₪ අම්මා ₪

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ආදරෙයි අම්මේ

    lange_migrant_mother.jpg



    පනින තුරු එළිපත්ත
    හැමදාම නිදිවරන
    නුඹේ ඔය ඇස් දෙකට
    ආදරෙයි අම්මෙ මම.....

    දරුවන්ගෙ සිහින ගැන
    කප්පරක් දුක් විඳින
    නුඹේ ඔය ඇස් දෙකට
    ආදරෙයි අම්මෙ මම
    .....

    අකීකරු අපේ හිත්
    එක බැල්මකින් නිවන
    රැළි වැටී කළු වුවද
    කරුණාව අඩු නොවන
    නුඹේ ඔය ඇස් දෙකට
    ආදරෙයි අම්මෙ මම
    .....


    ₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪

    අම්මා


    mothers-day-sri-lanka.jpg



    ඉකි බිඳින පහන් සිළ ලඟ
    තුන්පත් රටා අමුණන
    සුදු බත් ඉතුරු කර
    දංකුඩම වළඳන
    දුක දුකක් බව නොදැක
    හැමදාම දුක් විඳින
    අම්මා නුඹයි මට
    මුලු ලොවම දිනා දෙන



    නුඹ මා නිසා එදත් දුක් වින්දාය. අදත් අනන්තවත් දුක් විදින්නීය. මැසිවිල්ලක්වත් නොනගා හෙටත් දුක් විදින බව දනිමි. නුඹ මගෙන් දුහුවිල්ලක් තරම් දෙයක් වත් නොපතා කප්පරක් දුක් විදින්නීය. නෙතු පාමුළ කඳුලු බිඳුවක් තියාගෙන කවි කුරුටු ගා පැතුවේ උපදින මතු ජාති ජාතිත් නුඹ මගේම අම්මා වෙන්න කියාය.

    ₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪


    මේක බලන හැමෝමම තමන්ගේ අම්මා වෙනුවෙන් ඔයාලගෙ අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.

     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අම්මා.......... ජීවන උයන් තෙරේ....
    නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ....

    තොට දීමට රෙප් මාලග තවත් නැත..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අම්මා.......... ජීවන උයන් තෙරේ....
    නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ....

    තොට දීමට රෙප් මාලග තවත් නැත..

    රෙප් නොදුන්නා කියා මාගේ තුන් හිතක වත් අමනාපයක් නැත
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අම්මා කෙනෙක් තරම් අපිට නිර්ලෝභීව ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ තවත් නම් නෑ. ඒ වගේ උත්තරීතර ආදරයක් වෙන කගෙන්වත් කවදාවත් ලබන්න බෑ. මේ ලොකේ ඉන්න හොඳම අම්මා මගේ අම්මා කියලයි මට දැනෙන්නේ
     

    nidarsha91

    Well-known member
  • තවමත් ඔබගේ චූටි පුතා මන් ........

    කොතරම් ඔබ ගැන ලීවත්
    හැමදා ඔබ ගැන කීවත්
    තවමත් හරිහැටි නෑ මා
    කලේ ඔබට ආදරේ.......

    බඩපිස්සා වූ මා
    තව ඔබ තුරුලේ හිදිදෝ
    අලුතින් කිරිල්ලියක් සමගින්
    පියබා යාවිදෝ

    ඇත මා හට පැනයක් අම්මේ
    ඔබට තවත් මා දුරනම් අම්මේ
    අලුතින් ආ ඈ හා අම්මේ
    කෙලෙස හිදින්නද සැමදා අම්මේ

    තවදුරටත් ඔබ හට ලං වෙමි අම්මේ .....