~~//...‘වට් මදර් දිස් සම්බල්’ ...?????
‘වට් මදර් දිස් සම්බල්’...????????
රට සිට පැමිණි පුතුගේ පැනයෙන් මව අසිරුවේ.
24-02-2012 දිනමිණ (බර්ටි ලයනල් උඩුගම්පොළ)
පිිටිසර බද පළාතක ජීවත්වු රංජනි සැමියාත් පුතු සේනකත් සමග කුඩා පැල්පතක දිවි ගෙවූහ. ගොවිතැන් කර උපයන මුදලින් ඉතිරි කර ගන්නා මුදලින් දරුවාට උසස් අධ්‍යාපනයක් ලබා දීමට මවුපිය දෙපළ වෙර දැරූහ. නගරයේ ඉංගි‍්‍රසි පන්තියකට ද යැවීය. විදේශගත රැකියාවක නිරත වීම පුතුගේ සිහිනය විය.
පුතු දාහත් වියට පා තැබීය. ඉංගී‍්‍රසි ගුරුවරයා ගේ සහායෙන් එංගලන්තයේ රැකියාවකට යෑමේ භාග්‍ය ද උදා විය. මේ බව දැනගත් මවුපියන් ඉඩම හා නිවෙස පවා උකස් කර අවශ්‍ය මුදල් සොයා දුන්නේ මහත් සතුටිනි.
සේනක විදේශ ගත විය. ලැබෙන වේතනය මවට එවීමෙන් තම පැල්පත ද අංග සම්පූර්ණ නිවෙසක් බවට පත් කර ගැනීමේ වාසනාව ද උදාවිය. ඉඩම නිරවුල් විය.
සේනක සමාජයේ පිළිගත හැකි වත් පොහොසත් කමක් ඇති කෙනකු බවට ද පත්විය.
උදේ හීල්බත පොල් සම්බලය ආහාරයට ගෙන පාසලට ගිය සේනකට දැන් රස බොජුන් ලැබේ.
වසර ගණනාවක් ගත විය. සේනකට උපන් රට මතක් විය. ලැබුණු සති දෙකක නිවාඩුව ඒ සඳහා වෙන්කර ගත්තේ ය.
තම රටට ගෙන යා යුතු කෑම බීම ටින් වර්ග මවුපියන්ට ඇඳුම් යනාදිය සකස්කර ගත් සේනක මවුබිමට පැමිණ කුලී රියකින් නිවස බලා ආවේ මහත් සතුටකිනි.
මවු පිය දෙපළ පුතු වැළඳ ගනිමින් සිප ගනිමින් හඬා වැලපෙමින් පිළිගෙන නිවසට කැඳවා ගත්තේ හද පිරි සතුටිනි.
එදා හද බැඳි උපන් බිම අමුතු ලොවක් ලෙසින් ඔහුට දැනුනි. රාත්‍රියේ නිවෙසට පැමිණි සේනක චීස් සමඟ රට විස්කෝතු කිහිපයක් අනුභව කර නින්දට වැටුණේය.
පසුදින උදේ පියාගේ එළවළු කොටුවට ගිය සේනකට වම්බටු පවා හඳුනා ගත නොහැකිවීම ගැන පියා පුදුමයට පත් වූයේ ය.
පුතු ආශාවෙන් අනුභව කළ සම්බෝල කළුපොල් මාළුව දවල් බතට පිළියෙළ කර දීමට මව වගබලා ගත්තාය.
“පුතේ අද මං ඔයාට ආස කරන කළුපොල් මාළුවක් සම්බෝලයක් හදල තියෙනව දවල්ට කෑමට.”
“වට් මදර්... සම්බල කළුපොල් මාලු කියමින් මව සමඟ වාද විය.”
“චීස් මටන් නෝ. බ්‍රෙඩ් කියමින් පවසද්දී මව පියා දෙස හොරැහින් බැලීය.
සේනක කෑම මේසයට වාඩි විය. මව පිඟානක් ගෙන බත් සහ කළුපොල් මාළුව බෙදුවේය.
අවුරුදු 4 කට පස්සේ කන්න ආසත් ඇති නේ... සේනක පිඟාන ළංකර ගත්තේ ය. හැන්ද පිහිය ගෑරුප්පුව පිඟාන අසලින් තැබුවේ ය. ලේන්සුව ද එලා ගත්තේ ය. ගෑරුප්පුව ගෙන කොස් ඇටයකට ඇන මුව තුළට දමා හපන්න විය. “මයි ගෝඩ් වට් මදර්” කියමින් හැපු කොස් ඇටය සීසිකඩ කටින් විසිකර නැගිට දිව්වේ වතුර වීදුරුවක් ද පානය කරමිනි.
මව කෝපයට පත්වූවාය. “මොකක්ද යකෝ... මේ වෙලා තියෙන්නේ අවුරුදු තුන හතරට මේකට අතින් කෑම, කොස් ඇට මාළුව අමතක වෙලා නෙ. හරි පුදුමයක් නෙ” කියමින්...
“මෙහාට වරෙන් ඉඳගනින් මෙතනින් කියා හැන්ද ගෑරුප්පුව ගෙන ඉවතට විසිකර, කාපන් අතින් මගෙන් මොකවත් අහන්නෙ නැතුව... කියමින් ගුගුරන්නට විය.
ලජ්ජාවට පත් සේනක මේසයට වාඩි වී අතින් ගත් කොස්ඇට එකින් එක මුව තුළ සඟවා ගත්තේ ය.
පුතේ උඹ මතක තියාගනින්... උඹ උපන් රට කාපු බීපු දේවල් කොයි දීපංකරේ ගියත් අමතක නොකර ජිවත් වෙන්න.