|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උපුල් තරංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

    ඉන්දීය කණ්ඩායම සමග ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා නව නායකයෙකු පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

    ඇන්ජලෝ මැතිවුස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නැවත පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

    2019 ලෝක කුසලජානය ඉලක්ක කරමින් මෙම නව නායකත්වය වෙනස සිදු කිරිමට නියමිතය.

    ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරැ ලෙස පත් කිරීමට නියමිත චන්දික හතුරුසිංහ සමගද මේ පිලිබදව සාකච්චා කිරීමට නියමිතය.


    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත භාරදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

    හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල උත්සාහයක් දරමින් ඇති බව ද සදහන්ය.

    චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ කණ්ඩායමේ අප‍්‍රිකානු චාරිකාව අතරමැදදී යොමුකර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇතත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ඔවුන් විසින් දක්වා නැත.

    තවත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සිය ගිවිසුම් කාලය නිමවීමට ප්‍රථම ධුරයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත හතුරුසිංහ විසින් ගෙවිය යුතු මුදල ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකගත්වය සිටින බවයි.

    ලබන ජනවරියේදී සිට හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කරනු ඇති බවත් 2019 වන තෙක් ඔහු ගිවිසුම් ගතවනු ඇති බවත් වාර්තා වෙයි.

    චන්දික හතුරුසිංහ මෙතෙක් ක‍්‍රිකට් ආයතනය විසින් වැඩිම මිලක් ගෙවීමට සූදානම් වන ප‍්‍රධාන පුහුණුකරු වනු ඇතැයිද වැඩි දුරටත් දැනගන්නට ඇත.


    :P:P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෑතකදී බංගලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ඊයේ පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

    ඔහු පැමිණි වහාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ගොස් බලධාරීන් සමග විශේෂ සාකච්චාවක්ද පවත්වා ඇත.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත් කිරීම සම්බන්දයෙන් එහිදී කරුණු සාකච්චා වී ඇති බවද වාර්තා වෙයි.

    ලබන ජනවාරි මාසයට පෙර චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

    කෙසේ වෙතත් හතුරුසිංහ මෙතෙක් බංග්ලාදේශ පුහුණුකරු ධුරයෙන් පුර්ණ ලෙස නිදහස් කර නැති අතර ඒ සම්බන්ධයෙන් දෙරටේ ක‍්‍රිකට් බලධාරීන් අතර සාකච්චා පැවැත්වෙයි.


    :angry::angry::angry:

    Moda Wadak Team eke Inna Gothayo Hdanna ba :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට කටයුතු කරමින් සිටින බව ක‍්‍රීඩා ඇමති දයසරි ජයසේකර මහතා පවසයි.

    බංග්ලාදේශ පුහුණුකරු ධුරය අතහැර පැමිණෙන චන්දික හතුරුසිංහ ඉතා ආදරයෙන් ගෞරවයෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පිළිගන්නා බවද ඇමැතිවරයා කියා සිටයේ කොළඹදී පැවැති කැබිනට්‌ මාධ්‍ය හමුවේදීය.

    හතුරුසිංහ බැංග්ලාදේශය හැරදා එන්නේ එහි තිබු අධික වැටුප හා පහසුකම් සියල්ල හැරදා බවද කී ක‍්‍රීඩා ඇමති දයාසිරි එදා හතුරුසිංහ එලවා දැම්මේ ක්‍රිකට්‌ පුටුවල රජකරපු අය බවද සදහන් කලේය.


    :dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් තරංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

    ඉන්දීය කණ්ඩායම සමග ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා නව නායකයෙකු පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

    ඇන්ජලෝ මැතිවුස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නැවත පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

    2019 ලෝක කුසලජානය ඉලක්ක කරමින් මෙම නව නායකත්වය වෙනස සිදු කිරිමට නියමිතය.

    ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරැ ලෙස පත් කිරීමට නියමිත චන්දික හතුරුසිංහ සමගද මේ පිලිබදව සාකච්චා කිරීමට නියමිතය.


    :P:P
    හතුරා කියන්න ඇති උට මැතිව්ස් ඕනේ කියල :baffled: