|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Dz2GIwXXQAEmaj3
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Port Elizabeth, South Africa
    Thursday - Scattered Showers
    Friday - Cloudy
    Saturday - Partly Cloudy
    Sunday - Partly Cloudy
    Monday - Sunny

    wahinnath chance ekak thiyenawa :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට නන් හෙට ඇන්ජෙලෝ පෙරේරා ගහන හැටි බලන්න පට්ට ආසයි. ඌත් තිසර පෙරේරා වගේ කේප්ප හරකෙක්. කිසි ෆුට් මූමන්ට් එකක් නෑ.ටෙක්නික් නම් ඇත්තෙම නෑ. රොබෝ වගේ කකුල් දෙක එක තැන තියන් ඇගේ හයියෙන් කෙලින්න බලන්නෙ. ඕකා කොහොමත් තවමත් එහෙම නම් ලොවෙත් ටෙස්ට් වලට ගැලපෙන එකෙක් නෙමෙයි. හදාගෙන නම් හොදයි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මට නන් හෙට ඇන්ජෙලෝ පෙරේරා ගහන හැටි බලන්න පට්ට ආසයි. ඌත් තිසර පෙරේරා වගේ කේප්ප හරකෙක්. කිසි ෆුට් මූමන්ට් එකක් නෑ.ටෙක්නික් නම් ඇත්තෙම නෑ. රොබෝ වගේ කකුල් දෙක එක තැන තියන් ඇගේ හයියෙන් කෙලින්න බලන්නෙ. ඕකා කොහොමත් තවමත් එහෙම නම් ලොවෙත් ටෙස්ට් වලට ගැලපෙන එකෙක් නෙමෙයි. හදාගෙන නම් හොදයි.

    wadiya hopes thiyaganna epa apita angelo perera pennala kotaawa team ekata dannath puluwan. thirimannawa middle order yawala :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    wadiya hopes thiyaganna epa apita angelo perera pennala kotaawa team ekata dannath puluwan. thirimannawa middle order yawala :P

    කොටා ස්කොඩ් එකේ ඉන්නවද? ක්‍රික් ඉන්ෆෝ එකේ පෙන්නන්නෙ නෑනෙ බං
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කොටා ස්කොඩ් එකේ ඉන්නවද? ක්‍රික් ඉන්ෆෝ එකේ පෙන්නන්නෙ නෑනෙ බං

    x.jpg


    experience thiyena ekek ona kiyala kotaawa dammoth iwarai. :dull::dull:

    angelo P. kohomath gahalama nathi nisa chance ekak deela balanna ona. pora samahara wita dan hadila athi.
    mama nam ou gahanawa wadiya dakala naha ara T20da ODI da gahuwa mathakai eth bat kala mathaka naha.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    x.jpg


    experience thiyena ekek ona kiyala kotaawa dammoth iwarai. :dull::dull:

    angelo P. kohomath gahalama nathi nisa chance ekak deela balanna ona. pora samahara wita dan hadila athi.
    mama nam ou gahanawa wadiya dakala naha ara T20da ODI da gahuwa mathakai eth bat kala mathaka naha.

    මෙලෝ රහක් නෑ උගෙ බැටින් හැදිල නම් හොදයි.. පැතුම් නිස්සංකට චාන්ස් නොදී ඕකට නම් චාන්ස් ලැබුනේ පුල් එකක් නිසා කියලත් කියනවා.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    වැස්සොත් මිසක් නැත්තන් draw කරගන්න බැරිවේවි :dull:
    ඔව් කොහොමත් ෆාස්ට් බොලින් වලට හරියන්න පිච් එකක් දෙන්නේ
    අපේ එකෙක්ගේ ඔලුවක් පලයිද කියන්නත් බෑ


    කොහොමත් උන් දැන් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ

    ගියපාර වගේ උන්ට මුලින් බැට් කරන්න දෙන්න ඕනි

    සැරට වැස්සේ නැතොත් අනිවා හෙට පටන් ගන්න මැච් එකේ රිසල්ට් එකක් තියෙනවා.. ලොකු ලකුණු ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි, 250-350 අතර තමයි සාමාන්‍ය

    අනිවා ෆාස්ට් බෝලින් පිච් එකක්.. අන්තිමට මේ ග්‍රවුන්ඩ් එකේ තිබුණ මැච් එක ද.අප්‍රිකාවයි ඕස්ට්‍රේලියාවයි ගැහුවේ මතක විදියට.. දිනන්නේ ද.අප්‍රිකාව

    රාබාඩා විකට් 10ක් ද කොහෙද දානවා ඉනිම් දෙකේ.. ස්පිනර්ස්ලට කියලා විකට් යන්නේ නෙතන් ලයන්ට ඒකත් ඉනිම් දෙකෙන්ම විකට් 3ක් වගේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,270
    13,158
    113
    33
    ෆින්ලන්ඩ්
    හතුරුසිංහගේ කාලය දිගු කරගන්න ගහපු ගේමක්"

    දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීම ආන්දෝලනයට තුඩු දුන්නා.


    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය නිළ ඇදුමෙන් සැරසී මත්පැන් පානය කරන අයුරුද, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් අසභ්‍ය වචන පවසමින් සිටිනා අයුරුද දැක ගැනීමට හැකි විය.


    මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර රසිකයන් අතරද දැඩි කතාබහට ලක්වුනා. මේ වනවිට මෙම වීඩියෝව පිළිබඳ තවත් තොරතුරු හෙළිව තිබේ.


    මේ පිළිබඳව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම වීඩියෝව සමාජජාලා මාධ්‍යයන්ට නිකුත් කිරීමටම ක්‍රීඩකයන් විසින් සකස් කර තිබෙනා බවයි. එයට හේතු වී තිබෙන්නේ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවා කාලය දිගු කර ගැනීම බවද වාර්තා වේ. පුහුණුකරු චන්දික හතුරුසිංහට අතිශය සමිප යොවුන් මුල් පෙළ පිතිකරුවෙක් සහ කඩුලු රකින ක්‍රීඩකයෙක් විසින් ඒ සදහා පෙරමුණ ගෙන තිබෙන බවද වාර්තා වේ.


    තරගය ජය ගැනීමෙන් පසු රසිකයන් අතර කණ්ඩායම ප්‍රසාදයට ලක්වූ අතර එය උපයෝගි කර ගනිමින් පුහුණුකරුට ඉවත් කිරීමේ අවදානම ඉවත් කර ගැනීම ඔවුන්ගේ සැලසුම විසිනි.


    මෙම අවස්තාව වීඩියෝ ගත කර තිබෙන්නේ කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ සිටිනා විදේශිකයෙක් බවද වාර්තා වේ. ඔහු සිංහල භාෂාව නොදන්නා නිසා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා විසින් අසභ්‍ය වචන භාවිතා කිරීමද වීඩියෝගත කර තිබේ.
    කෙසේ වෙතත් මේ අවස්තාවේ ක්‍රීඩකයන් විසින් සිය ගිවිසුමේ පවතිනා විනය කොන්දේසි තුනක් කඩ කර තිබෙන බවත් ඔවුන්ට විනය පරීක්ෂණයක් සිදු කරනවාදැයි තවමත් තීරණය කර නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.


    http://www.nethgossip.lk/article/33271
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීම ආන්දෝලනයට තුඩු දුන්නා.


    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය නිළ ඇදුමෙන් සැරසී මත්පැන් පානය කරන අයුරුද, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් අසභ්‍ය වචන පවසමින් සිටිනා අයුරුද දැක ගැනීමට හැකි විය.


    මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර රසිකයන් අතරද දැඩි කතාබහට ලක්වුනා. මේ වනවිට මෙම වීඩියෝව පිළිබඳ තවත් තොරතුරු හෙළිව තිබේ.


    මේ පිළිබඳව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම වීඩියෝව සමාජජාලා මාධ්‍යයන්ට නිකුත් කිරීමටම ක්‍රීඩකයන් විසින් සකස් කර තිබෙනා බවයි. එයට හේතු වී තිබෙන්නේ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවා කාලය දිගු කර ගැනීම බවද වාර්තා වේ. පුහුණුකරු චන්දික හතුරුසිංහට අතිශය සමිප යොවුන් මුල් පෙළ පිතිකරුවෙක් සහ කඩුලු රකින ක්‍රීඩකයෙක් විසින් ඒ සදහා පෙරමුණ ගෙන තිබෙන බවද වාර්තා වේ.


    තරගය ජය ගැනීමෙන් පසු රසිකයන් අතර කණ්ඩායම ප්‍රසාදයට ලක්වූ අතර එය උපයෝගි කර ගනිමින් පුහුණුකරුට ඉවත් කිරීමේ අවදානම ඉවත් කර ගැනීම ඔවුන්ගේ සැලසුම විසිනි.


    මෙම අවස්තාව වීඩියෝ ගත කර තිබෙන්නේ කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ සිටිනා විදේශිකයෙක් බවද වාර්තා වේ. ඔහු සිංහල භාෂාව නොදන්නා නිසා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා විසින් අසභ්‍ය වචන භාවිතා කිරීමද වීඩියෝගත කර තිබේ.
    කෙසේ වෙතත් මේ අවස්තාවේ ක්‍රීඩකයන් විසින් සිය ගිවිසුමේ පවතිනා විනය කොන්දේසි තුනක් කඩ කර තිබෙන බවත් ඔවුන්ට විනය පරීක්ෂණයක් සිදු කරනවාදැයි තවමත් තීරණය කර නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.


    http://www.nethgossip.lk/article/33271

    menna me wage ewa dana unta gahanna ona issarawelama
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,562
    113
    දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිටින කුසල් ජනිත් පෙරේරා බීබීසි සිංහල සේවයේ අසාම් අමීන් සමග කළ සාකච්ඡාවකි, මේ.

    ප්‍රශ්නය – අද ලෝකයේ ම කතාබහට ලක්වෙනවා ඔබේ විශිෂ්ට ඉනිම ගැන. ඒ ප්‍රතිචාර ගැන ඔබ හිතන්නේ කුමක් ද?

    ඇත්තට ම ගොඩක් සතුටුයි ප්‍රතිචාර ගැන. මම ශතකයක් ගත්තා, හැබැයි කණ්ඩායමේ 11 දෙනා ම දුන්න දායකත්වයෙන් ලැබුණු ජයග්‍රහණයක් මේක. හැබැයි මගේ ඉනිමට වඩා මෙතන විශේෂත්වය තිබුණේ මෙතන අපි තරග ගණනාවක් පැරදිලා, අපි ජයග්‍රහණයක් හොය හොය හිටපු අවස්ථාවක්. නවක ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න කණ්ඩායමක්. ඒ නිසා මගේ ලකුණුවලට වඩා මට දීපු සහයෝගය වටිනවා. මේක කණ්ඩායමක් ලෙස ගත්තු ජයග්‍රහණයක්. ඒක ගැනයි මට ගොඩක් සතුටු. ස්තුති කර ගන්නවත් බැරි විදිහට මට සුබ පැතුම් රාශියක් එවලා තියෙනවා ක්‍රීඩකයන්, හිටපු ක්‍රීඩකයන් වගේ හිතමිතුරන් රාශියක්. එහෙම සුබ පැතුම් ලබන්න පුළුවන් දෙයක් කරගන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි.

    ප්‍රශ්නය – විශ්ව ප්‍රනාන්දු සමග ගොඩ නැගූ සබඳතාව ගැන කිව්වොත්?, තරගයෙන් පස්සේ ඔබ කියලා තිබුණා, විශ්ව ඇවිල්ලා කියපු දෙයකින් ඔබ තවත් දිරිමත් වුණා කියලා?

    මගේ 150ට වඩා ඒ විශ්ව ගහපු බෝල විසි ගාණ වටිනවා, මොක ද මම 200ක් ගැහුවත් වැඩක් නැහැ, එහා පැත්තේ කවුරුත් නැත්නම්. ඔහු ආපු ගමන් කිව්වේ කුසල් අයියා ඔයාට පුළුවන් දෙයක් කරන්න. විකට් එක දෙන්නේ නැහැ මම. ඇඟෙන් හරි ගහනවා කියලා. ඒ වචන ටිකෙන් මට මැච් එක දින්නා හා සමාන හැඟීමක් දැනුණා. මම විශ්වට කිව්වා බෝලයයි දෙකයි දෙන්නේ, බැරි ම වුණොත් තමයි ඕවරයක් දෙන්නේ කියලා. ඒක වචනවලින් කියන්න බැහැ. මම හා සමාන දිනුමක් එයාටත් තියෙනවා.

    මේක දෙවියෝ දීපු අවස්ථාවක් කියල මම හිතනවා, මම විශ්වත් එක්ක ගහනකොටත් කිව්වේ මම අවදානමක් ගන්නවා අපිට පුළුවන් දේ අපි උත්සාහ කරලා බලමු කියලා.

    ප්‍රශ්නය – විශ්ව පිටියට එනකොට ලකුණු 78ක් ගහන්න තිබුණා, ලකුණු කීයක් වගේ වෙනකොට ද දිනන්න පුළුවන් කියලා හිතුණේ?

    කිසි ම අවස්ථාවක මේක දිනන්න පුළුවන් කියලා හිතුණේ නැහැ, මොක ද එක කඩුල්ලයි තිබුණේ. හැම පාරක් ම අවදානමක් අරගෙනයි ගැහුවේ. එක වැරද්දක් වුණොත් අපි අවුට් අපි පරාදයි. දිනන්න ඕනේ කියන දේ තිබ්බා හැබැයි දිනනවා කියන දේ තිබ්බේ නැහැ. දිනන්න ඕනේ කියන දේ පළවෙනි දවසේ ඉඳල ම තිබ්බා. එත් එක්ක ම දකුණු අප්‍රිකානු ඉනිම ඉවර වුණා ම මට පුහුණුකරු හතුරුසිංහ වෙන ම කතා කළා. මගෙන් ඇහුවා කුසලා මොනව ද කරන්න ඉන්නේ කියලා. මම කිව්වා කෝච් මේක දිනන්න ගහන්න ඕනේ කියලා. මට කෝච් ටිකයි කිව්වේ, ‘කුසලා ඔයාට තමයි මේ ටීම් එකේ බෝලර්ස්ලා ඔක්කොම බය. ඒ නිසා මේ මැච් එක ඉවර කරන්නත් පුළුවන් ඔයාටමයි’ කියලා. ඉතින් මම බැට් කරන්න කලින් කෝච්ට කියලයි ගියේ මම කණ්ඩායමට දෙයක් කරනවා කියලා අද.

    ප්‍රශ්නය – ලෝක ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, විචාරකයන් අද ඔබේ ඉනිම හඳුන්වනවා ලෝක ටෙස්ට් ඉතිහාසයේ තරගයක් ජයග්‍රහණය කරන්න ක්‍රීඩා කරපු හොඳ ම ඉනිම කියලා?

    ඇත්තට ම මම අද තමා දැන ගත්තේ මේ ඉනිමේ එහෙම විශේෂත්වයක් තියෙනවා කියලා, හැබැයි මම හිතනවා මේ සියල්ලට ම හේතු වුණේ, අපි දිගින් දිගට ම පැරදිලා මේ වගේ තරගයක් දිනපු විදිහත් එක්ක කියලා. මොක ද අවුරුදු ගාණක් තිස්සේ අපි තරග සෙල්ලම් කරනවා, තනි පුද්ගල දක්ෂතා තියෙනවා, නමුත් දිනන පැත්ත ගොඩක් අඩුයි. කොච්චර හොඳට සෙල්ලම් කරත් අපි හිටියේ පැරදුණු පැත්තේ. ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට පැරදෙනකොට දෝෂාරෝපණ එනවා. ඒ නිසා මේවගේ තරගයක් මේ විදිහට දින්න ම මේ වගේ ප්‍රතිචාර එනවා. නමුත් මම හිතන විදිහට මේක එක දිනුමක් විතරයි. නමුත් අපි බලන්න ඕනේ කොහොම ද තරගාවලිය දිනන්නේ කියලා. තරගාවලිය අපි දින්නොත් ලංකාවෙන් පිට ඇවිල්ලා ලබපු ලොකු ම ජයග්‍රහණයක් ඒක.

    ප්‍රශ්නය – ඒ ඉනිම ගත්තොත් අතේ පන්දුව වදිනවා, අවස්ථා කිහිපයක ඇඟේ සහ හිස් ආවරණයේ පන්දුව වදිනවා, සාමාන්‍යයෙන් මෙහෙම වුණා ම මම දැකලා තියෙනවා කුසල් වේගයෙන් ගහන්න උත්සහ කරනවා, නමුත් මේ ඉනිමේ ලොකු සංයමයක්, විශිෂ්ට අධිෂ්ඨානයක් අපි දැක්කා, මොකක් ද මේ වෙනස?

    මම මේ පාර මුලින් ම කණ්ඩායමට ආවේ නවසීලන්ත එක්දින තරගාවලියේදී, ඊට පස්සේ තමයි ඔස්ට්‍රේලියාවේදී දෙවැනි ටෙස්ට් තරගයෙන් තමයි ටෙස්ට් ක්‍රීඩා කරේ. මේ තරග ටිකේ බෝල 6ක් විතර ඔළුවේ වැදුණා, ICC එක පවා මගේ ඔළුවේ බෝල වදින එක ගැන බැලුවා, මට ඊළඟට ගහන්න දුන්නේ සියලු වෛද්‍ය වාර්තා බලලා. මටත් හිතාගන්න බැහැ මම ක්‍රීඩා කරපු විදිහ ගැන. වේදනාවක් නැහැ කියන්න බැහැ. වේදනාවක් තියාගෙන තමයි මේ හැම දේ ම කළේ.

    ප්‍රශ්නය – ගොඩක් දෙනා අතර තිබුණු මතයක් තමයි, කුසල් කියන්නේ එක්දින හා විස්සයි විස්ස තරගවලට විතරක් සුදුසු වේගයෙන් පන්දුවට පහර දෙන, ටෙස්ට් තරගවලට සුදුසු නැති ක්‍රීඩකයෙකු කියලා, නමුත් දැන් ලෝකයේ හොඳ ම ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරලා තියෙන්නේ සීමිත පන්දු වාර තරගවලට නම් දැරූ ක්‍රීඩකයෙක්?

    ගොඩක් දෙනා කතා වෙනවා මම තනි දින තරගවලට කැමතියි කියලා, මම කොහොමත් වේගවත් තරගවලට කැමතියි. ඒ කියලා කවදාවත් මම ටෙස්ට් ක්‍රිකට් අමතක කරලා නැහැ. මම පුළුවන් තරම් ට්‍රයි කරන්නේ මම කොහොම ද ටෙස්ට් තරගයක් ගහන්නේ කියන එක. ඕනෑ ම ෆෝර්මැට් එකක මම ක්‍රීඩා කරන්නේ මගේ ශක්තීන් අනුව. ඒ නිසා ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස තුන ම මගේ ආවේණික ක්‍රමයට ගහන්න මට ඕනේ. එහෙම නැතුව ගහලා දැවී ගියොත් තමයි මට ප්‍රශ්නේ. ගොඩක් අයට පේනවා ඇති මම ටෙස්ට් තරගත් ක්‍රීඩා කරන්නේ එක්දින ගහනවා වගේ කියලා, හැබැයි මම එතන කරන්නේ මගේ ශක්තිය අනුව ක්‍රීඩා කරන එක. එතකොට මම හිතනවා මම සාර්ථක වෙනවා කියලා.

    ප්‍රශ්නය – තනි දින තරගවලට නම් දැරූ ඔබට, ලෝකය ම කතා වෙන ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරන්න හම්බ වෙයි කියලා කවදාවත් හිතුවා ද?

    ටෙස්ට් ක්‍රීඩාවේ ඔහොම දෙයක් හිතන්න තියා, මට තිබුණු අභියෝගය තමයි මට ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න පුළුවන් ද කියන එක. හැමෝම මට කිව්වේ ටෙස්ට් ඔයා ගහන විදිහට ගහන්න බැහැ, මේක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඒ නිසා මම හිතුවේ වාර්තා ගහන එක ගැන නෙවෙයි ටෙස්ට් මැච් එකක් ගහන එක ගැන. මට හිතුණා මගේ ශක්තීන්ට අනුව ගැහුවොත් මට වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා.මගේ පළමු පෙළ වාර්තා අරගෙන බැලුවොත් ලංකාවේ දැන් ඉන්න ටෙස්ට් ක්‍රීඩකයන් අතරින් මම ඉහළින් ඉන්නවා, මම ගහන විදිහට කට්ටියට හිතෙනවා මට ටෙස්ට් ගහන්න බැහැ කියලා, සතුටුයි ඒ මතය වෙනස් කරන්න ලැබුණු එක ගැන. හැබැයි මේක ආරම්භයක් විතරයි.

    ප්‍රශ්නය – කුසල් මුලින් ම අපි ඔබව දැක්කේ එක්දින තරගවල ආරම්භක පිතිකරුවෙකු ලෙස. නමුත් පසුගිය කාලයේ එක්දින තරගවල පවා අපි දැක්කේ නැහැ, ඔබට ස්ථාවර ස්ථානයක්. ටෙස්ට් තරගවලත් ක්‍රීඩා කළේ මැද පෙළ පිතිකරුවෙකු ලෙස?

    ඕනෑ ම ක්‍රීඩකයෙකුට තමන්ට පහසු ස්ථාන තියෙනවා. දැන් නවසීලන්තයේ මම එක්දින තරගවල අංක 3 ක්‍රීඩා කළා මම ගොඩක් හොඳට වගකීමක් අරන් ඒ දේ කළා. මම නිකන් ලකුණු 30ක් 40ක් ගහලා කණ්ඩායමට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ. ඒ නිසා තරග දිනවන කෙනෙක් වෙන්න ඕනේ. අපිට කණ්ඩායමේ ඉන්න නවක කෙනෙකුට එහෙම කියන්නත් බැහැ අපි ඒ දේ කරන්නේ නැතුව. මම දෙන ඕනෑ ම නොම්බරයක ක්‍රීඩා කරනවා. මම දැනට එකේ ඉඳලා 8 දක්වා ජාත්‍යන්තර පිටියේ ගහලා තියෙනවා.

    ප්‍රශ්නය – දිගින් දිගට ම ලැබුණු පරාජයන් එක්ක අපේ කණ්ඩායමේ ගොඩක් ප්‍රශ්න ඇති වුණා. නායකයින් පවා වෙනස් වුණා. පරිපාලනයේත් ගැටලු ඇති වුණා. මේක ක්‍රීඩකයන්ට කොහොම ද බලපෑවේ?

    ක්‍රිකට් කියන ක්‍රීඩාව ප්‍රශ්න තිබ්බ ම ක්‍රීඩා කරන්න අමාරුයි, මොක ද බෝලය පැයට කිලෝ මීටර් 150ට එනකොට තප්පරයක් වත් නැහැ තීරණයක් අරන් සෙල්ලම් කරන්න. ඉතින් ක්‍රීඩකයෙකුගේ මනස නිදහස් වෙන්න වෙන්න ඒගොල්ලෝ ගන්න තීරණ හරි වෙනවා. මම හිතනවා ප්‍රශ්න නැති පරිසරයක් තිබ්බොත් ක්‍රීඩකයන්ට හොඳින් සෙල්ලම් කරන්න පුළුවන් කියලා.

    ප්‍රශ්නය – කණ්ඩායමේ ගැටලු තියෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඇත්තට ම කොතන ද මේ ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ?

    ක්‍රීඩකයන් අතර ප්‍රශ්න තියෙනව නම් ඒවා පෞද්ගලික ඒවා, ක්‍රිකට්වලට ඒවා අදාළ නැහැ. මම මෙච්චර කාලයක් ක්‍රීඩා කරලා මට තියෙනවා තරහක් ඇත්තට ම. මට මං ගැන තියෙනවා තරහක් ඇත්තට ම. මොකද මම සෙල්ලම් කළාට තරග දිනන්නේ නැති වුණා ම මට මං ගැන ලොකු තරහක් ඇති වෙනවා. ඒක මේ තත්ත්වේ ඉන්න ඕන කෙනෙකුට තේරෙයි. කොච්චර සීයේ ඒවා පනහේ ඒවා ගැහුවත් වැඩක් නැහැ තරගයක් දිනන්නේ නැත්නම්. එතකොට එන තරහ සාමාන්‍යයෙන් එන තරහට වඩා වෙනස්. ඒ නිසා අපි බලන්න ඕනේ මෙතන තියෙන දේවල් හදාගෙන අපි දක්ෂතා පෙන්වලා තරග දිනන්න. ඔය තරහා හැමෝට ම තියෙනව නම් මම හිතනවා ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් හිතා ගන්න බැරි තරම් උඩට යයි.

    ප්‍රශ්නය – ඒ කියන්නේ තරහෙන් ගිහිල්ල ගහපු ඉනිමක්?

    මම කොච්චර ලකුණු ගහලත් මට තරග දින්නන බැරි වුණා ම මට ලොකු තරහක් එනවා, මම ආවේගශීලී වෙනවා, මම බැට් කරන්නෙත් ඒ හැඟීමෙන්. ඒක හැබැයි තරගෙට විතරයි. තරගේ මැදදී මට කවුද ඉන්නේ කින්ද මන්ද කියලා තේරෙන්නේ නැහැ. පස්සේ කතාබහ කරලා ඉන්නවා.

    ප්‍රශ්නය – දැන් මේ තරහ ඔයත් එක්ක විතර ද නැත්නම් පරාජය විවේචනය කරන ක්‍රීඩා ලෝලීන් එක්කත් එක්ක ද?

    මට තියෙන්නේ මාත් එක්ක ප්‍රශ්නයක්. නවසීලන්තයේ මම සීයක් ගැහුවා, හැබැයි පරාදයි ඉතින් වැඩක් නැහැ. මම කවදාවත් ස්ථානය ආරක්ෂා කර ගන්න ක්‍රිකට් ගහලා නැහැ. ඒක මගේ හැටි. මට ඕනේ තරග දිනන්න. ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ මේක ලැබුණු ලොකු අවස්ථාවක්. මේකෙන් අපේ ටීම් එක හොඳයි කියන එක ඔක්කොමලා විශ්වාස කරනවා. අපි මේ විශ්වාසයෙන් හොඳට ක්‍රීඩා කළොත් කලින් තිබුණු ක්‍රිකට් එක අපිට ක්‍රීඩා ලෝලීන්ට දෙන්න පුළුවන්.

    ප්‍රශ්නය – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ කාර්යභාරය ගැන විවිධ ගැටලු තියෙන බවටත් වාර්තා පළ වෙනවා?

    පුහුණුකරුවන් ඒගොල්ලන්ට පුළුවන් උපරිමය අපිට කරනවා. නමුත් ක්‍රීඩා කරන 11 දෙනා අතේ තමයි ඔක්කොම තියෙන්නේ. අපි හොඳට කරනකොට කණ්ඩායමට හොඳ කියනවා, සමහර පැති අමතක කරනවා. මම හිතන්නේ ඔය හැම ප්‍රශ්නෙට ම උත්තර හම්බ වෙනවා අපි තරග දින්නොත්. ලොකු ගැටලු නැහැ. පොඩි පොඩි මතභේද තිබ්බෙ නැත්තේ නැහැ. නමුත් ඒවා පරාජයට මුල් වුණු හේතු නෙවෙයි කියලා මම හිතනවා. මොක ද සෙල්ලම් කරන කොට අපේ ක්‍රීඩකයෝ 100%ක් දෙනවා. ඒ නිසා පැරදෙන එකට ඒවා නෙවෙයි හේතු. තරග පැරදුණා ම ඒකේ වගකීම ගහපු 11 දෙනා ගන්න ඕනේ. අපි පැරදුණේ අපේ වැරදි නිසා ඒ නිසා ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.

    ප්‍රශ්නය – ලෝක කුසලානයට තව තියෙන්නේ දින 100ක විතර කාලයක්. ගොඩක් අය කියනවා අපි මේ ලෝක කුසලාන බලාපොරොත්තුව දැන් ම අත්හැරිය යුතුයි කියලා?

    ඇත්තට ම දැන් ඉන්න කණ්ඩායම හොඳයි. 100%ක් සම්පුර්ණ කණ්ඩායම් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. පොඩි පොඩි ප්‍රශ්න තිබ්බ ම ඒවා විසඳගෙන ප්‍රශ්න තියා ගන්න ඕනේ තමන්ගේ දක්ෂතා ගැන. ඒවා ගැන අවධානය යොමු කරලා ගැහුවොත් ටීම් එක හිතන්න බැරි දේවල් කරයි. 2014 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරත් අපිට ප්‍රශ්න තිබ්බේ නැත්තේ නෑනේ. නමුත් අපි ලෝක කුසලානය දින්නා. ඒ නිසා අපි හොඳින් ක්‍රීඩා කළොත් මේ ලෝක කුසලානයේ හොඳ වෙනසක් කරන්න පුළුවන් වෙයි.

    ප්‍රශ්නය – අවසාන වශයෙන් ඊළඟ තරගය ගත්තොත් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලි ජයක් ලබන්න ලොකු අවස්ථාවක් තියෙනවා නේ ද?

    ඔව්, ලබපු ජයග්‍රහණය දැන් ඉතිහාසයට එක් වෙලා ඉවරයි. දැන් බලන්න ඕනේ ඊළඟ තරගේ දිනන හැටි. තරගාවලිය දිනන්න පුළුවන් අපිට විතරයි දැන්. ඒගොල්ලෝ දින්නොත් තරගාවලිය ජය පරාජයෙන් තොර වෙනවා. අපිට ඒකටත් හොඳ කියයි. නමුත් මේ වගේ අවස්ථාවක් දකුණු අප්‍රිකාව ඒගොල්ලන්ගේ රටේ පරද්දන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. ලේසි වෙන්නේ නැහැ. මොක ද මීටත් වඩා වේගවත් තණතිල්ලක් දෙයි කියලා හිතනවා. නමුත් අපි මේ ක්‍රීඩා කරපු විදිහට ක්‍රීඩා කළොත් කවදාවත් නොකරපු දෙයක් මේ කණ්ඩායමට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.