|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tharanga kalin 175k da koheda gahala apahu digatama fail. me para ehema nowewa kiyala prarthana karanawa. mekawath dinanna puluwan unoth loku deyak :(

    e old tharanga playing a long inning against mediocre indians, but this is different,

    this is tharanga 2.0 actually more like 7.0 :lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීමෙන් පසුව සෙසු සාමාජිකයින් තිදෙනාද තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

    සනත් ඉල්ලා අස්වී ඇති බව තමා නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියද, සනත් සිය ඉල්ලා අස්වීම සභාපතිවරයාට හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට යොමුකර ඇති බවද පැවසේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් ලෙස රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මධුරසිංහ යන මහත්වරුන් කටයුතු කළහ.

    තිලංග සුමතිපාල මහතා හා සනත් ජයසූරිය මහතා අතර ඊයේ (09) රාත්‍රියේ දීර්ඝ සාකච්ඡාවක් පැවැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    කෙසේවුවද එම සාකච්ඡාවේ තීරණය මෙතෙක් වාර්තා වී නොමැත.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kohli out for 204..
    4th successive double hundred in 4 series for him.

    Think oneday he is gonna break the record for most double hundred set by Bradman.

    He is one of those players who has the potential to brk the Lara's 400 record.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kohli out for 204..
    4th successive double hundred in 4 series for him.

    Think oneday he is gonna break the record for most double hundred set by Bradman.

    He is one of those players who has the potential to brk the Lara's 400 record.

    කොලිකුට්ටුවා සචින්ගේ රෙකෝඩුත් ඔක්කොම කඩනව දවසක :yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කොලිකුට්ටුවා සචින්ගේ රෙකෝඩුත් ඔක්කොම කඩනව දවසක :yes:

    For me he is already better than sachin anyway.. He has won many a games for india..
    It's the main difference between those two.

    Cricket is a team game.. You cn score many runs as you want. Bt if those runs cant contribute enf for team's goal then those tons of runs more of useless. Its good for your personal stats not for the team's course
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොලිකුට්ටුවා සචින්ගේ රෙකෝඩුත් ඔක්කොම කඩනව දවසක :yes:

    Ehema kiyanna baha machan..:yes:

    Cricket awinishchithai wage thamai playerslath awinischithai...

    Form eka thamai ithin...muge form eka thawa kochara kal thiyeida danne naha..

    Sachin ge thibba eka hodak thamai u injured une aduwen...kohliya digatama form eke gahuwoth gahai...sure ekata kiyanna amarui...

    Koi wele fail wenna ganida danne naha...meka mata pena heenayak nemei :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehema kiyanna baha machan..:yes:

    Cricket awinishchithai wage thamai playerslath awinischithai...

    Form eka thamai ithin...muge form eka thawa kochara kal thiyeida danne naha..

    Sachin ge thibba eka hodak thamai u injured une aduwen...kohliya digatama form eke gahuwoth gahai...sure ekata kiyanna amarui...

    Koi wele fail wenna ganida danne naha...meka mata pena heenayak nemei :rofl:
    :P ඔව් කියන්න බෑ ඉතින්, හැබැයි මේ යන විදිහට නං ඌ දවසින් දවස දියුණු වෙනව මිසක් ෆෝම් එක බහී කියල නං පේන්නේ නෑ. ඔහේ නිකන් බැට් කරන උන් වගේ නෙවේ මූ හොඳට මොලේ කල්පනා කරලා ගහන මහන්සිවෙලා වැඩ කරන එකෙක්. එහෙම උන් ෆේල් වෙනව අඩුයි.

    අනික තාම වයස 28යි නෙ. කාලෙත් තියෙනව අවුරුදු දහයක් විතර.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලිය පරාජය වීමෙන් පසු කිසිවකුට නිදහසට කාරණා දොඩවා පලක්‌ නැති බවත් අදාළ පරාජයන්ට හේතුව ශ්‍රී ලංකාවේ දේශීය සහ පාසල් ක්‍රිකට්‌ සැලැස්‌මේ ඇති දෝෂයක්‌ නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
    ”ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයකු ඕනෑම තණතීරුවක ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. විදේශවලදී ඇති තණතීරු සහ අනෙකුත් තත්ත්වයන්ට පරාජයෙන් පසුව දොස්‌ කියල වැඩක්‌ නැහැ. අපේ දේශීය සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්‌ සැලැස්‌මට දොස්‌ කියලා වැඩකුත් නැහැ. මොකද අපි පසුගිය වසරවල ලෝක ශූරතා සහ අනෙකුත් ශූරතා දිනුවේ දේශීය තියෙන ක්‍රිකට්‌ සැලැස්‌ම හොඳ නිසා.”
    කෙසේ වෙතත් විදේශවලදී එකදිගට පරදින්නට බැරි බවත් මෙම තත්ත්වය ඉක්‌මනින්ම වෙනස්‌ කළ යුතු බවත් පවසන ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අඩුවක්‌ නැති බවත් ඔවුන් තරගවලදී එය හරියට කළමනාකරණය කර නොගත් බවද පවසයි.
    ”අපි විදේශවලදී තරග හැමදාම මෙහම පරදින්න බැහැ. මේ තත්ත්වය ඉක්‌මනින් වෙනස්‌ කරන්න ඕන. නැතිනම් අපිට හැමදාම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන තරගාවලි විතරයි දිනන්න වෙන්නෙ. අපි කුසල් මෙන්ඩිස්‌ව ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න පෙර එංගලන්තයට යෑව්වා. ඔහු එහේ මාස ගණනක්‌ ක්‍රීඩා කරලා එහි තත්ත්වය ගැන හොඳ අවබෝධයක්‌ ලබා ගත්තා. ඉදිරියේදී වෙනත් රටවල තත්ත්වයන් යටතේ ක්‍රීඩකයන්ට පෙරහුරුවක්‌ ලබා දිය යුතුයි.”
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණු අප්‍රිකාවේදී එක්‌දින තරගාවලිය පරාජය වුවද ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කණ්‌ඩායම නම් කිරීමේදී තම සීමාවේ සිට උපරිමය කළ බව සනත් ජයසූරිය පවසයි.
    ”කණ්‌ඩායම නම් කිරීමේදී හැම දේම බලල තමයි නම් කළේ. මොකද මේ කණ්‌ඩායමේ පිතිකරුවන් හත් දෙනෙක්‌ ඉන්නවා. ඒ අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම ඉන්නවා. නමුත් තරගවලදී තරග ජයග්‍රහණය කරවන්න තරම් කිසිම පිතිකරුවකු වටා අනෙක්‌ පිතිකරුවක්‌ එකතු වුණේ නැහැ. ඒක තමයි පරාජයට හේතුව. ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා විදිහට කණ්‌ඩායම පරදින විට මටත් චෝදනා එල්ල වෙනවා. නමුත් මම මගේ සීමාවේ ඉඳගෙන අනෙක්‌ තේරීම් කමිටු සාමාජිකයන් සමගත් කතා කරල උපරිමය කළා.” යෑයි ජයසූරිය පවසයි.
    දකුණු අප්‍රිකානු තණතීරුවල තත්ත්වය සහ එහි පන්දුවට පහරදිය යුතු ආකාරය පිළිබඳව තමා ලද අත්දැකීම්ද කණ්‌ඩායමට ලබාදුන් බවත් ක්‍රීඩකයන් සමග සහ පුහුණුකරු සමඟද සාකච්ඡා කරමින් නිතරම සැලසුම් සකස්‌ කළද පළමු තරග තුනේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 200 සීමාවට මෙපිටින් සීමාවීම තරගාවලි පරාජයට හේතු වූ බව ජයසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
    ”මම පුහුණුවීම් බලනවා. තරග බලනවා. මොවුන්ගේ පුහුණුවීම්වල ප්‍රශ්නයක්‌ නැහැ. තරගයකදී සැලැස්‌මකට අනුව ක්‍රීඩා කරන්න සියලු දෙනා දැන ගන්න ඕන. එක පිතිකරුවකු ලකුණු අතරට එන විට ඔහු දිගු ඉනිමක්‌ ක්‍රීඩා කරන්න ඕන. මොකද දකුණු අප්‍රිකානු තණතීරුවලදී පන්දුව බවුන්සර් වෙන විට පහර දෙන්න ගියොත් දැවී යන්න තියෙන අවස්‌ථා වැඩියි. මම ඒ සියලු දේ පිළිබඳවත් ඔවුන්ව දැනුවත් කළා. කොහොම වුණත් ක්‍රීඩකයන් ලෙස ඔවුන් මේ තරගාවලියේදී හොඳ අත්දැකීමක්‌ ලබා ගත්තත් මීට වඩා හොඳ දෙයක්‌ කරන්න තිබුණා. පරාජයට හේතුව වුණේ තරගවලදී ඔවුන්ගේ වගකීම හරියට ක්‍රියාත්මක නොකිරීම.”
    පළමු පෙළ තරගාවලියේදී සහ පුහුණු තරගවලදී දක්‍ෂතා දැක්‌වූ සෑම ක්‍රීඩකයකුට අවස්‌ථාව ලබාදුන් බවත් නවක ක්‍රීඩකයන්ගේ වගකීම ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම බවත් තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
    ”කණ්‌ඩායමට එක්‌කර සිටින සියලුම ක්‍රීඩකයන් පළමු පෙළ සහ පුහුණු තරගවලදී හොඳින් ක්‍රීඩා කරපු අය. වේග පන්දු යවන්නෝ අසාර්ථකම නැහැ. නමුත් පිතිකරුවන් තරගයක්‌ දෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගත යුතුයි. ඒ වගේම දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ ඉන්න හොඳම කණ්‌ඩායමක්‌. ඒ වගේ කණ්‌ඩායමක්‌ සමඟ ක්‍රීඩා කරනකොට අතපසුවීම් වෙන්න බැහැ.”
    විස්‌සයි විස්‌ස තරගාවලියේදී හොඳින් දක්‍ෂතා දැක්‌වූ සීක්‌කුගේ ප්‍රසන්න කණ්‌ඩායමට ඇතුළත් නොවීම පිළිබඳව සනත් ජයසූරිය පවසන්නේ මෙවැනි අදහසකි. ”සීක්‌කුව අපි අයින් කරලා නැහැ. ඔහු විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ ඉන්නවා. මේක පන්දුවාර පනහේ තරගයක්‌. මේ දෙක පටලවා ගත්තොත් එකක්‌වත් හරියට කරන්න බැහැ. නමුත් අපි කිසිම ක්‍රීඩකයකුව එක තරග ආකෘතියකට කොටු කරන්නේ නැහැ. සුදුසු වෙලාව ආපුවාම අවස්‌ථාව දෙනවා.කොහොමත් පරදින කොට ප්‍රශ්න වැඩියි.”