uputa gaenimaki
මේ පින්තූරේ ශෙයාර් කර කර "ලෝකෙ කොහේ ගියත් සිංහයා උගේ විදියට"/ "කොතන හිටියත් මාලි මාලිමයි" වගේ ටෝක්ස් ඉෂූ කරන අයියලා මල්ලිලා ටිකක් දැක්කා. ඒකයි මේක ලියන්නේ...
රීඩකයෙක් වුණාම එයා ගාව නිතැතින්ම තියෙන්න ඕන අනිවාර්ය ගුණාංගයක් තමයි විනය කියන්නේ. සාමාන්‍යයෙන් අපි කතාවට කියන දේ තමයි එකත් විනය, දෙකත් විනය, තුනත් විනය කියන කතාව. ඒ 'විනය' කියන දේ ඒ තරම්ම වැදගත් නිසා. ඒක ලෝක කුසලානෙ දිනපු නායකයා වෙන අර්ජුන රණතුංගටත්, තමන්ගෙ පළමු ලෝක කුසලානෙට ක්‍රීඩා කරපු අවිෂ්ක ප්‍රනාන්දුටත් පොදුයි... ඉතිං මාලිංගට කියලා ඒක අමුතුවෙන් වෙනස්වෙන්න බෑ... ඒත් මාලිංග මේ පෙන්නන්නෙ තමන් ගාව ඒක නෑ කියන එක. විශේෂයෙන්ම මාලිංග මේ ඉන්නේ එයාගෙ ගෙදර මිදුලෙ නෙවෙයි, එහෙම හිටිය නම් අපට අයිතියක් නෑ ඔහුව ප්‍රශ්න කරන්න. මොකද ඒක ඔහුගෙ පෞද්ගලික අයිතිය නිසා. නමුත් මේ ක්‍රිකට් ලෝක කුසලානේ.. ඔහු මේ තරගය ඉවර කරලා බස් එකට යන ගමන්. මාලිංග මේ නියෝජනය කරන්නෙ ලසිත් මාලිංග, රත්ගම හෝ දකුණු පළාත නෙවේ. මිලියන 120ක් වෙච්ච මේ රටේ සමස්තය. අන්න ඒ නිසයි ක්‍රීඩක විනය වැදගත්.
ඉතිං අපි මේ අලුත් ක්‍රීඩකයන්ගෙ විනය හදන්න කතා කරනවා, උන්ව උල තියන්න කතා කරනවා. හැබැයි උන්ට ආදර්ශ සපයන සීනියර්ස්ලා මෙහෙමයි..
හොඳට මතක තියාගන්න, ලංකාවේ ප්‍රිමියර් ලෙවල් එකේ ප්ලේයර්ස්ලට පවා අඳින පලඳින විදිය ගැන පිරිවිතර තියෙනවා.. ඉතිං නැෂනල් ටීම් එකට ඩ්‍රෙසිං රූම් ඩිසිප්ලින් සහ අඳින පලඳින විදිය ගැන කොයිතරම් පිරිවිතර තියෙන්න ඕනද? ක්‍රීඩකයේ කියන්නෙ ටැලන්ට් එක විතරක්ම නෙවෙයි...
දැන් මාලි ෆෑන්ස්ලා රෙදි උස්සන් එයි. ඒකට කරන්න දෙයක් නෑ.
මාලිංග දක්ෂයෙක් තමයි. හැබැයි ඇටිටියුඩ්ස් අවුල්. මාලිංග චැම්පියන් කෙනෙක් තමයි, ඒත් ඩිසිප්ලින් අවුල්.
මතක තියාගන්න,
සනත් ජයසූරිය කියන්නෙත් ලෙජන්ඩ් එකක්.. රෙස්ට් ඉස් හිස්ට්‍රි..