♥ ෴සිත තාම සුවදයි ෴ ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-08.jpg


    08.png


    තවත් දවසක්, දෙකක් පමණ නිස්කාංසුවේ ගෙවී ගියේය. කාර්‍යයාලය තුළදී, මමත් පූර්ණිමාත් දෙඇසින් පමණක් කතාබහ කළෙමු. කවුරුවත් පේන්න නොසිටි වෙලාවන්හීදී අපි කටපුරා සිනාවිමු. ඒ දවස් දෙක තුළ දිනූකා මිස් මා හා වචනයකුදු කතා බහ කළේ නැත. ඇය කළේ ලොකු කුෂන් පුටුවකට වී ඔහේ බලාගත් අත බලා සිටීමය.


    ඩිංගක් හෝ ළගින් ඇසුරු කර තිබුණා නම්, ඔහොම ඉන්නේ ඇයි දැයි කියාවත් මට අසන්නට තිබිණි. එහෙත් ඇයත් මාත් අතර එවැනි දෙයක් නැත. සමහරවිට ඇය මට බැණ වැදී පන්නා ගන්නටද පුලුවන. එසේ හෝ බැණ වදිනවා නම් හොද යැයි මට විටෙක සිතෙයි. මක් නිසාද යත් ඇයගේ මේ නිහඩ බව මට දරාගත නොහැකි නිසාය. අඩුම තරමේ ඇය මගෙන් උදේට කෑවද කියා හෝ අහන්නේ නැත්තේ ඇයි..? පූර්ණිමාගේ ගෙදර ගිය දිනට පසු දින සවස මම තෑගි බෝගත් රැගෙන නිවසට ගොස් අයියාව හමුවී ආවෙමි. රැකියා ස්ථානය ගැන බොහෝ දේ කියන්නට තිබුණත් මා ඔහුට කීවේ අතරින් පතර තෝරාගත් දේවල් කිහිපයක් පමණි. අනතුරුව මම ජයවර්ධන අංකල් හමුවීමට ගියෙමි. මේ අනර්ඝ රැකියාව මට හොයා දුන්නේ ඔහුය. ඒවාට ගුරු පඩුරු දිය යුතුය. රුපියල් නමසිය ගණනක් වටිනා එමරල්ඩ් කමීෂයක් ඔහුගේ අතේ තබද්දී ඒ විඩාබර දෙනෙතට කදුලු උනා ආවේය.


    "මිස්ටර් මැණික්දිවෙල කිව්වා කාංචන හුගක් හොදට වැඩ කරන් යනවා කියලා. මිනිහගෙ හිතට ඔයාව හුගක්ම අල්ලලා තියෙන පාටයි. හැමදාටම ඔහොම කරගෙන යන්න පුතා. ඒක ඔයාගෙ අනාගතේට හුගක් ඵල ප්‍රයෝජනවත් වෙයි.."


    පියෙකු සේ අවවාද දෙමින් ජයවර්ධන අංකල් කීවේය. අම්මාත්, තාත්තාත් මියගිය පසු අයියාටත්, මටත් සිටි එකම හිතවතා වූයේ ඔහුය. දැනුත් තේරුම් ඇති අවධියේ පටන් ඔහු ගේ සිත රිදවන දෙයක් කිරීමට අයියාත්, මමත් බිය විණි.

    "මෙතන මිනිස්සු වැඩ කරනවද, කල්පනා කරනවද කියලා මට තේරෙන්නෙ නෑ.. කල්පනා කරනවටත් පඩි ගෙවන්න වෙලා.."


    මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. දවස් දෙක තුනක් පත්තු නොවී තිබූ වෙඩි මුරය ඉබේම වාගේ පත්තු වී ඇත. මම එක එල්ලයේම දිනූකා මිස් දෙස බැලුවෙමි. ලා රත් පැහැති ලිප්ස්ටික් උලා ඇති දෙතොල එකා කොනටත්, මෙහා කොනටත් ඇද කරමින් ඇය වෙනතක් බලා සිටියි. ඒ රත් දෙතොලේ ලිප්ස්ටික් ඉලිය යුතු නැත. ඒවා කොහොමත් රත් පැහැතිය.


    "මි.. මිස් මට මොනවා හරි කිව්වද..?"


    කියූ දේ ඇසුනා වුණත් මම හෙමින් සීරුවේ ඇයගෙන් ඇසුවෙමි. කතා නොකර දවස් ගාණක් සිටියාට මදි පාඩුවට හෝ අද කතා කළ යුතුය. සමහරවිට පලු පැලෙන්නට මට බැණ වදින්නට පුලුවන. ඒත් කමක් නැත. නිහැඩියාව හැරුණු කල වෙන ඕනෑම දෙයකට මගේ හිත කැමතිය. එකම එක කාමරයක් තුළට වී හිදින්නට ගල්බිල්ලන් සේ වචනයක්වත් කතා නොකර හිදීමෙන් මට මාවම එපා වනු ඇත. දිනූකා මිස්ට, මිස්ව එපාවනු ඇත.


    "ඒ පාර කනේ ගොන්නු රිංගලද කොහේද.. ඇත්තටම මොන ලෝකෙද ඉන්නේ..?"


    ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැත. අඩුම ගණනේ කාංචන කියන්නට බැරි නම් ඇත්තට තමුන් මොන ලෝකෙද ඉන්නෙ කියා අසන්නට ඇයට බැරිද..?


    "මිස් මගෙන් මොනව හරි ඇහුවද..?"


    කිසිවක් නොදන්නා කිරි සප්පයකු සේ මම ඇයගෙන් ඇසුවෙමි. මා හිතූ පරිද්දටම ඇයගේ මුහුණ ඇදවී ගියාය. යටිතොල හෙමින් සීරුවේ සපාගනිමින් ඇය කෙලින්ම මගේ මූණ දෙස බැලුවාය.


    "තාත්තා මගෙත් එක්ක වැඩ කරන්න දාලා තියෙන්නෙ බීරෙක්ද කොහෙද.. ඉන්නවකො.. මං හොද වැඩක් කරන්නම්.."


    ඇයගේ කතාවට මට බකස් ගා හිනාවක් යන්නට ආවද මම බොහොම අමාරුවෙන් සිනාව මැඩගත්තෙමි. ඒ සුරූපී මුහුණේ දැන් පිරි ඇත්තේ දැඩි අමනාප ගතියකි. ඇත්තටම ඇය මුහුණ එල්ලාගෙන සිටි විටත් ලස්සනය. එහෙත් ඇය කියූ හොද වැඩේ මොකක් වන්නට පුලුවන්දැයි මම කල්පනා කෙරුවෙමි. කෙසේ නමුත් පැයක්, දෙකක් ඉවත්ව ගියද ඇය කරනවායි කියූ හොද වැඩය නම් කරේ නැත. ඒ සම්බන්ධව වචනයක් හෝ මා හා කතා කරේ නැත. ඇය ඇයගේ පාඩුවේ මොකක්දෝ වැඩක යෙදී සිටියාය.


    "මීට පස්සෙ මට නොකියා කොහේ හරි ගිහින් තිබුණොත් ඉන්ටර්ඩික් කරලා දානවා.. තේරුණාද..?"


    කලින් වාරයේ මෙන්ම දිනූකා මිස් මෙවරද මා බලාපොරොත්තු නොවූ වේලාවක හිටි හැටියේම කීවාය. මම එවරද උඩ විසිවී ගොස් බිම වැටිණි. මා යන හැම ගමනක් බිමනක්ම ඇයට කියන්නට වුනොත් නම් මල විකාරයක් වනු ඇත. මොන අදහසක් හිතේ තියාගෙන ඇය එවැන්නක් කිව්වාදැයි කියන්නට බැරිය. සමහරවිට ඕකේ යටි අදහස් බර ගානක් තිබෙන්නට පුලුවන. ඇය මාව ඇත්තටම ඉන්ටර්ඩික් කරන්නට යනවා වෙන්න පුලුවන.


    "මිස්ට කියන්න ඕනෙ ඔෆිස් එක ඇතුලෙ යන ඒවා විතරක් නේද..?"


    ඇය කී දේ වඩාත් හොදින් තේරුම් ගැනීමට මම ඉතා යටහත්ව ඇසුවෙමි. සමහර වෙලාවට ඔවැනි ප්‍රශ්න වලටත් ඇයට ඇට්ටි හැලෙන්නට මල පනියි.


    "නැත්තං... තමුන් හිතුවද ඔෆිස් වෙලාවෙන් පස්සෙත් තමුන් යන තැන් හොයන්න මට කැක්කුමක් තියෙනවා කියලා..? තමුන් හිතාගෙන ඉන්නෙ මං තමුන්ගෙ ගර්ල් ෆෙන්ඩ් කියලද..?"


    ගහෙන් ගෙඩි එන්නා සේ ඇය මගේ මූණටම ඇසුවාය. මට කට උත්තරද නැතිවිය.


    අනික ඇය දැන් මට කතා කරන්නේ අමුතු වචනයක් අල්ලාගෙනය. අර නඩුකාරයින් කතා කරන්නාක් මෙන් තමුන් කියා මට අමතයි. ඇයට විහිලුවකටවත් මගේ නම කියන්නට බැරිද..? ඇය සිටින්නේ මගේ නම බෙහෙතකටවත් නොදන්නා තාලෙටය.

    "මං අහපු දේ තමුන්ට ඇහුණද..? මට ඒකට දැන් උත්තරයක් ඕන.. ඔව්.. මේ දැන්ම.."


    අත්දෙකම මේසය උඩට වැරෙන් තද කර ගනිමින් දිනූකා මිස් කෑගැසුවාය. දැන් නම් ඇයට ඇට්ටි හැලෙන්නට මල පැන ඇති බැව් කියන්නට කිසිවෙකුත් අවැසි නැත.


    "මං.. මං එහෙම හිතුවෙ නෑ මිස්.. මිස් වගේ ලොකු කෙනෙක් ගැන එහෙම හිතන්න මං කවුද..? මං දුප්පත් කොල්ලෙක් නේ මිස්.. මං මගේ තරම දැනගෙන ඉන්න ඕන.. එහෙම එකේ මං ගැන ඔය විදියට වැරදියට හිතන්න එපා මිස්.. මං මිස් යටතෙ වැඩ කරන්නේ, මිස් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන්. මගේ බොස් විදියට මට මිස් ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්. එහෙම තියෙද්දි ඔය මිස් කිව්ව වගේ දෙයක් ගැන මං හීනෙකින්වත් හිතන්නෙ නෑ.."


    මම කියාගෙන කියාගෙන ගියෙමි. මදින් මද වෙනස් වන සුදු මුහුණේ සියලු හැඩතල හැම එකක්ම මගේ දෑසින් මග හැරුණේ නැත. ඝණ ඇහිබැමින් ආවරණය වුණු සොදුරු දෑස නැවතත් කෙලින්ම මදෙසට එල්ලවී තිබිණි. ඒ දෑසේ මොකක්දෝ ආගන්තුක ආරාධනාවක් තිබෙන බව දිව්රා කියන්නට මට හැකිය. එහෙත් මා එසේ කියන්නේ කාටද..?


    "මං අද හවස් වරුවෙ එන්නෑ.. මෙතෙන්ට මට කෝල්ස් ආවොත් මගේ හෑන්ඩ් ෆොන් එකට ගන්න කියන්න.. තේරුණාද..?"


    සුමුදු දකුණතින් නළල පැත්තක් තදින් මිරිකා ගන්නා ගමන් දිනූකා මිස් කීවාය. මීට ඩිංග වේලාවකට කලින් කරගෙන ගිය කතාව අතරමග නවතා වෙනත් දෙයක් ගැන කතා කරන්නට ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මා සිතුවේ මා කී දේවල් අල්ලාගෙන දිනූකා මිස් ඒ කතාව දිගින් දිගටම යාවි කියාය. සමහරවිට
    ගර්ල් ෆෙන්ඩ් කතාවෙන් ඇයට අවාසි සහගත තත්වයක් ඇතිවන නිසා ඇය කතාවේ පීල්ල මාරු කරන්නට ඇත.

    "මිස්ගෙ ඔලුව රිදෙනවද..?"


    නළල් තලාවේ වම් පැත්තද ඇය අනිත් අතින් තදින් මිරිකා ගනිද්දී මම ඇසුවෙමි. සැණෙකින් සොදුරු දෑස නැවතත් මවෙතට යොමුවිණි.


    "ඔව්.. තමුන් එක්ක කතා කරලා මගේ ඔලුව රිදෙනවා.."


    එසේ කියමින් දිනූකා මිස් පුටුවෙන් නැගිට්ටාය. මාත් සමග කතා කිරීමෙන් ඔලුව රිදෙනවා නම් ඇයට තිබෙන්නේ මා සමග කතා නොකර හිදීම නොවේද.. එසේ නොකර සැරින් සැරේ මට කෙනෙහිලිකම් කරද්දී හරිනම් රිදෙන්නට ඕනෑ ඔලුව නෙමේය. කිසිදු තෙතමනයක් නැති ඇයගේ හදවතය.


    "ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ.."


    මම හෙමින් සීරුවේ කීවෙමි. එහෙත් මා කී දේ නෑසුණාක් මෙන් ඇය බිම බලාගෙනම කාමරෙන් පිටවී ගියාය. ඇත්තටම දිනූකා මිස්ගේ හිත ක්‍රියා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට පුලුවන් නම් මේ දුප්පත් කාංචනට කරන්නට හැකි ඉහළම දේ පවා කරන්නට සූදානම්ය. එය එතරම් පරස්පර විරෝධි අදහස් ක්‍රියාත්මක කරන හිතකි. ඊළග තත්පරයේදී දිනූකා මිස් කරන්නට යන දේ සමහරවිට ඇයවත් නොදන්නවා විය හැකිය. කෙසේ වුවද ඇය කාමරයෙන් පිටවී ගියාට පසු මට දැනුණේ මොකක්දෝ නුහුරුම පාලුවකි. ඇය ගැල්වූ විලවුන් සුවද කාමරය පුරා විසිරී තිබිණි.


    "අද මොකෝ තත්වේ..?"


    දිවා ආහාරය ගැනීමට යාමේදි කොරිඩෝව මැදදී හමුවූ පුබුදු මගෙන් ඇසුවේය. ඔය අසන්නේ දිනූකා මින් ගැනය. කැන්ටිම ඇතුලට යනතුරුම සිදුවූ දෑ මම පුබුදුත් සමග කීවෙමි.


    "මොනව වෙන්න එනවද කියලා මට හිතාගන්න බෑ. මොනව වුණත් උඹ කතා කරපු විදිය හොදයි. පුලුවන් නම් ඔයිට වඩා ඩිංගක් සැරෙන් කතා කරලා බලපං.. සමහරවිට වෙනස් දෙයක් වෙන්නත් පුලුවන්."


    "ඒ කිව්වේ..?"


    "උඹ ඔලුව පාත් කරන් ඉන්න ඉන්න දිනූකා මිස් උඹේ ඇගට ගොඩවෙනවා වැඩියි. ඒකයි.. මොනව වුණත් අර ගර්ල්ෆෙන්ඩ් කතාව නම් මට ඇල්ලුවෙ නෑ. ඒකෙන් පේන්නේ මිස් හදන්නෙ උඹව ටෙස්ට් කරගන්න කියලා.."


    "ටෙස්ට් බැරිනම් වන්ඩේ වෙච්චාවි පුබුදු. මමත් දැන් ටික ටික මිස්ගෙ බැනුම් වලටයි, ඒවට ආපිටට දෙන උත්තර වලටයි පුරුදු වෙලා. ඒක නෙමේ.. මොකද අද පූර්ණි පේන්න නැත්තේ..?"


    දිනූකා මිස් ගැන කතා කරන්න යෑමේදී පූර්ණිමා ගැන කතාබහ කිරීම අඩපණ වෙයි. දිනූකා මිස් හවස් වරුවේ නොඑන නිසා අද නම් මට නිදහසේ පූර්ණිමාත් සමග කතාබහ කිරීමට පුලුවන් වනු ඇත. සියල කටුද දෑ මැඩගෙන මගේ සිතට සියුම් සතුටක් හෙමින් සීරුවේ ගලා ආවේය.


    "ඒකත් එක කේස් එකක් කාංචන.. මට තේරෙන විදියට නම් පූර්ණිමා ඉන්නෙ සෑහෙන අප්සට් එකකින්. කොටින්ම අද උදේ මං කතා කරලත් කතා කෙරුවෙ නෑ. අහක බලන් හිටියා. කම්පියුටර් සෙක්ෂන් එකේ කොල්ලො ඉස්සරහ, මට මාර නෝන්ඩිය.."


    "පුබුදුගේ කතාව මට අලුත් ආරංචියකි. මෙතුවක් දවස් හොදට සිටි පූර්ණිමාට හදිසියේ වූයේ කුමක්ද..?"


    "ගෙදර ප්‍රශ්නයක් ද දන්නෑ නේද පුබුදු..?"


    පූර්ණිමාගේ පැත්තට ඩිංගක් හෝ කතා කළ යුතු නිසා මම ඇසුවෙමි. එහෙත් පුබුදුගේ මුහුණේ තිබුණේ නොපහන්කාරී බැල්මකි. ඔහුගේ සිත රිදී තිබෙන බැව් එයින් නිසැකවම වටහා ගත හැක.


    "ගෙදර නෙමේ, ලෝක ප්‍රශ්නයක් වුණත් අපි පලි නෑ නේ කාංචන.. එයාගෙ ඕනම ප්‍රශ්නෙකට අපි ඉන්නවා කියලා එදා ප්‍රොමිස් කරල තියෙද්දිත් එයා ඒ හැසිරුණ විදිය නම් ඒතරම් හොද නෑ. මොනව වුණත් අපි හොද යාලුවො වගේ හිටියනේ.."


    "සමහර විට එයාට ඇහුණේ නැද්ද දන්නෑ.."


    "පූර්ණිමා බීරියෙක් නෙමේනේ කාංචන.. මං කතා කරපු එක එයාට ඇහුණා. ඒක මට හොදටම විශ්වාසයි.."


    අනතුරුව දිවා ආහාරය ගෙන අවසන් වනතුරුම මමත්, පුබුදුත් ඒ ගැන වචනයක්වත් කතා නොකළෙමු.


    "ආයෙ ඔෆිස් එකට යන්න කලින් මම පූර්ණිමාව හම්බවෙන්නම්.."


    කවුන්ටරයට පුබුදු මුදල් ගෙවද්දී මම කීවෙමි. එහෙත් එයට ඔහු කිසිවක් කීවේ නැත. අර මුලින් තිබූ නොපහන්කාරී හැගීම ඒ වනවිටද ඔහුගේ මුලු මුහුණ පුරාම රැදී තිබිණි. සමහරවිට පූර්ණිමා මා සමග ද කතා නොකර සිටින්නට පුලුවන. එසේ වුවහොත් නම් සිදුවන්නේ වස ලැජ්ජාවකි. ඉදිරියට හමුවූ පළමු කොරිඩෝවෙන්ම පුබුදු හරී යද්දී මම කම්පියුටර් සෙක්ෂන් එක පැත්තට ඇවිදන් ආවෙමි. බොහෝ දෙනෙකු දිවා ආහාරය ගැනීමට ගොසි සිටි බැවින් අංශය පුරාම පැතිරී තිබුණේ පාලුවකි. මුදල් පරිපාලනය කෙරෙන පැත්තේ තිබූ දිග මේසයක අයිනක ඔලුව තබාගෙන දෑස පියා සිටින පූර්ණිමාව මම ඈතටම දැක්කෙමි. දවල්ට කන්නෙවත් යන්නැතුව මේ කෙල්ල කරගන්නට යන්නේ මොනවාද..? මම හෙමින් සීරුවේ ඇයට ළංවී ඇය ඉදිරියේ වූ පුටුවෙන් වාඩිවුණෙමි. සැනෙකින් පූර්ණිමා හිස උස්සා මදෙස බැලුවාය. ඇඩීමෙන්දෝ රතු වී තිබූ දිගු දෑසේ පිරී තිබුණේ පුදුමයකි.


    "ඇයි අපිට මෙහෙම කරන්නේ..?"


    ඇය කතා කරන්නට කලියෙන් මම කතාව පටන් ගත්තෙමි. කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නම් පැහැදිලිය. මේ රතුවී ඇති අසරණ දෙනෙත එය පැහැදිලි කරන සාක්ෂියකි.


    "ම.. මං මොනවද ඔයාලට කරේ..?"


    හුරතල් කටහඩ ගොරෝසු වී තිබිණි. හිටි ගමන් ඇයට මේ සිදුවී ඇත්තේ කුමක්ද..? පෙරේදාත් අපි තිදෙනා එකට එක්ව කතාබහ කලා නොවේද..?


    "ඔයා අද ලන්ච් එකට ආවෙ නෑ. පුබුදු උදේ ඔයාට කතා කරලත් ඔයා කතා කරලා නෑ. බලන්න, හැමෝම ඉස්සරහ ඒ වගේ දෙයක් කලාම පුබුදුට කොයි තරම් ලැජ්ජාවක්ද කියලා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න.. මං පුලුවන් දෙයක් කරන්න බලන්නම්. එහෙම නැතුව අපිත් එක්ක කතා කරන්නැතුව. කන්නෙ නැතුව ඉදල වැඩක් නෑනේ.. ආ.."


    දිගු හුස්මක් පපුව ඇතුළෙන්ම ගෙන පූර්ණි මාවත් පා කරගෙන යන තරමේ වේගයකින් එළියට පිට කලාය. තියෙන ප්‍රශ්නයේ තරම මම එයින්ම මැන ගත්තෙමි. එහෙත් ඇය සිටියේ කිසිම දෙයක් නොකියන්න අදිටන් කරගෙන වාගේය.


    "ප්ලීස් කාංචන.. මට කරදර කරන්නෙපා.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. මට කිසි ප්‍රශ්නයක් නෑ. අද ලන්ච් වලට ආවෙ නැත්තෙ මට බඩගිනි නැති හින්දා. අනිත්තෙක දිනූකා මිස් ආවොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි කාංචන.."


    මා ඇයගේ ළගින් එලවා දැමීමට ඇය සතු ප්‍රබලම අවිය පූර්ණිමා භාවිතා කළාය.

    "මිස් ආවට කමක් නෑ.. හිටපු ගමන් ඔයාට මේ වෙලා කියෙන්නෙ මොකක්ද කියලවත් මට කියන්න.."


    "ම.. මට මුකුත් වෙලා නෑ කාංචන.. ම.. මං හොදින් ඉන්නවා.. ඔයා පුබුදුට කියන්න මගෙත්තෙක්ක තරහා වෙන්න එපා කියලා. මං ඔයාලට වැරැද්දක් කලේ නෑ.."


    "ඒ කියන්නෙ අපි ඔයාට වැරැද්දක් කලාද..?"



    පූර්ණිමාගේ කතාවෙන් තේරුණේ එවැනි දෙයක් නිසා මම ඇයගෙන් කෙලින්ම ඇසුවෙමි.


    "එහෙම දෙයක් නෑ කාංචන.. අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. දැන් ඔයා යන්න.. නැත්නම් මට ප්‍රශ්න වැඩිවේවි.."


    "ඔයාට දිනූකා මිස් මොනව හරි කිව්වද..?"


    කුමක් හෝ දෙයක් සිදුවී ඇති බැව් පැහැදිලි වුවද එය කුමක් අරඹයාදැයි මම නොදැන සිටියෙමි. වෙන්නට පුළුවන් එකම ප්‍රහාරය ගැන මම පූර්ණිමාගෙන් ඇසුවේ එබැවිනි.


    "ප්ලීස්... කාංචන...."


    පූර්ණිමා නැවතත් මේසය මත හිස තබා ගත්තාය. තවත් දුරට මෙතැන හිදීමෙන් තේරුමක් නොවන බැව් සිතට දැනෙද්දී මම පුටුවෙන් නැගිට්ටෙමි.


    "ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා මං දන්නෙ නෑ. ඕත් මං හැමදෙයක්ම කලේ ඔයා වෙනුවෙන් කාංචන කියලා කියපු ඔයාගෙ මේ වෙනස් වීම නම් මගේ හිතට හුගක් දුකයි.. කමක් නෑ.. කොයි වෙලාවක හරි මගෙන් උදව්වක් ඕන කියලා හිතුනොත් මගේ ළගට එන්න දෙපාරක් හිතන්න එපා. මොකද ඔයා මගේ හිතේ ඉන්නවා."


    හනික මම කොම්පියුටර් අංශයෙන් පිට වී ආවෙමි. තවත් මා රැදී සිටියා නම් මොනවා කියාවිදැයි මම දන්නේ නැත. පුබුදුත් සමග මම පූර්ණිමාගේ නිවසට ගොස් හෝ ඇයගේ ප්‍රශ්නය කුමක්දැයි සොයා ගත යුතු බැව් මම හිතාගත්තෙමි. කාර්‍යාලීය කාමරයේ දොර විවර කරද්දීම කාමරය තුලින් දැඩිව හමා ආවේ දිනූකා මිස්ගේ පර්ෆියුම් සුවදය.

    මම කාමරය පුරාම දෑස යැව්වෙමි. දිනූකා මිස් ළගින් දැනෙන පර්ෆියුම් සුවද වඩා තදින් දැන් මට දැනේ. අඩුම තරමේ මා කාමරය තුළට පැමිණෙන්නට තත්පරයකට දෙකට කලින් හෝ දිනූකා මිස් මේ කාමරය තුළ සිටී බවක් මගේ සිත කියයි. එහෙත් ඇය කාමරයෙන් පිටව ගියේ මා දිවා ආහාරය ගැනීමට යාමට පෙර නෙවේද..? මෙතන නම් මොකක් හෝ අමුතු ආකාරයේ දෙයක් තිබෙන බැව් මගේ සිතට දැනෙයි. එහෙත් සිතට නොතේරෙන්නේ ඒ කුමක්දැයි කියාය. සිතට හදිසියේ ආ සැකයක් නිසා මම පහත් වී කාමරයේ සෑම තැනක්ම පරික්ෂා කෙරුවෙමි. එහෙත් සිතට ගැළපෙන තාලේ උත්තරයක් මට ලැබුණේ නැත. හිත කියන්නේම දිනූකා මිස් කොහේ හෝ සිට මගේ දෙස බලා සිටින බවය. ඇත්තටම එය කොහේ සිට වෙන්න පුලුවන්ද..? සමහර විට මෙය මගේ සිතේ උපන් මනස්ගාතයක් වන්නට ඇත. පුබුදුට මෙය කීවොතින් ඔහු නිසැකවම සිනාවෙනු ඇත.


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-09.jpg


    09.png


    අනෙක් අතට පූර්ණිමාට සිදු වී ඇත්තේ කුමක්දැයිමට තේරුම් ගන්නට බැරිය. ඇය මට කිසිදු අවස්ථාවක් නොදීම කතාබහ නතර කර දැමුවාය. සමහරම විටක ඇයට දිනූකා මිස් කුමක් හෝ කියන්නට ඇත. මා සමග කතා කරන්නට එපා කියන්නටද ඇත. ඒත් එසේ කිරීමෙන් දිනූකා මිස්ට අත්වන ලාබ ප්‍රයෝජනය කුමක්දැයි මට නම් නොතේරේ. මේ හැම දෙයකටම දිනූකා මිස් සම්බන්ධ නම් ඇය මේ නටන්නට හදන නාගඩම කුමක්දැයි කියා මට සිතාගන්නටවත් බැරිය. කල්පනා කර වැඩිවීම නිසාදෝ මගේ ඔලුවත් රිදෙන්නට පටන් ගත්තේය. එම නිසා මේසය මත හිස ගසාගෙන මම දෑස් පියා ගත්තෙමි. දෑස් පියා ගත්තේද සිත ඉදිරියේ මතු වන්නේ දිනූකා මිස්ගේ සොදුරු දෑසය. ඒ සුදු මුහුණේ ඇති ලස්සනය. කවි සිතුවිලි දහසක් සිතට නැගෙන හැඩකාර අග පසගය. මා කොතෙක් වේලා මේසයට ඔලුව තබාගෙන සිටියාදැයි කියන්නට මා දන්නේ නැත. සමහර විට මා සිටින්නට ඇත්තේ අඩ නින්දක වෙන්නට පුළුවන.

    කාමරය පුරාම පිරී ඉතිරී තිබුණේ මහා විශාල වූ පාළුවකි. එහෙත් මදින් මද දිනූකා මිස් වෙතින් හමන පර්ෆියුම් සුවද කාමරය පුරා වැඩිවෙද්දී මම හෙමින් සීරුවේ ඇස් හැරියෙමි. කාමර පුරා වැඩි වෙනසක් නැත. එහෙත් මා ඊගාවට දුටු දෙයින් මට පුදුම නොවී සිටින්නට බැරි විය. ලොකු කුෂන් පුටුව මත වාඩි වී එක එල්ලයේම දිනූකා මිස් මා දෙස බලා සිටියාය. මම හනික කෙලින් වී පුටුවේ නියම පරිද්දට වාඩි වූයෙමි. දෙවියනේ.. ඇය මොන වේලාවක මෙතෙන්ට පැමිණේන්නට ඇත්ද..? අඩුම තරමේ කාමරයේ දොර විවර වෙන හඩවත් මට ඇසුනේ නැත.

    "තමුන්ට පඩි ගෙවන්නෙ ඔෆිස් එකට ඇවිල්ලා නිදා ගන්නවටද..? ආ.."

    මට කියන්නට දෙයක් තිබුණේ නැත. දැන්නම් නප්පියටම බැනුම් අසන්නට වෙන බව ආයේ දෙකක් නැත. මම පුළුවන් තරම් අහිංසක මූණක් හදාගෙන දිනූකා මිස් දෙස අසරණව බැලුවෙමි.

    "ම.. මගේ ඔලුව රිදෙනවා මිස්..."

    නිහඩව සිටීමෙන් සිදුවන්නේ අසනා බැනුම් තවත් වැඩිවන එකය. මම කටට ආ දෙය කියා බිම බලා ගත්තෙමි.

    "ඔලුව තියා මොකක් රිදුනත් කමක් නෑ.. මෙතන වැඩ කරන්න බැරි නම් ගෙදර යනවා.. හොදට මතක තියාගන්නවා.. තමුන්ට මේ කම්පැනියෙ රූම් එකක් දීලා තියෙන්නේ වැඩ ඉවර වුණාම නවතින්න.. එහෙම නැතුව එක එක තැන්වල රවුම් ගහලා ඔලුවෙ අමාරු හදාගන්න නෙමෙයි තේරුණාද..?"

    හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට ඇය කඩාගෙන පැන්නාය. දිනූකා මිස් මේ කියවන්නේ මොනවා ගැනද..? මා පූර්ණිමාගේ නිවසට ගිය එක ගැනද..?

    "ම.. මං කොහේවත් ගියේ නෑ මිස්.."

    මම පුළුවන් තරම් යටහත්ව කීවෙමි.

    "ගියේ නෑ.. ගියේ නෑ.. තව බොරු කියන්නත් එනවා මෙතන. ඇත්තමයි.. ඇත්තමයි.. මට හිතෙන්නෙම තමුන්ව අයින් කරලම දාන්න. ඇත්තටම මගේ ඔලුවත් රිදෙනවා තමුන් හින්දා.."

    ඇය තවත් මොනවදෝ දිග හෑල්ලක් කියාගෙන කියාගෙන ගියාය. එහෙත් ඒවායින් මට ඇසුණේ අතරින් පතර වූ වචන කිහිපයක් පමණි. බූරුවෙක්, මැට්ටෙක්, හිතක් පපුවක් නැති ගොන් ගහක්.. ඔය වගේ වචන කීප සැරයක්ම කියැවුණි. ඇත්තටම ඇය මෙසේ මා හට කඩා පනින්නේ මන්දැයි මට සිතාගන්නට බැරිය. එක්කෝ දිනූකා මිස්ට මොළේ අමාරුවකි. එහෙමත් නැත්නම් මේ සියලු කුණු බැනුම් අසා ගෙන මෙතන ඉන්නා මට මොළේ අමාරුවක්ය.

    "මි... මිස්ට මා... මාව කරදරයක් නම්... මාව වෙන තැනකට දාන්න මි.. ම.. මං වැරැද්දක් කරන්නෙ නැතුව මේ විදියට මට බනින්නෙ ඇයි මිස්.. මං මිස්ට මොන වරදක් කරාටද..?"

    "වෙන තැනකට නෙමේ.. තමුන්ව ගෙදරම යවන්න තියෙනවා නම් මං කැමතියි. ඒත් කොයි වෙලාවෙත් තාත්තා ඉන්නෙ තමුන්ගෙ පැත්තේ. ඒකයි මුකුත් කරන්න බැරි..."

    දැන් ඇයගේ වාග් මාලාවේ මට ආමන්ත්‍රණය සදහා තමුන් යන වචනය රෙජිස්ටර් වී ඇතුවාක් වැනිය. ඒ නිසා මමත් එයම භාවිතා කරන්නට පටන් ගත්තෙමි.

    "දැන් මිස් කියන්නේ තමුන්ට මොනව කරන්න කියලද කිව්වොත් මට ලොකු උදව්වක් මිස්.. මිස් කියන විදියට වැඩ කරන්න තමුන් පොරොන්දු වෙන්නම්.."

    මම, මට යන වචන වලට තමුන් යොදවා මම කීවෙමි. දිනූකා මිස්ගේ දිගු දෑස මදක් විසල් විණි.

    "තමුන් මාව විහිලුවකට ගත්තද..?"

    පුටුව පසෙකට තල්ලු කර දමා නැගිටීමෙන් දිනූකා මිස් කෑගැසුවාය. ඇය මේ කරන්න හදන්නේ කුමක්ද..? කිසිවක් හිතා ගන්නට බැරිව මම ඇය දෙසම බලා සිටියමි.

    "න්... නෑ... මිස්..."

    "නැත්තෙ නෑ.. තමුන් මාව විහිලුවකට අරගෙනයි තියෙන්නේ..."

    "නෑ මිස්.."

    "නැත්නම් එනවා මෙතෙන්ට..."

    එය කෙලින්ම විධානයකි. කිසිම ඇදක් කුදක් නැත. කුමකින් කුමක් සිදුවේදෝ යන සැකයෙන් යුතුව මම ඇය කරා ගියෙමි.

    "ඇයි මං එපා කියන දේවල් කරන්නේ..?"

    මෙතුවක් වේලා කතා කළ ස්වරයට වඩා හාත්පසින්ම වෙනස් වූ හඩකින් ඇය ඇසුවාය. ඒ කටහඩේ තිබූ ලගන්නා සුලු බවට, ආදරණිය බවට, ශෝකී බවට මම වශී වී ගියෙමි.

    "මං.. මං ඔලුව උස්සගෙන හිටියෙ නැත්තෙ ඇත්තටම ඔලුව රිදුනු හින්දා මිස්.. මිස් එපා කිව්ව දේවල් මං කරලා නෑ.."

    "මං මේ කතා කරන්නේ ඔලුව රිදිල්ලක් ගැන නෙමෙයි. ඇයි පූර්ණිමාලහ ගියේ...?"

    ඒ වනච අකුණු සැරයකටත් වඩා ප්‍රබලය. මෙතුවක් තිබූ සොදුරු බව දැන් ඒ කටහඩේත් මුහුණේවත් නැත. කියාගත යුත්තේ කුමක්දැයි නොදැන මං ඔහේ බලා සිටියෙමි..

    "මං අහපු දේ තමුන්ට තේරුණාද..?"

    "ඔ.. ඔව් මිස්..."

    "එහෙනම් උත්තර දෙන්න බැරි කමක් නෑ නේ.."

    "පූර්ණිමා බර්ත් ඩේ එක කිව්වට පස්සෙ නොගිහින් ඉන්න බෑනේ මිස්.. එයා මගෙත් එක්ක වැඩ කරන ළමයෙක් හිනිදා මං ගියා.. එහෙම ගියපු එක වැරදිද කියලා මං දන්නෑ මිස්.. මිස් කියනව නම් මං ආයෙත් නොගිහින් ඉන්නම්.."

    මේ ප්‍රශ්නයේ අගක් මුලක් නොදන්නා නිසාම මං යාප්පුවෙන් කතා කොට වැඩේ ඉක්මනට බේරා ගැනීමට උත්සාහ ගත්තෙමි.

    "ආයෙත් නොගිහින් ඉන්න තව අවුරුද්දක්වත් ඉන්න ඕන.. හොදට මතක තියාගන්නවා.. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. තමුන්ව කැමතිද පූර්ණිමාව මේ කම්පැණි එකෙන් අයින් කරනවට..?"

    "න්... නෑ... මිස්..."

    "එහෙනම් ඔයිට වඩා පරිස්සම් වෙනවා. නැත්නම් තමුන් කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ වෙන කාටවත්.. අන්න ඒකවත් තේරුම් ගන්නවා.. හරිද..? දැන් යන්න පුළුවන්.."

    කිසිදු තෙතමනයක් නොමැති හඩකින් ඇය කියාගෙන කියාගෙන ගියාය. මට කියන්න කිසිවක් නොතිබූ නිසාම මම බිම බලාගෙනම මේසය කරා ආවෙමි. අනේ දෙවියනේ මේ කඩාගෙන පාත්වෙන්නට යන්නේ කවරනම් නස්පැත්තකියක්ද..? මෙතන සේවයට ඇවිත් එකදු දිනයක්වත් මට සතුටින් රාජකාරි කටයුතු කරන්නට ඉඩක් ලැබුණේ නැත. හැමදාම ඇසුණේ කටුක බැනුම්ය. ඉවසන්නට බැරි තරම් වූ කෙනිහිලිකම්ය. බලාගෙන සිටියත් වැරදිය. වාඩිවී සිටියත් වැරදිය. වැඩ කලත් වැරදිය. ඔලුව ගසාගෙන සිටියත් වැරදිය. කල්පනා කලත් වැරදිය. දැන් බලාගෙන ගියාම හරි දෙය කුමක්දැයි මට අසන්නට වෙන්නේ දෙවියන්ගෙන්මය. මන්දයත් මේ සියලු චෝදනා කරනා දිනූකා මිස්වත් හරි දෙය කුමක්දැයි මට කියා දෙන්නේද නැති නිසාය.

    "මට නම් රස්සාව තිත්ත වෙලා පුබුදු."

    රාත්‍රියේ කෑම ගන්නා අතරතුරේදී මම පුබුදුට කීවෙමි. ඔහු වහා හිස උස්සා මදෙස බැලුවෙමි.

    "ඇයි අද මොකක්ද වුණේ..?"

    "දිනූකා මිස් මට හොදටම බැන්නා පූර්ණිමාලහ ගියාට.. පූර්ණීමාවත් අයින් කරනවා කිව්වා කම්පැණි එකෙන්.."

    දිවා ආහාරයෙන් පසුව සිදු වූ දෑ අකුරක්වත් අඩුපාඩුවක් නැතුව මම පුබුදුට කීවෙමි. ඔහුගේ මුහුණ බලාගෙන ඉදිද්දීම වෙනස් වී ගියේය.

    "යකාගෙ කතාවක්නේ බං ඒක.. දිනූකා මිස් කොහොමද ඔයාට තර්ජනය කරන්නේ පූර්ණිමාලගෙ ගෙදර යන්න එපා කියලා.. අනික එයා දන්නෙ කොහොමද අපි එහේ ගියා කියලා.."

    පුබුදු එසේ අසනා තුරුම මට ඒ වගක් සිහිපත් වූයේ නැත. ඇත්තටම එය නම් සිතා බැලිය යුතු කාරණයකි.

    "මටත් හිතාගන්න බෑ පුබුදු.. අනික මං මොන දේ කෙරුවත් මිස්ට පේන්නෙ වැරදියටමනේ.. කොටින්ම අද හවස් වරුවෙ එන්නෑ කියලා ගිහිල්ලත් ආයෙත් ආවා.. ඔයාට කිව්වට විශ්වාස කරන එකක් නෑ පුබුදු.. මිස් කාමරේ ඇතුළට එන්නෙ කිසිම සද්දයක් නැතිව.. හරියටම එක පාරට අහසින් බහිනවා වගේ.. යන්නෙත් එහෙමයි.. අනිත්තෙක මිස් කාමරේ නැති හුගාක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි කාමරේ කොහේ හරි තැනක ඉදලා මිස් මගේ දිහා බලන් ඉන්නවා කියලා.. ඒත් ඒ දේටම් ස්ථීර පදනමක් නෑ.."

    "ඔයා කියන දේවල් බලන් ගියාම දිනූකා මිස්ට එකපාරටම අතුරුදන් වෙන්නයි, ආයෙත් එක පාරටම පෙනී ඉන්නයි බලයක් තියෙනවද කියලත් සැකයක් තියෙන්න පුළුවන්. ඒත් මට නම් හිතෙන්නෙ මෙතන ඊට වැඩිය මොකක් හරි ලොකු හුටපටයක් තියෙනවා කියලා.. මොනවා උනත් පරිස්සම් වෙන්න.. පරිස්සම් වෙලා රස්සාවත් පරිස්සම් කරගන්න.."

    අවසානයට පුබුදු කීවේ එවැන්නකි. ඒ වදන් දිගේ සිත කිහිප විටක්ම එහෙ මෙහේ දුවද්දී මගේ දෑස නිදිබරින් පිරිණි.

    *********************************

    හදිසියේම වාගේ පිටරටකින් බතික් ඇනවුම් කීපයක් ලැබීම නිසා හිතා ගන්නටවත් බැරි තරමට මම කාර්යයබහුල විමි. ඒ තත්වය ඇත්තෙන්ම මට පමණක් උදා වූවක් නොවන්නාක් බැව් සිතට දැනුණේ ආයතනයේ බොහෝ දෙනෙකු පස්ස කඩා දැමූ කඩියන්ට වඩා වේගයෙන් දුව පැන ඇවිද වැඩ කරනු දුටු විටය. අඩුම තරමේ මට පුබුදුත් සමග වුවද කතා කිරීමට ඉඩක් ලැබුනේද රාත්‍රී කාලයේදී නවාතැනට ගිය විටදීය. කොතරම් රාජකාරි කටයුතු බහුල වුවත් අවස්ථාවක් ලද විදගස දිනූකා මිස් සුපුරුදු පරිදි දිනූකා මිස් මගේ ඇගට කඩා පැන්නාය. වෙනදා පුරුද්දටම මම ඒ හැම දෙයක්ම ඉවසා දරා සිටියෙමි. වැඩ කටයුතු අධික වීමත් සමගම පූර්ණිමා මගෙන් තව තවත් දුරස් වන්නට වූවාය. ඇයට අවශ්‍යව ඇත්තේ මා මග හැරීමට පමණක් බැව් මම පසුව අවබෝධ කරගත්තෙමි. සියලු කටයුතු යම්කිසි න්‍යායකට අනුව ඔහේ සිදු වී යද්දී දිනූකා මිස්ගේ හිත අභ්‍යන්තරයට එබී බැලීමට දිනක් මට පුංචි ඉඩකඩල් ලැබිණි. එයද වූයේ දිනූකා මිස්ගේ වරදකිනි.

    ඉතා විශාල තිර රෙද්දක මැද හරියෙන් මම දැවැන්ත හස්ති රාජයෙකු ඇද අවසන් කර සිටියෙමි. දෙපැත්තකින් ඇද දළ දෙක හස්තියාට ගෙන ආවේ අමුතුව ආඩම්බරයකි. පසු තලයට වර්ණ යෙදීමට පෙර ටොයිලට් එකට ගොස් ඒමට මම සිතාගත්තෙමි. මුත්‍රා බරක් දැනෙන්නට පටන් ගෙන දැන් පැය බාගයකටත් වඩා වැඩිය. තීන්ත හා ලැකර් මේසය මතම තිබෙන්නට හැර මම දිනූකා මිස් දෙස බැලුවෙමි.

    කාමරයෙන් පිටවී යන්නේ නම් ඇයට කියා යා යුතුය. එහෙත් ඇය බර වැඩකි. බර වැඩක් වුවත් කෙසේ හෝ කිව යුතුය. නැතිනම් මෙතන මහා කලබැගෑනියක් වනු ඇත. වැඩ අධිකව තිබූ කලින් දවසකදී ඇයට නොකියා ටොයිලට් ගොස් පැමිණ මම කප්පරයක් බැනුම් ඇසුවෙමි. ඒ නිසා තවත් එවැනි බැනුම් තවත් නිකමට හො ඇසිය යුතු නැත. හොදම දේ ඇයට කියා ටොයිලට් එකට යෑමය. මා කිහිප වතාවක්ම දිනූකා මිස් දෙස හැරි හැරී බැලුවද ඇය ඔලුව උස්සන පාටක් නම් නැත. කතා කර බාධා කලොත් ඇට්ටි හැලෙන්නට බැණ වදී යැයි සිතෙන තරමට ඇය බර වැඩකය. එහෙත් කතා නොකර සිටීමටත් බැරිය. තවත් මෙහෙම ඉවසා සිටියෝතින් මුත්‍රා බොක්ක පුපුරාවත් යනු ඇත. මේ කාළකන්නි මුත්‍රා බර මේ වෙලාවටම ආවේ ඇයි..? මම හිතට ධෛර්යය ගෙන ඇයට කතා කෙරුවෙමි.

    "මි... මිස්...?"

    තත්පරයක් දෙකක් ගෙවී ගොස් ඇයගේ හිස ඉහලට එසැවිණි. සුපුරුදු නොපහන්කාරී බැල්ම ඒ නිල් මහනෙල් මල් වැනි ඇස්වල සටහන් වී තිබිණි. මෙය නම් සසර පුරා පතාගෙන එන වෛරයක් විය යුතුය. නැතිනම් ඇය මේ තරමට මාව පිළිකුල් කරන්නේ ඇයි..? අහන්නට ගිය ප්‍රශ්නය ආයෙත් අහන්නට නම් ටවුමේ යකඩ බඩු කඩෙන් ගට කිලෝ දෙක තුනක්වත් ගිල දැමිය යුතුය.

    "මොකක්ද ප්‍රශ්නේ..?"

    ඒ කටහඩේ ඇත්තේ අකුණු සැරටත් වඩා වැඩි වේගයකි..

    "ම.. මං ටොයිලට් එකට යන්න කියලා.."

    "ඉතිං මට මොකක්ද කියන්නේ..? ටොයිල්ට් යනවා නම් යනවා එතෙන්ට.."

    මා සිතූ පරිද්දටම ඇය කඩාගෙන පැන්නාය. කලින් දවසේ ඇයට නොකියා ගොස් හොදටම බැනුම් ඇසුවෙමි. දැන් කියා අහවර වූ විටත් බැනුම්ය. මේ අවනඩුව කියන්නට ඕනෑ දෙවියන්ටමය. වෙන කාටවත් කියා පලක් නැත. කියා ගියත් වැරදිය. නොකියා ගියත් වැරදිය. යන තැන කිව්වොත් හොදටම වැරදිය. ඇත්තටම මා නම් සිටින්නේ ගිරේකට අසු වූ පුවක් ගෙඩියකටත් වඩා අන්ත අසරණවය. කොයි වෙලාවේ දෙකට කැපී බිමට වැටේවිදැයි කියන්නට බැරිය.

    "තවත් මොනව බලන් ඉන්නවද මංදා.. ටොයිලට් එක තියෙන්නෙ මෙතනද..?"

    ගිරිය පුප්පාගෙන දිනූකා මිස් කෑ ගැසුවාය. තත්පරේට දෙකට මම කාමරයෙන් එළියට පැන ගත්තෙමි. බුදු අම්මේ.. ඔයින් ගියා මැදැයි මට සිතිණි. අහලක කිසිවෙකු නොසිටියේ නම් මගේ පෙර වාසනාවකටය. පුබුදු උනත් සිටින්නේ බොහෝ ඈතකය. මේ සිද්ධ වෙන දේවල් ඔහුටවත් කියන්නට බැරිය. අඩුගානේ දිනූකා මිස්ගේ කාමරයට එළියෙන් මේසයක් හා පුටුවක් දමාගෙන සිටියෝතින් හොදයි යැයි මට සිතෙන්නට ගත්තේ මීට දවස් ගණනාවකට කලින් සිටය. මොනව වුනත් මා දැන් අදිමින් සිටි සිතුවම මැණික්දිවෙල මහතාට මුලින්ම පෙන්විය යුතු යැයි මම සිතා ගත්තේ ටොයිලට් එකට යන අතරතුරේදීමය.

    සියලුම වර්ණ ගන්වා අවසන් කල වහාම ඔහුට එය පෙන්විය යුතුය. මැණික්දිවෙල මහතා මාව අගය කරනු ඇත. දිනූකා මිස්ට නම් විහිළුවට වත් නොපෙන්විය යුතුය. පෙන්නුවෝතින් ඇය නිසැකවම මුහුණ ඇඹුල් කරගනු ඇත. සිත මෙන්ම ගත ද නිදහස් කරගෙන මම නැවත කාමරයට ආවෙමි. දිනූකා මිස් තවත් මා හට බනින්නට සූදානමෙන් සිටිනවාදැයි මා දන්නේ නැත. ඇයගේ බැනුම් ඒ තරමටම මා හට දැන් හුරු පුරුදු වී අවසානය. හොරැහින් දිනූකා මිස් දෙස බලමින් මම කාමරයට ඇතුලු විමි. ඇය සිටියේ මේසය මතට අත්දෙක තබා ඒ මත හිස තබාගෙනය. සමහර විට මගේ මුහුණ දකින්නට ඇති අකමැත්ත නිසා වන්නට ඇත. මේසය ළගට ගොස් සිතුවම දෙස නිකමට මෙන් බලද්දී මගේ ඉහමොළ රත්විණි. එතන ඇති සිතුවමක් නැත. හස්තියෙකුද නැත. කළු පාට තීන්ත පාරවල් බොහෝ ගණනක් චිත්‍රය මත එයා මෙහා ගොස් තිබිණි. පපුව හෝස් ගා පත්තු වෙද්දී මගේ සිතට ආවේ කියාගත නොහැකි මහා දුකකි. තත්පරයට දෙකට මහා කදුළු වැලක් ඇස් දෙකම වසා ගත්තේය.

    මෙය නම් කවරෙකු හෝ හිතාමතාම කළ නින්දිත වැඩක් බව සහතිකය. තවත් නම් ඩිංගක්වත් බලා සිටින්නට බැරිය. මේ තරම් දවසක් නපුංසකයෙක් ලෙසට සියල්ල ඉවසා වදාරා සිටි කාලය හොදටම ඇතිය. මා ටොයිලට් එකට ගොස් ආපසු පැමිණෙන්නට ගත වූ සුලු කාලය අතරතුර මේ නොසන්ඩාල වැඩේ කර යන්නට ආයතනයේ කිසිවෙකුටත් හැකියාවක් නැත. මෙය නම් දීනූකා මිස්ගේම වැඩක් බව සිතට තත්පරෙන් තත්පරේ වැටහෙද්දී අලුතින් උපන් කදුලු බිංදු වලින් මගේ කම්මුල් ආයෙත් තෙමී ගියේය..

    "මි... මිස්.. දි.. දිනූකා මි... මිස්..."

    ගැහි ගැහී තිබූ හදවතත් සමග මම දිනූකා මිස්ගේ මේසය ඉදිරියට ආවෙමි. හිතේ දෙගොඩ තලා යන දුක නිසාම හරියට වචන කියැවෙන්නේද නැත. ඇස් දෙකෙන් කදුළු හෝ ගා බේරෙයි. එහෙත් මා සිතූ තරම් ඉක්මනට ඇය හිස උස්සා බැලුවේ නැත.

    "අ... අනේ.. දිනූකා මි... මිස්..."

    සිදූ වී ඇති දෙය කියන්නට මගේ සිත නොඉවසිලිලමත් වී තිබිණි. එහෙත් ඇය විහිළුවකටවත් මදෙස බැලුවේ නැත.

    "දිනූකා මිස්......"

    සිතේ හිර කරගෙන සිටි ධෛර්යයද බිංදුවෙන් බිංදුව දිය වී යද්දී මම එවර මහා හයියෙන් කෑ ගැමුවෙමි. ටිකකින් ඇය හිස උස්සා මදෙස බැලුවේ. මේ මොන කරදරයක්දැයි කියන්නට වාගේය. එහෙත් කදුළු වලින් පිරී ඇති මගේ මුහුණ දුටු විගස ඇය තැති ගත්තාය. මසින් පිරී ඇති රත් පැහැති මුහුණ තත්පරේට දෙකට සුදුමැලි වී තිබිණි.

    "අනේ බලන්න මිස්.. මැණික්දිවෙල සර් බාර දීපු ආට්වර්ක් එකට කවුද තීන්ත හලලා.. ම.. මං හුගක් මහන්සි වෙලයි ඇන්දෙ මිස්.. මං.. මං ටොයිලට් එකට ගිහිල්ලා එන අතරෙදි තමයි කවුරුහරි මේක කරන්න ඇත්තේ. මාත්තෙක්ක තරහ කාගෙ හරි වැඩක් මිස්.. ම.. මට තේරෙන්නෑ.. ම.. මං මොනවද කරන්න ඕන කියලා.. අනේ මිස් ආට්වර්ක් එකේ හැටි බලන්නකෝ...."

    මම හෝගා කියවාගෙන ගියෙමි. උනන කදුලු බිංදු පිහදා ගනිමින් මම නැවතත් කතාව පටන් ගන්නට හැදුවෙමි. එහෙත් ඇය ඊට බාධා කළාය.

    "කරපු කෙනා අහුවුණාද..? කරපු කෙනා දැක්කද..?"

    දිනූකා මිස් කෙලින්ම මගෙන් ඇසුවාය. එහෙත් වෙනදා තරම් තද පරුෂ බවකින් නොවේය. ඇයගේ කටහඩ දියාරු වී තිබිණි. ඇයගේ සුන්දර දෑස් අග කදුලු පිරී ඇතැයි මට නිකමට සිතුණි. එහෙත් ඒ මායාවක් වන්නට ඇත. මගේ ඇස් වලද කදුලු පිරී ඇති නිසා මට ඇයගේ මුහුණ පෙනෙන්නේද බොද වී වාගේය. අනෙක ඇයට හඩන්නට මෙතන කිසිදු උවමනාවක් නැත හිත දෙකඩ වී ඇත්තේ මගේමය. වේදනාව ඇත්තේ මටමය. ඉතා ආශාවෙන් හා කැපවීමකින් ඇදි සිතුවම පෙනි පෙනීම විනාශ වී ගොස්ය.

    "මං අහපු දේ ඇහුණද...?"

    "මො.. මොකක්ද මිස්..?"

    "මං ඇහුවෙ කරපු කෙනා අහුවුණාද කියලා.."

    "න්... න්.... නෑ මිස්.."

    "ඉතිං නැත්නම් මට මොකක්ද කියන්නේ..? හොදට මතක තියාගන්න.. මීට පස්සේ මේ වගේ කම්ප්ලේන් කරන්න එපා.. තේරුණාද..? මීට පස්සෙවත් වැඩක් ඉවර කරලා යන තැනක යන්න.. එහෙම උනා නම් ඔය දේ වෙන්නෙ නෑ නේ.."

    දිනූකා මිස්ගේ දෑස කෙලින්ම මගේ දෑසේ රැදී තිබුණි. දුක දෙබෑ කරගෙන මගේ හිතට ගලාගෙන ආවේ කිසි දිනක නොආ තරමේ දැඩි කේන්තියකි. රැකියාව නැති වුණත් කමක් නැත. මගේ කට කා දැමුවත් කියන්නට ඇති දේ කියා දැමිය යුතුය. දිනූකා මිස්ගෙ මුහුණින් දෑස ගෙන මම ඇයගේ දෑත දිහා හොදින් බැලුවෙමි. ඇයගේ සුලැගිල්ලේ කළු පැහැති තීන්ත වැනි දෙයක් තිබෙනු මට යාන්තමට පෙනෙයි. මා ඇගේ ඇගිලි දෙස බලනු දැක ඇය සිය දෑත මේසයෙන් පහළට කර ගත්තාය. එසේ නම් මා මුලින් සිතූ දෙය හරිය. මේ සියල්ලම කර ඇත්තේ දිනූකා මිස්ය. එසේ නැත්නම් ඇයගේ ඇගිල්ලක තීන්ත ගෑවෙන්නට විදියක් නැත. මා ඇයට කිසිව වරදක් නොකොට ඇය මාව මේ තරම් රිදවන්නේ ඇයිදැයි කියා මට සිතාගන්නට බැරිය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "හැම දෙයක්ම ඉවරවෙනකන් මට චූ බර තදකරන් ඉන්න බෑ මිස්.. එහෙම වුණොත් මගේ මුත්‍රා බොක්ක පුපුරලා යයි.. මොනව උනත් කොල්ලෙක් වුණත් මට මේ වගේ අමන වැඩ දරාගෙන ඉන්න බෑ.. මං හුගක් මහන්සි වෙලා කරපු මේ වගේ වැඩක් විනාශ කරලා දානවා නම් එක කරු කෙනා හිතක් පපුවක් නැති අමු දුෂ්ඨයෙක් වෙන්න ඕන.."

    තමන් ළග සේවය කළ දුප්පත් කාංචනට මේ තරම් හයියක් ලැබුණේ කොහිනැදැයි දිනූකා මිස්ට සිතා ගන්නට බැරි වෙන්නට ඇත. දිනූකා මිස්ගේ සොදුරු දෑස මා බලාගෙන හිද්දීම විසල් විණි.

    "මං දැන් කලින් කිව්ව ඒ හිතක් පපුවක් නැති කෙනාට සංතෝස වෙන්න මං අද මෙහෙන් අයින් වෙලා යනවා.. මාව දකින්න නැති වුණහම මාව පේන්න නැති වුණහම එයාගෙ ජීවිතේ ලස්සන වේවිනේ.. අපි ඒ වගේ අයගෙ සංතෝසෙට වල කපන්න හොද නෑ මිස්.. මං වගේ අහිංසකයෙකුට, දුප්පතෙකුට, අසරණයෙකුට මෙහෙම රිද්දන එක මහ වීරකමක් කියලා එයා හිතන් ඉන්නවා ඇත්තේ. ඒත් මගේ මේ අසරණ ඇස් දෙකෙන් ගලන කදුලක් දකුලක් ගානෙ ඒ කෙනාටත් මේ දුකම හම්බවෙනවා. මං කාටවත් වැරැද්දක් කරලා නෑ. ඒ වගේම මේ ලෝකෙ තනිවෙලා ඉන්න මිනිහෙක්.. කමක් නෑ.. මට කරදර කරන අයගෙ සංතෝසෙට ඉඩදීලා මං මෙහෙන් යන්නම්..."

    අලුත් කදුලු වලින් ඇහිපිය සරසද්දී මම කියාගෙන ගියෙමි..

    "තමුන් ඔය හින්ට් ගහන්නෙ මටද..?"

    කළින් තිබූ තද පරුෂ බව දැන් ඒ සොදුරු කටහඩේ අහලකවත් නැත. එහෙත් ඇය තවමත් මා හට කාංචන කියා අමතන්නට කැමති නැති සේය. මේ තරම් දැඩිව මගේ සිත රිදී තිබෙද්දී දිනූකා මිස් කතා කරන ආකාරය ැන මගේ සිතේ ඇති වූයේ දැඩි කලකිරීමකි. ඒ කළකිරීම මතින්ම මම ඇය වෙතට ළං වුණෙමි. ජීවිතයේ ප්‍රථම වතාවට ඇයගේ අහංකාර ඇහිපියන් යට කදුළු තැවරී තිබෙනු මා දැක්කේ ඒ වෙලාවේදීය. ඇය හඩන්නට හදන්නේ ඇයි..? ගලින් නෙලූ හදවතක් හිමි ඇය වැනි නපුරියක් හඩන්නටවත් දන්නවාදැයි සැක සහිතය. මොනව උනත් මා වැනි අහිංසකයකුගෙන් මේ තරම් පළි ගන්නට මා ඇයට කළ වරදක් නැත්තේය. එය එසේ වුවත් මෙන්න මේ තත්පරයේදීම දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් ඉවත් වී යන්නට මම තීරණය කළේය. මැණික්දිවෙල මහතාට හා පුබුදුට මා යන බව කීවොතින් ඔවුන් කීයටවත් මට යන්න නොදෙනු ඇත. ඒ නිසා කෑම පැය අල්ලා හිමින් සීරුවේම යා යුතුය. පසුව අසීනීපයි කියා විදුලි පුවතක් එවන්නට පුලුවන.

    "ම.. මං අහපු දේ තමුන්ට ඇහුණද..?"

    නැවතත් දිනූකා මිස්ගේ කටහඩ ඇසෙද්දී මම හෙමින් සීරුවේ මගේ මේසය අසළට ආවෙමි. දැන් එළඹි ඇත්තේ ඇයගේ ප්‍රශ්න වලට උත්ත වදින වේලාව නොවේ. තීන්ත හලා විනාශ කර දමා තිබූ සිතුවම සීරුවෙන් අකුළා දමා මම මේසය පිරිසිදු කෙරුවෙමි. දිනූකා මිස් සිටින්නේ හොරැහින් මදෙස බලාගෙන වග මම දනිමි. පපුවේ පුංචි තෙතමනයක් හෝ නොමැති අය වැනි තරුණියන්ට ඉතා සොදුරු රුවක් ලබා දීමෙන් දෙවියන් වුවත් කරන්නේ මහ විශාල වැරැද්දකි.

    මේසය මුලින් තිබූ පරිදිම පිළිවෙලට සකසා පුටුවද මේසය අසළටම ළං කර මම නැගී සිටියෙමි. මෙතනින් මා නෙග යා යුතු කිසිවක් නැත. මුලින්ම මා මේ ආයතනයට ආවේද හිස් අතිනි. දැන් යන්නේද හිස් අතිනි. සිත තුළ අලුතින් පැලපදියම් වූ ධෛර්යය පීරාගෙන දුක් කදුලු වාන් දමන්නට වූයේ එබැව් සිහිපත් වීමෙන්ය. එහෙත් මම සිත දැඩි කරගත්තෙමි. තව දුරටත් මෙහිම රැදී සිට දිනූකා මිස්ගේ කෙලි සෙල්ම් බඩුවක් වනවාට වඩා මෙතනින් පිටත්ව යාම වටී. ජයවර්ධන අංකල්ට නිවී සැනසිල්ලේ සියල්ල කිව හැක. ඔහු මට වුමින් නොබැන සියල්ලම අසා සිටිනා බව මම දනිමි. කාමරයෙන් ඉවත්ව යාමට හිත හදා ගැනීමෙන් අනතුරුව මම දිනූකා මිස් ඉදිරියට ආවෙමි. ඇය සැනෙකින් තම මුහුණ මවෙතින් හරවා ගත්තාය.

    "ම... මං යනවා මිස්..."

    එහෙත් ඇය මදෙස බැලුවේවත් නැත. මගේ සිත තුළට ගලා ආවේ මේ තරම් කාලයකට සිතට නොදැනුණු තරමේ කාලකණ්ණි හැගීමකි. ආයේ කවදාවත්ම මේ තැනට නොඑනා නිසා සිතේ ඇති සියල්ලම කියා ගියා නම් වඩා හොදය. එසේ නොමැතිව මේ සියල්ලම හිතේ හිර කරගෙන ගිය විට දුක් විදින්නට වෙන්නේ මටමය.

    "මං මෙතන වැඩ කරනවට මිස් අකමැතියි කියලා මට හොදටම තේරෙනවා. මිසුත් ඒ ගැන කීප සැරයක්ම කියලා තියෙනවා. ඒත් ඒ මොකක් හින්දද කියලා කියන්න මං දන්නෙ නෑ.. මිස් එක්ක එකතු වෙලා කොයිතරම් හොදින් වැඩ කරන්න හැදුවත් ඒ දේ කරන්න මට බැරි වුණා. මේ දවස්වල රස්සාවක් හොයා ගන්නවා කියන එක හුගක් අමාරු වැඩක්.. ඒත් මං යනවා මිස්.. ජීවිතයේ පල්ලෙහාම අඩියෙ එල්ලිලා ඉන්න මං වගේ අසරණ කොල්ලෙකුට තවත් නැතිවෙන්න දෙයක් නෑ.. ම.. මගේ.. මගේ හිගන ජීවිතෙන් මිස් මාව තවත් අඩියක් පල්ලෙහාට එලවලා දැම්මා. ඒ ඒත් මං තරහා වෙන්නෑ මිස්....."

    දිනූකා මිස්ගේ ඇස්වල තිබූ අහංකාරය මුලුමනින්ම සේදීගොස් තිබිණි. නිල් මහනෙල් මල් වලටත් වැඩිය සොදුරු ඇස් වල පිරී තිබුණේ මහා බැගෑපත් බැල්මකි. අනේ ඔයා යන්නෙපා කාංචන වැනි දෙයක් ඒ හැඩකාර මුහුණේ ඉරියව් වලින් මට කියා පෑවේය. එහෙත් මට නැතිවිය නොහැක. ඇය කරනා තරමක් මා හට කළේ කෙනෙහිලිකම්ය. දවසක් ඇබින්දක සතුටින් වැඩ කළත් මා මාසයක්ම වැඩ කළේ හිත රිදවා ගෙනය. අනික මා යනවා කියා මගේ දෙපා මුල වැද වැටී ඇය බැගෑපත් විය යුතු යැයි මම නොඅදහමි. එහෙත් ඇය වචනයක් හෝ නොකියන්නේ ඇයි...?

    "මං යන එකටවත් මිස්ට කියන්න දෙයක් නැද්ද...? අඩුගානෙ ඉන්න තැනකවත් හොදින් ඉන්න කියලවත් කියන්න බැරිද..? මාව ඒ තරම්ම එපා වෙච්ච කෙනෙක්ද මිස්...? කොටින්ම හැමෝම ලස්සනයි කියපු මගේ ආට්වර්ක් එක දිහා මිස් ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ.. කමක් නෑ.. මං දැනුවත්ව මිස්ට වැරැද්දක් කරලා නෑ.. මං.. මං... යන්නම් මිස්.. මිස් හැමදාකම සංතෝසෙන් ඉන්න..."

    තවත් කියන්නට තරම් දෙයක් තිබුණාදැයි මම නොදනිමි. ඇත් දළ පැහැය ගත් ඒ සොදුරු මුහුණ මගේ දෙසට හැරී තිබිණි. ඒ මුහුණේ දිස්වූ හැගීම් එකින් එක වෙන්කර තෝරා ගන්නට මම උත්සාහ දැරුවෙමි. එහෙත් ඇය වචනයක්වත් කතා කළේ නැත. ඉතින් තවත් මෙතැන රැදී සිටීමෙන් පලක් නැත. අඩුම තරමේ මා සිතුවේ ඇය යන්නට එපා කියාවත් කියනු ඇත කියාය. එහෙත් එය එසේ වූයේ නැත. මුල සිටම මා ඇය ගැන සිතූ ආකාරය අන්තිම දශමයටද වැරදිය. ඇයට ඇතේතේ ගලින් නෙලූ හදවතක් බව ඇය සාධක සහිතව ඔප්පු කර ඇත. අන්තිම වතාවටත් දිනූකා මිස් දෙස බලා මම කාමරයෙන් එළියට ආවෙමි. ඒ සමගම හීන් ඉකිබිදුමක් කාමරය තුළින් මට ඇසුණි. ක්‍රම ක්‍රමයෙන් එය වැඩි වෙද්දී ඉදිරියට ගිය දෙපා මම නැවත හරවා ගත්තෙමි. දිනූකා මිස් අඩන්නේ ඇයි..? කාමරයෙන් එළියේ සිටි මගේ සිතේ තිබූ ප්‍රශ්නය එයයි..

    මා හට නොසෑහෙන තරම් කෙනෙහිලිකම් කොට ඇයට හඩන්නට තරම් කාරණාවක් තිබෙන්නට බැරිය. හරි නම් පොලොවේ හැපි හැපී හඩන්නට ඕනෑ මමය. දවසේ විසි හතර පැයේම බැනුම් ඇසුවේ මමය. හිත රිදවා ගත්තේ මමය. ඉතා හොදින් නිම කළ සෑම වැඩක්ම අවසානයේ කිසිදු ප්‍රශංසාවක් නොලැබුයේ මමය. අන්තිමේදි අනාගතය ගැන කිසිදු විශ්වාසයක් නොමැතිව සෑම දෙයින්ම කළකිරී පාරට බහින්නේ මමය. ඇය මා හට කළ දේවල් හිතක් පපුවක් ඇති වෙතත් මිනිසකු නම් ඉවසා හිදින්නේ ද යන්න පවා සැක සහිතය. ක්‍රමයෙන් වැඩි වූ දිනූකා මිස්ගේ හැඩීම නැවතත් ක්‍රමයෙන් අඩු වෙද්දී දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් මම එලියට ආවෙමි. තවත් දුරට ඇය හඩන හැටි හෝ සිනාසෙන හැටි බලන්නට නොයා යුතුය. තවත් මෙතැන ප්‍රමාද වීමෙන් පුබුදුව මුණ ගැසෙන්නට වුවද බැරි නැත. මම හැකි ඉක්මනින් මහ පාරට ආවෙමි. අඩුම තරමේ මා මෙතුවක් දවස් නැවතී සිටි කාමරය තුළට පවා නොගියෙමි. අයියාව හමු වීමට යා යුතු වුවත් අද සවස හෝ හෙට දිනයේ ඒ සදහා යොදා ගැනීමට මම සිතා ගත්තෙමි. ඒ ගමන්ම ජයවර්ධන අංකල්වද හමු වීමට පුලුවන. සමහරවිට දිනූකා මිස්ට නොපෙනෙන තරම් ඈත තැනක රැකියාවක් සොයා ගැනීමට මට පුළුවන් වනු ඇත.


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10.png


    උදේටද ආහාරයක් නොගත් බැවින් මට තදින්ම බඩගිනි දැනී තිබිණි. අනික මා දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් පිට වූයේ දිවා ආහාරයට ඔන්න මෙන්න වාගේ තිබියදීය. කිලෝමීටර් එකහමාරක් පමණ ඇවිදන් එද්දී පාර අයිනේ තිබූ පුංචි කඩයක් මම දුටුවෙමි. එයින් මාලුපාන් ගෙඩියක් මිදලී ගෙන කඩට ඉදිරිපසට වූ පුංචි බංකුවේ වාඩි වූයෙමි.

    පඩි දවස් ළග නිසාම මේ වන විට මා සතුව එතරම් මුදලක් තිබුණේද නැත. මෙතැන් සිට ජීවිතය නැවත අලුතෙන්ම මටන් ගත යුතුව ඇත. ප්‍රධානම ගැටලුව වූයේ අද දවසේ ඉතුරු කාලය ගෙවා ගැනීමයි. මගේ කල්පනා ලොව ටික වේලාවකින් බිද වැටුණේ කුමක් හෝ වාහනයක් මා සිටි පුංචි කඩය ඉදිරිපිටම මහා හඩින් තිරංග තද කළ නිසාය.

    බැලූ එක බැල්මෙන්ම මම වාහනය හදුනා ගතිමි. එය දිනූකා මිස්ගේ සුදු පැටැති B.M.W මොටර් රථයයි. සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතාගන්නට බැරිව එදෙස බලාගෙන සිටියෙමි. සැනෙකින් රථයේ ඉදිරිපස දොර විවර විණි. කාරය වටේම කලු පාටින් ටින්ටඩ් කර ඇති නිසා ඇතුළේ සිටින්නේ කවුදැයි දැන්මම කියන්නට බැරිය. මද වේලාවක් ගොස් ඇරුණු දොරින් දිනූකා මිස් එළියට ආවේය. කළ යුතු දේ ගැන නිනව්වක් නැතිව මාලු පාන් කෑල්ලද අතේ හිර කරගෙන මම නැගී සිටියෙමි. ඇය කෙලින්ම ආවේ මා කරාය. නිසැකවම ඇය ආවේ මෙතැනදීත් මට බැණ වදින්නට විය යුතුය. මගේ වෙලාව හොදකමටදෝ මෙතැන සිටින්නේ කඩයේ වූ වයසක මිනිසා පමණි. මගේ මුහුණ ඉදිරියට ආ ඇය මදක් වේලා මදෙස බලා සිටියාය. ඒ සොදුරු දෑස කදුලින් පිරී යනු මා දුටුවේ එකවරමය. මගේ කටේ තාමත් පාලුපාන් කෑලිය. කෑම කටේ තිබෙද්දි කතා කිරීම හොද නැති වුවත් දැන්නම් කතා නොකර බැරිය.

    "ම.. මං මුකුත් ගෙනාවෙ නම් නෑ මිස්.. මට දීපු හැමදේම මං ඔෆිස් එකේ තියලයි ආවේ.."

    තටම තමටා මම කියා ගත්තෙමි. කඩා වැටෙන්නට ඔන්න මෙන්න තරමේ කදුළින් දෑස පිරී තිබියදී ඇය සිනාසෙන්නට උත්සාහ දැරුවාය. ඒ උත්සාහයේ තිබූ අසරණකම දකිද්දී ඇය කෙරෙහි වූ සියලුම අපහැදීම් මවෙතින් ඉවත්ව යන්නට විය. ඇත්තටම අහිංසකව සිටිනවා නම් ඇය කොතරම් ලස්සනද..? ඇයට ගැලපෙන්නේ මෙන්න මේ ලෙස සිටිනවා නම්ය.

    "එන්න.... යමු මාත්එක්ක.."

    ඇය මවෙතට අත දිගු කළාය. ඒ සුන්දර රෝස පැහැති ඇගිලි තුඩු දෙස මා බලා සිටියේ කිසිවක් අදහා ගත නොහැකිවය. සත්තකින්ම මා මේ දකින්නේ හීනයක් විය යුතුය. හීනයකින් මිසක හැබැහින් මිස් මේ තරම් ආදරයෙන් කතා කොට නැත.

    "තා... තාමත් මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"

    මගේ මූණටම එබී ඇය ඇසුවාය. මෙය නම් සිහිනයක් නොවන බැව් දැන් සක්සුදක් සේ පැහැදිලිය..

    "න්... නෑ... මිස්..."

    "එහෙනම්... එන්න යමු..."

    යන්නේ කොහාටදැයි අසන්නට විදියක් නැත. සුරංගනාවන් දේවදූතයන් තමා ළගටම පැමිණ යමු කීවාට පසුව කවුරුත් කේන්දර බල බලා සිටින්නේ නැත. මම කාරය ළගට ගොස් නැවතුනෙමි.

    "මි... මිස් ඔෆිස් එකට යන්න.. මම හිමිට ඇවිදගෙන එන්නම්.."

    කාරය තුල දිනූකා මිස් සමග වාඩි වී යා යුත්තේ කොතැනදැයි තීරණය කරගත නොහැකිව මම කීවෙමි. ඇය මදක් ඇලවී මගේ පැත්තේ ඉදිරිපස දොර ඇතුලතින් විවෘත කලාය.

    "ඇයි මගෙත් එක්ක යන්න ලැජ්ජද..? ආ... පිස්සා වෙන්නැතුව මෙතනින් වාඩිවෙන්න.."

    සුරතල් බවක් මුසුව තිබුනද ඒ කටහඩේ තිබුණේ අනකි. මම දෙවරක් නොසිතාම කාරයේ ඉදිරිපස අසුනට බර වූයෙමි. මොකක්දෝ ලොකු සතුටකින් ඒ සොදුරු මුහුණ හැඩවැඩ වී ඇති බැව් මා දැක්කේ එවිටය.

    "මං කොයි වගේ කෙනෙක්ද කියලා යංතන්වත් හිතලා බලන්නෙ නැතුව ඇයි හැමදේම දමලා ගහලා යන්න හදන්නේ..? එතකොට ඔක්කොම හරිද...? ආ..."

    කාරය පණ ගන්වා ඉදිරියට ඇදෙද්දීම ඇය මගෙන් ඇසුවාය. මා හැමදේම දමා ගසා ගියේ ඇයගේ වැඩ නිසා බව ඇය ඩිංගක් හෝ නොසිතන්නේ මන්දැයි මම සිතුවෙමි. ඇය හැසිරෙන්නේ සියල්ල අමතක වූ සැටියටය.

    "කෝ මට මාලුපාන්..?"

    කාරය පදවන ගමන් ඇය හදිසියේම ඇසුවාය. මට දැනුණේ වස ලැජ්ජාවකි. අතේ තිබෙන්නේද මාලුපාන් බාගයකි. එය ඇයට කොහොමත්ම දිය නොහැක.

    "මාලුපාන් ඉවරයි මිස්..."

    "බොරු කියන්නෙපා.. ඔය අතේ තියෙන්නේ.."

    සිටියරින් විලය දකුණතින් හසුරවන අතරේ ඇය මවතින් මගේ මාලුපාන් කෑල්ල උදුරා ගත්තීය. වෙන්නට යන්නේ කුමක්දැයි කියා මට පැහැදිලි හැගීමක් තිබුණේ නැත. බාහිරින් නොසෑහෙන සංසුන්කමක් මවා ගෙන උන්නද හදවත ඇතුළතින් මා සිටියේ හොදටම කැලඹිගෙනය. කෙලින්ම දිනූකා මිස්ගේ මුහුණ දෙස බලන්නට අපහසු වුවත් විනාඩි දෙක තුනකදී මම ඒ අපහසුව ජය ගතිමි. බෝල මුහුණේ වූයේ හිතා ගන්නටවත් බැරි තරමේ අහිංසක සිනාවකි. ඒ සිනාව මැදින්ම ඇය මාලුපාන් කෑල්ල කෑමට පටන් ගත්තාය.

    "මි.. මිස්.. ඕක මං කාපු එක..."

    "ඉතිං...?"

    නිල් මහනෙල් මලකටත් වැඩිය සොදුරු වූ දෑස මදෙසට හැරී තිබිණි. කිසිත් නොකියාම මම වින්ඩ්ස්ක්‍රීනය දෙස බැලුවෙමි. මෙය නම් දෙන දෙයියෝ බුරුතු පිටින් තෑගි දීමක්ය. දිනූකා මිස් මට ළං නොවීම ගැන මා කොතෙක් නම් සිත් තැවුලකින් සිටියාද කියා දන්නේ මා පමණකි. ඇය නිකරුණේ බැණ වැදීම් ගැන මා කොතෙක් නම් විස්සෝපයෙන් සිටියාද කියා දන්නේ මා පමණකි. එසේ වූ කළ මේ සිදුවන දේ ඇදහිය හැකිද..?

    "කාංචන..."

    කාර්යාලය පේන දුරින් මෝටර් රථය නවත්වා දිනූකා මිස් මවෙතට හැරුණාය. මම මවමිස් සිටි සිහින ලොවෙන් තත්පර දෙක තුනකදී බිමට ඇදගෙන වැටුණෙමි. ඇය මා හට මේ පවසන්නට යනවා ඇත්තේ සියල්ලම මෙතකින් අවසාන වන බවද..?

    "කාගෙ අතිනුත් අත් වැරදීම් වෙනවා.. සමහර විට මගේ අතිනුත් එහෙම දේවල් වෙන්න ඇති. ඔයා ඒවා හිතේ තියන් ඉන්නෙපා.. එහෙම උනොත් අපිට එකට වැඩ කරන්න බෑනේ.."

    "ම.. මං එහෙම හිතන්නෑ මිස්.."

    "අනික් දේ තමයි පුංචි පුංචි සිදුවීම් උනා කියලා රස්සාව දාලා යන්න ලෑස්ති වෙන්නෙපා.. ඒක දෙකේ පංතියෙ ළමයි කරන වැඩක් නේ.. හැමදේම දරාගෙන ඉන්න බලන්න.. ඔයාට මගෙත්තෙක්ක එකට වැඩ කරන්න බැරි නම් මම ඔයාව වෙන තැනකට දාන්නම්.."

    ඇය අන්තිමේදී කී දෙයින් මම තිගැස්සී ගියෙමි. මේ වෙන්නට යන්නෙ මොනවාද..? මා දැන් සුලු මොහොතකට කලින් සිතුවේ මාගේ නරක කාලය අවසන් වී ඇති බවය. එහෙත් ලේසියෙන් අවසන් වන්නේ නැති හැඩය..

    "එපා මිස්... මං මිස් ගාව වැඩ කරන්නම්.."

    "හොදයි.. එහෙනම් කාංචන බහින්න.. මං මෙහෙම්ම ගෙදර යනවා.."

    කලින් මා සිතා සිටි පරිදි මා බලාපොරොත්තු වූ පරිදි සැහැල්ලු කතාබහ දිනූකා මිස් තුළ මේ වනවිට තිබුණේ නැත. ඇය නැවතත් අර මුලින් සිටි අකාරුණික තැනැත්තිය බවට පත් වන්නට යනවාදෝ වත්දැයි මට සැක සිතුණි. මාලුපාන් කෑල්ල කන වේලෙහි ඇයගේ තිබූ හෘදයාංගම බව දැන් අහලකවත් තිබුණේ නැත. ඇය අන්තිමට කතා කළේ කාර්යාලයේ දෙවැනියා තමා බව මා හට නැවතත් වටහා දෙන්නට වාගයෙ.

    කිසිම හඩක් නොනගා මගේ ළගින් ඇදී ගිය B.M.W රථය දෙස මම ඔහේ බලා සිටියෙමි. විනාඩි ගණනකට කලින් ඇස්වල කදුලු පුරවාගනෙ විත් මා ළගින් සිටි දිනූකා මිසුත් මේ දැන් මගේ ළගින් සිට ඈත්ව ගිය දිනූකා මිසුත් එකම අයෙකුදැයි සිතාගැනීමට බැරිව මම අසරණ වූයෙමි.

    ඇය කෙලෙසක නම් මෙසේ ද්විත්ව ආකාරයක චරිත නිරූපණය කරනවාදැයි මට සිතා ගන්නට බැරිය. මොනවා වූවත් මා මුලින් සිතා සිටි පරිද්දට ඇය කෙරෙන් ඈත් වී ගියා නම් නැවත දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙත යන්නට උවමනාවක් ඇත්තේ නැත. එහෙත් දැන් සියලු දෙයම නැවත මුල සිටම සිදු වූ ආකාරයෙන් සිදු වෙමින් පවතී..

    ********************************

    "කාංචන කොහෙද බං ගියේ...? මං හැමතැනම හෙව්වා..."

    කාර්යාලයට ඇතුලු වන විමට පුබුදු දුවවිත් මගේ අතකින් අල්ලා ගත්තේය. මිත්‍රත්වයේ අපමණ සුවදේ ඉමක් කොනක් නොපෙනෙන ඒ සැබෑ මුහුණේ තිබූ දයාබරිත බවින්, මම මොහොතකට ගල් ගැසී ගියෙමි.

    "පොඩි කරදරයක් උනා පුබුදු.."

    "කරදරයක්..? උඹ මාවත් බය කරනවා කාංචන..."

    "ඔව් පුබුදු.. මං දැන් ඩිංගකට කලින් මේ රස්සාවයි, මේ හැමදේමයි දාලා යන්න ගියා.."

    "උ... උඹට පිස්සුද..? උඹට පිස්සුද..? මේ තරම් හොද රස්සාවක් දාලා යන්න තරම්.. ම.. මට තේරෙන්නෑ.. මේ අද උදේ හොදට හිටපු එකාට දැන් මොකද වෙලා තියෙන්නෙ කියලා.. ඇත්තටම මට කියපං මොකද උනේ කියලා.."

    "හවස රූම් එකට ගියාම මං හැමදේම කියන්නම් පුබුදු. මේ වෙලාවෙ මං ඉන්නෙ සෑහෙන්න අවුල් වෙලා.."

    "කාංචන... මං උඹට එක දෙයක් කියන්නද..? ප්‍රශ්නයක් ආව නම් ඒක ඒ වෙලාවෙම කතා කරලා විසදගනිං.. එහෙම නැතුව ප්‍රශ්නෙ වැඩි වෙන්න ඉඩ දීලා බලන් හිටියොත් අපි අන්තිමට අනාත වෙනවා.."

    පුබුදු කියන්නේ ඇත්තය. එහෙත් මා මොනවා කරන්නද..? කෑලි වලට කපා, උයා පිහා රස බැලුවත් දිනූකා මිස් මොන වර්ගයේ කෙනෙක් දැයි මේ කපේක මට තේරුම් ගන්නට බැරිවනු ඇත.

    "උඹ දැන් දවල්ට කාලද..?"

    කලින් කතා කළ ස්වරය හාත්පසින්ම වෙනස් වූ ලෙංගතු හඩකින් පුබුදු ඇසුවේය. මම ඔලුව දෙපැත්තට වනා නැතැයි කීවෙමි. බලා සිටිද්දීම පුබුදුගේ මුව ඇදවිණි.

    "ඔය බලපං ඉතිං... උඹ ඊගාවට ගෑස්ටික් හදාගෙනයි නවතින්නේ.. මට නම් ඇත්තටම තේරෙන්නෑ උඹට මොනවද වෙලා තියෙන්නෙ කියලා.. හ්ම්.. අපි යමු කැන්ටිමට.. මාත් තාම දවල්ට කෑවෙ නෑ.."

    හිතේ තිබෙනා ගින්න නිසා ඇතත්ටම වේ වනවිට මට බඩගින්නක් තිබුණේද නැත. එහෙත් ඒ බවක් කියන්නට ගියොත් දිනූකා මිස්ගෙන් ඇසූ බැනුම් කන්දරාවට වඩා බැනුම් කන්දරාවක් පුබුදුගෙන් අසන්නට සිදුවනු ඇත. හොදම දේ නම් කැන්ටිමට ගොස් කෑම එක අත ගගා හො ඉදීමය.

    "කෝ ඉතිං.. ඔය කනවද..? අත ගගා ඉන්නවනේ..."

    කෑම බෙදාගෙන විත් ටික වෙලාවකට පසු පුබුදු මගේ මුහුණටම එබුණේය. ඇත්තෙන්ම ඒ ලෙංගතු ඇස්වල තිබූ මිත්‍රත්වයට මට බොරු කල නොහැක. සිදුවූ සියල්ලම අකුරක් නෑරම පුබුදුත් සමග කියන්නට මම තීරණය කළෙමි. මේ හැමදේම හිතේ තබාගනෙ පිච්චි පිච්චි හිදිනවාට වඩා කා සමග හෝ බෙදා ගැනීම හිතට සහනයකි.

    "මං රස්සාවෙන් අයින් වෙනවා කියලා තීරණය කළේ හේතු ගොඩක් හින්දා පුබුදු. මොන දේ නැති වුණත් මනුස්සයෙකුට තමන්ගෙ හිතේ සතුට තියෙන්න ඕනි. අඩුගානෙ මට මෙතන ඒකවත් නෑ. ඇත්තටම මට දිනූකා මිස් එක්ක වැඩ කරන්න අමාරුයි. මට.. මට තේරෙන්නෑ මිස් මේතරම් මගෙන් පලි ගන්නෙ ඇයි කියලා.. මිස් හරියට මට වද දෙනවා පුබුදු.."

    "කාංචන කියන්නෙ මොනවද කියලා මට හිතාගන්න පුලුවන්. ඒ මං මේ ප්‍රශ්නෙ මුල ඉදලම දන්න හින්දා. ඔක්කෝටම කලින් මට කියන්න අද මොනවද උනේ කියලා.."

    දවස ඇරඹුමේ සිට මේ මොහොත දක්වාම සිදුවූ දේ මම පුබුදු ඉදිරියේ පෙළ ගැසිමි. මද වේලාවක් යද්දී ඔහු කෑම ගැනීමද නවත්වා කටද බාගෙට ඇරගෙන විස්මයෙන් මදෙස බලා සිටියේය.

    "දි.. දිනූක මිස් උ.. උඹේ මාලුපාන් කෑල්ල අරගෙන කෑවා..?"

    කතා කරන්න පුලුවන් වූ පළමු තත්පරයේදීම පුබුදු මගෙන් ඇසුවේය. වැඩේ කියන්නේ, උදෑසන වූ සිද්ධින් වලින් හැමදේකටම වඩා පුබුදුට වැදගත් වී ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාවය. මා ටොයිලට් එකට ගොස් ආපසු එද්දී මගේ චිත්‍රය උඩ තීන්ත හැලීම පිළිබදවවත්, මා මගේ දුක හෝ ගා කියා කාමරෙන් එළියට ඒමවත්, මා ආ පසු දිනූකා මිස් ඇඩීම පිළිබදවවත් පුබුදුට වැදගත් වූයේ නැත. නවකතා පොතක් පිරෙන්නට ලිවීමට දේ ඇතත්, පුබුදුගේ සිත ගියේ මාළුපාන් කෑල්ලටය.

    "ඔව්.. ඇයි උඹ හිතනවද මං මේ බොරුවක් හදලා කියනවා කියලා..?"

    "නෑ කාංචන උඹ කියන්නෙ ඇත්ත කියලා මට තේරෙනවා.. මීට කලින් වෙච්ච සිද්ධීත් එක්ක බැලුවාම මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒත් මට හිතාගන්න බැරි දිනූකා මිස් ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. එයා මේ හැසිරෙන විදිය එයාගෙ තත්වෙට කොහොමටවත් ගැළපෙන්නෑ.. අනිත් දේ තමයි.."

    පුබුදු කතාව මග නතර කළේය. දැන් දැන් ඒ මූණ මැදට පැමිණ ඇත්තේ යම්කිසි නොපහන්කාරී බැල්මකි.

    "අනිත් දේ මොකක්ද පුබුදු..?"

    "මං මුලින් හිතුවෙ දිනූකා මිස් මේ හැමදේම කරන්නෙ උඹ ගැන ආදරයක් පහල වෙලා කියලා.. ඒත් දැන් දැන් මට හිතෙනවා ඒක එහෙම දෙයක් නෙමෙයි කියලා.."

    පුබුදුගේ කතාවට මගේ පපුවේ තුන් හතර පොලක්ම ඇවලී ගියේය. ඔහු මේ කියන්නේ මොනවාද..? සියලු දුක් කරදර මැදත්, ඔහු මගේ පුංචි පපුවට මේ තරම් වේදනාවක් දෙන්නේ ඇයි..? සිත සැනෙකින් ගිනිබත් කරනා මේ වගේ කතාවක් පුබුදු කීවේ ඇයි..? මේ ආයතනයේ මට සිටින එකම විශ්වාසවන්ත මිතුරා ඔහු නොවේද..?

    "පුබුදු කියන්නේ, දිනූකා මිස් මට ආදරේ කරන්නෑ කියලද..?"

    සිත තුළ ගුලි ගැසුණු අපමණ දුක් කන්දරාව එක පොදියට හිත ඇතුළේම හිරකොට මම පුබුදුගෙන් ඇසුවෙමි.

    "ඔව් කාංචන.. මං මේ හැමදේම කියන්නේ උඹට තියෙන ආදරේට. මෙතන අපි කාටවත් තේරුම් ගන්න බැරි මොකක්දෝ දෙයක් වෙනවා. උඹට කරන්න තියෙන හොදම දේ, මේ හැම දේම දරාගෙන රස්සාවත් බේරගෙන ඉන්න එකයි. මොකද උඹ ඔය කියන විදියට දිනූකා මිසුයි, උඹයි අතරෙ සිද්ධ වෙන දේවල් වැරදිලාවත් මැණික්දිවෙල සර්ගෙ කනට වැටුනොත් උඹ මෙතනින් අස්වෙලා යන්න කලින්, සර් උඹට අස්වීමේ සහතිකේ දෙයි.."

    මගේ සිත මොකක්දෝ නොදන්නා අලුත් බියකින් හිරිවැටී ගියේය. පුබුදු කියනා පරිද්දට එය එසේ වූවොත්..? කළ යුතු කිසිම දෙයක් සිතාගත නොහැකිව මම ළතැවුණෙමි.. දෙවියනේ.. මේ ප්‍රශ්නවල අවසානය කොතැනද..? මා වැනි අන්ත අසරණ හිගන කොල්ලෙකුට මෙවැනි දුක් කරදර ලබා දෙන්නේ ඇයි..? මා කුමන වරදක් කළාටද..?

    "උඹ මාව බය කරනවා පුබුදු.."

    "නෑ කාංචන.. මේ හැමදේම කියන්නෙ උඹේ හොදට.. උඹ විනාස වෙලා යනවා මට බලන් ඉන්න බෑ.."

    "පුබුදු කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

    "අපි මැණික්දිවෙල සර්ට කියලා කම්පියුටර් සෙක්ෂන් එක පැත්තට ට්‍රාන්සර් එකක් ගමු. එතකොට ඔය ප්‍රශ්නෙ හුගක් අඩුවෙලා යාවි. කාංචනව වැඩිය දකින්නෙ නැති වෙනකොට දිනූකා මිස්ටත් උඹට කරදර කරන්න අමතක වෙලා යයි.."

    පුබුදුගේ කතාවට මගේ හිතට මොකක්දෝ වී ගියේය. ඇත්තටම කරනවා නම් කළ යුත්තේ එයය. රස්සාවත් බේරගෙන, මගේ ආත්මයත් බේරාගෙන ජීවත්වන්නට නම් සිදුවිය යුත්තේ එයය. එහෙත් කළ යුතු වූ නිවැරදි දෙයට, මගේ සිත මේ තරම් පැකිලෙන්නේ ඇයි...?

    "මට මුකුත් තේරෙන්නෑ පුබුදු.."

    "තේරෙන්නෙ නැත්තෙ නෑ කාංචන.. උඹට හොදට තේරෙනවා.. ඇත්තටම මට උඹ ගැන හරි දුකයි.. උඹ ඔය අල්ලන්න යන්නෙ උඹට හිතාගන්නවත් බැරි අත්තක්. උඹ අමාරුවෙන් දහ දුක් විදලා ඒ අත්ත අල්ල ගත්තත්, ඒකෙ තියෙන රස්නෙට උඹ විනාශ වෙලා යයි.."

    මගේ සිත තුළ ඇති දේ අන්තිම දශමයට තේරුම් ගෙන පුබුදු කීවේය. තවත් මට කියන්න දෙයක් නැත. මේ තරම් දේ සිදුවී තිබියදීත් මා හට දිනූකා මිස් වෙතින් ඈත්වන්නට බැරි මා ඇයට මුලු හදවතින්ම ආදරය කරනා නිසාද..? නැත... එසේ වන්නට බැරිය.. ඇය වැන සද දෙව්දුවකට මා වැන කාලකන්නි හිගන්නෙකු කෙසේ නම් ආදරය කරන්නද..? බලා සිටිනා කෙනෙකුට, එය වසරේ මහා විහිලුව වනු ඇත..

    "උඹ හිතන්නෙ මං දිනූකා මිස්ට ආදරේ කරනවා කියලද..?"

    "උඹම ඒක මගෙන් අහපු එක හොදයි කාංචන.. නැත්නම් මට ඒ කතාව පටන් ගන්න අමාරු වෙන්න තිබුණා. මට තේරෙන විදියට නම්, මේ වෙන්න යන දේවල් වල හැටියට හැටියට නම් ඒක එහෙමම තමයි.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි කාංචන.."

    "එහෙනම්..?"

    "උඹට මේ දෙයින් කිසිම දෙයක් ලැබෙන්නැති එකයි..."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුබුදු ඒ වචන ටික කියූ දඩබ්බර විලාසයට මගේ පපුවේ සෑම අංශු මාත්‍රයක්ම යළිත් අලුතින් ඇවිලී ගියේය.

    "ඇ.. ඇයි උඹ එහෙම කියන්නේ..?"

    "හේතු ගොඩක් තියෙන හින්දා කාංචන.. මං උඹට මගේ මල්ලි කෙනෙකුට වගේම ආදරෙයි.. උඹ විහින් ජීවිතේ කාලකණ්නි කරගන්නවා බලන් ඉන්න මට බෑ.. උඹට ඩිංගක් හිතපං.. දිනූකා මිස් ගැන හිතන එක පවා හීනයක් නේද..? මිස්ට කොයි තරම් සල්ලි තියෙනවද කියලා මිස්වත් දන්නෑලු කාංචන.. ඇත්ත ඒකයි.. සල්ලි උඩ පීනන මිස් වගේ කෙනෙකුට උම වගේ අහිංසකයෙක් ගැන සමනළ පිහාට්ටක් තරම්වත් හිතන්න දෙයක් නෑ.."

    "වැරදිලා හිතුවොත්..?"

    "හිතුවොත් නේද..? ඒ හිතන්නෙත් එයාගෙ වාසියට.. වෙන මොනවටවත් නෙමෙයි.. අඩුගානෙ ඒකවත් තේරුම් ගනිං.."

    කෑම ඩිංගක් ඉතිරිව තිබියදී අත සෝදා ගැනීමට පුබුදු පටුවෙන් නැගිට්ටේය. මම මගේ කෑම එක දිහා බැලුවෙමි. ඇත්තටම බලන්නට පවා දුකය. කෑම පිගාන බෙදාගෙන ආ පරිද්දටම මේසය මත තිබේ. ඇත්තටම මා මේ නොකා නොබී විදවන්නේ කවුරුන් වෙනුවෙන්ද..? මෙයින් මා හට ලැබෙන්නේ මොනවාද..? තේරුමක් ඇති දෙයක් වෙනුවෙන් නම් විදවීමට නොවේ, ඊටත් එහා දෙයක් වුවද කරන්නට මම කැපවෙමි. එහෙත් මා මේ ගෙවන්නේ කවර නම් කාලකණ්නි ජීවිතයක්ද..?

    *****************************

    පුබුදු ගියාඉන් පසුව කෑම පිගාන එලෙසම තිබෙන්නට ඉඩ හැර මම නැවතත් දිනූකා මිස්ගේත්, මගේත් කාර්යාල කාමරය තුලට ඇතුලු වූයෙමි. කාමරය පුරා පැතිරී තිබුණේ අති විශාල වූ පාලුවකි. එහෙත් මේ බියකරු පාලුව පරද්දන්නට මෙන්, දිනූකා මිස්ගේ විලවුන් සුවද වඩ වඩාත් දැඩිව කාමරය තුලින් හමා එනන්ට විය. හරියට ඇය මගේ අසලම සිටිනවා වැනිය. මම නොසන්සුන් වූ සිතින් හාත්පසම බැලුවෙමි.

    දිනූකා මිස් මා හට කීවේ ඇය ගෙදර යන බව නොවේද..? එහෙත් ඇය කාමරය තුළ හිදිද්දී දැනෙන විලවුන් සුවදම, ඇය කාමරය තුළ නැතිවිටත් දැනෙන්නේ කෙසේද..? මෙය නම් මහා පුදුමයකි. සමහර විටෙක ඇයගේ විලවුන් බෝතලය වැරදීමකින් හෝ මේ කාමරයේ කොහේ හෝ තබා ගියාදැයි කියන්නට බැරිය. එහෙත් මේ තරම් සුවදක් එන්නේ කොහි සිටදැයි කියා සිතාගත නොහැකිව මම නැවතත් පුලු කාමරයම දැඩිව පරික්ෂා කළෙමි.

    එහෙත් මා දැකී දෙයක් නැත. මා සෙයා ගත් දෙයක් නැත. කෙසේ වුවත් මම එක දෙයක් දන්නෙමි. ඒ මේ කාමරය තුළ මොකක් හෝ රහසක් ඇති බවය. සමහර අවස්ථාවන්හිදී දිනූකා මිස් කාමරය තුළ නොමැති අවස්ථාවල ඇයගේ දෑතේ වලලු එකිනෙක ගැටෙනා හඩ පවා සිහිනයෙන් මෙන් මට ඇසෙයි. එහෙත් ඇය දෑස පෙනෙනා කිසිම මානයකවත් නැ. තවත් විටෙක මට නොසෑහෙන්න බැන අහවර වී කාමරයෙන් පිටව ගිය පසු, මේසයට ඔලුව ඔබාගෙන සිටින මා හට සැනෙකින් ඔලුව උස්සා බැලූ කල මගේ දෑසට හදුවන්නේ කාමරය තුළ ඇති දවස් වර දැක පුරුදු අජීවී වස්තූන්ය. එහෙත් ඒ අජීවී වස්තූන් අතරින් මට ඇගේ සුවද දිගින් දිගටම දැනේ. හරියට මා පමණක් ජීවී වස්තුවක් වන කාමරය තුල ඇය මට නොපෙනී මගේ ළගින් හිදිනවා වැනිය.


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-11.jpg


    11.png


    සවස මා කාමරයෙන් එනවිටත් පුබුදු පැමිණ සිටියේ නැත. දිවා කාලයෙන් පසුව කාර්යාලය තුළට වී සිටියාට, මා කිසිම දෙයක් කෙරුවේද නැත. පැය ගණනක් තිස්සේ මේසයට ඔලුව ඔබාගෙන අහස පොලව ගැට ගසන්නට මෙන් මම කල්පනා කෙරුවෙමි. අවසානයේදී මා ඔලුව ඉස්සුවේ, වාඩිවී සිටි්නට පවා නොහැකි තරමට දරුණු හිසරදයකුත් හදාගනෙය. සමස මා කාමරයට ආවේ ඒ කාලකණ්නි හිසරදය ද සමගය. එය මදක් හෝ සමනය වේ යැයි සිතා මම ඇදුම්වත් මාරු නොකර ඇදේ ඇල උනෙමි.


    ඇයියාට හුග දවසකින් කතා නොකළ බැව්. මා හට සිහිවූයේ එවිටය. පසුගිය දින වලදී එක දිගට සිදු වූ සිදුවීම් නිසා මා හට සැබැවින්ම මේ මුලු මහත් විශ්වයේ සිටිනා එකම නෑදෑයාව අමතකව ගොස් තිබිණි. එය මගේ සිතට ගෙනාවේ අති මහත් වූ පසුතැවිල්ලකි.


    "හවස මොකද වුණේ..?"


    කමීසයෝ බොත්තම් ගලවන ගමන්ම කාමරය තුළට ආ පුබුදු ඇසුවේය. මම හරි බරි ගැහී ඇදේ වැඩු වූයෙමි.


    "දිනූකා මිස් ආවේ නෑ.. ඒත්..?"


    "මිස්ගෙ පර්ෆියුම් සුවද නම් හෝ ගාලා තිබ්බා.. එහෙමනේ.."


    යාංතමට සිනාවනෙ ගමන් පුබුදු මදෙසට හැරුණේය. ආයෙ කියන්නට නම් දෙයක් නැත. මගේ කාමරයේ සිදුවන සියලුම දෑ ඇස් වසාගෙන වුවද ඔහුට කියන්නට පුලුවන. මම කිසිවක් නොපවසා පුබුදු සමග සිනහවිමි.


    "කාංචනගෙ මූණ උදේ තිබ්බටත් වැඩිය අප්සට් ගිහින් නේ.. ඇයි සනීප නැද්ද..?"


    "මට ටිකක් හිසරදේ වගේ.."


    "අර මේසෙ උඩ පෙනඩීන් පෙති දෙකක් තිබ්බා.. ඉන්න මං ඒක අරගෙන දෙන්නම්.."


    පුබුදු දුන් පෙනඩීන් පෙති දෙක වතුර වීදුරුවක් සමග එක හුස්මට බීමෙන බීගෙන ගියෙමි. මගේ සිහිකල්පනාව කොතරම්ද කියනවා නම් මේසය කොනේම තිබූ පෙනඩීන් පෙති දෙක මා දුටුවේ පුබුදු දුන් පසුවය.


    "පහුගිය ටිකේම කාංචන හිතේ කරදරෙන් හිටපු හන්දා මං මේ දේවල් කිව්වෙ නෑ.. ඒත් දැන් ඒවා නොකියා ඉන්න බැරි තැනට ඇවිල්ලා.."


    "මොනවද පුබුදු..?"


    පපුවේ ගැස්ම හීන් සීරුවේම වේගවත් වෙද්දී මම ඇසිමි. ඇත්තටම මෙය මාගේ ජීවිතයේ නපුරුම කාලයක් විය යුතුය. අසන්නට දකින්නට පවා ලැබෙන්නේ නිරන්තරවම සිත රිදවනා දේවල්මය. සිත් සැනසිමෙන් දිවි ගෙවූ එක පැය බාගයක් නැත. මා හට විහිලුවටවත් සිතාගත නොහැක.


    "මට හිතෙන විදියට නම් පූර්ණිමා රස්සාවෙන් අයින් වෙලා..."


    "දෙ.. දෙයියනේ..."


    හිස මත අකුණු දෙක තුනක් පතිත වූවා සේ, මම ගින්දරෙන් දැවී ගියෙමි. සිතා ගන්නට තියා කතා කරන්නටවත් නොහැකිව මහා දුකකින් මම වල්මත් වී ගියෙමි.


    "අපි දන්නැති උනාට කෙල්ලට සෑහෙන්න කරදර තිබිලා කාංචන.."


    "ගෙදර කරදරද පුබුදු..?"


    "එහෙම නම් බම්බ කරන් කාපු රස්සාව දාලා යන්නෙ නෑනේ. කෙල්ල තනිකරම ගිහිල්ලා තියෙන්නෙ දිනූකා මිස් හින්දා.."


    "දිනූකා මිස් හින්දා..?"


    අසනා අසනා වචනයක් වචනයක් පාසා සිත සහමුලින්ම කඩාගෙන වැටෙද්දී, මම අසීරුවෙන් කටහඩ අවදි කරගත්තෙමි.


    "ඔව්.. මට කිව්වෙත් වෑන් එකේ ඩ්‍රයිවර් බන්දුල.. අපි දන්නැති උනාට දිනූකා මිස්, පූර්ණිමාට සෑහෙන්න වද දීලා තියෙනවා. කෙල්ලට කම්පියුටර් සෙක්ෂන් එකේ වැඩ කරන්න බැරි තැනටම ඇදලා දාලා. පෙරේදා හවස පූර්ණිමා මේ පල්ලෙහා පඩිපෙල බැහැල ගිහින් තියෙන්නෙ මහ හයියෙන් අඩ අඩා කාංචන.."


    "දෙයියනේ.. මොන පවක්ද මේ අහිංසක කෙල්ලට පඩිසන් දීලා තියෙන්නේ..? මේ කෙල්ල දිනූකා මිස්ට මොන වැරැද්දක් කලාටද..?"


    "වැරැද්ද කෙරුවෙ උඹයි කාංචන.."


    පුබුදුගේ ඇස් කෙලින්ම එල්ල වී තිබුණේ මා වෙතටය. එහි තිබූ දීප්තිය දරා ගැනීමට නොහැකිව මම බිම බලා ගත්තෙමි. පුබුසු මේ කියන්නේ මොනවාද..? කුරා කූඹියෙකුටවත් වරදක් නොකළ මා වැරදිකරුවෙකු ලෙසින් පුබුදු හදුන්වන්නේ මොන සිතකින්ද..?


    "ම.. මං මොනවද කෙරුවෙ පුබුදු..?"


    ජීවිතයේ දුක්බරකමින්, අන්ත අසරණ අඩියටම වැටී සිටි මා වේදනාවෙන් පෙගී ගිය දෑසින් පුබුදුගේ දෑස දෙස බැලුවෙමි.


    "උඹයි, පූර්ණිමයි කතාබහ කරන එක, හම්බවෙන එක නැවැත්තුවාට, දිනූකා මිස් ඒක බිංදුවක්වත් විශ්වාස කරලා නෑ. එයා හිතලම තියෙන්නෙ එයාට හොරෙන් උඹල කතාබහ කරනවා ඇති කියලා.."


    "ඉතිං අපි හම්බවෙන්න තියා කතාබහ කරේවත් නෑනේ පුබුදු.. අනික මං ඒ වගේ දෙයක් කනව නම් උඹට නොකියා ඉන්නවද..? මට හැමදේකටම ඉන්නෙ උඹ විතරනේ.."


    අන්තිම හරිය කියාගෙන යද්දි මගේ සෑදට කදුලු උනා ආවේය. මෙය නම් පුදුමාකාර තරමේ අවාසනාවන්තකමකි. කදුළක් නොවැටී, සිනාවෙන් ගතවූ එකදු දිනයක්වත් පසුගිය කාලයේ ගෙවී ගියේ නැත. සමහර විට මා ගිය ආත්මයේ කල මහ විශාල පවක්, මේ ආකාරයෙන් මට පඩිසන් දෙනවා විය හැකිය. සිත මේ තරමට දුක්බරව ඇත්තේ ඒ නිසාය.


    "මං ඒක නොදන්නවා නමෙයි කාංචන.. ඒත් මේ පහුවුනු දවසක උඹ කැන්ටිමේදි පූර්ණිමත් එක්ක ලව් සීන් එකක් ඇක්ට් කරනවා දිනූකා මිස් දැකලා තියෙනවා.."


    "උ.. උඹ මේ මොනවද කියන්නේ..? උඹට පිස්සු හැදීගෙනවත් එනවද..?"


    පුබුදුගේ හතර බීරි කතාවට මම තක්කු මුක්කු වී ගියෙමි. මෙවැනි අවනඩු නම් පොල් ගසා හෝ කිව හැක්කේ දෙවියන්ටය.


    "පූර්ණිමා මේසෙට ඔලුව ගහගෙන අඩ අඩා ඉදලා තියෙනවා. උඹ එතෙන්ට ගිහින් කෙල්ලගෙ ඔලුවෙන් උස්සලා ආදරෙන් කතා කර කර ඉදලා තියෙනවා.."


    සැනෙකින් තත්පරයට දෙකට මට සියල්ල පැහැදිලි වන්නට විය. මේ අර පුබුදු, පූර්ණිමාට කතා කල පසු ඇය පුබුදු හා කතා නොකර ගිය දවසේ සිදු වූ සිදුවීමය. මා පූර්ණිමා ළගට ගියේ පුබුදුට එසේ කළේ ඇයිදැයි අසන්නටය. ඇය කිසිවක්ම නොපවසා මා ප්‍රතික්ෂේප කළ හැටි මගේ මනසේ තිබිණි. එය එසේ වෙද්දීත්, මේ දේවල් මේ ආකාරයට ප්‍රචායර වූයේ කෙසේද..?


    "හැමෝටම වැරදිලා පුබුදු.. ඔය කියන දවසෙ කැන්ටිමේ මට පූර්ණිමාව හම්බවුණා තමයි. ඒත් මං එයාගෙන් ඇහුවේ ඇයි පුබුදු කතා කලාම අහක බලන් හිටියෙ කියලා. අනික මං පූර්ණීමාගෙ ඔලුවෙන් උස්සලා ආදරේ හිතෙන විදියට බලන් හටියෙත් නෑ. කැන්ටිම කියන්නෙ ආදරේ කරන්න පුලුවන් තැනක් නෙමේනේ පුබුදු."


    "ඇත්තම තමයි.. ඔය කියන දවසෙ නේන්නම් පූර්ණිමා මට කම්පියුටර් සෙක්ෂන් එක ඉස්සරහදි ගණන් ඉස්සුවේ.. මං ඒක ඒ වෙලාවෙදිම උඹත් එක්ක කිව්වනේ.. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ, උඹ ඒක කෙල්ලගෙන් අහවි කියලා.. මට දැන් හැමදේම තේරෙනවා. මේක තනිකරම මිස්අන්ඩස්ටෑන්ඩ් කර ගැනිල්ලක්.."


    "මිස් අන්ඩර්ස්ටෑන්ඩ් හරි මිස්අන්ඩර්ස්කටර් වුණත් දැන් වැඩක් නෑනේ පුබුදු.. අර අහිංසක කෙල්ල හම්බ කරන් කාපු රස්සාව දැන් නෑනේ.. අපි දැන් මේකට මොකද කරන්නේ..?"


    ඒ වනවිට මගේ මනසේ ඇදී තිබුනේ ඇඩීමෙන් හෙම්බත් වී බයාදු ලෙස දෙස බලා සිටිනා පූර්ණිමාගේ අසරණ රූපයයි. බොහේ වේලාවක් යනතුරු මාගේ ප්‍රශ්නයට පුබුදුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. පූර්ණිමාට කරදරයක් වේ යැයි බියෙන් මේ මොහොත දක්වාම හුදෙකලා පුලන්නෙකු සේ මා දත කට පියාගෙන සිටි බැව් සැබෑය. එහෙත් තවදුරටත් ඒ නිහඩ වෘතය මා රකින්නේ කෙසේ..? මුලු හිතම හෝදා පාලුවී කාලනණ්නි වී ගියාක් බදු හැගීමක් හිතට දැනෙද්දී මගේ දෑසට කදුළු උනා ආවේය.


    "උඹ හිතන්නෙ මොනවා කලොත් හොදයි කියලද..?"


    ප්‍රශ්නයට බොහෝ වේලා ගොසින් උත්තරයක් ලෙසට ලැබුණේද ප්‍රශ්නයකි. කළ යුතු දේ කුමක්දැයි සිතා තිබුණේ මෙයට බොහෝ වේලාවකට කලිනි. එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිදැයි දන්නේ දෙවියන් පමණි.


    "අපි පූර්ණිමාලහ යමු.."


    "අදහස නම් හොදයි කාංචන.. ඒත් දිනූකා මිස් දැගනගත්තොත්.."


    "ඉතිං දැනගත්තාවේ.. අපිට මොකද.. එයාට ඕන ඕන විදියට මං නටන්නෑ කියලා හිතාගත්තා.. මොන මළ කරුමයක්ද පුබුදු මේ මගේ පස්සෙන් එලවන්නේ.. බලන් ගියහම කිසිම නිවනක් නෑ නේ.. මට හැමදේම, හැමදේම එපා වෙලයි තියෙන්නේ.. අනික දැන් ඉතිං පූර්ණිමත් මේක ඇතුළෙ නෑනේ.. මං විනීතව, තැන්පත්ව හැසිරිලා කවුරු ආරක්ෂා කරන්නද..?"


    මා සිතුවේ මගේ කතාවෙන් පුබුදු සතුටින් ඉපිල යයි කියාය. එහෙත් එය වූයේ නැත. කිසිමදාක මා පුබුදු වෙතින් දැක නොමැති බයාදු බැල්මකින් මුළු මූණම පුරවාගෙන, මේ ආයතනයේ සිටිනා එකම මිත්‍රයා බිම බලා ගත්තේය. සෑම දෙයකටම මට උපදෙස් දී මාව ආරක්ෂා කළ, මගේ ආදරණිය හිතවතා මෙලෙස හැසිරෙන්නේ ඇයිදැයි සිතා ගැනීමට නොහැකිව මම ලතවුණෙමි.


    "කාංචන එහෙමද හිතන්නේ..?"


    පුබුදුගේ කටහඩ පිරී ගොස් තිබුණේ මහා දුකකිනි. කවදාවත් නැති විලසට ඔහු මේ ලෙසින් බිමටම වැටී සිටින්නේ ඇයි..?


    "ඇයි පුබුදු මං වැරැද්දක් කිව්වද..?"


    "කාංචන වැරැද්දක් නම් කිව්වෙ නෑ.. ඒත්.. ඒත්..."


    කතාව නවතා පුබුදු මගේ අතකින් අල්ලා ගත්තේය. මෙතෙක් කලක් මා වෙතට දැඩි රැකවරණයක් දුන් ඒ මෘදු දෑස්වල ඇති අන්ත අසරණකම දකින්නට මට දෙවරක් ඔහු දෙස බලන්නට අවැසි නොවීය.


    "කියන්න පුබුදු... ඕන දෙයක් කියන්න.. මං අහගෙනයි ඉන්නේ.."


    "ඔයා කවුරු ආරක්ෂා කරන්නද කියලා මගෙන් ඇහුවා.. පූර්ණිමාව බේරගන්න ඔයාට බැරිවුණ එක ඇත්ත.. ඒත් ඒත් ඔය ඩිංගට ඔයාට මාවත් අමතක වුණාද කාංචන.."


    හුදෙකලා පට්ට පාලු ඝනදුරු රැයක, හොල්මන් සීයක් මුණ ගැහුණාක් වැනි බියකින් මම සලිත වී ගියෙමි. දෙවියනේ... පුබුදු මේ නොකියා කියන්නේ මා ඔහුවත් ආරක්ෂා කළ යුතු බව නොවේද..? ඔහුගේ රැකියාවට මෙන්ම, ඔහුටත් මා නිසා දිනූකා මිස්ගෙන් තර්ජනයක් එල්ල වී ඇති බවද..?


    "
    දිනූකා මිස් උඹට මොනවා හරි කිව්වද..?"

    හැම ප්‍රශ්නයකම උල්පත එතැනය. ප්‍රශ්න ගලා ආවේ එතැනිනි. තත්පරයක් දෙකක් මාදෙස බලා හිද පුබුදු ශෝකී මදහසක් මුවට නගා ගත්තේය. මා මගේ ලොවේ ශක්තිවන්තයෙකු ලෙස සිතා සිටි ආදරණිය හිතවතාගේ මේ බිද වැටීම මගේ ශක්තියද බිද දමන්නාක් වැනිය.


    "අපි ඒ ගැන කතා නොකර ඉමු කාංචන.."


    "කතා නොකර ඉදලා බෑ පුබුදු.. මට මේ හැමදේම දැන ගන්න ඕන. අඩුගානෙ මේ වෙන දේවල්වත්, මට තේරුම් ගන්න පුළුවන් එතකොටයි.."


    දිවා ආහාර වේලාවේ පුබුදු කතා කල විලාසයත්, දැන් කතා කරන විලාසයත් අතර තිබූ පරස්පරතාවය ගැන දෙවරක් සිතන්නට මට අවැසි නොවීය. ගෙවී ගිය සවස් කාලයේ කුමක් හෝ දෙයක් සිදුවී ඇත. මෙතෙක් කලක් මාවත් රැකගෙන සිටි දහිරියවන්ත මිතුරාගේ ශක්තිය බිද වැටීමෙන් පෙනෙන්නේ සිදූවී ඇති දෙය නම් හොද දෙයක් නොවන බවය.


    "මට හවස දිනූකා මිස් කතා කලා.."


    මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. කවදාවත් නැතිව පුබුදුට, දිනූකා මිස් කතා කරේ හොදකට නම් වෙන්නට බැරිය. අනික දිනූකා මිස්ගේ හෙවනැල්ල ගෑවුණේද එය කෙලවරේ වන්නේ මහා දුකකි. ජීවිතය කඩා ඉහිරවන කලකිරීමකි. එය අත්දැකීමෙන් දන්නා මා හට පුබුදුගේ කතාවට බිය වීමට සෑහෙන සාධාරණ කරුණු රාශියක් තිබිණි.


    "දිනූකා මිස් කතා කලා... කොහේ ඉදන්ද..?"


    "කොහේ ඉදන්ද කියලා නම් මං දන්නෙ නෑ.. එත් මිස් මගෙන් කෙලින්ම ඇහුවා පූර්ණිමාට වෙච්ච දේ කරගන්න ආසාවක් තියෙනවද කියලා. "


    මගේ මුලු ඇගම පණ නැතිවී ගියාක් බදු හැගීමක් මට දැනෙයි. දෙවියනේ.. මේ කවර නම් පාපයක්ද..? මගේ ළගින් සිටිනා අයට මෙලෙසින් දඩුවම් ලැබෙන්නේ ඔවුන් මට ළංවී සිටිනා නිසාද..? මට වෙන්නේ කවුරුවත් නැතුව හුදෙකලා වී සිටින්නද..?


    "මං ඇහුවා ඇයි මිස් එහෙම කියන්නෙ කියලා.. ඒත් දිනූකා මිස් වචනයක්වත් කිව්වෙ නෑ.. මං කීප සැරයක්ම ඒ ප්‍රශ්නෙ ආයෙත් ඇහුවම මිස් කිව්වා හැමදේටම කලින් රස්සාව ආරක්ෂා කරගන්න කියලා.."


    "මිස් එච්චරද කිව්වේ...?"


    "ඔව් කාංචන.. මට පේන විදියට මිස් ඩිංගක්වත් කැමති නෑ උඹ කාටවත් ලංවෙනවට.. මට දැනෙන එකම දේ ඒකයි.. පූර්ණිමාට මේ තරම් ලොකු වන්දියක් ගෙවන්න උනෙත් ඒකයි.. තව ඉස්සරහට මට වෙන්නෙත් ඒකම තමයි.."


    "නෑ.. නෑ.. පුබුදු.. මං කවදාවත් උඹට කිසිම දෙයක් වෙන්න දෙන්නෑ.. පූර්ණිමාව මට බේරගන්න බැරි උන එක ඇත්ත.. ඒත් මං උඹව බේරගන්නවා. උඹව බේරගන්නම බැරි තැනට මාව පත්වුනොත්, මං මේ හැමදේම අතෑරලා දාලා ඔලුව හැරුණු අතක යනවා. මට වෙන කරන්න දෙයක් නෑ.."


    මා කී දේට පුබුදු කිසිවක්ම කීවේ නැත. ඔහුගේ මුලු මුහුණ පුරාම සිතක් අසන්තෝසයට පත්වීමේ අංග ලක්ෂන අඩුවක් නැතිව දකින්නට ලැබිණි. එසේම ඔහුගේ මූණ දෙස දෙවරක් බලන්නටද මට ඇවසි නොවීය. මම සෑම දෙයක්ම නිවැරදිව තේරුම් ගතිමි..


    "තව ඉස්සරහට මට උඹත්තෙක්ක වචනයක්වත් කතා කරන්න බැරිවෙයි.. කොටින්ම මටයි, උඹටයි මෙතන මේ රූම් එකෙත් ඉන්න බැරිවෙයි.."


    "ඒ ඇයි පුබුදු..?"


    "මට හිතෙන විදියට ඒක එහෙම වෙයි.. දිනූකා මිස් මොකාට එන්න හදනවද කියලා මට තේරෙන්නෑ.. ඒත් මට එක දෙයක් තේරෙනවා.. ඒ තමයි උඹව, අපි හැමෝගෙන්ම උදුරලා එයා ළගට ගන්න හදන එක. හැබැයි ඉතිං මොනවා උනත්, මං ඒ දේට කැමතියි. මොකද උඹ වගේ අහිංසක කොල්ලෙකුට හරියනවට මං මගේ හදවත ඇතුළෙන්ම කැමති හන්දා.. ඒත්..?"


    "ඇයි පුබුදු...?"


    "ඒත් ඒක එහෙම නොවුණොත්..? දිනූකා මිස් උඹව පාගලා දැම්මොත්..?"


    පුබුදුගේ ප්‍රශ්න දෙක ඉදිරියේ මට දීගන්නට තරම් හොද උත්තරයක් තිබුණේ නැත. අනේ දෙවියනේ.. මේ තරම් ප්‍රශ්න ගොඩක් මැදට අපිව තල්ලු කර දැමුවේ ඇයි..? මා වැනිම අහිංසකයෙකු වූ පුබුදුටත් මගේ අවාසනාවන්තකම බෝ වූවාක් වැනිය. ජීවිතයේ සුන්දර සමනළ හීනයන් පෙනි පෙනීම මා හට නරකාදියේ ආවාට මතක් කරන්නේ මේ දෛවයමය..



    End.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-12.jpg


    12.png


    පසුදා මා අවදි වූයේ රාත්‍රියේ තිබූ හිසරදය දෙගුණ, තෙගුණ වී දැනෙද්දීය. මුළු ඔලුවම මහ වේදනාවකින් පෙලෙන්නට වූයේ මහ මෙර ඔලුව උඩින් තැබුවාක් මෙනි. මා අවදි වන විටදී පුබුදු කාමරයේ සිටියේ නැත. අද උදෑසනම, දිනූකා එන්ටර්ප්‍රයිසස් අනෙක් ශාඛාවේ ගණන් හිලව් වගයක් නිවැරදි කර ගැනීමට පුබුදු යන බවක්, කී හැටි මට මතක් වූයේ ඒ වෙලාවේදීය. අද වැඩට නොයා උදව වරුවේ හෝ කාමරය තුළට වී සිටිවා නම් හොදය. මාස ගණනකින් මා එකදු නිවාඩුවක් හෝ ලබා ගත්තේ නැත. නිවාඩුවක් ගන්නට හිතේ කැමැත්ත තිබුණත් දිනූකා මිස්ගෙන් ඒ ගැන අහන්නට බැරිකම නිසාවෙන් මම සෑමදේම දරාගෙන උන්නෙමි. සේවයට ආදා සිට, මා අයියා හා ජයවර්ධන අංකල්ව බැලීමට ගොස් ඇත්තේ ද එකවරකි. ඔවුන් මා ගැන මොනවා සිතනවාදැයි සිතන විට හිසේ කැක්කුම තව වැඩිවෙයි.

    වැඩට නොයා ඉන්නට සිතුනද, ඊයේ දහවලෙන් පසුව දිනූකා මිස් නොදැකි බව මට මතක්විය. ඇයව එක් වරක් හෝ දුටුවෝතින් මේ හිසරදය සමහර විට අඩුවනු ඇත. එසේ නැතිනම් තිබ්බාටත් වැඩිය තවත් වැඩිවනු ඇත. කෙසේ වුවද අතට අසුවුණු කමීසයක් හා කලිසමක් ඇදගෙන මම කාර්යාලයට ඇතුලු විමි. මගේ දෑස කෙලින්ම යොමු වූයේ යුරෝපීය ඇදුම් කට්ටලයකින් මනා ලෙස සැරසී හුන් දිනූකා මිස් වෙතටය. උදෑසනම නැවුම් පින්නේ පිපුණු රෝස කුසුමක් මෙන් ඇය විකසිතව සිටියාය. පෙනෙනා හැටියට නම් අද දවස සුභ දවසක් වාගයෙ. මගේ හිතේ වූ බර ගතියද කෙමෙක් කෙමෙන් අඩු වී යනු මට දැනෙයි.

    "ගුඩ් මෝර්නින් මිස්.."

    මම කට පුරා මෙන්ම, හිත පුරාද අහිතකින් තොරව කීවෙමි. දිගු සොදුරු දෑස සැනෙකින් මා වෙතට එල්ල විණි. එහෙත් මා බලාපොරොත්තු වූ සුහද බව එහි තිබුණේ නැත.

    "තව ටික වෙලාවක් ගියා නම් ගුඩ් ආෆ්ටර්නූන් කියන්නත් තිබ්බා තමුන්ට ඕන ඕන වෙලාවට එන්න මේක අම්බලමක් කියලා හිතුවද..?"

    මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මා මොහොතකට කලින් සිතුවේ, මගේ අපල කාලය අවසන්ව ඇති බවය. එහෙත් එය මේ කපේ අවසන් නොවනා බැව් මේ ඇසෙන වදන් සාක්ෂි දෙයි.

    "ම.. මට ටිකක් සනීප මදි මිස්.. මං වැඩට ආවෙත් අමාරුවෙන්.. නොයා ඉන්න බැරි හින්දා.."

    මගේ අසරණ වචන වලට ඇයගේ ඇත් දළ පැහැගත් මුහුණේ දැඩි අමණාපයක් සටහන් විය. ඇයට මේතරම් නොරොක් වන්නට මා කළ එකම වැරැද්ද පමාවී සේවයට වාර්ථා කිරීම දැයි මම දහ අතේ සිතුවෙමි.

    "නොයා ඉන්න බැරි නම් ඒකටත් හේතුවක් ඇති නේ.. ඔය කියන තරම් අමාරුකම් තියාගෙන මෙතෙන්ට පරක්කු වෙලා දුවගෙන එන්නේ, ඇයි මෙතන කවුහරි ඉන්නවද දවසක් හරි නොදැක ඉන්න බැරි.."

    "එ.. එහෙම දෙයක් නෑ මිස්.."

    "නැත්නම් කොහොම දෙයක්ද තියෙන්නේ..?"

    "කිසිම දෙයක් නෑ.. මං අමාරුවෙන් උනත් ආවෙ මේ ආයතනයට ආදරේ හින්දා.. මට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න උදව් දෙන හින්දා.."

    "බොරු කියන්නෙපා.. බොරු කියන්නෙපා.. මට ඔය බොරු කියන මිනිස්සු පේන්න බෑ.. හිතේ එකක් තියාගෙන, බඩේ තව එකක් තියාගෙන, කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් එකක්.. ෂිහ්.. මට.. මට තමුන් ගැන ලැජ්ජයි.."

    හිදගෙන හුන් තැනින් නැගිට ඇය කෙලින්ම මවෙතට ආවාය. වෙන්නට යන්නේ කුමක්දැයි නොදැන මම සිටගෙන සිටි ඉරියව්වෙන්ම තක්කු මුක්කු වී බලා සිටියෙමි. ඇය මට පහර දෙන්නට මෙන් මේ කඩා බිදගෙන එන්නේ ඇයි..? මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. ඇයට මා ගැන ලැජ්ජා සිතීමට තරම් දෙයක් මම කර නොමැත්තෙමි. සැමදා මා ඇයට විශ්වාසවන්තව, පක්ෂපාතීව සිටියා නොවේද..?

    "ම.. මං මිස්ට ලැජ්ජා වෙන්න තරම් දෙයක් කරලා නෑ.. මිස්.. මං මේ ආයතනයට ආදරෙයි කියලා කිව්වෙත් ඇත්තටමයි.."

    මගේ මුහුණ ඉදිරියට විත් නැවතුණු, ඒ සොදුරු රූපයට මම අහිතකින් තොරව කීවෙමි..

    "මට ලැජ්ජා කරේ නෑ කියලද කියන්නේ..?"

    මා වෙතට දබරැගිල්ල දිගු කරමින් ඇය කඩා පැන්නාය. ඊයේ දහවලින් පසුව කුමක් හෝ දෙයක් සිදුවී ඇතැයි දැන් දැන් මට සිතෙයි. ඇය හදන්නේම මා සමග රන්ඩුවකට පැටලීමටය. ඒ නිසාම ඒ ඉඩ අවම කිරීමට මා හැකි තරම් උත්සාහ ගත්තෙමි. මා කාර්යාලයට ප්‍රමාද වී පැමිණීමේත්, මේ දැන් සිදුවීගෙන යන කතා බහෙත් කිසිදු සම්බන්ධයක් නැති බැව් මට වැටහෙයි.

    "තමුන්ගෙ මාලුපාන් ගෙඩියෙන් කෑල්ලක් උදුරගෙන කෑවා කියලා, තමුන් පුබුදුත් එක්ක කිව්නෙ නැද්ද..? එහෙම කියලා හක හක ගාලා කැත විදියට මට හිනා වුණේ නැද්ද..? මනුස්සකමට පවු කියලා පුංචි බුරුලක් දුන්නහම හිතන්නෙ ඇද උඩටත් නගින්න පුලුවන් කියලා.. ඉස්සෙල්ලම තමුන්ගෙ තත්වෙ දැනගන්නවා.."

    මම තුන් මුනින් දාඩිය දාගෙන, විළි වැදී ගියෙමි. දෙවියනේ.. මේ තරම් අසික්කිත කතාවක් දිනූකා මිස්ගේ මුවින් කෙසේ නම් පිටවුණාද..? ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාන්දරය මා පුබුදුත් සමග කියූ නිසා බැව් පැහැදිලිය. එහෙත් මා පුබුදු සමග කළ කතාබහ ඇය දන්නේ කොහොමද..? අනික ඊයේ දහවලින් පසුව කාර්යාලයට ඇය ආවේද නැත. එක්කො මේ කතාව කියනවා නම් කිය යුත්තෙ පුබුදුය. එහෙත් ලෙංගතු මිත්‍රෙයකු වූ පුබුදු වෙතින් එවැනි පාවාදීමක් කිසි කලෙක සිදුවන්නට බැරිය. එසේ නම් මේ හැමදේම දිනූකා මිස් දැනගත්තේ කොහොමද..? මගේ හිසේ කැක්කුම තව තවත් වැඩිවනු මට දැනෙයි. මේ විදියට පීඪා විදින්නට සිදුවුවහොත් තව ටිකකින් මගේ ඔලුව හත්කඩකටවත් පුපුරා යනු ඇත.

    "ඇයි.. මොකද කතා කරගන්න බැරිද..? ඕන උනේ එක එකා ඉස්සරහ මාව පාච්චල් කරලා දාන්නනේ.. දැන්වත් සනීපද..? දැන්වත් නිද්ද යාවිද..?"

    ඇය තවත් මොනවදෝ කියවමින් මට පස් පඩංගුවේ බැන වදියි. ඇතත්ටම ඇය මේ කියනා කිසිවක් දැන් දැන් මගේ හිතට වදින්නේ නැත. කලු වලාකුලකින් වැසී ඇති සොදුරු සදවතිගේ නොරිස්සුම් සහගත දෙනෙත් දෙස මම එක එල්ලයේම බලාගෙන සිටියෙමි. රටේ නැති අනේක ජාති කියමින් ඇය මා හට මෙලෙසින් බැණ වදින්නේ ඇයි..?

    "ඒ පාර ගල් බමුණා වගේ ගොලු වෙලා ඉන්නවා.. කතා කරනවා.. කතා කරනවා.. ඇයි ඒ වගේ පහත් වැඩක් කලේ.. තමුන්ට කියලා පෞද්ගලිකත්වයක් නැද්ද..? කවද හරි දවසක තමුන් බැදලා හනිමූන් ගියාම, ඒ වෙන දේවලුත් යාලුවොත් එක්ක කියවලා ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බල්ලට දානවද..? කතා කරනවා..."

    "ම... මගේ අතින් එහෙම දෙයක් උනේ නෑ මිස්.. ප්ලීස්.. ම.. මට ඔය විදියට කතා කරන්නෙපා.. මං.. මං.. මිස්ට වැරැද්දක් කලේ නෑ.. මේ සිද්ධ වෙන දේවල් දරාගන්න බැරි හින්දයි මං පුබුදුත් එක්ක මේ හැමදේම කිව්වේ.. මගෙන් මෙහෙම පළිගන්න මං මිස්ට කරපු වැරැද්ද මොකක්ද...? දෙයියනේ.. මං.. මං මිස්ට මොනවද කරලා තියනේනේ..? අනික මං වගේ අසරණයෙකුට, මිස් වගේ ලොකු කෙනෙකුට මොනවද කරන්න පුළුවන්.. අ.. අනේ මට එහෙම කරන්නෙපා මිස්.."

    දෑසට ඉවසිල්ලක් නොමැතිව කදුලු ගලා එද්දී, මම වෙව්ලමින් කියාගෙන ගියාගෙන ගියෙමි. ඇත්දල පැහැ වතෙහි තිබූ නොරිස්සුමට තවත් අලුතින් කෝපයක්ද එක්කහු වනු මට පෙනිණි. ඇය හදන්නේ මා හට තවත් බැණ වදින්නටය.

    "ඔව් ඉතිං.. ඕනම දේකට ඇස් දෙකට කදුළු පුරවගත්තහම හැමදේම හරිනේ.. ඇත්තටම තමුන් හිතාගෙන ඉන්නෙ හොටු පෙරාගෙන ඇඩුවාම මේ වෙලා තියෙන දේවල් ආයෙත් තිබ්බ විදියට හැදේවි කියලද..?"

    ඒක නම් අසන්නට ඕනැ ඇගෙන්මය. හැමදේම නැති භංගස්තාන වෙන විදියට වැඩ කර, සියල්ලටම වැරදිකරු ලෙසය ඇයට පෙනෙන්නේ මාවමය. තවත් නම් මේ නින්දා, අවලාද ඇසිමේ ශක්තියක් මට නැත. ඇය මගේ මාලුපාන් කෑල්ල කෑවා කියා පුබුදු සමග කී එකට මේ තරම් සවුත්තු ලෙස හැසිරීමට ද ඇයට උවමනා නැත. මා කලින් කීවා සේ ඇය කුමක් හෝ තරහක් මගේ පිටින් දියකර හරින්නට උත්සාහ දරන බවක් මට පෙනේ..

    "අර පූර්ණිමත් මෙතනින් අස්වෙලා යන්න ඇත්තෙ තමුන්ගෙ තියෙන නෝන්ජල්කම ඉවසගන්න බැරිව වෙන්නැති. ඇයි ඉතිං ඕනම දේකට හොටු පෙරාගනෙ අඩනවනේ.."

    ඇය, මාව දමන්නට ඕනා පහත් තැනටම දැමුවද මගේ හිතට තරහක් ආවේ නැත. ඒත් පූර්ණිමාගේ නික්මයාම පිලිබදව ඇය කීවේ අමුම අමු මුසාවදයකි. කදුළු පෙරාගෙන වුවත් එතැනදී මට කට පියාගෙන හිදිය නොහැකිය. කලින් දවසේ දහවල් මහ මගදී ඇය කරන්නට ඇත්තේ සම්මානයක් සදහා වුවත් නිර්දේශ කළ හැකි තාලේ විශිෂ්ඨ රගපෑමකි. එහෙත් ඒ රගපෑමට මා වැනි අන්ත අසරණ හිගන්නෙකු දිනූකා මිස් තොරා ගත්තේ ඇයි..? මේ ආයතනයේ මට වඩා උගත්, සිත් ඇද බැද තබාගන්නා පිරිමින් කී දෙනෙක් නම් සිටිනවාද..? උන් එකෙක්වත් දුප්පත් කාංචන සේ ඇයට බයිට් එකක් වූයේ නැත්තේ ඇයි...?

    "පූර්ණිමා අස්වෙලා ගියේ මිස් හින්දා.."

    කදුලු එක දිගට ගලාගෙන ගොස් බොදවුණු දෙනෙතින් මම ඇය දෙස බැලුවෙමි. අපැහැදිලිව වුවත් ඒ කෝමල මුහුණේ සිදුවූ ක්ෂනික වෙනස්කම ගැන මම දුටුවෙමි. සැබැවින්ම දිනූකා මිස් තිගැස්සී ගියාය. මා කියූ දේ අදහා ගැනීමට බැරිව ඇය මොහොතක් මදෙස බලා සිටියාය. අන්ත අසරණ හිගන්නෙකු සේ ඇයගේ දෙපා ලෙවකමින් සිටි දුප්පත් කාංචනගෙන් මෙවැනි ප්‍රති ප්‍රහාරයක් ඇය කීයටවත් බලාපොරොත්තු නොවන්නට ඇත.

    "පූ.. පූර්ණිමා අස්වෙලා ගියේ මං හින්දා..?"

    "ඔව්.. දිනූකා මිස් මගෙන් පලි අරගෙන ඉවරවෙලා, අන්තිමට ඒ අහිංසක කෙල්ලගෙනුත් පළිගත්තා. හැබැයි ඉතිං මේ අද වෙනතුරුත් මමයි, පූර්ණීමයි මිස්ට කරල තියෙන වැරැද්ද මොකක්ද කියල අපි දන්නෑ.."

    "මොනවා.. මං තමුසෙගෙන් පළිගත්තා... මං.. මං මොකටද තමුසෙගෙන් පළිගන්නේ..? අනික මේ කොහේවත් ඉන්න පූර්ණිමෙක් මෙතනින් අස්වෙලා ගියාට ඒකට මං සම්බන්ධ වෙන්නෙ කොහොමද..?"

    මේවා නම් බලන්න ඕනෑ පත්තිනි ගම්බාර දෙවියන්මය. නඩුත් හාමුදුරුවන්ගේය.. බඩුත් හාමුදුරුවන්ගේ වූ කල අසරණ කාංචනලාට වෙන දේ උඩ ඉන්නා තිස් තුන් කෝටියක් දේවතා වහන්සේලාවත් දන්නේ නැත. කොටින්ම මට වෙන දේ මමවත් දන්නේ නැත.

    "මිස් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මං කියන්නම්. එතකොටවත් මිස්ට තේරේවිනේ, මිස් කොයි තරම් ලොකු හපන්කමක්ද කරලා තියෙන්නෙ කියලා.."

    "තමුසෙ කාටද ඔය කතා කරන්නේ..?"

    "ම.. මං මෙච්චර දවසක් ඉවසුවා මිස්.. දැන් නම් හොදටම ඇති.. මෙතන ඉදලවත් ඔය කැත විදියට කතා කරන එක නවත්තන්න.. මං මිස්ට කතා කරන්නෙ ගරු නම්බු දීලා. ඒක මගෙ හැදියාව.. ඒත් මිස්ගෙ හැදියාව කොහොම උනත් අඩුගානෙ මගේ නම කියලවත් කතා කරන්න.. මොකද සතෙකුට උනත් සලකන විදියක් තියෙනවනේ.."

    මම කියාගෙන කියාගෙන ගියෙමි. මෙතුවක් දවස් අන්තිම අහිංසකයෙකු සේ හිද මා ලැබූ දෙයක් නැත. මගේ ඒ අගය කළයුතු අහිංසකකම දිනූකා මිස් දැක්කේ නෝංජල්කමක් ලෙසය. එසේත් නැතිනම් ඩිංග ඇත්නම් ඇස් රතු කරගන්නා හොට්ට බේරෙන හිගන පාංකඩ කොල්ලෙක් හැටියටය. එහෙත් මටද ආත්මයක් ඇති බැව් මේ අහංකාර ස්ත්‍රී රත්නයට පෙන්වා දිය යුතුව ඇත. මේ මා අඩියෙන් අඩිය ඉදිරියට පියවර තබමින් යන්නේ ඒ මහගු කර්තව්‍යය සදහාය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ම.. මගේ හැදියාව ගැන කතා කරන්නේ, මං නරක ගෑණියෙක්ද මිනිහෝ... මොනවද මේ කියවන බහුබූත.."

    ගිරිය යටින් මහා සද්දෙට කෑගසමින් ඇය මගේ මූණ මැදට එබුණාය. ගස් ඉදිරී වැටෙන දැවැන්ත කුණාටුවක් මේ දුප්පත් කාංචනගේ පපුව උඩින් මහාගෙන ගියද දැන් එය ගැටලුවක් නොවේ. ප්‍රහාරයට හොදම දේ පසුබැසීම නොව පෙරලා පහර බැව් මම දැන් දන්නෙමි. ඒ දැනගත්තේද දිනූකා මිස් හා දිගින් දිගටම රන්ඩු වීමෙනි. ඇය මා මේ ආයතනයෙන් අස් කරනවා නම් මේ දැන් සිදුවන කතාබහ ඉහටත් උඩින්ය. ඒ දේට වුවත් දත කට මැද සූදානමින් සිටියෙමි. එහෙත් මෙහි එයට වඩා වෙනස් කතාන්දරයක් ඇති බවක් මට වැටහේ. ඒත් එය කුමක්දැයි මට හරිහැටි නිච්චියක් නැත.

    "මිස් නරක ගෑනියෙක්ද හොද ගෑනියෙක්ද කියලා මගෙන් අහලා හරියන්නෑ.. ඒවා මිස් මිස්ගෙන්ම අහගන්න.. මිස්ගෙ පපුව ඇතුළෙන් ඒකට හොද උත්තරයක් හම්බවෙයි.. අනිත් දේ තමයි පූර්ණිමා අස්වුණේ මිස් හින්දා කියන එක සියයට සියයක් ඇත්ත කතාවක්නේ මිස්.. පූර්ණිමාට මෙතන රස්සාව කරන එක තිත්ත වෙන විදියට වැඩ සිද්ධ කරා. හරියට මට දැන් කරගෙන යනව වගේ..."

    මෙතුවක් වේලා මට කෝපයේ හා වෛරයේ ගිණි පුළිගු එවූ නිල් දෙනෙත් හෙමින් සීරුවේ බිමට නැඹුරු විය. ඇපල් ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වී තිබූ ඒ පිරුණු කම්මුල් දෙක හිතා ගන්නටවත් බැරි තරම් අන්දමට සුදුමැලි පැහැ ගැන්වී ගියේය. දෙවියනි ඇයට මේ වෙන්න යන්නේ කුමක්ද..?

    "මා... මාව අල්ල ගන්න.. මට කලන්තෙ වගේ..."

    වියලී ගිය දෙතොලින් අවසන් වරට පිටවූ වදන් පෙල එසේ විය. අල්ලාගෙන සිටි පුටු ඇන්දද පෙරලාගෙන දිනූකා මිස් බිමට ඇද වැටෙද්දී මම ඇසිල්ලකින් ඇය දෙසට පැන්නෙමි. තව තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් දිනූකා මිස් හතර ගාතේ දමා බිමය. එහෙත් සැමදා ඇයගෙන් කුණුවෙන්න බැනුම් ඇසූ දුප්පත් කාංචනගේ දෑත මතට ඇදගෙන වැටෙද්දී, මා හට මුහුණ දීගත නොහැකිව දෝ ඇය දෑස පියාගත්තාය.

    **********************************

    මගේත්, දිනූකා මිස්ගේත් මේස දෙක අතර තිබූ ඇන්දක් නැති කුෂන් සෙටියේ ඇයව බොහෝ පරිස්සමින් හාන්සි කරවූයෙමි. මුදු මොලොක් ගෑනු ආත්මයක් මෙතුවක් එකට බද්ධ වී සිට අතැර ගියාක් බදු හැගීමකින් ඒ වේලාවෙදි මම දැවී ගියෙමි. තව බොහෝ වේලාවක් ඇයට කලන්තය සැදී තිබුණා නම් කොයි තරම් හොදද..? එසේ නම් ඇය තවමත් මගේ තුරුල්ලේය. එහෙත් නපුරු දෛවය, විනාඩි දෙකකට වඩා මේ අසරණ කොල්ලාට, ඒ ලොව්තුරු පහස විදගන්නට ඉඩ දෙන්නේ නැත. මේසයකොනේ තිබූ සීතල වතුරු බෝතලය ගෙන මම දිනූකා මිස්ගේ මුහුණට ඉස්සෙමි. සුදුමැලි වී තිබූ කම්මුල බලා සිටිද්දී රත් පැහැ ගැන්වෙනු මට පෙනිණි. පුංචි ළදැරියක සේ ඇය සෙමෙන් සෙමෙන් දෑස විවර කර මදෙස බැලුවෙමි..

    "ඒ.. ඒ.. තරම් නපුරු දෙවල් ඇයි මට කිව්වේ....?"

    පුංචි කාලයේ කියවා ඇති සුරංගනා කතාවක සිටින ලස්සන සුරංගනාවක් මට සිහිවෙයි. හිමිකර ගැනීමට හෝ දැක ගැනීමටවත් වරම් නොමැති ඒ කතාව මා රසවින්දා නොවේද..? ඒ සුරංගනාව ගැන හිතේ සිහින මංදිරයක් ඉදි වූවා නොවේද..? එසේ නම් මේ දැන් උදා වී ඇති වාසනාවන්ත මිනිත්තු කිහිපය ගැන මා කුමක් නම් කියන්නද..?

    "නපුරු දේවල් මම නෙමෙයි මිස් කිව්වේ.."

    "එහෙනම්...?"

    "මිස්ම තමයි.."

    "මම ඔයාට නපුරුකම් කලේ නෑ කාංචන.."

    දනූකා මිස් වෙතින් පිටවූ ඒ වචන පේළිය දිගේ මම සිය දහස් වරක් ඇවිද ගියෙමි. දෙවියනේ.. දැන් ඩිංගකට කලින් තමුසෙ කියා පහත් වචනවලින් බැණ වැද ඇය මේ කතා කරන වචන ගැන මට මහත් පුදුමය. කලින් දින කළා සේම ඇය මේ කරන්නේ රගපෑමක්ද..? මුදල් නොගෙන කරනා නිසා එය නිකම්ම නිකම් රගපෑමක්ද නොවේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගරු රගපෑමකි..

    "මිස් මට නපුරු කම් කලේ නෑ කියලා මිස්ටම හිතෙනව නම් ඒ ගැන තවත් දුරට කතා කරලා වැඩක් නෑ මිස්.. මේ හැම දෙයින්ම හුගක් විදෙව්වෙ මමයි. ඒත් ඒ විදවීම මට උරුම කරපු මිස්ම කියනව නම්, මේ කිසිම දෙයක් මිස්ට දැනුණේ නෑ කියලා මං මහ අවාසනාවන්තයෙක්. එතකොට මං මේ විදපු දුක් කිසිම දෙයක් මිස් දන්නෙවත් නෑ කියලද මිස් කියන්නේ..? මිස්ගෙ හැම වචනෙකටම, හැම ඉරියව්වකටම අනන්ත වාරයක් හිත රිද්දගත්තු මේ කාලකණ්නි ආතමෙ ගැන මිස් අබමල් රේණුවකවත් තැකීමක් කරේ නෑ කියලද මිස් මේ කියන්නේ..? අ.. අනේ දිනූකා මිස්.. ගෙදරක ඇති කරන සතෙකුට වැඩිය පහත් තැනකද මම මෙතන ඉන්නේ..?"

    මැලවී ගොස් තිබූ නිල් මහනෙල් මලක සොදුරු අසිරියට උරුමකම් කියූ හැඩකාර දෙනෙත පලා කදුලු කැට මතුවෙමින් තිබිණි. එහෙත් මේ දුප්පත් කාංචනට ඒ කදුලු පිහ දැමීමට වරම් තිබුණේද නැත. හුන් තැනම මුල් ඇද ගත්තා සේ මම ගල් ගැසී බලා සිටියෙමි. දිනූකා මිස් සෙමින් සෙමින් නැගී සිටියාය. ජීවිත කාලයක් මුලුල්ලේ කාගෙන්වත්, ආදරණිය වචනයක් හෝ ආදරණිය බැල්මක් නොලැබුණු හුදෙකලා මානවයකෙු සේ මම, මගේ දෑස් ඉදිරිපිට සිටි සොදුරු සුරංගනාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. ඇය එකදු බැල්මක්වත් අහකට නොයවා මා දෙස බලා සිටියාය. අනේ මෙහෙමම ලෝකය නවතිනවා නම්...? මේ මුළු මහත් විශ්වයම විනාශ වී යනවා නම්.. හදවතට දැනෙන මේ සුපහන් වූ හැගීම තියාගෙනම මටද විනාශ වී යා හැක.

    "ම.. මං ඔයාට හිතල කිසිම දෙයක් කලේ නෑ දෙයියනේ... ඔ.. ඔහොම එක එක දේවල් කියලා මට මගේ ජීවිතේ එපා කරවන්නෙපා.. මං.. මං හුගක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං.. මං ජීවත් වුණේ මිහිපිට අපායක.. මං ඒකෙන් ගැලවුණේ, ඔයා ඔය කිව්වටත් වැඩිය දුක් විදල.. ඔයාට මේවා කියලා තේරුමක් නෑ කාංචන.."

    ඇය මේ කියන්නේ මොනවාද..? මටත් වඩා ඇය දුක්විද ඇති බවක් මේ දැන් ඩිංගකට කලින් කීවාය. ඇය කියූ ඒ දුක් මොනවාද..? හුගක් අමාරුවෙන් හිත හදාගෙන ජීවත්වෙන බවකුත් දිනූකා මිස් කීවා නොවේද..? හුගාක් අමාරුවෙන් දුක් විද හදාගන්නට තරම් ඇගේ හිත කැඩුවේ කවුද..?

    "මං මිස්ට ජීවිතේ එපා කරන්න හැදුවෙ නෑ.. මං කාටවත් එහෙම කරන්නෑ මිස්.. මෙතන වෙන දේවල්වලට ජීවිතෙයි, රස්සාවයි දෙකම එපාවෙලා තියෙන්නේ.. දෙයියන්ගෙ නාමෙට ඔහොම හිතන්නත් එපා මිස්.. මං හැමවෙලාවෙම බැලුවෙ මිස්ට කරදරයක් නොවී ඉන්න.."

    නිල් මානෙල් මල් දෙනෙත එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. වචන ලක්ෂ ගානකින් කියනවාට වැඩිය හුගාක් දේ ඒ සොදුරු දෑසේ ලියැවී තිබිණි. එහෙත් ඒ බොහෝ දේ මගේ අසරණ සිතට මහමෙර තරමටත් වඩා බර වැඩි බැව් මම දැන සිටියෙමි.

    "ම... ම.. මට තවත් ඔයා දිහා බලාගෙන, මේවා ඉවසගෙනඉ න්න ගියොත් ඇතත්මයි මට පිස්සු හැදෙයි... ම.. මං.. යන..වා..."

    සැනෙකින් තම රාජකාරී මේසය වෙතට ගොස් එහි අයිනක තිබූ සුදු පැහැති හෑන්ඩ් බෑගයද ගෙන දීනූකා මිස් කාමරයේ දොර දෙසට ගියාය. තමන් මේ බියවී දුවන්නේ කුමකටදැයි හරි හැටි බලා ගැනීමට දෝ, ඇය නැවතත් හැරී මදෙස බැලුවාය. දුක, වේදනාව, සංතාපය එකකට එකක් අපූරුවට මිතුරු වී ඒ රූමත් මුහුණේ එකට ගොනු වී තිබෙනු මම පැහැදිලිව දැක්කෙමි.

    "ඔ.. ඔයා මට ඉන්න දෙන්නෑ කාංචන... මං... මං ආයතේ ඔෆිස් එන්නෑ.."

    ඒ වදන් පිටවූයේ කාමරයේ දොරත් වැසී ගියාට පසුවය. නුහුරු නුපුරුදු වූ ආගන්තුක බයකින් මම හදිසියේම විළිවැදී ගියෙමි. දෙවියනේ.. දිනූකා මිස් කියා ගිය මේ වචන වල තේරුම මා කෙලෙසින් තොරා බේරා ගන්නද..? මං දිහා බලාගෙන, මේවා ඉවසාගනෙ සිටියොත් පිස්සු හැදෙන බව පවා ඇය කීවාය. හරි නම් මේ සියල්ල ඉවස දරා සිටින මා හට ඇයටත් ප්‍රථම පිස්සු නොසෑදුනොත් පුදුමය. අනික ඇය අද කියා ගිය වචන මට අදහාගන්නත් බැරිය. ඇය කියන්නේ මා ඇයට ඉන්නට නොදෙන බවය. හරිනම් සිදු වූයේ එහි අනෙක් පැත්ත නොවේද..? මෙතන මා හට ඉන්නට නුදුන්නේ ඇය නොවේද..?

    වැසී ගිය දොර දෙස බලාගෙනම මම බොහෝ වේලාවක් කල්පනා කළෙමි. සිදුවූ කිසිම දෙයක සැබෑ තේරුම මේ වනවිටද මට වහටා ගන්නට බැරිවිය. ඇත්තටම අද සිදුවූයේ කුමක්ද..? කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව උදේ පාන්දරම මා සමග රංඩු කරන්නට ආවේ ඇයය. මුලින් මුලින් අසාගෙන සිටින්නට අපුල වචන වලින් පවා, මට දමා ගසා, අවසානයේ සිතාගන්නටත් බැරි ලෙස ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. කොටින්ම දිනූකා මිස් මා ඉදිරියේ බැගෑපත් වූවාය. ඇය මට ආයාචනා කළාය. ඒ බැව් මට තේරෙන්නේ දැන්ය.

    සමහර විටක මගේ කාලකණ්නි දෛවය මට මේ දී ඇත්තේ මෙලොව කිසිවෙකුටත් නොදෙන තාලයේ අන්තිම අමාරු ප්‍රෙහේලිකාවකි. එසේ වුවත් කරුණා කාරනා මේ සිද්ධ වේගෙන යන විලසට ප්‍රෙහේලිකාවේ හිස් කොටු, මා හට පුරවා ගැනීමට අපහසු නොවනු ඇත. වැඩෙ කියන්නේ මේ ඉවසුවා සේ තව ඩිංගක් ඉවස එකය..


    Mathusambandai.gif

     

    blue_in_rio

    Well-known member
  • හොඳයි, හොඳයි...අපිත් ඉවසගෙන ඉන්නම් ඉතින් උඹ මේ කතාව දාලා ඉවරයක් කරනකම්.....හිතුවට වඩා දිගයි වගේ කතාව.ඒකත් හොඳයි, ඉක්මනට ඉවර උනාම ගතියක් නැහැ...... :D:D:D:D:D
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේක නම් මාරම ලස්සන කතාවක් තමයි... :):) තව ගොඩක් තියෙනවද ? :oo::oo:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ලියපන් මචන් උබ දාපු කතා ඔක්කොම හොදයි සිර කතා.
    මචන් උබ බාගෙට නවත්තපු කතාවක් තියනවා කියල විතරක් මතක තිය ගනින්

    :love::love::love::love::love::confused:
     

    blue_in_rio

    Well-known member
  • :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ලියපන් මචන් උබ දාපු කතා ඔක්කොම හොදයි සිර කතා.
    මචන් උබ බාගෙට නවත්තපු කතාවක් තියනවා කියල විතරක් මතක තිය ගනින්

    :love::love::love::love::love::confused:


    පව් බන්, එහෙම කියන්න එපා... :no::no: ඒක ඌට හම්බවෙලා තියෙන්නත් බාගෙට.... :oo::oo::baffled::baffled: :eek::eek: :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳයි, හොඳයි...අපිත් ඉවසගෙන ඉන්නම් ඉතින් උඹ මේ කතාව දාලා ඉවරයක් කරනකම්.....හිතුවට වඩා දිගයි වගේ කතාව.ඒකත් හොඳයි, ඉක්මනට ඉවර උනාම ගතියක් නැහැ...... :D:D:D:D:D
    ඉක්මනට ඉවර කරන්නම් මචං... :yes::yes::yes: දවසට කොටස් 5ක් වගේ දානවනේ..

    hmmm dannam matat pissu wage me kathawa heta ganna baruwa
    :D:D:D ඒක අමුතුම කතාවක් මචං.. :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ලියපන් මචන් උබ දාපු කතා ඔක්කොම හොදයි සිර කතා.
    මචන් උබ බාගෙට නවත්තපු කතාවක් තියනවා කියල විතරක් මතක තිය ගනින්

    :love::love::love::love::love::confused:
    ඒකත් මම දාන්නම් මචෝ.. අර රියෝ කියනව වගේ ඒක හම්බවුණේ භාගෙට.. :oo:

    පව් බන්, එහෙම කියන්න එපා... :no::no: ඒක ඌට හම්බවෙලා තියෙන්නත් බාගෙට.... :oo::oo::baffled::baffled: :eek::eek: :lol::lol:
    අනිවා..
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ලියපන් මචන් උබ දාපු කතා ඔක්කොම හොදයි සිර කතා.
    මචන් උබ බාගෙට නවත්තපු කතාවක් තියනවා කියල විතරක් මතක තිය ගනින්

    :love::love::love::love::love::confused:

    ow ow ekath dapan kohoma hari.. mekath sira ban.. me kollawa wadiya P seen 1kata danna epa ban..