•─• ලොවෙත් නැති නියම •─•

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    •─• ලොවෙත් නැති නියම •─•

    1◘ ලෝරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය→
    සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

    2◘ ඇන්තනිගේ කම්මල් නියමය→
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.

    3◘ කොවෑක්ගේ න්‍යාය→
    වැරදි නොම්මරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

    4◘ කැනන්ගේ කර්මවාදය→
    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.

    5◘ ඕ බ්‍රයන්ගේ විචලන නියමය→
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

    6◘ බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

    7◘ රූබිගේ සමාසද සිද්ධාන්තය→
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

    8◘ විලොබීගේ නියමය→
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.

    9◘ සැන්ඩ්‍රාගේ ජීවමිති නියමය→
    කැසීමේ සැරබව, අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.

    10◘ බ්‍රෙඩාගේ නීතිය→
    සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.

    11◘ ඕවන්ගේ නියමය→
    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

    12◘ වූලිගේ නියමය→
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.



    ඉස්සුවේ
    http://maxxaone.blogspot.com/
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අම්මෝ තව ගමකට දෙන්නම්..

    1970-colombo-bus.jpg

    ගමනක් යාමට බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටින සෑම වෙලාවකම සියලුම බස් රථ විරුද්ධ දෙසට ගමන් කරයි.


    force-lightning.jpg


    විදුලි කෙටීම් අවසන් වූ විට කොම්පියුටරය දැමීමට ප්ලග් එක ගැසූ සැනින් නැවත ගෙරවීමට පටන් ගනී.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    Patta ooiii.. Mekanm siraa
    ◘ බෙල්ගේ නියමය→
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.Rep+
     
    • Like
    Reactions: Dishta Didin