█ ♥ █ සැබෑ ආදරයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ █ &#

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    █ ♥ █ සැබෑ ආදරයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ █ &#

    █ ♥ █ සැබෑ ආදරයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ █ ♥ █

    දවසක් පෙම්වතුන් දෙදෙනෙක් මුන ගැහිලා කතා කර කර ඉන්නවා...

    ගෑණු ළමයා : "ඇයි ඔයා මට ආදරේ කරන්නේ?"

    පිරිමි ළමයා : "මට ඒකට හරියටම උත්තරයක් කියන්න බෑ,ඒත් මම ඔයාට ගොඩාක් කැමතියි."

    ගෑණු ළමයා : "ඔයාට හරියට හේතුවක් කියන්නත් බෑ,ඔයා කොහොමද කියන්නේ ඔයා මට කැමතියි කියලා? මට ආදරෙයි කියලා?"

    පිරිමි ළමයා : "මම ඇත්තටම හේතුවක් දන්නේ නෑ,ඒත් මට පුලුවනි මම ආදරෙයි කියලා ඔප්පු කරන්න."

    ගෑණු ළමයා : "ඔප්පු කරන්න? නෑ මට හේතුවක් ඕනි. මගේ යාලුවෝ හැමෝගෙම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එයාලට කියලා තියෙන්නේ ඇයි එයාලා ආදරේ කියලා,ඒත් ඔයාට බෑ."

    පිරිමි ළමයා : "හරි හරි...ම්ම්ම්.....ඔයා ලස්සන නිසා..ඔයාගේ කට හඩ ගොඩක් මිහිරි නිසා...ඔයා මගේ ගැන ගොඩක් හොයලා බලන නිසා...ඔයාගේ හිනාව නිසා..."

    ගෑණු ලමයාට ගොඩාක් සතුටු හිතුනා. තව ටිකක් වෙලා කතා කර කර හිටිය මේ දෙන්නා වෙන් වෙලා ගියා.
    ඒත් එදා හවස ගොඩාක් අවාසනාවන්ත සිදුවීමක් උනා,ගෑණු ළමයා ගොඩක් ලොකු අනතුරකට මුහුන දුන්නා. අනතුරෙන් පස්සේ ගෑණු ළමයා සිහි මුර්ච්ජා තත්වෙට පත් වුනා. ගෑණු ළමයව බලන්න ආපු පිරිමි ළමයා ගෑණු ළමයා ලගින් ලියුමක් තියලා යන්න ගියා,ඒ ලියුමේ මෙහෙම සටහන් උනා.

    සොදුරිය,
    මම ඔයාට ආදරේ කලේ ඔයා ලස්සන නිසයි,ඒත් ඔයා ඉස්සර වගේ ලස්සන නෑ,ඒ නිසා මට ඔයාට තවදුරටත් ආදරේ කරන්න බෑ. මම ඔයාට ආදරේ කලේ ඔයාගේ කටහඩ ගොඩක් මිහිරි නිසා,ඒත් ඔයාට දැන් කතා කරන්න බෑ,ඒ නිසා මට ඔයාට තවදුරටත් ආදරේ කරන්න බෑ. මම ඔයාට ආදරේ කලේ ඔයා මා ගැන හොයලා බැලුව නිසා ඒත් ඔයාට දැන් ඒ වගේ මම ගැන හොයලා බලන්න විදියක් නෑ,ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න විදියක් නෑ.

    අද උදේ ඔයා මගෙන් ඇහුවා වගේ දැන් ඔයා මගෙන් ඔයාට ආදරේ කරන්න හේතුවක් ඇහුවා නම් මට කියන්න උත්තරයක් ඉතිරි වෙලා නෑ.
    ඒත් ඔයා දැන් මගෙන් ඇහුවොත් මම ඔයාට තවම ආදරේද කියලා මම උත්තර දෙන්නේ "ඔව්" කියලා,ඒ වගේම මම ඔයාට කලින් වගේම දිගටම ආදරේ කරනවා,ඒ මොකද ආදරේට හේතුවක් අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරන නිසා.
     
    • Like
    Reactions: ucakila

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාවේ අවසානය ඒ තරම් බොහෝ දෙනෙකුට තේරුම් වෙන්නේ නෑ..
    ඒ හින්දා මට නම් මේ කතාව ඒ තරම් හිතට වැදුනේ නෑ..
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83


    elaaaazzzz....

    මේ කතාවේ අවසානය ඒ තරම් බොහෝ දෙනෙකුට තේරුම් වෙන්නේ නෑ..
    ඒ හින්දා මට නම් මේ කතාව ඒ තරම් හිතට වැදුනේ නෑ..
    :oo:
    Kollo ohoma thamy,, kohomada oke anith paththa unanam...
    kella anathai :(