ප්‍රියන්ත: ජෙහාන් අයියේ ඇත්තටම මොන මගුලක්ද මේ?
ජෙහාන්: මං උබට එක දෙයයි කරන්න කිව්වේ, එකම පොඩි දෙයක් විතරයි!
ප්‍රියන්ත: ඇයි මේ යකා ජෙහාන් කියන්නේ මම කියලා හිතන් ඉන්නෙ? උත්තර දෙන්න..
ජෙහාන්: ඉදගනින්..
ප්‍රියන්ත: හරි, දැන් උත්තර දෙන්න.. ඇයි මේ මගේ නම ජෙහාන් කියල හිතන් ඉන්නෙ?
ජෙහාන්: මං හිතන්නේ උඹ ඔය ප්‍රශ්නෙට උත්තරේ දන්නවා..
ප්‍රියන්ත: නෑ, මම දන්නෑ..
ජෙහාන්: ඔව් උබ දන්නවා... හරි කියපන් මොන හේතුවකටද උබවයි මාවයි කාට හරි පැටලෙන්නේ?
ප්‍රියන්ත: ම..ම.. මම දන්නෙ කොහොමද?
[Random flashbacks]
ජෙහාන්: දැන් උබට තේරුනා නේද?
ප්‍රියන්ත: නෑ..
ජෙහාන්: කියපන්!
ප්‍රියන්ත: මොකද...
ජෙහාන්: කියපන්!!
ප්‍රියන්ත: මොකද අපි දෙන්නම එක්කෙනෙක් නිසා.
ජෙහාන්: හරියටම හරි..
Fight Club ෆිල්ම් එක බලලා හරි පොත කියවලා හරි තියෙන කෙනෙක්ට මේ රෙෆරන්ස් එක තේරෙන්න ඇති කියලා හිතෙනවා.. හැමෝම වෙන්නේ නැති ප්‍රෙඩික්ශන්ස් හැමදාම පෝස්ට් කරන නිසා මාත් හිතුවා වෙනම විදිහකට මේ ප්‍රශ්නේ ලිහලා දාන්න..
කූඹියෝ එපිසෝඩ් 50,51,52 බලලා ඇත්තටම ජෙහාන් කියන්නේ කවුද, ප්‍රියන්ත කියන්නේ කවුද කියලා හිතාගන්න බැරි අවස්තාවක ලස්සනට ඇප්ලයි කරන්න පුලුවන් තියරියක් මේක..
ජේහාන් කියලා එකෙක් ඇත්තටම නෑ, ඌ ඉන්නේ ප්‍රියන්තගේ ඔලුවේ.. හරියට Multiple Personality Disorder කියන ලෙඩේ වගේ.. ඒත් වෙනසකට තියෙන්නේ මේ අවස්තාවේදී ඒක තවත් ප්‍රියන්තගේ මානසික තත්වයක් විදිහට නැතුව වෙනත් මිනිහෙක්ම විදිහට ප්‍රියන්ත හිතාගෙන ඉන්න එකයි...
අපි දැන් බලමු මුල ඉදලම මේ තියරිය ඇප්ලයි කරන්න පුලුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කියලා.. ( මගේ කතාවේ විදිහට අපි කූඹියෝ බලන්නේ ප්‍රියන්තගේ දෘශ්ටිකෝණෙන් හරිද )
50 එපියේ ජෙහාන් ප්‍රියන්තට කියනවා "උබ දන්නවද මම උබට කොච්චර ආදරේද කියලා?" , "මං උබට කරදරයක් කරන්නේ නෑ බන්" , "එහෙම නැත්තන් මං උබව මෙච්චර දුරක් එක්කන් එනවද" , " මම උබව ඇමති කෙනෙක් කරලා මිසක් පස්ස බලන්නෙ නෑ" , "උබ ඔය දන්නවයි කියලා හිතන් ඉන්න හැමදෙයක් ම බොරු"
ඔය දෙබස් කීපයෙන්ම අපිට මේ ගැන අදහසක් ගන්න පුලුවන්..
52 වෙනි එපියේ ජෙහාන් ප්‍රියන්තට කියනවා " මං හිතුවා මම ඒ කෙල්ලව රැවැට්ටුව වෙලාවෙ මටත් බැනලා බස් එකෙන් බැහැලා යයි කියලා.. ඒත් උබ හිටියා.. ඒ උබ ඇතුලෙත් හිටියා ඒ වගේ වැඩ වලට ආස කරන එකෙක්.." මෙතනදි ඒ කියන ප්‍රියන්ත ඇතුලේ ඉන්න එ මිනිස්සු රවට්ටන්න කැම්ති පර්සනැලිටිය තමයි ජෙහාන් කියන්නේ..
ඊලගට ජෙහාන් කියන ආමි ට්‍රේනින් එක වගේ ප්‍රියන්තට දුන්න ට්‍රේනින් එක ගැන බලමු..
ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ ප්‍රියන්තට කොලඹ ඉන්න ධනවත් පැලැන්තියේ අය ගැන තියෙන බය නැති කරන එක.. ඒක නිසා එලවලු බිස්නස් එකේ ඩිලිවරි බෝයි විදියට යොදා ගත්ත කියලනෙ කියන්නේ..
ඒක ඇත්තටම කිව්වොත් මෙහෙමයි... MPD ( Multiple Personality Disorder) කියලා ගූග්ල් කරොත් මේ ගැන විස්තරාත්මකව ලස්සනටම දැනගන්න පුලුවන් ඒත් එහෙම බැරිනම් ගිය අවුරුද්දේ ආපු SPLIT කියන ෆිල්ම් එක බැලුවත් හොදට තේරුම් ගන්න පුලුවන්...
පොඩි උදාහරනයක් ගත්තොත් මේක හරියට සබකෝලේ තියෙන කෙනෙක් පිරිසක් ඉදිරියේ සින්දුවක් කියන්න යවනවා වගේ වැඩක්.. එකම පන්තියක ලමයි දෙන්නෙක්ට කිව්වොත් සින්දුවක් කියන්න කියලා, එක්කෙනෙක් ගිහින් කියන්නත් අනිත් කෙනා සබකෝලෙන් ඇඹරෙන්නත් හේතුව වෙන්නේ එයාලගේ මානසිකව හිතන විදිහ තමයි.. ඒත් මේ ලෙඩේ තියෙන කෙනෙක්ගේ ඇතුලේ ඒ දෙපාර්ශවයම ඉන්න පුලුවන්.. එක වෙලාවකදි බෑ කියලා හිතුවත් පර්සනැලිටිය වෙනස් උන ගමන් එයාට සින්දුව කියන්න පුලුවන් වෙනවා.. ( මැජික් නෙවෙයි ඇත්තම ලෙඩක් )
විස්වාස නැත්තන් තවත් උදාහරණයක් ගන්නම්, ඒක හරියට මත්ද්‍රව්‍ය බාවිත කරන කෙනෙක් වගේ.. බයගුල්ලො බිව්වම චන්ඩි වෙන එක, කෙල්ලෙක්ට කෙලින් කතා කරගන්න බැරි එකෙක් බිව්වම හොද කතිකයෙක් වෙන්න, බිව්වම කවි , සින්දු ලියන්න පුලුවන් වෙනවා වගේ තමා.. හැම දේම මානසිකවයි බලපාන්නේ.. තුවාලෙක වේදනාව දැනෙන්නෙත් මානසිකව මෝෆීන් වගේ ඩ්‍රග් එකකින් පුලුවන් ඒ වේදනාව නැති කරන්න.. තුවාලෙ හොද නෑ.. ඒත් වේදනාව දැනෙන්නේ නෑ.. තේරුනාද ?
ඉතින් ඒ නිසා ප්‍රියන්තගේ ඔලුවෙ මවා ගත්ත කෙනා තමයි ජෙහාන් කියන්නේ.. ඒත් ජෙහාන් කිය්න්නෙත් වෙනම විදිහකට හිතන ප්‍රියන්තම තමා..
අපි මෙහෙම හිතමු.. ජෙහාන් මෙච්චර කල් ගහපු ප්ලෑන් ඔක්කොම ක්‍රියාත්මක කරේ ප්‍රියන්තනේ..
1) එලවලු බිස්නස් එකේ ඩිලිවරි වැඩ
2) පත්තර බිස්නස් එකත් බැහැලම වැඩ කරේ ප්‍රියන්ත ( ජෙහාන් හිටියෙවත් නෑ.. අන්න් දැක්කද?)
3) පද්මකුමාර කස්තුරිගෙ වැඩෙත් ඩ්‍රයිවර් වගෙ ඇදගෙන ගිහින් ඔක්කොම කරලා අන්තිමට සල්ලි ටික අතට ගන්නකන්ම
4) ඔස්ටින් අයියගේ කාර් එක උස්සන වැඩේ ප්‍රියන්ත ඉදගෙන බලන් හිටියා ජෙහාන් වැඩේ කරන විදිහ පැහැදිලි කරා වැඩේ හරි ගියා
5) ශාක්‍යා හෝල්ඩින්ස් ප්‍රියන්ත ඇතුලට ගිහින් වැඩේ ඔක්කොම කරා ජෙහාන් ගේ ප්ලෑනට අනුව
ඔතනට එනකන් අපි පොඩ්ඩක් ජෙහාන්ව සම්පූර්ණෙන්ම පික්චර් එකෙන් අයින් කරලා බැලුවොත් හැම දේම කරලා තියෙන්නේ ප්‍රියන්ත නේද ? මම මුලදි කිව්වනේ අපි කතාව බලන්නේ ප්‍රියන්තගෙ දෘශ්ටිකෝණෙන් කියලා.. ඒ නිස්‍යි අපිට ජෙහාන් කියල මිනිහෙක් වෙනමම ඉන්නවා පෙන්නන්නේ ඒ උනත් මේ ඔක්කොම ප්‍රියන්තගේ පර්සනැලිටීස් වලින් ගහන ප්ලෑන් වෙන්නත් පුලුවන්...
මුලදි ජෙහාන් කියනව ඇත්ත නම සුසන්ත, ජෙහාන් ප්‍රනාන්දු කියන නම වෙනත් නම් යටතේ දාලා තියෙන්නේ කියලා... ඒත් ජෙහාන් ප්‍රනාන්දු කියන්නේ ප්‍රියන්තගේ id එකේ වෙනත් නම් යටතේ තියෙන එකක්ද ?
Psychological Mystery movies හරි විශේශයෙන්ම Split, Fight Club වගේ බලල තියෙන අයට පුලුවන් වෙයි මේක තවත් ටිකක් කොමෙන්ට් වල එකතු කරන්න..
එහෙම උනොත් අපිට හිතන්න පුලුවන් කූඹියෝ කියන්නෙ ගමක ඉදන් ආපු මිනිහෙක් ඇමති කෙනෙක් වෙනකන් සිදු උන කතාවක් කියලත්
ප.ලි. : හරි හරි බන් එතකොට ජෙහානුයි ප්‍රියන්තයි එකට වෙන මිනිස්සු හම්බුන තැන් තිබ්බා තමයි.. ඒත් මම කිව්වා වගේ අපි මේ කතාව බලන්නේ ප්‍රියන්තගේ දෘශ්ටිකෝනෙන්.. ඒක නිසයි අපිට එතන දෙන්නෙක් ඉන්නවා වගේ පේන්නේ.. ඒ කියන්නේ ජෙහාන් විතරක් යන තැන් වලට ගිහින් තියෙන්නේ ප්‍රියන්තම තමා.. ප්‍රියන්ත විතරක් ඉන්න තැන් වලට ගිහින් තියෙන්නෙත් ප්‍රියන්තම තමා.. දෙන්නම ගිහින් ඉන්න තැන් වලදි ඉන්නෙත් ප්‍රියන්ත විතරයි.. ඒත් එයාට හිතෙනවා තව කෙනෙක් ඉන්නවා කියලා (මම පහැදිලි කරන විදිහ තේරෙන්නේ නැතිනම් MPD කියලා ගූග්ල් කරන්න ඒක තමා ලේසිම ක්‍රමේ)
උදාහරනයක් විදිහට කතාවේ අන්තිමට ප්‍රියන්තට මේක තේරුම් ගියාම ආපහු අපිට ඒ වෙච්ච ගේම් වෙන දෘශ්ටිකෝණෙකින් පෙන්නනවා හරියට ශාක්‍යා හෝල්ඩින් එකේ ඇතුලේ ප්‍රියන්ත වැඩ කරලා ඇවිත් රෑ අර කොල ප්‍රින්ට් කර කර උදේ ගහපු ෆොටෝස් බල බල ගේම් එක ප්ලෑන් කරනවා.. දිසානායකගේ කාර් එක යට කොල මිටියත් ප්‍රියන්තම සෙට් කරනවා..
ලබන සතියේ එපියෙන් මේ ප්‍රෙඩික්ශන් එකත් කුඩුපට්ටම් කරලා දායි ලකා.. ඒත් මේකත් ආතල් විදිහක් කියලා හිතෙනවා කූඹියෝ ඉවර කරන්න alternate ending එකකට...
ප.ප.ලි: තවත් එකක් මීටර් උනා.. ඕපනින් ක්‍රෙඩිට්ස් වලදි පෙන්නනව නේද මිනිස්සු නැතුව ඉබේ චෙස් ගේම් එකක් දෙපැත්‍තෙන්ම ඇදෙනවා ? මම MPD ගැන ගූග්ල් කරද්දි දැක්කා ඒ ලෙඩේ තියෙන මිනිස්සුන්ට පුලුවන්ලු චෙස් හෝ කාඩ් සෙල්ලමක් කරන්න තනියම..
ඒ කියන්නේ සුදු පැත්තෙන් ඉත්තෙක් ඇදල එයා නැගිටලා එහා පැත්තෙන් ගිහින් ඉදගෙන කලු ඉත්තෙක් අදිනවා.. ඒත් එකම මිනිහා උනාට එයාගේ මනසේ ඉන්න පර්සනැලිටි දෙකක් විදිහට.. ඒක කොච්චර තාත්විකද කියනවනම් ඒ ඒ පර්සනැලිටියට අනිත් කෙනා කරපු එක මතකත් නෑ, ඊලගට මොනව කරයිද කියලා හිතාගන්නත් බෑ..
දොස්තරලා ඔය වැඩේ ඔප්පු කරන්න යකඩ වලින් හදපු ශේප්ස් ටිකක් මේසයක් උඩින් තියලා ඒවගෙන් එකකට විතරක් කරන්ට් එක දීලා තියෙනවා ඇල්ලුවොත් ශොක් වෙන්න කියලා.. ඒත් ඒ වගේ MPD තියෙන ලෙඩෙක්ට ඔක්කොම අල්ලන්න කිව්වම එක පාරක් අල්ලලා කරන්ට් එක වැදුනත් ආපහු පර්සනැලිටිය වෙනස් උන ගමන් අර කරන්ට් එක තියෙන එකත් ආපහු අල්ලනවලු..
ඒ කියන්නේ අනිත් පර්සනැලිටියකට කරන්ට් එක වැදුනත් මේ පර්සනැලිටිය ආවම මෙයා දන්නේ නෑ ඒකෙ කරන්ට් එක තියෙනව කියලා..
ඉතින් මන් කියන්න හැදුවේ කූඹියෝ එකෙ මුලදි පෙන්නන චෙස් ගේම් එකෙන් නිරූපනය කරන්නේ ජෙහානුයි ප්‍රියන්තයි ගහන ගේම් වල සත්‍ය වෙන්න බැරිද ?
කූඹි ගුලෙන් උපුටා ගැනීමකි(Originally published by Tharaka Sugathadasa)