෴ දැඩිමුණ්ඩ දෙවියෝ ෴
දැඩිමුණ්ඩ දෙවියෝ
මේක කතාවක්. නිකන් කතාවක් නෙවෙයි දේව හා යක්ස කතාවක්. යක්ස කවිත් තියනවා.
අලුත්නුවර දැඩිමුණ්ඩ බණ්ඩාර එහෙම නැත්නම් දැඩිමුණ්ඩ දෙවියෝ ඉන්දියාවේ ඉඳල ලංකාවට ආපු කෙනෙක්. ඔහු ආවේ කොයි කාලේ ද කියල හරියටම දන්නේ නැති වුනත් දීර්ඝ කාලයක් මහා පොලව මත සැරිසරපු බව නම් සඳහන් වෙනවා. අතීත කාලයේ දඹදිව කොරව්‍ය දේශයේ ඉඳිපත් නුවර කොරව්‍ය රජ්ජුරුවන් ගේ පුරෝහිතයා වුනු විදුර පඬිතුමා ව රවටලා කැඳවාගෙන එන්නට ගිය පූර්ණක කියන යක්ෂ සේනාධිපතියා තමයි දැඩිමුණ්ඩ ගේ පියා.
මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ උත්පත්ති විස්තරය මෙහෙමයි. කලින් කිව්ව පූර්ණක යක්ෂයා ඉඳිපත් නුවරට ගියේ නාග ලෝකයේ වරුණ කියන රජ්ජුරුවන්ගේ විමලා බිසවට ඇති වුනු දොළ දුකක් සංසිදුවන්නට. විමලා බිසව බොහොම ගුණ යහපත් තැනැත්තියක්. ඇයට ඕන වුනා විදුර පඬිතුමාගෙන් බණ ටිකක් අහන්නට. ඒත් විදුර පඬිතුමාට නා ලොවට එන්න කැමති නෑ. මේ ගැන කල්පනා කරපු වරුණ රජ්ජුරුවන් ගේ තවත් දියණියක් වුනු එරන්දතී, පොඩි මේකට උපායක් යෙදුවා. ඇය පූර්ණක යක්ෂයා ට කතා කරලා, විදුර පඬිතුමා ගේ හදවත ගෙනත් දෙන කෙනෙක් එක්ක තමන් සරණ යන්න කැමතියි කියල ප්‍රකාශ කළා.
මේක අහපු යක්ෂයා ජව සම්පන්න අශ්වයෙක් පිට නැගලා ඉඳිපත් නුවරට ගිහින් කොරව්‍ය රජු එක්ක සූදු ක්‍රීඩා කරලා රජ්ජුරුවන් ව පරාජය කළා. ඒ දිනුම වෙනුව ට විදුර පඬිතුමා ව නාග ලෝකයට අරන් ආවා. එහෙම අරන් ඇවිල්ලා වරුණ රජ්ජුරුවන් ට පඬිතුමා භාර දීලා එරන්දතීව අරගෙන පූර්ණක යක්ෂයා යන්න ගියා. මේ එරන්දතී සහ පූර්ණක දෙන්නගේ දරුවා තමයි දැඩිමුණ්ඩ කියල කියන්නේ.
මේකේ මෙහෙම කතාවකු ත් තියනවා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ට පත් වුනු අවස්ථාවේ එතැනට සියලු දෙවි දේවතාවුන් එකතු වුනා කියලා කියනවා නේ. ඒ අතර එතැන ට ආපු වසවර්ති මාරයා දැකීමෙන් බියපත් වුනු සියලු දෙවි දේවතාවුන් පලා යද්දී දැඩිමුණ්ඩ දෙවියෝ පමණක් නොබියව නොසැලී සිටියා. මේ දැඩිමුණ්ඩ දෙවියන් ගේ අතේ තියන්නේ රත්තරන් සැරයටියක් (රුවන් සෝලුව) පමණයි. එහෙම හිටපු දැඩිමුණ්ඩ දෙවියන් ගේ එඩිතර බව දැකපු වෙසමුණි, උපුල්වන් දෙවියන් ගෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම තමයි දැඩිමුණ්ඩ දෙවියන් සඳහා වාසභවනයක් ලංකාවෙන් සකස් කරලා දෙන්න කියන එක.
ඒ සඳහා කැමැත්ත ලැබුණු නිසා වෙසමුණි රජුගෙන් අවසර අරන් දැඩිමුණ්ඩ දෙවියෝ ලංකාවට ආවා කියලයි කියන්නේ. මේ ගැන මෙහෙම කතාවකුත් තියනවා. ඒ කතාවෙන් නම් කියවෙන්නේ දැඩිමුණ්ඩ දෙවියෝ ඉතා මෑත කාලයේ ලක්දිවට ආපු බවක්.
ලංකාවට ආපු දැඩිමුණ්ඩ දෙවියෝ, දේවාලයක් එහෙම නැත්නම් තමන්ට සුදුසු වාසභවනයක් හදන්න බිමක් හොයමින් හිටියා. එහෙම හොයා හොයා හිටපු දැඩිමුණ්ඩ ගේ හිත ගියේ කන්ද උඩරටට. ඔහු සතරකෝරළය මැද පිහිටලා තිබුණු කිරුගන්දෙනිය ට ගිහින් තමන්ගේ රන් සැරයටිය ගල් ලෙනක් තුල තැන්පත් කළා. ඊට පස්සේ උඩරට රජ්ජුරුවන් ගේ කිරිපට්ටියේ දෙනුන් ගේ කිරි ලේ බවට පත් කරලා විශාල කලබලයක් ඇති කළා. එදා රෑ රජ්ජුරුවෝ හීනයක් දැකලා, ඒ ඔස්සේ පහුවදා හොයාගෙන ගිහින් කිරගන්දෙනියට ලඟා වුනා. පසුව විපරම් කරලා බලලා දැඩිමුණ්ඩ දෙවියන් ගේ රන් සෝලුව තිබුණු තැන වටා එලි කරලා අලුත් නුවරකුත් සෝලුව තිබුණු තැන තුන් මහල් පායකුත් නිර්මාණය කළා.
මේ ගොඩනැගිලි වලට අමතරව තවත් දික් ගෙයක් හදලා ඒකට බහින්න වැලි මළුව සකස් කරද්දී විශාල කළු ගලක් මතු වුනා. මේ ගල කඩන්න උත්සහ කලත් බැරි වුනු නිසා රජ්ජුරුවෝ දැඩිමුණ්ඩ දෙවියන් ට කන්නලව් කළා. දැඩිමුණ්ඩ තමන්ගේ යක්ෂ සේනාව කැඳෙව්වා මෙන්න මෙහෙම. ඔන්න අර මුලින් කියාපු යක්ස කවියක්.
බංගල ගවුඩිය මල්ල රටේ යක්
පොන්නඩි ජාවක මල්ල රටේ යක්
කන්නඩි කවුඩී කබෙරී රටේ යක්
සිංහල දේසෙට ගෙන්වා හැම යක්
එහෙම කිව්වට පස්සේ ආපු යක්ෂ සේනාව ට දැඩිමුණ්ඩ අණ කළා මෙන්න මෙහෙම.
වඩා කැවුම් සහ කිරිබත් කැටි කොට
කුඩා නොකරවව් එක දෙක දෙන්නට
විඩාව හැර පුද කරනට යකු හට
කඩා දමව් ගල අද රෑ සුන් කොට
දැඩිමුණ්ඩ ගේ අණට කීකරු වුනු යක්ෂ සේනාව ගල කඩලා සුණු විසුණු කරලා දැම්මා.
අහසත් ගුගුරන හෙණ හඬ විලසේ
පොළවත් මිහිකත කම්පා වන සේ
දෙරණ ත් එක ලෙස වෙඩි හඬ විලසේ
බිඳල දමව් ගල පන්දු කෙලින සේ
සමහරු වේ රෑනෙන් ගල කපතී
සමහරු කුළුගෙඩි ගෙන කුළු ගසතී
යක් සෙන් දැඩි මුඩ සුරිඳුට පිනැතී
මේ ලෙස වැඩ කර දෙති තමකැමතී
යක් සේනාව එකතු වෙලා ඒ රළු පොලව බෙර ඇසක් වගේ සම බිමක් බවට පත් කළා. ඊට පස්සේ දැඩිමුණ්ඩ දෙවියෝ ඒ යක්ෂයින් ට ස්තුති කරලා තම තමන්ගේ ගම රටවල් වෙත ආපහු යන්න කියල දැනුම් දුන්නා. ඒත් මේ යක්ෂයෝ පිරිස යන්න කැමැත්තක් නෑ. දැඩිමුණ්ඩ ආයෙත් තදින් ප්‍රකාශ කළා වහාම මෙහෙන් පිටවෙලා යන්න කියල. එතකොට යක්ෂයින් හඬා වැටෙමින් මෙහෙම කියන්න ගත්තා. බලන්නකෝ ඒකෙත් හැටි..

සපිරි පුරා රන් රුව සෙලඳුන්නේ
මිහිරි කතා රණ ගිරවියොවැන්නේ
සවරි නෙලා මල් වරල බඳින්නේ
ඔමරි ලියන් හැර කෙලෙස ද යන්නේ
උඩරට කාන්තාවන් දැකලා වශී වෙලා හිටපු යක්ෂයෝ ටික දැන් ආපහු යන්න බෑ කියනවා. මේක අහපු දැඩිමුණ්ඩ කෝපාවිෂ්ඨ වෙලා රුවන් සෝලුවත් අමෝරාගෙන යකුන් ට මෙහෙම තර්ජනය කළා.
ලෙඩක් නොකරවව් දුටු දුටු ලිය හට
අකක් සිතින් නොසිතා යව්යන්නට
වැවක් බිඳී… යන වතුරක් විලසට
එකෙක් නොසිට යව් තම තම දේසෙට
මේ තර්ජනයට බිය වුනු යක්කු ටික ආපහු යන්න ගියා. දැඩිමුණ්ඩ ආපහු ආලකමන්දාව ට ගිහින් වෙසමුණි රජු බැහැ දැකල, එතැනින් ගිහින් සුමන සුරිඳු බැහැ දැකලා, ඊ ලඟට විෂ්ණු දෙවියන් හමු වෙලා ඔහුගෙන් පඬුරක් විදිහට දෙවි දුන්නකුත් ලබාගෙන අවසානයට කඳ කුමාරයා හමු වෙලා ඔහු එක්ක මිත්‍රත්වයක් ගොඩ නගාගෙන ආපහු අළුත්නුවර ට ඇවිත් ස්ථිරව එහි පදිංචි වුනා.
දැඩිමුණ්ඩ දෙවියෝ මේ විදිහයි කියලයි කියන්නේ. ශරීරය රන් පැහැතියි. නළල අඩ සඳක් වගේ. දික් වූ කෙස් කළඹ සපුමල් වලින් ගැවසිලා තියන්නේ. තුන්පොට රැලි සහිත සළුවක් තමයි අඳින්නේ. අත් දෙකේම රන් වළලු තියනවා. කරේ මුතු මාලයක් සහ දෙවුරේ සළුවක් ද සහිතයි. දකුණු අතින් ගිගිරි දාපු නිල් වේවැලක් දරාගෙන ඉන්නේ.
තවත් විස්තර අවශ්‍ය කෙනෙකුට මෙන්න මේ සබැඳියෙන් බලන්න පුළුවන්.
http://aluthnuwara.org/index.php?id=6

Last edited: