අද එතැන් සිට
14
හුග දවසකින් සජීවන්ලා හම්බවෙන්න බැරිවුණ නිසා ගැන්සියෙ කොල්ලො ටික හම්බවුණා නම් හොදයි කියලා මට හිතුනා. ඒත් ගෙදරින් පිටවෙලා යන්න බැරි මොකක්දෝ කම්මැලිකමකින් මගේ හිත ගල් කරලා තිබුනා. දෙයියා වුණත් වෙනද වගේ මගෙන් අනවශ්‍ය කිසිම දෙයක් ඇහුවෙ නෑ. ඊයෙ භවන්ත ඇවිල්ලා ගියාමවත් ඒ ගැන මුකුත්ම කිව්වෙ නෑ. එහෙම වුණ එකත් හොදයි. නැත්නම් කණක් ඇහිලා ඉන්න බැරි වෙනව තරමට කච කචේ.. තත්පරෙන් තත්පරේට මං ළගට ඇවිල්ලා අහවි.. බේබි මහත්තයෝ මොකක්ද කාමරේට වෙලා කරන්නේ..? කොහේවත් යන්නෙ නැද්ද කියලා..
"බේබි මහත්තයෝ..."
මූ නම් මැරුවත් මැරෙන්න නැති එකෙක්නේ. මං දැන් මූ ගැන හිතුවා විතරයි.. ඒ පාර මොකද දන්නෑ. මං කතා කරේ නෑ.
"බේබි මහත්තයෝ..."
"මොකද දෙයියා... මල වදේ.. මට ඩිංගක් නිදහසේ ඉන්න දීපංකෝ.."
"ම... මං මෙච්චර දවසක් බේබි මහතත්යට කරදර කලේ නෑනේ.. ඒත් අද කරදර කරන්නම වෙනවා.."
කාමරෙන් එළියෙ ඉදන් ඌ කියන්නේ.. මූ මොන මහප්ප්රාණයක් කරන්න හදනවද මංදා.. මූ නම් හිතනවටත් වැඩිය ඇණයක්. මං ඇදෙන් බැහැලා තත්පරේට දෙකට එළියට ආවා. මගේ මූණ ඉස්සරහම දෙයියත්එක්ක ඉදපු කෙනා දැක්කමහ මාව සීතල වෙලා ගියා.. සංජානි.. මායි, සංජානියි මූණෙන් මූණ බලාගෙන ඉන්දෙද්දි දෙයියා හෙමින් සීරුවෙ පඩිපෙළ බැහැලා ගියා. මූ තකහනියක් ගිහින් සංජානිව එක්කං ආවද මංදා. ඒ ජාතියෙ බඩුවනේ..
"ඔ... ඔයා ආවෙ තනියෙමද..?"
ලා රෝස පාට වෙලා තිබ්බ සංජානිගෙ කම්මුල් දිහා බලාගනෙ මං ඇහුවා. මගේ අත්මයම පිරික්සන්න හදනවා වගේ මං දිහා බලන් ඉන්න සංජානිගෙ ඇස් දිහා බලන් නැතුව ඉන්න මං හිතාගත්තා.
"ඕ... ඔව් තවියෙම ඔයා ළගට මෙහෙම එන එක වැරැද්දක් කියලා මං දන්නවා.. ඒත් මෙහෙම හරි එන්න තරම් ලොකු හේතුවක් තියෙනවා. ඒකයි මං ආවේ.."
සංජානිගෙ ඒ කතාවෙන්ම මගේ හිතට මොකක්දෝ වුණා.. දෙයියනේ.. මායි, සංජානියි අතරෙ සිද්ධ වුණු දේවල් සංජානි භවන්තත් එකක් කියලද..? එහෙම නැත්නම් එයා ගෙදරින් එන්නම ඇවිල්ලද..? ඔය වගේ ප්‍රශ්න දෙක තුනක් මගේ ඔලුවෙ කරකැවුණා. එයා ඊලගට කියන්න යන්නෙ මොනවද කියලා අහන්න මට ඉවසිල්ලක් නැති වුණා.
"ම.... මට හුගක් බයයි අනගි.. මට හුගක් බයයි.. මාව බලන්න මනමාලයෙක් එනවා.. මං අද ආවෙත් ඒකමයි.. ගෙදර කවුරුවත් දන්නෙ නෑ මං ඔයා ළගට ආවා කියලා. අ... අනේ මොනවා හරි කරන්න අනගි.. ප්ලීස්..."
පුංචි ඇස්දෙකේ කදුළු පුරවගෙන සංජානි පිස්සියක් වගේ කියවගෙන ගියා. වෙන වෙලාවට බොහොම ඉක්මනට ගේමට රෙඩි වෙන අනගිට අද මොනවද වෙලා තියෙන්නේ..
"ඔයා කැමති නැද්ද ඒ මනමාලයට..?"
මං එහෙම ඇහුවා විතරයි සංජානිගෙ මූණ තද රතුපාට වුණා. එයා ඇස්දෙක තවත් පුංචි කරලා මං දිහා බැලුවා..
"දෙ... දෙයියනේ ඔයා කොහොමද ඒ වගේ දෙයක් මගෙන් අහන්නේ..? මගේ හිත කැමති, මගේ හිත ආස කරන හැමදේම තියෙන්නෙ ඔයා ළග.. මගේ ජීවිතේ මං ඉස්සෙල්ලාම පිරිමි ළමයෙකුට කියලා ආදරේ කලේ ඔයාට.. මගේ මේ හිත පුරාම පිරිලා තියෙන ආදරෙත් ඔයාට විතරයි. එහෙම වෙද්දි මං කොහොමද අනගි, වෙන කෙනෙකුට කැමති වෙන්නේ..?"
සංජානි මගෙ මූණටම ඇහුවා. එයා අද ඇවිල්ලා තියෙන්නේ මේ හැමදේම බේරගෙන යන්න කියනෙක මට තේරුණා. එකනේ එයා මෙච්චර දවසක් මට නොකියපු එයාගෙ ආදරේ කෙලින්ම අද මට කිව්වේ. ඒත් ඇත්ත ඒක නෙමෙයි කියලා මට හිතුනෙ ටිකකින්ත මොකද මෙච්චර දවසක් මං සංජානිට, ඔය දේ කියන්න දුන්නෙ නෑ නේ. එයා ඉවසලා ඉවසලා බැරිම තැන එන්න ඇති කියලා මට හිතුණා. ඒත් මෙතෙන්දි සංජානිට කියන්න ඕන මොනවද කියලා මට හිතාගන්න බැරිව මං ගොලුවුණා. භවන්ත, එයාගෙ ලොකු නංගිගෙ කතාව මට කියලා නොතිබ්බ නම් සංජානි කියපු ඔය වචන ටික මොන තරම් සතුටක් ගෙනේවිද..? මගෙත් එක්ක මූණෙන් මූණ බලන් ඉදපු සංජානි මේසේ කෙලවරේ තිබ්බ අර රතුපාට පෙට්ටිය ගත්තා. ඒක ඇතුළෙ තියෙන දේවල් මතක් වුණාම මට ආයෙත් නොසන්සුන් වෙලා ගියා.
"ඇයි ඔයා කතා නොකරන්නෙ අනගි..? දෙයියන්ගෙ නාමෙට මාව පිස්සියක් කරන්නැතුව මට කියන්න.. මාව අයිති කරගන්න ඔයාට ඕන වුණා. එහෙම නෙමෙයි කියලා කියන්න ඔයාට බෑ. ඔයා මට ආදරේ නැත්නම්, ඇයි මේ ටසල් එක තියාගත්තේ...? ඇයි මේ මගේ හැලුණු ටිකට් එක තියාගත්තේ..? ඇයි මේ ටොෆි කොලේ තියාගත්තේ..? ආ.. අනගි..?"
මං සංජානිට තරම්ම ආදරේ කරපු ඒ අජීවී දේවල් පෙන්න පෙන්නා එයා මගෙන් ඇහුවා. ඒ ඇස්වල කදුලු පිරිලා තිබ්බා..
"අතීතය මතක් වෙන්න.."
මං අමාරුවෙන් කියාගත්තා. කදුළු පිරුණු සංජානිගෙ මූණෙ මට හිතාගනන් බැරි අපැහැදිලි හිනාවක් ඇදිලා ගියා.
"ඔයාට ඕන අතීතය මතක් කර කර ඉන්න විතරයිද දෙයියනේ.. ඒ අතීතය හිමිකරගන්න ඕනෙ නැද්ද..? කියන්න අනගි.. මගේ මූණ දිහා කෙලින් බලාගෙන මට කියන්න.. ඔයාට මාව එපාද..? ඔයා මට ආදරේ නැද්ද..? මට ආසයි ඔයාගෙ කටින්ම ඔව්වට උත්තර දැනගන්න.."
තවත් දුරට නිහඩව ඉන්නවා කියනෙක තේරුමක් නෑ කියලා මටම තේරුණා. මොකද සංජානි මේ තරම් දුරට විවෘත වෙලා ඉන්දේදදි මටත් මොනවා හරි කියන්න ඕන වුණා. හැම පත්තක් ගැනම හිතන්න යද්දි ඉස්සෙල්ලම වෙන්නෙ අපිට අපිවම නැතිවෙන එක..
"ඔයා අහපු දේවල් වලට මට ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. ඒත් ඊට කලින් ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා සංජානි. මං මේවා ඔයාට කියන්න හිතුවෙ නෑ. ඒත් ඔයා මගේ මූණටම ඔහොම අහද්දි මට නොකියා ඉන්නත් බෑ. මොකද ඔයා හිතන්න පුළුවන් මං ඔයාව ටිකක් දුර එක්කන් ඇවිල්ලා අතෑරලා දැම්මා කියලා.."
"ඉතිං ඇත්ත ඒකම නෙමෙයිද අනගි...? පෙබරවාරි 14 වෙනිදා ඉදලා ඔයා වෙනස් වුණා. ඒකට නෑ කියලා කියන්න ඔයාට බෑ.."
පුංචි ලේන්සුවෙන්, ඇස්වලට උනන කදුළු පිහිදාගන්න සංජානිගෙ මං දැක්කෙ පුදුම තරමෙ සුන්දර බවක්. ඒත් ඒ සුන්දර බව විදගන්න තරම් මම පිං කරලා තිබුණෙ නෑ.
"ම... මට තේරෙන්නෙ නෑ මේවා ඔයාට කොහොම පහදලා දෙන්නද කියලා.. ඔයාගෙ අක්කට වුණ දේ ගැන ඔයා හොදටම දන්නවා. අක්කා ගියා පස්සෙ ගෙදර ඇතිවුණ තත්වේ කොහොමද කියලත් ඔයා දන්නවා. අක්කයි, වික්‍රමුයි කරා වගේ දෙයක් අපිට කරන්න බෑ. ඔයාට තේරෙනවද මංදා මං කියන දේ.. අක්කා කරපු වැඩෙන් පස්සේ, යාංතමට හොදවෙලා තියෙන අයියගෙයි, අම්මගෙයි හිත් ආයෙත් කඩලා බිදලා දාන්න පුළුවන්ද සංජානි..? අනිත්තෙක අක්කා කෙරුව වගේ දෙයක් මං කවදාවත් කරන්නෑ කියලා ඔයා අම්මා ළග දිවුරුවෙ නැද්ද.?"
සංජානි මං දිහා බැලුවෙ කිසිම හැගීමක් නෑ වගේ.. ඕන දෙයක් වුණාවෙ කියන දේ ඒ මූණෙ ලියැවිලා තිබුණා..
"ඔය කියන දේවල් මෙතනට ආදාල වෙන්නෑ අනගි.. මට ඕනෙ ඔයා විතරයි.. ඔයාට මාව එපා නම් කෙලින්ම මට ඒ දේ කියන්න.. ඊටපස්සෙ කරන්න ඕන දේ මං තීරණේ කරන්නම්.."
එන්න එන්නම සංජානිගෙ කටහඩට එකතුවෙන මුරණ්ඩුකම මට හොදටම තේරුණා. මේ හැමදෙයක්ම දරාගෙන මං ඉන්නෙත් අමාරුවෙන්.. ඇයි මේ කෙල්ල ඒක ගැන හිතන්නැත්තේ..?
"ම... මං ඔයාව එපා කියලා කවදාවත් කියන්නෙ නෑ.. ඒත් මං කියන දේ ඩිංගක් තේරුම් ගන්න බලන්න. මං කොහොමද භවන්තට ද්‍රොහි වෙන්නේ..? මං කොහොමද ආන්ටිගෙ විශ්වාසෙ කඩන්නේ..? එයාලා දෙන්නා මාව හුගක් විශ්වාස කරනවා සංජානි.."
"අයියයි, අම්මයි ඔයාව විශ්වාස කරන හන්දද, දැක්ක දවසෙ ඉදලා මගේ පස්සෙන් ඔයා ආවේ..? අර මිනිස්සු දෙන්නෙක් මාව ඇදන් යන්න හදද්දි මාව බේරගත්තේ..? ඇයි අර ටසල් එක තියාගෙන ඉන්නේ. දෙයියන්ගෙ නාමෙට එවා හැමදෙයක්ම විසිකරලා දාන්න.. ඔයා මට ලොකු බොරුවක් කලා අනගි.. ඔයා මට ආදරේ කලේ නෑ. ඔයා ගැන හිතන්න දීළා මාව අතරමං කරලා දැම්මා. අනේ... ඔයා මට මේ මොකක්ද කලේ අනගි...?"
සංජානි කෑගහලා මගෙන් ඇහුවා. හිතේ හරි කරන් ඉදපු බැදීඹ් එකින් එක ලිහිලා යන්න හදනවා කියලා මට තේරුණා. කදුළු වලින් නෑවිලා ගිහින් තිබුණ සංජානිගෙ මූණෙ කදුළු පිහිදාන ගමන් මං එයාගෙ අතින් අල්ලගත්තා..
"මේ බලන්න සංජානි... මෙහෙම කතා කරලා අපිට මේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නෙ නෑ.. අපිට කවදාවත් එකතුවෙන්න බෑ.. මට ඒ දේ කරන්නත් බෑ.. ඉස්සෙල්ලා ගෙදරට මුල්තැන දෙන්න.. ගෙදර ගිහින් තව ටිකක් හිතන්න.. අම්මගෙයි, භවන්තගෙයි විශ්වාසේ කඩන එක ලොකු පව් වැඩක්.."
හුගාක් අමාරුවෙන් මං ඒ ටික කියාගත්තේ.. මගේ ඔලුව දැන් යකාගෙ කම්මල වගේ..
"එහෙනම් මගේ හිත කඩපු එක පව් වැඩක් නෙමෙනේ... මට කරපු මේ හැමදේමත් හිතේ තියාගෙන මං යන්නම්.. ඔයා හැමදාටම හිනාවෙලා ඉන්න.. මං ආයෙ එන්නෑ...."
එහෙම කියලා සංජානි තත්පරේට දෙකට මගෙන් ඈත් වුණා. ඒ එක්කමයි දෙයියා පඩිපෙල නැගගෙන මං ළගට ආවේ.. ලොකෙ ලොකුම හොල්මන දැක්කා වගේ දෙයියා මගේ මූණ දිහා බලන් හිටියා. උගේ මූණ අමුතු වෙලා ගිහින් තිබුණා..
"බේබි මහත්තයා.... ඇයි මේ..?"
ඔලුව හොදටම අවුල් වෙලා තියෙන මේ වෙලාවේ දෙියයා ඇවිල්ලා හරස් ප්‍රශ්න අහනකොට මට සාදාරණ කේනිතයක් ආවා. ඒත් ඒ කේන්තිය දෙයියගෙ පිටින් යවන්න බැරි හින්දා, කාමරේට යනවා කියලා මං හැරුණා..
"බේබි මහත්තයෝ, මං මේ ඔයාගෙන් අහන්නේ.. මේ සිද්ධවෙන දේවල්වල තේරුම මොකක්ද..? සංජානි බේබි හොදටම අඩ අඩා යන්න ගියේ.. පව් මහත්තයෝ... මහත්තයට පණටත් වැඩිය ආදරේ කරන ඒ වගේ පුංචි කෙලල්ට ඔහොම කරන එක හරි නෑ.."
දෙයියගෙ කතාව මගේ හිත ඇතුලටම වැදුණා. කාමරේට යන්න ගියපු මං ආයෙ දෙයියා දිහාට හැරුණෙ ඒකයි..
"ඒ පවුලෙ තියෙන ප්‍රශ්න උඹට තේරෙන්නෙ නෑ දෙයියා... එතන හුගාක ලොකු ප්‍රශ්නයක් තියෙනවා.."
"මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්නද ලොකු මහත්තයා හදන්නේ..? එදා භවන්ත මහත්තයලත් එක්ක මෙහේ ආපු දවසෙ සංජානි බේබි කොයි තරම් දුකෙන්ද හිටියේ.. පව් බේබි මහත්තයෝ... පුංචි කෙල්ලෙක්ව ඔය තරම් රිද්දන එක පව්.. මහත්තයම දන්නවනේ, එයා මහත්තයට කොයිතරම් ආදරෙයිද කියලා.."
"උඹ හිතන්නෙ මං සංජානිට ආදරේ නෑ කියලද දෙයියා.. ආ.. උඹම කියපං බලන්න.. උඹට පේන්නෙ එයා මට ආදරෙයි කියලා විතරද..? මං මේ විදවන ඒවා උඹට පේන්නෙ නැද්ද..?"
"බේබි මහත්තයා මේ කරන්නෙ තේරුමක් නැති වැඩක්. මෙහෙම ඉදලා හරියන්නෙ නෑ. ගිහින් භවන්ත මහත්තයට කියන්න.."
"මොනවද මං කියන්නේ...?"
"සංජානි බේබිට ආදරෙයි කියලා.. සංජානි බේබිව බදින්න ඕනෙ කියලා.. වැඩේ ඉවරයි නේ.."
යාන්තම් හිර කරන් ඉදපු මගේ කේන්තිය දෙයියගෙ කතාවෙන් පස්සෙ ආයෙ වැඩිවුණා. මෙච්චර කියලත් මූට තෙරෙන්නෙ නැති එකනේ වැඩේ.. මට මල කියන්නෙ මලේ මල..
"උඹට පිස්සුද යකෝ...! භවන්තගෙ ලොකු නංගිගෙ වෙඩින් එක ගන්න ඔන්න මෙන්න තියලා කියෙද්ද, ඒකි පැනලා ගිහින් තිබුණෙ, භවන්තගෙ හොදම යාළුවෙක් එක්ක. ඊට පස්සෙ හුග කාලයක් යනකන් භවන්තට යාලුවෙක් හිටියෙ නෑ. දැන් භවන්තගෙ හොදම යාලුවා මම. සංජානිව වෙන කෙනෙක් බදින්නයි හදන්නේ. එහෙම තියෙද්දි මං කොහොමද මේ මැද්දට පනින්නේ..? මං කොහොමද භවන්තට ද්‍රොහි වෙන්නේ..? වෙච්ච හැමදෙයක්ම භවන්ත මට කියලා තියෙද්දි මං කොහොමද එයාගෙන් සංජානිව ඉල්ලනනේ..?"



.අවුලක් නෑ වැඩේ හොඳයි තව එකක් ලියපන්.




