►. ගණිකා ගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් අනුරා&#3504

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ►. ගණිකා ගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් අනුරා&#3504

    අසූවක් අත්අඩංගුවට ගැනුණු අනුරපුර ගණිකා ජාවාරම

    අනුරාධපුරය යනු ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ප්‍රමුඛතම ආධ්‍යාත්මික පුරවරයකි. නමුත් පසුගිය කාලය තුළ ඊට ඉඳුරාම වෙනස් අතිශ්‍ය අප්‍රසන්න සහගත තත්ත්වයක් පිළිබඳවද අනුරාධපුරයෙන් වාර්තා විය.

    ඊට හේතුව ශ්‍රී ලංකාවේ ගණිකා ගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් අනුරාධපුරයෙන් වාර්තා වීමය. මෙයට ප්‍රධානතම හේතුවක් වී තිබුණේ පසුගිය යුද සමයේ උතුරුකරයේ සේවයේ යෙදුණු හමුදා සාමාජිකයන්ගේ සංක්‍රමණ (Transit) නගරයක් ලෙස අනුරාධපුරය පැවතීමය.

    ඇතැම් විට මාස දෙක තුනක වැටුප්ද සහිතව පලාලි සිට අනුරාධපුරය දක්වා ගුවන් මඟින් එන හමුදා සෙබලුන් ඩැහැගැනීම සඳහා අනුරාධපුරය ආශ්‍රිත ගණිකා ව්‍යාපාරය ප්‍රබල ලෙස ව්‍යාප්ත වී තිබුණි. ඊට අමතරව එම ගණිකාවන් වෙත යන ආරක්ෂක සාමාජිකයන්ගේ මාස දෙක තුනක වැටුප් මුදල් පවා අහිමි වූ සිද්ධීන් විශාල වශයෙන් අසන්නට ලැබිණ.

    මීට අමතරව වන්දනාවේ එන මුවාවෙන් අනුරාධපුරයට පැමිණෙන සල්ලාලයන් හට ගණිකාවන් සැපයීමේ යාන්ත්‍රණයක් ද අනුරාධපුරයේ ක්‍රියාත්මක විය. ඔවුන් ගණිකා නිවාස වෙත කැඳවාගැනීමට අමතරව අනුරාධපුරය හා ඒ ආශ්‍රිතව ඇති සිය ගණනක් ලැඟුම්හල් වලින් කොටසක් වෙත එම ගණිකාවන් සැපයීමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වූ අතර අනුරාධපුර ප්‍රදේශයේ ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් එම ජාවාරමට සෘජුව හා වක්‍රව හවුල් වන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

    තත්ත්වය එසේ තිබියදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන (Spa) පවත්වාගෙන යන මුවාවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන පුද්ගලයන්ට කතුන් අලෙවි කළ ස්ථාන පහක් පස්වන වතාවටත් වැටලීමට පෙරේදා (06) පොලිසිය සමත්විය. එහිදී ගණිකා වෘත්තියේ නිරත වූ කතුන් දසදෙනකු අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (06) සවස අත්අඩංගුවට ගනු ලැබිය.


    Anurpura-prostatude.jpg


    සැකකාරියන් අනුරාධපුර පොලිස් ස්ථානයට ගෙන ආ අවස්ථාව


    අත්අඩංගුවට පත් සැකකාරියන් මීට පෙරත් අවස්ථා ගණනාවකදීම අවකල් ක්‍රියාවේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව ‍පොලීසිය පැවැසූ අතර පසුගිය මාස කිහිපයේ අඛණ්ඩව කළ වැටලීම්වලදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් අසූදෙනකු පමණ ‍පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද පොලීසිය පැවසීය.

    ඉතා රහසිගතව සම්භාහන මධ්‍යස්ථාන වල හිමිකරුවන් කතුන් විකිණීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන බවට අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපතිවරයාට දිගින්දිගටම ලැබුණු පැමිණිලි මත අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවලට අනුව රහසිගතව කළ මෙහෙයුමක් මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

    වැටලීම සිදු කරද්දී ඇතැම් ආයතනවල හිමිකරුවන් ගේට්‌ටුවලට අගුළු දමා පොලිසිය පැමිණේ දැයි විමසිලිමත්ව සිටි බවත් ඔවුන්ට ගේට්‌ටු විවෘත කරන ලෙස පොලිසිය පැවසූ විට යතුරු නැතිවී ඇතැයි කීම නිසා පොලිසිය තාප්ප උඩින් පැන ආයතනවලට ඇතුළු වී බලද්දී තරුණ කාන්තාවන් කාමරවල සඟවා සිටි බවත් පොලිසිය පවසයි.

    වයස අවුරුදු 25 - 40 අතරේ පසුවන අනුරාධපුර මැදවච්චිය පුත්තලම තඹුත්තේගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් දසදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත් වූ බව ‍පොලීසිය කීය.

    සෝදිසි වරෙන්තු 16ක් ලබාගෙන එම ස්ථාන සියල්ල වැටලීමට උත්සහ කළත් මීට පෙර කිසියම් ආකාරයකින් සම්භාහන මධ්‍යස්ථාන හිමියන්ට වැටලීම කරන බව කලින් සැලවීමත් සමඟ ඔවුන් ආයතන වසා දමා පලාගොස් තිබූ බව ‍පොලීසිය කීය. අනුරාධපුර නව නගරය, දහයියාගම, පුබුදුපුර හා ෆ්රීමන් මාවත යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන තුනක් හා නිවාඩු නිකේතන දෙකක් වටලා සැකකාරියන් අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය පැවැසීය.

    මෙලෙස අනුරාධපුර නගරය ආශ්‍රිතව සිදුකෙරෙන ගණිකා ජාවාරමේ සමස්ත යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු මේ වන විට හෙළිව ඇතැයි පවසන පොලිසිය අනුරාධපුර නිවාඩු නිකේතන, ලැඟුම්හල්, විශ්‍රාමශාලා වෙත ගණිකාවන් සපයන පුද්ගලයන් සහ තැරැව්කරුවන් පිළිබඳවද ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳවද මේ වන විට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.


    යොමුව
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඕකත් වැරදියි. මේවත් වැරදියි.







    පුලුවන්නම් ඔය ජඩමාධ්‍ය වලට ඕව වගේම මේවත් හෙලි කරන්න කියන්න
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    lankawe tiyena lokuma prashne mekane. Ane huke, ape gobba senala kawada hadyida manda....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ සේවයක් ලබාදීලා මුදල් ගත්තම තියන වැරැද්ද මොකක් ද ? මොකද වංචා කරල හොරකං කරලා උපයන සල්ලි නොවෙයි නේ. එකම ප්‍රශ්නේ ඉතින් ලෙඩ රෝග බෝවෙනවා. ඒක වලක්වා ගත්තනම් හරි නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ සේවයක් ලබාදීලා මුදල් ගත්තම තියන වැරැද්ද මොකක් ද ? මොකද වංචා කරල හොරකං කරලා උපයන සල්ලි නොවෙයි නේ. එකම ප්‍රශ්නේ ඉතින් ලෙඩ රෝග බෝවෙනවා. ඒක වලක්වා ගත්තනම් හරි නේ.

    ඒ සේවාව නීති විරෝදී...
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යකෝ සේවයක් ලබාදීලා මුදල් ගත්තම තියන වැරැද්ද මොකක් ද ? මොකද වංචා කරල හොරකං කරලා උපයන සල්ලි නොවෙයි නේ. එකම ප්‍රශ්නේ ඉතින් ලෙඩ රෝග බෝවෙනවා. ඒක වලක්වා ගත්තනම් හරි නේ.

    හැබැයි ලංකාවේ ගණිකා වෘත්තීය නීති විරෝධීයි.ඒක නිසා විධිමත් නෑ.ලෙඩ රෝග,බාල වයස් ළමුන් ගණිකා සේවයේ යෙදවීම,වංචා කිරීම් වගේ දේවල් වෙනවා.