....►►►► නිල බලා පහර දීම හෙවත් ◄◄◄◄....

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කොහෙන්ද බන් ගුරෙක් හොයාගන්නේ? ඕකට පිළිගත්තු සහතික නැහැනේ. මෙහෙ උන් ගහයි රාජසිංහ රජ්ජුරුවෝ දුන්න කියලත් සහතික.:rofl:

    ඉස්සර ඔහොම පත් කරාලු නැටුම් ගුරුවරු. පාරම්පරික. ඉතින් ඔය එක්කෙනෙක් ලකුණු දෙද්දී හොඳට නටන ළමයෙකුට දෙනවලු 90 ක්. ඊට පස්සේ එකෙක් ඊට හොඳට නැටුවොත් ඌට 100 යි. ඊළඟ එකාට 110 යි. කොච්චර කිව්වත් 100 උපරිම කියල මිනිහට තේරෙන්නේ නැහැ. මිනිහ අහනවලු පරීක්ෂකගෙන්: දැන් ඔය මහත්තය කියන්නේ මේ ළමයට අඩුවෙන් දෙන්න කියලද? නැහැ මෙයාට 100 යි ඉස්සෙල්ල එක්කනාට ටිකක් අඩුවෙන්. එතකොට මහත්තය කියන්නේ ඌට අඩුවෙන් දෙන්න කියලද? ඌ හොඳට නටනවනේ මහත්තයෝ. ඔයිට අඩු කරන්න බැහැ. අසාධාරණයි. :rofl:

    e issarane macho. me kiyana Sumedha kiyana kena honda danumak thiyena kenek. e wagema ada wenakota inna niyama angampora shilpeen kipa denama honda danumak thiyena aya.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රෙප් නෑලු බන්.. :( වටෙ යන්නලු.. සෙට් වෙච්ච වෙලවක සලකන්නම්..
    11.gif
    මොකෝ වෙන්නෙ මේ ටිකේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රිටිගල සුමේද යනු හොරෙකි බොරු කාරයෙකි
    :nerd:සුමේධ විතරයි මාධ්‍ය ඉදිරියට ආවේ
    සුමේධ අංගම් විකුණනව කියලයි චෝදනාව
    අංගම් හා සුමේධ ගැන නම් කියන්න වෙන දන්නෙ නෑ මම
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ බ්ලොග් එකේ තියෙන කරුනු කියවලා බලන්න යාලුවා සුමේද කියන්නේ වුශු පන්ති කරපු කෙනෙක්
    http://angamhoru.blogspot.com/
    අංගම් පොර යැයි කියමින් තමන්ට රිසි රිසි දේ උගන්නවන පිරිස් ගැන දැන ගන්න
    ගත්තේ මෙතැනින්
    http://angamhoru.blogspot.com/p/blog-page_1907.html

    ජී කරුණාපාල
    ‍කරුණාපාල යනු ලංකාවේ ප්‍රකට චීනඩි ගුරැවරැන් කිහිප දෙනෙකුගෙන් චීනඩි ශිල්පය හැදෑරැවෙකි. ඒ අතර බැද්දගනාගේ සුගතං, කෝට්ටේ ජුලියස් පෙරේරා, ප්‍රධාන වේ. අපගේ පර්යේෂණයට අනුව කිසිඳු දේශීය සටන් පෙළපතකට සම්බන්ධකම් නොමැත්තෙකි. මොහු අංගම්පොර නමින් භාවිතා කරනුයේ පැරණි චීනඩි ශිල්පයයි. කෝට්ටේ ජුලියස් පෙරේරා නම් චීනඩි ගුරුවරයා සුගතං සිංඥෝ නමින්ද හැඳින්වූ බව අපගේ පර්යේෂණ‍යකින් පසුව හෙලි විය.
    මොහු ගැන වැඩි විස්තර සඳහා
    ජී. කරුණාපාල සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න

    සුමේධ ලාල් දොඩම්ගොඩ
    ‍‍අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වුෂූ ගුරුවරයෙකි. ඉන්දියාවට ගොස් ඉන්දියාවේ වඩගාර් ප්‍රදේශයේ කලරි පයාට්ටු නම් දෙමළ සටන් ශාස්ත්‍රය හැදෑරුකි. අදටද ඉන්දියාවට නිතර යන එන අතර ඒ යනුයේ සටන් පුහුණු වීම් සඳහා ය. චීන සටන් ක්‍රම සහ ඉන්දියානු සටන් ක්‍රම මිශ්‍ර කරගත් සටන් ශාස්ත්‍රයක් අංගම් පොර නමින් හඳුන්වයි.
    මොහු ගැන වැඩි විස්තර සඳහා
    සුමේධ ලාල් දොඩම්ගොඩ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න

    අජන්ත පෙරේරා
    තරුණයෙකි. අංගම් වැනි පුළුල් ශාස්ත්‍රයක් හැදෑරීමට ප්‍රමාණවත් වයසක් නොමැත්තෙකි. මහන්තාරච්චි නැමති වාසගම් ඇති මොහු කොරතොටආරච්චි නම් පැරණි අංගම්පොර පරම්පරාවෙන් පැවත එන්නෙකු ලෙස තමාව හදුන්වන්නෙකි.
    (මෙම ගුරුවරයා සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් සිටිමු. මොහුට කර ඇති චෝදනා සම්බන්ධව විරෝධතා තිබේ නම් ඒවා [email protected] යන ඊමේල් ලිපිනයට ඊමේල් කරන ලෙස ඉල්ලා සිටිමු. ඔහුගේ අනුගාමිකයෙක් ඉදිරිපත් වන්නේ නම් මැනවි. රාජාවලියේ සඳහන් කොරතොටආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් දැයි ඔප්පු කිරීමට හැකි නම් මොහුගේ පෞද්ගලික විස්තර ඉදිරිපත් කරන්න. චෝදනා තිබේනම් ඒවා ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඉදිරිපත් කරන චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය. පදනම් විරහිත මඩ ප්‍රහාර නොසලකා හරිනු ලැබේ. එසේම චෝදනාව ඉදිරිපත් කරන්නේ කවරෙකුද යන්න හැකි අයුරින් ප්‍රකාශ කරන්න.)
    අජන්ත පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    ග්‍රෙෂන් ප්‍රනාන්දු
    ඉන්දියාවෙන් පැමිණි කුමාරස්වාමී නම් පූජකයාගෙන් තම පියා උගත් කලරි සටන් හැදෑරුවෙකි. පසුකාලීනව ඊට චීනඩි සටන් ක්‍රමය ද ඉගෙන මේ සියල්ලේ එකතුව අංගම්පොර නමින් හඳුන්වන්නෙකි.
    මොහු ගැන වැඩි විස්තර සඳහා
    ග්‍රෙෂන් ප්‍රනාන්දු සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    රාජා වික්‍රමආරච්චි
    රත්නපුර ප්‍රදේශයේ වතු පාලක සුදු ජාතිකයෙකුගේ ශරීර ආරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙකි. බොක්ෂිං ක්‍රීඩාව හා ද්‍රවිඩ සටන් ක්‍රමයක් (මලයාලම්) හැදෑරුවෙකි. සබරගමු නර්තන ශිල්පියෙක් වන මොහු මලයාලම් සටන් ක්‍රමය හා නර්තනය මුසු කොට නිර්මාණය කර ගත් සටන් ක්‍රමය අංගම් පොර ලෙස හඳුන්වයි.
    මොහු ගැන වැඩි විස්තර සඳහා
    ග්‍රෙෂන් ප්‍රනාන්දු සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    ඉන්ද්‍රලාල් පෙරේරා
    ජී.ඒ.ඩී. ලිවේරා නම් ප්‍රකට ෂෝටෝකාන් කරාතේ ගුරුවරයාගේ ගෝලයෙකි. පසුකාලීනව විවිධ කරාටේ ශෛලීන් හැදෑරුවෙකි. විවිධ කරාටේ ශෛලයන්වලින් නිර්මාණය කරගත් ජිට් කුන් කෙන් ඩෝ නමින් ඔහු නිර්මාණය කර ගත් සටන් කලාව අංගම්පොර නමින් හඳුන්වයි.
    ඉන්ද්‍රලාල් පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    වගීෂ බණ්ඩාර
    ජාතික තරුණ සේවා සභාවේ ටයිකුන්ඩෝ , වූෂූ සහ පසුව චීනඩි සටන් ක්‍රමය සහ ඉන්දියාවට ගොස් ඉන්දීය යෝගා ශාස්ත්‍රය ද හැදෑරුවෙකි. මේ සියල්ල මිශ්‍ර කරගත් සටන් කළාව අංගම් පොර ලෙස හඳුන්වයි.
    වගීෂ බණ්ඩාර සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    සේනක විජේසිංහ
    සීවලී වික්‍රමආරච්චිගේ ගෝලයෙකි. වූෂු සහ ජිට් කුන් ‍ඩූ හැදෑරුවෙකි. මේ වන විටත් ජිට් කුන් ඩූ ගුරුවරයෙකි. අංගම් ශාස්ත්‍රය ගැන කිසිවක් නොදත්තතෙකි. දඩුමස්නාමානයේ අංගම් සටන් ලෙස නිර්මාණාත්මක සටනක් රඟපෑම සිදු කළ කෙ‍නෙකි.
    සේනක විජේසිංහ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    ඔලිවර් හර්මන් (Oliver Herman)
    ජර්මන් ජාතිකයෙකි. ඉහත කරුණාපාල නැමැත්තාගෙන උගත්තෙකි. අද ජර්මනියේ ව්‍යාජ අංගම්පොර ගුරුවරයෙකි.
    ඔලිවර් හර්මන් (Oliver Herman) සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    දයා සමරසේකර
    ෂෝටෝකාන් කරාටේ ගුරුවරයෙකි. පියාගෙන් චීනඩි ශිල්පය හැදෑරුවෙකි. මෙම සටන් ක්‍රම දෙක අංගම්පොර නමින් මිශ්‍ර කර ගත් අයෙකි.
    දයා සමරසේකර සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    ප්‍රේමසිරි
    ඉහත කරුණාපාලගේ කණ්ඩායමේ සාමාජිකයෙකි. අර්ධ වශයෙන් චීනඩි ශාස්ත්‍රය හැදෑරුවෙකි.
    ප්‍රේමසිරි සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    ජයන්ත මාස්ටර්
    චීනඩි සහ වූෂු හැදෑරුවෙකි. මෙහි මිශ්‍රණය අංගම්පොර නමින් උගන්වන්නෙකි.
    ජයන්ත මාස්ටර් සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
    රන්ජිත් අතලේ
    වූෂු ගුරුවරයෙකි. වූෂු හා චීන සටන් පිළිබඳව නොවටිනා පොත් බොහෝමයක් ලියා ඇත්තෙකි. හිටිඅඩියේ ප්‍රසිද්ධිය තකා, දැරණියගල මහතාගේ "ත්‍රාස්‍ය ජන ක්‍රීඩා" පොතට පින්සිදුවන්නට අංගම්පොර කරුවෙකු බවට පත් වූවෙකි.
    මොහු ගැන වැඩි විස්තර සඳහා
    රන්ජිත් අතලේ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සේනක විජේසිංහ
    සීවලී වික්‍රමආරච්චිගේ ගෝලයෙකි. වූෂු සහ ජිට් කුන් ‍ඩූ හැදෑරුවෙකි. මේ වන විටත් ජිට් කුන් ඩූ ගුරුවරයෙකි. අංගම් ශාස්ත්‍රය ගැන කිසිවක් නොදත්තතෙකි. දඩුමස්නාමානයේ අංගම් සටන් ලෙස නිර්මාණාත්මක සටනක් රඟපෑම සිදු කළ කෙ‍නෙකි.
    :D:D