|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මේ වනවිට පැන නැඟී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් හා එළැඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ලසිත් මාලිංග නැවත කණ්ඩායමට නම් කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ඊයේ (9දා) ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
    එහිදී ලසිත් මාලිංග නැවත කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පැවැසුවේ මාලිංග සම්පූර්ණ සුවය ඇති නිසා කණ්ඩායමට නම් කිරීමට තීරණය කළ බවය.
    “අපි මාලිංගව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කළේ කරුණු කිහිපයක් සලකලා බලලයි. එහිදී අපි මාලිංගව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණා ඔහු යහපත් සෞඛ්‍යයෙන් පසුවන බව, ඒ වගේම අනෙක් කරුණු සම්බන්ධවත් අපි අවධානය දක්වලා සියයට සියයක්ම ඔහු ක්‍රීඩා කළ හැකි මට්ටමේ බව තහවුරු කළ නිසයි කණ්ඩායමට නැවත එක්කරන්න හිතුවේ” යනුවෙන් පැවැසූ සභාපතිවරයා මේ වනවිට පැන නැඟී ඇති ක්‍රිකට් ආයතන සේවක උද්ඝෝෂණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
    “ඔය උද්ඝෝෂණය කරන අයගෙන් පල්ලෙකැලේ සේවක පිරිස විතරයි මාත් එක්ක ඔවුන්ගේ ගැටලු පිළිබඳව කතා කළේ. ඒ අයට මම අදාළ විසඳුම් ලබා දුන්නා. ඒත් අනෙක් අය තමන්ගේ ගැටලු කියන්නෙ නැත්නම් කොහොමද මම ඒවට විසඳුම් දෙන්නේ. අපි ඔවුන් සේවයට බඳවා ගත්තේ දිනක වැටුපට. ඒත් ඊට පස්සේ ඔවුන්ට හැම අවශ්‍යතාවක්ම අපි සපයලා තියෙනවා. සපයන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒත් මේ හැම දෙයක්ම කරද්දීත් ඔවුන් උද්ඝෝෂණ පවත්වන්නේ මේ අය කවුරු හරි පාලනය කරන නිසා වෙන්න ඇති” යනුවෙන්ද සභාපතිවරයා කීය.
    ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා වසරකට පසු කණ්ඩායමට පැමිණ ඇති මාලිංගද ඊයේ මාධ්‍ය හමුවට සහභාගි වී තිබූ අතර, එහිදී ඔහු පැවැසුවේ ආබාධ හේතුවෙන් එක්දින තරගවලට වඩා විස්සයි-20 තරගවලදී යමක් කිරීමට තමන්ට හැකියාවක් ඇති බවය.
    “ඕස්ට්‍රේලියානු තරගාවලියේදී මාව කණ්ඩායමට නම් කළත් එහි තියෙන පුහුණු තරගයේදී මම දක්වන දක්‍ෂතා අනුව මාව කණ්ඩායමට තෝරා ගනීවි. ආබාධවලින් පසුව එක්වරම එක්දින තරගවලට සම්බන්ධ වෙලා අවදානමක් ගන්නවට වඩා විස්සයි-20 තරගවලට සම්බන්ධ වෙලා යමක් කරන්න මම කැමැතියි” යනුවෙන් පැවැසූ මාලිංග නායකත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
    “මට දැන් අවුරුදු 34ක් විතර වෙනවා. නායකත්වයට වඩා මධ්‍යස්ථව ඉඳන් සෙල්ලම් කිරීම පහසුයි. ඒක නිසා නායකත්වය ගැන මම හිතන්නේ නැහැ” යනුවෙන්ද මාලිංග සඳහන් කළේය.


     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    අද මැච් එකවත් ගහයිද සිංහලු.නැත්නම් මේකත් පැරදිලා අනාත කුකුල්ලු ටිකක් වගේ ඔස්ට්‍රේලියාවට යන්න වෙයිද?:(
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අද මැච් එකවත් ගහයිද සිංහලු.නැත්නම් මේකත් පැරදිලා අනාත කුකුල්ලු ටිකක් වගේ ඔස්ට්‍රේලියාවට යන්න වෙයිද?:(

    Each of the last 4 matches for last 7 wickets we weren't manage at least 100 runs. We need to better it if we are going to have a any chance today.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    ලක්මාල්,කුලසේකර වෙනුවට හොද ෆාස්ට් බෝලර් කෙනෙක් හොයාගන්න ඕනා බන්.මුන් දෙන්නව මාරුවෙන් මාරුවට වන්ඩේ ගස්සනවා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්