“කුඹියෝ” ටීවී සිරිස්

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    පීටර් ද අල්මේදා කූඹියෝ හි මල්දෙනියගේ චරිතය බාරගන්නා විට එහි 48 වැනි කොටස විකාශය වෙමින් පැවතුනු බව ඔබ දැන සිටියාද??? බොරු නම් බලපල්ලා 14:50 ඉදන් :shocked::shocked:

     
    Last edited:

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    පීටර් ද අල්මේදා කූඹියෝ හි මල්දෙනියගේ චරිතය බාරගන්නා විට එහි 48 වැනි කොටස විකාශය වෙමින් පැවතුනු බව ඔබ දැන සිටියාද??? බොරු නම් බලපල්ලා 14:50 ඉදන් :shocked::shocked:


    14:50 nemei bn 16:50 wage idan issarahata :baffled:

    monawa wunath weddek :)
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    Koombiyo Deleted Scenes

     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Mata Hithenava machan... Koombiyo 2 enna ona.. hebei TV series ekak vage nevei.. Movie Ekak vidihata.. Jehan Australia valin 2 patan ganna ona.. Game godak Nathuva Jehan Meke gahanna ona eka gemai.. eka Pattama Patta Master plan ekak venna ona. Supiri Mathrukavak Allagena Meka gahanna Ona. Movie eke Hema Peththakma International Level venna ona.. IT, Hekkarsla, Virus.. include hema dema.. Kathava Nikan " Chande Davase Chanda Prathipala venas karanava Vage Ekak".. Mokada Hithanne??? Negala yaida??

    චන්ද ප්‍රථිපල වෙනස් කරන්න ඔච්චර ගේම් ගහන්න ඕනද බං හැම පාරම වෙනස් වෙලා තමයි කියන්නේ :lol:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම කුබියෝ බලල ඉවර කලා ...episode 43/44 ඉදන් story line එක script එක වෙනස් වෙනව පැහැදිලිවම ...episode 37 ඉදන් 44 වෙනකන් classical quality එකක් දෙනව හරියට story end එකක් වගේ ...හැබැයි එතනින් එහාට කතාව දියාරුයි ....මට හිතෙන්නෙම episode 44/45 පස්සේ කුමක් හෝ හේතුවක් නිසා කතාවේ quality එක අඩු වුන කියල .....හැබැයි නායක තුමා ජෙහාන් ඔස්ටින් යුරේනි ටිරාන් ඇතුළු හැම දෙනාගේම රංගනය අති විශිෂ්ටයි ...මම තුමිඳු ගේ රංගනයක් මුලින්ම දැක්කේ නවවෙනි කඩුල්ල කියන drama එකේ ...මම දන්නේ නෑ එදා ඒ නළුවා කව්ද කියලවත් ..එත් මම යාලුවෙක්ටත් පෙන්නුව බලපන්කො මුගේ acting කියල ....ප්‍රියන්තය ගෙන් මම ඔයිට වඩා රංගනයක් බලාපොරොත්තු වෙනවා ටිකක් මදි මදි වගේ කියල හිතෙනවා ...සමස්තයක් ලෙස හොදයි ...සුපිරිම වෙනවා අග භාගය මිට වඩා strong වුනානම් ....
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29791853_10214522658114167_7763897434455042558_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම කුබියෝ බලල ඉවර කලා ...episode 43/44 ඉදන් story line එක script එක වෙනස් වෙනව පැහැදිලිවම ...episode 37 ඉදන් 44 වෙනකන් classical quality එකක් දෙනව හරියට story end එකක් වගේ ...හැබැයි එතනින් එහාට කතාව දියාරුයි ....මට හිතෙන්නෙම episode 44/45 පස්සේ කුමක් හෝ හේතුවක් නිසා කතාවේ quality එක අඩු වුන කියල .....හැබැයි නායක තුමා ජෙහාන් ඔස්ටින් යුරේනි ටිරාන් ඇතුළු හැම දෙනාගේම රංගනය අති විශිෂ්ටයි ...මම තුමිඳු ගේ රංගනයක් මුලින්ම දැක්කේ නවවෙනි කඩුල්ල කියන drama එකේ ...මම දන්නේ නෑ එදා ඒ නළුවා කව්ද කියලවත් ..එත් මම යාලුවෙක්ටත් පෙන්නුව බලපන්කො මුගේ acting කියල ....ප්‍රියන්තය ගෙන් මම ඔයිට වඩා රංගනයක් බලාපොරොත්තු වෙනවා ටිකක් මදි මදි වගේ කියල හිතෙනවා ...සමස්තයක් ලෙස හොදයි ...සුපිරිම වෙනවා අග භාගය මිට වඩා strong වුනානම් ....


    අන්තිම හරිය දියාරුවෙච්ච ගතියක් තියෙනවා තමා .කතාව හදිස්සියේ වෙනස් කල නිසාද දන්නේ නැ :sorry:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කූඹියෝ 2 ගැන ගැටලුවක්?
    එහෙම වුනොත් කූඹියෝ 2 එන්නේ නැහැ...
    නිෂ්පාදක අසංක දොඩන්තැන්න...

    කූඹියෝ හමාර වුනේය. ඒ වෙනදා නොවුණු තරම් උද්යෝගයක් හා උත්සවශ්‍රියක් මැදය. ලංකාවේ මැද පන්තියේ නිතර යාවත්කාලීන වන මිනිසුන්ගේ සූරතාන්තය වූයේ පසුගිය 17 වන දාය. අවසන් කොටස ගැන එක එක කතා බස් ය. නොයෙක් අකාරයේ නිගමනය. තැන තැන කල්ලි ගැසුණු තරුණයන් තමන්ගේ අන්තර්ජාල දත්ත කපාගෙන කූඹියෝ නැරඹුහ. ඒ තරුණයන්ටත් පුදුමාකාර ඉවසීමක් තිබුණි. ඔවුන්ට එය යූ ටියුබ් ඔස්සේ නරඹන්නට ලැබෙන්නේ රූපවාහිනි විකාශයෙන් අනතුරුවය. මන්ද ඔවුන්ට ටෙලිවිෂනය එතරම් වැදගත් නැති නිසාය. නැතිනම් අප්‍රසන්න කම නිසාය.

    එමෙන්ම තැන තැන උත්සව සංවිධානය වුනේ කූඹියෝ තරුද පිරිවරාගෙනය. ඒවාට සම්බන්ධ වූවන් රූපවාහිනියේ වේලාවට කූඹියෝ නරඹා අත්පොලසන් නැගූහ. කතා බහ කළෝය. තරු සමඟ සෙල්ෆි ගැසුවෝය. ලංකාවේ සිනමාවට නැති බිමේ පැල වුනු රසිකත්වයක් විද්‍යමාන වුනේ එසේය. එසේ පැල වුණු මිනිසුන් සූරතාන්තයට ළඟා වූයේ පසුගිය 17 වනදා සෙනසුරාදා දිනය.

    ඒ උත්සවශ්‍රිය ලංකාවට පමණක් සිමා වූයේ නැත. සිංහල තේරුම් ගත හැකි ලාංකිකයන් රටෙන් පිට ද සිටී. ඕස්ට්‍රේලියාවේ ද එසේ උත්සවයක් පැවැත්වුණේ කූඹියෝ නිෂ්පාදක අසංක දොඩන්තැන්න ද සහභාගී කරගෙනය. ඔහු සිය පවුල සමඟ වෙසෙන්නේ මෙල්බර්න් නුවරයි. වේලාවකට මෙල්බර්න් යනු තවත් ශ්‍රි ලංකාවක් ද යන්න සිතෙනා තරමට එහි ලාංකිකයෝ වෙසෙති. ඒ අනුව මෙල්බර්න් හි ලංකා වැසියෝද ප්‍රිතියෙනි. කිසි ලෙසකින් වත් ලංකාවේ නාට්‍ය බැලීමට කාලය හෝ අන්තර්ජාල දත්ත වැය නොකරන ඕස්ට්‍රේලියානු ලාංකිකයෝ නාට්‍යක් නිසා අසංකට ආදරය කරති.

    ඒ තතු කෙසේ වෙතත් අසංක දොඩන්තැන්න සති කිහිපයකට පෙර ලංකාවට පැමිණියේ පුද්ගලික කටයුතු කිහිපයකට ය. නාට්‍ය වෙනුවෙන්ද වෙහෙසුණු ඔහු සරසවිය වෙනුවෙන්ද කාලය වෙන් කිරීමට තරම් නිහතමානී විය. ඔහුගෙන් විමසිය යුතු කාරණා බොහොමයක් ඇත. ඔහු වෘත්තිකයෙකි. තුමිඳු මළයාගේ කටයුතු ගැන ඔහු අවධානයෙනි. තමන්ගේ වාරය එනතෙක් ඉතා ඉවසීමෙන් කටයුතු කළ අසංක කලාව හා ටෙලිවිෂනය මත ගැටගැසෙන ක්‍රමයට අභියෝග කරයි. එසේ අභියෝග කළ හෙයින් කූඹියෝ ටෙලිවිෂන් කලාවට කළ බලපෑම සුලු පටු නැත. ඉදිරියේදී නාලිකා විසින් ඒ බලපෑමට මුහුණ දෙන අන්දම නිරීක්ෂණය කළ හැක.

    බොහෝ දෙනා කූඹියෝ 2 ගැන අසයි. ඊට සම්බන්ධ වන බොහෝ දේ ඔහු අප සමඟ පවසයි. අසංක ඒ පිළිබඳව දක්වන විවෘත අදහස අපේ සාකච්ඡාවට අන්තර්ගතය.

    * මම මුලින්ම කැමතියි ඕස්ට්‍රේලියාවේදි ඔබට ලැබෙන ප්‍රතිචාරය දැනගන්න?

    මම දන්නා විදිහට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ බොහෝ අය ලංකාවේ නාට්‍ය බලන්න පෙලඹවීමක් තිබුණේ නැහැ. නමුත් මොනයම් හෝ හේතුවක් නිසා කූඹියෝ බලන්න ලොකු පිරිසක් එකතු වෙලා හිටියා ඕස්ට්‍රේලියාවෙත්. මම නිතර යන සුපර්මාර්කට් එකක් තියෙනවා අපේ ගෙවල් කිට්ටුව මම යන බොහෝ වතාවල් වල ලාංකිකයෝ ඇවිත් මට කතා කළා. ඔවුන් කූඹියෝ බලලා ප්‍රශංසා කළා. කූඹියෝ පටන් ගත්ත කාලේ එක්තරා ඕස්ට්‍රේලියානු සිංහල චැනල් එකක් මගේ සම්මුඛ සාකච්ඡාවක් ගත්තා. ඊට පස්සේ තමයි බොහෝ දෙනා මට කතා කරන්න ගත්තේ. තවත් කොටසක් තමයි ඩයස්පෝරාවේ * ඉන්න අපේ ලාංකික අය, නමුත් බැඳලා ඉන්නේ සුදු ජාතිකයන්ව. ඒ අයත් මට ඇවිත් කිව්වා අපි කූඹියෝ බලනවා නමුත් මගේ නෝනට මහත්තයට මේක තේරෙන්නේ නැහැ කියලා. එදා තමයි මට තේරුණේ තව බොහෝ අය පවුල් පිටින් මේක බලන විත්තිය. ඔවුන් මගෙන් ඉල්ලුවේ කොහොමහරි නාට්‍යයට ඉංග්‍රීසි උපසිරැසි දාල දෙන්න කියන එක. ඉදිරියේදී ඉංග්‍රීසි උපසිරැසි සහිතව කූඹියෝ එලියට දාන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    * කූඹියෝ පිටපත ඔබට ලැබුණේ කොහොමද?

    අධ්‍යක්ෂ ලක්මාල් කිහිප අවස්ථාවකම සුදානම් වෙලා හිටියා මේක අධ්‍යක්ෂණය කරන්න. බොහෝ නිෂ්පාදකයෝ ඔහුට පොරොන්දු වෙලා හිටියේ නාට්‍ය රූප ගත කරන්න. නමුත් ඒ දේවල් ඒ විදිහට වුණේ නැහැ. ඊට පස්සේ තමයි මටත් පිටපත දකින්න ලැබුණේ.

    *අධ්‍යක්ෂ ලක්මාල් නාලිකා සමඟ ගනුදෙනු කළා. ඔබත් ගනුදෙනු කරන්න ඇති නාලිකා එක්ක. නාලිකා එක්ක කරපු ගනුදෙනුව එච්චර සුන්දර එකක් වෙන්න බැහැ?

    ඇත්ත. ඒක එච්චර සුන්දර එකක් වුනේ නැහැ. අපි මුලින්ම එක නාලිකාවක් ගැන වැඩි බලාපොරොත්තුවක් තියා ගත්තා. ඒ නාලිකාව හොඳ නාට්‍ය එක දිගට විකාශය කරලා නමක් තිබ්බා. නමුත් කල් යද්දී ඒ නාලිකාව යම් පසුබෑමකට ලක් වෙච්ච නිසා අපිට අඩියක් පස්සට ගන්න වුණා. අනික එතැන නිර්මාණකරුවන්ගේ මාෆියාවකුත් තිබුණා. අපි වගේ අලුත් අයට එතනට එන්න ඒ අය ඉඩක් හදලා තිබුනේ නැහැ. ඊට පස්සේ අපි බැලුවා ජාතික රූපවාහිනියේ මේක විකාශය කරගන්න. ඒ දවස් වල රූපවාහිනියේ සභාපතිවරයා වෙලා හිටියේ සෝමරත්න දිසානායක මහත්මයා. ඔහුට ලොකු උවමනාවක් තිබ්බා කූඹියෝ රූපවාහිනියට ගන්න. නමුත් රූපවාහිනියේ මූල්‍ය තත්වය හොඳට තිබුණේ නැහැ. ඒ නිසා ඒ අදහස ක්‍රියාත්මක කරගන්න එතුමාට බැරි වුණා.

    *ඊට පස්සෙද ඔබ ස්වාධීන රූපවාහිනියත් එක්ක ගනුදෙනුවකට යන්නේ?

    අපි වතාවන් දෙකකදී ස්වාධීන රූපවාහිනියට ගියා. කියන්න සතුටුයි ස්වාධීන රූපවාහිනියේ විතරයි නාට්‍යක් වර්ගීකරණය කරන්න හරිහමන් පටිපාටියක් තිබුනේ. ස්වාධීන විනිශ්චය කරුවන් කිහිප දෙනෙක් ඒක බලලා අපිට අති විශිෂ්ට සහතිකයක් දුන්නා. අපිට තවත් වතාවක ස්වාධීන රූපවාහිනියට යන්න වුනා. නැවතත් අපේ නාට්‍යය විනිශ්චයකට භාජනය වුනා. එතනදිත් අපි විශිෂ්ට සහතිකය ලැබුවා.

    *අනෙක් නාලිකා ගැන සලකා බැලුවේ නැතිද?

    තේරුමක් නෑ ෂෙනාල්. අනෙක් අය පුළුවන් තරම් හෙට්ටු කරලා ලාබෙට ගන්න බැලුවේ. එහෙම කුණු කොල්ලෙට දෙන්න පුළුවන් නාට්‍යයක් නෙවෙයි කූඹියෝ කියන්නේ. මේකේ වියදම අධිකයි. හැබැයි සමහර ‘ඔළුවක්’ නැති නාලිකා හිතුවේ අපිට කරන්නම දෙයක් නැති තැන ඒගොල්ලෝ ළඟට එයි කියලා.

    *මොකක්ද ඒ සිදුවීම?

    ඒගොල්ලෝ හිතුවේ අපිට මුකුත්ම කරගන්න බැහැ කියලා. මොකද අපි බලාපොරොත්තු වෙච්ච විදිහට කිසිවක් සිදු නොවෙච්ච නිසා. නාලිකා අපිව පැත්තකට දාපු නිසා. මේ අයට තිබුණා හැම තැනටම සම්බන්ධතා. අපි කරන්නේ මොනාද, කියන්නේ මොනාද කියලා මේ අයට ඉක්මනින් විස්තර ලැබුණා. ඔවුන් අපි ගැන ඔත්තු බැලුවා. අන්තිමේදී අපිට යන්න තැනක් නැතුව ඔවුන් ළඟට ඇවිත් පින්සෙන්ඩු වෙලා කුණු කොල්ලෙට මේක දීලා යයි කියලා ඔවුන් හිතුවේ. ඊට පස්සේ ඒකෙ නාලිකා ප්‍රධානියා එක තැනක කිව්වලු ඕකට සල්ලි දැම්මේ ඕස්ට්‍රේලියන් කාරයෙක්නේ ඒ නිසා ඕස්ට්‍රේලියන් කාරයට පාඩු වුණාට කමක් නැහැ කියලා. මට පාඩු වුනත් මේ වගේ එවුන්ට නම් මම නාට්‍යය දෙන්නේ නැහැ කවමදාකවත්.

    *ඔබට එක කොටසක් වෙනුවෙන් වැයවුණු මුදල කීයද?

    පැය භාගෙක කොටසක් වෙනුවෙන් ලක්ෂ දෙකහමාරක් දෙලක්ෂ හැටදහසක් අතර වගේ වියදමක්.

    *එක කොටසක් වෙනුවෙන් ඔබට ලැබෙන අදායම?

    ලක්ෂ දෙකක මුදලක්.

    *ඔබේ වැය පස වැඩි වුණු හේතුව මොකක්ද?

    ලක්මාල් ම කියන විදිහට මෙහෙමයි. අපි බස් රථයක රූප ගත කිරීමක් කරනවානම් ඒ වෙනුවෙන් අපි බස් රථයක් වෙනමම ගේන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඒ බස් රථයට ලොකු හයර් එකක් ගෙවන්න ඕනෑ. අපි හිතමු අපි වියදම් අඩු කරනවා කියලා. එහෙනං අපිට සිද්ද වෙනවා බස් එකක් ගේන්නේ නැතුව ඒ දර්ශන ටික ඔක්කොම බස් හෝල්ට් එකකට ගේන්න. එතකොට නාට්‍යයට මොකද වෙන්නේ. අපි කරන්න අවශ්‍යය වියදම් ඒ විදිහටම කළා. කෑම බීම ටික වගේම ට්‍රාන්ස්පෝට් එක පවා උපරිමයෙන්ම අපි දීලයි තියෙන්නේ. ඒ නිසා වියදම් වැඩියි. වියදම් කරපු නිසා නාට්‍යයේ කොලිටිය වැඩි වුනා.

    *හොඳයි. කූඹියෝ සමාජජාලවල ඉතා ජනප්‍රියයි. විශේෂයෙන්ම ෆේස්බුක්වල. ඒ වගේම කූඹියෝ වෙනුවෙන් හදපු පිටු රාශියක් තිබෙනවා...

    අපි හදපු පිටු ගොඩක් නැහැ. හදල තියෙන්නේ එක පිටුවයි. අනෙක් සියලු පිටු වෙන අයගේ ඒවා. ගොඩක් දෙනෙක් කාලෙකට කලින් හදපු පිටු කූඹියෝ එනවත් එක්කම ඒවායේ නම වෙනස් කළා ‘කූඹියෝ’ කියලා. ඊට පස්සේ ඔවුන් එකට ලයික් ගාන වැඩි කර ගත්තා. දැන් ඔවුන්ට පුළුවන් වෙනවා වෙන වෙළඳ අරමුණු වෙනුවෙන් ඒවා යොදවන්න.

    *මට විශාල ගැටලුවක් තිබෙනවා. කූඹියෝ නාට්‍යය විශාල පිරිසක් නරඹන බව ඇත්ත. නමුත් නාලිකා භාවිත කරන රේටින් ක්‍රමය ඇතුලේ කූඹියෝ ඉන්නේ ඉහල තැනක නෙවෙයි?

    ඔය රේටින් ක්‍රමය අසාධාරණ එකක්. ඒ වගේම රේට් කරන ක්‍රමය අන්තිම දුර්වල එකක්. මම ඒ ගැන ලොකු තැකීමක් කරන්නේ නැහැ. එක රේටින් කරන ආයතනයක් පාවිච්චි කරන්නේ නියැදි 600 ක් විතරයි. ඒක කොහෙත්ම ගැළපෙන නියැදියක් නෙවෙයි. අනික මේ නාලිකා තමන්ගේ ප්‍රේක්ෂක ප්‍රජාව ගැන හරියට දැනගන්න පර්යේෂණ කරන්නේ නැහැ. ලංකාවේ වෙළඳපල ගැන හරියට රිසර්ච් කරන්නේ වෙළඳ ප්‍රචාරණ ආයතන විතරයි. ටෙලිවිෂන් රේටින් ගැන වුනත් වෙළඳ ප්‍රචාරණ ආයතන ලොකුවට ගණන් ගන්නේ නැහැ. නාලිකා වලට ඒ ගැන වගක් නැහැ. කවුරුහරි මොකක්හරි හිට් වෙන එකක් කළොත් ඒක කොපි කරලා අනික් අයත් ඒ වගේම ඒවා කරනවා. ඕක මට ඔප්පු කරන්න තියෙන හොඳම උදාහරණය තමයි අපේ නාට්‍යය පටන් ගනිද්දී දාපු දැන්වීම් ගාන නෙවෙයි මැදදී යන්නේ. ඒ සංඛ්‍යාව විශාලයි. ඒ හින්දා නාට්‍යයේ ටයිටල් බෑන්ඩ් එක යන්නෙත් නැහැ. ඒ කාලෙදිත් යන්නේ දැන්වීම්. නාට්‍යය විනාඩි 18 වගේ. නමුත් විනාඩි 35ක් විතර නාට්‍යය යනවා. එතකොට විනාඩි 10 කටත් වැඩිය යන්නේ දැන්වීම්. එහෙම වුනයි කියලා අපිට ගෙවන මුදල වැඩි වුණේ නැහැ. කිව්වේ අපිට රේටින් නැහැයි කියලා. අනික අපේ යූ ටියුබ් ඔස්සේ බලන ප්‍රේක්ෂක සංඛ්‍යාව එන්න එන්නම වැඩි වුණා.

    *ඒ කාරණා කෙසේ වෙතත් දැන් ඔබට සිද්ද වෙනවා කූඹියෝ 2 කරලියට ගේන්න...

    අංක එක තමයි, මේ ක්‍රමය අවුල්. කවදාවත් දක්ෂ නිර්මාණකරුවෝ රැඳෙන තැනක් නෙවෙයි මේ ක්‍රමය. අනික ගොඩක් අය මාව ෆෝම් කරනවා තව වැඩ කරන්න කියලා. නමුත් මම ෆෝම් වෙන්නේ නැහැ. මූලිකම හේතුව තමයි. මම මුදලාලි කෙනෙක් නොවීම. මුදලාලිලා මේ ක්ෂේත්‍රයට එන්නේ තමන්ට යමක් කරගන්න. මේ ක්‍රමය ඒ අයට හොඳයි. මම මේ ක්ෂේත්‍රයෙන් යැපෙන්නේ නැහැ. ඒ නිසා මට ඉක්මනින් වැඩ කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම වැඩ කරනවා.

    *ඒ කියන්නේ කූඹියෝ 2 එන්නේ නැතිද?

    දෙවෙනි කොටස ගැන අපි කතා කරගෙන යනවා. නමුත් එක දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි යමක් කරන්නේ හොඳට වියදම් කරලා. මහන්සි වෙලා. ඒ දේට කොහෙන්වත් ඇගයීමක් ලැබෙන්නේ නැත්නම්, කුණු කොල්ලෙට වැඩ කරන්න එනවානම් අපි තව දුරටත් ඒ ගැන බලාපොරොත්තු තියන්නේ නැහැ. ඊට වඩා මම කැමතියි විකල්ප තැන් වල පෙන්නන්න පුළුවන් හොඳ නිර්මාණ කරන්න. ඒකට එරෙහි වෙන්නෙත් අන්තර්ජාල දත්තවලට ලංකාවේ මිනිස්සු ගෙවන අධික මිල.

    *කූඹියෝ චරිත ටික විවිධ විදිහට සමාජයේ ජනප්‍රිය වුණා නේද?

    ඔව්. වෙනත් නාට්‍යයවල සිදුවීම් හරහා වෙළඳ දැන්වීම් පවා නිර්මාණය වුණා. නමුත් අපි එහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ. ගොඩක් තැන්වල කූඹියෝ ලෝගෝ සහ චරිත අරන් ටී ෂර්ට් වගේ දේවල් ප්‍රින්ට් කරලා විකුණුවා. නමුත් මම මේ කිසිම දේකට අවසර දීලා නැහැ. නමුත් කෙනෙක්ට අවශ්‍ය නම් කූඹියෝ හරහා යම් අසරණ සරණ සේවාවක් කරන්න මම ඒකට දායක වෙනවා.

    කූඹියෝ ගැන දැනට කතාව එසේය. එහි බලපෑම ගැන යමක් පැවසීමට තවම කල් වැඩිය. නමුත් ඉන් ධෛර්යමත් වන්නේ තරුණ නිර්මාණකරුවන් නම් ඔවුන් දිගින් දිගටම ටෙලිවිෂනයට බලපෑම් කරනු ඇත.

    සංවාදය- ෂෙනාල් එරාන් ජයසේකර

    ඡායාරූප - නිශ්ශංක විජේරත්න

    (ඩයස්පෝරාව * යනු එක් රටක ජනතාවක් ලෝකයේ තවත් කලාපයක විසිරී ජිවත් වන විට ඒ ජන ප්‍රජාවට පොදුවේ යොදන ඉංග්‍රීසි නමයි.)

    උපුටා ගැනීම : සරසවිය