අවුලක් නැ මචන් දැනට කරගෙන යනවා

අදට මම යන්නම් මේ ටිකේ ටිකක් වැඩ මචන්
ඔක්කොමලම මතකයි අමතක වෙන්නේ නැ
මචන් හැකර්,
මම හිතනවා ඔබ කියවා ඇතැයි කියා,
1. ඇලෙක්සැන්ඩර් දියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ටෙක්රිස්ටෝ කියන මහා විශාල පොතත්,
2, සර් හෙනරි රයිඩර් හැගාට්ගේ ශී, එහෙමත් නැත්නම් කිං සොලමන්ස් මයින්ස්,
මේවා ලෝක පූජිත නවකථා.
මට හිතුනා මේ කථාව කියවද්දි මම මේ කියවන්නේ මේ අයගේ කථාවක්ද කියලා. එතරම් විශ්මිතයි ඔබගේ කථා කීමේ හැකියාව.
මම ඔබට පොඩි උපදේශයක් දෙන්නම් මාව වරදවා තේරුම් ගන්න එපා. ඔබ වහාම සම්භව්‍ය ඉංග්‍රීසිය ඉගෙන ගන්න. හැකි තරම් ඉංග්‍රිසියෙන් ලියන්න. මම ඔට්ටුවක් අල්ලනවා, කෙදිනක හෝ ඔබ ලෝකයේ ඉහලම ලේඛකයෙක් වෙයි කියා.
තවදෙයක් අර පොත් ප්‍රවේසම් කර ගන්න. ඒ ඔබේ වටිනාකම. කෙදිනක හෝ ඔබේ ලෝක පූජිත කථාවලට වස්තු බීජ එම පොත් වලින් ඔබට ලැබෙයි.
මමනම් සිතන්නේ දැන් ඔබට ඔබේ මාර්ගය පෑදිලා තියන්නේ. කියවන්න කියවන්න හැම දේම අමතක කර තවතවත් කියවන්න. ඔබට ජයම පතනවා.