෴ මොනොරු කොළ ඕනිද ෴

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.


    මෙන්න 1970 දශකයේ මුල්ම මුද්‍රණයන් දෙකක්. රු.50 සහ 100 නෝට්ටු. 50 නෝට්ටුව පිටපස විහාර මහා දේවියගේ පිළිරුවක්ද රු.100 නෝට්ටුව පිටුපස ගැටබෙර වාදකයෙක් හා සබරගමු නැටුම් ශිල්පීන් 3 දෙනෙක් දැකිය හැකියි.


    SLK0077-19701209o.jpg


    SLK0077-19701209r.jpg





    SLK0078o.JPG


    SLK0078r.JPG


    මේ රුපියල් 100 සහ 50 නෝට්ටු දෙකේ විශේෂත්වයක් තිබෙනවා. මේවා නිකුත් කළේ එවකට බලයේ සිටි සමගි පෙරමුණු රජය. රුපියල් 100 සහ 50 තමයි එවකට ලංකාවේ තිබුණ ඉහළම මිල නෝට්ටු දෙක. මීට පෙර නිකුත් කර තිබුණ සියලුම රුපියල් 50 සහ 100 නෝට්ටු රජයෙන් අවලංගු කළා. අවසාන දිනයක් ප්‍රකාශ කළා එම දිනයට පෙර තමන් සන්තකයේ තිබෙන පරණ 50‚ 100 නෝට්ටු එම දිනයට පෙර බැංකු වලට හෝ තැපැල් කාර්යාල වලට භාර දී අලුත් නෝට්ටු ලබා ගන්නා ලෙස.

    මට මතක විදියට ඒ දිනය 1971 මාර්තු 31.

    රජය මෙසේ කළේ ලේඛණගත නොවී සඟවාගෙන සිටි කලු සල්ලි‚ මුට්ටි සල්ලි‚ අල්මාරි සල්ලි එළියට ගන්න උපක්‍රමයක් විදියටයි.

    මෑතකදී ඉන්දියාවේ වුණා වගේ නෝට්ටු මාරු කරන්න මීටර තුන් හාරසීය දිග පෝලිම් බැංකු ඉස්සරහ තිබුණා කාලයක් යනකම්.