☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මචං මම එලාග සතියේ කරනවා සුසංගිතා කැමති සින්දු තියනවා නම් දෙන්න. හැබැයි හැම එකක්ම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බහ.

හොද නැහැනේ තාම නෙහ්??? ඕව කරන්න හොදද?:dull::dull:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ai youtube ekata hena gahalada?
    uba tiya ganin:P
    mama reta weda machan next week:nerd:

    ගීත ඉල්ලීම් තියනවා නම් දෙන්න කියලා හරකෝ කිවුවේ නමත් එක්ක කියන්න
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිය සටහන් මැකී නොමැත තව
    මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය තබමින්
    ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

    ගිරි ශිකර මුඳුන් වල
    වන ලැහැබේ අතු අග
    දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත්
    ඇලේ දොලේ ගලනා ගීයේ
    පිය සටහන් මැකී නොමැත තව

    රළු බොරලු ගමන් මග
    වැලි තලා වැනිය අද
    හැරී බලමි මම් ඔබේ ඇසින්
    ඔබ නොදුටු ඇසින්
    නොයේ මතුවට
    ඔබත් මමත් හමුවන දවසක්
    පිය සටහන් මැකී නොමැත තව
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැණික් ගං දියෙන් හේදුනෙ අතින් මල් මිටක් අරගෙන
    වදින්නට ඇවිත් දුරු රට කන්ද ස්වාමිනේ
    කටින්නට අනුන් හට වින ගසන්නට ගෙනා පොල් ගොඩ
    දකින්නට තරම් පවුකල බවකි වැටහුනේ

    වනන්තර වලින් එලිබට සපුන් සේ අරන් පෙන ගොබ
    පිඹියි විස කාල දූමය නසන්නට අයෙක්
    අනිච්චං මෙහෙව් ලෝකෙක පිපේවිද තවත් නිල් මල්
    පුදන්නට ඔබේ පුදසුන කදිර සුරිඳුනේ

    බිළින්දන් වෙලා පැලසින් කියන්නට ලියූ වස්කවි
    පුරන්නට තරම් ඔලමොල වෙච්ච අයවලුන්
    සඳුන් දර කඳින් අරගෙන ඇවිත් වැද වැටෙයි පායුග
    අරින්නට එපා දොරඟුළු කඳිර සුරිඳුනේ

    ______________________

    පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
    වතුසුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
    දිගු සේල අඳින උතුරකරේ නුඹ ගැවසේවී
    නුඹ අඩන්නෙපා දකුණු දෙසින් නෑගම් ඒවී

    දුක කීරි ගැහෙන හැන්දෑවක හදවත පිරිමැද
    මුදු සඳට හාදුවක් තියන්න මල්වියකම් මැද

    ගී සින්දු ඇහෙන මිටියාවත නිල්ල නිලන සඳ
    ඔය මීන නුවන් වසාලන්න මගෙ මතකය ළඟ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ එක්ක මං ආගිය හැමතැන්
    පහුකරගෙන එන්නට වෙනවා හැමදා උදයේම

    ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත්
    රූ සටහන් පපුවේ මැද මැව්නා
    අපි කා බිව් කඩෙන් සිනමාහල් වලින්
    ගනුදෙනුවක් කරගන්නට බැරුවා

    උඹ එක්ක මං ආගිය හැමතැන්
    පහුකරගෙන එන්නට වෙනවා හැමදා උදයේම

    උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය
    කෙල්ලන් තව අය හා යනවා
    කියා ඇය සුද්දියකට හරවා
    උදුරා ගත්තා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලබන සතියේ බොහෝ දුරට ඉන්න වෙන්නේ නෑ බං රෑ...:sorry:

    මොකා මොන හරුපේ කිව්වත්, හොදම එක
    11.gif
     

    thanujaka

    Well-known member
  • ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා

    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා

    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා

    තියා අතීතය මා ලඟ
    පියාඹා ගියාවද ඔබ
    පුංචි කිරිල්ලී පුංචි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී කියන්න දේවී

    කියා තෙපුල් ගී
    ඔබ දුන් හාදු පමණි
    ඉතිරි උණේ පැමිණි ඉසව්වේ
    ඇවිලෙන සාංකාව විතරද මට
    තනි මැකුවේ පාළු කැදැල්ලේ

    තියා අතීතය මා ලඟ...

    හදේ ගැඹුරු ගැබ
    ඔබ උන් තැනින් නැගුණ
    දුකට වඩා දුකක් නැහැ ලොවේ
    ඉකිලෙන වේදනාව විතරද මට
    ඉතිරි උණේ මතක කොදෙව්වේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තිරය ඇරෙනවා නළුවො රඟනවා
    පටි තදකර අපි බලා හිඳිනවා
    මහ රජා වඩිනවා නූල් අදිනවා
    කේවට්ටයො බඩ පිනුම් ගහනවා

    නඟුට වනනවා කුණට නැමෙනවා
    දේශ ප්‍රේමියො කෑ මොර දෙනවා
    සිංදු කියනවා නැටුම් නටනවා
    නරි කන්දට ගොස් පිස්සු කෙළිනවා

    නෙළුම් කුලුනේ නඟිනවා
    නෙළුම් පොකුණේ ගිළිනෙවා
    කලා කාරයෝ තරඟෙට කඩේ දුවනවා

    නීතිය කැලෑ වඳිනවා
    කැලෑ නීතිය රජ වෙනවා
    සංවේගය දැන් දෝරෙ ගලනවා

    ළමයි අඬනවා
    කුසගිනි පැතරෙනවා
    කිරි නැති ලොට තන් සුළඟෙ වැනෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙන්ට් වැඳුණාට
    උඹ ළඟ
    කඳිම දාදිය
    ගඳක් එනවා

    අදත් ඒ ගඳ
    මතක් වෙද්දී
    ඇස් දෙකට මගෙ
    කඳුළු එනවා
     
    Status
    Not open for further replies.