අනිත් එක තමයි සෝවාන් වෙච්ච කෙනා දන්නවා තමන් සෝවාන් ද නැද්ද කියලා.. ඒක දැනෙනවා මෙතෙක් නොවිඳපු වෙනසක් විදිහට.. හැබැයි සෝවාන් ඵලයට පත් වෙලා නිවන කරා යන මනුස්සයා හොය හොය වද වෙවී ඉන්නේ නෑ තමන් සෝවාන් වුණාද නැත්තං වෙනත් මාර්ගඵලයක් ලැබුවද කියලා.. මොකද ඒ කෙනාගේ ඉලක්කය ඊට වඩා උතුම් දෙයක් නිසා.. ස්ටයිල් එකට ට්රෙන්ඩ් එකට සෝවාන් වෙන්න දඟලන අය තමයි ඕවා හොය හොය කාලය නාස්ති කරන්නේ.. ඇත්තටම සසරින් එතෙර වෙන්න ඕනි නං ට්රෙන්ඩ් පස්සේ දුවන්න එපා..![]()
ඔබ මේ ප්රකාශණ ඒකාන්ත ලෙසින් පවසන්නේ ඔබ සෝවාන් වූ හෝ ඉන් එහා ඵලයක් ලබා ඇතිවද? නැත්නම් වෙනත් අයෙක් කී දේද මේ කියන්නේ? කිනම් කරුණු හේතු පාදක කොට මෙසේ පවසනවාද? මොකද මේ ඔබ කියන බොහෝ කාරණාවන් ත්රිපිටක සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ කියන කරුණු කිනම් අයුරින් නිවැරදි ලෙස දැකියි යුතු දැයි පවසන්න.


