එතන ජෙප්පෝ කොල්ලෝ සෙට් එහෙකට කතා කරලා ජෙහාන්ට ගහපන් කියල එව්වා වෙන්ඩ බෑ. වාර්තාකාරයා එක්ක බීලා හිටපු එකා කිව්ව 'driver කෙනෙක් ආවා.' කියන ඔත්තුව දිගේ back track කරගෙන ගිහින් ප්‍රියන්ත ගැන හොයන්, එතනින් ජෙහාන් ගැන හොයන්, ඊට පස්සේ ප්‍රියන්තවත් නොදැන හිටපු හිරුණි ගැන හොයන්, ඒ weakness එක use කරලා හිරුණි පස්සේ එන එකාව ජෙහාන්ට ගහන විදියට manipulate කරනවා කියන්නේ මොන්ටිසෝරි ගේමක් නෙවේ. ඒකෙන් පේන්නේ උන්ගේ resourcefulness එක සහ trademark, කරපු කෙනා හොයන්ඩ බැරි වෙන්ඩ ගේම් දීමේ හැකියාව. මොකද ලොක්කා ඇවිත් 'අපි ජෙහාන්ගේ ක්‍රමයටම ජෙහාන්ට පොඩ්ඩක් රිදවන්න තීරණය කළා' කියනකම් ජෙහාන් ගුටි කෑවේ love හුටපටයකට ඇර, වෙන හේතුවකට කියලා ජෙහාන්වත්, ටිරාන්ලාවත්, අඩුගානේ ගහපු කොල්ලෝ ටිකවත් දන්නේ නෑ. ඔතන කොල්ලෝ ටික දන්නේ නෑ උන්ව තුන්වැනි පාර්ශවයක් විසින් බළල් අතක් විදියට පාවිච්චි කළා කියලා. මොකද උන් ජෙප්පෝ එවපු, කෙලින්ම ජෙප්පන්ට සම්බන්ධ කල්ලියක් නම් ටිරාන්ලට අර විදියට උන්ට ගහලා උන්ව ඇදන් එන්ඩ ලේසි වෙන්නේ නෑ.
(මේක මෙහෙම නෙවේ කියලා අපේ ආතල් කඩන්ඩ එපා)