∫∫∫••••සර්පයන් පිලිබද ජනප්‍රවාද••••∫∫∫

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ∫∫∫••••සර්පයන් පිලිබද ජනප්‍රවාද••••∫∫∫

    Colubrid Snakes හෙවත් මාපිලුන් ඇහැටුල්ලන් වැනි සර්පයන් ස්වාභාවයෙන්ම අහිංසක
    සත්ව කොටසක් වන නමුත් ඇතැමුන් මොවුන් සලකන්නෙ ලෙ උරා බොන ඇස් කඩා ගන්නා භායානක
    රකුසන් ලෙසය එබැවින් මොවුන් පිලිබද පවතින මත සලකා බලමු
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    Boiga-ceylonensis-03000020077_01.jpg


    ජනප්‍රවාදය:shocked::shocked:
    The trinket snake හෙවත් කටකලුවා ගැන
    පවතින ජනප්‍රවාදයක් නම් මෙම සර්පයා උග්‍ර විෂ සහිත වන අතර මෙම සර්පයා
    දශ්ථ කල විට දෂ්ථ කිරිමට ලක් වූ පුද්ගලයාගේ මුලු දේහයම සහ ඛේථය සහ මුත්‍ර වැනි
    තරලද අදුරු පැහැ වන අතර මෙම සර්පයා මිනිසෙකු සපා කෑ පසු අසල ඇති ගසකට
    නැග සපා කෑ පුද්ගලයා මිය යන ආකාරය බලා සිටින අතර පුද්ගලයා මියගියොත් පමනක්
    ගසෙන් බසින බවට විශ්වාසයක් ඇත

    යථාර්තය:cool::cool:
    මෙම සර්පයාට මේ නම් ලැබී ඇත්තෙ මෙම සත්වයාගේ මුඛ කුහරය කලු පැහැති නිසාය
    කෙසේ නමුත් මෙම සර්පයා නිර්විෂ බැවින් විෂ පිලිබදව පවතින ජනප්‍රවාදය පහසුවෙන්
    බැහැර කල හැක

    ජනප්‍රවාදය
    Rat snake හෙවත් ගැරඩියා සහ Checked Keel backs
    හෙවත් දිය බරියා ගැන පවතින ජනප්‍රවාදයක් නම් මොවුන් පහත් කුල වල සර්පයන් බැවින්
    මොවුන් සපා කැ පසු වෙනත් කිසිම සර්පයකු දෂ්ථ නොකරන බවට විශ්වාසයක් ඇත

    යථාර්තය
    මෙම සර්පයන් දෙදෙනාම නිර්විශ වන අතර සපාකැමෙන් තුවාල ඇති වීම පමනක් සිදුවෙ
    එමෙනම් මොවුන් සපා කෑ පසු වෙනත් සර්පයන් සපා කන්නේ නැතැයි යන්න බොරු බව
    පරික්ශනාත්මකව ඔප්පු කර ඇත

    ජනප්‍රවාදය
    The Sri Lanka cat හෙවත් නිදි මාපිලා මිනිසුන් නිදා සිටින විට සපා කන අතර
    සපා කෑමට ලක්වූ පුද්ගලයා නින්දේදීම මියයන බවට විශ්වාස කරයි.

    යථාර්තය
    නිදි මාපිලාට මෙම නම ලැබි ඇත්තේ මෙම සත්වයා දහවල් කාලයෙ දක්වන නිදිමත ස්වාභාවය
    නිසාය එයට හෙතුව මෙම සර්පයා රාත්‍රියට දඩයම් කරන්නෙකු විමයි නමුත් මෙම සර්පයාටද
    මිනිසෙකු මැරිමට තරම් විෂක් නිපදවිය නොහැක

    ජනප්‍රවාදය
    Cat snakes හෙවත් මාපිලුන් හත් දෙනෙකුගෙ කන්ඩායම් ලෙස
    ජීවත් වන අතර එක් මාපිලෙකු මැරුවහොත් අනිත් මාපිලුන් පැමින මැරු
    පුද්ගලයාට දෂ්ථ කිරීම සිදුවේ

    යථාර්තය
    මාපිලුන් තරමක් සමාජ ශීලි සර්පයන් වන බැවින් මොවුන් කන්ඩායම් ලෙස සැරි සරයි
    එමෙනම් මොවුන් අනිත් මාපිලුන් හදුනාගන්නෙ ඔවුන්ගේ ඇගෙන් පිටවන
    පෙරමොන (pheromone) නම් රසායන ද්‍රවය නිසාය එනිසා එක් මාපිලෙකු
    මැරු විට එම මාපිලාගෙ සිරුරෙන් පෙරමෝන පිටවන අතර ඊට ආකර්ශනය වී
    වෙනත් මාපිලුන් එම ස්ථානයට ඇදී ඒමට ඉඩ ඇත නමුත් මාපිලුන් සුලු විෂ සහ නිර් විෂ
    නිසා මාපිලුන් දෂ්ථ කිරිමෙන් මරනයට පත් නොවේ

    ජනප්‍රවාදය
    Forsten’s cat snake හෙවත් ලෙ මාපිලා කන්ඩායමක් ලෙසට රාත්‍රි
    කාලයෙදි පැමින එකිනෙකාගෙ ඇගේ එල්ලී වැලක් ලෙසට වහලයෙ එල්ලී නිදා සිටින
    මිනිසුන්ගේ පාදය සපා කා ලේ උරා බොන අතර එම ලේ එක් එක් සර්පයාගේ දේහයන්
    තුලින් ගොස් ඉහලම කෙලවර සිටින සර්පයා දක්වා ඇදී යන බව විශ්වාසයක් ඇත

    යථාර්තය
    ලේ මාපිලා සහ නාග මාපිලා යන දෙදෙනාම එකෙකු වන අතර රතු පාට නාග මාපිලුන්
    ලෙ මාපිලුන් ලෙස හැදින්වේ මෙම මාපිලුන්ට තම වලිගයෙන් එල්ලී සිටීමේ හැකියාව මනාව ඇති
    නමුත් මොවුන්ට ලේ උරා බීමේ හැකියාවක් නොමැත එනිසා මෙම ජනප්‍රවාදයද බැහැර කල හැක

    ජනප්‍රවාදය
    ඇහැටුල්ලන් මිනිසුන්ගෙ ඇස් වලට පැන ඇස් කඩා ගන්න බවට විශ්වාසයක් ඇත

    යථාර්තය
    ඇහැටුල්ලා සුලු වශයෙන් විශ සර්පයෙකු වන අතර මොවුන් බොහෝ විට ගස් මත
    වාසය කරයි එබැවින් මොවුන් බොහෝ විට සපා කන්නෙ මිනිසුන්ගේ මුහුන පෙදෙසයි
    නමුත් ඇස් කඩා ගැනීම් පිලිබදව මෙතෙක් වාර්තා වී නොමැත

    සර්පයන් ගැන මෙන්ම ලංකාවෙ ඕනම් සතෙක් ගැන ඉගෙන ගන්න මෙතන බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1105329
    ඔයාලගෙ අදහසුත් කියන්නකො


     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Mapila minissunge le bonawa. le mapila minissunge le bonne rata wahalen awith ellila. mapillo 7k enawada nadda kiyanna danne na. habai miniha marenakanma uw agen le bonawa. miniha marenne wisata nemei. age le nathuwa.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුදු මහත්තයා;9832295 said:
    Mapila minissunge le bonawa. le mapila minissunge le bonne rata wahalen awith ellila. mapillo 7k enawada nadda kiyanna danne na. habai miniha marenakanma uw agen le bonawa. miniha marenne wisata nemei. age le nathuwa.
    yaa eka thamay mithyaa mathaya oya sarpayanata le bime hakiyawak na