♦️ බස් ගාස්තු සහ ත්‍රි රෝද රථ ගාස්තු ඉහලට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ.

    ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 31 සිට 35 දක්වාත් සෙසු බස් ගාස්තු සියයට 20ත් 25 ත් අතර ගණනකින් වැඩිකිරීමට සිදුවන බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

    වැට් බද්ධ වැඩි කිරීම හේතුවෙන් බස් රථ වල අමතර කොටස් සහ සේවා ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති බවත් ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම වැට් බද්ධ සමග ඉන්ධන මිළ ඉහළ යන බවත් බස් කර්මාණ්තය පවතිවා ගැනීම සඳහා රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    මේ අතර ත්‍රි රෝද රථ ගාස්තු ද අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ත්‍රී රෝද රථ සංගම් පියවර ගෙන තිබේ.

    ඒ අනුව දෙවන කිලෝමිටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 80 සිට 100 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ද ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    තව අවුරුද්දක් මේ කට්ට කන්න එපෑය බන්
    ඇයි ඊට පස්සේ අඩු වෙනවද ?
    කවුද සල්ලි ගෙදරින් ගේන එකා බන් ?

    අඩෝ මෙහෙම හිතන සිංහලු ඉන්නවනේද ආන්ඩුව මාරු කරාම ඔක්කම හරි යයි හිතන 😁
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ඇයි ඊට පස්සේ අඩු වෙනවද ?
    කවුද සල්ලි ගෙදරින් ගේන එකා බන් ?

    අඩෝ මෙහෙම හිතන සිංහලු ඉන්නවනේද ආන්ඩුව මාරු කරාම ඔක්කම හරි යයි හිතන 😁
    sinhalu ohoma thami hitha hadagnne ban :lol:
     
    • Haha
    Reactions: Don GasCan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ.

    ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 31 සිට 35 දක්වාත් සෙසු බස් ගාස්තු සියයට 20ත් 25 ත් අතර ගණනකින් වැඩිකිරීමට සිදුවන බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

    වැට් බද්ධ වැඩි කිරීම හේතුවෙන් බස් රථ වල අමතර කොටස් සහ සේවා ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති බවත් ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේය.

    එමෙන්ම වැට් බද්ධ සමග ඉන්ධන මිළ ඉහළ යන බවත් බස් කර්මාණ්තය පවතිවා ගැනීම සඳහා රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

    මේ අතර ත්‍රි රෝද රථ ගාස්තු ද අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ත්‍රී රෝද රථ සංගම් පියවර ගෙන තිබේ.

    ඒ අනුව දෙවන කිලෝමිටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 80 සිට 100 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ද ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
    thawa sahana lagadima.........
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    අර @netudara බයිය කෝ බන්... ඊයෙ දවසම මේකෙ කියව කියව ඉඳල පලවෙනිදා හා හා පුරා කියලා පොනිලගෙන් ඇරවගන්න ගිහින්ද ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    අවුලක්නෑ ජෙප්පන්ට විතරයි ටැක්ස් වදින්නේ බයියෝ ටොයියන්ට ටැක්ස් නැති නිසා ගානක් නෑ.ඒකනේ පොහොට්ටුවෙන් ටැක්ස් වැඩි කරන්න අත ඉස්සුවේ.අපි නම් කැපුවත් මහින්ද මාත්තයාට තමා ඕන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අවුලක්නෑ ජෙප්පන්ට විතරයි ටැක්ස් වදින්නේ බයියෝ ටොයියන්ට ටැක්ස් නැති නිසා ගානක් නෑ.ඒකනේ පොහොට්ටුවෙන් ටැක්ස් වැඩි කරන්න අත ඉස්සුවේ.අපි නම් කැපුවත් මහින්ද මාත්තයාට තමා ඕන්
    බයියෝ ටොයියෝ මහන්සි වෙලා වැඩ කරනවා බන් ජෙප්පෝ ඇග කම්මැලි කමට ගෙදරට වෙලා රට හදනවා🤣
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අවුලක්නෑ ජෙප්පන්ට විතරයි ටැක්ස් වදින්නේ බයියෝ ටොයියන්ට ටැක්ස් නැති නිසා ගානක් නෑ.ඒකනේ පොහොට්ටුවෙන් ටැක්ස් වැඩි කරන්න අත ඉස්සුවේ.අපි නම් කැපුවත් මහින්ද මාත්තයාට තමා ඕන්
    දුක්විදින අන්තිම පැය කිව්වේ ජෙප්පෝ තමා ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    409689115_336721112444726_7162810159617404394_n.jpg