තේරෙන්නැති ප්‍රශ්න වලට නම් කියන්න දන්නෑ කොල්ලො අර ප්‍රශ්නෙට නම් මම පොඩියට
කියන්නම්
අපි ජීවත් වෙලා ඉන්නකන් අපේ ඔක්කොම පද්දති වැඩ කරනකන් අපේ ඇඟ /ඇඟේ තියෙන පද්දති
භාහිර උපද්‍රව එක්ක සටන් කරනව. විශේෂයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය. අපේ ශරීරෙ නිතරම
විශ ද්‍රව්‍ය හැදෙනව අපේ ඇග ක්‍රියාකාරි වෙද්දි (කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඇතුලු නා නා විද ඒව)
මේව ඉක්මනට සයිල වලින් අයින් කරල සයිල වලට ඕනෙ අළුත් පෝශක, ඔක්සිජන් etc. ජාති
ගේන්නෙ ලේ වලින්. තව වසා/ සුදු රුදිරානු වලින් ඉක්මනට ආගන්තුක බැක්ටීරියා සහ ද්‍රව්‍ය භක්ශනය
කරල දානව, ඔය වගේම අනිත් පද්දතිත් තමන්ට කරන්න තියෙන වැඩ කරල ඔක්කොම එකතුවෙලා
තමයි මිනිහව ජීවත් කරන් යන්නෙ. ඉතින් ඕක වැඩ නැතුව ගිය ගමන් කිසි ප්‍රොටෙක්ශන් එකක් නෑ
ඔක්කොම විශ ඇඟ ඇතුලෙ එකතු වෙනව. බැක්ටීරියා වලට හිතකර පරිසරයක් එනව, අපිව කුනු
වෙනව කියන්නෙ ඒ බැක්ටීරියා දිලීර අනන් මනන් කිසි අව්ලක් නැතිව අපේ ඇඟේ බොහොම
ඉක්මනට ව්‍යාප්ත වෙලා අපිව ජීරණය කර කර උන් පෝශණය වෙනව. අන්තිමට ඇටකටු විතරක් ඉතුරු වෙනව.









