“කුඹියෝ” ටීවී සිරිස්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :yes::yes:
    වොල්ටර් වයිට් කාරයත් අන්තිම වෙද්දි මහ කැරිම වැඩ කරවන්නේ. අර ජෙසී පොඩි එකෙක් හුරතල් කර කර ඉද්දි මොකක්ද මලක විසක් කවවන්නේ පොඩි එකාට. අන්තිමට පෙන්නන්නේ ඒ පොයිසන් එකේ මල් පැලේ වෝල්ටගේ ගෙදර පූල් එක ගාව තියෙනවා. ඔය වගේ දසම කැරි වැඩ කරවන්නේ. ජෙහානයත් ඒ වගේම තමයි. ඒ මොක උනත් කතව බලන එකාට වෝල්ටර් වයිට්ව එපා වෙන්නේ නෑ වගේම මේකේ ජෙහාන්වත් එපා වෙන්නේ නෑ හීරෝත් ඌ විලනුත් ඌ.

    Anna hari :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මරුසිරා;22905916 said:
    දැන් යන ගුගොඩවැල් එක්ක බලද්දී කුබියෝ හොදයි .එත් ජෙහාන් තමන්ම තමන්ගේ ගහපු ගේම් කියන්නේ නැතිව බලන උන්ටම තෙරුම්යන විදිහට නාට්ටිය ඉස්සරහට ගියානම්මීටත් වඩා තාත්වික වෙන්න තිබ්බ කියල තමයි මටනම් කියන්න තියෙන්නේ :cool: :)

    ඔව් පොඩි පොඩි Clues/Leads දිලා අපිටම ප්‍රශ්නය විසදගන්න තිබුනා නම් හොදයි කියලාත් හිතෙනවා
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :yes::yes:
    වොල්ටර් වයිට් කාරයත් අන්තිම වෙද්දි මහ කැරිම වැඩ කරවන්නේ. අර ජෙසී පොඩි එකෙක් හුරතල් කර කර ඉද්දි මොකක්ද මලක විසක් කවවන්නේ පොඩි එකාට. අන්තිමට පෙන්නන්නේ ඒ පොයිසන් එකේ මල් පැලේ වෝල්ටගේ ගෙදර පූල් එක ගාව තියෙනවා. ඔය වගේ දසම කැරි වැඩ කරවන්නේ. ජෙහානයත් ඒ වගේම තමයි. ඒ මොක උනත් කතව බලන එකාට වෝල්ටර් වයිට්ව එපා වෙන්නේ නෑ වගේම මේකේ ජෙහාන්වත් එපා වෙන්නේ නෑ හීරෝත් ඌ විලනුත් ඌ.

    :):cool:;):yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ප්‍රියන්ත: ජෙහාන් අයියේ ඇත්තටම මොන මගුලක්ද මේ?
    ජෙහාන්: මං උබට එක දෙයයි කරන්න කිව්වේ, එකම පොඩි දෙයක් විතරයි!
    ප්‍රියන්ත: ඇයි මේ යකා ජෙහාන් කියන්නේ මම කියලා හිතන් ඉන්නෙ? උත්තර දෙන්න..
    ජෙහාන්: ඉදගනින්..
    ප්‍රියන්ත: හරි, දැන් උත්තර දෙන්න.. ඇයි මේ මගේ නම ජෙහාන් කියල හිතන් ඉන්නෙ?
    ජෙහාන්: මං හිතන්නේ උඹ ඔය ප්‍රශ්නෙට උත්තරේ දන්නවා..
    ප්‍රියන්ත: නෑ, මම දන්නෑ..
    ජෙහාන්: ඔව් උබ දන්නවා... හරි කියපන් මොන හේතුවකටද උබවයි මාවයි කාට හරි පැටලෙන්නේ?
    ප්‍රියන්ත: ම..ම.. මම දන්නෙ කොහොමද?
    [Random flashbacks]
    ජෙහාන්: දැන් උබට තේරුනා නේද?
    ප්‍රියන්ත: නෑ..
    ජෙහාන්: කියපන්!
    ප්‍රියන්ත: මොකද...
    ජෙහාන්: කියපන්!!
    ප්‍රියන්ත: මොකද අපි දෙන්නම එක්කෙනෙක් නිසා.
    ජෙහාන්: හරියටම හරි..
    Fight Club ෆිල්ම් එක බලලා හරි පොත කියවලා හරි තියෙන කෙනෙක්ට මේ රෙෆරන්ස් එක තේරෙන්න ඇති කියලා හිතෙනවා.. හැමෝම වෙන්නේ නැති ප්‍රෙඩික්ශන්ස් හැමදාම පෝස්ට් කරන නිසා මාත් හිතුවා වෙනම විදිහකට මේ ප්‍රශ්නේ ලිහලා දාන්න..
    කූඹියෝ එපිසෝඩ් 50,51,52 බලලා ඇත්තටම ජෙහාන් කියන්නේ කවුද, ප්‍රියන්ත කියන්නේ කවුද කියලා හිතාගන්න බැරි අවස්තාවක ලස්සනට ඇප්ලයි කරන්න පුලුවන් තියරියක් මේක..
    ජේහාන් කියලා එකෙක් ඇත්තටම නෑ, ඌ ඉන්නේ ප්‍රියන්තගේ ඔලුවේ.. හරියට Multiple Personality Disorder කියන ලෙඩේ වගේ.. ඒත් වෙනසකට තියෙන්නේ මේ අවස්තාවේදී ඒක තවත් ප්‍රියන්තගේ මානසික තත්වයක් විදිහට නැතුව වෙනත් මිනිහෙක්ම විදිහට ප්‍රියන්ත හිතාගෙන ඉන්න එකයි...
    අපි දැන් බලමු මුල ඉදලම මේ තියරිය ඇප්ලයි කරන්න පුලුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කියලා.. ( මගේ කතාවේ විදිහට අපි කූඹියෝ බලන්නේ ප්‍රියන්තගේ දෘශ්ටිකෝණෙන් හරිද )
    50 එපියේ ජෙහාන් ප්‍රියන්තට කියනවා "උබ දන්නවද මම උබට කොච්චර ආදරේද කියලා?" , "මං උබට කරදරයක් කරන්නේ නෑ බන්" , "එහෙම නැත්තන් මං උබව මෙච්චර දුරක් එක්කන් එනවද" , " මම උබව ඇමති කෙනෙක් කරලා මිසක් පස්ස බලන්නෙ නෑ" , "උබ ඔය දන්නවයි කියලා හිතන් ඉන්න හැමදෙයක් ම බොරු"
    ඔය දෙබස් කීපයෙන්ම අපිට මේ ගැන අදහසක් ගන්න පුලුවන්..
    52 වෙනි එපියේ ජෙහාන් ප්‍රියන්තට කියනවා " මං හිතුවා මම ඒ කෙල්ලව රැවැට්ටුව වෙලාවෙ මටත් බැනලා බස් එකෙන් බැහැලා යයි කියලා.. ඒත් උබ හිටියා.. ඒ උබ ඇතුලෙත් හිටියා ඒ වගේ වැඩ වලට ආස කරන එකෙක්.." මෙතනදි ඒ කියන ප්‍රියන්ත ඇතුලේ ඉන්න එ මිනිස්සු රවට්ටන්න කැම්ති පර්සනැලිටිය තමයි ජෙහාන් කියන්නේ..
    ඊලගට ජෙහාන් කියන ආමි ට්‍රේනින් එක වගේ ප්‍රියන්තට දුන්න ට්‍රේනින් එක ගැන බලමු..
    ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ ප්‍රියන්තට කොලඹ ඉන්න ධනවත් පැලැන්තියේ අය ගැන තියෙන බය නැති කරන එක.. ඒක නිසා එලවලු බිස්නස් එකේ ඩිලිවරි බෝයි විදියට යොදා ගත්ත කියලනෙ කියන්නේ..
    ඒක ඇත්තටම කිව්වොත් මෙහෙමයි... MPD ( Multiple Personality Disorder) කියලා ගූග්ල් කරොත් මේ ගැන විස්තරාත්මකව ලස්සනටම දැනගන්න පුලුවන් ඒත් එහෙම බැරිනම් ගිය අවුරුද්දේ ආපු SPLIT කියන ෆිල්ම් එක බැලුවත් හොදට තේරුම් ගන්න පුලුවන්...
    පොඩි උදාහරනයක් ගත්තොත් මේක හරියට සබකෝලේ තියෙන කෙනෙක් පිරිසක් ඉදිරියේ සින්දුවක් කියන්න යවනවා වගේ වැඩක්.. එකම පන්තියක ලමයි දෙන්නෙක්ට කිව්වොත් සින්දුවක් කියන්න කියලා, එක්කෙනෙක් ගිහින් කියන්නත් අනිත් කෙනා සබකෝලෙන් ඇඹරෙන්නත් හේතුව වෙන්නේ එයාලගේ මානසිකව හිතන විදිහ තමයි.. ඒත් මේ ලෙඩේ තියෙන කෙනෙක්ගේ ඇතුලේ ඒ දෙපාර්ශවයම ඉන්න පුලුවන්.. එක වෙලාවකදි බෑ කියලා හිතුවත් පර්සනැලිටිය වෙනස් උන ගමන් එයාට සින්දුව කියන්න පුලුවන් වෙනවා.. ( මැජික් නෙවෙයි ඇත්තම ලෙඩක් )
    විස්වාස නැත්තන් තවත් උදාහරණයක් ගන්නම්, ඒක හරියට මත්ද්‍රව්‍ය බාවිත කරන කෙනෙක් වගේ.. බයගුල්ලො බිව්වම චන්ඩි වෙන එක, කෙල්ලෙක්ට කෙලින් කතා කරගන්න බැරි එකෙක් බිව්වම හොද කතිකයෙක් වෙන්න, බිව්වම කවි , සින්දු ලියන්න පුලුවන් වෙනවා වගේ තමා.. හැම දේම මානසිකවයි බලපාන්නේ.. තුවාලෙක වේදනාව දැනෙන්නෙත් මානසිකව මෝෆීන් වගේ ඩ්‍රග් එකකින් පුලුවන් ඒ වේදනාව නැති කරන්න.. තුවාලෙ හොද නෑ.. ඒත් වේදනාව දැනෙන්නේ නෑ.. තේරුනාද ?
    ඉතින් ඒ නිසා ප්‍රියන්තගේ ඔලුවෙ මවා ගත්ත කෙනා තමයි ජෙහාන් කියන්නේ.. ඒත් ජෙහාන් කිය්න්නෙත් වෙනම විදිහකට හිතන ප්‍රියන්තම තමා..
    අපි මෙහෙම හිතමු.. ජෙහාන් මෙච්චර කල් ගහපු ප්ලෑන් ඔක්කොම ක්‍රියාත්මක කරේ ප්‍රියන්තනේ..
    1) එලවලු බිස්නස් එකේ ඩිලිවරි වැඩ
    2) පත්තර බිස්නස් එකත් බැහැලම වැඩ කරේ ප්‍රියන්ත ( ජෙහාන් හිටියෙවත් නෑ.. අන්න් දැක්කද?)
    3) පද්මකුමාර කස්තුරිගෙ වැඩෙත් ඩ්‍රයිවර් වගෙ ඇදගෙන ගිහින් ඔක්කොම කරලා අන්තිමට සල්ලි ටික අතට ගන්නකන්ම
    4) ඔස්ටින් අයියගේ කාර් එක උස්සන වැඩේ ප්‍රියන්ත ඉදගෙන බලන් හිටියා ජෙහාන් වැඩේ කරන විදිහ පැහැදිලි කරා වැඩේ හරි ගියා
    5) ශාක්‍යා හෝල්ඩින්ස් ප්‍රියන්ත ඇතුලට ගිහින් වැඩේ ඔක්කොම කරා ජෙහාන් ගේ ප්ලෑනට අනුව
    ඔතනට එනකන් අපි පොඩ්ඩක් ජෙහාන්ව සම්පූර්ණෙන්ම පික්චර් එකෙන් අයින් කරලා බැලුවොත් හැම දේම කරලා තියෙන්නේ ප්‍රියන්ත නේද ? මම මුලදි කිව්වනේ අපි කතාව බලන්නේ ප්‍රියන්තගෙ දෘශ්ටිකෝණෙන් කියලා.. ඒ නිස්‍යි අපිට ජෙහාන් කියල මිනිහෙක් වෙනමම ඉන්නවා පෙන්නන්නේ ඒ උනත් මේ ඔක්කොම ප්‍රියන්තගේ පර්සනැලිටීස් වලින් ගහන ප්ලෑන් වෙන්නත් පුලුවන්...
    මුලදි ජෙහාන් කියනව ඇත්ත නම සුසන්ත, ජෙහාන් ප්‍රනාන්දු කියන නම වෙනත් නම් යටතේ දාලා තියෙන්නේ කියලා... ඒත් ජෙහාන් ප්‍රනාන්දු කියන්නේ ප්‍රියන්තගේ id එකේ වෙනත් නම් යටතේ තියෙන එකක්ද ?
    Psychological Mystery movies හරි විශේශයෙන්ම Split, Fight Club වගේ බලල තියෙන අයට පුලුවන් වෙයි මේක තවත් ටිකක් කොමෙන්ට් වල එකතු කරන්න..
    එහෙම උනොත් අපිට හිතන්න පුලුවන් කූඹියෝ කියන්නෙ ගමක ඉදන් ආපු මිනිහෙක් ඇමති කෙනෙක් වෙනකන් සිදු උන කතාවක් කියලත්
    ප.ලි. : හරි හරි බන් එතකොට ජෙහානුයි ප්‍රියන්තයි එකට වෙන මිනිස්සු හම්බුන තැන් තිබ්බා තමයි.. ඒත් මම කිව්වා වගේ අපි මේ කතාව බලන්නේ ප්‍රියන්තගේ දෘශ්ටිකෝනෙන්.. ඒක නිසයි අපිට එතන දෙන්නෙක් ඉන්නවා වගේ පේන්නේ.. ඒ කියන්නේ ජෙහාන් විතරක් යන තැන් වලට ගිහින් තියෙන්නේ ප්‍රියන්තම තමා.. ප්‍රියන්ත විතරක් ඉන්න තැන් වලට ගිහින් තියෙන්නෙත් ප්‍රියන්තම තමා.. දෙන්නම ගිහින් ඉන්න තැන් වලදි ඉන්නෙත් ප්‍රියන්ත විතරයි.. ඒත් එයාට හිතෙනවා තව කෙනෙක් ඉන්නවා කියලා (මම පහැදිලි කරන විදිහ තේරෙන්නේ නැතිනම් MPD කියලා ගූග්ල් කරන්න ඒක තමා ලේසිම ක්‍රමේ)
    උදාහරනයක් විදිහට කතාවේ අන්තිමට ප්‍රියන්තට මේක තේරුම් ගියාම ආපහු අපිට ඒ වෙච්ච ගේම් වෙන දෘශ්ටිකෝණෙකින් පෙන්නනවා හරියට ශාක්‍යා හෝල්ඩින් එකේ ඇතුලේ ප්‍රියන්ත වැඩ කරලා ඇවිත් රෑ අර කොල ප්‍රින්ට් කර කර උදේ ගහපු ෆොටෝස් බල බල ගේම් එක ප්ලෑන් කරනවා.. දිසානායකගේ කාර් එක යට කොල මිටියත් ප්‍රියන්තම සෙට් කරනවා..
    ලබන සතියේ එපියෙන් මේ ප්‍රෙඩික්ශන් එකත් කුඩුපට්ටම් කරලා දායි ලකා.. ඒත් මේකත් ආතල් විදිහක් කියලා හිතෙනවා කූඹියෝ ඉවර කරන්න alternate ending එකකට...
    ප.ප.ලි: තවත් එකක් මීටර් උනා.. ඕපනින් ක්‍රෙඩිට්ස් වලදි පෙන්නනව නේද මිනිස්සු නැතුව ඉබේ චෙස් ගේම් එකක් දෙපැත්‍තෙන්ම ඇදෙනවා ? මම MPD ගැන ගූග්ල් කරද්දි දැක්කා ඒ ලෙඩේ තියෙන මිනිස්සුන්ට පුලුවන්ලු චෙස් හෝ කාඩ් සෙල්ලමක් කරන්න තනියම..
    ඒ කියන්නේ සුදු පැත්තෙන් ඉත්තෙක් ඇදල එයා නැගිටලා එහා පැත්තෙන් ගිහින් ඉදගෙන කලු ඉත්තෙක් අදිනවා.. ඒත් එකම මිනිහා උනාට එයාගේ මනසේ ඉන්න පර්සනැලිටි දෙකක් විදිහට.. ඒක කොච්චර තාත්විකද කියනවනම් ඒ ඒ පර්සනැලිටියට අනිත් කෙනා කරපු එක මතකත් නෑ, ඊලගට මොනව කරයිද කියලා හිතාගන්නත් බෑ..
    දොස්තරලා ඔය වැඩේ ඔප්පු කරන්න යකඩ වලින් හදපු ශේප්ස් ටිකක් මේසයක් උඩින් තියලා ඒවගෙන් එකකට විතරක් කරන්ට් එක දීලා තියෙනවා ඇල්ලුවොත් ශොක් වෙන්න කියලා.. ඒත් ඒ වගේ MPD තියෙන ලෙඩෙක්ට ඔක්කොම අල්ලන්න කිව්වම එක පාරක් අල්ලලා කරන්ට් එක වැදුනත් ආපහු පර්සනැලිටිය වෙනස් උන ගමන් අර කරන්ට් එක තියෙන එකත් ආපහු අල්ලනවලු..
    ඒ කියන්නේ අනිත් පර්සනැලිටියකට කරන්ට් එක වැදුනත් මේ පර්සනැලිටිය ආවම මෙයා දන්නේ නෑ ඒකෙ කරන්ට් එක තියෙනව කියලා..
    ඉතින් මන් කියන්න හැදුවේ කූඹියෝ එකෙ මුලදි පෙන්නන චෙස් ගේම් එකෙන් නිරූපනය කරන්නේ ජෙහානුයි ප්‍රියන්තයි ගහන ගේම් වල සත්‍ය වෙන්න බැරිද ?

    කූඹි ගුලෙන් උපුටා ගැනීමකි(Originally published by Tharaka Sugathadasa)

    මෙකනම් පට්ට බං.... මට මතක් වුනා තවත් මේ වගෙම බයිස්කොප් කිහිපයක්... Black Swan, Aniyan(tamil), Karthik calling Karthik (hindi), Shutter Island, Fight Club

    පට්ට බං මෙක ඇත්තක් වුනත් ගතියක් තියෙනවා, ලකා මට බයයි අවසන් එපිය උබලාත් එක්ක බලන්න කියන්නේ මේ හෙතුවටද? ;)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කලින් දවසක මල්දෙනිය කියනවා කවද හරි දවසක මට ප්‍රියන්තට සර් කියන්න වෙන්නත් පුළුවන් කියලා.
    ඒත් ඒ වෙලාවෙ ජෙහානයගෙ මූනෙ කිසි ඉම්ප්‍රෙශන් එකක් තිබ්බෙ බෑ.
    අනේ මන්දා බන් මේ ජෙහානයා මොන මගුලක් කරන්න යනවද කියලා

    මල්දෙණියව පෙන්නුවේ නෑනේ බන් එක එපියකවත්
    උඹ කියන්නේ ලේකම් ගැන වෙන්න ඕන
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් දැනටත් කියන්නේ ප්‍රියන්තයි හිරුණියි තමයි ගේම් එක ගෙනියන්නේ ජෙහාන්ට කෙලවන්න
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ප්‍රියන්තයා ජොහන් ඉන්න තැන නොකිව්වා කියලා පේන්න තමයි අර හිරුණි කතා කතා කරලා අහගත්තා කිව්වේ ඉන්න තැන ෆෝන් කොම්පැණියකින් වගේ
    :sorry::sorry::sorry:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට හිතෙන්නේ ජෙහාන්ගේ ටාගට් එක මල්දෙණිය. ඒක කරන්නේ ප්‍රියන්ත මල්දෙණියට උඩින් තියවල. අන්තිමට ජෙහාන් මැරෙයි එහෙමත් නැත්නම් මරණ දඬුවම නියමවෙයි ඔය ඔක්කොම පොලිසියට මාට්ටු වෙලා.
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මට හිතෙන්නේ ජෙහාන්ගේ ටාගට් එක මල්දෙණිය. ඒක කරන්නේ ප්‍රියන්ත මල්දෙණියට උඩින් තියවල. අන්තිමට ජෙහාන් මැරෙයි එහෙමත් නැත්නම් මරණ දඬුවම නියමවෙයි ඔය ඔක්කොම පොලිසියට මාට්ටු වෙලා.
    oya maldeniyage lamayage kathawa aththak. eka boru nam maldeniya baya wenne nane. maldeniyage lamaya thama priyantha. jehaan kiyala ekek na
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    oya maldeniyage lamayage kathawa aththak. eka boru nam maldeniya baya wenne nane. maldeniyage lamaya thama priyantha. jehaan kiyala ekek na

    මට හිතෙන්නෙත් ඔයවගේ සිද්ධියක් තමා. ප්‍රියන්තගේ අම්මා තාත්තා නෑ කිව්වම ජෙහාන් ඌ එක්ක ගමේ ගියේ ඒ විස්තර ටික හොයාගන්න වෙන්න පුළුවන්.ප්‍රියන්ත මහල්පතගම ඉස්සරහ සති දෙකේදී ප්‍රියන්ත මල්දෙණිය වෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,691
    113
    ටිරාන් ජෙහාන්ගෙන් ඔස්ටින් අයියට තිබ්බ හේතුව දැන් තුන් හතර වතාවක්ම ඇහුවා. ජෙහාන් මොකක් හරි බයිලාවක් ගහලා ඒ හේතුව නොකියා මග හරිනවා. මේ හේතුවත් එක්ක S1 ඉවර වෙයි කියලා හිතෙනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට හිතෙන්නෙත් ඔයවගේ සිද්ධියක් තමා. ප්‍රියන්තගේ අම්මා තාත්තා නෑ කිව්වම ජෙහාන් ඌ එක්ක ගමේ ගියේ ඒ විස්තර ටික හොයාගන්න වෙන්න පුළුවන්.ප්‍රියන්ත මහල්පතගම ඉස්සරහ සති දෙකේදී ප්‍රියන්ත මල්දෙණිය වෙයි.

    maldeniyage putha jehan wenna barida?
    Utath kath kauruth na neda..
    maldeniya uwa atharaman karapu nisa priyantha lawa uta gema denna meka kala wenna puluwan
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    🐜 කූබියෝ අවසානය

    උපුටා ගැනීම:

    http://www.elakiri.com/forum/showthread.php?t=1840732

    "මටනං හිතාගන්නවත් බෑ අයියේ... ඒ කියන්නේ මට ඔයාව හම්බවුන වෙලේ ඉඳන් මේ වෙනකංම, මං කරපු හැමදෙයක්ම, මට වුන හැම දෙයක්ම ඔයාගෙ ප්ලෑන් එකට අනුවයි වෙලා තියෙන්නේ.."

    "ආන්න උඹටත් දැන් යමක් කමක් තේරෙනවා.. ඔව් මට හම්බවුනාට පස්සේ උඹේ ඔය ගෙවුව අවුරුදු හතරම මගේ ප්ලෑන් එකක් තමයි.."

    "ඒ.. ඒත් අයියේ.. මොකක්ද අයියගෙ ප්ලෑන් එකේ අවසානය.. මොකක්ද අයියගෙ අරමුණ.. අයියා මොකක්ද මගෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ.." ප්‍රියන්ත තම ජංගම දුරකතනය දෙස බැළුවේය..

    "මං උඹට කිව්වනේ මේ ගේම් එකේ සමහර දේවල් තියෙනවා මට උඹට කියන්න බැරි.. ඒ වගේම තමයි මං උඹට කිව්වා කවදාහරි මං උඹව ඇමතිකෙනෙක් කරලයි පස්ස බලන්නේ කියලත්.."

    වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථ කිහිපයක් ප්‍රියන්තගේ නිවස ඉදිරිපිට නතරකළේය. ජෙහානුත්, ප්‍රියන්තත් නිවසේ ඉස්තෝප්පුවට පැමිණි අතර එක් ජීප් රථයකින් බැසගත් ඒ.එස්.පී. සිරිල් අබේසේකර ජෙහාන් ඉදිරියට පැමිණි නතරවිය.

    මිස්ටර් ජෙහාන් ප්‍රනාන්දු.. කොහොමද? මම වැඩිය මුකුත් කියන්න යන්නෑ.. ඉන්ස්පෙක්ටර් ජයවර්ධන මෙතන ඉඳන් ජෙහාන්ට කතාව කියයි..

    ජෙහාන් නෙත් යොමු කළේ අනෙක් ජීප් රථයෙන් බැස එන පොලිස් පරීක්ෂකවරිය දෙසටය..

    "හි.. හිරුණි...?" ජෙහාන්ට ගොතගැසිනි..

    "කොහොමද ජෙහාන්" ඇය සිනාසුනාය..

    "ජෙහාන් එදා බස් එකට නගිනකොට අපිට ප්ලෑන් දෙකක් තිබුණා. ප්ලෑන් A.. සීට් එක අයිනට වෙලා සින්දුවක් අහගෙන හිටපු එකම කෙල්ල ගාවින් ජෙහාන් ඇවිත් ඉඳගනියි කියන එක.. ප්ලෑන් B... ජෙහාන් වෙන සීට් එකක ඉඳගත්තොත් ප්‍රියන්තව එතනට යවලා ජෙහාන්ව කතාවට අල්ලගන්න එක.. වාසනාවකට ප්ලෑන් A වැඩ කළා.. එහෙම නේද ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් එස්.අයි. ප්‍රියන්ත වික්‍රමසිංහ.?"

    ජෙහාන් අදහාගතනොහැකිව ප්‍රියන්ත දෙස බැළුවේය.

    "ඉතිං ජෙහාන්.. හරිම අමාරු චරිතයකට තමයි මට ඔයත් එක්ක රඟපාන්න වුනේ.. ඉස්සරවෙලාම ගමේ ඉඳන් කොළඹ ආපු ප්‍රියන්ත කොහොමද අයියේ හරියටම පබ්ලික් ලයිබ්‍රි එක ලඟ හෝල්ට් එක දැනගන්නේ... හරි.. හරි.. දැන් ඔය කල්පනාකරන්නේ මහඋල්පතගම අපේ ගෙදර ගියපු එකනේ.. අැත්තටම ඒ පවුල ගොඩක් අපිට උදව්කරා මේ වැඩේදි.. අපේ කීපදෙනෙකුත් ඒ පවුල ඇතුලෙම හිටියා.. සාජන් ගුණවර්ධන මගෙ බාප්පා විදිහට.. ඩබ්ලිව්.පී.සී. කුමුදුනී සුදු නංගි විදිහට.. හරි හරි ශාඛ්‍යා එක ඇතුලෙදි මාව අඳුරන ගෑණු ළමයෙක් හම්බවුනා කියලා ජෙහාන්ට වෙන කවුරුත් කිව්වේ නෑනේ.. මංමනේ කිව්වේ.."

    "දෙදාස් අටේ දෙවෙනි මාසෙ විසිපස්වෙනි සෙනසුරාදා මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරපු සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් ජෙහාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට අරගන්න තරම් කිසිම ප්‍රබල සාක්ෂියක් අපිට තිබුණේ නෑ.. ඒත් අපි දැනගෙන හිටියා ඔස්ටින්ගෙ කණ්ඩායමට මෙච්චර සූක්ෂමව මේක ප්ලෑන් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ කියලා.." ඉන්ස්පෙක්ටර් හිරුණි යළි හඬ අවදිකළාය.

    "ජෙහාන් ලඟ ප්‍රියන්තට කලින් හිටියෙත් අපේම කෙනෙක් තමයි.. සාජන් සිල්වා අපිට ගොඩක් තොරතුරු දුන්නා.. ඒත් වෙලාවට ජෙහාන්ට මිනිහා ගැන සැකයක් ඇතිවුනා.. ජෙහාන් සිල්වව ඉවරයක්කරලා දාන්න බාරදුන්නේ ටිරාන්ට... ටිරාන්..."

    පොලිස් නිළ ඇඳුමෙන් සැරසී සිටි එස්.අයි. ටිරාන් අැන්තනී දුටු ජෙහාන් අසල පුටුවෙහි හිඳගත්තේය..

    "මගෙ තාත්තව මරපු ඔස්ටින්ට පාඩමක් උගන්නන්න මට මාර්ග දෙකක් තිබුණා. එක.. ඔස්ටින්ගෙ විදිහටම ඔස්ටින්ට ගේම දෙන එක.. දෙක පොලීසියට බැඳිලා ඔස්ටින්ව ජීවිතාන්තයටම ඇතුලට දාලා කරපු පව් ගැන හිත හිත විඳවන්න අරින එක. මට තනියම ඔස්ටින් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.. ඉතිං මම දෙවෙනි මාර්ගය තෝරගත්තා.. ජෙහාන් වගේම මාත් ඔස්ටින්ට ලංවුනා. පලිගන්නවනං පලිගන්න ඕනතරම් අවස්ථා තිබුණා.. ඒත් ලෝකයාට ඔස්ටින් මැරුණ කෙනෙක් විදිහට පෙන්නලා අපි මිනිහව අත්අඩංගුවට ගත්තා.. ආ.. ජෙහාන්ගෙ කලින් යාළුවා.. සාජන් සිල්වා.. එයත් තාම ජීවතුන් අතර ඉන්නවා.. කෙල්ලෙක්ට සප්‍රයිස් දෙන්න ගිහිං කාටහරි පොලිස් කූඩුවේ ලගින්න වුනාම පාතාලෙ එකෙක්ට ගිහිං ඇප දීලා බේරගන්න පුළුවන්නම් වෙන මොනවා කරන්න බැරිද නේද?" ටිරාන් සිනාසුනේය.

    ජෙහාන්ගෙ හොඳම ගෝලයා.. බැරල් සුනිල්. ජෙහාන්ට ඕන විදිහට කණ්ඩායමක් හදාගන්න හොයනකොට අපි අපේම කණ්ඩායමක් ජෙහාන්ට කිට්ටුකෙරෙව්වා. එස්.අයි. සුනිල් සමරසිංහ මේවෙනකං එයාගෙ කොටස හරියටම කළා. මේවෙලාවෙ එයා ඔස්ටින්ගෙන් කටඋත්තර ගන්න තැන නිසා ජෙහාන්ව සප්‍රයිස් කරන්න එන්නනම් බැරිවුනා.

    "ඉතිං ජෙහාන්." මෙතෙක් නිහඬව සිටි ඒ.එස්.පී. අබේසේකර හඬ අවදිකළේය. "ලංකාවේ එදා මෙදා තුර වුන ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරේ ජෙහාන් කියන්න අවශ්‍ය හැම සාක්ෂියක්ම දැන් අපි ලඟ තියෙනවා. ඔස්ටිනුත් ගොඩක් දේවල් අපිට කිව්වා. අපි එහෙනං යමු නේද ජෙහාන්"

    දෑතට විලංගු දමන ලද ජෙහාන්ව පොලිස් ජීප් රථයකට නංවාගත් පොලිස් කණ්ඩායම අපරාද පරීක්ෂණ මූලස්ථානය වෙත පිටත්විය.

    මේ අවසානෙනම් ගතයුත්තක් තියෙනවා.



    :nerd: