනි..

    “දැන් උඹ රඛිත එක්ක කතා කරන්නෙ නැද්ද..?”


    කලකට පසුව අංජුලා, සිතුමිණීගෙන් ඇසීය..


    “රඛිත මෙච්චර කල් ආදරේ කරලා තියෙන්නෙ මට නෙමෙයි අංජු.. මගේ සල්ලි වලට.. අපරාදෙ මං මෝඩ උනා..”


    “මොකක්ද මෝඩ උනා කියන එකේ තේරුම..?”


    “රඛිත බලාපොරොත්තු උනේ මගේ ඩව්රි එක විතරයි.. මට ඒක තේරුණේ පරක්කු වෙලා.. කලින් දැනං හිටියනං මේ දේවල් වෙනස් වෙන්න තිබ්බා..”


    “මට තෙරුන්නෑ..”


    අංජුලා විමසුවේ ප්‍රශ්නාර්ථ මුසු වූ දෑසිනි.. මෙතුවක් කලක් තමා අංජුලාගෙන් වසන් කල රහස ඇයට පැවසීමට සිතුමිණී තීරණය කළාය..


    “උඹ දවසක් කිව්වා මතකද මං සංදීපව මැරි කරන්න කැමති උන හේතුව උඹට තෙරෙන්නෑ කියලා..”


    අංජුලා නිහඩවම හිස සැළුවාය..


    “මං දැන් ඒක තේරුම් කරන්න යන්නෙ..”


    එසේ කී සිතුමිණී, රඛිත හා සැලසුම් කල සියල්ල අංජුලාට හෙළි කළාය..


    “එතකොට උඹ සංදීප අයියව මැරි කලේ විඩෝස් වෙන්න හිතාගෙනද..? මෝඩි.. උම පළිගන්න හදලා තියෙන්නෙ අම්මලාගෙන් නෙමෙයි උඹෙන්මයි..”


    “රඛිත කෙනෙක් මගේ ලෝකෙ හිටියනං මං මේ තරං ඉක්මනට කසාද බදින්නෙ නෑ අංජු..”


    “උඹ නොදැනුවත්ව හරි ඉක්මනට ළංකරගත්තෙ වාසනාව.. ඒක අමතක කරන්න එපා..”


    සංදීප සැබෑවටම පහන් තරුවක් වී තම ජීවන මග ජය ටැඹ කරා රැගෙන යනු ඇති බව සිතුමිණී මේ වන විටත් වටහාගෙන තිබිණි..


    “ඒ උනත් මං සංදීපගෙන් අයින් වෙනවා..”


    “මොනවා.. ඒ කියන්නෙ මෙච්චර දෙයක් වෙලත් උඹ අර මෝඩයා මත්තෙ නහින්නද හදන්නෙ..?”


    අංජුලා විමසා සිටියේ කේන්තියෙනි.. නමුත් සිතුමිණී දෙනෙතේ කදුළු පුරවා බලා උන්නාය..


    “නෑ.. මට කාවවත් ඕනෙ නෑ.. ඒත් මං සංදීපව උඹට දෙන්නයි යන්නෙ..”


    “සංදීප අයියව.. මේ මට..? උඹට මොලේ හොද නැද්ද සිතු..?”


    තමා මෙතරම් දවසක් සංදීපට ළංව සිටියේ සිතුමිණීගේ සිතේ ඊරිසියාවක් ජනිත කර ඇයව සංදීපට ළං කරලීමේ අරමුණින් වූවද සිතුමිණී එය වරදවා වටහාගෙන ඇති බව අංජුලාට දැනුණි.. තම උත්සාහය සාර්ථක වන ලකුණු පෙන්නුම් කිරීම ගැන සතුටකුත් සිතුමිණී ගැන අනුකම්පාවකුත් ඇගේ සිත තුල හටගත්තේය..


    “මෝඩි.. උඹට වැරදිලා.. මං එහෙම කිව්වෙ මට සංදීප අයියව ඕනෙ නිසා නෙමෙයි.. සංදීප අයියා කියන්නෙ මොන තරම් වටින කෙනෙක්ද කියලා උඹට තේරුම් කරලා දෙන්න ඕන නිසා..”


    “ඒ කියන්නෙ උඹ සංදීපට ආදරේ නෑ..”


    සිතුමිණිගේ වදන් වලට අංජුලාගේ සිතේ තරහක් උපන්නේය..


    “ආදරේ.. ආදරේ කියන්නෙ එහෙම ආවට ගියාට ඇති වෙන දෙයක් නෙමෙයි බං.. අනික මං අනුන්ගෙ මිනිහෙක්ට ආදරේ කරන්න තරම් මෝඩියෙකුත් නෙමෙයි..”


    සිතුමිණීගේ සිතේ මෙතෙක් තිබූ බරක් සැහැල්ලු වූවා වැනි හැගීමක් ඇයට ඇති විනි.. ඈ අංජුලා දෙස බලා ප්‍රසන්න හිනාවක් පෑවාය..


    “ඔන්න ඔහොම හද වගේ හිනාවෙලා හිටපංකො.. එතකොටනෙ අපිට උනත් තියන දෙයක් කියන්න හිතෙන්නෙ..”


    “උඹ මට මොනවා හරි හංගනවා අංජු..?”


    බොහෝ කාලයක් සිය මිතුරිය සමග විවෘතව කතා නොකල සිතුමිණි ඇගෙන් යමක් දැන ගැනීමට උත්සාහ කළහ..


    “තාම හංගන්න තරම් දෙයක් නෑ.. ඒත් මං දැන් කෙනෙක්ට ආදරේ කරනවා.. උඹ හිතන විදියට ඒ කෙනා සංදීප අයියා නෙමෙයි..”


    පාසල් සමයේදී පවා කිසිවෙකුට ආදරේ නොකල අංජුලාගේ එම කතාව සිතුමිණීට විශ්වාස කළ නොහැකි තරම් විය.. ඈ අංජුලා දෙස බැලුවේ පුදුම සහගත දෑසිනි..


    “කවුද ඒ වාසනාවන්තයා..?”


    “මං උඹලා වගේ හොරෙන් ලව් කරන්නෙ නෑ.. වෙලාව ආවම කියන්නම්..”


    සිතුමිණීගේ නිතඹට සියුම් තට්ටුවක් දැමූ අංජුලා අයිරම්මා සොයා කුස්සියට දිව ගියේය..


    “මේකිට හැදිලා තියෙන පිස්සුවක්..”


    සිතුමිණී සිනා මුසුව මුමුණා ගත්තාය..


    “කොහෙද නෝනෙ මේ හති දාගෙන දුවන්නෙ..?”


    සාලයේ සිට සිනා සිසි දිව ආ අංජුලා දෙස බැලූ අයිරම්මා විමසීය..


    “ඔන්න අයිරම්මා වැඩේ හරි..”


    “වැඩේ කිව්වෙ..?”


    ඇයට අංජුලා කියූ දෙය හරි හැටි වැටහුණේ නැත..


    “මං අයිරම්මට පොරොන්දු උනා නේද අයිරම්මගෙ සංදීප මහත්තයවයි පුංචි නෝනවයි ළං කරනවා කියලා.. ඔන්න දැන් ඒක හරියාගෙන එන්නෙ..”


    අයිරම්මාගේ දෑස් කදුළින් තෙත් වීමට ගතවූයේ නිමේෂයකි.. ඒ කදුළු දෑස් දුටු අංජුලා ඇගේ දෑත තදකර අල්ලා ගත්තේය..


    “ඔව් නෝනා.. පහුගිය ටිකේ පුංචි නෝනෙගෙ ලොකු වෙනසක් මම දැක්කා.. එයා දැන් සංදීප මහත්තයා ගැන හරියට හොයනවා බලනවා.. වෙලාවට බෙහෙත් ටික දෙනවා..”


    තමාට මෙම අනතුර සිදුවූයේ පෙර කල පිනකට යැයි සංදීප කී කතාව අංජුලාට සිහිපත් උනි..


    “අපි මේ දේවල් කරන්නෙ පවුලක් ආරක්ෂා කරන්නනෙ අයිරම්මෙ.. අනික සංදීප අයියවත් සිතුමිණීවත් නරක අය නෙමෙයිනෙ.. අයිරම්මට ළගදිම දවසක පුංචි පැටියෙක් නළවන්න පුළුවන් වෙයි..”


    “කාගෙන අයිරම්මෙ පුංචි පැටියා..? අංජු නංගි ළගදි බදින්නද යන්නෙ..?”


    පොඩ්ඩෙ සමග මිදුලේ උන් සංකේත් පසුපස දොරින් කුස්සියට ඇතුල් වූයේ එසේ අසාගෙනය..


    “අංජු නෝනා කාව බදින්නද ඉතිං.. එයාට තාම බදින්න කෙනෙක් නෑනෙ..”


    අයිරම්මා අංජුලාව ගලවා ගැනීමට ඉදිරිපත් විය..


    “අපිව බන්දන්න හදන්නෙ සංකේත් අයියට බදින්න බැරියෑ.. නේද අයිරම්මෙ.. ගමේ ගෑණු ළමයි එහෙම ඇතිනේ..”


    එසේ ඇසූ අංජුලා ඊට සංකේත් ලබාදෙන පිළීතුර අපේක්ෂාවෙන් ඒ මුහුණ දෙසම බලා උන්නාය..


    “මගේ ගෑණු ළමයා ඉන්නෙ ගමේ නෙමෙයි.. එයා කොළඹ කෙල්ලෙක්..”


    “ඈ.. සංකේත් මහත්තයට කොයින්ද ගෑණු ළමයෙක්..? අනික කොළඹ..”


    අයිරම්මාගේ පුදුම වූ මුහුණත් විසල් දෑසත් දුටු සංකේත්ගේ මුහුණට දගකාරී සිනාවක් නැගුණි..


    “ඔව්.. අයියගෙ උපන්දිනේ දවසෙ මං හැමදේම කියනවා.. එදාට මං අයිරම්මට මගේ ගෑණු ළමයව පෙන්නන්නම්කො..”


    සංකේත්ගේ කතාවත් සමග අංජුලාගෙ මුහුණ හුළං ගිය බැලුමක් සේ හැකිලී ගියාය.. අයිරම්මා ඒ වෙනස නුදුටුවාට ඇගේ මුහුණ දෙස පරික්ෂාකාරීව බලා උන් සංකේත්ට එය මනාව වැටහුණි.. එහෙත් ඔහු සිනාව සගවා බැරෑරුම් මුහුණක් මවා පෑවේය..


    “මං යනවා අයිරම්මා..”


    අයිරම්මාගෙන් මිදුනු අංජුලා සාලය දෙසට පියවර තැබීය..


    “කොහෙ යන්නද නෝනෙ..? කාලා යන්න ඉ්නන දැන් ගෙදර යද්දි පරක්කු වෙයි..”


    නමුත් ඈ නැවතුනා නොවේ.. සිතුමිණීගෙන් හා සංදීපගෙන් සමුගත් ඈ ඔවුන්ගේ ප්‍රශ්න වලටද පිළිතුරු නොදී ඉක්මන් ගමනින් පාරට පිවිසියාය..


    “මල්ලි.. සංකේත්..”


    කාමරයේ ඇදට වී උන් සංදීප සිය සොයුරා ඇමතුවේය..


    “ඇයි අයියා.. ඔයාට මොනවද ඕනෙ..?”


    ඔහු අඩියට දෙකට සංදීප ළගට දිව ආවේය..


    “මට මුකුත් ඕනෙ නෑ.. අන්න අර ළමයා හදිස්සියෙම යන්න ගියා.. ගිහින් එයාව ගෙදරට දාලා එන්න..”


    අංජුලාව කතාවට අල්ලා ගැනීමට මාන බලමින් උන් සංකේත්ට එය ඉබ්බා දියේ දැම්මා හා සමාන කරුණක් විය.. ඔහු ඇද උන් කොට කලිසමට ටී ෂර්ට් එකක් දමා කාරයට නැගුණේ අංජුලා බස් නැවතුමට යාමට පෙර ඇයව නවතා ගැනීමේ අරමුණෙනි..


    ****************************


    ඒ සංදීපගේ උපන් දිනයට පෙරදා රාත්‍රියයි.. එවන විට සංදීඵගේ තුවාල බොහොම සුව අතට හැරී තිබූ නිසා ඔහුට උඩ මහලට යාම වුවද අසීරු නොවුනි.. සති කිහිපයක් පහත මාලයට වී කල් ගත කල ඔහු එදින රාත්‍රියේ පඩිපෙළේ අත්වැට අල්ලා ඉහළට නැගීමට සැරසුනේය..


    පඩි කිහිපයක් නැග ගත් ඔහුට සිය බද වටා යම් මෘදු දෙයක් වෙළෙනු දැණුනි.. ඔහු වහා හැරී බැලුවේය.. ඒ අනෙකෙකු නොව තම පුංචි බිරිද බව සංදීප දුටුවද ඔහුට මෙය සිහිනයක්ද සැබෑවක්ද යන්න සිතා ගැනීමට තරමක් කල් ගතවිය..


    “මට නගින්න පුළුවන් බබා..”


    ඔහුගේ මෘදු මොලොක් වදන් වලට සිතුමිණීගේ රෝස දෙතොල් අග සිනා ඉරක් ඇදුණි..


    “ඇයි.. මං අල්ලන්න එපාද..?”


    ඈ ලැජ්ජාශීලීව අසද්දී වදන් අමතකව ගිය සංදීප දිගු හුස්මක් පිට කළේය..


    නිදන කාමරයට යන තෙක් සංදීපව වාරු කරගෙන ගිය සිතුමිණී ඔහුට විසල් යුගල යහනාවට බර වීමට උදව් දුන්නාය..


    “තෑන්ක්ස්..”


    සංදීපගේ මුවින් ඉබේම එය පිටවිය.. නමුත් එවැන්නක් බලපොරොත්තු නොවූ සිතුමිනී සංදීප දෙස බැලුවේ දුක්ගත් ඇසකිනි.. මොහොතක් එසේ උන් ඈ කාමරයෙන් පිට වීමට සැරසුනාය..


    “සිතූ.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..”


    ඇදේ විට්ටමට කොට්ටයක් තබා හේත්තු වූ සංදීප කීවේය..


    “ඉන්න.. මං එන්නං..”


    ඈ කාමරයෙන් නික්මුණි.. නමුදු ඇයට රැගෙන යාමට අමතක වූ ඇගේ සුවද පොද කාමරයේ රැදී සංදීපට සිතට වද දුන්නේය.. ඔහු පැය බාගයකට ආසන්න කාලයක් ඇය එනතුරු ඇදට වී බලා උනි.. අවසානයේ ඈ පැමිණියේ ඇගපත සෝදා සැහැල්ලු රාත්‍රී ඇදුමකට මාරු වීගෙනය..


    “මං මෙතනට එන්නම්..?”


    ඒ විසල් ඇදේ හිස් වූ පෙදෙස පෙන්නා සිතුමිණි අසද්දී සංදීපට පිළිතුරු නැති විය.. මධුසමය දා තමා ඇදට නගින විට සිතුමිණී එහා ඉමෙන් බැස ගිය ආකාරය ඔහුට තවම මැවී පෙනෙන්නා සේය..


    “එන්න..”


    සිතුමිණී බොහෝ වේලාවක් ඇද ළගට වී බලා උන් පසු ඔහු ඇයට ආරාධනා කළේය.. නමුත් ඒ සොදුරු රුවට ඒ මෘදු සුවදට වසග නොවිය යුතු බවට ඔහු සිය සිතට පූර්ව දැනුවත් කිරීමක් කර තිබුණි..


    “කියන්න.. මං අහගෙන ඉන්නෙ..”


    ඇදේ හරි බරි ගැසී ඉදගත් සිතුමිණී සංදීපගේ දෑසට එබී බැලුවාය.. ඒ දිදුලන තරු නෙත් දුටු සංදීප මොහොතක ගොළු විය..


    “කියන්න දේවල් ගොඩක් තියෙනවා සිතූ.. ඒත් ඒ හැම වැල් වටාරමක්ම කියලා ඔයාගෙ මනස වෙහෙසන්න මං කැමති නෑ.. මං කෙටියෙන් කියන්නම්..”


    සංදීපගේ සංවේදී මුහුණ දෙස බලා උණ් සිතුමිණීට ඇසිපිය සැලීමටවත් සිහිපත් වූයේ නැත.. තමා මෙතෙක් ඔහුගේ කඩවසම් බව නොදුටුවේ මන්දැයි ඇය කල්පනා කළේය..


    “මං ඔයාගෙ ජීවිතේට ලොකු වැරැද්දක් කළා නංගි.. රඛිතට ආදරෙයි කියලා අර තරම් කියද්දිත් මං ආත්මාර්ථකාමී විදියට ඔයාව ළං කර ගත්තා.. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයාගෙ ෆොටෝ එකක් දැකපු දවසෙ ඉදලම මං ඔයාට ආදරේ කරපු නිසා..”


    නිහඩව සුසුමක් පිට කළ සිතුමිණී දිගටම එය අසා උන්නාය..


    “මං කරපු වැරැද්ද මට තේරු‍ණේ කණ්ඩලමෙදි.. ඔයා රඛිතට කොයි තරම් ආදරේ කරනවද.. ඒ ආදරේ වෙනුවෙන් කොයි තරම් කැපවෙලා ඉන්නවද කියලා මට පුදුම හිතුනා.. ඒත් ඒ වෙද්දි මං පරක්කු වැඩියි..”


    සිතුමිණී ප්‍රශ්නාර්ථය රැදි දෑසින් සංදීප දෙස බැලුවාය.. එහි අරුත ඔහුට හොදින් වැටහුණි..


    “ඒ වෙද්දි අපි බැදලා ඉවරනෙ බබා.. ඔයාගෙ ලෝකෙට ඔයාට යන්න දෙන්න ඕනෙනං මං ඔයාව ඩිවෝස් කරන්න ඕනෙ.. ඒත් ඒකෙන් අපේ දෙමව්පියො කොයිතරම් ලැජ්ජ වෙනවද කියලා මට තෙරුණා.. විශේෂයෙන්ම ඔයාගෙ අම්මලා..”


    සංදීප තම ආත්ම ගරුත්වය ගැන කොතරම් සිතා ඇත්දැයි වැටහුණ සිතුමිණීගේ දෑසට කදුළක් නැගිණි..


    “මං මුලදි හිතුවා ඔයා මාව බැන්දෙ රඛිතව අමතක කරලා කියලා.. ඔයා පස්සෙ හිත හදාගනියි කියලා.. ඒත්.. ඒත් මට වැරදුනා නංගි.. ඔයා හැමදාම මං දිහා බැලුවෙ තරහාකාරයෙක් දිහා බලනවා වගේ.. ඔයාට ඕන උනේ රඛිතගෙ ආදරේ.. රඛිතගෙ උණුසුම..”


    “උණුසුම..”


    සිතුමිණීගේ හඩ බොහෝ දුක්බර විය.. තමා රඛිතව අමතක කර දමා සංදීපට ළගට ඒමට සැරසෙන මොහොතේ ඔහු කියනා දෑ සිතුමිණීගේ සිතට මහා බරක් ගෙන ආවේය..


    “මං ගොඩක් දේවල් දන්නවා සිතූ.. දැන් මට හැමදේම තේරෙනවා.. ඒ නිසා මං තවදුරටත් ඔයාව කූඩු කරලා තියාගන්නෙ නෑ..”


    “සංදීප අයියා..”


    “ඔව් බබා.. මෙච්චර කල් ඔයාව තේරුම් නොගත්තට මට සමාවෙන්න.. මං.. හෙට ඔයාට තෑග්ගත් දෙනවා.. මගේ උපන්දිනේ වෙනුවෙන්..”


    තෑග්ගක් දිය යුතු වූයේ ඔහු නොව තමාය.. සිතුමිණීගේ මේ වන විටත් ඔහුට දියයුතු තෑග්ග කල්පනා කර තිබුණි.. නමුත්.. ඇගේ සිතට මහා අවිනිශ්චිත බියක් දැනෙන්නට විය..


    “මොකක්ද තෑග්ග..?”


    “ඩිවෝස් එක..”


    සංදීපගේ තෑග්ග ගැන ඇසූ සිතුමිණීගේ ඇගේ හිරිගඩු මතු වී තිබිණි.. ඇගේ තරු නෙත් කදුළින් වැසී යද්දි ඈ බිම බලා ගත්තාය..


    “මට හෙටම ඔයාට රඛිතට බාරදෙන්න තිබුණා.. ඒත් හෙට අපේ අම්මලා.. යාළුවො.. එහෙම එන නිසා ඒක අනිද්දා උදේට කල් දාන්න වෙනවා..”


    සංදීප හිත්පිත් නැති අයකු සේ කීවද ඔහුගේ සිත ඇතුළාන්තයෙන් පැළපෙන තරම් දැන උන්නේ ඔහුම පමනි..


    “හෙට අම්මලා ආවම අයියා මොනවද කියන්න හිතන් ඉන්නෙ..”


    බොහොම අසීරුවෙන් වදන් එකතු කර ගත් සිතුමිණී අසා සිටියාය..


    “ඔයා වැරදිකාරයෙක් කියලා ලෝකෙට කියන්න මට ශක්තියක් නෑ නංගි.. අනික ඔයා රඛිත ළගට ගියාම මට එතනින් එහා ජීවිතයක් නෑ.. ඒ නිසා මං වැරැද්ද බාරගන්නවා.. ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..”


    මේ ක්‍රියාත්මක වෙන්නෙ රඛිතගේත් තමාගේත් සැලැස්මේ සාර්ථක අවසානය නොවේදැයි සිතුමිණීට සිතුණි.. තමා විවාහයට පෙර සිටම ඇගිලි ගැන්නේ මෙම දිනය උදාවන තුරුය.. නමුත් අද..


    “හොද ළමයා වගේ අදත් ගිහින් එහා කාමරයෙන් නිදා ගන්න බබා..”


    සංදීපගෙන් එවන් කතාවක් ඈ කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත.. තද කරගෙන උන් ඉකිබිදුම දෙගොඩතලා යද්දි සිතුමිණී කාමරයෙන් පිටතට දිව ගියාය.. ඈ පිස්සියක සේ ගොස් තම කොට්ටයේ හිස තමා ගත්තේ තමාගේ හැඩුම් හඩ පිටතට ඇසේවි යන බියෙනි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-1.jpg


    13.png


    පසුදාට ඉර උදා වූයේ සිතුමිණීව හා සංදීපව කල්පනා ලෝක වල සිර කරමිනි.. සංදීපගේ ආදරණීය පතිනිය වී ඒ උණුසුමේ රැදෙන්නට හිත හදාගෙන උන් සිතුමිණී එම සිහිනය බොද වීම ගැන වැලපුනාය.. ඇයට සංදීපව පමණක් නොව අයිරම්මා.. සංකේත්.. හා පොඩ්ඩේ යන අයවද දමා යෑමේ ලෝභ කමක් දැනුණි..


    විවාහ වූ දා සිට තම නිවසට වාසනාව කැන්දූ මිණි පහන අදින් පසුව රඛිත ළගට යන බව සිහි වී සංදීප දුක් ගත්තේය.. ඔහුට බලන බලන හැම අතකම සිතුමිණීගේ සුදු මුහුණ මැවී පෙනෙන්නට විය..


    සිතුමිණි හා සංදීප පහළ මාලයට පැමිණීයේ උදෑසන නවයට පමණය.. ඒ වන විටත් සිතුමිණීගේ දෙමාපියන් හා අංජුලා පැමිණ තිබිණි.. සංකේත් ඔහුගේ දෙමාපියන් එන තෙක් පාර බලා උන්නේය..


    “සංකේත් මහත්තයට අද ජයටම පාටිය දෙන්න ඕනෙලු.. අද එයාගෙ ගෑණු ළමයා මෙහෙ එන නිසා වෙන්න ඇති නේද නෝනෙ..?”


    කුස්සියට ඇතුළු වූ සිතුමිණීට, අයිරම්මා එය කීවේ රහසින් මෙනී..


    “සංදීපගෙ යාළුවො වගයකුත් එනවා අයිරම්මා..”


    සිත් වේදනාව බාහිර ලෝකයාගෙන් වසන් කල සිතුමිණී කීවාය..


    “දවල්ටද නෝනෙ පාටිය තියෙන්නෙ..”


    “ඔව්.. ඔව්.. දවල්ට.. අපි හවස පොඩි ගමනක් යනවා..”


    පෙරදා රැයේ නිදි වර්ජිතව කල්පනා කොට ගත් තීරණයක් සිතුමිණි හෙළි කර සිටියේ එය කාටවත් නොකියන බවට අයිරම්මා පොරොන්දු කර ගනිමිනි..


    “අනේ මං ඉතිං කාට කියන්නද නෝනෙ..”


    ඈ විශ්වාසවන්ත ලෙස පැවසුවාය..


    එදින දහවල් විශේෂ ආහාර වේල පිළියෙල වූයේ සිතුමිණීගේ දෑතිනි.. ඈ මේ නිවසේ උයන ප්‍රථම ආහාර වේල එය වූ එහි සුවද සංදීපගේ දෙනෙතට කදුළු ගෙන ආවේය..


    “බබා.. තිලංකලා ඇවිත්.. ඔයාව අහනවා..”


    ආහාර පිස අවසානයේ කුස්සියේ පඩි ගැට්ට මත හිද උන් සිතුමිණී අභියසට පැමිණි සංදීප කීවේ ඇගේ දෑස් මග හරිමිනි..


    “සංදීප..”


    නැවත සාලයට යාමට පියවර තැබූ සංදීප මදකට නැවතුනේය..


    “ඔයාලගෙ තීරණේ අම්මලට කියන එක හෙටට කල් දාන්න..”


    සිතුමිණී සංදීපගේ දෑසට එබී තිර ලෙස කියා සිටියාය.. එවදන් වල වූ සෘජු බව සංදීපව පුදුම කරවන සුළු විය..


    “මං අපි දෙගොල්ලන්ගෙම අම්මලට අද එන්න කිව්වෙ පාටි දාන්නම විතරක් නෙමෙයි නංගි.. එයාලට මේ දේවල් කියලා ඔයාව ඔයාගෙ නිදහස් ලෝකෙට ඇරලවන්න..”


    “හරි.. අයියා විහින් වැරදිකාරයෙක් වෙන්න ඕනෙ නෑ.. අම්මලට කියන්න තියෙන දේ මං කියන්නම්..”


    සංදීප හා සිතුමිණි කතා කරමින් උන් තැනට සංදීපගේ මව පැමිණීම නිසා ඔවුන්ගේ කතා බහ නැවතුනි..


    “දූගෙ කෑම වල සුවද පාරට එනවා..”


    සංදීපගේ මව සිතුමිණීගේ දෙකම්මුල් සිඹින අතරවාරයේ කීවාය.. සිතුමිණි ඇගේ දෙපා මුල වැද වැටුණි..


    “තාත්තා ආවෙ නැද්ද අම්මා..?”


    “ආවා.. ආවා.. අද නං බලෙන්ම එක්කං ආවා..”


    තිලංක හා අමිල සමග සතුටු සාමිච්චියේ යෙදෙන සංදීපගේ පියාගෙ හඩ සාලය දෙසින් උස්ව නැගුණි.. තවත් පැය භාගයක් පමණ දොඩමලු වූ දෙමිතුරෝ සංදීප අභියසට පැමිණියහ..


    “මොකද කියන්නෙ.. අපිට කියන්න දෙයක් තියෙනවා.. ඒක අපි කාලා කියන්නද දැන් කියන්නද..?”


    සැමගේ අවධානය තමා දෙස හරවාගත් අමිල කීවේය..


    “කනකල් ඉන්නෙ මොකටද පුතා.. ඔන්න ඔහේ කියලා දාන්න..”


    සිතුමිණිගේ පියා වූ ගුණතිලක මහතා කීවේ සිනා මුසු මුහුණින්ය.. මුලදී තම දියණියගේ විවාහය පිළීබද අවිනිශ්චිතාවයකින් පසු වූ ඔහු මේ වන විට එම බය සිතෙන් බැහැර කර තිබිණි..


    “අයිරම්මා.. එහෙනම් කෑම වහලා තියන්න.. අපි පස්සෙ කන්නම්..”


    අයිරම්මාට කී සංදීප ඇයව හා පොඩ්ඩේද කතාබහට හවුල් කර ගත්තේය..


    “ඔන්න කවුරුවත් අඩු නෑ නේද..? එහෙනං මම කිව්වා..”


    වට පිට උන් පිරිස දෙස නෙත් යොමු කළ තිලංක නැවත සංදීප දෙස බැලුවේය.. දෙපාර්ශවයේ දෙමාපියන් සංකේත්, අංජුලා හා අමිල හැරුණු කොට එහි වූයේ නිවසේ උන් හතරදෙනා පමණි..


    “ඕක ඉක්මනට කියපං.. අපිටත් කියන්න දේවල් තියෙනවා..”


    සංදීප සිනා මුහුණින් එසේ කීවද ඔහු කියන්නට සැරසී උන්නේ ඔහුගේ හා සිතුමිණීගේ දික්කසාද පුවතයි..


    “රායිට්.. මේකයි සීන් එක.. සංදීප ඇක්සිඩන්ට් වෙච්ච මේ මාස තුනේම සැලරි එක කම්පැණි එකෙන් ඩිඩක්ට් කරලා නෑ.. උඹේ සම්පූර්ණ හිග පඩිය මෙතන තියෙනවා..”


    තිලංක හා අමිල යන දෙදෙනාම අලංකාරව සැරසූ පෙට්ටියක බහාලූ චෙක් පතක් සංදීපට පිරිනැමුවේ බලා සිටින්නවුන් සිනා සයුරේ ගිල්වමිනි..


    “මටත් අයියට දෙන්න තෑග්ගක් තියෙනවා.. ඒත් ඒක මේ අමිල අයියලා දුන්නා වගේ පෙට්ටියක දාපු තෑග්ගක් නෙමෙයි..”


    සංකේත්ගේ කථාවට ඔහුගේ දෙමාපියන් මුහුණින් මුහුණ බලා ගත්තේ සංකේත් කිසිදු තෑග්ගක් නොගෙනා බව දැන උන් නිසාය..


    “මං මේ තෑග්ග දෙන්නෙ අයියට විතරක් නෙමෙයි.. අපේ අම්මලටත් එක්ක..”


    එසේ කී සංකේත් පුටුවෙන් නැගිට ගොස් අංජුලාගේ සමීපයේ සිට ගත්තාය..


    “මං අයියට දෙන්නෙ හිත හොද අවංක නෑනා කෙනෙක්.. ආ..”


    සංකේත් අංජුලාගෙ හිස අතගා කීවේ අසා සිටින්නවුන් මවිත කරවමිනි.. එම අවස්ථාවට මුහුණ දීමට අසීරු වූ අංජුලා පිරිස මගෑර කාමරයට දිව ගියාය.. ඒ දුටු සිතුමිණීගේ මුහුණේ ආදරණිය මදහසක් ඇදුනි..


    “එහෙනං බං අනිත් තෑග්ගත් මාරෙට මැච් වෙයි නේද..?”


    තිලංක දෙස බලා ඇසක් වැසූ අමිල කීවේය..


    “ඔව්.. ඔව්.. ඔන්න සංකේත් මල්ලි උඹට ලබන මාසෙ පළවෙනිදා ඉදලා අපේ ඔෆිස් එකේ සහය ගණකාධිකාරී තනතුරක් තියෙනවා..”


    තිලංකගේ හඩට සංකේත්ට දැනුණේ නොනිම් සතුටකි.. තමාට අංජුලා සමීපයේ ගැවසෙමින් රැකියාවට යා හැකි වීම එයට හේතුවයි..


    “උඹලා හැමෝම අපිට දීපු තෑගි වලට ස්තුතියි.. ඒත් අපිට ඒ වෙනුවට දෙන්න තෑග්ගක් නෑ..”


    සංදීප බොහෝ දුක්බර හඩකින් කියා සිටියේය.. ඔහුට දැනුණේ සිනා හඩවල් මධ්‍යයේ සිතුමිණී තමාගේ ලොවින් නික්ම යන හෝරාව ළං වන බව පමණි..


    “සිතූ..”


    සාකච්ඡා මණ්ඩපයේ අවසාන වාරය සංදීප සිතුමිණීට ලබා දුන්නේය.. ඒ මොහොතේ සංදීපගේ මෙන්ම සිතුමිණීගේත් දෑස් රතුව තිබිණි..


    “මටත් දෙයක් කියන්න තියෙනවා..”


    උගුරේ බැදි තිබූ පටලයක් වැනි යමක් නිසා සිතුමිණීගේ හඩ අන් අයට නෑසුණ ගානය.. සංදීප සිතුමිණීගේ මුවින් බලාපොරොත්තු වූයේ ඔහුන් දෙදෙනා කල් ඇතුව තීරණය කරගෙන උන් අසුභ ආරංචිය වුවද සිතුමිණි කියා සිටියේ වෙනකකි..


    “ඔයාලා හැමෝම සංදීපට තෑගි දුන්නනෙ.. මමත් එයාට පොඩි තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා..”


    සංදීපගේ දෙනෙත් පුදුමයෙන් විසල් වී ගියේය.. සිතුමිණී සියුම් සිනාවක් මුව රදවා ඔහු දෙස බැලුවාය..


    “අද හවසට මගේ ගානෙ බීච් හොටෙල් එකට පොඩි ටුවර් එකක්..”


    ඒ ඇසුණු අමිල සිය අඹරගිලි දෙකම මුව තුළට රුවා මහා හඩින් විසිල් කළේය.. එහෙත් ඇගේ එම තීරණය ගැන වඩාත්ම සතුටු වූයේ අයිරම්මා හා අංජුලාය..


    “එතකොට උඹලා ඩිනර් අරන් ගෙදර එනවද..?”


    අමිල ඇසූ පැනයට සිතුමිණීගේ වත රතුව ගියාය..


    “නෑ.. අපි එන්නෙ හෙට..”


    ඈ මිමිණුවේ බොහොම සෙමිනි..


    “හරි හරි.. උන් දෙන්නා කැමති දවසක එන්නැතෑ.. අර කෑම ටික මේසෙ උඩ දුක් විදිනවා.. අපරාදෙ..”


    තිලංක හා අමලගේ මැදිහත් වීමෙන් සතුටු සාමිච්චිය නැවතිනි.. පිරිස මග හැරි සිතුමිණී අඩි තබා තම දෙමාපියන් සමීපයට ගියාය..


    “අම්මෙ.. තාත්තෙ.. ඔයාලා මට හොදක් කලාට මං එදා ඒක තේරුම් ගත්තෙ වැදියට.. මට සමාවෙන්න..”


    දෙනෙතින් කදුළු වැල් කඩා හැලෙද්දී සිතුමිණී තම දෙමාපියනට දණ ගසා වැන්දේය..


    “දරුවො වැරදි කලා කියලා අම්මලා තාත්තලා තරහා වෙන්නෙ නෑ පුතේ.. නැගිටින්න..”


    ඈ තම අම්මගේ තුරුළට වී බොහෝ වේලා වැළපුනාය..


    “පුතාලා හවසට යනවනං ඉක්මනට කාලා ලෑස්ති වෙන්න.. අපි මෙහේ වැඩ කටයුතු බලාගන්නම්..”


    සිතුමිණීගේ දයාබර පියා වූ ගුණතිලක මහතා තම දියණියගේ හිස අතගා ආදරයෙන් කීවේය.. ඔවුන්ගෙන් මිදුණු සිතුමිණී ඉහළමාලයට පැමිණෙන ලෙස සංදීපට හිසෙන් ඉගිකර පඩි පෙල නැග ගියාය.. සංදීපද ඇගේ පසුපස පියවර තැබීමට සැරසුණා පමණි..


    “සංදීප මහත්තයා.. පොඩ්ඩක් ඉන්න.. ඔය හෝටලේට යන්න ලෑස්ති වෙන්නද යන්නෙ..?”


    පොඩ්ඩෙ ඔහුගේ මග හරස් කර පැමිණියද ඔහු උන්නේ එක් අතක් පිටුපසට කර සගවාගෙනය..


    “ආ.. සංදීප මහත්තයට මගෙනුත් තෑග්ගක්..”


    ඔහු බෑගයක දමන ලද සැහැල්ලු යමක් සංදීපගේ අතේ රැදවිය..


    “මොනවද පොඩ්ඩෙ..?”


    “මහත්තයගෙ බෙහෙත් ටික.. මේක වෙලාවට බීලා ඉක්මනට සනීප වෙන්න..”


    බලා සිටිනවුන් පොඩ්ඩේ කල ක්‍රියාවට ඇති තරම් සිනාසුනද සංදීපට ඔහු කෙරෙහි ඇති වූයේ දැඩි ලෙංගතුකමකි..


    “සංදීප..”


    උඩු මහලේ පඩි පෙළ ළග සිටගෙන උන් සිතුමිණී ආදරණිය ලෙස ඔහුව ඇමතුවාය.. සංදීප පඩිපෙළ නැග ඉහළට ගියේ සිතුමිණිගේ සුන්දර වතින් දෙනෙත් ඉවතට නොගනිමිනි.. නමුත් ඔහු සිතුමිණී සමීපයට යත්ම ඈ ඔවුන්ගේ නිදන කාමරය කරා දිව ගියාය..


    කුමක්දෝ සුන්දර හැගීමකින් හිත හිරි වැටී යද්දි සංදීපද ඈ පසුපස ඇදුනි.. මෙතෙක් තමා දෙස නිකමටවත් නොබැලූ තම සුන්දර පතිනිය තමා එනතුරු කාමරයට වී ආදරයෙන් බලා හිදීම ඔහුට විශ්වාස කළ නොහැකි තරම්ය.. ඔහු ඈ සමීපයට ගොස් ඒ මුහුණ දෙස සෘජුව බැලුවේය..


    “මොනවද බබා ඔයා හැමෝම ඉන්න තැන කිව්වෙ..? අපි කතා උනේ වෙන දෙයක්නෙ..”


    “ඔයා හිතාගෙන ඉන්න විදිය වැරදියි සංදීප..දැන් මගේ ලෝකෙ රඛිත කියලා කෙනෙක් නෑ.. ඉන්නෙ ඔයා විතරයි..”


    අන්තිම වදන් කිහිපය සිතුමිණී පැවසුවේ සංදීපගේ විසල් පපුතුරේ හිස හොවාගෙනය.. දහසකුත් එකක් හැගීම් සිත තුළ තෙරපුනද මුවගට එකදු වදනක් හෝ ගලා නොආ බැවින් සංදීප නිහඩවම තම සිය බිරිද සිය දෝතට මැදි කර ගත්තාය.. වලාවක් සේ දෙලොවක පාවෙමින් තිබූ තම ජීවිතය සංදීප ළග නැවතීම සිතුමිණීට පුදුමයක් සේ දැනුණි..


    “මගේ තෑග්ග තාම දුන්නෙ නෑ.. ටිකක් පාත් වෙන්නකො..”


    සංදීප සිතුවේ සිතුමිණි තමාය යමක් කීමට තනනවා කීයාය.. ඔහු සිතුමිණි දෙසට පහත් වද්දීම ඈ ඔහුගේ නළලත මෘදු හාදුවක් සටහන් කළාය.. නමුත් සංදීපට අවැසි වූයේ එය නොවේ.. ඔහුට ඇගේ නා දලුවන් දෙතොල්හී පහස විද ගැනීමට අවැසි උනි.. එය වැටහුණාක් මෙන් දගකාරව සිනාසුන ඈ ඔහුගෙන් මිදී පසකට පැන ගත්තාය..


    “දැන්ම නෙමෙයි..”


    “එහෙනං..”


    ඈ මදකට කල්පනා ලොවක තනිවිය.. තවත් බලා සිටිය නොහැකි වූ සන්දීප සිතුමිණීගේ පසුපසින් ගොස් සිය දෑතට මැදිකර ගත්තාය..


    “මට ඔයාට ඔප්පු කරන්න තව දෙයක් තියෙනවා සංදීප.. මං.. මං.. කවදාවත් රඛිත එක්ක..”


    ඇයට එම වැකිය සම්පූර්ණ කිරීමට ඉඩ ලැබුණේ නැත.. සංදීප ඇගේ මුව වැසීය..


    “මං දන්නවා නංගි.. මං හැමදාම ඔයාව තේරුම් ගත්තෙ වැරදියට..”


    “ඉස්සරහට එහෙම වෙන එකක් නෑ සංදීප.. අපි අපිව හරියට තේරුම් ගමු..”


    සිතුමිණී පහළ මාලයේ පිරිස අතරට යන අටියෙන් දොර වෙත පා නගද්දී සංදීප ඇයට පෙර විත් දොර වසා දැමුවේය.. තමාට මෙතුවක් විද ගැනීමට වරම් නොවූ ඒ සොදුරු ජීවිතය මොහොතකටවත් පමා කරලීමේ අරමුණක් ඔහුට නොවිනි.. ඔහු දහසක් බලාපොරොත්තු සිත රදවාගෙන තම පුංචි බිරිද සිය උණුසුමට මැදි කර ගත්තේය..



    End.gif

     
    • Like
    Reactions: chamaz and rcccc