ප්‍රේමය ලොව හැමතැනම ඇතී...
හැම දෙනටම හමු වෙලා ඇතී..
එනමුදු ප්‍රේමය කිමයි කියා...
හඳුනා ගත් කිසි කෙනෙක් නැතී...
සිංදුවක් ම දැම්ම නිසා මේ සිංදුවේ කියවෙන ප්‍රේමය කොයි වගේ ද කියල හිතන්න පුළුවන් ද?
පෙම් යුවලක් තනිවෙල මහ කාන්තාරෙක
බොන්නට දිය පොදක් සෙව්ව මිරිඟු පසු පස
වාරු නැති නිසා යන්නට තවත් ඈතක
නැවතුණා සිඳී වියලී ගිය දිය කඩිත්තක
හාරා පාද ගත්තා දිය පොඩිත්තක්
කෙනෙකුටවත් බොන්නට මදි අබිත්තක්
පණ රැඳුණත් මේ දිය බිඳ මත්තේ
කලින් බොන්න නම් නෑ කිසි කැමැත්තේ
ආදරයක මහිමෙ කියන සත්‍යයේ
මුලින් බොන්න අනෙකට කළ පෙරැත්තේ
ඇය ඔහුට ම බොන්නැයි අයදිනවා
ඔහුත් ඇයට බොන්න ම පවසනවා
ළඳ මුලටයි කියමන ගරු කරලා
ඇය බීලත් දිය නෑ තව හිඳිලා
පෙම් යුවලක් තනිවෙල .....
දෙදෙන විටින් විට නැමි නැමි බිව්වාට
අඩුවක් වුණේ නෑ පෑදුණු දිය බිඳට
ආදරෙ අරුත වටහා දී දිය බිඳට
දෙන්න වැළඳ ගෙන වැටුණා නින්දකට
හොයන අයට හමුවන විට ඒ දෙන්නා
අර වතුර අසල දෙන්නා සැතපී උන්නා
ආදරයක මහිමය ලොවට ම පෙන්නා
වතුර නොබී දෙන්න ම මියදී උන්නා
ගායනය සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම