මගේ පුද්ගලික මතය නම්, මෙකී සරණාගතයන්ට මෙරට ස්ථීර පදිංචියට අවසර නොදෙන තාක් කල්, ඔවුන් තාවකාළිකව මෙහි රඳවා ගැනීමේ ගැටලුවක් නොමැති අතර, ඔවුන් ස්ථිර පදිංචියකට මෙරටින් නික්ම යනතුරු ඔවුන් පොලිස් භාරයේ තබා ගත යුතු බවය.
https://lk.one.un.org/news/10-top-q...anka-michael-zwack-on-world-refugee-day-2013/
මෙන්න නියම විසදුමක් ! මටත් හිතෙන්නේ මේවගේ දෙයක් තමයි......
අපිට ගෙදරින් එලියට බැස්සහම වැඩිපුරම දකින්න තියෙන්නේ අපි දකින්න කැමති දේවල්ද ? අන්න ඒවගේ රටවල් විදිහට ගත්තත් කොහෙවත් යන මරාල එකපාරටම කඩාගන වැටෙනවා. එතකොට අපට කරන්න තියෙන්නේ බුද්දීමත්ව වැඩකරන එක මිසක් රෙදිකදාගන , සිවුරු උස්සගන ගිහින් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැති තත්වයකට පත්වෙනෙක නෙමේ ...
මෙහිදී රජයට විශාල වැඩකොටසක් පැවරෙනවා , ඒවගේම මිනිස්සුත් රජයට ඒ වැඩ කරන්න සහයෝගය දෙන්න ඕනේ අකුල් හෙලන්නේ නැතුව... රජය සරණාගතයන් සදහා නිසි ආකාර කදවුරු පවත්වාගන යන්න ඕනේ (UN ආධාර හා අදීක්ෂණය ඇතිව) . කිසිවෙකුටත් සරණාගතයෝ පුද්ගලික වාසස්ථානවල රදවාගන්න දෙන්න බෑ .. මොකද සරණාගතයෝ එන්නේ නෑදෑයෝ බලන්න නෙමේ ...තව රජයකින් සරණාගත-රැකවරණ බලාපොරොත්තුවෙන්.
සරණාගතයෝ බාරගන්න නීති ඇතිනම් නිසිකල පැමිණිවිට ඔවුන් ඉවත් කරන්නත් නීති ඇති ! එවිට UN සහබගිත්වය ඇතිව ඔවුන් ඉවත් කරන්න ඕනේ. එතකොට ඔය ප්රශ්න ඇතිවෙන්නේ නෑ . මේවගේ වැඩක් යුරෝපිය රටවල් මෑතකදී කරා ..
නමුත් මේවගේ අවස්ථාවල මිනිස්සුයි , හාමුදුරුවරුයි නිතිය අතට ගන්න ගියොත් අවස්ථාවාදී මුස්ලිම් අන්තවාදීන්ට ලෝකෙට පෙන්නන්න පුළුවන් "මුස්ලිම් සරණාගතයින් " ලංකාව ඇතුලේ අනාරක්ෂිතයි කියල . ඒකනිසා ඔවුන්ට තමන් පුද්ගලිකව රැකවරණය සැපයීම සාදාරනයි කියලා...
"අපේ හාමුදුරුවනේ පළමුවත් , දෙවනුවත් , තෙවනුවත් මොළය (රටට කලින් ) වියයුතුයි "

බුද්ධිය පලාහල රටක ජාතිකත්වය නිරුවතින් පිස්සුකෙලින බව මතකතබා ගන්න !!!
