♥ ෴සිත තාම සුවදයි ෴ ♥

blue_in_rio

Well-known member
  • නියමයි මචන්..... :):) අද ඉවර කරන්න පුලුවන්නම් හොදයි ඉතින්.... :nerd::nerd: හැබැයි ඉතින් කොටන්න ගියාම තමයි එපා වෙනවා ඇත්තේ...... :eek::eek: කියවන තරම් ලේසි නැහැනේ ඒක..... :oo::oo::oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-18.jpg


    18.png


    සැකය යතාර්ථයක් බවට පත්වූයේ මා කිසිසේත්ම නොසිතූ මොහොතකය. ඒ වේලාවේ දිනූකා මිසුත්, මමත් කොල ගුලියක පලහිලව්වකට මහා හයියෙන් සිනාසිසි හිටියෙමු. ඇය කොල බෝලයකින් මට දමා ගසා කිසිවක් නොදන්නවා සේ අහක බලා සිටියාය. ගැසුවේ ඇය බැව් දන්නා නිසාම කොළ ගුලිය වැදුනත් නොවැදුනා සේ මම කරමින් සිටි කාර්යය දිගටම කළෙමි. හොරැහින් බලනා කළ ඇගේ පිපිරෙන්නට හදන සිනාව මට පෙනේ. එය ද නොදැක්කා සේ මම මේසයටම මූණ ඔබාගෙන ඇගේ හොරය අතටම අසුවන තුරු ඉවසා සිටියෙමි. නැවතත් ඇයගේ වම් අත ක්ෂනයකින් ඉහල යනවා මං යාන්තමට දුටිමි. මම දැනෙකින් බැරී බැලුවෙමි. වැඩේ අතේ මාට්ටුය. දිනූකා මිස් කොල බෝලය අතේ ගුලි කරගෙන සිනාසෙන්නට වූවාය. මම ද මහත් කැමැත්තකින් ඇයගේ සිනාව සමග එකතුවිමි.

    කිසිවෙකු කාමරය තුලට ඇතුළු වනු දිනූකා මිසුත්, මාත් දැක්කේ එකවරය. කාමරයට පැමිණි පුද්ගලයා දුටු විගස මා ඉන්නෙ කොහිදැයි පවා මට අමතක විය. අවුලක්, ආබාධයක් නැත. මගේ ඉදිරිපිට සිටින්නේ මගේම කපාපු පලුවකි. කිසිම ඇදක්, කුදක් නැත. දිනූකා මිස් පුන පුනා කී දේවල්වල තේරුම ඔහුව දැකි ගමන්ම මට පසක් විය. මා දකිනා වාරයක් වාරයක් පාසාම දිනූකා මිස්ට ඇයගේ අතීථය සිහිපත් වන්නේ ඇයිදැයි කියා කීමට වෙනත් අවුටාටිකා අවශ්‍ය නැත. එයට හොදම නිදර්ශනය මගේ ඉදිරිපිට සිටියි.

    "ප්‍ර... සා... ද්..."

    දිනූකා මිස්ගේ හීන් කෙදිරියක් වැනි කටහඩ මට යාන්තමින් ඇසුණි. එය හරියට, කොහේදෝ ඈත ලෝකයකින් ගලා ආ සිහිනමය හඩක් පරිදිය. එහෙත් ප්‍රසාද් බලා සිටියේ මගේ මුහුණ දෙසය. ඒ වටකුරු දෙනෙත්වල තිබුණේ දැඩි විමසිලිමත් බවක්, මෙන්ම, දැඩි කල්පනාකාරී බවකි. එහෙත් මාගේ අහිංසකකම වෙනුවට ඔහු වෙතින් දිස් වූයේ මහා රපු පෙනුමකි.

    "තමුසෙද ඊයෙ මගේ කෝල් එකට ආන්සර් කලේ..?"

    ඔහු කෙලින්ම මගෙන් ඇසුවේය. මම දිනූකා මිස් දෙස බැලිමි. ඇයද සිටින්නේ බියෙන් වග ඒ ලාමක මුහුණ දුටු විට මට සිතිණි. ඒත් ඇය බිය වන්නේ කුමකටද..? වන්ඩි හතර පස් දෙනෙකුට නැවතත් මුදල් දී ප්‍රසාද්ගේ මුහුණ කට සමතලා කරන්නට ඇයට බැරිද..? සමහර විට ඇයගේ මනසේ මේ වේලාවේ ඔහුත් සමග ගත කළ සොදුරු මතකයන් සිහිපත් වනවා වන්නට ඇත. ඒ නිසාම ඉහත මා සිතූ දෙය ක්‍රියාවට නංවාගත නොහැකිව ඇය ලතවන්නට ඇත.

    "මොකද මං අහපු දේ තමුසෙට ඇහුණෙ නැද්ද..?"

    තවත් ඔහු මගේ ළගට ලංවෙද්දී, මම නැවතත් දිනූකා මිස් දෙස බැලුවෙමි. මා මේ අවස්ථාවේදී කුමක් කළ යුතුද..? ඇයගේ දෑස නම් මට පැවසුවේ ඇත්ත නම් කිසිවිටෙකත් නොකියන ලෙසයි.

    "ඊයෙ මං වැඩට ආවෙ නෑ. ඒක හින්දා ඔයා කියන කිසිම දෙයක් මං දන්නෑ.."

    "හ්ම්.. ඒකත් එහෙමද..? තමුසෙ දිහා බැලුවාම නම්, බලන් ඉන්න තරම් වටිනවා.. හැබැයි එ දෙයක් හින්දා මට මේ වෙලාවේ පුංචි සතුටක් එනවා.. ඒ තමයි තමුසෙත් මං වගේ වෙච්ච එක.. ඒ හින්ද වෙන්නැති මෙයා තමුසෙව මේ අස්සෙ තියාගෙන ඉන්නේ.."

    ඔහු තවත් මොනවදෝ වේගයෙන් ගියවාගෙන ගියේය. අනතුරුව තමාට සමාන තවත් අයකු සිටීම ගැන ප්‍රසාද් වැඩි වේලාවක් පුදුමයට පත් නොවීය. ඔහු දිනූකා මිස් දෙසට හැරෙද්දී මම හිරිවැටී ගියෙමි.

    "දි.. නූ..."

    ඔහුගෙන ඒ නම පිටවූ ආදරණීය විලාසය නිසා මම තවත් වරක් දැවී ගියෙමි. දෙවියනේ... මේ වෙන්නට යන්නේ මොනවාද..?

    "දිනූ.. දෙයියන්ගෙ නාමෙට මං දිහා බලන්න.."

    ඔවුන් දෙදෙනා අතර පරතරය අඩියක් පමණ වන්නට ඇත. මේ මොහොතේම, මුලු ලොවම මාත් සමග විනාශ වී යනවා නම්..? හදවත පුලුස්සා දමන මේ වේදනාවන් සමග මා මිය යනවා නම්..? කොතරම් හොදදැයි මට සිතේ..

    "ම.. මට ඔයත්තෙක්ක කතාවක් නෑ ප්‍රසාද්.. ප්ලීස්.. මෙතනින් යන්න.."

    මා දිනූකා මිස් වෙතින් බලාපොරොත්තු වූයේ ප්‍රසාද්ගේ ඇගටම කඩාපනින තත්වයකි. එහෙත් මොන කරුමයක් නිසාදෝ එය වූයේ නැත. ඇය කතා කළේද හැඩුම්බර ස්වභාවයකිනි. දෙවියනේ ඇයට ප්‍රසාද්ව එපාවී නැද්ද..? මෙතුවක් පිරී තිබූ වෛරය හා තරහව ප්‍රසාද් දුටු සැනින් සේදී ගියාද..?

    "දිනූ.. පිරිමියෙක්, ගෑනියෙක් ඉස්සරහ මෙච්චර බැගෑපත් වෙන්නෑ.. ඒත් මං ඔයා ඉස්සරහ ඕනෙවටත් වැඩිය බැගෑපත් වෙලා තියෙනවා.. ප්ලීස්.. මං කියන දේ අහන්න.. පහුවෙච්චි හැම දෙයක්ම අමතක කරලා අපි ආපහු එකතුවෙමු. අපිට ආයෙත් සංතෝසෙන් ඉන්න පුළුවන් වේවි."

    මම සිය දහස් වරක් දැවී ගියෙමි. ඔහු කරනා මේ යෝජනා දිනූකා මිස් පිළිගනීවිද යන්න මම නොදනිමි. එහෙත් මගේ සිත රිදුනේ එයට නොවේ. කිසිවක් නොදන්නා අමුම අමු තොත්ත බබෙකු සේ ඔහු කරනා යෝජනාවන්ටය. දිනූකා මිස්ගේ බිදී ගිය සිත සෑදීමට මා කොතරම් වෙහෙස මහන්දියක් වූවාද කියා දන්නේ මා පමණි. ඒ සියලු දෑ මා කලේ මේ මුළු තුන් ලොවටම හොර රහසේය. කොතනකවත් ඒ පිළිබදව සටහනක් නැත්තේ ඒ නිසාය. කරුණු සිද්ධ වේගෙන යන ආකාරයට දිනූකා මිස්ටත් ඒ ගැන අමතක වී ඇති හැඩය. ඇයව සතුටින් තැබීමට මා කළ කී දෑ අපමණය.

    "ප්‍රසාද්..! ඔයා හැම දෙයක්ම විනාශ කරලා දාලා ගිහින් දැන් මගේ ඉස්සරහට ඇවිල්ලා මොනව කිව්වත් වැඩක් නෑ.. මං හුගාක් අමාරුවෙන් හිත හදාගත්තේ.. පහුවෙච්ච හැමදේම අමතක කරලා දාමු කියලා ඔයා දැන් මට කිව්වා.. ඔව්.. ඔයා කියන්නත් කලින්ම මං ඒ අතීතෙ අමතක කළා.. හැබැයි ඒ ඔයත්තෙක්කම.."

    ප්‍රසාද්ගෙ මුහුණ සුදුමැලි වී විරූපීව ගියේය. මේ තරම්ම තදබල ප්‍රහාරයක් දිනූකා මිස් වෙතින් එල්ලවේ යැයි ඔහු කිසිවිටකත් සිතන්නට නැත. ගෙවී ගිය අතීථයේ දේවල් සිදුවූ ආකාරයටම ඇයව පහසුවෙන් නම්මා ගත හැකි යැයි ඔහු සිතන්නට ඇත.

    "මාත් එක්කම අමතක කරා..? නෑ දිනූ.. ඔයාට කවදාවත් ඒ දේ කරන්න බෑ.. මට ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවාම තේරෙනවා ඔයාට ඒ කිසිදෙයක් අමතක වෙලා නෑ කියලා. වැඩිය ඕන්නෑ.. ඔයා මේ යකාව ඉස්සරහින් තියාගෙන ඉන්නෙ ඔයාගෙයි, මගෙයි අතීතෙ නිතරම මතක් කරන්නනේ.. ඔයාට ඒ අතීතය අමතක කරල දාන්න බැරි හන්දනේ.."

    "ඔයාට හුගක් වැරදිලා ප්‍රසාද්.. වෙන ගෑනුත් එක්ක නාඩගම් නටනකොට, මගේ සල්ලි අරගෙන ක්ලබ් ගානෙ යනකොට, මාව බැල්ලියෙක් ගානට දාලා මිනිස්සු ඉස්සරහ සවුත්තු කරනකොට, මං පිස්සියෙක් වගේ ඔයාගෙ කකුල් දෙක අල්ලගෙන අඩනකොට, ඔයාට දිනූකා කියලා පණ තියෙන ගෑනියෙක් ඉන්නවද කියලත් අමතක වුණා. ඔයා මට කැත විදියට සලකපු විදිය, මාව ප්‍රතික්ෂේප කරපු විදිය, මම අතීතෙ අමතක කරත්, අමතක වෙන්නෑ. ඒක හින්දා දැන් කරුණාකරලා මෙතනින් යන්න.. මට වැඩ තියෙනවා.."

    "ඇ.. ඇයි දිනූ ඔහොම කතා කරන්නෙ.. සිද්ධ වෙච්ච හැමදේකටම මං ඔයාගෙන් සමාව ගත්තනේ.. ඇයි මට මෙහෙම වද දෙන්නේ.. මං මේ ඇවිත් ඉන්නෙ අවුරුදු ගානකින් නේද..? නොදන්නා කාලෙදි නොතේරුම්කම් වලට සිද්ධ වුණු දේවල් මතක තියන් ඉදලා ඇයි මට රිද්දන්නේ.. මං ඔයාට එදා වගේම තාමත් ආදරෙයි දිනූ.. අනේ මට එහෙම කරන්නෙපා.."

    හැඩුම්බර ස්වරයකින් ප්‍රසාද් කියවගෙන යයි.. වචනවල ඇත්තේ බැගෑපත් බවක් වුවත් ඒ අතරේ පිරී ඇති වංචාකාරී බව මට හොදින්ම පෙනේ.. ඔහු මේ කියවන්නේ කකට ඔහේ එන වචනය. ඒවා බිංදුවක්වත් පිරිසිදු නැත. ඒත් දිනූකා මිස්, ප්‍රසාද් මේ කියනා දේවල් කෙසේ පිළිගනීවිදැයි සිතෙන විට මට මහා බියක් දැනේ.. ඇයගේ ලාමක සිත නැවතත් ප්‍රසාද්ගේ වචන වලට රැවටී යයිද..?

    "මං දැන් එක පාරක් කිව්වනේ.. කරුණාකරලා මට තවත් මද දෙන්නෙ නැතුව මෙතනින් යන්න.. මං ඔයාව විතරක් නෙමෙයි.. ඔයාගෙ ආත්මෙත් එක්කම අමතක කරලයි තියෙන්නේ.."

    බලා සිටිද්දීම ප්‍රසාද්ගේ මුව වේදනාවෙන් ඇදවී ගියේය. මොහු දැන් මෙතනින් යනවා නම් හොදය. මේ වැඩෙන් වෙන්නේ මුළු ආයතනයම දිනූකා මිස්ගේ පළහිලව්ව ගැන දැන ගන්නා එකය. මා කුමක් හෝ කළ යුතු බව සැබෑය. එහෙත් මා කුමක් නම් කරන්නද..? දිනූකා මිස් කෙරේ ඇති බැදීම, ලෙංගතුකම, ආදරය සිත පෙරල පෙරලා නැගී සිටිද්දී මම අපමණ දුකින් සිතුවෙමි.

    "මං මේ අන්තිම පාරටයි කියන්නෙ දිනූ.. ප්ලීස්.. අපි ආයෙ එකතුවෙමු. ඔයා දන්නවනේ මට ඔයා නැතුව ඉන්න බෑ කියලා.. මට ඔයත්තෙක්ක ආයෙත් ජීවිතේ පටන් ගන්න ඕන.. මට ජීවිතේ වැරදුන එක ඇත්ත දිනූ.. ඒත් ඒක හැමදාම ඉස්සරහට අරගෙන මාව රිද්දන්න එපා.. මට හැදෙන්න එක අවස්ථාවක් දීලා බලන්න.. මං ඔයාට ඉස්සර වගේම තාමත් ආදරෙයි දෙයියනේ.. අවුරුදු ගානක් දකින්නෙ නැතුව ඉදල, ඇස් දෙක ළගටම ආදරේ කියාගෙන ආපු මට ඔයා මෙහෙමද සළකන්නේ..? අනේ ඉස්සර වගේ මං දිහා බලල එක පාරක් ආදරෙන් හිනාවෙන්න.. ඔයා මගේනේ දිනූ.. අපිව වෙන් කරන්න කාටවත්ම බෑ.."

    එතැන් සිට ගෙවී ගියේ අල්පෙනෙත්තක් බිමට වැටුණද ඇසෙනා තරම් සුමට නිහැඩියාවකි. කුමක් කළ යුතුදැයි, කුමක් කිවයුතුදැයි තෝරා බේරා ගැනීමට බැරිවදෝ දිනූකා මිස් ඔහේ බලා සිටියාය. මැලවී, පරවී ඇති ඒ රූමත් මුහුණ දකිනා වාරයක් වාරයක් පාසාම මගේ සිත දැවී යයි. ඇය සිටිය යුත්තේ ලස්සනට සිනා සිසිය. පසුගිය දවස්වල අප දෙදෙනා අපමණ ප්‍රීතියකින් දවස් ගෙවා දැමුවෙමු. ඒ දවස් සිහිවී මම වේදනාවෙන් ඇඹරී ගියෙමු. දෙවියනේ... එවැනි සොදුරු දවස් ආයෙමත් මේ දුප්පත් කාංචනගේ ඇස් ඉස්සරහට පැමිණෙන්නේ නැද්ද..? මේ පැමිණ සිටින කාලකණ්නි සත්වයා ඒ හැම දවසක්ම අපගෙන් උදුරා යාවිද..?

    "ඔයා සුරංගනා කතා කියලා මාව ආයෙත් රවට්ටන්න හදන්නෙපා ප්‍රසාද්.. මං ආයෙ රැවටෙන්නෑ.. ඔයා මොන දේ කිව්වත් දැන් වැඩක් නෑ.. ඉස්සෙල්ලා කිව්ව වගේම මං දැන් හිත හදාගෙනයි ඉන්නේ.. ඒක හින්ද කරුණාකරලා මට වද නොදී මෙතනින් යන්න. ඔයාට ආයෙ මගෙන් ලැබෙන දෙයක් නෑ.. මං මේ අන්තිම පාරටයි කියන්නේ.."

    මගේ සිත උඩට සහසක් බලාපොරොත්තු පුරවා දමමින් දිනූකා මිස් කීවාය. දැන් නම් ඉතිං මට මොන හෙනයක් පාත් වුවත් කමක් නැත. දිනූඛා මිස් එක එල්ලයේම ප්‍රසාද්ව ප්‍රතික්ෂේප කර හමාරය. මම අපමණ සතුටකින් ප්‍රසාද්ගේ මුහුණ දෙස බැලිමි. මුහුණ දැන් කර වී ගිය කඩදාසියක් පරිදිය. ඔහු දැන් කළ යුත්තේ හංසයා සේ ඇතුලට ආවාට, පාත්තයකු සේ පිටවී යාම නොවේද...?
     
    • Like
    Reactions: Sachchaka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මාත් මේ අන්තිම පාරටයි ඔයාට කියන්නේ.. අපි දෙන්නා ආයෙ එකතුවෙමු.."

    "තවත් කතා කරන්න දෙයක් නෑ.. මෙතනින් පුළුවන් තරම් ඉක්මනට ගියොත් හොදයි.."

    "නොගියොත්..?"

    සාක්කු දෙකට දෑතම ඔබා ගන්නා අතරතුරේ ඔහු දිනූකා මිස්ට ලංව ඇසුවේය. දැන් කුමකින් කුමක්වේදැයි කිව නොහැකි බැවින් මම හීන් සීරුවේ හුන් තැනින් මදක් මෑත්විමි. මේ යකා දිනූකා මිස්ට ගහන්නවත් බැරි නැත. එවැනි පෙණුමක් ඒ මුඩු මුහුණේ වෙයි.

    "නොගියොත් මං සිකියුරිටි එකට කියලා තමුසෙව බල්ලෙක් වගේ එලියට ඇදල දානව.. තේරුණානේ.. හොදට මතක තියාගන්නවා.. තමුසෙගෙයි, මගෙයි කිසිම ගණුදෙනුවක් නෑ.. මං මෙච්චර වෙලා හොදට කතා කරේ, මගේ මනුස්සකම හින්දා.. ඒත් හරිනම් තමුසෙ වගේ අමනුස්සයෙක්ව මේ පැත්ත පළාතකවත් වැද්ද ගන්න හොද නෑ.. තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ.. ගෑනු සීයක් එක්ක විතර බුදියගෙන ඉදලා ඇවිත් මගේ ආදරේ හිගාකන්න.."

    ඉවසා බැරිම තැන දිනූකා මිස් ආචාර වෙඩි මුරය පත්තු කලාය. ඒ කතාව නම් පට්ටය. එකසිය ගානට ෆිටේ ෆිට් කතාවකි. කතා කරනවා නම් කතා කළ යුත්තේ ඔන්න ඔය ලෙසටය. කොටින්ම අනිකාට කක්කුස්සි බැර හැදෙන ආකාරයටය.

    ඇත්තටම මා සිටියේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමිනි. වීරයකු සේ ලොකු කතා කියමින් කාමරයට පැමිණි ප්‍රසාද්ට දැන් සිදුවී ඇත්තේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගන්නටය. එසේ ඔබාගෙන අපේ හූ හඩ මැද්දේ මෙතැනින් පැන දුවන්නටය.

    එහෙත් තත්පරයක් දෙකක් ගතවී යද්දී ප්‍රසාද්ගේ අත ඔබාගෙන තිබූ කලිසම් සාක්කුවෙන්, ඒ අත එළියට ආවේ දිග පිහියක් සමගින් බව දැක මගේ පපුව සීතල වී ගියේය. දෙවියනේ.. මේ කාලකන්නියා කරන්නට සැරසෙන්නේ කුමක්ද..? මේකා හදන්නේ දිනූකා මිස්ට පිහියෙන් ඇන මරා දමන්නටද..? කලින් සිත තුළ උතුරා යමින් තිබූ ප්‍රීතිය සැනෙකින් දියවී මහා අදුරු ආගාධයකට මා ඇද දැමීය. තිබූ සතුට මෙන් දෙතුන් ගුණයක බයකින් මම වෙව්ලා ගියෙමි.

    "මාව එළියට දාන්න උඹට බෑ දිනූකා.. උඹ කිව්ව වගේම මං අද උඹ ළගට ආවේ, උඹේ ආදරේ හිගාකන්න තමයි.. හොදට මතක තියාගනිං.. උඹව මට අයිති වෙන්නැත්නම් වෙන කාටවත් උඹව අයිති කරගන්න මං ඉඩ දෙන්නෑ යකෝ..."

    ප්‍රසාද් අඩියට දෙකට නැවත දිනූකා මිස්ට ලංවෙද්දී ඇය කාංචන කියා කෑගැසුවාය. තවත් නම් බලා සිටින්නට නොහැක. මේ බලා සිටියා හොදටම ඇතිය. මිස්ට පුංචි කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ.. කියා ඇයට පොරොන්දු වී තවම පැය විසිහතරක් වත් ගතවී නොමැත. මා මගෙ වචනය ඇයට ඉෂ්ඨ කළ යුතුය. වෙන දෙයක් උනාවේ, කියා මා ප්‍රසාද් මතට පැමිණියෙමි.

    බලාපොරොත්තු නොවූ මේ හදිසි ප්‍රහාරයෙන් ප්‍රසාද් එකවරම හැරුනේ මගේ දෙසටය. ඔහු ඉතා හොදින් සටනට සූදානම් වී සිටින බවක් මට තේරුම් ගියේය. එහෙත් අසරණ මා කිසිදා සටන් කර තිබූ අයෙක් නොවෙමි. මට ඒ සම්බන්ධව කිසිදු අත්දැකීමක්වත් නැත. අඩුම තරමේ අතින් පයින් ගහගන්නා තැනකවත් මම කිසිදිනක සිට නොමැත.

    එහෙත් දිනූකා මිස් වෙනුවෙන් මම මගේ ජීවිතය ගැනද නොතකා ප්‍රසාද්ව මැඩලීමට ඉදිරිපත් වී සිටියෙමි ඇත්තෙන්ම එය ඉතා තියුනු සටනක් විය. මගෙ අතේ කිසිදු ආයුධයක් තිබුණේ නැත. ප්‍රසාද්ගේ දෑස, මිනිසකු මැරීමේ මහ විශාල ආශාවන් උතුරා යන්නට පටන්ගෙන තිබිණි.

    දිනූකා මිස්ගේ කෑගැසීමෙන් පුබුදු ඇතළු තවත් කීප දෙනෙකු කාමරයේ දොරකඩින් එබෙනු මම යාංතමින් දුටිමි. ඇත්තටම දිනූකා මිස් සිටියේ ගිරිය යටින් කෑගසමින්ය. පුබුදු අප වෙතට සැනෙකින් දුව අතර, මා උත්සාහ කළේ ප්‍රසාද් අතේ තිබූ පිහිය උදුරා ගැනීමටය. එහෙත් ඔහු වෑයම් කලේ එයින් මට ඇනීමටය. අවසානයේ වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.

    වැරදීමකින් හෝ වෙනත් කුමනාකාරයේ දෛවයේ හේතුවකින් පිහිතලය ප්‍රසාද්ගේ ලග මත ගැඹුරටම කිදා බැස්සේය. සිදුවූ දේ ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකිව මම බියෙන් පිටුපසට පැන්නෙමි. කට ඇදවී මුහුණ විරූපි වී යන ප්‍රසාද්ගේ මුහුණ මගේ මතකයට ගෙන ආවේ අති භයංකර රූප පෙලකි. දිනූකා මිස් ඒ වනවිටත් කෑ ගසමින් සිටියාය. කාපට් එක මතට වෑස්සෙමින් තිබූ ප්‍රසාද්ගේ රතු පාට ලේ දහරාවන් මගේ සිත මහත් කම්පනයට පත් කරවන්නක් විය. සිතා මතා කළ දෙයක් නොවුවද මා මෙයට අනිවාර්යෙන්ම වැරදි කරුවකු වන බව සිතට දැනෙද්දී මගේ මුළු ඇගම අප්‍රාණික වනු මට දැනිණි. අවසානයේ මට මතක දිනූකා මිස්ගේ හැඩුම්බර මුහුණත්, පුබුදු ඇතුළු සේවකයින්ගේ ගාලගෝට්ටියත්, සිහිනයකින් ගෑ මුදු සුවදක් මෙන් දැනුණු දිනූකා මිස්ගේ විලවුන් සුවදත්ය. මම සිහිසුන්ව බිම ඇද වැටුණෙමි.


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-19.jpg


    19.png


    ඉන් අනතුරුව කාලය ගතවී ගියේ ඉතා සෙමින්ය. එය එසේ වූවත්, සිදුවූ සියලු සිදුවීම් මගේ මනසේ සදානුස්වරණියව තැන්පත් වී ඇත. බොහේ දෙනෙකු කෙලින්ම ඇගිල්ල දික් කළේ මා වෙතය. ඒ ඔවුන් දෙසට ඇගිලි හතරක් දිගු වී ඇති බව නොදන්නා ලෙසටය. තවත් සමහරෙක් කීවේ මා කල්ප කාලයක් වෙහස මහන්සි වී දොවා ගත් කිරි පලසකට, ගොම බිංදුවක් දමා ගත් බවය. ඔවුන් එසේ කියන්නේ ඇයිදැයි මම නොදන්නෙමි. මට ඒවා ගැන සිතා සිත තවත් කරදරයකට පත් කරගැනීමට අවශ්‍යතාවක් නැත. මම මගේ ආයතනය දෙස උපේක්ෂා සහගතව බලා සිටියෙමි. මක් නිසාද යත් මා නිවැරදි බැව් මා හොදින්ම දැන සිටි බැවිණි.



    කෙසේ වුවත් සියල්ල සිදුවූයේ මා කිසිසේත්ම නොසිතූ ලෙසටය. මෙවැනි අවසානයක් මගේ ජීවිත කතාවට ලැබේවියැයි මම සිහිනයකින් පවා නොසිතුවෙමි. ප්‍රසාද් අමරතුංගට පිහියකින් ඇන, මරා දැමීමට තැත් කිරීම පිලිබදව අවුරුදු හතරක බරපතල වැඩ ඇතිව සිර දඩුවමක් මට නියම විණි. සිදුවූ දේ පිළිබදව බොහෝ දෙනෙකු දැන සිටියද, අවසානයේ සිදුවූයේ ඔය දේය. මට ලැබුණු තීරණයට, ප්‍රසාද්ගේ ඇමති නෑයාගේ බලපුළුවන්කාරකම ඉතා ඉහලින් බලපෑ බැව් මට කීවේ ජයවර්ධන අංකල්ය. මා හට ඇප ලබා දීමට දිනූකා මිස් බොහෝ උත්සාහ ගත්තද එය ඵලක් නොවූ බැව් මම පසුව දැනගත්තෙමි.


    මුලින් මුලින් මා බැලීමට ආයතනයේ බොහෝ දෙනෙකු බන්ධනාගාරයට පැමිණයද කලක් ගතවෙද්දී ඒ අගය බොහෝ සෙයින් පහල බැස්සේය. කෙසේ වුවත් දිගින් දිගටම මා බැලීමට පැමිණියේ අයියා පමණකි. කිහිප දිනක්ම පුබුදු, පූර්ණිමාත් සමග මා බලන්නට පැමිණියේය. ඔවුන් දෙදෙනා විවාහ වීමට යන බැව් මට කීවේ ආයතනයේ රියදුරු වශයෙන් සේවය කළ බන්දුලය. සෑම දෙයක්ම නොසිතූ පරිද්දට සිදුවී තිබිණි. පුබුදුට කෙසේ පූර්ණිමා හමුවූයේදැයි මා දැන සිටියේ නැත. හිරේ විලංගුවේ වැටුණු පසු ඔවුන් හාද වූයේ කෙසේදැයි මම නොදන්නේමි.


    ජීවිත යාත්‍රාවේ, රුවල් ඉරී ගිය මා වැනි කාලකණ්නියෙකුට ඔවුන්ගේ අලුත් විස්තර කියා පලක් නැතැයි පුබුදුත්, පූර්ණීමාත් සිතන්නට ඇත. කෙසේ වුවත් පූර්ණිමා මට මුළු හදවතින්ම ආදරය කළා නොවේද..? මා වෙතින් පලා ගියේ ඇයම නොවේද..? ඇය ගැන සෙවූ තරම දන්නේ මා පමණකි. ඇය වෙනුවෙන් මා කැපවී සිටි තරම ඇය නොදන්නවා විය හැකිය. එසේ දැනගත්තත් ඇයට දැන් ඒවායින් පලක් නොවනු ඇත. ඇයගේ තනි නොතනියට සොදුරු ප්‍රේමවන්තයෙක් දැන් ඇය ළගම ඇත. මේ දුප්පත් හිගන්නා ගැන ඇය සිහිනයකින්වත් නොසිතනු ඇත.


    අතීතයේ බොහෝ දේවල් සිත අද්දරට එබිකම් කරද්දී, මගේ සිතට දැනෙන්නේ දරා ගැනීමට බැරි තරම් මහා දුකකි. දුකෙන් පාළුවෙන් මට ගැලවීමක් තිබුණේ නැත.


    "අයියට දිනූකා මිස්ව හම්බ වුණාද..?"


    අවුරුදු ගණනාවක් පුරාවට මා අසනා එකම ප්‍රශ්නය එයය. ඇත්තටම මට වෙන අසන්නට තරම් ප්‍රශ්නයක් ද තිබුණේ නැත. මගේ දෛවයට වගකිය යුත්තන් කවුරු වුවද මා තනිකරම ජීවත් වූයේ, අතීතයේ සිදුවූ සොදුරු සිදුවීම් සමගය. ඒ මතින් ඇබින්දක් හෝ ඉවත්ව යාමට මම බිය විමි.



    "දැන්වත් දිනූකා මිස් ගැන කියන එක නවත්තලා දාපං මල්ලි.. එයාලා අපි ගැන බිංදුවක්වත් හිතන්නෑ.. මැණික්දිවෙල සර්ට වුණත් මල්ලි ගැන මීට වැඩි දෙයක් කරන්න තිබුණා. මොකද දිනූකා මිස්ගෙ ජීවිතේ බේරගත්තේ උඹ.. ඒක මේ මුළු ලෝකෙම පිළී අරගෙන තියෙන එකේ එයාලාට පිළී නොගෙන ඉන්න බෑ.. මට නම් හිතෙන්නෙ දිනූකා මිස් උනත් මැගෑරියා කියලයි.."


    අයියා මා දෙස බලා දුක්බරව පැවසීය. අතීතයේ සහසකුත් එකක් සොදුරු සැමරුම් හිත හතරවටින්ම එබිකම් පාද්දී, දිනූකා මිස් ගැන අහිතක් හිතන්නට පවා මා කැමති වූයේ නැත. මේ මුළු කල්ප කාලයම රංඩු වෙමින් දිවි ගෙවූ අප දෙදෙනාට, සතුටින් සැනසීමෙන් ඉන්නට ලැබුණේ කී දවසක්ද..? මේ අන්ත අසරණ කාලකණ්නියාට, මේ පිළිගත් සමාජයත්, උඩින් ඉන්නා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවනුත් ලබා දෙන්නේ මෙච්චරද..? ඇස් පුපුරා ඔහේ නිදහසේ කදුළු ගලා යද්දී මම පැය ගණන් එක දිගට, එකම ඉරියව්වෙන් බලා සිටින්නට පුරුදු විමි. බොහෝ වේලාවට අවට පරිසරයේ සිදුවන කිසිම දෙයක් මා හට දැනුණේ නැත. ක්‍රමක් ක්‍රමයෙන් බන්ධනාගාරයේ සමාජයෙන් පවා මම හුදෙකලා වන්නට විමි. මට වර්ථමානයක්වත්, අනාගතයක්වත් තිබුණේ නැත. මට තිබුණේ ආලවට්ටම් සපිරුණු සොදුරු අතීතයකි. මා නිතරන්තව සිටියේ එහි ජීවත්වී ගෙනය මට ඉන් එහා ලෝකයක් තිබුනේද නැත.


    "දිනූකා මිස් ආවා නේද අයියේ..?"


    බොහෝ වෙලාවට මා අසන්නේ එකම පැණයකි. එහෙත්, වචන එහෙට මෙහෙට මාරු කරමිනි. අයියාගේ ශෝකී දෑස මගේ හිසේ සිට දෙපාන්තය දක්වා කිහිප වරක්ම එහෙටත් මෙහෙටත් ඇදී ගියේය. නිරන්තරව කදුළු පිරි ඇතී මගේ දෙනෙත දෙස ඔහු බැලුවේ වාවාගත නොහැකි වූ ශෝකයකිනි.


    "මීට වැඩිය හොද දෙයක් දිනූකා මිස්ට කරන්න තිබුණා මල්ලී. එයා උඹගෙ ජීවිතේ විනාශ කරලා දැම්මා.. අනේ අන්තිමට අහිංසක හිගන්නෙක් වගේ ජීවත්වුණු මගේ අසරනයගෙ ජීවිතේ, ඒකි වලපල්ලට ඇදලා දැම්මා.. මේ කරපු පවුකාර වැඩේට, ඒකිට හෙණ හතම ගහන්න ඕන.. අනේ දෙවියනේ.... උපදින හැම ආත්මයකම ඕකි වේදනා විදින්න ඕන..."


    අයියා මා වැළදගෙන හඩා වැළපෙයි.. මගේ මුහුණ හා හිසකේ අතගාන ගමන්, දෙමව්පියන්, පුංචි දරුවන් තුරුල් කරගන්නා සේ ඔහු මාව තුරුල් කරගනියි. එහෙත් ඒ හැගීම්බර සිතිවිලි අතර මගේ සිත නතර නොවේ. මා ඉන්නේ, මා සැබැවින්ම ජීවත් වූ අතීතයේය. මගේ ලොවේ කාලය නැවතී ඇති බැව් මම දනිමි. අතීතයෙන් එහාට ගමනක් මට නැත.


    "දිනූකා මිස්ට ඔහොම බනින්නෙපා අයියේ.. එයා කරන්න පුළුවන් හැමදේම කරා.. අනේ අයියේ.. මායි, දිනූකා මිසුයි හුගාක් සංතෝසෙන් හිටියා.. ඒත්.. ඒත්... ඇයි එයා මාව බලන්නවත් එන්නැත්තේ..? එයාට තිබ්බ කරදරෙන් මං එයාව බේරගත්තනේ.. අනේ අයියෙ දිනූකා මිස්ට එන්න කියන්නකෝ.. එයා ඔයාට කිව්වෙ නැද්ද මං තාමත් හිර ගෙදර කියලා.. එයා.. එයා ඔෆිස් එකට වෙලා අඩ අඩ ඇති. ඔෆිස් එකේ නැත්නම්, ඒක ඇතුළෙම තව පුංචි කාමරයක් තියෙනවා.. අන්න ඒකෙ නම් ෂුවර් එකටම ඇති.. මං.. මං කිව්වට ගිහින් බලන්නකෝ අයියේ.."


    අයියා මදෙස බැලුවේ මහා පුදුමයෙනි. මා කියනා දේවල්, එකකට එකක් පරස්පර බවක් ඔහුට හැගී යනවාද..? නැත.. එවැන්නක් කෙසේ වත් සිදුවිය යුතු නැත. මා කියූ සෑම දෙයක්ම එකකට එකක් සම්බන්ධය.


    "අ... අනේ රත්තරං මල්ලියේ... උඹ අහන ඒවට මං කොහොම උත්තර දෙන්නද දෙයියනේ..."


    මේ ලෝකයේ ට ඉන්නා එකම හව්වරණය මං ඉදිරියේ ඉකිබිද හඩා වැලපෙයි. නිවුනු තැම්පත් වුනු දෑසින් මම අයියා දෙස බැලිමි. ශෝකී බවේ උපරිමය වැලදී තිබූ, මගේ මුහුණ දෙස මදක් බලා සිටි අයියා නැවත වරක් මා තද කොට වැළද ගත්තෙමි..


    "ඇයි අයියෙ දිනූකා මිස් මාව බලන්න එන්නෙ නැත්තේ..? ම... මං එයාට පුංචි වැරැද්දක්වත් කරල නෑ අයියේ.. අනේ ඔයා ගිහින් ඉන්න තැනකින් දිනූකා මිස් එක්කගෙන එන්නකෝ.. මට එයාව දකින්න හරි ආසයි.. අපි දෙන්නා අන්තිමට හම්බවෙලත් කොයි තරම් කාලයක් ගතවුණාද..?"


    අයියා මගේ අතකින් අල්ලා ඇද්දෙමි.. ඔහු මගේ අත, ඔහුගේ අනිත් අතින් තද කර අල්ලා ගත්තේය. හිත මහා වේදනාවකින් පුපුර පුපුරා මුළු ආත්මයටම වද දෙයි.. මේ දැනෙනා මහා වියෝගය හදවත හත් කඩකට පුපුරා දමයි. මා කල යුත්තේ කුමක්දැයි කියාවත් මට නිනව් නොවේ. මගේ ඉරියව්වේ ඇති සංවේදී බව නිසාමදෝ අයියාගේ දෙනෙතේ කදුළු නැවතත් අලුත් විය.


    "උඹ දුක්වෙයි කියලා මං මේ තරම් දවසක් උඹට මේ විස්තරේ කිව්වෙ නෑ.. උඹට දැනටත් මේ ලැබිල තියෙන දේවල් හොදටම වැඩියි.."


    "මොන විස්තරේද අයියේ..?"


    අතීතයේ මොන කල්පනාවේ සිටියද අයියාගෙන් පිටවූ වචනවල ඇති වැදගත්කම් නිසාවෙන් මට එම ප්‍රශ්නය ඇසිණි. නැත්නම් කීයටවත් අසන්නේ නැත.


    "දිනූකා මිස් රට ගිහින් මල්ලී... ආයෙ කවද එයිද කියලා කියන්නත් බෑලු. අර උඹේ පුබුදු කියන යාලුවා මට කිව්වේ.. අනික ලොකු මිනිස්සුන්ට උදව් කරල කළගුණ බලාගෙන ඉන්නෙක තරම් මෝඩකමක් තවත් නෑ.."


    "දිනූකා මිස් රට ගිහින්..?"


    කණට ඇසුණු ඒ වචනවල තේරුම අදහාගත නොහැකිව මම අයියා දෙසම බලා සිටියෙමි. දෙවියනේ.. මා මේ නරකාදියේ තනිකර දමා ඇය නිවි සැනසිල්ලේ වෙනත් කරකට ඉගිල ගියේ කෙසේද..? ඇය නිසා නොකළ වරදකට මා මේ හිරකූඩුවේ අවුරුදු ගණනාවක් තපිනා බැව් ඇයට අමතකව ගියේ කෙසේද..? යදම් දමාවත් සිරකර ගත් නොහැකි, සදාකාලික වේදනාවකින් මගේ ආත්මයේ හතර පස් පොලක්ම දැවී අලුවී ගියාය.


    "ඔව් මල්ලි.. දිනූකා මිස් රට ගිහින්.. හැබැයි ඒ තනියෙම නෙමෙයි.. ප්‍රසාද් කියන අසමජ්ජාති බල්ලත් එක්ක.."


    වෝට් තිස්තුන්දාහක විදුලියක් මගේ ගතට වැදුනද මා මේ තරම් වෙව්ලා නොයනු ඇත. අපස්මාරය දෑසුනු රෝගියෙකු සේ මම අයියාගේ දෑතට වෙව්ලමින් හඩා වැටුනෙමි.


    "නෑ අයියේ ඔයාට කවුරුහරි බොරුවක් කියලා.. දිනූකා මිස් මට කවදාවත් එහෙම කරන්නෑ.. මට එයාව විශ්වාසයි අයියේ.."


    කවුරුන් දිනූකා මිස් ගැන අහිතක් හිතුවද මම ඇය ගැන එසේ සොනිතමි. ඇයට මා අමතක වී නැගි වග නම් දනිමි. ඇයට මා අමත කරන්නට බැරිය. තව අවුරුදු පනහකින් හෝ ඇය මා බලන්නට එනු ඇත. ඇයව ඇසුරු කළ කාලය තුලදී ඇයගේ ගතිගුණ හා හැගීම් ගැන මා තරම් දන්නා වෙන කෙනෙකු කොතනකවත් සිටින්නට බැරිය. හදවත පුරා ලේ කදුලු කැට දෑසින් වැගිරෙද්දී මා සිතන්නට ගත්තේ එලෙසිනි. එකිනෙකට ප්‍රති විරුද්ධ වූ උත්සාහයන් දෙකක් එකවර ගැනීමට යාමේදී හදවත ඉරී විනාශ වී යන වේදනාව ද මට දැනෙන්නට පටන්ගෙන තිබිණි.


    "දිනූකා මිස් කවද හරි එනවා අයියේ.. එයා කවද හරි ලංකාවට ආපු ගමන් මාව බලන්න එයි.. අනේ එතකොට අපිට ආයෙත් ආට්වර්ක් ඇද ඇද රංඩු කරගන්න පුලුවන් වෙයි.. ආ.. අයියා දන්නවද සමහර වෙලාවට රංඩු කරලා ඉවරවෙලා දිනූකා මිස්ම අඩනවා.. ම.. මට ඒ වෙලාවට හුගක් දුක හිතෙනවා.. අනේ අයියේ.. ඔ.. ඔයා දිනූකා මිස්ට මං ගැන කියනවා නේද..? අ.. අපි දෙන්නම එකතුවෙලා ලස්සනට ආර්ට්වර්ක් එකක් කරලා මැණික්දිවෙල මහත්තයට පෙන්නන්නත් ඕන.."


    "ම... ල්... ලී..."


    මගේ හිතේ වූයේ අතීතයේ පෙල ගැසී තිබූ සදාදරණිය මතක ගොන්නක බිදුණු නටඹුන් රාශියකි. ඒවා එකක් පිට එකක් පටලැබී මා මහත් අපහසුතාවයකට පත් කළේය. මම අයියා දෙස බැලුවෙමි. ඔහුගේ දෑස විසල් වී මහා පුදුමාකාරයෙන් මුළු මූණ පුරාම රැදී තිබිණි.


    මගේ සිත විකල්ව ඇති බවක්වත් ඔහු සිතනවාද..? මම උපරිම සන්සුන් බවක් නගා ගන්නට වෙහෙසුනෙමි.. එහෙත් මගේ උත්සාහය කිසිදිනෙක හරි නොයනා බැව් මම දැන නොසිටියෙමි. මම යළිත් පූර්ණ මිනිසෙකු වශයෙන් මේ කුරිරු සමාජයේ නැගී සිටින්නට ඉඩක් නොමැති බැව් මම දැන නොසිටියෙමි. ඇත්තටම මේ දුප්පත් කාංචන ඒ ගැන නොදන්නා තරමට හොදය. හදවත ඉරී නටඹුන් වී ගලනා මේ රක්ත ලේ දහරාව පුංචි අඩුවීමක් හෝ මගේ අසරණ ආත්මය බලාපොරොත්තු වන බැවිණි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "අ.. අනේ.. අයියේ.. අ... අන්න.. දිනූකා මිස් එනවා.. දි.. දිනූකා මිස්... දිනූකා මිස්.. මං.. මං මෙහේ.. අනේ මිස්... මේ කට්ටිය මාව හිරකරලා.. අනේ මාව බේරගන්න දිනූකා මිස්..."

    සුදුම සුදු හිම කුමරියක් ලෙසින් ඈතින් දුව එනා දිනුකා මිස් දැක මම මහ හඩින් කෑගැසුවෙමි. අයියාද සැනෙකින් හැරී බැලුවේය. ඒ සැනින් ඔහුගේ මුහුණ අදුරු වී ගියේය. ටිකකින් මම මහා හඩින් සිනාසෙන්නට විය.


    "ම.. මල්ලී... අනේ මගෙ පුංචි කොල්ලා.. උං උඹට මේ මොනවද කරලා තියෙන්නේ..? අනේ දෙයියනේ... ඒකි උඹව නැති කරලම දාලා නේද...? අ.. අයියෝ.. මගෙ අසරණයා.. අම්මයි, තාත්තයි නැතිවෙච්ච දා ඉදලා මං උඹව රැක බලා ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? අනේ දෙයියනේ.... මං උඹව මේ තැනට ගෙනාවේ උඹට මේ වගේ දෙයක් වෙනවා දකින්නද..?"


    ඇස් දෙකෙන් කදුළු උතුරවමින් අයියා කෑගසා හඩයි.. මම මහා හඩින් සිනා සිසි පෙරමග බැලුවෙමි. කලින් දෙනෙත් දුටු දිනූකා මිස් දැන් එතන නැත. එසේ නම් මා දැක්කේ මායාවක්ද..? සිතේ වූ අවසන් බලාපොරොත්තුවද, පැතුමද සුන්නද්දූලි වී ගියපසු සිනාසෙන ගමන් මම හඩන්නට පටන්ගතිමි.


    "අ.. අනේ මල්ලි.. ඒකි උඹව විනාශ කලා..."


    අයියා නොකියා කියන්නේ මා සදාකාලික පිස්සෙකු වන බැව්ද..? මා පිස්සෙකු වනතුරු මගේ සද දෙව්දුව බලා නොසිටිනු ඇත. ඇය පැමිණ මා බේරාගනු ඇත. මේ දුප්පත් කාංචනගේ අහිංසකකම ගැන ඇය පහන් සිතින් කතා කරනු ඇත. නෙත් අගින් කදුළු කඩා හැලෙද්දීම මගේ සිතට අමුතුම සතුටක් දැනෙයි.


    නැවත නැවතත් දිනූකා මිස්ට ප්‍රසාද්ගෙන් කරදරයක් ඇති නොවනු ඇත. නැවතත් ඔහු කරදර කරන්නට ආවොත් මම ඔහුව ඇත්තටම මරා දමමි. දිනූකා මිස් වෙනුවෙන් මට කරන්නට බැරි දෙයක් නැත.


    එසේම නිදහස් වන දිනයක් ගැන මම තවමත් නොදන්නෙමි. අයියා මොනවා කීවත් ඒ දිනයට දිනූකා මිස් කොහේ සිට හෝ පැමිණෙනු ඇත. පෙරදා ලෙසටම රංඩු වී මට බැණ වදිනු ඇත. නැතිනම් මට කොල ගුලියකින් දමා ගසා අහක බලාගෙන සිනාසෙනු ඇත. මා අමාරුවෙන් නිර්මාණය කල චිත්‍ර සටහන් මත තීන්ත හලා ඇයද හඩන්නට සැරසෙනු ඇත. මා සමග තවත් මාලුපාන් ගෙඩියක් දෙකට බෙදා කන්නට පැමිණෙනු ඇත.


    අති ආදරණිය වූ අතීත මතකය හතර වටින්ම එබෙද්දී දිනූකා මිස්ගේ අතිශය සුවදවත් විලවුන් සුවද මා වටා නිරන්තරයෙන්ම සැරසරනු මට දැනේ. ඒ හැගීම්බර සුවදත් සමග මම බොහෝ දුර ගමනක් සදහා සූදානම් වන්නෙමි. ඉතින්.. මට සැනසෙන්නට මේ කරුණු කාරනා බොහෝ වැඩිය.. කල්ප කාලයක් ගෙවී ගොස් හෝ ඇය පැමිණ ඒ ප්‍රාර්ථනා සියල්ල සැබෑ කරනා තෙක් මම ඉවසා හිදිමි. ඇය කවදා හෝ මා බැලීමට එනු ඇත.


    ෴පසු සටහන෴

    කාංචන නම් වූ අහිංසක තරුණයා බලාපොරොත්තුව සිටි පරිදි දිනූකා මිස් නැවත කවදාවත් පැමිණියේ නැත. බන්ධනාගාරයේ වසර දෙකක් තුනක් ගතකළ ඔහු ජීවිතයේ සොදුරු සමනල් සමය ගෙවා දැමුවේ මුල්ලේරියාව මානසික රෝහලේය. වරෙක පුබුදුත්, පූර්ණිමාත් ඔවුන්ගේ කුඩා දියණියද ගෙන කාංචන බලන්නට පැමිණ තිබිණි. ඒ පුංචි සිගිත්තියගේ දෝත බදාගෙන බොහෝ වේලාවක් කාංචන හඩා වැටුණු අයුරු දැකි වෛද්‍යවරුන්ගේ පවා දෙනෙත් වලට කදුළු උනා තිබිණි. සමහර විටක කාංචනගේ අසරණ ආත්මයට ජීවිතය අලුතින් කියා දෙන්නට කාටවත්ම බැරි වෙන්නට ඇත. එහෙත් ශෝකාන්තය එය නොවේ. අදත් නගරය පුරා ඇවිදිමින්, අව්වට කරවෙමින්, වැස්සට තෙමෙමින් දිනූකා මිස් එනතුරු ඔබු බලා සිටින එකය. ඔහු නිර්මාණය කල සිතුවම් මතට තීන්ත හැලීමට ඇය එනතුරා ඔහු බලා සිටින එකය.



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මෙය කතාවට අදාල නොවන්නකි
    [/FONT]
    [FONT=&quot]ආදරණිය ටෂී..
    [/FONT]

    [FONT=&quot]ඔබ වෙනුවෙන් මා සිතූ තරම්, මා පැතූ තරම් කොතරම්ද කියා දන්නේ මා පමණකි. උඩ ඉන්නා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට වත් නොපෙනෙන මගේ කදුළු කන්දරාව ගැන මා හදවතින් එළියට ඇද දමන්නේ මේ කළු අකුරු මතිනි. බලාපොරොත්තු ඉටු නොවීමේ දුක, දරා ගැනීමට බැරි නම් කිසිවෙකුත් බලාපොරොත්තු තබාගත යුතු නැතැයි කොහේදෝ පොතක ලියා තිබුණා මට මතකය. එහෙත් දුක දරා ගැනීමේ ශක්තියත් නැතුවම ඔබ ගැන සහසක් බලාපොරොත්තු තබාගෙන සිටියෙමි. අනේ මේ පව්කාර ජීවිතය.. තුන්කල් පැය විදව විදවා සිටි මට, ඔබ මේ දෝත පුරාම තිලිණ කර දැමුයේ කුමණාකරයේ දුක් කන්දරාවක්ද..? මා පව් යැයි ඔබට ඩිංගක්වත් නොසිතුණේ මන්ද..? මට ලබා දුන් දෙය මගේ අහිංසක ආත්මයට බොහෝ බර වැඩි වග ඔබ බිදුවක් හෝ නොසිතන්නට ඇත.[/FONT]

    [FONT=&quot]එහෙත් ඔබ ලබා දුන් දෙය මම දෝත පුරාම බාරගත්තෙමි. මගේ ප්‍රාර්ථනාවන්, සිතුම් පැතුම් හා මගේ සිනාව නැත්තටම නැතිවී ගියද ඔබ ලබා දුන් දෙයට මම අපමණ ආදරය කළෙමි. අපමණ භක්තියෙන් රැක බලා ගත්තෙමි. කිසිවෙකුටත් වචනයක් කියන්නට නොදී මම ඒ දායාදය ආරක්ෂා කෙරුවෙමි. දෑස පුරා නිරන්තරව නැගෙන සීතල කදුල පිස දමනා ගමන් මම සිනාසුණෙමි. මිනිසුන් මට සිනාවෙද්දී, හිතවතුන් මා අතැර යද්දී මම ඔබව තුරුලු කරගෙන ඒ සැමදේම විද දරා ගත්තෙමි. මේ කුරිරු සමාජයෙන්, මා නැති කලෙක ඔබට පීඩාවක්, හිරිහැරයක් ලැබේවි යැයි මම බිය වුනෙමි. එවිට ඔබව ආරක්ෂා කරන්නේ කවුදැයි කියා මම තැවෙන්නෙමි. අදටත් ඒ බිය හා තැවීම එසේම තියේ.[/FONT]


    [FONT=&quot]මා මෙය ලියන්නේ ඔබ වෙනුවෙන්මය. හැඩ වැඩ දමා ලියනා අකුරු පේළීයකට ඔබගේ නොයිදුල් සිනාවෙන් ලැබෙනා දිරිය අපමණය. ඒ සිනාවේ ඇති අහිංසකකම දකිනා විට මගේ පපුව පිච්චීගෙන යයි. එහෙත් මා මේ ලියනා ලිපිය යම් විටෙක ඔබට කියවන්නට පුලුවන් කමක් නොලැබෙනු ඇත. ඒ කරුන බාර වන්නේ සිත පුච්චා දමන අනාගතයටය. අතීතයත්, වර්ථමානයත් දෙකම කළේ සිත රිද්දූ එක පමණි.[/FONT]


    [FONT=&quot]සමහර විට ඔබ මේ කළු අකුරු දිගේ ඇගිලි තුඩු යවා ඔහේ නිදහසේ බලා හිදින්නට පුලුවන. මගේ දෑසින් සට සට ගා වැටෙන අපමණ කලුළු ගංගාව දිහාත් ඔබ ඒ බැල්මෙන්ම බලා සිටිනු ඇත. එසේත් නැත්නම් හැගීමකින් තොරව ඒ සීතල කදුළු පිස දමන්නටද පුලුවන. එහෙත් වඩාත් සිත දවනා වේදනාව වන්නේ එයම නොවේ. ඔබ දකිනා බොහෝ දෙනෙකු මට කියන්නේ හිත හදාගන්න යැයි කියාය. මට මේ ලෝකයේ බොහෝ ලෙංගතුව සිටිනා පුද්ගලයා ද කීවේ එසේමය. මා ගැන බොහෝ දේ දැනත් කීවේ ඒ වචන පේළියමය. එහෙත් ඒ කිසිවෙකුත් නොදන්නා එක දෙයක් තිබේ. එනම්.. මෙවැනි දෙයක් දිහා බලා හිත හදාගන්නේ කෙලෙසකදැයි කියාය. ඔබ දකිනා වාරයක් වාරයක් පාසා දෙනෙත කදුලින් බොදවන බැව් කිසිවෙකුත් අදහන්නේ නැත. එහෙත් තුවාලයේ වේදනාව ඇත්තේ තුවාලකාරයාට බව මම දනිමි. බලනා අයට පෙනෙන්නේ තුවාලයේ තරම පමණකි.[/FONT]


    [FONT=&quot]සමහර විට මේ ලියනා කිසිම දෙයක් ඔබට නොතේරෙනු ඇත. මේ කලු අකුරු දිගේ ඇගිලි තුඩු යවමින් ඔබ පිස්සෙකු සේ සිනාසෙනු ඇත. ඇත්තමය.. මේ ඇත්තමය.. ඔබ මහ හඩින් සිනාවීමට නොව, හදවත ඇතුලින් මහ හඩින් සිනාසෙනු ඇත. එහෙත් මට සිදුවන්නේ, ඔබත් සමග සිනාවීමට නොව හදවත ඇතුළින් මහ හඩ නගා වැලපීමටය.[/FONT]

    [FONT=&quot]මේ කදුලු අහුර මගේය. එසේම ඔබ මගේ සිනහව සදහටම ගත් බව සැබෑය. එහෙත් මම කිසිදිනෙක එය ඔබගෙන් ඉල්ලා සිටින්නේ නැත. මක් නිසාද යත් ඔබ මගේ ජීවිතයද ඔබේ දෝතින් තුරුළු කරගෙන ඇති නිසාය. අදත්, මේ දැනුත් ඔබේ පුංචි ඇගිලි තුඩු වල උණුසුමින් මට ජීවිතය කියාදේ.. ඉතිං මට ඒ ඇතිය. හොදටෝම ඇතිය. මේ කල්පාන්තය නිමා වන තෙක් මට ඒ උණුසුම ඇතිය.

    මගේ අතින් ඔයාට වරදක් වුනා නම් මට සිය දහස් වාරයක් සමාවෙන්න.
    ඔයාට තෙරුවන් සරණයි.

    ".. සද වී හදේ පායන් ඉතින්..
    රන් තාරුකා මල් වැල් අරන්..
    මුදු සීත වැල් අතරින් ඇවිත්..
    දෝතින් වඩා සිපගන් සෙමින්..
    කදුලින් උපන් සෙනෙහේ නමින්..
    දිවි ඇතිතුරා හැරදා නොයන්..
    මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළගින්..
    ඔබෙ ආදරේ සුවද ගෙන එයි සෙමින්..
    සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්..
    ඔබ ලංවුණේ හදට සුළගක් ලෙසින්..
    පිදු ප්‍රේමයේ සොදුරු පිරිසිදු සිතින්..
    දුක් වේදනා දුරු වෙයි ඉතින්.."

    :sorry::sorry::love::love::(:(
    [/FONT]
     
    • Like
    Reactions: NoughtyLuke

    blue_in_rio

    Well-known member
  • මේ කතාව බලපු එකෙක් ජීවිතේට ආදරේ කරන එකක් නැහැ.....අනික උඹේ කතාව ඇහුවම, ඒක ඩබල් ට්‍රිබල් වෙනවා.......ඇත්තටම මොනතරක් නපුරු ලෝකේකද අපි ඉන්නේ.......:(:(:(:(:(
     

    blue_in_rio

    Well-known member
  • අන්තිමට හැමෝම සතුටින් ජීවත් වෙනවා.....දිනූකා මිස්, පූර්ණිමා, පුබුදු විතරක් නෙමෙයි, කාංචනව මේ තත්ත්වෙට ඇදලා දාපු ප්‍රසාද් පවා.....ඒත්, අසරණ කාංචන විතරක් පිස්සෙක් වෙලා දුක් විඳිනවා.....මේක හරිම අසාධාරණයි යකෝ, හරිම අසාධාරණයි...... :growl::growl::growl::growl::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිමට හැමෝම සතුටින් ජීවත් වෙනවා.....දිනූකා මිස්, පූර්ණිමා, පුබුදු විතරක් නෙමෙයි, කාංචනව මේ තත්ත්වෙට ඇදලා දාපු ප්‍රසාද් පවා.....ඒත්, අසරණ කාංචන විතරක් පිස්සෙක් වෙලා දුක් විඳිනවා.....මේක හරිම අසාධාරණයි යකෝ, හරිම අසාධාරණයි...... :growl::growl::growl::growl::growl:
    මොනවා කරන්නද බං කරුමෙ තමා.. පතාගෙන ආපු විදිය නොවෑ.. :no::no:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Kathawa dakke ada bun. Mulu kathawama kiyewwa ra 1.40 wenakan.
    Dukai machan. Mona unath godak lassana kathawak.

    :dull:
    Rep denna balu machan :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aiyooo mehema une ai ban anthimata? mata nam kello epa wela inne.. poddak hari thibbanam mewa baladdi e tikath nathi wenawa ban
    හ්ම්.. ගොඩක් අය කියන්නෙ කෙල්ලො කොල්ලො නිසා දුක් විදිනවා කියලනේ.. අන්න ඒකයි මචං.. මේ විදියට ඉවරවෙන්න ඇත්තේ.. ඔය කතාවට සමාන සත්‍ය කතාවක් තියෙන්නත් පුළුවන්.. අන්තිමට ලියපු ටික කියෙව්වා නම් තේරෙයි..

    patta ban... kello epa wenawa
    අනිවා මචෝ.. මට එයාලා එපාවෙලා ගොඩක් කල්..

    Kathawa dakke ada bun. Mulu kathawama kiyewwa ra 1.40 wenakan.
    Dukai machan. Mona unath godak lassana kathawak.

    :dull:
    Rep denna balu machan :(
    බොහොම ස්තුතියි මචං..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    යකෝ මේක ලව් සීන් එකක්ද, නැත්නම් ෂර්ලොක් හෝම්ස් කතාවක්ද ? :confused::confused: ඉක්මනට ඉතුරු ටිකත් දාපන්.... :oo::oo: දැන්නම් කුතුහලයේ උපරිම තලේ ඉන්නේ...... :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::confused::confused::confused::confused::confused::confused:
     

    Uwasara

    Member
    Nov 24, 2011
    24
    1
    0
    Colombo
    ඇත්තට ආදරේ කරන අපි කාටත් දුකයි මතකයන් ට්කකුයි ව්තරයි ඉතුරැ වෙන්නෙ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සිරා කතාව ඇඩෙනවා තනි ඇහැට,,,,,
    මමත් love කරනවා එත් අන්තිමේ පණ දෙන්න හිටියට මටත් මොනවා වෙයිද කියල මම වත් දන්නේ නෑ.................
    :growl::growl::growl::growl::growl::growl::growl:
    Mata_Heenayak_Wela_Damith_Asanka.jpg

    broken_heart-1502.jpg

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    හ්ම්.. ගොඩක් අය කියන්නෙ කෙල්ලො කොල්ලො නිසා දුක් විදිනවා කියලනේ.. අන්න ඒකයි මචං.. මේ විදියට ඉවරවෙන්න ඇත්තේ.. ඔය කතාවට සමාන සත්‍ය කතාවක් තියෙන්නත් පුළුවන්.. අන්තිමට ලියපු ටික කියෙව්වා නම් තේරෙයි..
    අනිවා මචෝ.. මට එයාලා එපාවෙලා ගොඩක් කල්..
    කතාව කියවීමෙන් පසු මේ කමෙන්ටුව කියවු විට මගේ දෑස් මදකට නතර විය. ඒ මන්ද යත් මේ කතාව තවත් කෙටි කතාවක්ද නැත්නම් ජීවිත කතාවක්ද යන ප්‍රශ්නය සිතට නැගුන නිසාවෙනි. නමුත් ඒ පිලිබදව එතරම් සොයාබැලිය යුතු නැත. කෙටි කතාවක් වුවත් ජීවිත කතාවක් වුවත් මෙය හිතට වදින කතාවක්ය. ඉගෙනීමට දෙයක් ඇති කතාවක්ය. "ඉතින් දිනූකා හා කාංචන කාලයක් සතුටින් ජීවත් වුනා" යැයි කියමින් සාම්ප්‍රදායික ක්‍රමයට මේ කතාව ඉවරවූයේ නම් මෙය හුදෙක් තවත් එක් කතාවක අවසානයකි.
    එතනින් එහාට ගිය දෙයක් අප සිතන්නේද නැත. අපට සිතෙන්නේද නැත. එනමුත් පසුවදනෙන් කියාපාන්නේ මෙය තවත් කතාවක ආරම්භයක් බවයි. මෙහි තවත් සිතීමට බොහෝදේ ඇත. ඉගෙනීමට බොහෝ දේ ඇත. මේ කතාව මාගේ ජීවිතයේ බොහෝ කාලයක් මතක සිටිනු ඇත.
    කතාව ලියූ ඔබට තුති.